කුකුල්ලු නිසා

Posted by දුමී

අපි හැමෝම රෑට නිදා ගන්නකොට අදින්න කැමති සැහැල්ලු ඇඳුමක්. පිරිමි අපි නම් ඔය සරමක් එහෙම නැතිනම් ෂෝටක් වගේ එකක් ගහගෙන තමයි නිදා ගන්න කැමති. කාලයක් මමත් සරමක් ඇඳන් නිදා ගන්න ට්‍රයි කලත් උදේ නැගිටලා බලනකොට මම ඇඳ උඩ ඉන්දැත්දි සරම ඇඳ පාමුල තියෙන්න පටන් ගත්තා. සමහර දවස්වලට දන්නෙම නැතිව සරම වරා පොටක් වගේ කකුල් දෙක ගාවටම ගිහිල්ලා ඒක දන්නෙ නැතිව ඇඳෙන් බහින්න යනකොට හොම්බෙන් යන්න ගිහිල්ල පාරක් දෙපාරක් යන්තමින් බෙල්ල කඩාගන්නෙ නැතිව බේරුනා. එදා ඉඳන් මම නිදා ගන්නකොට අඳිනේ සැහැල්ලු කොට කලිසමක්.

ඒ උනත් මම ගොඩක් ඔය හොලිවූඩ් පැත්තේ හදන ෆිල්ම් බලන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා නිතරම දකිනවා ඔය සුද්දෝ ගොඩක් වෙලාවට නිදාගන්නෙ ඇඳගෙන ඉන්න යට ඇඳුම පිටින්මයි කියලා. එහෙම ඉඳලා උදේ වෙච්ච ගමන් දඩි බිඩි ගාලා නැගිටලා අර අන්ඩර්වෙයාර් එකට උඩින්ම කලිසම ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන උන් දුවනවා. ආපහු රෑ උනාම අර කලිසම ගලෝලා දාලා යට කලිසම පිටින්ම බුදිය ගන්නවා. කොච්චර සිම්පල්ද ?

කාලෙකට ඉස්සර අබුඩාබි වල හිටපු අයියා කෙනෙක්ගේ සුදු ජාතික අසල්වැසියෙක්ට ලොකු කරදරයක් උනා මේ පුරුද්ද නිසාත් තව ඒකට කුකුලෙකුත් සම්භන්ධ වුනු නිසාත්. කොහොමත් අබුඩාබි වල ගොඩක් කුකුල්ලු ඉන්නවා. ඒ පැත්තෙ ඉන්න කට්ටිය දන්නවා පොඩ්ඩක් නගරෙන් පිට අතුරුපාරවල් වල යන්න ගියාම දකින්න ලැබෙන නිදැල්ලෙ හැසිරෙන අයිතිකාරයෝ නැති කුකුල්ලු. කාලෙකට ඉස්සර ගෙවල් වල ඇති කරන්න අරගෙන පස්සෙ කාලෙක අයිති කාරයෝ ගෙවල් ඇරලා යනකොට අරගෙන නොගිය, අතරමං වෙච්ච කුකුලන්ගෙන් පැවත එන කුකුල් පරම්පරාවලින් එන කුකුල්ලු තමයි ඒ. හැමතිස්සෙම පැටව් ගැහුවත් මුන්ට වල් කුකුල්ලු කියන්නත් බෑ, වන කුකුල්ලු කියන්නත් බෑ මොකද මුන් ජීවත් වෙන්නේ වනේ නොවන නිසා. පාරවල් අයිනේ තියෙන පඳුරු අස්සෙ බිත්තර දාලා ඒවයේම රැකලා තමයි ඒ කුකුල්ලු පරපුර පැවතගෙන එන්නෙ.

සමර් කාලෙදි පාන්දර හතර හෝ හතරහ මාරවෙද්දි මෙහෙට ඉර පායනවා. ඒ වගේම රෑ අට විතර වෙනවා ඉර බැහැලා යන්න. කුකුල්ලු උනත් ජන්මයෙන් එන පුරුද්දු අත අරින්න උන් කැමති නෑනේ. ඉතින් ඔන්න ඒ පැත්තෙ ඉන්න කුකුල්ලුත් ඈත ක්ෂිතිජයේ ඉර නැගෙන්න කලින් ඉඳන්ම කෑ ගහන්න පටන් ගන්නවා කුක්කු කූක් කූක්....කුක්කු කූක් කූක්.... කියලා. දන්න කට්ටිය දන්නවනේ ඔහොම කෑ ගහන කුකුලා උගේ ගෑනු සතාව උගුඩුවෙක් උස්සගෙන ගියත් කෑ ගැහිල්ල නවත්තන්නෙ නෑ කියලා.

තට්ටු දෙකේ බිල්ඩිමක පල්ලෙහා තට්ටුවේ මම දන්න අයියා ඉන්නකොට උඩ තට්ටුවේ ඉඳලා තියෙනෙ ජර්මන් ජාතික පයිලට් කෙනෙක්. අනේ ඉතින් මේ මනුස්සයා ලෝකේ වටේ රවුම් ගහලා ගහලා පාන්දර ජාමේ ඇවිත් නිදා ගන්න හදනකොටම අර මරුමුස් කුකුලා ඒ බිල්ඩිම ගාවම තියෙන ගහක අත්තක ඉඳන් බෙල්ල මිරිකලා වගේ කෑ ගහනවා. ඔන්න ඉතින් අර අයියට ඇහෙනවලු අර අසරණ සුද්දා බැල්කනියට ඇවිත් කරුණාවෙන් කුකුලට කියනවා "ප්ලීස් කෑගහන්න එපා යකෝ.....!" (හැබැයි කියනවා කියන්නෙ යටි ගිරියෙන් කෑ ගහලා )... ඒත් මොන. කුකුලා නෙමෙයි කණකටවත් ගන්නෙ. අරාබි කුකුලන්ට ජර්මන් තේරෙනවා කියලයෑ...? ඌත් දෙනවා තව ටිකක් හයියෙන් කුක්කු කූක් කූක් කියලා....ඔන්න ඊට පස්සෙ ඇහෙනවාලු ගෙදර තියෙන කොසු, මොප් වගේ දේවල් උඩින් ඉගිල්ලිලා ගිහින් අර ගහේ වැදිලා බිම වැටෙනවා.

