tag:blogger.com,1999:blog-43460158560528492832024-02-07T07:00:40.764+04:00 දුමීගේ කට කහන කතාදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-4346015856052849283.post-82533132551194973072020-10-20T01:04:00.004+04:002020-10-20T01:05:45.215+04:00ඇය අම්මා විය

මම 2002 ඉඳලා ජීවත් වෙන්නේ ප්‍රාන්ත 7කින් හැදිලා තියෙන එක්සත් අරාබි එමීර්
රාජ්‍යයේ, ඩුබායි සහ ෂාජා කියන ප්‍රාන්ත වල. මිනිස්සු මෙහේ රස්සාවල් කරන්න
එන්නේ ජීවිතයේ තියෙන දහසකුත් එකක් වූ අප්‍රමාණ සිහින සැබෑවක්ම කරගන්න. අරාබි
තෙල් සල්ලි වලින් සහ සිහින සැබෑ කරගන්න මෙහේ එන මිනිසුන් විසින් නොනවත්වා
හෙලන ලද, තවමත් හෙලමින් තිබෙන දහඩිය බිංදු, ලේ කඳුළු මත්තෙන්ම තමයි මේ අති
සුපෝඛභෝගී නගර සහ දහසකුත් එකක් සිහින සාප්පු ගොඩ නැගිලා තියෙන්නේ. මේක
කේතුමතුමතියක්, හැබැයි ඒ කේතුමතිය ඇතුලේ සිය දහස් ගණන් කඳුළු කතා ලියවිලා සහ
තවමත් ලියවෙමින් තියෙනවා අපිට හිතාගන්නවත් බැරි විදිහට.

පවුල් පිටින් මෙහේ ඇවිත් රැකි රක්ෂා, ව්‍යාපාර අරඹමින් සිහින පස්සේ හැල්මේ
දුවන සමහරු, ඒ අතොරක් නොපෙනෙන සිහින කැලෑවල් වල අතරමං වෙලා මංමුලා වෙනාවා.
තමන්ගේ තරමට නොසරිලන තරමේ ණය මුදල් ලබාගෙන, පසුව ඒ ණය ගෙවා ගන්න නොහැකිව,
හිරේ විළංගුවේ වැටෙන, ආර්ථික දුෂ්කරතා වලින් කරවටක් ගිලී, පවුල් පිටින් සිය
දිවි හානි කර ගත්ත කතා ඕනෑ තරම් මෙහේ පළවන දිනපතා පුවත් පත්වල කාලෙන් කාලෙට
දැක ගන්න පුලුවන්. මෑතකදී අසන්නට ලැබුණු පුවතක් නම් (වසරකට එකහමාරකට වගේ
කාලයක් ඇතුලත ), තම ව්‍යාපාරය බංකලොත් වූ පියෙක්, තමන්ගේ බිරිඳ සහ දරු
තිදෙනාවද හුස්ම හිර කර මරා දමා, නිවසේ විදුලි පංකාව එල්ලී සිය දිවි නසා ගත්
පුවතක්. තට්ටු නිවාසවල දොර අගුල් වසාගෙන ජීවිත ගෙවන මිනිස්සු, අල්ලපු නිවාසයේ
වෙන දේවල් දන්නේ නෑ. මේ සිද්ධියත් මිනිසුන් දැනගන්නේ සිද්ධිය වී සතියකට දෙකකට
ඇවෑමෙන් ඒ නිවස අසලින් හමනා අධික දුර්ගන්ධය හේතුවෙන්, බලධාරීන් පැමිණ දොරවල්
කඩා කරන ලද සෝදිසි කිරීමෙන්.

අපේ රටවල් වල වගේම අරාබි ජාතිකයනුත් මලගිය ආත්ම තදින් විශ්වාස කරනවා. අපි
හොල්මන්, භූතයන් ප්‍රේතයන් හඳුනන මලගිය ආත්ම ඔවුන් හඳුන්වන්නේ "ජීන්" කියලා.
අපේ රටවල් වල කරන ගුරුකම් වගේම ඔවුන් අතරත් මේ ජීන් ආත්ම පලවා හරින ගුරුකම්
ඉතාමත් ප්‍රචලිතයි.

මේ අරාබි එමිරේටයේ මේ වගේ අත්භූත සිද්ධීන්, ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා.
ඒ අතර කිසිවෙකුටවත් පදිංචි විය නොහැකි රජමාලිගාවක්, කිසිම කෙනෙකුට ජීවත් විය
නොහැකි අතහැර දමන ලද සම්පූර්ණ ගම්මානයක්, ඒ වගේම අත්භූත සිද්ධීන් නිසා
සම්පූර්ණයෙන්ම අත හැර දමන ලද තට්ටු නිවාසයක් (මා සිටිනා නිවසට තරමක් ආසන්නයේ)
පවතිනවා. මේ කතා එකින් එක, වෙලාවන් ලද සැනින් ලියා පල කරන්නම්.

මේ මම ලියන කතාවත් මීට අවුරුදු කීපයකට කලින් සිද්ධ වූ සත්‍යම කතාවක්. දැනට
වසර කීපයකට කලින් සිද්ධ වූ ලෝක අර්ථික කඩා වැටීම සෑහෙන දෙනෙකුට මතක ඇති. ඒ
2009 අවුරුද්ද වගේ. මේ කාලයේදී එක්තරා ව්‍යාපාරයක් කරමින් ඉතාමත් සුපෝඛභෝගී
ජීවිතයක් ගෙවූ ඊජිප්තු ජාතික පවුලක් ෂාජා නගරයේ ජීවත් උනා. ඔවුන් ජීවත් වූයේ
තට්ටු නිවාසයක නොව, යමක් කමක් ඇත්තන් ජීවත් වන "විලා" නමින් හඳුන්වන ඉඩමක්
සමග තට්ටු දෙක තුනකට සදා තිබුන සාමාන්‍යය මිලෙන් අධික නිවාසයකයි. මේ ආර්ථික
අවපාතයත් සමග මේ පවුලෙ ව්‍යාපාරම මුලටම කඩා වැටෙනවා. දිනෙන් දින ඉහල යන ණය
කන්දරාවත්, බැංකුවලින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව කොයි වෙලාවේ නීතිය විසින්
යදම් දා කූඩු කරාවිදැයි ව්‍යාපාරයේ හිමිකරු අධික ආතතියකින් කල් ගෙවනු ලැබුවා.
මේ ජීවන අභියෝග හමුවේ තව දුරටත් කල හැකි යමක් දෑස් පනාපිට නොපෙනුනු ඔහු ඊලඟ
හෝරාවෙහිදී තීරණය කරන්නේ මුලු පවුලම සමග සිය දිවි නසා ගැනීමටයි. තම රූමත්
බිරිඳත්, හත් හැවිරිදි දියණිය සහ වසරක්වත් වයස නොවූ පුංචි පුතා දෙසත් බලන ඔහු
ඔවුන්ගේ දිවි තොර කරන්නේ කෙසේදැයි සිය දහස් වරක් අඳෝනා දෙන හදවතින් කල්පනා
කරා. තම දෑතින් ඒ අපරාධය කල නොහැකි වූ ඔහු එකතරා දවසක එක් තීරණයක් ගන්නවා.
ඔවුන් ජීවත් වූ විලා නමින් හඳුවන නිවසේ ගබඩා කාමරය තනා තිබුනේ බේස්මන්ට්
නොහොත් පොලොව මට්ටමෙන් යටට සිටින්නටය. තම බිරිඳද දරු දෙදෙනාද ඔහු විසින් ඒ
පොලොව යට කාමරය ගොස් ඇරලවන්නේ, ගෙයි සිටිනා මැසි මදුරුවන්, කැරපොත්තන් සඳහා
කෘමි නාශක ඉසිනට ඇති බැවින් ඔවුන්ට පැයක් දෙකක් පමණ කාලයක් ඒ තුල සිටින ලෙස
පවසමිනි. කෙලි දෙලෙන් තම මලනුවන් සමග සෙල්ලම් කරන දියණියත් පුතනුවනුත් හා
තමන්ගේ ආදර බිරිඳ දෙසත් බලන ඔහු බූගත කාමරයෙන් පිටතට පැමින ඒ දොරේ දොර අගුල්
දමනවා. ඉන් පසු ඔහු කරන්නේ කලින් සූදානම් කරගත් කඹයක්ද රැගෙන ගෙදර සාලයේ
එල්ලී සියදිවි හානි කරගන්නටය. කීපවරක්ම තම දිවි තොරකරගැනීම උත්සා කලත් එසේ
සිදු කිරීමට කිසියම් හේතුවකින් ඔහු අපොහොසත් වෙනවා. ඔහු ඉන්පසු කරන්නේ ගෙදර
දොරවල් අගුලු දමා ගෙයින් නික්මී ඉබාගාතේ සිහි විකල් වූවෙකු මෙන් ඇවිද
යාමයි.

බිරිඳගේ දෙමව්පියන් ජීවත් වන්නේද එමීර් රාජ්යයේමයි. සති කීපයකින් තම
දියණියගෙන් කිසිම ඇමතුමක් නොලද ඇයගේ දෙමව්පියන් ඇයව සොයා එනවා. ගෙදර දොරවල්
අගුල් දමා පවතින බවත්, ගෙදර සීනුව නාද නොවන බවත් (ඒ වන විට ව්‍යාපාරිකයා ගෙදර
විදුලිය විසන්දි කර පවතිනවා ) දකින ඔවුන් නිවසින් නිකම යනවා. තම දියණියගේ
පවුලට වූයේ කුමක්දැයි සිතා ගත නොහැකී වූ ඔවුන් සිතන්නේ, ආර්ථික ආඝාධයෙහි
වැටෙන බහුතරයක් පිරිස් කරනා ලෙස, ඔවුනද හොර රහසේම රටෙන් පැන ගොස් ඇතැයි සිතා
කිසිම බලධාරියෙක්ට ඔවුනගේ අතුරුදන් වීම සඟවා තබා ගැනීමට උත්සුක
වෙනවා.

ඉන්පසු ගතවන්නේ මාස තුනකට නොවැඩි කාලයක්. සුන්දර නොවන අරාබි වසන්තයේ දවසක
(මේ කාලයේදී වැලි කැට පුපුරන රස්නයක්, ඇතැම් දිනවල සෙන්ටිග්‍රේඩ් අංශක පනහ
ඉක්මවන උශ්ණත්වයක්, දවල්ද රැයෙහිද නොවෙනස්ව පවතිනවා ) කාන්තාවගේ දෙමව්පියන්ට
දියණියගේ සැමියා හමුවන්නේ ප්‍රදේශයේ මාකට්ටුවක් තුලදියි. සිහි විකල් වූවෙකු
මෙන් කොණ්ඩයද රැවුලද වවාගෙන අපිරිසිදු ඇඳුම් ඇඟලා සිටින ඔහු දකින කාන්තාවගේ
දෙමව්පියන් ඔහුව තම නිවසට රැගෙන යනවා.

වචනයක්වත් කතා කිරීමට තරම් සිහියක් නොතිබූ ඔහුගෙන් ඔවුන් ප්‍රශ්න කරන්නේ තම
දියණිය සහ දරුවන් කොහේ සිටීද යන්නය. මෙසේ දිනක් දෙකක් ගතවන තැන, එක්තරා දිනක
ඔහු සිහි එළෝ ගන්නවා. මහා හඬින් අඬමින්, දෙදණින් වැටෙමින් ඔහු පවසන්නේ තමා
විසින් සිය දරු පවුල මරා දමන ලද බවය. ඔහු පවසනා දේ ගැන හිතාගැනීමටත් නොහැකි
ඔවුන් මේ සිද්ධිය බලධාරීන් වෙත දැනුම් දෙනවා. ඉන්පසු සියලුම දෙනා යුහුසුළුව
පැමිනෙන්නේ ඔවුන් වාසය කරනා ලද නිවස වෙතය. ඔවුන් දොර අගුල් කඩා දමා නිවසට
ඇතුළු වෙනවා. නාස් පුඬු වලට නොදැරිය හැකි දුගදින් ඔවුන් සිතාගන්නේ විය යුතු
සියල්ල ඒ වනවිටත් සිදුවී හමාර බවය. ඔවුන් ඉන්පසු බූගත කාමරයේ දොර විවර
කරනවා.මල මිනී වලින් නික්මෙන දුර්ගන්ධය වඩ වඩාත් දැන් ඔවුනට දැනෙන්න
ගන්නවා.

කිසිම එළියක් නොමැති කාමරයට විදුලි පන්දම් ආලෝකයක් එල්ලවන සැනින් ඔවුන්
දක්කින්නේ කාමරයේ බිම වැතී තිබෙන, ඒ වනවිටත් කුණුවී ඕජස් ගලමින් තිබෙන මල
සිරුරුය. ඒ අමගම යමක් ඉතා වේගයෙන් ගොස්, මුල්ලකට වදිනු චායාවක් මෙන් දකින්
ඔවුන්, ඒ අසලට විදුලි පන්දම යොමු කරනවා. ඔවුනට ඔවුන්ගේ ඇස් අදහා ගත නොහැකි
වනවා.

විදුලි පන්දම එළියෙන් ඔවුන් දකින්නේ කුමක්ද. අඳුරු මුල්ලේ ගුලිවී තවමත්
ප්‍රාණය සහිතව සිටින අවුරුද්දක්වත් වයස නැති පවුලේ බාලම දරුවායි.කොණ්ඩය වැවී,
අපිරිසිදු ඇඳුමෙන් සිටියත් ඔවුන් දකින්නේ ඔහු ඉතාමත් හොඳ සෞඛ්‍යය සම්පන්නව
සිටිනා බවය. ඒ වනවිටත් කාන්තාව සහ වැඩිමල් දියණිය මිය ගොස් මාස කීපයක් ගත වී
ඇති බව ඔවුනට වැටහී යන්නේ සිරුරු දිරාපත් වී ඇති ආකරය අනුවය. වහාම වෛද්‍යය
ප්‍රතිකාර සඳහා දරුවා රැගෙන යන ඔවුන් සොයා ගන්නේ, දරුවා කිසිම පෝෂණ
ඌනතාවයකින් නොපෙලෙන බවයි. කෑමට බීමට වතුර පොදක්වත් නොමැතිව තම මව සහ සහෝදරිය
මරු වැලඳගන්නා විට අවුරුද්දක්වත් නැති මේ කුඩා දරුවා මේ ලෙස ජීවිතය බේරාගෙන
ඇත්තේ කෙසේද ? ඔවුන්ට නැගෙන විසඳා ගත නොහැකි ප්‍රහේලිකාව එයයි.

තවමත් හරි හැටි වචන හැසිරිය නොහැකි ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඔහු ජීවත් වූයේ
කෙසේද යන්නය. කුඩා දරුවා ඔහුට හැකි පරිදි ලබා දෙන ලද තොරතුරු වලින් ඔවුන්
මවිතයෙන් වික්ශිප්ත වෙනවා.

කුඩා දරුවා පවසන ලද තොරතුරු අනුව, සිය මව ඔහුට නිරතුරුවම පැමින මවුකිරි පොවා
තිබෙනවා.....තමන් මියගියත්, නොමියෙන මවු සෙනෙහස තම දරුවා මියදෙන්න නොදී ඒ
කුඩා පුතුගේ ජීවිතය ඒ විදිහට බේරාගත්තේ කෙසේදැයි අදටත් නොවිසඳී ඇති
ප්‍රහේලිකාවක්.
දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com8tag:blogger.com,1999:blog-4346015856052849283.post-68999834882345273712020-06-19T23:52:00.001+04:002020-06-20T00:09:22.916+04:00කොරෝනා කතන්දර සහ සෙක්ස්

මේ කොරෝනා කාලේ ලොක් ඩවුන් නිසා මුලු පවුලම ඉතින් ගෙදර. පොඩි උන්ට ඔන්ලයින් ඉස්කෝලේ, මම ගෙදර ඉඳන් වැඩ. හාමිනේ ඉතින් උදේ පාන්දර කොල්ලවයි පොඩි කෙල්ලවයි ඇහරවලා, මොනා හරි දඩි බිඩියේ හදලා ඉවර වෙලා පොඩි කෙල්ලත් එක්ක ඔන්ලයින් ක්ලාස් එකට වාඩි වෙන්න ඕනේ. නැත්නම් අර අපි පොඩි කාලේ ඉස්කෝලේ යනවයි කියලා කැලේ පැන්නා වගේ මුන් කරන්නේ, හාමිනේ පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳලා ක්ලාස් එක පැත්තක තියෙද්දි පොඩි උන් දෙතුන් දෙනා වෙන වෙනම පොඩි පොඩි චැට් වලට සෙට් වෙලා නෙට්ලික්ස් වීඩියෝ, යූ ටියුබ් වීඩියො බලන එක නැත්නම් ඔන්ලයින් ගේම් ගහන එක.....අනේ ඉතින් හාමිනේ තමයි පොඩි එකාගේ ක්ලාස් එකට ඇටෙන්ඩ් වෙලා පාඩම් වැඩ කරන්නෙයි, හෝම් වර්ක් ටික කරලා දාන්නෙයි.

ඉතින් ඔය පාඩම් ටික ඉවර වෙලා, ටීචර් අහන ප්‍රශ්න වලට උත්තර ලියලා, හෝම්වර්ක් ටික කරලා ඉවර උනාම හාමිනේට මහන්සියි. ඉතින් ඔන්න පොඩ්ඩක් ෆෝන් එක කොට කොට ඉන්නවා, නැත්නම් කලින් දවසේ ලංකාවේ හැම චැනල් එකකම ගිය ටෙලි ඩ්‍රාම ටික එකක් පස්සේ එකක් බලනවා.......ඔන්න ඔය අතරේ ගෙදර ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එකක් එනවා.......ඉතින් ඒ එන කාත් එක්ක හරි අරකයි, මේකයි, කොරෝනා ගැනයි, ගෙදර උයන පිහින ඒවා ගැනයි, ගේ ඇතුලටම වෙලා ඉන්න වෙලා තියෙන එකයි වගේ මෙකී නොකී කාරනා ගොඩාක් ගැන පැය ගාණක් කතා කරලා ඉවර වෙලා ෆෝන් එක තිබ්බා........ඊට පස්සේ හාමිනේ බර කල්පනාවක.......මම ඉතින් නිකමට ඇහුවා

හාමිනේ, මොකෝ අවුල......?" කියලා

නෑ නෑ මුකුත් නෑ...."

මම නොදන්නවයෑ හාමිනේලගේ හැටි......මුකුත් නෑ කියලා කියන්නේ නැති දෙයක් නෑ කියන එක.......ඉතින් මමත් ගණන් උස්සවන්න යන්නේ නැතිව කට පියාගෙන මගේ ඔෆිස් එකේ වැඩ ටික කරගෙන ඉන්නකොට හාමිනේ කියනවා.....

"මේ.......! මම මේ කල්පනා කලේ මම ඒ කාත් එක්කද කතා කලේ කියලා........"

අනේ අම්මේ, පැයක් එකහමාරක් කතා කරලා ඉවරවෙනකොට, කාත් එක්කද කතා කලේ කියන එකත් අමතක වෙලා......

මමත් ඉතින් අනේ අපොයි කියලා හිතලා කිව්වා.....ඉතින් ඔය ෆෝන් එකේ කෝලර් ලිස්ට් එකට ගිහින් ආපහු ඩයල් කරලා බලන්නකෝ කියලා.......

ඔන්න අපේ හාමිනෙත් ඉතින් එහෙම කරලා රී ඩයල් ගහලා ආපහු කෝල් එකක් ගත්තා........

"හලෝ......ආනේ.....මේ ඔයානේ......."

ඔන්න බොලේ එහෙම ගත්ත කෝල් එක ඉවර උනේ තවත් පැය එකහමාරකට පස්සේ.........

(මෙහේ ලෑන්ඩ් ලයින් ටු ලෑන්ඩ් ලයින් කෝල් ෆ්‍රී නිසා අවුලක් නෑ......)

ලංකාවේ මාසයක් දෙකක් ලොක් ඩවුන් කරලා කර්ෆිව් දාලා තිබ්බ නිසා ඉතින් ඔය ගෑණු උදවියට තමයි ලොකුම පාඩුව වෙලා තිබුනේ. ඇයි ඉතින් වෙනදට සතියකට සැරයක් දෙසැරයක් ගිහින් කොණ්ඩේ ට්‍රිම් කරලා, නියපොතු පාට කරලා, පොලිෂ් කරලා, ෆේෂල්ද අරවද මේවද කරලා ෆුල් කික් එකේ තියාගෙන ඉන්න ශරීර කූඩුව අපායට කැලැන්ඩර් ගහන්න පුලුවන් වෙන සයිස් එකට වෙනස් වෙලා ඒ වෙනකොට....... කොහොමෙන් කොහොම හරි ඔය අතරේ ඔන්න එක දවසක් නිවේධනයක් ආවා සැලෝන් වලට නිරෝධායනය නීති පවත්වා ගනිමින් සේවය සපයන්න පුලුවන් කියලා......ඔන්න ඉතින් අපි දන්න අඳුනන යාලුවෙක් හනි හනිකට කෝල් එකක් ගත්තලු.....

"හලෝ.... හලෝ....මට හදිස්සි අපොයින්ට්මන්ට් එකක් දාලා දෙන්න පුලුවන්ද....?" අපේ යාළුවා ඇමතුම ගත්තලු

"හලෝ......හදිස්සි ඇමතුම් සේවය.....පුලුවන් මැඩම්.....!"

"අනේ....ඔයගොල්ලෝ ඉමර්ජන්සි සර්විස් එකකුත් පටන් ගත්තද....? හරි ෂෝක්.....මටත් මේ හරිම හදිස්සියි........"

"හරි නෝනා....ඇඩ්රස් එක කියන්න...අපි ඉක්මනටම එන්නම්....."

"අනේ ඔයගොල්ලෝ ගෙදරටම එනවද.....හරි ෂෝක්නේ.......ඒත් කරදර වෙන්න එපා.....මට ඔතනට එන්න පුලුවන්......."

"නෑ මැඩම් එහෙම කරදරයක් නෑ....ඉක්මනටම එඩ්රස් එක කියන්න........"

"අයියෝ....නෑ අනේ.....මම ඔතනට එන්නම්.....කියන්නකෝ ඉතින් කීයටද මම එන්න ඕනේ........"

"මැඩම් මේ ඉමර්ජන්සි සර්විස් එක........"

"ඔව් ඔව්....මටත් මේ හදිස්සියක් තමයි.......කොණ්ඩේ පොඩ්ඩක් ට්‍රිම් කරලා, ෆේෂල් එකක් දාලා මෙනිකියෝ පෙඩිකියෝ එකක් කරගන්න ඕනේ....."

"මැඩම්......මේ සැලුන් එකක් නෙමෙයි...... මේ xxxxx ප්‍රයිවට් හොස්පිටල් එකේ ඇම්බියුලන්ස් සර්විස් එක.....අපි හිතුවේ කාට හරි කොරෝනා හැදිලා කියලා......."

"දඩස්......."

කොහොමින් කොහොම හරි, අපේ යාලුවා සැලෝන් එකක් හොයාගෙන අපොයින්ට්මන්ට් එකක් දාලා වැඩේ කරගෙන. ඊට පස්සේ මෙයා ගෙදර ඇවිල්ලා. ගෙදර ගේට්ටුව අරිනකොට ගෙදර බල්ලා මෙයාට හිටු කියලා බුරනවලු...........ඇතුලට එන්න දෙන්නෙම නෑල්ලු........ඔන්න ඉතින් ඔය සද්දේ ඇහිච්ච මෙයාගේ හස්බන්ඩ් ඇවිත් බැලුවලු මේ කොරෝනා සීන් අස්සේ මොකාද ගෙට රිංගන්න එන්නේ කියලා බලන්න......බලනකොට කෑල්ලක් ඉන්නවලු ගේට්ටුව ගාව.......පොඩ්ඩක් වෙලා බලාගෙන ඉඳලා, බල්ලව පැත්තකට ඇදලා දැම්මලු..........

"බල්ලට විතරක් නෙමෙයි ඕයි...., මටත් අඳුර ගන්න බැරි උනානේ තමුසෙව........." කියලා ගෑනිව ගෙට ගත්තලු........

කොරෝනා කොරෝනා කිය කියා අපි සෙට් නොවී ඉන්නවද ? පහුගිය දොහේ සූම් වලින් සෙට් වෙලා අපි යාලුවෝ ටික දෙනෙක් පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් උනා......ඔහොම පැයක් දෙකක් යනකොට කට්ටියට ටිකක් වැදීගෙන එනකොට එකෙක් කියනවා....

"ඕයි.... දීග ගාමිණි පිස්සෙක් ඕයි.....!"

"ඒ මොකද ? මොකාද දීග ගාමිනී.......?"

"නෑ අර උන්මාද චිත්‍රාව උස්සගෙන ගිය එකා......."

"ඒ මොකද බන්......."

"අර එක්ටැම් ගේක දාලා කොරන්ටීන් කර කර තිබ්බ උන්මාද චිත්රව උස්සගෙන පැනපු එකා.......බලහන්, ෂුවර් එකටම චිත්‍රාව තියන්න ඇත්තේ කොරන්ටීන් එකක.....බරපතල ලෙඩක් තිබිච්ච හින්දා......අර බූරු දීග ගාමිණියා ගිහින් ඒකිව උස්සගෙන පැනලා මුලු සමාජෙම කොච්චර ලොකු අනතුරකද දැම්මේ.....?"

බිබී හිටපු ටිකත් ඉස්පොල්ලේ ගියා......!

පලි:කොරෝනා කතා දෙක තුනක් කිව්වට සෙක්ස් ගැන කියන්න දෙයක් නෑ......දීග ගාමිණියි උන්මාද චිත්රයි සෙක්ස් කරන්න ඇති. ඒත් වැඩි විස්තර දන්නෙ නැති නිසා ලියන්න විදිහක් නෑ........!!!

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com10tag:blogger.com,1999:blog-4346015856052849283.post-5320179602679827712020-05-11T00:53:00.000+04:002020-05-11T01:01:08.348+04:00සුනිමල් සහ සඳමාලි

සුනිමල් සහ සඳමාලි හැදී වැඩුනේ අති සුන්දර වූ කඳු වළල්ලකින් වට වූ, ගමේ එක් කොණක සිට අනිත් කොන දක්වා විහිදී ගිය නිල්වන් කුඹුරු යායක්ද තිබූ අතිශයින්ම සුන්දර ගම්මානයකය. කඳු වළල්ල අතරින් කඩා හැලී ගම මැද්දෙන් මුළු කුඹුරු යායම සරු සාර කරමින් ගලා ගිය අතිශයින්ම මණරම් දොළ පාරකින්ද ඒ ගම්මානය සුන්දර වී තිබුනි. පාරම්පරික ගොවියන් වූ ගම් වාසීන් කුඹුරු ගොවිතැනින්ද, කුරුඳු වගාවෙන් සහ ඇතෙමෙකු සරු සාරවූ එළවලු කොරටු පවත්වාගෙන යෑමෙන්ද ඉතා සරළ දිවි පෙවෙතක් ගත කලහ.

සුනිමල් සහ සඳමාලි අකුරු කෙරුවේ ගමේ මිශ්‍ර පාසලෙනි. සුනිමල් සඳමාලිට වඩා පන්ති දෙකක් ඉහෙලින් ඉගෙනුම ලැබුවේය. කුඩා කල සිට දැන හැඳින සිටියද, සුනිමල්ට සඳමාලි ගැන ආදරයක් ඇති වූයේ කවදාදැයි සුනිමල්ට මතක නැත. නව යොවුන් වියට පා තැබූ, හිමිදිරි පින්නෙන් ප්‍රමෝධමත් වූ ඇහැල මලක් ලෙස පාසල වෙත ඇදෙන සඳමාලිගේ දසුන සුනිමල්ගේ සිතට චමත්කාරයක් ගෙන එන්නට සමත් වූයේ කවදා සිටන්දැයිද සුනිමල්ට මතකයක් නොතිබුනි.

පාසලේදී මුන ගැසෙන සෑම වරකදීම "සුනිමල් අයියේ......කොහොමද ඔයාට...." කියා වල ගැහෙන කොපුල්, නාදල්ලක් වන් දෙතොල් වලින් සිනාසෙන විට ඇයගේ දීප්තිමත් දෙනෙත් දෙකද තොල් පරයා සුනිමල් සමග සිනා සෙන්නේයැයි සුනිමල්ට සිතුනි. සඳමාලිද සුනිමල් වෙත සිතින් ආදරය කරන වග සුනිමල්ට නොතේරී තිබුනේ නැත. ගමේම සිටිනා කඩවසම්ම ඉලන්දාරියා වූ සුනිමල් හා හාද වන්නට පාසලේ කෙල්ලන් රොත්තක්ම සැදී පැහැදී සිටියත්, සුනිමල්ගේ සිත ඇදී ගියේ හිමිදිරි උදයේ පිබිදෙන පින්න මලක් මෙන් රූමතියක් වූ සඳමාලි වෙතය.

මුවින් නොමුනා, දෑසින්ම පමණක් කතා කරමින් ඇති වූ නව යොවුන් ආදරයෙන් සුනිමල් සහ සඳමාලිගේ ජීවිත වෙලාගන්නට වැඩි කාලයක් ගියේ නැත. සඳමාලිගේ ආදරයෙන් සුනිමල් කුල්මත් වී සිටියේය. මුලු ගමේම සිටින වාසනාවන්තම කොල්ලා තමන් යැයි සුනිමල් පවසන විට, ගම්මානයේ වෙසන වසනාවන්තම කෙල්ල තමන් යැයි සඳමාලිද සුනිමල්ට පවසා තිබුනි. සුනිමල් හා හාද වෙන්නට මාන බලන් සිටි අනෙකුත් කෙල්ලන්ගේ ඊරිසියා බැලුම් නොරිස්සුම් කතා කණ ගැටෙන සුනිමල්ද මුවින් නොබැන ඒ කතා මග හැර සිටියේ සිතේ සියුම් ආඩන්ම්බරයක්ද නොසඟවාගෙන නොවේ.

ඉගෙනීමේ අදක්ශයකු නොවූ සුනිමල් සාමාන්‍යය පෙලින් පසු පාසල් ගමන නවතා දැමුවේ කොනක් නොපෙනෙන තම පවුල සතු කුඹුරු යාය අස්වද්දන්නට දැන් මහලු වියේ සිටින තාත්තාට දැන් හරි හමන් ගතේ වාරුවක් නැති බව දන්නා නිසාය. අක්කර දෙක තුනක් වගා කර තිබූ සරුසාර කුරුඳු යායක්ද සුනිමල්ලාට උරුම වී තිබූ සෙයින් ඒවා බලා කියාගෙන වැඩි දියුණු කරගැනීමෙන් ලබන ආදායම, දිනෙක සඳමාලීව කැන්දාගෙන පැමිණීමෙන් සම්පූර්ණ වන තමන්ගේ ජීවිතයට ඕනෑවටත් වඩා සෑහේ යැයි හොඳින්ම සුනිමල් හොඳ හැටි දැන සිටියේය.

කාලය විසින් සුනිමල් හා සඳමාලිගේ ආදරය මහා වෘක්ෂයක අරටුවක් මෙන් ශක්තිමත්ව ගොඩ නගා තිබුනි. ඔවුන්ගේ ආදර අන්දරය මුලු ගම්මානයටම රහසක් නොවුනි. තැන්නේද, ලන්දේද, දොළ පාරේද, කුරුඳු මණ්ඩියේද ඔවුනගේ ආදරය දෝරේ ගලා ගියේ කිසිවෙකුගේවත් අබමල් බාධාවක් නැති පරිද්දෙනි. එකට හමු වී විටක තමා වටා තිබෙන මුළු ලොවම අමතක කර රාගී සිතින් ඇයව සිප වැලඳගන්නා සුනිමල්, සීමාව ඉක්මවා රාගයට වැට කොටු පනින්න ඉඩ නොදුන්නේ ඇයව කැන්දාගෙන පැමිණෙන දිනයේදී රෙදි නැන්දාගේ පරීක්ෂණය මේ ගම්මානයේ ඕනෑම කෙල්ලකගේ තීරණාත්මකම පරීක්ෂණය යැයි වන වග ඉතා හොඳින්ම දැන සිටි බැවිනි.

සඳමාලි පාසලේ සිටින දක්ශතම සිසුවිය වූවාය.ඉතාමත් ඉහලින්ම සාමාන්‍යය පෙලද සමත් වූ ඇය උසස්පෙල සඳහා කලා අංශයෙන් ඉගෙන ගැනීමට සිත සදා ගත්තේ ගමේ පාසලේ උසස්පෙල පන්ති පැවතියේ කලා විශයන් සඳහා පමණක්ම බැවිනි. වසර ගාණකින් පාසලේදී ලැබූ උසස්ම ප්‍රථිඵල ලබා තිබූ සඳමාලිට විද්‍යා අංශයෙන් වුවද උසස් පෙල කිරීමට හැකියාවක් තිබුනත් ඒ සඳහා ටවුමේ ඉස්කෝලෙට යන්නට සිදු වේ. ගසකින් වැටී ඔත්පලව සිටි තාත්තාගෙන් මග ඇරුනු පවුලේ බර අම්මා කර ගැසුවේ රබර් කට්ටියේ කිරි කැපීමට ගොසිනි. ටවුමේ ඉස්කෝලෙට යන්න සිදු වුවහොත් අලුත් ඇඳුම්, සපත්තු අනෙකුත් අඩුම කුඩුමද, දිනපතා ටවුමට් යන බස් රථයේ ප්‍රවේශ පත්‍ර වලටද අවශ්‍යය මුදල් ඉල්ලා අම්මාට කරදර කිරීමට සඳමාලීට නොහැකි බව ඇය සුනිමල්ට පවසා තිබුනාය.

තමන්ගේ පාසලටම ආඩම්බරයක් වූ තම සොඳුරියගේ විය පැහැදම් දරන්නට සුනිමල් ඉදිරිපත් වුවත්, ඇය ගමේ පාසලෙන්ම උසස් පෙල හදාරනවාට සුනිමල්ගේද කැමැත්ත විය. දිනක ගුරුවරියක් වී තමන්ගේ පාසලටම පත්වීමක් ලබා පැමින, සුනිමල්ගේ අලුත් නිවසේ සිරිලියක වන්නට සඳමාලි දින ගැන ගැන සිටින සිටිනා බව් සුනිමල් සිතුවේය.

සඳමාලි ඉහලින්ම කලා අංශයෙන් උසස් පෙල සමත් වන්නේද මේ අතරය. ගමේ පාසලේ ඉතිහාසයේ විශ්වවිද්‍යාලයට යන්නට වරම් ලද එකම සිසුවිය බවට සඳමාලි පත්වී සියාය. නමුත් විශ්වවිද්‍යාලයට යෑමේ අදහසක් සඳමාලිට නොතිබූ බව සුනිමල් දැන සිටියේය. ඔහු දිවා රෑ දෙකේදීම කලපනා කලේය. ගමටම මිණි පහනක් වූ තමන්ගේ ආදර පෙම්වතිය තමන් වෙතින් එක මොහොතක්වත් ඉවතට යනු දැකීමට සුනිමල් අකමැති වුවත්, දිනෙක ඇය උපාධිය ලබා ගුරුවරියක් ලෙස ගමේ ඉස්කෝලෙටම ඉගැන්වීමට පත්වීමක් ලබනවා මැනවැයි ඔහු කලපනා කලේය.

සඳමාලි විශ්වවිද්‍යාලයට යෑමට සිත සාදා ගත්තේ සුනිමල්ගේ පෙරත්ත කිරීම නිසාම බව සුනිමල් දැන සිටියේය. එපමණක් නොව, විශ්වවිද්‍යාලය සඳහා අවැසි සියලුම වියහියදම් සුනිමල් විසින් ලබා දීමට ඔහු ඉදිරිපත් වූවේය. සුනිමල් කොළඹ පැමිණ තිබුනේ අතේ ඇඟිලි වලටත් වඩා අඩු වාර ගණනකදීය. සඳමාලි සුනිමල් තරම්වත් ගෙන්දගම් පොළොවේ පය ගසා නොසිටි බව සුනිමල් දැන සිටියේය. සඳමාලිගේ මවද කැටිව සඳමාලී විශ්වවිද්‍යාලය වෙත ඇරලීමට සුනිමල්ද පැමිණියේය. විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුලට වන් සැනින් එය වෙනස්ම ලෝකයක් බැව් සුනිමල් සැනකින් වටහා ගත්තේය.

අම්මාගේ සුරත දරමින්, බියැති මුවැත්තියක් සේ, චාම් ගවුමකින්ද, සරල පාවහන් යුගලයකින්ද, තනි කරලට ගොතා නිතඹටත් පහලට රූරා වැටෙන මනරම් කොණ්ඩය සලමින් සෙමින් අඩිය තියමින් විශ්වවිද්‍යාලය තුලට ඇවිද යන සඳමාලි දෙස සුනිමල් මොහොතක් නැවතී බලා සිටියේය. තමන් පසු කරමින් කෙලි ලොල් වදන් දොඩමින් ඇවිද යන විවිධාකාර කොල්ලන් දෙසද සුනිමල් ඇස් කොනින් බැලුවේය. උන් සියලු දෙනාම තමන්ට වඩා කොතරම් කඩවසම්දැයිද නවීන පන්නයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටින්නේදැයි සුනිමල්ට සිතුනි. නමුත් සඳමාලී ගැන අබමල් රේණුවක තරම්වත් අහිතක් සුනිමල්ට නොතිබුනි. ඇය තමන් මත්තේම නැහෙන බව ඔහු දැනගෙන සිටියේය. එය පසක් කරමින් ලියුම් කාරයා පැමිණෙන සෑම දිනකම සුනිමල්ට සඳමාලිගෙන් ලියුමක් නොවැරදීම ලැබුනේය. ඒ සෑම සෑම දිනකම සුනිමල්ද පෙරලා තමන්ගේ පෙම්බරියට පිළිතුරු ලිපි යැවුවේය. සඳමාලීගේ ලිපි වලින් සෑම විටම ආදරය දෝරේ ගලා යමින් තිබුනි. විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබ, ගුරු පත්වීමක්ද ලැබ ගමට පැමිණ, සුනිමල්ගේ ගෙදර මිණි පහන වන්නේ කවදා දැයි ඇඟිලි ගණිමින් සිටින වග නිතර නිතර සඳමාලී සෙනෙහේ කොල වල ලියා එවුවාය. ඒ සෑම ලිපියක්ම සුනිමල් සිය දහස් වාරයක් කියෙව්වේය. අනාගතය ගැන සුභ සිහින මැව්වේය.

සඳමාලී නිවාඩුවට පැමිණි සෑම දිනකදීම සුනිමල් සොයා පැමිණියාය. ඉඩ ලද සෑම විටම සුනිමලුත් සඳමාලිත් තමන්ගේම ලෝකයක තනි වූහ. තමන්ව ඉක්මනටම ගෙදරට කැන්දාගෙන එන ලෙස සඳමාලි රාගයෙන් අඩවන් වූ යුග නෙතින් සෑම විටම සුනිමල්ට කොඳුරා පැවසුවාය.

දින දින ගෙවී යයි. දිනපතාම සඳමාලිගෙන් ලැබෙන සෙනෙහෙකොලේ දැන් ලැබෙන්නේ සතියකට දෙකකට වතාවක්ය. නමුත් වෙන්දා මෙන් නැවුම් ආදර බස් ඒ සෙනෙහේ කොල වලින් හැලී තිබුනි. තමන් ඉතාමත් කාර්යය බහුල බවත්, විභාග සඳහා සූදානම් වන විට ලියුම් ලිවීම කාලයක් නොමැති බවත් සඳමාලි ලියා එවා තිබුනාය. නමුත් ගමේ බැන්කුව වෙත ගොස් සඳමාලිගේ ගිණුම වෙත මාසයකට සෑහෙන වියදමටත් වඩා වැඩි මුදලක් ඇයගේ ගිණුම වෙත තැන්පත් කිරීමට සුනිමල් වග බලා ගත්තේය. සරල ගවුමකින් සැරසී විශ්වවිද්‍යාලයට ගිය සඳමාලි, අවසාන වතාවට ගමට ආ වෙලේ ඇඳ සිටියේ ඇඟටම සිරවෙන ඩෙනිම් කලිසමකුත්, බුරිය එලියට පෙනෙනා ලෙස නිරාවරණය වූ අලුත්ම මාදිලියක බ්ලව්සයකිනුත් බව සුනිමල් මතක් කර ගත්තේය. ඒ ඇඳුමට සඳමාලි කොතරම් නම් හැඩදැයි, ලස්සනදැයි සුනිමල්ගේ හිතේ සියුම් ආඩම්බරයක්ද ඇතිවී තිබුනි. සඳමාලීව වෙනදා මෙන් කුරුදු මණ්ඩියට ඇදගෙන ගොස් සිත් සේ සිප වැලඳගන්නට සිරිමල්ට උවමනාව තිබුනත් සඳමාලි එදා කුරුදු මණ්ඩියට යෑමට අදි මදි කලේ විභාග කටයුතු යෙදී ඇතිනිසා ඉක්මනටම ආපහු කොළඹ යායුතු බව පවසමිනි.

අන්තිමටම සඳමාලිගෙන් ලියමනක් ලැබුනේ කවදාදැයි සුනිමල්ට මතකයක් නැත. විශ්වවිද්‍යාලයේ අවසාන විභාගයට පෙනී සූදානාම් වන නිසා නිතර නිතර ලියුම් එවීමට නොහැකි යැයි සන්දමාලි අවසානයට ලියා එවා තිබුනා සුනිමල්ට මතකය. ඇයට කරදරයක් වීමට සුනිමල් නොසිතුව නිසා ඇය වෙත දින දෙකතුනකට වතාවක් යවන ලියුම්, සතියකට වතාවක් යැවීමටද සුනිමල් හිත හදාගත්තේය. විශ්වවිද්‍යාලයේ විභාගය අවසන් වනවා යැයි කිව් දිනයද ඉක්මවා ගිය නිසා, සුනිමල් පෙර මග බලා සිටියේ සඳමාලි ගමේ පැමිණෙන තෙක්ය. නැකැත් බලන ඉස්කෝලේ ලොකු මහත්තයා හමුවීමට් ගොස්, සඳමාලීව කැන්දාගෙන ඒමට සුදුසු නැකතතක් ඉකමනටම සාදා ගත යුතුයු යැයි සුනිමල් සිතා ගත්තේය. කුරුඳු කැපීමට අවශ්‍යය වක් පිහියද ඉනේ ගසාගත් සුනිමල් කුරුඳු මණ්ඩිය වෙත ඇවිද ගියේ හවස් වී හෝ ලොකු මහත්තයා හමුවීමට ගොස් කරුණු කාරණා කියා අවශ්‍යය නැකත් පත සුනංගු නොවී ලෑස්ති කරගන්නා අදහසිනි.

ගමටම ලියුම් බෙදනා තැපැල් පියුම් අයියා සුනිමල්ට මුන ගැසෙන්නේ ඒ තරතුරය.

"ආ සුනිමල් මල්ලි, මෙන්න ඕහේට ලියුමක් තියෙනවා. මගදිම හම්බ වෙච්ච එක හොඳයි....." ලිපිය සුනිමල් අත තැබූ පියුම් අයියා බයිසිකලය හරවාගෙන නැවතත් ගමන් ඇරඹුවේය.......

සුනිමල් සඳමාලී විසින් එවූ ලියුම පියුම් අයියාගෙන ලබාගෙන අසල තිබූ කපා දැමූ දැවැන්ත වෘක්ෂයක ඉතිරි වී තිබූ කොටයක් මත ඉඳ ගෙන ලිපිය විවෘත කලේය......

වෙනදාට කොල තුන හතරක් පිරෙන්න නොයෙකුත් දේ ලියා එවන සඳමාලි එදා එවා තිබුනේ තනි කොලයකි. එහි මෙස්සේ ලියා තිබුනි......

“හිතාදර සුනිමල් අයියේ,”

“අපි දෙන්නා ගැලපෙන්නේ නෑ. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ඉක්මනටම ලැබෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා.”

“මීට හිතාදර සඳමාලි.”

සුනිමල්ගේ ඔලුව කැරකෙන්නක්ක් මෙන් හැඟුනි. සෑම දෙයක්ම කලු පැහැ ගැන්වී අඳුරු වී යනවා යැයි, දැන් දැන් කොටෙන් ලිස්සා බිමට වැටේවිදැයි බියෙන් සුනිමල් ඔලුව තමන්ගේ කකුල් දෙක මත තබා ගත්තේය. කොපමණ වෙලාවක් සුනිමල් ඒ ඉරියව්වේ සිටියේදැයි මතකයක් ඔහුට තිබුනේ නැත. ඔහු හෙමින් ඔලුව උස්සා "අනේ මේක හීනයක් වේවා..." යැයි සිතා තදින් දෑස් පියා ගත්තේය. නැවතත් දෙනෙත් ඇර බලන විට වම් අතට ගුලිවී තිබූ ලියුම නැවතත් දිග ඇර කියවා බැලීය. සඳමාලිට වැරදී තිබුනේ නැත. ඒ ඇයගේ අකුරුය. ඒ අකුරු පැහැදිලිය. තවදුරටත් සඳමාලිට සුනිමල්ගේ අවශ්‍යයතාවයක් නැත......ඇය කියා ඇත්තේ එයයි.

සුනිමල්ගේ මුලු ලෝකයම ඇස් ඉස්සරහා කඩාගෙන වැටෙනවා යැයි සුනිමල්ට සිතුනි. ඔහු ඔලුව හැරුණු අතේ ඉබාගාතේ ඇවිද ගියේය. රැයක් දවාලක් නොමැතිව සඳමාලි සමග සක්මන් කල ලියැද්දේ, දොල පාරේ, කුරුඳු මණ්ඩියේ පැය ගානක් තනිවී කල්පනා කරමින් සිටියේය. සුනිමල් කෑමක් බීමක් ගැන නොසිතුවේය. ඔහුගේ මූන පුරා රැවුලද, කොණ්ඩයද වැවී තිබුනේ කිසිම දාක නොවු විරූ පරිදිනි. කොටින්ම සුනිමල්ට සඳමාලි පමණක් නොව තමන්වද අහිමිවී යමින් තිබුනි.

සඳමාලී ඒ වන විටත් විවාහ වී සිටි බව සුනිමල් දැනගත්තේ පසුවය. ඇය විශ්වවිද්‍යාලයේම තරුණ කථිකාචාර්යය වරයෙක් සමග පෙමින් වෙලී ඔහු හා විවාහ වී තිබුනේ විශ්වවිද්‍යාලයේ අවසන් විභාගයටත් කලින් යැයි සුනිමල්ට පවසා තිබුනේ ගමේ ඩෝබි ගෙදර රෙදි නැන්දාය. ඇයගේ අප්‍රසිද්ධ විවාහයට සඳමාලිගේ අම්මාද සහභාගී වී තිබෙන බවද රෙදි නැන්දෑ පැවසුවේ "තූහ් නොදකින් කෙලෙහි ගුණයක් නැති හැත්ත....." යැයි පේලියක්ද අවසානයට එකතු කරමිනි.

කාලය ගත වී යමින් තිබුනි. කිසිදා සුව නොවන තුවාලයෙන් බැට කෑ සුනිමල් ඔලුව උස්සා බැලීය. අවුරුද්දකින් හමාරකින් කුඹුරු යාය අස්වද්දා නැත. කුරුඳු කැලේ සාත්තුවක් නොමැතිව වල් බිහිවී ඇත. සඳමාලි ගැන නිතර දෙවේලේ සිතා තමන්ගේ සිහි විකල් වී දැයි සුනිමල් බිය වූවේය. පුරන් වූ කුඹුර නැවත අස්වැද්දිය යුතුයි. ඉක්මනටම කුරුඳු ටික කපා පිලිවෙලක් කල යුතුයි. සුනිමල් වක් පිහියද ඉනේ ගසා ගෙන දිග සුසුමක් හෙලා දෙපා වලට වැර වීරිය බරදී නැගිට්ටේය.

ඒ සමගම ඉස්සරහ දුව එන්නේ ඩෝබි ගෙදර රෙදි නැන්දාය......

"සුනිමල් පුතේ, සුනිමල් පුතේ..... ආරංචිද ආරංචිද ?"

"මොකක්ද බන් නැද්දේ ආරංචිද අහන්නේ?"

"අන්න සඳමාලි කෙල්ල ඊයේ ගෙදර ඇවිල්ලලු, බඩකුත් උස්සගෙන......."

“මොකක් කිව්වා, බඩකුත් උස්සගෙන ගෙදර ඇවිල්ලා........”

"ඔව් ඔව්, බඩකුත් උස්සගෙන ඊයේ ඇවිල්ල තියෙන්නේ. අලුත බැඳපු මිනිහත් එක්කම. ලොකු කාර් එකකින් කිව්වේ ආවේ......කාර් තඩිය ගෙදරට හරවන තැන පාරට ගන්න බැරි නිසා අර අප්පුහාමි අයියලගේ ගෙදර තමයි කාර් එක නවත්තලා ඇවිත් තියෙන්නේ.......මම ඉතින් ගියා පුතේ, මොනවා උනත් ගමේ ගොඩේ ඉන්න අයගේ දුක සැප බලන එක අපේ සිරිත නිසා.......කෙල්ලගේ බඩට මාස 7ක් විතර වෙනවා.....රත්තරන් මහත්තයා.......දරුවා ලැබෙනකොට අම්මා ගාවට එන එක ඉතින් අපේ ගමේ ගොඩේ සිරිතනේ පුතේ.....ඒකයි ඔය ඇවිත් තියෙන්නේ......කෙල්ලව බස්සලා අර මහතැන් තැන ගියා වැඩ රාජකාරි තියෙනවා කියලා......ඔන්න අද ග්‍රාමීය රෝහලේ මැටිනිටි ක්ලිනික් එකට යනවා කියලා කිව්වා. මෙලහකට ගිහින් එනවත් ඇති........”

සුනිමල්ට ඩෝබි නැන්දා කියූ අවසන් පේළි ටික ඇසුනේ හීනෙකෙන් වගේය.....ඔහුගේ මුලු ඇඟම වෙවුලන්ට පටන් ගත්තේය.

"මොකක්, අද මැටිනිටි ක්ලිනික් ගියා සඳමාලි..........?"

රෙදි නැන්දාගේ පිලිතුර ලැබෙන තෙක් සුනිමල් එතන රැඳුනේ නැත. ඔහු සැනකින් පාරට පැන ඉදිරියට දිව ගියේ මාතෲ සායනයට ගොස් නැවත පැමිණෙන සඳමාලී බලාපොරොත්තුවෙන්ය. සුනිමල්ගේ බලාපොරොත්තුව ඉටුවී ඇත,

ඈතින් සඳමාලි අම්මාගේ සුරතේ එල්ලී හෙමින් හෙමින් ගුරු පාර දිගේ ඇවිදගෙන එයි. විශ්වවිද්‍යාලයට ගිය මුල් දිනයේ සඳමාලි නිතඹ සලා, දිගු කෙස් වැටිය නලව නලවා තමන්ට පිටුපා ගේට්ටුවෙන් ඇතුලට ගිය සැටි චිත්‍රපටියක් මෙන් සුනිමල්ගේ ඇස් ඉදිරිපිට දර්ශනය වෙයි. එද දුටු සඳමාලිගේ දිගු කෙස් වැටිය කොටට කපා ඇත. නමුත් ඈගේ සුන්දර වත නොවෙනස්වම පවතියි.

සුනිමල්ගේ මුලු ගතම දාඩියෙන් පෙඟී ඇත. අමුතු වෙව්ලිල්ලක් මුලු ඇඟ පුරා කරන්ට් එකක් වැදුනාක් මෙන් දිව යයි. කුරුඳු කපන වක් පිහිය තාමත් ඉනේය.සුනිමල් පාර අයියේ රූස්ස ගසකට මුවා උනේය. තව ටික වේලාවකින් සඳමාලිත් අම්මාත් මෙතනට පසු කරගෙන යන්න එයි. තවමත් අමුතු වෙව්ලිල්ල ගත පුරා දිව යයි. දෙකින් එකක් අදම බේරා ගත යුතු යැයි සුනිමල්ගේ යටි හිත පුන පුනා පවසයි.......

ගත වූයේ මිනිත්තු කීපයකි. සඳමාලිත් අම්මාත් හෙමින් හෙමින් රූස්ස ගස පසු කර යෑමට ආසන්න වෙයි......සුනිමල් ආරූඨ වූ යක් දෙස්සෙක් මෙන් පාර මැදට පැන්නේ වියරුවෙනි.........

"ස ඳ-මා----ලී----------!" සුනිමල්ට කෑ ගැසුනි.

"අනේ, සුනිමල් අයියේ.....භයෙන් බීරන්ත වූ මුව පොව්වෙක් මෙන් සඳමාලිට කෑ ගැසුනි. සුනිමල්ගේ ඉනේ තිබෙන වක් පිහියත්, අම්මාගේ මූණ දෙසත් මාරුවෙන් මාරුවට සඳමාලි බැලුවේ දැන් සිද්ධ වෙන්න යන්නේ මොකක්දැයි සක් සුදක් සේ ඇයට දැනුන නිසාය......."

සුනිමල් වෙවුලන දෙකකුල් වලින් සඳමාලි වෙත හෙමින් හෙමින් ඇවිද ගියේය.....

සඳමාලිගේ දෙපා පණ නැති වී ඇත. ආපහු හැරී දිවීමට සිතුවත් ඒ සඳහා දෙපා වාරු නැති බව සඳමාලිට සිතුනි. .

සුනිමල් සෙමෙන් සෙමෙන් සඳමාලි වෙත ඇදී එයි !

"සඳමාලි....." සුනිමල්ගේ හඬ ඉතාමත් මෘදුය......!

"සඳමාලි.........."

"වැඩිපුර ත්‍රිපෝෂ පැකට් එකක් තියෙනව නම් දීලා යන්න ප්ලීස්......"

සඳමාලි අම්මා අත වූ බෑගයට අත දමා තිබුනු ත්‍රිපෝෂ පැකට් දෙකම සුනිමාල් අත තැබුවාය.......

රටක් රාජ්‍යක් ලැබූ රජ කෙනෙකු සේ, විසිල් පාරක්ද ගසා සුනිමල් ගෙදර දිව්වේ, අම්මට කියා ඉක්මනටම ත්‍රිපෝෂ ගුලි සාදා කෑමේ බලාපොරොත්තුවද සමගිනි.......

-- නිමි

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com20tag:blogger.com,1999:blog-4346015856052849283.post-8831215637382131002015-12-24T07:00:00.000+04:002015-12-24T07:00:05.570+04:00කට කහන වයිෆ් කතා

මේ කතාව මේ ඊයේ පෙරේදා දවසක අපේ ඔෆිස් එකේදි වෙච්චි කතාවක්. මේක උණු උණුවෙම ඉස්සෙල්ලාම දැම්මේ නම් ඔන්න මූනු පොතේ. ඒත් ඉතින් මේ බ්ලොග් එකකුත් වේලි වේලි තියෙන වෙලේ ඔන්න ඔහේ කමක් නෑ කියලා මේක බ්ලොග් එකේම ලියලා දාන්න කියලා හිතුවා ඒ කතාවෙම පොඩි එක්ස්ටෙන්ෂන් එකකුත් එක්කම.

ඔන්න ඉතින් කතාව යන්නේ මෙන්න මෙහෙම.

මගේ ඔෆිස් එකේ ඉන්දියන් යාළුවෙක් ඉන්නවා ශුබ්රත් ෂෙට්ටි කියලා. කෑම බීම ගැන හරිම සැලකිලිමත් හාදයා. තෙල් කෑම, සීනි වැඩියෙන් තියෙන කෑම වගේ දේවල් කන්නෙම නෑ. කොටින්ම කඩෙන් කනවා කියන එක තරම් මිනිහට එපා කරපු වෙන දෙයක් නෑ. ඒක නිසා පොර වරද්දන්නේ නැතිවම හැමදාම ගෙදරින් කෑම ගේනවා. මොකද ඔය කඩ කෑම ඇඟට හරිම අගුණයි, ඔය මස් ජාති එහෙම ෆ්‍රෙෂ් නෑ කියලා තමයි ඌ කියන්නේ. මෙන්න බොලේ දැන් දවස් දෙක තුනක විතර ඉඳන් මෙන්න මූ අපේ ඔෆිස් එක පල්ලෙහා තියෙන ෆුඩ් කෝට් එකෙන් කනවා. ඔන්න ඉතින් මමත් අහලා බැළුවා මොකක්ද මූට මේ හිටපු ගමන් හැදිච්ච ගිරහ මාරුව කියලා. අනේ ඉතින් මෙන්න මූ කියනවා වයිෆ් දවස් දෙකක් තිස්සේ ඌත් එක්ක තරහා වෙලා කියලා. තරහ වෙච්ච හේතුව මොකක්ද කියලා දැන ගත්ත ගමන් මේක නොලියන කට කහන කතා බ්ලොග් එක මොකටද කියලත් හිතුනා.

කොහොමින් කොහොමහරි ඔන්න ඉතින් තරහා වෙලා තියෙන්නේ ඊට කලින් දවසේ රෑ හදපු චපාපති වල ප්‍රශ්නයක් නිසා. ශෙට්ටියගේ වයිෆ් අතින් චපාති වලට ලුණු වැඩි වෙලා හොඳටම. ශෙට්ටියා ගෙදර ඇවිත් රෑ කන්න හදනකොට චපාති කටේ තියන්නවත් බැහැල්ලු. චපාති කන්න මිසක් හදන්න දන්නේ නැති ශෙට්ටියා මොකද කරල තියෙන්නේ වචනයක් වත් කියන්නේ නැතිව අහල පහල කඩේකින් චපාති ඕර්ඩර් කරලා ගෙදර හැමෝම එක්ක කාලා.

ඔන්න රෑ නිදිය ගන්න යන්න හදනකොට වයිෆ් ඉන්නවලු බුම්මගෙන, වචනයක්වත් කතා කරන්නේ නැතිව. අනේ ඉතින් මූ ඇහුවලු ඇයි ඔයා ඔය අප්සෙට් එකෙන් ඉන්නේ කියලා. ඔන්න ඒ පාර වයිෆ් කියනවලු,

"ඔයා දැන් හරියට වෙනස් වෙලා, ඉස්සර වගේ නෙමෙයි. වෙනදට චපාති වලට මෙහෙම උනානම් ඔයා ගෙදර මහ ගෝරියක් දානවා. මට පැය ගාණක් බනිනවා. දැන් ඔයා එහෙම කරන්නේ නෑ...... ඔයා හරියට වෙනස් වෙලා......."

එහෙම කියලා ගෑනි ඌත් එක්ක තරහා වෙලා චපාති වලට ලුණු වැඩි වෙච්ච එකට එයාට බැන්නේ නෑ කියලා.

