තනිකඩ වසන්තය සහ ඉන්ෆ්ලයිට් කතා
Posted by
හැම අවුරුද්දකදී වගේ මේ පාරත් ඕං සමර් එක කිට්ටු වෙනකොට අපි ඉතින් ලක ලෑස්ති වෙන්නේ ගම රට බලා නිවාඩුව සමරන්න යන්න කියලා තමයි. මැයි මාසේ ඉඳන් ටික ටික රත් වෙන්න පටන් ගන්න කාන්තාරේ ජූනි මැද වෙනකොට ලෝදිය හැලියක් වගේ වෙනවා. එතකොට තමයි මෙහේ ඉස්කෝලේ යන පොඩි එවුන්ට නිවාඩු ලැබෙන්නේ. ඒ මාස දෙකහමාරකට විතර. ඉතින් හැම පාරම මම කරන්නේ මගේ නිවාඩු කෝටා එක දෙකට බෙදලා, ගම හාමිනෙයි පොඩි එවුනුයි එක්ක ලංකාවට ඇවිල්ලා, ඒ ගොල්ලන්ව ලංකාවෙ තියලා සතියකින් හමාරකින් ආපහු එන එක. ඊට පස්සේ මාසයක් විතර තනිකඩ ජීවිතේට බැහැලා ඉඳලා ආපහු අගෝස්තු මැදක් හරියේ ගොහින් ඉතුරු නිවාඩු ටික අරගෙන දරු පවුලත් එක්ක ආපහු සැපත් වෙනවා.
මේ අතරමැද දරු පවුල නැතිව ඩුබායි වල ගෙවන කාලෙට අපේ යාළුවෝ කියන්නේ 'තනිකඩ වසන්තය' කියලා. මම වගේම මාසෙකට හමාරකට තනිකඩ වෙච්ච යාළුවෝ සෙට් එකත් එක්ක ඕන තරම් බීලා, ඕනෙ නම් උයාගෙන කාලා වෙලාවක් අවේලාවක් නැතිව නිදාගෙන මාස එකොලහක් නිවනක්වත් නැතිව හිටිය කන් බෙර දෙකට පොඩි හරි නිවණක් දෙන්න ලැබෙන්නේ ඉතින් ඔන්න ඔය කාලෙදි තමයි.
ඉතින් ඔය ගිය අවුරුද්දේ දිහාවෙත් තනිකඩ වසන්තය ගෙවන්න පස්වනක් ප්‍රීතියෙන් ලංකාවෙන් ආපහු එන්න එයාර්පෝට් එකට සැපත් උනා කියමුකෝ. ෆ්ලයිට් එක තිබුනේ උදේ පහයි පනස් පහට විතර නිසා, ගෙදරින් පාන්දර තුනට විතර තමයි පිටත් උනේ. ‘තනිකඩ වසන්තේ’ මූඩ් එකේ යන නිසා සහ උදේ පාන්දර ආපු නිසත් හරියකට නිදාගන්න බැරි උනා. ඒක නිසා කලින්ම හිතාගෙන ආවෙ ලාවට විතර පොඩි ශොට් එකක් එහෙම කාරිය දාගෙන මොනව හරි අතට අහු වෙච්චි දෙයක් දෙසාබාලා හොඳ නින්දක් දානවා කියලා.
මම බුක් කරලා තිබුනේ ෆ්ලයි ඩුබායි ලෝ-කොස්ට් ෆ්ලයිට් එකක්. ඒක නිසා හැමදේම සල්ලි දීලා ගන්න ඕනේ. නිවාඩුවේ භාගයක් ගතකරලා රිම් එකත් තලාගෙන ආපහු එන වෙලාවෙ, ප්ලේන් එක ඇතුලෙන් විස්කි වඩියක් ගන්න ගියොත් තලාගත්ත රිම් එකත් උගස් තියෙන්න වෙයිද දන්නෙ නැති නිසා, ඩියුටි ෆ්‍රී එකට ගොඩ වැදිලා විස්කි බෝතල් කාලක් සහ අඩුම කුඩුම ටිකත් වේලාසනම අරගෙන ලැප් එකේ බෑග් එකට දාගෙන තමයි ගියේ.
ඔන්න ඉතින් ඔක්කොම එයාර් පෝට් රාජකාරී ටික ඉවර කරලා ප්ලේන් එකට බෝඩ් කලේ විනාඩි 40ක් විතර පරක්කු වෙලා. මම වාඩිවෙලා හිටියේ දහවෙනි පේලියේ විතර වින්ඩෝ සීට් එකේ. ෆ්ලයි ඩුබායි ඔපරේට් කරන්නේ බොයින් 737-800 මොඩල් එකේ ‘සින්ගල් අයිල් ප්ලේන්’* නිසා සීට් තියෙන්නේ දෙපැත්තටම සීට්ස් තුනක් තියෙන විදිහට. ඉතින් මම වින්ඩෝ සීට් එකේ ඉඳ ගත්තට පස්සෙ මගේ ලඟ ඉතුරු සීට් දෙකම තිබුනේ හිස් වෙලා. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තේ සීට් තුනත් හිස්. මට ඉතින් හැපි හැපි ඉන්න දෙයක් නෑ ෆුල් හැපී. ප්ලේන් එක ටේක් ඕෆ් කරපු ගමන් දෙකක් නවාගෙන, මොනවහරි දෙසාබාලා, සීට් තුනම දිග ඇරගෙන පැය හතරහක් හමාරක් හොඳ නින්දක් දැම්මෑකි....! දැන් ඉතින් මට ඉස්පාසුවක් නෑ මේක නග්ග ගන්නකන්. බෝතලේ කඩලා උගුර කට තෙමාගන්නකන්.
ඔන්න දැන් ප්ලේන් එකේ දොරවල් වහන්න ඔන්න මෙන්න. මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න කියලා මගේ හීනේ මම ජීවත් වෙනවා. මෙන්න බොලේ එක පාරටම වහන්න ඔන්න මෙන්න කියලා හිටපු දොරෙන් මතු උනේ නැද්ද හාමුදුරුවරු දෙනමක්. මෙන්න බොලේ උන්නාන්සෙලා දෙනම සීට් නම්බර්ස් බල බලා ඇවිත් ඉඳගත්තෙ නැතෑ මගේ ගාව හිස් වෙලා තිබිච්ච සීට් දෙකේ.....! වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා දෙයියනේ එහෙම කරුමයක්. යකෝ කර්මය පටිසන් දෙනව කියලා කියනවා තමයි, ඒත් මෙහෙමත් ජීවත් වෙලා ඉන්නකොටම පටිසන් දෙනවද ?
අනේ දෙයියනේ, දැන් ඉතින් කොහොමද අප්පා බෝතලේ කඩන්නේ ? දෙකක් දාගෙන නිදාගන්නේ ?
දැන් ඉතින් බෞද්ධයෙක් විදිහට තරහා ගන්නත් බෑ....හිතෙන් බනින්නත් බෑ මුන්නාන්සෙලා දෙන්නට. මම ඉතින් හොල්මන් දෑසින් මඤ්ඤං වෙලා පොඩ්ඩක් නැගිටලා වගේ හාමුදුරුවෝ දෙන්නට නමස් කාරය කලා. ඊට පස්සෙ එහේ මෙහේ බලනකොට තමයි දැක්කේ අනිත් පැත්තේ සීට් තුනම තාම හිස් කියලා. යන්තන් ඇඟට ලේ ටිකක් උනා ගෙන උනා ගෙන ආවා, නිවෙන්න ඔන්න මෙන්න කියලා තිබුනු බලාපොරොත්තුවේ අවසාන ගිණි සිළුව අපහු ‘පොහ් ‘ ගාලා දල්වා ගත්තා.
