පවුල් ජීවිතේ

Posted by දුමී


මම ඉතින් හැමදාම වැඩට යනකොට ඔය රේඩියෝ එක එහෙම අහගෙන කරගෙන තමයි යන්නෙ. ගොඩක්ම මොකද කොහේ හරි ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා පාරවල් එහෙම බ්ලොක් වෙලාද කියලා දැන ගන්න. එහෙම උනෝතින් වෙන පාරකින් හරි ඒ බ්ලොක් එක මග ඇරලා හරි යන්න පුළුවං නිසා. මම ඉන්න ෂාජා ගෙදර ඉඳන් ඔෆිස් එකට කිලෝ මීටර් 65ක් විතර තියෙනවා. ඉතින් ඔය දුර යන්න උදේට පැයකුයි හවසට පැයකුයි පැය දෙකක්ම පාරටම පූජ කරනවා. ඔය යනින් ගමන කොහේ හරි ඇක්සිඩෙන්ට් එකක් එහෙම වෙලා තිබුනොත් ඉතින් පැය දෙක තුනකට මෙහායින් නවතින්නෙ නැහැ. ඔන්න එක දවසකුත් මගෙම කරුමෙට ඇක්සිඩන්ට් එකක් හින්දා පාරෙ වරු ගානක් හිර උනා. ඔන්න ඉතින් එදා රේඩියෝ එකේ මරු ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඔන්න රේඩියො එනවුන්සර් කියනවා වයිෆ්ලට, තමන්ගෙ ස්වාමි පුරුෂයට හරියට කරන්න බැරි වැඩ මොනවද කියලා එස්.එම්.එස් එවන්න කියලා. මෙන්න බොලේ වක්කඩ කැඩුවා වගේ එස්.එම්.එස් සිය ගානක් එනවා කියලා දැන් රේඩියෝ ප්‍රසෙන්ටර් කියනවා. ඔන්න ඉතින් එක වයිෆ් කෙනෙක්ව ටෙලි ෆෝන් එකෙන් සම්භන්ධ කර ගත්තා. මෙයා ඉතින් කියනවා ඔන්න එයාගේ මහත්තයට කරන්න බැරි දේ. එයා කියන විදිහට කොච්චර කරත් එයාගේ මහත්තයට කිලිටි රෙදි ටික ලොන්ඩරි බාස්කට් එකට දාන්න බැහැයිලු. ඉතින් මෙයා ටිකක් ලොකු බාස්කට් එකක් ගෙනාවලු. ඒත් හැමදාම රෙදි ටික බිමලු. අනේ මන්දන්නෙ නැහැ ඒ මනුස්සයට රෙදි ටික බාස්කට් එකට් දාන එක විතරමද බැරි කියලා.

ටික වෙලාවකට පස්සෙ තව නෝන කෙනෙක් දුරකථනයෙන් සම්භන්ධ උනා. මෙන්න බොලේ මෙයා කියනවා එයාගේ හස්බන්ඩ්ට ඩිෂ් වොශර් එකට පිඟන් ටික හරියට අඩුක් කරන්න දන්නෙ නැහැල්ලු. මට ඉතින් හරියට දුක හිතුනා ඒ අසරණ මනුස්සය ගැන. ඔන්න බලන්න ගෑනිගෙ තියෙන කෙලෙහි ගුනේ. පිඟන් අතින් හෝදන්න දෙන්නෙ නැතිව තමන්ගෙ බිරිඳට ඩිෂ් වොශර් එකකුත් අරන් දීපු මනස්සයාව මුළු රටටම ඇහෙන්න නෝන්ඩි කරනවා මේ බිරින්ඳන්නාන්සෙ. ඩිෂ් වොශර් එක අරන් දුන්නා මදිවට තව හස්බන්ඩ්ම පිඟන් ටිකත් අඩුක් කරන්නත් ඕනෙ. ඉතින් එදා මම හිතා ගත්තා මට කවුරු හරි නිකන් දුන්නත් අපේ ගෙදරට නම් ඩිෂ් වොශර් එකක් අර ගන්නෙ නැහැ කියලා. එහෙම හිතෙන්න තව හේතුවක් තියෙනවා. ඒ මේ මමත් ගෙදර තියෙන වොෂින් මැෂින් එක ඔපරේට් කරන්න නම් දන්නෙ නැහැ. හැම අවුරුද්දකම ගම හාමිනේ සහ පොඩි එවුන් දෙන්නා සමර් නිවාඩුවට ලංකාවට ගියහම මම ඉතින් රෙදි ටික ලඟ තියෙන ලොන්ඩරි එකට දෙනවා මිසක් ඔය බැරි වැඩ කරන්න යන්නෙ නැහැ.ඉතින් එදා බැරි වෙලා හරි අපේ ගම හාමිනේ ඔය ප්‍රෝග්‍රෑම් එක ඇහැව්වනම් ශුවර් ඇන්ඩ් ෂොට් ඕකට කෝල් කරල ඕක කියනවම තමයි.

මේක මේ මම සෑහෙන කාලයක ඉඳන් ඇනලයිස් කරපු දෙයක්. ඔය හැමදේම මැව්වැයි කියන මහ බඹාද, මහ බබාද ඉන්නවනෙ. ඌ පිරිමින්ව මවන්න නම් එක එක වෛවාරණ්‍ය අච්චු පාවිච්චි කරාට කම්මැලි කමටද කොහෙද ගැණුන්ව මවන්න නම් පාවිච්චි කරලා තියෙන්නෙ එකම එක අච්චුවයි. ඔක්කොම ගෑණු ටික එකම අච්චුවට දාල හදලා ඉවර වෙලා පිට පොත්ත විතරක් වෙන වෙන පාට පවිච්චි කරලා ෆිනිෂින් පාරක් දාලා. මොකද මම දන්න හැම යාළුවෙක්ටම වගේ තියෙන්නෙත් මේ මට තියෙන කරදර ටිකම තමයි ගෙදර බිරින්ඳන්නාන්සේගෙන්. අපි හැමෝගෙම ප්‍රශ්න බලාගෙන යනකොට හරිම සමානයි. මොකද අච්චුව එකයි, එන්ජින් එක සේම් මොඩල්.

