කට කහන වයිෆ් කතා
Posted by
මේ කතාව මේ ඊයේ පෙරේදා දවසක අපේ ඔෆිස් එකේදි වෙච්චි කතාවක්. මේක උණු උණුවෙම ඉස්සෙල්ලාම දැම්මේ නම් ඔන්න මූනු පොතේ. ඒත් ඉතින් මේ බ්ලොග් එකකුත් වේලි වේලි තියෙන වෙලේ ඔන්න ඔහේ කමක් නෑ කියලා මේක බ්ලොග් එකේම ලියලා දාන්න කියලා හිතුවා ඒ කතාවෙම පොඩි එක්ස්ටෙන්ෂන් එකකුත් එක්කම.
ඔන්න ඉතින් කතාව යන්නේ මෙන්න මෙහෙම.
මගේ ඔෆිස් එකේ ඉන්දියන් යාළුවෙක් ඉන්නවා ශුබ්රත් ෂෙට්ටි කියලා. කෑම බීම ගැන හරිම සැලකිලිමත් හාදයා. තෙල් කෑම, සීනි වැඩියෙන් තියෙන කෑම වගේ දේවල් කන්නෙම නෑ. කොටින්ම කඩෙන් කනවා කියන එක තරම් මිනිහට එපා කරපු වෙන දෙයක් නෑ. ඒක නිසා පොර වරද්දන්නේ නැතිවම හැමදාම ගෙදරින් කෑම ගේනවා. මොකද ඔය කඩ කෑම ඇඟට හරිම අගුණයි, ඔය මස් ජාති එහෙම ෆ්‍රෙෂ් නෑ කියලා තමයි ඌ කියන්නේ. මෙන්න බොලේ දැන් දවස් දෙක තුනක විතර ඉඳන් මෙන්න මූ අපේ ඔෆිස් එක පල්ලෙහා තියෙන ෆුඩ් කෝට් එකෙන් කනවා. ඔන්න ඉතින් මමත් අහලා බැළුවා මොකක්ද මූට මේ හිටපු ගමන් හැදිච්ච ගිරහ මාරුව කියලා. අනේ ඉතින් මෙන්න මූ කියනවා වයිෆ් දවස් දෙකක් තිස්සේ ඌත් එක්ක තරහා වෙලා කියලා. තරහ වෙච්ච හේතුව මොකක්ද කියලා දැන ගත්ත ගමන් මේක නොලියන කට කහන කතා බ්ලොග් එක මොකටද කියලත් හිතුනා.
කොහොමින් කොහොමහරි ඔන්න ඉතින් තරහා වෙලා තියෙන්නේ ඊට කලින් දවසේ රෑ හදපු චපාපති වල ප්‍රශ්නයක් නිසා. ශෙට්ටියගේ වයිෆ් අතින් චපාති වලට ලුණු වැඩි වෙලා හොඳටම. ශෙට්ටියා ගෙදර ඇවිත් රෑ කන්න හදනකොට චපාති කටේ තියන්නවත් බැහැල්ලු. චපාති කන්න මිසක් හදන්න දන්නේ නැති ශෙට්ටියා මොකද කරල තියෙන්නේ වචනයක් වත් කියන්නේ නැතිව අහල පහල කඩේකින් චපාති ඕර්ඩර් කරලා ගෙදර හැමෝම එක්ක කාලා.
ඔන්න රෑ නිදිය ගන්න යන්න හදනකොට වයිෆ් ඉන්නවලු බුම්මගෙන, වචනයක්වත් කතා කරන්නේ නැතිව. අනේ ඉතින් මූ ඇහුවලු ඇයි ඔයා ඔය අප්සෙට් එකෙන් ඉන්නේ කියලා. ඔන්න ඒ පාර වයිෆ් කියනවලු,
"ඔයා දැන් හරියට වෙනස් වෙලා, ඉස්සර වගේ නෙමෙයි. වෙනදට චපාති වලට මෙහෙම උනානම් ඔයා ගෙදර මහ ගෝරියක් දානවා. මට පැය ගාණක් බනිනවා. දැන් ඔයා එහෙම කරන්නේ නෑ...... ඔයා හරියට වෙනස් වෙලා......."
එහෙම කියලා ගෑනි ඌත් එක්ක තරහා වෙලා චපාති වලට ලුණු වැඩි වෙච්ච එකට එයාට බැන්නේ නෑ කියලා.
ඔන්න ඕකයි ශෙට්ටියට දවස් ගාණක් කඩෙන් කන්න සිද්ද වෙච්චි හේතුව........
අර කතාවක් තියෙනවනේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ඕනේ නම් බිරිඳට අසීමිතව ආදරේ කරන්න හැබැයි ඇයව පොඩ්ඩක්වත් තේරුම් ගන්න යන්න එපා එතකොට පිස්සු හැදෙයි කියලා.....