ඔන්න ඉතින් මම ප්ලෑන් කරන්නේ ප්ලේන් එක ටේක් ඕෆ් කරපු ගමන් අනිත් පැත්තේ හිස් සීට් වලට පනින්න. එක පාරටම පැන්නොත් හාමුදුරුවෝ දෙන්නත් මුකුත් නොහිතා ඉන්න බැරි නිසා මම කතාවකුත් හදාගත්තා...
"අවසර අපේ හාමුදුරුවනේ, බෞද්ධයෙක් හැටියට හාමුදුරුවොත් එක්ක එකට ඉඳගෙන විස්කි බොන්න හොඳ නැති නිසා මම එහා පැත්තේ සීට් එකට යන්නම්....." ම්ම්හු, ඒ සෙන්ටන්ස් එක හිතට හරි නෑ.... ඊට පස්සෙ මෙහෙම කියන්න ඕනේ කියලා හිතුනා...
"අවසර අපේ හාමුදුරුවනේ, බෞද්ධයෙක් හැටියට හාමුදුරුවොත් එක්ක එකට සම අසුන් ගන්න එක හොඳ නැති නිසා මම එහා පැත්තේ සීට් එකට යන්නම්....." ආහ්, ඒ සෙන්ටන්ස් එක හොඳයි....
ඔන්න ප්ලේන් එක ටේක් ඕෆ් කරන්න සද්දේ දාලා පිකප් කලා, අනේ ඉතින් මම සැදහවත් හිතින් තව ටිකකින් උදා වෙන අසිරිමත් මොහොත ගැන හිත හිත සීට් එකේ හොඳට හරි බරි ගැහිලා ඉඳ ගත්තා. මෙන්න යකෝ ප්ලේන් එකේ නෝස් එක උස්සන්න පටන් ගත්ත විතරයි අපේ හාමුදුරුවරු දෙනම දඩි බඩි ගාලා අර ඒ ගොල්ලන්ගේ රෙදි මල්ල ඇරලා කෙහෙල් කොලවල ඔතලා තිබිච්ච වංඩු ආප්ප වගයක් අරන්, වලදන්න පටන් ගත්තා. දැන් අවුරුදු 15ක් විතර ප්ලේන් වල යනවා එනවා, ටේක් ඕෆ් එකේදි කවුරු හරි වංඩු ආප්ප වළඳනවා දැකපු පලවෙන දවස අද. මටත් නොදැනීම මගේ ඇස් දෙකයි දිවයි දෙකම එළියට පැන්නා....!
ඔන්න ටිකෙන් ටික ප්ලේන් එක ක්ලයිම්බ් කරලා ඉවරවෙලා සීට් බෙල්ට් සයින් එක ඕෆ් උනා. ඒත් ඉතින් මම කොහොමද අප්පා බෞද්ධයෙක් විදිහට තාමත් මේ වංඩු ආප්ප වළඳන හාමුදුරුවෝ දෙන්නව පෙරළගෙන අනිත් පැත්තට පනින්නේ......! හපොයි, ගිය ආත්මවල කරලා තියෙන පවු වල මහත කියලා හිත හිත හාමුදුරුවරු වංඩු ආප්ප වලඳලා ඉවර වෙනකන් ඉවසපන් පපුව, ඉවසපන් බෝතලේ කිය කිය හිත හිත හිටියා.
අනේ දෙයියනේ මේ සංසාරේ අත් දැකපු දුක්ම දුක් සීන් එක දැක්කේ එතකොට. පොඩි බබෙක් වඩා ගත්ත තාත්තා කෙනෙක් ඇවිත් අර එහා පැත්තේ මම පනින්න හිටිය හිස් සීට් තුන උඩ අර බබාව නිදි කරවලා එයත් කොනේ සීට් එකේ ඉඳ ගත්තා. හීතලා වෙලා තිබිච්ච හඳුන් පොත දඩස් ගාලා ප්ලේන් එකේ බිමට කඩාගෙන වැටුනා. සාදුලා තාම වංඩු ආප්ප කනවා....
කතාව තාම ඉවර නෑ…….....!
හාමුදුරුවෝ වංඩු ආප්ප වලඳලා ඉවරෙ වෙච්ච ගමන්ම මෙන්න බොලේ මුළු ප්ලේන් එක පුරාම බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙලා. එක පාරටම අර ලස්සන අරාබි ජාතික ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් නංගි ක්‍රොසාන්ට් දෙකකුයි, ජූස් බෝතල් දෙකකුයි අරගෙන ඇවිත් හාමුදුරුවන්ගේ කෑම කන ට්‍රේ දෙක දිග ඇරලා ඒක උඩ තියලා මෙහෙම කිව්වා.
Sir ! The Gentleman who is sitting in the seat (so and so) offered this food for you….! (මහත්තයෝ, අර සීට් එකේ ඉන්න මහත්මයා මේ කෑම ඔබලා වෙත ලබා දෙන්න කියලා කිව්වා ) අප්පද බොල, මේ ජර මර අස්සේ ප්ලේන් එකේ ඉන්න සැදැහැවත් බෞද්ධයෝ හාමුදුරු වරු දෙනමට හීල් දානේ දෙන්න සෙට් වෙලා.
ඔන්න ඊට පස්සෙ මැද සීට් එකේ හිටිය හාමුදුරු නම මගේ පැත්තට හැරිලා මෙන්න මෙහෙම කියනවා....
"අයියේ (හාමුදුරු දෙනම මට වඩා ගොඩක් බාලයි ), අපි හීල් දානේ ගන්න වෙලාව පහු වෙලා නිසා, අපේ අතට පූජා නොකරපු කෑමක් වලඳන්න අකැපයි…....."
හුටා, දැන් ඉතින් කාපියකෝ ක්‍රොසාන්ට්....මම හිතුවේ මට දෙන්න හදනවා කියලයි.. ඒත් ඊට පස්සෙ හාමුදුරුවො මෙහෙම කියනවා....
“අනේ අයියේ, අයියට පුළුවන්ද මේවා අපිට පූජා කරන්න....?”
අනේ ඉතින් ඊලඟට එළඹෙන්නෙ දුමී, හාමුදුවරු දෙදෙනාට හීල් දානේ පූජ කරන ජවනිකාව.
ක්‍රොසාන්ට් එක අත් දෙකෙන්ම අල්ලලා හාමුදුරුවන් දෙනමගේ අතටම දීලා, දොහොත් මුදුන් තියලා නමස් කාර කරනවා. ඒ වගේම ජූස් බෝතල් දෙක, ඒ වගේම අත්දෙකටම පූජා කරලා දොහොත් මුදුන් නගලා නමස් කාර කරනවා.
හමුදුරුවරු දෙන්නත් පින් සිද්ධ වෙච්චාවෙ කියලා අඹරනවා.... සමාවෙන්න වලඳනවා....
මෙන්න බොලේ ප්ලේන් එකේ ඉන්න සැදැහැවත් බෞද්ධයොත් අරින්නේ නෑ..... කාලෙකට පස්සෙ පිනක් දහමක් කරගන්න ලැබිච්ච චාන්ස් එක අත අරින්නේ මොකටද කියලා හිටු කියලා හාමුදුරුවන්ට හීල් දානේ එවනවා. එකක් ඉවර වෙන්න එකක් අරුමෝසම් කෑම ජාති බීම ජාති අර හුරු බුහුටි ඇටෙන්ඩන්ට් නංගි ගෙනැත් හාමුදුරුවන්ගේ ට්‍රේ එකේ තියලා යනවා...අනේ ඉතින් මමත් ඒ හැම එකක්ම හාමුදුරුවරු දෙන්නට පූජ කරනවා.... හාමුදුරුවොත් එකක්වත් අරින්නේ නෑ, වලඳනවා......