ඔන්න මුළු දවසම මහන්සි වෙලා ට්‍රැෆික් එකේ චාටර් වෙලා අහල පහලින් යන කාර් කාරයන් එක්කත් මල පන්නගෙන ගෙදරට ඇවිල්ල පොඩ්ඩක් පුටුවක්ට බර වෙලා ටී.වී එක දිහා හරි කම්පියුටරේ ඉස්සරහට ඇවිල්ල බ්ලොග් එකක්, පත්තරයක් හරි කියවන්න ගත්තහම හරි ඔන්න ඉතින් මූන කුණ්ඩ හට්ටියක් වගේ කරගෙන බ්‍රහ්ම දණ්ඩණය පනවනවා. ඉතින් මේ ගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ අපි එදා මුළු දවස ගත කරේ කොහොමද කියලා කතන්දරයක් වගේ කියනකන්නෙ. ඒ වගේම ඒ ගොල්ලො දත් මැදපු වෙලාවෙ ඉඳන් රෑවෙනකං වෙච්ච දේවල් අකුරක් නෑර අපිට කියනකං අපි අහගෙන ඉන්නත් ඕනෙ. ඔය අතරේ අල්ලපු ගෙදර ඉන්න ඉන්ඩියන් ලේඩි ගෙන් පීනට් චට්නි හදන හැටි ෆෝන් එකෙන් අහගත්ත රෙසිපි එකයි, තව යාළුවෙක් ගෙදරට අළුතෙන් දාපු කර්ටන් වල දිග පලල සහ ඒකට රේන්ද අල්ලලද නැතිද වගේ විස්තරත් අපිට කියන්න ඒ ගොල්ලො සෙට් කරන් තමයි ඉන්නෙ. ඉතින් පිරිමි අපිට ඔය අහන ප්‍රශ්නයකට දෙකකට ශෝට් ඇන්ඩ් ස්වීට් උත්තරයක් දීල තියෙන දෙයක් බඩට දාගෙන ඇඳට පනින්නනේ ඕනෙ. එතනදී තමයි ඔන්න යුද්දේ පටන් ගන්නෙ.

"ඔයා දැන් මට ඉස්සර වගේ ආදරේ නැහැ ......." ,

"ඔයාට ඔෆිස් එකේ කවුරු හරි ඇති, ඒකනෙ මාත් එක්ක දැන් හරියට කතා කරන්නෙවත් නැත්තෙ . . . ."

ඔන්න තවත් දෙයක් තමයි ඔය ඔෆිස් එකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි වෙන එකකට හරි අම්බානෙකට හිර වෙලා ඉන්න වෙලාවට කෝල් එකක් දීල, "අනේ මොනව හරි කියන්නකෝ අනේ, මට හරි කම්මැලියි . . . " කියලා කියන එක. ඒ කතා කරන්නෙත් එයාට ඉන්න යළුවො විසි තිස් දෙනත් එක්කම පැය දෙක තුන ලිඳ ලඟ සංගමය දාගෙන ඉඳල ෆෝන් එකෙන් කේක්, පැටිස්, අතිරස අළුව හදලා වෙන කතා කරන්න එක්කෙනෙක් නැති උනහම.

මේ කතාව කිව්වෙ අපේ අසෝක අයියා. අපි ඔය පසුගිය මැයි මාසෙ දිහාවෙ අබාධිත රණවිරුවන්ට සනීපාරක්ෂක පහසුකම් ඉදිකරලා දෙන්න කියලා සංගීත ප්‍රසංගයක් කලා අබු ඩාබියේ. ඒකෙදි හොඳ රස කතා දන්න අසෝක අයියගෙන් කට්ටිය ඉල්ලා හිටියා එහෙම කතාවක් කියන්න කියලා. ඉතින් ඒ වෙලාවෙ අසෝක අයියා කියපු කතාව තමයි ඔන්න මම දැන් කියන්න යන්නෙ.

මේක මේ කැලෑ කතාවක්. කවුරුත් දන්නවානේ කැලේ රජා කවුද කියලා. ඉතින් ඔය කැලේ රජාගේ දූ කුමරිය සිංහ කුමාරිව අල්ලපු කැලේ සිංහ කුමාරයෙක්ට බන්දල දෙන්න උත්සවයක් තිබිලා. ඉතින් ඔය උත්සවය ගජ රාමෙටම නැගල යනවලු. ඉතින් කැලේ ඉන්න අලි, කොටි වලස්සු, අනෙකුත් සිංහයෝ, ව්‍යාග්‍රයො වගේ ඔක්කොම ලොකු ලොකු සත්තුන්ට තමයි මේ උත්සවයට ආරධනා කරලා තියෙන්නෙ.

කොහොමෙන් කොහොම හරි පාටිය නැගල යනකොට මෙන්න බොලේ කොහෙන්ද ආපු මීයෙක් වලිගෙත් උස්සගෙන එහෙ මෙහෙ දුවනවලු. එක තැනක ඉන්නෙත් නැහැල්ලු, එහාට යනවලු, මෙහාට යනවලු. මේක දැකපු කොටි නාම්බෙක් මීයව අල්ල ගත්තලු. අල්ලගෙන ඌට කිව්වලු,

"ඈ බං බොල මීයෝ, බොලා කොහොමද මේ සිංහයගේ පාටියට ආවෙ. මේකට ආරධනා කරල තියෙන්න අපි වගේ ලොකු ලොකු අලි කොටි වලස්සු, සිංහයෝ වගේ සත්තුන්ට විතරයිනෙ" කියලා.

ඔන්න ඒ පාර මීයා කියනවලු,

"මචං කොටියෝ, මමත් ඉස්සර සිංහයෙක් තමයි, කසාද බැන්ඳට පස්සෙ තමයි බං මමත් මීයෙක් උනේ" කියලා.

හෝව් හෝව් ඔන්න බොලේ ගම හාමිනේ එනවා. මම ලිව්ව ඇති දැනට. නැතිනම් මටත් ඔන්න මීයෙක් වෙන්න තමයි වෙන්නෙ.

75 comments :

  1. අනේ මන්දා ඕං... මට මේක මගක් කියවද්දි මැවිල පෙනුනා දුමි අයියා කන් දෙක අල්ලගෙන හාවෝ පනිනවා වගෙ සීන් එකක්...

    ReplyDelete
  2. මෙහෙ විතරක් නෙවෙයි එහෙනං... එහෙත් එහෙමයි.

    ReplyDelete
  3. පවුල් කෙරුවාවත් ලේසි නැ එහෙනම් ඈ
    අර කතන්දර කාරයා පවුල රැකගත්තෙත් බොහොම අමාරුවෙන්ලු

    මෙන්න කතන්දර කාරයට වෙච්ච සිද්ධිය

    http://status-chanaka.blogspot.com/2010/06/blog-post_30.html

    .

    ReplyDelete
  4. මෙහෙම ගියොත් දුමියාගේ පවුල රැකේ කියලා හිතන්න අමාරුයි...

