දුමී බබා කාලේ - හැන්ඩි සීයාගේ අවුරුද්ද
Posted by
ඇට්ටේරියා මල් සුවඳ, සේපාලිකා මල් සුවඳ නහයට දැනෙනකොට, ඇස් පියාගත්ත ගමන්, කාලය කැරකිලා කැරකිලා මතකය දිව යන්නේ ආත්තම්මත් එක්ක කළුබෝවිල ගෙදර ගෙවපු කාලය. ඇට්ටේරියා මල්, සේපාලිකා මල් කඩාගෙන ආත්තම්මත් එක්ක බුදුන් වැන්ද හැටි, පංසල් ගිය හැටි, භාවනා කල හැටි…... ඒ වගේම ගොයම් පිරිච්ච කුඹුරක්, ගොයම් කපන කොට එන නැවුම් සුවඳ, බිමට නැමිච්ච ගොයම් කරල්, දොළ පාරක්, මැංගුස්, කුන්දිරා වගේ දේවල් දකිනකොට ඇදිලා යන්නේ සීයත් එක්ක නිවාඩු කාලවල මතුගම ගත කරපු අති සුන්දර කාලේ…....!
අවුරුදු නිවාඩුව කියන්නේ දුමීටත්, දුමීගේ අක්කලා නංගිලා මල්ලිලාට හරිම ජොලි කාලයක්. මොකද ඒ වෙනකොට පිට රට රාජකාරි කරපු දුමීගේ තාත්තත් නොවැරදීම ලංකාවට එනවා. දුමීගේ තාත්තා ගෙදර ආපු ගමන් දවස් දෙක තුනක් කළුබෝවිල ඉඳලා කට්ටියත් එක්කම අවුරුදු ගත කරන්න මතුගම යනවා. දුමීගේ බාප්පලා, නැන්දලා ඔක්කොමල්ලත් ගොඩක් වෙලාවට අවුරුද්දට මතුගම එනවා. ඒ වගේම දුමීගේ බාප්පලා හිටියෙත් මතුගම ගෙදර. හැමෝම එකට එකතු වෙලා ඒ කාලේ ගත කරපු අළුත් අවුරුද්ද විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.
අවුරුද්ද කියන්නේ දුමීගේ අතේ මිටෙත් කාසි ටිකක් වැඩිපුර ගැවසෙන කාලයක්. අවුරුද්දට බුලත් දීලා වැන්දහම බාප්පලා, නැන්දලා, සීයලගෙන ලැබෙන රුපියල, රුපියල් දෙක සමහර වෙලාවට රුපියල් පහ කියන්නේ මහමෙරක් වගේ. අවුරුදු නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලේ ගිහින්, ඒ කාලේ දුමීගේ ප්‍රියතම කෑම වන මාළුපාන් මහ ගොඩක් කන්න පුළුවන් වෙන්නේ ඒ අවුරුද්දට බුලත් දීලා ලැබෙන සල්ලි වලින් තමයි. ඒ දවස්වල දුමීට තිබ්බ ඔය මාළුපාන් පෙරේතකම ගැනත් කට කහන කතාවක් තියෙනවා. ඒක පස්සෙ ලියන්න බලමු.
මතුගම ගිහිල්ලා කියන්නේ කරන්න තියෙන දේවල් වල නම් නිමක් නෑ. ඒ ටික කරන්න දවසක් හොඳටම මදි. කට්ටියත් එක්ක එකතු වෙලා ක්‍රිකට් ගහන්න, ටීක් බෝල ගහන්න, සම්බෝල කඩන්න, ගුඩු ගහන්න, දොළේ නාන්න යන්න, වෙලේ බැහලා බට්ටෝ කාවයියෝ අල්ලන්න සීයාට හොරෙන් කුන්දිරා කඩාගෙන බොන්න, මැන්ගුස් කඩන්න, ජම්බු වෙරළු කඩන්න, පාළු පාරවල් දිගේ බයිසිකල් පදින්න, කැලේ වැදුනම කකුලේ එල්ලෙන කූඩැල්ලෝ ගලවන්න.... අම්මේ මතක් වෙනකොටත් කාල යන්තරේක නැගලා ආපහු ඒ කාලෙට යන්න කියලා හිතෙනවා.
හැන්ඩි සීයා කියන්නේ අපේ සීයගේ ගජයෙක්. ගජයෙක් කිව්වට සීයාගේ කුඹුරු වැඩ වලට එහෙම උදව්වෙන්න හිටිය අයගෙන එක්කෙනෙක් තමයි හැන්ඩි සීයා. අපේ අම්මලා තාත්තලා එයාට කිව්වේ හැන්ඩි සිඤ්ඤෝ කියලා. හැන්ඩි සීයාගේ හාමිනේ තමයි එව්ජින් ආච්චි. (ඇත්ත නම ඉයුජින් වෙන්න ඇති ) හැමෝම එයාට කිව්වෙ එව්ජින් අක්කා කියලා. ඒක නිසා අපිට එයා එව්ජින් ආච්චි උනා. එව්ජින් ආච්චි කියන්නේ හරිම කරුණාවන්ත, අපිට පපුව පිරෙන්න ආදරේ කල හරිම සීදේවි කාන්තාවක්. කොයිවෙලේ බැළුවත් කුස්සියේ ඉඳගෙන වැඩක් පලක් කරගෙන, වත්ත පිටිය සුද්ද බුද්ද කරලා හවසට ඔය මොනව හරි දෙයක් ඔතාගෙන ගෙදර යන එක තමයි එව්ජින් ආච්චිගේ දින චරියාව උනේ. හැන්ඩි සීයත් කොයිවෙලේ බැළුවත් අමුඩේ ගහගෙන සීයාගේ බුලත් කොරටුවේ එහෙම නැතිනම් කුඹුරේ වැඩක් පලක් කර කර තමයි ඉන්නේ.