ඉතින් කතාව ඔහොම යන අතරේ මම ශෙට්ටියගෙන් ඇහුවා මීට කලිනුත් උඹේ වයිෆ් ඔහොම දවස් ගාණක් තරහා වෙලා උඹට කඩෙන් කන්න සිද්ද වෙලා තියෙනවද කියලා. ඔන්න ඒ පාර ශෙට්ටියා කියනව අපොයි ඔව්, මේ වගේ ඕන තරම් වෙලා තියෙනවා. අන්තිම පාරට උනේ දැනට මාසෙකට විතර කලින්. එදා මොකක් හරි පොඩි හේතුවකට මම ගෙදර යන වෙලාවේ අපේ අනීට (ශෙට්ටිගේ වයිෆ්ගේ නම අනීටා ) කේන්ති ගිහිල්ල හිටියේ. ගෙදර ගිය ගමන් මාත් එක්ක රණ්ඩුවකට පැටලුනා. ඉතින් ඔහොම මට බැන බැන ඉන්න කොට අනීටා කිව්වා, "ශුබ්රත් ඔයාව බඳින කාලේ මම හරිම මෝඩ කෙල්ලෙක්" කියලා, අනේ ඉතින් මමත් කිව්වා, "අනේ ඒක තමයි අනීටා, මටත් ඒක ඒ දවස්වල පෙනුනේ නෑනේ, මොකද මම ආදරෙන් අන්ධ වෙලා හිටපු නිසා ඔයා මෝඩයි කියලා මට තේරුනේ නෑ...." ඔන්න ඉතින් ඔය කතාවට මම දවස් හතරක් කඩෙන් කෑවා.....
ඔන්න ඉතින් ඒ කතාවෙන් කියවෙන්නේ කවදාවත් වයිෆ් කෙනෙක් තමන් ගැන කියන කමෙන්ට් වලට හූ මිටි තියලා කන්ෆර්ම් කරන්න යන්න එපා කියලයි.
ඔෆිස් එකේ ලන්ච් රූම් එකේ මේ කතාව වෙනකොට ඔන්න අපිත් එක්ක වැඩ කරන ඉමාද් කියන එමරාටි ඔටුවෙක් (මෙහේ ලෝකල් අරාබියන්ට කියන්නේ එමරාටීස් කියලා ) කතාවට සෙට් උනා. ඉමාද්ට අවුරුදු 36ක් විතර උනාට මේ වෙනකොට ඌට වයිෆ්ලා තුන් දෙනෙක් ඉන්නවා. ඌ ඉඳන් කියනවා, "උඹලට නම් හොඳයි, ඒත් අපි කසාද බැඳල ඇඳට යනකන් හරියට වයිෆ්ව අඳුනන්නේ නෑ...." ( මොකද උන්ගේ කසාද බැඳිල්ල ගොඩක් වෙලාවට සෙට් කරන්නේ පවුලේ වැඩි හිටියෝ. බඳිනකම් හරියට ගෑනිත් එක්ක කතා බස් කරන්නවත් හම්බවෙන්නේ නෑ. මගුල් දවසෙත් පොඩි වෙලාවකට විතරයි හරියට ගෑණිව දකින්නේ. )
ඔන්න ඒ පාර ශෙට්ටියා ඉඳන් කියනවා, "මොන පිස්සුද ඉමාද්, අපේ කියලත් ඕකේ ලොකු වෙනසක් නෑ. දැන් බලන්න මම අපේ අනී එක්ක යාළුවුනේ කොලේජ් යන කාලේ (මෙහේ කොලේජ් කියන්නේ විශ්වවිද්‍යාලෙට ). බඳින්න කලින් අවුරුදු 6ක් ආදරේ කලා. බැඳලා දැනට අවුරුදු 10ක් වෙනවා. ඒත් තාම මම අනීව අඳුනන්නේ නෑනේ...., උඹ නම් උඹේ ගෑණුන්ව පළවෙනි දවසෙම ඇඳේදිම අඳුනගත්තා......" කියලා.
ඔන්න ඒපාර ඉමාද් බුවත් තත්පර කීපයක් කල්පනා කරන්න පටන් ගත්තා. දැන් නම් ඌටත් ෂුවර් නෑ වගේ ඌ ඇත්තටම උගේ ගෑණු තුන්දෙනාව අඳුනනවද කියලා.
ඒ අතරේ ඔන්න මම ඇහුවා ඉමාද් ගෙන් ශෙට්ටිට වගේ උඹට කඩෙන් කන්න වෙලා නැද්ද කියලා. ඒ පාර ඌ කියනවා මම විතරක් නෙමෙයි බන්, ගෙවල්වල ඉන්න ගෑණු තුන්දෙනත් කන්නේ කඩෙන් කියලා.......
අනේ ඉතින් මෙහෙමත් ඔටුවෝ, ගෑණු තුන් දෙනෙක් ඉඳලත් කන්නෙ කඩෙන්. ඒකට මුන් ලංකාව වගේ රටකින් වැඩට ගෑණු ගෙන්න ගත්තම ගෙදරින් විතරක් නෙමෙයි උන්වත් මරාගෙන කනවා. (එහෙම කිව්වට ඇත්තටම ඔරොජිනල් එමරාටි ඔටුවෝ හරි කරුණාවන්තයි. එහෙමත් එකෙක් තමයි නසරාණියෝ ඉන්නේ.)
"හැබැයි මගේ වයිෆ්ලා නිසා මම දවස් තුනක් කාර් එකේ නම් නිදාගෙන තියෙනවා....." මෙන්න ඔටුවා කියපි,
ඔන්න ඉතින් ඒ කතාවත් ඇහුවේ නැත්නම් හිතට හරි නෑ නෑ වගේ නිසා, අපේ පෙරෙත්තය නිසාම ඌ කතාව කියන්න පටන් ගත්හා...