    ReplyDelete
  5. මටත් නං ඔය වගේ අද්දැකීම් තියෙනවා. අර කෝල් කරලා කම්මැලියි කියන එකනං සම්පූර්ණ ඈත්ත. මම සහසුද්දෙන්ම දන්නවා ඒයා කෝල් කරන වෙලාවට එයත් අම්බානක බිසි වෙලා ඉන්නෙ කියලා,
    "ඔයාගෙ ක්ලාස් එකේ වැඩ ඉවරද?" මම අහනවා.
    "අපෝ නෑ තව කොච්චර තියෙනවද, ඒත්මට කම්මැලි හින්දයි කෝල් කලේ" කියලා උන්දැ කියනවා.

    ඒකෙන් තේරෙනවා මහ බඹා කම්මැලි කමටද කොහෙද ගැණුන්ව මවන්න නම් පාවිච්චි කරලා තියෙන්නෙ එකම එක අච්චුවයි කියලා. ඔක්කොම ගෑණු ටික එකම අච්චුවට දාල හදලා ඉවර වෙලා පිට පොත්ත විතරක් වෙන වෙන පාට පවිච්චි කරලා ෆිනිෂින් පාරක් දාලා කියලා උඔ කියන එක ඈත්ත.

    ඒකයි කාන්තාවොත් බිසි උනත්, නැතත් කෝල් කරලා කම්මැලියි කියන්නෙ?"

    ඒ ​මහ බඹා කාරයා ඩේටා එන්ටර් කරලා තියෙන හැටිනේ. අපි ඒක දැන ගෙන ඉන්න ඕනැ. කොහොමහරි කරලා ඒ ගොල්ලන්ට එරර් මැසේජ් එකක් නොයන්න එන්ටර් බොත්තම අපි ඔබාගත්තොත් හවසට කන්දෙකට වැඩ අඩුයි. බොරුනං කරල බලහං දුමියා!!! (කෝකටත් මම කිව්වා කියන්න එපා හොඳේ:D)

    ReplyDelete
  6. හාමිනේ මේ ලියපුවා කියෙව්වොත් එහෙම මේ බ්ලොග් එකේ නම මාරු ක‍රන්න වෙයි "මීයාගේ කට කහන කතා" කියලා.

    ReplyDelete
  7. මාත් මේ දවස් වල සිංහයෙක් හොයනවා....

    හම්බෙයි ද අයියේ ?

    ReplyDelete
  8. මම නම් ඔය කුස්සියේ වැඩ දෙන්න බලාපොරොත්තුවක් නැහැ.

    හැබැයි මම ලියන දෙයක් කියවල බලන්න වත් , මම කියන පද හතරක එකම එක කවියක් අහන්නවත් තරම් නිදහසක් තියෙන සිංහයෙක් නම් හොදයි....

    වැඩිය උයන්න කියන්න බැරි වුනත් කමක් නැහැ.. මම උයන දෙයක් කැමැත්තෙන් කනව නම් ඒ ඇති.... ම්ම්ම්ම්

    රෙදි සෝදන්න ඕනි නැහැ.. මම හෝදල දෙන දෙයක් වරදක් නොකියා ආසාවෙන් අදිනව නම් ඒ ඇති.

    සැහැල්ලු ඇදුමක් ඇඳල , රබර් සෙරෙප්පු දෙකක් දාලා මාත් එක්ක ඉදල හිටල හරි ( මාසෙකට එක සැරයක් හරි) කොහේ හරි ඇවිදින්න යන්න එනව නම් ඒ ඇති.

    රෙදි සෝදන්නයි.. කෑම උයන්නයි දෙන්නෙ නැත්තේ එයා ඒ වැඩ මට වඩා හොදට කරොත් කියන බයට ...

    ReplyDelete
  9. මචෝ මේ සැරේ නම් උඹ මුලු ගෑනු සන්හතියෙන්ම ගුටි කන වැඩක් තමයි සෙට් කරගත්තෙ. හාවො පැනල බේරෙන්න ලැබුනොත් නම් උඹ පෙර ආත්මයක කරපු මහානිසංස දෙන පුන්‍ය කර්මයක් නිසා තමයි. මට ඉතින් කියන්න තියෙන්නෙ උඹට දෙයියන්ගේම පිහිටයි කියල තමයි.

    ReplyDelete
  10. ලොකු අයගෙ කතාවක් වාගෙ.මටත් ඔහොම එකක් සෙට් වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  11. දුමියො, නොකිය නොකිය උන්නට අපි කාගෙ කාගෙත් ( අර පින්වතා දුකාගෙ හැර ) කතාව ඕක තමයි...මට බඹා අහු උනොත් ඉස්සෙල්ලම මගේ නංගිව ඌට බන්දල දෙනව කරපු හරිය තේරෙන්නෙ.

    ReplyDelete
  12. @පුතා,
    හරි හරි, පුතා මලයෝ, බැඳල බලහංකෝ, හාවෝ පයින්න විතරක් නෙමෙයි, අස්සයෝ පිටේ ගෙනියන්න වගේ වැඩත් තියෙනවා. ඔය ඉතින් මම ලිව්වෙ මගේ අත්දැකීමම පමණක් නොවෙයි. විද්‍යාත්මක සමාජ පරීක්ෂණයක් කොරල ලැබුන සමීක්ෂණ ප්‍රථිඵල නිරීක්ෂණය කරලා ප්‍රගති වාර්ථාවක් එහෙම සකස් කරාට පස්සෙ තමයි. නෑ අපිටනම් එහෙම නෑ කියන ගොයියලත් ඉන්නෙ මේ ගොඩේම තමයි . . . හික් හික්. . . .!

    ReplyDelete
  13. @උන්නැහේ,
    දනිමි දනිමි, එහෙත් මෙහෙම විය යුතු යැයි කියා. නැත කිසිම අරුමැක්කක්නම් එහි !

    ReplyDelete
  14. @මකරා,

    ඒ ඉතින් කතන්දර කාරයා තේකක් නිසා දාගත්ත ප්‍රශ්ණයක් නිසා බේර ගන්න ලේසියි. දැන් මට වෙලා තියෙන්නෙ ගම හාමිනේ විතරක් නෙමෙයි අහල පහල ඉන්න යාළුවන්ගෙ වයිෆ්ලාගෙනුත් බේරිලා ඉන්න. හෆොයි මාත් කට කහනවට කර ගන්න දේවල් !

    ReplyDelete
  15. @මාරයා,
    මාරයා මාර කතාවක්නෙ කියන්නෙ. මගේ පවුල මුකුත් කරලා නැහැ. ඉතින් එයා රැකෙයි. මේ මමනේ කට කහනවට පවුල් ජීවිත ගැන ලියන්න ගිහිල්ල කෙලවගෙන ඉන්නෙ.අහල පහල ඉන්න වෆ්යිෆ්ලාත් ඔන්න බර අවි සූදානං කොරං ඉන්නවලු දුටු තැන පහර දෙන්න.

