මංගල ගැහිල්ල....!
Posted by
එක කාලයක් තිබුනා තිර්ටි ෆස්ට් එනකන් මාස ගණන් කර කර ඉන්නේ ගතමනාවක් හොයාගන්න.ඒ බෑන්ඩ් ගහන කාලේ. ඒ මොකද සාමාන්‍යයෙන් තර්ටි ෆස්ට් නයිට් ඩාන්ස් එකකට බෑන්ඩ් එකක් සාමාන්‍යය ගාණට වඩා තුන් හතර ගුණයක් චාර්ජ් කරනවා.
මම කියලා තියෙනවනේ මට ඔය මියුසික් උණ ඔළුවට ගහලා තිබුනේ යන්තන් ඕ.ලෙවල් කරන කාලෙට පොඩ්ඩක් කලින් කියලා. ඔන්න ඉතින් ඕ.ලෙවල් විභාගෙත් කරලා ගෙදර හිටපු ජොලිම ජොලි සංක්‍රාන්ති සමයෙදි තමයි ඔය හතර වටේ හිටපු තව කොල්ලෝ ටිකකුත් එක්කාසු කරගෙන ඉස් ඉස්සෙල්ලාම බෑන්ඩ් එකක් පටන් ගත්තෙ. බොක්ස් ගිටාර් කටු දෙක තුනකුයි, එක්ස් රේ කොල රීප්ප පටි ෆ්‍රේම් වලට ගහලා හදා ගත්ත ඩ්‍රම් සෙට් එකකුයි එක්ක ඔන්න ඉතින් බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන්න කට්ටිය එනවා අපේ ගෙදර. ප්‍රැක්ටිස් කරන්නෙ ඉතින් මගේ කාමරේ තමයි.
ඔය කාලෙම වගේ තමයි අර පත්තරේ කතාවක් ගියේ ACDC ලගේ හෙවි-මෙටල් සින්දු අහලා නුවර පැත්තෙ කොල්ලෙක් තමන්ගේ අම්මවයි තාත්තවයි පිහියෙන් ඇනලා මරලා දාලා තිබුනා කියලා. කොහොමෙන් කොහොම හරි අපි බෑන්ඩ් ප්‍රැක්ටිස් පටන් අරගෙන මාසයක් දෙකක් ගියෙ නෑ ඔන්න ආරංචියක් ආවා අපේ ගෙදරට පොඩ්ඩක් එහායින් පාරෙ ගිය කාටද කවුදෝ පිහියෙන් ඇනලා මරලා දාලා තියෙනවා කියලා. එදායින් පස්සෙ අපි පොඩ්ඩක් සද්දේ අඩුවෙන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. ඒත් පස්සෙ තවත් ආරංචියක් ආවා අපේ ගෙදරට පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න හරිම සන්තෝසෙන් ජීවත් වෙච්ච අහිංසක අංකල් කෙනෙක් එයාගේ වයිෆ්ගේ සාරියකින් ෆෑන් එකේ එල්ලිලා මැරිලා කියලා. ඒත් ඉතින් අපි සැලුනේ නෑ. බාධක කම්කොටලු මැද දිගටම බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ල කරගෙන ගියා.
කොහොමෙන් කොහොම හරි ඔය කාලේ අපේ ගෙදර කට්ටියට රේඩියෝ එකේ හරි ටී.වී එකේ හරි සින්දුවක් ගියත් මල පනිනවා. අද උනත් අපේ ගෙදර කට්ටියගෙයි අහල පහල ගෙවල් වල අයගෙයි රසඥ්ඥතාවය නැත්තටම නැති වෙන්න අපේ මේ බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ල හේතුවක් උනා කියලා තමයි නම් මට හිතෙන්නෙ.
කොහොම හරි මාස ගාණක් ප්‍රැක්ටිස් කරලා සින්දු දහයක් පහලොවක් අමාරුවෙන් ගහගන්න පුළුවන් කාලේ යාළුවෙක් හරි අපූරු යෝජනවාක් අරගෙන ආවා. ඔය බෙන්තර පැත්තේ මුල්ලක තියෙන හෝටලේක තර්ටි ෆස්ට් නයිට් ගහන්න හිටපු බෑන්ඩ් එකට වෙන බූකින්ග් එකක් වැඩි ගාණකට හම්බ වෙලාද කොහෙද හෝටලේට පොල්ල තියලා. දැන් හෝටලෙන් බෙල්ල කඩාගෙන තර්ටි ෆස්ට් නයිට් ගහන්න බෑන්ඩ් එකක් හොයනවා, ඒ අතරේ කොහෙන් ආරංචි වෙලාද දන්නෙ නෑ අපේ බෑන්ඩ් එකට එදාට ප්ලේ කරන්න පුළුවන්ද අහලා පණිවිඩයක් එවලා. ඉබ්බා දියේ දාන්නද කියලා ඇහුවාම, ඇයි නෑවේ කියලා ඇහුවා වගේ එක පයින් නෙමෙයි, ඔක්කොම පයින් වලින් වැඩේට සෙට් උනා.
කෝකටත් කියලා පොඩ්ඩක් අදි මදි කරලා එහෙම ඔන්න කට්ටිය වැඩේ බාරගත්තා. ඉතින් ගාණකුත් කතා කරගන්න එපැයි. හා හා පුරා කියලා ඉස්සෙල්ලාම ප්ලේ කරන්න යන වැඩේනෙ. කොහොමෙන් කොහොම හරි එක්කෙනෙක්ට රුපියල් 300 ගාණේ බෑන්ඩ් එකේ ඉන්න 7 දෙනාට රුපියල් 2100යි. වැඩේ අල්ලලා දීපු එකාට රුපියල් 400යි. මුළු වැඩේටම 2500 යි. සවුන්ඩ් සිස්ටෙම් එක හෝටලේ ගාණේ. වැඩේ තීන්දුයි. මේ කාලේ 1991, 92 වගේ කාලේ. එක්කෙනෙක්ට රුපියල් 300ක් ලැබෙනවා කියන්නෙ ලොකු දෙයක්. මොකද ඒ කාලේ පාන් ගෙඩියත් රුපියල් 7.00 කට වඩා නෑ මට මතක විදිහට. කළුබෝවිල ඉඳන් නුගේගොඩටට බස් ටිකට් එකත් 1.50යි.
අනේ ඉතින් කට්ටියත් එදා ඉඳන් රැයක් දවාලක් නැතිව අපේ ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරනවා. ඔන්න ඉතින් අපි මෙහෙම වැඩකට සෙට් වෙලා ඉන්නෙ කියලා ආරංචිය ලැබිලා බෑන්ඩ් එකේ ඉන්න උන්ගේ අහල පහල යාළුවොයි, අල්ලපු ගෙවල් වල උනුයි, අම්මලයි, තාත්තලයි, මාමලයි, නැන්දලයි පෝලිමේ එනවා ප්‍රැක්ටිස් කරනවා බලන්න. අනේ ඉතින් අපේ අම්මගේ වැඩේ බෑන්ඩ් එකේ ඉන්න උන්ටයි, අපිව බලන්න එන උන්ටයි රැයක් දවාලක් නැතිව තේ වක්කරනවා, දවල්ට කන්න දෙනවා, රෑට කන්න දෙනවා ඉවරයක් නෑ. කොහොම හරි ඒ වෙනකොට අපේ අම්මට බෑන්ඩ් එකේ උන්ටයි, බලන්න එන උන්ටයි කන්න දෙන්නම එක දවසකට රුපියල් 300කට වඩා වියදම යනවා.