ඔන්න ඕකයි ශෙට්ටියට දවස් ගාණක් කඩෙන් කන්න සිද්ද වෙච්චි හේතුව........

අර කතාවක් තියෙනවනේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ඕනේ නම් බිරිඳට අසීමිතව ආදරේ කරන්න හැබැයි ඇයව පොඩ්ඩක්වත් තේරුම් ගන්න යන්න එපා එතකොට පිස්සු හැදෙයි කියලා.....

ඉතින් කතාව ඔහොම යන අතරේ මම ශෙට්ටියගෙන් ඇහුවා මීට කලිනුත් උඹේ වයිෆ් ඔහොම දවස් ගාණක් තරහා වෙලා උඹට කඩෙන් කන්න සිද්ද වෙලා තියෙනවද කියලා. ඔන්න ඒ පාර ශෙට්ටියා කියනව අපොයි ඔව්, මේ වගේ ඕන තරම් වෙලා තියෙනවා. අන්තිම පාරට උනේ දැනට මාසෙකට විතර කලින්. එදා මොකක් හරි පොඩි හේතුවකට මම ගෙදර යන වෙලාවේ අපේ අනීට (ශෙට්ටිගේ වයිෆ්ගේ නම අනීටා ) කේන්ති ගිහිල්ල හිටියේ. ගෙදර ගිය ගමන් මාත් එක්ක රණ්ඩුවකට පැටලුනා. ඉතින් ඔහොම මට බැන බැන ඉන්න කොට අනීටා කිව්වා, "ශුබ්රත් ඔයාව බඳින කාලේ මම හරිම මෝඩ කෙල්ලෙක්" කියලා, අනේ ඉතින් මමත් කිව්වා, "අනේ ඒක තමයි අනීටා, මටත් ඒක ඒ දවස්වල පෙනුනේ නෑනේ, මොකද මම ආදරෙන් අන්ධ වෙලා හිටපු නිසා ඔයා මෝඩයි කියලා මට තේරුනේ නෑ...." ඔන්න ඉතින් ඔය කතාවට මම දවස් හතරක් කඩෙන් කෑවා.....

ඔන්න ඉතින් ඒ කතාවෙන් කියවෙන්නේ කවදාවත් වයිෆ් කෙනෙක් තමන් ගැන කියන කමෙන්ට් වලට හූ මිටි තියලා කන්ෆර්ම් කරන්න යන්න එපා කියලයි.

ඔෆිස් එකේ ලන්ච් රූම් එකේ මේ කතාව වෙනකොට ඔන්න අපිත් එක්ක වැඩ කරන ඉමාද් කියන එමරාටි ඔටුවෙක් (මෙහේ ලෝකල් අරාබියන්ට කියන්නේ එමරාටීස් කියලා ) කතාවට සෙට් උනා. ඉමාද්ට අවුරුදු 36ක් විතර උනාට මේ වෙනකොට ඌට වයිෆ්ලා තුන් දෙනෙක් ඉන්නවා. ඌ ඉඳන් කියනවා, "උඹලට නම් හොඳයි, ඒත් අපි කසාද බැඳල ඇඳට යනකන් හරියට වයිෆ්ව අඳුනන්නේ නෑ...." ( මොකද උන්ගේ කසාද බැඳිල්ල ගොඩක් වෙලාවට සෙට් කරන්නේ පවුලේ වැඩි හිටියෝ. බඳිනකම් හරියට ගෑනිත් එක්ක කතා බස් කරන්නවත් හම්බවෙන්නේ නෑ. මගුල් දවසෙත් පොඩි වෙලාවකට විතරයි හරියට ගෑණිව දකින්නේ. )

ඔන්න ඒ පාර ශෙට්ටියා ඉඳන් කියනවා, "මොන පිස්සුද ඉමාද්, අපේ කියලත් ඕකේ ලොකු වෙනසක් නෑ. දැන් බලන්න මම අපේ අනී එක්ක යාළුවුනේ කොලේජ් යන කාලේ (මෙහේ කොලේජ් කියන්නේ විශ්වවිද්‍යාලෙට ). බඳින්න කලින් අවුරුදු 6ක් ආදරේ කලා. බැඳලා දැනට අවුරුදු 10ක් වෙනවා. ඒත් තාම මම අනීව අඳුනන්නේ නෑනේ...., උඹ නම් උඹේ ගෑණුන්ව පළවෙනි දවසෙම ඇඳේදිම අඳුනගත්තා......" කියලා.

ඔන්න ඒපාර ඉමාද් බුවත් තත්පර කීපයක් කල්පනා කරන්න පටන් ගත්තා. දැන් නම් ඌටත් ෂුවර් නෑ වගේ ඌ ඇත්තටම උගේ ගෑණු තුන්දෙනාව අඳුනනවද කියලා.

ඒ අතරේ ඔන්න මම ඇහුවා ඉමාද් ගෙන් ශෙට්ටිට වගේ උඹට කඩෙන් කන්න වෙලා නැද්ද කියලා. ඒ පාර ඌ කියනවා මම විතරක් නෙමෙයි බන්, ගෙවල්වල ඉන්න ගෑණු තුන්දෙනත් කන්නේ කඩෙන් කියලා.......

අනේ ඉතින් මෙහෙමත් ඔටුවෝ, ගෑණු තුන් දෙනෙක් ඉඳලත් කන්නෙ කඩෙන්. ඒකට මුන් ලංකාව වගේ රටකින් වැඩට ගෑණු ගෙන්න ගත්තම ගෙදරින් විතරක් නෙමෙයි උන්වත් මරාගෙන කනවා. (එහෙම කිව්වට ඇත්තටම ඔරොජිනල් එමරාටි ඔටුවෝ හරි කරුණාවන්තයි. එහෙමත් එකෙක් තමයි නසරාණියෝ ඉන්නේ.)

"හැබැයි මගේ වයිෆ්ලා නිසා මම දවස් තුනක් කාර් එකේ නම් නිදාගෙන තියෙනවා....." මෙන්න ඔටුවා කියපි,

ඔන්න ඉතින් ඒ කතාවත් ඇහුවේ නැත්නම් හිතට හරි නෑ නෑ වගේ නිසා, අපේ පෙරෙත්තය නිසාම ඌ කතාව කියන්න පටන් ගත්හා...

ඌ කියන විදිහට උන්ගේ ආගමේ ගෑණු හතරක් වෙනකන් බඳින්න පුළුවන් උනාට ගෑණු ඔක්කොමට එකම විදිහට සලකන්නත් ඕනෙලු. ගෑණුන්ට ඉන්න වෙන වෙනම ගෙවල් අරගෙනත් දෙන්න ඕනේලු. ඒක නම් ඉතින් මෙහේ එච්චර අවුලක් නෑ මොකද කසාද බඳිනකොට මෙහෙ ආණ්ඩුවෙන්ම ගෑණිට දෑවැද්දයි, ඉන්න හිටින්න ගෙයකුයි හම්බ වෙනවා.

කොහොමෙන් කොහොම හරි මේ ලඟදි ඉමාද්ගේ තාත්තගේ 70වෙනි උපන්දිනේට ලොකු උත්සවයක් තිබිලා තියෙනවා. අනේ අපේ ඉමාදුත් මොකද කරලා තියෙන්නේ වයිෆ්ලා තුන් දෙනාටම එකම විදිහට සලකන්න කියලා තියෙන නිසා නිසා එකම පාටින්, එක වගේ ගවුම් තුනක් ඒ ගොල්ලන්ට ගෙනැල්ලා දීලා. ඔය අරාබි ගෑණු "අබායා" එක , ඒ කියන්නේ අර කලු ලෝගුව පොරවගෙන පාරේ ගියාට අබායා එකට යටින් ලස්සන ලස්සන ඇඳුම් අඳිනවා, ඒ වගේම පවුලේ ඥාතීන් ලඟදි , ගෙවල් ඇතුලේ ඉන්නේ අබායා එක ගලවලා.

ඔන්න ඉමාද් වයිෆ්ලා තුන් දෙනාවත් උගේ වාහනේ දාගෙන තාත්තගේ ගෙදර ඇවිල්ලා, ගෙදරට ගොඩ වෙලා වයිෆ්ලා අබායා එක ගලවන්න ගත්තාම තමයි ගිණි විජ්ජුම්බරේ පත්තු වෙලා තියෙන්නේ. තුන් දෙනාම ඇඳලා ඉන්නේ එකම ගවුම. අනේ අපේ ඉමාද් හිතලා තියෙන්නේ එකම වගේ ගවුම් කියලා දැන් ගත්තාම වයිෆ්ලා තුන් දෙනා හිනාවෙලා, අත් අල්ලගෙන උඩ පැනගෙන සිංදුවකුත් කියාගෙන ඇවිත් ඉමාද්ට උම්මා එක ගානේ දෙයි කියලයි. අනේ ඒ උනාට මොකද වෙලා තියෙන්නේ පොර කිකිළියෝ වගේ වයිෆ්ලා තුන් දෙනා එකාට එකා පුප්ප පුප්ප ආපහු අබායා එක ඇඳගෙන, තුන් දෙනාම ආපහු තම තමන්ගේ ගෙදර ගිහිල්ලා. අනේ එදා ඉඳන් දවස් තුනක් යනකන් එක ගෑණියෙක්වත් ඉමාද්ව ගෙට අරගෙන නෑ. ඌ රෑට නිදාගෙන තියෙන්නේ කාර් එකේ. වයිෆ්ලට තෑගි දිලා ඒ පින ඉම්මාද්ට පළ දුන්නේ ඔන්න එහෙමයි.

ඔන්න ඉතින් අපි ඇහුවා ඔහොම කරලත් උඹට කේන්ති ගියේ එහෙම නැද්ද කියලා ?

ඒ පාර ඌ කියනවා,’

"මොකද කේන්ති ගියේ නැත්තේ, මම ඉන්නේ වයිෆ්ලට අමතක නොවන පාඩමක් උගන්වන්න…..මම තව මාසෙකින් හතරවෙනි කසාදේ කරගන්නවා...."

ඒක අහපු ගමන් අපිට විනාඩි දෙක තුනක් යනකන් හිනාව නවත්ත ගන්න බැරි උනා.

"ඒ කියන්නේ, එතකොට උඹ පාඩමක් උගන්වන්න යන්නේ උඹේ ගෑණු තුන් දෙනාටද, නැත්නම් උඹටමද ?" යන්තන් හිනාව නවත්තගෙන මම ඇහුවා.......

"ඇයි උඹ එහෙම කියන්නේ....?" ඉමාද් අහනවා

“දැන් උඹට ඕක උනේ, වයිෆ්ලා තුන් දෙනෙක්ට ගවුම් තුනක් අරගෙන දෙන්න ගිහිල්ලා. දැන් උඹ ආපහු බැන්දොත් උඹට එක වගේ ගවුම් හතරක්ම ගන්න වෙනවා......, ඒ වගේද, දැනට උඹට නැන්දම්මලම තුන් දෙනෙක් ඉන්නවා, දැන් උඹ ඒක හතරක් කරගන්න යනවා.....”

ඒක කියපු ගමන් ඉමාද් බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා. ඊට පස්සෙ ඌ කියනවා, "නැන්දම්මලා තුනක් ? මට දැනටමත් නැන්දම්මලා දොළොස් දෙනෙක් ඉන්නවා. ලබන මාසේ බැන්දම, නැන්දම්මලා දාසය දෙනෙක් වෙනවා....."

"ඈහ්.....?" අපේ ඇස් උඩ ගියේ ඉබේටම......

"ඇයි, බං මගේ වයිෆ්ලාගේ තාත්තලාටත් ගෑනු හතර දෙනා ගානේ ඉන්නවා. ලබන මාසේ බඳින්න ඉන්න එක්කෙනාගේ තාත්තටත් ගෑනු හතර දෙනයි. ඉතින් එතකොට මට නැන්දම්මලා දාසය දෙනයි......" ඌ ඇඟට පතා ගෑවී නොගෑවි කියවනවා.

ඒක අහපු මගේ ඔළුව කැරකෙන්න වගේ ආපු නිසා ලන්ච් රූම් එකේ ටේබල් එකක මම ඔළුව තියාගෙන විනාඩි ගාණක් එහෙම්මම හිටියා.

ඔළුව උස්සලා බලනකොට ශෙට්ටියා කෑම කනවා. කඩෙන් නෙමෙයි. වෙනදා වගේම ගෙදරින් ගෙනැල්ලා.

"ආහ්...උඹේ ප්‍රශ්නේ හරිද දැන්....වයිෆ් ෂේප්ද ?" මම ඇහුවා....

"ඔව්, මම සොරි කියලා ෂේප් කරගත්තා...." ශෙට්ටියා කියනවා.

"සොරි විතරක් කියලා ඇති උනාද ?" මම අතුරු ප්‍රශ්නයක් ඇහුවා.....

"නෑ නෑ...මම සොරි කියලා, එදා චපාති වලා ලුණු වැඩිවෙච්ච එකේ වැරැද්ද මම බාර අරගෙන, ඒකටත් සොරි කිව්වා....." ශෙට්ටියා කියනවා.......

මම ඒ පාර රිදෙන්නම ඔළුව මේසේ ගහගත්තා.......!

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com99tag:blogger.com,1999:blog-4346015856052849283.post-29174391034977097522015-06-01T12:15:00.000+04:002015-06-02T08:49:56.882+04:00බුල් ෆයිට් සහ පිටින් කෑම

ඉස්සර ඔය ඉඳල හිටලා ඉස්කෝලෙන් ට්‍රිප් යනකොට අපේ අම්මා හරි රහට බත් මුලක් බැඳලා දෙනවා. ඒකෙ අනිවාර්යයෙන්ම තම්බපු බිත්තරයක්, තෙම්පරාදු කරපු පරිප්පු ව්‍යෑංජනයක්, කොච්චි මිරිස් එහෙම දාලා තෙල් දාපු කට්ට කරෝල, බටු මෝජු සහ සමහර වෙලාවට තෙම්පරාදු කරපු පොල් සම්බෝලයක් තියෙනවාම තමයි.. බුදු අම්මෝ මතක් වෙනකොටත් කටට කෙළ පදාසියක් උණනවා. ගොඩක් වෙලාවට ට්‍රිප් එකේ සිහියට වඩා ඔළුවේ තියෙන්නේ කෙහෙල් කොලේ ඔතලා දෙන ඒ බත් එකට වැඩේ දෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඔය වගේ ට්‍රිප් යනකොට ඔය බත් එක තනියම කන්න ලැබෙන්නේ නැහැ කියලා අම්මා දන්නවා. ඒ නිසා අම්මා වැඩිපුර බත් මුලක් දෙකකුත් දෙනවා හයිනලා සෙට් එකක් වගේ බත් එකට කඩාගෙන පනින යළුවන්ට දෙන්න කියලා. ඒත් එහෙම කලා කියලත් ඉතින් නිවිහැනහිල්ලේ ඔය බත් එක කන්න තියෙන චාන්ස් එක ගොඩක්ම අඩුයි.

ඔය නොදන්නා පලාත්වලට ගියාම කඩවල් වලින් කාලා බඩේ අමාරු හදාගනියි කියලා බයටම තමයි අම්මා කොහොම හරි ඔය බත් මුල ලෑස්ති කරලා දෙන්නේ. කොච්චර ලොකු මහත් උනත් අපි කරදඬු උස් මහත් වෙලා පවුල් පංසල් වෙනකන්ම අම්මා ඔය වගේ දුර පලාතකට යනවා නම් බත් මුලක බැඳලා දෙන එක වැරැද්දුවේ නම් නෑ. අදටත් නිවාඩු ගිහිල්ලා ආපහු එන දවසට මුළු බෑග් එකක් පිරෙන්නම අරගෙන එන්නේ අම්මා දවසක් විතර මහන්සි වෙලා උයලා දෙන පොලොස්, ඇඹරැල්ලා, අච්චාරු, උම්බලකඩ සම්බෝල, කට්ට කරවල තෙල් දාපුවා සහ ඊට අමතරව අර ඉස්සර වාගෙම අපි හැමෝටම කන්න කියලා ඔතලා දෙන බත් මුල් ටික.

ඔන්න ඉතින් ලොකු මහත්වෙලා රස්සාවල් පරස්තාවල් කරගත්තට පස්සේ ටිකෙන් ටික අම්මගේ අතින් ඉදෙන බත් එක කන්න පින නැති වෙලා යනවා. ඊටත් වඩා මේ රාජකාරි වැඩවලට පිට රට කාරිය යන්න උනාම වෙන සන්තෑසිය තමයි ඔක්කෝටම වඩා බරපතල. මමත් මෙහේ ආපු මුල් දවස්වල අර  ඉඳි ආප්ප කන්න ගිහිල්ලා හරි අකරතැබ්බයක් උනානේ. ඒ වගේ තමයි.

කාලෙකට කලින් අපිත් එක්ක එමිරේට්ස්වල නෙට්වර්ක් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරපු ප්‍රවීන්ටත් ඔය පිට රටවල් වල රාජකාරි වැඩ කරන්න ගොහින් ලොකු අකරතැබ්බයක් උනා. දැන් නම් ප්‍රවීන් කැන්ගරු දේශයට දරු පවුලත් එක්කම සංක්‍රමණය කරලා අවුරුදු බර ගාණකුත් වෙනවා. ඔය මම කියන දවස්වල තමයි එමිරේට්ස් මොස්කව් වලට ගමන් වාර පටන් ගත්තේ. ඉතින් මොස්කව් බ්‍රාන්ච් එකේ නෙට්වර්කින් වැඩ වලට යන්න උනේ අපේ ප්‍රවීන්ට. මේ කියන කාලේ හිම මිදෙන වින්ටර් කාලේ. එහේ ගියාට පස්සෙ තමයි ප්‍රවීන් දන්නේ රුසියාවෙ වතුර පාවිච්චියක් නැති විත්තිය. රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා "ග්ලාස් ඔෆ් වෝටර්' කියලා ඉල්ලපු ගමන් හම්බවෙන්නේ වොඩ්කා වීදුරුවක්. මොන කෑමක් කෑවත් වතුර වෙනුවට හම්බවෙන්නේ වොඩ්කා. හොඳම දේ තමයි රුසියාවට යන්න කලින් ප්‍රවීන් ෆුල් වෙජිටේරියන්. ඒ කියන්නේ සැර ජාති කට අහලකටවත් තියන්නේ නෑ.

අනික තමයි රුසියානුවෝ කියන්නේ හරිම මිත්‍රශීලී ජාතියක්. ඒ ගොල්ලෝ මිත්‍ර කම් ඇති කරගන්න එනවා කියන්නේ වොඩ්කා බෝතලයකුත් අරගෙන. අතන මෙතන කොතැන කියලා වෙනසක් නෑ, විදේශිකයෙක් කියලා දැනගත්ත ගමන් රුසියන් කාරයෙක් දෙන්නෙක් එනවා වොඩ්කා බෝතලේකුත් අරගෙන සෙට් වෙන්න. එහෙම ආවම ඒ ගොල්ලෝ වීදුරුවට දාල දෙන වොඩ්කා එක එක හුස්මට බොටම්ස් අප් ගහන්නත් ඕනේ. ප්ලේන්ටි බොනවා වගේ චුට්ට චුට්ට බොන්න බෑ. එහෙම කලොත් ඒ ගොල්ලෝ සලකන්නේ ඒ ගොල්ලන්ට මදි පුංචිකමක් කරනවා කියලයි. රුසියානුවන්ට අනුව වොඩ්කා තමයි මේ ලෝකේ තියෙන සුපිරිම පානය. ඒ කියන්නේ මේ ලෝකේ කොහේ හරි වොඩ්කා තියෙනවනම් කවදාවත් කොහේවත් නරක වොඩ්කා කියලා ජාතියක් තියෙන්න විදිහක් නෑ. තියෙන්න පුළුවන් ජාති දෙකයි. තියෙන්න පුළුවන් හොඳ වොඩ්කා සහ හොඳම වොඩ්කා විතරයි.

අර කතාවකුත් තියෙනවනේ දෙවනි ලෝක යුද්දෙදි ජර්මන් කාරයෝ රුසියාවට පැරදුනේ මොකද කියලා. ජර්මන් කාරයෝ රුසියාව ආක්‍රමණය කරන්න පටන් ගත්ත කාලේ එක දිගට රුසියාවේ තෙල් ආකර වලට, තෙල් සංචිත වලට බෝම්බ දාල විනාස කරනවා. ඔය අතර තමයි රුසියාවට වින්ටර් කාලේ ලබන්නේ. ජර්මන් කාරයන්ට බොන්න වැතුර නැති වෙනවා. මොකද ඔක්කොම වතුර මිදිලා. ඒ වගේම ජර්මන් කාරයන්ගේ යුද්ධ ටැංකි හිටං ෆ්‍රීz වෙලා යනවා. ඒකට රුසියන් කාරයෝ. උන් කොහොමත් වතුර වෙනුවට වොඩ්කා බොන නිසා සීතල ගාණක් වත් නැතිව යනවා. උන්ගේ යුද්ධ ටැංකි හදලා තියෙන්නේ තෙල් නැතිනම් වොඩ්කා වලින් දුවන්න පුළුවන් විදිහට නිසා උන් යුද්දේ දිනනවා. ජර්මන් කාරයෝ කරපු වැරැද්ද තමයි වොඩ්කා පෙරන තැන්වලට බෝම්බ දාන්නේ නැතිව තෙල් පෙරන තැන් වලට බෝම්බ දැමීම කියලා තමයි කියන්නේ.

තව පොඩ්ඩෙන් ප්‍රවීන්ව අමතක වෙනවා. කොහොමින් කොහොම හරි සතු තුනකට විතර පස්සෙ ප්‍රවීන් ආපහු ඩුබායි එනකොට අමුම අමු වොඩ්කා-බද්දෙක් වෙලා. කොටින්ම කියනවනම් ඩුබායි ඇවිල්ලත් බත් කාල බොන්නේ වොඩ්කා.

හරි ප්‍රවීන්ගේ කතාව එච්චරයි....!

කාලෙකට කලින් මම එමිරේට්ස් වැඩ කරන කාලේ, එමිරේට්ස් වල බැගේජ් හැන්ඩ්ලින් සහ ට්‍රැකින් සිස්ටම් එක ඩිසයින් කරලා ඩිවලොප් කරන්න කියලා JKCS එකෙන් මෙහේ ආවා ටීම් එකක්. ඒකේ ප්‍රොජෙක්ට් මැනේජර් විදිහට ආවේ චාන්. චාන් කිව්වට පොර චීනෙක් නෙමෙයි. හොඳ ශ්‍රී ලාංකිකයෙක්. ඇත්ත නම චන්ද්‍රලාල් හරි, චන්ද්‍රකුමාර හරි චන්ද්රබන්දු හරි වෙන කෙහෙල්මලක් හරි වෙන්නැති. උගේ නම කියන්න ලේසි වෙන්න සුද්දෝ තමයි ඌට චාන් කියලා බෞතීස්ම කරලා තියෙන්නේ. ඔය චාන් ඇවිත් අපි වගේ දෙගුණයක් වයස තරුණයෙක්. ෆීල්ඩ් එකේ වගේම ජීවිතෙත් හොඳටම අත්දැකීම් බහුල මනූස්සයා. මෙහේ එනකොටත් චාන්ගේ ලොකු දුව කොළඹ යුනි එකේ අයි.ටී ඩිග්රි එකක් කරනවා. අනේ ඉතින් ටීම් එකේ එවුන් මාමව ෂේප් කරගන්න නොකරපු දෙයක් නෑ. සමහරු ලංකාවේ ඉන්නකොට ස්වේච්ඡාවෙන් දුවට "ජාවා" උගන්නන්න චාන්ලගේ ගෙදර යනවා. හැබැයි පැට්රල් පුච්චගත්තට ඒ එකෙකුටවත් වැඩක් උනේ නෑ. හැබැයි කෙල්ල නම් ෆර්ස්ට් ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිය ගොඩ ගියා. ඊට පස්සෙ ස්කොල් එකක් හම්බවෙලා මාස්ටර්ස් කරන්න ඇමරිකා ගියා.

ඔය චාන් ඇවිත් තමන්ගේ වයසට වඩා දෙගුණයක් වයස අඩු අපිත් එක්කත් හරි හරියට සෙට් උනා කිසිම වෙනසක් නැතිව. ඔන්න එක කාලයක් චාන් හොංකොන් පැත්තේ ගිහින් තියෙනවා රාජකාරි වැඩකට තවත් ලංකාවෙ ටීම් එකක් එක්ක. එහෙම ගිහින් ඉන්නකොට එක දවසක් කට්ටියත් එක්කම ගිහිල්ලා ඒ පැත්තේ තිබිච්ච හෝටලයකට දවල්ට කන්න කියලා. ඔන්න ඉතින් චාන් අහලා,

"මල්ලි, අද ලන්ච් වලට මොනවද තියෙන්නේ ?" කියලා...

ඔන්න ඉතින් ඒ මල්ලි කියාගෙන යනවලු....

"චිකන්, බීෆ්, පෝක්, ෆිශ්, කැට්, ඩෝග්, ස්නේක්, ෆ්‍රොග්, රැට් කියලා.....

බලනකොට මුළු ආහාර දාමයම මුන් ලන්ච් එකට උයනවා. ඉතින් මේ ලෝකේ සත්ව සම්පත්තිය ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා හිතලා චාන් සහ ටීම් එක ඔක්කාරය නවත්තගෙන එතනින් නැගිටලා ඇවිල්ලා. ඊට පස්සෙ කට්ටියම හෝටලේට ඇවිත්, අයන් එක අනිත් පැත්ත හරෝලා ඒක උඩ තියලා පොල් රොටි පුච්චගෙන කෑව කියලා තමයි කියන්නේ.

විරේන් කියන්නේ මාත් එක්කම එමිරට්ස් වල එකම ටීම් එකේ හිටපු කෙනෙක්. දැන් ඉන්නේ කැන්ගරු දේසේ. විරේන් කසාද බැන්දලා හනිමූන් ගිහින් තියෙන්නෙත් හොංකොං වලට. කොහොම හරි වෙඩිං එකෙන් දවස් දෙකකට විතර පස්සෙ විරේන් සහ විරේන්ගේ අළුත් මනමාලි වෙච්චි ඇව්රිල් හනිමූන් බලා පිටත්ව යනකොට ඇව්රිල් වීල් චෙයාර් එකේ. මොකද උනේ කියලා අපි ඇහුවේ නෑ. හැබැයි එහෙම තමයි උනේ. කලින් බුක් කරපු ගමන නවත්තන්න බැරි නිසා විරේනුත් ඇව්රිල්ව වීල් චෙයාර් එකේ තියාගෙනම හොංකොං ගියා. ඉතින් ඔහොම හොංකොං ගිහින් හෝටලේටත් චෙකින් උනා කියමුකෝ. ගමන් මහන්සියටයි, වීල් චෙයාර් එකේ එහෙමෙහේ ගෙනියන්න කරදර නිසයි විරේන් ඇව්රිල් කාමරේ තියලා තනියම කෑමට මොනව හරි අරගෙන එන්න කියලා කාමරෙන් එලියට ආවා. ඊට පස්සෙ හෝටලේ ලොබී එකේ පොඩ්ඩක් ඉඳගෙන වට පිට එහෙම බලනකොට ඔන්න විරේන් දිහාවට මනුස්සයෙක් එනවා. ඇවිත් විරේන්ගේ අතේ මෙනූ පොතක් තියනවා. බලනකොට ඒක මෙනූ එකක් නෙමෙයි ඇල්බම් එකක්. උයලා කන කෑම නෙමෙයි ඒකේ තියෙන්නේ වෙන කෑම ජාතියක්.

ලස්සනම ලස්සන කෙල්ලෝ ඉන්න ෆොටෝ ඇල්බම් එකක්. ඔන්න විරේනුත් ඉතින් ඕක අතේ තියාගෙන පෙරල පෙරලා ලස්සන බලනවා. ඇල්බම් එක දීපු පොරත් ලඟ ඉඳගෙන එක එක ෆොටෝ වල ඉන්න අයව වර්ණනා කරනවා. ජීවිතේට උණුවතුර මිසක් ඇල්වතුරවත් නොබොන විරේන් ඉතින් මුල ඉඳන් අගට ඇල්බම් එක බලලා අර පොරට ආපහු දුන්නලු...!

ඔන්න එක පාරටම අර පොර පොඩ්ඩක් ඉන්න කියලා තව ඇල්බම් එකක් දුන්නලු.

අප්පට සිරි ඒකෙ ඉන්නේ තනිකරම පිරිමි. එක එක ජාතියේ බොඩි තියෙන පොරවල් ඒකේ ඉන්නවා.

සික් විතරක් මුන් නම් කියලා විරේන් ආපහු ඇල්බම් එක අරූට දීලා. ඒත් බුවා ලේසියෙන් ගේම අති අරින පාටක් නෑ. ආපහු අතින් පොඩ්ඩක් ඉන්න කියලා මූ තව ඇල්බම් එකක් දෙනවලු විරේන්ට.

අප්පද බොල සනුහුරේ කිව්වලු. මෙන්න බොලේ ඒක තියෙනවලු පොමනේරියන්, ඇල්ෂේශන්, ටෙරියර්, ඩොබර්මන්, බුල්ඩෝග් ඊට අමතරව ලංකාවෙ ඉන්නවා වගේ වල් බල්ලන්ගේ පින්තූර තොගයක්. විරේන් ඇස් දෙක ලොකු කරගෙන අරූගේ දිහා බලනකොට ඌ කියනවලු,

සර්, අයි ගිව් යූ වුමන් - යූ නෝ ලයික්, අයි ගිව් යූ මෑන් - යූ නෝ ලයික්

ටෙල් මී සර් යූ නෝ ලයික් ඩෝග් ඕල්සො...?

අනේ හොඳ වෙලාවල ඇව් රිල් වීල් චෙයාර් එකේ හිටියේ කියලා හිත හිත විරේන් ආපහු කාමරේට ආවලු.

එමිරේට්ස් වල වැඩ කරන අපේ කණිෂ්ක ගැන මම කතා දෙක තුනක්ම කියලා තියෙනවා. අන්තිම කිව්වේ අර  31ස්ට් නයිට් ගත කරන්න කියලා දවස් දෙක තුනකට ලංකාවට ගිය කතාව. දැන් එමිරේට්ස් අයිටී සිකියුරිටි ටීම් එකේ වැඩ කලාට ඒ දවස්වල කණිෂ්ක වැඩ කලේ එමිරටේස් වල "සිස්ටම්ස්" ටීම් එකේ. ඔන්න ඉතින් කණිශ්කට රාජකාරි වැඩකට යන්න වෙලා තිබුනේ ස්පාඤ්ඤ්යට එහෙම නැත්නම් ස්පේන් වලට. එහේ මාසෙක හාමාරක රාජකාරී කටයුත්තකට තමයි කණිෂ්ක ගිහිල්ලා තිබුනේ. ඉතින් දවසක් ඔය රාජකාරී වලින් මිදිලා හවස් යාමෙක කණිෂ්ක වටේ පිටේ ඇවිදින්න ගිහිල්ලා. එහේ තියෙන සුවිශේෂ, සංචාරක ඇට්‍රෑක්ෂන් එකක්නේ ඔය "බුල් ෆයිටින්" කියලා කියන්නේ. අර රෙද්දක් වන වනා පොරක් ඇවිත් හරකෙක්ව හලාල් කරන සෙල්ලම. කොහොමින් කොහොම හරි අපේ කනිෂ්කත් ඔය බුල් ෆයිටින් එකක් බලන්න සෙට් වෙලා. ඔන්න ඉතින් හරි අති උද්වේගකර රෙද්ද වැනිල්ලකට පස්සෙ බුල් ෆයිට් කරපු පොර හරකව හලාල් කරලා දාලා. ඉතින් ඕක බලලා ඉවර වෙනකොට ගොඩක් හවස් වෙලා. ආපහු පාරට බැහැපු කනිෂ්කගේ බඩ පණුවෝ බුල් ෆයිට් කරන වෙලාවක් ඒක. එහෙන් මෙහෙන් ඉව අල්ලගෙන කනිෂ්කත් ගිහිල්ල ලඟ පාත තිබිච්ච රෙස්ටුරන්ට් එකකට. ඒකට ගිහිල්ලා මෙනූ එකත් අරගෙන එහෙන් මෙහෙන් කියවලා ඔය මොනව හරි දෙයක් ඕර්ඩර් කරලා පොර දැන් බලාගෙන ඉන්න්වලු. ඒත් එක්කම පොරගේ ටේබල් එකට මෙහා ටේබල් එකට වේටර් කෙනෙක් දුම් දාක්ගෙන චිරිස් බිරිස් ගාගෙන (අර සිස්ලින් කියලා කියන්නේ ) පලාතම සුවඳ ගස්සගෙන කෑමක් අරගෙන ආවලු. අනේ ඉතින් අර මේසෙ ඉන්න එකත් හෙන පෙරත කමෙන් අර ගෙනාපු කෑම එක කාගෙන කාගෙන යනවලු. පලාතම සුවඳයිලු. දැන් කණිශ්කගේ බඩගින්න දෙගුණ තෙගුණ වෙලා ඔන්න ඊට පස්සෙ කණිෂ්ක වේටර් කොළුවට කතා කරලා ඇහුවලු අර එහා ටේබල් එකට ගෙනාපු කෑම එක මොකක්ද කියලා. ඒ පාර වේටර් කොළුවා කියනවලු,

"සර්, ඒක මේ අපේ ඩෙලිකසි එකක් (සුවිශේෂී කෑමක් ) ඒ අර බුල් ෆයිට් එකෙන් මැරිච්ච හරකාගේ ටෙස්ටිකල් (වෘෂණ කෝෂ) දෙක...." ”මේ පැත්තටම මේක දෙන්නේ මේ අපේ හෝටලේ විතරමයි. ඒක නිසා......ගාණත් ටිකක් සැරයි” … කියලා…

ඒ තිබිච්ච සුවඳේ හැටියම මොන කෝශේ උනත් කණිශ්කට මේක කන්න දැන් තියෙන්නේ පුදුම පෙරේත කමක්.

ඉතින් කණිශ්කත් කිව්වලු " කමක් නෑ...මටත් ඒ කෑම එකක් ගේන්න කියලා..."

ඒ පාර වේටර් කිළුවා කිවාලු,

"සර්, එක දවසකට තියෙන්නේ එක බුල් ෆයිට් එකක් විතරක් නිසා මේ කෑම එක හම්බවෙන්නේ දවසට එකක් විතරයි. ඒක අර එහා ටේබල් එකේ මහත්තයා කලින්ම ඕර්ඩර් කරලා තිබුනේ. සර් කැමති නම් හෙට බුල් ෆයිට් එකේ ටෙස්ටිකල්ස් දෙක ඔර්ඩර් කරන්න පුළුවන්..." කියලා

ඔන්න ඒ පාර කණිශ්කත් කැමති වෙලා පහු වෙනිදට ඕර්ඩර් එක දාලා සල්ලිත් ගෙවලා ආවලු.

ඔන්න ඉතින් ඒ දවසත් බොහොම අමාරුවෙන් ගෙවලා දාලා කණිශ්ක හවස් වෙලා කෙලින්ම හෝටලේට ගියාලු. ඔන්න ටික වෙලාවකින් අර ඊයේ විදිහටම දුම් දාගෙන, චිරිස් බිරිස් ගාගෙන සිස්ලින් කෑම දීසියක් මේසෙට ආවලු. පලාතම සුවඳයිලු දැන්. කණිශ්කත් මේලෝකේ සිහියක් නැතිව මේක දැන් කාගෙන කාගෙන යනවලු. කෑම එකත් මාරම රහයිලු. ඒත් මදියි මදියි වගේලු. කණිශ්කට මතක් උනාලු කලින් දවසේ අල්ලපු ටේබල් එකට අරගෙන ආපු ඩිශ් එකේ ප්‍රමානේ මීට වඩා වැඩියි නේද කියලා. ඊට පස්සෙ කණිෂ්ක අර වේටර් කොළුවට කතා කරලා කම්ප්ලේන් පාරක් දැම්මලු.

"මල්ලි, අර ඊයේ එහා ටේබල් එකට දුන්නු කෑම එකේ ප්‍රමාණෙන් භාගයක්වත් අද මගේ කෑම එකේ තිබුනේ නෑනේ....." කියලා.....

“ආ සර් ඒ අද බුල් ෆයිට් එකෙන් හරකා දිනලනේ.... “ එහෙම තමයි සර් ඉඳලා හිටලා බුල් ෆයිට් එකෙන් හරකා දිනනවා සර්…” කියලා කිව්වලු....!

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com66tag:blogger.com,1999:blog-4346015856052849283.post-89256701166288426762015-05-20T06:30:00.000+04:002015-05-20T18:50:55.396+04:00ආවාට තිබුනත් පින්න මලේ

අපේ තාත්තගෙන් මට ලැබිච්ච ලොකුම දායාදය තමයි මේ සංගීත භාණ්ඩයක් දෙකක් වාදයන කිරීමේ හැකියාව. අපේ තාත්තට ඔය මියුසික් උණ හැදිලා තිබුනේ තාත්තලා කොල්ලෝ කාලේ ලෝකෙම කළඹපු බීට්ල්ස් සංගීත කණ්ඩායම නිසා. තාත්තා ගිටාර් එකක් වාදනය කරන්න ඉගෙනගෙන තිබුනේ එයා විසින්ම හදාගත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකකින්. පස්සෙ කාලෙදි නැව් හමුදාවෙ ඉන්ජිජේරුවෙක් විදිහට වැඩ කරන කාලෙදි නැව් හමුදාවෙ සංගීත කණ්ඩායමේ ඒ කාලේ හිටිය ස්ටැන්ලි පීරිස් මහත්තගෙන් තරමක ගුරුහුරු කම් ගත්තා කියලා තමයි තාත්තා කියන්නේ. ඒ වගේම ගිටාර් එක අල්ලන විදිහේ ඉඳන් කෝඩ් එකක් දෙකක් ප්ලේ කරන හැටි මුලින්ම මට අකුරු කලෙත් අපේ තාත්තා තමයි.

නිවාඩු පාඩුවේ විශ්‍රාම සුවෙන් දැන් ගෙදරට වෙලා ඉන්න තාත්තට දැනට උනත් ගිටාර් එක අරගෙන සින්දු කියන්න තියෙනවනම් කෑම බීම නැතත් කමක් නෑ. ඇත්තටම කියනවනම් කෑම නොතිබුනත් කමක් නෑ. හැබැයි ඉතින් තාත්තත් එක්ක සින්දු කියනකොට පැයකට එක සින්දුවක් වගේ වේගයකින් තමයි වැඩේ යන්නේ. මොකද පොඩ්ඩක් වරදින්න බෑ ඒ සින්දුව ආපහු මුල ඉඳලම කියන්න ඕනේ. ඉතින් එළිවෙනකන් සින්දු කිව්වත් සින්දු දහයක් වත් කියාගන්න වෙන්නේ නෑ.

ඉතින් අපේ තාත්තගෙන් දායාද වෙච්ච ඔය සංගීත හැකියාවට පින්සිද්ද වෙන්න තමයි මම ඉස්සෙල්ලාම කියක් හරි හොයාගත්තෙත්. මම මීට කලින් කියලත් තියෙනවා මම හිතන්නේ. ඉස්සෙල්ලාම මටයි කියලා කීයක් හරි හොයාගත්තේ අපේ ගම හාමිනේලගේ ඉස්කෝලේ භක්ති ගීත වලට ගිටාර් ගහන්න ගිහිල්ලා තමයි. ඒ පොසොන් භක්ති ගීතෙට ගිටාර් ප්ලේ කරලා රුපියල් 50ක් හම්බ උනා. මේ කියන්නේ 1990 - 1991 වගේ කාලේ. එහෙම දිගටම ගම හාමිනේලගේ ඉස්කෝලෙන් මට ආරධානා ලැබුනා ඒ ගොල්ලනේ හැම සංගීත කටයුත්තකටම් සහභාගී වෙන්න. පතාගෙන ආවොත් ඔතාගෙන යන්න වෙනවා කියන්නැහේ අපේ ගම හාමිනේවත් ඔතාගන්න ලැබුනේ ඒ ගිය ගමන් නිසා තමයි.

ඔහොම පටන් ගත්ත අර්ධ වෘතීය ජීවිතය ලංකාවෙන් එන තුරුත් කරගෙන ගියා. සංගීත කණ්ඩායම් වලට සම්භන්ධ වෙලා ප්ලේ කරන අතරතුර, ප්‍රසිද්ධ සංගීතඥ්ඥයන්ගේ සංගීත අධ්‍යක්ශණය කරපු වේදිකා නාට්‍යය ඒ වගේම රෙකෝඩින් වලටත් සම්බන්ධ උනා. ඔන්න ඉතින් ඩුබායි ආවට පස්සෙදිත් ලංකාවෙන් ඇවිත් මෙහේ ප්‍රසංග පවත්වන ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ ප්‍රසංගයන් වලටත් දායකත්වය දෙන්න වාසනාව ලැබිලා තියෙනවා.

ඉතින් ඔය විදිහට ලංකාවේ සුපතල ඉහලම ගණයේ ප්‍රසිද්ධ කලා කාරයෝ, කලා කාරියෝ එක්ක එකට වැඩ කරන්න ලැබෙනවයි කියන්නේ හරිම ජොලි වැඩක් මොකද ඒ ගොල්ලන්ගේ ජීවිත වලට පොඩ්ඩක් එබිලා බලන්නත් චාන්ස් එකක් හම්බවෙනවයි කියන එකනේ. ඒ අතරතුර ඒ ගොල්ලන්ගේ ජීව්ත වල සිද්ද වෙච්ච හරිම රසවත් සිද්ධි මහ ගොඩක් මම සටහන් කරගෙන ඉන්නවා ඔන්න ඔහේ කියලා කට කහන කතා බ්ලොග් එකේ ලියලා දාන්නය කියලත්. ඉතින් අපි බලමු පුළු පුළුවන් විදිහකට වෙලාවක් කලාවක් ආවහම ඕවා ටික ටික ලියලා දාන්න.

ඔය විදිහට දැනට අවුරුද්දකට දෙකකට කලින් අපේ ප්‍රිය සාදයකට ගීත ගයන්න කියලා ආවා ක්‍රිස්ටෝ අංකල්. ඒ කියන්නේ ක්‍රිස්ටෝපර් පෝල් කියන හරිම අපූරු සුන්දර ගායකයා. දැනට ජීවිතයේ සැඳෑ කාලෙට කිට්ටු කරලා හිටියත් ක්‍රිස්ටෝ අංකල් තාමත් හිත ඇතුලෙන් නම් හරිම කෙලිලොල් ඉලන්දාරියෙක්. එයාගේ දශක කීපයක රසවත් අත් දැකීම්, ආගිය කතා ලියන්න ගියොත් බ්ලොග් පෝස්ට් 100කින් මෙහා නවතින්නේ නෑ. ජෝතිපාල ගැන හරූන් ලන්ත්‍රා ගැන එහෙම කියපු සමහර කතා නම් ලියන්න වෙන්නේ 18+ ගහපු බ්ලොග් එකක් හදලා තමයි. හැබැයි ඉතින් ඒ කතා පුදුම රසවත්. අද කියන්න යන කතා දෙක තුනෙන් පළවෙනි එක ක්‍රිස්ටෝ අංකල් කියපු කතාවක්. ක්‍රිස්ටෝ අංකල්ගේ අනිත් කතා ටික වෙනම බ්ලොග් පෝස්ට් එකකින් ලියනකන් මේ පොඩි කතාව කියලා ඉන්නම්.

මේ කියන කාලේ වෙනකොට ක්‍රිස්ටෝ අංකල්ලා තමයි සංගීත ලෝකේ පෙරළි කාරයෝ. ක්‍රිස්ටෝ අංකල්ලාගේ සමකාලීනයෙක් තමයි අර "මම බොහොම බය උනා" කියනා ගීතය ගායනා කරපු මැක්ස්වෙල් මෙන්ඩිස්. මේ කාලේ තමයි මැක්වෙල්ල් මෙන්ඩිස් ඔය 'බොහොම බය උනා' සින්දුව කියලා ජනප්‍රිය වෙච්ච කාලේ. හැම සංගීත ප්රසංගයකටම නැතිවම බැරි ගායකයෙක් තමයි මැක්ස්වෙල් ඒ දවස්වල. අද කාලේ වගේ වේදිකාව උඩ නටන්න බුරි නැටුම් කණ්ඩායම් එහෙම හිටියේ නැති නිසා සින්දුව කියන ගායකයම පොඩි ප්රසංගීය කෑල්ලකුත් සින්දුවට එකතු කරගන්නවා සින්දුව තවත් රසවත් වෙන්නය කියලා. ඔය විදිහට මැක්ස්වෙල් මෙන්ඩිස් උන්නැහේ කරලා තිය්න්නේ පොඩි කොහු මිටි කැල්ලක ගහපු ඇත්තම ඇත්ත මිනී ඔළුවක් එක පාරටම බෑග් එකෙන් අරගෙන 'මම බොහොම බය උනා' සින්දුව කියන අතරතුර මිනිස්සු දිහාවට දික් කරන එක. ප්‍රසංගය බලන මිනිස්සුත් මේක දකිනකොට එක පාරටම පුංචි පගේ තිගැස්මක් වෙන නිසා අර සින්දුවට අමුතු ගැම්මකුත් එනව කියලා තමයි ක්‍රිස්ටෝ අංකලුත් කියන්නේ.

ඔන්න එක දවසක් මැක්ස්වෙල් මෙන්ඩිස් සංගීත ප්‍රසංගයකට සහභාගි වෙන්න ගිහිල්ල තියෙන්නේ අපේ ක්‍රිස්ටෝ අංකල් සහ තවත් සෙට් එකක් එක්ක වාහනයක් එහෙම කුළියට අරගෙන. එදා ක්‍රිස්ටෝ අංකල්ලා මැක්ස්වෙල් මෙන්ඩිස්ව බලෙන්ම වගේ කලින්ම ස්ටේජ් එකට නග්ගලා තියෙන්නේ ලොකු ලණුවක් දෙන්න හිතාගෙන. ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි "මම බොහොම බය උනා" සින්දුව පටන් අරගෙන දැන් නැගලම යනවා.ඔන්න දැන් තමයි වෙලාව, එක පාරටම මැක්ස්වෙල් මෙන්ඩිස් ස්ටේජ් එක උඩ තියලා තිබ්බ එයාගේ බෑග් එකෙන් කොහුමිටේ ගහලා තිබ්බ මිනී ඔළුව අරගෙන මිනිස්සු ඉස්සරහට වැඩ දාලා දික් කරාලු. ඔන්න බොලේ එක පාරටම පලාතම දෙවනත් කරගෙන හෙන හූ සද්දයක් එනවලු. බැලින්නම් මැක්සල් මෙන්ඩිස් පණ දාගෙන උඩපැනලා මිනිස්සු ඉස්සරහට දික් කරලා තියෙන්නේ තඩි පොල් කෝම්බයක්. ස්ටේජ් එකේ පැත්තක ඉඳන් බඩ අල්ලගෙන හිනා වෙන ක්‍රිස්ටෝ අංකල්ව දැකපු ගමන් මැක්සල් වෙන්ඩිස්ට ඔන්න ඌරු ජුවල් නැගලා. ඉතින් ඌරු ජුවල් නැග්ගා කියලා කිය කිය හිටිය සින්දුව මග නවත්තන්නද ? බුවත් ඉතින් සින්දුවේ අතරමැද මියුසික් එන වෙලාව එනකං ඉඳලා අර පොල් කෝම්බෙත් අරගෙන දත් මිටි කාගෙන දමල ගැහැව්වලු ක්‍රිස්ටෝ අංකල්ට. අනේ ඒ ගහපු ගැහිල්ල කොච්චර සැරද කියනවන්ම්, මැක්ස්වෙල් මෙන්ඩිස් දාගෙන හිටපු බොරු දත් සෙට් එකත් ගැලවිලා ගිහිල්ලා ස්ටේජ් එකට වැටිලා.

හුටා, දැන් දත් සෙට් එක නැතිව ලොම්බෙන් සින්දු කියන්නේ කොහොමද ? මැක්ස්වෙල් මෙන්ඩිස් ලොඹු කටෙන් කුණුහරුප කිය කිය (ලොඹු කටෙන් සිංදු කියන්න බැරි උනත් කුණුහරුප කියන්න පුළුවන්) ස්ටේජ් එකේ බිම දණ ගාගෙන දැන් ඉතින් දත් සෙට් එක හොයනවා. කළුවර හින්දයි, ස්ටේජ් එකේ ලයිට් ඩිම් කරලා තිබිච්ච හින්දයි දත් සෙට් එක හොයා ගන්න විදිහක් නැහැ. අනේ සංගීත කණ්ඩායමත් අර අතර මැද සංගීතය රිපීට් කර කර ඉන්නවලු මැක්ස්වෙල් මෙන්ඩිස් දත් ටික දාගෙන සින්දුව පටන් ගන්න කං. ඔන්න එතකොටම චරස් ගාලා සද්දයක් ඇහිලා තියෙන්නේ. බැලින්නම්, බෑන්ඩ් එකේ ගිටාර් ගහහපු එකෙක්ට පෑගිලා දත් සෙට් එකේ දත් දෙළුම් ඇට ටිකක් වගේ ස්ටේජ් එකේ සී සී කඩ විසිරිලා ගිහිල්ලා.. දැන් ඉතින් වෙන කුමක් කරන්නද කියලා මැක්ස්වෙල් මෙන්ඩිසුත් හූ හඬ අස්සෙ ෂේප් එකේ ස්ටේජ් එකෙන් බැහැලා ගිහිල්ලා. ඒ එනකොට ක්‍රිස්ටෝ අංකල් හිමිහිට වෙන වාහනයක නැගලා ගෙදර ගිහිල්ලා මොකට ගුටි කනවද කියලා හිතලා. කොහොමින් කොහොම හරි ලණු දීම කෙසේ වෙතත් මැක්ස්වෙල් මෙන්ඩිස් ආපහු දත් සෙට් එකක් දාගෙන සින්දු කියනකම් උන්නැහේට කන්න බොන්න දීලා තියෙන්නේ ක්‍රිස්ටෝ අංකල්.

අපේ මංගල ගැහිල්ල ගැන මම ලියලා තියෙනවනේ. කියවලා නැත්නම් ඔය ලින්කුවෙන් ගිහින් කියෝන එකයි ඇත්තේ. ඔය මංගල ගැහිල්ලත් අංජබජල් උනා කියමුකෝ. ඒ මංගල ගැහිල්ලට පස්සෙ ආපු බක් මහේවත් මොකක් හරි එකකට ගහන්න සෙට් උනොත් ලොකු දෙයක් කියලා හිත හිත තමයි අපි සෙට් එක හිටියේ. ඔය දවස්වලම තමයි අපේ යාළුවෝ කට්ටියක් සම්බන්ධ මිතුරු සමාජයකින් සංවිධානය කරන අවුරුදු උත්සවයක් ගැන අපේ කණ වැකෙන්නේ. ඉතින් අපිත් ඉහින් කනින් හොයලා බැළුවා අවුරුදු උත්සවයෙන් පස්සෙ ගොඩක් වෙලාවට පවත්වන සංගීත සංදර්ශනයට බෑන්ඩ් එකකට එහෙම චාන්ස් එකක් තියෙනවද කියලා. ඉබ්බා දියේ දාන්නද කියලා ඉබ්බගෙන් ඇහුවාම, අනේ මචන් මේ නෑව විතරයි කියලා ඉබ්බා කිව්වලු. ඒ කියන්නැහේ අර අවුරුදු උත්සවයේ සංවිධායක මණ්ඩලෙත් අපේ මේ ගහන්න තියෙන ඇම්ම දැකලා එකඟ උනා අපේ බෑන්ඩ් එකට අවුරුදු උත්සවේට ගහන්න චෑන්ස් එක දෙන්න. හැබැයි කොන්දේසියක් උඩ. අපිට සත පහක්වත් දෙන්නේ නෑ. දෙන්නේ චාන්ස් එක විතරයි. ඒ මදිවට අපි අවශ්‍යය සවුන්ඩ් සෙටප් එකත් අපේ සල්ලි වලින්ම අරගෙන එන්න ඕනේ. මේ කියන 91-92 වගේ කාලේදි යන්තම් සවුන්ඩ් ටිකක් අටවගන්නත් රුපියල් 3000ක් විතර යනවා. දැන් කාලෙත් එක්ක බැළුවොත් ඒ ගාණ රුපියල් 30,000 ටත් වැඩියි මගේ හිතේ. කොහොමින් කොහොම හරි නැන්දලා මාමලට වැඳලා කරලා ණයට සල්ලි ටික ටික හොයාගත්තා.

ඔන්න අවුරුදු උත්සවය දවසේ සංගීතේ පටන් ගත්තා. අපිට ගහන්න හම්බ උනේ සින්දු දෙකයි. 'ටිකිරි ටිකිරි ටිකිරි ලියා' සහ 'දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ' විතරයි. මෙන්න බොලේ සීයක හමාරක පෝලිමක් තියෙනවා ස්ටේජ් එකට නගින තැන ඉඳන් පේන නොපෙනෙන දුරකට. යකෝ බැලින්නම් සංවිධායකයෝ ආධුනික ගී තරඟයක් සෙට් කරලා. නිකං නෙමෙයි, එකෙක්ගෙන් රුපියල් 10ක් චාර්ජ් කරලා. තරඟයක්ම නෙමෙයි, සින්දුවක් කියන්න රුපියල් 10යි. අනේ අම්මේ පොලිමේ ඉන්නවා අයියලා, අක්කලා, නංගිලා මල්ලිලා ඒ මදිවට ලඟ තියෙන කරාමෙට වතුර ගන්න ආපු අම්මණ්ඩිලා හතරපස් දෙනෙකුත් කලෙත් උකුලේ තියාගෙන. තව අවුරුදු නිසා දවසම කසිප්පු බීපු සිප්පුවෝ මෙකී නොකී හැම ජාතියේම එකාලා ඉන්නවා පෝලිමේ..

හත් ඉලව්වේ අතින් වියදම් කරගෙන සවුන්ඩ් අරගෙන කට්ට කාලා ප්‍රැක්ටිස් කරලා මෙතනට ආවෙ ආධුනිකයන්ගේ සුන්දර සිහින සැබෑකරන්නද කියලා මේකට ඔබ්ජෙක්ෂන් එකක් දැම්මා විතරයි පෝලිමේ හිටපු හයේ හතරේ එකෙක් ඇදලා ගත්තේ නැද්ද රැවුල කපන බික් රේසර් එකක්. එහෙම අරගෙන

"අඩෝ අපිත් සල්ලි ගෙවලා තමයි ඩෝ සින්දු කියන්න ආවෙ, චාන්ස් එක දුන්නේ නැතිනම් කපනවා තොපි ඔක්කොගෙම රැවුල.....!"

ඒ වෙනකොට අපි එකෙක්ගෙවත් හරි හමන් රැවුලක් වැවිලා තිබුනේ නෑ. එහෙම එකේ මේකා කොහේ තියෙන රැවුලක්ද කපන්න යන්නේ.....ඒක නිසා අකමැත්තෙන් උනත් එකඟ උනා මුන්ට සංගීතේ දෙන්න. සංගීතේ දෙන්න කිව්වත් අපිත් ගහන්න දැනගෙන හිටියේ සින්දු අතේ ඇඟිලි ගාණටයි, කකුලේ ඇඟිලි ගාණටයි විතරයි.

ඔන්න දැන් ආධුනික ගී ප්‍රසංගේ පටන් ගත්තා,

"නෝනාවරනි මහත්වරුනි, මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි......" එහෙම කියලා අක්කා කෙනෙක් පාරු කවියක් කියලා බැහැලා ගියා.....!

ඔන්න ඊට පස්සෙ අවුරුදු 7ක විතර පොඩි එකෙක් ස්ටේජ් එකට නැග්ගා. අපි ඇහුවා "මල්ලි, මොකක්ද කියන සින්දුව ?" , "බා බා බ්ලැක් ෂීප්ද ?"

නෑ අයියේ "පෙම් ලෝකේ මං සක්කර දෙයියෝ......" ඌ එහෙම කියලා ස්ටේජ් එකෙන් පල්ලෙහා හිටපු ඌ වගේ හතර පස් ගුණයක් සයිස් ඇන්ටි කෙනෙක්ට මුකුළු කර කර ඒ සින්දුව කිව්වා.....

අපේ රැවුල කපන්න සෙට් වෙච්ච අයියා ආවා. ඇවිත් මයික් එක බදාගෙන පටන් ගත්තේ "සිරියාමේ සාරා" සින්දුව. හැබැයි ඉවර කලේ "තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ" සින්දුව. අතර මැද උගේ ට්‍රැක් එක පැනලා.

තව එකෙක් ඇවිත් “සොර දෙටුවෙක්, කස තැළුම් කකා” සින්දුව කියලා බැහැලා යනකොට මයික් එක මිසින්. සවුන්ඩ් කරපු එකා උගේ පස්සෙන් එලවලා මයික් එක උදුර ගත්තේ නැතිනම් ඒකටත් රුපියල් දාහක් දෙදාහක් ගෙවන්න වෙනවා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද කියනවනම් අවුරුදු උත්සවයේ ඉතුරු වෙච්ච කැවුම් කොකිස් හිටන් පාවෙලා ඇවිල්ලා ස්ටේජ් එකට වැටෙනවා. ඔන්න ඔහොම එක එක්කෙනා නාලා ඉවර වෙනකොට රෑ දෙකට විතර ඇති..තුන්සීයකට එහා පැත්තේ ආධුනික ගායකයෝ ගායකයෝ සෙට් එකක් දිය රෙදි ඇතිව හෝ නැතිව නාලා ඉවරයි. ඒ අස්සෙ හූ හඬවල් වලින්, පොඩි සයිස් ගල් කැට වලින් වගේම හිස් බෝතල් වලිනුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා, එහෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිච්ච සමහර අය ස්ටේජ් එක පල්ලෙහා කෙස් වලු පටලෝගෙන ප්‍රථිචාර දීපු රසිකයන්ට සමරු සටහන් දෙනවා.

අපි ඉතින් රුපියල් 3000ක් අතින්වියදම් කරලා, සංවිධායකයන්ට හොඳ ගාණක් හොයාගන්න උදව් කරලා අපේ ගහන්න තියෙන ඇම්ම හොඳ කරගත්තා. ඊලඟ අවුරුදු උත්සවේටත් අපිවම ගන්නවාය කියලා තමයි සල්ලි ගණන් කරන ගමන් සංවිධායක මණ්ඩලේ අය නම් කිව්වේ.