    ReplyDelete
  16. @wath,
    බඳිනකන් ඕනෙම එකෙක් සිංහයෙක් තමයි. ඕනම කේසර සිංහයෙක්ගෙ ඉරණම අවසානයේ මීයෙක් වීම තමයි.

    ReplyDelete
  17. හාස්‍යය පුරවලා ඉදිරිපත් කර තිබුනත් හරවත් විමසුමක්. යුග දිවිය කියන්නේ ඩබල් සිලින්ඩර් එන්ජින් එකක් වගේ. බැලූ බැල්මට සමාන පිස්ටන් දෙකක් වුනත් එන්ජිම දුවවන්න නම් පිස්ටන් දෙකම එකම මට්ටමක් පිහිටන්න බැහැ නොවැ, ඒ වගේමයි ජීවිතයත්!

    ReplyDelete
  18. @wath,
    නගෝ, ඔය ඔක්කොම වයිෆ්ලා බඳින්න කලින් ඔය නගා කියලා තියෙන විදිහට තමා කියන්නෙ. බැඳල සතියකින් දෙකකින් ඉතින් ඕක වෙනස් වෙනවා. ඉතින් සිංහයන්ට මීයන්ගෙ පිහිටම තමා.

    ReplyDelete
  19. චෑ..චෑ..දුමියෝ ගෑනුන්ගේ බර අවි වගේද බන්..?[][][]

    ReplyDelete
  20. @රණේ,
    ඔන්න උඹලෑ උන්දැත් මට ටිකකට කලින් කෝල් කරල ත්‍රෙට්න් පාරක් දැම්ම. හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ එනවැයි කිව්වා. අනේ මචෝ ගෙදර මෝල් ගහ හංගල තියහං !

    ReplyDelete
  21. @dinesh,
    මලයෝ, ලොකු අයගෙ කතාවලට රබර් කන දැම්මට කමක් නැහැ. නරක ආදර්ශ එහෙම ගන්නවා නෙමෙයි !!! මලයෝ, උඹ අහල තියෙනවද අර ක්ලිෆ් රිචර්ඩ් ගොයියගේ "Bachelor Boy" සිංදුව. අහල නැතිනම් වචන ටිකත් ජාලෙන් බාගෙන සිංදුව අහල පුළුවංනම් එහෙම හිටපන්.

    ReplyDelete
  22. @ඉන්දික,
    පූරුවෙ කල පිං අපිට කොයින්දා කියලා කියන ගමන් දුකා ගොයිය ගැන පොඩි ජෙල පාරක් හිතෙනවද කොහෙද.

    මොනව උනත් 99% ක්ම ඉන්නෙ බං අපේ බෝට්ටුවේ තමයි. ඔය පොලිතීන් කවර කාඩ්බෝඩ් කෑලි ටික පොඩ්ඩක් එහෙ මෙහෙ කරල බැලුවොත් ඒව ඇතුලෙ හැංගිලා ඉන්න එවුන්ව එළියට ගන්න බැරි වෙන එකක් නැහැ . .. . හික් හික් . . . !

    ReplyDelete
  23. @ගල්මල්,
    උඹ කීව කතාවනම් සහතික ඇත්ත මචං. සමහර අවස්ථා තියෙනවා අපි ඉතින් වයිෆ්ලාට තැන දීලා සයිඩ් ලයින් ගහන්න ඕනෙ තැන්. එහෙම නොවුනොත් අර කෙහෙල් ලෙල්ල උඩ බ්‍රේක් ගහපු පුෂ් සයිකලේට වෙච්ච එකේ අනිත් එක වෙනවා. . . . !

    ReplyDelete
  24. @sithuwilimandiya,
    එහෙම නම මාරු කරන්න වෙන්නෙ මම ජීවත් වෙලා හිටියොතින්නෙ.

    ඊට කලින් ගෙදරට පූසෙක් ගේන්නලු එයාගේ කල්පනාව.

    මම හිතන්න ගම හාමිනේ එයාගේ අම්මව ගෙන්න ගන්න ප්ලෑනක් ගහනවද කොහෙද.

    ReplyDelete
  25. @මාරයා,
    ඒ පාර බොලා මොකක් ගැනද බං කියන්නෙ ?

    ReplyDelete
  26. මාත් තාම මීයෙක් වෙන්න පෙරුම් පුරනවා හික් හික්...

    ReplyDelete
  27. ගෙට ආ කළ ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා
    ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
    දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී

    ReplyDelete
  28. ඔහ්..... ඈ බං දුමී අයියෙ, අක්ක මේක දැක්කැයි ??..... මගෙ හාමිනේ මේක බලල "ඔයාටත් මේ සෙතේම තමයි" කියපි. මම කොහොමත් ලබන මාසෙ ලංකාවට යන්න ඉන්නෙ. එයානම් දත කට මැදගෙන ඉන්නෙ මං ආපුහාම වැඩ පවරන්න.
    ( හැබැයි ඉතින් හැම දුක් කරදරයක්ම විඳ දරාගෙන අපේ පුංචි කෙලි පැටික්කිවත් හුඟාක් හොඳට බලාගෙන එයා මේ අවුරුදු දෙක ගත කරාපු එක අගය කල යුතුමයි.)

    ReplyDelete
  29. ඔක්කොම ගෑණු ටික එකම අච්චුවට දාල හදලා ඉවර වෙලා පිට පොත්ත විතරක් වෙන වෙන පාට පවිච්චි කරලා ෆිනිෂින් පාරක් දාලා කියලා උඔ කියන කතාව නම් සහතික ඈත්ත.

    ReplyDelete
  30. අහ් ඒකනේ අපි හැමදාම තනිකඩ කෙරුවාව අනුගමනය කරන්නේ...

    අද නම් දුමී අයියා කාලා වගේ දුමී ගම හාමිනේගෙන්....දුමි අයියා නහින්නේ කට හනිදලුනේ.....හික්ස්

    ReplyDelete
  31. හැබැයි ලව් කරන කාලෙදි ඔය දවසේ පුවත් වාර්තාව සන්තෝසෙන් අහන් ඉන්න ඇති නේද මචෝ? මේක කියෙව්වම ටිකක් බයත් හිතුණා... මොකද දැන් අපේ කතාව ලියවෙන්නෙත් දවසේ පුවත් වාර්තාවෙන්... කතාකරන්න දේකට තියෙන්නෙ එච්චරයිනේ....

    ReplyDelete
  32. "මම හිතන්න ගම හාමිනේ එයාගේ අම්මව ගෙන්න ගන්න ප්ලෑනක් ගහනවද කොහෙද."
    සුදිලෙනා පූර්ණ චන්ද්‍රා සේ........
    හහ් හහ් හා....... එල එල.....
    ඔහොම යං ඔහොම යං.......

