දත් නැතිදා....!

Posted by දුමී

මගේ කට කහන කතා වල ඉන්න ජනප්‍රියම චරිතයක් තමයි අපේ බ්‍රයන් අයියා. මම එයා ගැන කතා කීපයක්ම ලියලා තියෙනවනේ. දැනට මාස දෙක තුනකට විතර කලිනුත් බ්‍රයන් අයියව මුන ගැහිච්ච වෙලාවත් එයාට වෙච්ච සිරා කතාවක් කිව්වා. බ්‍රයන් අයියත් දැන් ඩුබායි හන්දියේ පදිංචියට ඇවිල්ලත් මහ ලොකු කාලයක් වෙනවා මගේ හිතේ. කොහොමත් මේ දවස්වල බ්‍රයන් අයියා මෙහේ ජීවත් වෙන්නෙ තනියම. දරු පවුල ඉන්නෙ ලංකාවෙ. කාලයක් ඒ ගොල්ලොත් බ්‍රයන් අයියත් එක්ක මෙහේ ඉඳලා පුතාලා දෙන්නගේ ඉගෙනීමේ පහසුව හින්දාම ලංකාවෙ පදිංචි වෙන්න ගියාට පස්සෙ තමයි බ්‍රයන් අයියා තනියම ඉන්න පටන් ගත්තෙ.

ඔන්න ඉතින් දරු පවුල ලංකාවෙ පදිංචි වෙන්න ගියාට පස්සෙ ලොකු ගෙයක් කුලියට අරන් ඉන්න එකේ තේරුමක් නෑනේ කියලා අපේ බ්‍රයන් අයියත් ඔය දන්න කියන කීප දෙනෙක් එක්ක ෂෙයාරින් පාරක් දාගෙන කාලයක් ඉඳලා තියෙනවා. ඔය අතරේ ඉතින් ඉන්දියාවෙ මලය රට පැත්තේ එවුනුයි, පකිස්තාන් කාරයොයි වෙනත් වෙනත් ජාතිවල කට්ටියත් එක්ක එකට ජීවත් වෙලා හොඳ හොඳ එක්ස්පීරියන්ස් එහෙම තියෙනවා අපේ බ්‍රයන් අයියට.

දන්නවනේ ඉතින් ඔය විදිහට ෂෙයාරින් පාරක් දාගෙන ඉන්න කොට එක එක ප්‍රශ්න වලට මුහුන පාන්න වෙනවනේ. දැන් මේ දවස්වල තිබිලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය බාත් රූම් එක ෂෙයාර් කරන එක. උදේ පාන්දර හැමෝම වැඩට යන්න තදියමේ නැගිටගෙන බාත් රූම් පෝලිමේ ඉන්න එක ලේසි පාසු වැඩක් නෙමෙයිනේ. ඔය අතරේ බ්‍රයන් අයියලත් එක්ක ගජේ ගහගෙන ඉඳලා තියෙනවා මලයෙක්. ඒ කියන්නෙ ඔය ඉන්දියාවෙ කේරල ප්‍රාන්තෙ පැත්තෙ බුවෙකුත්. මේකා හැමදාම උදේ පාන්දරම නැගිටලා බාත් රූම් එක අත් පත් කරගත්තාම ආපහු පැයකටත් මෙහා පැත්තේ එළියට එනවා බොරු. ඔය අස්සෙ බාත් රූම් එකට ගිය වෙලාවෙ ඉඳන් මූ ෆුල් ආතල් එකේ සින්දු කිය කියා විසිල් ගගහා තමයි ඉන්නවා කියන්නෙ. අනිත් එවුන් ටික පෝලිමේ ඉන්නකොට ඉතින් කට්ටියටම ඇහෙනවලු මූ විසිල් ගගහා දත් මදිනවා. දත් මදින සද්දෙත් ඇහෙනවා, ඒ අතරේ මේකා විසිලුත් ගහනවා.

යකෝ දත් මැද මැද විසිල් ගහන්නෙ කොහොමද ? බ්‍රයන් අයියයි අනිත් බුවාලටයි මේක දැන් මාර ප්‍රශ්නයක්. ඔන්න මුන් සෙට් එක අර කේරල බුවාගෙන් අහනවලු කොහොමද දත් මදින ගමන් විසිල් ගහන්නෙ කියලා. ඒ පාර මලයා කියනවලු, හොඳට පුරුදු වෙන්න ඕනෙ. පුරුදු උනහම ඉතින් ඒක එච්චර අවුලක් නෑ කියලා. ඔන්න එදා ඉදන් හැම එකාම ෆුල් ට්‍රයි පාරක් දානවලු විසිල් ගගහා දත් මදින්න ප්‍රැක්ටිස් කරන්න. සමහරු ඉස්පොල්ලේ හිටන් ටූත් පේස්ට් යවාගෙන ප්‍රැක්ටිස් කරනවා. ඒත් කොහොම කලත් අරූ තරම් හොඳට එකෙක්ටවත් දත් මදින ගමන් විසිල් ගහන්න පුළුවන් උනේ නෑ.

ඔය අතරේ දවසක තමයි උදේ පාන්දර බ්‍රයන් අයියට බඩේ අමාරුවක් හැදිලා අලි ජරමරයක් වෙන්නේ. ඒ වෙනකොටත් අර මලයා බාත් රූම් එකට රිංගගෙන ඉඳලා තියෙන්නෙ. කොච්චර දොරට තඩි බෑවත් මූ නෙමෙයි එලියට එන්නේ. අන්තිමට බ්‍රයන් අයියට මල පැනලා අද නම් "මුගේ දත් ටික ගලෝලා අතට දීල තමයි මම අද පස්ස බලන්නේ කියලා" හයියෙන් දොරට ගහනකොටම දොරේ අගුල ගැලවිලා දොර ඇරිලා. දොර ඇරෙනකොටත් මලයා විසිල් ගගහා දත් මදිනවා. අරූගේ දත් සෙට් එක ගලවලා අතට දෙන්න කියලා ගියාට ආයි දත් සෙට් එක ගලවන්න දෙයක් නෑ. ඌ දත් සෙට් එක ගලවලා අතේ තියාගෙන  ටූත් බ්‍රෂ් එකකින් මදින ගමන් තමයි ලොම්බෙන් විසිල් ගහන්නෙ. ඒක දැකලා හිනා ගිය පාරට බ්‍රයන් අයියාගේ බඩේ අමාරුවත් හොඳ වෙලා.