සුද්දා ගෙදර ඉන්න දවස්වල පාන්දරට ඕක සාමාන්‍යය සිද්ධියක් වෙන තරමටම කිසිම විශේෂයක් නැතිව ගිහිල්ලා. හැබැයි ඔන්න එක දවසක් සුපුරුදු විදිහට කුකුලා අඬලන්න පටන් අරගෙන ටික වෙලාවකින් අර සුපුරුදු සංසිද්ධි ටික එක පෙලට වෙන්න පටන් ගන්නවා. හැබයි ඊට ටික වෙලාවකට පස්සෙ පොඩ්ඩක් වෙනස් සද්දෙකුත් ඇහිලා මේ වගේ...."ක්‍රාස්...බරාස් තග්....බුදු අම්මෝ...! (ජර්මන් වලින් )". ඔන්න ඉතින් මේ නුහුරු නොපුරුදු සද්දේ මොකක්ද කියලා බලන්න අයියා එලියට ඇවිත් බලනකොට අර සුද්ද පාරෙ ඉඳන් පොඩි එකෙක් වගේ දණ ගාණවා.ඔන්න ඉතින් අයියත් දුවලා ගිහිල්ල සුද්දව නැගිට්ටවලා. දෙයියන්ගේ පිහිටින් පොඩි හීරීම් ටිකක් ඇරෙන්න ලොකු තුවාලයක් වෙලා නෑ පොරට. සුද්දගේ ඉවසීමේ සීමාව පැනපු පාර මූ බැල්කනියෙන් අර ගහට නැගලා තියෙන්නෙ කොස්සත් අතේ තියාගෙන කුකුලව මරන්න.එල්ලිච්ච අත්තත් එක්කම තමයි මූව පාරට ඇදගෙන වැටිලා තියෙන්නෙ. දැන් ඔන්න අහල පහල ඉන්න ගෑණු මිනිස්සුත් එලියට ඇවිත් මේ සද්දෙට. කරුමේ කියන්නෙ ඒත් එක්කම නගරේ පැට්‍රල් යන පොලිස් ජීප් එකත් මේත් එක්කම මෙතන නවත්තලා මොකක්ද මේ කලබලේ කියලා බලන්න. කොරේ පිටට මරේ කියලා සුද්ද ඉඳලා තියෙන්නෙ ජොකා පිටින්. මෙහේ නීතිය හැටියට පිරිමි කෙනෙක්ට දණහිසින් උඩට වෙන්නවත් කොට කලිසම් ඇඳගෙන පාරෙ යන්න බෑ. අනේ ඉතින් අර සුද්දව අල්ලගත්ත පොලීසිය පොරව ජීප් එකට දාගත්තෙ නොහොබිනා ලෙස මහපාරේ ගැවසීමේ වැරද්ද නිසා. සුද්දා ජීප් එකට නගිනකොටත් කුකුලා මර හඬ දිදී කුක්කු කූක් කූක් කියනවලු.

ඔන්න ඔහොමයි අසරණ සුදු පයිලට් කෙනෙක්ට කුකුලෙක් නිසා හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ උනේ.

කුකුලට කකුල් දෙකක් තියෙන එක ගොඩක් අයට ප්‍රශ්නයක් විශේෂෙන්ම පවුලේ පොඩි එවුන් තුන් හතර දෙනෙක් ඉන්න පවුලකට. හරියට අපි පොඩි කාලේ වගේ. අර කුකුල් කකුල් දෙකට කට්ටිය මරා ගන්නෙ නැති එක විතරයි. ඔය ප්‍රශ්නේ මෙහෙ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් තියෙනවා.

දවසක් ඇමරිකාවෙ එක පිටිසර පලාතකට අළුතෙන් පත්වෙච්ච ෂෙරීෆ් කෙනෙක් තමන්ගේ කාර් එකෙන් ගොවිපලක් ලඟින් යනකොට එක පාරටම පැයට කිලෝමීටර් එකසිය ගාණක වේගෙන් ආපු සතෙක් ෂෙරීෆ්ගේ කාර් එකත් පහු කරගෙන ගොවිපලේ වැටත් පැනලා ගොවි පල ඇතුලට පැන්නලු. හොල්මන් වෙච්ච පාර ෂෙරීෆ් කාර් එක නවත්තලා බලනකොට ඒ පැනපු සතා කුකුලෙක්ලු. අප්පද බොල බලාගෙන යනකොට ඒ කුකුලට කකුල් හතරක් තියෙනවලු. ඒ කුකුලා විතරක් නෙමෙයි ගොවි පොල ඇතුලේ ඒ වගේ කකුල් හතරේ කුකුල්ලු මහ ගොඩක් හැම තැනම අහුල අහුලා කකා ඉන්නවලු.

ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ සීන් එකක් දැකපු ෂෙරීෆුත් ඔන්න ගියාළු ගොවිපලේ අයිති කාරයව හම්බවෙන්න. ගොඩක් වයසට ගිය අයිතිකාරයගෙන් ෂෙරීෆ් ඇහුවලු කොහෙන්ද මේ කකුල් හතරේ කුකුල්ලු හොයාගත්තෙ කියලා. ඔන්න ඉතින් ගොවිපලේ අයිතිකාරයා කිව්වලු,

"ෂෙරීෆ් මහත්තයෝ, මට දරුවො හතර දෙනෙක් හිටියා. රෑට කන්න කියලා කුකුලෙක් රෝස්ට් කලොත් හැමදාම ගෙදර රණ්ඩු උගේ කකුල් දෙක බෙදාගන්න. ඉතින් මම ඒකට විසඳුමක් විදිහට ඔය ජාන තාක්ෂණේ පාවිච්චි කරලා කුකුලගේ තටු දෙකත් කකුල් දෙකක් වෙන විදිහට වෙනස් කරා...."

"ෂා හරි ශෝක් විසඳුමක්නේ මහත්තයෝ. ඉතින් ගෙදර ප්‍රශ්නේ විසදෙන්න ඇති නේද ?"

“මොන පිස්සුද ෂෙරීෆ් මහත්තයෝ, ඊට පස්සෙ ආසාවට ගෙදර පැත්ත පලාතේ චිකන් රෝස්ට් කලේ නෑ....

“හෑහ්, ඒ මොකද.....?”

“මේ යක්කු කකුල් දෙකක් තිබිච්ච කාලෙදිත් අල්ලගත්තෙ බොහොම අමාරුවෙන් උන්ගේ පස්සෙ දුවලා. දැන් මුන් කකුල් හතරෙන් දුවනකොට අල්ලයි උන්ගේ නැට්ට...!”

