31 රෑට මොකෑ කරන්නෙ ?

Posted by දුමී

මගේ ලොකු නැන්දාගේ පුතා 'ලකී මල්ලි' උපන්නේ දැසැම්බර් 25 වෙනිදා. ඒක නිසා එයාට හැමෝම කිව්වෙ සැන්ටා බෝයි නැති නම් සැන්ටා කියලා. එයාට වඩා හරියටම දවස් තුනක් වැඩිමල් වෙච්චි මටත් අනිත් අයටත් පොඩි කාලෙදි මේ නත්තල් අසිරිය විඳින්න ලැබුනේ මේ නිසා. මොකද ලකී මල්ලිගේ උපන්දිනය දවසට, අපි බෞද්ධයෝ උනත් ඒ ගොල්ලන්ගේ ගෙදර නත්තල් ගහක් වරදින්නෙ නැතිවම තිබ්බා.

ඊටත් වඩා කොහොමත් මේ දෙසැම්බර් මාසේ කියන්නෙ අවුරුද්දේ මම කැමතිම මාසේ. මේ මාසෙත් එක්ක රැඳිලා තියෙන උත්සව සිරියටත්, හැම තැනින්ම අහන්න ලැබෙන නත්තල් කැරොල් වලටත් හැමදේම අළුත් විදිහට පටන් ගන්න හිතාගෙන එළඹෙන අළුත් අවුරුද්දත් නිසා දෙසැම්බර් මාසෙට මම හැමදාමත් ආසයි.

අනික ඉතින් ජොලිම දේ තමයි, පාටි පාටි සහ පාටි. ගොඩක් වෙලාවට ලංකාවෙ ඉන්නකොට නම් කම්පැනි වල ක්‍රිස්මස් පාටියි, ඒ වගේම නත්තල් වලට කලින් ලැබෙන බෝනසුයි, තව යාළුවන්ගේ ගෙවල් වලින් ලැබෙන ඉන්විටේෂනුයි ඉවරයක් නෑ.

පස්සෙ කාලෙකදි බෑන්ඩ් එකකට සෙට් වෙලා ඉන්නකොට නම් දෙසැම්බර් කියන්නෙ හුස්මක් කටක් ගන්නවත් බැරි කාලයක්. එක දිගටම අර ඩාන්ස් මේ ඩාන්ස්, තර්ටි ෆස්ට් නයිට් , ක්‍රිස්මස් පාටි දවල් රෑ දෙකේම. ඔය වගේ පාටි වලට ගියාම මරු මරු අත්දැකීම ලැබෙනවා ඉතින්. ගොඩක්ම කරදර කාරයෝ තමයි සින්දුවක් කියන්න ඉල්ලගෙන පෝලිමේ එන සෙට් එක. කරටි කැඩෙන්න සප්පායම් වෙලා ඇවිත් මයික් එක අරගෙන අපිවත් එක්ක නාවනවා. සින්දු කියන්න දෙන්න බෑ කිව්වොත් වලියට එනවා. අනේ ඉතින් මග හිටියොත් තා නසී, ගෙදර ගියොත් ඒත් තා නසී.

ඔන්න ඔහොම අපි ප්ලේ කරපු, තරු පන්තියේ හෝටලේක තිබිච්ච පොෂ් ක්‍රිස්මස් පාටියක හරි අපූරු රැෆල් එකක් තිබුනා. අර සාමාන්‍යය විදිහටම ඇතුල් වෙන ටිකට් එක තෝරලා තෑගි දුන්න වගේම එක විශේෂ තෑග්ගක් දුන්නා හරි අපූරු ක්‍රමේකට. මේ පාටි එක කම්පියර් කලේ ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක්. සමහර වෙලාවට එයත් මේ සිංහල බ්ලොග් කියවන්න පුළුවන් නිසා මම නම සඳහන් කරන්නෙ නෑ.

මේ විශේෂ තෑග්ග විදිහට දුන්නේ, ඒ කාලේ, ඒ කියන්නෙ 1996-97 වගේ කාලේ ආපු අළුත්ම පත සයිස් සෝනි ටී.වී එකක්. ඔන්න ඉතින් වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඇත්තටම බැලුවොත් මේ ටී.එක තිබුනේ විකුණන්න. හැබැයි ගන්න කෙනා නියම කරන මුදල හරියටම ගෙවලා මේක ගන්න ඕනෙ. වැඩි වටිනාකමක් තියෙන මුදලක් දීලා මේක ගන්න බෑ. ඔන්න ඕක තමයි කොන්දේසිය.

කීයද දන්නවද ටී.වී එකට නියම කල මුදල.

හරියටම "සතයයි"....

ගන්න කෙනා හරියටම සතේ දීලා ටී.වී එක ගන්න ඕනේ. සත දෙකක් දීලවත් ගන්න බෑ. හරියටම සතයක්ම දෙන්න ඕනෙ.

අනේ ඉතින් බලන්න ලස්සනයි. පාටි එකට ඇවිත් හිටිය පොෂ් නෝනලා තමන්ගේ දිලිසෙන රත්තරන් පාට පර්ස් මේසෙට හලනවා සතයක් හොයන්න. මහත්තුරුත් අර වැඩි පුර කොල පුරෝගෙන ඉන්න පර්ස් එහාට පෙරලනවා, මෙහාට පෙරලනවා. සතේ කාසියක් හොයන්න. හොඳටම කේන්ති ගිය තව නෝනා කෙනෙක් තමන්ගේ මහත්තයට ඔරවගෙන ඉඳලා හිමිහිට බනිනවා,

"මොනවද මිනිහෝ, තමුසෙ ගාව සතයක්වත් නැද්ද ඕයි ?" කියලා අහලා........