ඌ කියන විදිහට උන්ගේ ආගමේ ගෑණු හතරක් වෙනකන් බඳින්න පුළුවන් උනාට ගෑණු ඔක්කොමට එකම විදිහට සලකන්නත් ඕනෙලු. ගෑණුන්ට ඉන්න වෙන වෙනම ගෙවල් අරගෙනත් දෙන්න ඕනේලු. ඒක නම් ඉතින් මෙහේ එච්චර අවුලක් නෑ මොකද කසාද බඳිනකොට මෙහෙ ආණ්ඩුවෙන්ම ගෑණිට දෑවැද්දයි, ඉන්න හිටින්න ගෙයකුයි හම්බ වෙනවා.
කොහොමෙන් කොහොම හරි මේ ලඟදි ඉමාද්ගේ තාත්තගේ 70වෙනි උපන්දිනේට ලොකු උත්සවයක් තිබිලා තියෙනවා. අනේ අපේ ඉමාදුත් මොකද කරලා තියෙන්නේ වයිෆ්ලා තුන් දෙනාටම එකම විදිහට සලකන්න කියලා තියෙන නිසා නිසා එකම පාටින්, එක වගේ ගවුම් තුනක් ඒ ගොල්ලන්ට ගෙනැල්ලා දීලා. ඔය අරාබි ගෑණු "අබායා" එක , ඒ කියන්නේ අර කලු ලෝගුව පොරවගෙන පාරේ ගියාට අබායා එකට යටින් ලස්සන ලස්සන ඇඳුම් අඳිනවා, ඒ වගේම පවුලේ ඥාතීන් ලඟදි , ගෙවල් ඇතුලේ ඉන්නේ අබායා එක ගලවලා.
ඔන්න ඉමාද් වයිෆ්ලා තුන් දෙනාවත් උගේ වාහනේ දාගෙන තාත්තගේ ගෙදර ඇවිල්ලා, ගෙදරට ගොඩ වෙලා වයිෆ්ලා අබායා එක ගලවන්න ගත්තාම තමයි ගිණි විජ්ජුම්බරේ පත්තු වෙලා තියෙන්නේ. තුන් දෙනාම ඇඳලා ඉන්නේ එකම ගවුම. අනේ අපේ ඉමාද් හිතලා තියෙන්නේ එකම වගේ ගවුම් කියලා දැන් ගත්තාම වයිෆ්ලා තුන් දෙනා හිනාවෙලා, අත් අල්ලගෙන උඩ පැනගෙන සිංදුවකුත් කියාගෙන ඇවිත් ඉමාද්ට උම්මා එක ගානේ දෙයි කියලයි. අනේ ඒ උනාට මොකද වෙලා තියෙන්නේ පොර කිකිළියෝ වගේ වයිෆ්ලා තුන් දෙනා එකාට එකා පුප්ප පුප්ප ආපහු අබායා එක ඇඳගෙන, තුන් දෙනාම ආපහු තම තමන්ගේ ගෙදර ගිහිල්ලා. අනේ එදා ඉඳන් දවස් තුනක් යනකන් එක ගෑණියෙක්වත් ඉමාද්ව ගෙට අරගෙන නෑ. ඌ රෑට නිදාගෙන තියෙන්නේ කාර් එකේ. වයිෆ්ලට තෑගි දිලා ඒ පින ඉම්මාද්ට පළ දුන්නේ ඔන්න එහෙමයි.
ඔන්න ඉතින් අපි ඇහුවා ඔහොම කරලත් උඹට කේන්ති ගියේ එහෙම නැද්ද කියලා ?
ඒ පාර ඌ කියනවා,’
"මොකද කේන්ති ගියේ නැත්තේ, මම ඉන්නේ වයිෆ්ලට අමතක නොවන පාඩමක් උගන්වන්න…..මම තව මාසෙකින් හතරවෙනි කසාදේ කරගන්නවා...."
ඒක අහපු ගමන් අපිට විනාඩි දෙක තුනක් යනකන් හිනාව නවත්ත ගන්න බැරි උනා.
"ඒ කියන්නේ, එතකොට උඹ පාඩමක් උගන්වන්න යන්නේ උඹේ ගෑණු තුන් දෙනාටද, නැත්නම් උඹටමද ?" යන්තන් හිනාව නවත්තගෙන මම ඇහුවා.......
"ඇයි උඹ එහෙම කියන්නේ....?" ඉමාද් අහනවා
“දැන් උඹට ඕක උනේ, වයිෆ්ලා තුන් දෙනෙක්ට ගවුම් තුනක් අරගෙන දෙන්න ගිහිල්ලා. දැන් උඹ ආපහු බැන්දොත් උඹට එක වගේ ගවුම් හතරක්ම ගන්න වෙනවා......, ඒ වගේද, දැනට උඹට නැන්දම්මලම තුන් දෙනෙක් ඉන්නවා, දැන් උඹ ඒක හතරක් කරගන්න යනවා.....”
ඒක කියපු ගමන් ඉමාද් බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා. ඊට පස්සෙ ඌ කියනවා, "නැන්දම්මලා තුනක් ? මට දැනටමත් නැන්දම්මලා දොළොස් දෙනෙක් ඉන්නවා. ලබන මාසේ බැන්දම, නැන්දම්මලා දාසය දෙනෙක් වෙනවා....."