"කොටින්ම මගේ ගොවිපලේ පොඩි කාලේ ඉඳන් වැඩකරපු, කුකුල්ලු ටික බලාගත්ත කොල්ලා තමයි ගිය පාර ඔලිම්පික් මීටර් සීය රන් පදක්කම දින්නේ......!"

ඒ කතාව කුකුල්ලු නිසා ඔලිම්පික් රන් පදක්කමක් දිනපු එකක් ගැන.

අපි හැමෝම දන්නවා පංසල්වල හාමුදුරුවරුන්ට දානේ හම්බවෙන විදිහ ගැන. උන් වහන්සේලාට ගොඩ වෙලාවට දවල් දානය නම් නොවැරදීම ලැබෙනවා මොකද මිනිස්සු දාන මාන දෙන්නෙ දවල්ට. ඒත් ඉතින් හීල් දානේ ඒ කියන්නෙ උදේ දානේ ඒ වගේ සුලබව ලැබෙන්නෙ නෑ. ඉතින් ගොඩක් වෙලාවට හමුදුරුවරු තම්න්ට පුළු පුළුවන් විදිහට ඒක පංසලේ ඇබිත්ත කොලුවෙක් ඉන්නවා නම් එයාට කියලා හරි, නැති නම් තමන් විසින් හරි සිදු කරගන්නවා. බුදු හාමුදුරුවන්ගේ දේශනාවෙ හැටියට රෑට ඝන ආහාරයක් අරගන්නෙ නැතිව සැතපෙන හාමුදුරුවරුන්ට උදේටත් මුකුත් වලඳන්න ලැබුනේ නැත්නම් ලොකු අපහසුතාවයකට තමයි පත් වෙන්නෙ.

ඔන්න දවසක් එක්තරා ගමක පන්සලේ හාමුදුරුවන්ටත් හීල් දානේ මග ඇරුනා. පංසලේ කිසිම දෙයක් තිබුනේ නෑ දානෙට ගන්නවත් දානෙ පිළියෙල කරගන්නවත්. කොහොම හරි ඔය පන්සල කිට්ටුවම තියෙන මුස්ලිම් ගෙදරක ඉන්නවා ගම් කිකිලියෝ දහයක් පහලවක් තියාගෙන බිත්තර එහෙම අරගෙන ලඟ පාත කඩවල් වලට බිත්තර විකුණන්න දාලා කීයක් හරි හොයා ගන්න ජෝඩුවක්. මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට බිත්තර වලට අමතරව ආප්ප, ඉඳි ආප්ප වගේ දේවලුත් කඩවල් වලට දානවා.

කොහොම හරි දානෙ මග ඇරිච්ච දවසෙ හාමුදුරුවෝ දකිනවා මේ බිත්තර ගෙදර ගෑණු මනුස්සයත් උදේ පාන්දරම කඩවල් වලට කඩයප්පම් දාලා හනි හනිකට ගෙවල් පැත්තෙ යනවා. හොඳටම බඩගින්නෙ හිටපු හමුදුරුවොත් අර මනුස්සයට කතා කරලා අහනවා,

"ඉතුරු වෙච්ච ආප්ප එහෙම ගන්න තියෙනවද උපාසක අම්මේ...? මොකද මේ අපේ පොඩි උන්නාන්සේලා ටිකට වත් අද උදේට වලඳන්න මොනවත් පංසල හරියේ නෑ....! ?" කියලා

ඒ වෙනකොට හිස් පංකොල වට්ටිය අරගෙන ගිය ගෑණු මනුස්සයගේ හිත හොඳටම රිදුනා හාමුදුරුවෝ ඒක අහපු විදිහෙන්ම.

"අනේ ෂාදු ඔක්කොම කඩයෙප්පම් ටික ඉවරයි තමයි......... යේත් හිටින්නකෝ මම විජහට ගොහින් ආප්ප ටිකක් තමා ඉකමනටම හදාගෙන යෙන්නම්....!" කියලා අඩිය ඉක්මන් කරලා ගෙදර පැත්තට දිව්වා.

කොහොම හරි ගෙදර ගිය ගෑණු මනුස්සයා ඉතුරු වෙලා තිබුනු ආප්ප පිටි වලින් නිකන් ආප්පයි තව බිත්තර අප්පයි හදාගෙන ගියා ආපහු පන්සල පැත්තෙ.

හාමුදුරුවොත් ආප්ප වලට සල්ලිත් දීලා පිනුත් දීලා ආප්ප ටික ගත්තා. පස්සෙ පොඩි හාමුදුරුවරු ගොල්ලන්ටත් කතා කරලා බෙදා හදා ගෙන ආප්ප වළඳන ගමන්ම හාමුදුරුවො කතා කරනවා.

"උපාසකම්මේ, මම පහුගිය දොහේ ගෙවල් ගාවින් යමින් ගමන දැක්කේ, උපාසකම්මගේ මහත්තයා වත්තෙ එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා කුක් කුක් කුක් කිය කිය කුකුලෙක් වගේ කෑ ගගහා. මොකක්ද අර ඒ මනුස්සයට වෙලා තියෙන්නෙ....?" ප්ලේන් ආප්පයක් වලඳලා අහවර වෙලා, බිත්තර ආපෙකුත් දෙකට නමලා වලඳන අතරේ හාමුදුරුවො එහෙම ඇහුවා.

“අනේ යේක තමෙයි ෂාදු දැන් ටික දොහක යිඳලා යේ මනුශ්ෂය ඔහොම තමයි. අපේ මුනියා හිතාගෙන ඉන්නේ මුනියා කුකුලෙක් කියලා. කොටින්ම කියනවනම් උදේට නැගිටින්නෙත් කුක්කු කූක් කිය කියා.... මුනියා ෂිකුරාදා පල්ලි යන්නෙත් නෑ කිකිලියෝ ටික අත ඇරලා.”

“හපොයි උපාසකම්මේ. ඕක ඉතින් බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයිනේ. ගියෙ නැද්ද ඉතින් දොස්තර කෙනෙක්ටවත් පෙන්නන්න........” කටේ පැත්තෙන් බේරෙන බිත්තර කහමදේ ඇඟිල්ලකින් පිහිදාන ගමන් හාමුදුරුවොත් අහනව.