ඔන්න ඔහොම ටික වෙලාවක් ගියා, මට දැන් පේනවා හාමුදුරුවරු දෙනම දැන් හුස්ම ගන්නෙත් බොහොම අමාරුවෙන්. ඔන්න ඊට පස්සෙ මැද හිටපු හාමුදුරු නම මගේ පැත්තට හැරිලා මෙහෙම කියනවා...
"අයියේ, දැන් අපිට ඇති. අයියා කන්න මේවා..." කියලා ක්‍රොසාන්ට් එකකුයි, ජූස් බෝතලේකුයි මට දෙනවා.......මෙච්චර වෙලා මම හාමුදුරුවන්ට හීල් දානේ පූජ කලා, මෙන්න බොලේ දැන් හාමුදුරුවෝ මට හීල් දානේ පූජ කරනවා......
යකෝ මම පතාගෙන ආවෙ ක්‍රොසාන්ට් කාල ජූස් බොන්නද ? මගේ දෛවය ලියවිලා තියෙන්නේ එහෙමද ? ඒ අතර කඳුලු බෝලයක් ඇවිත් ඇස් කෙවෙනි යට නතර වෙලා පනින්නද පනින්නද කියලා අහනවා....!
අනේ ඉතින් මොනවා කරන්නද ? මමත් පින් සිද්ධ වෙච්චාවෙ කියලා අර ක්‍රොසාන්ට් එක බොහෝම දුකසේ වලඳලා, සමාවෙන්න කාලා, බොහෝම දුකසේ අර ජූස් බෝතලෙත් ගුඩුස් ගාලා බීලා දැම්මා. …
ප්‍රොජෙක්ට් එකේ ෆස්ට් ෆේස් එක ෆේල්. ඒ කියන්නේ දෙකක් දාගන්නවා කියන කොටස සිහිනයක් වගේ ඉරිතලා ගිහිල්ලා කුඩු පට්ටම් වෙලා දූවිලි වලට හැරිලා ඉවරයි. අඩු ගානේ දෙවනි ෆේස් එකවත් හරියට කරගන්න ඕනේ කියලා හිතලා ඔන්න මම සීට් එක පස්සට දාගෙන ඇහැ පියා ගත්තා.
ඕනේ නම් ඔය විදිහට මට යන්තන් ඇහැ පියවිලා පැයක් විතර යන්නැති. පොඩි ගෙරවිල්ලක් වගේ ඇහිලා ඔළුව උස්සලා බලද්දි මැද හාමුදුරුවෝ බබා වගේ මගේ උරහිසට ඔළුව තියාගෙන සැපට දොයි, සමාවෙන්න , සැපට සැතපෙනවා.......! ඒ අතරේ බුරුත කොටයකුත් ඉරනවා. ඒ අස්සේ සාංඝික ඛේටයෙන් මගේ ෂර්ට් එකේ දකුණු අත තෙත් වෙලා.......අනිත් කොනේ ඉන්න හාමුදුරුවෝ කෑම කන ට්‍රේ එක දිග ඇරගෙන එකේ අර වංඩු ආප්ප ගෙනාපු බෑග් එක තියලා එකේ ඔළුව ගහගෙන දොයි.
දැන් මොකෑ කරන්නේ ? අපි ඔය බණ කතාවල එහෙම අහලා තියෙනවනේ, ආනන්තරීය පාප කර්මය ගැන. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන එහෙම.
එතකොට මේ බුදිය ගෙන ඉන්න හාමුදුරුවෝ කෙනෙක් නින්දෙන් ඇහෙරෙව්වම සිද්ධ වෙන පාප කර්මේ මොකක්ද ?
ඒ පාප කර්මෙත් එසේ මෙසේ එකක් නොවෙන්න බැරි නෑ කියලා හිත හිත ඉන්න කොට මට දන්නෙම නැතිව ආයෙත් ඇහැ පියවිලා. ඔන්න ඊට පස්සෙ ආපහු ඇහැරුනේ ප්ලේන් එක ෆයිනල් අප්‍රෝච් එකට එන්ටර් උනා කියලා දෙන එනන්වුන්ස්මන්ට් එකට. ඔළුව උස්සලා බලද්දි හාමුදුරුවෝ දෙන්නා දත් මදිනවා.......
මෙච්චර වෙලා විඳපු දුක් සීන් එක මෙනෙහි කරගත්ත මම පපුව පිරෙන්න ලොකු හුස්මක් අරගෙන ටික ටික ඒක පිට කරන ගමන් ජනේලෙන් එළිය බලා ගත්තා. ලෑන්ඩින්ග් එකට තිබුනේ විනාඩි විස්සක් වගේ කාලයක් නිසා මේ වෙනකොට ප්ලේන් එක ගොඩක් පාත් කරලා තිබුනේ. පහතින් දුඹුරු පාට කාන්තාර, කඳු මුදුන් හොඳට පේනවා. ඒ අතරේ අපේ හාමුදුරුවරු දෙනමත් පොඩි උන් දෙන්නෙක් වගේ එබි එබි ජනේලෙන් එළිය බලන්න හදනවා.
ජීවිතේ පළවෙනි පාර ප්ලේන් එකක යන මේ හාමුදුරු දෙනම ගැන දුක හිතුනු මම,
"හාමුදුරුවනේ මගේ සීට් එකට එන්න, එතකොට ලෑන්ඩ් කරනකොට හොඳට එළිය බලා ගන්න පුළුවන් " කියලා කිව්වා....
ඔන්න හාමුදුරුවරු දෙනමත් කැමති උනා සීට් මාරු කරගන්න. ඔන්න ඉතින් මමත් මගේ සීට් එකෙන් නැගිට්ටා හාමුදුරුවන්ට මගේ සීට් එක දෙන්න.
මුළු ෆ්ලයිට් ටයිම් එකේදිම මම නැගිට්ටේ පළවෙනි පාරට.......!
මගේ ඇඟ හීතල වෙලා ගියා.....!
මම හිටපු සීට් පේලියට පිටි පස්ස පැත්තේ ප්ලේන් එක භාගයකට වඩා හිස්......!

හප්පා, වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා මෙහෙම දේවල් නං දෙයියනේ. හරිම සතුටුයි කට කහන කතාවක් කාලෙකින් කියවන්න ලැබීම
ReplyDeleteස්තූතියි හරී, වන හතුරෙකුටවත් වෙන්න නම් එපා තමයි මට වූ ඒ වියෝයා....!
Delete" දෙයිහාමුදුරුවනේ ..........."
ReplyDelete'දෙයි'ද නැත්ද නම් දන්නේ නෑ නගෝ, හැබැයි හාමුදුරුවෝ දෙන්නෙක් නම් තමයි.....!
Delete//දෙයි'ද නැත්ද නම් දන්නේ නෑ // :D :D
Deleteකොහොම හරි බඩ පැලෙන්න ලං වෙද්දි හරි "ඉදා වලදපන් දැන් " කියල දුන්නනේ.
Deleteඅනික අයියා ඔයාට තිබ්බේ මක්ක වුනත් මොකෝ කියලා. බෝතලේ කඩල ඒ දෙනමටත් පූජා කරල ෂොට් එකක් දාන්න. හැබැයි ඉතින් අර ඔය ප්ලේන් එකේ හිටියයි කියපු මදි නොකියන්න දෙනමට දානේ එවලු අය අයියට මක්ක මක්ක පුදයි ද කියල දන්නෑ.
අනික අයියට අර ගමේ ගෙදර කොහාට කරපු කැත වැඩේ තමා පල දෙන්න ඇත්තේ. ඒ කොහා තාම තනිකඩයි කිලයත් කීවනේ :)
හද පත්ලෙන් බුර බුරා නැගෙන තන්තොසය ප්‍රකාශ කර සිටිමි.. ෂොට් එක දාගන්න බැරි උනාට නොවෙයි.. කට කහන්න පටන් ගත්තට... ජය!!!
