සුභ රාත්‍රියක් හේලික පුතේ
Posted by
හිත තවමත් කම්පණයෙන් මිදී නැත. වරින් වර අකුණක් කොටන්නාක් මෙන් ඒ සියුම් මන්දාස්මිතිය චායාවක් මෙන් සිතේ ඇඳි මැකී යන්නේ දෑස් කොණට සියුම් කඳුලක් එක කරමිනි.
සනත් මා හට මුණ ගැසෙන්නේ 1989 හෝ 1990 අවුරුද්දේ විය යුතුයි. ඒ ඔහුත් මාත් නුගේගොඩ ඇල්ෆා ඉන්ස්ටිටියුට් හී ජයනෙත්ති සර්ගේ ඕ ලෙවල් ගණන් පන්තියේ එකට ඉගෙනුම ලැබූ අවදියේදියි. සනත් මගේ පාසලේ ඉගෙනුම නොලැබුවත්, කල්ලි ගැසුනේ අපේ පාසැලේ මිතුරු රැළත් සමගයි. ඉගෙනුම කෙරෙහි වඩාත් සිත් යෙදවූ, වැඩිමනක් දඩබ්බර නොවූ මිතුරු රෑනක අපි සාමාජිකයෝ වීමු.
සාමාන්‍යය පෙළ විභාගයෙන් වසර 20කට පමණ පසු නැවත මට සනත් මුන ගැසෙන්නේ අරාබි එමීරයක් වන ෆුජේරාහිදීයි. ඒ මගේ අති ජාත මිත්‍රයෙක් වන රජීව්ගේ නිවසට ගොඩ වැදුණු විටකදීයි....
"අඩෝ (xxxxxx) තෝ කොහේද යකෝ මෙහේ.....?" ලෙස මගේ පාසල් වියේ කාඩ් එකෙන් මා අමතන්නේ මොකාද යැයි මා හැරී බැළුවේ දශක දෙකකින් පසු ඒ කාඩ් එකෙන් වෙන කිසිවෙකු මා අමතා නැති බැවිනි.... එතරම් වෙනස් නොවූ සනාව මට එකවර අඳුනන්න බැරි උනත් තරමක් විපර්යාසයට බඳුන් වී සිටි මා එකවර හඳුනා ගැනීමට සනා සමත් වී තිබේ. රජීව් රැකියාව කල ආයතනයටම සම්බන්ධ වී මෙහි පැමින සිටි සනා ඒ වනවිට නවාතැන් ගෙන තිබුනේද මා මිතුරු රජීව් සමගමය. දශක දෙකකට පසු යළිත් හමූ වී අප එදින පටන් අපේ මිත්‍රත්වය නැවතත් අළුත් කර ගත්තෙමු.
එදින මා රැකියාව නිම වී නිවසට පැමිණියේ වෙනදාටත් වඩා වෙහෙසකර දිනයක් ගෙවා දමමිනි. වෙහෙසටත් වඩා මා යම් දෙයකින් මගේ හිත නොසන්සුන් වී තිබුනි. නිවසට පය තැබූ විගසම කුඩා පුතු විසින් සිදු කරනා ලද යම් නොහොබිනා වැඩක් පිළිබඳව ආඩ පාලි කියනු ලැබුවේ මගේ බිරිඳ විසිනි. දවස පුරා අක්කලා, නංගිලා අයියලාගේ රණ්ඩු සරුවල්, අකීකරු කම් ගැන ගෙට ගොඩ වෙන විටම වාර්ථාවක් දීමට ඇතැම් දිනවල ඇය සැදී පැහැදී සිටියාය. වෙනදාට විනාඩි කීපයක් දණ ගස්සවා තැබීම හැර අන් දඬුවමක් නොකරන මා අතට අසුවූ ප්ලාස්ටික් පටියකින් පුතුගේ දෙකකුල් වලට පහර කීපයක් ගැසුවෙමි. බලාපොරොත්තු නොවූ ප්‍රහාරයෙන් සලිත වූ පුතු මහා හයියෙන් හඬා වැටෙත්දී මගේ හිතත් ඒ සමගම හඬා වැටිමින් තිබුනි.
වේලාව රාත්‍රී නමය පසුවී අඩ හෝරාවක් වන්නට ඇත. දරු තිදෙනාම රාත්‍රී අහාරය ගෙන නින්දට ගොස් ඇත්තේ පහු වනදා හිමිදිරියේ පැමිනෙන පාසල් බස් රථය මග නොහැරෙනු සඳහාය. බිරිඳද කුඩා දියණිය තුරුළු කරන් නින්දට වැටී ඇත.
මා පරිගණකයේ කරමින් උන් යම් දෙයක් නවතා අසුනෙන් නැගිට්ටේ නොනවත්වාම නාද වන දුරකතනය ගැනීමටය.
ඇමතුම ජෝර්ජ් අයියාගෙනි......
"ආහ් ජෝර්ජ් අයියේ කොහොමද ?" මම දුරකටහනය ඇමතීමි....
"මල්ලි, නරක ආරංචියක් කියන්නයි කතා කලේ....."
ජෝර්ජ් අයියා මූලිකවී මෙහිදී රෝහල් ගත වී අසරණ වූවන්ට පිහිට වීමට පිහිටුවා ගත් "සහන සංවිධානයේ" නොයෙකුත් කර්තවය්‍යයන් වලදී නරක ආරංචි කොතෙකුත් අපහට අසන්නට ලැබේ. සිතට නැගුනු මුල්ම සිතිවිල්ල මේ "සහන" ට සම්බන්ධ යම් සිද්ධියක් වෙන්නැති යැයි සිතාය.