“අයියෝ ෂාදු යෙහෙම කළොත් මගේ කිකිලියෝ ටිකට බිත්තර දේන්න කුකුලෙක් කෝ......?”





picture from http://www.ehow.com/facts_5344635_diseases-chickens.html

156 comments :

  1. Replies
    1. අර සරමේ පැටලිලා වැටෙන එක මටත් එහෙමම වෙලා තියෙනවා. උපරිම හානිය වුනේ ඇඳේ වැරදි පැත්තෙන් බැහැපු දවසේ.. :)

      අර හැම කෑම වේලකටම බිත්තර කන කෙනෙක් බ්ලොග් ලෝකයේ ඉන්නවා නේද ?

      Delete
    2. ඇඳේ වැරදි පැත්තෙන් නගින්න ගිහිල්ලා ගුටි කාලා එහෙම නැද්ද ?

      කවුද බොලේ හැම කෑම වේලකටම බිත්තර කන සතා...?

      Delete
    3. මෑන්ස් = KTC

      ඇඳේ වැරදි පැත්තෙන් නගින්න ගිහිල්ලා නෑ. ඇඳේ වැරදි පැත්තෙන් බැහැල සරම පැටලිලා වැටුන සද්දෙට වැඩිමහළු කාන්තා රත්නයක් බලන්න ආව.

      Delete
    4. එන්න එපා අපේ මාරයියාට එක එක ඒවා කියන්න

      Delete
    5. නංගි ඔය දැන් මට සපෝට් එකටද කතා කලේ...:D

      Delete
    6. @සිදු, මේක පොඩ්ඩක් බරපතල කාරී අවස්ථාවක්. කවද්ද මාරයා ඇඳේ වැරදි පැත්තෙන් නැගලා ගුටි කෑවේ....? අනික මේ සිදු කොහොමෙයි ඒ කතා දන්නෙ.....?

      Delete
  2. මම අහල තියන විදියට කිකිලියෙක්ට බිත්තරයක් හදන්න කුකුලෙක් ඕන නැහැල්ලු.. අපේ ගෙදරත් මම චූටි කාලෙ කිකිලියෙක් උන්න. ඒකිටත් බිත්තර තිබ්බ. කුකුලෙක් අහල පහලක උන්නෙ නැහැ. ‍

    අර පැට්‍රල් යන පොලිස් ජීප් එක කිවුවෙ මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් උඹ හිටියනේ ඒ ගෙදර....

      Delete
    2. කට කට..  ඕව රට්ටු දකියි බොල... ශ්ශ්..

      Delete
    3. අපේ සිහින අයියාගේ කතාව හන්දා මෙච්චර කල් උත්තරයක් හොයාගන්න බැරිව තිබ්බ ප්‍රශ්නෙකට උත්තරේ හොයාගත්තා!

      ප්‍රශ්නය : කිකිළිද බිත්තරේද මුලින් ආවේ?
      පිළිතුර : කිකිළී! :D :D

      Delete
    4. ඔය වගේ උත්තර එසේ මෙසේ පුතයන්ට හොයන්න පුලුවන් දේවල් නෙමේ පූස්

      Delete
    5. අර කිව්වැහේ උඹ ඉද්දැද්දි ගෙදරට තව කුකුලෙක් මොටෑ...?

      //"අර පැට්‍රල් යන පොලිස් ජීප් එක කිවුවෙ මොකද්ද ?"//

      ගණන් ගන්න එපා මල්ලි ඒකෙ ලීක් එකක්ලු....!

      Delete
  3. අන්ඩ වෙයාර් කිව්වම මතක් උනේ අපේ පැත්තේ එකෙක් හිටියා පොර ජොකෙක් අඳින්නේ මාසයයි.සාමාන්‍ය විදිහට සතියක් අඳිනවා.ඊට පස්සෙ ඉස්සර පස්ස මාරු කරලා ඊළඟ සතිය අඳිනවා.පස්සෙ කණපිට හරවලා ඉස්සරහට සතියකුත් පස්සට සතියකුත් ඇඳලා විසික් කරනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඒක කළුගල් වෙනුවට බිත්ති බඳින්න ගන්නවා කියලා....!

      Delete
  4. බිත්තර කන එක පව් නෑ කියන්නෙ කුකුළ්Eක් නැති නිසා එතන ජීවයක් නෑ කියලා නේද?

    ReplyDelete
    Replies
    1. අපි නම් ඕවා දන්නෙ නෑ. කිකිලියෝ තමයි ඕවා දන්නෙ....!

      Delete
  5. ඇඩෙනවා.. මමත් පොලිසියෙන් ඉස්සුවා නේ. මහපාරේ හැඳුනුම්පතක් නැතුව ඉඳල :-) හැබැයි ඒකටනම් කුකුලෝ ගෑවිලා නෑ.

    ReplyDelete
    Replies
    1. උඹත් තව ටික දවසක් ඇතුලේ හිටියා නම් කුකුලෝ බලන්න තිබුනා...!

      Delete
  6. අද නම් මොනිටරේ දිහා බලන් හිනා උනා........

    ඔය කොට කලිසන් කෑල්ලක් ගහන් නිදා ගන්න එකේ ආතල් එක මේ ගොඩක් උන්දැල දන්නෙ නෑ නේ දුමී

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.... කොච්චර පහසුවක්ද කොට කලිසම....!

      Delete
    2. විකාරද. ඕක පැටලෙනවනෙව බං. සරම තරං ආතල් එකෙක් තවත් කොහෙද, හීතල දවසට පෙරවගන්නත්, හෙම්බිරිසාව දවස් වලට උදේම නැඟිටල ඔළුවෙන් ඉඳං වහගෙන මිදුල අතුගාන්න වගේ වැඩ කරන්නත් ඇහැකි, කෝ ඔයි කලිසමෙන් ඇහැක ඒව කරන්න.

      Delete
  7. සරම් වල ඇබද්දි නම් ඔහොම්මයි ඉතින්.. උදේ පාන්දර නිදිමරගාතෙ සරම හොයන එකනේ දවසේ මුල්ම රාජකාරිය. කලිසම් ඇඳ ගෙන නින්ද යන්නෙම නෑ.. ඒ කියන්නෙ ඔටු දේශයේ සරමක් ඇඳන් කුකුලෙකුට ගහන්න ගහකට බඩ ගෑවොත් ඉතින් නවතින්න වෙන්න පොලෝසියෙම තමයි.. මොකද සරම් ඇඳ ගෙන ගහෙන් බිමට වැටෙන කොට බිමට වැටෙන්නෙ මනුස්සයා විතරයි..පව් අර හාමුදුරුවො ඊට පස්සෙත් බිත්තර ආප්ප කෑවද දන්නෙ නෑ මුස්ලිම් උපාසක අම්මගෙන් ?