ඒ මලයා මෙච්චර කල් බොරු දත් කුට්ටමක් දාගෙන තමයි ඉඳලා තියෙන්නෙ. ඒක තමයි දත් මදින වෙලාවට ඌට ගේමක් නැතිව දත් නැති කටින් විසිල් ගහන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

දැන් මේ කාලේ අපේ ලංකාවෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම චක බ්ලාස් වෙලානේ තියෙන්නේ. මතකනේ ඔය පහු ගිය ටිකේ ඔය ගොයියෝ ටික අර ඉසෙඩ් ස්කෝර් එකක් අල්ලගෙන නාගත්ත නෑම? ඔන්න ඉතින් ඔය පලවෙනි පාරට බයෝ වලින් ඒ ලෙවල් කරලා මෙඩිකල් කොලේජ් යන්න පුලුවන් වෙලා හිටිය කොල්ලෙක්ට දෙවනි පාර ඉසෙඩ් ස්කෝර් අවුල නිසා යන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඩෙන්ටල් වලට. ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑනේ. පොරත් හොඳටම අප්සෙට් ගිහිල්ලා දන්න කියන ටිකක් බලගතු පුද්ගලයෙකුත් එක්කම ගිහින් තියෙනවා විභාග දෙපාර්තුමේන්තුවට මේ වෙච්ච අලකලංචියට විසඳුමක් හොයාගෙන. එතන ඉන්න ඉහලම නිලධාරියෙකුට ගිහින් මේක පැමිනිලි කොරනකොට මේ අසරණ ශිෂ්‍යයා කියනවලු,

"අනේ සර් මගේ අම්මයි තාත්තයි දෙන්නම විශේෂඥ්ඥ වෛද්‍යයවරු. දෙන්නම හාර්ට් ස්පෙෂලිස්ට්ලා. අපේ සීයත් එහෙමයි. මගේ අක්කත් දැන් මෙඩිකල් කොලේජ් එකේ ස්පෙෂල් කරන්නෙ කාඩියලොජි (හදවත සම්භන්ධ ). මමත් හිතන් හිටියේ කාඩියලොජිස්ට් කෙනෙක් වෙන්න..... ඒත් මේ අවුල නිසා මට දැන් යන්න වෙන්නෙ ඩෙන්ටල් වලට...."

ඉතින් අර ඉහල නිලධාරියත් පුටුවේ හරි බරි ගැහිලා වාඩිවෙලා මෙහෙම කියනවලු,

"පුතා දැන් බලන්න, මිනිහෙකුට හාර්ට් කීයක් තියෙනවද ? එකයි නේද ? එතකොට දත් කීයක් තියෙනවද....? 32 යි. අනේ බං කොල්ලෝ ඉතින් උඹ ඩෙන්ටල් කරන එකද වාසි, කාඩියෝලොජි කරන එකද වාසි ?"

ඒ කොල්ලා ඊට පස්සෙ ඩෙන්ටල් යන්න හිතා හදාගෙන කියලා තමයි ආරංචිය.....!

වයසට යනකොට ටික ටික කටේ දත් සමහර වෙලාවට ගලවන්න වෙනවා මොකද දිරා පත් වෙන නිසා. ඉතින් ඔය කාලෙට සමහරු ඒ ගලවපු දත් වෙනුවට කෘතිම දත් දාගන්නවා. අපේ තාත්තත් අවුරුදු ගානක්ම රැකියාව කලේ ඕමාන් රටේ නාවික හමුදාවෙ. එහේ ඉන්න කාලේදි තාත්තගෙත් ඉස්සරහ පැත්තෙ ගලෝපු දතක් වෙනුවට කෘතිම දතක් දාගෙන ඉඳලා තියෙනවා. දවසක් යාළුවෙක්ගේ ගෙදර පාටියක ගිහින් ඇවිත් පහුවදා නැගිටලා බලනකොට තාත්තගේ අර දාපු දත මිසින් ඉන් ඇක්ෂන්. කාමරේ හැම තැනම හෙව්වත් හම්බ වෙලා නෑ. ඔන්න කොහොම හරි වැඩට ගියාට පස්සෙ කලින්දවසේ පාටිය තියපු යාළුවා පොඩි පොලිතීන් කවරෙක දාලා ගෙනත් දෙනවලු කුකුල් කකුලක් (කට්ටක්). අනේ ඒ කුකුල් කට්ට පලාගෙන රැඳිලා තියෙන්නෙ තාත්තගේ නැති වෙච්ච දත. එදා ඉඳන් අපේ තාත්තා කුකුල් මස් කන්නේ නෑ.

ඔය ඒකාලේ අපි කසාද බදින්නත් ගොඩක් කාලෙකට කලින් අපේ ගම හාමිනේලගේ ගෙවල් ගාව තලතුනා ගෑණු මනුස්සයෙක් හිටියා චාලට් අක්කා කියලා. සෑහෙන්න දුප්පත් ඒ වගේම අහිංක මේ මනුස්සය ටිකක් තප්පදෝරු සයිස් එකේ. ඒ වගේම රෑකට ටෝච් එකක් නැතිව තමන්ට තමන්ගේ අතපය කකුල් ටිකවත් වෙන්කර අඳුනගන්න බැරි තරමටම කාල වර්ණ දේහ ධාරිණියක්. ඔය මනුස්සයා ඒ දවස්වල ජීවත් උනේ කෑම පැකට් විකුණලා. හැබැයි ආයේ කතා කරන්න දෙයක් නෑ ඒ කෑම වල නම් තිබුනේ පුදුම රහක් තමයි. ඒ වගේම අපේ ගම හාමිනේලාගේ ගෙදරට කිව්වොත් එක බත් එකක් දෙන්නේ දෙතුන් දෙනෙකුටම ඉස්මුරුත්තේ හැදෙන තරමට කන්න පුළුවන් විදිහට තමයි.