"ඈහ්.....?" අපේ ඇස් උඩ ගියේ ඉබේටම......
"ඇයි, බං මගේ වයිෆ්ලාගේ තාත්තලාටත් ගෑනු හතර දෙනා ගානේ ඉන්නවා. ලබන මාසේ බඳින්න ඉන්න එක්කෙනාගේ තාත්තටත් ගෑනු හතර දෙනයි. ඉතින් එතකොට මට නැන්දම්මලා දාසය දෙනයි......" ඌ ඇඟට පතා ගෑවී නොගෑවි කියවනවා.
ඒක අහපු මගේ ඔළුව කැරකෙන්න වගේ ආපු නිසා ලන්ච් රූම් එකේ ටේබල් එකක මම ඔළුව තියාගෙන විනාඩි ගාණක් එහෙම්මම හිටියා.
ඔළුව උස්සලා බලනකොට ශෙට්ටියා කෑම කනවා. කඩෙන් නෙමෙයි. වෙනදා වගේම ගෙදරින් ගෙනැල්ලා.
"ආහ්...උඹේ ප්‍රශ්නේ හරිද දැන්....වයිෆ් ෂේප්ද ?" මම ඇහුවා....
"ඔව්, මම සොරි කියලා ෂේප් කරගත්තා...." ශෙට්ටියා කියනවා.
"සොරි විතරක් කියලා ඇති උනාද ?" මම අතුරු ප්‍රශ්නයක් ඇහුවා.....
"නෑ නෑ...මම සොරි කියලා, එදා චපාති වලා ලුණු වැඩිවෙච්ච එකේ වැරැද්ද මම බාර අරගෙන, ඒකටත් සොරි කිව්වා....." ශෙට්ටියා කියනවා.......
මම ඒ පාර රිදෙන්නම ඔළුව මේසේ ගහගත්තා.......!

බැන්නෙ නැති වුනහමත් කඩෙන් කන්න වෙනව කියල දැන්වත් දැනගත්ත එක හොඳයි... ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් බැන්නයි කියමුකො.. එතකොට ඔයා මට ආදරේ නෑ පොඩි දේටත් බනිනව කියල තරහ වුනොත් මක්කෙයි කරන්නෙ?....
ReplyDeleteහස්බන්ඩෙක් උනාම, මග හිටියොත් තා නසියි, ගෙදර ගියත් තා නසියි ...
Deleteබුකියේ ඉන්නවද ? අපිවත් add කර ගන්න .....
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
පට්ට යකෝ. හිනා කාල මැරුනා !
ReplyDeleteපට්ට යකෝ. හිනා කාල මැරුනා !
ReplyDeleteමැරෙන්ඩ නම් එපෝ....!
Deleteමේවා බලලාවත් අපේ පිරිමි හැදෙයි කියලා හිතනවා...:D :D
ReplyDelete//අපේ පිරිමි// අනේ මන්දා...........
Deleteඅපේ පිරිමි x 2 ?
Deleteහැදෙයි හැදෙයි !!!!
:D
ReplyDelete:D
Deleteමටත් යාලුවෙක් කිව්ව
ReplyDeleteගෑනු දෙන්නෙක් හිටියම දෙන්න කොටාගන්නවලු
ඊට වඩා ඉරට්ටෙ ගානක් හිටියම දෙකට බෙදිල මරාගන්නවලු
තුන්දෙනෙක් හෝ වැඩි ඔත්තෙ සංඛ්‍යාවක් හිටියම එක්කෙනෙක් පැත්තකට වෙලා ඉන්නවලු, ඉතුරු උංගෙං බාගයක් එ් පැත්තකට වෙලා ඉන්න එකිගෙ පැත්තට කතාකරනවලු, අනිත් බාගෙ එ්කිව කන්න හදනවලු
ඔත්තේ උනාම ඔත්තියො ටික මිනිහ කන්න හදනව
Deleteතනියෙන් ඉන්න තරමට ඔඳයි කියන්නේ එකනේ අලියෝ !
Deleteදුමි අයියා.. මාරු කතා ටික.. අර කවුද කිව්ව වගේ උන් වැරද්දක් කලාමත් බැනල ඉවරවෙලා ඒකට නාහෙන් අඬනකොට අන්තිමට අපිම වැරදිකාරයො වෙලා ශේප් කරගන්න වෙනවා.අන්තිමට ලුණු දාල තියෙන්නෙ අපි.
ReplyDeleteමම දවසක් එකෙක්ට කිව්ව තනිකඩ කාලෙ අපි ගාව මොකක් නමුත් ප්‍රශ්නයක් තිබ්බම අපිව සනසන්න , ඔලුව අතගාන්න කවුරුත් නෑ හැබැයි බැන්දම අපිගාව ඉඳගෙන අපිව සනසන්න ඔලුව අතගාන්න ගෑනියෙක් ඉන්නව කියල. හැබැයි කල්පනා කරලා බැලුවම තනිකඩ කාලෙ ප්‍රශ්න තිබිල නෑ... බැන්දම තමයි ප්‍රශ්ණ.. ප්‍රශ්ණ ඇතිකරන කෙනාම අන්තිමට ඔලුව අතගානව... අරූ කිව්ව ජීවිතේට බඳින්නේ නෑ මෙහෙමම ඉන්නව කියල..
මචං කොහොම හරි උෟට අදහස වෙනස් වෙන්න නොදී පරිස්සමට බලාගනිං හාෙදේ.......