ReplyDeleteස්තූතියි මල්ලි, ෂොට් එකක් දාගත්තේ නැතිනම් කට කහනවත් ටිකක් හොරයි හොරයි වගේ.....!
Deleteචේතනාහං බික්ඛවේ කම්මං වදාමී...
ReplyDeleteඒකනං එහෙම තමයි, මාතලන් මාමේ, කොහොමින් කොහොම හරි හීල් දානේ පූජ කරලා පිණක් කර ගත්තනේ.....! ඒකම මදැයි ආයි වැඩි වැඩියෙන් ලබන්න.....!
Deletewelcome back
ReplyDeleteThank you very much !
Deleteදානේ පුජා කරලා කරගත්ත කුසල කර්ම......තනිකඩ වසන්ත කලේ ඵල දෙන්ඩ ඇතිනේ....
ReplyDeleteඔව් අප්පා, ඒ මාසෙ වැඩි හරියක් ගෙවුනේ මද්‍යප විදිහට.... ඉස්කෝලේ අමධ්‍යප සංගමේ සභාපති වෙලා හිටපු කාලේ සිහි වෙනවා.....!
Deleteගිය ආත්මේ බොන්න ලෑස්ති වෙච්ච එකෙක්ගේ සෝඩා එක හොරෙන් උස්සපු කරුමයක් පළදීලද කොහෙද :-D
ReplyDeleteඅප්පද බොල, මරේ තාම ජීවත් වෙනවා.....! කොහෙද යකෝ හිටියේ මෙච්චර කල්....?
Deleteඋස්සලා තියෙන්නේ සෝඩා එක නෙමෙයි බං, බෝතලේ.....ඒකයි මෙහෙම කරුම පටිසන් දෙන්නේ.....!
ඇයි බං උඹට තිබුනනෙ හාමුදුරු දෙනමට පොඩි විස්කි ෂොට් එකකුත් පූජා කරන්ට, "හාමුදුරුවනේ ඔය එකේක ඒවා වළඳලා බඩේ අමාරුවක්වත් හැදුනොත් කියලා මේ බේත් ටිකක් බොන්ට" කියලා.. :-O
ReplyDeleteබුරා පිස්සු කතා කරනවා.... අමාරුවෙන් ගත්තේ කාලේ විස්කි බෝතලයක්. හාමුදුරුවෝ දෙන්න දානේ වලඳපු විදිහ දැක්කට පස්සෙ, මම විස්කි බෝතලේ ඒ වෙලාවෙ ඇරියනන් මට හුළං තමයි......!
Deleteඑක හුස්මටම කියෙව්වෙමිය..
ReplyDeleteඅර පොඩි ඈයෝ කාලේ කියලා දුන්නා මතකද පාර පනිනකොට වම බලන්න, දැන් දකුන බලන්න දැන් ආයෙත් වම බලන්න කියලා....ඒත් එක්කම පනින්න පෙර සිතා බලනු කියලා...ඔය වගේ නවන්න පෙර තුන්කල් බලන්න ඕනි මයේ හිතේ....
දැන් ඔය කාපු රැග ප්‍රයිස් කරලා බැලුවාම නෝ ෆ්‍රිල් යනවාට වඩා ලාභ නැද්ද එමිරේට්ස්ම ෆ්ල්යි කලානම්...අර අම්පයර්ලත් පිටේ ලියන් ඉන්නේ ෆ්ල්ය් එමිරේට්ස් කියලා ඔය හින්දම තමයි දුමී....
වම දකුණ කෙසේ වෙතත් උඩ බිම නම් බැළුනා.....!
Deleteෆුල් ෆෙයාර් ප්ලේන් වල යනවට වඩා සැපයි නෝ-ෆ්‍රිල් වල යනවා. ඩ්‍රින්ක් එකක් ඉල්ලුවම ඔය එමිරේට්ස් වගේ එයාර් ලයින් වල එයාර් හොස්ටර්ස්ලගේ ගණන් බලනවට වඩා හොඳයි බෝතලයක් ඩියුටි ෆ්‍රී එකෙන් අරගෙන ගිහින් බොනවා....! එමිරේට්ස්, ශ්‍රී ලන්කන් වල ගියත් මම ඔය කාලේ බෝතලේ සාක්කුවේ දාගෙන තමයි යන්නේ.....මොකද අර ගෑණු ළමයිගේ ආඩම්බර බලන්න බැරි නිසා...!
ගොඩාක් කාලෙකට පස්සෙ මේ පැත්තට ආවෙ... අනේ අපොයි කියන්නේ ඔය වගේ දේවල් වලට තමයි නේද අයියෙ?
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.....!
Deleteඅනේ අපොයි වලටත් වඩා අපොයි එකක් නැද්ද ඕක ඩිස්ක්‍රයිබ් කරන්න ?
ඇයි බොල ෆ්ලයිට් එකට නගිද්දිවත් පිටිපස්සෙ සීට් හිස් කියල දැක්කෙ නැද්ද දුමි අයියේ?
ReplyDeleteෆ්ලයිට් එකට නැග්ගේ ඉස්සෙලම නිසා, පස්සෙ නැගපු සෙනග නිසත් මම හිතුවේ ෆ්ලයිට් එක ෆුල් කියලා.... ඊලඟට අර හාමුදුරුවෝ දෙනම මගේ ලඟම ඇවිත් ඉඳ ගන්නකොටත්, අර බබාව නිදිකරවපු තාත්තා තාත්තත් නිසා මම හිතාගෙන හිටියේ වෙන හිස් සීට් නැතිව ඇති කියලයි..!
Deleteඉන්තේරුවෙන්ම කට කහන කථාය!!
ReplyDeleteතිසෝ, ඉන්තේරුවෙන්ම මේක කට කහන කතාවක් තමයි. බොහොම අමාරුවෙන් අවුරුද්දක් හිර කරගෙන හිටියේ. ආපහු නිවාඩුවට සෙට් වෙන නිසා, ආයි මේ වගේ දෙයක් නොවෙන්න, ඇස් වහ කට වහ යවා ගන්නත් එපැයි.....!
Deleteදුමියෝ පට්ට ලියැවිල්ල බොල
ReplyDeleteබොහෝම ස්තූති වේවා..... මාව අමතක නොකර මේ පැත්තේ නැවතත් සපැමිණියාට.....!
Deleteගිය ආත්මෙක උඹ හාමුදුරු කෙනෙකුට නොදී විස්කි වලඳල තියනව. ඒ පව තමයි මේ පස්සෙන් එලවන්නෙ. මේ ආත්මෙ ඒක අලුත් උනා ආයෙත්. බොට ගැලවීමක් නෑ
ReplyDeleteරෑ ජාමෙක කන්දකින් පහලට වැටෙද්දි අතට අහුවෙච්ච ගහක් අල්ලගෙන එලි වෙනකල් අමාරුවෙන් එල්ලිලා හිටියලු එකෙක්. උදේ බැලින්නං පොලවට තව අඟල් ගානයිලු ඉතිරි. මේකත් ඒ වගේ සීන් හකක්.
ඒකනම් එහෙම වෙන්න ඇති තමයි බං. එක හාමුදුරුවෝ කෙනෙකුට නෙමෙයි, මු පංසලකටම.
Deleteකන්දෙන් වැටිච්ච එකාට වෙච්චි සන්තෑසියම තමයි බලනකොට මට වෙලා තියෙන්නෙත්.....!
හොඳ වැඩේ
ReplyDeleteඒක තමයි !
Deleteප්ලේන් වල "පූජ්‍ය පක්ෂය සඳහා" කියලා සීට් වෙන් කරලා නැද්ද?