අවුරුද්ද කාලෙදි මතුගම පැත්තේ නොවරදින අංගයක් තමයි ඔය බයිසිකල් රේස්. බයිසිකල් රේස් එකක් එනවා කියලා දැනගන්නේ ලවුඩ් ස්පීකර් දෙකක් බැඳ ගත්ත මොරිස් මයිනර් කාර් එකක් මුළු පලාතම දෙවනත් කරගෙන හැටට හැටේ මහ පාර දිගේ ඈත ඉඳන් එනකොට තමයි. මොන සෙල්ලම කර කර හිටියත් දුමී සහ දුමීගේ සගයෝ සෙට් එක ගුරු පාර දිගේ මහ පාර ගාවට දුවගෙන එනකොටත් බයිසිකල් රේස් එකේ ඉස්සරහින්ම යන දෙතුන් දෙනා ඊ ගස් ටිකක් වගේ අපිව පහු කරලත් ඉවරයි. අහලා පහල ගම් හතක තරඟ කාරයෝ ඔය මතුගම බයිසිකල් රේස් එකට එන නිසා කොහොමත් තරඟ කාරයෝ දෙතුන් සීයක් නොවැරදීම ඉන්නවා. බයිසිකල් රේස් බලන පාර තොටේ අයිනේ ගෙවල් වල මිනිස්සු ඊට පස්සෙ කරන්නේ අතට අහුවෙන භාජනේකට වතුර ගෙනැල්ලා අර බයිසිකල් රේස් පදින අයට හිටු කියලා වතුර ගහන එක. වතුර පාර කාගෙන තෙමිච්ච කුකුලෝ ටිකක් වගේ අනිත් එකාව කොහොම හරි පහු කරගෙන යන්න හදන බයිසිකල් කාරයෝ දුමීට අදටත් මැවි මැවී පේනවා.

ඒ ගහපු ගැහිල්ල කොච්චර සැරද කියනවන් , අනේ අර පනිට්ටුවේ හැන්ඩල් එක හැන්ඩි සීයාගේ අතේ. හැන්ඩ්ල් එක ගැලවිච්ච වතුර පිරිච්ච මලකඩ කාපු පනිට්ටුව ගිහින් වැදුනේ අර එක රොත්තට පැදගෙන එන බයිසිකල් කාරයෝ සෙට් එකේ. ඒ වැදිච්ච පාරටයි, ආපු වේගෙටයි මුන් ටික එක රොත්තට එකා පිට එකා ඇදගෙන වැටෙන්න ගත්තා.
අනේ ඊට පස්සෙ තමයි මෙච්චර වෙලා තිබිච්ච බයිසිකල් රේස් එක, මහා ගම හරහා දිවීමේ තරඟයක් උනේ. බයිසිකල් තරඟේ දිනනන්න බලාගෙන අහල පහල ගම් හතකින් විතර කට්ට කාලා රේස් එකට ඇවිත් මලකඩ කාපු පනිට්ටු පාරක් කාල වැටිච්ච බයිසිකල් කාරයෝ ටික බයිසිකල් ටිකත් එහෙම්මම තියෙලා එළවන්න ගත්තේ නැතෑ හැන්ඩි සීයගේ පස්සෙන්. අමුඩ කොටේ ගහ ගත්ත හැන්ඩි සීයා පාරට පැනලා ටික දුරකුත්, ඊට පස්සෙ වෙලට පැනලා මඩ කාගෙන හතර ගාතෙන් ටික දුරකුත්, ඇළට පැනලා ඇළ දිගේ ටික දුරකුත් ගිහිල්ලා නැවතිලා තිබුනේ සීයගේ පුවක් ගහක කරටියේ.........
ඊට පස්සෙ දකින්නේ ලැබුනේ පුවක් ගහත් වට කරගෙන පුවක් ගහ පද්ද පද්ද සුද්ද සිංහලෙන් ඔංචිලි වාරං කියන බයිස්කල් කාරයෝ ටික. ඒත් හැන්ඩි සීය නම් නෙමෙයි බදාගෙන හිටිය පුවක් කරටිය නම් අත ඇරියේ.
ඔන්න ඊලඟට පටන් ගත්තේ ලිස්සන ගහේ නගින තරඟේ. හැන්ඩි සීයව අල්ලගන්න පුවක් ගහට නගින්න හදන එකෙකුටවත් ගහෙන් බාගෙකටවත් වඩා උඩට නගින්න බැරි උනේ පුවක් ගහේ ග්‍රීස් ගාලා තිබ්බ නිසා නෙමෙයි. ඒ වෙනකොටත් එතනට දුවගෙන ආපු එව්ජින් ආච්චි පුවක් ගහට නගින නගින එකාගේ කකුල් දෙකෙන් අල්ලලා බිමට දැම්ම නිසා.
හැන්ඩි සීයව බස්ස ගන්න පුවක් ගහ කපන්න ගිය එක නැවැත්තුවේ දුමීගේ සීයා මැදිහත් වෙලා තමයි. හැන්ඩි සීයා පුවක් ගහෙන් බැහැලා තිබුනේ එදා රෑ කළුවර වැටිලත් හෝරා දෙක තුනක් ගියාට පස්සේයි.
ඒ සිංහල අවුරුද්ද හැන්ඩි සීයා ගෙවලා දැම්මේ ඔන්න ඔය විදිහට තමයි....