අනේ ඉතින් ඔය චාලට් අක්කගෙත් ඉස්සරහ ඇන්දේ එක ලඟ දත් තුනකම දාල තිබුනේ බොරු දත්. ඔය අතරෙදි තමයි චාලට් අක්කට හරි ලොකු අකරතැබ්බයක් වෙන්නෙ. කොහේදෝ මන්දා කොටහලු ගෙදරකට ගිහිල්ලා බඩ පැලෙන්න කකා ඉන්න ගමන් කවුදෝ කිව්ව විහිළු කතාවකට හිනා වෙන්න ගිහින් එක පාරටම අර බොරු දත් සෙට් එක පිටින්ම චාලට් අක්කට ගිලිලා. අනේ දැන් ඉතින් බොහෝම දුකින් චාලට් අක්කා ඉන්නවා හැමෝටම දුක කිය කිය. අලුතෙන් දත් සෙට් එකක් දාන්නත් බර ගානක් යන එකේ බත් පැකට් හදලා විකුණලා ජීවත් වෙන මේ මනුස්සයට ඒක කොහොමවත් ඔරොත්තු දෙන්නෙ නෑ. එදා ඉතින් ඔය කොටහලු පාටියට ගිහින් ඇවිදිනුත් අපේ ගම හාමිනේලගේ ගෙදරට ගොඩ වැදිලා දුක කිය කිය හිටපු චාලට් අක්කා කොහොම හරි පහුවෙනිදා දවල් කරේ ආපහු එනවලු අපේ ගම හාමිනේලගේ ගෙවල් පැත්තෙ. හරිම සන්තෝසෙන් සිරික්කියකුත් දාගෙන ආපු චාලට් අක්කගේ කටේ අර නැතිවෙච්ච දත් ටිකත් තියෙනවලු. ඔන්න ඉතින් අපේ ගම හාමිනේගේ අම්මා ඇහුවලු,

"චාලට් අක්කේ, අළුතෙන් දත් කුට්ටමක් දා ගත්තද.....?"

ඔන්න ඉතින් චාලට් අක්කා කියනවලු,

"අනේ නෝනේ අපිට කොහෙන්ද අළුතෙන් දත් ගන්න සල්ලි. මම ගෙයි පිටිපස්සට ගොහින් පත්තර කොලයක් උඩට එළි බැහලා බලනකොට මේ යස අගේට ඇවිල්ලා තිබුනේ දත් ටික. අනේ මම ඉතින් ඒක ටැප් එකට අල්ලලා කටේ දාගෙන මේ එමින් ගමන තමයි මේ.......!"



පින්තූර සඳහා අනුග්‍රහය...... http://www.freakingnews.com/Teeth-Pictures--1572.asp

118 comments :

  1. පට්ට දත් කතා සේට් එක ලොකු අයියේ ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා පොඩි මල්ලි.....!

      Delete
  2. දැන් දත් දාල තියන කට්ටියට මේක කියවන්න කලින් දත් ටික ගලවල තියල ඉන්ඩල. නැත්නම් චාලට් අක්කට වෙච්ච එකට හපන් වෙයි දත් ඉස්මොල්ලෙ ගිහින්.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම හොඳ අවවාදයක් තමයි.....

      Delete
  3. අන්තිම එක නම් බුවෑක්..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තේරෙයි ටිකක් වයසට ගිහිල්ලා දතක් දෙකක් දාගන්න උනහම...!

      Delete
  4. මේක කියද්දි මට අපේ මල්ලිලගෙ දත් කතාවක් මතක් වුණා
    ඒ දවස්වල අපේ මල්ලිට යාලුවො සෙට් එකක් හිටිය.. උන් අපේ ගෙදර ආවාම දත් මදින්නෙ මල්ලිගෙ බ්‍රෂ් එකෙන්.. මූණ පිහින්නෙ එක තුවායෙං... හොස්ටල් පුරුදු නෙව... අපේ එකත් එහෙම ඇතිනෙ උන්ගෙ ගෙවල්වල ගියාම... ඒ හන්ද මං උන් එනව කියල දැන ගත්ත ගමන්ම ඉස්සෙල්ලම කරන්නෙ බාත් රූම් එකේ තියෙන මගෙ බ්‍රෂ් එක හංගන එක...
    දවසක් අපේ මලය තව යාලුවෙක්ගෙ ගෙද ගිහින් බාත් රූම් එකේදි දත් මදින්ඩ හෙව්වාම අර යාලුව බ්‍රෂ් එකෙන් දත් මදින ගමන් එතන තිබුණ තව බ්‍රෂ් එකක් දුන්නලු... දැන් ඔන්න මලයත් මේකෙන් දත් මදිනවලු... මදින ගමන් මලය හිතුවලු යකෝ මූ දැන් උගෙ එකෙන් මදින ගමන මට දුන්නෙ මොකාගෙ බ්‍රෂ් එකද කියන...
    ඒ හන්ද මූ ඇහුවලු
    ඒ බං කාගෙද මේ බ්‍රෂ් එක?? කියල
    අරූ දත මැද මැද කටේ කෙල පුරවගෙන හස්ත මුද්‍රාවෙන් කිව්වලු ගෙදර හැමෝගෙම කියල...
    ඒ පාර මූණ චකබ්ලාස් වෙච්ච අපේ මලයව දැකල මූ වැඩිදුරටත් පැහැදිලි කළාලු ඒක ඒ පවුලෙ හැමෝගෙම නියපොතු මදින බ්‍රෂ් එක කියල හස්ත මුද්‍රාවෙන්ම...


    දන්නවද මගෙ පළවෙනි දත ගැලවුණේ බුල්ටෝ එකක් හපලනෙ අයියෙ... ඒකත් නියමයි... තව ටිකෙන් දත් දෙක තුනක්ම කඩාගන්ඩ තිබුණ දතත් එක්ක බුල්ටෝ එක හපල!!
    අර චාලට් අක්කගෙන් තාමත් ඔයාල කෑම ගන්නවද අප්ප??

    ReplyDelete
    Replies
    1. //අර චාලට් අක්කගෙන් තාමත් ඔයාල කෑම ගන්නවද අප්ප??//

      ඔව්ලු කනවලු, ඉස්මුරුත්තාව එනකං කනවාලු, ඇයි ඉතිං මෙයාලාට දෙන බත් දෙතුන්දෙනෙකුට කෑ හැකිලුනේ........... :D

      ඔන්න බං අයියේ බොට වැරදිච්ච තැන............