ඔන්න ඉතින් 30 වෙනිදාත් ආවා. බෑන්ඩ් එකේ මැණ්ඩලින් එකක් නැති උනත් හැමෝගෙම කකුල් මැණ්ඩලින් ගහන සයිස් එකට ටික ටික වෙවුලන්න අරගෙන ඒ වෙනකොට. ඔය අස්සෙ අපේ ඩ්‍රමාගේ අම්මා ඇවිත් මේවා මේ ලේසියට පාසුවට ගන්න ඕන වැඩ නෙමෙයි කියලා කට්ටියවම කුදලෝගෙන එක්කගෙන ගියා කළුබෝවිල පංසලට. ගිහින් බෝධිපූජාවක් එහෙම තියලා හාමුදුරවන්ට කියලා අතේ පිරිත් නූලකුත් බැන්දා.
ඔන්න ඉතින් 31 වෙනිදා උදේ පාන්දරම බෑන්ඩ් එකේ උන් එදා රෑට අඳින ඇඳුම් එහෙමත් ලෑස්ති කරගෙන අපේ ගෙදරට සෙට් උනා. වෙනදා ජනවාරි පළවෙනිදට කිරිබතක් ඉදෙන අපේ ගෙදර 31වෙනිදා උදෙත් කිරිබතක් ඉදිලා. කට්ටියම නමෝ විත්තියෙන් කිරි බත් කාල දකුණු කකුල් ටික ඉස්සර කොරගෙන බස් එකේ නැගලා උදේ 10ට විතර කළුබෝවිලින් පිටත් උනා බෙන්තර යන්න. හවස එක දෙක විතර වෙනකොට යන්තන් බෙන්තරට ඇවිත් හෝටලේ හොයා ගන්න පුළුවන් උනා.
හවස තුන හතර වෙද්දි සවුන්ඩ් කාරයත් ඇවිත් හෝල් එකේ කෙලවරක පොඩි ස්ටේජ් එකක වගේ සවුන්ඩ් ටිකත් හයි කලා. කට්ටිය ඉතින් සවුන්ඩ් හයි කරන කං තමන්ගේ ඉන්ස්ටෘමන්ට් එක අත පත ගානවා. මෙච්චර කල් බොක්ස් ගිටාර් වලින් ඇඟිලි පතුරු යනකන් ප්‍රැක්ටිස් කරපු එවුන්ට ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් ප්ලේ කරනවා කියන්නෙ ත්‍රී වීලර් එලවපු එකෙක්ට ලැම්බොගිනියක් ලැබුනා හා සමානයි. ඔන්න ඉතින් සවුන්ඩ් අයියා ඇවිත් බඩු ටික හයි කරලා දුන්නට පස්සෙ කට්ටිය එකසිය ගාණට පටන් ගන්නවා බඩු ටියුන් කරන්න. එහෙන් කරකවනවා, මෙහෙන් කරකවනා, අතන ඔබනවා, මෙතන ඔබනවා, චෑස්, චීස්, බූස්, ඩොක් ඩොක්, ටික් ටික් ප්‍රීම්, පෲම්, බොහ් බොහ් වගේ සද්ද තමයි ඇහෙන්නෙ. බඩු ටික ටියුන් කරලා එහෙම ඉවර වෙලා කට්ටිය පොඩි සවුන්ඩ් බැලන්ස් එකකුත් බලලා හවස හත අට වෙනකොට වැඩේට සෙට් උනා.
ඔන්න ටිකෙන් ටික හවස් වේගෙන එනකොට සෙනගත් එකා දෙන්නා පිරෙන්නෙ පටන් ගත්තා. දැන් කට්ටියත් නමෝ විත්තියෙන් ලාවට වැඩේ පටන් ගත්තා කියමුකෝ. ඒත් ඉතින් කංකරච්චලේකට වඩා දෙයක් නෑ. හැම එකාටම ඕනෙ උගේ භාණ්ඩේ සද්දේ වැඩියෙන් ගහන්න. ඉතින් එක එකා තමන්ගේ ඉන්ස්ටෘමන්ට් එක වැඩි කරගන්නවා. සවුන්ඩ් අයියත් ෆුල් ගේමක් දෙනවා වැඩේ බැලන්ස් කරන්න.
හොඳටම ප්‍රැක්ටිස් කරලා තියෙන සින්දු ඒ කියන්නෙ ක්ලැරන්ස්ගේ මලට බඹරෙකු සේ, සිහින ලොවක්, මිල්ටන්ගේ අවසර නැත මට වගේ සින්දු දැන් ගහගෙන යනවා. ඔන්න එක පාරට වේටර් කෙනෙක් ඇවිත් කියනවා,
"මල්ලි, ඉංග්‍රීසි සින්දු ගහන්න කියලා රික්වෙස්ට් එකක් තියෙනවා...."
හුටා, ප්‍රැක්ටිස් කරලා තියෙන්නෙම ඉංග්‍රීසි සින්දු දෙකයි. එකක් එල්ටන් ජෝන්ගේ සැක්‍රිෆයිස්, අනික කන්ට්‍රි රෝඩ්ස්.....! ඊට අමතරව දන්නේ බාබා බ්ලැක් ෂීප්, ට්වින්කල් ට්වින්කල් වගේ ඒවා විතරයි.
අනේ ඉතින් කට්ටිය එකෙන් සැක්‍රිෆස්යිස් ගහලා අනික ආපහු ඉල්ලුවොත් ගහන්න පරිස්සම් කරලා තියා ගත්තා.
දන්න සින්දු විස්ස බේර ගන්නත් ඕනෙ නිසා එක සින්දුවක් ගහලා අනිත් සින්දුව ගහන්න කලින් සෑහෙන්න කල් මැරීමක් කලත් පැය දෙකක් විතර යද්දි දන්න සින්දු 20 ඉවරයි. දැන් ඉතින් මල කෙලියයි මහ රජ කිව්වලු. මොනව කරන්නද, කලින් ගහපු සින්දු තැනින් තැනින් ආපහු ගහන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි සමහර සින්දු තුන් හතර පාරක් විතර ගහලා.
ඔන්න ටික වෙලාවකින් වේටර් කෙනෙක් පොඩි චිට් එකක් අරගෙන එනවා ටේබල් එකකින්.
