අලි බැලිල්ල සහ වෙඩි බැලිල්ල.....

Posted by දුමී

එදා මල් වෙඩි තිබුනේ මෙන්න මෙහෙම.
මේ දවස් වෙනකොට 31 රෑට මොකෑ කරන්නෙ කියන පුරස්නේ ගොඩක් යාළුවෝ අහන්න පටන් අරගෙන. වඩා වැඩි වෙනසක් වෙන එකක් නැහ ඕං. වෙනදා වගේම කට්ටිය කොහේ හරි සෙට් වෙලා ඇඟපත රත් කර ගන්න ගමන්ම, සින්දුවක් කියලා, කට්ටියට කට්ටිය විශ් කොරාගෙන, ඒ වගේම කරටි කඩාගෙන අළුත් අවුරුද්දට පිය නගයි.

අර කිව්වත් වගේ ගොඩක් වෙලාවට ඉතින් අවුරුද්ද පටන් ගන්නෙ කරටි කඩාගෙන තමයි. ජනවාරි පළවෙනිදට UAE ආණ්ඩුවෙන්ම නිවාඩුත් දීලා තියෙන්නේ කලින් දවසේ ඇඟේ පතේ අමාරුව හරියනකං ටිකක් වැඩියෙන් නිදාගන්න ඕනෙ හින්දම තමයි.

දැනට අවුරුදු දෙකකට කලින් ඔය පුරුද්දේ පොඩි වෙනසක් උනා එක පාරටම. වෙනදට කරටි කඩාගන්න අපි එදා තව පොඩ්ඩෙන් බෙල්ල කඩා ගන්නවා. ඒක උනේ මෙන්න මෙහෙමයි.

බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි අපේ දීපානි දොස්තර නෝනා. අර අලින්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්නේ. නෑ නෑ, සිරිකොතේ අලි නෙමෙයි, උඩවලවේ අලි.

අපි ඉතින් දීපානි දොස්තර නෝනට කියන්නෙ ඩී කියලනනේ. එහෙම තමයි එයා කමෙන්ට් එකක් කාරිය එහෙම කොටන්නෙ.ඔය උඩ වලවේ පැත්තේ හැම අලියෙක්වම ඩී හොඳට අඳුනනවා වගේම උඩවලවේ අලිත් ඩී දොස්තර නෝනවා හොඳට අඳුනනවා.

කාලයක් ඒ පැත්තේ ගොවියෝ වගා කරන බඩ ඉරුඟු කරලක් දෙකක් කාලා සාමෙන්, ජොලියෙන් හිටපු අලි සැට් එක දැන් තිබ්බටු කන්න පුරුදු පුහුණු වෙනවලු මේ දවස්වල මොකද ඩී දොස්තර නෝනා සහ ගැන්සිය ගොවියන් ලව්වා බඩ ඉරුඟු වෙනුවට තිබ්බටු වගා කරවනවා.

බ්ලොග් එකක් නොලිව්වත් බ්ලොග් රසිකාවියක් විදිහට ගොඩක් බ්ලොග් වලට ගොඩ වැදිලා කමෙන්ට් එකක් දෙකක් කොටලා යන එක ඩීගේ පුරුද්දක් තමයි. ඔන්න බොලේ 2011 අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා ඩී මූණු පොත හරහා මැසේජ් එකක් එවලා තිබුනා,

"අනේ අලි බලන එක හරියට බලි බලනවා වගේ වැඩක්. හරිම ඒකාකාරියි. ඒ නිසා ඔටුවෝ ටිකක් වත් බලා කියාගෙන යන්න ඩුබායි පැත්තේ එනවා....." කියල. ඒ ආවහම ඔටුවෝ බැලුවත් බලි බලන්නැතිව යන්න බෑනේ. ඒක නිසා අපේ දුකාවයි, මාවයිත් බලන්නත් එනවා කියලා.

කොහොමත් සතියකට කලින් ඩුබායි හන්දියට ආවත් මටයි දුකාටයි අපොයින්ට්මන්ට් එක ලැබුනේ 2010, දෙසැම්බර් 31 වෙනිදා උදේට. ඒත් එක කොන්දේසියක් එක්ක. ඒ තමයි 31 දා රෑට 'බර්ජ් කලීෆා' (ලෝකේ උසම බිල්ඩින් එක ) ගාව තියෙන මල් වෙඩි බලන්න එක්කගෙන යන පොරොන්දුව පිට. අයියෝ හරි සිම්පල් දෙයක්නේ කියලා අපිත් එකඟ උනා.

ඔන්න ප්ලෑන් කලා වගේම උදෙන්ම ඩීව ඩුබායි හන්දියෙන් පික් කරගෙන දුකා ඉන්න අබුඩාබි වලට ගියා. දවල් කෑම දුකා හාමිනේ ගානේ. ගෙදර ඉඳන් ලන්ච් ගන්න එක ඇඟට හරි මදි මදි වගේ හින්දා ඔන්න දුකා යෝජනාවක් ගෙනාවා පොඩි එවුනුත් ඉන්න නිසා ඒ ලඟ පාතක තිබිච්ච සත්තු වත්තක් බලන්න යමු කියලා. ඩීත් වැඩිය අදි මදි කරන්නෙ නැතිව එකඟ උනා.