ReplyDeleteඒක තමයි බං නේද? හරිනම් පයිලට්ට වහාම පිටිපස්සෙ සීට් එක පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කරන්ටය කියලා යෝජනාවක් ගේන්ටෝනැ.. අඩු ගානෙ ශ්‍රී ලන්කන් ෆ්ලයිට්ස්වලවත්..
Deleteතිසර, ඒ විතරක් නෙමෙයි, ගැබිණි මවුවරුන් සඳහා කියලත් නෑනේ.....!
Deleteබුරා, නරකම නෑ අදහස නම්......! එතකොට අපිට නිවිහැනහිල්ලේ සැනසීමෙන් දෙකක් නවාගෙන්න පුළුවන් බෝතලේ ගැන බයක් ඇති කරගන්නේ නැතිව.....!
Deleteතොට හොඳ වැඩේ වටපිටාව ගැන අනවබෝධයෙන් ගුවන් ගමනක යෙදුනට...
ReplyDeleteඔය සිරි ලන්කන් එකේ ගුවන් නංගිලා ඉන්නවා නේද, උන් හරි මෙව්වයි අපේ සිරි ලංකා උන්ට.
නිකං දෙන විස්කි, බියර් අත දිග ඇරලා අපිට කෙලවනවා
ඔහොම කෙලවලා කෙලවලා එක දවසක් මටයි, මගේ එහා පැත්තේ හිටපු එකාටයි කබරයා පාරක් ගියා එලෝ මෙලෝ සිහියක් නැතුව.
දෙන්න එක්ක මාරුවෙන් මාරුවට එක බෑග් එකකට කබරයා වැදෑරුවා...
හාමුදුරුවරු දෙන්න වලඳපු එක ගැන කියද්දී මට මතක් උනේ අපි එදා විස්කි වදාරලා වෙච්ච හරිය...
උඹේම නංගිද සිරි ලංකන් එකේ හිටියේ.... අපි නම් බැරි වෙලාවත් දෙවනි ඩ්‍රින්ක් එක ඉල්ලුවොත් ඔරවලා බලලා, ආපහු පස්ස හැරිලත් ඔරවලා බලලා තමයි යන්නේ ඒ නංගිලා.....!
Deleteඋබේ මූන දැක්කාම ඔරවන්න්ව් නැත්තෙ උෂානි අක්ක විතරයි මයේ හිතේ
Deleteහැබෑව හැබෑව !
DeleteUmbalata wage nemei Saudi indala ena unge duka e kello hondata dannawa...
DeleteE fight wala wadipura inne Indian karayo nisa ape kello kollo lankawe unta tikak wedipura salakanawa...
Umbata kiyanna eka dawasaka kâma kâla iwara unâmath mata badaginiy.
Unta eka kiwwama amathara kâma ekakuth mata dunnâ ekiyak..
ඕක තමයි කියන්නේ අයියේ සෝදිසිය කොකාටත් හොඳය කියා.
ReplyDeleteපිටි පස්ස පැත්තටත් ඇස් තිබුනනම් සෝදිසියෙන් ඉන්න තිබුනා... අනික සෝදිසියෙන් ඉන්න වෙලාවක් ලැබුනේ නෑ.....! දානේ බෙදන්න තිබුනු නිසා....!
Deleteසබ්බ දානං විස්කි දානං සුවදෙතී කියල හාන්දුර්වන්ටත් ෂොට් එකක් දීල හෙමිහිට මාරුවෙන්නනෙ තිබ්බෙ.
ReplyDeleteඉතින් බලහන් චූ බරක්වත් නොහැදුන එකේ කරුමෙ! ඕක තමා කරුමෙ ඩබල් පින සි'න්ගල් කියන්නෙ ආට මල්ලිල.
ඒ වෙලාවෙ මතක් වෙච්ච බන පද මෙතන දාන්න බෑ.....! වැඩියමත් බෝතලේ ඇරියෙ නැත්තේ උන්නාන්සේලා ඕක සප්පායම් වෙන්න ආවනං මට මදි වෙන නිසා...!
Deleteචූ බර හැදෙන්නේ කොහොමද බං බොන්නේ නැතිව ?
මේ වගේ මෝඩයෙක් එක්ක අපිට ප්ලේන් එකේ ඉස් ඉස්සෙල්ලා යන්න උනා නේද කියල හිතල හිටං හාමුරුවෝ දෙනම තැවෙන්න ඇති..
ReplyDeleteමොන පිස්සුද, මම ගාව වාඩි වෙච්ච ගමන් උන්නාන්සෙලාට ලැබිච්ච කෑමම මදිද ?
Deleteපට්ට එකේ ඉහළම එක අප්පා! මැවි මැවී පෙනුනා!!
ReplyDeleteතැන්කූ.....! මේ පැත්තට සාදරෙන් පිලිගන්නෝ....!
Deleteමට නං ඔහොම ඉවසන්ඩ බැරිවෙයි , කාල කඩාගන ගහල කට පිහදාල බෙල්ල චුට්ටක් විතර නවල ලපිටි හිනාවක් දාල
ReplyDelete‘‘ අවසර ..අපේ හාමුදුරුවනේ ...කියුවනං හරි ‘‘
ඒක හරියන්නේ නෑනේ අටමෝ, කාල කැඩුවනන් තනියම බොන්නද ? මට හැරෙන්නවත් ලැබෙන්නෙ නෑ, උන්නාන්සේල වලඳපු වැලඳිල්ල දැක්කම...!
Deleteඅනේ සංදුක්කාරේ වෙලා තියෙන සංතෑසිය.
ReplyDeleteමීට පස්සෙ ප්ලේන් එකට නගින්න ඉස්සෙල්ල විස්කි කාලට අමතරව ඔය ලෝ කොස්ට් ගල් වගේ මෙනෙව හරි කාලකුත් අරගෙන නැග්ගනං හරි. එහෙනං හාමුදුරුවො දෙන්නට ගල් කාල දන් දීල ෂේප් එකේ විස්කි කාල අනුමත කරගන්න තිබුණ.
දැන් ඉන්න හාමුදුරුවෝ ගල් ගහන්නේ නෑ....ඉස්තරම් ඒවා මිසක්. අනික ගල් දීල මම විස්කි බිව්වොත් බීමේ ආදීනව ගැන බණක් අහන්න තමයි වෙන්නේ.....!
Deleteමේකනම් ග්‍රහචාරේ වැරැද්ද. අර හාමුදුරුවෝ වඩිනකොටම ටිකක් රවලා බැලුවානම් වෙනතැනකට 'වඩ්ඩවාගන්න' තිබුණා. හැබැයි අර බාගේ මූඩිය ඇරියානම් හාමුදුරුවෝ කියනවා අයියේ ඕක වහාම අපිට පූජා කරන්න කියලා.
ReplyDeleteඉතිං අර ඇටැන්ඩොන් නංගියෙකුගෙන් අහන්න තිබුනනේ හිස් ආසන නැද්ද කියලා.
පිංවත් හාමුදුරුවෝ දෙනමකට කොහොමද දෙයියනේ ඇහැක් ඇරලා රවන්නේ....?
Deleteබෝතලේ ඇරියනම් ඉතින් සුනේ සුං තමයි.....!
මොන හිස් සීට් ගැන ඇහිල්ලක්ද ? උන්නාන්සෙලාට දානෙ පූජ කර කර ඉන්නකොට ඕවා අහන්න මතක් වෙන්න කාටද ?
පව් බං උඹ....
ReplyDeleteබලපිය අපි නම් කොයි තරම් වාසනාවන්තයිද කියලා.
මම දන්න හාමුදුරුනමක් මට ප්ලේන්ටී එකක් හෙම දීලා කිව්වේ නෝනාමහත්තයාට ට නම් ඉතින් අපිට වගේ වයින් හෙම වටින එකක් නැතිව ඇතිනේ ප්ලේන් ටී තරමට, ඕනේ තරම් ඇතිනේ කියලා...