    ReplyDelete
    Replies
    1. වෙනී අයියේ සාජ වලදි නම් සරම ගහගෙන පාරෙ හිටියත් කූඩුවේ. මේ පැත්තේ සරම් ඇඳලා පබ්ලික් තැන් වල ඉන්න බෑ. ඕක කාගෙන තියෙන්නෙ මලයෝ තමයි. මොකද උන් අඳින්නෙත් "ලුංගි" කියලා සරම වගේ පූට්ටු කරලා නැති රෙද්දක්. මේ යක්කු යටට මොනවත් අඳින්නෙ නැතිව ලුංගිය විතරක් ගහගෙන පාරේ යනකොට, හිටපු ගමන් එන හුලඟවල් වලට ලුංගිය උඩ ගිහිල්ලා මල මරාලයක් වෙනවා....!

      Delete
  8. ."ක්‍රාස්...බරාස් තග්....බුදු අම්මෝ...! (ජර්මන් වලින් )"

    :)

    ReplyDelete
    Replies
    1. Kraaz Messing Budu Munition :)

      Delete
    2. හා...හරි කවි කාරිම කියන්න බලන්න ජර්මන් වලින් කොහොමද නැත්නම් "බුදු අම්මෝ" කියන්නේ කියලා....?

      Delete
  9. මචන් මේ හිනා වෙලා වැඩි වෙලා මැරුනොත් උඹ ඉන්සුවරන්ස් හෙම ගෙවනවද?

    ReplyDelete
    Replies
    1. රංගි, මැරුනට පස්සෙ ඉන්ෂුවරන්ස් වලින් වැඩක් තියෙනවද බං ?

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මුනියා මාර කුකුල් ෆාම් කාරයෙක්නේ...

    ReplyDelete
  12. ඕක ගව පට්ටි කාරයෝ ගොඩාක් පාවිච්චි කරන සීන් එකක්.. කුකුල් සීන් එකක්නම් මම අදමයි ඇහුවේ.... :D :D :D

    අර ඇම්ඩාගේ කතාව මතක් උනා කුකුලා සම්භන්ධ.. දුමී ඇයි ඒක ලිව්වේ නැත්තේ...?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹලගේ පැත්තෙ ගව පට්ටි නිසා උඹලට විරැකියාවෙන් ප්‍රශ්නයක් නෑ කියලා...?

      මොන ඇම්ඩගේ කතාවද බං.... කුකුල්ලු සම්භන්ධ ඇම්ඩගේ කතා ගොඩක් තියෙනවානේ....!

      Delete
    2. ගොජ ගොජ දාපං . . . කතාවද ?

      Delete
  13. පිරිමින්ටත් කොට කලිසමක් ගහගෙන යන්න බැරිද? මම හිතුව ඒ නීති තියෙන්නෙ ගෑනුන්ට විතරයි කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ගෑණුන්ටත් බෑ. ඒ වගේම පිරිමින්ටත් දණහිස වැහෙන්න නැතිව කොට කලිසම් ඇඳලා පාරෙ යන්න බෑ. ඩුබායි වල නම් ඒක එච්චර අවුල් නෑ. හැබැයි සාජා වලදි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනෙ. මොකද පොලිස් කාරයාට හිතුනොත් ඌට කිසිම අවුලක් නැතිව දාගෙන යන්න පුළුවං. තව සාජා වලදි සරම් ඇඳලා, රත්තරන් චේන් බ්‍රේස්ලට් දාගෙන (පිරිමින්ට ), කොණ්ඩේ වවලා පාරේ යන්න බෑ...!

      Delete
  14. අනේ බං සරම් කොට කලිසං මොකටද නිදියන්න...අන්ඩ වෙයා අර වෙයා මේ වෙයා වගේද ෆ්‍රී වෙයා...

    කුකුල්ලුයි බිත්තරයි ගැන අන්න රුචකයත් ලියං තිබුනා මොකක්ද මංදා හෑල්ලක්...

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහන් ඉතින් මෙච්චර අමාරුවෙන් කුකුල්ලු ගැන පෝස්ට් එකක් දැම්මම උඹලට ලොකු සරමයි කොට කලිසමයි.....!

      රුචාගේ කුකුල්ලු බිත්තර කතාව මම දැක්ක මූණු පොතේ.........!

      Delete
  15. මෙ කියන ඒවට සරම කැඩුනත් හිත් වදිනවද?

    ReplyDelete
    Replies
    1. හයියෝ සරම තද කරලා අල්ල ගන්ඩෝ....!

      Delete
  16. මට නං සිද්ධ වෙන්නෙ සරම වලල්ලක් වගේ රෝල්වෙලා ඇඟේ මැදහරියට එන එන.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹගේ පිස්ටන් එක රෑට වැඩ කරන්නෙ යට පැත්තට....!

      Delete
  17. //එදා ඉඳන් මම නිදා ගන්නකොට අඳිනේ සැහැල්ලු කොට කලිසමක්.//

    සිරාවට දුමි අයියේ ඔය සරම තරම් කරුමක්කාර ඇඳුමක් මට නෑ.... කතාව එල ඈ

    ReplyDelete
    Replies
    1. රෑට නිදා ගන්නකොට විතරයි මල්ලි සරම අඳින්නේ නැත්තේ.... ගෙදර ඉන්න වෙලාවට නම් සරම තරම් ජොලි ඇඳුමක් තවත් නෑ....!

      Delete
  18. හිනාවෙලාම බඩ කොර උනා.

    ReplyDelete
    Replies
    1. සරම පොඩ්ඩක් බුරුල් කර ගත්තා නම් කොර ගතිය අඩු වේවී...!

      Delete
  19. සරම ඔච්චර අමාරු ඇඳුමක්ද?

    ReplyDelete
    Replies
    1. කතන්ද්‍ර, සරම තරම් සොමියට බර ජොලි ඇඳුමක් තව තියෙනවද ....? ගෙදර ඉන්න වෙලාවට සරම ඇන්දත්, නිදා ගන්න වෙලාවට තමයි ෂොර්ටට බහින්නෙ....!