මිනිස්සු මයික් වලට තියෙන්නේ පුදුම ආසාවක්. සමහරු ඉන්නවා මයික් එකක් පේන්න බෑ. පැනලා එනවා සින්දු කියන්න, එහෙම නැතිනම් කතාවක් හරි පවත්වන්න. ඔය අතරින් සින්දු කියන්න විශේෂ උණ තියෙන උන් තරාතිරමක් නැතිව ඉන්නවා. පස්සෙ කාලෙකදි අපි ප්ලේ කරපු වෙඩිමකදි මනමාලයා කොච්චර සින්දු කියන්න ආසද කියනවන්ම් පෝරුවෙන් බැස්ස ගමන් ඌ නැවතුනේ ස්ටේජ් එකේ. එහෙම ආපු එකා තමයි වෙඩින් එකේ සින්දු වැඩි පුරම කිව්වේ. ෆොටෝ එකක් ගන්නත් ඌව ස්ටේජ් එකෙන් අරගෙන ගියේ හරිම අමාරුවෙන්. ඌට හනිමූන් යන්නවත් උනන්දුවක් තිබුනේ නෑ සින්දු කියන චාන්ස් එක නැතිවෙයි කියලා.

ඔය විදිහට සින්දු කියන්න තියෙන ආසාව නිසා වෙච්ච නස්පැත්තියක් මාත් එක්ක කිව්වේ ලංකාවෙ ඉන්න දක්ෂ තබ්ලා වාදකයෙක් වන මගේ මස්සිනා.

ඔන්න ඔය අවුරුද්ද කාලෙක එක ගම් පලාතක ලොකු අවුරුදු උත්සවයක් ඒ පළාතේ තරුණ සංවිධානයකින් සංවිධානය කරලා තිබ්බා. හැමතැනම වගේ ඔය වගේ දේවල් වලට ඔළුව දාලා ලකුණක් දෙකක් දාගන්න බලාගෙන ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුත් මේකට ඔළුව දාගෙන හිටියා. ඔය අවුරුදු උත්සවයේ අවසානෙට ලොකු සංගීතයකුත් දාන්න තමයි කට්ටියගේ සැලැස්ම වෙලා තිබුනේ. ගම් පලාතෙන්ම මියුසික් ගෲප් එකකුත් ලෑස්ති කරගෙන තිබුනු නිසා ගෲප් එකත් මාසෙකට විතර කලින් පුරුදු පුහුණුවීම් කරගෙන ගියා.

සිංදු කියන්න පුදුම කෑදරකමක් තිබිච්ච මන්ත්‍රී තුමත් ගමේ මිනිස්සු ඉස්සරහා සිංදුවක් කියලා ලකුණු ටිකක් දාගන්න දත කට මැද ගෙන තමයි හිටියේ. අවුරුදු උත්සවේට ලංවෙලා මන්ත්‍රී තුමා එයා කියන්න ලෑස්ති වෙලා හිටපු සින්දුව සංගීත කණ්ඩායමට කියලා යැව්වා ඒක හොඳට පුහුණු වෙන්නය කියලා.

මන්ත්‍රී තුමා කියන්න යන්නේ අර නිමල් ගුණසේකර ගායකයා විසින් ගායනා කරන "ආවාට තිබුනත් නිසසල සඳ මත" කියන හරි අපූරු සින්දුව.

ඔන්න පලාතේ මන්ත්‍රී තුමා කියන්න යන මේ සින්දුවත් සංගීත කණ්ඩායම හරිම උනන්දුවෙන් පුහුණුවීම් කරන්න පටන් ගත්තා. ඔය සින්දුවේ ආරම්භක සංගීත ඛණ්ඩේ පටන් ගන්නේ ට්‍රම්පට් පාට් එකකින්. ඊට පස්සෙ ගිටාර් පාට් එකක් තියෙනවා මෙන්න මේ විදිහට.

<audio controls="controls">

<embed height="80px" width="100px"></embed>
Your browser does not support this audio
</audio>

ප්ලේයර් එක වැඩ නැත්නම් භාගත කර අහන්න.පොඩි ක්ලිප් එකක්.

ඒත් කරුමෙට කොච්චර කලත් ලීඩ් ගිටාර් එක ගහන එකාට වදින්නේ අර එඩ්වර්ඩ් ජයකොඩි ගායනා කරන 'පින්න මලේ සුද' සින්දුවේ ගිටාර් පාර්ට් එක. මෙන්න මෙහෙම.

<audio controls="controls">

<embed height="80px" width="100px"></embed>
Your browser does not support this audio
</audio>

ප්ලේයර් එක වැඩ නැත්නම් භාගත කර අහන්න.පොඩි ක්ලිප් එකක්.

ඔන්න සින්දුව නවත්තල ආපහු මුල ඉඳන්ම ප්ලේ කරනවා. ඒත් කොච්චර කලත් ලීඩ් ගිටාරිස්ට හරි ලීඩ් පාර්ට් එක ප්ලේ වෙන්නෙම නෑ. වදින්නෙම 'පින්න මලේ' සින්දුවේ පාට් එක.

මන්ත්‍රී තුමත් සින්දුව රිහර්ස් කරන්න ඇවිල්ලා. කොච්චර ගැහුවත් අරූට වදින්නෙම පින්න මලේ ලීඩ් පාර්ට් එකමයි.

"අනේ මල්ලියේ තව පොඩ්ඩක් ඕක හොඳට ප්‍රැක්ටිස් කරපන් මල්ලි මාව අනාත කරන්නෙ නැතිව. කොහොමද කියපන් මම "ආවාට තිබුනත්" සින්දුව කියන්නේ උඹ "පින්න මලේ" පාට් එක ගහලා දුන්නම ?" කියලා මන්ත්‍රී තුමත් දැන් නොවඳින වැඳුම් වඳිනවා.

"හරි හරි මන්ත්‍රී තුමා, මම තව පොඩ්ඩක් බලාගන්නම්" කියලා ලීඩ් ගහන එකත් කියනවා.

ඔන්න ඔහොම ඉතින් සංගීතෙට කලින් දවසෙත් අන්තිම රිහර්සල් එක තිබ්බා.

කරුමේ කියන්නේ එදත් මූට වැදුනේ "පින්න මලේ සුද" පාට් එකමයි.

දැන් නම් මන්ත්‍රී තුමාට ඌරු ජුවල් නැගලා. මූ ඒ පාර ලීඩ් ගහන එකාගේ කොලර් එකෙන් අල්ලගෙන,

"තෝ දැන ගනින්, ලීඩ් පාට් එක වැරැද්දුවොත් මම තෝව ස්ටේජ් එක උඩදිම බාවනවා දැනගනින්...." කියලා ෆුල් තර්ජනය පාරක් දැම්මා…..

මොනා උනත් මෙලෝ මොළයක් නැති මේ මන්ත්‍රී කාරයා කිව්වත් වගේ මොනවා කරන්න බැරිද කියලා අනේ අර ලීඩ් ගිටාර් කාරයා මුළු රෑ එළිවෙනකන් දැන් සින්දුව ප්‍රැක්ටිස් කරනවා...

ඔන්න ෂෝ එක තියෙන දවසත් ආවා. කලින් සද්දේ දැම්මට චන්දෙත් කිට්ටු වෙලා තියෙද්දි ස්ටේජ් එක උඩ අංචි අදින්න ගියොත් ලකුණු කැපෙන්නේ තමන්ගෙමයි කියලා මන්ත්‍රී තුමා දන්නවා. පොර කල්පනා කලේ, අරූ වැරදි ගිටාර් පාර්ට් එක ගැහුවත් මම කොහොමත් "ආවාට තිබුනත්" සින්දුව කියනවාමයි කියලයි.

ඔන්න මන්ත්‍රී තුමා සින්දුව කියන වෙලාව ආවා. "අරූ අදත් ලීඩ් පාර්ට් එක ෂුවර් එකටම වරද්දනවා, ඒත් මම 'ආවාට තිබුනත්' සින්දුව කොහොම හරි කියනවා" කියලා හිතට ධෛර්යය ටිකක් එහෙම අරගෙන මන්ත්‍රී තුමා ස්ටේජ් එකට නැග්ගා. එහෙම නැගලා රෑ නිදිමරලා ඇස් රතු කරගෙන හිටපු ලීඩ් ගිටාර් කාරයා දිහා රවලත් බැළුවා......

ඔන්න සින්දුව පටන් ගත්තා. ඉස්සෙල්ලම ට්‍රම්පට් පාට් එක....ඔන්න ලීඩ් ගහන එකත් වෙව්ල වෙවුල ප්ලේ කලා. හුටා..... ඔන්න බොලේ ‘ආවාට තිබුනත්’ පාට් එක කිරි ගහට ඇන්න වගේ ටක්කෙටම වැදුනා....
මන්ත්‍රී තුමාට හරි සතුටුයි. බුවා ලීඩ් ගහන එකා දිහා හැරිලා තම්බ්ස් අප් පෙන්නන ගමන් සින්දුව පටන් ගත්තා.....මෙන්න මෙහෙම

“පින්න මලේ සුද ඇන්න ගිහින් නුඹ.......”

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com72tag:blogger.com,1999:blog-4346015856052849283.post-90343676034608537492015-05-10T15:38:00.000+04:002015-05-10T15:39:58.496+04:00සුභ රාත්‍රියක් හේලික පුතේ

හිත තවමත් කම්පණයෙන් මිදී නැත. වරින් වර අකුණක් කොටන්නාක් මෙන් ඒ සියුම් මන්දාස්මිතිය චායාවක් මෙන් සිතේ ඇඳි මැකී යන්නේ දෑස් කොණට සියුම් කඳුලක් එක කරමිනි.

සනත් මා හට මුණ ගැසෙන්නේ 1989 හෝ 1990 අවුරුද්දේ විය යුතුයි. ඒ ඔහුත් මාත් නුගේගොඩ ඇල්ෆා ඉන්ස්ටිටියුට් හී ජයනෙත්ති සර්ගේ ඕ ලෙවල් ගණන් පන්තියේ එකට ඉගෙනුම ලැබූ අවදියේදියි. සනත් මගේ පාසලේ ඉගෙනුම නොලැබුවත්, කල්ලි ගැසුනේ අපේ පාසැලේ මිතුරු රැළත් සමගයි. ඉගෙනුම කෙරෙහි වඩාත් සිත් යෙදවූ, වැඩිමනක් දඩබ්බර නොවූ මිතුරු රෑනක අපි සාමාජිකයෝ වීමු.

සාමාන්‍යය පෙළ විභාගයෙන් වසර 20කට පමණ පසු නැවත මට සනත් මුන ගැසෙන්නේ අරාබි එමීරයක් වන ෆුජේරාහිදීයි. ඒ මගේ අති ජාත මිත්‍රයෙක් වන රජීව්ගේ නිවසට ගොඩ වැදුණු විටකදීයි....

"අඩෝ (xxxxxx) තෝ කොහේද යකෝ මෙහේ.....?" ලෙස මගේ පාසල් වියේ කාඩ් එකෙන් මා අමතන්නේ මොකාද යැයි මා හැරී බැළුවේ දශක දෙකකින් පසු ඒ කාඩ් එකෙන් වෙන කිසිවෙකු මා අමතා නැති බැවිනි....
එතරම් වෙනස් නොවූ සනාව මට එකවර අඳුනන්න බැරි උනත් තරමක් විපර්යාසයට බඳුන් වී සිටි මා එකවර හඳුනා ගැනීමට සනා සමත් වී තිබේ. රජීව් රැකියාව කල ආයතනයටම සම්බන්ධ වී මෙහි පැමින සිටි සනා ඒ වනවිට නවාතැන් ගෙන තිබුනේද මා මිතුරු රජීව් සමගමය. දශක දෙකකට පසු යළිත් හමූ වී අප එදින පටන් අපේ මිත්‍රත්වය නැවතත් අළුත් කර ගත්තෙමු.

එදින මා රැකියාව නිම වී නිවසට පැමිණියේ වෙනදාටත් වඩා වෙහෙසකර දිනයක් ගෙවා දමමිනි. වෙහෙසටත් වඩා මා යම් දෙයකින් මගේ හිත නොසන්සුන් වී තිබුනි. නිවසට පය තැබූ විගසම කුඩා පුතු විසින් සිදු කරනා ලද යම් නොහොබිනා වැඩක් පිළිබඳව ආඩ පාලි කියනු ලැබුවේ මගේ බිරිඳ විසිනි. දවස පුරා අක්කලා, නංගිලා අයියලාගේ රණ්ඩු සරුවල්, අකීකරු කම් ගැන ගෙට ගොඩ වෙන විටම වාර්ථාවක් දීමට ඇතැම් දිනවල ඇය සැදී පැහැදී සිටියාය. වෙනදාට විනාඩි කීපයක් දණ ගස්සවා තැබීම හැර අන් දඬුවමක් නොකරන මා අතට අසුවූ ප්ලාස්ටික් පටියකින් පුතුගේ දෙකකුල් වලට පහර කීපයක් ගැසුවෙමි. බලාපොරොත්තු නොවූ ප්‍රහාරයෙන් සලිත වූ පුතු මහා හයියෙන් හඬා වැටෙත්දී මගේ හිතත් ඒ සමගම හඬා වැටිමින් තිබුනි.

වේලාව රාත්‍රී නමය පසුවී අඩ හෝරාවක් වන්නට ඇත. දරු තිදෙනාම රාත්‍රී අහාරය ගෙන නින්දට ගොස් ඇත්තේ පහු වනදා හිමිදිරියේ පැමිනෙන පාසල් බස් රථය මග නොහැරෙනු සඳහාය. බිරිඳද කුඩා දියණිය තුරුළු කරන් නින්දට වැටී ඇත.

මා පරිගණකයේ කරමින් උන් යම් දෙයක් නවතා අසුනෙන් නැගිට්ටේ නොනවත්වාම නාද වන දුරකතනය ගැනීමටය.

ඇමතුම ජෝර්ජ් අයියාගෙනි......

"ආහ් ජෝර්ජ් අයියේ කොහොමද ?" මම දුරකටහනය ඇමතීමි....

"මල්ලි, නරක ආරංචියක් කියන්නයි කතා කලේ....."

ජෝර්ජ් අයියා මූලිකවී මෙහිදී රෝහල් ගත වී අසරණ වූවන්ට පිහිට වීමට පිහිටුවා ගත් "සහන සංවිධානයේ" නොයෙකුත් කර්තවය්යයන් වලදී නරක ආරංචි කොතෙකුත් අපහට අසන්නට ලැබේ. සිතට නැගුනු මුල්ම සිතිවිල්ල මේ "සහන" ට සම්බන්ධ යම් සිද්ධියක් වෙන්නැති යැයි සිතාය.

“මල්ලි සනා ඇක්සිඩන්ට් වෙලා........”

"මොනවා... අපේ සනා......?"

"ඔව් මල්ලි, ෆැමිලි එක එයාපෝට් බස්සන්න එනකොට ජීප් එකේ ටයර් එකක් බර්ස්ට් වෙලා, ජීප් එක පෙරලිලා............පුතාගේ බ්‍රේන් ඩැමේජ් වෙලා.....බේරගන්න බැරිවෙයිලු....වයිෆ්ටත් සීරියස්....." ජෝර්ජ් අයියා දිගටම කියාගෙන යයි.....!

ලොකු ඊයම් බරුවක් පැමිණ මගේ උගුරේ හිර උනාක් මෙන් මට දැණුනි. හුස්ම ගැනීමටත්, කෙල ගිලීමටත් වචනයක් පිට කිරීමටත් මට නොහැකියි. මා ඉදිරියේ මගේ පුතාගේ රුවත්, සනාගේ පුතාගේ රුවත් මැවි මැවී බොඳ වෙයි.....

"අනේ පොඩි කොල්ලා..." මට කියන්න උවමනා උනත් මට එය කියා ගැනීමට නොහැකියි. ඉකි ගැසෙන කට තදින් මිරිකා ගතිමි. ඒත් වචන පිට නොවේ......!

නිහැඬියාව තත්පර ගාණක්ද විණාඩි ගානක්ද නොදනිමි. මගේ වෙනස තේරුණු ජෝර්ජ් අයියා,

"මල්ලි මම තව විස්තර හොයාගෙන කතා කරන්නම්...." යයි පවසා ඇමතුම විසන්දි කරයි…

එයින් පසු එළඹි හෝරාව කෙසේ ගත වූවේ දැයි මට මතකයක් නැත. හිරවූ පපුවෙන්ද, කඳුලු ගෙඩි කඩාගෙන පණින අස් දෙක පිහිදමින්ද මා ඒ හෝරාව ගත කරන්න ඇත.

“මල්ලි ඉක්මනට ඇඳුමක් දාගෙන ඉන්න. මම ජෝයි එක්ක ඇවිත් ඔයාව ගන්නම්. අපි හොස්පිටල් එකට යමු......” නැවතත් ජෝර්ජ් අයියාගෙන් ඇමතුමකි.

විනාඩි හතලිස් පහක පමණ ගමනක අවසානයේ අපි "අල් දේද්" රෝහල වෙත පිවිසුනෙමු.

ඒ වන විට හේලික පුතා සදහටම දෑස් පියා අවසන්ය…...

හදිස්සි අනතුරු ඒකකය ආසන්නයේ හිත මිතුරන් පිරිවරාගත් සනා පේමන්ට් එකේ බිම වාඩි වී සිටී. දෙපයට වාරු දීගත නොහී තම දණහිස අතර හිස රුවා ගනිමින් ඔහු ඉකි ගසයි.

“අනේ මචං මගේ කොල්ලා මට ඕනේ......!” වරින් වර ඉකි බිඳුම මහා හැඩුමක් වෙයි........

අප සියල්ලන්ගේම හදවත් කඩා වැටී ඇත. කුමක් කියන්නද, කුමක් කරන්නද නොවැටහේ.....!

හෝරා කීපයකින් පසු හේලික පුතා මොර්ග් එකට දැමිය යුතු බව රෝහල් කාර්යය මණ්ඩලය දැන්වීය. ඊට පෙර අප හට හේලික පුතා දැක ගනීමට පැමිනෙන ලෙස දන්වයි. මමත් ගැහෙන පා වලින් ඒ කුඩා කාමරයට පිය නැගුවෙමි. සුදු පාට සිපයකින් වසනා ලද බෑගයකි. හෙදිය විසින් මුහුන ආසන්නයේ සිපය විවර කර සීරුවෙන් මෑත් කර හේලික පුතාගේ මුහුණ පාදා දෙයි.

ඔළුව වැසෙන සේ ඔතනා ලද වෙළුම් පටිය. දෙතොල දෙතැනකින් පමණ පැලී වේලී ඇති රුධිර පාරවල්ය. ඒත් ඒ අහිංසක සුදු මුහුන සරසවමින් ඉතාමත් කුඩා මන්දාස්මිතියක් දෙතොලේ රැඳී ඇත. තවමත් සුව නින්දක සිටිනා සේය....

සනත් එමීරයේ රැකියාව කලත් ඔහුගේ දරු පවුල ජීවත් වූයේ ලංකාවේය. හේලික තම මවත්, සොයුරියන් දෙදෙනා සමග එමීරය වෙත පැමිණ තිබුනේ පසුගිය අවුරුදු නිවාඩුව ගත කිරීමටයි.

හේලික ලංකාවෙන් පිටත් වූ දිනය දා ගුවන් තොටට යෑම සැරසී තම සීයාගේ කකුල් දෙක අල්ලා වැන්දේය....! ඉන් පසු ටික වේලාවකින් ගෙදර දොර වෙත පිය නැගූ ඔහු නැවත්තත් පැමිණ දෙවනි වතාවටත් සීයාගේ කකුල් දෙක අල්ලා වැන්දේය... දෙවනි වතාවටත් සීයාගේ පා නැමදූ හේලික වාහනයට ගොඩ වී තම මවත් සොයුරියන් දෙදෙනාත් ගොඩ වනතුරු ටික වේලාවක් බලා සිටියේය. ඒ අතර තුර තමන් දෙස බලාගෙන සිටිනා සීයා වෙත නැවත පැමිනෙන හේලික තෙවනි වතාවටත් සීයාට දන නමස් කාරය කරන්නේය.....

"ඇයි මගේ පුතේ මේ...? දැන් තුන් පාරක්ම ඔයා මට වැන්දනේ...." සීයා විමසයි...

"දන්නේ නෑ සීයේ, මට එහෙම තුන් පාරක්ම සීයට වඳින්න හිතුනා....." අහිංසක සිනහව මුහුන මත රඳවා ගත් හේලික එසේ පැවසුවේය......

"අන්න අන්න මල්ලා කතා කරනවා......" ඉකි බිඳින ගමන් සනා පවසයි

ලෙහි හොවා වැඩි තම පුතුගේ වියෝව, පියෙක් කෙසේ දරා ගන්නද ?

"මචන්, පුතාට සීතල ඇති..... බ්ලැන්කට් එකකින් පෙරවන්න කියන්න...." සනා නැවතත් ඉකි බිඳියි.

සනත්ගේ බිරිඳ පූර්ණිමා යන්තම් සිහිය ලැබුවාය.....තම ආදර පුතුගේ වියෝව ඇය නොදනී......

නව හැවිරිදි සම වයසේ දරුවන්ට සාපේක්ෂව හේලික වෙත පරිනත ගති පැවතුම් පිහිටියේය. හේලික උදෑසන පිබිදෙන්නේ පාන්දර තුනේ කණිසම වැදෙන යාමයේය. මූණ කට සෝදා පිරිසිදු වන ඔහුගේ පළමු කාර්යය ගෙදර බුදු පහණ දැල්වීමයි. ඉන්පසු තමන්ගේ පාසල් ඇඳුම් සහ තම සොහොයුරියන්ගේ පාසල් ඇඳුම් මැදීම හේලිකගේ දින චරියාවේ නොවරදින අංගයන්ය.

තම පියා පිට රට සේවය කරන බැවින් තම අම්මාටද සොයුරියන් දෙදෙනාටද ආරක්ෂාවක් වෙන්න පුංචි හේලික හැම වෙලේම උත්සාහ දැරුවේය....

අම්මා සමගින් ෆුඩ් සිටියට යන ගමන් වලදී අම්මාටත් වඩා හොඳින් ගෙදරට අවශ්‍යය බඩු බාහිරාදිය අඩුපාඩු දන්නේ හේලිකය. අවශ්‍යය කරන භාණ්ඩ පමණක් තෝරා බේරාගෙන කරත්තය තුලට දමන හේලික, මුදල් අයකැමි වෙත එන වෙලාවේදී කරත්තයේ ඇති බඩු වල මුල මුදලම සිතෙන් සාදා අවසන්ය. සැම විටම ඒ ගණන අන්තිම ඉලක්කමටම නිවැරදිය. මුදල් අයකැමිට වැරදුනත් හේලිකට කිසි දිනක ගෙවීමට ඇති මුදල නම් වරදින්නේ නම් නැත.

"අනේ මචං, එන්න කලින් බෑග් ඔක්කොම පැක් කරලා බර කිරුවෙත් මල්ලා මචං....." සනාගේ ඉකි බිඳිම විලාපයක් වෙයි.....

සනත් තම දරු පවුල ඩුබායි එයාර්පෝට් එකට ඇරලවන්න පැමිනෙන්නේ ඩුබායි සිට කිලෝ මීටර් 150 ක පමණ දුරින් ඵිටි කොර්ෆකාන් නම් නගරයේ සිටයි. ඉතාමත් හොඳින් නිම වූ හයිවේ මාරගයක යා යුතු මේ ගමන සාමාන්‍යයෙන් අප ගෙවා දමන්නේ පැ.කි.මී 140 ක පමණ වේගයකිනි. එහි අමුත්තක් නැත.

තීරණාමත්ක නිමේෂය එළබෙන විට හේලික පසු වූයේ පැජරෝ රථයේ පසු පස ආසනයේ සුව නින්දක පසු වෙමිනි. ගමන් වෙහෙස නිමවා ගන්නට තව විනාඩි කීපයකින් තේ බීම සඳහා නතර කිරීමට කිරීමට සනත් අදහස් කරගෙන සිටියේය.

තරමක ශබ්ධයක් නගමින් පසු පස ටයර පුපුරා යන්නේ ඒ මොහොතේය......වියරුවෙන් මෙන් පාරේ ඒ පැත්තට් මේ පැත්තට ඇදෙන රිය පාලනය කිරීමට සනත් මහත් වෙහෙසක් දැරීය. ඒ මොහොතේම සනත්ගේ පාලනයෙන් මිදුනු පැජරෝ රිය දකුණු පැත්තට බර වී පාරෙන් ඉවතට පැන කාන්තාර පෙදෙසට ඇදෙන්නේය. ඉන්පසු තුන් වරක් පමණ පෙරළී නතර වන විට පාරේ සිට මීටර් 100කටත් වැඩියෙන් ජීප් රිය කාන්තාරය තුලට විසිවී තිබුණි. වීදුරු සුණු විසුණු වී ගොසින්ය.

හේලිකත්, කුඩා සොයුරියත් විවර වූ දොරවල් තුලින් ඉවතට විසිවී ගොසිනි. සොයුරියන්ට කුඩා සීරීම් පමණක් වී තිබුනත් හේලික වැලි තලයේ වැතිර සිටියේ නිසොල්මන්වය......!

ඒ වන විටත් හේලික සුරඟනන් හා ගමන් අරඹා තිබුනි....!

පුන්චි පුතේ...

ජීවිතය නම් තණ අග පිණි බිඳුවක්...

දිලිසී සිනා සෙන හිරු එබෙන තුරු පමණක්....

නිදි දෙව් දුව තුරුලේ සිටි නුඹ....

සිහිනෙන් පැමිණි අමුත්තා නොහඳුනන්න ඇති.....

වෙළුම් පටි බැඳුනත් නුඹ හිස වටා....

දෙතොලේ තිබුනේ සියුම් මන්දාස්මිතියක්...

හරියට සිහිනෙන් සපැමිණි ඒ අමුත්තා..

කල සරදමට සිනා සෙන්නාක් මෙන්…

රත්තරන් හේලික පුතේ, මතු උපදිනා ජාති ජාතිත් මෙවන් අකල් වියෝවන්ට පත් නොවේවා !

ප.ළි : අද දින, මැයි 10 වනදා, මළ හිරු බසිනා යාමයේදී හේලික පුංචි පුතා දෙමවුපියන්, සොයුරියන් නෑ සිය මිතුරන් සදා සෝ සයුරේ ගිල්වා අවසන් ගමන් යයි.....!

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com64tag:blogger.com,1999:blog-4346015856052849283.post-87052339798210901552015-04-23T07:00:00.000+04:002015-04-24T12:08:46.762+04:00දුමීගේ තෝම්බුව සහ ජරමර කතා

දුමී කියන්න යන මේ කට කහන කතා දෙක තුන කියන්න කලින් දුමීගේ තෝම්බුවෙන් ටිකක් දිග අරින්නම වෙනවා. ඉතින් සමාව භජනය කරලා ඒක පොඩ්ඩක් කියවලා හිටියනං අර කියන්න යන මළකෙලි සමග ජරමර කතා ටිකට පොඩි ප්‍රවේශයක් වෙයි කියලා තමයි හිතන්නේ.

දුමී බබා කාලේ කවුරු හරි ඇහුවොත් "දුමී බබා ලොකුවෙලා මොනා කරන්නද කැමති" කියලා දුමී ගත් කටටම කියන්නේ පයිලට් කෙනෙක් වෙන්න කැමතියි කියලා.... අපිට ඕනේ විදිහට හැඩ ගස්වගන්න ඕනේ කියලා අපි ගොඩක් මහන්සි වෙලා ප්ලෑන් ගගහා ඉන්නකොට, ජීවිතය අපිට නොදැනුවත්වම වෙනස්ම විදිහකට අපි වෙනුවෙන් ප්ලෑනක් ගහලා....

Life is just what happens to you, While you’re busy making other plans (John Lennon - Beautiful Boy )

ඔන්න ඉතින් පයිලට් කෙනෙක් වෙන්න ඕනේ කියලා ප්ලෑන් ගගහා හිටපු දුමියා අන්තිම නතර උනේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙලා. ඒත් එහෙම උනා කියලා දෛවය නිකං හිටියෙත් නෑ. දුමීට ප්ලේන් එක්ක ඉතා සමීපව වැඩ කරන්න අවස්ථාව උදා කරලත් දුන්නා. දුමී 2000 අවුරුද්දේ තමයි ජෝන් කීල්ස් කම්පියුටර් සර්විසස් (JKCS) කියන කම්පැණියට බැඳුනේ. JKCS එකේ Java ඩිවිෂන් එක ගොඩ නැගුවේ දුමී ඇතුලු කීප දෙනෙක් විසින්. ඒත් එක්කම දුමීලට ලොකු ප්‍රොජෙක්ට් එකක් ලැබෙනවා නෝවේජියානු ගුවන් සමාගමක් වන "බ්‍රාතන්ස් එයාර්" (Braathens Air ) කියන ගුවන් සමාගමෙන්. පස්සෙ කාලෙකදි බ්‍රාතන්ස් එයාර් සමාගම ස්කැන්ඩනේවියානු ගුවන් සමාගම (SAS) සමග ඒකාබද්ධ වෙනවා. ඉතින් ඔය ප්‍රොජෙක්ට් එක ලීඩ් කරන්න සහ පස්සෙ කාලෙකදී මැනේජ් කරේ දුමී. ඔය ප්‍රොජෙක්ට් එක නිසා දුමීලට එයාර්ලයින් ඩොමේන් එක ගැන හොඳ දැනුමක් ලැබුනා. (තාමත් SAS Braathens වෙනුවෙන් JKCS එක මෘදුකාංග නිපදවනවා )

දුමී ඩුබායි යන්නේ එමිරේට්ස් ගුවන් සමාගමේ පරිගණක අංශයට සම්බන්ධ වෙන්න 2002 අවුරුද්දේ . ඒ JKCS එකට ලැබුනු ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න. දුමී ඇතුළු ලංකාවෙන් ගිය 4 දෙනෙක් තමයි එමිරේට්ස් ගුවන් සමාගමේ "ඉන්ටර්නෙට් බුකින් එන්ජින්" IBE එක (http://fly.emireates.com ) සම්පූර්ණයෙන්ම මුල සිටම ඩිසයින් කරලා ඩිවලප් කලේ. පස්සෙ කාලෙකදි මේ ප්‍රොජෙක්ට් එකේ ටෙක් ලීඩ් වගේම ප්‍රොජෙක්ට් කන්ට්‍රොලර් විදිහටත් දුමී වැඩ කලා. එමිරේට්ස් වල හිටපු අවුරුදු 5 - 6 කාලෙදි දුමී "ඒවියේෂන් සිස්ටම්" සම්බන්ධව ලබපු අත් දැකීම් නිමක් කරන්න බැහැ....! අද උනත් කවුරු හරි එමිරේට්ස් ෆ්ලයිට් එකක යනවනම් ලයිව් ඉන්ෆ්ලයිට් BBC නිව්ස් සිස්ටම් එක දකිනකොට දුමීව මතක් කර ගන්න. ඒ සිස්ටම් එකේ නිර්මාතෘ දුමී තමයි. ලෝකයේම පළවෙනි පාරට ගුවන් යානයක ලයිව් නිව්ස් ෆීඩ් සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කලේ එමිරේට්ස් වල. 2004 දී මේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරනකොට අද තරමට තාක්ෂණය, කමියුනිකේෂන් ටෙක්නික්ස් දියුණු වෙලා තිබුනේ නෑ. ඒත් අදටත් එමිරේට්ස් මුලු ෆ්ලීට් එකම පාවිච්චි කරන්නේ දුමී හදපු සිස්ටම් එක තමයි.

හරි, තෝම්බුව ඉවරයි. කියෙව්වාට ඉස්තූතියි, මෙන්න කතාව.....

ඉතින් ඔය "IBE" එකේ වැඩ කර කර ඉන්නකොට එමිරේට්ස්ලගේ "Frequent Flyer programme වන "Skywards" එකත් එක්ක සිස්ටම් ඉන්ටිග්‍රේෂන් එක කලේ දුමී. මේකේ තමයි එමිරේට්ස් වල ෆ්ලයිට් රිසර්ව් කරන අයගේ තෝම්බුව රැස් කරලා තියා ගන්නේ. පැසෙන්ජර්ට ප්ලේන් එකේදි අවශ්‍යය විශේෂ කෑම, ඉඳගන්න කැමති සීට් එක, පාස්පෝට් විස්තර, විශේෂ පහසුකම් අවශ්‍යය නම් ඒවා සම්බන්ධ විස්තර ආදී මෙකී නොකී යූසර් ප්‍රොෆයිල් සම්බන්ධ කරුණු කාරනා.

විශේෂයෙන්ම කෑම ගැන කතා කරනවනන් ඔය ෆ්ලයිට් වල ලෝකේ විවිධ ජාතියේ අය ගමන් කරනකොට ඒ අයගේ සුවිශේෂ කෑම අවශ්‍යයතා තියෙනවා. සමහර අය වෙජිටේරියන්, සමහර අය කිරි දාල තියෙන කෑම කන්නේ නෑ, ඔය ජෛන ආගමේ ඉන්න තවත් කොට්ටාසයක් ඉන්නවා වෙජිටේරියන් උනාට කිරි ජාතිත් පොලොවේ යට වැවෙන ජාතිත් (අල ජාති, මුල් ජාති) කන්නේ නෑ....ඒ වගේම කොලෙස්ටරෝල් නැතිනම් ප්‍රෙෂර් කාරයෝ, පොඩි බබාල වගේ අයටත් විශේෂ කෑම වට්ටෝරු තියෙනවා. ඒ හැම එකකටම ස්ටෑන්ඩර්ඩ් කෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ ඔය කියන කෑම වට්ටෝරු සෙට් එක තමයි.

ඔන්න ඔය "IBE" ප්‍රොජෙක්ට් එක ලයිව් ගියාට පස්සෙ දුමී නිවාඩුවට ලංකාවට එනවා එමිරේට්ස් ෆ්ලයිට් එකක. ගම හාමිනේලා දුමීට කලින්ම ලංකාවට ඇවිත් තිබුනේ ඒ වෙනකොට. ඔන්න ඉතින් කෑම දෙන වෙලාවත් කිට්ටු කරපු නිසා ඒ වෙනකොට බඩේ පණුවොත් ෆුල් මඤ්ඤං වෙලා හාමතේ හිටපු වෙලාවක්. නිකං දෙන විස්කි වඩියකුත් ගහලා, නිකං දෙන කෑම එකත් කාල දෙයියනේ කියලා දොයියන්ඩ තමයි එදත් දුමී බලාගෙන හිටියේ. ඒ අස්සෙ ඔන්න බොලේ ඇටෙන්ඩොං නංගි කෙනෙක් අනිත් අයට කෑම දෙන්නත් කලින් ඇවිත් දුමීගේ නම චෙක් කරලා, අර කෑම ට්‍රේ එක එහෙම දිග ඇරලා ඒක උඩ කෑම එකකුත් තියලා මෙහෙම කියනවා.....”Sir here’s your special meal….enjoy…. ! ඈහ්...යකෝ එහෙම ස්පෙෂල් මීල් එකක් දුමී ඕර්ඩර් කලේ නෑනේ...කියලා හිතමින් දුමී කෑම එක වහල තිබ්බ පියන අයින් කලා.....! හපොයි දෙයියනේ..... වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා...තම්බපු අල ගෙඩියක් මැදින් බෝට්ටුවක් වගේ හාරලා ඒකෙ මැදට තම්බපු මුං ඇට ටිකක් දාලා, තම්බපු ඇස්පරගස් නැටි ටික තමයි මේ ස්පෙෂල් මීල් එක….! අඩු ගානේ අල ගෙඩියේ පොත්ත සුද්ද කරලවත් නෑ....! අනේ ඉතින් දුමී ඇටෙන්ඩොං නංගිටත් කතා කරලා බැළුවා මේ මොකක්ද මේ ජිල්බරිය කියලා. ඒ පාර ඒ නංගිත් ඇදලා පැදලා ගස්සලා කිව්වා…”Sir you have ordered a Diabetic meal”.... (සර් ඔයා දියවැඩියා කාරයන්ට දෙන කෑම එකක් ඕර්ඩර් කරලා තියෙන්නේ ) දුමී ඉතින් පොඩ්ඩක් උඩ බිම බැළුවා මොකක්ද යකෝ මේ උනේ කියලා. ඔන්න පස්සෙ තමයි මීටර් උනේ සිද්ධ වෙලා තියෙන ජරමරේ.

බුකින් එන්ජින් එක (IBE) එක "Skywards" එකත් එක්ක ඉන්ටිග්රේට් කරනකොට ඒවා ටෙස්ට් කරන්න දුමී පාවිච්චි කලේ දුමීගේ "Skywards" ප්‍රොෆයිල් එක. ඔය ටෙස්ට් කරන වෙලාවෙ එක එක මීල් රික්වෙස්ට්, ස්පෙෂල් රික්වෙස්ට් දදා ඕක ටෙස්ට් කලා. ඒ අස්සෙ තමයි ලංකාවට එන්නත් ටිකට් එක රිසර්ව් කලේ. අනේ ඉතින් දුමීගේ ප්‍රොෆයිල් එකේ එතකොට තිබිච්ච මීල් ප්‍රිෆරන්ස් එක ඔටෝමැටිකලි දුමීගේ ෆ්ලයිට් රිසර්වේෂන් එකට ඇවිත්.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද ? ඇටෙන්ඩොං නංගි කෙනෙක්ට අසරණ මූණ පෙන්නලා "නැද්ද බබෝ වැඩිපුර කෑම එකක්" කියලා ඇහුවා......! එතකොට ඒ නංගි බබා අර බත් කන්න හොර බබෙක් දිහා අම්මා කෙනෙක් දාන රකුසු බැල්මෙන් මගේ දිහා බලපු බැලිල්ලට, "නෑ නෑ කමක් නෑ නංගි, මම මේක කන්නං" කිව්වා......අනේ ඉතින් ඊට පස්සෙ ඉතින් කංකුන් මිටියක් කන කේසර සිංහයෙක් වගේ දුමී අර තම්බපු අල ගෙඩියයි, මුං ඇට ටිකයි, ඇස්පරගස් දඬු ටිකයි කාල කෑම එකත් එක්ක තිබ්බ කරවිල තම්බපු වතුර ටිකත් බීලා දැම්මා.....! ඒ ගමන් දුමී හිතුවේ මොනවා උනත් " හදපු සිස්ටම් එක නම් එලටම වැඩ නේද " කියලයි......!

ඔන්න ඊට පස්සෙ ජවනිකාව උදාවෙන්නේ ප්ලේන් එක ලෑන්ඩ් කරාට පස්සෙ. ඇටෙන්ඩොං නංගි කෙනෙක් ඇවිත් දුමීට කියනවා "Sir please be seated ….. We’ll help you …” කියලා. ඈහ්... ඒ මොකටද වාඩිවෙලා ඉන්න කියන්නෙ කියලා හිතපු දුමීට පස්සෙ හිතුනේ ආහ් සමහර විට ඒ නගාට දුක හිතිලා පස්සෙ ඉතුරු වෙච්ච කෑම එකක් දුමීට දෙන්න තමයි මේ ඉන්න කියන්නෙ කියලා.....අනේ ඉතින් දුමිත් ඉන්නවා අනිත් පැසෙන්ජර්ල්ස්ලා ටික ඔක්කොම බැහැලා ඉවර වෙනකන්. මෙන්න බොලේ ඊට පස්සෙ දුමීට පේනවා ප්ලේන් එකේ දොරෙන් එළියේ ඉඳන් රෝද පුටුවක් තල්ලු කරගෙන ඇවිත් දුමීගේ දිහාවට තල්ලු කරගෙන එනවා.......දැන් දුමීට වෙලා තියෙන දේ සක් සුදක් සේ පැහැදිලියි. ඒ මදිවට කකුල් දෙකත් පණ නෑ....! අනේ සත්දන්ත දෙන්නෙක් ඇවිත් දුමීගේ කිහිලි යටට අත දාල උස්සලා රෝද පුටුවේ තියන්න හදනකොට දුමී බිම පෙරලි පෙරලි කෑ ගගහා කිවා "යකෝ මට ඇවිදින්න දීපියව් මට ඇවිදින්න බැරි ආබාදයක් නෑ යකෝ..." කියලා....!

මේ දුමියට හෙන ගහන්න ඌ ටෙස්ට් කරන වෙලේ ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදිහට වීල් චෙයාර් එකකුත් ප්‍රොෆයිල් එකට ඇඩ් කරලා......

අනේ ඉතින් ගෙදර ගිය ගමන් දුමියා ඉස්සෙල්ලම කලේ "Skywards" ප්‍රොෆයිල් එක එඩිට් කරන එක. ටෙස්ට් කරන කොට දාපු ප්රිෆෙරන්සස් ඔක්කොම අයින් කරලා තමයි දුමියා ආපහු හුස්මක් කටක් ගත්තේ.

ඔන්න යන්තන් සන්තන් ආපහු එන ගමනේදී ප්ලේන් එක ඇතුලේ දුමීට කිසිම කරදරයක මූන දෙන්න උනේ නෑ. පුරුදු විදිහට දෙකක් දාගෙන සාමාන්‍යය කෑම එකක් කාල දුමියා බුදියගත්තා. ඒත් ඔන්න ඊටේ පස්සෙ අති භයංකරම සිද්ධිය උනේ ආපහු ඩුබායි වල ලෑන්ඩ් කලාට පස්සෙ.

වෙනදට එයාර් බ්‍රිජ් එකක නවත්තන එමිරේට්ස් ප්ලේන් එක එදා නැවැත්තුවේ ටාමැක් එකේ.ඔන්න ප්ලේන් එක ටාමැක් එකේ නැවැත්තුවා විතරයි මෙන්න බොලේ තඩි ඇම්බියුලනස් එකක් මහා හයියෙන් සද්දේ දාගෙන ඇවිත් ප්ලේන් එක ලඟ නවත්තනවා දුමියා දැක්කා ප්ලේන් එකේ වීදුරුවෙන්.....! ඔන්න දුමියට දැන් හීනියට දාඩියදාගෙන ආපහු කකුල් දෙක වෙව්ලන්න පටන් ගත්ත.....!

යකෝ දුමියා ඇම්බියුලන්ස් එකකුත් ප්‍රිෆරන්ස් එකට දාලද ?

දැන් දුමියා හිතෙන් මවාගෙන ඉන්නවා ප්ලේන් එකේ අනිත් මිනිස්සු බලාගෙන ඉන්න ගමන් දුමියව කුදලගෙන ස්ට්‍රෙචර් එකක දාගෙන ඇම්බුලන්ස් එකේ ගෙනියන හැටි....!

ඔන්න එතකොටම ඇටෙන්ඩොං නංගි කෙනෙක් එනවුන්ස්මන්ට් එකක් දෙනවා ඔක්කොම පැසෙන්ජර්ස්ලට ටික වෙලාවක් සීට් වලටම වෙලා ඉන්න, හදිසි ලෙඩෙක්ව ගෙනියන්න තියෙනවා කියලා....!

දැන් දුමීගේ ඉහින් කනින් දාඩිය මුගුරු ගලනවා.....!

බැලින්නං අනේ ඔන්න පස්සෙ තමයි දුමී දැක්කේ බිස්නස් ක්ලාස් එකේ ගිය මනුස්සයෙක්ට ලාවට හාට් ඇටෑක් එකක් හැදිලා, ඒක නිසා තමයි ඇම්බියුලන්ස් එකක් ඇවිත් තියෙන්න එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා...!

ප.ලි : දුමී බය උනාට ඇත්තටම ඔය ස්පෙෂල් රික්වෙස්ට් වල ඇම්බියිලන්ස් එකක් රික්වෙස්ට් කරන්න ඔප්ෂන් එකක් නෑ.....!

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com79tag:blogger.com,1999:blog-4346015856052849283.post-43286616059539438982015-04-13T10:36:00.000+04:002015-04-13T10:38:38.744+04:00දුමී බබා කාලේ - හැන්ඩි සීයාගේ අවුරුද්ද

ගුරු නිවස, පාන්තිය, මතුගම, ඕක තමයි දුමීගේ සීයා ජීවත් වෙලා හිටපු ගෙදර, එහෙම නැතිනම් දුමීගේ තාත්තගේ මහ ගෙදර ඇඩ්රස් එක. දුමීගේ සීයා විශ්‍රාමික විදුහල්පති වරයෙක්, ඒ වගේම ඒ පැත්තට හිටිය එකම සාමධාන විනිශ්චකාරවරයා. දුමීගේ ආත්තම්මත් එහෙමයි, විශ්‍රාමික විදුහල්පතිවරියක්. දුමීගේ සීයා මතුගම ගුරු නිවසේ හිටියට, දුමීගේ ආත්තම්මා ගොඩක් වෙලාවට හිටියේ කළුබෝවිල ගෙදර. දුමී බබා කාලේ ගෙවුනේ මේ ගෙවල් දෙක අතර තමයි. ඉස්කෝලේ කාලෙට කළුබෝවිල ගෙදර, නිවාඩු කාලෙට මතුගම ගෙදර. දුමී බබා කාලේ හරිම ලස්සන මතක අත්දැකීම් මහ ගොඩක් මේ ගෙවල් දෙක අතර රැඳිලා තියෙනවා.

ඇට්ටේරියා මල් සුවඳ, සේපාලිකා මල් සුවඳ නහයට දැනෙනකොට, ඇස් පියාගත්ත ගමන්, කාලය කැරකිලා කැරකිලා මතකය දිව යන්නේ ආත්තම්මත් එක්ක කළුබෝවිල ගෙදර ගෙවපු කාලය. ඇට්ටේරියා මල්, සේපාලිකා මල් කඩාගෙන ආත්තම්මත් එක්ක බුදුන් වැන්ද හැටි, පංසල් ගිය හැටි, භාවනා කල හැටි…... ඒ වගේම ගොයම් පිරිච්ච කුඹුරක්, ගොයම් කපන කොට එන නැවුම් සුවඳ, බිමට නැමිච්ච ගොයම් කරල්, දොළ පාරක්, මැංගුස්, කුන්දිරා වගේ දේවල් දකිනකොට ඇදිලා යන්නේ සීයත් එක්ක නිවාඩු කාලවල මතුගම ගත කරපු අති සුන්දර කාලේ…....!

අවුරුදු නිවාඩුව කියන්නේ දුමීටත්, දුමීගේ අක්කලා නංගිලා මල්ලිලාට හරිම ජොලි කාලයක්. මොකද ඒ වෙනකොට පිට රට රාජකාරි කරපු දුමීගේ තාත්තත් නොවැරදීම ලංකාවට එනවා. දුමීගේ තාත්තා ගෙදර ආපු ගමන් දවස් දෙක තුනක් කළුබෝවිල ඉඳලා කට්ටියත් එක්කම අවුරුදු ගත කරන්න මතුගම යනවා. දුමීගේ බාප්පලා, නැන්දලා ඔක්කොමල්ලත් ගොඩක් වෙලාවට අවුරුද්දට මතුගම එනවා. ඒ වගේම දුමීගේ බාප්පලා හිටියෙත් මතුගම ගෙදර. හැමෝම එකට එකතු වෙලා ඒ කාලේ ගත කරපු අළුත් අවුරුද්ද විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.

අවුරුද්ද කියන්නේ දුමීගේ අතේ මිටෙත් කාසි ටිකක් වැඩිපුර ගැවසෙන කාලයක්. අවුරුද්දට බුලත් දීලා වැන්දහම බාප්පලා, නැන්දලා, සීයලගෙන ලැබෙන රුපියල, රුපියල් දෙක සමහර වෙලාවට රුපියල් පහ කියන්නේ මහමෙරක් වගේ. අවුරුදු නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලේ ගිහින්, ඒ කාලේ දුමීගේ ප්‍රියතම කෑම වන මාළුපාන් මහ ගොඩක් කන්න පුළුවන් වෙන්නේ ඒ අවුරුද්දට බුලත් දීලා ලැබෙන සල්ලි වලින් තමයි. ඒ දවස්වල දුමීට තිබ්බ ඔය මාළුපාන් පෙරේතකම ගැනත් කට කහන කතාවක් තියෙනවා. ඒක පස්සෙ ලියන්න බලමු.

මතුගම ගිහිල්ලා කියන්නේ කරන්න තියෙන දේවල් වල නම් නිමක් නෑ. ඒ ටික කරන්න දවසක් හොඳටම මදි. කට්ටියත් එක්ක එකතු වෙලා ක්‍රිකට් ගහන්න, ටීක් බෝල ගහන්න, සම්බෝල කඩන්න, ගුඩු ගහන්න, දොළේ නාන්න යන්න, වෙලේ බැහලා බට්ටෝ කාවයියෝ අල්ලන්න සීයාට හොරෙන් කුන්දිරා කඩාගෙන බොන්න, මැන්ගුස් කඩන්න, ජම්බු වෙරළු කඩන්න, පාළු පාරවල් දිගේ බයිසිකල් පදින්න, කැලේ වැදුනම කකුලේ එල්ලෙන කූඩැල්ලෝ ගලවන්න.... අම්මේ මතක් වෙනකොටත් කාල යන්තරේක නැගලා ආපහු ඒ කාලෙට යන්න කියලා හිතෙනවා.

මතුගම සීයගේ ගෙදරට යන්න මහ පාරේ ඉඳන් මීටර් දෙසීයක් විතර ගුරු පාරක යන්න ඕනේ. ගුරු පාරේ යනකොට වම් අත පත්තෙන් වෙල් යාය, වෙල ඉවර වෙච්ච ගමන් නිල් කැටේට වතුර උතුරලා යන, පොකුණක් වගේ කළුගල් බැඳලා හදලා තිබ්බ ගැඹුරු නැති නාන ලිඳ. දකුණු පත්තේ පාරටම මායිම් වෙලා පාරත් එක්ක සමාන්තරව ගලාගෙන ඇවිල්ලා පාර හරහා පාර යටින් බෝක්කුවකින් මෙතර වෙලා කුඹුරට වතුර ගලාගෙන එන ඇල පාර. පාර දිගටම දෙපැත්තේ වවලා තියන බිම ඉඳලා ගෙඩි කඩන්න පුළුවන් උසට වැවිලා තිබිච්ච කුන්දිරා සහ තැඹිලි ගස් ටික.....ඊට පස්සෙ ගෙදරට ගොඩ වෙන්න ලොකු කළුගල් වලින් බැඳලා තිබිච්ච පඩි විස්සක විසි පහක විතර පඩි පේලිය. ඒක නැග්ගම තමයි ගුරු නිවස තියෙන්නේ, පුංචිම පුංචි කඳු ගැටේක තිබ්බ පුංචි මාලිගාවක් වගේ තමයි දුමීට සීයගේ ගෙදර ඒ දවස්වල පෙනුනේ. ඇතුලු වෙච්ච ගමන් විවෘත මහ සාලේ. මහ සාලේ දෙපැත්තටම දෙක දෙක වෙන්න කාමර 4යි. ඕකෙන් දකුණු පැත්තේ පළවෙනි කාමරේ තමයි සීයාගේ කාමරේ. වම් පැත්තේ පළවෙනි කාමරේ පොඩි බාප්පාගේ කාමරේ. සීයාගේ කාමරේට අල්ලපු එක, චුට්ටි බාප්පාගේ කාමරේ. ඊට පස්සෙ තමයි ගෙට ඇතුලු වෙන දොර තියෙන්නේ. ගේ ඇතුලෙත් කාමර මහ ගොඩක්.

හැන්ඩි සීයා කියන්නේ අපේ සීයගේ ගජයෙක්. ගජයෙක් කිව්වට සීයාගේ කුඹුරු වැඩ වලට එහෙම උදව්වෙන්න හිටිය අයගෙන එක්කෙනෙක් තමයි හැන්ඩි සීයා. අපේ අම්මලා තාත්තලා එයාට කිව්වේ හැන්ඩි සිඤ්ඤෝ කියලා. හැන්ඩි සීයාගේ හාමිනේ තමයි එව්ජින් ආච්චි. (ඇත්ත නම ඉයුජින් වෙන්න ඇති ) හැමෝම එයාට කිව්වෙ එව්ජින් අක්කා කියලා. ඒක නිසා අපිට එයා එව්ජින් ආච්චි උනා. එව්ජින් ආච්චි කියන්නේ හරිම කරුණාවන්ත, අපිට පපුව පිරෙන්න ආදරේ කල හරිම සීදේවි කාන්තාවක්. කොයිවෙලේ බැළුවත් කුස්සියේ ඉඳගෙන වැඩක් පලක් කරගෙන, වත්ත පිටිය සුද්ද බුද්ද කරලා හවසට ඔය මොනව හරි දෙයක් ඔතාගෙන ගෙදර යන එක තමයි එව්ජින් ආච්චිගේ දින චරියාව උනේ. හැන්ඩි සීයත් කොයිවෙලේ බැළුවත් අමුඩේ ගහගෙන සීයාගේ බුලත් කොරටුවේ එහෙම නැතිනම් කුඹුරේ වැඩක් පලක් කර කර තමයි ඉන්නේ.

අවුරුද්ද කාලෙදි මතුගම පැත්තේ නොවරදින අංගයක් තමයි ඔය බයිසිකල් රේස්. බයිසිකල් රේස් එකක් එනවා කියලා දැනගන්නේ ලවුඩ් ස්පීකර් දෙකක් බැඳ ගත්ත මොරිස් මයිනර් කාර් එකක් මුළු පලාතම දෙවනත් කරගෙන හැටට හැටේ මහ පාර දිගේ ඈත ඉඳන් එනකොට තමයි. මොන සෙල්ලම කර කර හිටියත් දුමී සහ දුමීගේ සගයෝ සෙට් එක ගුරු පාර දිගේ මහ පාර ගාවට දුවගෙන එනකොටත් බයිසිකල් රේස් එකේ ඉස්සරහින්ම යන දෙතුන් දෙනා ඊ ගස් ටිකක් වගේ අපිව පහු කරලත් ඉවරයි. අහලා පහල ගම් හතක තරඟ කාරයෝ ඔය මතුගම බයිසිකල් රේස් එකට එන නිසා කොහොමත් තරඟ කාරයෝ දෙතුන් සීයක් නොවැරදීම ඉන්නවා. බයිසිකල් රේස් බලන පාර තොටේ අයිනේ ගෙවල් වල මිනිස්සු ඊට පස්සෙ කරන්නේ අතට අහුවෙන භාජනේකට වතුර ගෙනැල්ලා අර බයිසිකල් රේස් පදින අයට හිටු කියලා වතුර ගහන එක. වතුර පාර කාගෙන තෙමිච්ච කුකුලෝ ටිකක් වගේ අනිත් එකාව කොහොම හරි පහු කරගෙන යන්න හදන බයිසිකල් කාරයෝ දුමීට අදටත් මැවි මැවී පේනවා.

ඔන්න දවසක් දුමීලා ඔය වගේ බයිසිකල් රේස් එකක් බල බල ඉන්නකොට තමයි හරිම අපූරු සිද්ධියක් උනේ. ඔය සීයලාගේ ගෙදරට හැරෙන පාරට පොඩ්ඩක් එහාට වෙන්න තිබුනේ ඒ පැත්තේ මිනිස්සු නාන කරන ගැහැණු / පිරිමි කියලා දෙපැත්තක් වෙන වෙනම වෙන්න හදලා තිබිච්ච පොදු ලිඳක්. ඉතින් රේස් එක බලන මිනිස්සු එක එක භාජන වලට වතුර අරගන්නේ ඔන්න ඔය ලිඳෙන් තමයි. ඔන්න එදත් සුපුරුදු විදිහට රේස් එක යනකොට මිනිස්සු භාජන වලට වතුර අරගෙන අරගෙන අවිත් බයිසිකල් රේස් පදින රේස් කාරයන්ට වතුර ගහනවා ඒ ගොල්ලන්ගේ මහන්සිය නිවන්න කියලා. ඔන්න බොලේ එක පාරටම අමුඩ කොටෙත් ගහගෙන කොහේද ඉඳන් දුව ගෙන ආවේ නැද්ද අපේ හැන්ඩි සීයා. කොහෙන්ද මන්දන්නේ නෑ හොයාගත්ත ලොකු ඇළුමීනියම් පණිට්ටුවකට කට පිරෙන්න වතුර පුරෝගෙන ආපු හැන්ඩි සීයා එක රොත්තට පැදගෙන එන බයිසිකල් කාරයෝ ටිකකට එල්ලේ බලලා , මුළු ඇඟේ පතේම වීරියත් යොදාලා ගැහුවේ නැද්ද වතුර බාල්දිය.

ඒ ගහපු ගැහිල්ල කොච්චර සැරද කියනවන් , අනේ අර පනිට්ටුවේ හැන්ඩල් එක හැන්ඩි සීයාගේ අතේ. හැන්ඩ්ල් එක ගැලවිච්ච වතුර පිරිච්ච මලකඩ කාපු පනිට්ටුව ගිහින් වැදුනේ අර එක රොත්තට පැදගෙන එන බයිසිකල් කාරයෝ සෙට් එකේ. ඒ වැදිච්ච පාරටයි, ආපු වේගෙටයි මුන් ටික එක රොත්තට එකා පිට එකා ඇදගෙන වැටෙන්න ගත්තා.

අනේ ඊට පස්සෙ තමයි මෙච්චර වෙලා තිබිච්ච බයිසිකල් රේස් එක, මහා ගම හරහා දිවීමේ තරඟයක් උනේ. බයිසිකල් තරඟේ දිනනන්න බලාගෙන අහල පහල ගම් හතකින් විතර කට්ට කාලා රේස් එකට ඇවිත් මලකඩ කාපු පනිට්ටු පාරක් කාල වැටිච්ච බයිසිකල් කාරයෝ ටික බයිසිකල් ටිකත් එහෙම්මම තියෙලා එළවන්න ගත්තේ නැතෑ හැන්ඩි සීයගේ පස්සෙන්. අමුඩ කොටේ ගහ ගත්ත හැන්ඩි සීයා පාරට පැනලා ටික දුරකුත්, ඊට පස්සෙ වෙලට පැනලා මඩ කාගෙන හතර ගාතෙන් ටික දුරකුත්, ඇළට පැනලා ඇළ දිගේ ටික දුරකුත් ගිහිල්ලා නැවතිලා තිබුනේ සීයගේ පුවක් ගහක කරටියේ.........

ඊට පස්සෙ දකින්නේ ලැබුනේ පුවක් ගහත් වට කරගෙන පුවක් ගහ පද්ද පද්ද සුද්ද සිංහලෙන් ඔංචිලි වාරං කියන බයිස්කල් කාරයෝ ටික. ඒත් හැන්ඩි සීය නම් නෙමෙයි බදාගෙන හිටිය පුවක් කරටිය නම් අත ඇරියේ.

