බුල් ෆයිට් සහ පිටින් කෑම
Posted by
ඉස්සර ඔය ඉඳල හිටලා ඉස්කෝලෙන් ට්‍රිප් යනකොට අපේ අම්මා හරි රහට බත් මුලක් බැඳලා දෙනවා. ඒකෙ අනිවාර්‍යයෙන්ම තම්බපු බිත්තරයක්, තෙම්පරාදු කරපු පරිප්පු ව්‍යෑංජනයක්, කොච්චි මිරිස් එහෙම දාලා තෙල් දාපු කට්ට කරෝල, බටු මෝජු සහ සමහර වෙලාවට තෙම්පරාදු කරපු පොල් සම්බෝලයක් තියෙනවාම තමයි.. බුදු අම්මෝ මතක් වෙනකොටත් කටට කෙළ පදාසියක් උණනවා. ගොඩක් වෙලාවට ට්‍රිප් එකේ සිහියට වඩා ඔළුවේ තියෙන්නේ කෙහෙල් කොලේ ඔතලා දෙන ඒ බත් එකට වැඩේ දෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඔය වගේ ට්‍රිප් යනකොට ඔය බත් එක තනියම කන්න ලැබෙන්නේ නැහැ කියලා අම්මා දන්නවා. ඒ නිසා අම්මා වැඩිපුර බත් මුලක් දෙකකුත් දෙනවා හයිනලා සෙට් එකක් වගේ බත් එකට කඩාගෙන පනින යළුවන්ට දෙන්න කියලා. ඒත් එහෙම කලා කියලත් ඉතින් නිවිහැනහිල්ලේ ඔය බත් එක කන්න තියෙන චාන්ස් එක ගොඩක්ම අඩුයි.
ඔය නොදන්නා පලාත්වලට ගියාම කඩවල් වලින් කාලා බඩේ අමාරු හදාගනියි කියලා බයටම තමයි අම්මා කොහොම හරි ඔය බත් මුල ලෑස්ති කරලා දෙන්නේ. කොච්චර ලොකු මහත් උනත් අපි කරදඬු උස් මහත් වෙලා පවුල් පංසල් වෙනකන්ම අම්මා ඔය වගේ දුර පලාතකට යනවා නම් බත් මුලක බැඳලා දෙන එක වැරැද්දුවේ නම් නෑ. අදටත් නිවාඩු ගිහිල්ලා ආපහු එන දවසට මුළු බෑග් එකක් පිරෙන්නම අරගෙන එන්නේ අම්මා දවසක් විතර මහන්සි වෙලා උයලා දෙන පොලොස්, ඇඹරැල්ලා, අච්චාරු, උම්බලකඩ සම්බෝල, කට්ට කරවල තෙල් දාපුවා සහ ඊට අමතරව අර ඉස්සර වාගෙම අපි හැමෝටම කන්න කියලා ඔතලා දෙන බත් මුල් ටික.
ඔන්න ඉතින් ලොකු මහත්වෙලා රස්සාවල් පරස්තාවල් කරගත්තට පස්සේ ටිකෙන් ටික අම්මගේ අතින් ඉදෙන බත් එක කන්න පින නැති වෙලා යනවා. ඊටත් වඩා මේ රාජකාරි වැඩවලට පිට රට කාරිය යන්න උනාම වෙන සන්තෑසිය තමයි ඔක්කෝටම වඩා බරපතල. මමත් මෙහේ ආපු මුල් දවස්වල අර ඉඳි ආප්ප කන්න ගිහිල්ලා හරි අකරතැබ්බයක් උනානේ. ඒ වගේ තමයි.
කාලෙකට කලින් අපිත් එක්ක එමිරේට්ස්වල නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරපු ප්‍රවීන්ටත් ඔය පිට රටවල් වල රාජකාරි වැඩ කරන්න ගොහින් ලොකු අකරතැබ්බයක් උනා. දැන් නම් ප්‍රවීන් කැන්ගරු දේශයට දරු පවුලත් එක්කම සංක්‍රමණය කරලා අවුරුදු බර ගාණකුත් වෙනවා. ඔය මම කියන දවස්වල තමයි එමිරේට්ස් මොස්කව් වලට ගමන් වාර පටන් ගත්තේ. ඉතින් මොස්කව් බ්‍රාන්ච් එකේ නෙට්වර්කින් වැඩ වලට යන්න උනේ අපේ ප්‍රවීන්ට. මේ කියන කාලේ හිම මිදෙන වින්ටර් කාලේ. එහේ ගියාට පස්සෙ තමයි ප්‍රවීන් දන්නේ රුසියාවෙ වතුර පාවිච්චියක් නැති විත්තිය. රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා "ග්ලාස් ඔෆ් වෝටර්' කියලා ඉල්ලපු ගමන් හම්බවෙන්නේ වොඩ්කා වීදුරුවක්. මොන කෑමක් කෑවත් වතුර වෙනුවට හම්බවෙන්නේ වොඩ්කා. හොඳම දේ තමයි රුසියාවට යන්න කලින් ප්‍රවීන් ෆුල් වෙජිටේරියන්. ඒ කියන්නේ සැර ජාති කට අහලකටවත් තියන්නේ නෑ.
අනික තමයි රුසියානුවෝ කියන්නේ හරිම මිත්‍රශීලී ජාතියක්. ඒ ගොල්ලෝ මිත්‍ර කම් ඇති කරගන්න එනවා කියන්නේ වොඩ්කා බෝතලයකුත් අරගෙන. අතන මෙතන කොතැන කියලා වෙනසක් නෑ, විදේශිකයෙක් කියලා දැනගත්ත ගමන් රුසියන් කාරයෙක් දෙන්නෙක් එනවා වොඩ්කා බෝතලේකුත් අරගෙන සෙට් වෙන්න. එහෙම ආවම ඒ ගොල්ලෝ වීදුරුවට දාල දෙන වොඩ්කා එක එක හුස්මට බොටම්ස් අප් ගහන්නත් ඕනේ. ප්ලේන්ටි බොනවා වගේ චුට්ට චුට්ට බොන්න බෑ. එහෙම කලොත් ඒ ගොල්ලෝ සලකන්නේ ඒ ගොල්ලන්ට මදි පුංචිකමක් කරනවා කියලයි. රුසියානුවන්ට අනුව වොඩ්කා තමයි මේ ලෝකේ තියෙන සුපිරිම පානය. ඒ කියන්නේ මේ ලෝකේ කොහේ හරි වොඩ්කා තියෙනවනම් කවදාවත් කොහේවත් නරක වොඩ්කා කියලා ජාතියක් තියෙන්න විදිහක් නෑ. තියෙන්න පුළුවන් ජාති දෙකයි. තියෙන්න පුළුවන් හොඳ වොඩ්කා සහ හොඳම වොඩ්කා විතරයි.