“මල්ලි සනා ඇක්සිඩන්ට් වෙලා........”
"මොනවා... අපේ සනා......?"
"ඔව් මල්ලි, ෆැමිලි එක එයාපෝට් බස්සන්න එනකොට ජීප් එකේ ටයර් එකක් බර්ස්ට් වෙලා, ජීප් එක පෙරලිලා............පුතාගේ බ්‍රේන් ඩැමේජ් වෙලා.....බේරගන්න බැරිවෙයිලු....වයිෆ්ටත් සීරියස්....." ජෝර්ජ් අයියා දිගටම කියාගෙන යයි.....!
ලොකු ඊයම් බරුවක් පැමිණ මගේ උගුරේ හිර උනාක් මෙන් මට දැණුනි. හුස්ම ගැනීමටත්, කෙල ගිලීමටත් වචනයක් පිට කිරීමටත් මට නොහැකියි. මා ඉදිරියේ මගේ පුතාගේ රුවත්, සනාගේ පුතාගේ රුවත් මැවි මැවී බොඳ වෙයි.....
"අනේ පොඩි කොල්ලා..." මට කියන්න උවමනා උනත් මට එය කියා ගැනීමට නොහැකියි. ඉකි ගැසෙන කට තදින් මිරිකා ගතිමි. ඒත් වචන පිට නොවේ......!
නිහැඬියාව තත්පර ගාණක්ද විණාඩි ගානක්ද නොදනිමි. මගේ වෙනස තේරුණු ජෝර්ජ් අයියා,
"මල්ලි මම තව විස්තර හොයාගෙන කතා කරන්නම්...." යයි පවසා ඇමතුම විසන්දි කරයි…
එයින් පසු එළඹි හෝරාව කෙසේ ගත වූවේ දැයි මට මතකයක් නැත. හිරවූ පපුවෙන්ද, කඳුලු ගෙඩි කඩාගෙන පණින අස් දෙක පිහිදමින්ද මා ඒ හෝරාව ගත කරන්න ඇත.
“මල්ලි ඉක්මනට ඇඳුමක් දාගෙන ඉන්න. මම ජෝයි එක්ක ඇවිත් ඔයාව ගන්නම්. අපි හොස්පිටල් එකට යමු......” නැවතත් ජෝර්ජ් අයියාගෙන් ඇමතුමකි.
විනාඩි හතලිස් පහක පමණ ගමනක අවසානයේ අපි "අල් දේද්" රෝහල වෙත පිවිසුනෙමු.
ඒ වන විට හේලික පුතා සදහටම දෑස් පියා අවසන්ය…...
හදිස්සි අනතුරු ඒකකය ආසන්නයේ හිත මිතුරන් පිරිවරාගත් සනා පේමන්ට් එකේ බිම වාඩි වී සිටී. දෙපයට වාරු දීගත නොහී තම දණහිස අතර හිස රුවා ගනිමින් ඔහු ඉකි ගසයි.
“අනේ මචං මගේ කොල්ලා මට ඕනේ......!” වරින් වර ඉකි බිඳුම මහා හැඩුමක් වෙයි........
අප සියල්ලන්ගේම හදවත් කඩා වැටී ඇත. කුමක් කියන්නද, කුමක් කරන්නද නොවැටහේ.....!
හෝරා කීපයකින් පසු හේලික පුතා මොර්ග් එකට දැමිය යුතු බව රෝහල් කාර්‍යය මණ්ඩලය දැන්වීය. ඊට පෙර අප හට හේලික පුතා දැක ගනීමට පැමිනෙන ලෙස දන්වයි. මමත් ගැහෙන පා වලින් ඒ කුඩා කාමරයට පිය නැගුවෙමි. සුදු පාට සිපයකින් වසනා ලද බෑගයකි. හෙදිය විසින් මුහුන ආසන්නයේ සිපය විවර කර සීරුවෙන් මෑත් කර හේලික පුතාගේ මුහුණ පාදා දෙයි.
ඔළුව වැසෙන සේ ඔතනා ලද වෙළුම් පටිය. දෙතොල දෙතැනකින් පමණ පැලී වේලී ඇති රුධිර පාරවල්ය. ඒත් ඒ අහිංසක සුදු මුහුන සරසවමින් ඉතාමත් කුඩා මන්දාස්මිතියක් දෙතොලේ රැඳී ඇත. තවමත් සුව නින්දක සිටිනා සේය....
සනත් එමීරයේ රැකියාව කලත් ඔහුගේ දරු පවුල ජීවත් වූයේ ලංකාවේය. හේලික තම මවත්, සොයුරියන් දෙදෙනා සමග එමීරය වෙත පැමිණ තිබුනේ පසුගිය අවුරුදු නිවාඩුව ගත කිරීමටයි.
හේලික ලංකාවෙන් පිටත් වූ දිනය දා ගුවන් තොටට යෑම සැරසී තම සීයාගේ කකුල් දෙක අල්ලා වැන්දේය....! ඉන් පසු ටික වේලාවකින් ගෙදර දොර වෙත පිය නැගූ ඔහු නැවත්තත් පැමිණ දෙවනි වතාවටත් සීයාගේ කකුල් දෙක අල්ලා වැන්දේය... දෙවනි වතාවටත් සීයාගේ පා නැමදූ හේලික වාහනයට ගොඩ වී තම මවත් සොයුරියන් දෙදෙනාත් ගොඩ වනතුරු ටික වේලාවක් බලා සිටියේය. ඒ අතර තුර තමන් දෙස බලාගෙන සිටිනා සීයා වෙත නැවත පැමිනෙන හේලික තෙවනි වතාවටත් සීයාට දන නමස් කාරය කරන්නේය.....