අනේ ඒකෙ අහලා තියෙනවා "මොකද, අර ගුවන් විදුලියේ වගේ ඔයාලගේ තැටිත් ප්‍රථි වාදනය වෙනවද....?" කියලා.
කොහොමෙන් කොහොම හරි ඔය වගේ විළි ලැජ්ජා සහගත ජවනිකා මැද රෑ එකොලහත් පහු උනා කියමුකො. ටික වෙලාවකට පස්සෙ හෝටලේ මැනේජර් කාරයා එනවා අපි හිටපු පැත්තට. ඔන්න ඊට පස්සෙ පොර මයික් එකක් ඉල්ලගෙන හැමෝටම විශ් කරලා,
“දැන් බෑන්ඩ් එක මිඩ්නයිට් මෙඩ්ලි ප්ලේ කරන අතරේ, හැමෝම ඩාන්සින් ෆ්ලෝ එකට එන්න...!” මෙන්න බොලේ මූ කට්ටියට නටන්න අඬ ගහපි....!
පස්සෙ මූ අපි දිහාවට හැරිලා,
"මල්ලි, දැන් “මිඩ්නයිට් මෙඩ්ලි”** එක ගහන්න පටන් ගන්න....! ඊට පස්සෙ බයිලා සෙෂන් එක....!" කියපි.
"මොකෑ....? මිඩ්නයිට් මෙඩ්ලි.....!" ඒ මොකක්ද බොලේ ඒ. එහෙම සින්දුවක් අපි අහලවත් නෑනේ. කට්ටිය දැන් මූනට මූන බලනවා....!
අපේ එවුන් දැන් දැන් කුටු කුටු ගානවා.....
"මොකක්ද බං මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ.....!"
"හරි හරි, අපි ඒ සින්දුව දන්නෙ නෑනේ.... අපි වෙන සින්දුවක් ගහමු.....! මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ රෑට ගහන සින්දුවක් වෙන්නැති....!”
"හරි හරි.... අපි එහෙනම් 'අම්බිලි මාමේ' ගහමු......."
අනේ ඉතින් ඉස්කෝලේ ට්‍රිප් යනකොට කියලම කට පාඩම් වෙලා තියෙන නිසා කට්ටිය දැන් අම්ම්බිලි මාමේ සින්දුව ගහනවා....."
"අම්බිලි මාමේ.....! නුඹ මොකද කරන්නේ.....! පුළුං වලා යටින් ඉඳන් එබිලා බලන්නේ.....!"
මිඩ්නයිට් මෙඩ්ලි එක බලාගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ආපු එවුනුත් කර කියා ගන්න දෙයක් නැතිව එහෙට මෙහෙට පැද්දෙනවා....
අම්බිලි මාමා ගහන අතරේ ඔන්න බොලේ මැද හිස් වටේ කෙස් තියෙන මැනේජර් කාරයත් පුපුර පුපුර ආපහු එනවා වගේ පේනවා.....
"අය්සේ මල්ලි, මම කිව්වෙ මිඩ්නයිට් මෙඩ්ලි එක ගහන්න කියලනේ....! මොනවද තමුසෙලා මේ කරන්නෙ.....!"
"අනේ අයියේ අපි ඒ සින්දුව ප්‍රැක්ටිස් කරලා නෑනේ.....! ඒකයි මේ ප්‍රැක්ටිස් කරලා තියෙන වෙන සින්දුවක් ගැහුවේ...." අපිත් පිණ්සෙණ්ඩු වෙනවා.....!
"අයිසේ එහෙනම් ‘බයිලා’ ටිකක් වත් ගහනවා.....! බලනවා මේ මිනිස්සු නටන්න බලාගෙන ඉන්නෙ.......!"
ඒ පාර තවත් හුටස් පරයක්. එහෙමට කියලා බයිලා ප්‍රැක්ටිස් කරලත් නෑ.
"මචං, මොකද කරන්නෙ......! ෆාස්ට් නමර් එකක් ගහන්න වෙයි.....! මොකක්ද ගහන්නේ.....?"
"මචන්, නැගලා යන එකක් හින්දා අපි ගහමු 'වාසනා දිනේකි මේක....!' "
ඔන්න ඉතින් කට්ටිය පටන් ගත්තා,
"වාසනා දිනේකි මේක පාමු සෙනේ තුටීන..... වාසනා දිනේකි මේක පාමු සෙනේ.....!"
වැඩි වෙලා ගහන්න හම්බ උනේ නෑ. මැනේජර් කාරයා මැදට පැනලා නැවැත්තුවා.....!
"වාසනා දිනේකි ගහන්නේ ගෙස්ට්ලට ලී කෙලි නටන්නද....?"
"අයිසේ පවු නොදී මේකෙන් බැහැලා යනවලා......! සිරිසේන අරං එනවා අර සන්ෆ්ලවර් සාලාදේ කැසට් එක....!" මැනේජර් කාරයත් කෑ ගහනවා.......!
මතක ඇති කාලෙක ඒ වගේ අසරණ කමක් මීට කලින් දැනිලා තියෙන්නෙ දහම්පාසලේ තුනේ පන්තියේ ඉන්දැද්දි බුද්ධ පූජාව හොරෙන් කාල හාමුදුරුවන්ට අහුවෙච්ච දවසේ විතරයි.
ඔන්න ඉතින් වේටර් කෙනෙක් කොහෙන්ද මන්දන්නෙ නෑ උස්සගෙන ආපු කැසට් ප්ලේයර් එකක් හයි කරලා සන්ෆ්ලවර් ලගේ සලාදේ කැසට් එක ප්ලේ කරන්න දැම්මා.
“ආච්චි උනත් මොකද හොඳට ලව් කරනව නම්....” කියලා සන්ෆ්ලවර්ස්ලා ගහද්දි අපි කට්ටියත් බලෙන් හුඹස් වලින් එලියට ඇදලා දාපු තල ගොයි ටික වගේ හෙමි හෙමිහිට එලියට ආවා.
** ඇත්තටම මිඩ්නයිට් මෙඩ්ලි කියන්නෙ කාලෙකට කලින් ජිප්සීස්ලා විසින් ගායනා කරපු ඉංග්‍රීසි නන්ස්ටොප් එකකට. ඒ කාලේ ඉඳලා තාමත් තර්ටි ෆස්ට් නයිට් වලදි මේ ජිප්සීස් මිඩ්නයිට් මෙඩ්ලි එක ගොඩක් වෙලාවට බෑන්ඩ් විසින් වරද්දන්නෙ නැතිවම ප්ලේ කරනවා.
පින්තූර සඳහා අනුග්‍රහය මෙතනින් http://abstract.desktopnexus.com/wallpaper/67261/
හපොයි,, බෑන්ඩ් එකේ ගාන හම්බුනාද ?
ReplyDeleteගාණ හම්බ උනාද නැද්ද කියලා මම පහලින් දාලා තියෙනවා.....!
Deleteබෑන්ඩ් ගැන කියනකොටනම් හොද හොද රස කතා මතක් වෙනවා..