පස්සෙ තමයි තේරුනේ ඩීව සත්තු වත්තට එක්කගෙන ගිය එක නිකං අර උදේ-හවා මුහුදු යන මාළු කාරයෙක්ව බේරේ වැවේ බෝට් රයිඩ් එකක් එක්කගෙන ගියා වගේ කියලා.....”

වැඩි විශේෂ දෙයක් සූ(z) එකේදි උනේ නැහැ. උනේ නැත්තෙත් නෑ. වෙච්ච එකම සිද්ධිය තමයි අපි දවල් කෑම කනකොට ඒ ලඟ හිටිය මැකෝ ගිරව් ටිකක් ගිරිය යටින් කෑ ගහන්න පටන් ගත්ත එක. උන් කෑ ගහන්නෙ මොකද කියලා බලනකොට තමයි රඟේ තේරුනේ. දුකා හාමිනේ කන්ටේනර් එකක් පිරෙන්න තම්බපු බිත්තර ගෙනත්. උන්ගේ කූඩුව ඉස්සරහින් වාඩිවෙලා අපි ඒ බිත්තර කනකොට උන්ට මොනවා නම් හිතෙන්න ඇත්ද?

ඔන්න ඉතින් හවස් වෙනකං සූ(z) එකේ ඇවිදලා කරලා එහෙම කට්ටිය ආපහු ඩුබායි එන්න පිටත් උනා. දැන් ඉතින් ප්ලෑන් එක තමයි ටිකක් වේලාසනින් ‘බර්ජ් කලීෆා’ එක ගාවට යන්න මොකද හොඳ ස්පොට් එකක් අල්ලගන්නත් එපැයි. කාර් වල ඔතනට යනවා කියන්නෙ එලිවෙනකං පාරෙ ඉන්නවෙන සීන් එකක් නිසා කට්ටිය ප්ලෑන් කලේ කාර් ටික ඩුබායි ඉන්ටනෙට් සිටි එකේ අපේ ඔෆිස් එක ගාවින් පාක් කරලා මෙට්‍රෝ කෝච්චියේ ගිහින් බර්ජ් කලීෆා එක ගාවින්ම බැහැලා මල් වෙඩි බලලා ආපහු කෝච්චියේ ඇවිත් කාර් ටික අරගෙන යන්න.

ඔන්න ප්ලෑන ගහපු විදිහටම මෙට්‍රෝ කෝච්චියේ නැගලා ගිහින් බැස්ස 'බර්ජ් කලීෆා' මෙට්‍රෝ ස්ටේෂන් එකෙන්. ඒ වෙනකොටත් සෙනග පිරෙන්නෙ පටන් අරගෙන. කොහොම හරි රෑ 10.30 වෙනකොට 'බර්ජ්' එක පේන මානෙන් බිත්ති කණ්ඩියක් හොයාගෙන වාඩි උනා. ටික වෙලාවක් යනකොට වටා පිටාව එකම මිනිස් ගොඩක්.

ඒ වෙනකොට අපේ ගම හාමිනේ අපේ බාල කෙළි පොඩ්ඩිව ලැබෙන්න ඉන්න කාලේ. බඩට මාස 6 පිරුනා විතරයි. අනේ ඉතින් කට්ටිය ඉන්නව දත කට පූට්ටු කරගෙන සීතලේ ගැහි ගැහී. වෙනදා මේ වෙනකොට වීදුරු පුරවගෙන සින්දු කියන අපි අද බිත්ති කණ්ඩියක් උඩ වාඩි වෙලා හීතලේ ගැහි ගැහි මල් වෙඩි පත්තු කරනකං හූල්ලනවා....!

අනේද කියන්නෙ පැය එකහමාරකට විතර පස්සෙ හරියටම 11.58ට පටන් ගත්තා නේද මල් වෙඩි. ලස්සනේ බැරුවා. උඩ බලං ඉඳලා බෙල්ලත් උළුක් වෙන්න වගේ. උසම බිල්ඩිම මුදුනටත් උඩින්නේ මල් වෙඩි පත්තු වෙන්නෙ. අනේ ඉතින් මල් වෙඩි වරුසාව හරියටම තිබුනා විනාඩි 3ක්. හරියටම 12.01 ට බඩු ඉවරයි. දුම විතරයි.

ඔන්න ඉතින් මල් වෙඩි ඉවර උනා විතරයි මෙච්චර වෙලාවක්, පැය ගාණක් තිස්සේ වට පිටාවට පිරුණු මිනිස් ගංගාවටම එක පාරටම ගෙවල් දොරවල් මතක් වෙලා. මෙහේ ඉතින් එළිවෙනකං ඉන්න පුළුවන් 'ගෝල් ෆේස්' එකක් වත් තියෙන එකක් යෑ. ඔන්න බොලේ මිනිස්සු සුනාමියක් එනවා වගේ ඇදෙනවා මෙට්‍රෝ ස්ටේෂන් එක දිහාවට. ඈත ඉඳන්ම පේන්නේ ස්ට්‍රේෂන් එක වටේට කිලෝ මීටරයක් විතර වට ප්‍රමාණයට මිනිස්සු පොරකනවා.

අනේ ඉතින් හරි සනීපයි. දැන් ඉතින් මෙච්චර වෙලා නට නටා හිටපු පොඩි එවුනුත් නිදි කිරා වැටෙනවා. දුකාගේ සොඳුරු ත්‍රස්තවාදියයි, මගේ නෝටි බබයි දැන් අපේ කරවල් සොඳුරු නිදි යහන් කරගෙන. ඒ අස්සෙ බඩ දරු ගම හාමිනේ මගේ අතේ එල්ලිලා. ලොකු කෙල්ලත් නිදි කිරා වැටෙනවා.