"ඇයි මගේ පුතේ මේ...? දැන් තුන් පාරක්ම ඔයා මට වැන්දනේ...." සීයා විමසයි...
"දන්නේ නෑ සීයේ, මට එහෙම තුන් පාරක්ම සීයට වඳින්න හිතුනා....." අහිංසක සිනහව මුහුන මත රඳවා ගත් හේලික එසේ පැවසුවේය......
"අන්න අන්න මල්ලා කතා කරනවා......" ඉකි බිඳින ගමන් සනා පවසයි
ලෙහි හොවා වැඩි තම පුතුගේ වියෝව, පියෙක් කෙසේ දරා ගන්නද ?
"මචන්, පුතාට සීතල ඇති..... බ්ලැන්කට් එකකින් පෙරවන්න කියන්න...." සනා නැවතත් ඉකි බිඳියි.
සනත්ගේ බිරිඳ පූර්ණිමා යන්තම් සිහිය ලැබුවාය.....තම ආදර පුතුගේ වියෝව ඇය නොදනී......
නව හැවිරිදි සම වයසේ දරුවන්ට සාපේක්ෂව හේලික වෙත පරිනත ගති පැවතුම් පිහිටියේය. හේලික උදෑසන පිබිදෙන්නේ පාන්දර තුනේ කණිසම වැදෙන යාමයේය. මූණ කට සෝදා පිරිසිදු වන ඔහුගේ පළමු කාර්‍යය ගෙදර බුදු පහණ දැල්වීමයි. ඉන්පසු තමන්ගේ පාසල් ඇඳුම් සහ තම සොහොයුරියන්ගේ පාසල් ඇඳුම් මැදීම හේලිකගේ දින චරියාවේ නොවරදින අංගයන්ය.
තම පියා පිට රට සේවය කරන බැවින් තම අම්මාටද සොයුරියන් දෙදෙනාටද ආරක්ෂාවක් වෙන්න පුංචි හේලික හැම වෙලේම උත්සාහ දැරුවේය....
අම්මා සමගින් ෆුඩ් සිටියට යන ගමන් වලදී අම්මාටත් වඩා හොඳින් ගෙදරට අවශ්‍යය බඩු බාහිරාදිය අඩුපාඩු දන්නේ හේලිකය. අවශ්‍යය කරන භාණ්ඩ පමණක් තෝරා බේරාගෙන කරත්තය තුලට දමන හේලික, මුදල් අයකැමි වෙත එන වෙලාවේදී කරත්තයේ ඇති බඩු වල මුල මුදලම සිතෙන් සාදා අවසන්ය. සැම විටම ඒ ගණන අන්තිම ඉලක්කමටම නිවැරදිය. මුදල් අයකැමිට වැරදුනත් හේලිකට කිසි දිනක ගෙවීමට ඇති මුදල නම් වරදින්නේ නම් නැත.
"අනේ මචං, එන්න කලින් බෑග් ඔක්කොම පැක් කරලා බර කිරුවෙත් මල්ලා මචං....." සනාගේ ඉකි බිඳිම විලාපයක් වෙයි.....
සනත් තම දරු පවුල ඩුබායි එයාර්පෝට් එකට ඇරලවන්න පැමිනෙන්නේ ඩුබායි සිට කිලෝ මීටර් 150 ක පමණ දුරින් ඵිටි කොර්ෆකාන් නම් නගරයේ සිටයි. ඉතාමත් හොඳින් නිම වූ හයිවේ මාරගයක යා යුතු මේ ගමන සාමාන්‍යයෙන් අප ගෙවා දමන්නේ පැ.කි.මී 140 ක පමණ වේගයකිනි. එහි අමුත්තක් නැත.
තීරණාමත්ක නිමේෂය එළබෙන විට හේලික පසු වූයේ පැජරෝ රථයේ පසු පස ආසනයේ සුව නින්දක පසු වෙමිනි. ගමන් වෙහෙස නිමවා ගන්නට තව විනාඩි කීපයකින් තේ බීම සඳහා නතර කිරීමට කිරීමට සනත් අදහස් කරගෙන සිටියේය.
තරමක ශබ්ධයක් නගමින් පසු පස ටයර පුපුරා යන්නේ ඒ මොහොතේය......වියරුවෙන් මෙන් පාරේ ඒ පැත්තට් මේ පැත්තට ඇදෙන රිය පාලනය කිරීමට සනත් මහත් වෙහෙසක් දැරීය. ඒ මොහොතේම සනත්ගේ පාලනයෙන් මිදුනු පැජරෝ රිය දකුණු පැත්තට බර වී පාරෙන් ඉවතට පැන කාන්තාර පෙදෙසට ඇදෙන්නේය. ඉන්පසු තුන් වරක් පමණ පෙරළී නතර වන විට පාරේ සිට මීටර් 100කටත් වැඩියෙන් ජීප් රිය කාන්තාරය තුලට විසිවී තිබුණි. වීදුරු සුණු විසුණු වී ගොසින්ය.