අර කතාවකුත් තියෙනවනේ දෙවනි ලෝක යුද්දෙදි ජර්මන් කාරයෝ රුසියාවට පැරදුනේ මොකද කියලා. ජර්මන් කාරයෝ රුසියාව ආක්‍රමණය කරන්න පටන් ගත්ත කාලේ එක දිගට රුසියාවේ තෙල් ආකර වලට, තෙල් සංචිත වලට බෝම්බ දාල විනාස කරනවා. ඔය අතර තමයි රුසියාවට වින්ටර් කාලේ ලබන්නේ. ජර්මන් කාරයන්ට බොන්න වැතුර නැති වෙනවා. මොකද ඔක්කොම වතුර මිදිලා. ඒ වගේම ජර්මන් කාරයන්ගේ යුද්ධ ටැංකි හිටං ෆ්‍රීz වෙලා යනවා. ඒකට රුසියන් කාරයෝ. උන් කොහොමත් වතුර වෙනුවට වොඩ්කා බොන නිසා සීතල ගාණක් වත් නැතිව යනවා. උන්ගේ යුද්ධ ටැංකි හදලා තියෙන්නේ තෙල් නැතිනම් වොඩ්කා වලින් දුවන්න පුළුවන් විදිහට නිසා උන් යුද්දේ දිනනවා. ජර්මන් කාරයෝ කරපු වැරැද්ද තමයි වොඩ්කා පෙරන තැන්වලට බෝම්බ දාන්නේ නැතිව තෙල් පෙරන තැන් වලට බෝම්බ දැමීම කියලා තමයි කියන්නේ.
තව පොඩ්ඩෙන් ප්‍රවීන්ව අමතක වෙනවා. කොහොමින් කොහොම හරි සතු තුනකට විතර පස්සෙ ප්‍රවීන් ආපහු ඩුබායි එනකොට අමුම අමු වොඩ්කා-බද්දෙක් වෙලා. කොටින්ම කියනවනම් ඩුබායි ඇවිල්ලත් බත් කාල බොන්නේ වොඩ්කා.
හරි ප්‍රවීන්ගේ කතාව එච්චරයි....!
කාලෙකට කලින් මම එමිරේට්ස් වැඩ කරන කාලේ, එමිරේට්ස් වල බැගේජ් හැන්ඩ්ලින් සහ ට්‍රැකින් සිස්ටම් එක ඩිසයින් කරලා ඩිවලොප් කරන්න කියලා JKCS එකෙන් මෙහේ ආවා ටීම් එකක්. ඒකේ ප්‍රොජෙක්ට් මැනේජර් විදිහට ආවේ චාන්. චාන් කිව්වට පොර චීනෙක් නෙමෙයි. හොඳ ශ්‍රී ලාංකිකයෙක්. ඇත්ත නම චන්ද්‍රලාල් හරි, චන්ද්‍රකුමාර හරි චන්ද්‍රබන්දු හරි වෙන කෙහෙල්මලක් හරි වෙන්නැති. උගේ නම කියන්න ලේසි වෙන්න සුද්දෝ තමයි ඌට චාන් කියලා බෞතීස්ම කරලා තියෙන්නේ. ඔය චාන් ඇවිත් අපි වගේ දෙගුණයක් වයස තරුණයෙක්. ෆීල්ඩ් එකේ වගේම ජීවිතෙත් හොඳටම අත්දැකීම් බහුල මනූස්සයා. මෙහේ එනකොටත් චාන්ගේ ලොකු දුව කොළඹ යුනි එකේ අයි.ටී ඩිග්‍රි එකක් කරනවා. අනේ ඉතින් ටීම් එකේ එවුන් මාමව ෂේප් කරගන්න නොකරපු දෙයක් නෑ. සමහරු ලංකාවේ ඉන්නකොට ස්වේච්ඡාවෙන් දුවට "ජාවා" උගන්නන්න චාන්ලගේ ගෙදර යනවා. හැබැයි පැට්‍රල් පුච්චගත්තට ඒ එකෙකුටවත් වැඩක් උනේ නෑ. හැබැයි කෙල්ල නම් ෆර්ස්ට් ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය ගොඩ ගියා. ඊට පස්සෙ ස්කොල් එකක් හම්බවෙලා මාස්ටර්ස් කරන්න ඇමරිකා ගියා.
ඔය චාන් ඇවිත් තමන්ගේ වයසට වඩා දෙගුණයක් වයස අඩු අපිත් එක්කත් හරි හරියට සෙට් උනා කිසිම වෙනසක් නැතිව. ඔන්න එක කාලයක් චාන් හොංකොන් පැත්තේ ගිහින් තියෙනවා රාජකාරි වැඩකට තවත් ලංකාවෙ ටීම් එකක් එක්ක. එහෙම ගිහින් ඉන්නකොට එක දවසක් කට්ටියත් එක්කම ගිහිල්ලා ඒ පැත්තේ තිබිච්ච හෝටලයකට දවල්ට කන්න කියලා. ඔන්න ඉතින් චාන් අහලා,
"මල්ලි, අද ලන්ච් වලට මොනවද තියෙන්නේ ?" කියලා...
ඔන්න ඉතින් ඒ මල්ලි කියාගෙන යනවලු....
"චිකන්, බීෆ්, පෝක්, ෆිශ්, කැට්, ඩෝග්, ස්නේක්, ෆ්‍රොග්, රැට් කියලා.....
බලනකොට මුළු ආහාර දාමයම මුන් ලන්ච් එකට උයනවා. ඉතින් මේ ලෝකේ සත්ව සම්පත්තිය ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා හිතලා චාන් සහ ටීම් එක ඔක්කාරය නවත්තගෙන එතනින් නැගිටලා ඇවිල්ලා. ඊට පස්සෙ කට්ටියම හෝටලේට ඇවිත්, අයන් එක අනිත් පැත්ත හරෝලා ඒක උඩ තියලා පොල් රොටි පුච්චගෙන කෑව කියලා තමයි කියන්නේ.
