දුමීගේ තෝම්බුව සහ ජරමර කතා

Posted by දුමී

දුමී කියන්න යන මේ කට කහන කතා දෙක තුන කියන්න කලින් දුමීගේ තෝම්බුවෙන් ටිකක් දිග අරින්නම වෙනවා. ඉතින් සමාව භජනය කරලා ඒක පොඩ්ඩක් කියවලා හිටියනං අර කියන්න යන මළකෙලි සමග ජරමර කතා ටිකට පොඩි ප්‍රවේශයක් වෙයි කියලා තමයි හිතන්නේ.

දුමී බබා කාලේ කවුරු හරි ඇහුවොත් "දුමී බබා ලොකුවෙලා මොනා කරන්නද කැමති" කියලා දුමී ගත් කටටම කියන්නේ පයිලට් කෙනෙක් වෙන්න කැමතියි කියලා.... අපිට ඕනේ විදිහට හැඩ ගස්වගන්න ඕනේ කියලා අපි ගොඩක් මහන්සි වෙලා ප්ලෑන් ගගහා ඉන්නකොට, ජීවිතය අපිට නොදැනුවත්වම වෙනස්ම විදිහකට අපි වෙනුවෙන් ප්ලෑනක් ගහලා....

Life is just what happens to you, While you’re busy making other plans (John Lennon - Beautiful Boy )

ඔන්න ඉතින් පයිලට් කෙනෙක් වෙන්න ඕනේ කියලා ප්ලෑන් ගගහා හිටපු දුමියා අන්තිම නතර උනේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙලා. ඒත් එහෙම උනා කියලා දෛවය නිකං හිටියෙත් නෑ. දුමීට ප්ලේන් එක්ක ඉතා සමීපව වැඩ කරන්න අවස්ථාව උදා කරලත් දුන්නා. දුමී 2000 අවුරුද්දේ තමයි ජෝන් කීල්ස් කම්පියුටර් සර්විසස් (JKCS) කියන කම්පැණියට බැඳුනේ. JKCS එකේ Java ඩිවිෂන් එක ගොඩ නැගුවේ දුමී ඇතුලු කීප දෙනෙක් විසින්. ඒත් එක්කම දුමීලට ලොකු ප්‍රොජෙක්ට් එකක් ලැබෙනවා නෝවේජියානු ගුවන් සමාගමක් වන "බ්‍රාතන්ස් එයාර්" (Braathens Air ) කියන ගුවන් සමාගමෙන්. පස්සෙ කාලෙකදි බ්‍රාතන්ස් එයාර් සමාගම ස්කැන්ඩනේවියානු ගුවන් සමාගම (SAS) සමග ඒකාබද්ධ වෙනවා. ඉතින් ඔය ප්‍රොජෙක්ට් එක ලීඩ් කරන්න සහ පස්සෙ කාලෙකදී මැනේජ් කරේ දුමී. ඔය ප්‍රොජෙක්ට් එක නිසා දුමීලට එයාර්ලයින් ඩොමේන් එක ගැන හොඳ දැනුමක් ලැබුනා. (තාමත් SAS Braathens වෙනුවෙන් JKCS එක මෘදුකාංග නිපදවනවා )

දුමී ඩුබායි යන්නේ එමිරේට්ස් ගුවන් සමාගමේ පරිගණක අංශයට සම්බන්ධ වෙන්න 2002 අවුරුද්දේ . ඒ JKCS එකට ලැබුනු ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න. දුමී ඇතුළු ලංකාවෙන් ගිය 4 දෙනෙක් තමයි එමිරේට්ස් ගුවන් සමාගමේ "ඉන්ටර්නෙට් බුකින් එන්ජින්" IBE එක (http://fly.emireates.com ) සම්පූර්ණයෙන්ම මුල සිටම ඩිසයින් කරලා ඩිවලප් කලේ. පස්සෙ කාලෙකදි මේ ප්‍රොජෙක්ට් එකේ ටෙක් ලීඩ් වගේම ප්‍රොජෙක්ට් කන්ට්‍රොලර් විදිහටත් දුමී වැඩ කලා. එමිරේට්ස් වල හිටපු අවුරුදු 5 - 6 කාලෙදි දුමී "ඒවියේෂන් සිස්ටම්" සම්බන්ධව ලබපු අත් දැකීම් නිමක් කරන්න බැහැ....! අද උනත් කවුරු හරි එමිරේට්ස් ෆ්ලයිට් එකක යනවනම් ලයිව් ඉන්ෆ්ලයිට් BBC නිව්ස් සිස්ටම් එක දකිනකොට දුමීව මතක් කර ගන්න. ඒ සිස්ටම් එකේ නිර්මාතෘ දුමී තමයි. ලෝකයේම පළවෙනි පාරට ගුවන් යානයක ලයිව් නිව්ස් ෆීඩ් සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කලේ එමිරේට්ස් වල. 2004 දී මේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරනකොට අද තරමට තාක්ෂණය, කමියුනිකේෂන් ටෙක්නික්ස් දියුණු වෙලා තිබුනේ නෑ. ඒත් අදටත් එමිරේට්ස් මුලු ෆ්ලීට් එකම පාවිච්චි කරන්නේ දුමී හදපු සිස්ටම් එක තමයි.

හරි, තෝම්බුව ඉවරයි. කියෙව්වාට ඉස්තූතියි, මෙන්න කතාව.....

ඉතින් ඔය "IBE" එකේ වැඩ කර කර ඉන්නකොට එමිරේට්ස්ලගේ "Frequent Flyer programme වන "Skywards" එකත් එක්ක සිස්ටම් ඉන්ටිග්‍රේෂන් එක කලේ දුමී. මේකේ තමයි එමිරේට්ස් වල ෆ්ලයිට් රිසර්ව් කරන අයගේ තෝම්බුව රැස් කරලා තියා ගන්නේ. පැසෙන්ජර්ට ප්ලේන් එකේදි අවශ්‍යය විශේෂ කෑම, ඉඳගන්න කැමති සීට් එක, පාස්පෝට් විස්තර, විශේෂ පහසුකම් අවශ්‍යය නම් ඒවා සම්බන්ධ විස්තර ආදී මෙකී නොකී යූසර් ප්‍රොෆයිල් සම්බන්ධ කරුණු කාරනා.

විශේෂයෙන්ම කෑම ගැන කතා කරනවනන් ඔය ෆ්ලයිට් වල ලෝකේ විවිධ ජාතියේ අය ගමන් කරනකොට ඒ අයගේ සුවිශේෂ කෑම අවශ්‍යයතා තියෙනවා. සමහර අය වෙජිටේරියන්, සමහර අය කිරි දාල තියෙන කෑම කන්නේ නෑ, ඔය ජෛන ආගමේ ඉන්න තවත් කොට්ටාසයක් ඉන්නවා වෙජිටේරියන් උනාට කිරි ජාතිත් පොලොවේ යට වැවෙන ජාතිත් (අල ජාති, මුල් ජාති) කන්නේ නෑ....ඒ වගේම කොලෙස්ටරෝල් නැතිනම් ප්‍රෙෂර් කාරයෝ, පොඩි බබාල වගේ අයටත් විශේෂ කෑම වට්ටෝරු තියෙනවා. ඒ හැම එකකටම ස්ටෑන්ඩර්ඩ් කෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ ඔය කියන කෑම වට්ටෝරු සෙට් එක තමයි.