ReplyDeleteතමන්ගේ භාණ්ඩේ සද්දේ වැඩි කරගන්න දගලන එකනම් ඇත්තම තමයි . සවුන්ඩ් බැලන්ස් කරන ඒකා කොහොම කිව්වත් අපේ ඉන්ස්ටුමන්ට් එකේ සද්දේ පැහැදිලිව අපට ඇහෙන්නේ නැත්නම් හිතට හරිමදී..නේද. එතකොට සවුන්ඩ් බැලන්ස් කරන එකාට එපාවෙනවා ඇති හික්
කොහොමත් ලොකු ලොකු හොටෙල් වල පර්ට්ය් වලදී ප්ලේ කරන්නේ සෙෂන් විදියට තමයි..ගොඩක්ම ඒවාට සෙට් වෙන්නේ වෙස්ටර්න් ටයිප් එකට යන බෑන්ඩ් තමයි.. ඔරියන්ටල් වලට එච්චරම සෙට් වෙන්නේ නැහැ...
දුමි තාමත් බෑන්ඩ් සෙල්ලම් කරනවද,
ලංකාවෙ ඉන්නකොට අවුරුදු ගාණක්ම බෑන්ඩ් වල ප්ලේ කලා. ඒ හෝටලේ තිබිච්ච වෙඩින් වලටත් තුන් හතර පාරක්ම ප්ලේ කරලා තියෙනවා. එතකොට මේ සිද්ධිය මතකෙට එනවා..
Deleteදැන් නම් ප්ලේ කරන්නෙ නෑ....!
දැං ප්ලේ කලොත් උශානි අක්ක හට්ටි මුට්ටි ස්ලේ කරනව දුමී අයියගෙ ඔලුවට
Deleteකොටින්ම කියනව නම් ඔයින් ගියා මදැයි..අතක් පයක් කඩා ගන්නෙ නැතුව කියලයි කියන්න වෙන්නෙ...මේ සැරේ තර්ටි ෆස්ට් කොහෙද මල්ලි බෑන්ඩ් එක ඉන්නවා ඇත්තෙ ?
ReplyDeleteඔය බෑන්ඩ් කෙලි නිසා අතපය නැති වෙන සීනුත් වෙලා නැත්තෙ නෑ...!
Deleteමේ පාර තර්ටි ෆස්ට් වලට තාම නම් බුකින්ග් එකක් ලැබුනේ නෑ වෙනි අයියේ....!
එකක් තියේ නම් කියහන්....!
මගේ ගූගල් රීඩර් එකට අප්ඩේට් එකක් ඇවිත් තිබුනා 'දුමීගේ කට කහන කතා' කියලා මොකක්ද එකකින්.. ඒ මොකක්ද කියලා බලන්ටයි මම මේ තකහනියක් මේ පැත්තෙ ආවෙ.. ආ මේ අපේ පරණ දුමියනෙ.. ;)
ReplyDeleteමාත් මේ ඒකමයි දුවගෙන ආවේ බලන්න.. දුමියට මක් වෙලාද කියලා.... බ්ලොගක් තිබ්බද කියල මතක නැතිවෙලාලුනේ හිටියේ.... හි හි
Deleteමටත් දවසක් ඔය වගේ එකකින් මේල් එකක් ඇවිත් තිබුනා කවුද කමෙන්ට් එකක් දැම්මා කියලා....!
Deleteහි හි හී...මිඩ්නයිට් මෙඩ්ලි ....අහන්න තිබ්බේ අයියේ කන දෙයක්ද කියලා...හි හි
ReplyDelete31 නයිට් කියද්දී මතක් උනේ..ලංකාවේ සම හරක් අය 31 නයිට් වලට වියදම් කරන තරමක්...ඊට පස්සෙ ඊ ලඟ අවුරුද්ද පටන් ගන්නෙ ණය වෙලා...ඒකත් නියමයි නේ
කන දෙයක්ද කියලත් අහනවා. එදා නම් කන්නවත් ලැබුනේ නෑ. බඩ කට පුර ගුටි නොකා ආවෙ බොහොම අමාරුවෙන්.
Deleteමරු කතාව බන්. එකම දුක හාවා හඳ දකිනව වගේනේ මේවා දකින්නේ. අද මට මාර ජොලි. උඹත් එකක් ලියලා, අපේ සඳරුවත් එකත් ලියලා...
ReplyDeleteමට මතකයි අපේ මල්ලිලගේ ගෲප් එකටත් ඔහොම සීන් එකක් උනා අපේ එකෙක්ගෙම මගුල ගෙදරක ප්ලේ කරලා, කරුමෙට එදා ඉන්ගිරිස් ඒවා ගහන එකාට සනීප නෑ. ඒ උනාට පට්ට පොරවල් දෙකක් ගේම ඇදගෙන ගියා. දෙන්නම අද ප්‍රසිද්ධ පොරවල්, කිත්සිරි ජයසේකර හා දයාසිරි ජයසේකර.
ඔව් බං. මමත් උදේ නැගිට්ට ගමන්ම බැළුවේ හිස් අහස.
Deleteකිත්සිරි ජයසේකරත් එක්ක රෙකෝඩින් නම් කරලා තියෙනවා. නවරත්න ගමගේගෙ වැඩ වලදි.
පස්සෙ තමයි දන්නෙ, දයාසිරි කියන්නෙ කිත්සිරිගේ මල්ලි කියලා.
මාතලං,
Deleteඒ . . උඹේ මල්ලි ගෲප් ගැහුවද බං ?
ඌ නෙමේ මාත් සිංග් කලා. ගේ හදාගත්තේ ඒ ගල් වලින්...
Deleteසඳරුවාගෙයි දුමිගෙයි පෝස්ට් දෙකක්.. අද ලංකාවට මොනවා වෙයිද දන් නෑ... ( මේ දවස් ටිකේම හවසට වහිනවනේ.. ඒක නිසා වහියි කියන්නත් බෑ...)
ReplyDeleteදැං නං ඉතිං ඩීජේ එකක් තියෙනවනේ හැම හෝටලේම.. ඒක නිසා අවුලක් නෑ ඔහොම වැඩක් උනත්... ඒත් අර අහල පහල කේස් දෙක උනේ නම් මෙයාලා නිසා වෙන්න ඕනේ තමා.... හි හි..
ඒවා කියන්න බෑ තමයි. අද මෙහේ Gulf News පත්තරේ දාලා තිබුනා සමහර පලාත් වලට උතුරන්න වහින්න පුළුවන් කියලා. කොහොමත් මෙහෙට විනාඩි පහක් වැස්සොත් කාර් ගහගෙන යන තරමට වතුර පිරෙනවා, මොකද වතුර බහින්න කාණු පද්දති හදලා නැති නිසා.
Deleteඅපේ මහත්තයත් ඉස්සර ඔය කතාව කියනවා.. යන්තම් වැස්සත් විනාසයිලු... හි හි..