ඔන්න ඊලඟට පටන් ගත්තේ ලිස්සන ගහේ නගින තරඟේ. හැන්ඩි සීයව අල්ලගන්න පුවක් ගහට නගින්න හදන එකෙකුටවත් ගහෙන් බාගෙකටවත් වඩා උඩට නගින්න බැරි උනේ පුවක් ගහේ ග්‍රීස් ගාලා තිබ්බ නිසා නෙමෙයි. ඒ වෙනකොටත් එතනට දුවගෙන ආපු එව්ජින් ආච්චි පුවක් ගහට නගින නගින එකාගේ කකුල් දෙකෙන් අල්ලලා බිමට දැම්ම නිසා.

හැන්ඩි සීයව බස්ස ගන්න පුවක් ගහ කපන්න ගිය එක නැවැත්තුවේ දුමීගේ සීයා මැදිහත් වෙලා තමයි. හැන්ඩි සීයා පුවක් ගහෙන් බැහැලා තිබුනේ එදා රෑ කළුවර වැටිලත් හෝරා දෙක තුනක් ගියාට පස්සේයි.

ඒ සිංහල අවුරුද්ද හැන්ඩි සීයා ගෙවලා දැම්මේ ඔන්න ඔය විදිහට තමයි....

ප.ලි

ඒ දවස්වල අවුරුද්දට මතුගම පාන්තියේ පන්සලේ වගේම පාන්තියේ ගුරු නිවසෙත් හිස තෙල් ගෑමේ උත්සව දෙකක් පැවැතුනා. ඒ දවස්වල පන්සලට හිස තෙල් ගාන්න යනවටත් වඩා සෙනග ආවේ දුමීගේ සීයගෙන් හිස තෙල් ගාගන්න. ඒ එන හැමෝටම කැවුම් කොකිස් සහ බත බුලතින් සංග්‍රහ කරන්න පාන්තියේ ගුරු නිවසේ හැමෝම සැදී පැහැදී සිටියා....! 1986 අවුරුද්දේ හිස තෙල් ගෑම යෙදී තිබුනේ අප්‍රේල් 16 වෙනිදා. වෙනදා වගේම දුමීගේ සීයා අවුරුදු චාරිත්‍ර වලට අනුව ගුරු නිවැසියන්ගෙන් පටන් අරගෙන පොලිමේ ඇදී ආපු අනිත් හැමෝගේම හිස තෙල් ගෑමේ චාරිත්‍රය හරිම සන්තෝසෙන් ඉෂ්ඨ කලා.....

දුමී, දුමීගේ අක්කා, දුමීගේ නංගි සහ ලොකුනැන්දගේ පුතාලා දෙන්න සීයව වට කරගෙන ෆොටෝ ඇල්බම් එකක් බලන ගමන්. කහපාට කමිසයක් ඇඳලා ඉන්නේ දුමී.....

සීයාට පපුවේ අමාරුව හැදිලා තිබුනේ එදා හිස තෙල් ගාපු දවසෙම මහ රෑ. දුමීගේ තාත්තත්, අම්මත්, බාප්පත් එකතුවෙලා කාර් එකේ දාගෙන සීයව අරගෙන ගිහිල්ල තිබුනේ මතුගම ටවුන් එකේ හිටිය දොස්තර මහත්තයගේ ක්ලිනික් එකට. ඒත් දොස්තර මහත්තයා කියලා තිබුනේ ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. ඒ යමින් ගමන පානදුර ඉස්පිරිතාලේ පෙනෙන නොපෙනන මානයේ සීයා ඇස් දෙක පියාගෙන තිබුනේ දුමීගේ අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන.....!

දුමීගේ සීයා සහ ආත්තම්මා..... සීයා දෙනෙත් පියාගෙන අවුරුදු එකහමාරකට විතර පස්සෙත් ආත්තම්මත් දුමීලව දාලා ගියා.....

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com71tag:blogger.com,1999:blog-4346015856052849283.post-20759596180283646682015-04-10T06:59:00.000+04:002015-04-10T22:22:56.351+04:00සෝභමාන ගුවන් ඇටෙන්ඩොං

දැන් ඔය ප්ලේන් වල යන එන අය දන්නවනේ ෆ්ලයිට් එක නග්ගන්න කලින් සේෆ්ටි ප්‍රොසීඩියර්ස් දෙනවා. ඉන් එකක් තමයි ප්ලේන් එකේ ඉන්න හැමෝම ටේක් ඕෆ් එකේදියි, ලෑන්ඩින්ග් එකේදියි තමන්ගේ තියෙන ලැප්ටොප්, ටැබ්ලෙට්, ෆෝන් ඇතුලු මෙකී නොකී හැම ඉලෙක්ට්‍රොනික් උපාංගයක්ම ඕෆ් කරන්න ඕනේ. ෆෝන් අනිවාර්යයෙන්ම මුළු ෆ්ලයිට් ටයිම් එකේදීම ඕෆ් කරලා තියෙන්න ඕන, නැතිනම් ෆ්ලයිට් මෝඩ් එකේ දාල තියන්න ඕන. ඒ කියන්නෙ කෝල් ගන්නවත්, මැසේජ් කරන්නවත් තහනම්. එහෙම කරන්නේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිසා ප්ලේන් එකේ නැවිගේෂන් සිස්ටම් එකටයි, කමියුනිකේෂන් සිස්ටම් වලටයි බාධා ඇති වෙන්න පුළුවන් නිසයි....!

කොහොමහරි ඔන්න තව දවසක් මම තනියෙන් ලංකාවට එන වෙලාවක වෙච්ච සිද්ධියක්. ඉතින් එදත් මම ආවේ ලෝ කොස්ට් එයාර් ලයින් එකක. වෙනදා විදිහටම ලැප් එකත් ඇරගෙන, ඉයර් ෆෝන් එකත් කනේ ගහගෙන මූවි එකක් බල බල තමයි හිටියේ. මේ වෙනකොට ප්ලේන් එක ලෑන්ඩ් කරන්න ටික වෙලාවයි තිබුනේ. ඔය වෙලාවට තමයි ප්ලේන් එකේ මිනිස්සු තමන්ගේ ෆොන් ඕෆ් කරලද නැද්ද කියලා ඇත්තටම බලාගන්න පුළුවන් වෙන්නේ. මොකද ලංකාවට කිට්ටු වෙලා ෆෝන් සිග්නල් ආපු ගමන්ම ෆෝන් වලට ටීක් ටීක්, නීක් නීක්, පීක් පීක් වගේ එක එක විදිහේ සද්ද දාගෙන එස්.එම්.එස් එන්න පටන් ගන්නවා රෝමින් සර්විස් වලින්.

අප්පද බොල ඔන්න ඔය අස්සේ එකපාරටම මූවි එක ඇතුලෙන් ගෑණු කෙනෙක් සිංහලෙන් කතා කරනවා ඇහෙනවා. ඇහිලා බලද්දි, මගේ සීට් එක ඉස්සරහා ඉන්න ගෑණු මනුස්සයෙක් මෙන්න ප්ලේන් එකටම ඇහෙන්න කෝල් එකක් අරගෙන කතා කරනවා.. ඒ කතා කරපු කතා කිරිල්ලට ෆෝන් එක තිබ්බේ නැතත් ලංකාවටම ඇහෙනවා.

ප්ලේන් එක ලෑන්ඩ් කරන්න කිට්ටු නිසා මමත් ලැප්ටොප් එක ඕෆ් කරලා බෑග් එකට දාගත්තා.

අනිත් අයගේ කතා වලට ඇහුම්කන් දෙන්න ඕන කමක් නොතිබුනත් බලෙන්ම අස්සවන නිසා මොනා කරන්නද ඉතින්.....ඔන්න ඉතින් ඒක පාර්ශවික (අනිත් පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑනේ ) කතාව යන්නෙ මෙන්න මෙහෙම...

“අනේ සිරී මම ප්ලේන් එක නග්ගපු වෙලාවෙ ඉඳන් ට්‍රයි කරනවා පැටියෝ…... ඔන්න දැන් තමයි රින්ග් උනේ. ඔයා එයාපෝට් ඇවිල්ලද ඉන්නේ රත්තරන්....”
(ෆ්ලයිට් ඇටෙන්ඩොංලා කට කැඩෙනකං මොබයිල් ෆෝන් ඕෆ් කරන්න කිව්වත් මෙයා ප්ලේන් එක නග්ගපු වෙලාවෙ ඉඳන් ට්‍රයි කරලා තියෙන්නේ සිරිට කෝල් එකක් ගන්න )

“නෑ නෑ..තාම බැස්සෙ නෑ අනේ....තව තව ටිකකින් බස්සයි.....”

“ඔයා කලිසමක් ඇඳලද ආවේ.....!”
(ඈහ්.... යකෝ නැත්නම් හෙළුවෙන් එන්නයෑ ඒ මිනිහා )

“මම කිව්වනේ මගේ ඉස්සරහා සරම අඳින්න එපා කියලා......!”
(යකෝ මේ ගෑණිට තියෙන කුලප්පුවක්, ඌට දැම්මම සරම ගලෝගෙනද ඉන්න කියන්නෙ )

“තමුසෙට මම කලිසන් රෙදි කොච්චර එව්වද. විල්සන් බාප්පට කියලා කලිසමක් මහගන්න බැරි උනාද ?”
(ඔන්න දැන් මෙච්චර වෙලා රොමෑන්ටික් සාගරේ ගිලිලා හිටිය, ගෑණිගේ නියම වාග් විලාසය ටික ටික මතු වෙනවා…….)

“මේ සිරිසේන, මම දන්නවනේ තමුසෙගේ හැටි.... තමුසේ කලිසන් රෙදි විකුණලා කසිප්පු බිව්ව නේද ?”
(ඔන්න දැන් තමයි සංවාදේ ෆුල් රොමෑන්තික් ගතියට ආවෙ )

මම ඩුබායි එකෙන් මේ විස්කි බෝතල් දෙකකුත් අරගත්තා.
(ඒ අතින් නම් අපේ ගම හාමිනේට වඩා හොඳයි වගේ )

තමුසේ එන්න එපා මගේ ඇස් දෙකට පේන්නේ ඔය සරම ඇඳගෙන.....ලැජ්ජාවෙ බෑ.....!
(යකෝ ඒ ගෑණිට යෑ.... මේකා සරම නැතිව ඉන්නකොට ලැජ්ජ වෙන්න ඕනේ සරම නැතිව ඉන්න එකාටනේ )

ඒ අස්සෙ තමයි ඔන්න ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කනෙක් ගෝරිය මැදට ආවෙ....

Madam, you are not supposed to use your mobile phone. We are in the final approach….
( නෝනා මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න ඔබට බැහැ....අපි ගොඩ බාන ගමන් ඉන්නේ )

අනේ පලයන් _ _ _ යන්න.......!
(ගැලපෙන අකුරු තුනේ කුණුහරුපයක් දාගන්න)

මම ඉතින් කල්පනා කරේ ෆ්ලයිට් ඇටෙන්ඩොං කෙනෙක් උනාම භාෂා කීයකින් කුණුහරුප අහන්න වෙනවද කියලයි.

අරාබි ජාතික ගුවන් සේවිකාවක් වෙච්ච ඇයට මෙයා කිව්වේ මොකක්ද කියලා තේරුනේ නෑ. ආපහු හැරිලා ගියේ මේ ගෑනි ෆෝන් එක එතකොටත් ඕෆ් කරගෙන හිටිය නිසයි.

මගේ යාළුවෙක් ඉන්නවා නිරේෂ් කියලා. ඒකා අවුරුද්දකට විතර කලින් කසාද බැන්දේ මෙහේ තියෙන ප්‍රසිද්ධ ගුවන් සේවයක ෆ්ලයිට් ඇටෙන්ඩොං කෙනෙක්. එයාගේ නම සයුරි. මේ අළුත බැඳපු ජෝඩුව, කුරුල්ලයි පැස්බරයි, කිරිල්ලියි වගේ තමයි. අරූට ටිකක් ඉගෙල්ලෙන අමාරුයි මොකද ඌ ටිකක් මහත නිසා, හැබැයි ඉතින් සයුරිගේ වැඩේ ඉගිල්ලෙන එකනේ.

ඉතින් සයුරිත් ඔය ඉස්සෙල්ල කිව්ව ඉලෙක්ට්‍රොනික් අයිටම් ඕෆ් කරන්න ඕනේ කියන නීති රීති ටික ප්ලේන් එකටම එනන්වුන්ස් කරනවා. අනේ ඉතින් ඊට පස්සෙ සයුරි මොකද කරන්නෙ, නිවිහැනහිල්ලේ එයාගේ සීට් එකට ගිහිල්ලා එයාගේ ෆෝන් එක එළියට අරගෙන, ප්ලේන් එක කෲසින් ඇල්ටිටියුඩ් එකට ඇවිල්ලා, සිග්නල් නැති වෙලා යනකන්ම නිරේෂ් එක්ක වට්ස් ඇප් එකෙන් මල් කඩනවා. ඩියුටි රොස්ටර් එක නිසා හරියකට හනිමුන්වත් යාගන්න බැරි උනා කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් ඔන්න ඔහොමයි සයුරිලා වගේ ෆ්ලයිට් ඇටෙන්ඩොංලා අපේ ආරක්ෂාව ගැන වගකීමෙන් ක්‍රියාත්මක වෙන්නේ.

සයුරි කෙල්ල කාලේ, ඒ කියන්නේ අපේ පැස්බරාව බඳින්න කලින් වෙච්ච සිද්ධියක්. ඒ වෙනකොට ගුවන් සේවා ඇමති වෙලා හිටියේ, පස්සෙ කාලෙක කොටින්ගේ බෝම්බෙකට අහුවෙලා අකාලේ මියැදිච්ච ඇමති කෙනෙක්. එයා ඔය මොකක්ද රාජකාරී වැඩකට ලංඩොන් යන ගමනකදී, ෆස්ට් ක්ලාස් කැබින් එකේ ඉඳලා තියෙන්නේ සයුරි. සාමාන්‍යයෙන් ප්ලේන් එක ටේක් ඕෆ් කරන්න කලින් ස්ටීම් කරපු හොට් ටවල් එකක් දෙනවා මූන , අතපය එහෙම පිහිදාගෙන පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න කියලා....!

ඉකනොමි ක්ලාස් නැතිනම් කැටල් ක්ලාස් (එහෙම කියන්නෙ හරක් පටවනවා වගේ පටවන නිසා විතරක් නෙමෙයි නෙමෙයි, ඇටෙන්ඩොං නංගිලා මිනිස්සුන්ට හරක්ට වගේ සලකන නිසා ) එකට නම් ඔය හොට් ටවල් ටික ට්‍රේ එකක තියලා ඕන නම් ගනින් නැතිනම් ඒත් ගනින් කියලා තමයි ඇටෙන්ඩොං නංගිලා අරගෙන යන්නේ....

ඒත් ෆස්ට් ක්ලාස් කැබින් එකේ එහෙම කරන්න බෑනේ... මොනව හරි දෙන්න ඕනෙනම්, පැසෙන්ජර් ගාව දණ ගහලා, දෙකට නැමිලා, පනාව දාල බටර් බේරෙන මූන දාල අහන්න ඕනේ.....!

ඉතින් සයුරිත් අපේ ඇමතිතුමා ගාව දණ ගහලා මෙහෙම ඇහුවලු.....

"Sir, may I give you a steamed hot towel ?"
( සර්, මම ස්ටීම් කරපු හොට් ටවල් එකක් දෙන්නද ? )

එතකොට අපේ ඇමති තුමා......

“No No ! I just had a bath and came……”
එපා එපා, මම නාලා ආවේ....!

ෆස්ට් ක්ලාස් එකේ දෙන සැප හැටියට ඇමති තුමා හිතලා තියෙන්නේ ඇටෙන්ඩොං නංගිලා එකතු වෙලා ඇමති තුමාව නාවන්න හදනවා කියලයි....!

ඔය පොඩි එවුන් ෆ්ලයිට් වල දෙන වද ගැන අපේ ගම හාමිනේගෙන්ම තමයි අහන්න ඕනේ. එයාට එච්චරටම අත්දැකීම් තියෙනවා පහුගිය අවුරුදු පහළොවේ අපේ පොඩි උන් තුන් දෙනාව ප්ලේන් එක ඇතුලේ ආම්බාං කරගෙන. දැන් උනත් මගේ පොඩි එකී ප්ලේන් එකට නැගලා අම්මා මුත්තා කිව්වත් සීට් බෙල්ට් එක දාන්න දෙන්නේ නෑ....!

සයුරිලා වගේ ඇටෙන්ඩොංලට ඔය පොඩි උන් ගැන හොඳ හොඳ අත්දැකීම් තියෙනවා. පුළුවන් තරමක් බලන්නේ පොඩි උන්ව ෂේප් එකේ අඬන්නේ නැතිව තියා ගන්න තමයි. ඔන්න එක දවසක් සයුරි වැඩ කරපු ෆ්ලයිට් එකක් පොඩි බබෙක්ව වඩාගත්ත අම්ම කෙනෙක් ඉන්නවා. කිරි බොන වයසේ පොඩි එකෙක්. ඔන්න කෑම ට්‍රොලිය තල්ලු කරගෙන ආපු සයුරි දකිනවා මේ අම්මා පොඩි එකාව අතේ තියාගෙන ඉන්නවා. එයාට කෑම එක කන්නවත් විදිහක් නෑ. ඔන්න ඉතින් සයුරි අහනවා අර අම්මගෙන්,

"මැඩම්, මම බබාට 'බේබි බැසිනට්'* එකක් දෙන්නද ?"

අනේ ඉතින් අම්ම මෙහෙම කියනවා...

"අනේ එයා තාම බේබි බැසිනට් කන්නේ නෑ.... මගේ කිරි විතරයි බොන්නේ..." කියලා

පව්, ඒ අම්මගේ හිතේ බේබි බැසිනට් කියන්නේ අර බේබි බිස්කට් වගේ කන ජාතියක් කියලා....

(මේ පින්තූරේ තියෙන්නේ බේබි බැසිනට් එකක්)

ඔය වගේ ප්ලේන් එක ඇතුලේ සිද්ධ වෙන කමියුනිකේෂන් වැරදි අනන්තයි අප්‍රමාණයි. සයුරිලාට ඉතින් ඕවා එච්චර ගාණක් නෑ...හැබැයි යාළුවෝ කට්ටියත් එක්ක සෙට් උනාම තමයි ඕවා කිය කියා ඒවට මූන දීපු උන්ගේ රෙදි ගලවන්නෙ....!

එහෙම වෙච්ච එකක් තමයි දවසක් ලංකාවෙ ඉඳන් එන ප්ලේන් එකක සිංහල බෑ, ඉංග්‍රීසි විතරයි පුළුවන් ටයිප් එකේ ලංකාවෙ පොරක් සයුරිට මෙහෙම කියනවලු,

"May I have a orange juice with snow ?"
( මට හිම දාපු ඔරේන්ජ් ජූස් එකක් දෙන්න )

එයාට කොච්චර සිංහල බැරිද කියනවනම්, "අයිස්" කියන්න ඕනේ එකට කියලා තියෙන්නේ "ස්නෝ.." කියලා....

මම නම් ඔය ශ්‍රී ලංකන් වගේ ෆ්ලයිට් එකක යනවනම් ඇටෙන්ඩොං නගාලත් එක්ක කතා කරන්නෙම සිංහලෙන්. මොකද මට තාම ඉංග්‍රීසියට වඩා සිංහලෙන් හොඳට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් නිසා. අනික බැරි වෙලා හරි මොනව හරි වැරදුනොත් මුන් අපි නැති තැන අපේ රෙදි ගලවන හැටි දන්න නිසා....

මේක මටම වෙච්චි ඇබැද්දියක්, දැනට අවුරුදු 13 කට විතර කලින් මම එමිරේට්ස් ගුවන් සේවයේ වැඩට ගිය අළුතම වගේ රාජකාරි වැඩකට ඩුබායි වල ඉඳලා අයර්ලන්තේ ඩබ්ලින් වලට එමිරේට්ස් ෆ්ලයිට් එකක යන වෙලාවක. එදා නම් මට සිංහලෙන් කතා කරන්න බැරි උනා මොකද ඒ ඇටෙන්ඩොං නංගිට සිංහල බැරි නිසා....

ඔන්න ඉතින් ෆ්ලයිට් ඇටෙන්ඩොං නංගි බීම ට්‍රොලිය තල්ලු කරගෙන එන ගමන් හැමොගෙන්ම අහනවා මොනාද බොන්න කැමති කියලා.....! ෆ්ලයිට් එකේ යන ගමන් ඔය ඇපල් ජූස්, ඔරේන්ජ් ජූස් බීලා පුරුද්දක් නැති නිසා මම බැළුවා මොනාද ට්‍රොලියේ තියෙන්නේ කියලා. ජාති දෙකක විතර විස්කි ජාති වලට අමතරව Cognac ("කොග්නැක්") කියලා ගහපු බෝතලේකුත් තියෙනවා මම ටිකක් ඈතදීම දැක්කා. කලින් බීලා නොතිබිච්ච ජාතියක් නිසා මම හිතා ගත්තා අද කොග්නැක් එකක් ගහනවා කියලා.

අර ඇටෙන්ඩොං නගා මං ගාවට ආවහම කන්වර්සේෂන් එක යන්නේ මෙහෙම......!

“Sir, What do you like to drink…? ” සෝභමාන ගුවන් ඇටෙන්ඩොං එහෙම අහනවා....

“I’ll have කොග්නැක් please ……” කලින් කොග්නැක් බීලා හොඳ පුරුදු කාරයෙක් විදිහට මමත් හොඳ හුස්මක් අරන් කියනවා..

“කොග්නැක් ? What කොග්නැක් ? “ සෝභමාන නගා එහෙම ඇහුවම තමයි තේරුනේ තාප්පෙටම කෙලියා තමයි කියලා…

වෙන කරන්න දෙයක් නැති නිසා මමත් අසරණ බයාදු මූණ දාලා අර ට්‍රොලියේ තියෙන බෝතලේ ඇඟිල්ලෙන් පෙන්නුවා.....!

කින්ඩි හිනාවක් දාගත්තු සෝභමාන නගා,

" Ahh…. you wanna glass of කොන්‍යයැක්....?"........කවදා ගහපු කොන්යයැක්ද..........? මේකි කලින්ම දන්නවා මම ඉල්ලුවේ මොකක්ද කියලා. ඒත් මේකි එහෙම කිව්වේ කිණ්ඩියට කියලා දැන් මට හොඳටම තේරෙනවා.

“Sir how do you like to have your කොන්‍යයැක් ?” දැන් මේකි අහනවා මොන විදිහට කොන්‍යයැක් ඕනේ කියලා....

“Shall I pour it on rock……? “ ඈහ්.. මේකි මෙන්න අහනවා කොන්‍යයැක් එක ගලක් උඩට දාන්නද කියලා. යකෝ මේ මොන අපරාදයක්ද ?

No no, not on a rock, pour it in a glass please ! කළබල වෙච්චි මමත් කිව්වා ගලක් උඩට දාන්න එපා, ග්ලාස් එකකට දාන්න කියලා….

මෙන්න යකෝ මේකි බඩ අල්ලගෙන හිනා වෙනවා......!

“Sir I meant ice, ice...rocks means ice…..” එදා තමයි මම දැනගත්තේ රොක්ස් කියන්නේ අයිස් වලට කියලා.....

කොහොමින් කොහොමහරි ඔන්න එක දවසක් සයුරිට වැඩ කරන්න සෙට් වෙලා තියෙන්නේ ඩුබායි ඉඳන් ඇම්ස්ට්‍රඩෑම් යන ෆ්ලයිට් එකේ ෆස්ට් ක්ලාස් කැබින් එකේ. මේක ඉඳලා තියෙනවා ඩුබායි වල නිවාඩුවක් ගත කරන්න ඇවිත් ආපහු ගෙදර යන ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි. හොඳට ලස්සනට පිළිවෙලට ඇඳලා පැලඳලා, කුරුළු ජෝඩුවක් වගේ තුරුළුවෙලා ඉඳලා තියෙන මේ දෙන්නා අවුරුදු හැත්තෑ පහ පැනපු ජෝඩුවක් වගේ තමයි පෙනිලා තියෙන්නේ.

ඔන්න එදත් සයුරි අර සේෆ්ටි ප්‍රොසීඩියර්ස් ටික එනවුන්ස් කරලා කැබින් එක චෙක් කරගෙන ඉස්සරහට යනකොට අර ආච්චි අම්මා සයුරිගේ අතින් අල්ලලා නවත්තගෙන මෙහෙම අහනවලු....!

“Dear ! do we have to switch off all our personal electronics……?”
(දුවේ අපි ගාව තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රොන්ක් දේවල් ඕෆ් කරන්න ඕනෙද ?)

“Yes Mam ! it’s just for sake of everyone's safety…..!”
(ඔව් නෝනා, එහෙම කරන්නේ හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්…)

ඔන්න ඉතින් එහෙම කියාගෙන සයුරි අනිත් අයව චෙක් කරගෙන ඉස්සරහට ගියාලු....

ඔන්න ඊට විනාඩි පහලවකට විතර පස්සෙ අර ආච්චි ඉන්න සීට් එකෙන් "ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෝල්"* එකක් එනවළු. ඔන්න ඉතින් සයුරිත් අර ආච්චි ගාවට ගිහිල්ලා ඇහුවලු මොනවහරි අවශ්‍යයද කියලා....!
(ඔන්න ඊට පස්සෙ වෙච්ච සංවාදය සිංහලට හරවලා…)

“අනේ දුවේ මගේ මහත්තයගේ හියරින් ඒඩ් එක දැන් ඔන් කලාට කමක් නැද්ද ?”

සයුරිගේ ඇස් දෙක උඩ ගියාළු....

“නෝනා කවුද ඒක ඕෆ් කරන්න කිව්වෙ, ඒක දාන්න ඒක දාන්න......” සයුරිත් කිව්වලු

“අනේ දුවේ මගේ මහත්තයා හුස්මගන්නේ ටිකක් අමාරුවෙන්.....එයාගේ පේස්-මේකර් එකත් ඔන් කරන්නද ?”
(පේස්-මේකර් එක කියන්නේ, හදවත් දුර්වල අයගේ හාට් රේට් එක ක්රමාණුකූලව තියාගන්න හයි කරපු පල්ස් යන්ත්‍රයක්)

ඉලෙක්ට්‍රොනික් ඕෆ් කරන්න කිව්වම මේ ආච්චි අම්මා, එයාගේ මහත්තයගේ හියරින් ඒඩ් එකයි, හාට් සපෝට් එකයි ඕෆ් කරලා....!

සයුරිට එතනම කලන්තේ දැම්මලු.....!

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com83tag:blogger.com,1999:blog-4346015856052849283.post-5942308221760568422015-04-07T07:30:00.000+04:002015-04-07T08:47:50.629+04:00තනිකඩ වසන්තය සහ ඉන්ෆ්ලයිට් කතා

හැම අවුරුද්දකදී වගේ මේ පාරත් ඕං සමර් එක කිට්ටු වෙනකොට අපි ඉතින් ලක ලෑස්ති වෙන්නේ ගම රට බලා නිවාඩුව සමරන්න යන්න කියලා තමයි. මැයි මාසේ ඉඳන් ටික ටික රත් වෙන්න පටන් ගන්න කාන්තාරේ ජූනි මැද වෙනකොට ලෝදිය හැලියක් වගේ වෙනවා. එතකොට තමයි මෙහේ ඉස්කෝලේ යන පොඩි එවුන්ට නිවාඩු ලැබෙන්නේ. ඒ මාස දෙකහමාරකට විතර. ඉතින් හැම පාරම මම කරන්නේ මගේ නිවාඩු කෝටා එක දෙකට බෙදලා, ගම හාමිනෙයි පොඩි එවුනුයි එක්ක ලංකාවට ඇවිල්ලා, ඒ ගොල්ලන්ව ලංකාවෙ තියලා සතියකින් හමාරකින් ආපහු එන එක. ඊට පස්සේ මාසයක් විතර තනිකඩ ජීවිතේට බැහැලා ඉඳලා ආපහු අගෝස්තු මැදක් හරියේ ගොහින් ඉතුරු නිවාඩු ටික අරගෙන දරු පවුලත් එක්ක ආපහු සැපත් වෙනවා.

මේ අතරමැද දරු පවුල නැතිව ඩුබායි වල ගෙවන කාලෙට අපේ යාළුවෝ කියන්නේ 'තනිකඩ වසන්තය' කියලා. මම වගේම මාසෙකට හමාරකට තනිකඩ වෙච්ච යාළුවෝ සෙට් එකත් එක්ක ඕන තරම් බීලා, ඕනෙ නම් උයාගෙන කාලා වෙලාවක් අවේලාවක් නැතිව නිදාගෙන මාස එකොලහක් නිවනක්වත් නැතිව හිටිය කන් බෙර දෙකට පොඩි හරි නිවණක් දෙන්න ලැබෙන්නේ ඉතින් ඔන්න ඔය කාලෙදි තමයි.

ඉතින් ඔය ගිය අවුරුද්දේ දිහාවෙත් තනිකඩ වසන්තය ගෙවන්න පස්වනක් ප්‍රීතියෙන් ලංකාවෙන් ආපහු එන්න එයාර්පෝට් එකට සැපත් උනා කියමුකෝ. ෆ්ලයිට් එක තිබුනේ උදේ පහයි පනස් පහට විතර නිසා, ගෙදරින් පාන්දර තුනට විතර තමයි පිටත් උනේ. ‘තනිකඩ වසන්තේ’ මූඩ් එකේ යන නිසා සහ උදේ පාන්දර ආපු නිසත් හරියකට නිදාගන්න බැරි උනා. ඒක නිසා කලින්ම හිතාගෙන ආවෙ ලාවට විතර පොඩි ශොට් එකක් එහෙම කාරිය දාගෙන මොනව හරි අතට අහු වෙච්චි දෙයක් දෙසාබාලා හොඳ නින්දක් දානවා කියලා.

මම බුක් කරලා තිබුනේ ෆ්ලයි ඩුබායි ලෝ-කොස්ට් ෆ්ලයිට් එකක්. ඒක නිසා හැමදේම සල්ලි දීලා ගන්න ඕනේ. නිවාඩුවේ භාගයක් ගතකරලා රිම් එකත් තලාගෙන ආපහු එන වෙලාවෙ, ප්ලේන් එක ඇතුලෙන් විස්කි වඩියක් ගන්න ගියොත් තලාගත්ත රිම් එකත් උගස් තියෙන්න වෙයිද දන්නෙ නැති නිසා, ඩියුටි ෆ්‍රී එකට ගොඩ වැදිලා විස්කි බෝතල් කාලක් සහ අඩුම කුඩුම ටිකත් වේලාසනම අරගෙන ලැප් එකේ බෑග් එකට දාගෙන තමයි ගියේ.

ඔන්න ඉතින් ඔක්කොම එයාර් පෝට් රාජකාරී ටික ඉවර කරලා ප්ලේන් එකට බෝඩ් කලේ විනාඩි 40ක් විතර පරක්කු වෙලා. මම වාඩිවෙලා හිටියේ දහවෙනි පේලියේ විතර වින්ඩෝ සීට් එකේ. ෆ්ලයි ඩුබායි ඔපරේට් කරන්නේ බොයින් 737-800 මොඩල් එකේ ‘සින්ගල් අයිල් ප්ලේන්’* නිසා සීට් තියෙන්නේ දෙපැත්තටම සීට්ස් තුනක් තියෙන විදිහට. ඉතින් මම වින්ඩෝ සීට් එකේ ඉඳ ගත්තට පස්සෙ මගේ ලඟ ඉතුරු සීට් දෙකම තිබුනේ හිස් වෙලා. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තේ සීට් තුනත් හිස්. මට ඉතින් හැපි හැපි ඉන්න දෙයක් නෑ ෆුල් හැපී. ප්ලේන් එක ටේක් ඕෆ් කරපු ගමන් දෙකක් නවාගෙන, මොනවහරි දෙසාබාලා, සීට් තුනම දිග ඇරගෙන පැය හතරහක් හමාරක් හොඳ නින්දක් දැම්මෑකි....! දැන් ඉතින් මට ඉස්පාසුවක් නෑ මේක නග්ග ගන්නකන්. බෝතලේ කඩලා උගුර කට තෙමාගන්නකන්.

ඔන්න දැන් ප්ලේන් එකේ දොරවල් වහන්න ඔන්න මෙන්න. මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න කියලා මගේ හීනේ මම ජීවත් වෙනවා. මෙන්න බොලේ එක පාරටම වහන්න ඔන්න මෙන්න කියලා හිටපු දොරෙන් මතු උනේ නැද්ද හාමුදුරුවරු දෙනමක්. මෙන්න බොලේ උන්නාන්සෙලා දෙනම සීට් නම්බර්ස් බල බලා ඇවිත් ඉඳගත්තෙ නැතෑ මගේ ගාව හිස් වෙලා තිබිච්ච සීට් දෙකේ.....! වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා දෙයියනේ එහෙම කරුමයක්. යකෝ කර්මය පටිසන් දෙනව කියලා කියනවා තමයි, ඒත් මෙහෙමත් ජීවත් වෙලා ඉන්නකොටම පටිසන් දෙනවද ?

අනේ දෙයියනේ, දැන් ඉතින් කොහොමද අප්පා බෝතලේ කඩන්නේ ? දෙකක් දාගෙන නිදාගන්නේ ?

දැන් ඉතින් බෞද්ධයෙක් විදිහට තරහා ගන්නත් බෑ....හිතෙන් බනින්නත් බෑ මුන්නාන්සෙලා දෙන්නට. මම ඉතින් හොල්මන් දෑසින් මඤ්ඤං වෙලා පොඩ්ඩක් නැගිටලා වගේ හාමුදුරුවෝ දෙන්නට නමස් කාරය කලා.
ඊට පස්සෙ එහේ මෙහේ බලනකොට තමයි දැක්කේ අනිත් පැත්තේ සීට් තුනම තාම හිස් කියලා. යන්තන් ඇඟට ලේ ටිකක් උනා ගෙන උනා ගෙන ආවා, නිවෙන්න ඔන්න මෙන්න කියලා තිබුනු බලාපොරොත්තුවේ අවසාන ගිණි සිළුව අපහු ‘පොහ් ‘ ගාලා දල්වා ගත්තා.

ඔන්න ඉතින් මම ප්ලෑන් කරන්නේ ප්ලේන් එක ටේක් ඕෆ් කරපු ගමන් අනිත් පැත්තේ හිස් සීට් වලට පනින්න. එක පාරටම පැන්නොත් හාමුදුරුවෝ දෙන්නත් මුකුත් නොහිතා ඉන්න බැරි නිසා මම කතාවකුත් හදාගත්තා...

"අවසර අපේ හාමුදුරුවනේ, බෞද්ධයෙක් හැටියට හාමුදුරුවොත් එක්ක එකට ඉඳගෙන විස්කි බොන්න හොඳ නැති නිසා මම එහා පැත්තේ සීට් එකට යන්නම්....." ම්ම්හු, ඒ සෙන්ටන්ස් එක හිතට හරි නෑ.... ඊට පස්සෙ මෙහෙම කියන්න ඕනේ කියලා හිතුනා...

"අවසර අපේ හාමුදුරුවනේ, බෞද්ධයෙක් හැටියට හාමුදුරුවොත් එක්ක එකට සම අසුන් ගන්න එක හොඳ නැති නිසා මම එහා පැත්තේ සීට් එකට යන්නම්....." ආහ්, ඒ සෙන්ටන්ස් එක හොඳයි....

ඔන්න ප්ලේන් එක ටේක් ඕෆ් කරන්න සද්දේ දාලා පිකප් කලා, අනේ ඉතින් මම සැදහවත් හිතින් තව ටිකකින් උදා වෙන අසිරිමත් මොහොත ගැන හිත හිත සීට් එකේ හොඳට හරි බරි ගැහිලා ඉඳ ගත්තා. මෙන්න යකෝ ප්ලේන් එකේ නෝස් එක උස්සන්න පටන් ගත්ත විතරයි අපේ හාමුදුරුවරු දෙනම දඩි බඩි ගාලා අර ඒ ගොල්ලන්ගේ රෙදි මල්ල ඇරලා කෙහෙල් කොලවල ඔතලා තිබිච්ච වංඩු ආප්ප වගයක් අරන්, වලදන්න පටන් ගත්තා. දැන් අවුරුදු 15ක් විතර ප්ලේන් වල යනවා එනවා, ටේක් ඕෆ් එකේදි කවුරු හරි වංඩු ආප්ප වළඳනවා දැකපු පලවෙන දවස අද. මටත් නොදැනීම මගේ ඇස් දෙකයි දිවයි දෙකම එළියට පැන්නා....!

ඔන්න ටිකෙන් ටික ප්ලේන් එක ක්ලයිම්බ් කරලා ඉවරවෙලා සීට් බෙල්ට් සයින් එක ඕෆ් උනා. ඒත් ඉතින් මම කොහොමද අප්පා බෞද්ධයෙක් විදිහට තාමත් මේ වංඩු ආප්ප වළඳන හාමුදුරුවෝ දෙන්නව පෙරළගෙන අනිත් පැත්තට පනින්නේ......! හපොයි, ගිය ආත්මවල කරලා තියෙන පවු වල මහත කියලා හිත හිත හාමුදුරුවරු වංඩු ආප්ප වලඳලා ඉවර වෙනකන් ඉවසපන් පපුව, ඉවසපන් බෝතලේ කිය කිය හිත හිත හිටියා.

අනේ දෙයියනේ මේ සංසාරේ අත් දැකපු දුක්ම දුක් සීන් එක දැක්කේ එතකොට. පොඩි බබෙක් වඩා ගත්ත තාත්තා කෙනෙක් ඇවිත් අර එහා පැත්තේ මම පනින්න හිටිය හිස් සීට් තුන උඩ අර බබාව නිදි කරවලා එයත් කොනේ සීට් එකේ ඉඳ ගත්තා. හීතලා වෙලා තිබිච්ච හඳුන් පොත දඩස් ගාලා ප්ලේන් එකේ බිමට කඩාගෙන වැටුනා. සාදුලා තාම වංඩු ආප්ප කනවා....

කතාව තාම ඉවර නෑ…….....!

හාමුදුරුවෝ වංඩු ආප්ප වලඳලා ඉවරෙ වෙච්ච ගමන්ම මෙන්න බොලේ මුළු ප්ලේන් එක පුරාම බෞද්ධ ප්රබෝධයක් ඇති වෙලා. එක පාරටම අර ලස්සන අරාබි ජාතික ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් නංගි ක්‍රොසාන්ට් දෙකකුයි, ජූස් බෝතල් දෙකකුයි අරගෙන ඇවිත් හාමුදුරුවන්ගේ කෑම කන ට්‍රේ දෙක දිග ඇරලා ඒක උඩ තියලා මෙහෙම කිව්වා.

Sir ! The Gentleman who is sitting in the seat (so and so) offered this food for you….!
(මහත්තයෝ, අර සීට් එකේ ඉන්න මහත්මයා මේ කෑම ඔබලා වෙත ලබා දෙන්න කියලා කිව්වා )
අප්පද බොල, මේ ජර මර අස්සේ ප්ලේන් එකේ ඉන්න සැදැහැවත් බෞද්ධයෝ හාමුදුරු වරු දෙනමට හීල් දානේ දෙන්න සෙට් වෙලා.

ඔන්න ඊට පස්සෙ මැද සීට් එකේ හිටිය හාමුදුරු නම මගේ පැත්තට හැරිලා මෙන්න මෙහෙම කියනවා....

"අයියේ (හාමුදුරු දෙනම මට වඩා ගොඩක් බාලයි ), අපි හීල් දානේ ගන්න වෙලාව පහු වෙලා නිසා, අපේ අතට පූජා නොකරපු කෑමක් වලඳන්න අකැපයි…....."

හුටා, දැන් ඉතින් කාපියකෝ ක්‍රොසාන්ට්....මම හිතුවේ මට දෙන්න හදනවා කියලයි.. ඒත් ඊට පස්සෙ හාමුදුරුවො මෙහෙම කියනවා....

“අනේ අයියේ, අයියට පුළුවන්ද මේවා අපිට පූජා කරන්න....?”

අනේ ඉතින් ඊලඟට එළඹෙන්නෙ දුමී, හාමුදුවරු දෙදෙනාට හීල් දානේ පූජ කරන ජවනිකාව.

ක්‍රොසාන්ට් එක අත් දෙකෙන්ම අල්ලලා හාමුදුරුවන් දෙනමගේ අතටම දීලා, දොහොත් මුදුන් තියලා නමස් කාර කරනවා. ඒ වගේම ජූස් බෝතල් දෙක, ඒ වගේම අත්දෙකටම පූජා කරලා දොහොත් මුදුන් නගලා නමස් කාර කරනවා.

හමුදුරුවරු දෙන්නත් පින් සිද්ධ වෙච්චාවෙ කියලා අඹරනවා.... සමාවෙන්න වලඳනවා....

මෙන්න බොලේ ප්ලේන් එකේ ඉන්න සැදැහැවත් බෞද්ධයොත් අරින්නේ නෑ..... කාලෙකට පස්සෙ පිනක් දහමක් කරගන්න ලැබිච්ච චාන්ස් එක අත අරින්නේ මොකටද කියලා හිටු කියලා හාමුදුරුවන්ට හීල් දානේ එවනවා. එකක් ඉවර වෙන්න එකක් අරුමෝසම් කෑම ජාති බීම ජාති අර හුරු බුහුටි ඇටෙන්ඩන්ට් නංගි ගෙනැත් හාමුදුරුවන්ගේ ට්‍රේ එකේ තියලා යනවා...අනේ ඉතින් මමත් ඒ හැම එකක්ම හාමුදුරුවරු දෙන්නට පූජ කරනවා.... හාමුදුරුවොත් එකක්වත් අරින්නේ නෑ, වලඳනවා......

ඔන්න ඔහොම ටික වෙලාවක් ගියා, මට දැන් පේනවා හාමුදුරුවරු දෙනම දැන් හුස්ම ගන්නෙත් බොහොම අමාරුවෙන්. ඔන්න ඊට පස්සෙ මැද හිටපු හාමුදුරු නම මගේ පැත්තට හැරිලා මෙහෙම කියනවා...

"අයියේ, දැන් අපිට ඇති. අයියා කන්න මේවා..." කියලා ක්‍රොසාන්ට් එකකුයි, ජූස් බෝතලේකුයි මට දෙනවා.......මෙච්චර වෙලා මම හාමුදුරුවන්ට හීල් දානේ පූජ කලා, මෙන්න බොලේ දැන් හාමුදුරුවෝ මට හීල් දානේ පූජ කරනවා......

යකෝ මම පතාගෙන ආවෙ ක්‍රොසාන්ට් කාල ජූස් බොන්නද ? මගේ දෛවය ලියවිලා තියෙන්නේ එහෙමද ? ඒ අතර කඳුලු බෝලයක් ඇවිත් ඇස් කෙවෙනි යට නතර වෙලා පනින්නද පනින්නද කියලා අහනවා....!

අනේ ඉතින් මොනවා කරන්නද ? මමත් පින් සිද්ධ වෙච්චාවෙ කියලා අර ක්‍රොසාන්ට් එක බොහෝම දුකසේ වලඳලා, සමාවෙන්න කාලා, බොහෝම දුකසේ අර ජූස් බෝතලෙත් ගුඩුස් ගාලා බීලා දැම්මා. …

ප්‍රොජෙක්ට් එකේ ෆස්ට් ෆේස් එක ෆේල්. ඒ කියන්නේ දෙකක් දාගන්නවා කියන කොටස සිහිනයක් වගේ ඉරිතලා ගිහිල්ලා කුඩු පට්ටම් වෙලා දූවිලි වලට හැරිලා ඉවරයි. අඩු ගානේ දෙවනි ෆේස් එකවත් හරියට කරගන්න ඕනේ කියලා හිතලා ඔන්න මම සීට් එක පස්සට දාගෙන ඇහැ පියා ගත්තා.

ඕනේ නම් ඔය විදිහට මට යන්තන් ඇහැ පියවිලා පැයක් විතර යන්නැති. පොඩි ගෙරවිල්ලක් වගේ ඇහිලා ඔළුව උස්සලා බලද්දි මැද හාමුදුරුවෝ බබා වගේ මගේ උරහිසට ඔළුව තියාගෙන සැපට දොයි, සමාවෙන්න , සැපට සැතපෙනවා.......! ඒ අතරේ බුරුත කොටයකුත් ඉරනවා. ඒ අස්සේ සාංඝික ඛේටයෙන් මගේ ෂර්ට් එකේ දකුණු අත තෙත් වෙලා.......අනිත් කොනේ ඉන්න හාමුදුරුවෝ කෑම කන ට්‍රේ එක දිග ඇරගෙන එකේ අර වංඩු ආප්ප ගෙනාපු බෑග් එක තියලා එකේ ඔළුව ගහගෙන දොයි.

දැන් මොකෑ කරන්නේ ? අපි ඔය බණ කතාවල එහෙම අහලා තියෙනවනේ, ආනන්තරීය පාප කර්මය ගැන. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන එහෙම.

එතකොට මේ බුදිය ගෙන ඉන්න හාමුදුරුවෝ කෙනෙක් නින්දෙන් ඇහෙරෙව්වම සිද්ධ වෙන පාප කර්මේ මොකක්ද ?

ඒ පාප කර්මෙත් එසේ මෙසේ එකක් නොවෙන්න බැරි නෑ කියලා හිත හිත ඉන්න කොට මට දන්නෙම නැතිව ආයෙත් ඇහැ පියවිලා. ඔන්න ඊට පස්සෙ ආපහු ඇහැරුනේ ප්ලේන් එක ෆයිනල් අප්රෝච් එකට එන්ටර් උනා කියලා දෙන එනන්වුන්ස්මන්ට් එකට. ඔළුව උස්සලා බලද්දි හාමුදුරුවෝ දෙන්නා දත් මදිනවා.......

මෙච්චර වෙලා විඳපු දුක් සීන් එක මෙනෙහි කරගත්ත මම පපුව පිරෙන්න ලොකු හුස්මක් අරගෙන ටික ටික ඒක පිට කරන ගමන් ජනේලෙන් එළිය බලා ගත්තා. ලෑන්ඩින්ග් එකට තිබුනේ විනාඩි විස්සක් වගේ කාලයක් නිසා මේ වෙනකොට ප්ලේන් එක ගොඩක් පාත් කරලා තිබුනේ. පහතින් දුඹුරු පාට කාන්තාර, කඳු මුදුන් හොඳට පේනවා. ඒ අතරේ අපේ හාමුදුරුවරු දෙනමත් පොඩි උන් දෙන්නෙක් වගේ එබි එබි ජනේලෙන් එළිය බලන්න හදනවා.

ජීවිතේ පළවෙනි පාර ප්ලේන් එකක යන මේ හාමුදුරු දෙනම ගැන දුක හිතුනු මම,

"හාමුදුරුවනේ මගේ සීට් එකට එන්න, එතකොට ලෑන්ඩ් කරනකොට හොඳට එළිය බලා ගන්න පුළුවන් " කියලා කිව්වා....

ඔන්න හාමුදුරුවරු දෙනමත් කැමති උනා සීට් මාරු කරගන්න. ඔන්න ඉතින් මමත් මගේ සීට් එකෙන් නැගිට්ටා හාමුදුරුවන්ට මගේ සීට් එක දෙන්න.

මුළු ෆ්ලයිට් ටයිම් එකේදිම මම නැගිට්ටේ පළවෙනි පාරට.......!

මගේ ඇඟ හීතල වෙලා ගියා.....!

මම හිටපු සීට් පේලියට පිටි පස්ස පැත්තේ ප්ලේන් එක භාගයකට වඩා හිස්......!

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com123tag:blogger.com,1999:blog-4346015856052849283.post-59345933396993983582012-12-13T07:30:00.000+04:002012-12-13T07:30:02.504+04:0031 රෑට මොකෑ කරන්නෙ ?

මගේ ලොකු නැන්දාගේ පුතා 'ලකී මල්ලි' උපන්නේ දැසැම්බර් 25 වෙනිදා. ඒක නිසා එයාට හැමෝම කිව්වෙ සැන්ටා බෝයි නැති නම් සැන්ටා කියලා. එයාට වඩා හරියටම දවස් තුනක් වැඩිමල් වෙච්චි මටත් අනිත් අයටත් පොඩි කාලෙදි මේ නත්තල් අසිරිය විඳින්න ලැබුනේ මේ නිසා. මොකද ලකී මල්ලිගේ උපන්දිනය දවසට, අපි බෞද්ධයෝ උනත් ඒ ගොල්ලන්ගේ ගෙදර නත්තල් ගහක් වරදින්නෙ නැතිවම තිබ්බා.

ඊටත් වඩා කොහොමත් මේ දෙසැම්බර් මාසේ කියන්නෙ අවුරුද්දේ මම කැමතිම මාසේ. මේ මාසෙත් එක්ක රැඳිලා තියෙන උත්සව සිරියටත්, හැම තැනින්ම අහන්න ලැබෙන නත්තල් කැරොල් වලටත් හැමදේම අළුත් විදිහට පටන් ගන්න හිතාගෙන එළඹෙන අළුත් අවුරුද්දත් නිසා දෙසැම්බර් මාසෙට මම හැමදාමත් ආසයි.

අනික ඉතින් ජොලිම දේ තමයි, පාටි පාටි සහ පාටි. ගොඩක් වෙලාවට ලංකාවෙ ඉන්නකොට නම් කම්පැනි වල ක්‍රිස්මස් පාටියි, ඒ වගේම නත්තල් වලට කලින් ලැබෙන බෝනසුයි, තව යාළුවන්ගේ ගෙවල් වලින් ලැබෙන ඉන්විටේෂනුයි ඉවරයක් නෑ.

පස්සෙ කාලෙකදි බෑන්ඩ් එකකට සෙට් වෙලා ඉන්නකොට නම් දෙසැම්බර් කියන්නෙ හුස්මක් කටක් ගන්නවත් බැරි කාලයක්. එක දිගටම අර ඩාන්ස් මේ ඩාන්ස්, තර්ටි ෆස්ට් නයිට් , ක්‍රිස්මස් පාටි දවල් රෑ දෙකේම. ඔය වගේ පාටි වලට ගියාම මරු මරු අත්දැකීම ලැබෙනවා ඉතින්. ගොඩක්ම කරදර කාරයෝ තමයි සින්දුවක් කියන්න ඉල්ලගෙන පෝලිමේ එන සෙට් එක. කරටි කැඩෙන්න සප්පායම් වෙලා ඇවිත් මයික් එක අරගෙන අපිවත් එක්ක නාවනවා. සින්දු කියන්න දෙන්න බෑ කිව්වොත් වලියට එනවා. අනේ ඉතින් මග හිටියොත් තා නසී, ගෙදර ගියොත් ඒත් තා නසී.

ඔන්න ඔහොම අපි ප්ලේ කරපු, තරු පන්තියේ හෝටලේක තිබිච්ච පොෂ් ක්‍රිස්මස් පාටියක හරි අපූරු රැෆල් එකක් තිබුනා. අර සාමාන්‍යය විදිහටම ඇතුල් වෙන ටිකට් එක තෝරලා තෑගි දුන්න වගේම එක විශේෂ තෑග්ගක් දුන්නා හරි අපූරු ක්‍රමේකට. මේ පාටි එක කම්පියර් කලේ ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක්. සමහර වෙලාවට එයත් මේ සිංහල බ්ලොග් කියවන්න පුළුවන් නිසා මම නම සඳහන් කරන්නෙ නෑ.

මේ විශේෂ තෑග්ග විදිහට දුන්නේ, ඒ කාලේ, ඒ කියන්නෙ 1996-97 වගේ කාලේ ආපු අළුත්ම පත සයිස් සෝනි ටී.වී එකක්. ඔන්න ඉතින් වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඇත්තටම බැලුවොත් මේ ටී.එක තිබුනේ විකුණන්න. හැබැයි ගන්න කෙනා නියම කරන මුදල හරියටම ගෙවලා මේක ගන්න ඕනෙ. වැඩි වටිනාකමක් තියෙන මුදලක් දීලා මේක ගන්න බෑ. ඔන්න ඕක තමයි කොන්දේසිය.

කීයද දන්නවද ටී.වී එකට නියම කල මුදල.

හරියටම "සතයයි"....

ගන්න කෙනා හරියටම සතේ දීලා ටී.වී එක ගන්න ඕනේ. සත දෙකක් දීලවත් ගන්න බෑ. හරියටම සතයක්ම දෙන්න ඕනෙ.

අනේ ඉතින් බලන්න ලස්සනයි. පාටි එකට ඇවිත් හිටිය පොෂ් නෝනලා තමන්ගේ දිලිසෙන රත්තරන් පාට පර්ස් මේසෙට හලනවා සතයක් හොයන්න. මහත්තුරුත් අර වැඩි පුර කොල පුරෝගෙන ඉන්න පර්ස් එහාට පෙරලනවා, මෙහාට පෙරලනවා. සතේ කාසියක් හොයන්න. හොඳටම කේන්ති ගිය තව නෝනා කෙනෙක් තමන්ගේ මහත්තයට ඔරවගෙන ඉඳලා හිමිහිට බනිනවා,

"මොනවද මිනිහෝ, තමුසෙ ගාව සතයක්වත් නැද්ද ඕයි ?" කියලා අහලා........

ඔන්න ඔය විදිහට විනාඩි 15ක් 20ක් ගියත් මේ පොෂ් පාටියේ කිසි කෙනෙක් ගාව සතයක් වත් නෑ......

අනේ අර කම්පියර් කරන මහත්තයක් කට්ටියගේ රෙදි ගැලවෙන්නම දෙනවා ගේම.

"බලන්න නෝනා වරුනි මහත්වරුනි, කොච්චර තරු පහේ හෝටල් වලට කන්න බොන්න ආවත්, තමුන් නාන්සේලගේ අතේ සතේ නෑනේ......." කියලා.

ඔන්න ඉතින් සතේ වැඩේ හරියන්නෙ නෑ. ඊට පස්සෙ ටී.වී එකේ ගාන, සත දෙකක් කලා. ඒත් සත දෙකේ කාසියක් තියෙන එක්කෙනෙක්වත් නෑ. ඔන්න ඊට පස්සෙ සත පහ කලා. ඒත් නෑ. සත දහය කලා. කොහෙද ? අන්තිමට ටී.වී එකේ ගාණ සත විසි පහක් කරපු ගමන් මෙන්න බොලේ කට්ටිය 10ක් විතර දුවගෙන එනවා. කොහොමත් ඉස්සෙල්ලාම සත විසිපහ අරගෙන ආපු කෙනාට ගොඩක් කට්ටිය හූල්ලන අතරේ අතරේ ටී.වී එක හම්බ උනා.

එදා ඉඳන් මම පර්ස් එකේ සතේ කාසියක් තියාගෙන ඉන්නවා. ඒත් කරුමේ කියන්නෙ අද වෙනකන් සතේට ටී.වී එකක් නම් ලැබුනේ නෑ.

මට මේ ලඟදි තවත් කතාවක් අහන්න ලැබුනා මාත් එක්ක වැඩ කරන ඩේවිඩ් කියලා ඉන්දියන් කාරයෙක්ගෙන්. ඇත්තටම අපේ කම්පැනි එකේ සපෝට් ඩෙස්ක් එකේ මැනේජර් කාරය තමයි පොර. ඔය තරිටි ෆස්ට් නයිට් වලදි කරන ඩ්‍රින්ක්ස් ගැනිල්ල ගැන කතා කරනකොට තමයි ඔය කතාව ඔන්න ඔහොම ඇදිලා ආවේ.

අර මම කලින් කිව්ව පාටි එක වගේම තිබිච්ච 31ස්ට් නයිට් පාටි එකක කම්පියර් කරලා තියෙන්නේ කම්පියර් නෝනා කෙනෙක්. අනේ ඉතින් හැමෝම දන්නවනේ. මේ පිරිමි අපි වගේ නෙමෙයි ඔය ගෑනු කට්ටියගේ සිතුම් පැතුම්. අපි නම් ඉතින් ඔය පාටියකට ගියාම එකක් දෙකක් සප්පායම් වෙන ගමන් සින්දුවක් කියලා නටලා පොඩි ජොලියක් දාන්නනේ හදන්නෙ. හැබැයි ඉතින් නෝනලා ඔය වගේ 31ස්ට් නයිට් වගේ වෙලාවලදි පොඩ්ඩක් රොමෑන්ටික් වෙනවා.

ඒ වගේම තමයි අපේ මේ කම්පියර් නෝනත් පාටියට පොඩි රොමෑන්ටික් ගතියක් එක්කරන්න කියලා හිතලා මෙන්න මෙහෙම කියනවා.

"අපේ සියළුම මහත්වරුනි......! මේ අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියන වෙලාවෙ, ඔය මහත්තුරුන්ව පහුගිය අවුරුද්ද පුරාවටම උණුසුම් කරපු, ආදරෙන් බලාගත්තු, ජීවිතේට සතුටක් ගෙනාපු එක්කෙනාව අතින් අල්ලගෙන මේ ඩාන්සින් ෆ්ලෝ එකට එන්න......"

අනේ ඔන්න ඉතින් වැඩි වෙලාවක් ගියේ නෑ මුළු පාටියේම හිටපු පිරිමි ටික ඩාන්සින් ෆ්ලෝ එකේ.

නිකන්ම නෙමෙයි. තමන්ගේ අතින් තමන්ගේ විස්කි වීදුරුව හරි බ්‍රැන්ඩි වීදුරුව හරි අල්ලගෙන.

කම්පියර් නෝනටත් වැඩේ චකබ්ලාස් උනා කියලා තේරුනත්, ඒ වගක් පෙන්නනෙ නැතිව ඔන්න ආයෙමත් කියනවා.

"නෑ නෑ, මම කියපු එක අපේ මහත්වරුන්ට හරියට තේරිලා නෑ වගේ...."

"හරි ඔන්න එහෙනම්, දැන් මේ මහත්වරු ගිහිල්ලා මේ පාටියේ ඉන්න තමාට වටිනාම එක්කෙනාව හොඳට බදාගෙන කිස් එකක් දෙන්න.....!"

අනේ ඊට පස්සෙ දකින්න ලැබිලා තියෙන්නෙ අර ටේබල් වලට විස්කි සර්ව් කර කර ඉන්න වේටර් කොල්ලෝ ටික මුළු හෝල් එක පුරාම දුවන සීන් එකක්. මොකද ඔක්කොම මහත්තුරු වේටර් කොල්ලන්ව අල්ලගෙන ඉඹින්න පොරකනවා.

පහුවෙනිදා මළ ගෙවල් කීයක් තිබුනද කියල නම් කවුරුවත් දැනගෙන ඉඳලා නෑ.

අපි කවුරුත් කැමතියි අළුත් අවුරුද්ද අළුත් විදිහට සමරන්න. මෙහේ එමිරේට්ස් එයාර්ලයින්ස්වල අයි.ටී ඩිවිෂන් එකේ වැඩකරන අපේ කණිශ්කත් පහුගිය දෙසැම්බර් 31 අළුත්ම විදිහට අළුත් අවුරුද්ද සැමරුවා.