      Delete
    2. හෆොයි මල්ලි.....!

      මම නම් අහලා තියෙනවා අළුතෙන් බැඳපු ජෝඩු නම් එක පිඟානක්, එක කෝප්පයක්, එක ටූත් බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා....!

      බුල්ටෝ කන්න කලින් එස්.ආර් ගාලා දත් මැද්දා නම් ඉවරයිනේ....! (දැන් ලංකාවෙ එස්.ආර් නෑ නේද ? )

      චාලට් අක්කා ඒ කාලෙම ඒ පැත්තෙ ගෙවල් අත ඇරලා ටිකක් ඈතට පදිංචි වෙන්න ගියා.

      Delete
  5. අම්මෝ සහතික ඇත්ත.. මටත් අර එස්. බි. මි හරකාගේ දත් ටික ගලවල දෙන්න හිතෙනවා.. ඌ කියන ගොබ්බ කතා වලට.. අම්මපා...
    චාලට් අක්කගේ දත් සෙට් එක... ඕවා ගානක් නෑ.. තමන්ගේ දත්.. තමන්ගේ බඩ.. තමන්ගේ පුක.. තමන්ගේ මලපහ... ඉතින් මොකෝ... :D

    ReplyDelete
    Replies
    1. නිරවුල් අදහසක් මල්ලි. ගොඩක් පැහැදිලියි....! හික් හික් හික්...!

      Delete
  6. // මම ඉතින් ඒක ටැප් එකට අල්ලලා කටේ දාගෙන එමින් ගමන තමයි මේ//

    මින්ස්සුන්ට මෙහෙමත් මඩ ගහනවද බොලව්?? :D :D :D

    ReplyDelete
    Replies
    1. මඩ කන්න හොඳ නම් මඩ ගැහුවාම මොකෑ වෙන්නෙ ?

      Delete
  7. දත් .. හ්ම්ම්. මගේ නම් තව ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ..

    ඉස්කෝලේ එකට හිටපු බුවෙක් දත් දොස්තර වෙලා මේ පැත්තේ ක්ලිනික් එකක් දා ගෙන උන්නා. විශ්වාසෙට මෑන්ස් ලඟට ගියා දතක් ගලව ගන්න. හිරි වට්ටන්න ගැහැව්වා ඉන්ජෙක්සන් . වැඩක් වුනේ නැහැ, හිරි වැටුනේ නැති නිසා. ටික වෙලාවකින් තව පාරක් ගැහැව්වා. ටික වෙලාවකින් මට ලාවට හිරියක් දැනුනා, නොදන්නා කමට මම හිතුව ඒක වෙන්න ඇති හිරි වැටීමෙ තරම කියල. මම ගැන විශ්වාසෙ තියපු දොස්තර මචං දත ගලවන්න පටන් ගත්තා..

    බුදු අම්මෝ, මට වේදනවා උපරිමයි. ඒ මදිවට දතත් ගැලවෙන්නේ නැහැ. මු තව හොලවනවා. අන්තිමට වේදනාව තව තවත් උපරිම වෙලා මට ඇස් පෙන්නේ නැතිව ගියා.මට විනාඩි දෙකක් ක් යනකම් පෙනුනේ තද කොළ පාටක් විතරයි. බලන කොට ඒ අස්සේ මගෙ දතත් ගලවලා.

    කොහොම වුනත් මිනිහ දත ගැලෙව්වේ නොමිලේ..

    ඊට පැය 2-3 කට පස්සේ මගේ මුළු මුණම හිරි වැටිල ගියා. ඒ කියන්නේ කලින් හරියට හිරි වැටිල නැහැ...

    කොහොම හරි තව දත් 2ක් 3ක් ගැලව ගත්තට පස්සේ මටත් විසිල් ගහන්න පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. මමත් අවුරුදු 10 දොලහ කාලෙදි ඔය කොල්ලුපිටිය පැත්තෙ තිබිච්ච ඩෙන්ටල් ක්ලිනික් එකකට ගියා දතක් ගලවන්න කියලා. අපේ අම්මා තමයි හොයා ගෙන තිබුනේ ඒක ඒ කාලේ දිබිච්ච හොඳම ඩෙන්ටල් ක්ලිනික් එක කියලා. මගේ හක්කෙ දතත් ටිකක් කෝම්බයක් වෙලා මැදින් විදුරු මහත් මතු වෙලා තිබුනේ. කැක්කුම හොඳ ගානට තිබුනේ.

      දත ගලවන්න කලින් ඩොකා ඉන්ජෙක්ෂන් ගැහුවා මුළු කටටම. ඒ මදිවට ඌ අර දතේ තිබුනු කෝම්බෙ ඇතුලට එක පාරටම ඉන්ජෙක්ෂන් එක ගැහුවාම මට චූ ගිය නැති එක විතරයි. ඊට පස්සෙ මූ අඬුව දාල අල්ලපු පාරට දත කුඩු පට්ටම් වෙලා ගියා. ඔන්න ඒ පාර මේකා එක එක ජාතියේ අලවංගු වගේ කූරු දාලා මඤ්ඤොක්කා උගුල්ලනවා වගේ දතේ කෑලි ටික උගුල්ලනකොට මට සිහිය නැති උනා.

      ගෙදර එනකොට මම නිකං පිහි ඇනුම් කාපු එකෙක් වගේ හිටියේ මුළු ෂර්ට් එකේම ලේ පෙරාගෙන.

      Delete
  8. කාළේකට ඉස්සර අපේ ඔෆීස් එකේ සිකුරාදා හැන්දෑවට සෙට් වෙනවා. එක දවසක් කට්ටියම අම්බානක ගාලා ඉන්න අතරේ එකෙකුට වමනේ වගේ ආවා. ඉතින් ඌව වමනේ දාන්න ඇරියා තව එකෙක් එක්ක. ටික වෙලාවකින් තනියට හියපු එකා එනවා ගැරප්පුවක් හොයාගෙන. අපි ඇහුවම ඇයි උඹ වමනේ බයිට් එකට ගන්නද යන්නේ කියලා. අරී කියපි නෑ දත හොයන්න කියලා. කට්ටිය ගිහින් බැලුවම අරූ ඩෝප් මරගාතේ වමනේ එක අත ගානවා දත හොයන්න.