විරේන් කියන්නේ මාත් එක්කම එමිරට්ස් වල එකම ටීම් එකේ හිටපු කෙනෙක්. දැන් ඉන්නේ කැන්ගරු දේසේ. විරේන් කසාද බැන්දලා හනිමූන් ගිහින් තියෙන්නෙත් හොංකොං වලට. කොහොම හරි වෙඩිං එකෙන් දවස් දෙකකට විතර පස්සෙ විරේන් සහ විරේන්ගේ අළුත් මනමාලි වෙච්චි ඇව්රිල් හනිමූන් බලා පිටත්ව යනකොට ඇව්රිල් වීල් චෙයාර් එකේ. මොකද උනේ කියලා අපි ඇහුවේ නෑ. හැබැයි එහෙම තමයි උනේ. කලින් බුක් කරපු ගමන නවත්තන්න බැරි නිසා විරේනුත් ඇව්රිල්ව වීල් චෙයාර් එකේ තියාගෙනම හොංකොං ගියා. ඉතින් ඔහොම හොංකොං ගිහින් හෝටලේටත් චෙකින් උනා කියමුකෝ. ගමන් මහන්සියටයි, වීල් චෙයාර් එකේ එහෙමෙහේ ගෙනියන්න කරදර නිසයි විරේන් ඇව්රිල් කාමරේ තියලා තනියම කෑමට මොනව හරි අරගෙන එන්න කියලා කාමරෙන් එලියට ආවා. ඊට පස්සෙ හෝටලේ ලොබී එකේ පොඩ්ඩක් ඉඳගෙන වට පිට එහෙම බලනකොට ඔන්න විරේන් දිහාවට මනුස්සයෙක් එනවා. ඇවිත් විරේන්ගේ අතේ මෙනූ පොතක් තියනවා. බලනකොට ඒක මෙනූ එකක් නෙමෙයි ඇල්බම් එකක්. උයලා කන කෑම නෙමෙයි ඒකේ තියෙන්නේ වෙන කෑම ජාතියක්.
ලස්සනම ලස්සන කෙල්ලෝ ඉන්න ෆොටෝ ඇල්බම් එකක්. ඔන්න විරේනුත් ඉතින් ඕක අතේ තියාගෙන පෙරල පෙරලා ලස්සන බලනවා. ඇල්බම් එක දීපු පොරත් ලඟ ඉඳගෙන එක එක ෆොටෝ වල ඉන්න අයව වර්ණනා කරනවා. ජීවිතේට උණුවතුර මිසක් ඇල්වතුරවත් නොබොන විරේන් ඉතින් මුල ඉඳන් අගට ඇල්බම් එක බලලා අර පොරට ආපහු දුන්නලු...!
ඔන්න එක පාරටම අර පොර පොඩ්ඩක් ඉන්න කියලා තව ඇල්බම් එකක් දුන්නලු.
අප්පට සිරි ඒකෙ ඉන්නේ තනිකරම පිරිමි. එක එක ජාතියේ බොඩි තියෙන පොරවල් ඒකේ ඉන්නවා.
සික් විතරක් මුන් නම් කියලා විරේන් ආපහු ඇල්බම් එක අරූට දීලා. ඒත් බුවා ලේසියෙන් ගේම අති අරින පාටක් නෑ. ආපහු අතින් පොඩ්ඩක් ඉන්න කියලා මූ තව ඇල්බම් එකක් දෙනවලු විරේන්ට.
අප්පද බොල සනුහුරේ කිව්වලු. මෙන්න බොලේ ඒක තියෙනවලු පොමනේරියන්, ඇල්ෂේශන්, ටෙරියර්, ඩොබර්මන්, බුල්ඩෝග් ඊට අමතරව ලංකාවෙ ඉන්නවා වගේ වල් බල්ලන්ගේ පින්තූර තොගයක්. විරේන් ඇස් දෙක ලොකු කරගෙන අරූගේ දිහා බලනකොට ඌ කියනවලු,
සර්, අයි ගිව් යූ වුමන් - යූ නෝ ලයික්, අයි ගිව් යූ මෑන් - යූ නෝ ලයික්
ටෙල් මී සර් යූ නෝ ලයික් ඩෝග් ඕල්සො...?
අනේ හොඳ වෙලාවල ඇව් රිල් වීල් චෙයාර් එකේ හිටියේ කියලා හිත හිත විරේන් ආපහු කාමරේට ආවලු.
එමිරේට්ස් වල වැඩ කරන අපේ කණිෂ්ක ගැන මම කතා දෙක තුනක්ම කියලා තියෙනවා. අන්තිම කිව්වේ අර 31ස්ට් නයිට් ගත කරන්න කියලා දවස් දෙක තුනකට ලංකාවට ගිය කතාව. දැන් එමිරේට්ස් අයිටී සිකියුරිටි ටීම් එකේ වැඩ කලාට ඒ දවස්වල කණිෂ්ක වැඩ කලේ එමිරටේස් වල "සිස්ටම්ස්" ටීම් එකේ. ඔන්න ඉතින් කණිශ්කට රාජකාරි වැඩකට යන්න වෙලා තිබුනේ ස්පාඤ්ඤ්යට එහෙම නැත්නම් ස්පේන් වලට. එහේ මාසෙක හාමාරක රාජකාරී කටයුත්තකට තමයි කණිෂ්ක ගිහිල්ලා තිබුනේ. ඉතින් දවසක් ඔය රාජකාරී වලින් මිදිලා හවස් යාමෙක කණිෂ්ක වටේ පිටේ ඇවිදින්න ගිහිල්ලා. එහේ තියෙන සුවිශේෂ, සංචාරක ඇට්‍රෑක්ෂන් එකක්නේ ඔය "බුල් ෆයිටින්" කියලා කියන්නේ. අර රෙද්දක් වන වනා පොරක් ඇවිත් හරකෙක්ව හලාල් කරන සෙල්ලම. කොහොමින් කොහොම හරි අපේ කනිෂ්කත් ඔය බුල් ෆයිටින් එකක් බලන්න සෙට් වෙලා. ඔන්න ඉතින් හරි අති උද්වේගකර රෙද්ද වැනිල්ලකට පස්සෙ බුල් ෆයිට් කරපු පොර හරකව හලාල් කරලා දාලා. ඉතින් ඕක බලලා ඉවර වෙනකොට ගොඩක් හවස් වෙලා. ආපහු පාරට බැහැපු කනිෂ්කගේ බඩ පණුවෝ බුල් ෆයිට් කරන වෙලාවක් ඒක. එහෙන් මෙහෙන් ඉව අල්ලගෙන කනිෂ්කත් ගිහිල්ල ලඟ පාත තිබිච්ච රෙස්ටුරන්ට් එකකට. ඒකට ගිහිල්ලා මෙනූ එකත් අරගෙන එහෙන් මෙහෙන් කියවලා ඔය මොනව හරි දෙයක් ඕර්ඩර් කරලා පොර දැන් බලාගෙන ඉන්න්වලු. ඒත් එක්කම පොරගේ ටේබල් එකට මෙහා ටේබල් එකට වේටර් කෙනෙක් දුම් දාක්ගෙන චිරිස් බිරිස් ගාගෙන (අර සිස්ලින් කියලා කියන්නේ ) පලාතම සුවඳ ගස්සගෙන කෑමක් අරගෙන ආවලු. අනේ ඉතින් අර මේසෙ ඉන්න එකත් හෙන පෙරත කමෙන් අර ගෙනාපු කෑම එක කාගෙන කාගෙන යනවලු. පලාතම සුවඳයිලු. දැන් කණිශ්කගේ බඩගින්න දෙගුණ තෙගුණ වෙලා ඔන්න ඊට පස්සෙ කණිෂ්ක වේටර් කොළුවට කතා කරලා ඇහුවලු අර එහා ටේබල් එකට ගෙනාපු කෑම එක මොකක්ද කියලා. ඒ පාර වේටර් කොළුවා කියනවලු,
"සර්, ඒක මේ අපේ ඩෙලිකසි එකක් (සුවිශේෂී කෑමක් ) ඒ අර බුල් ෆයිට් එකෙන් මැරිච්ච හරකාගේ ටෙස්ටිකල් (වෘෂණ කෝෂ) දෙක...." ”මේ පැත්තටම මේක දෙන්නේ මේ අපේ හෝටලේ විතරමයි. ඒක නිසා......ගාණත් ටිකක් සැරයි” … කියලා…
ඒ තිබිච්ච සුවඳේ හැටියම මොන කෝශේ උනත් කණිශ්කට මේක කන්න දැන් තියෙන්නේ පුදුම පෙරේත කමක්.