හොඳ හොඳ උපමාත් මතක් වෙන්නෙ මේ වෙලාවටනේ. ඒ අස්සෙ මතක් උනේ අර ඇවිද්ද පය දහස් වටී කියලා කවුදෝ කියලා තිබිච්ච කතාවක්. ඇවිද්දොත් මෙතනම කකුල් කීයක්ද කියලා හිතාගෙන ඔන්න අපි පටන් ගත්තා කිලෝ මීටර් 1 1/2 විතර දුරින් තියෙන අනිත් ස්ටේෂමට පයින් යනවා කියලා. පැයක් හමාරක් ගෑටුවට පස්සෙ යන්තන් ඒ ස්ටේෂමටත් ආවා. අපි විතරක්ම නෙමෙයිනේ පයින් ගිහින් තියෙන්නෙ. තවත් දාස් ගාණකට අපිට වගේම ඒ උපමාවම මතක් වෙලා අපිට කලින් ඒ ස්ටේෂන් එක ලඟටත් ඇවිත් පොර කනවා.

එදා මල් වෙඩි වලින් පස්සෙ මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුලේ මිනිස්සු පොරකාපු හැටි. 
පින්තූරෙ ගත්තෙ මෙතනින්.
http://dubaimetro.eu/transportation/6691/midnight-mayhem-on-new-years-eve


මේ හිරවිල්ල අස්සේ බඩදරු අම්මා කෙනෙක්ව මොන හිතකින් අරගෙන යන්නද. ඒත් අපේ ගම හාමිනේ සැළුනේ නෑ. දුමියානනි බිය නොවන්න. කෝච්චියේ යන සැටි මම පෙන්නන්නම් කියලා මාවත් ඇදගෙන පෝලිම සෙට් වෙලා කොහොම හරි තල්ලු කරගෙන දැන් කට්ටිය යාන්තන් දොරෙන් ඇතුළු උනා. කට්ටිය එක පොදියට පොර කනවා. මම ඉතින් ගම හාමිනේවත් ඉස්සර කරගෙන, නෝටි බබාවත් කරේ තියාගෙන තල්ලු කරන මිනිස්සුන්ටත් මරිසිය දාගෙන හෙන යුද්දේ. මම ඉතින් “She is pregnant, She is pregnant” කිය කියා කට්ටියව එහෙට මෙහෙට කරගෙන ඉඩ අරගන්නවා.

ඒ අතරේ මට ඇහෙනවා, “What the hell you do in a metro station then ? Take her to a maternity clinic...!” (තමුසෙලා මොන රෙද්දක්ද ස්ටේෂන් එකේ කරන්නෙ. මෙයාව ගර්භනී සායනයකට එක්ක පලයන්...)

කියලා එකෙක් කියනවා. හොම්ම්බට දෙකක් අනින්න හිතුවත් මගේ අත් දෙකම ඒ වෙනකොට බිසී නිසත්, ඌ කිව්වෙ ඇත්තක් නිසත් මම ඇහුනේ නෑ වගේ හිටියා.

ඊට පස්සෙ පොඩ්ඩක් පස්ස හැරිලා බලනකොට මෙන්න බොලේ ඩී ඉන්නවා බිත්තියක ඇලවිලා ස්ටිකර් එකක් වගේ.මෙච්චර මේ අලිත් එක්ක හුරතල් වෙන දොස්තර නෝනා, ඩුබායි ඇවිල්ල මෙට්‍රෝ ස්ට්‍රේෂන් එකක බිත්තියේ බිත්ති රූපයක් වගේ තෙරපිලා මැරුනොත් ලංකාවට හොඳ නෑනේ කියලා ඇදලා ගත්තා කොහොම හරි එයාවත් යන්තං පාද ගත්ත පොඩි ඉඩක් ඇතුලට.

අනේ ඉතින් ඔහොම චාටර් වෙලා වෙලා ආපු කෝච්චියක නැගලා ගිහිල්ලා කාර් ටිකත් අරගෙන ගෙදර යනකොට උදේ 5 ටත් ලඟයිද කොහෙද. ඒ තර්ටිෆස්ට් නයිට් එක අවුරුදු ගාණකට පස්සෙ ගෙවිලා ගියේ අමුම අමුවෙන්.

කොහොමෙන් කොහොම හරි මේ පහුගිය දෙසැම්බර් 31 වෙනිදාත් ආව කියමුකෝ. අපි එදා නම් හිටියේ ගෙදර.සැටියේ වාඩි වෙලා, විස්කි වඩියක් ගහන අතරෙම ටී වී එකෙන් බර්ජ් කලීෆා එකේ මල් වෙඩි සංදර්ශණේ සජීවීව බලනකොට ඇස් දෙකට කඳුලු පිරුණා....

“අනේ අපරාදේ, ඩී හිටියනම් මේ පාරත් අපිව මල් වෙඩි බලන්න එක්ක යනවනේ කියලා.....!”



73 comments :

  1. හෆූඌඌඌඌයි! ඒ තෙරපිල්ලට තාම ඇඟ රිදෙනවා!