    ReplyDelete
  33. දුමී අයියේ කරුණා කරලා අක්කගේ ෆෝන් නොම්මරේ දෙන්නයි කිව්වේ. කාන්තා පක්ෂයට මෙහෙම නිගරු කිරිමේ වරදට අක්කට මේ පෝස්ට් එක කියවන්න කියන්න ඕනා. ඊට පස්සේ හම්බෙන්නැතෑ හොඳ පෝරියල් එකක්.. යසයි.. ගර්ර්ර්ර්ර්!! 
    මීට
    මහ ඹඹාගේ අච්චුවෙන් යන්තම් හරි මිදෙන්න උත්සහ කරන ෆා..
    (ඒත් ඒ වැඩේ අමාරුය)

    ReplyDelete
  34. මේ වගේ පළපුරුදු අයගෙන් උපදෙස් අපිට හම්බවෙන එක නම් මසුරන් වටිනවා. ඒත් ඉතින් ඔය උපදෙස් ගත්තට ඉතින් ඕවා කොහොම භාවිතා කරන්න වෙයි කියන එක තමා ගැටළුව.............

    ReplyDelete
  35. ගෑනියෙක් ගේනවා කියන එකත් සෙල්ලමක් නෙමේ....මෙහෙම ඉන්න ටික කාලේ කාලා බීලා සතුටින් ඉන්න ඕන.........

    ReplyDelete
  36. ඒයි දුමී අයියෙ..... ඔය මම දෙවෙනියට දාල තියෙන කොමන්ටුව නැන්දම්මට පෙන්නන්නත් එපා කියන්නත් එපා හොඳේ. එහෙම උනොත් දෙල්කඳ ගිහින් හමාරයි. ඒත් ඉතින් ස්ත්‍රී පරානයක් නොවැ.

    ReplyDelete
  37. @පුබුදුවා ,
    පුළුවංනම් සිංහයෙක් විදිහටම හිටපන් මලයෝ !

    @චේජනා ,
    හරියට හරි චේජනා, දැන යමන් කතරගම කිව්වලු !,

    ReplyDelete
  38. @කංචු ,
    දැක්කා දැක්කා, අක්කා දැක්කා, මගෙත් හක්ක බක්ක වෙලා තියෙන්නෙ.

    උඹටත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි කංචු මලයෝ, මොකද ඉතින් නෑනලා නෑනලනේ !!

    ReplyDelete
  39. @ෆා ,

    මේ මීයෙක් වෙලා ඉන්න මාව කුරුමිණියෙක් කරන්නද කල්පනාව ?

    හැම එක්කෙනාම කියන්නෙ ඉතින් ඔහොම තමා. ඔය මහ බාබගෙ අච්චුවෙන් මිදෙනවා කියලා. ඒත් මහ බබා ප්‍රෝග්‍රෑම් කරන්නෙ ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් එකෙන්. කෙලින්ම ලියන්නෙ රෙජිස්ට්‍රියට,

    මට මැවිලා පේනවා ටික දවසකින් තට්ටයෙක් හාලි එකක් පැදගෙන හපුතලේ නගිනවා !!!

    ReplyDelete
  40. @Hasitha ,
    හසිත මලයෝ, මේ වගේ උපදෙස් හැමෝගෙන්ම ලැබෙන්නෙ නැහැ . . . මොකද ගොඩක් අය මෙහෙම උනත් නැහැ වගේ තමයි ඉන්නෙ. හික් හික් . . . !

    ReplyDelete
  41. @ර ත් ග ම යා ,

    මලේ, පුළුවන්නම් මැරෙනකම් කාල බීලා ජොලියෙ හිටපන්. එතකොට මයි කාර්, මයි පැට්‍රෝල් . . . !

    @කංචු,
    එවා මට ගැරන්ට් කොරන්ඩ නම් බැරියෝ, මගේ නැන්දම්මගේ දින චරියාවෙ එක අංගයක් තමයි මගේ බ්ලොග් එක කියවීම. උඹටත් හම්බවෙයි ලියපු කවියට සම්මානයක් !

    ReplyDelete
  42. දුමී මලේ,

    දන්නවැයි ඔය පවුල් කියන වචනෙ ආපු හැටි,Foul කියන ඉංගිරිසි වචනෙ තමයි මූලාරම්භය,

    දැං පොඩි උපදෙසක්, පවුල් ජීවිතේ සාමෙ ආරක්සා කර ගන්ඩ,
    මගෙ ක්‍රමේ මෙහෙමයි,මම අපේ උන්දෑ එක්ක ගිවිසුමක් ගහල තියෙන්නෙ,
    ඒ කියන්නෙ අපිට බලපාන වැදගත් හැම තීරණයක්ම ගන්නෙ මම,
    ඉතිං ඔය සුලු සුලු දේවල් ගැන තීරණ ගැනීමේ බලය මම විමධ්‍යගත කරල එයැයිට පවරල තියෙනව,

    සුලු දේවල්ය කිව්වෙ මේං මේ වගෙ දේවල්,

    1. ඉඩමක් මිලදීගත යුත්තේ කොයි පළාතෙන්ද?
    2. හදන ගෙදර තට්ටු කීයක් විය යුතුද?
    3. ඇනෙක්සයක් අවශ්‍යද නැද්ද?
    4. ණය ලබාගත යුත්තේ කුමන බැංකුවෙන්ද?
    5. එම ණය මුදල කොපමණ විය යුතුද?
    6. සිංහල අවුරුද්ද ගත කල යුත්තේ අපේ ගෙදරද? එයාලගෙ ගෙදරද?
    7. අවුරුද්දට අපේ පවුලේ අයට තෑගි දිය යුතුද?
    8. ඉහත පැනයට පිලිතුර ඔව් නම් ඒ මොනවාද?

    මම තීරණ දෙන්නෙ මෙන්න මේ වගෙ බොහෝම වැදගත් පුරස්න වලට විතරයි,
    අපරාදෙ කියන්ඩ බැහැ මේ පුරස්න වලට මම දෙන විසඳුං උන්දැ එකහෙලාම බාරගන්නවා,

    1. පලස්තීන ප්‍රශ්නයට විසඳුම කුමක් විය යුතුද?
    2. ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් පිට වියයුත්තේ කවදාද?
    3. බලය විමධ්‍යගත වියයුත්තේ කුමන මට්ටමින්ද?
    4. ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කල යුත්තේ ඇයි?
    5. මිනිසා පලමුව ජනපද පිහිටුවිය යුත්තේ සඳේද, අඟහරු ලොවෙහිද?