ඉතින් කණිශ්කත් කිව්වලු " කමක් නෑ...මටත් ඒ කෑම එකක් ගේන්න කියලා..."
ඒ පාර වේටර් කිළුවා කිවාලු,
"සර්, එක දවසකට තියෙන්නේ එක බුල් ෆයිට් එකක් විතරක් නිසා මේ කෑම එක හම්බවෙන්නේ දවසට එකක් විතරයි. ඒක අර එහා ටේබල් එකේ මහත්තයා කලින්ම ඕර්ඩර් කරලා තිබුනේ. සර් කැමති නම් හෙට බුල් ෆයිට් එකේ ටෙස්ටිකල්ස් දෙක ඔර්ඩර් කරන්න පුළුවන්..." කියලා
ඔන්න ඒ පාර කණිශ්කත් කැමති වෙලා පහු වෙනිදට ඕර්ඩර් එක දාලා සල්ලිත් ගෙවලා ආවලු.
ඔන්න ඉතින් ඒ දවසත් බොහොම අමාරුවෙන් ගෙවලා දාලා කණිශ්ක හවස් වෙලා කෙලින්ම හෝටලේට ගියාලු. ඔන්න ටික වෙලාවකින් අර ඊයේ විදිහටම දුම් දාගෙන, චිරිස් බිරිස් ගාගෙන සිස්ලින් කෑම දීසියක් මේසෙට ආවලු. පලාතම සුවඳයිලු දැන්. කණිශ්කත් මේලෝකේ සිහියක් නැතිව මේක දැන් කාගෙන කාගෙන යනවලු. කෑම එකත් මාරම රහයිලු. ඒත් මදියි මදියි වගේලු. කණිශ්කට මතක් උනාලු කලින් දවසේ අල්ලපු ටේබල් එකට අරගෙන ආපු ඩිශ් එකේ ප්‍රමානේ මීට වඩා වැඩියි නේද කියලා. ඊට පස්සෙ කණිෂ්ක අර වේටර් කොළුවට කතා කරලා කම්ප්ලේන් පාරක් දැම්මලු.
"මල්ලි, අර ඊයේ එහා ටේබල් එකට දුන්නු කෑම එකේ ප්‍රමාණෙන් භාගයක්වත් අද මගේ කෑම එකේ තිබුනේ නෑනේ....." කියලා.....
“ආ සර් ඒ අද බුල් ෆයිට් එකෙන් හරකා දිනලනේ.... “ එහෙම තමයි සර් ඉඳලා හිටලා බුල් ෆයිට් එකෙන් හරකා දිනනවා සර්…” කියලා කිව්වලු....!

ඉතිං ඊට පස්සෙ කනිෂ්කට තමංගෙ අහවල් එක කපාගෙන මැරෙන්න හිතුනලු ද?
ReplyDelete//ඒ ගොල්ලෝ මිත්‍ර කම් ඇති කරගන්න එනවා කියන්නේ වොඩ්කා බෝතලයකුත් අරගෙන.// අනේ අම්මප අපේ එවුවංට ගල් බෝතලයක්වත් අරං එන්න තරං ආචාර ධර්මයක් නෑනෙ.
//අම්මප අපේ එවුවංට ගල් බෝතලයක්වත් අරං එන්න තරං ආචාර ධර්මයක් නෑනෙ.//
Deleteඅනේ පලයන් යන්න. අපි අරක්කුත් අරගෙන උබලගේ ගෙවල් පැත්තෙ එන්න හදද්දී උබ බුකියේ හැන්ගුනේ
උඹල බඩු ගේනවයි කියල ඒකෙ කොහෙවත් තිබුණෙ නෑනෙ. ඒකෙ තිබ්බ විදියටනං මට බාර් එක සල්ලිවලට ගන්න වෙන සයිස් එකක් තිබුණෙ. :D
Deleteඑහෙම අරගෙන එනවනං අපි හැංගෙන්නෙ නෑ. අහපංකො ඔය නලින් අයියගෙන් එහෙම.
නෑ, ඌ ආපහු ස්පාඤ්ඤේ යන්න ඉන්නේ. හැබැයි ඌ අර රෙස්ටුරන්ට් එකට ඕර්ඩර් කරන්න යන්නේ හරියටම හරකා දිනන දවසක් ඌට ආපහු කියන්න කියලා.....!! එච්චරටම රසයිලු....!
Deleteඕකට "රොකී මවුන්ටන් ඔයිස්ටර්ස්" කියන්නේ නිකන් යෑ
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
:D
ReplyDelete:D
Deleteඊට පස්සෙ ඉඳන් අරූට කැනිබල් කියලා කිව්වලු.. රුසියෝ නම් වොඩ්කා.. වොඩ්කා නම් රුසියෝ.. කිව්වා වගේම බොක්ක හොඳ උන්.. ඒ වගේම කොකු මාරයෝ..