      Delete
  20. ඔන්න මම මේ කතාවෙන් ගත්තේ මෙච්චරයි සිංහල නොවෙන බවුද්දයොත් ලෝකේ ඉන්නවා. අර ජර්මන් කාරයා බුදු අම්මෝ කිවුවනේ..
    එතකොට සිංහල බවුද්ද හාමුදුරුවන්ට බිත්තර ආප්ප කෑවාට පවු නැහැ.. බිත්තරේ ඉන්නේ මනුස්ස පැටවූ කියල දනන් හිටියේ නැහැනෙව..

    ReplyDelete
    Replies
    1. හයියෝ සරත්, සිංහල නොවන බෞද්ධයෝ කොච්චර ඉන්නවද ? කොටින්ම ලංකාවට සමහරක් කාලවල උපසම්පදාව හිටන් අරගෙන ආවෙ බුරුමෙන් නේ...! ඒ වගේම කොච්චර සුද්දු හාමුදුරුවරු හිටන් ඉන්නවද ?

      මනුස්ස බිත්තරයකින් හදපු බිත්තර ආප්පයක් කනකොට, කහ මදේ චරස් ගාලා කට පැත්තෙන් බේරෙනකොට, අනේ අර හාමුදුරුවන්ට මොනවා හිතෙන්න ඇතිද ?

      Delete
    2. මන් ඒ හින්ට් එක ගැහුවේ බුදු හාමුදුරුවෝ සිංහල මිනිස්සුන්ගේ දේපලක් කියල හිතන් ඉන්න අයටයි...

      Delete
  21. මම නම් පොඩි කාලේ ඉඳන්ම ඇන්දේ සරම. හැබැයි ඉන වටේ ගැටයක් ගහලා කකුල් දෙක වැටෙත් ගැටයක් ගහලයි පුංචි කාලේ නිදා ගන්න සිද්ද උනේ.. ඒ මොකද අපේ නසරානි අයියා කාරයා සරම පහලින් උඩට ගියත් උඩෙන් පහලට ගියත් පුකේ චිත්‍රයක් අඳින හින්දා. (පුක කියන එක කුණු හබ්බයක් නොවේ කියා කකා ත් දුමීත් සහතික කර තිබේ ..)

    ReplyDelete
    Replies
    1. සරත්ගේ අයියාට එහෙනම් හොඳට චිත්‍ර අඳින්න පුළුවන් ඇති...! පස්සෙ කාලෙක ටැටූ ආර්ටිස්ට් කෙනෙක් එහෙම උනේ නැද්ද සරත්ගේ පුකේ චිත්‍ර ඇඳලා ගත්ත එක්ස්පීරියන්ස් එකෙන්....?

      Delete
    2. ඔවු වොව්.. මිනිහ තරඟ වලින් දිනුවත් එක්ක..

      Delete
    3. // හැබැයි ඉන වටේ ගැටයක් ගහලා කකුල් දෙක වැටෙත් ගැටයක් ගහලයි පුංචි කාලේ නිදා ගන්න සිද්ද උනේ//

      ඕක මොකක්ද අපේ දුරින් වෙන මාමකෙනක් ඉන්නව ඔය කැටයම් වැඩ එහෙම කරන. මිනිහ පිරිත් මණ්ඩප්ප ගහන්නත් රුසිය. ඔයි මණ්ඩප්ප ගහන්න ගියාම මනුස්සය නිදියන්නත් මණ්ඩප්පෙ ලඟමයි. ඒක හන්ද මිනිහත් ඔහොම සරමෙ දෙකොණම ගැටගහගෙන තමයි බුදියන්නෙ. නැත්නං පිරිත පැත්තක තියල ගෙදර මිනිස්සුන්ට තොයිල් නටන්න වෙයි කියල තමයි එයා කියන්නෙ. හෙහ් හෙහ්..

      Delete
  22. ඒ කියන්න බිත්තර වල තාත්තා ???

    දුමී අයියගේ කතා සෙට් එක නම් මරු

    ReplyDelete
    Replies
    1. හික් හික් ඔව් ඔව්... බිත්තර වල තාත්තා....!

      Delete
  23. මරු කතාව දුමි අයියා... :)

    ReplyDelete
  24. මොනවා උනත් ප්‍රී වෙයා හරි පහසුයි නිදියන්න,සරම ඇදන් නිදියෑවේ ඒක නිසා නේද

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... සොබාදහමෙන් අපිට දීපු නිදසේ තියෙන දේවල් වලට සම්භාධක ඉවත් කරන්න ඕනෙ අඩු ගානේ නිදාගන්න කොටවත්....!

      Delete
  25. මමත් සරම අදින්නේ නැහැ ඇදලා නිදාගන්න දවසට උදේට ඇහැරවන්න එන කෙනා අපහසුතාවෙට පත්වෙන නිසා...
    මරු කථා ටික..

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි... ඉස්සර සරම් ඇඳලා නිදා ගත්තු කාලේ අම්ම මුත්තා කිව්වත් පෙරවගෙන ඉන්න බෙඩ් ෂීට් එක අයින් කරන්නෙ නෑ කාමරේ කවුරුවත් නැති නම්...!

      Delete
  26. හිකිස්‌ හයියෝ හිනා වෙලා පණ නෑ... ;)

    ReplyDelete
    Replies
    1. හෆොයි නගෝ, ප්ලේන්ටියක් හරි හදා ගෙන බීපන්....!

      Delete
  27. පට්ටයි.

    එකම අවුල මෙහෙම රස කතාවක් කියවන්නෙ වෙන්නෙ ඉතින් කාලෙකට එකයි. සතියට එක ගානෙවත් ලියමුකො ලොක්කා....

    ReplyDelete
    Replies
    1. ඇයි බං, මේ සතියට දාන දෙවනි කතාවනේ මේක....!

      Delete
  28. අය්යෝ සරම නැත්නම් නින්දත් නැත...!..උදේට අහවල් එක කරන්නත් සරම ඕනමය....(අපි ඉතින් උක්කුටික ක්‍රමෙනෙ..!)

    ReplyDelete
    Replies
    1. හයියෝ, අපි නම් ඒ දේ කරන්නෙ ඇඳුම් ගලවලා දාලා.....!