    මේ වැඩේ අද්දුටුවයි සත්තයි මලේ,පවුලෙ සාමෙ නොවැරදීම රැකෙනව,බඩු ෂුවර්,

    ReplyDelete
  43. ඔක වෙන්නෙ බැන්ඳට පස්සෙ විතරයි කියල කියන්නෙ කවුද?

    ReplyDelete
  44. දාල තියන කමෙන්ට් බැලුවහම නම් මට පේන්නේ මහ බඹා මහ හොරා.... මොකද එකා පිරිමි මවල තියෙන්නෙත් එකම අච්චුවෙ.. නැත්නම් ඉතින් පිරිමි සෙරම එකම අරුත දෙන කොමෙන්ට් දමන්නෙ නෑ නොවැ. බලාගෙන යනකොට මම හිතුවට " මෙය මම කියන කිසි දෙයක් අහගෙන ඉන්නෙ නෑ, මට උදව් කරන්නෙ නෑ, මට ආදරේ නෑ කියලා......" පිරිමි සෙරම එකයි. එක අච්චුවෙ ආත්මර්තකාමී පිරිසක්. චැහ්..!!! මහ බඹා හොරා...

    ReplyDelete
  45. මට හිතගන්ඩ පුලුවන් දුමී මේ දවස් වල බය නැතුව මේ වගේ කතා කියන්නෙ ඇයි කියල. නැතුව ගියොත් නැති වෙන්නෙ කෑම විතරයිනේ නේද?...කොහොම උනත් උඹට දෙවියන්ගෙම පිහිටයි.....

    ReplyDelete
  46. @Ravi,
    රවි අයියන්ඩියේ, මම හිතන්නේ වෙලා ඇත්තේ ඕක අනිත් පැත්ත. 'පවුල්' කියන එක තමා ඉන්ගිරීසියට 'Foul' කියල යන්න ඇත්තෙ.

    තීරණ ගැනීමේ ක්‍රමවේදය විමධ්‍යගත කිරීම නම් නියම වැඩක්. මම හිතන්නෙ ඔය බරපතල තීරණ වලින් "ලෝක සාමය" වගේ දේවල්නම් දැනටමත් අර ලෝක රූ රැජිනියෝ වගේ අය විසඳලා ඉවර කරලා දාල තියෙන නිසා කරදරේ අඩුයි.

    තෑන්කූ මේ පැත්තේ ඇවිත් ගියාට.

    ReplyDelete
  47. @හිරු ප්‍රභා ,
    මම ඉතින් මුලදිම කිව්වනේ, පිරිමි සංහතියටම තියෙන ප්‍රශ්ණ ඔක්කොම එකයි කියලා ගෑනුන්ගෙන්.

    හරි හරි .. . නගෝ, උඹ බැඳල මාස 3 කට විතර පස්සෙ මට එවපන්කො හස්බන්ඩගෙ කොන්ටෑක්ට් නොම්බරේ. මමම අහගන්නංකෝ.

    නැතිනම් කියන්නකෝ මේ පැත්තට ඇවිල්ල මේකට කමෙන්ට් එකක් කාරිය දාල යන්න කියලා.

    ReplyDelete
  48. @උනන්දුවා ,
    අනේ බං උනන්දුවෝ, මේ අසාධාරණය කවුරු හරි කතා කරන්න එපායෑ එලිපිට. උඹල ඉතින් හිටිය කියලා කට ඇරල කියනවද පිරිමි සංහතියට සිද්ධව මේ සන්තෑසිය . . . .?

    ReplyDelete
  49. @පිටස්තරයා ,
    නෑ නෑ . . . බැන්දට පස්සෙ වෙන්න තියෙන සම්භාවිතාවය 100% . ඊට කලිනුත් වෙන්න තියෙන අවස්ථාවල් තියෙනවා. තියෙන්න ඕන එකම සුදුසු කම ෆී මේල් චරිතයක දායකත්වය පමණයි.

    ReplyDelete
  50. පිටස්තරයා හා එකඟ වෙමි. :D

    ReplyDelete
  51. ටික දවසක් යන කොට ඕව අමතක වෙන හින්ද මම ලංකාවට එන කොට අයියගෙ නැන්දම්ම ෂාජා ඇවිත් හිටියොත් මං ගොඩ..... හැබැයි අයිය ...... දුක තමා දුමී කිවුවලු.......

    ReplyDelete
  52. අනේ අම්මපා සහතික ඈත්ත.
    ඔන්න ඒකට එයාලා වෑඩ අස්සෙ අපි කතා කොලොත්?
    බලන්න එපෑයි,

    ඔය මම කිව්ව එක නම් වෙන්නෙ කලාතුරකින් හෑබයි.....

    ReplyDelete
  53. මේ ලඟදි අපේ පොරක් මීයෙක් වෙලා ඉන්න හැටි දැකලා මට දුකත් හිතුනා.
    අපි කට්ටිය සෙට් වෙලා පොඩි එළිමහන් පාර්ටි එකක් දාපු වෙලාවක එකෙක් කට්ලට් හදන් ඇවිත් තිබ්බා. හරිම රසයි ඒක. ඉතින් අපි ඉන්න ගමන් ඕකෙන් එක දෙක කන්ඩ පටන් ගත්තා. අපේ එක පොරක් නිකන් හොරෙන් වගේ තමයි වැඩේ කරේ. අපි කිව්වා "ඇයි යකෝ, මේ ගමකට තියෙන්නෙ. බය නැතුව කාපන්කෝ" කියලා. පොර කළබල වෙලා "කෑගහන්ඩ එපා කෑගහන්ඩ එපා... මම මෙහෙම කනව දැක්කොත් බැනුම් අහන්ඩ වෙනව" කියල අපිව නැවැත්තුවා. බලද්දි පොරගේ වයිෆ් පෙරේතයෙක් වගේ කනවා කියලා පොරට වලි දානවලු. ඉතින් අපි ඌට ඊට පස්සෙ වයිෆ්ට නොපෙනෙන්න හොරෙන් කන්න පහසුකම් සලසලා දුන්නා...
    මේවා දැක්කහම බඳින එකත් එපා වෙනවා අය්යේ..... :)
    අන්න වත් අක්කා නන් දාලා තිබ්බා ආදර්ශමත් බිරිඳක් ගැන කවි පේලියක්...

    ReplyDelete
  54. Silumina - Rasaduna 24 Oct 2010....

    “ඇයි තාත්තෙ පිරිමින්ට එක ගෑනියෙකුට වඩා කසාද බඳින්ඩ බැරි? පුවත්පත බලමින් සාලයේ හාන්සි පුටුවේ දිගා වී සිටි හේමන්ත වෙත පැමිණි පුතා ඔහුගෙන් විමසීය.