එයාර්ලයින් වල වැඩ කරන කට්ටියට විශේෂ අඩු ගාණට (සාමාන්‍යය ගාණෙන් 10% කට ) ටිකට් ගන්න පුළුවන් නිසා ඒ ගොල්ලන්ට හැම වීක් එන්ඩ් එකේම උනත් ලංකාවට ඇවිල්ල උනත් යන්න පුළුවන්. හරියට අර කොළඹ වැඩකරන පිට පලාත්වලින් ආපු අය සිකුරාද හවසට ගමේ යනවා වගේ.

ඔන්න ඉතින් අපේ කණිශ්කත් හිතුවා, හුඟ දවසකින් ලංකාවට යන්නත් බැරිවෙච්ච එකේ, මේ පාර දෙසැම්බර් 31 වෙනිදා ලංකාවෙ ගත කරලා ෆුල් ජොලියක් දාලා ජනවාරි 1 වෙනිදා ආපහු එන්න. මොකද ජනවාරි 2 වෙනිදා ඉඳන් තමයි මෙහේ වැඩ පටන් ගන්නෙ.

2011 දෙසැම්බර් 31 වෙනිදා වැටුනේ සෙනසුරාදා දවසකනේ. කොහොමත් ජනවාරි 1 වෙනිදා මෙහේ නිවාඩු දවසක් නිසත්, ඔන්න ඉතින් අපේ කණිශ්කත් බ්‍රහස්පතින්දා වැඩ ඉවරවෙලා, එදා රෑම ලංකාවට ඇවිත්, 30 වෙනි සිකුරාදා තමයි ගොඩ බැහැලා තියෙන්නෙ. ඔන්න ගොඩ බැහැපු ගමන් මහන්සිය යන්නත් එක්ක පොඩ්ඩක් නිදාගෙන ඉඳලා කාරිය, හවස් වෙලා මෝටර් බයිසිකලේට නැගලා ගිහින් තියෙන්නෙ තමන්ගේ යාළු මිත්‍රයෝ ටික මුන ගැහිලා 31ස්ට් නයිට් ජොලියක් ගන්න විදිහ ගැන පොඩි ඇරේන්ජ්මන්ට් එකක් දාගන්න කියලා තමයි.

ඒ ගිහිනුත් නිකං ඉඳලා නෑ. කාලෙකට පස්සෙ මුන ගැහිච්ච සන්තෝසෙට යාළුවොත් එක්ක පොඩ්ඩක් බියර් කෑන් දෙක තුනකින් එහෙන් මෙහෙන් සප්පයම් උනා කියලා තමයි කියන්නෙ. අනේ ඉතින් ගොම්මන් ජාමේ වෙනකන් ඔහොම පොඩි සොමියක් අරගෙන කණිෂ්ක තව යාළුවෙකුත් බයිසිකලේ දාගෙන ඇවිත් තියෙන්නෙ ගෙදර යන්න කියලා. අනේ මේ ගේ පේන නොපෙනෙන හරියෙදි බයික් එකට අත දාල තියෙන්නෙ කවුද, අපේ සත්ගුණවත් පොලිස් රාළහාමිලා දෙන්නෙක්.

ලංකාවෙ පොලිස් රාළහාමිලාත් ඉතින් හරි දස්සයිනේ බීලාද නැද්ද කියලා හොයන්න. ඒ ගොල්ලන්ට ඉතින් බැළුන් ඕනෙ නෑනේ ඔය වැඩේට. කොහොමෙන් කොහොම හරි බයිසිකලේ පැදගෙන ආපු කණිශ්ක බීලා ඩ්‍රයිව් කරලා දැන් පොලීසියට මාට්ටු. කොච්චර සැරෙන් කිව්වත්, තදින් කිව්වත් බැරිම තැන දණ ගහලා වැඳලා කිව්වත් අර පොලිස් රාලහාමිලා නෙමෙයි කනකට අරගෙන තියෙන්නෙ. බයිසිකලෙයි කණිශ්කයි කෙලින්ම පොලීසියේ.

අනේ ඉතින් 31 වෙනිදට බැළුන් බෝල පුම්ම්බලා ගෙදර සරසන්න කියලා හිතාගෙන ගිය කණිශ්කට පොලීසියෙන්ම බැළුමක් දීලා පුම්බන්න කියලා. බැළුමත් ඔය යස අගේට කොළ පාට වෙන්නෙ. අනේ ඉතින් සොරිම සොරි තමයි.

බැළුම පුම්බලා කොළ පාට උනාට පස්සෙ ආයේ ඉතින් ඉතින් වැඩේ නවතින්නෙ උසාවි දාලා දඩ ගහලා තමයි. අම්ම මුත්තා කිව්වත් සිස්ටම් එක හදලා තියෙන්නෙ ඉතින් ඒ විදිහට. මොකද නැත්නම් කොහොමද ඔය උසාවි වල ඉන්න අබ්බගාත් නෝනා මහත්වරු කීයක් හරි හොයා ගන්නෙ.

අපේ කණිශ්ක බීලා මාට්ටු උනේ සිකුරාදා හැන්දෑවෙ. ආපහු උසාවි වැඩ කරන්නෙ සඳුදා. ඒ කියන්නෙ 2 වෙනිදා.

ඉතින් 31ස්ට් නයිට ජොලියෙන් ගත කරන්න කියලා ලංකාව ආපු අපේ කණිශ්ක දැන් පොලිස් කූඩුවේ.

පොලීසියේ මහත්තුරු කොච්චර කරුණාවන්තද කියනවනම්, 31 වෙනිදා රෑ කණිශ්කව පොඩ්ඩක් එළියට අරගෙන රතිඤ්ඤා කරල් දෙක තුනක් දීලා පත්තු කරන්න කියලා. ඒක පත්තු කරලා ඉවර උනාම ආපහු කූඩුවට දාලා.

කොහොමෙන් කොහොම හරි ජනවාරි පලවෙනිදත් උදේට පොලීසියෙන්ම කිරි බත් කාලා එදා රෑත් කූඩුවේම රෑ ගත කරලා.

ඔන්න ඉතින් ජනවාරි 2 දෙවෙනිදා උසාවි දැම්මට පස්සෙ රුපියල් 5000ක් දඩ ගෙවල.

ඊට පස්සෙ කෙලින්ම උසාවියෙන්ම එයාර්පෝට් ඇවිල්ලා අනිත් පැත්තට ඩුබායි ඇවිල්ලා

ඔන්න ඔහොමයි අපේ කණිශ්ක පසුගිය අළුත් අවුරුද්ද ජොලියෙන් ගත කලේ..

ප.ලි: ලැබිච්ච අළුත්ම ආරංචියකට අනුව කණිශ්ක මේ සැරෙත් 31ස්ට් නයිට් එක ගත කරන්න ලංකාවට යන්නලු ඉන්නෙ. ආපහු හිරේ යන්නත් ආසයිලු.

පින්තූර ගත්තෙ මෙතනින් - http://www.timeanddate.com/holidays/common/new-year-eve

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com83tag:blogger.com,1999:blog-4346015856052849283.post-1743445347729101372012-12-04T07:30:00.000+04:002012-12-04T07:30:02.594+04:00අලි බැලිල්ල සහ වෙඩි බැලිල්ල.....

එදා මල් වෙඩි තිබුනේ මෙන්න මෙහෙම.

මේ දවස් වෙනකොට 31 රෑට මොකෑ කරන්නෙ කියන පුරස්නේ ගොඩක් යාළුවෝ අහන්න පටන් අරගෙන. වඩා වැඩි වෙනසක් වෙන එකක් නැහ ඕං. වෙනදා වගේම කට්ටිය කොහේ හරි සෙට් වෙලා ඇඟපත රත් කර ගන්න ගමන්ම, සින්දුවක් කියලා, කට්ටියට කට්ටිය විශ් කොරාගෙන, ඒ වගේම කරටි කඩාගෙන අළුත් අවුරුද්දට පිය නගයි.

අර කිව්වත් වගේ ගොඩක් වෙලාවට ඉතින් අවුරුද්ද පටන් ගන්නෙ කරටි කඩාගෙන තමයි. ජනවාරි පළවෙනිදට UAE ආණ්ඩුවෙන්ම නිවාඩුත් දීලා තියෙන්නේ කලින් දවසේ ඇඟේ පතේ අමාරුව හරියනකං ටිකක් වැඩියෙන් නිදාගන්න ඕනෙ හින්දම තමයි.

දැනට අවුරුදු දෙකකට කලින් ඔය පුරුද්දේ පොඩි වෙනසක් උනා එක පාරටම. වෙනදට කරටි කඩාගන්න අපි එදා තව පොඩ්ඩෙන් බෙල්ල කඩා ගන්නවා. ඒක උනේ මෙන්න මෙහෙමයි.

බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි අපේ දීපානි දොස්තර නෝනා. අර අලින්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්නේ. නෑ නෑ, සිරිකොතේ අලි නෙමෙයි, උඩවලවේ අලි.

අපි ඉතින් දීපානි දොස්තර නෝනට කියන්නෙ ඩී කියලනනේ. එහෙම තමයි එයා කමෙන්ට් එකක් කාරිය එහෙම කොටන්නෙ.ඔය උඩ වලවේ පැත්තේ හැම අලියෙක්වම ඩී හොඳට අඳුනනවා වගේම උඩවලවේ අලිත් ඩී දොස්තර නෝනවා හොඳට අඳුනනවා.

කාලයක් ඒ පැත්තේ ගොවියෝ වගා කරන බඩ ඉරුඟු කරලක් දෙකක් කාලා සාමෙන්, ජොලියෙන් හිටපු අලි සැට් එක දැන් තිබ්බටු කන්න පුරුදු පුහුණු වෙනවලු මේ දවස්වල මොකද ඩී දොස්තර නෝනා සහ ගැන්සිය ගොවියන් ලව්වා බඩ ඉරුඟු වෙනුවට තිබ්බටු වගා කරවනවා.

බ්ලොග් එකක් නොලිව්වත් බ්ලොග් රසිකාවියක් විදිහට ගොඩක් බ්ලොග් වලට ගොඩ වැදිලා කමෙන්ට් එකක් දෙකක් කොටලා යන එක ඩීගේ පුරුද්දක් තමයි. ඔන්න බොලේ 2011 අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා ඩී මූණු පොත හරහා මැසේජ් එකක් එවලා තිබුනා,

"අනේ අලි බලන එක හරියට බලි බලනවා වගේ වැඩක්. හරිම ඒකාකාරියි. ඒ නිසා ඔටුවෝ ටිකක් වත් බලා කියාගෙන යන්න ඩුබායි පැත්තේ එනවා....." කියල. ඒ ආවහම ඔටුවෝ බැලුවත් බලි බලන්නැතිව යන්න බෑනේ. ඒක නිසා අපේ දුකාවයි, මාවයිත් බලන්නත් එනවා කියලා.

කොහොමත් සතියකට කලින් ඩුබායි හන්දියට ආවත් මටයි දුකාටයි අපොයින්ට්මන්ට් එක ලැබුනේ 2010, දෙසැම්බර් 31 වෙනිදා උදේට. ඒත් එක කොන්දේසියක් එක්ක. ඒ තමයි 31 දා රෑට 'බර්ජ් කලීෆා' (ලෝකේ උසම බිල්ඩින් එක ) ගාව තියෙන මල් වෙඩි බලන්න එක්කගෙන යන පොරොන්දුව පිට. අයියෝ හරි සිම්පල් දෙයක්නේ කියලා අපිත් එකඟ උනා.

ඔන්න ප්ලෑන් කලා වගේම උදෙන්ම ඩීව ඩුබායි හන්දියෙන් පික් කරගෙන දුකා ඉන්න අබුඩාබි වලට ගියා. දවල් කෑම දුකා හාමිනේ ගානේ. ගෙදර ඉඳන් ලන්ච් ගන්න එක ඇඟට හරි මදි මදි වගේ හින්දා ඔන්න දුකා යෝජනාවක් ගෙනාවා පොඩි එවුනුත් ඉන්න නිසා ඒ ලඟ පාතක තිබිච්ච සත්තු වත්තක් බලන්න යමු කියලා. ඩීත් වැඩිය අදි මදි කරන්නෙ නැතිව එකඟ උනා.

“පස්සෙ තමයි තේරුනේ ඩීව සත්තු වත්තට එක්කගෙන ගිය එක නිකං අර උදේ-හවා මුහුදු යන මාළු කාරයෙක්ව බේරේ වැවේ බෝට් රයිඩ් එකක් එක්කගෙන ගියා වගේ කියලා.....”

වැඩි විශේෂ දෙයක් සූ(z) එකේදි උනේ නැහැ. උනේ නැත්තෙත් නෑ. වෙච්ච එකම සිද්ධිය තමයි අපි දවල් කෑම කනකොට ඒ ලඟ හිටිය මැකෝ ගිරව් ටිකක් ගිරිය යටින් කෑ ගහන්න පටන් ගත්ත එක. උන් කෑ ගහන්නෙ මොකද කියලා බලනකොට තමයි රඟේ තේරුනේ. දුකා හාමිනේ කන්ටේනර් එකක් පිරෙන්න තම්බපු බිත්තර ගෙනත්. උන්ගේ කූඩුව ඉස්සරහින් වාඩිවෙලා අපි ඒ බිත්තර කනකොට උන්ට මොනවා නම් හිතෙන්න ඇත්ද?

ඔන්න ඉතින් හවස් වෙනකං සූ(z) එකේ ඇවිදලා කරලා එහෙම කට්ටිය ආපහු ඩුබායි එන්න පිටත් උනා. දැන් ඉතින් ප්ලෑන් එක තමයි ටිකක් වේලාසනින් ‘බර්ජ් කලීෆා’ එක ගාවට යන්න මොකද හොඳ ස්පොට් එකක් අල්ලගන්නත් එපැයි. කාර් වල ඔතනට යනවා කියන්නෙ එලිවෙනකං පාරෙ ඉන්නවෙන සීන් එකක් නිසා කට්ටිය ප්ලෑන් කලේ කාර් ටික ඩුබායි ඉන්ටනෙට් සිටි එකේ අපේ ඔෆිස් එක ගාවින් පාක් කරලා මෙට්‍රෝ කෝච්චියේ ගිහින් බර්ජ් කලීෆා එක ගාවින්ම බැහැලා මල් වෙඩි බලලා ආපහු කෝච්චියේ ඇවිත් කාර් ටික අරගෙන යන්න.

ඔන්න ප්ලෑන ගහපු විදිහටම මෙට්‍රෝ කෝච්චියේ නැගලා ගිහින් බැස්ස 'බර්ජ් කලීෆා' මෙට්‍රෝ ස්ටේෂන් එකෙන්. ඒ වෙනකොටත් සෙනග පිරෙන්නෙ පටන් අරගෙන. කොහොම හරි රෑ 10.30 වෙනකොට 'බර්ජ්' එක පේන මානෙන් බිත්ති කණ්ඩියක් හොයාගෙන වාඩි උනා. ටික වෙලාවක් යනකොට වටා පිටාව එකම මිනිස් ගොඩක්.

ඒ වෙනකොට අපේ ගම හාමිනේ අපේ බාල කෙළි පොඩ්ඩිව ලැබෙන්න ඉන්න කාලේ. බඩට මාස 6 පිරුනා විතරයි. අනේ ඉතින් කට්ටිය ඉන්නව දත කට පූට්ටු කරගෙන සීතලේ ගැහි ගැහී. වෙනදා මේ වෙනකොට වීදුරු පුරවගෙන සින්දු කියන අපි අද බිත්ති කණ්ඩියක් උඩ වාඩි වෙලා හීතලේ ගැහි ගැහි මල් වෙඩි පත්තු කරනකං හූල්ලනවා....!

අනේද කියන්නෙ පැය එකහමාරකට විතර පස්සෙ හරියටම 11.58ට පටන් ගත්තා නේද මල් වෙඩි. ලස්සනේ බැරුවා. උඩ බලං ඉඳලා බෙල්ලත් උළුක් වෙන්න වගේ. උසම බිල්ඩිම මුදුනටත් උඩින්නේ මල් වෙඩි පත්තු වෙන්නෙ. අනේ ඉතින් මල් වෙඩි වරුසාව හරියටම තිබුනා විනාඩි 3ක්. හරියටම 12.01 ට බඩු ඉවරයි. දුම විතරයි.

ඔන්න ඉතින් මල් වෙඩි ඉවර උනා විතරයි මෙච්චර වෙලාවක්, පැය ගාණක් තිස්සේ වට පිටාවට පිරුණු මිනිස් ගංගාවටම එක පාරටම ගෙවල් දොරවල් මතක් වෙලා. මෙහේ ඉතින් එළිවෙනකං ඉන්න පුළුවන් 'ගෝල් ෆේස්' එකක් වත් තියෙන එකක් යෑ. ඔන්න බොලේ මිනිස්සු සුනාමියක් එනවා වගේ ඇදෙනවා මෙට්‍රෝ ස්ටේෂන් එක දිහාවට. ඈත ඉඳන්ම පේන්නේ ස්ට්‍රේෂන් එක වටේට කිලෝ මීටරයක් විතර වට ප්‍රමාණයට මිනිස්සු පොරකනවා.

අනේ ඉතින් හරි සනීපයි. දැන් ඉතින් මෙච්චර වෙලා නට නටා හිටපු පොඩි එවුනුත් නිදි කිරා වැටෙනවා. දුකාගේ සොඳුරු ත්‍රස්තවාදියයි, මගේ නෝටි බබයි දැන් අපේ කරවල් සොඳුරු නිදි යහන් කරගෙන. ඒ අස්සෙ බඩ දරු ගම හාමිනේ මගේ අතේ එල්ලිලා. ලොකු කෙල්ලත් නිදි කිරා වැටෙනවා.

හොඳ හොඳ උපමාත් මතක් වෙන්නෙ මේ වෙලාවටනේ. ඒ අස්සෙ මතක් උනේ අර ඇවිද්ද පය දහස් වටී කියලා කවුදෝ කියලා තිබිච්ච කතාවක්. ඇවිද්දොත් මෙතනම කකුල් කීයක්ද කියලා හිතාගෙන ඔන්න අපි පටන් ගත්තා කිලෝ මීටර් 1 1/2 විතර දුරින් තියෙන අනිත් ස්ටේෂමට පයින් යනවා කියලා. පැයක් හමාරක් ගෑටුවට පස්සෙ යන්තන් ඒ ස්ටේෂමටත් ආවා. අපි විතරක්ම නෙමෙයිනේ පයින් ගිහින් තියෙන්නෙ. තවත් දාස් ගාණකට අපිට වගේම ඒ උපමාවම මතක් වෙලා අපිට කලින් ඒ ස්ටේෂන් එක ලඟටත් ඇවිත් පොර කනවා.

එදා මල් වෙඩි වලින් පස්සෙ මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුලේ මිනිස්සු පොරකාපු හැටි.

පින්තූරෙ ගත්තෙ මෙතනින්.

http://dubaimetro.eu/transportation/6691/midnight-mayhem-on-new-years-eve

මේ හිරවිල්ල අස්සේ බඩදරු අම්මා කෙනෙක්ව මොන හිතකින් අරගෙන යන්නද. ඒත් අපේ ගම හාමිනේ සැළුනේ නෑ. දුමියානනි බිය නොවන්න. කෝච්චියේ යන සැටි මම පෙන්නන්නම් කියලා මාවත් ඇදගෙන පෝලිම සෙට් වෙලා කොහොම හරි තල්ලු කරගෙන දැන් කට්ටිය යාන්තන් දොරෙන් ඇතුළු උනා. කට්ටිය එක පොදියට පොර කනවා. මම ඉතින් ගම හාමිනේවත් ඉස්සර කරගෙන, නෝටි බබාවත් කරේ තියාගෙන තල්ලු කරන මිනිස්සුන්ටත් මරිසිය දාගෙන හෙන යුද්දේ. මම ඉතින් “She is pregnant, She is pregnant” කිය කියා කට්ටියව එහෙට මෙහෙට කරගෙන ඉඩ අරගන්නවා.

ඒ අතරේ මට ඇහෙනවා, “What the hell you do in a metro station then ? Take her to a maternity clinic...!” (තමුසෙලා මොන රෙද්දක්ද ස්ටේෂන් එකේ කරන්නෙ. මෙයාව ගර්භනී සායනයකට එක්ක පලයන්...)

කියලා එකෙක් කියනවා. හොම්ම්බට දෙකක් අනින්න හිතුවත් මගේ අත් දෙකම ඒ වෙනකොට බිසී නිසත්, ඌ කිව්වෙ ඇත්තක් නිසත් මම ඇහුනේ නෑ වගේ හිටියා.

ඊට පස්සෙ පොඩ්ඩක් පස්ස හැරිලා බලනකොට මෙන්න බොලේ ඩී ඉන්නවා බිත්තියක ඇලවිලා ස්ටිකර් එකක් වගේ.මෙච්චර මේ අලිත් එක්ක හුරතල් වෙන දොස්තර නෝනා, ඩුබායි ඇවිල්ල මෙට්‍රෝ ස්ට්‍රේෂන් එකක බිත්තියේ බිත්ති රූපයක් වගේ තෙරපිලා මැරුනොත් ලංකාවට හොඳ නෑනේ කියලා ඇදලා ගත්තා කොහොම හරි එයාවත් යන්තං පාද ගත්ත පොඩි ඉඩක් ඇතුලට.

අනේ ඉතින් ඔහොම චාටර් වෙලා වෙලා ආපු කෝච්චියක නැගලා ගිහිල්ලා කාර් ටිකත් අරගෙන ගෙදර යනකොට උදේ 5 ටත් ලඟයිද කොහෙද. ඒ තර්ටිෆස්ට් නයිට් එක අවුරුදු ගාණකට පස්සෙ ගෙවිලා ගියේ අමුම අමුවෙන්.

කොහොමෙන් කොහොම හරි මේ පහුගිය දෙසැම්බර් 31 වෙනිදාත් ආව කියමුකෝ. අපි එදා නම් හිටියේ ගෙදර.සැටියේ වාඩි වෙලා, විස්කි වඩියක් ගහන අතරෙම ටී වී එකෙන් බර්ජ් කලීෆා එකේ මල් වෙඩි සංදර්ශණේ සජීවීව බලනකොට ඇස් දෙකට කඳුලු පිරුණා....

“අනේ අපරාදේ, ඩී හිටියනම් මේ පාරත් අපිව මල් වෙඩි බලන්න එක්ක යනවනේ කියලා.....!”

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com73tag:blogger.com,1999:blog-4346015856052849283.post-34284635494251471592012-11-29T07:30:00.000+04:002012-11-29T07:30:00.353+04:00මංගල ගැහිල්ල....!

දෙදාස් දොලහා ලැබුවේ මේ ඊයේ පෙරේදා වගේ. ඒත් හරියට නිකං හුළං ගිය බැළුමක් වගේ ඇඟට පතට නොදැනීම මේ අවුරුද්දත් ගෙවිලා යන්න තව පොඩි කාලයයි ඕං තියෙන්නෙ. දෙසැම්බර් 21 වෙනිදා ලෝකෙ විනාස උනේ නැති නම් අපිට මේ දෙසැම්බර් 31 රෑටත්වෙනදා වගේම පොඩි ජොලියක් දාලා 2013 අවුරුද්දට යන්න පුළුවං වෙයි ඕං. ඉස්සර අපි ඇට්ටර කාලෙදි නම් ඉතින් 31 වෙනිදා වෙනකං හිටියේ රෑ දොළහට නැගිටලා රතිඤ්ඤා වැලක් පත්තු කරලා, අහස් ගුණ්ඩුවක් දෙකක් යවලා ගිණි රාමෙට අවුරුද්ද පිළි ගන්න තමයි. ඔන්න ටිකක් කරදඬු ඇදිලා පැදිලා එනකොට ගිණි රාමෙට රත් වෙන්න රතිඤ්ඤා, අහස් ගුණ්ඩු විතරක්ම මදි වෙනවා.

එක කාලයක් තිබුනා තිර්ටි ෆස්ට් එනකන් මාස ගණන් කර කර ඉන්නේ ගතමනාවක් හොයාගන්න.ඒ බෑන්ඩ් ගහන කාලේ. ඒ මොකද සාමාන්‍යයෙන් තර්ටි ෆස්ට් නයිට් ඩාන්ස් එකකට බෑන්ඩ් එකක් සාමාන්‍යය ගාණට වඩා තුන් හතර ගුණයක් චාර්ජ් කරනවා.

මම කියලා තියෙනවනේ මට ඔය මියුසික් උණ ඔළුවට ගහලා තිබුනේ යන්තන් ඕ.ලෙවල් කරන කාලෙට පොඩ්ඩක් කලින් කියලා. ඔන්න ඉතින් ඕ.ලෙවල් විභාගෙත් කරලා ගෙදර හිටපු ජොලිම ජොලි සංක්‍රාන්ති සමයෙදි තමයි ඔය හතර වටේ හිටපු තව කොල්ලෝ ටිකකුත් එක්කාසු කරගෙන ඉස් ඉස්සෙල්ලාම බෑන්ඩ් එකක් පටන් ගත්තෙ. බොක්ස් ගිටාර් කටු දෙක තුනකුයි, එක්ස් රේ කොල රීප්ප පටි ෆ්‍රේම් වලට ගහලා හදා ගත්ත ඩ්‍රම් සෙට් එකකුයි එක්ක ඔන්න ඉතින් බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන්න කට්ටිය එනවා අපේ ගෙදර. ප්‍රැක්ටිස් කරන්නෙ ඉතින් මගේ කාමරේ තමයි.

ඔය කාලෙම වගේ තමයි අර පත්තරේ කතාවක් ගියේ ACDC ලගේ හෙවි-මෙටල් සින්දු අහලා නුවර පැත්තෙ කොල්ලෙක් තමන්ගේ අම්මවයි තාත්තවයි පිහියෙන් ඇනලා මරලා දාලා තිබුනා කියලා. කොහොමෙන් කොහොම හරි අපි බෑන්ඩ් ප්‍රැක්ටිස් පටන් අරගෙන මාසයක් දෙකක් ගියෙ නෑ ඔන්න ආරංචියක් ආවා අපේ ගෙදරට පොඩ්ඩක් එහායින් පාරෙ ගිය කාටද කවුදෝ පිහියෙන් ඇනලා මරලා දාලා තියෙනවා කියලා. එදායින් පස්සෙ අපි පොඩ්ඩක් සද්දේ අඩුවෙන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. ඒත් පස්සෙ තවත් ආරංචියක් ආවා අපේ ගෙදරට පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න හරිම සන්තෝසෙන් ජීවත් වෙච්ච අහිංසක අංකල් කෙනෙක් එයාගේ වයිෆ්ගේ සාරියකින් ෆෑන් එකේ එල්ලිලා මැරිලා කියලා. ඒත් ඉතින් අපි සැලුනේ නෑ. බාධක කම්කොටලු මැද දිගටම බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ල කරගෙන ගියා.

කොහොමෙන් කොහොම හරි ඔය කාලේ අපේ ගෙදර කට්ටියට රේඩියෝ එකේ හරි ටී.වී එකේ හරි සින්දුවක් ගියත් මල පනිනවා. අද උනත් අපේ ගෙදර කට්ටියගෙයි අහල පහල ගෙවල් වල අයගෙයි රසඥ්ඥතාවය නැත්තටම නැති වෙන්න අපේ මේ බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ල හේතුවක් උනා කියලා තමයි නම් මට හිතෙන්නෙ.

කොහොම හරි මාස ගාණක් ප්‍රැක්ටිස් කරලා සින්දු දහයක් පහලොවක් අමාරුවෙන් ගහගන්න පුළුවන් කාලේ යාළුවෙක් හරි අපූරු යෝජනවාක් අරගෙන ආවා. ඔය බෙන්තර පැත්තේ මුල්ලක තියෙන හෝටලේක තර්ටි ෆස්ට් නයිට් ගහන්න හිටපු බෑන්ඩ් එකට වෙන බූකින්ග් එකක් වැඩි ගාණකට හම්බ වෙලාද කොහෙද හෝටලේට පොල්ල තියලා. දැන් හෝටලෙන් බෙල්ල කඩාගෙන තර්ටි ෆස්ට් නයිට් ගහන්න බෑන්ඩ් එකක් හොයනවා, ඒ අතරේ කොහෙන් ආරංචි වෙලාද දන්නෙ නෑ අපේ බෑන්ඩ් එකට එදාට ප්ලේ කරන්න පුළුවන්ද අහලා පණිවිඩයක් එවලා. ඉබ්බා දියේ දාන්නද කියලා ඇහුවාම, ඇයි නෑවේ කියලා ඇහුවා වගේ එක පයින් නෙමෙයි, ඔක්කොම පයින් වලින් වැඩේට සෙට් උනා.

කෝකටත් කියලා පොඩ්ඩක් අදි මදි කරලා එහෙම ඔන්න කට්ටිය වැඩේ බාරගත්තා. ඉතින් ගාණකුත් කතා කරගන්න එපැයි. හා හා පුරා කියලා ඉස්සෙල්ලාම ප්ලේ කරන්න යන වැඩේනෙ. කොහොමෙන් කොහොම හරි එක්කෙනෙක්ට රුපියල් 300 ගාණේ බෑන්ඩ් එකේ ඉන්න 7 දෙනාට රුපියල් 2100යි. වැඩේ අල්ලලා දීපු එකාට රුපියල් 400යි. මුළු වැඩේටම 2500 යි. සවුන්ඩ් සිස්ටෙම් එක හෝටලේ ගාණේ. වැඩේ තීන්දුයි. මේ කාලේ 1991, 92 වගේ කාලේ. එක්කෙනෙක්ට රුපියල් 300ක් ලැබෙනවා කියන්නෙ ලොකු දෙයක්. මොකද ඒ කාලේ පාන් ගෙඩියත් රුපියල් 7.00 කට වඩා නෑ මට මතක විදිහට. කළුබෝවිල ඉඳන් නුගේගොඩටට බස් ටිකට් එකත් 1.50යි.

අනේ ඉතින් කට්ටියත් එදා ඉඳන් රැයක් දවාලක් නැතිව අපේ ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරනවා. ඔන්න ඉතින් අපි මෙහෙම වැඩකට සෙට් වෙලා ඉන්නෙ කියලා ආරංචිය ලැබිලා බෑන්ඩ් එකේ ඉන්න උන්ගේ අහල පහල යාළුවොයි, අල්ලපු ගෙවල් වල උනුයි, අම්මලයි, තාත්තලයි, මාමලයි, නැන්දලයි පෝලිමේ එනවා ප්‍රැක්ටිස් කරනවා බලන්න. අනේ ඉතින් අපේ අම්මගේ වැඩේ බෑන්ඩ් එකේ ඉන්න උන්ටයි, අපිව බලන්න එන උන්ටයි රැයක් දවාලක් නැතිව තේ වක්කරනවා, දවල්ට කන්න දෙනවා, රෑට කන්න දෙනවා ඉවරයක් නෑ. කොහොම හරි ඒ වෙනකොට අපේ අම්මට බෑන්ඩ් එකේ උන්ටයි, බලන්න එන උන්ටයි කන්න දෙන්නම එක දවසකට රුපියල් 300කට වඩා වියදම යනවා.

ඔන්න ඉතින් 30 වෙනිදාත් ආවා. බෑන්ඩ් එකේ මැණ්ඩලින් එකක් නැති උනත් හැමෝගෙම කකුල් මැණ්ඩලින් ගහන සයිස් එකට ටික ටික වෙවුලන්න අරගෙන ඒ වෙනකොට. ඔය අස්සෙ අපේ ඩ්‍රමාගේ අම්මා ඇවිත් මේවා මේ ලේසියට පාසුවට ගන්න ඕන වැඩ නෙමෙයි කියලා කට්ටියවම කුදලෝගෙන එක්කගෙන ගියා කළුබෝවිල පංසලට. ගිහින් බෝධිපූජාවක් එහෙම තියලා හාමුදුරවන්ට කියලා අතේ පිරිත් නූලකුත් බැන්දා.

ඔන්න ඉතින් 31 වෙනිදා උදේ පාන්දරම බෑන්ඩ් එකේ උන් එදා රෑට අඳින ඇඳුම් එහෙමත් ලෑස්ති කරගෙන අපේ ගෙදරට සෙට් උනා. වෙනදා ජනවාරි පළවෙනිදට කිරිබතක් ඉදෙන අපේ ගෙදර 31වෙනිදා උදෙත් කිරිබතක් ඉදිලා. කට්ටියම නමෝ විත්තියෙන් කිරි බත් කාල දකුණු කකුල් ටික ඉස්සර කොරගෙන බස් එකේ නැගලා උදේ 10ට විතර කළුබෝවිලින් පිටත් උනා බෙන්තර යන්න. හවස එක දෙක විතර වෙනකොට යන්තන් බෙන්තරට ඇවිත් හෝටලේ හොයා ගන්න පුළුවන් උනා.

හවස තුන හතර වෙද්දි සවුන්ඩ් කාරයත් ඇවිත් හෝල් එකේ කෙලවරක පොඩි ස්ටේජ් එකක වගේ සවුන්ඩ් ටිකත් හයි කලා. කට්ටිය ඉතින් සවුන්ඩ් හයි කරන කං තමන්ගේ ඉන්ස්ටෘමන්ට් එක අත පත ගානවා. මෙච්චර කල් බොක්ස් ගිටාර් වලින් ඇඟිලි පතුරු යනකන් ප්‍රැක්ටිස් කරපු එවුන්ට ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් ප්ලේ කරනවා කියන්නෙ ත්‍රී වීලර් එලවපු එකෙක්ට ලැම්බොගිනියක් ලැබුනා හා සමානයි. ඔන්න ඉතින් සවුන්ඩ් අයියා ඇවිත් බඩු ටික හයි කරලා දුන්නට පස්සෙ කට්ටිය එකසිය ගාණට පටන් ගන්නවා බඩු ටියුන් කරන්න. එහෙන් කරකවනවා, මෙහෙන් කරකවනා, අතන ඔබනවා, මෙතන ඔබනවා, චෑස්, චීස්, බූස්, ඩොක් ඩොක්, ටික් ටික් ප්‍රීම්, පෲම්, බොහ් බොහ් වගේ සද්ද තමයි ඇහෙන්නෙ. බඩු ටික ටියුන් කරලා එහෙම ඉවර වෙලා කට්ටිය පොඩි සවුන්ඩ් බැලන්ස් එකකුත් බලලා හවස හත අට වෙනකොට වැඩේට සෙට් උනා.

ඔන්න ටිකෙන් ටික හවස් වේගෙන එනකොට සෙනගත් එකා දෙන්නා පිරෙන්නෙ පටන් ගත්තා. දැන් කට්ටියත් නමෝ විත්තියෙන් ලාවට වැඩේ පටන් ගත්තා කියමුකෝ. ඒත් ඉතින් කංකරච්චලේකට වඩා දෙයක් නෑ. හැම එකාටම ඕනෙ උගේ භාණ්ඩේ සද්දේ වැඩියෙන් ගහන්න. ඉතින් එක එකා තමන්ගේ ඉන්ස්ටෘමන්ට් එක වැඩි කරගන්නවා. සවුන්ඩ් අයියත් ෆුල් ගේමක් දෙනවා වැඩේ බැලන්ස් කරන්න.

හොඳටම ප්‍රැක්ටිස් කරලා තියෙන සින්දු ඒ කියන්නෙ ක්ලැරන්ස්ගේ මලට බඹරෙකු සේ, සිහින ලොවක්, මිල්ටන්ගේ අවසර නැත මට වගේ සින්දු දැන් ගහගෙන යනවා. ඔන්න එක පාරට වේටර් කෙනෙක් ඇවිත් කියනවා,

"මල්ලි, ඉංග්‍රීසි සින්දු ගහන්න කියලා රික්වෙස්ට් එකක් තියෙනවා...."

හුටා, ප්‍රැක්ටිස් කරලා තියෙන්නෙම ඉංග්‍රීසි සින්දු දෙකයි. එකක් එල්ටන් ජෝන්ගේ සැක්රිෆයිස්, අනික කන්ට්‍රි රෝඩ්ස්.....! ඊට අමතරව දන්නේ බාබා බ්ලැක් ෂීප්, ට්වින්කල් ට්වින්කල් වගේ ඒවා විතරයි.

අනේ ඉතින් කට්ටිය එකෙන් සැක්රිෆස්යිස් ගහලා අනික ආපහු ඉල්ලුවොත් ගහන්න පරිස්සම් කරලා තියා ගත්තා.

දන්න සින්දු විස්ස බේර ගන්නත් ඕනෙ නිසා එක සින්දුවක් ගහලා අනිත් සින්දුව ගහන්න කලින් සෑහෙන්න කල් මැරීමක් කලත් පැය දෙකක් විතර යද්දි දන්න සින්දු 20 ඉවරයි. දැන් ඉතින් මල කෙලියයි මහ රජ කිව්වලු. මොනව කරන්නද, කලින් ගහපු සින්දු තැනින් තැනින් ආපහු ගහන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි සමහර සින්දු තුන් හතර පාරක් විතර ගහලා.

ඔන්න ටික වෙලාවකින් වේටර් කෙනෙක් පොඩි චිට් එකක් අරගෙන එනවා ටේබල් එකකින්.

අනේ ඒකෙ අහලා තියෙනවා "මොකද, අර ගුවන් විදුලියේ වගේ ඔයාලගේ තැටිත් ප්‍රථි වාදනය වෙනවද....?" කියලා.

කොහොමෙන් කොහොම හරි ඔය වගේ විළි ලැජ්ජා සහගත ජවනිකා මැද රෑ එකොලහත් පහු උනා කියමුකො. ටික වෙලාවකට පස්සෙ හෝටලේ මැනේජර් කාරයා එනවා අපි හිටපු පැත්තට. ඔන්න ඊට පස්සෙ පොර මයික් එකක් ඉල්ලගෙන හැමෝටම විශ් කරලා,

“දැන් බෑන්ඩ් එක මිඩ්නයිට් මෙඩ්ලි ප්ලේ කරන අතරේ, හැමෝම ඩාන්සින් ෆ්ලෝ එකට එන්න...!” මෙන්න බොලේ මූ කට්ටියට නටන්න අඬ ගහපි....!

පස්සෙ මූ අපි දිහාවට හැරිලා,

"මල්ලි, දැන් “මිඩ්නයිට් මෙඩ්ලි”** එක ගහන්න පටන් ගන්න....! ඊට පස්සෙ බයිලා සෙෂන් එක....!" කියපි.

"මොකෑ....? මිඩ්නයිට් මෙඩ්ලි.....!" ඒ මොකක්ද බොලේ ඒ. එහෙම සින්දුවක් අපි අහලවත් නෑනේ. කට්ටිය දැන් මූනට මූන බලනවා....!

අපේ එවුන් දැන් දැන් කුටු කුටු ගානවා.....

"මොකක්ද බං මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ.....!"

"හරි හරි, අපි ඒ සින්දුව දන්නෙ නෑනේ.... අපි වෙන සින්දුවක් ගහමු.....! මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ රෑට ගහන සින්දුවක් වෙන්නැති....!”

"හරි හරි.... අපි එහෙනම් 'අම්බිලි මාමේ' ගහමු......."

අනේ ඉතින් ඉස්කෝලේ ට්‍රිප් යනකොට කියලම කට පාඩම් වෙලා තියෙන නිසා කට්ටිය දැන් අම්ම්බිලි මාමේ සින්දුව ගහනවා....."

"අම්බිලි මාමේ.....! නුඹ මොකද කරන්නේ.....! පුළුං වලා යටින් ඉඳන් එබිලා බලන්නේ.....!"

මිඩ්නයිට් මෙඩ්ලි එක බලාගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ආපු එවුනුත් කර කියා ගන්න දෙයක් නැතිව එහෙට මෙහෙට පැද්දෙනවා....

අම්බිලි මාමා ගහන අතරේ ඔන්න බොලේ මැද හිස් වටේ කෙස් තියෙන මැනේජර් කාරයත් පුපුර පුපුර ආපහු එනවා වගේ පේනවා.....

"අය්සේ මල්ලි, මම කිව්වෙ මිඩ්නයිට් මෙඩ්ලි එක ගහන්න කියලනේ....! මොනවද තමුසෙලා මේ කරන්නෙ.....!"

"අනේ අයියේ අපි ඒ සින්දුව ප්‍රැක්ටිස් කරලා නෑනේ.....! ඒකයි මේ ප්‍රැක්ටිස් කරලා තියෙන වෙන සින්දුවක් ගැහුවේ...." අපිත් පිණ්සෙණ්ඩු වෙනවා.....!

"අයිසේ එහෙනම් ‘බයිලා’ ටිකක් වත් ගහනවා.....! බලනවා මේ මිනිස්සු නටන්න බලාගෙන ඉන්නෙ.......!"

ඒ පාර තවත් හුටස් පරයක්. එහෙමට කියලා බයිලා ප්‍රැක්ටිස් කරලත් නෑ.

"මචං, මොකද කරන්නෙ......! ෆාස්ට් නමර් එකක් ගහන්න වෙයි.....! මොකක්ද ගහන්නේ.....?"

"මචන්, නැගලා යන එකක් හින්දා අපි ගහමු 'වාසනා දිනේකි මේක....!' "

ඔන්න ඉතින් කට්ටිය පටන් ගත්තා,

"වාසනා දිනේකි මේක පාමු සෙනේ තුටීන..... වාසනා දිනේකි මේක පාමු සෙනේ.....!"

වැඩි වෙලා ගහන්න හම්බ උනේ නෑ. මැනේජර් කාරයා මැදට පැනලා නැවැත්තුවා.....!

"වාසනා දිනේකි ගහන්නේ ගෙස්ට්ලට ලී කෙලි නටන්නද....?"

"අයිසේ පවු නොදී මේකෙන් බැහැලා යනවලා......! සිරිසේන අරං එනවා අර සන්ෆ්ලවර් සාලාදේ කැසට් එක....!" මැනේජර් කාරයත් කෑ ගහනවා.......!

මතක ඇති කාලෙක ඒ වගේ අසරණ කමක් මීට කලින් දැනිලා තියෙන්නෙ දහම්පාසලේ තුනේ පන්තියේ ඉන්දැද්දි බුද්ධ පූජාව හොරෙන් කාල හාමුදුරුවන්ට අහුවෙච්ච දවසේ විතරයි.

ඔන්න ඉතින් වේටර් කෙනෙක් කොහෙන්ද මන්දන්නෙ නෑ උස්සගෙන ආපු කැසට් ප්ලේයර් එකක් හයි කරලා සන්ෆ්ලවර් ලගේ සලාදේ කැසට් එක ප්ලේ කරන්න දැම්මා.

“ආච්චි උනත් මොකද හොඳට ලව් කරනව නම්....” කියලා සන්ෆ්ලවර්ස්ලා ගහද්දි අපි කට්ටියත් බලෙන් හුඹස් වලින් එලියට ඇදලා දාපු තල ගොයි ටික වගේ හෙමි හෙමිහිට එලියට ආවා.

** ඇත්තටම මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ කාලෙකට කලින් ජිප්සීස්ලා විසින් ගායනා කරපු ඉංග්‍රීසි නන්ස්ටොප් එකකට. ඒ කාලේ ඉඳලා තාමත් තර්ටි ෆස්ට් නයිට් වලදි මේ ජිප්සීස් මිඩ්නයිට් මෙඩ්ලි එක ගොඩක් වෙලාවට බෑන්ඩ් විසින් වරද්දන්නෙ නැතිවම ප්ලේ කරනවා.

පින්තූර සඳහා අනුග්‍රහය මෙතනින් http://abstract.desktopnexus.com/wallpaper/67261/

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com110tag:blogger.com,1999:blog-4346015856052849283.post-60661130393920092092012-09-06T07:30:00.000+04:002012-09-06T07:30:00.732+04:00දත් නැතිදා....!

මගේ කට කහන කතා වල ඉන්න ජනප්‍රියම චරිතයක් තමයි අපේ බ්‍රයන් අයියා. මම එයා ගැන කතා කීපයක්ම ලියලා තියෙනවනේ. දැනට මාස දෙක තුනකට විතර කලිනුත් බ්‍රයන් අයියව මුන ගැහිච්ච වෙලාවත් එයාට වෙච්ච සිරා කතාවක් කිව්වා. බ්‍රයන් අයියත් දැන් ඩුබායි හන්දියේ පදිංචියට ඇවිල්ලත් මහ ලොකු කාලයක් වෙනවා මගේ හිතේ. කොහොමත් මේ දවස්වල බ්‍රයන් අයියා මෙහේ ජීවත් වෙන්නෙ තනියම. දරු පවුල ඉන්නෙ ලංකාවෙ. කාලයක් ඒ ගොල්ලොත් බ්‍රයන් අයියත් එක්ක මෙහේ ඉඳලා පුතාලා දෙන්නගේ ඉගෙනීමේ පහසුව හින්දාම ලංකාවෙ පදිංචි වෙන්න ගියාට පස්සෙ තමයි බ්‍රයන් අයියා තනියම ඉන්න පටන් ගත්තෙ.

ඔන්න ඉතින් දරු පවුල ලංකාවෙ පදිංචි වෙන්න ගියාට පස්සෙ ලොකු ගෙයක් කුලියට අරන් ඉන්න එකේ තේරුමක් නෑනේ කියලා අපේ බ්‍රයන් අයියත් ඔය දන්න කියන කීප දෙනෙක් එක්ක ෂෙයාරින් පාරක් දාගෙන කාලයක් ඉඳලා තියෙනවා. ඔය අතරේ ඉතින් ඉන්දියාවෙ මලය රට පැත්තේ එවුනුයි, පකිස්තාන් කාරයොයි වෙනත් වෙනත් ජාතිවල කට්ටියත් එක්ක එකට ජීවත් වෙලා හොඳ හොඳ එක්ස්පීරියන්ස් එහෙම තියෙනවා අපේ බ්‍රයන් අයියට.

දන්නවනේ ඉතින් ඔය විදිහට ෂෙයාරින් පාරක් දාගෙන ඉන්න කොට එක එක ප්‍රශ්න වලට මුහුන පාන්න වෙනවනේ. දැන් මේ දවස්වල තිබිලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය බාත් රූම් එක ෂෙයාර් කරන එක. උදේ පාන්දර හැමෝම වැඩට යන්න තදියමේ නැගිටගෙන බාත් රූම් පෝලිමේ ඉන්න එක ලේසි පාසු වැඩක් නෙමෙයිනේ. ඔය අතරේ බ්‍රයන් අයියලත් එක්ක ගජේ ගහගෙන ඉඳලා තියෙනවා මලයෙක්. ඒ කියන්නෙ ඔය ඉන්දියාවෙ කේරල ප්‍රාන්තෙ පැත්තෙ බුවෙකුත්. මේකා හැමදාම උදේ පාන්දරම නැගිටලා බාත් රූම් එක අත් පත් කරගත්තාම ආපහු පැයකටත් මෙහා පැත්තේ එළියට එනවා බොරු. ඔය අස්සෙ බාත් රූම් එකට ගිය වෙලාවෙ ඉඳන් මූ ෆුල් ආතල් එකේ සින්දු කිය කියා විසිල් ගගහා තමයි ඉන්නවා කියන්නෙ. අනිත් එවුන් ටික පෝලිමේ ඉන්නකොට ඉතින් කට්ටියටම ඇහෙනවලු මූ විසිල් ගගහා දත් මදිනවා. දත් මදින සද්දෙත් ඇහෙනවා, ඒ අතරේ මේකා විසිලුත් ගහනවා.

යකෝ දත් මැද මැද විසිල් ගහන්නෙ කොහොමද ? බ්‍රයන් අයියයි අනිත් බුවාලටයි මේක දැන් මාර ප්‍රශ්නයක්. ඔන්න මුන් සෙට් එක අර කේරල බුවාගෙන් අහනවලු කොහොමද දත් මදින ගමන් විසිල් ගහන්නෙ කියලා. ඒ පාර මලයා කියනවලු, හොඳට පුරුදු වෙන්න ඕනෙ. පුරුදු උනහම ඉතින් ඒක එච්චර අවුලක් නෑ කියලා. ඔන්න එදා ඉදන් හැම එකාම ෆුල් ට්‍රයි පාරක් දානවලු විසිල් ගගහා දත් මදින්න ප්‍රැක්ටිස් කරන්න. සමහරු ඉස්පොල්ලේ හිටන් ටූත් පේස්ට් යවාගෙන ප්‍රැක්ටිස් කරනවා. ඒත් කොහොම කලත් අරූ තරම් හොඳට එකෙක්ටවත් දත් මදින ගමන් විසිල් ගහන්න පුළුවන් උනේ නෑ.

ඔය අතරේ දවසක තමයි උදේ පාන්දර බ්‍රයන් අයියට බඩේ අමාරුවක් හැදිලා අලි ජරමරයක් වෙන්නේ. ඒ වෙනකොටත් අර මලයා බාත් රූම් එකට රිංගගෙන ඉඳලා තියෙන්නෙ. කොච්චර දොරට තඩි බෑවත් මූ නෙමෙයි එලියට එන්නේ. අන්තිමට බ්‍රයන් අයියට මල පැනලා අද නම් "මුගේ දත් ටික ගලෝලා අතට දීල තමයි මම අද පස්ස බලන්නේ කියලා" හයියෙන් දොරට ගහනකොටම දොරේ අගුල ගැලවිලා දොර ඇරිලා. දොර ඇරෙනකොටත් මලයා විසිල් ගගහා දත් මදිනවා. අරූගේ දත් සෙට් එක ගලවලා අතට දෙන්න කියලා ගියාට ආයි දත් සෙට් එක ගලවන්න දෙයක් නෑ. ඌ දත් සෙට් එක ගලවලා අතේ තියාගෙන ටූත් බ්‍රෂ් එකකින් මදින ගමන් තමයි ලොම්බෙන් විසිල් ගහන්නෙ. ඒක දැකලා හිනා ගිය පාරට බ්‍රයන් අයියාගේ බඩේ අමාරුවත් හොඳ වෙලා.

ඒ මලයා මෙච්චර කල් බොරු දත් කුට්ටමක් දාගෙන තමයි ඉඳලා තියෙන්නෙ. ඒක තමයි දත් මදින වෙලාවට ඌට ගේමක් නැතිව දත් නැති කටින් විසිල් ගහන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

දැන් මේ කාලේ අපේ ලංකාවෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම චක බ්ලාස් වෙලානේ තියෙන්නේ. මතකනේ ඔය පහු ගිය ටිකේ ඔය ගොයියෝ ටික අර ඉසෙඩ් ස්කෝර් එකක් අල්ලගෙන නාගත්ත නෑම? ඔන්න ඉතින් ඔය පලවෙනි පාරට බයෝ වලින් ඒ ලෙවල් කරලා මෙඩිකල් කොලේජ් යන්න පුලුවන් වෙලා හිටිය කොල්ලෙක්ට දෙවනි පාර ඉසෙඩ් ස්කෝර් අවුල නිසා යන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඩෙන්ටල් වලට. ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑනේ. පොරත් හොඳටම අප්සෙට් ගිහිල්ලා දන්න කියන ටිකක් බලගතු පුද්ගලයෙකුත් එක්කම ගිහින් තියෙනවා විභාග දෙපාර්තුමේන්තුවට මේ වෙච්ච අලකලංචියට විසඳුමක් හොයාගෙන. එතන ඉන්න ඉහලම නිලධාරියෙකුට ගිහින් මේක පැමිනිලි කොරනකොට මේ අසරණ ශිෂ්‍යයා කියනවලු,

"අනේ සර් මගේ අම්මයි තාත්තයි දෙන්නම විශේෂඥ්ඥ වෛද්‍යයවරු. දෙන්නම හාර්ට් ස්පෙෂලිස්ට්ලා. අපේ සීයත් එහෙමයි. මගේ අක්කත් දැන් මෙඩිකල් කොලේජ් එකේ ස්පෙෂල් කරන්නෙ කාඩියලොජි (හදවත සම්භන්ධ ). මමත් හිතන් හිටියේ කාඩියලොජිස්ට් කෙනෙක් වෙන්න..... ඒත් මේ අවුල නිසා මට දැන් යන්න වෙන්නෙ ඩෙන්ටල් වලට...."

ඉතින් අර ඉහල නිලධාරියත් පුටුවේ හරි බරි ගැහිලා වාඩිවෙලා මෙහෙම කියනවලු,

"පුතා දැන් බලන්න, මිනිහෙකුට හාර්ට් කීයක් තියෙනවද ? එකයි නේද ? එතකොට දත් කීයක් තියෙනවද....? 32 යි. අනේ බං කොල්ලෝ ඉතින් උඹ ඩෙන්ටල් කරන එකද වාසි, කාඩියෝලොජි කරන එකද වාසි ?"

ඒ කොල්ලා ඊට පස්සෙ ඩෙන්ටල් යන්න හිතා හදාගෙන කියලා තමයි ආරංචිය.....!

වයසට යනකොට ටික ටික කටේ දත් සමහර වෙලාවට ගලවන්න වෙනවා මොකද දිරා පත් වෙන නිසා. ඉතින් ඔය කාලෙට සමහරු ඒ ගලවපු දත් වෙනුවට කෘතිම දත් දාගන්නවා. අපේ තාත්තත් අවුරුදු ගානක්ම රැකියාව කලේ ඕමාන් රටේ නාවික හමුදාවෙ. එහේ ඉන්න කාලේදි තාත්තගෙත් ඉස්සරහ පැත්තෙ ගලෝපු දතක් වෙනුවට කෘතිම දතක් දාගෙන ඉඳලා තියෙනවා. දවසක් යාළුවෙක්ගේ ගෙදර පාටියක ගිහින් ඇවිත් පහුවදා නැගිටලා බලනකොට තාත්තගේ අර දාපු දත මිසින් ඉන් ඇක්ෂන්. කාමරේ හැම තැනම හෙව්වත් හම්බ වෙලා නෑ. ඔන්න කොහොම හරි වැඩට ගියාට පස්සෙ කලින්දවසේ පාටිය තියපු යාළුවා පොඩි පොලිතීන් කවරෙක දාලා ගෙනත් දෙනවලු කුකුල් කකුලක් (කට්ටක්). අනේ ඒ කුකුල් කට්ට පලාගෙන රැඳිලා තියෙන්නෙ තාත්තගේ නැති වෙච්ච දත. එදා ඉඳන් අපේ තාත්තා කුකුල් මස් කන්නේ නෑ.

ඔය ඒකාලේ අපි කසාද බදින්නත් ගොඩක් කාලෙකට කලින් අපේ ගම හාමිනේලගේ ගෙවල් ගාව තලතුනා ගෑණු මනුස්සයෙක් හිටියා චාලට් අක්කා කියලා. සෑහෙන්න දුප්පත් ඒ වගේම අහිංක මේ මනුස්සය ටිකක් තප්පදෝරු සයිස් එකේ. ඒ වගේම රෑකට ටෝච් එකක් නැතිව තමන්ට තමන්ගේ අතපය කකුල් ටිකවත් වෙන්කර අඳුනගන්න බැරි තරමටම කාල වර්ණ දේහ ධාරිණියක්. ඔය මනුස්සයා ඒ දවස්වල ජීවත් උනේ කෑම පැකට් විකුණලා. හැබැයි ආයේ කතා කරන්න දෙයක් නෑ ඒ කෑම වල නම් තිබුනේ පුදුම රහක් තමයි. ඒ වගේම අපේ ගම හාමිනේලාගේ ගෙදරට කිව්වොත් එක බත් එකක් දෙන්නේ දෙතුන් දෙනෙකුටම ඉස්මුරුත්තේ හැදෙන තරමට කන්න පුළුවන් විදිහට තමයි.

අනේ ඉතින් ඔය චාලට් අක්කගෙත් ඉස්සරහ ඇන්දේ එක ලඟ දත් තුනකම දාල තිබුනේ බොරු දත්. ඔය අතරෙදි තමයි චාලට් අක්කට හරි ලොකු අකරතැබ්බයක් වෙන්නෙ. කොහේදෝ මන්දා කොටහලු ගෙදරකට ගිහිල්ලා බඩ පැලෙන්න කකා ඉන්න ගමන් කවුදෝ කිව්ව විහිළු කතාවකට හිනා වෙන්න ගිහින් එක පාරටම අර බොරු දත් සෙට් එක පිටින්ම චාලට් අක්කට ගිලිලා. අනේ දැන් ඉතින් බොහෝම දුකින් චාලට් අක්කා ඉන්නවා හැමෝටම දුක කිය කිය. අලුතෙන් දත් සෙට් එකක් දාන්නත් බර ගානක් යන එකේ බත් පැකට් හදලා විකුණලා ජීවත් වෙන මේ මනුස්සයට ඒක කොහොමවත් ඔරොත්තු දෙන්නෙ නෑ. එදා ඉතින් ඔය කොටහලු පාටියට ගිහින් ඇවිදිනුත් අපේ ගම හාමිනේලගේ ගෙදරට ගොඩ වැදිලා දුක කිය කිය හිටපු චාලට් අක්කා කොහොම හරි පහුවෙනිදා දවල් කරේ ආපහු එනවලු අපේ ගම හාමිනේලගේ ගෙවල් පැත්තෙ. හරිම සන්තෝසෙන් සිරික්කියකුත් දාගෙන ආපු චාලට් අක්කගේ කටේ අර නැතිවෙච්ච දත් ටිකත් තියෙනවලු. ඔන්න ඉතින් අපේ ගම හාමිනේගේ අම්මා ඇහුවලු,

"චාලට් අක්කේ, අළුතෙන් දත් කුට්ටමක් දා ගත්තද.....?"

ඔන්න ඉතින් චාලට් අක්කා කියනවලු,

"අනේ නෝනේ අපිට කොහෙන්ද අළුතෙන් දත් ගන්න සල්ලි. මම ගෙයි පිටිපස්සට ගොහින් පත්තර කොලයක් උඩට එළි බැහලා බලනකොට මේ යස අගේට ඇවිල්ලා තිබුනේ දත් ටික. අනේ මම ඉතින් ඒක ටැප් එකට අල්ලලා කටේ දාගෙන මේ එමින් ගමන තමයි මේ.......!"

පින්තූර සඳහා අනුග්‍රහය......
http://www.freakingnews.com/Teeth-Pictures--1572.asp

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com118tag:blogger.com,1999:blog-4346015856052849283.post-25641506796603673972012-07-20T15:13:00.003+04:002012-07-20T15:13:53.289+04:00කුකුල්ලු නිසා

අපි හැමෝම රෑට නිදා ගන්නකොට අදින්න කැමති සැහැල්ලු ඇඳුමක්. පිරිමි අපි නම් ඔය සරමක් එහෙම නැතිනම් ෂෝටක් වගේ එකක් ගහගෙන තමයි නිදා ගන්න කැමති. කාලයක් මමත් සරමක් ඇඳන් නිදා ගන්න ට්‍රයි කලත් උදේ නැගිටලා බලනකොට මම ඇඳ උඩ ඉන්දැත්දි සරම ඇඳ පාමුල තියෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට දන්නෙම නැතිව සරම වරා පොටක් වගේ කකුල් දෙක ගාවටම ගිහිල්ලා ඒක දන්නෙ නැතිව ඇඳෙන් බහින්න යනකොට හොම්බෙන් යන්න ගිහිල්ල පාරක් දෙපාරක් යන්තමින් බෙල්ල කඩාගන්නෙ නැතිව බේරුනා. එදා ඉඳන් මම නිදා ගන්නකොට අඳිනේ සැහැල්ලු කොට කලිසමක්.