ප.ලි
ඒ දවස්වල අවුරුද්දට මතුගම පාන්තියේ පන්සලේ වගේම පාන්තියේ ගුරු නිවසෙත් හිස තෙල් ගෑමේ උත්සව දෙකක් පැවැතුනා. ඒ දවස්වල පන්සලට හිස තෙල් ගාන්න යනවටත් වඩා සෙනග ආවේ දුමීගේ සීයගෙන් හිස තෙල් ගාගන්න. ඒ එන හැමෝටම කැවුම් කොකිස් සහ බත බුලතින් සංග්‍රහ කරන්න පාන්තියේ ගුරු නිවසේ හැමෝම සැදී පැහැදී සිටියා....! 1986 අවුරුද්දේ හිස තෙල් ගෑම යෙදී තිබුනේ අප්‍රේල් 16 වෙනිදා. වෙනදා වගේම දුමීගේ සීයා අවුරුදු චාරිත්‍ර වලට අනුව ගුරු නිවැසියන්ගෙන් පටන් අරගෙන පොලිමේ ඇදී ආපු අනිත් හැමෝගේම හිස තෙල් ගෑමේ චාරිත්‍රය හරිම සන්තෝසෙන් ඉෂ්ඨ කලා.....
දුමී, දුමීගේ අක්කා, දුමීගේ නංගි සහ ලොකුනැන්දගේ පුතාලා දෙන්න සීයව වට කරගෙන ෆොටෝ ඇල්බම් එකක් බලන ගමන්. කහපාට කමිසයක් ඇඳලා ඉන්නේ දුමී.....
සීයාට පපුවේ අමාරුව හැදිලා තිබුනේ එදා හිස තෙල් ගාපු දවසෙම මහ රෑ. දුමීගේ තාත්තත්, අම්මත්, බාප්පත් එකතුවෙලා කාර් එකේ දාගෙන සීයව අරගෙන ගිහිල්ල තිබුනේ මතුගම ටවුන් එකේ හිටිය දොස්තර මහත්තයගේ ක්ලිනික් එකට. ඒත් දොස්තර මහත්තයා කියලා තිබුනේ ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. ඒ යමින් ගමන පානදුර ඉස්පිරිතාලේ පෙනෙන නොපෙනන මානයේ සීයා ඇස් දෙක පියාගෙන තිබුනේ දුමීගේ අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන.....!
දුමීගේ සීයා සහ ආත්තම්මා..... සීයා දෙනෙත් පියාගෙන අවුරුදු එකහමාරකට විතර පස්සෙත් ආත්තම්මත් දුමීලව දාලා ගියා.....
ඔව්වා ඔහොම තමයි... ඒ අතීතය තමයි මරු.
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වේවා... අයියා අැතුලු පවුලේ සැමට.
අනිවා, සුන්දර අතීතය හා මතකයන් අපිව සැමදා ජීවත් කරනවා....!
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා මුළු මාළු ටැංකියටම.....!
Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
//අනේ ඊට පස්සෙ තමයි මෙච්චර වෙලා තිබිච්ච බයිසිකල් රේස් එක, මහා ගම හරහා දිවීමේ තරඟයක් උනේ.//
ReplyDeleteඅන්න මෙච්චර වෙලා රුසියන් නවකතාවක මුල් ටික වගේ හෑල්ලක් කියවං ඇවිල්ලා තද වෙලා යන්තං හැන්ඩි සීයා පනිට්ටුව අරං එද්දිම දැන්නං කතාවක් යන්නයි යන්නේ කියලා හිත හදාගෙන ඉද්දි බකස් ගාලා හිනා යන්න පටන් ගත්ත තැන.. :D
මතුගම මීගහතැන්නේ ගෙහුන් තමා මාත් අර වංගියක් කිතුලක් දිහා බලං ගිහිං ගෙදර එන්න පාර හොයාගන්න බැරිව අතරමං උනේ.. :D
එහෙම තමයි බං, ඒ පරිසරය හරියට විස්තර කලේ නැත්නම් අර බය්සිකල් රේස් එකේ සිද්ධිය හරියට හිතේ මවා ගන්න බැරි වෙනවා.....!
Deleteඋඹේ ඒ මතුගම රා මුට්ටියේ පෝස්ට් එක මට මතකයි. අපි ඒ ගැන සෑහෙන්න කතා කලා නේද ?
මේවගේ සීයල නිවං යන්නෙ නැතුව ආයි එන්න ඕන අපිව පත්තුකරන්න බං.
ReplyDeleteඋඹලගෙ සීයට මයිනර් එකක් දිබිල නේද, මන් උන්නෙ එයාටත් තිබ්බෙ ෆියට් එකක් කියල.!
දුමියා සහ පවුලේ උන්ටත්ටත්, බ්ලොග් රචක පාඨක සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!
//නිවං යන්නෙ නැතුව ආයි එන්න ඕන අපිව පත්තු කරන්න...///
Deleteඉන්දික ...මරු ඕයි...උඹටනම් මාර ඒවා තමයි මතක් වෙන්නේ....
උඹ ෆියට් කතාව කිව්වේ අවුරුදු දවසේ වලියක් ඇදගන්නම ඕනි නිසා වෙන්නැති...ඌ ෆියට් එකේ බැද්දෙගම ගිහින්..නෝ සිග්නල්...හෙක් හෙක්..
Happy new year boss...
ඉන්දික වසන්ත,
Deleteඇයි සීයගේ තිරික්කලේ,
අපේ අප්පච්චිට (මහින්ද රාජපක්ෂ නොවේ) බක් පියට් එකක් නෙමෙයි, එයිට පස්සේ පුස්සගන් එකකුත්, එයිට පස්සේ පියුජෙට් පයි නෝට් පෝ එකකුත් තුබුනි..