Deleteඒක නම් ඇත්ත අප්පා, තනිකඩ කාලේ මතක් වෙනකොට තනි ඇහැට ඇඬිලා අනිත් ඇහැටත් ඇඬෙනවා......!
Deleteඑල කිරි කතා ටික.. හෙහ් හෙහ්....
ReplyDeleteකතාවේ ආදර්ශය : ශ්‍රී ලංකාවත් අරාබි රටක් මෙන් විය යුතු යැ.
දුමී අයියා ආයෙ ප්ලේන් එකේ ගියේ නැතෙයි??
ජයවේවා..!!
ප්ලේන් එකේ නම් ඉතින් අවුරුද්දට කීප සැරයක් නම් යන්න වෙනවනේ.....!
Deleteදුමියෝ............... කතාවනං පට්ටය... අපි ඉතින් අත්දෙකම උස්සලා අෑ.....
ReplyDeleteතැන් කූ තැන් කූ...... මෙන්න මේ කතාව කියවලා නැද්ද ? අපි ඔක්කොම එක බෝට්ටුවේ !
Deleteපවුල් ජීවිතේ
ඒ අතින් දුමී අයියගේ දුමී අක්කා...දාහකින් හොයා ගන්න බැහැ. ඒකනේ මේවා අහල අයියට ඔළුව ගහගෙන ගහගෙන යන්න හිතුනේ.....හැබැයි දුමී අයියගේ නැන්දම්ම නම් සැර පාටයි හෙහේ
ReplyDeleteඒක නම් ඇත්ත නංගි, අපේ ගම හාමිනේව තෝර ගත්තේ කෙල්ලො 1000ක් ගණන් කරලා 1001 වෙනියා.....!
Deleteමාරු කතාටික.
ReplyDeleteතැන්කු !
Deleteගෑනු හතරක්..මට මේ ගෑනු හතරකට කෝල් කරන්නත් කම්මැලියි... එකම කවිය ලියලා හතරට එස් එම් එස් කලාඉස්සර.. දැන් ඒමත් බෑ.. සික් කෝල් කිරීම තමයි එපාම වැඩේ..
ReplyDeleteඊට වඩා ගෑනු හතරකට රී ලෝඩ් දාන්න ගියාම ? මට අපේ ගම හාමිනේගේ ෆෝන් එකේට ක්‍රෙඩිට් දාලම එපා වෙලා !
Deleteඔව් බං අය්යේ. මුල් කාලේ 200, 300 රිලෝඩ් දැම්මට දනන්ම් ඉතින් ළමයි තුන් දෙනෙක් හම්බවෙලා රීලෝඩ් වෙන්නෙම නෑ වගේ :D
Deleteහප්පේ...මාස හයකට විතර පස්සෙ මේ ඇවිත් ඉන්නෙ රස සාගරේ. අම්මපා අර නැන්දම්මලාගෙ කතාව ඇහුවම තමා පිස්සු හැදිලා සනීප වෙන්නෙ.
ReplyDeleteදැන් දුමියා කඩෙන් කන හැටි ගැන කවුද ලියන්නේ බලමු.
දුමිය හැමදාම කඩෙන් තමයිලු කන්නෙ. නිදාගන්නෙත් කාර් එකේලු.
Deleteගෝලාකාර ලෝකේ මෙහෙම දේවල් වෙනවා තමයි ඉතින්...... අපිත් ඉතින් ඔය මාසෙන් බාගෙට බාගයක් කඩෙන් තමයි කන්නේ........!
Deleteබුහ හහ හාහ් හඃ..වෙලාවට අරාබිය පැත්තේ ඉපදුනේ නැත්තේ.. නැත්නම් හතර ගුණයක් ප්‍රශ්ණ නේ.. මේවා මාසෙකට එකක් දෙකක්වත් නොකියවෙන කට කහන කතා බ්ලොග් එක මොකටද කියලා කියපන්..
ReplyDeleteමේගේ ඉතින් ඉපදුන්නටත් එච්චර අහවල් එකක් නෑ..... මොකද මුන්ගේ මේ බරෙන් වැඩි හරියක් ආණ්ඩුවෙන්ම අදින නිසා.....! අපේ රටවල් වල ඉතින් මිනිස්සුනේ ආණ්ඩුව අදින්නේ !
Deletehttp://nelumyaya.com/?p=4887
ReplyDeleteතැන්කූ !
Deleteපට්ට හිනා කාල මැරුනා !
ReplyDeleteහිනා කෑවට නම් කමක් නෑ ඕන්, මැරෙන්න එහෙම ලෑස්ති වෙන්න එපා !
Deleteනියම කතා ටික. සුපර්මාකට් වල කිරි තියෙද්දි එලදෙන්නු ගන්න එකේ ආදීනව.හැක්
ReplyDeleteඑහ්හෙනං, අනේද කියන්නේ ?
Deleteමල ගිනි විජ්ජුම්බරයක්නෙ
ReplyDeleteඒක නේන්නම් !
Deleteයකෝ නැන්දම්ම කේස් එකනං හරිම භයානක ප්‍රශ්නයක් තමයි.
ReplyDeleteමොනව උනත් හිනා කන්න පුලුවං කතා ටික.
නැන්දම්මලගේ කේස් ඉතින් ලෝකේ කොහෙත් එකයි !