ඔන්න ඔය "IBE" ප්‍රොජෙක්ට් එක ලයිව් ගියාට පස්සෙ දුමී නිවාඩුවට ලංකාවට එනවා එමිරේට්ස් ෆ්ලයිට් එකක. ගම හාමිනේලා දුමීට කලින්ම ලංකාවට ඇවිත් තිබුනේ ඒ වෙනකොට. ඔන්න ඉතින් කෑම දෙන වෙලාවත් කිට්ටු කරපු නිසා ඒ වෙනකොට බඩේ පණුවොත් ෆුල් මඤ්ඤං වෙලා හාමතේ හිටපු වෙලාවක්. නිකං දෙන විස්කි වඩියකුත් ගහලා, නිකං දෙන කෑම එකත් කාල දෙයියනේ කියලා දොයියන්ඩ තමයි එදත් දුමී බලාගෙන හිටියේ. ඒ අස්සෙ ඔන්න බොලේ ඇටෙන්ඩොං නංගි කෙනෙක් අනිත් අයට කෑම දෙන්නත් කලින් ඇවිත් දුමීගේ නම චෙක් කරලා, අර කෑම ට්‍රේ එක එහෙම දිග ඇරලා ඒක උඩ කෑම එකකුත් තියලා මෙහෙම කියනවා.....”Sir here’s your special meal….enjoy…. ! ඈහ්...යකෝ එහෙම ස්පෙෂල් මීල් එකක් දුමී ඕර්ඩර් කලේ නෑනේ...කියලා හිතමින් දුමී කෑම එක වහල තිබ්බ පියන අයින් කලා.....! හපොයි දෙයියනේ..... වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා...තම්බපු අල ගෙඩියක් මැදින් බෝට්ටුවක් වගේ හාරලා ඒකෙ මැදට තම්බපු මුං ඇට ටිකක් දාලා, තම්බපු ඇස්පරගස් නැටි ටික තමයි මේ ස්පෙෂල් මීල් එක….! අඩු ගානේ අල ගෙඩියේ පොත්ත සුද්ද කරලවත් නෑ....! අනේ ඉතින් දුමී ඇටෙන්ඩොං නංගිටත් කතා කරලා බැළුවා මේ මොකක්ද මේ ජිල්බරිය කියලා. ඒ පාර ඒ නංගිත් ඇදලා පැදලා ගස්සලා කිව්වා…”Sir you have ordered a Diabetic meal”.... (සර් ඔයා දියවැඩියා කාරයන්ට දෙන කෑම එකක් ඕර්ඩර් කරලා තියෙන්නේ ) දුමී ඉතින් පොඩ්ඩක් උඩ බිම බැළුවා මොකක්ද යකෝ මේ උනේ කියලා. ඔන්න පස්සෙ තමයි මීටර් උනේ සිද්ධ වෙලා තියෙන ජරමරේ.

බුකින් එන්ජින් එක (IBE) එක "Skywards" එකත් එක්ක ඉන්ටිග්‍රේට් කරනකොට ඒවා ටෙස්ට් කරන්න දුමී පාවිච්චි කලේ දුමීගේ "Skywards" ප්‍රොෆයිල් එක. ඔය ටෙස්ට් කරන වෙලාවෙ එක එක මීල් රික්වෙස්ට්, ස්පෙෂල් රික්වෙස්ට් දදා ඕක ටෙස්ට් කලා. ඒ අස්සෙ තමයි ලංකාවට එන්නත් ටිකට් එක රිසර්ව් කලේ. අනේ ඉතින් දුමීගේ ප්‍රොෆයිල් එකේ එතකොට තිබිච්ච මීල් ප්‍රිෆරන්ස් එක ඔටෝමැටිකලි දුමීගේ ෆ්ලයිට් රිසර්වේෂන් එකට ඇවිත්.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද ? ඇටෙන්ඩොං නංගි කෙනෙක්ට අසරණ මූණ පෙන්නලා "නැද්ද බබෝ වැඩිපුර කෑම එකක්" කියලා ඇහුවා......! එතකොට ඒ නංගි බබා අර බත් කන්න හොර බබෙක් දිහා අම්මා කෙනෙක් දාන රකුසු බැල්මෙන් මගේ දිහා බලපු බැලිල්ලට, "නෑ නෑ කමක් නෑ නංගි, මම මේක කන්නං" කිව්වා......අනේ ඉතින් ඊට පස්සෙ ඉතින් කංකුන් මිටියක් කන කේසර සිංහයෙක් වගේ දුමී අර තම්බපු අල ගෙඩියයි, මුං ඇට ටිකයි, ඇස්පරගස් දඬු ටිකයි කාල කෑම එකත් එක්ක තිබ්බ කරවිල තම්බපු වතුර ටිකත් බීලා දැම්මා.....! ඒ ගමන් දුමී හිතුවේ මොනවා උනත් " හදපු සිස්ටම් එක නම් එලටම වැඩ නේද " කියලයි......!

ඔන්න ඊට පස්සෙ ජවනිකාව උදාවෙන්නේ ප්ලේන් එක ලෑන්ඩ් කරාට පස්සෙ. ඇටෙන්ඩොං නංගි කෙනෙක් ඇවිත් දුමීට කියනවා "Sir please be seated ….. We’ll help you …” කියලා. ඈහ්... ඒ මොකටද වාඩිවෙලා ඉන්න කියන්නෙ කියලා හිතපු දුමීට පස්සෙ හිතුනේ ආහ් සමහර විට ඒ නගාට දුක හිතිලා පස්සෙ ඉතුරු වෙච්ච කෑම එකක් දුමීට දෙන්න තමයි මේ ඉන්න කියන්නෙ කියලා.....අනේ ඉතින් දුමිත් ඉන්නවා අනිත් පැසෙන්ජර්ල්ස්ලා ටික ඔක්කොම බැහැලා ඉවර වෙනකන්. මෙන්න බොලේ ඊට පස්සෙ දුමීට පේනවා ප්ලේන් එකේ දොරෙන් එළියේ ඉඳන් රෝද පුටුවක් තල්ලු කරගෙන ඇවිත් දුමීගේ දිහාවට තල්ලු කරගෙන එනවා.......දැන් දුමීට වෙලා තියෙන දේ සක් සුදක් සේ පැහැදිලියි. ඒ මදිවට කකුල් දෙකත් පණ නෑ....! අනේ සත්දන්ත දෙන්නෙක් ඇවිත් දුමීගේ කිහිලි යටට අත දාල උස්සලා රෝද පුටුවේ තියන්න හදනකොට දුමී බිම පෙරලි පෙරලි කෑ ගගහා කිවා "යකෝ මට ඇවිදින්න දීපියව් මට ඇවිදින්න බැරි ආබාදයක් නෑ යකෝ..." කියලා....!