ඔන්න ඔය විදිහට විනාඩි 15ක් 20ක් ගියත් මේ පොෂ් පාටියේ කිසි කෙනෙක් ගාව සතයක් වත් නෑ......

අනේ අර කම්පියර් කරන මහත්තයක් කට්ටියගේ රෙදි ගැලවෙන්නම දෙනවා ගේම.

"බලන්න නෝනා වරුනි මහත්වරුනි, කොච්චර තරු පහේ හෝටල් වලට කන්න බොන්න ආවත්, තමුන් නාන්සේලගේ අතේ සතේ නෑනේ......." කියලා.

ඔන්න ඉතින් සතේ වැඩේ හරියන්නෙ නෑ. ඊට පස්සෙ ටී.වී එකේ ගාන, සත දෙකක් කලා. ඒත් සත දෙකේ කාසියක් තියෙන එක්කෙනෙක්වත් නෑ. ඔන්න ඊට පස්සෙ සත පහ කලා. ඒත් නෑ. සත දහය කලා. කොහෙද ? අන්තිමට ටී.වී එකේ ගාණ සත විසි පහක් කරපු ගමන් මෙන්න බොලේ කට්ටිය 10ක් විතර දුවගෙන එනවා. කොහොමත් ඉස්සෙල්ලාම සත විසිපහ අරගෙන ආපු කෙනාට ගොඩක් කට්ටිය හූල්ලන අතරේ අතරේ ටී.වී එක හම්බ උනා.

එදා ඉඳන් මම පර්ස් එකේ සතේ කාසියක් තියාගෙන ඉන්නවා. ඒත් කරුමේ කියන්නෙ අද වෙනකන් සතේට ටී.වී එකක් නම් ලැබුනේ නෑ.

මට මේ ලඟදි තවත් කතාවක් අහන්න ලැබුනා මාත් එක්ක වැඩ කරන ඩේවිඩ් කියලා ඉන්දියන් කාරයෙක්ගෙන්. ඇත්තටම අපේ කම්පැනි එකේ සපෝට් ඩෙස්ක් එකේ මැනේජර් කාරය තමයි පොර. ඔය තරිටි ෆස්ට් නයිට් වලදි කරන ඩ්‍රින්ක්ස් ගැනිල්ල ගැන කතා කරනකොට තමයි ඔය කතාව ඔන්න ඔහොම ඇදිලා ආවේ.

අර මම කලින් කිව්ව පාටි එක වගේම තිබිච්ච 31ස්ට් නයිට් පාටි එකක කම්පියර් කරලා තියෙන්නේ කම්පියර් නෝනා කෙනෙක්. අනේ ඉතින් හැමෝම දන්නවනේ. මේ පිරිමි අපි වගේ නෙමෙයි ඔය ගෑනු කට්ටියගේ සිතුම් පැතුම්. අපි නම් ඉතින් ඔය පාටියකට ගියාම එකක් දෙකක් සප්පායම් වෙන ගමන් සින්දුවක් කියලා නටලා පොඩි ජොලියක් දාන්නනේ හදන්නෙ. හැබැයි ඉතින් නෝනලා ඔය වගේ 31ස්ට් නයිට් වගේ වෙලාවලදි පොඩ්ඩක් රොමෑන්ටික් වෙනවා.

ඒ වගේම තමයි අපේ මේ කම්පියර් නෝනත් පාටියට පොඩි රොමෑන්ටික් ගතියක් එක්කරන්න කියලා හිතලා මෙන්න මෙහෙම කියනවා.

"අපේ සියළුම මහත්වරුනි......! මේ අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියන වෙලාවෙ, ඔය මහත්තුරුන්ව පහුගිය අවුරුද්ද පුරාවටම උණුසුම් කරපු, ආදරෙන් බලාගත්තු, ජීවිතේට සතුටක් ගෙනාපු එක්කෙනාව අතින් අල්ලගෙන මේ ඩාන්සින් ෆ්ලෝ එකට එන්න......"

අනේ ඔන්න ඉතින් වැඩි වෙලාවක් ගියේ නෑ මුළු පාටියේම හිටපු පිරිමි ටික ඩාන්සින් ෆ්ලෝ එකේ.

නිකන්ම නෙමෙයි. තමන්ගේ අතින් තමන්ගේ විස්කි වීදුරුව හරි බ්‍රැන්ඩි වීදුරුව හරි අල්ලගෙන.

කම්පියර් නෝනටත් වැඩේ චකබ්ලාස් උනා කියලා තේරුනත්, ඒ වගක් පෙන්නනෙ නැතිව ඔන්න ආයෙමත් කියනවා.

"නෑ නෑ, මම කියපු එක අපේ මහත්වරුන්ට හරියට තේරිලා නෑ වගේ...."

"හරි ඔන්න එහෙනම්, දැන් මේ මහත්වරු ගිහිල්ලා මේ පාටියේ ඉන්න තමාට වටිනාම එක්කෙනාව හොඳට බදාගෙන කිස් එකක් දෙන්න.....!"

අනේ ඊට පස්සෙ දකින්න ලැබිලා තියෙන්නෙ අර ටේබල් වලට විස්කි සර්ව් කර කර ඉන්න වේටර් කොල්ලෝ ටික මුළු හෝල් එක පුරාම දුවන සීන් එකක්. මොකද ඔක්කොම මහත්තුරු වේටර් කොල්ලන්ව අල්ලගෙන ඉඹින්න පොරකනවා.