හේලිකත්, කුඩා සොයුරියත් විවර වූ දොරවල් තුලින් ඉවතට විසිවී ගොසිනි. සොයුරියන්ට කුඩා සීරීම් පමණක් වී තිබුනත් හේලික වැලි තලයේ වැතිර සිටියේ නිසොල්මන්වය......!
ඒ වන විටත් හේලික සුරඟනන් හා ගමන් අරඹා තිබුනි....!

------------------------------------------------------------

----------------------------------------------------------------------

-------------------------------
"අනේ මචං, එන්න කලින් බෑග් ඔක්කොම පැක් කරලා බර කිරුවෙත් මල්ලා මචං....." සනාගේ ඉකි බිඳිම විලාපයක් වෙයි.....
සනත් තම දරු පවුල ඩුබායි එයාර්පෝට් එකට ඇරලවන්න පැමිනෙන්නේ ඩුබායි සිට කිලෝ මීටර් 150 ක පමණ දුරින් ඵිටි කොර්ෆකාන් නම් නගරයේ සිටයි. ඉතාමත් හොඳින් නිම වූ හයිවේ මාරගයක යා යුතු මේ ගමන සාමාන්‍යයෙන් අප ගෙවා දමන්නේ පැ.කි.මී 140 ක පමණ වේගයකිනි. එහි අමුත්තක් නැත.
තීරණාමත්ක නිමේෂය එළබෙන විට හේලික පසු වූයේ පැජරෝ රථයේ පසු පස ආසනයේ සුව නින්දක පසු වෙමිනි. ගමන් වෙහෙස නිමවා ගන්නට තව විනාඩි කීපයකින් තේ බීම සඳහා නතර කිරීමට කිරීමට සනත් අදහස් කරගෙන සිටියේය.
තරමක ශබ්ධයක් නගමින් පසු පස ටයර පුපුරා යන්නේ ඒ මොහොතේය......වියරුවෙන් මෙන් පාරේ ඒ පැත්තට් මේ පැත්තට ඇදෙන රිය පාලනය කිරීමට සනත් මහත් වෙහෙසක් දැරීය. ඒ මොහොතේම සනත්ගේ පාලනයෙන් මිදුනු පැජරෝ රිය දකුණු පැත්තට බර වී පාරෙන් ඉවතට පැන කාන්තාර පෙදෙසට ඇදෙන්නේය. ඉන්පසු තුන් වරක් පමණ පෙරළී නතර වන විට පාරේ සිට මීටර් 100කටත් වැඩියෙන් ජීප් රිය කාන්තාරය තුලට විසිවී තිබුණි. වීදුරු සුණු විසුණු වී ගොසින්ය.
හේලිකත්, කුඩා සොයුරියත් විවර වූ දොරවල් තුලින් ඉවතට විසිවී ගොසිනි. සොයුරියන්ට කුඩා සීරීම් පමණක් වී තිබුනත් හේලික වැලි තලයේ වැතිර සිටියේ නිසොල්මන්වය......!
ඒ වන විටත් හේලික සුරඟනන් හා ගමන් අරඹා තිබුනි....!
පුන්චි පුතේ...
ජීවිතය නම් තණ අග පිණි බිඳුවක්...
දිලිසී සිනා සෙන හිරු එබෙන තුරු පමණක්....
නිදි දෙව් දුව තුරුලේ සිටි නුඹ....
සිහිනෙන් පැමිණි අමුත්තා නොහඳුනන්න ඇති.....
වෙළුම් පටි බැඳුනත් නුඹ හිස වටා....
දෙතොලේ තිබුනේ සියුම් මන්දාස්මිතියක්...
හරියට සිහිනෙන් සපැමිණි ඒ අමුත්තා..
.
කල සරදමට සිනා සෙන්නාක් මෙන්…
රත්තරන් හේලික පුතේ, මතු උපදිනා ජාති ජාතිත් මෙවන් අකල් වියෝවන්ට පත් නොවේවා !
ප.ළි : අද දින, මැයි 10 වනදා, මළ හිරු බසිනා යාමයේදී හේලික පුංචි පුතා දෙමවුපියන්, සොයුරියන් නෑ සිය මිතුරන් සදා සෝ සයුරේ ගිල්වා අවසන් ගමන් යයි.....!
ප.ළි : අද දින, මැයි 10 වනදා, මළ හිරු බසිනා යාමයේදී හේලික පුංචි පුතා දෙමවුපියන්, සොයුරියන් නෑ සිය මිතුරන් සදා සෝ සයුරේ ගිල්වා අවසන් ගමන් යයි.....!
අනේ දෙයියනේ :( මට ගොඩක් දුකයි අයියේ තාත්තා කොහොම දරාගන්න ඇද්ද... මුලින් කියෝගෙන එද්දී හිතුවේ යාලුවා අවුරුදු 20 කින් හම්බෙලා බොන්න ඇති සතුටු වෙන්න ඇති ඒ වගේ දේවල්,, ඒත් දෙයියනේ,, මොනා කියන්නද මට තේරෙන් නැහැ අඩනවා ඇරෙන්න,,
ReplyDeleteඒ වගේම ළමයින්ට අතට අහුවෙන ඒවලින් ගහන්න එපා අයියේ
Deleteඅපිට ඇතිවෙච්ච හැඟීම, හිස් බව වචනවල පෙරලගන්න බෑ. මේ ටික ලිව්වෙත් බොහොම අමාරුවෙන්. සනත්ටයි, පූර්ණිමාටයි අක්කලා දෙන්නටයි මේ වියෝව කොහොම දරාගන්නද ?