    ReplyDelete
    Replies
    1. වමනේ දානකොට දත් සෙට් එකත් වමනෙත් එක්කම දාපු සීන් මමත් දැකලා තියෙනවා. ගොඩක්ම ඒ කාලේ ඔය වෙඩින් වල ප්ලේ කරන්න එහෙම ගිය වෙලාවල.....!

      Delete
  9. ඊයා.. චාලට් අක්කාගේ කක්කි දත් ..

    ReplyDelete
    Replies
    1. ඇයි, එතකොට දත හෝදගෙන කටේ දාගත්ත එක වැරදිද ? හෝදගත්තෙ නැතිනම් කොහොමද ආපහු කටේ දාගන්නෙ..?

      Delete
  10. ඈක්කා....

    ReplyDelete
    Replies
    1. උඹත් දත් දාපු දවසට තේරෙයි.....!

      Delete
  11. උදේ පාන්දර ලේ පිරිසිදුයි...හිත පිරිසිදුයි...වත පිරිසිදුයි... :D

    මේ මම අහලා තියෙන දත් කතාවක්... වයසක ගෑනු කෙනෙක් ගියාලු දතක් ගලවන්න... අර පුටුවේ ඇල වුණාට පස්සේ, ඩෙන්ටිස් අඬු බඩු සේරම කට ඇතුලට දාන්න පටන්ගද්දිම ගෑනු කෙනා පුටුව යටින් අතදාලා ඩෙන්ටිස්ගේ ෆැමිලි ජුවෙල්ස් මිරිකලා අල්ල ගත්තලු...

    ඩෙන්ටිස් කිව්වලු "මැඩම් ඔයා මගේ අහවල් තැනින් අල්ලගෙන ඉන්නේ කියලා"

    එතකොට ගෑනු කෙනා කිව්වලු "ඔව් මම දන්නවා.. රිද්දන්නැතුව ගලවන්නකො එහෙනං නැත්තං දන්නවනේ වෙන දේ කියලා..." :D

    ReplyDelete
    Replies
    1. මල හත් ඉලව්වයි..... ඩොකා ඩෙන්ටල් එක වහල දාන්න ඇති පහුවදා ඉදන්..

      Delete
    2. බීටලයියා ළඟදී දත් කැක්කුමක් හැදිලා දතක් ගැලෙව්වා නේද? :D :D

      Delete
    3. උදේ පාන්දර දත් පිරිසුදු කර ගත්තෙ නැතිනම් තමයි ප්‍රශ්නේ වෙන්නෙ......!

      යකෝ මටත් හිතෙනවා දැන් ඩෙන්ටල් ක්ලිනික් එකක් දාගන්න.....!

      Delete
  12. ඇති යන්තම්.....මාස එක හමාරකට විතර පස්සේ කට කහන කතාවක් අයෙත් දාල. පස්ට කම්මැලිකමින් හිටියේ.... :)

    ReplyDelete
    Replies
    1. මාස එකහමාරක් ගියාද. අප්පද බොල...කාලේ යනවා තේරෙන්නෙ නෑනේ. මේ අද ඊයේ වගේ....!

      Delete
  13. ඇත්ත කතාව මෙන්න :-
    ඔන්න ඔය අස්සේ හිටි අපේ දුමියා චාලට් අක්කාට අලුත් දත් සෙට් එකක් දාලා දුන්නා. චාලට් අක්කට ඔය ගිලිච්ච දත්වල කතාව දැන් අමතකයි.. ඔන්න ටික දවසකින් බඩේ අමාරුවක්.. ඉස්පිරිතාලෙට ගියාම ඩොකා කිවුවා යට පැත්තෙන් අර කැමරාව දාලා කොලනොස්කොප් එකක් කරන්න ඕනි කියලා. ඩොකා ඔන්න චාලට් අක්කගේ අදොමුකෙන් ඔය ආම්පන්නේ දාල බලල බයවෙච්ච පාර සිහිනැති උනාලු..
    පස්සේ ආරංචි උන හැටියට "යකෝ පුකක් හිනාවෙනවා දැක්කම බය නොවෙන්නේ මොකාද කියලා ඩොකා ඇහුවලු !

    ReplyDelete
    Replies
    1. සරතුත් හොඳයි ස්ක්‍රිප්ට් ලියන්න ගියා නම්. ඔය යස අගේට කතාව අනිත් පැත්තට හරෝලා තියෙන්නෙ....! අයි ටී එන් එක පැත්තෙ ගියොත් හොඳ ස්ක්‍රිප්ට් ලිවිල්ලක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.....!

      Delete
    2. dumi me kathwe real story eka mama personaly dakala thiyenawa mage patient kenekge eyage dath deka gilila passe ma langata eddi dath eliye thalla athule balapu gaman mawath seethala una hinath giya eth pau e welawe man hitiye mara pain ekakin eka gaththe sihi nathi karala. me mage 1st comment eka thanx ape le sudda karanawata!

      Delete
  14. මම ඉතින් කොහොමත් දත් ගලවන එකා වෙච්චි... අන්තිම එක කියෙව්වට පස්සෙ බලන උන්ගේ ඇත්ත දතුත් ගිලෙයි බොල...

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවට උඹ දත් ගලවනවා විතරයි කියලා උඹ අර චාලට් අක්ක කරපු දේටත් එහා යනවනේ.....!

      Delete
  15. අනේ හරි සෝක් දත් කතා ටික මරු...

    ReplyDelete
  16. ආරංචියක් ආවා කට කහන දුමියා දත් කතාවක් දාලා කියලා........

    මං මේ දුමි අයියගේ දත් සෙට් එක ගලවන්න කියලා හිතාගෙන හිටියේ... බ්ලොග් එකක් තියෙනවා කියලා ආයිත් අමතක නොවෙන්න.. හි හි....

    ඔන්න බේරුනා මේපාරට හරිද......

    ReplyDelete
    Replies
    1. හෆොයි මම නොදැන හිටියට මට අරියාදු කරන්න බලාගෙන ඉන්න කශ්ටිය යහමින් ඉන්නවනේ.....!

      Delete
  17. මගේ දත් ටිකනම් තාම ඩෙන්ටල් යන්නේ නැතිව යස අගේට තියෙනවා. ඒකට අපේ මලයගේ. :D

    ReplyDelete
    Replies
    1. මල්ලි පාවිච්චි කරන්නෙ දන්තා මුක්තද ?