    ගම හාමිනේගෙ දරා ගැනීමෙ තරම දැකලා මට ගෑණු ගැන හෙන මෙව්වා එකක් හිතුනා.. පුදුම බයකින් මම උන්නෙ, කෝච්චියට ගොඩ වෙනකම්, අලි වෙඩි බලලා මගදිම බබා හම්බෙයි කියලා!!

    චුට්ටි කෙල්ලගෙ පින්තූර දකින හැමදාම මට ඉස්ටේසමේ හොරර් මූවි එක මැවිලා පේනවා..

    මගෙ ඩුබායි හන්දියෙ පාසල් මිතුරිය එක පොරේ මේ දෙසැම්බරේත් එහෙ එන්ඩ කියලා - හැබැයි කලින්ම දැනුම් දුන්නා අලි වෙඩි බලන්ඩ යන්ඩ ඕනෙ නම් එයැයි එක්කම යන්ඩය, ඔය එක එකාලා එක්ක ගියොත් ඔයැයිටත් බඩුම තමා කියලා..

    දුමී සහ ආදරණීය පවුලේ අයගෙ හිතවත් කම මම හැමදාම අගය කරනවා.. අර සිංහලෙන් ටචින් කියන්නෙ, ආන් එක..

    කෝ, ඉතින් ඔයැයිලා තාම තිබ්බටු කන අලි බලන්ඩ ආවෙ නෑ නෙ, උන් දැන් ගම්මිරිසුත් කනෝ!

    PS. “පස්සෙ තමයි තේරුනේ ඩීව සත්තු වත්තට එක්කගෙන ගිය එක නිකං අර උදේ-හවා මුහුදු යන මාළු කාරයෙක්ව බේරේ වැවේ බෝට් රයිඩ් එකක් එක්කගෙන ගියා වගේ කියලා.....” මේ කෑල්ල මන් එකට CV දානවා!

    Thanks, Dumiyo.. sweet sweet memories! xxx

    ReplyDelete
    Replies
    1. "Thanks, Dumiyo.. sweet sweet memories! xxx "

      මේ අන්තිමට ලියල තියෙන සුට්ට දැක්කහම මට කට කහනවා..... මොනා කරන්නද හිතට ආපු එක හිතේම මරල දානවා

      Delete
    2. මීයෝ... පරිස්සමෙන්... අලින්ට ගහන ඉන්ජෙක්ෂන් එක මීයට ගැහුවොත් මීයාට සොරි ඩොට් කොම් තමා ඈ...

      Delete
    3. අන්තිම අකුරු 3 වෙන්ටැ?? :P

      Delete
    4. ඈ මොකක්ද මේ "sweet sweet memories! xxx" කියන්නේ??? :D

      Delete
    5. එතකොට මුගෙ කට කැහෙනම කෑල්ල දාල තීන්නෙ "ඩී" ගෙ කොමෙන්ටුවෙ!!

      Delete
    6. අඩේ ... මේ මොකක්ද මේ සීන් එක. කට්ටිය හෝ ගාලා වටවෙල, හරියට දුමී බඩ උඩදාගෙන මළා වගේ.

      Delete
    7. අනේ මන්ද ඔය කියන කාලේ දුමීගේ ගමහාමිනේ ප්‍රෙග්නට් කියලා තියෙනවා, ඔය අතරේ XXX sweet sweet memories වලට තැන්ක්ස් කරලා දාලත් තියෙනවා, හරිම අශෝබනයි දුමියෝ.

      Delete
    8. //මීයෝ... පරිස්සමෙන්... අලින්ට ගහන ඉන්ජෙක්ෂන් එක මීයට ගැහුවොත් මීයාට සොරි ඩොට් කොම් තමා ඈ...//

      අලියගෙ ටෝකන් එක ගත්ත රිලවට වෙච්ච දේ වෙයිද මීයට ?

      Delete
    9. // අර සිංහලෙන් ටචින් කියන්නෙ//

      ඩී, මම ඔයාට කිවුව දුමිය වලා කියල. දැං තේරෙනව නේද ???

      Delete
  2. මෙදා පාර 31 සමරන එක ෂුවර් නැතිනම් කලින් මල් වෙඩි සංදර්ශනයක් දාන්න දුමී අයිය ගානේ..

    ReplyDelete
  3. ඇත්තටම මුන්ට එදාටත් වෙරිමතේම අවුරුද්ද පටන් ගන්න ඕනෙනේ... හරියට අපේ මහත්තයට පඩි චෙක් එක හම්බුන ගමන් මං එනකොට එකක් අරගෙන එන්නද කියලා අහනවා වගේ... අම්මපා මේ පිරිමි වගේ ජාතියක්....

    හැබැයි ඩී නියම බලි දෙකක් හොයාගෙන තියෙනවා ඩුබායි වලට ගිහින් බලලා එන්න... හි හි...

    ReplyDelete
    Replies
    1. ඔවු, ලෝකල් බලි බැලිලි ඇති වෙලා උන්නෙ..

      31ට සෙට් උනා නම් ඉස්ටේසමේ බේදවාචකයට අහු වෙන්නෙ නෑනෙ, හිරු.. එකෙන් නිගමනය කරන්ඩ ඕනෙ 31 සෙට් වෙන එක සරීර සවුක්කියට වඩා හිතකරයි කියලා...

      Delete
    2. අඩෝ ඩී බලි බැලුවා නෙමේ ඩුබායි ඇවිත් අපිට බලි පෙන්නුවා . . . බොරුනම් ඒකිගෙන් අහපන් . . .