      Delete
  29. ජර්මන් කාරයගේ කථාව ඇහුවහම මට සිද්ධිය මැවිලා පෙනුනා. හිනාව නවත්වගන්න ටික වෙලාවක් ගියා. කිකිළියන්ව ගැබ් ගන්වන හාදයට පණිවිඩේ යවන්න 'මුදියන්සේ වික්‍රමසිංහ' හම්බුවෙන්න යන්න කියල. හැබයි මිනිහ ලක් කාරයා. කොහොමද මිනිහගෙ ගෙදරත් අර කිව්ව වගේ කකුල් හතරේ කිකිළියෝ හිටියනම්. කෙලා නේද?

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ මුදියන්සේ වික්‍රමසිංහ කියන්නෙ.......? කුකුල් ෆාම් එකක් කරන බුවෙක්ද ?

      Delete
    2. ඇයි මතක නැද්ද අර 'පොඩි ඒවා ලොකු කරණ' බුවා. තොටළග ද කොහෙද ඉන්නේ. ඉස්සර පත්තර පුරා ඇඩ් දැම්මේ. (ඇයි බොල කිකිළිගේ සයිස් එකට මැච් කරන්න නම් පොරගේ සයිස් එක හිතා ගත්තැහැකි නොවැ)

      Delete
  30. Replies
    1. මොන සතාද එහෙම බකස් ඩි කියලා කෑ ගහන්නේ....?

      Delete
  31. හපොයි දුමී අයියගෙ පෝස්ට් එකක් කියෙව්වොත් ඉතිං බඩ අල්ලං හිනා වෙන්ඩ බලං එපැයි!!
    මොකද මේ කුකුල් කතා සීරීස් එකක් යන්නෙ??

    ReplyDelete
    Replies
    1. අදින් පසු මේ කුකුල් කතා සීරීස් එක නිමාවට පත්වෙන වගයි. කියවූ ඔබට ස්තූතියි....!

      Delete
  32. බුදුඅම්මෝ කියන ඒක කොහොමද ජර්මන් වලින් කියන්නේ.

    මම සරම් අඳින්නේ නැහැ තවමත්.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ජර්මන් වලින් කියපු විදිහට තමයි උඩ දාලා තියෙන්නෙ....!

      Delete
  33. "එහෙම ඉඳලා උදේ වෙච්ච ගමන් දඩි බිඩි ගාලා නැගිටලා අර අන්ඩර්වෙයාර් එකට උඩින්ම කලිසම ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන උන් දුවනවා"

    …ඇයි මුන් වෙන ශාරීරික අවශ්‍යතා ඉටු කරගන්නේ නැද්ද :D

    ReplyDelete
    Replies
    1. හොලිවූඩ් ෆිල්ම් වලදි කවුරු හරි දැකලා තියෙනවද ඔය නළු නිලියෝ ශාරීරකෘත්‍යය එහෙම කරන්න වෙලාව නාස්ති කරනවා....?

      Delete
  34. මේ කට කහන කතාව ලිව්වෙ කුකුලෝ ගැන. ඒත් වැඩිපුර කට්ටිය කමෙන්ට් කරන්නෙ සරම ගැන. මේකෙන් ගන්න නිගමනය තමයි මිනිස්සුන්ට කුකුලට වැඩියෙන් සරම වැදගත් කියන එක....!

    ReplyDelete
    Replies
    1. මළඉලව් කුකුල්ලු වගේද අයියා සරම !

      Delete
  35. සාජා වල නරින්ට වේකන්සීස් තියෙනවද බං? ඔව් මං එන්ඩ තමයි ඇහුවේ. ඒකනෙ උඹ අහන්ඩ ගියේ?
    මාත් ලිව්වා ඕං හාමුදුරු පෝස්ට් එකක්. අර වගෙ කට දෙපැත්තෙං බේරි බේරි බිත්තර නං වලඳන්නෙ නෑ මං හිතන්නෙ.
    ඔහෙ පොලිස් ජීප් පෙට්‍රල්ද ? ඔව් ඉතින් ඕක වෙල්ඩිං කොරන්ඩත් අමාරුයිනෙ බස් ගාලා ගිණිගන්ඩ පුලුවන්නොවැ!
    ඔන්න නෝට් කර ගනිං මං අනිත් උං වගෙ සරම ගැන වචනයක් කිව්වෙ නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනේ යන්න අයියා. අර නිශාන් කියන්න වගේ ‘නියුඩ්‘ අයියට මොටද සරම්. :)

      Delete
    2. සාජා වල මිදි වැවෙන්නෙ නෑ.... ඒක හින්දා නරින්ට ඇවිත් කන්න දෙයක් නැ....! කිව්වත් වගේ මෙහේ වැඩි හරියක් ජීප් විතරක් නෙමෙයි බස් හිටන් දුවන්නෙ පැට්‍රල් වලින්....! මෙහේ පැට්‍රල් වලට වඩා ඩීසල් ගණන් වැඩියි....!

      Delete
    3. සාජ වල කැලයක් වත් තිබ්බ නං මේ නරියට අවස්තාවක් දෙන්න තිබුන

      Delete
  36. ඩුබායි රටේ ඉතින් කුකුල්ලු නැති හෝටලයක් හොයාගන්න එක ලංකාවේ පරිප්පු නැති හෝටලයක් හොයනව වගේනේ.චිකන් සුක්කද ෂවර්මද මන්දිද බිරියානිද තව ලොලිපොප්ද චිකන් වැඩ කෝටියයි.හැබැයි ඉතින් ලංකාවේ නම් අර වගේ ෆ්‍රී කුකුල්ලු ගැන්සි ගහන් හිටියොත් වැඩි කාලයක් කුක්කු..කූ.. එක කියන්න වෙන එකක් නැහැ.චිකන් කිලෝවක්ම කීයද ...?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ලංකාවෙ පාරක ජර්මන් කාරයෙක් ජොකා පිටින් හිටියා කියලා හිරේ යන්නෙත් ණෑනේ....!

      Delete
  37. හෆොයි ඊට පස්සේ හාමුදුරුවෝ බිත්තර ආප්පේ වමෑරුවද දන්නේ නෑ . . .

    අහ් අර ජර්මන් කාරයා ජොකා ගහගෙන ගස් නගින එකයි ප්ලීස් කෑ ගහන්න එපා කියන හැටියි මැවිලා පෙනුනා බන් . .

    මේ ඒක නෙමේ ඔය කුකුල්ලු හිටියේ අබුඩාබි කොයි හරියෙද බන්z?

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් නොදන්නවයෑ අබුඩාබි වල කුකුල්ලු ඉන්න හරිය....! කොල දන්න මිනිහට ගහ පෙන්නන්න එපා කියන්නෙ ඕකට තමයි....!