ඒ උනත් මම ගොඩක් ඔය හොලිවූඩ් පැත්තේ හදන ෆිල්ම් බලන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා නිතරම දකිනවා ඔය සුද්දෝ ගොඩක් වෙලාවට නිදාගන්නෙ ඇඳගෙන ඉන්න යට ඇඳුම පිටින්මයි කියලා. එහෙම ඉඳලා උදේ වෙච්ච ගමන් දඩි බිඩි ගාලා නැගිටලා අර අන්ඩර්වෙයාර් එකට උඩින්ම කලිසම ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන උන් දුවනවා. ආපහු රෑ උනාම අර කලිසම ගලෝලා දාලා යට කලිසම පිටින්ම බුදිය ගන්නවා. කොච්චර සිම්පල්ද ?

කාලෙකට ඉස්සර අබුඩාබි වල හිටපු අයියා කෙනෙක්ගේ සුදු ජාතික අසල්වැසියෙක්ට ලොකු කරදරයක් උනා මේ පුරුද්ද නිසාත් තව ඒකට කුකුලෙකුත් සම්භන්ධ වුනු නිසාත්. කොහොමත් අබුඩාබි වල ගොඩක් කුකුල්ලු ඉන්නවා. ඒ පැත්තෙ ඉන්න කට්ටිය දන්නවා පොඩ්ඩක් නගරෙන් පිට අතුරුපාරවල් වල යන්න ගියාම දකින්න ලැබෙන නිදැල්ලෙ හැසිරෙන අයිතිකාරයෝ නැති කුකුල්ලු. කාලෙකට ඉස්සර ගෙවල් වල ඇති කරන්න අරගෙන පස්සෙ කාලෙක අයිති කාරයෝ ගෙවල් ඇරලා යනකොට අරගෙන නොගිය, අතරමං වෙච්ච කුකුලන්ගෙන් පැවත එන කුකුල් පරම්පරාවලින් එන කුකුල්ලු තමයි ඒ. හැමතිස්සෙම පැටව් ගැහුවත් මුන්ට වල් කුකුල්ලු කියන්නත් බෑ, වන කුකුල්ලු කියන්නත් බෑ මොකද මුන් ජීවත් වෙන්නේ වනේ නොවන නිසා. පාරවල් අයිනේ තියෙන පඳුරු අස්සෙ බිත්තර දාලා ඒවයේම රැකලා තමයි ඒ කුකුල්ලු පරපුර පැවතගෙන එන්නෙ.

සමර් කාලෙදි පාන්දර හතර හෝ හතරහ මාරවෙද්දි මෙහෙට ඉර පායනවා. ඒ වගේම රෑ අට විතර වෙනවා ඉර බැහැලා යන්න. කුකුල්ලු උනත් ජන්මයෙන් එන පුරුද්දු අත අරින්න උන් කැමති නෑනේ. ඉතින් ඔන්න ඒ පැත්තෙ ඉන්න කුකුල්ලුත් ඈත ක්ෂිතිජයේ ඉර නැගෙන්න කලින් ඉඳන්ම කෑ ගහන්න පටන් ගන්නවා කුක්කු කූක් කූක්....කුක්කු කූක් කූක්.... කියලා. දන්න කට්ටිය දන්නවනේ ඔහොම කෑ ගහන කුකුලා උගේ ගෑනු සතාව උගුඩුවෙක් උස්සගෙන ගියත් කෑ ගැහිල්ල නවත්තන්නෙ නෑ කියලා.

තට්ටු දෙකේ බිල්ඩිමක පල්ලෙහා තට්ටුවේ මම දන්න අයියා ඉන්නකොට උඩ තට්ටුවේ ඉඳලා තියෙනෙ ජර්මන් ජාතික පයිලට් කෙනෙක්. අනේ ඉතින් මේ මනුස්සයා ලෝකේ වටේ රවුම් ගහලා ගහලා පාන්දර ජාමේ ඇවිත් නිදා ගන්න හදනකොටම අර මරුමුස් කුකුලා ඒ බිල්ඩිම ගාවම තියෙන ගහක අත්තක ඉඳන් බෙල්ල මිරිකලා වගේ කෑ ගහනවා. ඔන්න ඉතින් අර අයියට ඇහෙනවලු අර අසරණ සුද්දා බැල්කනියට ඇවිත් කරුණාවෙන් කුකුලට කියනවා "ප්ලීස් කෑගහන්න එපා යකෝ.....!" (හැබැයි කියනවා කියන්නෙ යටි ගිරියෙන් කෑ ගහලා )... ඒත් මොන. කුකුලා නෙමෙයි කණකටවත් ගන්නෙ. අරාබි කුකුලන්ට ජර්මන් තේරෙනවා කියලයෑ...? ඌත් දෙනවා තව ටිකක් හයියෙන් කුක්කු කූක් කූක් කියලා....ඔන්න ඊට පස්සෙ ඇහෙනවාලු ගෙදර තියෙන කොසු, මොප් වගේ දේවල් උඩින් ඉගිල්ලිලා ගිහින් අර ගහේ වැදිලා බිම වැටෙනවා.

සුද්දා ගෙදර ඉන්න දවස්වල පාන්දරට ඕක සාමාන්‍යය සිද්ධියක් වෙන තරමටම කිසිම විශේෂයක් නැතිව ගිහිල්ලා. හැබැයි ඔන්න එක දවසක් සුපුරුදු විදිහට කුකුලා අඬලන්න පටන් අරගෙන ටික වෙලාවකින් අර සුපුරුදු සංසිද්ධි ටික එක පෙලට වෙන්න පටන් ගන්නවා. හැබයි ඊට ටික වෙලාවකට පස්සෙ පොඩ්ඩක් වෙනස් සද්දෙකුත් ඇහිලා මේ වගේ...."ක්රාස්...බරාස් තග්....බුදු අම්මෝ...! (ජර්මන් වලින් )". ඔන්න ඉතින් මේ නුහුරු නොපුරුදු සද්දේ මොකක්ද කියලා බලන්න අයියා එලියට ඇවිත් බලනකොට අර සුද්ද පාරෙ ඉඳන් පොඩි එකෙක් වගේ දණ ගාණවා.ඔන්න ඉතින් අයියත් දුවලා ගිහිල්ල සුද්දව නැගිට්ටවලා. දෙයියන්ගේ පිහිටින් පොඩි හීරීම් ටිකක් ඇරෙන්න ලොකු තුවාලයක් වෙලා නෑ පොරට. සුද්දගේ ඉවසීමේ සීමාව පැනපු පාර මූ බැල්කනියෙන් අර ගහට නැගලා තියෙන්නෙ කොස්සත් අතේ තියාගෙන කුකුලව මරන්න.එල්ලිච්ච අත්තත් එක්කම තමයි මූව පාරට ඇදගෙන වැටිලා තියෙන්නෙ. දැන් ඔන්න අහල පහල ඉන්න ගෑණු මිනිස්සුත් එලියට ඇවිත් මේ සද්දෙට. කරුමේ කියන්නෙ ඒත් එක්කම නගරේ පැට්රල් යන පොලිස් ජීප් එකත් මේත් එක්කම මෙතන නවත්තලා මොකක්ද මේ කලබලේ කියලා බලන්න. කොරේ පිටට මරේ කියලා සුද්ද ඉඳලා තියෙන්නෙ ජොකා පිටින්. මෙහේ නීතිය හැටියට පිරිමි කෙනෙක්ට දණහිසින් උඩට වෙන්නවත් කොට කලිසම් ඇඳගෙන පාරෙ යන්න බෑ. අනේ ඉතින් අර සුද්දව අල්ලගත්ත පොලීසිය පොරව ජීප් එකට දාගත්තෙ නොහොබිනා ලෙස මහපාරේ ගැවසීමේ වැරද්ද නිසා. සුද්දා ජීප් එකට නගිනකොටත් කුකුලා මර හඬ දිදී කුක්කු කූක් කූක් කියනවලු.

ඔන්න ඔහොමයි අසරණ සුදු පයිලට් කෙනෙක්ට කුකුලෙක් නිසා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ උනේ.

කුකුලට කකුල් දෙකක් තියෙන එක ගොඩක් අයට ප්‍රශ්නයක් විශේෂෙන්ම පවුලේ පොඩි එවුන් තුන් හතර දෙනෙක් ඉන්න පවුලකට. හරියට අපි පොඩි කාලේ වගේ. අර කුකුල් කකුල් දෙකට කට්ටිය මරා ගන්නෙ නැති එක විතරයි. ඔය ප්‍රශ්නේ මෙහෙ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් තියෙනවා.

දවසක් ඇමරිකාවෙ එක පිටිසර පලාතකට අළුතෙන් පත්වෙච්ච ෂෙරීෆ් කෙනෙක් තමන්ගේ කාර් එකෙන් ගොවිපලක් ලඟින් යනකොට එක පාරටම පැයට කිලෝමීටර් එකසිය ගාණක වේගෙන් ආපු සතෙක් ෂෙරීෆ්ගේ කාර් එකත් පහු කරගෙන ගොවිපලේ වැටත් පැනලා ගොවි පල ඇතුලට පැන්නලු. හොල්මන් වෙච්ච පාර ෂෙරීෆ් කාර් එක නවත්තලා බලනකොට ඒ පැනපු සතා කුකුලෙක්ලු. අප්පද බොල බලාගෙන යනකොට ඒ කුකුලට කකුල් හතරක් තියෙනවලු. ඒ කුකුලා විතරක් නෙමෙයි ගොවි පොල ඇතුලේ ඒ වගේ කකුල් හතරේ කුකුල්ලු මහ ගොඩක් හැම තැනම අහුල අහුලා කකා ඉන්නවලු.

ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ සීන් එකක් දැකපු ෂෙරීෆුත් ඔන්න ගියාළු ගොවිපලේ අයිති කාරයව හම්බවෙන්න. ගොඩක් වයසට ගිය අයිතිකාරයගෙන් ෂෙරීෆ් ඇහුවලු කොහෙන්ද මේ කකුල් හතරේ කුකුල්ලු හොයාගත්තෙ කියලා. ඔන්න ඉතින් ගොවිපලේ අයිතිකාරයා කිව්වලු,

"ෂෙරීෆ් මහත්තයෝ, මට දරුවො හතර දෙනෙක් හිටියා. රෑට කන්න කියලා කුකුලෙක් රෝස්ට් කලොත් හැමදාම ගෙදර රණ්ඩු උගේ කකුල් දෙක බෙදාගන්න. ඉතින් මම ඒකට විසඳුමක් විදිහට ඔය ජාන තාක්ෂණේ පාවිච්චි කරලා කුකුලගේ තටු දෙකත් කකුල් දෙකක් වෙන විදිහට වෙනස් කරා...."

"ෂා හරි ශෝක් විසඳුමක්නේ මහත්තයෝ. ඉතින් ගෙදර ප්‍රශ්නේ විසදෙන්න ඇති නේද ?"

“මොන පිස්සුද ෂෙරීෆ් මහත්තයෝ, ඊට පස්සෙ ආසාවට ගෙදර පැත්ත පලාතේ චිකන් රෝස්ට් කලේ නෑ....

“හෑහ්, ඒ මොකද.....?”

“මේ යක්කු කකුල් දෙකක් තිබිච්ච කාලෙදිත් අල්ලගත්තෙ බොහොම අමාරුවෙන් උන්ගේ පස්සෙ දුවලා. දැන් මුන් කකුල් හතරෙන් දුවනකොට අල්ලයි උන්ගේ නැට්ට...!”

"කොටින්ම මගේ ගොවිපලේ පොඩි කාලේ ඉඳන් වැඩකරපු, කුකුල්ලු ටික බලාගත්ත කොල්ලා තමයි ගිය පාර ඔලිම්පික් මීටර් සීය රන් පදක්කම දින්නේ......!"

ඒ කතාව කුකුල්ලු නිසා ඔලිම්පික් රන් පදක්කමක් දිනපු එකක් ගැන.

අපි හැමෝම දන්නවා පංසල්වල හාමුදුරුවරුන්ට දානේ හම්බවෙන විදිහ ගැන. උන් වහන්සේලාට ගොඩ වෙලාවට දවල් දානය නම් නොවැරදීම ලැබෙනවා මොකද මිනිස්සු දාන මාන දෙන්නෙ දවල්ට. ඒත් ඉතින් හීල් දානේ ඒ කියන්නෙ උදේ දානේ ඒ වගේ සුලබව ලැබෙන්නෙ නෑ. ඉතින් ගොඩක් වෙලාවට හමුදුරුවරු තම්න්ට පුළු පුළුවන් විදිහට ඒක පංසලේ ඇබිත්ත කොලුවෙක් ඉන්නවා නම් එයාට කියලා හරි, නැති නම් තමන් විසින් හරි සිදු කරගන්නවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාවෙ හැටියට රෑට ඝන ආහාරයක් අරගන්නෙ නැතිව සැතපෙන හාමුදුරුවරුන්ට උදේටත් මුකුත් වලඳන්න ලැබුනේ නැත්නම් ලොකු අපහසුතාවයකට තමයි පත් වෙන්නෙ.

ඔන්න දවසක් එක්තරා ගමක පන්සලේ හාමුදුරුවන්ටත් හීල් දානේ මග ඇරුනා. පංසලේ කිසිම දෙයක් තිබුනේ නෑ දානෙට ගන්නවත් දානෙ පිළියෙල කරගන්නවත්. කොහොම හරි ඔය පන්සල කිට්ටුවම තියෙන මුස්ලිම් ගෙදරක ඉන්නවා ගම් කිකිලියෝ දහයක් පහලවක් තියාගෙන බිත්තර එහෙම අරගෙන ලඟ පාත කඩවල් වලට බිත්තර විකුණන්න දාලා කීයක් හරි හොයා ගන්න ජෝඩුවක්. මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට බිත්තර වලට අමතරව ආප්ප, ඉඳි ආප්ප වගේ දේවලුත් කඩවල් වලට දානවා.

කොහොම හරි දානෙ මග ඇරිච්ච දවසෙ හාමුදුරුවෝ දකිනවා මේ බිත්තර ගෙදර ගෑණු මනුස්සයත් උදේ පාන්දරම කඩවල් වලට කඩයප්පම් දාලා හනි හනිකට ගෙවල් පැත්තෙ යනවා. හොඳටම බඩගින්නෙ හිටපු හමුදුරුවොත් අර මනුස්සයට කතා කරලා අහනවා,

"ඉතුරු වෙච්ච ආප්ප එහෙම ගන්න තියෙනවද උපාසක අම්මේ...? මොකද මේ අපේ පොඩි උන්නාන්සේලා ටිකට වත් අද උදේට වලඳන්න මොනවත් පංසල හරියේ නෑ....! ?" කියලා

ඒ වෙනකොට හිස් පංකොල වට්ටිය අරගෙන ගිය ගෑණු මනුස්සයගේ හිත හොඳටම රිදුනා හාමුදුරුවෝ ඒක අහපු විදිහෙන්ම.

"අනේ ෂාදු ඔක්කොම කඩයෙප්පම් ටික ඉවරයි තමයි......... යේත් හිටින්නකෝ මම විජහට ගොහින් ආප්ප ටිකක් තමා ඉකමනටම හදාගෙන යෙන්නම්....!" කියලා අඩිය ඉක්මන් කරලා ගෙදර පැත්තට දිව්වා.

කොහොම හරි ගෙදර ගිය ගෑණු මනුස්සයා ඉතුරු වෙලා තිබුනු ආප්ප පිටි වලින් නිකන් ආප්පයි තව බිත්තර අප්පයි හදාගෙන ගියා ආපහු පන්සල පැත්තෙ.

හාමුදුරුවොත් ආප්ප වලට සල්ලිත් දීලා පිනුත් දීලා ආප්ප ටික ගත්තා. පස්සෙ පොඩි හාමුදුරුවරු ගොල්ලන්ටත් කතා කරලා බෙදා හදා ගෙන ආප්ප වළඳන ගමන්ම හාමුදුරුවො කතා කරනවා.

"උපාසකම්මේ, මම පහුගිය දොහේ ගෙවල් ගාවින් යමින් ගමන දැක්කේ, උපාසකම්මගේ මහත්තයා වත්තෙ එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා කුක් කුක් කුක් කිය කිය කුකුලෙක් වගේ කෑ ගගහා. මොකක්ද අර ඒ මනුස්සයට වෙලා තියෙන්නෙ....?" ප්ලේන් ආප්පයක් වලඳලා අහවර වෙලා, බිත්තර ආපෙකුත් දෙකට නමලා වලඳන අතරේ හාමුදුරුවො එහෙම ඇහුවා.

“අනේ යේක තමෙයි ෂාදු දැන් ටික දොහක යිඳලා යේ මනුශ්ෂය ඔහොම තමයි. අපේ මුනියා හිතාගෙන ඉන්නේ මුනියා කුකුලෙක් කියලා. කොටින්ම කියනවනම් උදේට නැගිටින්නෙත් කුක්කු කූක් කිය කියා.... මුනියා ෂිකුරාදා පල්ලි යන්නෙත් නෑ කිකිලියෝ ටික අත ඇරලා.”

“හපොයි උපාසකම්මේ. ඕක ඉතින් බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයිනේ. ගියෙ නැද්ද ඉතින් දොස්තර කෙනෙක්ටවත් පෙන්නන්න........” කටේ පැත්තෙන් බේරෙන බිත්තර කහමදේ ඇඟිල්ලකින් පිහිදාන ගමන් හාමුදුරුවොත් අහනව.

“අයියෝ ෂාදු යෙහෙම කළොත් මගේ කිකිලියෝ ටිකට බිත්තර දේන්න කුකුලෙක් කෝ......?”

picture from
http://www.ehow.com/facts_5344635_diseases-chickens.html

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com154tag:blogger.com,1999:blog-4346015856052849283.post-26600013938721328612012-07-15T15:33:00.000+04:002012-07-15T15:33:24.572+04:00අපිත් කමුද මකුල් කුස් ?

ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදර දුවනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අම්මා බෙදල තියෙන බත් පිඟාන ගැන හිත හිත. උදේට කන්න කියලා ගොඩක් වෙලාවට ඇස්ට්‍රා මාජරින් ගාල සීනි දාල දෙන පාන් පෙති හතර ඉන්ටර්වල් එකටත් කලින් පොඩ්ඩ පොඩ්ඩ බෑග් එකට අත දාල කන නිසා දවල්
එකහමාර වෙනකොට බඩේ ඉන්න කුකුලා කෙකර ගාන්න පටන් ගන්නවා අපිටත් නොදැනිම.

ඔන්න ඉතින් අන්තිම පීරියඩ් දෙක වෙද්දි උගන්නන මේ ලෝකෙ දෙයක් ඔළුවට වදින්නෙ නෑ මොකද බඩේ කුකුලා පිකටින් කරන්න පටන් ගන්න නිසා. ඔන්න ඉතින් ඒ වෙලාවෙ ඉඳන් හිතෙන්නෙ,

"අද දවල්ට මොනවද කන්න ඇත්තේ ....?"

"බිත්තරයක්වත් තම්බලා, පරිප්පු හොදිත් එක්ක තිබුනොත් නම් මරු....."

"නැත්නම් අදත් කරවල හොදියි, බෝංචියි, කොල මැල්ලුමයිද දන්නෙත් නෑ.....!"

වගේ නා නා ප්‍රකාර සිතිවිලි......

කොහොමෙන් කොහොම හරි ඔය මොනව තිබුනත් සාගතේට අහුවෙලා වගේ ගෙදර දුවලා සපත්තුයි ෂර්ට් එකයි විතරක් ගලවලා දාලා අම්මා බෙදලා තියෙන බත් පිඟාන අතට අරගෙන මේලෝක සිහියක් නැතිව කාගෙන කාගෙන යන හැටි මට අදත් මතකයි.

ගොඩක් වෙලාවට අම්මා සතියේ දවස් හත ප්ලෑන් කරලා තමයි කෑම උයන්නෙ. සතියට එක දවසක් බිත්තර. ගොඩක් වෙලාවට ඒක සෙට් වෙන්නෙ බදාදට. හවස පන්ති හරි වෙන මොනව හරි ප්‍රැක්ටිස් තියෙනවා නම් ඒ ෂැඩියුල් එක වෙනස් වෙලා අනිවාර්යයෙන්ම බිත්තරයක් බත් එකට එකතු වෙනවා.

සතියට දවස් දෙකක් සාලයෝ වගේ පොඩි මාළු මිරිසට උයලා. සති දෙකකට වරක් විතර කෙලවල්ලෝ, තලපත් වගේ මාළු ජාතියක්. අනිත් හැම දවසකටම කරෝල එහෙමත් නැත්නම් හාල් මැස්සො තෙල් දාල හරි උයලා හරි.

ගොඩක් වෙලාවට මාසෙකට එක දවසක් වගේ තමයි අපි කැමතිම දවස උදා වෙන්නෙ. ගොඩක් වෙලාවට ඒක සෙනසුරාදවක් හරි ඉරිදාවක් හරි. එදාට අම්මා හදන්නෙ කහ බතුයි, කුකුල් මසුයි, අල තෙල් දාලා, වම්බටු මෝජුයි මින්චි සම්බෝලයයි. එදාට බුරිය උල් වෙන්නෙ ආපහු ඉස්මුරුත්තාව හැදිලා ඉස්පිරිතාලෙ යන්න ඔන්න මෙන්න කියලා තමයි. මේ දවස ගොඩක් වෙලාවට තාත්තා රට ඉඳලා සල්ලි එවන දවස් කිට්ටුවේ තමයි සෙට් වෙන්නෙ.

මේ පැටර්න් එක වෙනස් වෙන්නෙ තාත්තා නිවාඩුවට ගෙදර ආවහම තමයි. තාත්තව බලන්න කියලා ගෙදරට එන (ගොඩක් වෙලාවට තාත්තා ගේන තෑගි බෝග බලාගෙන ) බාප්පලා, නැන්දලා රොත්තයි, තව තාත්තගේ යාළුවොයි නිසා ගෙදර නිතරම සැණකෙළි ස්වරූපයක් තමයි තියෙන්නෙ. ඒ කාලෙට ඉතින් දවසක් ඇර දවසක්වත් කුකුල් මස් කන්න චාන්ස් එක සෙට් වෙනවා.

ඒ මීට අවුරුදු 15කට 20කට කලින් තත්වේ. ඒත් දැන් කාලේ බලනකොට මේ චක්කරේ එහෙම පිටින්ම අනිත් පැත්ත ගහලා.

ඒකට දැන් ගෙදරක මාළු ටිකක්, කරවල ටිකක් උයනවට වැඩියෙන් උයන්නෙම කුකුළු මස්ම තමයි. අපේ පොඩි එවුනුත් දැන් කුකුල් මස් නැතිව බත් කන්නෙ නැති තත්වෙකට පත්වෙලා.

දැන් අපිට කීරමින් ටිකක් තෙල් දාලා, පරිප්පු තෙම්පරාදුවක් දාලා පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් දුන්නොත් ඇදලා අරින්නෙ ආයි නෑ උණ්ඩුක පුච්චෙත් පිරෙන්නම තමයි.

කොහොමෙන් කොහොම හරි කාලයක් මම කුකුල් මස් කන එක නවත්තලා දාලම හිටියා. ඒ මට වුරුදු 13ක් 14ක් තරම් වංගියේ කියලා තමයි මට මතක. ඒ කාලේ ඔය නුගේගොඩ සුපර් මාර්කට් එක පිටි පස්සට වෙන්න මස් කඩ පේලියක් තිබුනා. (තාම තියෙනවද දන්නෙ නෑ මොකද සෑහෙන කාලෙකින් ඒ පැත්තට යන්න බැරි වෙච්ච නිසා ). ඔය කඩ පේලියේ තිබුනේ හරක් මස්, එළු මස් ඌරු මස් විකුණන කඩ අතර එක කුකුල් මස් විකුණන කඩයක්. අපේ අම්මා ඔතනින් කුකුල් මස් ගන්න පුරුදු වෙලා හිටියේ ටික කාලෙකට කලින් ඉඳලා.
අයිස් නැතිව කුකුල් මස් ගන්න පුළුවන් නිසා තමයි ඒකට ගොඩක්ම හේතුව.

දවසක් අම්මාගේ විධානෙන් මම ඔය කඩේට ගියේ කුකුලෙක් අරගෙන එන්න කියලා. සාමාන්‍යයෙන් කරන්නෙ මරලා සුද්ද කරලා කඩේ ඉස්සරහා එල්ලලා තියෙන කුකුලෙක් අරගෙන එන එක උනත් එදා මට
කලින් එතනට ඇවිත් හිටපු ගෑණු මනුස්සයෙක් කූඩුවක දාල හිටිය පණ තියෙන කුකුලෙක්ව මුදලාලිට පෙන්නුවා. මුදලාලි මොකද කලේ අර කුකුලගේ කකුල් දෙකන් අරගෙන බෙල්ලෙන් අල්ලලා එතන තිබිච්ච ලොකු බැරල් එකක ගැට්ටට තියලා පිහියකින් බෙල්ල කැපුවෙ හරියට පාන් ගෙඩියක් කපනවා වගේ හතර පස් පාරක් අතුල්ලලා. එහෙම්මම බෙල්ල එල්ලි එල්ලි තියෙන සුදුම සුදු පාටට හිටිය කුකුලව ඒ මිනිහා ඊට පස්සෙ අර බැරල් එක ඇතුලටම දැම්මා. ඊට පස්සෙ විනාඩියක් දෙකක් ඇහුනේ සට පට සට පට ගාලා අර කුකුලා බැරල් එක ඇතුලේ දඟලන සද්දේ. සද්දේ නැවතිච්ච ගමන්ම මස් කඩේ මුදලාලේ ආපහු කුකුලව කකුල් දෙකෙන් අල්ලලා ගෝලයට දෙනකොට අර බැරල් එකට දාපු සුදු පාට කුකුලා තනිකරම රතු පාට වෙලා හිටියා.

කොහොම හරි එදා අපේ ගෙදර අයට කුකුල් මස් කන්න බැරි උනේ තුෂ්නිම්භූත වෙලා හිටිය මම දමලා ගහලා ගෙදර ගිය නිසා. ඊට පස්සෙ අවුරුද්දක් හමාරක් මම කුකුල් මස් කෑම අත් ඇරියේ පිඟානේ තියෙන කුකුල් මස් කෑල්ල අර බැරල් එක ඇතුලේ ඉඳන් දඟලපු කුකුලගේ කියලා මට හිතෙන්න පටන් ගත්ත නිසා.

කොහොම හරි පස්සෙ කාලෙකදි, ඒ කියන්නෙ මම නමය වසර දහය වසර කාලෙදි විතර අපේ තාත්තා රට ඉඳල එනකොට ගෙනාව හරිම අපූරු එලාර්ම් ඔරලෝසුවක්. ඒකෙ විශේෂත්වය තමයි මේක කතා කරන ඔරලෝසුවක් වීම. ඕනෙම මහ රෑක නැගිටලා අත පත ගාලා ඔරලෝසුව උඩ තියෙන බොත්තම ඔබපු ගමන් ලස්සන කට හඬක් තියෙන ගෑල්ලමයෙක් රහසින් වගේ වෙලාව කියනවා. ඉතින් ඊට පස්සෙ හරි සනීපෙටත් නින්දත් යනවා. හැබැයි කරුමෙ උනේ මේකෙන් උදේ නැගිටින්න එලාර්ම් එක තියන්න පටන් ගත්තට පස්සෙ තමයි. ඒ කාලේ පාඩම් කරන්න කියලා උදේ 4ට විතර එලාර්ම් එක සෙට් කරලා තමයි නිදා ගන්නෙ. මේකෙ එලාර්ම් එකට තිබුනේ කුකුලෙක් අඬලන සද්දයක්. උදේ හතරට විතර කන ගාව ඉඳගෙන කුකුලෙක්
අඬලනවා කියලා හිතන්න. ඒකට මූන දීපු එකා තමයි දන්නෙ මුළු කුකුල් සංහතියම මරාගෙන කන්න තරම් කේන්තියක් හිතට එන විදිහ ගැන. ඊට පස්සෙ ආපහු මම කුකුල් මස් කන්න පටන් ගත්තා.

මට වඩා අවුරුදු 3ක් විතර බාල මගේ නැන්දගේ පුතා තේරුනේ පේරාදෙණියේ කෘෂි විද්‍යා පීටයට. පොර ඔතන ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට කට්ටියවම එක්කෙගෙන ගිහිල්ලා තිබුනේ ලංකාවෙ දැනට තියෙන ලොකුම කුකුල් මස් නිශ්පාදන ගොවිපල බලන්න. ඕක බලලා ඇවිත් පොරත් එදා ඉඳන් කුකුල් මස් විතරක් නෙමෙයි ඔක්කොම මස් මාළු ජාති කන එක නවත්තලා දාලා තනිකරම වෙජිටේරියන් උනා.

මිනිහා කියපු විදිහට එතන කුකුලෝ මරන්නෙ මහා පරිමාණෙට. ලොකු හෝල් එකක හයි කරලා තියෙන නවතින්නෙ නැතිව වැඩ කරන බෙල්ට් එකක් තියෙනවා. එතන ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් කරන්නෙ පණ පිටින් ඉන්න කුකුලන්ව අරගෙන අර බෙල්ට් එකේ උන්ගේ කකුල් වලින් එල්ලන එකයි.එකාට එකා ගෑවෙන විදිහට තමයි උන්ව එල්ලනවා කියන්නෙ මොකද විනාඩියට කුකුල්ලු 50ක් 60ක් ඒ විදිහට එල්ලනවා. ඔන්න ඉතින් ඔය බෙල්ට් එකේ එල්ලපු කුකුලන්ගේ බෙල්ල ඊට ටිකක් එහාට වෙලා ඉන්න මිනිස්සු දෙතුන් දෙනෙක් ඉඳගෙන පොඩ්ඩක් කපනවා. ඒ කැපිල්ලත් හරියටම කැපෙන්නෙ නැත්තෙ බෙල්ට් එක දිගේ එන කුකුල්ලන්ගේ ප්‍රමාණය වැඩි නිසා. කැපෙන කුකුලගේ බෙල්ලත් කැපෙන්නෙ බාගෙට. ඊට තත්පර කීපෙකට පස්සෙ අර පණ ගගහා ඉන්න කුකුල්ලු ටික සේරම විසාල උණුවතුර ටැංකියක් ඇතුලෙන් යනකොටත් අර කුකුල්ලු ඉන්නෙ පණ පිටින්. ඊට පස්සෙ තියෙන්නෙ ලොකු රොලර් දෙකක් අතරින් මේ කුකුලන්ව යවන එක. එතනදි තමයි මුන්ගේ පිහාටු ටික ඔක්කොම ගැලවිලා සුද්ද වෙන්නෙ. ඒ මැෂින් එකෙන් එලියට එනකොටත් සමහර කුකුල්ලු ඉන්නෙ දඟල දඟලලු.

හොඳම හරිය තියෙන්නෙ මුස්ලිම් ව්‍යාපරිකයෙකුට අයිති මේකෙ කුකුල්ලු මරන්නෙ හලාල් විදිහට. ඒ තමයි ඒ ගොල්ලන්ගේ හලාල් වාක්‍යය කැසට් එකකින් කුකුලන්ට ඇහෙන්න ප්ලේ කරලා. ඒත් ඉතින් අර කුකුලා මැරෙනකොට ඒ හලාල් වාක්කි වලින් සීයෙට දහයක්වත් අහගෙන නෙමෙයි ඌ මැරෙන්නෙ. ඒත් මුන් පස්සෙ ඒ මස් පැකට් එකේ ගහන්නෙ සීයට සීයක්ම හලාල් කියලා.

කොහොමෙන් කොහොම හරි මම දැක්කට වඩා මහා පරිමාණෙන් කුකුල්ලු මරනවා දැකලා මස් මාළු කන එක
නවත්තපු ඒ මල්ලිට මම අර එලාර්ම් ඔරලෝසුව තෑගි දුන්නේ මේක අනිවාර්යයෙන්ම මේ එලාර්ම් එක දාගෙන නිදාගත්තොත් මූ ආපහු කුකුල් මස් කන්න පටන් ගන්නවා කියලා හොඳටම ෂුවර් නිසා. . ඒත් කරුමේ කියන්නෙ මම දැනන් නොහිටියට මේ ඔරලෝසුවේ මේ එලාර්ම් එකේ ටෝන් එක වෙනස් කරන ඔප්ෂන් එකක්
තිබිලා මිනිහා ඒක බීප් බීප් සද්දෙකට මාරු කරගෙන. තාමත් ඌ කුකුල් මස් කන්නෙත් නෑ, මට එලාර්ම් ඔරලෝසුවත් නෑ.

මතු සම්භන්ධයි

පින්තූර ගත්තේ

http://slowfoodtufts.blogspot.com/2010/10/chicken-slaughtering.html
http://matthewcompany.com/images/poultry_breeding.jpg

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com178tag:blogger.com,1999:blog-4346015856052849283.post-68872490718531766372012-06-13T07:30:00.000+04:002012-06-13T07:30:01.840+04:00ඕං බස් කතා

ඉස්සර අපි ඕ.ලෙවල් වලට ක්ලාස් ගියේ ජයනෙත්ති සර්ගේ ඇල්ෆා ඉන්ස්ටිටුට් එකට. ඕක තිබුනේ නාවල පාරෙනෙ. නාවල පාර ඇල්ෆා ඉන්ස්ටිටුට් කියලා වෙනම තැනකුයි, ඊට පස්සෙ මදි පාඩුවට නාවල පාරෙ වයි.එම්.බී හෝල් එකෙයි එහෙම මාරුවෙන් මාරුවට වගේ තමයි පංති තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නෙ හයිලෙවල් පාරෙ නිසා, ඉස්කෝලේ ඇරිච්ච ගමන් පයින්ම යනවා නාවල පාරෙ තියෙන ක්ලාස් එකට. ඒ කාලේ ඔය දුර මහ දුරක් විදිහට දැනුනේ නෑ. නුගේගොඩ තියෙන එකම පිරිමි ඉස්කෝලේ අපේ ඉස්කෝලේ උනාට බාලිකාවියන්ගේ ඉස්කෝල තුනක්ම නුගේගොඩ තියෙනවනේ. ඊට අමතරව කෝට්ටෙ පැත්තෙ තියෙන ඉස්කෝල වලිනුයි, දෙහිවල පැත්තෙ තියෙන ඉස්කෝලවලිනුයි එන බාලිකාවියෝ නිසා ඔය පයින් ගමන හරිම ජොලි ගමනක් තමයි ඒ කාලේ.

යාන්තම් දැළි රැවුල වැඩීගෙන එන වයසත් නිසා, ඔය එක එක ජාතියේ ටයි පටි දිහා බල බල ඉන්නෙ නැතුව ෆුල් ජොලියේ අපිත් ඉතින් පයින්ම යනවා ක්ලාස් එකට. ක්ලාස් එක ඉවර වෙනකොට ජයනෙත්ති සර්ගේ නියමය තමයි, ගෑල්ළමයිව යවලා විනාඩි 10කට පස්සෙ තමයි පිරිමි ළමයින්ව යවන්නෙ. ඒත් ඉතින් ඒක එච්චර සාර්ථක ක්‍රමයකුත් නෙමෙයි. ඒ කාලේ ගෑණු ළමයි කොච්චර නෝටිද කියනවනං නම් පිරිමි ළමයි එනකං හිමි හිමිහිට හිමි හිමිහිට හොර ගල් අහුල අහුලා තමයි ඒ ගොල්ලෝ ඇවිදින්නෙ. පිරිමි ළමයි මැරතන් දුවනවා වගේ ඇවිදලා කොහොම හරි ගෑල්ළමයින්ව පහු කරලා ඒ ගොල්ලෝ දිහා බලන්නෙවත් නැතිව යනකොට ඒ ගොල්ලන්ට ඉතින් හරිම තරහයි.

ඔන්න ඔන්න පරණ දෙවල් මතක් වෙනකොට ලියන්න ගිය මාතෘකාවත් වෙන පැත්තකට යනවා.

ඔන්න ඉතින් අපි ගැන්සිය නුගේගොඩ සුපර්මාකට් එක තියෙන පැත්තෙන් ඇවිදගෙන ඇවිල්ලා පාරෙ අනිත් පැත්තට මාරු වෙන්න ඕනනෙ නාවල පාරට යන්න. ඔහොම එන අතරේ එකෙක් අනිත් උන්ට කලින් පාරෙ අනිත් පැත්තට පැනලා, ඔය පිට කෝට්ටෙ පැත්තට හරි, බත්තරමුල්ල පැත්තට හරි යන බස් එකක්, පාර මැද්දට පැනලා, අත දාලා, නවත්තගන්නවා හරියට අර පාරෙන් එහා පැත්තෙ ඉන්න සෙට් එකම බස් එකට නගින්න දුවගෙන එනවා වගේ. ඊට පස්සෙ පාරෙන් එහා පැත්තෙ ඉන්න උන්ට කෑ ගහනවා,

"ඉක්මනට පැනලා වරෙල්ලා බං....!" කියලා.

අනේ උන් ටිකත් අර නවත්තගත්ත බස් එක ඉස්සරහින්ම දුවලා ඇවිත් පාර පනිනවා. ඔන්න ඉතින් ඩ්‍රැයිවර් කාරයා බලාගෙන ඉන්නව කට්ටියම බස් එකට නගින කන්. අරුන් ටික පාර පැනපු ගමන් අර බස් එක නවත්ත ගත්ත එකා ඔළුව දාලා,

"තැන්ක් යූ අංකල්....!" කියලා අතින් බස් එකට යන්න කියනවා.

ඊට පස්සෙ ඉතින් ඩ්‍රයිවර් කාරයා කියන දේවල් අහගෙන ඉන්න එක විනාඩියක්වත් කට්ටිය එතන ඉන්නෙ නැතුව දුවනවා.

173 නුගේගොඩ-තොටලඟ බස් එක පටන් ගන්නෙත් ඔය නාවල පාරට හැරෙන තැනම ඉඳන් තමයි ඒ දවස්වල. ඒ රූට් එකේ දිව්වේ ලදරම්ම ලදරම් රෝසා වගේ බස් ටිකක්. කොහොමත් නුගේගොඩින් පටන් ගන්න ඔය බස් එක ඔතන කොට කොට ඉන්නවා සෑහෙන්න වෙලාවක් මිනිස්සු පටව ගන්නකං. බැරි වෙලාහරි අපි යනවෙලාවට ඔය බස් එකක් ඇද්දුවොත් එහෙම එකෙක් බස් එක පස්සෙ දුවනවා

"හෝව්, හෝව්...." කිය කිය. ඔන්න ඉතින් පස්සෙන් දුවගෙන එන රුපියලේ කෑල්ල දාල යන්න බෑ බෑ වගේ (ඒ කාලේ අවම බස් ගාස්තුව රුපියලයි, ඇඬෙනවා ) කොන්දත් බස් එකට දොහ් දොහ් දොහ් සද්දෙට තට්ටුවක් එහෙම් දාලා නවත්තනවා. ඔන්න ඊට පස්සෙ දෙබස යන්නෙ මෙන්න මෙහෙම...

“තොට ලඟද තොට ලඟද....?" අපේ එකා දුවන ගමන් හති දදා අහනවා...!

"ඔව් ඔව් මල්ලි, ඉක්මනට නගින්න....ඉක්මනට නගින්න...." කොන්දත් කෑ ගහනවා...

"හැතැප්ම කීයක් විතර තියෙනවද.......?" අපේ එකා බස් එකට එක කකුලක් තියාගෙන අහනවා....

"20ක් විතර තියෙනවා මල්ලි...." කොන්දත් අරූව ඇතුලට ඔබා ගන්න හදන ගමන් කියනවා....

"හාපෝ... තොට ලඟ උනාට මට දුරයි...!" කියාගෙන අරූ ආපහු දුවගෙන එනවා.....!

අනේ ඉතින් අර බස් එක අද්දලා යනකන්ම කොන්දා අත දික් කර කර බනිනවා අපිට ඈතට ඇහෙනවා.....!

කවුරුත් දන්නවනේ මහින්ද අබේසුන්දර මහත්තයව. මම ඉස්සර ඉඳන්ම හරිම කැමතියි උන්නැහේට. මොකද ඒ දවස්වල ඉඳලම හරිම විහිළුකාරයා. පොර දිවයිනේ ඉන්න කාලේ පටන් ගත්ත "මහින්දගේ ආගිය කතා" වලින් පොර හරිම ජනප්‍රිය උනා. ඉස්සෙල්ලාම දිවයිනේ, ඊට පස්සෙ ලක්බිමේ ඊට පස්සෙ සිළුමිණේ වගේ උන්නැහේ යන යන තැනට ඔය ආගිය කතාත් අරගෙන ගියානේ. උන්නැහේ ආගිය කතාවලට ලියපු ඔය බස් සම්භන්ධ කතාවකුත් මට මතක් වෙච්ච එකේ, මට මතක තියෙන විදිහට ඒකත් ඔන්න ඔහේ ලියලා දානව කියලා හිතුවා.

ඔන්න ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේ කතාවට කන්ද උඩරට විස්ස විද්‍යාලයත් සම්භන්ධයි. මම ඉතින් ඔය විස්ස විද්‍යාලෙට විසි තිස් පාරක් ගිහිල්ලා තිබුනට ඒ වැඩි හරියක් වලේ නාට්ටි පෙන්නන්න සයිඩ් සපෝට් එකක් දෙන්න තමයි. ඒක නිසා සමහර විස්තර වල අඩු පාඩු කං තියෙන්න පුළුවන් හොඳේ....!

මේ කාලේ වෙනකොට කන්ද උඩරට විස්ස විද්ද්යාලෙට අළුත් නැවක් ආපු කාලේ. ඉතින් නැවෙන් ආපු කෂ්ටිය පිලිගන්න ජ්‍යේෂ්ඨ උත්තම උත්තමාවියෝ කුරුඳු නැටි වලින් එහෙම දත කට මැදගෙන ඉන්න කාලයක්. කැමැත්තෙන්ම රැගට සෙට් වෙන අයයි, බලෙන් රැගට අරගෙන යන අයයි, සම්පූර්ණයෙන්ම රැගෙන් අයින් වෙලා ඉන්න හාල් කෑලියි කියලා ඔය කෂ්ටියව ඉතින් බෙදෙනවනේ ඔය කාලේ වෙනකොට.

ඔන්න ඉතින් දෙයියනේ කියලා උදේ පාන්දරම කුණු ප්‍රෙෂාලව පෝලිම් ගස්සලා රැගට අරගෙන යන්න තමයි ජ්‍යේෂ්ට උත්තම උත්තමාවියෝ සැරසෙන්නෙ. ඔය අස්සෙ මේකෙන් ගැලවෙන්න බලාගෙන ඉන්න එවුන් ගස් ගල් පඳුරු වලට මුවාවෙලා ෂේප් එකේ මාරු වෙලා යනවා. එහෙම පැනලා යන එවුන් පට ගාල පාරට පැනලා ගලහා පැත්තට යන බස් වල එල්ලිලා මාරු වෙන්න තමයි කල්පනාව. ඔය සංසිද්ධිය අවුරුදු ගාණක් වෙලා පළ පුරුදු නිසා ජ්‍යේෂ්ඨ උත්තමයෝ හැතැක්මක් දෙකක් එහාට ගිහිල්ල ඔය එන හැම බස් එකකටම නැගලා දැන් යමරෙට චෙක් කරනවා ප්‍රෙෂාලා පැනලා යනවද කියලා.

ඔන්න බස් එකට නැගපු ජ්‍යේෂ්ඨ උත්තමයෝ කෑගහනවා,

"තොපි හිතුවද රැග් එකෙන් බේරෙන්ඩ... ආහ්...? බැහැපිය ඔක්කොම කුණු ප්‍රෙෂාලා බස් එකෙන්....!" අනේ ඉතින් වැඩි හරියක් ප්‍රෙෂාල සෙට් එක දඩි බිඩි ගාල බස් එකෙන් බහිනවා....

ඔය අස්සෙ බස් වලට නැගපු සමහර ප්‍රෙෂාලා අයිනේ සීට් අල්ලගෙන වාඩි වෙලා බොරුවට නිදි කිරා වැටි වැටි වගේ ඉන්නවා...

ඔන්න ඒ පාර ආපහු අර ජ්‍යේෂ්ඨයා කෑගහනවා....

"ඔය බොරුවට නිදාගෙන ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුත් බැහැපියව් ඔක්කොම....."

අනේ ඉතින් වැඩේ අතේ මාට්ටු නිසා නිදාගෙන වගේ ඉන්න එවුනුයි, නිදි කිරා වැටි වැටි ඉන්න එවුනුයි ඔක්කොම ටිකත් බස් එකෙන් බහිනවා....!

දැන් ඉතින් පැනලා යන්න හදපු නිසා පෝරියල් එක වැඩියි....! සෙට් එකම අල්ලලා පෝලිම් ගස්සලා දැන් කට්ටියව පාරෙ ඉඳන්ම හාවා පන්නනවා...... තව ටික දුරක් තාරාවා යවනවා... කැම්පස් එකට එනකන්ම....!

ඔන්න ඉතින් ඔය විදිහට හවස් වෙනකන්ම එක එක රැග් සීන් දීලා දැන් ප්‍රෙෂාලට පාං කියා ගන්න බැරි තරම්. ඔන්න මුන් ටිකව ආපහු පෝලිං ගස්සලා ජ්‍යේෂ්ඨ උත්තමයෝ දැන් තෙල බෙදනවා රැග් එක මග ඇරීමේ ප්‍රථිවිපාක, ආනිසංස එහෙම පහදලා දීලා....

ඔන්න ඉතින් අර බස් එකට නැගලා ප්‍රෙෂාලව බස්ස ගත්ත ජ්‍යේෂ්ඨ උත්තමයා කියනවා....

"තොපි අද වගේ හෙටත් මග ඇරලා තිබුනොත්, උඹලට ආපහු දෙන්නෙ අම්ම මුත්ත මතක් වෙන්න දැනගනියව්.....! හෙට උදේම ඇවිල්ල තොපි පෝලිං ගැහිලා හිටියෙ නැත්නම් බලාගන්න පුළුවං....!"

ඔන්න ඒ අස්සෙ පෝලිමේ හිටිය එකෙක් වෙව්ල වෙල අත උස්සනවා......

"මොනාද තොට කියන්න තියෙන්නෙ...." ජ්‍යේෂ්ඨයත් අහනවා....

“අයියේ, හෙටත් එන්න ඕනෙද ..?”

"හෙටත් එන්න ඕනෙද ...? තොපේ අම්මලා තාත්තලා දුක් විඳලා මහන්සිවෙලා තොපිට උගන්නලා, විභාග පාස් කරවලා කැම්පස් එකට එව්වෙ තොට හිතිච්ච වෙලාවට කැම්පස් එන්නද බොල.....?" ජ්‍යේෂ්ඨයත් ගෝරනාඩු කරනවා....

“අනේ අයියේ, මම විභාගේ ෆේල්නේ...! ” ඔන්න පෝලිමේ ඉඳලා අත උස්සපු එකා කියනවා...

"විභාගේ ෆේල්...? එහෙනම් කොහොමද යකෝ තෝ කැම්පස් ආවේ....?" ජ්‍යේෂ්ටයා මුගේ ලඟටම ඇවිල්ල ගෝරනාඩු කරනවා....

“ඉතින් අයියනේ මාව බස් එකෙන් බස්සගෙන හාවා පන්න පන්න කැම්පස් එකට එක්කගෙන ආවෙ...”

ඔන්න ඉතින් ජ්‍යේෂ්ඨයට ටික ටික පත්තු වෙනවා කොහේ හරි වැරද්දක් වෙලා කියලා. ඒ අස්සෙ මෙච්චර වෙලා රැග කාපු ප්‍රෙෂාලත් කිණ්ඩියට හිනා වෙනවා...

“කැම්පස් නෙවේ නං තෝ මොකටද යකෝ බස් එකෙන් බැස්සෙ...? ” හීන් දාඩිය පිහිදාන ගමන් ජ්‍යේෂ්ඨයත් අහනවා....

“අයියා කිව්වෙ නිදි කිරා වැටි වැටි ඉන්න එවුන් ඔක්කොම බැහැපියව් කියලා.......”

හුටා....දැන් පෝලිම්වල ඉන්න ප්‍රෙෂාලා බඩවල් අල්ලගෙන හිනා වෙනවා.

“තෝ කොහේ යන ගමන්ද ?”

“ක්ලාස් යන ගමන් අයියේ....”

“මොන ක්ලාස්ද බොල...?”

“කරාටේ ක්ලාස්....!”

කරාටේ ක්ලාස් කියපු එකේ මතක් උනේ, දැනට අවුරුදු පහ හයකට කලින් විතර මම අනංමනං එකට ලියපු කතාවක්.

ඔය මාතලේ පැත්තේ යන සී.ටී.බී බස් එකකට අළුතින් කොන්දෙක් එනවා වැඩට. ඔන්න ඉතින් මිනිහා අළුත් නිසා තැලිලා පොඩි වෙලා එහෙම නැති නිසා හරිම ප්‍රවේසමෙන් තමයි ඔය බස් එකේ වැඩ. ඩිපෝවෙන් උදේම පාරට දාපු ගමන්ම වගේ හෝල්ට් එකකින් තට්ටෙ ගාපු, ෆුල් මරුමුස් පාට අතේ පච්චයක් එහෙම ගහපු සරමත් කැහැපට ගහගත්ත පොරක් නගිනවා බස් එකට.

“අයියේ ටිකට් ගන්න...” ඔන්න කොන්දා කියනවා...

"හහ්, ටිකට් ගන්න....? මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" ඔන්න බුවත් කොන්දා දිහා බලාගෙන මුළු බස් එකටම ඇහෙන්න කියනවා...

වැඩ කරන්න ආපු අළුත, සතා කවුද කියලවත් දන්නෙ නැතිව වලියට යන්නත් බැරි නිසා, කොන්දත් සද්දේ වහලා අනිත් අයගේ ටිකට් කඩන්න පටන් ගන්නවා...

ඔන්න ඔහොම දෙවනි දවසෙත් බුවා බස් එකට නගිනවා....

කොන්දත් ටිකට් ගන්න කියලා කියනවා...

“මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත් බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" අර බුවත් මුළු බස් එකටම ඇහෙන්න කියනවා. කොන්දත් සද්දේ වහලා ඉන්නවා.

ඔය විදිහට ටික කාලයක්ම ගියා. කොන්දට හැමදාම වෙන මේ නව නිංගිරාව තව දුරටත් ඉවසගෙන ඉන්න බැරිම තැන ඒ පැත්තේ මාස්ටර් කෙනෙක් ගාවට ගියා කරාටේ ඉගෙන ගන්න.

ඔන්න ටික කාලයක් යනකොට කොන්දත් හොඳට කරාටේ එහෙම ඉගෙන ගෙන ඔය එක එක ජාතියේ පටි දෙක තුනකුත් දා ගත්තා. දැන් ඔන්න කොන්දා යකාටවත් බය නෑ....

ඔන්න එදා කොන්දා උදේ බස් එකට නැග්ගේ අදනම් මේකෙ දෙකෙන් එකක් බේරගන්නවාමයි කියලා හිතාගෙන.

අර මරුමුස් ජේමිසා එදත් උදේම බස් එකට නැග්ගා...

"දැන් නැග්ග අය ටිකට් ගන්න..." කොන්දත් ජේමිසා දිහා බලාගෙන කෑගැහුවා....

"මම තමයි මාතලේ ජේමිස්, මම බස් එකේ යනකොට ටිකට් ගන්නෙ නෑ..." ජේමිසත් පුරුදු උත්තරේම දුන්නා....

"ටිකට් ගන්නෑ....? එහෙම පුළුවන්ද මිනිහෝ බස් වල යන්න. ගනින් මිනිහෝ ටිකට්...!" කියාගෙන කොන්දත් ටිකට් මැෂිමත් උළුක් කරගෙන පැන්නා ජේමිසා ඉස්සරහට...

“අනේ මචං මම සීසන්....ඒකයි ටිකට් ගන්නෙ නැත්තෙ....!” ජේමිසත් සාක්කුවෙන් සීසන් එක අරගෙන කොන්දට දුන්නා.

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com130tag:blogger.com,1999:blog-4346015856052849283.post-68915341301465433512012-06-07T07:30:00.000+04:002012-06-07T23:26:43.431+04:00(කොන්)දොස්තර(ගේ) දත් ගැලවීම

මේ ලඟදි දවසක් මගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් ඩුබායි හන්දියට ආපු ගමන් අපේ ගෙදරත් ආවා අපිව බලලා යන්න එහෙම කියලා. ඒ එනකොට පොර හැමෝටම තෑගි බෝග එහෙමත් මහ ගොඩක් බරටම උස්සගෙන තමයි ආවෙ ඕං. උසස් පෙළ කරන කාලෙදිම උතුරු කුරු දිවයිනට එහෙම නැතිනම් කැන්ගරු දේශයට මයිග්රේට කරලා අඩු වයසින්ම කැන්ගරු දේනුවකුත් කර කාර බැඳගත්ත පොරව මට මුන ගැහුනේ අවුරුදු විස්සකට විතර පස්සෙ මම හිතන්නෙ. ඔන්න ඉතින් කාලෙකට පස්සෙ හමුවෙච්ච නිසා පොඩියට මදුවිත ටිකකුත් තොල ගාන අතරෙදි අතීතය හාර අවුස්ස අවුස්ස ඒ දවස්වල වෙච්ච සිද්ධි, ආගිය කතා එහෙම රස කර කර ඉන්න කොට තමයි ඒ දවස්වල වෙච්ච මරු සිද්ධියක් මතකෙට ආවෙ.

ඔන්න අපි ඒ කැන්ගරු යාළුවට රුවන් කියලා කියමුකෝ පහසුවටත් එක්කලා. රුවන් ඉස්කෝලෙදි හිටියේ මට වඩා එක පන්තියක් පහලට වෙන්න. ඉතින් රුවන්ලා ඕ.ලෙවල් විභාගෙ කරනකොට අපේ ඒ.ලෙවල් පන්ති එහෙම පටන් අරගෙන. කොහොමත් රුවන් ඒකාලේ සෙට් වෙලා හිටියේ හැමතිස්සෙම වලියට බර අන්තිම නසරාණි සෙට් එකත් එක්ක තමයි. අවුරුද්දක් උඩින් හිටිය අපි ඇඩ්වාන්ස් ලෙවල් කරන ඇඩ්වාන්ස් කොල්ලෝ නිසාත්, අළුතෙන් ප්‍රිෆෙක්ට් බැජ් එකක් එහෙම ගහගෙන හිටපු නිසත් ඔය නසරාණි වැඩ වලින් ඈත් වෙලා ඒවාට අනුකූලතාවයක් නොදක්වන මට්ටමක තමයි හිටියේ. ඉතින් රුවන්ලත් එක්ක අපේ ඇයි හොඳැයියක් තිබුනේම නෑ ඒ කාලේ. ( පස්සෙ කාලෙක මුන් සෙට් එක ඒ.ලෙවල් කරන්න ඇවිත් ප්‍රෙෆෙක්ට් බෝඩ් එකට ජොයින් උනාට පස්සෙ තමයි හොඳටම ෆිට් උනේ. )

ඕ.ලෙවල් විභාගේ අන්තිම දවසේ මුන් සෙට් එක ගිහින් තිබුනා මරදානේ ඔලිම්පියා එකේ ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එක ඒ දවස්වල ආපු හොරර් ෆිල්ම් එකක්. මතක විදිහට ‘ෆ්‍රයිඩේ ද තිර්ටීන්ත්’ වගේ තමයි මට මතක. වැඩේ කියන්නෙ මමත් මගේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් එක්ක එදාම ඔය ෆිල්ම් එක බලන්න ගියා. කොහොමින් කොහොම හරි ෆිල්ම් එක ඉවර වෙලා ගෙදර එන්න 176 කරගම්පිටිය සී.ටී.බී බස් එකට නැගලා එනකොට ඔන්න රුවන්ලගේ සෙට් එකත් ඇවිත් ඔය බස් එකේම එල්ලුනා. එහෙම එල්ලිලා බස් එක ඇතුලේ ඉඩ තියෙද්දිත් මුන් ටික ෆුට් බෝඩ් එකේම එල්ලිලා බස් එකේ ටකරන් වලට මහ හයියෙන් බෙර ගගහා හරයෙන් ඉතා ගැඹුර,ු ඝෘතියෙන් තොර සින්දු කිය කිය විභාගය ඉවර උන එකේ ෆන් එක හරිම අහිංසක විදිහට විඳගෙන විඳගෙන යනවා.

පුදුම අහඹු සිදුවීමක් කියන්නෙ මේ බස් එකේ කොන්දා අර දුමීගේ අක්කට දෝස් මුරේ දාන්න ගිහින් වෙච්චි සිද්දියේ හිටිය කොන්දමයි. ඉතින් මේ කොන්දත් සොමියෙන් තොර වලියට බර මෙලෝ රහක් නැති එකෙක්නේ. ඔන්න දැන් අරුන්ගේ සින්දු ටිකත් ටික ටික නැගලා යන කොට එකෙක් පඩි පෙලෙන් උඩට නැගලා සින්දුවේ තාලෙට බස් එකේ බෙල් එක ගහන්න පටන් ගත්තා. (ඒ බස් එකේ තිබුනේ අර ලණුවෙන් අදින, ටිං ටිං ගලා වදින බෙල් එකක්) ඔන්න ඉතින් කොන්දත් පිටි පස්සට ඇවිත් කුණුහරුපයක් දෙකක් කියනකොට බෙල් එක ගහන එක නැවැත්තුවත්, පොර ටිකට් දෙන්න බස් එක ඇතුලට ගිය ගමන් අරුන් ටික ආපහු බෙල් එක ගහන්න පටන් ගන්නවා.