ඇත්තටම සීයා නැති උනා ගොඩක් කලින් වැඩියි කියලා තමයි මම හිතන්නේ. අපේ පරම්පරාවෙ නම ගෙනියන්න ඉපදිච්ච මුල්ම මුණුපුරා විදිහට සීයා මං ගැන සෑහෙන්න බැඳීමක් ආදරයක් තිබුනා....
Deleteඔය මයිනර් එක සීයගේ නෙමෙයි. ඒක අපේ බාප්පා කෙනෙකුගේ...!
හේවගේ,
Deleteඋඹලැයි සීයගෙ පුස්සගන් එක කනේ මයිල් ද නැත්තං පුකේ මයිල්ද බං?
-----------------------
චෙෆාකි,
පොඩ්ඩක් හිටහන්කො අලුත් අවුරුද්දෙ රතිඤ්ඤයක්වත් නැති එකේ මොනා හරි පත්තුකරනකල්...
@ ඉන්දික වසන්ත
Deleteසීයගේ පුකේ මයිල් තිබුනා.. මොකෝ සීය කුඹුර් කොටන්නේ හැඩි සීයා වගේ අමුඩේ ගහලා... මගේ පුකෙත් මයිල් තියෙනවා.. ඉන්දික වසන්තගෙ නැතෙයි...? නැත්නම් කියහන් මම රනිල් ලොක්කට කියලා මෙහේ මක්කා හරි සෙට් කොරලා දෙන්නම්...
දුමී බබා කාලේ හොද බබා වගේ.
ReplyDeleteදුමි බබාගේ සීයා වගේම මං බබාගේ සීයත් හිටපු විදුහල්පති කෙනෙක්.හැබැයි මහ එක විදිහක්. හරිම සැරයි නපුරුයි.හැබැයි ආදරෙයි. සීයගෙම මිනිබිරි වෙච්චි මං කරේම සීයා එපා කියපු වැඩමයි. අපේ සීයත් ඇන්දේ ජාතික ඇදුම.කොටින්ම වේට්ටිය. එයා හරි සද්දන්තයි .අඩි හයක් විතර උහයි. කෙලින් ශරීරේ...සුදුම සුදු කොන්ඩේ...
අපේ සීයත් නැතිවුනේ හදිසියේ. හිටියනම් මාත් උන්දැගේ පාරේ යනව දැකල සතුටු වේවි.මම බබා වගේ නෙමෛ් දුමී බබා නම් අනිත් බබාලට වඩා සීයා ලගින්ම ඉන්න බව ඉහත පින්තුරෙන් පැහැදිලි වෙනවා. මට නම් පොඩි කාලේ වයසක ඈයෝ පෙන්වන්න බෑ.ඇයි අප්පා අහනනෙම මහ අපභ්‍රන්ස ප්‍රශ්ණ....
අර හැන්ඩි සීයා නොන්ඩි වුන සිද්ධිය නම් මට මැවිලා පෙනුනා. වෙනදට වඩා වෙනස්. සංවේදි කතාවක්.හැබැයි වෙනද වගේම හිනාත් යන කොටසකුත් එකතු කරලා...
අපේ සීයා හරිම ප්‍රථාපවත්. ඒ වගේම සැරයි. ආත්තම්මත් එහෙමයි. දෙන්නම ප්‍රින්සිපල්ලනේ...අපිට ආදරේ වගේම වැරදි කරාම සබ්බුවත් දෙනවා...!
Deleteපරම්පරාවෙ නම ගෙනියන්න ඉපදිච්ච පළවෙනි මුණුපුරා විදිහට සීයා මට හරි ආදරෙන් හිටියේ.....!
මතුගම! සුපිරි ඒ්රියා ඒකක්.
ReplyDeleteසුපිරියි තමයි... ඒ දවස්වල, දැනටත් වඩා...!
Deleteසීයා හෙන හැන්ඩියා! අපේ ඔය රෝල් එක රඟ පෑවේ ආච්චි... ලියන්ට ඕනේ අවුරුද්ද ගැන...
ReplyDeleteසීයා හැන්ඩියා නම් තමයි. අපේ ආත්තම්මා ඒ දවස්වල සීයාගේ කෙරුවාවල් කියනවා.....!
Deleteලියමු ලියමු අවුරුද්ද ගැන.... බ්ලොග් වසන්තය ඇතුලේම.....!
අපිත් පොඩි කාලෙ අම්මලගෙ මහ ගෙදර ගියාම ඔය වගේ වෙල් යායක් අයිනෙ තිබ්බ වතුර උතුරල යන ළිඳකින් තමයි නෑවෙ.
ReplyDeleteදැන්නං ඒ ගෙවල්වල සමාදානය නෑ.
ඒක නම් එහෙම තමයි ප්‍රසන්න. අපි පොඩි කාලේ තිබ්බ පරිසරේ දැන් නෑ.... ඒ ඉඩං කැබලි වෙලා, අළුතෙන් ගෙවල් හැදිලා.... ඇළ පාරවල් හිඳිලා... හරිම දුකයි...!
Deleteමං හිතුවෙ පුවක් ගහ ග්‍රීස් ගහ වුනේ හැන්ඩි සීයට "ගියපු ඒව" නිසා කියල
ReplyDeleteහික්ස්, එහෙම උනා නම් බයිසිකල් කාරයෝ ටික පැත්තේවත් ඉන්නෙ නැතිව යන්න තිබුනා....!