මේ දුමියට හෙන ගහන්න ඌ ටෙස්ට් කරන වෙලේ ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදිහට වීල් චෙයාර් එකකුත් ප්‍රොෆයිල් එකට ඇඩ් කරලා......

අනේ ඉතින් ගෙදර ගිය ගමන් දුමියා ඉස්සෙල්ලම කලේ "Skywards" ප්‍රොෆයිල් එක එඩිට් කරන එක. ටෙස්ට් කරන කොට දාපු ප්‍රිෆෙරන්සස් ඔක්කොම අයින් කරලා තමයි දුමියා ආපහු හුස්මක් කටක් ගත්තේ.

ඔන්න යන්තන් සන්තන් ආපහු එන ගමනේදී ප්ලේන් එක ඇතුලේ දුමීට කිසිම කරදරයක මූන දෙන්න උනේ නෑ. පුරුදු විදිහට දෙකක් දාගෙන සාමාන්‍යය කෑම එකක් කාල දුමියා බුදියගත්තා. ඒත් ඔන්න ඊටේ පස්සෙ අති භයංකරම සිද්ධිය උනේ ආපහු ඩුබායි වල ලෑන්ඩ් කලාට පස්සෙ.

වෙනදට එයාර් බ්‍රිජ් එකක නවත්තන එමිරේට්ස් ප්ලේන් එක එදා නැවැත්තුවේ ටාමැක් එකේ.ඔන්න ප්ලේන් එක ටාමැක් එකේ නැවැත්තුවා විතරයි මෙන්න බොලේ තඩි ඇම්බියුලනස් එකක් මහා හයියෙන් සද්දේ දාගෙන ඇවිත් ප්ලේන් එක ලඟ නවත්තනවා දුමියා දැක්කා ප්ලේන් එකේ වීදුරුවෙන්.....! ඔන්න දුමියට දැන් හීනියට දාඩියදාගෙන ආපහු කකුල් දෙක වෙව්ලන්න පටන් ගත්ත.....!

යකෝ දුමියා ඇම්බියුලන්ස් එකකුත් ප්‍රිෆරන්ස් එකට දාලද ?

දැන් දුමියා හිතෙන් මවාගෙන ඉන්නවා ප්ලේන් එකේ අනිත් මිනිස්සු බලාගෙන ඉන්න ගමන් දුමියව කුදලගෙන ස්ට්‍රෙචර් එකක දාගෙන ඇම්බුලන්ස් එකේ ගෙනියන හැටි....!

ඔන්න එතකොටම ඇටෙන්ඩොං නංගි කෙනෙක් එනවුන්ස්මන්ට් එකක් දෙනවා ඔක්කොම පැසෙන්ජර්ස්ලට ටික වෙලාවක් සීට් වලටම වෙලා ඉන්න, හදිසි ලෙඩෙක්ව ගෙනියන්න තියෙනවා කියලා....!

දැන් දුමීගේ ඉහින් කනින් දාඩිය මුගුරු ගලනවා.....!

බැලින්නං අනේ ඔන්න පස්සෙ තමයි දුමී දැක්කේ බිස්නස් ක්ලාස් එකේ ගිය මනුස්සයෙක්ට ලාවට හාට් ඇටෑක් එකක් හැදිලා, ඒක නිසා තමයි ඇම්බියුලන්ස් එකක් ඇවිත් තියෙන්න එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා...!



ප.ලි : දුමී බය උනාට ඇත්තටම ඔය ස්පෙෂල් රික්වෙස්ට් වල ඇම්බියිලන්ස් එකක් රික්වෙස්ට් කරන්න ඔප්ෂන් එකක් නෑ.....!

79 comments :

  1. පිහිය හොයා ගත්තට එහා සොෆ්ට්වෙයාර් එකක් නේ හදලා තියෙන්නේ. උඹ ඔය රික්වෙස්ට්මන්ට්ස් මාක් කරනවා වගේ තමයි මම ඉස්සර බහුවරණෙට උත්තර ලියන්නේ.. හැබයි ඉතින් අවුලක්ම වෙලත් නෑ..

    ෆලයිට් වල දුකම හිතෙන එක තමයි සාමාන්‍ය රැකියාවන්ට ගියපු උන් විඳින නොපනත්කම් හා අපහසුතා...

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ, ඇත්තම කියනවනම් පිහියකටත් වඩා කැපෙන ආයුධයක්. මොකද සිස්ටම් එකේ ඩීල් කරන්නේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු එක්ක. ඒ මිනිස්සුඑ ඩොලර් දාස් ගණන් ගෙවලා ෆ්ලයිට් රෙසර්ව් කරන්නේ. හැම ෆන්ක්ෂනලිටියක්ම තිතට තියෙන්න ඕනේ. අඩු පාඩු සිද්ද වෙන්න පුළුවන් ප්‍රමාණය හරිම සීමිතයි. මොකද එමිරේට්ස් කියන නමත් අපිත් ආරක්ෂා වෙන්න ඕනේ....

      ඇත්තටම ඔය ෆ්ලයිට් ඇටෙන්ඩන්ස්ලා එක එක විදියයි. ගොඩක් හොඳට මිනිස්සුන්ට සලකන අය ඉන්නවා. ඒ වගේම හමේ පාට අනුව වෙනස්කම් කරන අයත් ඉන්නවා....

      Delete
  2. හම්මේ ඉතිම් නේ
    දුමියට ඥාව් හිතෙන්ට ඇති නේහ්...
    ඇත්තටම කෝමද අර වගේ ඇම්බියුලන්ස් එක්කුත් රික්වෙස්ට් කරල තිබ්බ නං
    (ඒම නැතත්) මල් හතයි නේහ්
    හම්මේ මැවිල පේනව

    ReplyDelete
    Replies
    1. දැන් හිතෙනවා අප්පා ඇම්බියුලන්ස් එකකත් යන්න තිබුනනම් හොඳයි කියලා....!

      Delete
  3. හපොයි වෙලා තියෙන වැඩක්. හොඳ වෙලාවට දුමියට හාට් ඇටෑක් එහෙම නොතිබුනේ. නැත්තං බරවෙච්ච තරමට අර ඇම්බියුලන්ස් එකේ දෙන්නවම දාගෙන යන්න තිබුණ.

    ඔය සිස්ටම් එක වෙනස් කරල දුමියට විතරක් විස්කි බෝතලයක් විතර දාගන්න හදාගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා, ඔය සිස්ටම් එක හදන දවස්වල එහෙම කල්පනාවක් ආවෙම නෑනේ....!