හැරෙන තැපෑලෙන් මම හාමුදුරුවන්ට වයින් බෝතලයක් ගෙනිහින් දුන්නා. මම හිතන්නේ හාමුදුරුවන්ගේ ඒ හිනාවට මට එදාම ස්වර්ගයට යන්නත් තිබුනා...
ඒක වෙන්නැති බං මට හැමදාම කොහේ ගියත් බොන්න හම්බ වෙන්නේ මම නොබිව්වට හොඳ ළමයෙක් වගේ...
අඩේ මේ කියන්න අමතක වුනානේ.. වසන්තයෙක් හරි මොකෙක් හරි හින්දා උඹ මේ කට කහන කතා ලියන එකට මම හෙන හැෆි මචන්
Deleteඋඹලා ඉන්න දිහාවේ තියෙන සීතලට ඉතින් බුදු හාමුදුරුවෝ හිටියත් බොන්න වෙනවා...ඉතින් හාමුදුරුවෝ කෙනෙක් වයින් ඩිංගිත්තක් බිව්වැයි කියලා මොකෑ වෙනවද ?
Deleteඋඹ ගිය ආත්මේ යාළුවන්ට හොඳට බොන්න දීලා ඇති ෂුවර් එකටම, බ්ලාගෙන උඹ බොන වතුරත් ඉබේම වයින් වෙයි....!
ඔබතුමා ආපහු ලියන එක ගැන අපගේ ප්‍රමානය.. වැරදුනා ප්‍රනාමය... ආයෙත් දිගටම ලියමු ...
ReplyDeleteමදුරු කොයිල් එකක් පත්තු කරන්නත් හදලා නිකං හිටියා....මදුරුවා ආවේ බ්ලොග් කියවන්න මිසක් ලේ බොන්න නෙවෙයි හින්දා....!
Deleteබ්ලොග් වසන්තය උදා වුනා කියලා දැනුනා මේක කියෙව්වට පස්සේ..... කාලෙකට පස්සේ "කියවන විට සිනාසීම"හරියට කලා.....!
ReplyDeleteමට ඉතින් දිගටම ලියපන් දුමියා කියලා කියන්න බෑනේ, "ඔවාදෙනු පරහට, දිගට හරහට " කියලා ඔවදනක් තියෙන නිසා. ඒත් කමන්නෑ දිගටම ලියපාන් කියලා සේරෝම ඔදදන් අමතක කරලා ලීවා ඔන්න.
බ්ලොග් වසන්තය උදා වුනා කියලා දැනුනා මේක කියෙව්වට පස්සේ..... කාලෙකට පස්සේ "කියවන විට සිනාසීම"හරියට කලා.....!
ReplyDeleteමට ඉතින් දිගටම ලියපන් දුමියා කියලා කියන්න බෑනේ, "ඔවාදෙනු පරහට, දිගට හරහට " කියලා ඔවදනක් තියෙන නිසා. ඒත් කමන්නෑ දිගටම ලියපාන් කියලා සේරෝම ඔදදන් අමතක කරලා ලීවා ඔන්න.
බුද්ධිගෙ කතාව කවද්ද දාන්නෙ
Deleteබුද්ධිගෙ කතාව දානකොට වසන්ත මැරිල වළලපු තැංවල ගසුත් පැළවෙලා තියෙයි. :D
Deleteවසන්තේ උදා වෙන්න නම් හැම ගහකම මල් පිපෙන්න ඕනේ....ලියපන් ලියපන් බුද්ධි කම්මැලි වෙන්නැතිව.... (දැක්කනේ මට දැන් ඔවා දෙනු හැක පරහට, දිගට හරහට )
Deleteමට කතාව දාන්න වෙන්නේ 13 තමා. මිනිස්සු ගම් බිම් බලා යයි. මොනිටර් දිහා බලාගෙන ඉන්න කවුරුවත් නැති වෙයි. ඒත් කරන්න දෙයක් නෑනේ......
Deleteඋඩුගුවන්තලේ ඉඳන් දානයක් පූජා කරන්න ලැබුනු චෑන්ස් එකම මදිද මම අහන්නෙ? දැං ඉතිං ප්ලේන් එකකට නඟින නඟින සැරේ ඔය පුන්‍ය ක්‍රියාවමයි නෙ මතක් වෙන්නෙ.. හෙහ් හෙහ් හේ...
ReplyDeleteජයවේවා..!!
ඔව් නේන්නම්, ස්වර්ගෙට ඔන්න මෙන්න කිට්ටු කරලා කරපු පිනක්නේ....! පින් පොතේ බෝල්ඩ් අකුරෙන් ලියවෙයි නේද ?
Deleteමෙච්චර කල් උඹ වගේ එකෙක් නොලියා හිටපු පවට උඹට මෙහෙම වෙලා මදි.
ReplyDeleteසීන් එක යනකොට මම ප්‍රාර්ථනා කළේම අවසානෙදි, උඹ නිදි අතරේ හාමුදුරුවෝ දෙන්නා බීපු කොටයක් දකින්න ලැබේවා කියලා. අම්මපා අපිට සයිඩ් කණ්නාඩි නැති එකේ පාඩුව.
හරි හරි, මුරන්ගා අත්තේ නග්ගන්නැතිව හිටු.....!
Deleteබොන්න ඕනේ උනත් කොහොමද බං උන්නාන්සේලා හීල් දානේ පූජා කරපු සැදැහැවත් බෞද්ධයෝ පිරිච්ච ප්ලේන් එකක් ඇතුලේ ඉඳන් බොන්නේ.....!
//ඒ අතර කඳුලු බෝලයක් ඇවිත් ඇස් කෙවෙනි යට නතර වෙලා පනින්නද පනින්නද කියලා අහනවා....! //
ReplyDeleteහා හා හා!!
මට නම් ඕක වුණේ වණ්ඩු ආප්ප කෑවා කිව්වමයි..
දුමී ඔන්න ඕකනේ කියන්නේ දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න කියලා..එහෙනම් පිටිපස්සේ සීට් හිස් කියලා කලින්ම දැනගෙන විස්කි දොළ සංසිඳුවාගෙන එහෙම නේද..:P
//දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න කියලා.//
Deleteඈහ්, එහෙම කලාම පිටිපස්ස පේනවද ?
දුමි අයියා . .
ReplyDeleteවිස්කි කියන්නෙ සුරාව නෙමේ. සුද්දො සීතල මකාගන්න හදපු සැර බීමක් . . . අර උන්නාන්සෙලා දෙනම වලදලා අවසානෙ සැතපුනාට පස්සෙ උඹට තිබ්බ ෂේප් එකයි පාරයි උගුර තෙමාගන්න
කොහොම කරන්නද බං ? උන්නාන්සේලා සැතපෙන්න කලින් මම සැතපුනානේ, ඊට පස්සෙ හෙල්ලෙන්නවත් බැරි විදිහට හාමුදුරුවන්ව උරහිසේ දොයි කරන ගමන් කොහොමද විස්කි බොන්නේ ?
Deleteපුක හපාගෙන මැරෙන්න හිතෙන්න ඇති නේ!
ReplyDeleteකාගෙද ?
Deleteමේ කතාව සහ ප්‍රතිචාර බුද්ධාගමට අපහාසයක් කියලා කෂ්ටිය එයිද මන්දා සරං කරට අරං?
ReplyDeleteඅද කාලේ හාමුදුරුවරුම බුද්ධාගමට කරන අපහාසත් එක්ක බලනකොට මේවා මොනාද ?
Deleteබුද්ධි කිව්වා වගේ බ්ලොග් වසන්තය පටන් ගත්තා කියලා දැනුනේ දැන් තමයි ඕං..