    “උඹට තව ටිකක් ලොකු වුණාම ඒක හොඳට තේරේවි පුතේ. තමන්ට තමන්වම පාලනය කර ගන්ඩ බැරි වුණාම නීතියෙන් මිනිස්සුන්ව ආරක්ෂා කරනවා.”

    හේමන්ත තම පුතාට පැහැදිලි කළේ චම්පා සාලයට පැමිණේ දැයි හොරැහින් බලමිනි

    ReplyDelete
  55. @පහන්
    විය හැකිය විය හැකිය . . . .

    @කංචු ,
    මල්ලි, උඹ ලංකාවට යන්නෙ ලබන මාසේ නම් ඉතින් මට කියන්න තියෙන්නෙ, "සොරි තමයි !" කියලා.

    @නිශ් ,
    ඔන්න ඉතින් ඕකමනේ තියෙන ප්‍රශ්නේ. කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න නම් අසූහාරදාහට කාන්තා සංවිධාන තියෙනවා. ඒත් කවුරුවත් නෑ පුරුෂ අයිතිවාසිකම් ගැන වචනයක් වත් හලන්න. ඔන්න බලන්න ඉතින් ඒකෙත් හැටි, ආ !

    @චමිල ,
    මගෙත් අඳුරන එකෙකුට ඔය ප්‍රශ්නයම තිබුනා. ඌ කනකොට ගෑනි ඔරවනවා. මොකද ඌ කනකොට දෙතුන් දෙනෙක් කන ප්‍රමාණය කනවා. මම හිතන්නෙ අර සෞදන් ජෙමාගෙන් පැවතගෙන එන එකෙක්ද කොහෙද.

    අන්තිමට ඔය හේතුව නිසාම පවුලත් කැඩුනද කොහෙද !!

    @උනන්දුවා ,
    එතකොට ඇයි අර මුස්ලිම් අයට හතර දෙනෙක් බඳින්න පුළුවං කියලා නීතියෙන් ඉඩ සලසලා තියෙන්නෙ. පව් නේද ?

    ReplyDelete
  56. අපොයි! ඒ කතාව අහලා මගෙත් මයිල් කෙලින් උනා නොවෑ.නුදුරු අනාගතේ පිගන් හෝදනවා මැවි මැවි පේනවා වගේ උනා..

    අම්මපා ඇත්තටම බැන්දයින් පස්සේ මීයෙක් නොවී ඉන්න කරමයක් ඇත්තෙම නැත්ද මන් අහන්නෙ...?

    ReplyDelete
  57. ඇත්තටම මචං ඒ අයට හතරක් නෙමෙයි හතක් පුලුවන්නෙ නීතියෙන්ම. ඒ උනාට උඹ දන්නවනෙ උන්ගෙ සමාජ ක්‍රමය. මිනිහ මොනව කෙරුවත් ගෑනිට ප්‍රශ්ණයක් නැහැනේ. ඒව ගැන හොයන්නෙත් නැහැනේ. අනිත් එක ගෙවල් වල වැඩ කරනග්ඩ ඩ්‍රයිවර්ල හවුස් මේඩ්ල වගේ අයත් ඉන්නවනෙ. ගෑනිට තියෙන්නෙ ඉතින් එක වැඩක් විතරයි.....

    ReplyDelete
  58. අඩේ ... මේව දැක්කම බය හිතෙනව නේ දුමී අයිය...... ඔහොම දේවල් දැනගෙන වෙන්න ඇති මිල්ටන් මල්ලවාරච්චි මහත්මය තනිවී සිටින්න අදහස් කලේ ..... ‍(මටත් එහෙම ඉන්න හිතෙනව මේව දැක්කම) ඒත කොහෙද ඉදල ආපු ගෑනු පරානයක්නේ එය වෙනස් කලේ ; )

    ReplyDelete
  59. දුමියෝ . . මම සාර්ථකත්වය මනින මිනුම් දඬුවලට අනුව උඹ බොහෝම සාර්ථක මනුස්සයෙක්.
    ඉහල වැටුපක් ලබන හොඳ රැකියාවක් තියෙනවා.
    ආර්ථික අතින් හොඳ තත්වයක ඉන්නවා
    සගීතඥයෙක් විදිහට හෙනම සාර්ථක පොරක්
    බ්ලොගර් කෙනෙක් විදිහට ත් උඹ හෙනම සාර්ථකයි . . හැම එකාම දුමී කිව්ව ගමන් උඹව දන්නවා (ඩුෂාන් කිව්වට නොද්න්නවා වුනත්)
    ගුන දම් වලින් සපිරුනු දූ දරුවෝ ඉන්නවා
    දුකට සැපට ඕන දේකට හොඳ මිතුරු පිරිසක් ඉන්නවා

    උඹේ මේ සාර්ථකත්වය උඹේ දක්ෂකමට විතරක් ලබා ගත් දෙයක් නොවේ කියලා උඹව හා උඹේ පවුලේ අය ඇසුරු කරපු ටික කාලෙට මට හොඳින් තේරුනා. පාසැල් යන කාලේ ඉඳන් උඹේ පෙම්වතිය උනු දැන් උඹේ බිරිඳ වෙලා ඉන්න ගම හාමිනේ උඹේ ඒ සාර්ථකත්වයේ මහා පහන් ටැඹක් කියලා මම විස්වාස කරනවා.

    ඕනේම සාර්ථක හෝ අසාර්ථක මිනිසෙක්ගේ පිටුපස ගැහැනියක් ඇත කියලා මම කොහේදි හරි දැකලා තියෙනවා. මම තදින්ම විස්වාස කරනවා ඒක 100% ඇත්ත කතාවක් කියලා . .

    සංගීතඥයෙක් සාර්ථක වෙන්නේ නිතර නිතර එහි නියැලීමෙන් . . උඹේ සංගීතඥ සාර්ථකත්වය සති අන්තවල සාද පවත්වන, එන සියලු මිතුරු මිතුරියන්ට බොහෝම සුහදව සලකන උඹේ ගම හාමිනේ නොවේද . . ?

    බ්ලොගෙර් කෙනෙක් සාර්ථක වෙන්නේ නිතර නිතර ලිවීමෙන් . . හා අන් අයගේ අදහස් උදහස් වලින් සහ බ්ලොග් එක අන් අය අතර ජනප්‍රිය වීමෙන් . . . උඹට නිදහසේ බ්ලොග් ලියන්න ඉඩ ලබා දෙනෙන උඹේ ගම හාමිනේ නේද . . ?