පහුවෙනිදා මළ ගෙවල් කීයක් තිබුනද කියල නම් කවුරුවත් දැනගෙන ඉඳලා නෑ.

අපි කවුරුත් කැමතියි අළුත් අවුරුද්ද අළුත් විදිහට සමරන්න. මෙහේ එමිරේට්ස් එයාර්ලයින්ස්වල අයි.ටී ඩිවිෂන් එකේ වැඩකරන අපේ කණිශ්කත් පහුගිය දෙසැම්බර් 31 අළුත්ම විදිහට අළුත් අවුරුද්ද සැමරුවා.

එයාර්ලයින් වල වැඩ කරන කට්ටියට විශේෂ අඩු ගාණට (සාමාන්‍යය ගාණෙන් 10% කට ) ටිකට් ගන්න පුළුවන් නිසා ඒ ගොල්ලන්ට හැම වීක් එන්ඩ් එකේම උනත් ලංකාවට ඇවිල්ල උනත් යන්න පුළුවන්. හරියට අර කොළඹ වැඩකරන පිට පලාත්වලින් ආපු අය සිකුරාද හවසට ගමේ යනවා වගේ.

ඔන්න ඉතින් අපේ කණිශ්කත් හිතුවා, හුඟ දවසකින් ලංකාවට යන්නත් බැරිවෙච්ච එකේ, මේ පාර දෙසැම්බර් 31 වෙනිදා ලංකාවෙ ගත කරලා ෆුල් ජොලියක් දාලා ජනවාරි 1 වෙනිදා ආපහු එන්න. මොකද ජනවාරි 2 වෙනිදා ඉඳන් තමයි මෙහේ වැඩ පටන් ගන්නෙ.

2011 දෙසැම්බර් 31 වෙනිදා වැටුනේ සෙනසුරාදා දවසකනේ. කොහොමත් ජනවාරි 1 වෙනිදා මෙහේ නිවාඩු දවසක් නිසත්, ඔන්න ඉතින් අපේ කණිශ්කත් බ්‍රහස්පතින්දා වැඩ ඉවරවෙලා, එදා රෑම ලංකාවට ඇවිත්, 30 වෙනි සිකුරාදා තමයි ගොඩ බැහැලා තියෙන්නෙ. ඔන්න ගොඩ බැහැපු ගමන් මහන්සිය යන්නත් එක්ක පොඩ්ඩක් නිදාගෙන ඉඳලා කාරිය, හවස් වෙලා මෝටර් බයිසිකලේට නැගලා ගිහින් තියෙන්නෙ තමන්ගේ යාළු මිත්‍රයෝ ටික මුන ගැහිලා 31ස්ට් නයිට් ජොලියක් ගන්න විදිහ ගැන පොඩි ඇරේන්ජ්මන්ට් එකක් දාගන්න කියලා තමයි.

ඒ ගිහිනුත් නිකං ඉඳලා නෑ. කාලෙකට පස්සෙ මුන ගැහිච්ච සන්තෝසෙට යාළුවොත් එක්ක පොඩ්ඩක් බියර් කෑන් දෙක තුනකින් එහෙන් මෙහෙන් සප්පයම් උනා කියලා තමයි කියන්නෙ. අනේ ඉතින් ගොම්මන් ජාමේ වෙනකන් ඔහොම පොඩි සොමියක් අරගෙන කණිෂ්ක තව යාළුවෙකුත් බයිසිකලේ දාගෙන ඇවිත් තියෙන්නෙ ගෙදර යන්න කියලා. අනේ මේ ගේ පේන නොපෙනෙන හරියෙදි බයික් එකට අත දාල තියෙන්නෙ කවුද, අපේ සත්ගුණවත් පොලිස් රාළහාමිලා දෙන්නෙක්.

ලංකාවෙ පොලිස් රාළහාමිලාත් ඉතින් හරි දස්සයිනේ බීලාද නැද්ද කියලා හොයන්න. ඒ ගොල්ලන්ට ඉතින් බැළුන් ඕනෙ නෑනේ ඔය වැඩේට. කොහොමෙන් කොහොම හරි බයිසිකලේ පැදගෙන ආපු කණිශ්ක බීලා ඩ්‍රයිව් කරලා දැන් පොලීසියට මාට්ටු. කොච්චර සැරෙන් කිව්වත්, තදින් කිව්වත් බැරිම තැන දණ ගහලා වැඳලා කිව්වත් අර පොලිස් රාලහාමිලා නෙමෙයි කනකට අරගෙන තියෙන්නෙ. බයිසිකලෙයි කණිශ්කයි කෙලින්ම පොලීසියේ.

අනේ ඉතින් 31 වෙනිදට බැළුන් බෝල පුම්ම්බලා ගෙදර සරසන්න කියලා හිතාගෙන ගිය කණිශ්කට පොලීසියෙන්ම බැළුමක් දීලා පුම්බන්න කියලා. බැළුමත් ඔය යස අගේට කොළ පාට වෙන්නෙ. අනේ ඉතින් සොරිම සොරි තමයි.

බැළුම පුම්බලා කොළ පාට උනාට පස්සෙ ආයේ ඉතින් ඉතින් වැඩේ නවතින්නෙ උසාවි දාලා දඩ ගහලා තමයි. අම්ම මුත්තා කිව්වත් සිස්ටම් එක හදලා තියෙන්නෙ ඉතින් ඒ විදිහට. මොකද නැත්නම් කොහොමද ඔය උසාවි වල ඉන්න අබ්බගාත් නෝනා මහත්වරු කීයක් හරි හොයා ගන්නෙ.