ReplyDeleteඒ වගේම භික්ෂූන්ට මධ්‍යසාර අකැප වුනාට විස්කි අකැප නෑ.. අපරාදේ පැය පහක් විතර වේලුනු විස්කි ටික..
අර රසික කිව්වා වගේ "වසන්තය කියන්නේ ඔබටයි, මටයි"
Deleteකොහොමෙන් කොහොම හරි ඒ විස්කි බෝතලෙන් බොන්න මට වාසනාවක් තිබුනෙම නෑ....ගෙදර ආවට පස්සෙ වෙන එකෙක් දුන්න බැෂ්ටිය ඒ කාලට......!
විස්කි බිව්වෙ කොහෙදිදැ එතකොට??
ReplyDeleteහැක් හැක්
කොහොමෙන් කොහොම හරි ඒ විස්කි බෝතලෙන් බොන්න මට වාසනාවක් තිබුනෙම නෑ....ගෙදර ආවට පස්සෙ වෙන එකෙක් දුන්න බැෂ්ටිය ඒ කාලට......!
Delete:D බෝතලේ කෝ දැන්?
ReplyDeleteහිස් බෝතලේද ? ඒක වලව්වේ !
Deleteහරිම ශෝචනීයයි.....
ReplyDeleteහාමුදුරු කෙනෙක් එක්ක ගමනක් යනවා කියන්නේ පුල් අවුල් තමා....ඇයි ඉතින් හොදට බන්ඩ එපැයි...
හාමුදුරු නමක් උරහිසේ දොයි කරගෙන යන ගමන් ඊටත් වඩා අමාරුයි..!
Deleteහෆ්ෆේ දුමී අයියා දැකපු කල්... ඒ ලෙවල් ක්ලාස් ඒකෙ කියවල හිනා උනාට පස්සේ මේ දැක්කමයි... දැන් ඉතින් ඔය ගැම්මෙන්ම ලියමු ඈ..
ReplyDeleteඕකට කියන්නේ අයියේ පින පලදෙනවා කියලා.. හෆොයි දානේ කිව්වලු... ප්ලේන් වල එහෙම සීට් මාරු කරාට අවුලක් නැද්ද අෆ්ෆා?? මම මේ නොදන්නා හින්දයි අහන්නේ.. අපි ඕවල යන එකක්යෑ...
ප්ලේන් වල සීට් මාරු කලාට අවුලක් නෑ.....එකම ක්ලාස් එකේ හිස් සීට් තියෙනවනන් සීට් මාරු කරගන්න පුළුවන්.
Deleteපව් , අර හාමුදුරුවරු දෙනම ඔච්චර වින්ඩෝ සීට් තියෙද්දි හරි සීට් නම්බර් එකෙන්ම අසුන් ගන්න ඇත්තෙ නොදන්නකමටනෙපව් , අර හාමුදුරුවරු දෙනම ඔච්චර වින්ඩෝ සීට් තියෙද්දි හරි සීට් නම්බර් එකෙන්ම අසුන් ගන්න ඇත්තෙ නොදන්නකමටනෙ
Deleteනොදන්න කමට උනත් වෙන්න තියෙන කරුම වලක්වන්න බෑනේ බං....!
Deleteඑකල්හී නියන්ගම පාලනයකරන කල තමාට ලැබුන මීරා මුට්ටිය කෙරෙහි ඇතිකරගත් ලොභ සිතින් යුතුව පිඳු සිගා වැඩි දේවදත්ත ස්‍රමණයන් හට ඇල්ජලය පූජා කිරීම නිසා තොප හට මේ විපත එළඹින.
ReplyDeleteහුටා, මේ කමෙන්ට් එක සිංහලෙන්ද ලියලා තියෙන්නේ ?
Deleteඅදමයි ඔයාගේ බ්ලොග් එක දැක්කේ, ආපු ගමන් ෂෝයි පෝස්ට් එකක් කියවුවේ. හාමුදුරුවෝ දෙන්නත් හොඳ කෑමදාසලා දෙන්නෙක් වගේ.
ReplyDelete//යකෝ මම පතාගෙන ආවෙ ක්‍රොසාන්ට් කාල ජූස් බොන්නද ? මගේ දෛවය ලියවිලා තියෙන්නේ එහෙමද ? ඒ අතර කඳුලු බෝලයක් ඇවිත් ඇස් කෙවෙනි යට නතර වෙලා පනින්නද පනින්නද කියලා අහනවා....! //
හි හි ලස්සන යෙදුම්.
මට ෆ්ලයිට් වල යන හැම වාරෙකම වින්ඩෝ ෂීට් ඉල්ලන්න අමතක වෙනවා ඒත් හැමදාමත් හම්බෙන්නේ වින්ඩෝ ෂීට් ඒ මං පතාගෙන ආපු දෙයක්ද කොහෙද හිටන් :D
නින්දක් දාගෙන යනවා නම් හොඳම සීට් එක වින්ඩෝ සීට් එක තමයි. ඒත් කකුල් අතපය දිග ඇරගෙන යන්න ඕනෙ නම් මම ගන්නේ අයිල් එකක්. අයිල් එකක ඉඳ ගත්තම තියෙන අනිත් අවුල තමයි පාරෙ බුදියගත්ත බල්ල වගේ වෙන එක.... ඇයි අනිත් අයට චූ බර හැදෙන්න හැදෙන්න අපි සීට් එකෙන් නැගිටින්න එපැයි.....!
Deleteඒ ආපු වතාවෙ බ්ලොග්කරුවන්ට බොන්න අරන් දුන්නෙ නෑ නේද ඔය ඒකට ශාපයක්,,කාගෙද කියලා කියහන් හරියටම දුමී අයියේ
ReplyDeleteදුමියා තරම් බොන්න අරන් දුන්න එකෙක් තව ඉන්නවද කියලා කොහුවල ගිහාන්ස් එකෙන් ඇහුවොත් කියයි.....! :P
Deleteනැහ්නං නැහ්නං.. :D
Deleteමේ පැත්තෙත් ඉන්නවා සාක්කි දෙන්න පුසෝ
Deleteහපොයි.......................
ReplyDeleteඒක තමයි !
Deleteඇති යන්තම් කාලෙකට පස්සේ කට කහන කතාවක් අහ ගත්තා.
ReplyDeleteඇතිද අහගත්තා ?
Deleteහොඳ වැඩේ තොට . . . ප්ලේන් එක නග්ගනකොටම සුරාමේරය ගථාව කිව්ව නම් ඔහොම වෙන්නේ නෑ
ReplyDeleteප්ලේන් එක නග්ගනකොට කොහෙද යකෝ සුරාමේරය ගාථාව කියන්නේ. නග්ගනකොටම හාමුදුරුවෝ වංඩු ආප්ප කන්න පටන් ගත්තනේ......!
Deleteයකෝ එක එකාගෙ දානෙට අතගහන වෙලේ බොට නරකයි හාමුදුරු ඩබලට අර නංගිලගෙන් මොනව හරි අරන් පූජ කලා නම් .... එහෙනං ඒ කුසලෙන්ම උඹට මුත්‍රා බරක් වත් හැදිල නැගිටින්න ලැබෙනව.. ඒ කියන්නෙ අර වේකන්ට් සීට් දකින්න ලැබනව... ඕං ඕකයි "කුමටද කුසලට කම්මැලි වන්නේ" කියන්න..
ReplyDeleteතව මොනව හරි අරන් දුන්න නම් හාමුදුරුවරු දෙන්න ප්ලේන් එකේදිම අපවත් වෙනවා බඩ පැලිලා.....! එහෙනම් ඉතින් ආනන්තරීය පාපේ තමයි....!
Deleteආනන්තරිය වගේ පවක් වෙයි කියලා නිදාගෙන ඉන්න හාමුදුරුවන්වත් ඇහැරවන්න බයේ හිටියේ මම....!