ReplyDeleteවොඩ්කා බීලා කොකු දාගන්න රුසියන් කාරයොයි, ගල් කාලක් බීලා කොකු දාගන්න ස්‍රී ලංකා කාරයොයි ඔක්කොම එකයි....!
DeleteSupiri katha set eka
ReplyDeleteThank you !
Deleteකණියා අද ගෙදර ගිහින් ඉවරයි.......
ReplyDeleteතාම ගෙදර ගිහින් නෑල්ලුද ?
Deleteඅපේ පන්තියේ ගම්පහ ඉඳන් ආපු කොල්ලෙක් හිටියා. දවල් ඉන්ටවල් එකට බත් මුලක් ගෙදරින් ගේනවා තම්බපු බිත්තරයක්, තෙම්පරාදු කරපු පරිප්පු ව්‍යෑංජනයක්, කොච්චි මිරිස් එහෙම දාලා තෙල් දාපු කට්ට කරෝල, බටු මෝජු එක්ක . පන්තියේ තව සෙට් එකක් හිටියා කොල්ලන් ගේ ලන්ච් පැකට් වලට වැඩ දෙන. ඒ සෙට් එකට තම්බපු බිත්තර තෙම්පරාදු කරපු පරිප්පු පේන්න බැහැ
ReplyDeleteඕවා ඉතින් හැම ඉස්කෝලෙකම හැම පන්තියකම සිද්ධ වෙච්චි දේවල් තමයි....!
Deleteහුකෑස්! දුමියා කණිෂ්ක අතින් අභාවප්ප්‍රාප්ත උනා කියලා පත්තරේ යයිද දන්නෑ හෙට අනිද්දා වෙද්දි.
ReplyDeleteරනින් ෂූස් දාගෙන ඉන්නේ.....!
Deleteයකෝ මඩ ගහන්න එපා. කණිෂ්ක හීනෙන්වත් ස්පාඤ්ඤ්යට ගිහින් නෑ.
ReplyDeleteහලෝ කණිෂ්ක....! මේක ඉතින් උඹම කිව්ව කතාවක්නේ.....! උඹ සාමාන්‍යයෙන් උඹට වෙච්චි දේවල්, අනිත් උන්ට උනා වගේනේ කියන්නේ.....!
Deleteඉස්සෙල්ලම කියවන්න ලැබුනේ දුමී බබා කාලේ තෙල් ගා ගත් හැටි.මගේ හුස්ම හිරවෙන තරම් හිනා ගියා,මහ රෑ මැද. ඉන්පස්සෙ එක හුස්මට ඔක්කොම කියව ගෙන ගියා. අද කමෙන්ට් කලත්,කලක ඉඳන් කට කහන කතා මගේ ප්‍රියතම බ්ලොග් එක.තමන්ගේ වෘත්තියේත් විශිෂ්ඨයෙකු වන දුමී ලේඛණයේදීත් දක්වන කුසලතාව නම් කියලා වැඩක් නැහැ.සුපිරි..! අපහාස කතා, අමු කුනුහරුපත් නැහැ ....ඒකෙත් හැටි බලමු!හැම ඉංජිනේරුවාම එක වගේ නැහැ කියල තමයි ගන්න තියන මෝරල් එක.
ReplyDeleteඅතින් ගෙවන් හරි මහින්දට චන්දෙ දෙන්න එනවා කියපු එකත් කිව්වේ සිරාවටමයි කියලා බලවත් විශ්වාසයකුත් තියනවා.
දිගටම ලියන්න, දිගටම කියවන්න ඕන නිසා.
අනේ මේ, ඔය හුස්ම හිරකරගෙන මොනවා හරි උනෝතින් ඉතින් අපි නම් නෑ...!
Deleteඅපි ඉතින් කතරේ නොකා හිටියත් නොකර කතා ඉන්නේ නෑ... කිව්වොත් කිව්වා තමයි....!
කණිෂ්කයා ගේ කතාවනම් කලින් අහලා තියෙනවානේ දුමීයෝ මම නම්.හැබැයි එකෙන් මේ කතා ටිකේ රසයට හානියක් වෙන්නේ නැහැ.
ReplyDeleteඅම්මාගේ කෙහෙල් කොළේ බත් එකට අපේ කටටත් කෙල වුනනවා.
අප්පට සිරි, කණිෂ්කයා මේ කතාව තවත් එවුන්ට කියලා...!
Deleteජල්ලි ජකර ජල්ලියා
Deleteඅනේ අයියා ,ඔයා කතා ගොඩාක් එකට ලියලා.ඒ ඔක්කම එක දිගටම කියෙව්වා. හරියට රසයි අම්මා උයපු කෑමෙක වගේ........
ReplyDeleteවැඩේ තියෙන්නේ පිරිමින්ට රසම අම්ම උයන කෑම..වෙන කිසිනෙක්ට බෑ ඒ වගේ උයන්න. අර කියන විදිහට පිරිමියෙක්ගෙ හදවතට රිංගන මාර්ගය තියෙන්නේ කටින්ලුනේ.( ඒ කියන්නේ රස කැම හදල දීලා හදවත දිනන්න පුලුවන් කියලා )
එහෙම තමයි ඉතින්. එක කතාවක් ලියන්න සෙට් වෙනකොට ඒකට සම්බන්ධ තව සිද්ධි බර තොගයක් මතකෙට එනවා. ඒවැයිනුත් සමහර ඒවා ලිව්වේ නෑ දිග වැඩි වෙන නිසා...
Deleteඅපේ අම්මගේ කෑම එකට ගහන්න කෑම එකක් නැති බව නම සහතිකයි. ඒ වගේම ගම හාමිනේගේ අම්මාත් කෑම හදනවා ලොවෙත් නැති වෙන්න..... මුල් කාලෙදි රබර් බෝල ඉටිපන්දම් කනවා වගේ මම කෑම කෑවත්, දැන් නම් අපේ ගම හාමිනේ උයනවා ඉවිල්ලක් පබිලිස් කැලේ....!
බත් මුල් කියද්දි මතක් උනේ.. අපි ප්‍රැක්ටිස් වගේකට ඉස්කෝලෙ හවහට නතර උන කාලයක් තිබුනා.එකෙක් ගෙ බත් එක මාර රහයි.ඒකට පොර කනවා.ඒත් ඌ කැමති නෑ බෙදා ගන්න.හෙන පෙරේතයා.ඒ නිසාම ඒක කන්න අපි පනිනවා.මුගෙ බත් එකේ උඩින්ම බිත්තරේ පේන්න තියෙනවා.. කොල්ලො ඒකට පොර කනවා.ඒ අතරේ මූ හෙමින්ම මොකක්දෝ කටේ දා ගන්නවා මට මීටර්.මමත් දවසක් කට්ටිය පොර කන අස්සෙ මූ අත දාන තැනටම අත දානකොට බත් එකේ අඩියෙම තිබුනු තවත් බිත්තර බාගයක් මාට්ටු.උඩ බාගයයි.යට බාගයයි.එදා ඉඳන් ඔන්න මටත් බිත්තර ලැබුනා.