Deleteමේව ලියන්න එපා බං :-(
Deleteසෑහෙන්න දුක හිතෙන කතාවක්.
ReplyDeleteපුංචි පුතාට නිවන් සුව පතනවා.
60 ට 70 ට වේගෙන් යනව වගේ නෙමෙයි ඔය වගේ වේගෙකින් යනවනං අනිවාර්යෙන්ම වාහනේ තත්වය ඉතා හොඳින් පවත්වාගත යුතුයි. නැත්තං පොඩි දෙයක් උනත් ලොකු විනාශයකින් නතර වෙන්න පුලුවන්.
මෙහේ පාරවල් වල වේගෙන් යන එක අසාමාන්‍යය දෙයක් නෙමෙයි. නගරෙන් පිට ගොඩ පාරවල් වල වේග සීමාව 100 ට වැඩියි. සාමාන්‍යයෙන් හැම අවුරුද්දකටම පාරක් වාහනේ ලියාපදිංචිය අළුත් කරනකොට, ඔෆිෂල් වෙහිකල් ටෙස්ට් එකක් කරලා පාස් වෙන්න ඕනේ. ඒ ටෙස්ට් එකේදි ටයර් වල තත්වේ, බ්‍රේක් වල තත්වේ වගේ හැම සේෆ්ටි ෆීචර් එකක්ම චෙක් කරලා තමයි පාස් කරන්නේ. මොකක් හරි අවාසනාවකට සනත් වාහනේ ටයර්වල තත්වේ මේකට අහුවෙලා නෑ....!
Deleteදුමියා
ReplyDeleteසීට් බෙල්ට් දාගෙන නෙමෙයිද ඉඳල තියෙන්නෙ.ලමයි එලියට විසිවෙලා කියල තියෙන නිසයි ඇහුවෙ එහෙම? මම ඉන්න මෙල්බර්න් වලත් ලංකාවෙ පවුලක මේ වගෙ අවාසනාවන්ත සිදුවීමක් වුනා.ඒකත් පැජෙරෝ එකක්.පොඩි දුවක් පිටිපස්සෙම සීට් එකේ ඉඳල.ඔය වගේම ටයර් එකක් පුපුරලා පෙරලිලා.පිටිපස්සෙ තිබුන ලොකු කූලර් බොක්ස් එකක් වාහනේ රොල් වෙනකොට ඒ දුවගෙ ඔලුවෙ වැදිලා ඔය දේම වුනා.
මන් නම් හිතන්නේ නැහැ සිට් බෙල්ට නැතුව හිටියයි කියලා. .
Deleteඅවාසනාවකට පිටි පස්සෙ සීට් එකේ ආපු දුවල දෙන්නයි පුතයි සීට් බෙල්ට් දාගෙන නෙමෙයි ඇවිත් තියෙන්නේ. හේලික පුතා දොරට හේත්තුවෙලා නිදාගෙන ඉඳලා තියෙන්නේ මේක වෙනකොට.
Deleteමේ ගැන දුකා අයියා බුකියෙ දාපු ගමන් මම කියෙව්වා. මම එතැනදිත් කිව්වෙ මේ පියාගෙ සිතුවිලි මොන වගේද කියලා මට නම් හිතාගන්නටත් බෑ කියලා. මොනවා කියන්නද මට නම් වැටහෙන්නෙ නෑ. මේ වගේ වේදනාවක් මට නම් දරාගන්න බැරිවෙයි කියලා හිතෙනවා. මේ සිදුවීමෙන් අනෙත් දෙමාපියොත් පොඩි දුරක් ගියත් සීල් බෙල්ට් පැළදීම අනිවාර්යයි කියන තැන ඉඳියි කියලා හිතනවා. පුංචි පුතාට නිවන් සුව ලැබේවා !
ReplyDeleteඅපේ අය ගොඩක් වෙලාවට හිතා ගෙන ඉන්නේ මේ සීට් බෙල්ට් තියෙන්නේ ෆැෂන් එකට කියලා, එහෙම නැතිනම් පොලීසියට බයේ දාන්න ඕනේ එකක් කියලයි. ඒත් සීට් බෙල්ට් 95%ක්ම ජීවිත බේර ගන්නවා. මෙහේ උනත් නීතිය තියෙන්නේ ඉස්සරහා ඉන්න අය සීට් බෙල්ට් දාගෙන යායුතුමයි කිඅයලා උනාට, පිටි පස්සෙ යන අයගේ සීට් බෙල්ට් ගැන සලකා බලන්නේ නෑ.....මෙහේදි සිදුවන ගොඩක් අනතුරු වලින් ගොඩක්ම ජීවිත හානි වෙන්නේ පිටි පස්සෙ සීට් වල ට්‍රැවල් කරපු අය.....!
Deleteසෑහෙන්න දුක හිතුනා.. ඒ වගේම හිතට මොකද්දෝ අමුත්තක් දැනුනා.. ඒ රිය අනතුරෙන් අප අතරින් වෙන් වුනු හේලික ඇත්තෙන්ම හොඳම දරුවෙක් වගේ.. නැති වීම දරාගන්න අමාරු වෙන ඒකෙ පුදුමයක් නැහැ. ඒ වගේම, ගිය අවුරුද්දේ අපේ නැන්දගේ පුතෙකුත් මේ වගේ රිය අනතුරකින් නැති උන වෙලාවේ ආරංචිය ආවම හිතට දැනිච්ච අසරණකම මට තවම මතකයි..