      Delete
  18. ඔක්කොම ඉවසතෑකි කතා දාන ස්පීඩ් එක තමා කාල ඉන්න බැරි.


    ගෙදර යන්න වෙන්නෙ මෙයගෙ පෝස්ට් ඔෆිස් එකේ ඉද්දි කියෙව්වොත්. මීට පස්සෙ රෑට බලන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම මොකටද පවු සිද්ධ කරගන්නෙ....!

      Delete
  19. චාලට් අක්කා තමයි දවසකටවත් අක්කා.

    ReplyDelete
    Replies
    1. චාලට් අක්ක හැමදාමත් අක්කාම තමයි....!

      Delete
  20. අන්තිම කතාව නම් මල් හතයි !

    ReplyDelete
    Replies
    1. අපරාදේ අනිත් කතා ටික....!

      Delete
  21. චාලට් අක්කා තාම යහතිං අැති නේ! බඩේ අමාරු එහෙම නොහැදී!

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගාණකින් ඒ මනුස්සයව නම් දැක්කෙ නෑ....!

      Delete
  22. ඔය දත් ගැන කියද්දි,බොරු දත් දාගෙන බොන උන්ට සෑහෙන ප්‍රශ්න වෙනවා,අනිවා වමනේ එක්ක දත් සෙට් එක බිම වැටෙනවමයි

    ReplyDelete
    Replies
    1. අනිවා, මමත් සෑහෙන්න දැකලා තියෙනවා ඔය වගේ සීන් කෝන්......!

      Delete
  23. දත් කතා ටික නම් ටොප්.. හිනා වෙලා පන යන්ඩ ගියා..කමෙන්ට් වල තියෙන කතාත් පට්ට..බීටලේගෙ තියරියත් හොඳා වගේ..!

    ReplyDelete
    Replies
    1. නහින දෙහින කාලේ හිනා වෙනකොට පොඩ්ඩක් පරිස්සමින් වෙනි අයියේ....! ඒක නම් ඇත්ත තමයි, කමෙන්ට් වලට වැටෙන කතා ටික පෂ්ටෙනුත් පෂ්ට......!

      Delete
  24. මමත් කාලෙකට කලිං ලිවුව දත් ගැන කතාවක් . . ඇත්තටම මේක අපි අතරින් වෙන්වෙලා ගිය ඔබා අයියට ගහපු සූටි මඩක්ග

    ReplyDelete
    Replies
    1. උඹල ඉතින් ඒ මනූසයක් මිය පරලොව ගියා කියලවත් ඔය මඩ ගැහිල්ල නවත්තන්නේ නෑනේ....

      Delete
  25. මේකට නියම කමෙන්ට් එකක් මතක් උනා. ඇත්ත සිද්ධියක් - දූමීට පිං දීලා මම ඒක මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් හැටියට දාඤ්ඤං!

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳයි. කාට කාටත් චූටි මහත්තයගේ කෙසෙල් කොටුව පැත්තෙ යතෑකි ලඟදීම හොඳ පුවාලු ඇවරියක රහ බලන්න කාරිය.....!

      Delete
  26. හිනාවෙල දතක් දෙකක් ගැලවුනේ නැතුව විතරයි.

    ReplyDelete
    Replies
    1. හිනා වෙනකොට දත් ටික අල්ලගෙන හිනා වෙන්න. හදීසියේ ගැලඋනත් එතකොට ගිලෙන්නෙ නෑ.....!

      Delete
  27. EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. යකෝ මූට මොකෑ වෙලා තියෙන්නෙ. මගේ ලේ අවුට් එකටත් කෙලලා....!!

      Delete
  28. අද නම් දුමී අයියා කට කහ කහා කතාව ලියලා.. අර දත් 32 කතාව කිව්ව එකාගේ දත් ටිකට කොල්ලා වග කිව්වා කියලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කොල්ලා ඌට හරි මාර්ගේ පෙන්නලා දුන්නා කියලා කෙහෙල් කැනකුයි, කිරි හට්ටි දෙකතුනකුයි අරගෙන උගේ ගෙදර යන්න හිතාගෙන ඉන්නවා ඩෙන්ටල් වලට යන්න කලින්....!

      Delete
  29. මෙන්න මෙයා කක්කා කතාවක් දාලා!

    ReplyDelete
    Replies
    1. කොහෙද කොහෙද මම කක්කා ගැන ලියලා තියෙන්නෙ කියලා කියන්න බලන්න කතන්ද්‍ර.....!

      Delete
  30. ඔන්න යාලුවෝ තුන් දෙනෙක් ඉන්න තැනක දෙන්නෙක් වලියකට පැටලුනාලු.

    එකෙක්- ගහනවා උඹේ දත් හැට හතරම බඩය යන්න!

    අනිකා- හරි ගහපන් බලන්න පුළුවන් නම්?

    තුන්වැන්නා- කොහෙන්ද මිනිහෝ එක මිනිහෙකුට දත් හැටහතරක්? තිස් දෙකයි නේ තියෙන්නේ?

    මුලින් එකා- මං දැන ගෙන හිටියා උඹත් මේකට පැටළෙන බව!

    ReplyDelete
    Replies
    1. ලොජික් එක සම්පූර්ණයෙන්ම වැරදියි. එක්කෙනෙකුට දත් 32ක් නෙමෙයි දත් 64ක් තියෙනවා. කිරි දත් 32යි, සහ ඒවා හැලුනාම හෝ ගැලෙව්වාම එන අනිත් 32ක. එතකොට 64 යි.

      Delete
  31. මට නම් දත් ගැන බයවෙන්න දෙයක් නෑ නිවාඩු දවස් වල හැර අනිත් හැම දවසකම උදේට දත් මදිනවා පරක්කු වෙලා නැගිට්ටෙ නැත්තන්

    ReplyDelete
    Replies
    1. රුචා ඒ කියන්නෙ උඹ කවදාවත් දත් මදින්නෙ නෑ කියන එකනේ. බාප්පගේ කම්පැණියේ වැඩ කරන උඹලට ඉතින් හැමදාම නිවාඩුනේ.....!