      Delete
  4. ඔය සිස්ටම් එකේ නැද්ද ඇටෙන්ඩන් නංගි කෙනෙක්ගෙන් අම්ම කුක්කු ඉල්ලන්න ඔප්ෂන් එකක් ?

    ReplyDelete
    Replies
    1. ඇටෙන්ඩොං නංගිලට අම්මා කුක්කු එරෙන කාලෙට ඒගොල්ලන්ට ෆ්ලයි කරන්න දෙන්නේ නෑ....!

      Delete
    2. ඕනයා සිස්ටම් එක හැදුවා නම් තව දේවල් දාවි.

      Delete
  5. අඩා මරු කතා ටික බං. ඇත්තටම අපි උඹට සලකනව මදි මං හිතන්නෙ උඹ කරල තියන වැඩ වලට.

    ReplyDelete
    Replies
    1. ඒ කරපු වැඩ ගැන ආපහු හැරිලා බලනකොට හරිම සන්තෝසයි තමයි.....

      Delete
  6. මැවිලා පෙනුනා හලෝ සීන් එක. කල හොඳ පස්සෙන් එලෙව්වා වගේ සීන්කෝන් එකක්නෙ. ඔය කිවුවට දුමියා බබා වගේ ඉන්න ඇති අර නංගිලා වීල් චෙයාර් එකට නගින්න උදව් කරලා හෙමීට හෙමීට තල්ලු කරගෙන යනකම්. හා නැද්ද!

    කරවිල තම්බපු වතුර බීපු හැටි තමයි හොඳම වැඩේ!

    ReplyDelete
    Replies
    1. නංගිලා නෙමෙයි හලෝ, සද්දන්ත හයයි හතරේ පොරවල් දෙකක් ආවේ මාව උස්සලා වීල් චෙයාර් එකේ තියන්න....!

      බස්සි කරවිල තම්බලා බීලා තියෙනවද ?

      Delete
  7. ඕකටද මන්ද බං කියන්නේ "ඉල්ලගෙන කනවා" කියලා...

    ලාංකිකයෙක් විදිහට උඹ ඔය රටවල් වලට ගිහින් කරලා තියෙන වැඩ කොටස ගැන සතුටුයි...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔව්, දැන් ආපහු හැරිලා බලනකොට ඒ කරපු ප්‍රොජෙක්ට්ස් ගැන හරිම සතුටුයි.....!

      Delete
  8. හෆොයි ප්ලේන් වල සිද්දවෙන ඇබැද්දි කියන්න ගියොත් වෙනම පොස්ට් එකක් ලිව්වකි..... ඒවගේම තමයි මමත් ඔය පියර උලන් ගෙදර නිකන් ඉන්න කම්මැලි නිසා සේවෙච්චා සේවයක් කරන ගානට වැඩ කොරන ඔය අටෝන්දන් නන්ගිලත් එක්ක ගේම නම් ඉල්ලනවම තමයි හැම ටුවර් එකකදීම අර මාතේ කිව්වා වගේ පොඩි මිනිස්සුන්ට පාට් දානකොට.........

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා, සමහර අය නලලේ තියන් යනකොට මොකටද කියලා හිතෙනවා...! ලොකු කම පෙන්නුවට ප්ලේන් එකේ උනත් ඒ ගොල්ලෝ කරන්නේ වේටර් ජොබ් එකක්නේ....!

      Delete
  9. පට්ට සීන් එක බොස්...

    අනේ ආයි නම් ලියන එක නවත්තන්න එපා.

    ReplyDelete
    Replies
    1. නොලියා ඉන්නෙ නැතිව ඉන්න උත්සාහ කරමුකෝ.....!

      Delete
  10. හෙහේ හරියට නිකම් සිතු පැතූ සම්පත් දෙනවා වගේනේ එමිරේට්ස්ලා.
    ස්පෙෂල් රික්වෙස්ට් හැමදේම දාන්න බැරි එකත් හොඳයි,නැතිනම් යන උන් මොන මොනා ඉල්ලයිද කවුද දන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔව් අප්ප, මිනිස්සුන්ට තියෙන ඕනේ එපාකම් ඔක්කොම දෙන්න ගියොත් එයාර්ලයින් එකකට වෙන වැඩක් නැතිව යනවා....!

      Delete
  11. බොරු කියන්නේ මොකටද උඹේ තෝම්බුව කියවලා මක්කදැයි කියල හිතාගන්නවත් බැරි පුළුවන් තරමට මගේ කොම්පීටර් දැනුම අන්ජ බජල්.. මොනව උනත් ලාංකිකයෙක් විදියට උඹ ලොකු වැඩ කිහිපයක් කරල තියෙන එක ගැන බොක්කෙන්ම ෆිට් එක. ඔව්ව මොනාද බං ගුරුන්ටත් අකුරු ටැපලෙනව කියන්නේ කට කහනවටයැ? ජය වේවා!

    ReplyDelete
    Replies
    1. එක පාරටම දැනුම එන්නේ නෑ.... පොඩ්ඩ පොඩ්ඩ සිස්ටම් එකෙන් එකට වැඩ කරනකොට දන්නෙම නැතුව තමන්ගේ දැනුම වැඩි වෙනවා....!

      ස්තූතියි සුහද වචන වලට....!

      Delete
    2. අපි වගේ අයට ටික ටික වැඩකරමින් කම්පියුටර් දැනුම වැඩිවෙන අවස්ථාත් තියනව, මොන මල ඉලව්වක්ද කියල යකා නැගල දන්න ටිකත් අමතක කරල ඉන්න අවස්ථාත් තියනව.

      Anyway, your achievements are very impressive !

      Delete
  12. දුමිය වැඩ්ඩ කාරයෙක්නෙ! :D

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම හිතෙන්නේ නෑ....! :D

      Delete
  13. ටෙස්ට් ඩේටා කොහොමද ප්‍රොඩක්ෂන් සර්වර් එක ගියේ? ටෙක් ලීඩ්ගෙ ද වරද, ප්‍රොජෙක්ට් කොන්ට්‍රෝලර් ගෙ ද?

    ReplyDelete
    Replies
    1. රසික දැම්මේ ගුග්ලියක්....! මේකට හරියට උත්තර දෙන්න නම් මම මේ සිස්ටම් එක ගැන විස්තරයක් කරන්න වෙනවා. ඒක හරියටම පැහැදිලි කරන්න ගියොත් මගේ පෝස්ට් එකටත් වඩා දිග්ගැස්සෙයි. අනික ඒක සිංහලෙන් කරන්න ගියොත් නිකන් බහුබූතයක් වෙන නිසා මම දන්න මට පුළුවන් විදිහට දෙවනි භාෂාවෙන් එක්ස්ප්ලේන් කරන්නම්.....!

      We had 3 levels of integration layers. Development, staging/acceptance and production. IBE collaborates with many other external systems. The main system call MARS (Mercator Airline Reservation System), which is commonly known as Global Distribution System (GDS) and it was running on a IBM mainframe. This is the legacy system which is holding the actual reservations made through any of it’s clients. IBE is just an extended web enabled client for MARS.