      (ඩී විහිලුවට මචෝ කිව්වේ ඈ . . )

      Delete
    3. ඒ උනාට අපරාදේ ඩීට හොඳම බලි මිස් වෙලා.. අර තිසාහාමි බලිය..එතකොට ලකීසිරිගේ හඳමාමා බලිය.. එහෙම... තව ඉතිං අර සපතේරු බලියත් නරකම නැහැ මේ බලි දෙක එක්ක ගත්තම... :D

      Delete
    4. කිව්වයි කියලා හිතා ගනින් . .

      Delete
    5. @මාරෙ,
      ඒ කියන්නෙ ඩී බලල තියෙන්නෙ බලි නෙමේ . . . අබලි ද? (කොහොමත් ඔය මොඩල් දෙක අබලි තමයි. දැං පාට්ස් කොම්පැනියෙ ගහන්නෙත් නෑනෙ)

      Delete
  4. මන් නම් හුගක් වෙලාවට 31 රෑ නිදාගෙන ඇහැරෙන කොට පළවෙනිදා ලබලා උදේ 8-9 ත් පහුවෙලා. ඉතින් ආයෙත් වෙනදා උදේට කරන කෙරුවාවම තමයි කරන්නේ. කිසි වෙනසක් නෑ

    ReplyDelete
  5. ඇයි අප්පා කාන්තාරේ වලත් කොච්චිවල යන්නේ...හොද ඔ‍ටුවෙක් හම්බ උනේ නැද්ද?

    ReplyDelete
  6. බුදු අම්මේ ආයේ නම් 31 රෑ මල් වෙඩි බලන්න ඩී නෙමේ ඩීගේ ආච්චිගේ ආච්චි ආවත් යන්නේ නම් නැතෝ . . .

    හික් හික් හික්

    හැබැයි ඒකත් අමතක නොවෙන දවසක් බන් . . .

    ජීවිතේට ඔය වගේ අමතක නොවෙන දවස් තිබ්බාම තමයි වයට ගිය කාලෙක උනත් ලොඹු කටෙන් බුලත් විටක් හප හපා . .

    "බොලා දන්නේ ලෑ . . ලොහ් ලොහ් . .අපි හේ කාලේ දවහක් ගියා නොවෑ මල් වෙහි බලන්න . . ලොහ් ලොහ් . . "

    ඕන් ඔය විදිහට කිය කිය (අර අමුතු විදිහට කියලා තියෙන්නේ දත් නැති නිසා මහප්‍රාන කියැවෙන්නේ නැති නිසා යකෝ) ආතල් ගන්න ඇහැක් වෙන්නේ . . .

    නැද්ද මන් අහන්නේ ..

    ReplyDelete
    Replies
    1. අඩේ, එහෙම කියන්ඩ එපා දුකෝ.. අලි වෙඩි හැමදාම, හැමතැනම නෑ නෙ.. මේ පාර බර්ජ් කලීෆා අරේන්ජ්මන්ට්ස් කෝමද දන්නෑ, නේද..? ;-)

      Delete
    2. මොකද මේ දුකා ලොල් ලොල් ගාන්නේ..?

      Delete
    3. උඹට ඉතිං පුරුදු වචනමයි මතක් වෙන්නේ නේද? මම කිව්වේ ලොහ් කියලා එආක් උඹ ලොල් වගේ දැක්කේ කොහොමෙයි කියලා මම මේ හිතන ගමන් . . :D

      Delete
    4. දුකා අයියා,
      දැං කියල වෙනසක් නෑ. ඔය බොරු දත් කුට්ටම ගලෝල ඔය විස්තරේ කිවුවනං සද්දෙ ඔමමයි

      Delete
  7. හි හි හි...දුමීට හිතෙන් ඩී ට බැන බැන යන්න ඇති ඔය කිව්වට...ආතල් එකේ පැත්තකට වෙලා ස්ටෙලා දාගෙන කරටි කඩා ගන්න තිබ්බ චාන්ස් එක ඩී කෑවා කියලා...හි හි හී...

    කොහොම හරි අළුත් අවුරුද්ද පටන් ගන්න ඩී දුමී අයියට දීලා තියෙන්නෙ හොඳ තල්ලුවක්නේ....තල්ලු කරාගෙන තල්ලු කරාගෙන යන්න...හි හි හි ඒකෙත් හැටි..ඩුබායි වල ලස්සන බලන්න මම එනවා ලඟදිම....යාළුවෙක් ගානෙ ගිෆ්ට් එකක් හම්බු උනා...බඳින්න ඉන්න යාළුවෙක් ගෝල්ඩ් සූක් යනවා...ගමනට මාවත් එක්කගෙන...ඩුබායි හන්දියට ඇවිත් හූවක් කියන්නද දුමියො...

    ReplyDelete
    Replies
    1. හෑ... දෙසැම්බර් 21 ද එන්නේ... හරි එහෙනම් ලෝක විනාසේ ඩුබායි වලින් තමයි පටන් ගන්නේ..... කස්ටිය ආරක්ශක ස්ථාන සූජානම් කොරගන්න ඈ.. කපුටි ලෑ ලෑ වැරදුනා ලිහිණි එනවා

      Delete
    2. අනේ බොට...කොටියම කාපිය...හි හි හී

      Delete
  8. අයියෝ දීපානි අක්කා....
    ටොපයි හොඳේ......
    Nice to see you back bro!