අපේ කණිශ්ක බීලා මාට්ටු උනේ සිකුරාදා හැන්දෑවෙ. ආපහු උසාවි වැඩ කරන්නෙ සඳුදා. ඒ කියන්නෙ 2 වෙනිදා.

ඉතින් 31ස්ට් නයිට ජොලියෙන් ගත කරන්න කියලා ලංකාව ආපු අපේ කණිශ්ක දැන් පොලිස් කූඩුවේ.

පොලීසියේ මහත්තුරු කොච්චර කරුණාවන්තද කියනවනම්, 31 වෙනිදා රෑ කණිශ්කව පොඩ්ඩක් එළියට අරගෙන රතිඤ්ඤා කරල් දෙක තුනක් දීලා පත්තු කරන්න කියලා. ඒක පත්තු කරලා ඉවර උනාම ආපහු කූඩුවට දාලා.

කොහොමෙන් කොහොම හරි ජනවාරි පලවෙනිදත් උදේට පොලීසියෙන්ම කිරි බත් කාලා එදා රෑත් කූඩුවේම රෑ ගත කරලා.

ඔන්න ඉතින් ජනවාරි 2 දෙවෙනිදා උසාවි දැම්මට පස්සෙ රුපියල් 5000ක් දඩ ගෙවල.

ඊට පස්සෙ කෙලින්ම උසාවියෙන්ම එයාර්පෝට් ඇවිල්ලා අනිත් පැත්තට ඩුබායි ඇවිල්ලා

ඔන්න ඔහොමයි අපේ කණිශ්ක පසුගිය අළුත් අවුරුද්ද ජොලියෙන් ගත කලේ..









ප.ලි: ලැබිච්ච අළුත්ම ආරංචියකට අනුව කණිශ්ක මේ සැරෙත් 31ස්ට් නයිට් එක ගත කරන්න ලංකාවට යන්නලු ඉන්නෙ. ආපහු හිරේ යන්නත් ආසයිලු.



පින්තූර ගත්තෙ මෙතනින් - http://www.timeanddate.com/holidays/common/new-year-eve

83 comments :

  1. දුමියගේ කතාවක් එක්ක මටත් කතාවක් මතක් උනා.. ඒකත් ඔය සතේ වගේ කතාවක් තමයි.. අපෙ ඔෆිස් එකේ ඔය ඇනුවල් ට්‍රිප් එකෙදි කට්ටිය ටීම් 4කට දාලා ගේම්ස් තිබ්බා.. එක ගේම් එකක් තමයි ටීම් එකේ කට්ටිය අයිටම් 10ක් හොයන්න ඕනේ විනාඩි 5කින්.. අයිටම් 10න් 9 ක් හෙව්වා.. හොයා ගන්න බැරි උනේ එකම එක ජාතියයි.. ෆෙයාර් & ලව්ලි එකක්.. හි හි.. ඊට පස්සේ ඒ ජාතියම ඕනේ නෑ වෙන ජාතියකින් හරි කමක් නෑ ෆෙයාර්නස් ක්‍රීම් එකක් දාන්න කිව්වා.. මොන.. එකෙක් ගාව වත් නෑ.. ඇයි දන්නවද..?

    අපේ ඔෆිස් එකේ හිටපු ගෑණු ඔක්කොම 45 පැනපු ඇන්ටිලා... මං විතරයි කෙල්ලෙක්ට හිටියේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් කිව්වට "හාෆ් සෙන්චරිය " දාන්නත් දැන් ළගයි නොවැ. මේ මීට අවුරුදු කීයකට කලින් වුන එකක් ද?

      Delete
    2. හැබැයි ඉතින් වයසට යනකොට යනකොට තමයි ගොඩක් බවලත් උදවියට ඔය වගේ නා නා ප්‍රකාර දේවල් ඕනෙ වෙන්නෙ......!

      Delete
  2. ආ ඔය සතේ කතාව නම් මාත් කොහේ හරි කියවලා තියනවා, එක්කොඅ දුමී උඹ මේ ගැන කලින් ලියලා තියනවා. අර මේස් වල හිල් තියන අයට තෑග්ගක් දුන්නා ඔෆීසියේ ගෙට් එකක. කොහෙද , හැමදාම A/C කරලා දාන මේස් එක වෙනුවට දාගෙන ගියේ අලුත් දෙකක් නේ, එකෙක්ට තෑග්ග ගියේ නෑ

    ReplyDelete
    Replies
    1. සතේ කතාව මම කලින් ලිව්වද කියල නම් මට මතක නෑ.....!

      අපරාදේ, දැන්වත් අළුත් මේස් දාන එක නවත්තන්න.

      Delete
  3. මේ දවස්වල පොඩ්ඩක් පාරට බැහැලා බලන්න ඕනේ.. හැම හන්දියක් ගානෙම අඩියෙන් අඩියට පොලිස් බාප්පලා.. බෝනස් එක හොයා ගන්න පාරේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම තමයි. කොහොමත් දෙසැම්බර් මාසේ කියන්නෙ පොලිසියේ කල්ල මරේ කාලයක්...!

      Delete
  4. හි හි මරු කථා ටික.......කොල්ලො කාලේ නම් 31 නයිට් ඇම්මට ඇහැරෙගෙන පිස්සු කෙලිනවා.....වයසට යන කොට නන් ඉතින් ඉන්න ඕනේ කමට ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. අපි නම් වයසට යනකොට යනකොට තමයි වැඩිපුර පිස්සු කෙලින්නේ.....!

      Delete
  5. 31st නයිට් වල මියුසික් ප්ලේ කරන්න ගියාට දුමියා ගාවත් අතේ සතේ තිබිලා නෑ එහෙනම්. එක නෙවෙයි, ඒ පාර සල්ලි නොදී එව්වේ නෑනේ...