      And the other main external system was the “Skwards”which was the frequent flyer program of the Emirates and (at the time Sri Lankan’s as well ). When we do the developments we deal with the test or the staging systems of MARS and Skywards. Of course we use test data and test accounts on the development and staging environments.

      But once we passed through the staging level and once we promoted the system into the live environment we need to do few rounds of testing with the actual production systems and data to make sure the integration is seamless. In this level we used actual Skywards accounts to make real reservations belongs to the team members including mine (We cannot use real users profiles to test the system due to obvious reasons)

      Hope this clears…..

      Delete
    2. රසික අහපු ප්‍රස්නේ මමත් අහන්න ඉඳපු එකක්

      Delete
    3. QAල හිටියෙ නැතෙයි දුමී අය්යෙ?

      Delete
  14. අප්පේ! මං නම් එහෙනං ඔය ෆ්ලයිට් සීන් කෝන් වලට බහින්නේ නෑ! දැනට කරලා තියෙන වැඩ වල හැටියට මං කල්පනා කළේ කඩ වල බඩු ගන්න එහෙම ගියාම එහෙම මොනවා වෙයිද කියලා! :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බලන්න අල කිලෝ එකක්, සීනි රාත්තලක් වගේ නොමිලේම බෑග් එකට වැටෙන්න ඉඩ තියෙනවා.....!

      Delete
  15. අටෙන්ඩන් නංගිලා කොහෙන් ගියත් සෙට් වෙනවා කතාවට නේද.. ඩුමිගේ තෝම්බුව දැනගත්තේ අදනේ..

    ඔයා පයිලට් කෙනෙක් වෙන්න බැරි වුණාට අවුලක් නෑ,, හැම තිස්සෙම පයිලට් ලා එක්ක ඉන්නෝනේ..

    අපේ පැත්තේ එක්කෙනෙක් හිටියා මිනිහා "මහන" වෙන්න ආසාවෙන් හිටියේ,, ගෙදරින් ඉඩ දුන්නෙම නෑ අන්තිමට ගාමන්ට් එකක මහන කෙනෙක් වුණා,

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... කොච්චර මග අරින්න බැළුවත් ඇටෙන්ඩොං නංගිලව මග අරින්නම බෑනේ....!

      අර දවසක් දෙකක් දාගෙන පාර දිගේ ගිය අන්ධ මිනිහෙක්ගේ ඇඟේ හාමුදුරු නමක් හැපුනලු.....! බීල හිටපු අන්ධයා ඇහුවලු, "කවුද යකෝ........." කියලා....! හාමුදුරුවො කිව්වලු, "මහත්ත්තයා, මම මහණෙක්" කියලා.....! ඒ පාර අන්ධයා කිව්වලු, "අම්මට සිරි වෙලා තියෙයි ඉඳි කට්ට ඇණුනනං එහෙම..." කියලා......!

      Delete
  16. කළුබෝවිල දුමී කිව්වම කොන්දා සරෙන්ඩර් වුන එක අහන්න දෙයක්ද. මිනිහා දැන ගත්තලු උඩින් යන ඕන සිංහයෙක් ට තණකොළ කවන ජාතියේ පොරක්‌ වෙනවා කියලා කවද හරි. සතුටුයි අපිටත්. අපිත් ඕකෙන් ඕඩර් කරලා කාල තියෙනවා . මම එමිරේට්ස් ගියේ එක පාරයි . අර අඩිස් අබාබා ගිය වෙලාවේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...සතුටුයි බින්දි දුමීලා හදපු සිස්ටම් එක පාවිච්චි කලාට...

      Delete
  17. Replies
    1. ( ටයිපින් මිස්ටේක් එකක් නිසා ඉහල කමෙන්ටුව මකණ ලදි )

      දුමිය, උඹෙ කතාවෙ හිනාවට එහා පැත්තෙන් තීන දෙයක් මතුකරන්න කැමතියි.

      දුමී කියන්නෙ ලාංකික ක්‍රමයට අනුව උසස්පෙළ පස්වෙලා, මොරටුවෙ හරි කොළඹ හරි අයිටී උපාධියක් එක්ක වැඩට බැස්ස "ලාංකික උගතෙක්" නෙමෙයි.

      මූ ඇවිල්ල, කැම්පස් යන්න තංවත් ඒ ලෙවල් ලකුණු නැතිවෙච්චි හින්ද තාත්ත රට ඉඳල හම්බුකරන් ඇවිත් තිබ්බ සල්ලි ටිකක් වියදන් කරල, අර එන්.අයි.බී.එම් කියන පුද්ගලික කඩෙන් ඩිප්ලෝමාවක් දාගෙන නිදහස් අධ්‍යාපනය යම් පමණකින් විනාස කරන්න දායක වෙච්චි තවත් එකෙක්.

      මට දුක තවත් දුමීල කී දෙනෙක් එන් අයි බී එම් ඒකටවත් යා ගන්න බැරුව, රස්සාවක් කරන ගමන්වත් ඉහලට ඉගෙනගෙන බීඑස්සී උපාධියක් ගන්න බැරුව නාකිවෙන්න ඇතිද, නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ මිළ ගෙවන්න කියන එකයි!

      Delete
    2. /* එන්.අයි.බී.එම් කියන පුද්ගලික කඩෙන් */

      දෙපාරක් ම කමෙන්ටුව කෙටුවත් ඔය උඩ මං උපුටා දක්වලා තියෙන වැරැද්ද නිවැරදි වුනේ නෑ නේද?

      මං දන්න එන්අයිබීඑම් එක නං ආණ්ඩුවේ ආයතනයක් විදියටයි තිබුණේ.

      මේ දැං වෙබ්සයිට් එකේ බැලුවා වෙනසක් නෑ. ඔය හොඳට තියෙන්නේ රාජ්‍ය ලාංඡනේ.

      අපිට වැරදෙන තැන තමයි මේ පාඨමාලා ගාස්තුවක් ගෙවීම සහ හන්දියෙ මුදලාලි ගෙ කඩෙන් බඩු ගන්න එක පටලවා ගැනීම. සතොසෙන් බඩු ගන්නෙත් සල්ලි ගෙවලා නේද?

      මේ ලඟදී ලංකාවේ ඉන්න මගේ මිතුරෙක් මා සමග තර්ක කළා මාත් සති කිහිපයක් හෝ වැඩ කරළා තියෙන මොනෑෂ් යුනිවසිටි එක පුද්ගලික විශ්ව විද්‍යාලයක් ම ය කියලා!

      ඒකත් ඔය වගේ වැරදීමක්!

      Delete
    3. රසික, නෑ වැරදුනේ නෑ. ආන්ඩුවෙ ( අර්ධරාජ්‍ය ) ආයතනයක් උනාට මේක සල්ලිවලට උගන්නන තැනක්.