බඩ පපුව දාලා ගියා මල්ලිට වෙච්ච ඇබැද්දිය කියවන් යනකොට...
ReplyDeleteපින් දහම් කොරන්ඩ මල්ලි එතකොට එව්වා පල දෙයි..ආපහු යනකොටවත් ඔය කොටයක් වළඳන්ඩ සොරි බොන්ඩ ලැබේවා කියල පතන්නම් !
වෙනී අයියේ, එදා කරපු පින් ටිකම මදිද තව පරම්පරා හතකට අටකට ?
Deleteඅවුරුද්දකට අඩුම පෝස්ට් ගානක් ලියන සිංහල බ්ලොගර් කියලා වාර්තාවක් තියන්නද කොහෙද මෙයා යන්නෙ.......... තව වැඩි පුර ලියන්නකො දුමී අයියෙ. මම බ්ලොග් ලෝකෙට පා තැබුවෙත් මේ වගෙ බ්ලොග් 2, 3ක් කියවලා
ReplyDeleteසිදූට කියන්න, දුමී ඔය වාර්ථා පස්සෙ යන මිනිහෙක් නෙමෙයිනේ....!
Deleteපහුගිය අවුරුදු දෙකේදී ඒක පෝස්ට් එකක්වත් දාලා නෑ...!
බ්ලොග් වසන්තට පින්සිද්ධ වෙන්න තමයි මේක හරි වැටුනේ.....!
අද ඉස්සෙල්ලම කමෙන්ට්ස් දැම්මට දූමීගෙ ලිපි සේරම වගේ බොහොම ආසාවෙන් කියවලා තිබුණා. හැබැයි එතකොට දුමියා හයිබනේට් වෙලා. දැන් හරි. පරණ ඉට්ටැයිල් එක හොඳටම ඒ වගේම තියෙනවා. බොහොම සතුටුයි නැවත ඒම. ආයි ආයි ලියන්ට අප්පා.
ReplyDeleteස්තූතියි මේ පැත්තේ ආවට.....!
ReplyDeleteකමෙන්ට් එකේ ඉස්සෙල්ලාම දැක්කෙ "දුමියා හස්බන්ඩ් වෙලා..." කියලා තියෙනවා වගේ.....!
(දුමියා හස්බන්ඩ් උනේ බ්ලොගේ පටන් ගන්නත් අවුරුදු 10කට විතර් කලින් )
මම බැළුවේ අර පහුගිය කාලේ දුමීගේ කට කහන කතා බලලා දුමියට මංගල යෝජනා අරගෙන ආපු නගා වගේ කෙනෙක්ද කියලා.....!
ඒ කේස් තමයි, අපේ ගම හාමිනේ විසින් 'දුමියා හයිබනේට්' කරන්න වැඩියෙන්ම බලපෑවේ.....! හිකිස්...!
:D
ReplyDeleteගෙදර උන්දැ උයද්දි එයාටත් ඇහෙන්නයි කියෙව්වෙ. හිනා වෙවී කෑම හදාගෙන වැඩට යන්න ලෑස්ති වෙනකොට ඩිංගක් පරක්කුයිත් එක්ක. ඒත් ඉතිං එ්කට මොකද. අද සිකුරාදා දවසක් වුණත් හිනා වෙලා ෆ්‍රෙෂ් පිට පටන්ගත්ත නිසාදෝ දවසෙ වැඩටික බොහොම අපූරුවට සිද්ද වුණා.
ReplyDeleteබොහොම ස්තුතියි. හරිම අපූරුයි.
උදේම ෆ්‍රෙෂ් උනාට නම් කමක් නෑ හැබැයි කටකහන කතා කියව කියව ඉඳලා අන්තිමට නෝ පේ ගියාම මම ඒවට පලි නෑ ඔන්න.....!
Deleteබොහොම ස්තුතියි, මේ පැත්තේ ආවට.....!
හිනා කාලා මලා යකෝ. මම දීපට ඇහෙන්න හඬ නගා කතාව කියවලා ඉවර වුනා විතරයි. මචං, දැන් බොන්න බැරි වෙච්ච විස්කි කොටේ එයා පෝර්ට් එකෙන් එලියට ගෙනියන්න පුළුවන්ද? අර සික්කෝ ඒවා චෙක් කරනවා නේද? අපි ඩුබායි හරහා ට්‍රෑන්සිට් යනකොට නම් එහෙම කරා.
ReplyDeleteඒක නෙවෙයි. දැන් උඹ මේ විදියට දිගටම ලියනවද? මම හිතුවේ උඹට දැන් ලියන්න දේවල් නැතුව ගිහින් ඇති කියලා. එහෙම නෑනේ. අනේ මචෝ, උඹේ ඔය මුරලිදරන් හීනෙන් බයවෙලා වගේ ඉන්න ප්‍රොෆයිල් පික් එකත් ගලවලා දාලා වෙන එකක් දාහන් ඔය ගමන්ම
ඔයත් ෂෝයි අනා... ඉස්සර අපේ තාත්තා අම්මට ශේප් කාලේ තාත්තා අම්මට ඇහෙන්න පත්තර වල ජෝක් අනම් මනම් කියෝනවා.. අපිට ඒවා ඇහෙද්දී හිනා මොකෝ දන්නවද අපේ අම්මට තේරෙන්නැහැ හිනාවෙන තැන,, අපිට මැරෙන්න හිනා,.. තාත්තා හිනාවෙන්න ඕනේ තැනත් එක්ක කියද්දී,, ,,
Deleteහප්පා, දැන් ඉන්නේ කොච්චර ආදර්ශමත් හස්බන්ඩලද ? වෆ්යිලට කතන්දර කියවලත් දෙනවා.... අපේ ගම හාමිනේ දැක්කොත් මේවා එයා කියෝන ඔක්කොම නවකතා පොත් මට එයාට ඇහෙන්න කියවන්න වෙනවා....!
Deleteදිගටම ලියනවද ? හ්ම්ම් බරපතල කාරනාවක්. බ්ලොග් වසන්තයට තමයි මේ ටික ලිව්වේ.... ලියන්න නම් තව කතා ගොඩක් තියෙනවා..... බලමු බලමු....!
දුමි අයියට ෂෝයි අනා කියද්දී මට මැවිලා පෙන්නේ එක අගක් කැඩුන තඩි මීමෙක්
Deleteහි හි
Deleteමාර අපරාදයක්. කාල නම් යකාට ගියත් හාමුදුරු නමක් ළඟ ඉඳගෙන යාම මදැයි. හොඳ ළමයෙක් වගේ හැසිරෙන්න එපාය. හාමුදුරුවෝ වන්ඩු ආප්ප ගත්තේ කොහෙන්ද දන්නේ නැහැ.
ReplyDeleteඑක අතකට හොඳ වැඩේ. ඔය පැය දෙක තුන නොබී ඉන්න බැරුවට. ෂුවර් එකටම හාමිනේ එහෙම කියන්නැති නේ.
හරි දැන් බින්දි කියන්නේ මම හොඳ ළමයෙක් වගේ හැසිරුනේ නෑ කියලද ? එහෙනම් ඒ හාමුදුරුවො දෙනමගෙන් අහලා බලන්න කොච්චර ශධ්‍රාවෙන්ද හීල පූජ කලේ කියලා...!
Deleteඅනේ ඉතිං පැය හතරහමාරක් එක ළඟ වාදී වෙලා ආපු එකේ කාලෙ බෝතලෙන් ගිලන්පස පූජ කරේ නැති එක හරිම වැරදියි :(
ReplyDeleteඔහොම කරල බෞද්දයෙක් විදිහට තෘෂ්ණාව නැති කර ගන්නේ කොහොමෙයි ?