    කණිෂ්කනම් එල බුවා. මේ පාර යන්න ඉන්නේ කොයි පොලෝසිය පැත්තෙද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ. එදා නම් අතේ සතේ තිබුනේ නැඇ. හැබැයි දැන් නම් මගේ පර්ස් එකේ සතේ කාසි දෙකක්ම තියෙනවා.....!

      Delete
  6. අර කිව්වත් වගේ සතේ කාසියක් පර්ස් එකේ දාගෙන ඉන්න එක වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, කවුද දන්නෙ ඔය යන එන පාටියකදි සතේට කාර් එකක් එහෙම දුන්නොත්.....! පපුව පැළිලා මැරෙයි නේද ?

      Delete
    2. ඔවු අනිවාර්යෙන්ම මැරෙයි. කාර් එක දිනපු හන්ද නෙමේ. කාර් එකට ප්‍රැටෝල් ගහන්නත් ඕන කියලා මතක් උනහම !!!

      Delete
  7. වැඩක් වෙයිද දන්නෑ හදිස්සියෙවත් ලෝකවිනාසෙ උනොත්

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ඊට පහුවෙනිදට අපි පාටිය දාමු...!

      Delete
  8. මොටෝ සියකලේ රයිඩ් නොකර් ඩ්‍රයිව් කරලා තියෙන්නේ වෙරි පිට වෙන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. මේක ලියපු කෙනා ලියද්දි වෙරි පිට හිටියේ ඒකයි

      Delete
    2. අපි ඉතින් ඩ්‍රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ගැන අහලා තිබුනත් ඩ්‍රින්ක් ඇන්ඩ් රයිඩ් ගැන අහලා තිබුනේ නෑනේ.....!

      Delete
  9. සික් . . . මම කවදාවත්ම දෙසැම්බර් 31වෙනිද බීල නෑනෙ. බලන්න ඕනෙ මේ සැරේවත් ට්‍රයි කරල

    ReplyDelete
    Replies
    1. ඔය කතාවට නම් ලෝකේ අනිවා විනාස වෙන්න ඕනෙ....!

      Delete
  10. ආයෙමත් පටන් අරං වගේ අහිංසක කොල්ලන්ගේ පිට පලු ගලවන්න...:D

    මොනවා උනත් කණිෂ්කට එහෙම අත්දැකීමක් ආයේ ජීවිතේටම ගන්න බැරිවෙයි.. ඒ විතරක්යෑ... හැමැදාම කාලා බීලා පිස්සු නටන 31 වෙනිදාවල් වගේද ඔහොම ආතල් එකක් එක පාරක් හරි සෙට් උනාම... අනික එහෙමවත් නොවුනනං දුමී අයියාගේ බ්ලොග් එකේ කණිෂ්කට පිටුවක් අයිති කරගන්න හම්බ වෙයිද එහෙමත් ලේසියට...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං. ඌ ආපහු හිරේ යන්න පුදුම ආසවකින්ලු ඉන්නේ....!

      කොහොමත් අර හිරේ ගිය උන් ආපහු හිරේ යන්න පොර කනවා කියලා අපිට මේ දවස් වල අහන්න දකින්න ලැබෙනවනේ......!

      Delete
  11. නිදි මරගාතෙ මේක කියවලා හිනා වෙලා නින්දත් නැති උනා..මන් නම් 31 බොන්න සෙට් උනත්...හැමදාම වගේ හොරෙන්ම කාටත් නොදැනෙන්න එක ශොට් එකකින් ගොඩ යනවා..මොකද චොර උනොත් ආයි පලවෙනිදත් සොරිම තමයි..පව් අර ලේඩි කම්පියර් නම්...එයා හිතන් ඉඳලා තියෙන දේ වල්...
    මේ සැරේ කනිශ්ක කොයි පොලිසියෙද දන්නෙ නෑ 31 නයිට් එක ගන්න ඉන්නෙ ???

    ReplyDelete
    Replies
    1. ඈ බං වෙනි අයියේ, උඹ මේ ගිණි මහ දවල් නිදි මරෙන්නෙ මොන හත් ඉලව්වකටද ?

      Delete
    2. ඇයි බන් පහුගිය දවස් ටිකේම රෑ නිදි වරලා දවල් නිදා ගන්ඩ කියලයි ගියේ...

      Delete
  12. මම ඉස්සර වැඩ කළ තැනදිනම් හැම දෙසැම්බර් 31කම වගේ නයිට් ෂිෆ්ට් එක කරේ මම.
    පොලිසියෙන් දෙන බැලුමෙ පාට දැන ගත්තෙත් ඔන්න අද තමා මම. :) මොනව වුණත් හරි සංවේදී පොලිස් අංකල්ල. ඒකනෙ රතිඤ්ඤ පත්තු කරන්න දීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් නලිනි වගේ ඩොකාලා ඉන්නකොට ජොලියට බර ඩොකාලට කල්ල මරේ....!

      හෆොයි, මම හිතුවේ ඩොකාලට ඔය බැළුමේ පාට දැකලම එපා වෙලා ඇති කියලයි.....!

      ඔන්න ආරංචියේ හැටියට කණිශ්ක මේ පාර කලින්ම ලංකාවට ගිහිල්ලලු. වේලාසනින්ම කූඩුවටත් යයි වගේ.....!

      Delete
  13. හෆොයි ! ශතේ දෙකේ කාසි ටිකක් හොයාගන්න ඕන, හදිසියෙවත් ඕන උනොත්.