Deleteපුදුම ගැහුල්ලක්නේ ගහලා තියෙන්නේ. මොක උනත් මේවා මරු අත්දැකීම්.
ReplyDeleteවැඩක් නෑ කියලා. මම කලිනුත් මේ බෑන්ඩ් අත්දැකීම් නම් ලියලා තියෙනවා. තව ලියන්නත් කතා දෙක තුනක්ම තියෙනවා.
Deleteදුමීගෙ කථා මම සෑහෙන කාලයක ඉදන් කියවලා තියෙනවා...නිතරම ලියන්නෙ නැති එක ගැන නම් සෑහෙන්න අවුල්... ඔබේ කථා වල තියෙනවා ඔබේම කියලා අනන්‍යතාවක්. මම ඒකට කැමතියි... මේ ලියවිල්ලත් බොහොම රහයි..
ReplyDeleteඉතින් අන්තිමට රුපියල් 2500/- ලැබුනද... සැට් එක අසරණ වෙලා හිටපු හැටි හිතේ මවාගන්න අමාරුවක් නෑ....
වෙලාවක අපිවත් බලලා යන්න එන්න... ජය !
ස්තූතියි සිරා කමෙන්ට් එකට.
Deleteරුපියල් 2500 ලැබුනද කියලා මම පල්ලෙහා කමෙන්ට් එකක දාලා තියෙනවා.
අනිවා එන්නම් සිරාගේ කාමරේ පැත්තෙ.
ඉතිං දුමී අයියා එදා ගැහුවට පස්සේ තව කී පාරක් මංගල ගැහිලි ගැහුවද..?
ReplyDeleteඅපි එදා ප්ලේ කලාට පස්සෙ මංගල, කීපාරක් ගැහුවද කියලා නම් දන්නෙ නෑ. චන්ද්‍රිකාගේ කාලෙ වරායත් බාරව හිටියා නේද මිනිහා....!
Deleteහැබැයි හොඳ ගැහිලි කාරයෙක් කියලා නම් ආරංචියි.....!
මොකක් හරි මංගල්ලෙකෙට යන කොට ඔය බත් කන කකුල ඉස්සරහින් පාත්න් කරන්න කියල අපේ අම්මා හැම වෙලේම කියෝනවා. ඒත් මගේ පුරුද්ද්ට යන්නෙම කුප කන කකුල. ඒත් වැඩේ වරදින්නේ නෑ.
ReplyDeleteඒක නෙමේ දුමියෝ ඇයි බොලාට බැරි උනේ අර භාතිය සන්තුෂ් වගේ කැසට් කෑල්ලක් පැත්තකින් ප්ලේ කොරල උඹල කියනවා වගේ බොරුවට ගිටාරෙටයි, ඩ්‍රමටයි තඩි බාන්න?
මේ පිස්සු කතා කරනවා. බෑන්ඩ් එක දාපු කාලෙ ඉඳන් කල්පනා කලේ සන්ෆ්ලවර්, ෆෝචූන්ස්, සුපර් ස්ටාර්ස්, මේරියන්ස්, බ්ලුඑ ෂැඩෝස් ලා වගේ බෑන්ඩ් පරද්දල උන්ට හම්බවෙන බූකින්ග්ස් ගන්නෙ කොහොමද කියලා.
Deleteමිඩ්නයිට් මෙඩ්ලි ගහන්න ගිහිල්ල තව පොඩ්ඩෙං මිඩ්නයිට් ෆියුනරල් වෙන්න තිබුණ.
ReplyDeleteහොඳ වෙලාවට ඔහොම බේරුනේ.
ඔව් ඔව්, නටන්න හිටිය කට්ටියගෙනුත් ගුටි කාල, මැනේජරයගෙනුත් ගුටි කනවා. හොඳ වෙලාවට බස් එකේ එන්න යන්තන් සල්ලි ටිකක් අතේ තිබුනේ. නැත්නම් කොන්දගෙනුත් ගුටි කනවා.
Deleteහපොයි... හිටි ගමන් මොකද දුමියට මංගල ගැහිල්ල මතක් වුනේ... ලෝක විනාසෙ කිට්ටුයි වගේ...
ReplyDeleteකොහොම වුනත් මංගල ගැහිල්ලෙන්ම ලබපු අත්දැකීමනම් මරු..
ඔය හිටි හැටියේ මතක් වෙන දේවල්නේ බං. මේ දවස්වල කට්ටිය ඉතින් ඔය තරිටි ෆස්ට් නයිට් සමරන එක ගැන කතා බහක් යන නිසා මේ වගේ පරන කතා මතක් වෙනවා.....!
Deleteදුමී අයිය දැක්ක කල්!!!
ReplyDeleteමං කැමතිම දුමී අයියගෙ ආරලු බූරලු දාල ලියන ලියවිල්ලට තමයි!!
indeed.......
Deleteස්තූතියි කමෙන්ට් එකට හන්සකිංකිනියෝ....!
DeleteIndeed, thanks Rangi....! :)
කෝ අන්තිමේ සල්ලි හම්බ උනාද? :-D
ReplyDeleteසල්ලි හම්බවෙච්ච හැටි මම අන්තිමට දාල තියනව බං....!
Deleteහම්මේ කොච්චර කාලෙකිංද ආපහු ලියාල තියෙන්නෙ.
ReplyDeleteඅද කතාව නං වෙනද තරං රහ නෑ. ඇත්තම කියන්ඩ එපැයි
ඔහොම තමයි මල්ලි, හැමදා රහ කවදා වහ වෙයිද දන්නෙ නෑ කියලා කතාවක් අහලා නැද්ද...!
Deleteමොකෑ උනත් ස්තූතියි අවංක අදහසට.....!
සිරාවට අද උඹලගෙ ඔටු රටට වහියි ඔන්න බලහන්.............
ReplyDeleteකෝ සල්ලි හම්බ උනාද කියල කියහන්
ඔව් බං, අර කිව්වැහේ මෙහෙට අද වහින්න පුළුවන් කියලා පත්තරේ නම් තිබුනා තමයි.....!
Deleteසල්ලි හම්බවෙච්ච, නැති කතාව පහල කමෙන්ට් එකේ තියෙනවා....!
යන්තං කහල තියෙනවා කාලෙකට පස්සෙ
ReplyDeleteකොච්චර කැසුවත් කසා ගන්න බැරි වෙලාවල් තියෙනවා අක්කණ්ඩි...!
Deleteඅපේ පාර්ලිමේන්තුවෙ ගහන ශාස්ත්‍රීය සංගීතෙ අහලත් මිනිස්සු එල්ලිල මැරෙනවා දුමී.
ReplyDeleteඅප්පද බොල..... දැන් උත්තරීතරේ ශාස්ත්‍රීය වෙලාද....? කලින්නම් බයිලා විතරමනේ ගැහුවේ.....!