    ReplyDelete
  9. අය්යා මේවගේ සුන්දර දවසක් අමතක වෙන්න දෙන්න හොන්ද නෑ.. අපි මේක සෙලිබෙරේට් කොරන්න ඔනේ... මහ ඉහලින්ම.. ගම හාමිනේ අක්කට කියන්න අපිට බයිට් හදන්න දැම්ම ඉඳම්ම ලෑස්ති වෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. අලේ...එතකොට මීය ඉන්නෙත් ඩුබායි හන්දිය පැත්තෙද ?

      Delete
    2. යෑෂ් යෑෂ් මං මීගොඩයා ඩුබායි හන්දියේ.

      Delete
  10. Bus eke indham kathaawa kiyewwe ...hinaawata minissuth balanawaa angodin penapau workshop kiyalaa... :-)

    ReplyDelete
  11. මේකනං තනිකරම ටොම් පච කතාවක්... මට පිළිගන්නම බැහැ අර

    //බලනකොට මෙන්න බොලේ ඩී ඉන්නවා බිත්තියක ඇලවිලා ස්ටිකර් එකක් වගේ.// කෑල්ල... මෙයා කොහොමද එහෙම ස්ටිකර් වෙන්නේ... කොටින්ම උඩ වළවේ අලි පාර මාරුවෙන්නෙත් මෙයා අහල පහලක ඉන්නවද කියලා අහලා බලලා නැහැයි කියලා දැනගත්තට පස්සේ තමා... ඒ තරමට අලිත් බයයි මෙයාට... වැරදිලාවත් මෙයාව දැක්කොත් අලි දුවන්නේ නැට්ටෙන් හෝන් එක ගහගෙන දකුණට සිග්නල් දාං වමට කප කප... ඓහවු කෙනා කොහේද මේ ඔටුවෝ ඉන්න පැත්තකට ගිහින් ඔහොම ස්ටිකර් වෙන්නේ..?

    ReplyDelete
    Replies
    1. මන් බොරුවක් කියනවා නම් ඩුබායි හන්දියෙ ඔටුවන්ට හචින් යන්නෝන, විස්සාස කරන්ඩ, අලින්ගෙන් කිසිම කරදරයක් තිබිල නැහැ අර 31 වෙනිදා ඉස්ටේසමෙ හිටිය ඔටු රැළෙන් වගෙ..!

      Delete
  12. ඔය මළදානේ මුළු ඩුබායි වලටම පේනව නේද...? ඔය වගේම පිස්සෝ මෙහෙත් ඉන්නවා. දුමියා කිව්ව වගේ ගෝල්පේස් යන....

    ReplyDelete
  13. මම හදාගෙන තියෙන තියරිය... ඕක එකපාරක් වත් බලන්න නොගිය එකා අවාසනාවන්තයා... එක පාරක් විතරක් බලන්න ගිය එකා බුද්ධිමතා... දෙපාරක් බලන්න ගිය එකා මෝඩයා... ඊට වැඩියෙන් බලන්න්න යනවනම් ඌට මැන්ටල්...

    ReplyDelete
    Replies
    1. ඕක තමා අපේ සිරීපාද තියරියත්...

      Delete
  14. තව එකක් කියන්න එපෑ... ඔය ගිය වතාවක දුමී අයියා ලංකාවට ආව වෙලාවක දුමී අයියලට සැලකීමක් කොරන්නය කියලා බොහෝම දැගළුවා නෙව.. කොටින්ම ආන් උඩ වළවේ පැත්තේ දුමී අයියලට නාන්න කියලා පොකුණකුත් හැදෙව්වා... ඒක අලි නාවන්න හදලා තියෙන්නේ.. ඒත් දුමී අයියලා ඇවිත් විවෘත කරලා යනකල් තාම අලින්ට නාන්න දෙන්නේ නැති කතාවක් කිව්වා... අනේ ආව වෙලාවක පවුල පිටින් ගොහින් අලි පොකුණ විවෘත කරලා වරෙල්ලා... නැත්තං අලි ටික පව්.. :D

    (පොඩි අවුලකට තියෙන්නේ පොකුණ හරි...වතුර නැති එක තමා.. :D)

    ReplyDelete
    Replies
    1. පොකුණෙ මංගල පිඩැල්ල කපන්ඩ අටෝපු නැකත ගැන අලි පුදුම මෙව්ව එකකින් ඉන්නෙ! ;-)

      Delete
    2. හෙහ් හෙහ්... පොකුනේ ගැඹුර අලින්ට නියම ගාන කියලත් අලි පුදුම මෙව්වා එහෙකින් ඉන්නවා කියලා උබ වළවේ වැට ගාව කොමඩු කන ගමන් අලියෙක් මාත් එක්ක කියලා හිනා උනා.. :D

      Delete
  15. විනාඩි තුනකට පට්ට කට්ටක් කාලා.

    ReplyDelete
  16. පිස්සු පීකුදු ඈ.. බීටලේගෙ මෙව්ව එකට මාත් එකඟයි... ලංකාවෙ නං එහෙම විශේෂ එකක් නෑ නෙ... ඒක නිසා අවුලක් නෑ.. මම නං එදාට අවුරුද්දක්ම නිදා ගන්න ඕන නිසා 31 ඉදං ඊළඟ අවුරුද්දෙ ජන. එක වෙනකං දොයි... :D

    ReplyDelete
  17. ස්ටේෂන් එක දැක්කම ආයෙ මල්වෙඩි පත්තුවෙන්න ඇති ඔලුවට උඩිං.