Deleteදුමී කියපු කතාවෙන් සීයලා අාතම්මලා ගැන මතකය ඒ විදිහටම තියෙනවා ඒත් මං කැමතියි අර අැට්ටේරියා සහ සේපාලිකා මල් සුවද සහ අාතම්මාගේ මතකය ගැන කතා කරන්න... අැත්තට ම මටත් මගේ අත්තම්මලාගේ දිහා මතක් වෙන්නේ සුවදවල් ඒක්ක.... ගම්මිරිස් සුවද සහ කරාඹුනැටි සුවද දැනුනා ම අදටත් ඒ පරිසරය ඒ විදිහට ම මැවිලා පේනවා.... අපි පොඩිකාලේ ගෙවපු සුන්දර දවස් මේ සුවදවල් අස්සේ හැංගිලා තියෙනවා දුමී.... කතාවට ස්තූතියි කියන්න හිතෙන තරම්.....
ReplyDeleteඔව්, ඒ ඇට්ටේරියා ගහ තාම අපේ කළුබෝවිල ගෙදර තියෙනවා. තාමත් රෑට ඒකෙ මල් පිපෙනවා ගහ පිරෙන්න. ඒ සුවඳ එනකොට ඒ අතීතයට පාවෙලා යනවා....!
Deleteතව කණාමැදිරියෝ දකිනකොට, උඳු පියළිය කකුල් දෙකට පෑගෙනකොටත් එහෙම මතකය දිගේ හිත යනවා....!
ගම්වල හැන්ඩියා කිව්වේ. ඇන්ඩි කියන නම හරි ඇන්ඩර්සන් කියන නම් හරි තියෙන උන්ට. තෙල් ගාන කතාව කිව්වම මතක් උනේ, අපේ අප්පච්චිගේ තාත්තා.. ඒ කියන්නෙ ඩී ඒ රාජපක්ෂ නෙමෙයි.. මගේ පියාගේ පියා.. උන්දැට මාව කොහෙත්ම දිරවන්නේ නෑ.. උන්දෑ කිව්වේ එක්කෝ වසවර්ති මාරයා හරි, වෙසමුණි යකා හරි මිනිස් ආත්මයක් ලබලා ඇවිත් කියලා.. ඒ උනාට අනික් උන් ඔක්කෝම උන්දැට බයයි.. උන්දැ හිස තෙක් ගානවා හැමදාම.. එක එකාට කතා කරලා කකුල් දෙක අස්සේ තියලා හිරකර ගන්නවා හෙල්ලෙන්න බැරි වෙන්න. (අද නම් සීයා අහු වෙනවා ළමා අපචාර වලට.) ඊට පස්සේ පොල් තෙල් ගන්නවා අල්ල පිරෙන්න. ඒ පාර ර්හෙල් වල කියන තැනට දාලා තහ් තහ් ගාලා තලලා මුළු කොන්ඩෙම ගානවා.. පොඩි උන් ටික ඉන්නවා පෝලිමේ මූණූ බෙරි කරගෙන. ගාපු උන් එනවා කැළණි විහාරේ දොළොස් මහේ පහණ වාගේ මූණෙත් තෙල් බේරී බේරි.. මම ඉතින් අනික් උන්ට කින්ඩිය දානවා.. එතකොට සීයා අපේ අම්මව මතක් කරනවා..
ReplyDeleteඔය විදියටම තෙල් දාගෙන ඉස්කෝලේ ආපු උන් ඕන තරම් හිටියා ප්‍රේමාළෝකේට යන කාළේ.. අපි කරන්නේ උන්ගේ ඔළුවේ පොත් වල පිටු අතුල්ලල ගන්නවා ට්‍රේස් කොරන්න..
හුටා මම හිතුවෙ බොට සිග්නල් නෑ කියලා බැද්දෙගම...හම්මෝ...
Deleteඅපෙත් හිටියා ඔහොම සීයෙක්. මිනිහාත් තෙල් නාවනවා. නිකන් දවසට කොණ්ඩේ ටිකක් වේලාලා තිබුණත් අපේ අම්මට කෑගහනවා මුගේ ඔළුවට තෙල් ටිකක් දාපන් කියලා
Delete//" උන්දැට මාව කොහෙත්ම දිරවන්නේ නෑ.. "//
Deleteඋඹ කරන මරාටි වැඩ වලට උඹව දිරෙව්වොත් තමයි පුදුමේ...!
සුන්දර මතක නේද දුමියො.. ඒ වුනත් ඒවා මතක විදියට හිතේම තියන් ඉන්න එක ඇඟට ගුණයි.. මොකද දැන් ඒ සුන්දර වටපිටාව නැතිවෙලා, හැමතැනම ගෙවල් හැදිලා, ඉඩම් කුට්ටි වෙලා, කුඹුරු පුරන්වෙලා ගිහිල්ලා.. ආයෙමත් ගමේ ගිහින් ඒ ලස්සන රූපෙ නැති කරගන්නවට වඩා හොඳයි මතක හිතේ තියාගෙන දිගටම මෙහෙම ඉන්න එක..
ReplyDeleteඔව්, ඒකනම් ඇත්ත. ගිය අවුරුද්දේ මතුගම ගියාම පැයක්වත් ඉන්න හිත දුන්නේ නෑ.... ඒ තරමට හැමදේම වෙනස් වෙලා....! හිතේ තිබ්බ චිත්‍රේ ඒ විදිහටම තියාගන්න ඕනේ නිසයි වැඩියමක් මේ පෝස්ට් එක ලිව්වෙත්.