Deleteසමස්ථ කාන්තා සංහතියටම විරුද්ධව,දැවැන්ත ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව මෙම ලිපියෙන් පෙනී යයි
ReplyDeleteඅරාබි වසන්තය දෙක!
Deleteඅප්පද බොල , අපි පිරිමි විඳින දුක කාටවත් පේන්නේ නැති හැටි හැබෑටම !
Deleteඋඹට කතා නැතුව කියලයැ. මාසෙකට එකක්වත් දාපංකො බං.
ReplyDeleteඅන්න කතාව... දාපිය
Deleteඔව් බං, කතා නම් තියෙනවා, වෙලාවක් කලාවක් නැති එකනේ පුරස්නේ..... ඔන්න ඔහේ කියලා සෙකට්‍රි කෙනෙක්වහ් ගත්තනම් කියවන විට ලියා ගන්න තිබ්බා......!
Deleteඔච්චර ගෑණු කොහෙන්ද එමිරාටි රටේ?
ReplyDeleteළමයි කියා ලැබෙන්නේ කෙල්ලන් විතරද?
මේ කියන තරම් වයිෆරේලා සහ නැන්දම්මලා ඉන්නවා කියන්නේ 80%ක්ම ගෑණු නේ?
මුන්ට එමරාටි වෙන්න ඕනේම කියල නෑ, අහල පහල අරාබි රටවල් වලිනුත් මුන් කසාද බඳිනවා, විශේශයෙන් ඕමාන්, ඉරාන්, සවුදි, යේමන් වගේ රටවල් වලින්.....
Deleteමචන් මේ උඹ දන්න එක රටක් හරි තියෙනවද කාන්තාවන්ට කිහිපදෙනෙක් එක්ක ආවාහ වෙන්න පුළුවන්. ඇයි යකෝ මේක හරි වැඩක්නේ හැමවෙලේම පිරිමි විතරයි හතරක් පහක් හරි ගන්නේ. අසාධාරණ ලෝකේ. ඒ කමක් නෑ කියමුකෝ එකෙක් මදිවෙලා දහයක් අරගෙනත් මුන්ට තව හිතටත් හරි නෑ අයිතිවාසිකම් අඩුයිලු. මම නම් කාර් එකේවත් නිදාගන්න ඉඩ තියන්නේ නෑ වැලි කාන්තාරෙ තමයි... හුහ්.... අපි සැරයි... ;)
ReplyDeleteහරි බං, උඹ ඉතින් බැඳ ගනින්කෝ..... අපිට මොකෝ ? :P
Deleteඅඩෝ මේ උඹ්ට වෙච්චි ඇත්තම ඒව කියල මම කාටවත්ම කිව්වෙ නෑ හරී.
ReplyDeleteමම මේ ලඟදි දැක්ක කවුද කියල තීනව, එක ගෑණියෙක් ගත්තම එයා මිනිහ එක්ක රණ්ඩු කරනවය, දෙන්නෙක් ගත්තම උන් දෙන්න මිනිහ වෙනුන්වෙන් රණ්ඩු කරගන්නවය කියල. මාත් මේ දෙන්නෙක් ගන්න පුළුවන්ද කියල බැලුවෙ මෙහෙ ඉන්න අතරෙ.
මේ මේ, උඹ ඔය අනන් මනන් ට්‍රයි කරන්න නැතිව හිටහන්..... උඹව ඇක්සිඩන්ට් වෝඩ් අරගෙන යන්න වෙන්නෙත් මේ අහල පහල ඉන්න මටමනේ !
Deleteඑකක් මදිවට හතරක්...ඒ කියන්නේ මේ තියන කරදර හතරගුනෙකින් වැඩි වෙනවා කියන එකයි.. බුදු අම්මෝ ජීවත්වෙලා පලක් තියේවිද ... සමහර යුරෝපීය ජාතිකයින් නම් ඕකට කියන්නේ වෙනම කතාවක් බන්.. උන් කියන්නේ කඩේ මෙච්චර කිරි තියෙද්දී හරක් කන්න බොන්න දීල ගෙනල්ල ගෙදර ගැටගහගන්නේ පිස්සුවටද කියලයි..
ReplyDeleteමුන්ට තෙල් දුන්නට මොලේ දීලා නෑ කියන්නේ ඕකනේ !
Deleteදුමියටත් මාර වැඩ නේ වෙන්නේ... මාර මෙව්වා එකක් ඇති වෙනවා උඹ ගැන..
ReplyDeleteඅපි වෙනුවෙන් එහෙම මෙව්වා එකක් ඇති වෙන උන් ඉන්නවා දකිනකොටත් අපිට මෙව්වා එකක් ඇති වෙනවා...........!
Deleteලොවෙත් ලොල් සහගතයි ඈ...
ReplyDeleteහිහි
අනේද කියන්නේ !
Deleteගැනු කියන්නේ මහම මහා අන්ඤකොරොස් ජාතියක් අප්පා..එහෙම කියල උන් නැතුව ඉන්නත් බෑ අපිට..