ReplyDeleteඔය බුල් ෆයිට් කොරන උන්ටයි බලන උන්ටයි ඔහොමමයි වෙන්න ඕනෙ.
ජයවේවා..!!
අපේ සමහරු කරන්නේ බත් එක ඇරිය ගමන් බිත්තරේ එහෙම පිටින්ම කටේ දාලා ආපහු බත් එකේ තියනවා. එතකොට එකෙක්වත් බිත්තරේ අල්ලන්නේ නෑ...
Deleteතව එකෙක් ඌ ගෙදරින් අරගෙන එන බත් එක කවදාවත් කන්න ලැබෙන්නේ නැති නිසා ඌ බත් එක ඇරපු ගමන් ඒකට තුහ් තුහ් කියලා දෙපාරක් තුන්පාරක් කෙළ ගහනවා. එතකොට එකෙක්වත් කිට්ටු වෙන්නේ නෑ... ඕක ටික කාලයක් හරි ගියා..... ඔන්න ඊට පස්සෙ අරූ කෙල ගහපු ගමන් අනිත් එවුනුත් ඇවිල්ලා උගේ බත් එකට කෙල ගහලා යන්න පටන් ගත්තා.... අනේ ඉතින් බත් එක ඌටත් නෑ අනිත් උන්ටත් නෑ..... එදායින් පස්සෙ අරූ කෙල ගහන එක නැවැත්තුවා....!
නියම කතා ටිකක් කියෙව්වා :D. සුපිරියට ලියල තියෙනව.
ReplyDeleteජය වේවා!!!
බොහෝම ස්තූතියි...!
Deleteනරක වොඩ්කා කියලා ජාතියක්නං මාත් දන්නෙ නෑ. මෙන්න මේ කියන්නෙ කණිෂ්කයා ගැනද බලාපං පොඩ්ඩක්...
ReplyDeletehttp://madhumadhavi135.blogspot.com/2015/04/02.html
ඉතින් බලහන්කෝ මේ කණිෂකයව තියන්න වටිනවද කියලා.... ඌ මුළු ලෝකෙටම මේ කතාව කියලනේ...!
Deleteරුසියාවේ ගිහින් නෑ. යන්ට තිබ්බ ආසාව බයකට හැරුනා වොඩ්කා කතාව ඇහුවාම...:P
ReplyDeleteඅහවලා නම් හොංකොං ගෙනියන්නේ නෑ කියලත් හිතා ගත්තා...වෙන දෙයක් හන්දා නමෙයි. ආපහු යනකොට වීල් චෙයාර් එකේ ගෙනියන්ට කරදර හන්දා...:D:D
හයියෝ වොඩ්කා බොන එක එච්චර අමාරු නෑ... අපිත් බොන්නේ ෆ්‍රෙෂ් ඔරේන්ජ් ජූස් හරි ක්‍රැන්බෙරි ජූස් එක්ක හරි තමයි...!
Deleteඑනකොට වීල් චෙයාර් එකේ නෙමෙයි, යනකොටම වීල් චෙයාර් එකේ දාගෙන ගියානම් ලේසියි.....!
යකෝ! ඊට පස්සේ අරූ හැටට හැටේ ළමයි හදන්න ඇති මං හිතන්නේ!
ReplyDeleteඋගෙන් අහලා බලන්න ඕනේ.... අපි දැනුවත්ව නම් ඌට ඉන්නේ එක පොඩ්ඩයි..!
Deleteමගේ එහා පැත්තෙත් රුසියන් කෙල්ලෙක් හිටියා කාලයක්...උන් කථා කරන්නෙ රුසියන් භාෂාව පුදුම වේගයකින්..වචන පොකුරු පිටින් පිට පනින්නෙ. ඒකිට මෝඩ අහංකාර කමක් තිබුනා. කවුරුවත් කියන දේ ගනන් ගන්නෙ නෑ. මැලේසියාවෙ ඉදපදිලා මැලේසියාවෙම දණගාපු අපේ ඩ්‍රයිවර්ලට ෂෝට් කට් කියා දෙන්න ගිහින් ඒකි හොදට අහගත්තං සිං කෙනෙක්ගෙන් දවසක්.....
ReplyDeleteමට තියෙන අත්දැකීම් වල හැටියට රුසියන් බුවාලා ආඩම්බරයි...මිත්‍රශීලී නෑ ඒ තරම්....සිංහරාජෙ ගයිඩ් කෙනෙකුත් මට වතාවක් කිව්වා..රුසියන් උන්ව ඒ අයට දිරවන්නෙත් නෑ කියලා...අන්තිම කථාව නම් පස්ටයි...
රුසියන් නෙමෙයි, මොන කෙල්ලද කියහන් අහංකාර නැත්තේ.....! උන්ගේ අහංකාරකම නැති වෙන්නේ මොනවහරි උදව්වක් ඕන වෙන වෙලාවට විතරයි.....!
Deleteරුසියන් කාරයෝ අම්බ ලෝබයෝ. සාමාන්‍යයෙන් සංචාරය කරන් උන් නෙමෙයි......
test
ReplyDeleteදාපු කමෙන්ටුව ගියා කොහේදෝ?
Deleteබුල් කතාව අහල තියනව. මම කල්පනා කලේ 40ටත් වැඩිය සැර වොඩ්ක වතුර වෙනුවට බොන්නෙ කොහොමද කියල.
හොංකොං වලට හනිමූන් යන්න ඕන තනියම!
ඒ කියන්නේ කණිෂ්කයා මේ කතාව උඹටත් කියලා තියෙනවා...!
Deleteදත කට ෆ්‍රීz වෙලා තියෙන වෙලාවක ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එකෙන් වැඩක් නෑ....!
40 මොනවද අනේ...කොරියාවෙ ඉන්න උන්ගෙන් අහන්නකො එහෙ ඉන්න චීන්නු 62% වොලියුම් එක කටේ තියාගෙන බොන හැටි...