Deleteමටත් පුංචි කාලේ මතක් වුණා. ඔයත් මාළු බනිස් කන්න ආසද, හම්මේ මං දැනුත් ලංකාවට ගියාම පහුවදා උදේ කන්න පටන් ගන්නේ මාළු පාන්, ඉස්සර මාළු පාන් වල උඩ පැත්තෙන් එන අමුතු පීලි සුවඳයි,, එකේ තියෙන පොලිෂ් ගතියයි දැන් හොයන්න නෑ.. ෆොටෝ එකේ අත් දිගට ඇඳලා අමුතු ලයින් එකක ඉන්නේ ඩුමි,, සීයා වගේම ආච්චිත් හරිම නිහඬ අය වගේ ෆොටෝ දකිද්දී මට දැනෙන්නේ
ReplyDeleteදැන් මාළු පාන් සෑහෙන්න පරිණාමනය වෙලා. දැන් මාළු කට්ටක්වත් ඇතුලේ නෑ, මාළු නැතිවා පස්සේ සීනි සම්බෝල දාලා තිබුණා. දැන් ඒකත් නෑ ඇතුලේ අල වෑංජනයක් ග්රෑම් 10 ක් විතර පුරවලා පිටි ගුලිය වගේ කඩේට දානවා. මෙලෝ රහක් නෑ.. මමනම් එදා ඉඳලම ආස කිඹුලා බනිස් කන්න..කිඹුලනම් අදටත් එදා වගේමයි
Deleteදුමී මාළු පාං කන්න කොච්චර පෙරේතද කියලා මතක් වෙනකොට දැන්නම් හිනත් යනවා.....මාළු පාන්වල ඒ පිලී සුවඳ එන්නේ ඒක පෝරණුවට දාන්න කලින් බිත්තර සාරුව ගාන නිසා...
Deleteඒ පින්තූරේ කහ පාට ෂර්ට් එකක් ඇඳලා සීයාගේ වම් පැත්තෙන් ඉන්නේ දුමී....!
කෙලින්ම කැමරා එක දිහා බලාගෙන ඉන්නේ ලකී මල්ලි. දුමීගේ ලොකු නැන්දගේ පුතා. දැන් එයා කැලිෆෝනියාවල ඉන්න ඩොමස්ටික් එයාලයින් එකක පයිලට් කෙනෙක්.
හෙහ් හෙහ් 1960 ගණන්වල කෑගල්ලේදී අපේ එකෙක් වතුර බාල්දිය ඔය විදිහටම ගැහුවා. තරග කාරයන්ගේ ඇඟේ වැදුනේ නැහැ. බිම වැටුණු බාල්දිය ඉස්සරහ රෝදෙට අහුවෙලා, පොකුරේ ආව එකෙක් වැටුණා. ඊළඟට පස්සෙන් ආව හත්අට දෙනෙක් වැටුණා. අරූ බැනුම් අහලා ගුටි කන්නේ නැතුව බේරුනා.
ReplyDeleteඅපේ ගමේ තියන පුරුද්ද තමයි කෙටි දුර දුවන තරඟ වලට වතුර ගහනවා මග ඉඳන්. විශේෂයෙන්ම ගෑණු උදවිය දුවන තරඟවල. සමහර අයට වතුර වැදිලා ඇස්දෙක පේන්නේ නැතිව විසිවෙලා දෙතුන් දෙනා පෙරලගෙන වැටෙනවා. ඒක නිසා කචල් ගිහින් දැන් ගමේ අවුරුදු උත්සවේ දුවන තරඟ තියෙන්නේ සිඟිති දිවීම විතරයි
Deleteඔය වගේ සීන් එකක් උනාම පිට ගම් වලින් ඇවිත් පදින උන් හිතන්නේ ප්ලෑන් කරලා දෙන ගේම් කියලා....! හැන්ඩි සීයට උනෙත් ඒක.....!
Deleteසුන්දර මතක තමා අපි හැමෝටම ඉතුරු. ඔය කියන ගම්බද පරිසරය ආපහු ඇතිකරන්න හදනවා අපේ ටෙලි නාට්‍ය කාරයො ටික නං. හැබැයි උං හදන්නෙත් අපි දැකපු ගම්මානෙ නෙවෙයි, උං කොහෙං හරි කයවලා හිතේ මවාගත්තු එකක්...
ReplyDeleteඅර හමබන්තොට පැත්තෙ තීනවලු නේද උන්ට එහෙම ගමක් හදලා ඩ්‍රැකී...මොන මිනි තැන්නද කියලා...
Deleteපව් හැන්ඩි සීයා. හොඳ හිතින් කරපු වැඩේනෙ.
ReplyDeleteහැබැයි මටනං ඉස්සර හිතා ගන්න බැරුව හිටියෙ මොකට ඔහොම වතුර ගහනවද කියල. මට ඒක පෙනුණෙ මහ කරදරයක් විදිහට.
මැරතන් එක දුවද්දි වගේනම් ඇඟට වතුර ටිකක් වදිද්දි පුදුම සනීපයක් දැනෙනවා. විශේෂයෙන්ම කකුල් දෙකේ තියන හිරිගතිය යනවා. ඒ වගේම කවුරුහරි වතුර ගහනවා කියනකොට සහයෝගයක් ලැබෙනවා කියන ගැම්ම හරි වටිනවා. ඒත් ඒක තරඟයට හරි තරඟකරුවන්ගේ ආරක්ෂාවට හරි බාධාවක් නොවෙන විදියට
Deleteඇත්තටම හැන්ඩි සීයාගේ ඔය වගේ වැඩ නිසා ගොඩක්ම දුක් උනේ අහිංසක එව්ජින් ආච්චි...!
Deleteපුවක් ගහේ සීන් එක තමා පට්ටෙට ලියලා තියෙන්නෙ
ReplyDeleteඒ සිද්ධිය හරියට හිතේ මැවුනා නම් කතාව සාර්ථකයි...!
Deleteකතාව කියවද්දි මාත් මගේ ළමා කාලෙට ගියා. පුංචි කාලෙදි මාත් හැදුනෙ අපේ සීයයි ආච්චියි එක්ක තමයි. ඒ දෙන්නගෙන් මම ඉගෙනගත්තු දේවල් අදටත් මතකයේ තියෙනවා. හරිම සුන්දරයි.