ටික වෙලාවක් යනකොට ඩ්‍රයිවර් කාරයටත් මල පැනලා, බහින්න ඉන්න එකෙක් බෙල් එක ගැහුවත් බස් එක නවත්තන්නෙ නැතිව ඇරලා දාල යන්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සෙ තමයි බස් එකේ හිටපු බඩ දරු අම්මා කෙනෙක් බහින්න බෙල් එක ගැහුවත් බස් එකේ මැද හරියේ හිටපු කොන්දාගේ සිග්නල් එකට ඩ්‍රයිවර් කාරයා හෝල්ට් එකේ නවත්තනෙ නැතිව බස් එක අද්දලා ගියේ. ඊට පස්සෙ අර අම්මා "බහිනවා, බහිනවා" කියලා බෙරිහන්දීපු නිසත් බස් එකේ අනිත් මිනිස්සුත් කෑගහලා බස් එක නවත්ත ගත්ත නිසාත් ඒ අම්මා ෆුට් බෝඩ් එකේ ඉන්න රුවන්ලගේ සෙට් එකේ පරම්පරාවටම පින් දෙන ගමන් බස් එකෙන් බැහැලා යන්න ගියා. ඔන්න ඊට පස්සෙ තමයි කොන්දා මාරාවශේෂ වෙලා වගේ වලියට සෙට් උනේ.

කොන්දගේ යූෂුවල් පොට එකට (ෆුට් බෝඩ් එකත් අන්තිම සීට් එකත් අතර අයිනේ කෑල්ල ) පැනපු කොන්දා පොර ගාව තියෙන සමූල ඝාතක අවියෙන් (ටිකට් මැෂිමෙන් ) ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ බස් එකත් එකසිය හැටට හැටේ යන අතරේ. ටිකට් මැෂිමේ පටියෙන් පද්ද පද්ද කොන්ද දැන් ෆුට් බෝඩ් එකේ ඉන්න කොල්ලන්ට කෙලිනවා. කොල්ලෝ ටිකත් පුළු පුළුවන් විදිහට ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන ගමන්ම කොන්දටත් ප්‍රති ප්‍රහාර දෙනවා. ඔය අතරේ තමයි එකෙක් පැනපු ගමන් ටිකට් මැෂිම කොන්දගෙන් උදුරගෙන ඒක රුවන්ගේ අතට පාස් කලේ. මෙච්චර වෙලා ටිකට් මැෂිමෙන් ගුටි කකා හිටපු ඌත් පටිය පද්දලා පද්දලා කොන්දගේ මූණටම මැශිමෙන් කෙලියා කොන්දගේ මූණ ඥාළුවෙලා යන්නම. ඒත් එක්කම තමයි කොන්දගේ කෘන්තක, රදනක චාර්වක සහ පුර්ස්චාර්වක යන දත් වලින් තෝරා බේරා ගත් ඉස්සරහා දත් දෙකක් බලාගෙන ඉන්දැද්දිම ලේ තලියකුත් එක්ක බිමට වැටුනේ. ඒත් එක්කම කොන්දත් කෙහෙල් කඳක් වගේ ලේ පෙරාගෙනම බස් එකේ ඇදගෙන වැටුනා සිහිය නැතිව වගේ. ලේ පෙරාගෙන බස් එක ඇතුලේ වැටුන කොන්දව දැකපු ගමන් තමයි රුවන්ලගේ සෙට් එකට හීන් දාඩිය දැම්මේ.

"අඩෝ, මූ මැරුනද කොහෙද.....! උඹ ගහපු පාර ඔළුවටමයි වැදුනේ...! මෙන්න ඔළුව කුඩුවෙලා ලේ එනවා...." එකෙක් කෑ ගහලා කිව්ව විතරයි මුන් සෙට් එක ෆුට් බෝඩ් එකෙන් පැනලා දුවන්න ගත්තා. ඒත් එක්කම වගේ බස් එකත් බ්රාස් කියලා බ්රේක් ගහලා නැවැත්තුවා. මිනිස්සු වටවෙලා කොන්දව උස්සලා පිටි පස්සෙ සීට් එක උඩින් තිබ්බා.

බස් එක නැවැත්තුවේ කාසල් ඉස්පිරිතාලේ පහුවෙලා ටික දුරක් ගියාම තමයි. රුවන්ලගේ සෙට් එක රේල් පාරට පැනලා රේල් පාර දිගේ ඈතට දුවනවා. හතර පස් දෙනෙක් උන්ගේ පස්සෙ එලෝනවා.

කොහොමත් ටික වෙලාවකට පස්සෙ කොන්දා නැගිට්ටා. ඉස්සරහ දත් දෙකක් කැඩිලා තිබුනට වඩා වැඩි දෙයක් වෙලා තිබුනේ නෑ කොන්දට. ඌත් හොටු පෙර පෙර අඬනවා. ඔන්න ඉතින් මුළු බස් එකේම කට්ටියව බැස්සුවා බස් එක පොලීසියට ගෙනියන්න කියලා.

මේ වෙනකං ජවනිකා ටික සියසින්ම නරඹන්න පුළුවන් උනත් එතන ඉඳලා කතාව කිව්වෙ රුවන්.

කොහොම හරි මුන් ටික පණ එපා කියලා රේල් පාර දිගේ නාරාහේන්පිටට යනකන්ම දුවලා. පිටිපස්සෙනුත් මුන්ටිකව අල්ලගන්න සෙට් එකක් දුවගෙන එනවා. කොහොමෙන් කොහොම හරි නාරහේන්පිට හන්දියේදි පොලිස් ජීප් එකක් ඇවිත් මුන් ටික ඔක්කොම අල්ලගෙන එකා පිට එකා ජීප් එකේ පිටි පස්සට දාලා නාරාහේන්පිට පොලීසියට අරගෙන ගිහිල්ලා. ජීප් එකෙන් අරගෙන ආපු සෙට් එකම එක පොදියකට කූඩුවට දාලා. චන්ඩි වගේ වලියට සෙට් උනාට මොකද දැන් කට්ටියට චූ යන තරමටම තක්බීර් වෙලා තමයි ඉඳලා තියෙන්නෙ. ඔක්කොම හිතාගෙන ඉඳලා තියෙන්නෙ කොන්දා මැරිලා කියලයි. ඔන්න ඉතින් කට්ටිය නඩු වලට උසාවි යන හැටි, එල්ලුම් ගහට ගිහින් කඹේ එල්ලිලා ඉන්න හැටි, ජීවිතාන්තය දක්වා හිරේට ගිහින් පරිප්පු හැඳි ගාන හැටි හීන මව මව ජොලියේ කූඩුවට වෙලා ඉන්නවා.

කොහොමෙන් කොහොම හරි පොලීසියේ උන් දැන් මුන් සෙට් එකව අම්බානෙකට බය කරනවා උසාවි දානව, නඩු දානවා, උඩ එල්ලලා ගහනවා වගේ මුන්ගේ හීන හැබෑ වෙන දේවල් කියනවා .

කොහොම හරි පැයක් දෙකක් විතර ගියාට පස්සෙ තමයි බෙහෙතුත් දාගෙන කොන්දත් ඇවිත් තියෙන්නෙ පොලීසියට. ඊට පස්සෙ තමයි මුන් ටිකගේ කටට කෙළ හරි ටිකක් උණලා තියෙන්නෙ.

ඊට පස්සෙ යුනිෆෝම් එකෙන් හිටිය රුවන්ලගේ සෙට් එකෙන් ගෙවල් වල විස්තරයි, ෆෝන් නොම්මරයි අරගත්තෙ ගෙවල්වලට දැනුම් දෙන්න කියලා.

ඔන්න දැන් තමයි කට්ටියට පත්තු වෙන්න ගත්තෙ. එල්ලුම් ගහේ යැව්වත් කාටවත් මේ සිද්ධිය තමන්ගේ ගෙවල් වලට දැනගන්න තියන්න ඕන උනේ නෑ.

"අනේ අංකල් අපේ තාත්තා පපුව අමාරුකාරයා, අපේ ගෙදරට නම් මේක කියන්න එපා...." ඔන්න එකෙක් නහයෙන් අඬනවා....!

"තොපි කරන අළුගුත්තේරු වැඩ වලට තොපේ තාත්තලා මෙච්චර කල් හරි ජීවත් වෙලා හිටපු එකත් ලොකු දෙයක්....!" පොලිස් අංකලුත් ඉතා කාරුණිකව පිළිතුරු දෙනවා.....

"අනේ අංකල් මම විභාගෙත් හොඳට කලේ පාස් උනාට පස්සෙ එයාර් ෆෝස් එකට ජොයින් වෙලා පයිලට් කෙනෙක් වෙන්න...! පොලිස් පොතේ නම් මගේ නම ලියන්න එපා..." තව එකෙක් කුණු කුණු ගානවා....!

"පයිලට්...? තෝව යවන්නෙ දැනගනින් නගරසභාවෙ කොණු ලොරිය එලවන්න බලාපිය.....!" පොලිස් අංකල්ලත් සුපුරුදු මානුෂීය භාෂාවෙන්ම උත්තර දෙනවා...!

කොහොමෙන් කොහමහරි රුවන්ලගේ තාත්තා ඒ වෙනකොට ඒ පැත්තෙ සෑහෙන්න ප්‍රසිද්ධ බස් අයිතිකාරයෙක්. රුවන්ලට අයිති ලොකු ටාටා බස් හත අටක්ම එක එක පාරවල් වල දිව්වා. රුවන්ගේ තාත්තගේ නම කියපු ගමන් රුවන්ව පොලීසියෙන් අඳුරගත්තා.

ඔන්න ඒ පාර පොලීසියේ ඕ.අයි.සී රුවන්ටයි, කොන්දටයි කාමරේට කතා කලා.

"ඔය කරලා තියෙන්නෙ පුතන්ඩියා හොඳ වැඩක් තාත්තාගේ නම්ඹුව වැඩි කරන්න...." කියන ගමන් ඕ.අයි.සී ටෙලි ෆෝන් එක උස්සලා ඩයල් කරන්න පටන් ගත්තා...

"අනේ අංකල් තාත්තට නම් කියන්න එපා.... මම මේ කොන්දා අංකල්ට බෙහෙත් දාගන්න සල්ලි දෙන්නම්....!"

"බෙහෙත් ? බෙහෙත් නෙමෙයි මනුස්සයෝ, බලනවා මේ මුනුස්සයගේ කටේ හැටි....! අලියෙක් කුණු බෝක්කුවක් කඩාගෙන ගිහිල්ලා වගේ.....! තමුසෙට දත් සෙට් එකක් දාලා දෙන්න වෙයි...!" ඕ.අයි.සිත් ගෝරණාඩු කරනවා....

"හා හා අංකල්, මම මේ අංකල්ට දත් දාන්න සල්ලි දෙන්නම් කොහොම හරි....! ගෙදරට නම් කියන්න එපා...අනේ..!.."

"හ්ම්... හරි එහෙනම්... ඔන්න තමුසේ මේ ළමයගෙන් සල්ලි අරගෙන අඩු පාඩුවක් නැතිව දත් ටික දාගන්නවා....! තමුසෙත් යනවනේ ඉතින් මේ ඉස්කෝලේ යන කොල්ලොත් එක්ක වලි දාගන්න.....!"

"රාළහාමි, මෙන්න මෙයාගෙන් කට උත්තරයක් අරගෙන ඔය ළමයි ටිකට යන්න දෙනවා.... තමුසේ දත් සෙට් එක දාගෙන ඇවිත් පෙන්නනවා සතියකින් දෙකකින්...." අන්තිමට ඕ.අයි.සීත් අවසාන තීන්දුව දුන්නේ රුවන්ට යන්තම් ඇති ඔයින් ගොඩ ගියා කියලා හිතෙන ගමන්මයි....!

කොන්දත් රුවන්ගෙන් ගෙදරට එන පාරයි, පහුවෙනිදට එන්න ඕන වෙලාවයි අහගත්තට පස්සෙ කට්ටියම සාමදානෙන් අත් අල්ලගෙන පොලීසියෙන් එළියට බැස්සා....!

ඔන්න පහුවෙනිදත් කියපු වෙලාවටම වරද්දන්නෙ නැතිව කොන්දාත් එනවා සල්ලි අරගෙන යන්න.

"තමුසෙට කීයක් ඕනෙද දත් දාන්න...?" රුවන් හෙමිහිට කොන්දා ලඟට ගිහිල්ලා ඇහුවා....!

"රුපියල් 5000 ක් ඕනෙ මේ දත් දෙක දාන්න....."

"රුපියල් 5000ක් ?" , ( ඒ කාලේ රුපියල් 5000 ට රත්තරන් දත් සෙට් එකක් දාන්න පුළුවං. )

දැන් ඉතින් කරන්න දෙයක් නෑ. රුපියල් 5000ක් නොදිත් බෑ. මේක ගෙදර දැනගත්තොත් රුපියල් 5000 වගේ නෙමෙයි.

රුවන්ලගේ බස් වලින් ලැබෙන ආදායමේ දවසේ එකතුව දාන්න, බස් එකේ නොම්බරේ ගහපු එක බස් එකකට එක මුට්ටියක් ගානේ ගෙදර තියෙනවා. ඒකට රුවන්ලා කියන්නෙ 'බස් මුට්ටි' කියලා. දවස ගානේ සල්ලි දැම්මත්, මාසේ අන්තිමට තමයි මේ සල්ලි ගැනලා බලලා බැංකුවට දානවයි කියන්නෙ. ගෙදර වියදමටත් අම්මයි තාත්තයි සල්ලි ගන්නෙ ඔය බස් මුට්ටි වලින්මයි.

ඔන්න ඉතින් රුවනුත් මොකද කලේ බස් මුට්ටි හතර පහකට අත දාලා අහුවෙච්ච සල්ලි ටික ගණන් කරලා රුපියල් 5000ක් සෙට් කරලා කොන්දට දුන්නා.

සල්ලි ටික අතට ගත්ත හැටියෙම කොන්දාගේ ඇස් දෙක දිලිසෙනවා රුවන් දැක්කා. මුව මුක්තාලතා පෙන්නලා හිනා වෙනකොට කැඩිච්ච දත් දෙක අතරෙන් දිව එළියට ඇවිල්ලා අමුතුම සුන්දර දර්ශණයකින් කොන්දගේ මූණ බැබලෙන්න පටන් ගත්තා.

"හරි, මම ගිහින් එන්නම්....." කියලා තත්පරයක්වත් නවතින්නෙ නැතිව කොන්දා ආපහු හැරුනා....

"ගිහින් එන්නම්...." කියලා කියපු විදිහ රුවන්ට එච්චර හිතට ඇල්ලුවෙ නැති උනත් ඒ කරදරේ ඔයින් ඉවරයිනේ කියලා රුවන් හිත හදා ගත්තා.....!

ගත උනේ දවස් තුන හතරයි. දවසක් හවස් යාමේ ගෙදර හැමෝම ඉන්න වෙලාවේ මෙන්න බොලේ කොන්දා එනවා රුවන්ව අහගෙන, තනියම නෙමෙයි තව ගෑණියෙකුත් එක්ක.

ගෙදර අය ප්‍රශ්න අහන්න කලින් ගේට්ටුව ගාවට දුවල ගිය රුවන් දැක්කේ කිරි පාට සුදුට සුදේ අළුත් දත් දෙකක් දාගෙන හිනාවෙන කොන්දවයි.

"මොකටද මනුස්සයෝ ආපහු ආවෙ.......?"

"මල්ලි, අපේ ගෑනිටත් දත් දෙකක් දාගන්න ඕනෙළු....! කීයක් හරි ඉල්ලගෙන යන්න කියලා ආවෙ..." කොන්දා එහෙම කියනකොටම ගෑනිත් සිරික්කිය දාල හිනා උනා. හුටා, ගෑණිගෙත් ඉස්සරහ දත් දෙකක් නෑ.....!

"තමුසේ මාර කතාවක්නේ ඕයි කියන්නෙ....! මම යෑ තමුසෙගේ ගෑණිගේ දත් කැඩුවේ....?" රුවනුත් අඤ්ඤකොරොස් බමුනා සේ අහනවා....!

"නෑ මල්ලි, එක දතක් පණුවෝ කාලා ගැලෙව්වා.... අනික කොහු මිටක වැදිලා ගැලවුනා....!" කොන්දා කියනකොට....

"කොහුමිටක වැදිලා ගැලවුනා....? කොහුමිට ඉබේ ඇවිල්ලා වදින්න ඇති....? මේ මිනිහම තමයි මල්ලි කොස්සෙන් ගහලා මගේ අනිත් දත කැඩුවේ...." ගෑණිත් බලාගෙන යනකොට ගිණි බෝම්බයක්....!

"මේ මේ, තමුසෙලාගේ ප්‍රශ්න තමුසෙලා ගිහින් විසඳගන්නවා..... මම ඕවට පලි නෑ....!" කියලා රුවන් යන්න හැරුනා විතරයි,

"මල්ලි, අම්මා හරි තාත්තා හරි ගෙදර ඉන්නවද ....?" කියලා කොන්දා අහනවා

මූ එන පොට හොඳ නෑ කියලා රුවන්ට දැනටමත් තේරිලා ඉවරයි. පොර හදන්නෙ රුවන්ව බ්ලැක් මේල් කරන්න.

"හරි හරි, තමුසෙට තව කීයක් ඕනෙද ?"

"මල්ලි, තව 2500ක් වත් ඕනෙ. ගෑණු දත් හින්දා එච්චර ගණන් නෑ...." කොන්දත් ඇඟට පතට නොගෑවී කියනවා.

රුවන්ටත් කරන්න දෙයක් නැති තැන කට්ටිය එහාට මෙහාට වෙනකං ඉඳලා බස් මුට්ටි වලට අතදාලා තව 2500ක් ගෙනැල්ලා කොන්දා අතේ තියනකොට තමයි රුවන් දැක්කේ ගේට්ටුවට මුවා වෙලා ඉන්න පොඩි කොල්ලව.

"ආහ්, මේ අපේ පුතා.... අවුරුදු හතයි තාම. මල්ලි යන ඉස්කෝලෙටම තමයි යන්නෙ.....!" කියනකොට කොල්ලත් කට පුරා හිනා වෙනවා. ඒක දැකලා රුවන්ට කලන්තෙට වගේ ඇවිල්ලා ඉක්මනටම ගේට්ටුවට වාරු උනා...

උගේ ඉස්සරහා දත් පේලියේ උඩු ඇන්දෙයි යටි ඇන්දෙයි දත් හතරක්ම නෑ....!

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com120tag:blogger.com,1999:blog-4346015856052849283.post-16128853233322731692012-05-20T16:34:00.000+04:002012-05-20T16:58:10.786+04:00දුමී බබා කාලේ - දුමීගේ යාළුවෝ

දුමී හෝඩියේ ඉඳන් දහතුන වසර වෙනකන්ම ඉස්කෝලේ ගියේ නුගේගොඩ තියෙන එකම එක පිරිමි ඉස්කෝලෙට. හැමෝටම වගේ දුමීටත් හරිම හරි රසවත් පාසල් කාලයක් තිබුනා. ඒ දවස්වල දුමීගේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ සහ පොඩි ඉස්කෝලේ කියලා කොටස් දෙකක් තිබුනා. පොඩි ඉස්කෝලේ කිව්වෙ හෝඩියේ ඉඳන් 4 පන්තිය දක්වා පන්ති පවත්වපු ප්‍රාථමික අංශයට. ඔය කොටස තිබුනේ නුගේගොඩ මෙට්‍රෝ ෆිල්ම් හෝල් එකට මායිම් වෙලා හරියටම ඒකට දකුණු පැත්තට වෙන්න. හයිලෙවල් පාරේ ඉඳන් හැරිලා යන්න තියෙන අතුරු පාරක තමයි පොඩි ඉස්කෝලේ තිබුනේ. හයිලෙවල් පාරෙ ඉඳන් බැළුවම වංගුවත් එක්ක කෙලින්ම පේන්නේ දුමීගේ පොඩි ඉස්කොලේ.

දුමී ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය දවස දුමීට අද වගේ මතකයි. ඒ 1980 අවුරුද්ද. දුමීව අතින් අල්ලගත්ත දුමීගේ අම්මා අනිත් අතින් දුමීගේ පොත් බෑග් එකයි, වතුර බෝතලෙයි අරගෙන අමුතු සුවඳක් තියෙන, ලා නිල්පාටින් පාට කරපු කොට ඩෙස්ක් සහ පුටු තියෙන පංති කාමරේකට එක්කගෙන ගියා. ඒ කාමරේදි දුමීව පිලිගන්න හිටියේ දුඹුරුපාට මල් මල් තියෙන සාරියකින් සැරසිලා හිටිය දුමීගේ අම්මාට වඩා ගොඩක් වයස පාට පොඩ්ඩක් විතර මහත මුණසිංහ ටීචර්. දුමීගේ අම්මත් එක්ක ටික වෙලාවක් කතා කර කර හිටපු මුණසිංහ ටීචර් දුමීගේ අත අම්මගේ අතින් අරගෙන නොම්මර 25 ගහපු පොඩි පුටුවක දුමීව ඉන්දෙව්වා. ඒත් එක්කම දුමී දැක්කේ දුමීව පන්තියේ තනි කරලා දාලා එලියට යන අම්මව. එහෙම එලියට ගිය අම්මා තව ටික වෙලාවක් පන්තියේ දැල් කවුලුවලට එහා පැත්තෙ ඉඳන් පන්තිය ඇතුල බලාගෙන හිටියා. දුමීගේ අම්මා විතරක් නෙමෙයි, දුමී වගේම මේ නුහුරු නුපුරුදු පන්තියේ තනි වෙලා ඉන්න අනිත් බබාලගේ අම්මලත් ඒ විදිහටම තමන්ගේ බබාලව දාලා යන්න බෑ වගේ ඒ පන්තියේ දැලේ එල්ලිලා හිටියා.

තුශ්නිම්භූත වෙලා වට පිට බලපු දුමී දැක්කේ දුමී වගේම භිරන්ත වෙලා අඬන්න ඔන්න මෙන්න වගේ ඉන්න තවත් බබාල ගොඩක්. සමහරක් බබාලා දැනටමත් අඬන්න පටං අරගෙන. ඒ දිහා බලාගෙන ඉන්න දුමීටත් අඬන්න ලොකු උවමනාවක් ආවත් තාමත් දැලේ එල්ලිලා අම්මා ඉන්නව දැකපු නිසා ඒ ඇඬීම තාවකාලිකව නවත්ත ගත්තා. ඔන්න ඉතින් මුණසිංහ ටීචත් ඒ අඬන බබාල ලඟට ගිහින් ආදරෙන් ඔළුව අතගාලා පුටුවේ ඉන්දවනවා.ඒත් හරියන්නෙ නෑ. ටික වෙලාවකින් ආපහු ඒ බබාලා මර හඬ දීලා අඬාගෙන දැල ගාවට දුවල යන්න හදනවා. දුමීටත් දැන්නම් ඇඬුම තවත් තද කරගෙන ඉන්න බෑ බෑ වගේ. ඒත් එක්කම තමයි මෙච්චර වෙලාවක් ටිකීන් ටික ඇහැට පිරිච්චි කඳුලු බෝලයක් කම්මුල දිගේ බේරෙන්න පටන් ගත්තේ. ඒත් එක්කම තොල් දෙකත් ටික ටික වෙව්ලලා වෙව්ලල ඉබේම කණපිටට හැරෙන්න ගත්තා. ඊට පස්සෙ අර අඬන බබාලගේ ගොඩට වැටෙන්න දුමීට වැඩි කාලයක් ගත උනේ නෑ.

ඒ විදිහට දුමීට වැඩි වෙලා අඬන්න හම්බ උනේ නෑ. එක පාරටම දුමීගේ පිට හරහා වැදුනේ හොඳට අත මිට මොලවපු පාරක්. ඇඬිල්ලත් උගුරේ හිරවෙච්ච දුමී හැරිලා බැළුවේ දුමීට පතබෑව එකා මොකාද කියලා. එහෙම බලනකොට තමයි දැක්කෙ සුදු උස බබෙක් තවපාරක් ගහන්න අත මිට මොලවගෙන දුමී දිහා රවාගෙන බලාගෙන ඉන්න හැටි. ඒ බබාගේ පුටුවේ ගහලා තියෙන නොම්මරේ 24. සුදු උනාට මහම මහ මරුමුස් පෙනුමක් තමයි ඒ බබාට තිබුනේ. දකුණු අත තාමත් මිට මොලවගත්ත ඒ බබා වම් අතේ දබර ඇඟිල්ල ඒ බබාගේම කටට තියලා සද්ද කරන්න එපාලු. මේකා තව පාරක් දෙන්න ඉඩ කඩ වැඩි නිසා ඇස් දෙක තාම අඬත්දි දුමී කට අඬන එක නැවැත්තුවා. එතකොට තමයි මුණසිංහ ටීචර් දුමීගේ මේස පේලියට එහා පැත්තේ මේස පේලියේ ඉන්න අඬන බබාලව නලවන්න ආවෙ. දුමී පැනපු ගමන් මුණසිංහ ටීචට අත දික් කරලා කිව්වා, අර බබා මට ගැහුවා කියලා.

"දමින්ද බබා.....! ඇයි මේ දුමී බබාට ගැහුවේ....?" මුණසිංහ ටීචත් අහනවා. ඒ බබාගේ නම දමින්දලු......!

"මේ බබා අඬනකොට මට මේ චිත්රේ පාට කරන්න බෑ......!" ඒ පාර දමින්ද බබා කියනවා.

දමින්ද බබා හරි ලස්සනට පෙට්ටියක් වගේ සී.ටී බී බස් එකක් ඇඳලා රතු පාටින් ඒක පාට කරනවා.....

දමින්ද බබා මේ දුමී බබත් එක්ක යාළුවෙන්න. ආපහු ගහගන්න බෑ හොඳේ....! මුණසිංහ ටීචත් එහෙම කියාගෙන අඬන වෙන බබාලව නලවන්න ගියා.

දමින්දයා දුමියත් එක්ක යාළු උනේ අන්න එහෙමයි.....!

දුමීට ඉස්කෝලේ එකේ පන්තියේ ඉන්න බැරි උනා මොකද දුමීට පවුලේ අයත් එක්ක දුමීගේ තාත්තා ඒ කාලේ වැඩ කරපු සවුදි අරාබියට පදිංචියට යන්න වෙච්ච නිසා. ආපහු දුමී ඉස්කෝලෙට ආවේ දෙකේ පන්තියත් පටන් අරගෙන මාස කීපයක් ගියාට පස්සෙ. එතකොට දමින්ද දුමීගේ පන්තියේ නෙමෙයි. හැබැයි දමින්දයා ගැන හැමෝම දැනගෙන හිටියා විතරක් නෙමෙයි උගෙන් ගුටි කාපු නැති එකෙක්ව හොයාගන්න පුළුවං උනේ නෑ. දමින්දයව ඉස්කෝලේ කොල්ලෝ අතරේ හොඳට ප්‍රසිද්ධ වෙලා තිබුනේ ටික දවසකට කලිනුයි. පැද පැද හිටපු ඔන්චිල්ලාව බලෙන් අරගන්න ආපු තුනේ පන්තියේ නසරාණි කොල්ලෙක්ට ඔංචිල්ලාවේ යකඩ කණුවක පැද්දිලා ෆ්ලයින් කික් එකකින් ගහලා බිම දැම්මට පස්සෙ දමින්දයාට ටිකක් ලොකු පන්තිවල කොල්ලොත් බයෙන් තමයි හිටියේ.

දුමී ආපහු ඉස්කෝලේ දෙකේ පන්තියට ආවට පස්සෙ ආරංචි උනේ දමින්ද ඉන්ටර්වල් එකේදි පන්තියෙන් එලියට බහින්නෙත් පොළු දෙකක් අතින් අරගෙන කියලයි. ඒක දුමිත් දැක්කේ දමින්දයා කොහු පොළු දෙකක් අරගෙන පිට්ටනිය මැදින් දුවනවා දැකපු නිසයි. (ටික කාලෙකට පස්සෙ තමයි දැනගත්තෙ, දමින්දයා පොළු දෙකක් අරගෙන ඇවිල්ල තිබුනේ ස්පෝට් මීට් එකේ ලී කෙළි නැටුමකට ඌව තෝරගෙන තිබුනු නිසා කියලා)

දුමියට ආපහු දමින්දයව සෙට් උනේ තුනේ පන්තියට ආවහම තමයි. වැඩියමත් ඌ දුමිත් එක්ක සෙට් උනේ දුමී වතුර බෝතලේ පුරවගෙන එන "ටෑන්ග් " බීම ටික බොන්නයි. ටෑන්ග් දීලා හරි දමින්දයව යාළුවෙක් විදිහට තියාගන්න දුමීගෙත් අකමැත්තක් ඒ කාලේ තිබුනේ නෑ.

"දුමී, අළුත් ෂෝ එකක් ඇවිල්ලා... ඉන්ටවල් එකේදි වරෙන් යන්න ඒක අහන්න.....!" දමින්දයා එදා උදේම ආපු ගමන් කිව්වෙ ඒ නිව්ස් එක.

ඒ කාලේ දුමීලගේ සිරිතක් වෙලා තිබුනේ අළුතෙන් එන ෆිල්ම් අහන එක. නුගේගොඩ මෙට්‍රෝ හෝල් එකයි දෙකේ පන්ති පේලියයි අතරේ තිබුනා අඩි තුනක හතරක විතර පොඩි කොරිඩෝර් කෑල්ලක්. ඒකෙ ගොඩක් වෙලාවට පුරවලා තිබුනේ කැඩිච්ච ඩෙස්ක් බංකු වගේ දේවල්. ඔතනට ගිහින් මෙට්‍රෝ එකේ යන ෆිල්ම් එක අහගෙන ඉන්න එක ඒ කාලේ කරපු ජොලිම දේ. ඒක කරන්න ඕන හොරෙන් තමයි. අහු උනොත් එහෙම ලොකු ටීචගෙන් වේවැල් පාරක් කාලා ලොකු ටීචර්ගේ කාමරේ පැයක් විතර දණ ගහගෙන ඉන්න වෙනවා. ඒ විදිහට ඒ කාලේ මෙට්‍රෝ එකට ආපු හැම ෆිල්ම් එකක් වගේම අහන්න දුමිත් ගියා දමින්දයත් එක්ක.

ඔය කාලෙම තමයි වසන්ත හෙවත් ජංගියාත් මාතර පැත්තෙ ඉස්කෝලෙක ඉඳන් දුමීලගේ පන්තියට කඩාගෙන පාත් උනේ. තුනේ පන්තියක ටීච කෙනෙක් වෙච්ච ජංගියාගේ අම්මාට දුමීලගේ ඉස්කෝලෙට මාරු වීමක් ලැබිලා තිබුනු නිසා තමයි ජංගියත් දුමීලගේ ඉස්කෝලෙට ආවේ.

ජංගියා පන්තියට ආපු අළුත ඌ ඇදලා පැදලා කියන මෙලෝ වචනයක් දුමීලට තේරුනේ නෑ. "ඔහේ", "ඔහේලා", "ගියැයි", "එයැයි", "කෑවැයි ?" "බීවැයි ?", "හක්කොලං කරනවා", "මක්කෙයි" වගේ අමුතු වචන දුමීලා ඒ වෙනකොට අහලා තිනුනේ නෑ. ඒ නිසා තමයි දවසක් දමින්දයා ඌව ඇදලා අරගෙන දෙකක් ඇනලා කිව්වේ "අඩෝ සිංහලෙන් කතා කරපන්......." කියලා. එහෙම කියලා එදා ඉඳන් ඌට සිංහල උගන්වන වැඩෙත් බාරගත්තෙ දමින්දයම තමයි. ගොඩක් වෙලාවට ෆිල්ම් අහන ගමන් ඌට සිංහල ඉගැන්නුවා විතරක් නෙමෙයි උගෙන් සුද්ද සිංහලත් දුමීල හොඳට ඉගෙන ගත්තා.

හැමදාම ඉන්ටර්වල් එකෙන් පස්සෙ තියෙන පීරියඩ් දෙකම ඉංග්‍රීසි. ජානකී මිස් තමයි දුමීලට ඉංග්‍රීසි ඉගැන්නුවේ. හැමදාම ඉන්ටර්වල් එකේදි ෆිල්ම් අහන්න යන නිසත්, ඉන්ටර්වල් එකේදි ටොයිලට් එකට ලොකු පෝලිමක් තියෙන නිසත් දුමිලා ගොඩක් වෙලාවට චූ කරන්න යන්නෙ ඉන්ටර්වල් එක ඉවර වෙලා ඉංග්‍රීසි පාඩම පටන් අරගෙන ටික වෙලාවකට පස්සෙ. හැබැයි එහෙම ටොයිලට් එකට යන්න ඕනෙ නම් ජානකී මිස්ගෙන් ඒක ඉංග්‍රීසියෙන් අහන්න ඕනෙ. නැත්නම් යන්න දෙන්නෙ නෑ. එහෙම අහන්න ඕන වචන ටික ජානකී මිස් මුළු පන්තියටම කියලා දීලයි තිනුනේ. "මේ අයි ගෝ ටු ද ටොයිලට් ප්ලීස්....?" කියලා ඇහුවෙ නැත්නම් මිස්ගෙන් බැනුම් කෝටියක් විතරක් නෙමෙයි ටොයිලට් එකට යන්න දෙන්නෙත් නෑ.

අළුතෙන් පන්තියට ආපු වසන්තයට ඔය වචන සෙට් ටික කියන එක ලෝකේ තියෙන අමාරුම වැඩේ උනා. ඉතින් ඌ තීරණය කරලා තිබුනේ ජානකී ටීචගෙන් ඕක අහනවට වඩා චූ බර තද කරගෙන ඉන්න එක සැපයි කියලයි. එහෙම දවසක තමයි ඉංග්‍රීසි දෙවන පීරියඩ් එකේ අන්තිම හරියෙදි වසන්තයට ජංගියේ චූ ගියේ. එදා ඉඳන් ටික කාලයක් යනකන් "චූ ජංගියා" වෙච්ච වසන්ත පස්සෙ කාලෙක “ජංගියා” කියලා බෞතිස්ම ලැබුවා.

මොනතරම් චන්ඩියෙක් උනත් දමින්දයාට ක්‍රිකට් නම් මෙලෝ ඇල්ෆබට් එකක්වත් බෑ. අනිත් උන් ක්‍රිකට් ගහත්දිත් මූ පැත්තකට වෙලා හිටියේ ඌ හරියකට බැට් කරන්නත් බෝල් කරන්නත් දන්නෙ නැති නිසා. ඔහොම ඉන්නකොට තමයි වෙන පන්තියකට චැලෙන්ජ් කරලා සෙට් වෙලා ගහපු මැච් එකක අම්පයර් වැඩේ කරන්න කියලා දමින්දයව තෝර ගත්තෙ.

කොහොමෙන් කොහම හරි ඒ මැච් එක දුමීලගේ පන්තියේ එවුන් දින්නෙ අනිත් පන්තියේ මුළු ටීම් එකටම දමින්දයා විසින් බෝලෙ කකුලේ වැදිච්ච ගමන් අවුට් එක දීපු එකටත් වඩා, සීමා ඉර පන්නලා බෝලයක් දාපු අනිත් පන්තියේ හිටපු හොඳම බෝලර්ව "නෝ බෝල්" කරනවා වෙනුව "අවුට්" කරලා ඌට ආපහු බෝල් කරන්න ඉඩ දීපු නැති නිසා. අන්න එහෙමයි දමින්දයා ලෝක ඉතිහාසේ ප්‍රථම වරට "නෝ බෝලයක්" දාපු බෝලර් කෙනෙක්ව අවුට් කලේ. ඒකට විරුද්ධ වෙච්ච අල්ලපු පන්තියේ දෙතුන් දෙනෙකුගේ හොක්ක සමතලා කරපු දමින්ද දුමීලගේ පන්තිය මැච් එකෙන් දිනපු බවට අල්ලපු පන්තියේ හූ හඬ අස්සේ ප්‍රකාශයට පත් කරලා දැම්මා.

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com65tag:blogger.com,1999:blog-4346015856052849283.post-88839180679002480052012-02-22T07:30:00.004+04:002012-02-22T07:30:00.817+04:00දුමී බබා කාලේ - පුකේ තෙල් ගාගත්ත හැටි

කලින් පෝස්ට් එකට උදව් උනේ අපේ කතන්දර සූරීන් විසින් පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්නපු එකයි. ඒ අගනා හෙලිදරව්ව නිසා පුකෙන් ගන්න පුළුවන් ප්රථිකාරයක් ගැන සමාජය දැනුවත් උනා. මේ වෙනකොට කී දෙනෙක් මේ ප්රථිකාරෙන් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන ඇතිද කියලා හිතෙනකොටත් පුක සලිත වෙලා යන තරමට සන්තෝසයි. ඔන්න සමහරක් අය කියන්න පටන් ගත්තා පුක කියන්නෙ කුණු හරුපයක් නොවුනට ඒක "ග්රාම්යය" වචනයක් කියලා. එතකොට ගමේ අය පාවිච්චි කරන වචන නගරේ අය පාවිච්චි කරන වචන වලට වඩා හොඳ නැති වචනද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඒත් ඔන්න ඔහේ ඕන පුකක් කියලා මම කට පියාගෙන ඉන්නවා.

දැනට අවුරුදු බර ගාණකට කලින් දුමී බබා කාලේ පෝතකයෙක් වෙලා හිටියා. අර පෝතක බාලදක්ෂ කියලා කියන්නෙ. ඉංගිරීසියෙන් කියනවනම් කව් බෝයි කෙනෙක්. මට මතක හැටියට මේ කියන්න මම පහේ පන්තියේදි විතර. ඔය කාලේ හැම අවුරුද්දකම වාගේ කොළඹ විහාරමහාදේවි පාක් එකේ බාල දක්ෂ ජම්බෝරියක් (කඳවුරට කියන කව් බෝයි වචනයක් ) තිබුනා. අනේ ඉතින් පෝතකයෝ කියන්නේ අන්තිම ජූනියර්ස්ලා. ලොකු අයියලාගේ රැස්පොට් බලාගෙන, ඒ ගොල්ලො ගැට දාන හැටි, කොඩි අදින හැටි, ලණු පාලම් ගහන හැටි වගේ ඒවා කට ඇරගෙන බලාගෙන ඉන්න තමයි මේ පෝතකයන්ට තිබුනේ. ඊට අමතරව කන්න උයන වෙලාවට ලූණු සුද්ද කරන වැඩ, පොල් ගාන වැඩ, මුකුණුවැන්න මිටි වලින් තනකොල ගස් ඉවත් කරන වැඩ වගේ මහා බැරෑරුම් වැඩ ගොඩකුත් කරන්න සිදු උනා මතක හැටියට.

කොහොමත් විහාර මහාදේවි එකේ ජම්බෝරිය තිබුනේ යහමින් ලොකු ලොකු ගස් තිබුනු ඒරියා එකේ. කොයි වෙලේද නසරාණි වැඩක් කරන්නෙ කියලා බලාගෙන ඉන්න නිසා පෝතකයන්ට ලොකු කව් බෝයි අයියලා තද බල නීති රීති දාල තමයි තිබුනේ. පොඩ්ඩක් එහා මෙහා වෙලා කේස් එකක් උනොත්, අපේ කෑම්ප් එකේ ලකුණු එහෙම කැපුනොත් අපිව ස්කාෆ් එකෙන් අල්ලලා ලණු පාලමේ එල්ලනවා කියලා තමයි ලොකුම ලොකුම ලොකු කව් බෝයි අයියා අපිව බය කරලා තිබුනේ. ඒත් ඉතින් උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් කාල සටහනකට අනුව නිදාගන්න යන වෙලාව වෙනකන් අපිටත් වද දිදී මුන් මේ කරන පිස්සු විකාර වැඩ අපිට නම් ඇති වෙලා තමයි තිබුනේ. කම්බි වැටකින් එහා පැත්තෙ පේන සී.සෝ, ලිස්සන බෝට්ටු, ඔංචිලා තියෙන ඒරියා එකට කොයි වෙලාවෙ පනින්න චාන්ස් එකක් එයිද කියලා තමයි කට්ටිය බලාගෙන හිටියේ. ඒත් ඉතින් අනිත් ඉස්කෝලවල කව් බොයිලටත් පේන්න ලණු පාලමේ ස්කාෆ් එකෙන් එල්ලිලා ඉන්න පෝතකයෝ වෙච්චි අපි කවුරුවත් කැමති උනේ නැති නිසා ඒ කම්බි වැටෙන් පැනල සෙල්ලම් ඒරියා එකට යන එක අමාරුවෙන් හරි තාවකාලිකව යටපත් කරගෙන තමයි තිබුනේ.

දවස් තුනක් තිස්සේ තිබුනු ජම්බෝරියේ අන්තිම දවස වෙනකොට මේ යටපත් කරගෙන තිබුනු ඇම්ම අර වතුර යට ඔබාගෙන හිටපු රබර් බෝල වගේ උඩ පාවෙන්න පටන් ගත්තා. කොහොමත් එදා හවස් වෙනකොට විසිර යන්න තිබුනු නිසා පෝතකයෝ සෙට් එක කතා උනේ දවල් කෑම වෙලාවෙන් පස්සෙ දවල් දොලහ මාරේ ඉඳන් දෙකහ මාර වෙනකන් නිදාගන්න කියලා දෙන පැය දෙකේදි හොරෙන් පාක් එකේ සී සෝ, ඔන්චිල්ලා තියෙන ප්ලේ ඒරියා එකට පනිමු කියලා. ඔන්න ඉතින් එදා දවල් කෑමෙන් පස්සෙ හැමෝම තම තමන්ගේ කූඩාරං වලට ගිහිල්ලා නිදා ගත්තට පස්සෙ තමයි අපි පෝතකයෝ සෙට් එක හිටපු කූඩරම් වලින් එකා දෙන්නා එලියට පැන්නේ. චන්ඩි වගේ 15ක් විතර මුලදි ප්ලෑන් කලත් මේ වෙනකොට වැඩේට සෙට් උනේ ඒකෙන් හරියටම බාගයයි. ලණු පාලමේ එල්ලෙන්න බයේ වඩේට සෙට් උනේ නැති අනිත් එවුන් ටික කූඩාරම් වල බොරුවට නිදි වගේ තදින් ඇස් පියාගෙන ඉන්නවා මට මේ දැනුත් මැවිලා පේනවා.

කොහොමින් කොහොම හරි ඔන්න ඉතින් කට්ටිය හොර පූසෝ ටික වගේ ගස් වලට කවර් වෙවී ජම්බෝරිය තිබුනු මායිමයි සෙල්ලං ඒරියා එකේ මායිමයි වෙන්වෙන කටු කම්බි වැට ගාවට පැන්නා. ඊට පස්සෙ වැටවල් පැනල පුරුදු එකෙක් කකුල තියලා එක කම්බියක් පාත් කරන ගමන් අනිත් කම්බිය උස්සලා ඉඩ හදලා දීපු ගමන් එක එකා ඒ හිඩසෙන් අනිත් පැත්තට පැන්නා.

ඔන්න බොලේ පැන්න ගමන්ම තියෙන්නෙ තඩිම තඩි සුදු පාටට සුදු පාටේ කොන්ක්‍රීට් වලින් හදලා තියෙන දෙතුන් පාරක් කැරකිලා පල්ලෙහාට යන යන ලිස්සන බෝට්ටුවක් (සලයිඩ්) එකක්. කට්ටියම දුවල ගියේ ඒකට. ඉස්සෙල්ලාම ඕකට නගින්න හම්බ උනේ දමින්දට. ඌ කොහොමත් ඒ දවස්වල ඉඳල දණ්ඩා නිසා හයියෙන් දුවන්න පුළුවන්. දෙවනියාට මම තමයි දමින්දගේ පස්සෙන් ලිස්සන බෝට්ටුවේ ඉණි මග දිගේ නැග්ගේ. ඔන්න ඉතින් එකා පස්සෙ එකා වගේ ඕකට නැගලා පැන්නා නේද ලිස්සන ස්ලයිඩ් එකට. ලිස්සන්න පටන් ගත්තා විතරයි බුදු අම්මෝ !!! පුකට ඇමරිකාවෙන් පරමාණු බෝම්බේ දැම්මා වගේ තරු වීසි වෙන්න පටන් ගත්තා. මල මාරලයයි. ඒ ගිණි දවල් රස්නෙට කොන්ක්‍රීට් ලිස්සන බෝට්ටුව පෝරණුවක් වගේ ගිණියම් වෙන්න රත් වෙලා. ලිස්සනකොට නවතින්න කියලයෑ ?, ඒ අස්සේ අරක වටේ වට දෙකක් කැරකිලා පල්ලෙහාට යනකන් ඉන්නත් එපායෑ. මෙන්න පල්ලෙහාට එනකොට දමින්දයා ඉන්නවා ලිස්සන බෝට්ටුව පාමුල දිගා වෙලා පුක බදාගෙන. මාව ගිහිල්ලා වැටුනේ ඌවත් ආපහු පෙරලගෙන. පුක පුපුරු ගහනවා නැගිට ගන්නත් බෑ. ඇස් දෙකේ කඳුළු ගෙඩි එළියට පනින්න ඔන්න මෙන්න. දමින්දයාගේ මුළු මූණම රතු වෙලා. කොරේ පිටට මරේ වගේ අනිත් එවුන් ටිකත් එක එකා ඇවිත් එක පොදියට එකා පිට එකා වැටෙන්න ගත්ත හරියට කාටූන් එකක් වගේ. හැමෝම ඉන්නවා පුකවල් බදාගෙන. ඒකාලේ පහේ පන්තියේ බබාල නිසා එකෙක් දෙන්නෙක් හූ තිය තිය අඬනවා. අනිත් හැමෝගෙම ඇස් වල කඳුලු බෝල. කටවල් ඇද වෙලා. කලිසම තියෙද්දිම හැමෝගෙම පුකවල් පිච්චිලා දිය පට්ට එන්නම.

අනේ ඉතින් මේක දැනගත්තොත් සීනියර් කව් බෝයි අයියාලා ස්කාෆ් එකෙන් නෙමෙයි අහවල් එකෙන් තමයි කට්ටියව ලණු පාලමේ එල්ලන්නේ. ඔන්න එකා දෙන්න බොහොම අමාරුවෙන් කොර ගගහා ආපහු වැට පැනලා කූඩාරමට පැන ගත්තා. ඔය අස්සෙ දමිත් කියන එකා සැරෙන් සැරේ අඬනවා. මල මරාලයයි මූ නිසා කට්ටියම මාට්ටු වෙනවා. ඔය අස්සෙ තමයි කලින් සෙට් වෙලා පස්සෙ මග ඇරලා හිටපු එකෙක් කිව්වෙ ඉක්මනට ගිහින් පොල් තෙල් බෝතලේ අරගෙන ඇවිත් හැමෝගෙම පුකේ ගාන්න කියලා. ඔන්න තව එකෙක් දිව්වා පොල් තෙල් ගේන්න කියලා. ඌ ගිහින් උස්සගෙන ආවෙ නිවිච්ච තෙල් තිබුනු තාච්චියක්. එදා අන්තිම දවස නිසා ඔක්කොම තෙල් දවල්ට උයන්න අරගෙන. තෙල් ගාල හරි කමක් නෑ මේ පුපුරු ගහන පුකේ දැවිල්ල නැති කර ගන්න තමයි හැමෝටම ඕන උනේ.

ඒත් ඉතින් තනියම තෙල් ගාගන්න කියල යෑ. ඒත් පෝතක බබාලා උනත් කවුද කැමති තව පෝතක බබෙක්ගේ පුකේ තෙල් ගාලා අත ගාන්න ? ඒත් කොහොම හරි එකෙක් වොලන්ටියරි ඉදිරි පත් උනා අසරණ, පුකවල් පිච්චුණු අපේ පුකවල් වල තෙල් ගාන්න. අනේ දැන් පුකවල් පිච්චුණු අපි පෝතක බබාල ටික ජුණ්ඩයියාව විතරක් වැහෙන්න පිටි පස්සෙන් විතරක් කලිසමත් පාත් කරගෙන පෝලිමේ ඉන්නවා. බලන්න ලස්සනයි. සුදු පුකවල් වල රෝස පාට දිය පට්ට, කළු පුකවල් වල සුදු පාට දිය පට්ට. තාමත් කට්ටියගේ කටවල් ඇදවෙලා. ඇස් රතු වෙලා. ඔන්න අරුත් එක එකාගේ තට්ටම් වල තෙල් ගලා අතුල්ලන්න පටන් ගත්තා. ඒ ඇතිල්ලිල්ලට අර දිය පට්ටත් කැඩෙනවා.

මේ වෙනකොට තුන් හතර දෙනෙක්ගේ විතර තෙල් ගාල ඉවරයි. මෙන්න බොලේ අර තෙල් ගාගත්තු එවුන් ටික වෙලාවකින් හූ තිය තිය කූඩාරමේ බිම පෙරලෙනවා. යකෝ බැලින්නම් අරූ උස්සගෙන ඇවිත් තියෙන්නෙ දවල් කෑමට මිරිස් බැදලා තාච්චියේ ඉතුරු වෙච්ච තෙල් ටික. අනේ ඉතින් අරුන්ට පුක පලලා ලුණු දැම්මා වගේ මිරිස් වල දැවිල්ලට කූඩාරම් දෙවනත් කරනවා.

ඔන්න ඒ අස්සෙ තමයි අති භයංකර සිද්ධිය සිදු උනේ. මෙච්චර දවසක් ජම්බෝරියට එන්න නැතිව හිටපු කව් බෝයි බාර ගුණවර්ධන සර් කාරයා අන්තිම දවසේ ජම්බෝරියට ඇවිල්ලා. මුන්ගේ ලතෝනි සද්දෙට සීනියර් කව් බෝයි අයියාලත් එක්ක කඩාගෙන පාත් උනේ ගුණවර්ධන සර්. පොර කූඩාරම්ට ඇවිත් දැක්ක දෙයින් පොරට තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් හැදිලා එතනම මැරෙනවා.

පොර දැකපු විදිහට,

කට්ටියක් පුකවල් එලියෙ දාගෙන පෝලිමේ ඉන්නවා. එකෙක් තාච්චියක් තියාගෙන පොලිමේ ඉන්න එවුන්ගේ පුකේ තෙල් ගානවා. තුන් හතර දෙනෙක් පුකවල් බදාගෙන බිම පෙරලි පරලි ලතෝනි දෙනවා.

ප.ලි:

මොකක්ද උනේ, මොකක්ද වෙන්නෙ කියලා හරියටම දන්නෙ නැති සර් කාරයට සිහි එළෝගන්න ටික වෙලාවක් ගියා.

පුක කියන්නෙ කුණු හරුපයක් නොවුනට, සර්ගේ කටින් නම් ඒ වෙලාවේ පිට උනේ මේ ඉන්නෙ පෝතක බබාලා කියලවත් හිතන්නෙ නැති කුණු හරුප වැලක්.

අපි ඒකාලේ පෝතක බබාල උනාට, වයස අවුරුදු 18ට වැඩි නම් සහ ටැබූ කතාවක් කියවන්න කැමති නම් විතරක්, සර් කාරයා ඒ වෙලාවෙ කියපු දේ බලන්න පල්ලෙහා බට්න් එක ක්ලික් කරන්න.

මට අවුරුදු 18ට වැඩියි. කියවන්න දෙන්න.

"කාලකණ්නි හැත්ත. යකෝ, තොපි මේ කරන වැඩ ආරංචි උනොත් තොපේ තාත්තලා මට අරින්නේ පුකේ පොල් තෙල් ගාන්නේ නැතිව...."

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com124tag:blogger.com,1999:blog-4346015856052849283.post-84923109413377969672012-01-30T07:30:00.001+04:002012-01-30T09:52:52.320+04:00වඳුරු පුක් රෙමඩිය - Monkey Butt Remedy

පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා අපේ කසු (කතන්දර සූරීන්) ඔප්පු කරලා, සාධනය කරලා, විච්ඡේදනය කරලා, අපෝහනය කරලා පෙන්නුවේ දැනට ටික කාලෙකට කලින්. ඔන්න ඒ පාර අපේ මාරයා උන්නැහේත් පුක බිහිඋනේ කොහොමද කියලා මේ ඊයේ පෙරේදා දාපු මාර බණ පෝස්ටුවකින් පහදලා දුන්නා. ඔන්න ඉතින් කොටුව සකස් කරලා තියෙන වෙලාවෙ බුලත් දඬු ටිකක් හිටව ගන්න ඕනෙ කියලා මමත් හිතුවා පුක් සීරීස් එකක් පටන් ගන්න කියලා. කලින් එක කතාවක් විදිහට ලියන්න හිතුවත් ගොඩාරියක් දික් වෙයි කියලා කතා කීපයක් විදිහට දාන්න තමයි ඕං දැන් කල්පනාව. ඕං එහෙනං ඈ....!

අපේ සීයා ජීවත් වෙලා හිටියේ මතුගම පාන්තියේ. විශ්‍රාමික විදුහල්පතිවරයෙක් සහ මුළු දිවයිනටම බලපාන සාමධාන විනිසුරු වරයෙක්, ඒ කියන්නෙ ජේ.පී කෙනෙක්. ඒ කාලේ දැන් කාලේ වගේ පඳුරක් පඳුරක් ගානට වගේ ඉන්න ජේ.පී ලා හිටියේ නෑනේ.

ඉස්කෝල රස්සාවෙන් විශ්‍රාම අරගෙන හිටිය සීයා මුළු කාලෙම යෙදෙව්වෙ ගොවිතැන් කරන්න. පාන්තියේ ගෙදර වටේටම තියෙන කුඹුරු යායකුත් තව ගොඩ ඉඩම් වල මැන්ගුස්, ගොරකා, අඹ, ජම්බෝල වගේ මෙකී නොකී පළතුරු මහ ගොඩක් සීයා වවල තිබුනා. ඒ වගේම විවිධ ජාතියේ තැඹිලි, කුන්දිරා වගේම හොඳ සරුසාර පොල් වගාවකිනුත් පාන්තියේ ගෙදර වට වෙලා තමයි තිබුනේ. අපිත් ඉතින් හිච්චි සන්දියේදි ඉකෝලේ නිවාඩුවක් ලැබුනු ගමන්ම දුවන්නේ මතුගම (පාන්තියේ ). අනිත් නිවාඩු කාල කොහොම වෙතත් අවුරුදු නිවාඩුව නම් අනිවාර්යයෙන්ම ගෙවෙන්නෙ එහේ.

ඔන්න ඔය වගේ එක අවුරුදු නිවාඩුවකට මතුගම ගිහින් හිටිය කාලෙක හරි අපූරු සිද්ධියක් සිදු උනා. මේ සිද්ධිය උනේ 1986ට කලින්. සමහර විට 85 වෙන්නේ පුළුවං. මොකද 86 අවුරුදු මාසෙම තමයි සීයා අප අතරින් සමු අරගෙන ගියෙත්.

මතුගම නිවාඩුව ගත කරන අපිට එළියට බැස්සොත් හැමතිස්සේම කකුලේ ඇඟිලි අස්සෙ එල්ලෙන කූඩැල්ලන්ට අමතරව නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි හැමතිස්සේම පොල් අත්තකින් තවත් පොල් අත්තකට පැනලා ඔංචිලි පදින වඳුරු රංචු. සාමාන්‍යයෙන් මේ වඳුරු රංචු වල එක එක සයිස් එකේ වඳුරෝ 20ක් 30ක් නොවරදවාම ඉන්නවා. ගොඩක් වෙලාවට පොල් ගස් කරටි වලට නැගලා කුරුම්බැට්ටි, පොල් මල්, ඒ වගේම මැංගුස්, අඹ, ගොරක හිටන් කඩලා නාස්ති කරලා දාන නිසා අපේ සීයට නම් මේ වඳුරො සෙට් එක නයාට අඳු කොළ වගේ තමයි.

ඔන්න එදත් පීදීගෙන පොල් ගස් ටිකකට වඳුරො වැඩක් දීගෙන යනවා දැකපු සීයට උන් හිටි තැන් අමතක උනා. විගහට ගේ ඇතුලට දුවල ගිය සීයා ආපහු ආවෙ සීයගේ ලයිසන් තුවක්කුවට පතුරම් ලෝඩ් කරන ගමන්. පොල් කරටියක පොල් මල් වලට වැඩක් දිදී හිටිය වඳුරෙක්ට ඉලක්කෙ ගත්ත සීයා කොකා ගැස්සුවේ අපේ කණ් අඩි අගුළු වට්ටලා. කොහොම උනත් සීයගේ වයස හින්දදා අර වඳුරගේ වාසනාව හින්දදා මන්දා සීයා ගත්ත ඉලක්කය හරියටම හරිගියේ නැතත් උණ්ඩේ ගිහිල්ලා තිබුනේ අර වඳුරගේ මීටර් එකක් විතර දිග වලිගේ හරි මැදින් තුවාල කරගෙන. ඒ වෙඩිල්ල තිබ්බා විතරයි මෙච්චර වෙලා ගස් වෙලට වෙලා ෆුල් කූල් එකේ රිලැක්ස් එකේ හිටිය වඳුරො සෙට් එක මල පැනලා කොච්චර දරුණු උනාද කියනවනම් මහ හයියෙන් කෑ ගගහා පොල් අතු අඹරව අඹරව අතට අහුවෙන හැම ගෙඩියක්ම, මලක්ම කඩ කඩ බිමට දාන්න ගත්තා. කොටින්ම කිව්වොත් සමහර පොල් වලු පිටින්ම ගෙඩිය ගෙඩිය කඩ කඩ බිමට දැම්මා.

ඒ අතරේ තමයි මරු සිද්ධියක් දකින්න ලැබුනේ. කොහේද ඉඳන් ආපු ටිකක් වයසක වඳුරෙක් (සමහර විට ඌ වඳුරන්ගේ වෙද-පප්පා වඳුරා වෙන්නැති ) අර තුවාල වෙලා ගහෙන් අනිත් ගහට පනින්න බැරිව ඉන්න වලිගෙට වෙඩි වැදිච්ච වඳුරා ලඟට ගිහිල්ලා ඌට ප්‍රථිකාර කලේ. මොකක්ද දන්නවද ප්‍රථිකාර ...? අර තුවාල වෙච්ච වලිගේ අරගෙන දෙපැත්තෙන්ම අල්ලගෙන වෙද පප්පා වඳුරා අර තුවාල වෙච්ච හරිය තමන්ගේ පුකේ අතුල්ල ගන්න එක. ඔන්න ඉතින් අර තුවාල වෙච්ච වඳුරත් හරි සනීපෙට ඉන්නවා. වෙද පප්පා වඳුරා ඒ විදිහට දෙපාරක් තුන් පාරක් කලාට පස්සෙ තවත් වඳුරො දෙතුන් දෙනෙකුත් ඇවිත් අර වෙද පප්පා වඳුරා විදිහටම තුවාල වෙච්ච වලිගෙට ප්‍රතිකාර කලා තම තමන්ගේ පුකේ පිහිටෙන්. ඒ සෙට් එක සමහර විට වෛද්‍ය ශිෂ්‍ය වඳුරො ටික වෙන්න ඇති. ඔන්න ටික වෙලාවකට පස්සෙ අර වෙඩි වැදිච්ච වඳුරට අමාරුවෙන් හරි අනිත් ගස් වලට පැනලා වඳුරු රංචුවත් එක්ක යන්න තරම් ඒ වඳුරු පුක් ප්‍රථිකාර ක්‍රමය වැඩ කරලා තිබුනා වගේ පෙනුනා.