Deleteඅන්සතු දිනපොතේ දාපු කොමෙන්ටුවකින් මේ පැත්තේ ආවේ. නියම බ්ලොගක්නේ. //කොච්චි මිරිස් එහෙම දාලා තෙල් දාපු කට්ට කරෝල, බටු මෝජු සහ සමහර වෙලාවට තෙම්පරාදු කරපු පොල් සම්බෝලයක් තියෙනවාම තමයි// කටට කෙල උනනවා තමයි. මම ලංකාවට ආවම අම්ම අනිවාර්යයෙන්ම පොල් සම්බෝල තෙල් දාල , මාළු ඇඹුල් තියල පරිප්පු තෙල් දාල දෙනවා. දෙවෙනි දවසේ තම කැරොල් තෙල් දාන මෙනු එකට යන්නේ. වොඩ්ක ගැන නම් කියන්න එපා. දැනුත් හදිසියට හෙම්බිරිස්සාවක් හැදුනත් බොන්නේ වොඩ්ක තමා.
ReplyDeleteසාදරයෙන් වෙල්කම් කට කහන අඩවියට........!
Deleteඅම්මලා එහෙම තමයි. ඒ ගොල්ලෝ හැමදාම හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ උයලා දෙන කෑම නැතිව අපි බඩගින්නේ ඉන්නවා කියලයි....
රුස්සෝ වොඩ්ක බොන්නේ නීට්. බිල ඉවර වෙලා කලු පාන් කැල්ලක් ඉඹිනවා. නැත්නම් ඌරු තෙල් මන්දකින් කෑල්ලක් කනවා. අපිත් පුරුදු වුනේ එහෙමයි. දැන් තමා මේ ඔරෙන්ජ් ජුස් එකක් බොන්නේ. මට උගුරේ අමාරුව හෙම්බිරිස්සාව හැදුනම රූස්ස කලේ වොඩ්ක එකට ගම්මිරිස් කුඩු කරලා දාල මට උගුර හෝදන්න කියල දුන්න එක. මම තවමත් ඒක කරනව උගුරේ අමාරුවක් ආවම. මචන් අර ටෙස්ටිකල් කතාව නම් එල. මොන්ගෝලියන් එවුන් හරියට කනවා මෙහෙත්.
Deleteමෙතෙන්ට දැම්මා අවුලක් නැහැනේ.
Deletehttp://nelumyaya.com/?p=2926
රුස්සෝ වොඩ්ක බොන්නේ නීට්. බිල ඉවර වෙලා කලු පාන් කැල්ලක් ඉඹිනවා.
Deleteහෑ ? අමුවෙන් ගහලා කලු පාං කෑල්ලක් ඉඹිනවා ? ඒ මොකටද ?
මෙච්චර කාලයක් අහලා තිබුනේ උගුරේ අමාරුවට බ්‍රැන්ඩි හොඳයි කියලනේ..! වොඩ්කා රෙමිඩියත් එහෙනම් ට්‍රයි කරලා බලන්න ඕනේ....! (උගුර හෝදලා විසි කරන්න කියලා නෑනේ ? )
මෙතෙන්ට දැම්මා අවුලක් නැහැනේ.
http://nelumyaya.com/?p=2926
කොච්චර හොඳයිද ? තව කවුරු හරි මේක කියවනවනේ එතකොට....!
මචන් සාමාන්‍යයෙන් ත්‍රී බැරල් එක වගේම වොඩ්ක ගහන්නෙත් නීට් තමා. රුස්සෝ විතරක් නෙමේ රුස්සියොත් එහෙමයි. අපිත් එහෙම බොන්න තමා පුරුදු වුනේ. කළු පාන් හොයල බලන්න. තද පුසුඹක් තියෙනව. රූස්ස පාන් කෑල්ල ඉතුරු කර ගණන් ද කොහෙද කරන්නේ.
Deleteහොයලා බලනකොට මෙන්නේ මේකෙ තියෙනවා විස්තරයක්.....රුසියන් කළු පාං ගැන...
Deleteරුසියන් කළු පාං
http://www.diet-blog.com/11/the_nutrition_of_animal_testicles.php
ReplyDeleteරස පාටයි නේද ?
Deleteමටනම් දෙයියනේ කියල රුසියන් ටයිප් එකේ යාළුවොම තමයි වැඩිපුර ඉන්නේ. නමුත් මෙන්න මේ වෙනස්කම් ටික තියෙනවා.
ReplyDelete01. අපිව බලන්න බෝතල් අරගෙන නොපැමිණේ.
02. ඒ වෙනුවට සවස් ජාමයේ "අද මොකද කරන්නේ" යන පැනය ඉදිරිපත් කරයි.
03. වොඩ්කා වැනි අවර්ණ බීම වර්ග වලට එතරම් මනාපයක් නැත.
අපේ එකෙක් ඉන්නවා ඌට දොළ පිදේනි විදිහට Single malt විස්කි ලැබෙනවා. ඌ ඉතින් උන්ගේ ගෙදරට එන්න කියනවා සැරින් සැරේට...
කොහෙද ඉතින් ඌ කතා කරන කරන පාරට සෑහෙන දුරක ඉන්න උන්ගේ ගෙදර යන එක තමයි අවුල.
අනික යනවනම ගෙදර උන්වත් අරගෙන යන්න එපෑ. ඒ නිසා ඒ වගේ වටිනා අවස්ථා මග ඇරලා ලෝකල් මෝල්ට් වල පිහිට යදින්න සිද්ධ වෙන එක ගැනයි දුක.
////කොච්චි මිරිස් එහෙම දාලා තෙල් දාපු කට්ට කරෝල, බටු මෝජු සහ සමහර වෙලාවට තෙම්පරාදු කරපු පොල් සම්බෝලයක් තියෙනවාම තමයි//
මගේ හාමිනේටත් සෑහෙන්න රහට උයන්න ඇහැකි නිසා අම්ම උයන කෑම වල අඩුව ඒ තරම් දැනෙන්නේ නැහැ.
ඒ නැතත් මාසෙකට වතාවක් දෙකක් ගෙදර දුවන නිසා කෑම ගැනනම් ලොකු ගැටළුවක් නැහැ.
අපිත් රට හිටපු කාලේ කන්න ගිය එක තැනක බැටළුවන්ගේ ටෙස්ටිකල් තිබුනා. මගෙත් එක්ක හිටපු අනිත් උන් මම නැති දවසක කාල තිබුන. මම ගිය එක දවසකවත් බඩු නැහැ.
මාර ඩිමාන්ඩ් එකක් තියෙන කෑමක්... හෙහ් හෙහ්
ඒ කියන්නේ ලොකු පුතා රුසියාවේ රුසියන් නෙමෙයි වෙන්නැති ආශ්‍රය කරන්නේ ... රුසියන්ව ආශ්‍රය කරලත් සුදු පාට බීම වලට මනාපයක් නෑ කියන්නේ අපරාදයක්.....!