      මගේ තර්කය වෙන්නෙ, අර නිකන් ලැබෙන කැම්පස් කෝටාවට යන්න බැරිවෙන පිරිසට යන්න "මේ වගේ රාජ්‍ය හරි රාජ්‍ය නොවන හරි තැන්" නිර්මාණයට විරුද්ද වෙන නිදහස් අධ්‍යාපනයේ නියමුවෝ නිසා තව දුමීල කී දෙනෙක් එමිරේට්ස් නොදකින්න ඇතිද කියලයි?

      Delete
    4. කලින් කිව්වේ "පුද්ගලික" කියලා නේ. මං කතා කළේ ඒ වැරදි වචනය ගැනයි.

      ඒ කෙසේ වෙතත්, මේ අර්ධ රාජ්‍ය කියන්නේ මොකක්ද?

      ඒක වැරදියට වටහා ගන්න යෙදුමක්. එක බාගයක් ආණ්ඩුවට අනිත් බාගෙ වෙන කෙනෙකුට හෝ පිරිසකට අයිතියි කියන එකද?

      එහෙම එකක් නෑ, මුළු ආයතනයම අවසානයේ අයිති ආණ්ඩුවට තමයි.

      විශ්ව විද්‍යාල හැම එකකම ගාස්තු අය කරනවා. ඒ ගාස්තු කොයිතරම් දුරට ඒ සඳහා යන වියදම හා සැසදෙනවාද කියන එක විතරයි ප්‍රශ්ණය.

      මා දන්නා පරිදි විවෘත විශ් විද්‍යාලයේ තමයි වියදමෙන් වැඩිම ප්‍රතිශතයක් සිසුන් විසින් ගෙවන්න ඕනෑ. අනෙකුත් විශ්ව විද්‍යාලවල ප්‍රථම උපාධිය සඳහා ලියාපදිංචි ගාස්තු විදියට අය කෙරෙන්නේ 1%ටත් අඩු මුදලක්.

      නමුත් පශ්චාත් උපාධි සඳහා වියදමෙන් විශාල ප්‍රතිශතයක් අයකරනවා. සමහර විට ඔපරේටින් කොස්ට් එක බ්‍රේක්-ඊවන් වෙනවා ඇති.

      Delete
    5. "NIBM" එක අපිත් දැනගෙන හිටියේ සෙමි ගවර්න්මන්ට් විදිහට.

      ලංකාවෙ විශ්වවිද්‍යාල වලට තෝරන පෙනේරෙන් හැලෙන්නේ අදක්ෂයෝ නෙමෙයි. ලංකාවෙ මේ සිලෙක්ෂන් ක්‍රමය හරිම අසාධාරණයි. පොතට පතටම ඇලිලා නොහිටපු දක්ෂයෝ ගොඩක් ඔය පෙනේරෙන් හැලෙනවා....! උන්ට ඉගෙන ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල හරි අරින එකට පෙනේරෙන් පෙරිච්ච උන් විරුද්ධ වෙන එක මම දකින්නේ අන්තිම පහත් කුහක කමක් විදිහට.......

      ඉන්දික, අපේ තාත්තා රට හිටපු එක ඇත්ත, ඒ නිසාම සාපේක්ෂව අපිට අඟ හිඟ කම් අඩුවෙන් දැණුනු බවත් ඇත්ත. ඒත් ඒ දවස්වල "NIBM" ඩිප්ලෝමා එක කරන්න මට රුපියල් 43,000ක් දෙන්න අපේ අම්මා කණේ තියන කරාබු දෙක පවා උගස් තිබ්බා....මොකද සහෝදර සහෝදරියන් 4 දෙනෙක් හිටපු පවුලකට කාලා බීලා අමතර පන්ති වලට වියදම් කලාට පස්සෙ, රට හිටියත් තාත්තට ඒ මුදල දෙන්න බැරි උනා......! කණ කර පාළු කරගෙන අපේ අම්මා නුගේගොඩට ගිහින් බඩු උගස් තියලා "ලොකු පුතේ මෙන්න සල්ලි, හෙට ගිහින් මේ ටික බඳින්න...." කියලා දාඩිය පෙඟිච්ච මූණෙන් මට කියපු හැටි අද වගේ මතකයි. ඒ නිසා තමයි මට "NIBM" එක හොඳින කරන්න ගැම්ම ලැබෙන්නේ.....

      Delete
    6. පෝස්ට් එක කියවලා කොටන්න ආව කොමෙන්ටුව අමතක උනා මේ ටික දැකලා...

      Delete
  18. ප්‍රොටෝටයිප් වලට තමංගෙ ඩේටා දැම්මානං දුක විඳපං දුමියෝ කිව්වලු.
    සෙල්ලං පොරක් නෙමෙයිනෙ අපේ දුමියා... ආඩම්බරයි ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩ ගැන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....! ඒක ප්‍රොටෝටයිප් එකක් නෙමෙයි.... ඒක ගැන පොඩි විස්තරයක් මම රසිකට දාපු රිප්ලයි එකේ දාල තියෙනවා...!

      Delete
  19. ඕක තමා කියන්නේ ටෙස්ට් කරන්නවත් තමාව පාවිච්චි කොරන්න එපා කියලා..
    එමිරේට්ස් වලත් දුවන්නේ අපේ ලංකාවේ මනුස්සයෙක් හදපු සිස්ටම් එකක් කියල කියවද්දී හිතට මාර මෙව්වා එකක් දැනුනා ඈ!!
    දිගටම මේ වගේ වැඩ කරන්න, ඔන්න අඟහරු වලින් සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... බුකින් එන්ජින් එක විතරක් නෙමෙයි. එමිරේට්ස් වල තියෙන අනිත් ඔක්කොම සිස්ටම් වලත් ප්‍රධාන රෝල් ලංකාවෙන් ගිය අය කරනවා. ඒ දවස්වල අපිත් එක්ක ජෝන් කීල්ස් වලින් ගිය අය 80කට වැඩියෙන් හිටියා....! ඒ හැමෝම වැඩ්ඩෝ....! තාමත් ඒ අයගෙන් ගොඩ දෙනෙක් තාමත් එමිරේට්ස් වල වැඩ කරනවා....!

      Delete
    2. අහන්න ලැබීම ඉතාමත් සන්තෝසයි!
      ඒ වගේම තවත් දෙයක්- උඩ කමෙන්ට් එකක කවුදෝ කියල තිබ්බ දැක්කා සල්ලි ගෙවල උපාදියක් ගැනීම ගැන. මටත් කැම්පස් යන්න බැරි උනා. මම කලේ බයේ සයන්ස්. බයවෙච්ච පාර පලවෙනි පාර රසායන විජ්ජාවට ලයිට් කණුවක්.
      මම දැන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ආයතනයේ ඉංජිනේරු පාඨමාලා හදාරනවා. ඒක සෙමි වත් ගවන්මන්ට් නෙවේ. තනිකර ප්‍රයිවට්. උවමනාව තියන එකා තමන්ගේ දක්ෂතාවය සහ උවමනාව අනුව කොහෙන් හරි ගිහිං අන්තිමේ ලෝකෙට වැඩක් කරනවා.. ඒ වගේ අය තමා අන්තිමට ලෝකය ජයගන්නේ.. ඒ මාර්ගයේ ගිහිං රටට ආඩම්බර වෙන්න පුළුවන් ලෝකෙට වැඩක් කරපු එක ගැන මගේ ප්‍රණාමය ඔබතුමාට!!