      Delete
  32. කියවාගෙන යද්දී මට නම් හිතුනේ දත් තිස් දෙකට කතා තිස් දෙකක්ම දුමි අයියා ලියාගෙන යනවා කියලා. හැබැයි දුමි අයියේ මට ප්‍රශ්ණයක් තියෙනවා. මට දැන් අවුරුදු 25 යි. ඒත් තාම මට දත් 32 ක් නෑනෙ. මට තියෙන්නෙ 28. එකක්වත් ගලවලත් නෑ. හැමෝටම දත් 32 ක් තියෙද්දී මට 28 ක් උනේ කොහොමද ?? මට නම් ඒක ප්‍රශ්ණයක්.... :(

    ඔන්න දත් දොස්තර කෙනෙක් ගාවට කපල් එකක් ආවලු දඩි බිඩියේ.

    වයිෆ් - ඩොක්ටර් දතක් තියෙනවා පුළුවන් ඉක්මනට ගලව ගන්න ඕනෙ. හිරිවැට්ටුවේ නැතත් කමක් නෑ. වැඩේ ඉක්මනට කරගන්නයි ඕනෙ...

    ඩොක්ටර් - ෂා...ඔයා හරිම නිර්භීතයිනේ...කෝ කොයි දතද...පෙන්නන්න බලන්න..

    වයිෆ්- ( හස්බන්ඩ්ගෙ පැත්තට හැරිලා ) ඩාර්ලින් කෝ පෙන්නන්න ඔයාගෙ දත....

    ReplyDelete
    Replies
    1. මරු කතාව.. හිකිස්..

      Delete
    2. // හැමෝටම දත් 32 ක් තියෙද්දී මට 28 ක් උනේ කොහොමද ? //

      මටත් තිබුණු ප්‍රශ්නයක්. කලබල වෙන්ට කාරි නෑ, ඔය අන්තිම කෙළවරේ හක්කෙ දත් එන්නෙ මම හිතන්නෙ පහුවෙල. ඉස්සරහට එයි ළිහිණි. ඒ දත් විදුරුමස පලාගෙන එනකොට දැනෙන සනීපෙ ඔයාට ඉස්සරහට විඳගන්න පුළුවන්. :)

      Delete
    3. වැඩේ කියන්නෙ මේකනෙ DDT...අවුරුදු 25 ක් වෙලා නොආපු දත් මම බැඳලා මගෙ ළමයින්ටත් දත් එන කාලෙට ආවොත්....මරු තමා

      Delete
    4. සමහරුන්ට ඔය දත් හතර එන්නේ නැහැ . මටත් නැහැ . කරදරයකුත් නැහැ .

      Delete
    5. ඒ තියන්නෙ බින්දිට මෙච්චර නාකි වෙලත් තාම විස්ඩම් එක පහල වෙලා නෑ !!

      Delete
    6. අර කට්ටිය කිව්වත් වගේ ඔය විස්ඩම් ටූත් එක එන්නෙ ටිකක් පරක්කු වෙලා."ඔයාට නම් ඔය විස්ඩම් ටූත් එක තාම ඇවිල්ලද නැද්ද කියලා මට නම් සැකයි..." කියලා අපේ ගම හාමිනේ සමහර වෙලාවට කියනවා. ගණන් කරලත් ඕක විසඳගන්න බෑ මොකද මම පොඩි කාලෙදිම හක්කේ ස්ථිර දත් දෙකක් ගලවන්න උනා.

      අපේ ගම හාමිනේට නම් ඔය වගේ විස්ඩම් ටූත් 10ක් විතර ආවා පහුගිය අවුරුදු 10ටම. හැම පාරම නිවාඩුවට ලංකාවට ගියාම එයාට විස්ඩම් ටූත් එකක් එනවා.

      Delete
  33. කතාව නම් නියමයි දුමී අයියේ.. අම්මෝ කවදාවත් බොරු දත් දාන්න හොඳ නෑ.. අර චාලට් අක්කට නම් වස නෝන්ඩිය.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. බොරු දත් දාගත්තට කමක් නෑ කනකොට බොනකොට දත් ටික ගලෝලා තියලා හරි, අල්ලගෙන හරි කෑවනම් බිව්වනම් හරි.....!

      Delete
  34. කතා ටික නම් කටේ දත් සෙට් වගේ මතක තියාගන්න ඕනේ :D

    ReplyDelete
    Replies
    1. හෑහ්.... දත් මතක තියාගන්නෙ මොකෑ...?

      Delete
  35. Replies
    1. අපරාදේ මල්ලි ඔය පෝස්ට් එක කලින් දාල තිබ්බානම් චාලට් අක්කට ඒ රුක් දෙයියව මුන ගස්සන්න තිබ්බා....!

      Delete
  36. අපොයි සාලට්.. කතා පෙට්ටියක්නේ බං.. දිගටම කියෙව්වා..

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්නේ....! චාලට් අක්කා කියන්නෙ කතා පෙට්ටියක් තමයි. කතා කරන්න ගත්තහම ආයේ ඉවරයක් නෑ...!

      Delete
  37. දත් නේද..?

    යකෝ කොමෙන්ට් අස්සේ තියෙන කතා තොගේ...

    ReplyDelete
    Replies
    1. මාරයෝ උම කොහේද බං ගිහින් ඉන්නේ අර රස සරණියේ හැම එකාම උඹව හොයනවා.... යන මලඉලව්වක කියලා පලයං..

      Delete
    2. දත් ගැන මතක් කලහම මාරයා වෙවුලන්නේ ඇයි.....?

      Delete
  38. ඔන්න බොක්සිං තරගයක් යන අතරේ ප්‍රේක්ෂකාගාරෙ එකෙක් කෑ ගහනවලු,

    "ගහපං ගහපං ඕකගේ මූණටම...ගහපං දත් කැඩෙන්ඩ...ගහපං...අන්න හරි මූණටම ගහපං..."

    එතකොට ළඟ ඉන්න එකෙක් අහනවලු,

    "ඔයා හරි ආසයි වගේ නේද බොක්සිංවලට...?"

    එතකොට අරූ කියනවලු,

    "නෑ මං දත්දොස්තර කෙනෙක්.."