    පොලිස් කූඩුවක රැයක් ඉන්න එකත් ජොලි ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, හොයාගෙන තියාගන්න. කොයිවෙලාවෙ ඒවා වලට වටිනාකමක් ලැබෙයිද දන්නෙ නෑ.

      Delete
  14. මමත් බොන්නයි ඉන්නේ..... වතුර :ඩි

    ReplyDelete
    Replies
    1. වතුර වලට වඩා ඇල්කොහොල් සුපිරිසිදුයි කියලා අහලා නැද්ද.....? මොකද වතුර වල දාස් ගණන් බැක්ටීරියා ජාති තියෙන්න පුළුවන් උනත්, ඇල් කොහොල් වල බැක්ටීරියා වලට ජීවත් වෙන්න බෑ...!

      Delete
  15. එතකොට අරූගෙ ඩ්‍රයිවින් ලයිසොන් එක..???

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කවුද ලයිසොන් තියාගෙන බයිසිකල් පදින්නෙ ?

      Delete
  16. මගේ පර්ස් එකේනම් සත 25 කාසියක් තියෙනවා. 31 රෑ තාම මාත් බීලා නෑනේ. :)

    ReplyDelete
    Replies
    1. සත 25 කාසියට චාන්ස් එක හබවෙන්නෙ සතේ, සත දෙක, සත පහ සහ සත දහයට චාන්ස් එක ලැබුනොත් තමයි.

      කොහොම හරි සතයක් හොයා ගන්න. කවද හරි ගොඩම තමයි.....!

      Delete
  17. 10% ටිකට් කතාව තමයි වැදුනේ.. සික් මටත් එහෙම ටිකට් හම්බෙනෝනම්

    ReplyDelete
    Replies
    1. හැබැයි පිස්සෝ ඔය 10% ටිකට් එකෙත් තියෙනවා ප්‍රොස් ඇන්ඩ් කොන්ස්.....!

      එයාර්ලයින්ස් වල වැඩ කරන උන්ගේ (ශ්‍රී ලන්කන්, මිහින් එයාර් ඇතුලුව ) තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි මේ 10% ටිකට් එක. ඕකට කියන්නේ අයි.ඩී 90 කියලා. ඒයාර්ලයින් එක ෆ්ලයි කරන ඕනෙම ඩෙස්ටිනේෂන් එකකට මේ 10% ක් ගෙවල යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ එයාර්ලයින් එකේ පාර්ට්නර් එයාර්ලයින් වලිනුත් මේ චාන්ස් එක හම්බ වෙනවා. තමන්ට විතරක් නෙමෙයි, තමන්ගේ පවුලේ ලඟම ඥාතීන්ටත් මේ 10% ටිකට් එකක් ගන්න පුළුවන්. (අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා, ඉන්-ලෝස්ලා )


      හැබැයි කොස්ස තියෙන්නෙ, මේ ටිකට් එකෙන් යන්න නම් ප්ලේන් එක පිටත් වෙන අන්තිම මොහොත වෙනකං බලාගෙන ඉන්න වෙනවා. සල්ලි ගෙවලා යන ඔක්කොම පැසෙන්ජර්ස්ල (රෙවනිව් පැසෙන්ජර්ස්ලා ) නග්ගලා ඉවර වෙලා සීට් ඉතුරු උනොත් විතරයි අයි.ඩී 90% කාරයන්ට චාන්ස් එක ලැබෙන්නෙ. ඉතින් පීක් සීසන් වලදි නම් මේ ටිකට් එකෙන් ෆ්ලයි කරනවා කියන්නෙ අර කැස්බෑව මොකක්ද එකෙන් මොකක්ද දකිනවා වගේ තමයි. සමහර වෙලාවට සීට් තිබුනත්, කාගෝ තියෙනවනම්, අයි.ඩී 90% ටිකට් ඕෆ් ලෝඩ් වෙනවා....!

      Delete
    2. ඔව්වොව් , එකට සිංහලෙං කියන්නේ ඉස්ටෑන්බයි ප්ලයි කොරනවා කියල.

      Delete
  18. ඉස්සර නම් 31 රෑ බොනවා. බීලා ගෙදර එනවා. දැන් නම් 31 රෑ බීලා හෝටලේම නිදාගෙන පලවෙනිදා හැන්දෑවේ තමයි එන්නේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ජනවාරී පළවෙනිදා බොනවා. මොකෝ නැත්නම් අවුරුද්දම අප්ෂෙට් නේ...

    ReplyDelete
    Replies
    1. අපි නම් 31 වෙනිදත් බීලා, ආපහු ජනවාරි පළවෙනිදත් බොනවා....! මොකද ජනවාරි 1 වෙනිදා නිවාඩු නිසා......

      Delete
  19. මගේ යාලුවෙකුටත් ඔය කනිෂ්කට වගේම වැඩක් උනා. හැබැයි 31 නෙමෙයි උගේ මගුල් දවසට දවස් දෙහෙකට කලින්. අන්තිමේ මාමණ්ඩි මදිහත්වෙලා මගුල් දාට කලින් දා ඌව එලියට ගත්තා.

    'කම්පියර්' කියන්නෙ කාටද?

    ReplyDelete
    Replies
    1. අපරාදේ උගේ ජීවිතේ බේරගන්න දෙවියෝ ඌව හිරේ යැව්වත්, දෛවය වෙනස් කරන්න බෑ කියලා ඒකෙන් ඔප්පු වෙනවා....!

      කම්පියර් කියන්නෙ, ඒ වැඩ සටහන/පාර්ටිය මෙහෙයවන පුද්ගලයට.

      Delete
    2. දයිවය කෙසෙ වෙතත් මාමණ්ඩියා නන් ක්‍රියාත්මක උනා.