ReplyDeleteඋන් අකමැති උනාට මම කැමැතියි, ඒ මදෑ...
Deleteට්‍රිපක් යන වෙලාවට දුර ගමනක් යන වෙලාවට අපේ අම්මගෙත් අනිවා මෙනූ එක සුදු කැකුළු බතයි හින්දල හදන පරිප්පුවයි හාල්මැස්සෝ බැදුමයි බෝංචි වෑංජනෙයි තම්බපු බිත්තරෙයි.. කියවද්දිත් මේ ටික ලියද්දිත් කටට කෙළ ඉනුවා දුමී.
ReplyDeleteමගේ යාලුවෙකුට දවසක් තායිලන්තෙදි උනා චාන් ට උනා වගේ වැඩක්.. මං අමාරුවෙං 'කාඔ පෑඩ් ඛයි' කියල චිකන් ප්‍රයිඩ් රයිස් ඇබින්දක් දම්ම ගත්ත. මූ වෙජිටේරියන්.. අම්මට සිරි මෙනු එකේ මෂ් රූම් සුප් එකක් තියෙනව දැකල මූ උඩ පැනල ඕඩර් කරේ. වේටරයා තායි භාශාවෙනුයි කැඩිච්චි ඉංග්‍රීසියෙනුයි මොනව මොනවද ඇහුව ඔක්කෝටම මූ යස් යස් ඕකේ ඕකේ කියුවේ තිබ්බ බඩගින්නටම.. මං කාලත් ඉවර වෙලා පැය බාගෙකට විතර පස්සේ මූට කෝටු කෑලි දෙකක් එක්ක මොකක්ද කලුපාට හොද්දක් දාපු ෆින්ගර් බෝල් එකක් වගේ භාජනයක දාල ගෙනත් දුන්නා.. ඒක දැකල මුගේ මූණ ඇද වෙච්චි විදිය මට තාම මතකයි. මං ඉතින් කියුවා නොදන්න මඟුල් ඉල්ලුවානම් දැන් බීපන් කියලා. කෝකටත් මූ අර කෝටු දෙක දාල වටයක් කැරකුවා. කලු හොද්ද මැදින් මුලින්ම මතු උනේ අමුවට පේන්න තිබ්බ මල් ගෝවා කෑලි ටිකක්.. දෙවෙනි පාර කැරකුවාම මතු උනේ.. හැක්.. තඩි ගෙඹි කකුල් දෙකක්.. එතනින් එහා කියන්න ඕනි නෑ..
කනිශ්කට වෙච්චි සීන් එකමද මංදා මටත් මතක් උනේ මදාවියා ඔය ගැන ලියපු කවි ටික තමයි.
ගෙඹි මසුත් චිකන් වගේ කියලා තමයි කියන්නේ. කාපු අය කියන්නේ. මම නම් කාලා නෑ...!
Deleteඑකපාරක් දෙපාරක් ඔටු මස් නම් කාලා තියෙනවා. හරක් මසුයි ඔටු මසුයි අතර වෙනසක් නම් නෑ....! ඒත් කනකොට මේ ඔටු මස් නේද කියලා පොඩි පැකිලීමක් එන නිසා එච්චර කන්න රුචියක් නැතිව යනවා....
ආහ්... තව පාරක් නොදැන එළුවගේ මොළය කෑව පකිස්තාන් රෙස්ටුරන්ට් එකකින්. ඒක නම් රසයි. ආපහු කන්න නම් හිතක් නෑ....
රවිය මතක් උනා
ReplyDeleteරවියා ?
Deletewww.ranrandil.blogspot.com
Deleteමම රන්දිල්ගේ බ්ලොග් එකයි, රවීවයි දන්නවා. ඩ්‍රැකී වහෙන් ඔරෝ මොනවද කියන්නේ කියලා තමඉ තේරුමක් නැත්තේ....!
Deleteමේ දවස් වල අග ඉඳං මුලට රවියගෙ බ්ලොග් එක කියවනවා. රවියත් කියන කතා මේ වගේම තමා, ටිකක් කල්පනා කරලා තේරුම්ගන්න හරි විශ්වාස කරන්න හරි ඕනෙ. සංසන්දනය කරළා, සමාන කළා. ඒකයි...
Deleteදුමියි, රවියි, සෑහෙන පරණ බ්ලොග් රචකයො නෙ. අපිට සෑහෙන්න තියෙනවා ඔය දෙන්නගෙන් කියවලා එකතු කරගන්න දේවල්.
සිය රට දේ... සිරි සැප දේ... කියනවනේ! ඔය කොරියාවට යන අයටත් බලු මස් නොකියම කවනවලු නේ... කෑවට පස්සෙලු කියන්නෙ... ඊට පස්සෙ නොකා ඉන්න බැරිලු..!
ReplyDeleteහරකෙක් නැතුව වැරදිලාවත් එලදෙනක් ගන්නෙ නැද්ද ඔය ෆයිට් වලට? එහෙම වුනානං කන්න දෙයක් තියේවිද?
ReplyDeleteDume,
ReplyDeleteHow do I contact you? Can you please send me your e mail address?
Thanks
Indika Amaratunga - Wellington, NZ
හෙහ් හෙහ් පට්ට...........
ReplyDeleteඅඩේ මේක මිස් වෙලානේ..
ReplyDeleteවොඩිකා සැරද බන්.මටත් හදිසියේ හරි රුසියාවට යන්න උනොත්...
ReplyDeleteරුසියන්කාරයො උන් අඳුරන්නේ නැති එවුන් එක්ක හිනාවෙන්නේ කතාබහ කරන්නේ නැහැ, මහා බුම්මට්ටයෝ. හැබැයි ෆිට් උනාට පස්සෙ බුදු බොක්ක. සෙට් වෙනකොට "සිරෝසිස්" මතක් කරගෙන තමයි බොන්න කරන්න ඕන.
ReplyDeleteඒ වගේම ඔය කිව්වට මට වොඩ්ක කටේ තියන්නේ නැති රුසියන්කාරයොත් හමු වෙලා තියනවා, එහෙම දන්නා අඳුනන එකෙක්ට අපි නිතරම විහිලු කරේ ඌ මෙහෙ ඇවිල්ල ඉන්නේ වොඩ්ක නොබොන හේතුවෙන් රුසියාවෙන් පිටුවහල් කරපු නිසා කියල.
වොඩ්ක එක්ක ගර්කින් එහෙමත් නැතිනම් පිකල් කරපු පිපිඤ්ඤාත් කනවා කටගැසීම විදිහට.