      Delete
    3. උඹ මල්ලි බයේ බයේ සයන්ස් කරපු හින්දා තමා උඹට කැම්පස් යන්න බැරි වෙන්න ඇත්තේ.. බය නැතිව සයන්ස් කලානං අවුලක් වෙන්නේ නැහැ. :D

      Delete
  20. ටෙස්ටින් ඩෙටා වෙනුවෙන් ගොඩක් ඩිවලපර්ලා කරන වැඩක් තමා ඔය දුමියත් කරලා තියෙන්නේ. මදැයි ඔයින් ගියා,

    ReplyDelete
    Replies
    1. ඔව්, ඩිවලපර්ස්ලා කැමතියි ඇත්තම ඩේටත් එක්ක වැඩ කරන්න. ඇත්තම ඩේට නොවුනත්, ඇත්තම ඩේටා වල රෙප්ලිකා එකක් හරි පාවිච්චි කරන්න තමයි බලන්නේ...!

      Delete
  21. දුමී අය්ය සිරා කොල්ලෙක්නෙ...... ( ඒ කරලා තිබුන ඒවා තේරුනාලු මට, හොඳද?)
    ඒ වුණාට සැබෑ ආඩම්බරයක් ආව මට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... මම විතරක් නෙමෙයි සිදු.... ලංකාවෙ වැඩ්ඩෝ තව ගොඩක් තාමත් එමිරේට්ස් වල වැඩ කරනවා....!

      Delete
  22. ඔය වගේ විශේෂ නිර්මාණයක් කලාම ඒක එයාලා පාවිච්චි කරනකල් ගෙවනවද? නැත්තම් එක පාර ගෙවලා වැඩේ අහවර කරනවද?

    ReplyDelete
    Replies
    1. නෑ බං බුද්ධියෝ, ඒකටනේ උන් අපිව හයර් කරලා අපිට පඩියක් ගෙවන්නේ....

      Delete
  23. අඩේ මට මතක්වෙන්නේ අර දඩාර සයිස් එවුන් දෙන්නා උඹව උස්සන්න හදන හැටි. ;) ;) ;)
    ආඩම්බරයි මචං.... මම එමිරේට්ස් විතරක් ෆ්ලයි කරන්නේ උඹ වගේ එවුන් (තව ගොඩාක්) හින්දා කියලා මීට පස්සේ මට කට පුරා කිවහැකි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ....! ඔව් එමිරේට්ස් වල තියෙන හැම වැදගත් සිස්ටම් එකක් පස්සෙම ඉන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ. අපේ එවුන්ගේ වැඩ තිබුනට කට නැති නිසා හයිලයිට් වෙන්නේ නෑ....! ඒකට අල්ලපු රටේ එවුන්, වැඩ බින්දුවයි, පඩ කෝටියයි.....!

      Delete
  24. ගාන පොඩ්ඩක් සැර උනත් ගොඩක් වෙලාවට එමිරේට්ස් යන්නේ,,අනිවට වඩා ලොකු වෙනසක් තියන නිසා,,අනේ බන් අයියේ ඔය සිරි ලන්කොන් එකේ ඔන්ලයින් රෙද්ද හැදුවේ මොක්කුද බලහන්කෝ,,මෙලෝ රහක් නෑ අනික මොබයිල් නෙට් වලින් යද්දී පිස්සු නටනවා සිස්ටම් එකම,,බලහන් උබලා වගේ උන් පිට රටවල දේවල් සුපිරියට හදලා දෙනවා,,සමහරවිට ඔය රෙද්ද හැදුවේ වෙන රටක උන්ද දන්නෙ නෑ,,අපේ රටේ ඔච්චර වැඩ්ඩෝ ඉද්දී

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකන් එකෙත් මෑතක් වනතුරුම තිබුනේ අපි හදපු IBE එකේම එක්ස්ටෙන්ෂන් එකක්. මොකද ශ්‍රී ලංකන් එකත් හොස්ට් කරලා තිබුනේ එමිරේට්ස්ලගේ "MARS" කියන "GDS" එකේ. දැන් ශ්‍රී ලංකන් "Amadeaus" කියන "GDS" එකට මයිග්‍රේට් කරලා.....

      Delete
  25. කෝ බං අර ඊයෙ තිබුණු සැටිපිකැට් ටික.. ඊයෙ දැක්කා අද කොමෙන්ටුවක් දාන්න බලනකොට බඩු මිසිං..

    මම කියන්න හැදුවෙ පෙරේද මායි අපේ උන්දැයි එහේ ගිය වෙලේ උඹේ වර්ක්ස්ටේෂන් එක ළන ගහල තිබ්බ ඒ සැටිපිකැට් එක අතගාඅලත් බැලුවත් මේ නිධාන කතාව දන්නෙ දැන්නෙ කියලයි..

    මම හිතුවෙ කොම්පියුටර් ඉංජිනියර් කෙනෙක් කිව්වම අර 101010101100 වගේ කලු සුදු ඉලක්කම් දිහා බලාගෙන ඔලුව කහ කහ පැන්සලෙන් කොලේක කුරුටු ගගා බටන් ඔබන පොරක් කියලයි..

    ReplyDelete
    Replies
    1. සපා, ඒ සැටිපිකට් දාන්න හේතුවක් තිබුනා.... ඒ හේතුව ඇචීව් කලාට පස්සෙ මම ඒවා අයින් කරලා දැම්මා.....!

      ඔය ෆිල්ම් වල පෙන්නන විදිහට 0 වලිනුයි 1 වලිනුයි සෙල්ලම් දාන සොෆ්ට්වේයාර් ඉන්ජියර්ස්ලා නෑ.....!

      Delete
  26. මාත් ex-JKCS , හැබැයි ලඟදි තමයි මම නම් එහෙ ගියේ , 2012. සුන්දර මතක ගොඩක් තියෙන තැනක් :)

    ReplyDelete
    Replies
    1. "JKCS" කියන්නේ ලංකාවෙ තියෙන හොඳම සොෆ්ට්වේයාර් කම්පැණියක්. අපිට ගොඩක් නිදහස දුන්නා අළුතෙන් එන ටෙක්නොලොජීස් ඉගෙන ගන්න. ඒ කාලේ අපි ඔෆිස් ඇවිල්ලා කරන්නේ පාඩම් කරන එක සර්ටිෆිකේෂන් වලට. ඒ හැම දේකටම පහසුකම් සහ බරපැන දැරුවා.... අද මම ඉන්න තත්වෙට එන්න "JKCS" මට ලොකු උදව්වක් දුන්නා.....!