      'කම්පියර්' ඉංග්‍රීසි වචනයක් ද?
      I couldn't find it in the dictionary. Please give the English word.

      Delete
    3. You can find the meaning of 'Compere' in the following link....

      http://www.thefreedictionary.com/compering

      Delete
    4. Thank you very much!
      But I found that the word pronounced differently.
      'කම්පියර්' නෙමෙයි 'කොම්පෙයර්'

      Delete
  20. මේ 31 මොකෝ කොරන්නේ කියලා තමයි කම්පනා කර කර හිටියේ! සතේට ටීවී දෙන තැනක් හොයාගෙන යන්න ඕනේ සතෙකුත් අරං!! :D

    ReplyDelete
    Replies
    1. නැට්ට පිලිටින් අලින්ට වෙඩි බඳින රටේ ඕක වෙන්න බැරිකමක් නෑ....!

      Delete
    2. සතේට හැබැයි අනූහයේ පත ටීවී එකක් මේදවස්වල ගන්න බැරි කමක් නම් නැහැ..

      Delete
  21. //එදා ඉඳන් මම පර්ස් එකේ සතේ කාසියක් තියාගෙන ඉන්නවා. ඒත් කරුමේ කියන්නෙ අද වෙනකන් සතේට ටී.වී එකක් නම් ලැබුනේ නෑ. //

    අනේ මේක අහුවමනම් දුක හිතුනා අප්පා.

    හැබැයි අර සති අන්තෙට ලංකාවට ඇවිත් යන කතාව ඇහුවම පැලෙන්න ඉරිසියා හිතුනා (පාළුනේ නෑ හැබැයි). අපිට ඉතින් ලංකාවට ගොඩ බහිනකොටම සති අන්තයක් ගිහින් ඉවරයි. ආපහු යන්න තව සති අන්තයක් ඕන. නිවාඩුවෙන් දවස් 4 ක් ම අහසේ.

    ReplyDelete
    Replies
    1. වෙන මිනිස්සු අහස් මාලිගා හදන්න හීන බලනවා.... සයුරි නිවාඩුවක් අහසේ ගත කරන්න වෙන එක ගැන දුක් වෙනවා...... හෆොයි....!

      Delete
  22. දෙසැම්බර් 31 වෙනිද සහ ජනවාරි පලවෙනිද මට විශේෂ දවසක්. අපේ මහත්තයව ජීවිතාන්තයටම හිරේ යැව්වෙ ඔය දවස් දෙකේ. 31 වෙනිද පල්ලියේ චාරිත්‍ර පළවෙනිදා පෝරුවේ චාරිත්‍ර. නැකතකට ලැබුනු දවසක් නෙමේ. කන්ද උඩ හෝටලේ ඈයො "memorable day" කියල ඇගේ ගහපු දවස. වෙන දවසක් නොතිබුන නිසත් අපේ මහත්තයට ජීවිතේට අපේ ඇනිවසරිය අමතක නෝවෙන නිසාත් අනාගතේ ගැන හිතල පලවෙනිද අපි ‍තෝරගත්ත.

    ReplyDelete
    Replies
    1. පවු අප්පා ඒ මනුස්සයා.....! වෙන මිනිස්සු 31 වෙනිදා ජොලියක් දාලා සන්තෝස වෙනකොට, තමන්ට වෙච්ච අකරතැබ්බෙ ගැන හිත හිත ඒ මනුස්සයා දුක් වෙනවා ඇති....!

      Delete
  23. කණිෂ්ක ගැන දුක හිතුනා අයියෝ... එහෙම දෙයක් උනාම ඇත්තටම ආවේගශීලී නොවී මට නම් දරාගෙන ඉන්න බැරිවේවි...

    මමත සතයක් දාගත්තා පර්ස් එකට මේක කියවලා... නැත්නම් මමත් සතේ අතේ නැති ගොඩට වැටෙනවා...

    ReplyDelete
    Replies
    1. මේ පිස්සු කතා කරනවා. අර තව කවුද කිව්වා වගේ, කනිශ්කත් ආපහු හිරේ යන්න හරි ආසාවෙන් ඉඳලා තියෙන්නෙ.

      ඔන්න ආරංචියේ හැටියට මේ පාර කලින්ම ලංකාවට ගිහිල්ලලු.....!

      Delete
  24. කථා ටික නම් මරේ රු අයියේ.. ආයි ඉක්මන‍‍ට කථාවක් දාක්න්න...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.... බලමු බලමු ඉඩ කඩ තියෙන විදිහට තමයි.....!

      Delete
  25. අතේ සතේ නැතිවුණත් හරි අපුරු කතා ටිකක්. 31 කියල නැ පොල්ස් කුඩුවේ තමයි ආනේ ව වසරට උසාවි පටන්ගන්න කල්ම.

    ReplyDelete
    Replies
    1. තැන්කූ....! අනේද කියන්නෙ. අපේ රටේ පොලිස් කාරයෝ කොච්චර නම් නීති ගරුකද කියලා හිතෙනකොට නම් මේ දැනුත් මගේ ඇස් කෙවෙනි ඇතුලේ කඳුලු බින්දුවක් මෝදු වෙනවා.....!

      Delete
  26. වෙනද වගේම එල පෝස්ට් එකක්.. මම ගාව පරණ සතේ කාසි ලෝඩ් එකක්ම තියනවා. එත් ඉතින් ටී වී තමා නැත්තේ.. මම නම් 31 රෑට කාල එහෙම අනේ ඉතින් අවුරුද්දකුත් ඉවරනේ කියල නිදාගන්න එක තමා කරන්නේ..