ReplyDeleteසීයා නම් ගිය අවුරුද්දෙ අපි අතරින් සමුගත්තා.
සීයලා ආච්චිලා ගාව තියෙන ජීවිත අත්දැකීම් හරියට වටිනවා.....පුළුවන් තරම් ඒවා උකහා ගත්තොත් අපි දිණුම්.....!
Deleteකාලෙකට පස්සෙ එල කතාවක් කියෙව්වා උඹෙන්. ඉස්සර චිත්‍ර කතාවක් තිබ්බා බෝලැස්ගමුවේ නෙලුම් ඇඳපු ඕල්වේස් බ්‍රේක් ඩවුන්ස් කියලා. මේ ඒකෙ දෙබස.
ReplyDeleteවතුරෙන් ඇති ප්‍රයෝජන මොනවාද?
1.මාලුන්ට පිහිනීමට
2.සයිකල් රේස් කාරයන්ට ගැසීමට
බ්ලොග් වසන්තය වෙනුවෙන් මේ සතියට කට කහන කතා තුනක් දැම්මා.... උඹ අනිත් දෙක දැක්කේ නැද්ද ?
DeleteMaru katha tika dumiyo...
ReplyDeleteMamath dan inne game awilla...
Lokuwatama wenaswela nathi ape gamata mama adatath sâhena âdarey
Api umbslata tikak ehayin inne...
Digatama liyapan ban, mewa hari rahay
ගම වෙනස් නොවී තියෙනවනම් කොච්චර ෂෝක්ද ? වෙනස් නොවන එකම දේ වෙනස්වීමයි කියලා කියන්නේ නම් කට කහනවට නෙමෙයිනේ.....!
Deleteමෙන්න තවත් මතුගම නිශ්පාදනයක්.. හැක්..
Deleteඇයි මේ අපිත් මතුගම නිෂ්පාදන තමයි හරිය කල්‍යාණ මිත්‍රෙයා්
Deleteදැන් නම් වෙනම ෆීඩින් පොයින්ට් දාල ඒවගෙන් විතරනෙ වතුර දෙන්නෙ.අනිත් තැන් වලින් වතුර ගහන්න තහනම්..
ReplyDeleteඅගෙයි කතාව නම් අයියෙ.
ඔව්, ඒක නිසා වෙන්නැති ඉස්සර වගේ ඒ ඇළ පාර සැර නෑ....!
Deleteපා්ස්ට් ඒෙක් අන්තිමට දුක හිතුන.සීයයි අච්චියි සිරියාවන්ත ෙජා්ඩුවක්!
ReplyDeleteඔව්, මමත් කඳුළු පුරෝගෙන තමයි පෝස්ට් එකේ අන්තිම ටික ලිව්වේ.....! ඔව් ඒ දෙන්නා හරිම සිරියාවන්ත වගේම ප්‍රථාපවත් දෙන්නෙක්...!
Deleteඅවුරුදු... මමත් මේ 2005 අවුරුද්ද මම ගෙවපු හැටි ලියනවද නැද්ද කියල හිටියේ.. දැන් නම් ලියමු වගේ. ඒ කාලේ අපි කරපු වැඩ කරන්න උන් දැන් නෑ එකෙක්වත්. ඒ කාලේ තිබ්බ සෙල්ලම් වත් නෑ. අවුරුදු උත්සවේක වගේ නිකම් තියනවට තරඟ ටිකක් තියනවා. ගම හරහා නෙවේ දුවන්නේ එක්කෝ මීටර් සීයක් නැත්තම් මැරතන් එකක්. අපේ දහම් පාසලේ අවුරුදු උත්සවේ ධාවන තරඟය නම් මම මේ සැරේ පස් පාරවල් දෙකක් එහෙම හරහා යන්න සෙට් කරා. නැත්තම් ගම හරහා දිවිල්ලක් වෙන්නේ නෑ නේ..
ReplyDeleteඅන්තිම කොටසට නම් දුක හිතුනා.. ඒ වගේ කට්ටිය ළඟ කොච්චර අත්දැකීම් ඇත්ද...
දුමීටත් ගම හාමිනේ ඇතුළු පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල අඟහරු ලෝකේ හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා!
ලියමු ලියමු, පුළුවන් තරම් අපේ සොඳුරු අත්දැකීම් ලියලා තියමු. එතකොට හිතෙන් අමතක උනත්, අපිටම ඇවිත් ආපහු මේවා කියවලා රසවිඳින්න පුළුවන්.....!
Deleteමෙච්චර හිනැස්සුවට පිං... අනෙ අම්මේ මැවිල පේනවා සීයා ගහේ හිටපු හැටි...
ReplyDeleteස්තූතියි මේ පැත්තේ ඇවිල්ලා කියවලා කමෙන්ට් කලාට... අවුර්දු 25 කටත් එහා පැත්තේ සිද්ද වෙච්ච මේ දේවල් තාමත් ෆිල්ම් එකක් වගේ මගේ ඉස්සරහා දිග ඇරෙනවා....!
Deleteහම්මේ ඉතිම් නේ
ReplyDeleteසී තමා සීය හිහි
හරි අපූරු ජෝඩුවක් වගෙයි සීයයි ආච්චියි...
දුමි ආපහු ලියන්න පටන් ගන්න ව නේහ්....
අලුත් අවුරුද්දේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා
ජයෙන් ජයම වේවා
බොහොම ස්තූතියි මහේෂ්... ඔබටත්, ඔබගේ පවුල්වල සාමාජිකයන්ටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්....!