ReplyDeleteඒ වගේම, මේ පුංචි පුතාට මතු උපදින ආත්මයකදී කිසිම විටෙක මෙවන් අකල් මරණයකට ලක් නොවී, දීර්ගායු සපිරි නිරෝගී ජීවිතයක් මා ප්‍රාර්ථනා කරනවා..
හේලික පුතා රැගෙන ආපු ආයුෂ ඉවර වෙන්නැති කියලා හිතෙනවා. ගොඩක්ම හුරතල්, හරිම ඇක්ටිව් , විසේ කාර ගොඩක් දෙනෙක්ගේ ජීවිත රසවත් මතක වලින් පුරෝපු පොඩි එකෙක් තමයි හේලික. එයාගේ නික්ම යාමෙන් හිස් වෙච්ච ජීවිත කවදාවත් ආපහු පුරවන්න ලැබෙන එකක් නෑ....!
Deleteහේලික පුතා මේ සසරේ නිවන් දකිනා යම් දිනයක් එළබෙන තුරා මෙවන් අකල් මරණයන්ට පත් නොවේවා....!
ජීවිතේ ඔහොම තමයි දුමියා. සමහරු අපේ ජීවිතේට එනවා. සමහරු යනවා. කාලයත් එක්ක හැම දුකක්මත් වියැකිලා යනවා. ජීවිතේ වගේම දුකත් අනිත්‍යයි.
ReplyDeleteලෝකේ කිසිම දරුවෙකුට මෙහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන එක තමා ඉතිරි වෙලා තියෙන්නෙ.
අපි දෙමව්පියෝ විදිහට හැම තිස්සෙම පොඩි එවුන්ගේ ආරක්ෂාව ගැන හොයලා බලනවා... ඒත් ළමයින්ට සීට් බෙල්ට් එක දාගෙන යන්න බල කරන එක වගේ පොඩි දේවල් නොසලකා හරිනවා. අපි සමහර වෙලාවට හිතනවා මේ වගේ අවසානාවන්ත දේවල් අනිත් අයට සිද්ද උනාට අපිට සිද්ද වෙන එකක් නෑ කියලා.
Deleteමොනාවා කියන්නද කියලා හිතාගන්න බැ දුමියෝ ....
ReplyDeleteපුංචි පුතාට නිවන්සුව පතනවා !!!
කියන්න කරන්න දේවල් ඉතුරු වෙලා නෑ..... පුන්චි පුතාගේ ජීවිතය ආපහු ලැබෙන්නේ නෑ.....! අපි පුළුවන් තරමින් අපේ සමීපතයන්ගේ ආරක්ෂාව ගැන සොයා බැලිය යුතුයි හැම තිස්සෙම....!
Deleteමරණය. සමහරුන්ට ඉක්මනට.. අනිත් අයට තව විඳවන්න ඉඩ දීලා.... හ්ම්...
ReplyDeleteඔව්, පුන්චි පුතා ඉතාමත් ඉක්මනටම ඉරණම් ගමන ගියා. ජීවත්ව සිටිය අය විඳෙව්වාට, හේලික පුතාට ඒ මරණය නොදැනෙන්න ඇති. සුව නින්දක හිටපු එයාට මේක හීනයකට වඩා දෙයක් නොවෙන්න ඇති.....!
Deleteඅයියෝ.. ඒ අම්මටයි තාත්තටයි දැන් පිස්සු හැදිල ඇති. මේ වගේ අකල් මරණයක් මතු උපදින කිසිඳු ආත්මයක සිදු නොවේවා. ඒ පුතාට නිවන් සුව ලැබේවා!!!
ReplyDeleteඒ අම්මටයි තාත්තටයි තියෙන දුක් ගින්දර කන්දරාව ගැන හිතා ගන්නවත් බෑ... හැම තිස්සෙම අම්මත් එක්ක දැවටි දැවටි හිටිය පොඩි පුතා නැතිව ඒ අම්මාගේ ජීවිතය ආපහු කොහොමද යතා තත්වෙට පත්වෙන්නේ..... ඒ ගොල්ලන්ගේ ජීවිත කාලෙටම මේ සිද්දිය හිතේ හිරවෙලා වේදානාවක් අරගෙන ඒවි...
Deleteසත්තරන මේ වගේ ඒවා කරුණාකර ලියන්නේ නැතිව ඉන්නවද... මොකෝ මමත් තාත්තා කෙනෙක්...
ReplyDeleteපින් අත්වෙයි උඹට....
මගේ හිතේ හිරවෙලා තිබුනු දුක් කන්දරාව අකුරු වලට හරවපු එක තමයි මචෝ මම කලේ. ඒත් ඒක මට හරියට කරන්න බැරි උනා. මේ ටික ලියද්දි බොහොම අමාරුවෙන් කඳුලු පිහිද පිහිද තමයි මේ ටිකත් අමාරුවෙන් වචන වලට හැරෙව්වේ.
Deleteඅනේ බං මේවා ලියන්ඩ එපා අපිට ගෑනු ඉස්සරහ අඩන්ඩ බැ
ReplyDeleteජීවිතයම කඳුළු ගොඩක් අටමෝ.... අඬන්න බය වෙන්න ඕනේ නෑ....!