ReplyDeleteලවු කරන්න පටන් අරන් ටික දවසක් යනකොට කෑගහනවා දවස තිස්සෙම කෝල් කරන්න එපා මැට්ටෝ වැඩ තියෙනවා ඔෆිස් එකේ උන් හිතෛ පිස්සෝ කියල බ්ලා බ්ලා...(දවල් දවසට මම 4න් වැඩිය පාවිච්චි කරන්නේ නැති නිසා ඔය ප්‍රශ්නේ ටිකක් අඩුයි) ඊළගට තව මාසයක් දෙකක් ගිහින් කෑගහනවා ඔයා මට ආදරේ නෑ රෑට විතරයි කතා කරන්නේ මමත් කෙල්ලෙක් මමත් අසයි මගේ කොල්ල හැමතිස්සෙම මට කතාකරනවානම් කියල..
ඒ වෙලාවට තමා ඔලුව හප්පගෙන අයිත් හප්පගන්න හිතෙන්නේ
මෙන්න මේකත් කියවලා බලන්නකෝ එහෙනම්.......!
Deletehttp://dhumee.blogspot.ae/2010/10/blog-post_21.html
හප්පා ගෑනු නම්.. ඕකනේ අපි තවම සිංගල් ඉන්නේ.. ඔය ප්‍රශ්න මුකුත් නෑ, අහක යන ලෙඩ ඇඟට එන්නෙත් නෑ, නොකරපු දේවල් වලට වඳින්න ඕනෙත් නෑ..
ReplyDeleteඅර ඉතින් ජිප්සීස්ලගේ සින්ද්හුවක් තියෙන්නේ....
Deleteගෑණු නැතුවත් බෑ ජොලියක් නෑ ජීවිතේ, එයාලා හිටියත් මේ අපට තමයි කරදරේ කියලා......!
මට වෙලා තියෙන්නේ මේකේ අනිත් පැත්ත. මම බැදගෙන තියෙන්නේ ගැනියෙක් හැසිරෙන මිනිහෙක්ව. මේ කියල තියන විදියේ හස්බන්ඩ් ගේ role කරන්නේ මම.
ReplyDeleteඒ කියන්නේ හැම ගෑණියෙක්ගෙම තියෙන හීනේ චූටි සැබෑ කරගෙන කියන එකනේ !
Deleteහම්මේ! හිනාව පිට දාන්නෙ නැතුව හිර කරන් ඉඳලා මගෙ බඩත් රිදෙනවා. අර නැන්දම්මලා දාසයේ කතාව තමයි පට්ට.
ReplyDeleteඅනේ දුමී යලට මහට නොලියා මේ වගේ කතා නිතර නිතර දාන්ටකෝ.
අනේ මේ උඹලා නම් කියයි, කියවන කොට ලියන එක්කෙනෙ මම මේ හොයමින් ඉන්න ගමන්........!
Deleteබස්සියෝ, හිනා තද කරනගෙන ඉඳල ඕවා ඉස්පොල්ලේ ගිහිල්ලා කිඩ්නි අමාරු එහෙම හඩාගන්න එපා ඕං....!
අන්තිම වාක්‍ය තමයි දුමීයො සිරාම... ඒ වෙනකල් හිනා වෙන්නැතුව කියෙව්වා. ඒ වාක්‍යට නං හිනාව බකස් ගාල පැන්න එළියට.
ReplyDeleteඉඳ හිට ලිව්වත් ඇති මේ වගේ ලියනවනං...
ඩ්‍රැකී, අන්තිම වාක්‍යයට මට කලන්තේ හැදුනේ ලෝකේ කසාද බැඳපු ඔක්කොම පිරිමින්ට තියෙන්නෙත් මට තියෙන ප්‍රශ්න ටිකම නේදෝ කියලා.......!
Deletehinaa unaa hondatama, post eka ela.
ReplyDeleteගිහිල්ලා ඉණ මැන ගන්න, මගත් වෙච්ච තරම බලාගන්න....!
Deleteman oyage blog eka me aith aga idan mulata kiyawala iwara kala, meka hari yanne na aiye, digatama liyamuko affa :)mehe office eke inna kota mara kammali :D
ReplyDeleteමමවත් තාම මගේ බ්ලොග් එක මුල ඉඳන් අගට කියවලා නෑ....!
Deleteහම්මෝ නැන්දම්මල 16ක්; මෙහෙත් ඉන්නවා ලෙබනන් අය.
ReplyDeleteලෙබනන් නැන්ඳම්මලද ?
Deleteහප්පා...මං හිතන්නෙ බ්ලොග් කියවන්න ගත්තට පස්සෙ කියෝපු උපහාසය පිරුණ හොඳම කතා ටික. කියන්න වචන නෑ... බඩ අල්ලගෙන හිනා වෙන ගමන් මේ කොටන්නෙ.
ReplyDeleteබොහෝමත් ස්තූතියි....!
Deleteඇත්තටම නැන්දම්මල 16 ඉන්න එවුනුත් ඉන්නවද? එතකොට වැරදිලා හරි ඔය එක නැන්දම්ම කෙනෙක් මිනිස්සු දෙන්න ගානේ බැඳලා නැත්ද? ඔයරටවල් ගැහැනු සංඛ්‍යාව වැඩි ඇති. එල කතා ටික.
ReplyDeleteමොන පිස්සුද ? මෙහේ ලෝකල් මිනිස්සුන්ට අනිත් ජාතිවල ගෑණුන්ව බඳින්න පුළුවන්, හැබැයි මෙහේ ලෝකල් කෙල්ලෙක් වෙන ජාතියක මිනිහෙක්ව බැන්දොත් කෙල්ලගේ සිටිසන් ශිප් එකත් අහෝසි වෙනවා.....!