      Delete
  27. හොඳ වෙලාවට ඔය ටෙස්ට් ප්‍රොෆයිල් එකට වෙන වෙන ප්‍රිෆරන්ස් දමලා නොතිබ්බෙ !

    ReplyDelete
    Replies
    1. වෙනී අයියා අදහස් කරන්නේ මොන වගේ ප්‍රිෆරන්ස්ද ?

      Delete
  28. ලොකු අයියා සමාවෙන්ට ඕනෙ මේ පැත්තෙ එන්න පරක්කු උනාට..පහුගිය සතියෙ අවුරුදු උත්සවය...ඉස්සරහට එන වෙසක් අරවා මේවා නිසා ‍කොලුවා බිසි වෙලා උන්නෙ..බොහොම සන්තෝෂයි බොලාගෙ කෙරුවාව ගැන. අදටත් අපේ ගුවන් සේවයට මෙහෙම යමක් හදලා නෑ නේද...කොතනද වැරැද්ද..අපේ පාලකයන්ගෙද...මොකක්ද අදහස...

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලන්නේ මොන බම්බුවටද බං....හැමෝම බිසී. මැමෝටම හැම පෝස්ට් එකක්ම කියවන්න, කමෙන්ට් දාන්න වෙලාවක් නෑ....

      එමිරේට්ස්ලට ඒ ගොල්ලන්ගේම සොෆ්ට්වෙයාර් කම්පැණියක් මුල ඉඳලම තිබුනා. ඒ ගොල්ලෝ කරන්නේ ඉස්සෙල්ලා ඒ ගොල්ලන්ට අවශ්‍යය සිස්ටම් එක හදාගෙන ඊට පස්සෙ ඒ සිස්ටම් එක අනිත් එයාර්ලයින් වලට විකුණලා අර වියදම් වෙච්ච කැපිටල් එක රිකවර් කරගන්න ගමන් ප්‍රොෆිට් එකකුත් හොයාගන්නවා....

      මම දන්න තරමින් ස්‍රී ලංකන් එකට එහෙම ස්ට්‍රැටජී එකක් නෑ.....

      Delete
  29. අපේ පැත්තටත් ඇවිත් යන්න.
    sudupoosa91.blogspot.com

    ReplyDelete
  30. කතන්දර කෙසේවෙතත් තෝම්බුව පට්ට!!!
    සිරාවටම උඹ ගැන පට්ට ආඩම්බරයි අයියේ...

    දිගටම ලියහං... :-)

    ReplyDelete
    Replies
    1. රනාව බ්ලොග් පැත්තේ දැක්කේ සෑහෙන්න කාලෙකින්....! බලමු බලමු ඉඩ තියෙන විදිහකට ලියන්න....!

      Delete
  31. අයි මෙතනට ආපු පලවෙනි දවස.. අනේ අම්මාපල් තෝම්බුව කියෙව්වම ඔලුව කුරුවල් වෙලා ඔරේමන්දන් වෙලා මුඛපූටු වෙලා ගියා.. නියම කතා ඉස්ටයිල් එක.. ජය වේවා... ආ අමතක උනා.. අර දේවල් ගැන ආඩම්බරයි ඈ....

    ReplyDelete
    Replies
    1. සජ්ජා ඔන්න එහෙනම් වෙල්කම් කිව්වා "දුමීස් මවුත් ඉචින් ස්ටෝරීස්" වලට...!

      Delete
  32. \\දුමී බිම පෙරලි පෙරලි කෑ ගගහා කිවා\\

    ඇටෙන්ඩොං නංගිලා දෙන්නෙක් උස්සලා ගිහින් රෝද පුටුවෙන් තිබ්බනන් ඔහොම බිම පෙරලි පෙරලි කෑ ගගහා කියන්නේ නැතිවෙයි නේද?

    දුමීගේ ලියන ස්ටයිල් එක නම් පංකාදු පහයි..!

    ReplyDelete
  33. මුලින්ම කියන්ට ඕන අපි මේ යෝධයට ෂලකනවා මදිනේ කියලා...

    දෙවැනුව.. සැබෑ ෂිරි ලාංකිකයෙක් විදියට.. ෂිරි ලාංකික අනන්‍යතාවය රැකගනු වස් මෙහෙම අහන්ට ඕන...
    සුදු දුමී අයියේ... දැන් අයියාට ඔකේ තියෙන හැකියාව අනුව බැරිද මේ අපිත් ඕකක එල්ලිලා යන වෙලාවක වේල පහින් අයියට කියලා එව්වම ඔය සිස්ටොං එකේ කනෙන් රිංගලා ඉකොනොමි කැලෑසියේ ටිකැට්ටුවට බිසිනොස් කැලෑසියේ යන්ට පාරක් පාද ගන්ට... :D :D :D
    (කවුරු හරි අපි දන්න එකෙක් තැනක ඉන්නවා කියලා දැනගත්තම අපි මුලින්ම කරන්ට ඕන ඔන්න ඔය වගේ වංගුවක් ගහන්ට පොටක් පාදගන්න පුළුවන්ද කියලා බලන එක නේද බං..? :D )

    ReplyDelete
  34. එච්චර දෙයක් කොරන්න අමාරු වෙයි. ඕන නං ගල් අරක්කු බාගෙකුයි බිස්ටල් එහෙකුයි මේනු එකට දාගන්න ඇහැක් වෙයි. මතක ඇතුව වීදුරුව පාත් කරලා බිපිය... ඇතුලට දුං එන්න නොදී.

    ReplyDelete
  35. ආඩම්බරයි ඔබ ගැන ...👍👍

    ReplyDelete
  36. අම්මප දුමී ප්‍රෝග්‍රමින් පැත්ත සුපිරියට කරපු බව ඇත්ත හොඳ වෙලාවට එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් සිස්ටම් එකක් එහෙම ටෙස්ට් කරන්න නොවුනෙ. වැරදිලා සාජ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට ඩුබායි ගොල්ෆ් කෝස් එකට එහෙමත් එකක් දෙකක් බැස්සුවොත් !

    ඔය වගේ බුල් මමත් ගහල තියනවා, එක පාරක් DSI ටයර් ෆැක්ටරියෙ මුළු ඉන්වෙන්ටරි එකේම (Item 10,000 කට වැඩියි) ස්ටොක් බින්දුව කරා අප්ඩේට් එකක් දාන්න ගිහින්.

    පස්සෙ පැය බාගයක් ඇතුළත Transaction ඔක්කොම එකතු කරල ආපහු මුළු ස්ටොක් එකම කලින් තිබ්බ ගානට අප්ඩේට් කරා. මේ කතන්දරේ වෙලා මාස කිහිපයකට පස්සේ තමයි ඔෆිස් එකේ උන්ට කිව්වෙ :-D

    ReplyDelete

Related Posts with Thumbnails