Deleteප්‍රවෘත්තිය දැක්කා ෆෙස්බුක් පෝස්ට් එකෙන්. ඒකෙ තනිකරම තිබ්බෙ අවවාදයක්. සැලකිල්ලෙන් ගමන් යන්නත්, අලුත්වැඩියාවන් පමා නොකර සිද්ද කරන්නත් කියලා...
ReplyDeleteදැනුයි බ්ලොග් එකේ කතාව කියෙව්වේ. හරිම සංවේදීයි. ඒත් ඒ හැම දේටම වඩා, මේ වගේ සිද්ධි නවත්තන්න උබ දිපු අවවාද වටිනවා කියල හිතුනා.
ස්තුතියි.
ඔව්, හේලික පුතා සීට් බෙල්ට් එක දාගෙන හිටියනම් මේ අවාසනාවන්ත ඛේදවාචකය සිදු වෙන්නේ නෑ. ඒත් ඒ වෙනකොට අපි උනත් අපේ පොඩි උන්ට පිටි පස්සෙ සීට් එකේ යනකොට සීට් බෙල්ට් දාන්න කියලා බල කරන්නේ නෑ. ඒත් මේ ඛේදවාචකය හැමෝගේම ඇස් ඇරෙව්වා. ඒ පාඩම ගොඩක් මිල අධිකයි......!
Deleteඅපිට මෙහෙම දුකක් දැනෙනවානම්, ඒ පුංචි පුතාගේ දෙමව්පියන්ට මොනවා හිතෙනවා ඇද්ද?
ReplyDeleteමගේ ඔලුවටත් එකපාරටම ආවේ සීට් බෙල්ට් කතාව.
පුංචි පුතාට නිවන් සුව පතනවා...:'(
අපේ පොඩි උන්ගේ මූණු මැවි මැවි පේන කොට, මේ දුක අපේ හිත ඇතුලේ බෝර දානකොට, ඒ දෙමවුපියෝ දෙන්න මේක කොහොම දරාගන්නද කියලා හිතාගන්නවත් බෑ. ඒ ගොල්ලෝ මුළු ජීවිතයම විඳවයි. අපි යාළුවෝ විදිහට පුළුවන් තරම් ඒ ගොල්ලන්ව අස්වසාලන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් කොහොමද එහෙම කරන්නේ ?
Deleteගොඩක් සිත සසළ කල කතාවක්. චූටි පුතාගේ පින්තූරේ දැක්කම හුරු පුරුදු බවක් දැනෙනවා .පුංචි උනාට වගකීමෙන් වැඩ කළ දරුවෙක් දෙමාපියන්ට වගේම රටටත් අහිමි වෙලා තියෙන්නේ . මේ අවස්ථාවෙ දෙමාපියන්ගේ මානසිකත්වය කොහොම ඇතිද කියල හිතා ගන්න අමාරුයි . හිතවතුන් ඔවුන් ලඟම සිටිය යුතු අවස්ථාවක් .
ReplyDeleteජීවිතේ හරි පුදුමයි .සමහර වෙලාවට අපිට සුන්දරතම දේවල් ඉක්මනින් දීලා හරිම කුරිරු විදියට ඒ සියල්ල නැවත අරගන්නවා . චූටි පුතාට නිවන් සුව අත්වේවා !!
ඔව් පුන්චි උනාට හරිම පරිනත බවක් තිබුනා පොඩි එකාගේ. ෆුජේරා වල හාමුදුරුවරු ගෙනැල්ලා කරන ධර්ම දේශනාවල එහෙම ඉදිරියෙන්ම ඉඳගෙන පන්සිල් අරගෙන හරි හරියට හාමුදුරුවොත් එක්ක ගාථා කියන්න, හාමුදුර්වෝ ආපහු වැඩියාට පස්සෙ කාටත් කලින් ඇවිත් පැදුරු ටික අකුලලා තියන්න, කොස්සක් හොයාගෙන ඇවිල්ලා බිම පිරිසුදු කරන්න වගේ දේවල් හේලික කරන්නේ කවුරුවත් කියනකන් ඉඳලා නෙමෙයි.
Deleteදුමී..........................
ReplyDeleteඅැග හිරිවැටිලා ගියා.......... මං මොනවා කරන්නද????? ඒත් හිත වාවන්නෑ මචං.... මට පුළුවන් ඒකම දේ ඒ දරුවාට නිවන් සුව පතන ඒකයි................
ඒ වගේම නිවන් දකිනා ජාති දක්වා යන ගමනේදී මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවා කියලත් පතමු...!
Deleteඅකාලයේ පර වූ, පුංචි මල් කැකුළට නිවන් සුව ...!
ReplyDeleteදුමීගේ කටකහන් කතාවක් කියවලා හිනාවෙන්න ආපු මාව ඇඬෙව්වා ...
මෙවන් වියෝ දුක් කිසිවෙකුට නොම වේවා ...! කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද ?
සිනහව සහ කඳුල අතර ඇත්තේ හරිම පොඩි වෙනසක් විතරයි. අවුරුදු නමයක් හැමෝවම සතුටෙන් තබෞ පුතෙක්, ඒ හැමෝම කඳුලේ ගිල්වලා නික්ම ගිහිල්ලා.....!
Deleteමටත් මේක තදින්ම දැනුනා...සනත් කොහොම දරාගන්න ඇද්ද...????
ReplyDeleteමෙවැනි මරණ සුලබ රටක පුරවැසියන් වුනත් අපිත් මිනිස්සු... :(
සනත් සහ පුර්‍රණිමා මේක කොහොම දරා ගන්නද, අපිටත් දරාගන්න බැරිව ඉන්නකොට....?