    ReplyDelete
    Replies
    1. ඒකත් එල වැඩේ තමයි. දත් දොස්තර වරුත් බලන්නෙ කොහොම හරි දතකට වැඩක් දෙන්න තමය්

      Delete
  39. දත් කුට්ටම් වල ප්‍රශ්න ඔහොම තමා.ඒත් ඕවා ගිලිලා ජේවිතෙත් නැති වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකට තියෙන්න ඔය දත් හදන්න ඕනෙ බඩට ගියාම දිරවන්න පුළුවන් ද්‍රව්‍යයකින්.

      Delete
  40. දත් නැති දා ඇති කඩුව කොස් කොටන්නද ඇහුවලු

    ReplyDelete
    Replies
    1. අටු කොස් කාල තියෙනවද ?

      Delete
  41. චාලට් අක්කට දත් කුට්ටම ගිලිච්ච වෙලාවේ හුස්ම හිර වෙච්චි නැති එක නං ලොකු දෙයක්. මොනවා උනත් හොඳ ප්‍රායෝගික බුද්ධියක් ඇති තැනැත්තියක්.

    ReplyDelete
    Replies
    1. චාලට් අක්කට ඔය දත් තුන ගිලිච්ච එක නිකං කැළණි පාලම යටින් පොල් මුඩ්ඩක් ගියා වගේ වත් දැනෙන්නෙ නැතිව ඇති...!

      Delete
  42. අම්මෝ චාලට් අක්කාගෙ දත් සැට් එක...! ඒ දත් අස්සේ තව මොනවා ඉතුරුවෙලා තියනවද දන්නෙ නෑ.. ඊයා...

    ReplyDelete
    Replies
    1. ඇයි තොටියා ඩෙන්ටිස්ට් කෙනෙක්ද. දත් අස්සෙ හිරවෙලා තියෙන ඒවා ගැන හොයන්න ?

      Delete
  43. චාලට් අක්කගෙ දත් සැට් එකේ රසේ වෙනසක් දැනුන්නැද්ද දන්නෑ නේ..!!

    ReplyDelete
    Replies
    1. චාලට් අක්කගේ දත් සෙට් දාගෙන මට කාල බලන්න බැරි උන නිසා රසේ වෙනසක් ගැන නම් දන්නෙ නෑ....!

      Delete
  44. කතාවයි කමෙන්ට් කතායි සේරම නියමයි. චාලට් අක්කාගෙන් කට්ටිය තාම බත් ගන්නවද

    ReplyDelete
    Replies
    1. ඉතින් බින්දි චාලට් අක්කගෙන් බත් ගත්තම මොකද වෙන්නෙ. අපි කන්නෙ අපේ කටෙන්නේ......!

      Delete
  45. දත් නැති වුනාම කට කසා ගන්නෙ අහවල් එකෙන්ද ?

    ReplyDelete
  46. මකරට ඉතින් අහවල් එකෙන් කසා ගන්න පුළුවන් උනාට, අනේ ඉතින් අපිට අබ සරණයි....!

    ReplyDelete
  47. Patta katha tika aiye ..thawa liyannako..ada eeye ree idan adawenakan ma dagalala okkoma tika ewara kala
    maruma thamai

    ReplyDelete
  48. චාලට් අක්කා ඒක උඹටත් දුන්නා නේද පුසුඹ බල්න්න ඇත්ත කියපන් . ..

    ReplyDelete
  49. නියම කතා ටික. හැමදාම කියවල සද්ද නැතුව යන හින්ද අද කොමෙන්ට් එකක් දැම්මා. වැඩි වැඩියෙන් ලියන්න ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  50. සේරමත් හරි අර අන්තිම ටිකනම් ඔවැක්....ශහ්..අපරාදේ දත් සෙට් 1 බඩෙම තියෙන්න තිබුනේ.

    ReplyDelete
  51. දත් නැති දා ඇති කඩුව කොස් කොටන්නද

    ReplyDelete
  52. පෂ්ට කතා ටික දුමි අයියේ

    ReplyDelete
  53. /*-----ඌ දත් සෙට් එක ගලවලා අතේ තියාගෙන ටූත් බ්‍රෂ් එකකින් මදින ගමන් තමයි ලොම්බෙන් විසිල් ගහන්නෙ. ---*/

    හිනා කාල මරෙන්නේ


    ReplyDelete
  54. චාලට් අක්ක රසට උයලා දෙන්න ඇති දත් සෙට් ඒක වගේම ...

    ReplyDelete
  55. මම දුමි අයියගේ බ්ලොග් එක පෑතට අවේ මාස 7කින්,මට සින්හල ටයිප් කරන හෑටි කියලා දුන්නට පින්,,,,

    මාස 7කට පස්සෙ මම අද තම්යි හිනා උනේ අය්යේ

    Erandi

    ReplyDelete
  56. දුමී අයියා, මම ඔයාව contact කරගන්න ඔනේ.. ඔයගේ mail address 1ක් දෙනවඩ? rajith444@gmail.com

    ReplyDelete
  57. "ලොම්බෙන් විසිල් ගහන්නෙ" ඒක තමා සිරාම කතාව! ඕන එකක්! දුමි අයියා හැමදාම ලියන කතා ටික සුපිරි! නියමයි ආ!!

    ReplyDelete
  58. මුළු බ්ලොගේම කියෙව්වා. නියම කතා ටික. ආපහු ඉක්මනටම කට කහන්න ගත්තොත් හොඳයි.

    ReplyDelete
  59. කට කහනව කෙසේ වෙතත් මට නං කට රිදෙනවා හිනාවෙලාම..හික්ස්.. :D

    ReplyDelete
  60. ඉස්සර අපි ගේමකට යද්දී අහන්නේ දත් නැතිව බත් කන්න ආසද කියල. ඊටත් ඉස්සර අපේ අත්තල මුත්තල ඇහුවේ දත් නැති දාට උක් දඬු ගිනි තපින්නද කියල. දැන් කොල්ලේ අහන්නේ දත නැතිව මොන මගුලද කරන්න පුළුවන් කියල. සම හරක් දත කටවත් මදින්නේ නැතිව බස් වල එහෙම යද්දී ඈනුමක් වත් යැව්වොත් අපිට අහන්න හිතෙන්නේ දත් ටික බඩට යවාගන්න ඕනෙද කියල.

    ReplyDelete

Related Posts with Thumbnails