Deleteඑක ගෑනියෙක් මිනිස්සු දෙන්නෙක් බැන්දොත් ඉතින් අර චූටි ගල් පාරවල් කාලා තමයි මැරෙන්න වෙන්නේ.....!
අදමයි මේ පැත්තට ආවේ..
ReplyDeleteපට්ට යකෝ කතා ටිකනම්.
මෙන්න ආයෙත් කතාවක් ලියලා.... එල එල දැන් ලියන්නෙ නෑ කියල හිතන් මේ පැත්තෙ ආවෙවත් නෑ. පට්ටයි ඈ.
ReplyDeleteහැබැයි මේවා කියවනකොටනම් බඳින්නත් බයයි වගේ
හලේ උඹ ආයේ ලියන්ඩ පටං අරං. යකෝ දෙදාස් පාලොහට උඹ පෝස්ට් අටක්ම ලියලා. දන්නෙ දෙදාස් දාසයෙදි. මේකට ඔලුව ගහගෙන ඉවර වෙලා අරටික කියවගෙන කියවගෙන යන්න මේ හදන්නේ.
ReplyDeleteහරිම ලස්සන කතාවක්. ඔන්න අපිත් ආවා
ReplyDelete2015 බ්ලොග් සම්මාන සඳහා අවසන් නිර්දේශ හා නිර්දේශිත බ්ලොග්කරුවන් සඳහා වන නිළ ආරාධනය - You are named !!!
ReplyDeletehttp://kalahitha.blogspot.com/2016/03/2015-you-are-named.html
කරුණාකර ඔබේ පැමිණීම සනාථ කරන්න.
Deleteහිතවත් කල්‍යාණ මිත්‍ර සොහොයුර,
Deleteනෙළුම්යායෙන් පවත්වන්නට යොජිත බ්ලොග් සම්මාන උළෙලට මාගේ බ්ලොග් ලිපියක්ද එක් කරගෙන තිබීම ගැන ඉමහත් සතුටට පත් වන අතර එවැනි ගෞරවයක් පිරිනැමීම පිළිබඳව ඔබ ඇතුලු සියළුම සංවිධායක මණ්ඩලයට ස්තූති කෘතඥ්ඥ වෙමි.
මා දැනට පදිංචිව සිටුනුයේ ඩුබායි නගරයේ බැවින් සම්මාන උළෙල සඳහා පුද්ගලිකව සහභාගී වන්නට යම් අපහසුවක් ඇති බව කරුණාවෙන් සලකන්න.
නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල සෑම අංශයෙන්ම අති සාර්ථක වේවා යැයි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නම්. මාගෙන් පුද්ගලිකව යම් කාර්යක් ඇවැසි නම් "dushank@gmail.com" යන ඊ ලිපිනය හරහා මා අමතන්න. මා හට හැකි පමණින් එය ඉටු කර දෙන්නට පසුබට නොවෙමි.
ඔබ සියලු දෙනාට ජය !
//"නෑ නෑ...මම සොරි කියලා, එදා චපාති වලා ලුණු වැඩිවෙච්ච එකේ වැරැද්ද මම බාර අරගෙන, ඒකටත් සොරි කිව්වා....." ශෙට්ටියා කියනවා....... //
ReplyDeleteRead more: http://dhumee.blogspot.com/2015/12/blog-post.html#ixzz4636NbRTT
ඒ ටිකනම් ෂෙට්ටි පිටින් දැම්මට දුමීගෙම අත්දැකීමක්ද කොහෙද. :P
උඹ තාම බොනවද සිංහය එක්ක? මොකද නැත්තෙ වසන්තය?
ReplyDeleteDear friend Dumi
ReplyDeleteThis is the first time I'm commenting on ur blog.
Thanks for sharing all these nice stories with us.
Keep on writing please.
==Adrian from Toronto==
Dear friend Dumi
ReplyDeleteThis is the first time I'm commenting on ur blog.
Thanks for sharing all these nice stories with us.
Keep on writing please.
==Adrian from Toronto==
නංදම්මල 16ක් ඒකත් මරු
ReplyDelete//නෑ නෑ...මම සොරි කියලා, එදා චපාති වලා ලුණු වැඩිවෙච්ච එකේ වැරැද්ද මම බාර අරගෙන, ඒකටත් සොරි කිව්වා....." //
ReplyDeleteඅන්න මහත්තුරු..... නේද දුමී... හිනාව නවත්ත ගන්න බෑ තාමත්....
අපොයි..... අපොයි...ගොනෝ දේන දෙයක් කාල වෙන දෙයක් බලාගේන හිටපං.ගේදර ගෑනි එක්ක වලි දාගන්නැතිව හුකු හුකු හුක්.............ජය ජය ..........
ReplyDeleteඔබතුමා බ්ලොග් ලියන එක නතර කරලද ?
ReplyDeleteසැහැල්ලුවේ ඉන්දික තමා පාර කිව්වෙ, අම්මප හිනා ගිය තරම :-D
ReplyDeleteතව දුරටත් නොලියන එක අපරාදයක් දුමී !
Mula sita agata kiyewwa ayemath. Deweni parata :)
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteඔලුව තියන් ඉද්දී ඉමාද් දැක්කේ නැද්ද
ReplyDeleteහොඳට ලියල තියනව.
ReplyDelete