Deleteමිඩ්නයිඩ් මෙලඩි කිව්වම වෙන වෙන දෙවල් ඔළුවට එනවා....ඔයාටත් එහෙම වෙනවද..අම්මෝ ඔයා නම් හරි වල්
ReplyDeleteනැට්ට හැලුනට බලාගෙන යනකොට අපි ඔක්කොම වල් තමයි මල්ලියේ....!
Deleteමංගල ගැහිල්ල පැත්තක දාල සල්ලිත් නැතිව මාරුවෙලා ඇවිත් වගේ
ReplyDeleteඅනේද කියන්නෙ. මතක් වෙනකොටත් හඳුන් පොත කී ගාණවා...!
Delete"එදා ඉඳන් ඔබ අද මේ ඉන්න තැන දක්වා ආපු ගමනේ හැරිල බලනකොට අමතක නැති අවස්ථා තියනවද?"
ReplyDeleteඔව් බන්. දවසක් මතක නැති වෙලා අළුත්ම සපත්තු දෙකක් හෝටලේ දාලා ආව. ආපහු හැරිලා ගිහිල්ලා බලනකොට ඒක නෑ.....!
Deleteහෙක්.. මමත් බැලුවා මේ මොන ජාතියේ සිංදුවක් ද කියලා. එහෙමයි වුනේ.... හැබැයි කාලෙකින් නේද බ්ලොග් එකට ආවේ. හදිසියේම වුවත් මතක් වීම වටිනවා. මේ පාර අවම සෙට් වෙමු.
ReplyDeleteමේ සීතල කාලේ මතක් වෙන දේවල්නේ අප්පා. අනික මේ දවස්වල කෂ්ටිය ගිණි රාමෙට තර්ටි ෆස්ට් නයිට් පාර්ටි ප්ලෑන් කරනවා.
Deleteඑන අවුරුද්දෙදි නම් අනිවා මුන ගැහෙමු.වැඩි දුරකයෑ.....! හූවක දුරටත් අඩුයි......!
වෙද මහත්තය සෙට්වීමට ගේන්නෙ තරලසාරෙද ??? මෘත සංජීවනීද ???
Deleteසිකේ බං අයියේ.. කොහොමද බොලා සෙට් එක පාරක බැහැල ගියේ ඊට පස්සේ?? ඇඩ්රස් අනිත්පැත්ත හැරෙන්න හම්බෙලා තියෙන්නේ..
ReplyDeleteවැඩක් නෑ මල්ලි. මතක් වෙනකොටත් ඇඬෙනවා.....! අපිට මෙහෙම ඇන්ඩෙනවනම් හෝටලේ මැනේජර් කාරයට කොහොම ඇඬෙන්න ඇතිද කියලා හිත හදා ගත්තා....!
Deleteප.ලි : ගොඩක් කට්ටිය කමෙන්ට් වලින් අහලා තිබුනනේ සල්ලි හම්බ උනාද කියලා. මොකද හිතන්නෙ ? සල්ලි හම්බ උනා කියලද ? මොන...? ප්ලේ කරන වෙලාව වෙන කොට අපි හැමෝම වගේ ඒ සල්ලි වියදම් කරලත් ඉවරයි. ඒ ලැබෙන්න තියෙන සල්ලි ගැන හිතලා සමහර අය යාළුවන්ගෙන් ඒ ගාන ඉල්ලගෙන සල්ලි හම්බ උනාට පස්සෙ ආපහු ගෙවන පොරොන්දුව පිට. සමහර අය අළුතෙන් කලිසම් ෂර්ට් මහන්න ඕර්ඩර් දීලා....! මම නම් රුපියල් 300ක් ඉල්ල ගත්තෙ අම්මගෙන් නිසා ආපහු ගෙවන්න ඕන උනේ නෑ.
ReplyDeleteඅපිට ඒ දවසේ ලැබුනේ ප්ලේ කරන අතරෙදි බ්‍රේක් එකකදි ලැබුනු වතුර වැඩියෙන් දාලා, අන්නාසි කෑලි කපලා දාල හදපු සන්කුවික් වීදුරුවක් විතරයි. ස්ටේජ් එකෙන් ඇදලා එළියට යන්න කිව්වම, කලිසම් ඇඳගෙන කන්න ඉල්ලන්න බැරි නිසා කට්ටිය බඩගින්නෙම මාතර-කොළඹ රෑ බස් එකක නැගලා, විලියම්ස් එක ගාවින් බැහැලා, කළුබෝවිලට පයින් ආවා.
මරු සීන් එක දුමි අයියා. හිනා වුණා මදි නොකියන්න . ඉතින් මං වගේම කාලෙකට පස්සේ තම නේද උඹටත් බ්ලොග් එක මතක් වුණේ ..?
ReplyDeleteඅයියේ ඔයාලා වලත්තද කියලා ඇහැවුවේ කීවෙනි ගැහිල්ලට ගිහින්ද බං
මමත් අද උදේ නැගිට්ට ගමන්ම කියෙව්වේ උඹේ පෝස්ට් එක. උඹේ කතාව අහලා ඉබි මස් කෑල්ලක් කන්නත් ආසාවක් ආවා.
Deleteඅපොයි නෑ. වලත්ත කතාව එනකොට බෑන්ඩ් එකට සෙට් වෙලා හිටියේ වෙන කට්ටියක්. ඒ වෙනකොට ගොඩක් පරිනත ගතියක් සහ අපි සින්දු ගහද්දි අහගෙන ඉන්න පුළුවන් කමක් තිබුනා.... :)
කාලෙකට පස්සෙ නේ ඈ... සැක් මටත් ආසයි මේ වගේ බෑන්ඩ් එකක් පටංගන්න.. මරු කතාව දුමියෝ...
ReplyDeleteපටන් ගැනුම නම් අමාරු නෑ. අවශ්‍යය වෙන්නෙ ගුටි කන්න හරි දහිරිය තමයි....!
Deleteමදැයි මංගල ගැහිල්ල බලන්න ආව.... :D පොස්ට් එක කියවන්න වෙලාව මදි පස්සේ කියවල කොමෙන්ට් එකක් දාන්නම්.... :D
ReplyDeleteගතමනාවට මොකෝ වුනේ ? :)
ReplyDeleteකාරියබහුල තමා, ඒකට එහෙමයි කියලා පොස්ට් දෙකක් අතර මෙච්චර මෙව්වා එකක් තියා ගන්න එපා දුමී අයියෙ.
ගතමානවට වෙච්චි එක මම ඕං උඩින් ලියලා තියෙනවා.....!
Deleteකාර්ය බහුල වෙලාවල එහෙම උනේ නැත්නම් දැනුත් ගතමනාවට කෙලවෙන්න ඉඩ තියෙනවා....!
මදැ ඔයින් ගියා, මුල් කාලේ කාටත් ඉතින් ඔහොම තමයි නේ.
ReplyDeleteමුල් කාලේ විතරක් නෙමෙයි, පස්සෙ කාලෙත් ඔහොම අකරතැබ්බ නොවුනා නෙමෙයි....!