    අනික මම නිතර දකිනවා උඹේ බ්ලොග් එක උඹේ ගම හාමිනේ එයාගේ මූනු පොතේ යාලුවෝ වෙනුවෙන් ශෙයාර් කරනවා . . . උඹ බ්ලොගෙර් කෙනෙක් ලෙස සාර්ථකත වෙන එකට ඒ ඇගේ ආශීර්වාදය නෙමෙයිද . . .

    ඔන්න ඔය වගේ හේතු නිසා මම මගේ බලවත් විරෝධය පලකරනවා උඹේ ගම හාමිනේත් එකම අච්චුවේ කියලා කීම ගැන . . .අනිත් ඔක්කෝම ගෑනු එක වගේ තමයි . . ඒත් උඹේ ගම හාමිනේ ඒ වගේ නෑ මම දකින විදිහට . ..

    අහ් අනිත් එක මම දන්නවා උඹ මේ කතාව ලිව්වේ ගම හාමිනේට කෝචොක් කරන්න නෙමෙයි උඹ දැකපු අහපු බොහොමයක් ගෑනුන්ගේ හැටි මේ වගේ කියලා උඹට හිතුනු නිසා කියන එකත් . .
    ඒක නිසා බැරි වෙලා හරි ගම හාමිනේ වලියක් ඇද්දනම් අපිට කියපන් මචන් අපි ඇවිත් වඩේ අල කරලා චොර කරලා . . අහ් නෑ නෑ . . වැඩේ ශේප් කරලා දෙන්නම් . .මේක මේ ඔයා ගැන ලියපු එකක් නෙමෙයි අනේ ඔයා ඇට අනික් ඔක්කෝම ගෑනු ගන ලියපු එකක් කියලා . .. හික්ස්

    ReplyDelete
  60. මට නම් පේන්නෙ අපේ ගම හාමිනේ උඹට තඩි පගාවක් දීල තියෙනවා වගේ. නැතිනම් අර අඤ්ඤකොරොස් දේව රාජය කිව්වද උඹට ඊලඟ පාර යූ.එන් මීටින් එකට යූ.එස් යන්න වරයක් ලබාදෙනවා මෙහෙම ලියපං කියලා ?

    ඕකෙන් මේකෙන් ගම හාමිනේ නම් ශේප් වෙයි (උඹට පිං සිදු වේවා මට වේලක් දෙකක් හරි ගෙදරින් ආපහු කන්න චාන්ස් එක හදල දුන්නට ) දැන් ඉතින් උඹ කාල වරෙන්කො නදීශා නංගිගෙන් . . . . !

    ReplyDelete
  61. @කැළණිතිස්ස ,
    මලයෝ, ගහන්න කියලා බෙරයක් බැඳ ගත්තට මොකද, ගහන කොට අතේ කර ගැටත් එනවා කියලා හිත හදාගනින්.

    @උනන්දුවා,
    සමහරු මුන්ට තියෙන සැප කියලා හීල්ලුවටා උන් පව් නේද ?

    @සහෝදරයා,
    බයවෙන්න එපා මලයෝ, හිතට දෛහිර්ය ගනින්. පීනනකොට වතුර ටිකක් පෙවෙනවා තමයි . . . !

    ReplyDelete
  62. හම්මෙ හිනා කාල පනයනව බොල මෙව්වට....

    ReplyDelete
  63. අයිය අත්දැකපු දේවල්වල තේරැම බලා ගන්න John Gray ලියපු Men are from Mars, Women are from Venus පොත කියවන්නකො. ඔයා කියවල ඔයාගෙ නෝනා අක්කටත් පෙන්නන්න. නියම පොත. මං නං කියවේව. එතකොට පිරිමි අය කරන අත්භූත වැඩ ගෑණු අයට තේරැම් ගන්න පුළුවන්. ගෑණු අය කරන වාතයි කියන වැඩ පිරිමි අයට තේරැම් ගන්න පුළුවන්. ඔට්ටුයි කියවල බලන්න. මං කියෙව්වෙ නොමිලේ බාගන්න දෙන තැනකින් බාගෙන.

    ReplyDelete
  64. This comment has been removed by the author.

    ReplyDelete
  65. ඔක්කොම එකම අච්චුවෙ කියන එක නම් ඇත්ත වෙන්න ඇති...

    කන්‍ දෙකෙන් දුම් දාගෙන වැඩකරන වෙලාවට කෝල් එනවනෙ කිසිම හේතුවක් නැතුව... කථා නොකලට කමක් නෑ... ෆෝන් එක කනේ තියන් ඉන්න ඕන... නැත්තන් නඩු... :(

    ReplyDelete
  66. හනේ මන්ද.. අයියල ඔහොම කියනකොට නංගිල කොහොමෙයි කසාද බදින්ට හිතන්නෙ.. :(
    කවුරු එක්ක කතා කලත් ඔයා එක්ක කතාකරනව වගේ නැතිව ඇති.. ඒකනෙ.. ඉතිං අයියත් පොඩියක් එයා ගැනත් හිතන්න එපැයි කියලයි මටනම් හිතෙන්නෙ..

    ReplyDelete
  67. අද තමයි මේ පෝස්ට් එක අහුවුනේ කියවන්න ......

    කියන්න වදන් නැත, සියල්ල සත්‍යයි .........

    ඒ වුනාට මුකුත්ම කරදරයක් නැතිව පාඩුවෙ ඉන්න කොටත් ඒ පවුල් ජීවිතේ කිසිම ෆන් එකක් නැහැනෙ ....

    එහෙම තියෙන්නත් ඕන මම නම් කියන්නෙ ........

    ReplyDelete
  68. දුකාගෙන් ප්‍රවේසම් වනු!!!!!!!!!!!!

    ReplyDelete
  69. නැහැ මන් කිව්වේ, වයිෆ්ලට උත්තර දෙන්න බැරි බ්ලොග් පෝස්ට් වලට උත්තරේ දුකා අතේ එවනවද කොහෙද :-D

    ReplyDelete
  70. සැටිපිකට් ඇත්ත බොල . .. . කිඹුලා කනව ඉවසතෑකි . . . හාමිනේගෙ කුනු කුනුව නෙව කාල ඉන්න බැරි . . . .

    ReplyDelete
  71. දුමි අයිය 65 කි මි යන්න පැයක් පුජ කරනවලු... අපි 25 කි මි යන්නම පැය දෙකක් ම පුජ කරනවනේ. . .

    ReplyDelete
  72. ගැහැණුයි පිරිමියි එක වගේ උනානම් කොහොම තියෙයිද?? මොනා උනත් බ්ලොග් එක හිතට ඇල්ලුවා. කතා ටික මසුරන් වටිනවා...

    ReplyDelete
  73. අඩේ පට්ට කතාව දුමියෝ

    ReplyDelete

Related Posts with Thumbnails