Deleteදැන් ළමයිනට විනෝද වෙන්න හුඟක් ජාති තියන හන්දා අවුරුද්ද එච්චරම ගතියක් නැහැ වගේ. අනික පුංචි පවුල්. ලංකාවට ගියා වුනත් එහෙ ඉන්න අයට හරියට වැඩ. කවුරුත් තනි තනියෙන් අවුරුදු සමරනවා.
ReplyDeleteඅපිත් ඉස්සර අවුරුදු ලබන්න කලින්ම ගමට පැන ගන්නේ මෙලෝ සිහියක් නැතුව. කහවත්තේ ඉඳන් දනිස් පොල්කටු කටේ වැදී වැදී කන්ද නැගල මහගේ කිට්ටුවට යද්දී ඒ ගෙදර පෙනුණේ දිවිය ලෝකේ වගේ තමයි.
ආපහු එන්නේ හරිම පොහොසත් වෙලා. දැන් ඉතින් අපි දෙනු මිස ගනු කොහෙද .
කාලෙකට කලින් මම ලිව්වා ඒ කාලේ අවුරුදු ගැන.
අවුරුදු කාලෙට රස්නේ නිසා වෙන්න ඇති වතුර ගහන්නේ. හැබැයි ඉතින් බාල්දි පිටින් ගැහුවම හුස්ම ගන්නේ කොහොමද අප්පා.
ඒකනම් ඇත්ත බින්දි, දැන් කාලේ ළමයි කණා මුට්ටිය බිඳින්නෙත් අයි පෑඩ් එකේ, එහෙම නැත්නම් සැම්සුන්ග් ටැබ් එකේ....! මේ හැම එකක්ම අර මානව පරිණාමයේ ලක්ෂන වෙන්නැති..... දැන් දැන් ඒ පරිණාමය විදුලි වේගෙන් සිද්ධ වෙනවා.... දකිනකොට් බය හිතෙනවා....!
Deleteදැන් ඉතා ජනාකීර්ණ තැනක, ගෙවල් ගොඩක් මැද, සමහරවිට පාරත් බ්ලොක්කරගෙන, කන පැලෙන්න ලවුඩ්ස්පීකර් දාල බලෙන් වින්ඳවන අවුරුදු උත්සව තියනව
ReplyDeleteදැන් ඉතින් අවුරුදු උත්සව කියන්නෙත් කට්ටිය ගාණක් හම්බ කරගන්න දෙයක්නේ...! අනික පොඩි උන් දැන් කණා මුට්ටිය බිඳින්නෙත් අයි.පෑඩ් එකේ, එහෙම නැත්නම් සැම්සුන්ග් ටැබ් එකේ....
Deleteමට හිතුනේ පොදු ළිඳේ ගැණු නාන අස්සෙන් හැන්ඩි සීය වතුර ගන්ට ගිහින් මොකක් හරි විජ්ජුම්බරයක් වුණාවත්ද කියලායි.
ReplyDeleteමිහිරි මතක.
බයිසිකල් රේස් තියෙන වෙලාවට ගෑණු නාන්නේ නෑ.... ඒ ගොල්ලොත් දිය රෙද්ද පිටින්ම පාර අයිනට එනවා.....!
Deleteඅඩේ වසන්තයේ දැක්ක ගමන් උඹේ බ්ලොගේ රෝලට දා ගත්තට අද තමයි කියවන්න උනේ.. එකාතකින් දුකයි.. එකාතකින් හොඳයි.. දුක කියවන්න පරක්කු උනාට.. හොඳයි කිව්වේ කිසි කරදරයක් නැතුව නිදහසේ කියවන්න ලැබිච්චි එකට.. කතා තුන එක දිගට කියෙව්වා.. හරියටම විස්කි වඩි තුනක් ආමශ ගත කරන්න සිද්ද උනා කතා තුනට සමගාමීව කට කහන එකට.. පට්ට ඕයි.. ඉතුරු ටිකත් කියෙව්වොත් අද මුලු බෝතලේම ගහල මං මෙතන කුජීත වෙනවා.. පරණ කතා ටික හෙමින් හෙමින් කියවන්න ඕනි වෙරි බහින බහින වෙලාවට.. ජයවේවා!
ReplyDeleteඉතුරු ටික කියෙව්වනම් තව බෝතලයක් ඕනේ වෙනවා....! බොහොම ස්තූතියි...!
Deleteසුන්දර ළමා කාලයක්.... අන්තිමට නම් දුක හිතුනා මට..
ReplyDeletehttp://sithumpoda.blogspot.com/
ළමා කාලෙනම් සුන්දර තමයි. පොඩි කාලෙදි ඕනේ උනේ ඉක්මනටම ලොකු වෙන්න. දැන් ලොකු උනාම හිතෙනවා අපරාදේ ලොකු උනේ, ළමා කාලෙම හිටියනම් කොච්චර ෂෝක්ද කියලා...!
Deleteමම ත් මතුගම බං. උඹ මේ කියන සීය උගන්නපු ඉස්කෝලෙ ධර්මරාජ විද්‍යාලය වෙන්න ඕනෙ නැත්නම් පාන්තිය මහා විද්‍යාෙල. මං ඒ ලෙවල් කරේ පාන්තියෙ පිරිවෙනේ. ජීවිතේ අත්දැකීම් මතක් කරවන්න උඹේ කතාවට පුළුවන් උනා මචං. බ්ලොග් ලෝකෙදි හමුවීම සතුටක්
ReplyDeleteහැන්ඩි සීය බාල්දියෙන් ඇදගෙනම නාල තියෙන්නෙ :-D
ReplyDeleteගම ගැන මේ වගේ මතක ඉතිරි වෙන අන්තිම පරම්පරාව අපි වෙන්න ඕන බං, මොකද ඔය ගම් කියන හැම එකක්ම ඉස්සර වගේ නෙමෙයි හරියට වෙනස් වෙලා :(