Deleteහික් හික් හික්,
ReplyDeleteබෑන්ඩ් ජීවිතේ කියන්නේ පට්ට ආතල් වගේම මෙලාවකට මෙලෝ රහක් නැති ජීවිතයක්.මේක කියෙව්වාම මගේ බෑන්ඩ් ජීවිතේ නිකම්ම මතක් වුනා දුමියෝ.
බෑන්ඩ් ජීවිතේ කියන්නෙ කට්ට, පැනි රස, තිත්ත රස, ලුණු රස ඔක්කොම රසවල් එක්ක ගෙවන ජීවිතයක්.....!
Deleteමං හිතන්නේ 1994 දී පාන් ගෙඩියක් 3.50 යි ද කොහෙද?
ReplyDeleteචන්ද්‍රිකා ඇවිත් තාවකාලිකව අඩු කළා වෙන්න ඕනෑ. මෙන්න චාට් එකක්.
Deletehttp://www.lankanewspapers.com/news%5C2007%5C5%5C14682_image_headline.html
ඒ දවස්වල උඩ ගිය චන්ද්‍රිකාව පාන් ගෙඩිය 3.50ට දුන්න තමයි. 91 දි අර කිව්වත් වගේ පාන් ගෙඩිය 5.50යි වගේ තමයි දැන් නම් මට හිතෙන්නෙ.
Deleteකසූට මේ ලඟදි හදපු චාට් එකක් හම්බ උනේ එහෙම නැද්ද ? එහෙහ්නම් පාං ගෙඩිය පාංගෙඩියක් කියලා හොයා ගන්න බැරි විදිහට උස් කරන්න වෙයි.....!
අද හොඅද නැකත් දවසක් බන්
ReplyDeleteඔය මංගල ගැහිලි, චුට්ට මිස් වුනොත් සොරි
ඒක තමයි අර හිස් අහස ලියන සඳරුවත් අද පෝස්ට් එකක් දාලා....!
ReplyDeleteඒකනං ඉතින් එහෙම තමයි.....!
දැං නෙත් එෆ් එම් එකේ ඉන්න ජනප්‍රිය නිවේදකයෙකුත් මිනිහගෙ බෑන්ඩ් එකේ මංගල ගැහිල්ලෙදි වතුර බෝතල්, සෙරෙප්පු වගේ ඒවයිං ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගත්ත.
ReplyDeleteප.ලි.
අයිය මේ වෙද්දි මංගල ගැහිලි කීයක් විතර ගහල තියනවද ??
ප.ප.ලි.
අපේ මසියත් හිටියද එදා ???
ඕනයෝ, මේ වගේ තව ගුටි කෙලි, ගුස්ති, රැවිලි ගෙරවිලි, හිත රිදිවිලි, කරණම්, පූට්ටු ඔය වගේ මෙකී නොකී ගොඩක් දේවල් වෙලා තියෙනවා බෑන්ඩ් ගහන කාලෙදි.
Deleteමේ සීන් එකට උඹේ මසිය සෙට් වෙලා හිටියේ නෑ. ඌ අපිත් එක්ක සෙට් වෙනකොට අපිට යමක් කමක් කරගන්න පුළුවන් කාලේ සහ අපි ඉස්කෝලවල කාර්නිවල් වගේ එහෙම ප්ලේ කරලා දෙහිවල ගල්කිස්ස පැත්තෙ පොඩි නමක් හදාගෙන හිටියේ.
දෙහිවල පී.ජී.එස් එකේ තිබිච්ච කාර්නිවල් එකකදි ෆුල් සිරා වලියක් සෙට් උනා. ඒකෙදි අපේ සින්දු කියපු එකා එනන්වුන්සර්ට ස්ටේජ් එක උඩදිම බිම දාගෙන ගැහුවා. ඊට පස්සෙ මුළු බෑන්ඩ් එකම පොලීසියේ පැය දෙකක් විතර හිටියා.
එස්.පී.එම් එකේ කාර්නිවල් එකක් තිබ්බා සී.ආර් ඇන්ඩ් එෆ්.සී ග්‍රවුන්ඩ් එකේදි. ඒකෙදි සවුන්ඩ් අවුල් වෙලා (ඊරිසියාවට කරපු කඩාකප්පල් කාරී ක්‍රියාවක්) ස්ටේජ් එකේ ටකරන් වහලෙට බෝතල් ප්‍රහාරයක් දියත් උනා.
මෙන්න මේ සීන් දෙක වෙනකොට උඹේ මසියා තමා අපේ ලීඩ් ගිටාරිස්ට්.
මැනේජර්කාරයා ඊට පස්සෙ වත් දෙසැ. තිස්එක්වැනිදාට ගෙන්නන බෑන්ඩ් වලින් මිඩ්නයිට් මෙඩ්ලි ගහන්න පුළුවන් දැයි කළින්ම අහන්න පටන් ගන්නැති!!!
ReplyDeleteඑහෙම අහන්නත් මැනේජර් කාරයගෙත් ජොබ් එක ඉතුරු උනාද දන්නෙ නෑනේ අරුණි. පව් දරු පවුල් කාරයෙක් වෙන්න ඇති....!
Deleteහයියෝ මදැයි....
ReplyDeleteඒක තමයි....!
Deleteදුමීගේ පෝස්ට් කියෙව්වත්...කමෙන්ට් කරන මුල්ම වතාවද කොහේද...?
ReplyDeleteඅපි පටන් ගන්නකොට බොලා විරාම තියලනෙ..!
උඹේ රසලියවිල්ලට කැමතියි බොල..!
පටන් ගන්න දේවල් නවත්තන්න වෙන වෙලාවලුත් තියෙනවන.....! ඉඳල හිටලා විරාමයක් අරගෙන ආපහු පටන්ගන්න එකත් හොඳා....!
Deleteශිකේ මැනේජර් කාරයා ටිකක් අනුකම්පා සහගත පාර්ට් එකක් රඟපෑවා නම් වැඩේ බජව්වක් විදිහටවත් කරගෙන යන්න තිබ්බා. හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteබජව්වක් ? කවුද අපිත් එක්කද ? ඒ වෙනකොට සික්ස් එයිට් බීට් එකට යන සින්දු දැනගෙන හිටියේ "වාසනා දිනේකි මේක..." විතරයි....!
Deleteඅර අංකල් සියදිවි නසාගත්තෙ සංගීතය මිහිරි කම විඳදරාගන්න බැරුව වෙන්නැති නේ! :D
ReplyDeleteඒ අංකල්ගේ වයිෆ් පස්සෙ කාලෙකදි අපිව දකින කොට ඔරෝගෙන යන්න පටන් ගත්තෙ අපේ බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ලයි ඒකයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඇති....!
Deleteමන් මේ බ්ලොග් පිටු ටික එකතු කරලා පරණ බෝතල් පත්තර කාරයෙකුට දෙන්න කියලා හැදුවේ. පරණ වැඩි නිසා. යන්තම් ඔය අලුත් වෙලා තියෙන්නේ. ඔක්කොම පොස්ට් කියෝලා තිබුනත් කමෙන්ට් කරන්නේ පලවෙනි වතාවට.