    ReplyDelete
    Replies
    1. නියමයිනේ. එහෙනම් මේ බ්ලොග් එකේ කමෙන්ට් දාල තියෙන කට්ටියටම ගාණකට දීගන්න පුළුවන් වෙයි සතේ සතේ.....!

      Delete
  27. මචන් අලුතෙන්ම දැන ගන්ඩ ලැබුන විදිහට කණිෂ්ක මෙදා පාර දැන්මම ලංකාවට ගිහින්. යාලුවෙක් කිව්වා කලින් සැරේ රතින්ඥ පත්තු කරන්ඩ, බැලුම් පුම්බන්ඩ තිබුන දවස් ගනන මදි උන නිසා මෙදා සැරේ කලින්ම ගියාලු. හැබැයි තතු දත් අය කිව්වේ ලෝක විනාසේ වෙයි කියල බයට ගියා කියල.

    ReplyDelete
    Replies
    1. හරි, එහෙනම් මේ පාර ටිකක් කලින් හිරේ යයි ඌ......!

      Delete
  28. අනේ කනිෂ්කට වුන වැඩේ හි හි ....පව් වැඩේ හැබැයි !

    ReplyDelete
    Replies
    1. ඒ මොකද...? කනිශ්ක සතුටින් හිරේ ගිහිල්ලා තිබුනේ. ආපහු යන්නත් ආසයිලු....!

      Delete
  29. ඌ බැදලා නැද්ද බං. බැදපු එකෙක් නම් පොලිසියෙ කූඩුව හොදා කියල කියයි. අපි නම් පාටි දාන්නේ දෙසැම්බර් 31 එකට නෙමේ, පෙබරවාරි 31 එකට, ලොකු හෝටලේක.

    ආ...කොහොමින් කොහොම හරි උඹ දෙසැම්බර් 22 උපන්නේ කිව්ව නේද...තව දවස් 5යි. මම දෙසැම්බර් 24. බලපං දෙසැම්බර් එළ කොල්ලොනේ ඉපදිලා ඉන්නේ.

    ReplyDelete
  30. බැඳලා බැඳලා.....! ඒකනේ ආපහු හිරේ යන්න ආසාවෙන් ඉන්නේ......!

    දෙසැම්බර් 22 ක මගේ විතරක් නෙමෙයි. මගේ ලොකු කෙලීගෙත් උපන්දිනේ.....මේක කියවලා නැද්ද......?

    ReplyDelete
  31. අනේ මන්දා දෙසැම්බර් 31 වෙනිදා වගේම ජනවාරි 1 වෙනිදා කියන්නේ මට නම් සාමාන්‍ය දවස් දෙකක් විතරයි

    ReplyDelete
  32. හෙහ්. කමිපියර නෝනාට කරදරයක් හෙම කරේ නැතිව ඇති.. මරු කතා සැට් එක.. අරකට ලංකාවට එනව නං පොලිසිය නැති දවසක එන්ට කිව්ව නං හරිනේ... අද තමා ආවේ..

    ReplyDelete
  33. අනේ පවු දුමියෝ......ඒ අහිංසකයා මේ පාරවත් ආතල් එකක් ගන්න එනවා ඇත්තේ...පවු අහිංසකයා....

    ReplyDelete
  34. පස්ට පස්ට........
    දුමී අයියට වගේම දුමී අයියගේ ලොකු කෙලීටත් දැන්ම තියාම සුභ උපන්දිනයක් ........

    ReplyDelete
  35. අද තමයි මෙහෙට අවේ ලින්ක් එනක් හරහා. මරේ මරු කතාව දුමි. ආපහු එන්නම්කෝ.

    ReplyDelete
  36. ඇති යන්තම් ආයෙත් ලියන්න පටන් අරන්. චූටි මහත්තයත් නැති එකේ හිනා වෙන්න විදිහක් නැතුව හිටියේ...

    ReplyDelete
  37. 31st Special :)
    ඉතින් අන්තිම New Year Eve එකට මොකද උනේ

    ReplyDelete
  38. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  39. ඔන්න දූමී අයියෙ ඔයාගෙ කතා සේරම කියවල ඉවරයි.ඔක්කොම ලස්සනට ලියල තියෙනව.කියන්න වදන් නැහැ.සුපර් තමයි.ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් එකක්.

    ReplyDelete
  40. හිංගල බ්ලොග් කියවන්න ගත්තේ දුමිය නිසා,..කෝ දැන් පැක්ටරිය නැවතිලා නේ ......

    ReplyDelete
  41. අපරාදෙ මොකද මේ බ්ලොග් එක නැවතිලා :(

    ReplyDelete
  42. මෙදා පාර 31 එක කොහොම වෙයිද දන්නේ නෑ...........! දෙයියන්ගේ පිහිටයි!

    ReplyDelete
  43. අපේ ගෙදර තියෙන පරණ කාසි ටික දාගන්න ඕනේ පර්ස් එකේ :D

    ReplyDelete
  44. උඹට ‍මොකද උ‍නේ? ලියන්‍නෙ නැද්ද?

    ReplyDelete
  45. mokada aiye une ai dan liyanne naththe ????

    ReplyDelete
  46. දැන් අවුරුදු දෙකකට කලින් කටුනායක එයාපෝට් එකේ 31 සමරන්න සෙට් උනා මිදුම නිසා ෆ්ලයිට් එක කැන්සල් වෙලා ... පොලිස් කුඩුවට දැම්මත් කමක් නැහැ එහෙම දුකක් නම් වෙන්න එපා ...

    ReplyDelete

Related Posts with Thumbnails