Deleteඅද කාලේ මරණ අඩු මොන රටේද සුමිත් අයියේ....?
කියගන්නට වදන් නොමැත. පුතුට නිවන් සුව !!
ReplyDeleteමෙවන් මරණයක් සංසාරේ නැවතත් සිදු නොවේවා....!
Deleteඋඹට අපිව හිනස්සනවා වගේම අඬවන්නත් පුලුවනි.
ReplyDeleteනිවන් සුව ලැබේවා පුතේ!
සිනහව සහ කඳුළ අතර ලොකු වෙනසක් නෑ බස්සියේ......!
Deleteපුතුට නිවන් සුව අත්වේවා
ReplyDeleteඒ වගේම මෙවන් අකල් මරණයන් කිසිවෙකුටවත් නැවත අත් නොවේවා.....!
Deleteහරිම කණගාටු දායක සිදුවීමක් ,මම දැක්කා දුකා අයියත් බුකියේ මේ ගැන දාල තියෙනවා ඇත්තටම අපිත් හයිවේ වල යනකොට මීට වඩා පරිස්සන් වෙන්න ඕන .
ReplyDeleteහේලික පුතුට නිවන් සුව අත්වේවා ....!!!!
හයිවේ වල විතරක් නෙමෙයි මල්ලි කිලෝ මීටරයක දුරක් ගියත් අනිවාර්‍යයෙන්ම වාහනේ සීට් බෙල්ට් එක දාගෙන යන්න කියන්න හැමෝටම ඉස්සරහ සීට් එකේ හරි පිටි පස්සෙ සීට් එකේ හරි ගියත්.......
Deleteසුබ ගමන් පුතේ.
ReplyDeleteසුභ ගමන් !
Deleteහරිම සංවේදීයි.මේ වගේ ඒවා ලියන්න එපා බං.
ReplyDeleteදුක නිවාගන්න තමයි හිතේ තියෙන දේ ලියලා දැම්මේ.....!
Deleteඔකිත,කවිඳු,දුමිඳු ලගට හේලික.
ReplyDeleteහිතට වැදිච්ච පොඩිවුන් ටිකක් තමා.
පුංචි එවුන් ටික සුර ලෝකේ ඉදන් අපි දිහා බලාගෙන ඇති.
නිවන් සුව ලැබේවා
නිදහසක් ලැබුනුගමන් මේවා ලේකනගත කරන්න
කවුද නිත් පොඩි එවුන් ටික ? ඒ ගොල්ලන්ට මොකද උනේ ?
Deleterohalejeewithaya.බ්ලොග්ස්පොට්.කොම්
Deleteහේලික පුතා මේ සසරේ නිවන් දකිනා යම් දිනයක් එළබෙන තුරා මෙවන් අකල් මරණයන්ට පත් නොවේවා....!
ReplyDeleteහ්ම් :(
Deleteහේලික පුතාට නිවන් සුව ලැබේවා..... ඇස් වලට කඳුළු පිරුණා.. ඇත්තටම...
ReplyDeleteජීවිතය තණ අග පිණි බිඳුවක්මය....!
Deleteඅය්යෝ මට දැන් සති ගානක් නින්ද යන එකක් නැහැ... අහන්නවත් ලැබෙන්න එපා මේ වගේ දේවල්.... දෙමව්පියන් ගැන නම් හිතාගන්න අමාරුයි. අකල් මරණ කියන්නේ විඳවීම්. මේක ලියලා ඔබේ හිතේ බර අඩු උනා නම් හොඳයි , ඒ උනාට මගේ හිතේ බර දසදහස් ගානකින් වැඩි උනා. හතුරෙකුටවත් වෙන්න එපා..
ReplyDeleteමෙච්චර නීති රීති මෙහෙ තිබිලත් මෙහෙම දෙයක් වෙච්ච එක කොල්ලගේ අවාසනාව, හේලික පුතාට නිවන් සුව ලැබේවා....
ReplyDeleteකියාගන්න වචන නෑ..අපිට මේ විදිහට වේදනාවක් දැනෙනවානම් මේ තාත්ත කොහොම ඉවසන්නද?
ReplyDeleteවාහන පදින එක එපාම උනා.. අපි හැමතිස්සෙම හිතන්නේ අපිට මෙහෙම අනතුරක් වෙන එකක් නෑ කියලනේ. අනේ අපහු වරෙන් පුතේ කොහොමහරි..
ReplyDeleteඅඩු වයසෙන් මැරෙන්නේ නිවනට ලඟ වුනාමලු.
ReplyDeleteචූටි පුතාට නිවන්සුව.
නිතරම ටයර් ගැන පරීක්ෂාවෙන් ඉන්නත් ..... සිට බෙල්ට් පලදින්නත් මේකම අපිට පුර්වාදර්ශයක් .... පුතාට නිවන් සුව පතමු
ReplyDeleteමේවගේ දෙයක් සතුරෙකුටවත් නොවේවා.
ReplyDeleteමම මේ ලිපිය මුලින් කියවනකොට මේ ලියන උඹව දන්නෙ නැහැ හැබැයි මේ කතන්දරයෙන් පස්සෙ ළඟ කඩේකට ගියත් වාහනයක නම් සීට් බෙල්ට් දාගෙන තමයි. පිටිපස්සේ යන කිසිම සීට් බෙල්ට් නොදා එක්කගෙන යන්නෙත් නැහැ :(
ReplyDelete