ReplyDeleteමන් හිතුවේ ෂොට් බැලන්සින්අවුල් උනා කියලා. (එක්ස් රේ කාඩ් වලින් සද්දේ එන්න හයියෙන් ගහලා ඉලෙක්ට්‍රික් ඩ්‍රම් එකටත් ඒ ගැම්මෙන්ම ගහන්න ඇති කියලා හිතුනේ)
ඒ කාලෙත් දුමියගේ බඩ මේ වගේ උනානම් ඉතින් දිවිලි බොරු. හා නැද්ද මන් අහන්නේ?
විකුණගන්න පුළුවන් උනොත් මටත් කීයක් හරි දෙන්න....!
Deleteඒ කාලේ ඉන 28යි, දැන් 42යි....!
සංසාරේ සංසාරේ දුමියා ඒ කියන්නේ බෑන්ඩ් කාපු කොල්ලෙක් :)
ReplyDeleteබෑන්ඩ් කාපු නෙමෙයි, පාර්ටි වනසපු, වෙඩිං කඩා කප්පල් කරපු...තව ගොඩක් නම්බු නාම තියෙනවා....!
Deleteඑහෙනම් ඒ අලුත් අවුරුද්දේ හොඳට සැලකිලි එහෙම හම්බ වෙන්න ඇති නේද???
ReplyDeleteඑහෙම තමයි , වැටි වැටි තමයි නැගිටින්න ඕනෙ....!
Deleteඔයින් ගියා මදැයි.... මෙහෙම බ්ලොගක් තිබ්බා කියල මතකයි... ඉස්සර.. මේ ඒකමද ?
ReplyDeleteඒකමද කියලා ෂුවර් නෑ....! ටික දවසක් බලන්න වෙයි....!
Deleteමමත් දන්න කියන මල්ලිලා වගයක් ඔහොම බෑන්ඩ් එකක් පටන් අරං වෙඩිමකින් තමයි ඕපනින් අරං තිබ්බේ.. කොහෙන් හරි ලීක් වෙලා එක දිගට අරුං ගහන්න නොදන්න සිංදු ඉල්ලලා මල විකාරයක් වෙන්න ගිහින් අන්තිමේ සීඩී එකක් දාලා වැඩේ ෂේප් කරගන්න පුළුවං උනා..
ReplyDeleteඑල එල.. !
හැමෝම වැඩේට අලුත් නම්, පටන් ගන්නකොට ඔය වගේ අකරතැබ්බ වෙන එක වල්ක්වන්න බෑ....!
Deleteඉතින් එදා බෑන්ඩ් එකේ සල්ලි ගෙවුවාද? සල්ලි නැතත් කමක් නැහැ ගුටි නොකා බෙරුනනම්.
ReplyDeleteසල්ලි වලට වෙච්චි දේ මම උඩින් කමෙන්ට් එකක් විදිහට දාල තියෙනවා....! ගුටි කන්නත් ලොකු සම්භාවිතාවක් තිබුනා එදා නම්....!
Deleteඅප්පේ.. කට කැහිල්ල ආපහු ඇවිත් තියන්නේ ඔය. නියම බෑන්ඩ් ගැහිල්ල තමා එක නම්..
ReplyDeleteකට නම් හිටු කියලා කසනවා.... ඒත් කසා ගන්න වෙලාවක් තමයි නැත්තෙ....!
Deleteසිත්ගත් කෑලි....
ReplyDelete//... ඔය අස්සෙ අපේ ඩ්‍රමාගේ අම්මා ඇවිත් මේවා මේ ලේසියට පාසුවට ගන්න ඕන වැඩ නෙමෙයි කියලා කට්ටියවම කුදලෝගෙන එක්කගෙන ගියා කළුබෝවිල පංසලට. ගිහින් බෝධිපූජාවක් එහෙම තියලා හාමුදුරවන්ට කියලා අතේ පිරිත් නූලකුත් බැන්දා.....//
//....මතක ඇති කාලෙක ඒ වගේ අසරණ කමක් මීට කලින් දැනිලා තියෙන්නෙ දහම්පාසලේ තුනේ පන්තියේ ඉන්දැද්දි බුද්ධ පූජාව හොරෙන් කාල හාමුදුරුවන්ට අහුවෙච්ච දවසේ විතරයි.......//
ඇදිලා ආපු එකේ කම්මැලි නොබලා බුද්ධ පූජා කතාවත් කොටලා දාමු අයියා :D
ලියමු ලියමු, ලිස්ට් එකේ කොහොමත් තව 100කට එහා පැත්තෙ තියෙනවා.....!
Delete"ඊට අමතරව දන්නේ බාබා බ්ලැක් ෂීප්, ට්වින්කල් ට්වින්කල් වගේ ඒවා විතරයි."
ReplyDelete:D
මදැයි ඔයින් ගියා. විඳවනකොට අමාරු වුණාට, දැන් ආපහු මතක් කරනකොටනම් රසවත් සිදුවීමක්.
ඒකනම් එහෙම තමා නලිනි...! හිටපු ගමන් තාමත් ඔය වගේ අකර තැබ්බවල් වෙනවා....!
Deleteමම කල්පනා කරේම කන බොන උන් එකම සින්දුව තුන් හතර පාරක් ඉවසගෙන ඇහුවේ කොහොමද කියලා....
ReplyDeleteකන බොන නිසා තමයි එහෙමවත් ගහන්න පුළුවන් උනේ....!
Deleteඅයියා අර ගිටාර් එක කුචුකවද්දි අපිටත් හිතුනා තමා ඉස්සර ෂෝවලට ගිහාම මිනිස්සු කොච්චර අය්යලගේ සින්දු විඳවන්න ඇද්ද කියලා :P
ReplyDeleteබා බා බ්ලැක් ෂිප් ....බෑන්ඩ් එකේ කොල්ලෝ ටික
ReplyDelete''non for the band boys..crying down the lane...''
පව් නේ
අප්පා මට එදා මේක කියවද්දී මැවිලා පෙනුන බොලා ටික අර මනේජරයා සද්දේ දාද්දී නයා මැරුනු අහිකුන්ඨකයෝ වගේ ඉන්න ඇති කියලා . . හික් හික්
ReplyDeleteහප්පා........ විනසයි. කුජීත වෙලානේ දුමීයෝ..
ReplyDeleteහික්ස්... අම්බිලි මාමේ ගහද්දි ඕඩියන්ස් එකේ මූණු මට මැවිලා පේනවා....:D
ReplyDeleteකෑම කොහොම වෙතත් ගුටි කන්නේ නැතිව ආපු එකම ලොකු දෙයක්නේ, ඔය වැඩේ දෙතුන් විටක් උනා නම් බෑන්ඩ් එකට දාන්න වෙන්නෙ සරිගම කන්නෝ කියල තමයි !
ReplyDelete