    ReplyDelete
  18. මන් ඩී ව දන්නෙ නම් නැද්ද කොහෙද ? ඒත් දුමියව එහෙම ආශ්‍රය කරලා වෙන්ඩෝනි ඔය අලි බලන, අලින්ට සාත්තු කරන එක බොහොම පින් අතේ වැඩක්ය කියලා ඒ ෆීල්ඩ් එක තෝර ගෙන තියෙන්නෙ නම්..
    :-D

    ReplyDelete
    Replies
    1. වෙනි, දුමීව මන් අඳුන ගත්තෙ අලි බලන්ඩ ගත්තයින් පස්සෙ. ඔය ලුනුගම්වෙහෙර දිහා තියෙනො නෝටි අලි (හොරා කන අලි) පුනරුත්තාපනය කරන වියාකෘතියක්. ඕකෙ අලි නිතරම පැනල යනවා, කරන්ට් වැට කඩාගෙන.. එහෙම පැනපු එකෙක් හොයන්ඩ තමා මන් විදේස ගත උනෙ..

      Delete
    2. හෙහ්...හෙහ්... ඌ ඔටුවන්ගෙන් ඩී'ව බේරගත්තු නිසා අභය දානය හම්බ වෙලා වගේ.

      Delete
  19. මතක ඇති කාලෙක ජනවාරි පලවෙනිදා උදේ පාන්දර අමුවෙන් ඉඳලා නැහැ. හැමදාම වගේ 31 රෑ 12ට අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ පළවෙනි ෂොට් එකෙන් :-D

    ReplyDelete
  20. අපිත් එන්න ඕන මල් වෙඩි බලන්න . අය්යෝ අද නම් මැවිලා පෙනුනා ..දුමි සහ දුකා ..බඩදරු හාමිනේ ...බිත්තියකට ඇලිලා ඉන්න දී ..

    ඔහේ කරටි කඩා ගන්න තහනමක් නැද්ද ....

    ReplyDelete
  21. අප්පොච්චියේ මටත් ඔයිට සමාන වැඩක් උනා ඔය මල හත්තිලව්ව ඕපන් කරන දවසෙ මල් වෙඩි බලන්න ගිහින්... වැඩි හොඳට බලන්න කනුව මුලටම ගිහින් අර කිව්වැහෙ තාප්ප කොටයක් උඩ වාඩිවෙලා උඩ බලාගෙන හිටිය බෙල්ල කකියනකම්.... අනේ ඉවර වෙලා ගෙදර යන්න පයින් වත් යන්න බෑ පයින් යන ට්‍රැපික් එක.... ඔය කිට්ටුවමයි මම ඒ කාලෙ හිටියෙ ගෙදර යනකොට හතරයි...

    මාත් එක්ක කාමරේ හිටපු එකා වෙන සෙට් එකක් එක්ක ගියේ ඕක බලන්න... උන් බලල තියෙන්නෙ ජුමේර වල ඉඳන්.... එතනින් මෙහාට නෝ හෙල්ලුම් ට්‍රැපික්...
    .......................
    හැබැයි ඇත්ත කියන්න එපැයි... ජීවිතේට දැකල නෑ ඒ වගේ ලස්සන් මල්වෙඩි දර්ශනයක්...

    ReplyDelete
  22. හප්පෝයී සෙනග ගොඩවල් නම් ඕනෙම නැහැ නේ බං.....ගිය මාසේ දිහා කුවේට් රාජ්ජෙත් තිබ්බ දරුණු මල් වෙඩි කතන්දරයක් හීනියට වගෙ...

    ReplyDelete
  23. මාරයියා නම් කියන්නේ මේ පාර 31 නයිට් එකක් නැහැ කියලනේ :ඩී

    ReplyDelete
  24. ඇයි බං උඹලත් බලනකොට වද විඳගෙන ගිහින් තියෙන්නෙ ගැලරියටනෙ. බෙල්ල කඩන් බලන්න ඔහෙ නොගොහින් හිමීට ඈත ඉඳන් බලල කාර් එකේම ඉඳන් දෙකක් දා ගන්න තැනක් මේ පාර හොයා ගනින්.

    ReplyDelete
  25. නාඩියාගේ අවවාදය - 31 මල්වෙඩි බලන්න නොගොස් ගෙදරට වී මලක් ගසා සිටිනු! :p

    ReplyDelete
  26. ඕක තමා දුමියෝ සීල් බෝතලේ එක්ක (ඔහෙ කොහෙද සීල් නේ බං) චකබ්ලාස් වෙන 31 වෙනි ජාතික ප්‍රතිපත්තියෙන් අපගමනය වෙන්නෙපා කියල කියන්නේ.

    මේ සැරේ වෙලාවට ඔය මගුල නැත්තේ..නැත්නම් ආයෙ බොවන් වෙනවනේ.

    ReplyDelete
  27. මේක කියෙව්වේ උදේ පාන්දර ඇඳේ ඉන්න ගමන් රීඩරෙන්.
    පස්සේ වැඩ කරන අස්සෙත් හවසත් මේ මොහොතෙත් අර කූඹියෙක් වගේ සයිස් ඩී මෙට්‍රෝ එකේ ඇලිලා ඉන්නවයි බඩක් උස්සගත්ත ගම හාමිනේයි මැවී මැවී පෙනෙමින් තිබුනා.