ඔන්න ඉතින් එදා ඉඳන් දවස් කීපයක් යනකන් අපේ මාතෘකාව තමයි මේ වඳුරෝ පුකේ පිහිටෙන් කරන වඳුරු පුක් ප්රථිකාරය. මිනිහා වඳුරගෙන් පැවතෙනවා කියලා හැමෝම කියන නිසා වඳුරන්ගේ පුක් ප්‍රථිකාරේත් මිනිස්සුන්ට වරදින්න විදිහක් නෑනේ. ඔන්න ඉතින් අපිත් එක්ක සෙල්ලං කරන්න එන කොල්ලෝ කුරුට්ටො සෙට් එකත් එක්ක අපි කතා කලේ මීට පස්සෙ දුවනකොට වැටිලා එහෙම නැත්නම් ඔය ඉරටු සුද්ද කරන වෙලාවට ඇඟිලි කැපිලා එහෙම යනකොට කෝපි කොල තලලා, කෝපි කුඩු තියලා වගේ කරන ප්‍රථිකාර කරන්නෙ නැතිව මේ පුක් ප්‍රථිකාරේ කරලා බලමු කියලා.

ඒත් දවසක් දෙකක් යනකං අපේ කාටවත් තුවාලයක් උනේ නැති නිසා මේක අපිට අත්හදා බලන්න පුළුවංකමක් තිබුනේ නෑ. ඔය අස්සෙ තමයි අපිත් එක්ක නිතරම සෙල්ලම් කරන්න එන චමින්ද අයියා හිටපු ගමන් සෙල්ලං කරන්න එන්නෙ නැතිව ඇරපු එක. ඔන්න එක දවසක් අපිට ක්‍රිකට් ගහන්න ටීම් එකට කට්ටිය මදි වෙච්ච වෙලාවක කට්ටිය කතා උනේ චමින්ද අයියාව ගිහින් කොහොම හරි එක්කගෙන එමු කියලයි.අපිට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් ඒ වගේම අෆ්රිඩි වගේ පොල් අඩි කාරයෙක් වෙච්චි චමින්ද අයියා ඉන්න පැත්ත හැමදාම දිනන එකත් පොරව කොහොම හරි ගෙන්න ගන්න ඕනෙ කියන එකට වැඩි ඡන්ද ටිකක් ලැබුනා. ඔන්න ඉතින් කට්ටියම පොරගේ ගෙදරට ගිහිල්ලා කෑ ගැහුවා. ඔන්න එතකොට තමයි බුවා ජනේලෙකින් ඔළුවා දාලා කතා කලේ.

"චමින්ද අයියේ එන්නෙ නැද්ද සෙල්ලං කරන්න......" අපිත් කැගහලා ඇහුවා....!

“මල්ලි, මට එන්න වෙන්නෙ නෑ... ඔයගොල්ලෝ යන්න......”

“චමින්ද අයියේ, මොකද සීන් එක...?”

ඔන්න එතකොට තමයි චමින්ද අයියා සිද්ධිය විස්තර කලේ. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි.

පහුගිය දවසක හවස් වරුවේ සෙල්ලම් කරලා මූණ කට හෝදගෙන ගෙදර ආපු චමින්ද අයියාත් සරමත් ගහගෙන පත්තරයක් කියව කියව ඉඳලා. එතකොට තමයි එක පාරටම චමින්ද අයියාලාගේ තාත්තා කුස්සියේ පිලිකන්න පැත්තෙ ඉඳගෙන කතා කරලා තියෙන්නෙ. මොකද වෙලා තියෙන්නෙ, ලිපේ දාන්න හනසු වගයක් සුද්ද කර කර ඉඳලා තියෙන චමින්ද අයියාගේ තාත්තගේ ඇඟිල්ලක් පිහියට කැපිලා. තාත්තා කතා කරලා තියෙන්නෙ මේකට බෙහෙත් ටිකක් දාන්න කියලයි. මෙන්න බොලේ චමින්ද අයියත් පැනපු ගමන් මොකද කරලා තියෙන්න සරම උස්සලා තාත්තගේ තුවාල වෙච්ච ඇඟිල්ල අරගෙන පුකේ ගහගත්ත එක.

ඉතුරු ටික කියන්න කලින් අපේ එවුන් බිම පෙරලි පෙරලි හිනා වෙනවා.

තාත්තට වඳුරු පුක් ප්‍රථිකාරේ කරන්න ගිය චමින්ද අයියට වෙලා තියෙන්නෙ හොඳවැයින් හනසු පාරවල් දෙක තුනක් පිට හරහයි, පුක හරහයි ලබා ගන්න.

චමින්ද අයියගේ තාත්තගේ ඇඟිල්ල ඒ ප්‍රථිකාර ක්‍රමෙන් හොඳ උනාද කියලා නම් පස්සෙ අපිට අහන්න නම් බැරි උනා..........!
දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com123tag:blogger.com,1999:blog-4346015856052849283.post-51802196480835421662012-01-23T18:52:00.004+04:002012-01-23T22:48:15.760+04:00රාමා, සීතා සහ අබ්දුල් කලාම්

අපේ අසල්වැසියා වන ඉන්දියාවෙන් අපිට නිතරම විවිධ දේවල් ලැබෙනවා. ගොඩක් වෙලාවට හම්බවෙන්නෙ හොඳ දේවල් වලට වඩා නරක දේවල්. කොහොමත් පුරාණ කාලේ ඉඳන්ම ඉන්දියාවෙන් අපිට ගොඩ වෙලාවට ලැබෙන්න පරිප්පුම තමයි. ඉන්දියාවත් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද ලංකාවට පරිප්පු වලින් සංග්‍රහ කරන්නෙ කියලයි.

සමහරු කියනවා ලංකාවෙ ජනාවාස පටන්ගත්තෙ ඉන්දියාවෙන් ආපු විජය කුමාරයගෙන් කියලා. තවත් සමහරු මේකට විරුද්ධව අදහස් දක්වන්නෙ ලංකාවේ විජය එන්න කලින් ඉඳලම ජනාවාස තිබුනාය විජය එනකොටත් කුවේනිය කපු කටින තාක්ෂණය පවා ප්‍රගුණ කරගෙන සිටියාය කියලයි. කොච්චර හොඳට තාක්ෂණය ප්‍රගුණ කරගෙන හිටියාද කියවනන් විජය එන්නත් අවුරුදු දහස් ගාණකට කලියෙන් ලංකා පුරවරය පාලනය කරපු ඔය රාවණා ගොයියාට විතරනේ ඒ දවස්වල අහසෙන් යන්න පුළුවං දඬුමොණරේ හරි තිබුනේ. (රාමායනේ නම් ඔය දඬුමොණරේ ගැන නම් කියන්නෙ රාවණා ඒකත් හොරකම් කරපු එකක්ය කියලා. ඒ ඉතින් කුහක කමට කියන කතා. )

දැන් බලන්න ඔය අපි දන්න රාම රාවණා කතාවත් අපිට ඉන්දියාවෙන් දීපු අම්බ පරිප්පුවක්නේ. ඒකේ හැටියට රාවණා හොරා, රාමා පොර. ඇත්තටම බලනවනම් රාවණා ගොයියා ගිහිල්ලා නල්ල මලේ සීතාව උස්සගෙන ආවෙ තමන්ගේ සහෝදරිය සුපර්ණිකාගේ නහය කපපු එකට, එකට එක කරන්න. එහෙම නැත්නම් තමන්ගේ සහෝදරියට වෙච්ච අසාධාරණේට යුක්තිය පසිඳලන්න. රාවණා කරපු ලොකුම මෝඩ කම තමයි ගිහින් ඒකිව උස්සගෙන ආපු එක. ඕක කරගහහෙන එන්නෙ නැතිව ඒකිගෙ නහයත් එතනදිම කපලා දාලා රිටර්න් එක දීලා ආවනම් අද රාමත් නෑ හනුමත් නෑ.

අනික රාමායනයේ කියන්නේ සීතා තමන්ගේ පති වත රැක ගත්තාය කියලානේ. හරි අමාරු වෙන්නැති එයාට ඒක රැක ගන්න. දඬුමොණරෙන් ගේ දොරකඩටම ගිහිල්ලා ගෑණිව උස්සගෙන ආපු, තුන් ලෝකයක් පාලනය කලැයි කියන රාවණ ගොයියට ඕකට ඕන කමක් තිබුනා නම් ඔය පතිවත කුඩු පට්ටම් නොකර ඉඳියිද ? ඒකට රාමා. ආපහු ආව ගෑණිව පොරට කොච්චර ෂුවර් නැද්ද කියවනං ගෑණිව ගිණි ගොඩකට විසික් කරලා දැම්මා. වැඩේ කියන්නෙ සීතාව ගින්දරට දැම්මත් පිච්චුනේ නෑ. එතකොට තමයි හොරේ අහු උනේ. ගිනි ගොඩට දාලත් පිච්චුනේ නෑ කියන්නෙ සීතාගේ ඇඟේ කොච්චර නම් කුණු තියෙන්නෙ ඇතිද ? ඒකනේ පිච්චුවත් පිච්චුනේ නැත්තෙ. අනික රාවණත් ඕකට අත තියන්නෙ නැතිව ඉන්නෙ නැත්තෙ සීතා නාන්නෙ නැති නිසා නොවෙයි කියලා ඔය රාමායනේ කියලා තියෙනවද ? අනික රාවණා ගොයියත් ගොහින් ඔය ගෑණිව ඇල්ලක් ලඟ නවත්තල තිබ්බේ දැන් නායි, දැන් නායි කියලා හිතලා වෙන්න ඇති. ඒත් කොහේද...? ඒකි නාලම නෑනේ...!!

ඉතින් රාමායනය ලියපු එකා ඕක ලියලා තියෙන්නෙ රාමාව පොර කරන්නනේ. ඒක ලියපු වාල්මිකී වගේම ඔය තමන්ගේ එවුන්ව පොර කරන්න ඉන්දියන් පත්තර කාරයෝ කොච්චර ආසද කියනවන් දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉන්දියාවෙ පත්තර විතරක් නෙමෙයි බී.බී.සී එක හිටන් හරිම අපූරු නිව්ස් එකක් පැල් බැඳගෙන සති ගාණක් ප්‍රචාරය කලා.

Saurabh Singh

මේ සිද්ධිය උනේ 2005 වගේ අවුරුද්දේ වගේ තමයි මතක. ඒ වෙනකොට ඉන්දියාවෙ උත්තර් ප්‍රදේශ් කියන ප්‍රදේශයේ බල්ලියා කියන නගරේ ජීවත් වෙච්චර අවුරුදු 15ක් විතර වයස සෞරාබ් සින් (Saurabh Singh) කියන කොල්ලා ගැන හරිම අපූරු නිව්ස් එකක් පල උනා. ඒ තමයි ඇමරිකාවෙ නාසා ආයතනය මගින් අළුත් අජඨාකාශගාමීන් සොයාගන්න පවත්වපු විභාගෙකින් මේ සෞරාබ් සින් මුළු ලෝකෙන්ම පළවෙනියා වෙලා තියෙනවා කියලා. ඒ නිව්ස් එකෙන් තවත් කිය උනේ මේ විභාගෙට ලෝකෙන්ම ලක්ෂ දෙකක් විතර පෙනී සිටියාය, ඒ දවස්වල ඉන්දියාවෙ ජනාධිපති වෙලා හිටිය අබ්දුල් කලාම් 1960දි මේ විභාගෙන් 7 වෙනියා වෙලා තියෙනවාය කියලයි. ඒ වගේම කාලෙකට ඉස්සෙල්ලා කොලොම්බියා අභ්‍යාවකාශ යාන අනතුරෙන් මියගිය ගගණ ගාමිණියක (ගගණ ගාමියා කියන එකේ ස්ත්‍රී ලිංග පදේ ගගණ ගාමිණියද ගගණ ගාමිච්චියද කියල ෂුවර් නෑ) වූ කල්පනා චවුලා ඒ විභාගෙන් 1988 දී 21 වෙනියා වෙලා තියෙනවා කියලත් ප්‍රචාරය උනා. ඔන්න ඉතින් දැන් බලනකොට සෞරාබ් තමයි පොර. මොකද අබ්දුල් කලාමුත් 7 වෙනියා වෙච්ච විභාගෙන් සෞරාබ් 1 වෙනියා වෙලානේ. අනේ ඉතින් මුළු ඉන්දියාවම හොඳට උඩ ගිහින් තිබුනේ. කොටින්ම කියනවානම් අපේ ඔෆිස් එකේ හිටපු ඉන්දියන් කාරයොත් එහේ මෙහේ ඇවිද්දේ උන් හරියට සෞරාබ් සින්ගේ අයියලා අක්කලා කියලා හිතාගෙන. ඔන්න ඊට පස්සෙ ආරංචියක් ආව සෞරාබ්ව බලන්න අබ්දුල් කලාම් සෞරාබ්ගේ ඉස්කෝල විසින් සංවිධානය කරපු උත්සවයකටත් පැමිනෙනවාය, ඊට පස්සෙ ඉන්දියාවෙ අගමැති මන්මෝහන් සින් එක්කත් විශේෂ හමුවක් තියෙනවාය කියලත්. ඔන්න ඉතින් සෞරාබ්ටයි පවුලේ අයටයි ප්‍රාන්ථ ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් සල්ලියි, ශිශ්යත්වයි අරවයි මේවයි පල් බැඳගෙන හම්බවෙන්න පටන් ගත්තා.

ඔන්න ඔහොම ඔය නිව්ස් එක නැගලා යනකොට තමයි එක පාරටම නාසා එකේ ප්රකාශිකාවක් ඇවිත් කිව්වේ නාසා එකෙන් එහෙම විභාගයක් කවදාවත් තියලා නැහැ කියලා. ඔන්න එහෙම කියලා ඊට දවසකකට දෙකකට විතර පස්සෙ අබ්දුල් කලාම්ගේ ප්‍රකාශකයෙක් කියනවා අබ්දුල් කලාමුත් එහෙම විභාගයක් කලේ නෑනේ කියනවා කියලා. ඔන්න ඉතින් එතකොට තමයි කට්ටියට පත්තු උනේ ‘පොරක්' කරන්න ගිය පොරගේ සැබෑ තත්වේ. එහෙම කිව්වත් සෞරාබ් මේක ඔප්පු කරන්න තව තවත් උත්සාහ ගත්තා. පොර ඉඳන් කියන්න ගත්තා නාසා එකේ විභාගයක් උනත් මේක තිබ්බේ එංගලන්තෙ ඔක්ස්ෆොර්ඩ් විශ්වවිද්‍යාලය මගින්ය කියලා. ඒකෙ අවසාන විභාගෙට පොර ලංඩන්වලටත් ගියාය කියලා. හැබැයි පොර දැනගෙන ඉඳලා නෑ ඔක්ස්ෆෝඩ් තියෙන්නෙ ලංඩන් වල ඉඳනුත් කිලෝමීටර් 100ක් විතර එහායින් කියලා. කවුද එක්කෙනෙක් අහලා තිබුනා සෞරාබ් ලංඩන් වල කොහේද නැවතිලා හිටියේ, ලංඩන්වල ඉඳන් කොහොමද ඔක්ස්ෆර්ඩ් එකට ආවේ ගියේ කිය්ලා. ඒ පාර සෞරාබ් කියලා තියෙන්නෙ පොර නැවතිලා හිටියේ බකිංහැම් මාලිගයේ සහ ඔක්ස්ෆර්ඩ් එකට ආවෙ ගියේ ටැක්සියක කියලත්.

ඕක ඉතින් අතේ පත්තු උනේ නැත්නම් තාමත් සෞරාබ් ෆුල් සිරා පොරක් වෙලා හරියට ඉන්දියාවෙන් රමා දැන් පොරක් කරලා ඉන්නවා වගේ.

ඔය කාලෙම වගේ මම වැඩ කලේ එමිරේට්ස් ගුවන් සේවයේ පරිගණක අංශයේ. හිටපු ගමන් අපේ ටීම් එකට පැරෂූටයකින් වගේ කඩාගෙන පාත් උනා "සමීර්" කියලා පොරක් ප්‍රොජෙක්ට් කන්ට්‍රෝලර් කෙනෙක් හැටියට. දැන් පොතේ හැටියට අපේ ටීම් ලීඩර් වෙන්නෙ සමීර්. පස්සෙ කාලෙකද වැඩ බැරි දාස කෙනෙක් විදිහට අඳුන ගත්තත් ඉන්දියන් කාරයන්ට ආවේණික හොඳට කතාකිරීමේ හැකියාව නොඅඩුව තිබිච්ච පොරක් තමයි සමීර්. කොහොමත් ලංකාවෙ අපි 4 දෙනෙක් හිටිය ටීම් එකට මූ ආපු එක කොහොමත්ම අපිට දිරෙව්වෙ නෑ. ඒක නිසා මූත් එක්ක ගේමෙන්ම තමයි කට්ටිය හිටියේ. ඔන්න දවසක් ටීම් මීටින් එකකදි සමීර් මෝටිවේෂන් ස්පීච් එකක් කියනවා මේ අබ්දුල් කලාම් ගැන. මේ කාලේ අබ්දුල් කලාම් තමයි ඉන්දියාවෙ ජනාධිපති. සමීර් කියපු විදිහට කතාව තමයි මේ.

ඉන්දියාවෙ ජාධිපති වෙන්න කලින් අබ්දුල් කලාම් වැඩ කරලා තිබුනේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේක්ෂණ ආයතනයේ ප්‍රධාණ විද්‍යාඥ්ඥයා විදිහට. ඒ කාලේ අබ්දුල් කලාම්ගේ ටීම් එකේ හරිම දක්ෂ විද්‍යාඥ්ඥයෝ රාශියක් සේවය කරලා තිබුනා. ඔය අතර හිටිය ඉතාමත් කාර්යශූර තරුණ විද්‍යාඥ්ඥයෙක් දවසක් උදෙන්ම ඇවිදින් අබ්දුල් කලාම්ට කියලා තියෙනවා "සර් අද මගේ පුතාගේ ඉස්කෝලේ කොන්සර්ට් එක, මම වයිෆ්ට පොරොන්දු උනා හවසට ඇවිත් එයාව කොන්සර්ට් එක බලන්න එක්ක යනවා කියලා, ඒක නිසා මම රෑ වෙන්න කලින් ගෙදර ගියාට කමක් නැද්ද..." ඒ පාර අබ්දුල් කලාම් ඒ තරුණ විද්‍යාඥ්ඥයාට හා කමක් නෑ කියලා අවසර දීලා තියෙනවා. කොහොමින් කොහොම හරි ඒ දවසේ හවස් වෙනකොට අර ගෙදර යන්න ඕනෙයි කිව්ව විද්‍යාඥ්ඥයාට කොන්සර්ට් එක ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගෙදර ගිහින් තියෙන්නෙ පහුවෙනිදා උදේ. උදේ ගෙදර යන ගමන් තමයි පොරට කලින් දවසේ කොන්සර්ට් එක ගැන මතක් වෙලා තියෙන්නෙ. අනේ ඉතින් දැන් පොරට ගෙදර යන්නත් බයයි. අභ්‍යාවකාශ විද්යාඥ්ඥයෙක්ගේ උනත් වයිෆ් වයිෆ්මනේ. ඔන්න ඉතින් පොර වලං මුට්ටි කරට එන සීන් ගැන ගැන හීන මව මව ගෙදර ගියා. ඔන්න ගෙදර ගියා විතරයි මෙන්න බොලේ පොරගේ වයිෆ් ඇවිල්ලා හරිම සන්තෝසෙන් හිනා වෙලා දොර ඇරලා පොරව පිළි ගත්තා. ඔන්න ඉතින් පොරට දැන් හරිම පුදුමයි. ආපහු එළියට බැහැලා බැළුවා මේ ඇවිත් තියෙන්න හරි ගෙදරටද කියලා. ඔව්, වැරදිලා නෑ. ඇවිත් තියෙන්නෙ හරි ගෙදරට. ඒත් වයිෆ් ෆුල් ජොලියේ ඉන්නවා. ඔන්න ඉතින් කෝකටත් කියලා ඉතින් අපේ පොරත් සෑඩ් මූඩ් එකක් දාගෙන වයිෆ්ට කියනවා

"අනේ සොරි ඩාලිං. මම වැඩ කර කර ඉන්නකොට ඊයේ පුතාගේ කොන්සර්ට් එක ගැන අමතක උනානේ....! ඔයාව කොන්සර්ට් එකට එක්කගෙන යන්න බැරි වෙච්ච එක ගැන සොරි හොඳේ....!" කියලා.

ඔන්න ඒපාර වයිෆ් ෆුල් ජොලි මූඩ් එකේ කියනවා "අයියෝ ඩාලිං ගණං ගන්න එපා. මට ඔයාගේ බොස් ඔක්කොම කිව්වා ඔයා හරි බිසී කියලා. ඔයාගේ බොස් ඊයේ හවස අපේ ගෙදර ඇවිල්ලා මාව කොන්සර්ට් එක බලන්න එක්කගෙන ගියා....!"

බලාගෙන යනකොට මේ පොර හොඳටම බිසී කියලා දැකලා අබ්දුල් කලාම් පොරගේ ගෙදර ඇවිත් වයිෆ්ව කොන්සර්ට් එකට අරගෙන ගිහිල්ලා.

ඔන්න ඉතින් මේ කතාව කියපු සමීර් ඉඳන් කියනවා, "බලන්න, කොච්චර හොඳ නායකයෙක්ද, ලීඩර් කෙනෙක්ද අබ්දුල් කලාම්. එයාගේ ගෝලයෝ ගැන කොච්චර හොඳට හොයලා බලනවද. මමත් උත්සාහ කරන්නෙ අන්න ඒ වගේ ලීඩර් එකෙනෙක් වෙන්න...." බුවා හදන්නේ කට්ටිය ඉස්සරහා පොර වෙන්න.

කට්ටිය කොහොමත් මූත් එක්ක මලෙන් ඉන්න එකේ කතාව ඉවරවෙච්ච ගමන්ම අපේ එකෙක් කියනවා, "සමීර් මේ, කරදර වෙන්න එපා... ඔයා ඔයාගේ වයිෆ් ගැන බලාගන්න. අපි අපේ වයිෆ්ලා ගැන බලා ගන්නම්..." කියලා.

අනේ ඉතින් අපේ බඩවල් කොර. සමීරුත් ඇස් දෙක උඩ ඉඳවගේන මේ මොකක්ද කඩා පාත් වෙච්ච මරාලය කියලා උඩ බිම බලනවා.

ඔන්න ඒ පාර අරූ ආපහු කියනවා, "අනේ උඹලගේ අබ්දුල් කලාම් ! ඌ දැක්ක නම් උගේ ගෝලයට ගෙදර යන්න අමතක වෙලා කියලා, ඌ හොඳ මිනිහෙක්නම් ගෝලයට ගිහිල්ල මතක් කරලා දීලා පොරව ගෙදර අරිනවා. ඒත් මූ කරලා තියෙන්නෙ අරූ බිසී වෙනකන් බලාගෙන ඉඳලා පොරගේ ගෙදරට රිංගලා මදිවට උගේ ගෑණිවත් උස්සගෙන කොන්සර්ට් එකකුත් බලන්න ගිහිල්ලා.....!"

එදායින් පස්සෙ සමීර් අපිට මෝටිවේෂන් ස්ටෝරීස් කියන එක නවත්තලා දැම්මා...!

Photo's taken from -

http://www.flixya.com/photo/2381260/ugly-indian-girl

http://news.bbc.co.uk/2/hi/south_asia/4283733.stm

http://cartoon-photocollection.blogspot.com/2009/03/abdul-kalam-cartoon-photos.html
දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com210tag:blogger.com,1999:blog-4346015856052849283.post-46398186715755806512012-01-17T07:30:00.000+04:002012-01-17T07:30:03.478+04:00කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියා - දෙවන කොටස

පළවෙනි කොටස මෙතනින් කියවන්න.

දෙයියොත් බමන්ත සද්ද කියලා නම මාරු කරලා ඇඟට කිටි කිටියේ හිරවෙන ඇඳුමකුත් දීල ගියා මිසක් අඩුගාණෙ කුණ්ඩලීනි යූසර් මැනුවල් එකවත් දීල ගියේ නෑ නේද කියලා බමන්ත සද්දට මතක්වෙලා ටික ටික මල පැන ගෙන ඇවිල්ලා දෙයියොත් එක්කම දෙයියන්ගේ පරම්පරාවත් මතක් කරන්න ගත්ත ගමන් එක පාරටම ඔන්න දෙයියන්ගේ මූණ ආපහු මතු උනා බමන්තගේ ඉස්සරහින්.

"මොන රෙද්දක්ද බමන්ත, බුදිය ගන්නවත් දෙන්නෙ නැද්ද මට..කිඹුහුම් යනවා....මොකද මාව මතක් කලේ....?" ඔන්න බොලේ කුණ්ඩලීනි දෙයියොත් ගෝරණාඩු කරනවා ඔළුව විතරක් දාලා.

"ඔහේ මේ මට බේබි සූට් එකක් වගේ ඇඳුමක් අන්දල, මගේ යසට තිබිච්ච නම වෙනස් කරලා ගියාට මට අනාගතේට යන හැටි කිව්වෙ නෑනේ.....!" ඔන්න බමන්ත සද්දත් කියලා දැම්මා.

"ඕක තමයි මේ මොනිටිසෝරියත් කට්ටි පැනපු උං කුණ්ඩලීනි වලට දා ගත්තහම මේ අහක ඉන්න අපිට තමයි අමාරු. ඕකට අර හැමදෙනාම දාන ජ්‍යාමිතික සූත්‍රය දැම්මානම් හරිනේ....." දෙයියොත් ගෝරණාඩුවක් දැම්මා....

"එහෙනම් පොඩ්ඩක් ඉන්න දෙයියෝ මම කවකටු පෙට්ටිය අරගෙන එනකං...." බමන්ත නැගිට්ටෙ කවකටු පෙට්ටිය හොයාගෙන එන්න...!

"කවකටු පෙට්ටි මොකටද... ජ්‍යාමිතිය විසඳන්නේ ඇඟිලි වලින්නේ..... ඉස්සෙල්ලම අරක මෙතනින් ගන්න මෙන්න මෙහෙම....." දෙයියෝ වම් අත කරකවලා ඇඟිලි ටික විහිදුවලා බඩ උඩ තියාගත්තා....."ඊට පස්සෙ මේක මෙතනින් ගන්න මෙන්න මෙහෙම...." දෙයියෝ දකුණු අත කරකවලා අරගෙන වම් අතේ ඇඟිලි වලට කිට්ටු කරලා තියාගත්තා..

"ඊට පස්සෙ මේ දෙක එකතු කරන්න, කම්බයින් කරන්න මෙන්න මෙහෙම...." දෙයියෝ ඇඟිලි ටික බඩ උඩ පටලව ගත්තා....

"ඈහ්.......?" බමන්තට කෑගැහුනේ ඉබේටම වගේ....

"පොඩි විහිලුවක් කලේ බමන්තයෝ, ගණන් ගන්න එපා.... මම මේ පහු ගිය දවස්වල ජ්‍යාමිතිය ගැන එෆ්.බී එකේ තිබුනු ජෝක් වීඩියෝ එකක් බැළුවා....”

බමන්තයෝ, ඕකට ඔච්චර මැරෙන්න ඕනෙ නෑ... ඇස් දෙක පියාගෙන යන්න ඕනෙ අවුරුදු ගාණ ගණන් කරපු ගමන් ඒ ගණන් කරපු ගාණට අනාගතේට යන්න පුළුවං.පස්සට කරාම අතීතයට යන්න පුළුවන්....ගණන් කරලා ඉවර වෙලා අප්පුඩියක් ගහන්න....එච්චරයි." කුණ්ඩලීනියත් ඇඟට පතට නොදැනී කියලා ආපහු මාරු වෙලා ගියා.......

ඔන්න ඉතින් බමන්ත සද්දත් ඒ කිව්ව විදිහටම ඇස් දෙක පියාගෙන ගණන් කරන්න පටන් ගත්තා...."එකායි, දෙකායි, තුනායි...................... පනස් එකායි, පනස් දෙකායි........, මදුරුවෙක්....චටාස්........පොහ්.......!!”

'පොහ්' ගාල මදුරුවා මැරුනේ කොහොමද බමන්ත ඇස් දෙක ඇරලා බැලුවා.....

ඇස් දෙක ඇරලා බලපුවහම බමන්තගේ ඉස්සරහා නිල් වන් කෙත් වතු යායක්. ඈතින් සීයා කෙනෙක් අමුඩයක් ගහගෙන පෝර ඉහිනවා...! බමන්ත වාඩිවෙලා ඉන්නෙ ඒ වෙල අද්දර ගල් තලාවක් උඩ.....වෙල අද්දර සිරාවට කාපට් කරපු, දෙපැත්තටම යකඩ වැටවල් ගහපු තඩි පාරක්, පාරෙන් එහා පැත්තට වෙන්න පොල් අතු හෙවෙලි කරපු තේ කඩයක්.....ඔන්න ටික වෙලාවකට පස්සෙ අර කාපට් කරපු පාර දිගේ ඩක ඩක ගාගෙන තනි දොරේ ලංගම බස් එකක් එනවා....

"මේ කොහෙද බොලේ මේ.....?" බමන්තත් බිරන්තට්ටු වෙලා වගේ බලාගෙන ඉන්නවා ගලටම වෙලා....හෝඩුවාවක් දැන ගන්න....!!

ඔන්න ටිකකින් අර පෝර ඉහ ඉහද කොහෙද හිටපු සීයා එනවා උදැල්ලත් උස්සගේන් අමුඩ කෙටියත් ගහගෙන ගල ගාවින් ඇවිදගෙන යන්න...."

සීයේ....!" බමන්ත අර සීයට කතා කලා....!

"සීයේ......? මම කොහොමද ඕයි තමුසෙගේ සීයා උනේ.... මගේ නම චමින්ද....!"

"අනේ සීයේ ... සොරි සොරි... සමාවෙන්න..අයියේ ඔයා ලංකාවෙද ?" බමන්තට ඉබේම ඇහුනේ හිතේ කොනක සැකයක් තිබිච්චි නිසා....!

අර චමින්දත් එක පාරටම යන ගමන නවත්තලා බමන්ත දිහා ඔළුවේ ඉඳන් පාදාන්තය දක්වාම බැල්මක් හෙළුවා....!

"ඇයි... තමුසේ අහලා තියෙනවද ඉන්දියාවෙ මිනිස්සු කුඹුරු කොටලා යන ගමන් සිංහලෙන් කතා කරනවා....?" චමින්ද සීයත් කරුණාවෙන්ම උත්තර දෙනවා. ඒ හඬේ ලාංකීය බව බේරෙනවා...

"හරි හරි.... ඇති යාන්තන්....මම ඉන්නෙ ලංකාවෙ තමයි...."අර සුපුරුදු ලාංකීය ආමන්ත්රණ කනට වැටුනු බමන්තට හිතුනා.....! අයියේ මොකක්ද මේ අවුරුද්ද....?"

"මේ මනුස්සයෝ මේ 2064...... තමුසේ අංගොඩින් පැනලා එන ගමන්ද....?" සීයට මල පැනලා.....!

"අප්පට සිරි.... 2064...කුණඩලීනි වැඩ...........මම ඉන්නෙ අනාගතේ …......අංගොඩත් තාම තියෙනවලු.......!"

ඒ එක්කම බමන්තට හිතුනේ …. “මේ 2064 නම්, මුගේ වයස පේන හැටියට නම් මේ චමින්ද ඉපදෙන්න ඇත්තෙ එක්දාස් නවසිය අනූ ගණන් වල වගේ වෙන්න ඕනෙ..... හුටා... ඒ කියන්නෙ මූ මට වඩා ඇත්තටම බාලයි...........” බමන්තටත් හිතුනා....

"මචං....උඹේ ගෙවල් කොහෙද....?" අමාරුවෙන් එහෙම කතා කරන්න කට හදාගත්ත බමන්ත අර චමින්දගෙන ඇහුවා......

ඒ විදිහට මචං කියලා කතා කරපු එකෙන් චමින්දත් පොඩ්ඩක් කික් එකක් ඇවිල්ලා....

“මෙන්න මේ හයි වේ එකේ හරියටම අනිත් පැත්තේ බං.....!” චමින්ද ඇඟිල්ල දික්කරලා හරියටම පාරෙ එහා පත්තෙන් පාර අයිනට වෙන්න තියෙන ගෙයක් පෙන්නනවා...

“ මේ මම දැන් මම හයි වේ ඉන්ටර් සිටියක් එනකන් ඉන්නවා ගෙදර යන්න....! ඇයි පයින් මාරු වෙන්න බෑනේ... 5000ක් දඩ...! ඊට වඩා ලාබයි රුපියල් 400ක් දීලා ඉන්ටර්සිටියේ යනවා....!” චමින්දත් ඔරේ කියවනවා....

"මචං ඉන්ටර්සිටියක් එනකන් පොඩ්ඩක් කතා කරමුද ? 2064 වෙලත් තාම අමුඩේ ගහගෙන කුඹුරු කොටන්නෙ ඇයි...?"

"ඇයි ඕයි, තමුසෙ කියන්නෙ 2064 කියලා හෙළුවෙන් කුඹුර කොටන්න කියලද ?" ...මේකා එන්නෙම වලියට....

"නෑ මචං මම අහන්නේ ලංකාව දියුණු වෙලා නැද්ද පහු ගිය අවුරුදු 50ට 60ට....?"

බමන්තත් පොඩ්ඩක් ශාන්ත දාන්තව ප්‍රශ්නේ අහලා දැම්මා...?

"දියුණු වෙලා නැද්ද ? දැන් තමුසේ බලනවකෝ අපි පොඩි කාලේ තිබුනා වගේ අඩි පාරක්, ගුරු පාරක්, තාර පාරක් ඉතුරු වෙලා තියෙනවද කියලා....! බෝක්කුවක්, කාණුවක් ඉතුරු වෙලා තියෙනවද කියලා.....! ඒවා ඔක්කොම හයිවේ එහෙම නැත්නම් ගුවන් පාලම් වලට හරවලා තියෙන්නෙ......! බේතකටවත් නිකන් පාරක් නෑ....! පේනවා නේද.. බොහොම අමාරුවෙන් මේ කුඹුරක නියරක්වත් බේරගෙන තියෙන්නෙ.!! දියුණු වෙලාද කියලා අහනවා....! දැන් ලංකාවෙ ප්‍රධාන ආධායම් මාර්ගය තමයි හයිවේ....! " චමින්දත් කියවගෙන කියවගෙන යනවා හරියට මයිනෙක් වගේ.

"ඒකත් එහෙමද..එතකොට දේශපාලනේ.....? දැන් එතකොට කවුද මේ රටේ නායකයා....?"

“රටේ නායකයා තමයි අපේ මහ රජ තුමා.........!”

“මොන මහ රජතුමාද ?” තක්බීර් වෙච්ච බමන්තත් ඇහුවා...

“මොන මහ රජතුමාද ? ඒකවත් දන්නෙ නැද්ද... අර පණ්ඩුකාභය පරපුරෙන් පැවත එන්නෙ...?”

“පණ්ඩුකාභය...? ඒ කියන්නෙ අබා...?” බමන්තට ඒකාලේ බලපු ෆිල්ම් එකක් මතක් උනා

“අන්න හරි.... අබාගේ බබා තමයි දැන් රජ කරන්නෙ...!!”

“හුටා... ඒ කියන්නෙ ඇක්සන් ජන්තු වැඩේ දීලා....!” පොර ඉතිහාසය ලියන මුවාවෙන් අනාගතේට ගේම දීල වගේ. මොනව උනත් මීයක් කඩන්නෙ ඇඟිලි ලෙවකන්න නෙමෙයි කියලා ඒ දවස්වල සූ එකේ හිටපු වලහෙක්ද කොහෙද කියලා තිබුනා.

"මචං චමින්ද... අර ඒ දවස්වල හිටපු රාජ පරම්පරාවට මොකද උනේ..? ඒ කියන්නෙ මීට අවුරුදු 50 කට විතර කලින් හිටපු...?" බමන්තත් හිතේ කැකෑරෙමින් තිබුනු පුරස්නේ ඇදලා දැම්මා....!

“අනේ ගොනෝ.....” ….චමින්දයා පටන් ගත්තා..."අර රජතුමාගෙ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටපු වඳුරා ගැන දන්නවද ?"

"ඔව් ඔව් ඉතින් ඉතින්" බමන්තට දැන් හරිම කුතුහලේ

"ඒ එක වඳුරෙක් ඉඳලා එහෙම උනේ. ඉතින් හිතා ගන්නකෝ වඳුරො දෙසිය ගාණක් වටේට හිටියහම වෙන සන්තෑසිය..."

අපොයි දෙයියනේ කියලා කම්මුලේ අත ගහගත්ත බමන්ත ඊට පස්සෙ ඒ ගැන මොකුත් අහන්නෙ නැතිව ඉන්න තීරණය කලා.

"එතකොට ඒ වඳුරො ටික ?"

"ආහ්... ඒ වඳුරො ටිකට දැන් පුළුන් පුරවලා දියවන්නාවේ මියුසියම් එකට දාල තියෙනවා ජනතාවට බලලා විනෝද වෙන්න......"

‘එහෙනම් ඒ කාලෙයි මේ කාලෙයි අතර වෙනසක් නෑනේ, තාමත් වඳුරො ටික ජනතාවට විනෝදය සපයනවා...’

"මචං චමින්ද.... කවුද එතකොට දැන් රටේ විපක්ෂ නායකයා....?" අමාරුවෙන් අනාගතේට ආපු එකේ ඔන්න ඔක්කොම විස්තර ටික අහගෙනම යනවා කියලා බමන්තට හිතුනා.

“විපක්ෂ නායක කවුද ඉතින්... රනිල්ම තමයි....” බමන්තගේ ඇස් දෙක නළලට යවන ගමන් චමින්දයත් මරු කියවනවා.

“රනිල්..? මෙච්චර කල්... ඒ කොහොමද …....? පොර ඒ කාලෙත් සෑහෙන්න වයසයිනේ....”

“ඕකනේ කියන්නෙ.... තමුසේ දන්න අටමගලයක් නෑ කියලා. රනිල් ලොක්කට අර ධවල බමුණා බේතක් මවලා දීලානේ නොමැරී ඉන්න...”

“ධවල බමුණා.......?” බමන්තට නම් හිතුනේ මේ චමින්දයත් අංගොඩින් පැනලා එන ගමන්දෝයි කියලයි.

"ඔව් ඔව්, අර වලියන්ත ඊට් කියලා හිටියේ. අර ඒ දවස්වල එෆ්.එම් එකකින් ගලක් පෙරලලා දාලා මස්ත බාල්දු වෙලා ගියේ. පොර ඒ කාලේම ගිහි ගෙය කල කිරිලා හිමාලේ පැත්තට භාවනා කරන්න ගියා කියලා ආරංචියි."

බමන්තට දැන්නම් වැඩේ හොඳටම පැහැදිලි වීගෙන එනවා...

“එතකොට අර ඒ දවස්වල අනීවාරතේ හිරේ යන්න වෙච්ච ජන රාළ තුමාට මොකද උනේ...? නිදහස් උනාද...?” බමන්තගේ හිතේ තිබිච්ච තවත් ප්‍රශ්නයක් ඇදලා ඇරියා....

“නිදහස් උනා නිදහස් උනා....! ඇමරිකාවෙ ජනාධිපති, උන්නැහේ වෙනුවෙන් සමාව ඉල්ලුවනේ....! ඉතින් නිදහස් උනා....”

"හෑහ්...? ඇමරිකාවෙ ජනාධිපති...සමාව ඉල්ලුවා..?" බමන්තගේ කට තාමත් ඇරිච්ච ගමන්මයි....

“නැතිව නැතිව.... උන්නැහේට උන්නැහේගේ වැඩක් කරගෙන යන්න බැරි තරමටම වැඩේ දරුණු උනානේ. ලියුං එන තරමක් ආවා කියන්නෙ ලංකාවෙන් යවන පෙත්සං.... ඔන්න ඉතින් උන්නැහේ එතුමා වෙනුවෙන් සමාව ඉල්ලුවා...”

“ඉතින්.. මොකද උනේ....?”

“මොකද උනේ තමයි... නිදහස් උනා විතරයි ජන රාළ තුමා හිරේ ඉන්නකං උඩ පැනපු ගෝතයෝ ටික උන්නැහේගේ පැත්තවත් බැළුවෙ නෑ. ඉස්සර එතුමා උසාවියට, ඉස්පිරිතාලෙට යනකන් කැමරා මානගෙන ෆොටෝ අල්ලන්න බලාගෙන හිටපු මාධ්‍යය වේදියෝ එකෙක්වත් එතුමාගේ ෆොටෝ එකක් ගහන්න පැත්ත පලාතක ආවෙ නෑනේ...බැරිම තැන එතුමා එළියෙ ඉන්නවට වඩා ඇතුල හොඳයි කියලා ආපහු ඉල්ලගෙන හිරේ ගියා....”

හපොයි, මේව ඇහෙනකොට බමන්තට නිකං කැරකිල්ල වගේ......

“එතකොට අර රතු සහෝදරවරු. ඒ ගොල්ලන්ට මොකද උනේ....?” බමන්තගෙනුත් ප්‍රශ්න පිට ප්‍රශ්න.

“ආ ඒක ඒ කාලෙම විසඳුනානේ....! දැන් බලන්න නයි දෙන්නෙක් ඉන්නවා. එක නයෙක් අනිත් නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අනිත් නයත් අර නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අන්තිමට නයි කී දෙනෙක් ඉතුරුද...?”

“එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑනේ....” බමන්තට ඉබේම කිය උනා......

“මචං චමින්දයෝ, අඩුම තරමේ ක්‍රීඩාවෙන්වත් දියුණුවක් නැද්ද හැබෑටම.....! කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවෙ තත්ත්වෙ එහෙම. 96න් පස්සෙ කීපාරක් ලෝක කුසලාණේ දින්නද ?” මොලේ කරපට් වෙලා හිටිය බමන්තත් මාතෘකාව වෙන පැත්තකට හරෝලා දැම්මා....!

“මොකා කිව්වා.....? ක්‍රිකට්...? ඒ මොකක්ද ? ආහ්... ඉස්සර එහෙම එකක් තිබුනා තමයි. ටික කාලෙකට ඉස්සෙල්ල ඒ ගොල්ලන්ව ගොඩවල් ගාණට ඉන්දියාවෙන් සල්ලි දීලා ගත්තයින් පස්සෙ එහෙම එකක් නැතිව ගියා..... ” චමින්දයත් කිසිම විළි සංගයක් නැතිව කියවනවා...

“අඩු ගානේ ජාතික ක්‍රීඩාවක්වත් නැත්ද ?” බමන්තගෙත් ඉවසීමේ සීමාව පැනලද කොහෙද .

“ජාතික ක්‍රීඩාවක් නැත්තෙ මොකද. අපේ ජාතික ක්‍රීඩාව තමයි නයිට් රේස්....” චමින්දයත් දෙකට නැවිලා අමුඩ ලේන්සුවෙන් කට පිහිදගන්න ගමන් කිව්වා.

එතකොටම තමයි චමින්ද මෙච්චර වෙලා බලාගෙන හිටපු හයිවේ ඉන්ටර්සිටිය ආවේ. චමින්ද අත දැම්ම විතරයි යන්තන් ස්ලෝ කරපු පරණ ටකරන් බස් එකට චමින්ද උදැල්ලත් උස්සගෙන ටික දුරක් දුවල ගිහිල්ලා යාන්තම් එල්ලුනා.

අනාගත ආශ්චර්යය බලන්න ආපු බමන්තට දැන් හොඳටම කලන්තෙ වගෙයි. ආපහු යන්න ඕනෙ කියලා හිතලා ඔන්න ඇස්දෙක පියාගෙන පිටිපස්සට ගණන් කරන්න පටන් ගත්තා.... 52, 51, 50.....3,2,1 චටස්. ම්හ්... මුකුත් වෙන්නෙ නෑ... හිටපු තැනමයි.... චටස්....චටස්....චටස්.....!

එතකොටම තමයි බමන්තට හුරු පුරුදු හීනි සොඳුරු කට හඬක් ඇහුනේ.....

“මොන මළ වදයක්ද මම දන්නෙ නෑ.... මේ මිනිහට පිස්සු හැදිලද කොහෙද.... මහ රෑ තිස්සේ නැගිටගෙන ඇඳ උඩ උඩ පැන පැන අප්පුඩි ගහන්නෙ....! මේ පොඩි එවුන්වත් ඇහැරවන්න හදනවා.....!

හපොයි දෙයියනේ මම හෝදලා ඇඳ විට්ටමේ වේලෙන්න දාල තිබුනු මගේ සල්වාර් එකත් මේ මිනිහා ඇඳගෙන......! පොඩ්ඩක් කට ගාගත්ත ගමන් උන් හිටි තැන් හිටන් අමතක වෙනවා.....!

අනේ ඉතින් මෙයාට මට කුණ්ඩලීනි යෝගේ ලැබුනා කිව්වොත් පිලිගනීද ? ඒක නිසා දුමියත් ඇඳේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.

දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com132tag:blogger.com,1999:blog-4346015856052849283.post-42686571942952584592011-12-25T16:06:00.000+04:002011-12-25T16:06:32.951+04:00කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියා

දුමීට ඉස්සෙල්ලාම විද්‍යා ප්‍රබන්ධයක් කියවන්න ලැබුනේ අර විදුසර පත්තරේ පටන් ගත්තු දවසෙ ඉඳලා ඒක ගන්න පුරුදුවෙච්ච නිසා. එකේ සතියකට සැරයක් හරිම අපූරු විද්‍යා ප්‍රභන්ධයක් පල උනා. ආතර් සී ක්ලාක් රචනා කරපුවා වගේම ආධුනික රචකයන්ගේ කතාත් පල උනා.

දුමීගේ හිතට මේ ටයිම් ට්‍රැවලින් ගැන උනන්දුවක් ඇති කලේ ඔය විදුසරේ ගිය කතා දෙක තුනක් නිසයි. ඔය කතා කියවපු දවස්වල ඉඳන්ම ටයිම් ට්‍රැවලින් මැෂින් එකක් හදන්න ඕනෙයි කියලා දුමීගේ හිතට තදින්ම කාවැදිලයි තිබුනේ. ඒ නිසා දුමී ඒ දවස්වල ඉඳලම පරණ බල්බ් (විශේෂයෙන්ම ටියුබ් ලයිට් ) , පරණ බැටරි කෑලි, යකඩ ඇණ, බෝල්ට් ඇණ වගේ දේවල් එකතු කලේ මේ ටයිම් මැෂින් එක හදාගන්න. ඒ වගේම පකිස් පෙට්ටි දෙක තුනකුත් හොයාගත්තෙ මේ ටයිම් මැෂින් එකේ බොඩි එක හදාගන්න.

ඔය කාලෙ තමයි ඔය බ්ලේක් සෙවන්, බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා, ස්ටාර් ට්‍රෙක් වගේ අභ්‍යවකාශ කතා සෙට් එකක් ටී.වී එකේ ගියේ. ඔය හැම යානෙකම එක එක බල්බ් පත්තුවෙන නිවෙන ලොකු ලොකු මැෂින් තියෙනවා දැකලා හොයලා බැලුවම කවුදෝ කිව්වා ඕවා හදලා තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් වලින් තමයි කියලා. ඔන්න ඉතින් දුමීටත් ඕනෙ උනේ ඉස්සෙල්ලාම මේ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් ගැන ටිකක් ඉගෙන ගන්න ඕනෙ කියලයි.මොකද ටයිම් මැෂින් එක හදන වැඩේට ඒවා අනිවාර්යයෙන්ම ඕනෙ වෙන නිසා. ඔය අදහස දුමීලගේ තාත්තට දාන පරක්කුවෙන්ම දුමීව ගොහිල්ලා බැන්දෙව්වා බත්තරමුල්ලේ තියෙන "කැපිටල් රේඩියෝ ටෙලිවිෂන් ස්කූල්" එකට. ඔන්න ඉතින් දුමිත් මාස 8ක් විතර තිස්සෙ ඔකෙන් රේඩියෝ, ඇම්ලිෆයර් වගේ නානා ප්‍රකාර ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් හදන්න ඉගෙන ගත්තා. කොහොමෙන් කොහොම හරි ගෙදර ඇවිල්ලා දුමිත් දන්න දන්න සෙල්ලම් දාලා රේඩියෝ හදන්න පටන් ගත්තා...! මොන කරුමයක්ද දන්නෙ නෑ හදන හදන රේඩියෝ වලින් අහු උනේම දෙමළ චැනල් විතරයි. ඔන්න ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් දැනුමෙන් ටයිම් මැෂිමක් හදන්න ගියොත් තමිල්නාඩුවෙන් එහාට යන්න වෙන එකක් නෑ කියලා දුමීට හිතිලයි තිබුනේ. ඔන්න එහෙම්මම ඒ මැෂිම හදන වැඩේ අත ඇරලම දැම්මා...

ඊට පස්සෙ ටික කාලෙකට පස්සෙ තමයි අපේ ජයන්ත චන්ද්‍රසිරි ගොයියගේ "දඬුබස්නාමානයයි" ඊට පස්සෙ "කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා" කියන ටෙලි ටික ටී.වී එකේ ගියේ. ඔන්න දැන් දුමීට හරි සතුටුයි. මොකද දැන් ටයිම් මැෂින් එකක් හදන්න ඕනෙ වෙන්නෙ නෑනේ. යෝග පාරක් දාලා කුණ්ඩලීණී යෝගය ලබා ගත්තා නම් ගොඩ. අතීතයටද අනාගතයටද ඕනෙම එකකට සුටුස් ගාලා ගිහිල්ලා එතැහැකි.

ඊටත් පස්සෙ දවසක තමයි දුමීට මෙන්න මේ පින්තූරේ තියෙන පුස්කොල පොත පරණ පොත් ගොඩක තිබිලා හම්බ උනේ. පුරාණ සෘෂිවරයෙක් ලියලා තියෙන පුස්කොල පොතේ නම "කුණ්ඩලීණි ෆොර් ඩමීස් (දුමීස්ද මන්දා )". ඔන්න ඉතින් පුස්කොල පොතේ කියලා තියෙන හැටියට උදේ කෑමට පෙරයි, රෑ කෑමෙන් පස්සෙයි පැය ගානෙ දවසට පැය දෙකක් යෝගේ වැඩුවොත් අවුරුදු 5කින් කුණ්ඩලීණි ලැබෙනවා ෂුවර් කියලා තමයි පොතේ නම් තිබුනේ. ඒත් ඉතින් දවසට පැය දෙකක් ඕකට යොදවන්නෙ කොහොමද කියලා කල්පනා කරපු දුමී අඩු ගානෙ විනාඩි 15ක් හරි යොදවනවා කියලා තමයි වැඩේට බැස්සෙ.

දුමී වැඩේට බැහැලා අවුරුදු 15ක් විතර ගියාට පස්සෙ ඊයෙ පෙරේද දවසක දුමී රෑ කෑමෙන් පස්සෙ කුණ්ඩලීනි යෝගේ වඩමින් තමයි හිටියේ. එක පාරටම "බරස් බරස්" කියලා සද්දයක් ඇහිච්චි නිසා දුමී ඇස් දෙක ඇරලා බැලුවා. ඒත් මුකුත් නැති නිසා ආපහු ඇස් දෙක පියාගෙන යෝගේ වඩන්න පටන් ගත්තා. ආයෙමත් අර "බරස් බරස්" සද්දෙ සැරටම ඇහිච්ච නිසා දුමී ආයෙත් ඇස් දෙක ඇරලා බැලුවා. එතකොට තමයි දුමී දැක්කෙ දුමීගෙ ඉස්සරහා දිලිසි දිලිසි ඔටුන්නකුත් දාගෙන බුවෙක් එරමිණියා ගොතාගෙන ඉන්න හැටි. "ඔබ තුමා කවුද....?" දුමීගේ කඩ හඬත් වෙව්ලනවා....

“දුමී, මම තමයි කුණ්ඩලීනි දෙයියෝ....ඔන්න ඔය සරම ගලවලා දාලා මෙන්න මේක ඇඳගන්නවා දැන්...” එහෙම කියපු කුණ්ඩලීනි දෙයියෝ කහපාටින් මහපු බාච්චුවක් වගේ දිග කලිසමකුයි අත් දිග කමිසෙක්යි දුමී දිහාට විසිකලා.

"ඒ මොකද ඒ...?" අඤ්ඤකොරොස් වෙලා දුමියත් ඇහුවා.

“දැන් තමුන් කුණ්ඩලීනි යෝගෙ ලබලා ඉන්නෙ. ඇහුනේ නැද්ද අර බරස් බරස් සද්දේ...? යෝග ලැබුවහම අඳින ඇඳුම වෙනස් කරන්න ඕනෙ...! හා හා ගලවනවා සරම...!” දෙයියොත් දුමීගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා....

“ඔබ තුමා පොඩ්ඩක් අහක බලා ගන්නවද මට සරම ගලවන්න ?” දෙයියෝ උනත් පොරගේ බැල්ම එච්චර ඇල්ලුවෙ නැති නිසා දුමියත් කියලා දැම්මා.

දෙයියෝ අහක බලනකම් ඉඳලා දුමී සුටුස් ගාල සරම ගලවලා අර කහ පාට බාච්චු කලිසමට බැහැලා අර කහ පාට ෂර්ට් එකත් ඇඳ ගත්තා.

“දැන් දුමී ඔහේගෙ නම අද ඉඳන් වෙනස් කරන්න ඕනෙ. ‘බමන්ත සද්ද’ කියලා.” ඔන්න ආයෙත් දෙයියෝ කියන්න පටන් ගත්තා....

“අර මක්කෙයි අර... මේ යසට තියෙන දුමීගෙ නම වෙනස් කරන්නෙ..? ” මල පැනපු දුමියත් කියලා දැම්මා...

"තමුසෙට කුණ්ඩලීනි ඕනෙද එපාද... ඕනෙ නැත්නම් කියනවා මම වෙන කාට හරි දෙන්නම්....දැන ගන්නවා මේ වගේ යෝග ලැබුනම නම වෙනස් කරන්න ඕනෙ... ඇඳුම වෙනස් කරන්නත් ඕනෙ" දෙයියන්ට මල පැනලද කොහෙද.

"හා හා හරි හරි, ඕක ඉතින් ඔබ තුමා කලින් කිව්වනම් ඉවරයිනේ" අමාරුවෙන් අතට ගත්ත දේ කටේ දාගන්නවත් කලින් මිස් උනොත් කියලා දුමිත් කැමති උනා.

ඔන්න ඉතින් 'බමන්ත සද්ද' කියලා නම වෙනස් කරගත්ත දුමියත් ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කට බලියගෙන දැන් බලාගෙන ඉන්නවා.

"බමන්ත සද්ද, දැන් අහගන්නවා මේ කුණ්ඩලීනි නීති ටික...." දෙයියොත් මහ නපුරු පෙනුමක් ආරුඨ කරගෙනම කියනවා.

"තමුන්ගේ කුණ්ඩලීනි ලයිසන් එක තාම අළුත්. ඒ නිසා වැඩි ඈත යන්න දෙන්න බෑ. අනාගතයට අවුරුදු 100යි අතීතයට අවුරුදු 100යි තමයි පටන් ගන්නකොට දෙන්නෙ. තමුන්ගේ පර්ෆෝමන්ස් බලලා තමයි ඒක වැඩි කරන්නෙ."

“අතීතයට ගිහිල්ලා, අනාගතේදි අදින ස්වීප් ටිකට් ගන්න තහනම්....එහෙම දැනගන්න ලැබුනොත් ඒ වෙලාවෙම කුණ්ඩලීනි ලයිසන් කැන්සල්.”

“අතීතයට ගිහිල්ලා තමුන්ගේ තරහ කාරයන්ට ගේම් දෙන්න තහනම්...”

“මේ ලඟදි එක්කෙනෙක්ගේ ලයිසන් එක කැන්සල් කරා මොකද පොර අනාගතයට ගිහිල්ලා ඒ.ලෙවල්. ඕ.ලෙවල් ප්‍රශ්න පත්තර බලලා අතීතයට ගිහින් ටියුෂන් කඩයක් දාගෙන ඉඳලා. ඒවගේ ඒව කරලා අහු උනොත් දැඩි දඬුවම්..... තේරුනාද ?”

"එතකොට මොනවද මේකෙන් කරන්න පුළුවන්....?" මේ නීති ටික ඇහුවහම මේ රෙද්දෙන් වැඩක් නෑනේ කියල දුමීට, නෑ බමන්ත සද්දට හිතිච්ච නිසා අහලා දැම්මා.

"හොහ් හොහ් හොහ්... ඒක ගිහිල්ලම බලපන් බමන්ත සද්ද ඒක ගොහිල්ලම බලපන්...." දෙයියොත් නක්කල් හිනාවක් දැම්මා....

"හරි මම දැන් කොහාටද ඉස්සෙල්ලම යන්නෙ.....?" බමන්ත සද්ද අහනවා.

"ඔහේ තාම එල් බෝඩ් නිසා හැමතැනම යන්න දෙන්න බෑ. තමන් ඉපදිච්ච රටේ අතීතයට හරි අනාගතයට හරි යන්න පුළුවන්...." දෙයියොත් හරියට අතින් පයින් යනවා වගේ කියනව.

හ්ම්ම්..අතීතයට..? වැඩක් නෑ. බමන්ත සද්දට ඉතිහාසය සහ සමාජ අධ්‍යනයට විශිෂ්ඨ සම්මනයක් තියෙන නිසා අතීතයට ගිහින් වැඩක් නෑ. "හරි මට යන්න ඕනෙ ලංකාවෙ ආශ්චර්යය බලන්න අනාගතේට....." බමන්ත සද්දට කියවුනා....!

කට කොණට නක්කල් හිනාවක් දාගත්ත කුණ්ඩලීනි දෙයියෝ..

"හා හොඳයි එහෙනම්....ගොහිල්ලා එමුකෝ බලන්න......" කියන ගමන් සුටුස් ගාලා අන්තරස්දාන උනා.....

ප.ලි: බමන්ත සද්ද කුණ්ඩලීනි පාවිච්චි කරලා ආශ්චර්යය බලන්න අනාගතේට ගිය හැටි ඊලඟ කොටසෙන් බලාපොරොත්තු වෙන්න....!

picture taken from : http://paranormalspy.com/news/is-that-the-time-it-will-be.html
දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com71