    ඈ දුමියෝ ඩී ට තෑගි දෙන්න ඕනේ උඹලාට බොන්න නොදුන්න එකටම.....! අඩු ගානේ රෙකෝඩ් එකක් හරි තියන්න ඩී ම හිටි එක කොයිතරම් වටිනවද?

    ReplyDelete
  28. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෝල මේ මහ රෑ හිනා තදකරන් ඉඳල හොඳ ගනන් මට. හෆොයි ! මෙහෙමත් වැඩ.

    ReplyDelete
  29. හිතාදර දුමී අයියා වෙත,
    අයියේ,
    මාත් මල් වෙඩි බලන්න ඉතා ආසාවෙන් සිටින තැනැත්තෙක්මු. මගේ ආසාව සංසිඳවන්න ඇති හොඳම තැන ඔය කියන තට්ටු ගේ බව දැන්නම් දන්නවාමි. ඒ නිසා මාවත් ඔතනට එක්ක යනවා නේද?
    හැබැයි මන් ඔය බේබද්දන්ට කැමති නැතුවාය. ඒ කට ගඳ ගහන හෙයිනි. අමුවෙන් යමුය. එතකොට මටත් "Thanks, Dumiyo.. sweet sweet memories! xxx" කියන්නට හැකිවේවාය.

    මීට,
    හිතාදර,
    ළයාදර,
    ඒ.කේ.එම්.

    ReplyDelete
  30. ඊයේ රෑට බිත්තර තැම්බුවා ..[කෝ ඉන්සිඩන්ට් එකක් ]. මේක මතක් වෙලා පන යන්න හිනා . .අපේ උන්දැත් ඔෆිස් එකේදිම මේක කියවල හිටියේ .

    ReplyDelete
  31. දුමීටයි සදරුටයි බ්ලොග් එක මතක් වුනු එක ගැන නම් අප්‍රමාණ සතුටුයි.

    ReplyDelete
  32. දුකා - දුමී සංයෝගය ලංකාවෙ ඉදන්ම තිබූ එකක්ද.. නැත්නම් එහෙදි ඇති වුන එකක්ද...

    දුමී අයියා ඉස්සර වගේ නිතරම ලියන්න උත්සාහ කරන්න... මම දන්නවා අතිශයින්ම කාර්යබහුල බව, ඒත් යමක් ලියන්න උත්සාහ කරන්න...

    මේ සැරේ 31 නයිට් එක අමු නොවේවා !

    ReplyDelete
    Replies
    1. බ්ලොග් නිසා ඇතිඋනු ඩුබායි හිතවත් කමක් සිරෝ . . ඒත් ඉස්කෝලේ යන කාලේ ඉඳන් තිබ්බ ෆිට් එකක් තරම් අපි පට්ට ෆිට් . . සමහරවිට පහුගිය ආත්මවලත් අපි යාලුවෝ වෙලා ඉන්න ඇති කියලත් හිතෙනවා නැතිනම් මෙහෙම අහම්බෙන් හම්බ වෙලා බුදු ෆිට් වෙයියෑ . . .

      Delete
  33. අප්පා... මෙහෙ ආව නම් මල් වෙඩි ටිකක් පෙන්නවනේ.. මොකට ඔච්චර දුර ගියාද :-D
    කාලෙකින් කට කාහල තියන්නේ.. ඩොක්ටර්. ඩීට වෙනම බෙහෙත් ගන්න වෙන්නැති නේද තෙරපිලා.. පික් එක දැක්කම හිතාගන්න පුළුවන්..

    ReplyDelete
  34. කටු කාගෙන හරි ඔයාල ඕක බලපු නිසා අද අපිට කියවන්න කතාවකුත් තිබ්බනේ...හික්....

    ReplyDelete
  35. ආන්න.. පොසිටිව් තින්කින්ග්.

    ReplyDelete
  36. අප්පච්චියේ අච්චර කට්ටක් කෑවේ විනාඩි තුනක් මල් වෙඩි බලන්ඩද

    ReplyDelete
  37. කාලෙකින් ඩීව දැක්කේ.... කතාවට වඩා දැකපු එක අගෙයි වගේ... මට මතක් වුනේ අපි අම්පාරේ ගිය එක සහ තවත් දේ.. ;)

    ReplyDelete
  38. ඔහෝ... මෙහෙ හැමදාම අපි නිදහස් දවසේ කනවා වගේ කට්ටක්.. බුදුසන්තෝ.. ගිය අවුරුද්දේ දෙසැම්බර් 18 වෙනිදා කිලෝමීටරයක් යන්න මට පැය 5ක් ගියා..

    ReplyDelete
  39. දාන පලවෙනි කොමෙන්ටුව උනාට සති දෙකක් තිස්සේ ඉදන් මුළු බ්ලොග් එකම කියවල දැම්ම, දැන් ඉතින් මගේ කටත් කහනවා ඊලග පොස්ට් එක එනකන්. ජයවේවා..................!

    ReplyDelete
  40. උඹලට පිස්සුද කොහෙද දැන් අවුරුදු 11 ක් වෙනවා තවම 31 දාට ඔය පැත්ත පලාතෙ යන්නේ නැහැ :-D

    ReplyDelete

Related Posts with Thumbnails