      Delete
  38. මමත් මතක ඇති කාලෙක සරමක් ඇඳලා නැති නිසා සරොන් ගැන වචනයක් ලිව්වේ නෑ ඕන් . . . හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, උඹ සරම් ඇඳලා පුරුදු නම් එදා උඹ තාරාවොත් එක්ක ෆොටෝ ෂූට් එක කරපු දවසේ මොන්වැයින් මොනවා වෙයිද දන්නෙ නෑ....!

      Delete
    2. අපිටත් දවසක් එයිනේ දුමී අයියා . . එදාට දෙන්නම් බොට හොම්බෙන් යන්න . . ..

      තාරාවෝ එක්ක ෆොටෝ ශූට් . . හුහ් . . .

      Delete
  39. සරම මාර නිදහස් ඇඳුම කිව්වම ලුංගි අඳින මලයෙක් කිව්වලු "බිච් ප්ලීස්..!" කියලා :D

    ReplyDelete
    Replies
    1. මොන පික්සුද බං මල්ලියේ.... මලයන්ගේ අපි නොදන්න ලුංගි... උන්ගේ ලුංගිය නිකන් අපේ ගෑණු නානකොට අඳින දිය රෙද්ද වගේ... මෙලෝ රහක් නෑ...

      Delete
    2. නෑ මම කිව්වේ උන්ගේ අපේ වගේ මූට්ටු කරලා නෑනේ... අපේ එකට වඩා ඕනේ වැඩක් ලේසි ඇති කියලා හිතුවේ... :D

      මලයින්ගේ සරම ගැනයි උන්ගේ ගෑනු අඳින ඇඳුම ගැනයි ඔෆිස් එකේ මලයෙක් මාර කතාවක් කිව්ව දවසක් මෙතන කියන්න බෑ :D හෙමීට කියන්නම්... :D

      Delete
  40. //ඔය සුද්දෝ ගොඩක් වෙලාවට නිදාගන්නෙ ඇඳගෙන ඉන්න යට ඇඳුම පිටින්මයි කියලා. එහෙම ඉඳලා උදේ වෙච්ච ගමන් දඩි බිඩි ගාලා නැගිටලා අර අන්ඩර්වෙයාර් එකට උඩින්ම කලිසම ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන උන් දුවනවා. ආපහු රෑ උනාම අර කලිසම ගලෝලා දාලා යට කලිසම පිටින්ම බුදිය ගන්නවා. //
    මේක නම් මමත් දැකලා තියනවා. හොලිවුඩ් වලදිම තමයි

    ReplyDelete
    Replies
    1. සිදුත් දැකලා නෑ නේද ශරීර කෘත්‍යය කරන්නවත් උන් ඒක ගලවනවා.....?

      Delete
  41. හනේ දෙයියනේ.. මට නං හැන්දෑවට සරමක් දාගෙන ඉන්න ති‍යෙනවා නං ඊ‍ට වඩා සැනසීමක් නෑ..
    කථාව නම් සුපිරියි.. මේ පැත්තට අද තමයි මුලින්ම ආවේ..
    ජය!!

    ReplyDelete
    Replies
    1. කට කහන කතා පැත්තට වෙල්කම් ඈ....!

      Delete
  42. සරම ගැන බරසාර චැට් එකක් ගියා මගෙත් බ්ලොග් මිතුරියකුත් අතර පෙරේදා. අද උඔ ඒ ගැන පෝස්ට් එකක් දාලා.

    මටත් සරම නං හරියන්නැ. හේතුව හැමෝටම තියෙන හේතු තමා. මමත් දාන්නෙ ෂෝටක්.

    අර චැච් එකේ දී මිතුරි කිව්වේ පිරියෙක් උනාම සරමක් අඳින්න ඕනලු. ඔය සරම ගැලවෙන එක මට තියෙන ප්‍රස්ණයක් නෙමෙයි ලු. ඒක පිරිමි ජාතියටම තියෙන කවදාවත් විසදගන්න බැරි ගැටලුවක්ලු. කොහොම හරි සරම් නොඅදින මම ඒ අතින් අමුතුයිලු. ඒ වුනාට මම නං හිතෙන් හිතුවා මේ ලොකේ කව්රු හරි පිරිමියෙක් ඇතියි කියලා මම වගේ නිදාගද්දි සෝටක් ගහන....! ඔන්න අද මට සතුටුයි.... හෙහ් හේ!!! ස්තුතියි දුමී මහත්තයා මගේ චිත්ත පීඩාව මෙව්වා කල එකට :P

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ චූටි මහත්තයෝ... මේ බවලත් උදවියට මේ පිරිමි අපේ ඇඳුම් ගැන තියෙන්නෙ හරි කැක්කුමක් තමයි. ඕං බලන්නකෝ ඉතින් පිරිමි අපේ සරම ගැන තීසීස් ලියන බවලත් උදවියත් ඉන්නවා නොවෑ එහෙනං...!

      කොච්චර එකක්ද චූටි මහත්තයෝ චූටි මහත්තයා වගේ මමත් අමුතු වෙලා ඒ අතරේ චූටි මහත්තයාගේ මානසික පීඩාව මෙව්ව කොරාන්ඩ ලැබිච්ච එක....! හරියටම බළු කපුටු දානයක් දීලා ලැබෙන පිනම වගේ පිනක් තමයි ලැබෙන්නෙ මම හිතාන්නෙ..!

      Delete
    2. මටත් හිතුන සරම අඳින රටවල් ගැන ලියන්න . කට්ටිය එක එක එව්වා කියයි කියල ලිව්වේ නැහැ

      Delete
    3. ලියාන්ඩ බින්දි ලියාන්ඩ.....! ලෝකයා මොනවා කිව්වත් ලියාන්ඩ....!

      Delete
    4. හරියටම බළු කපුටු දානයක් දීලා ලැබෙන පිනම වගේ පිනක් තමයි ලැබෙන්නෙ මම හිතාන්නෙ..!// මේ මොනවා කියනවද දුමී...
      ..........

      බිංදු අක්කා,
      කට්ටිය ඉන්නෙ එක එක එව්වා කියන්න තමයි... අක්කා ලියන්ඩ... දැම්ම තියා අපි එක එක එව්වා ලෑස්ති කරාගෙන ඉඤ්ඤං....

      Delete
  43. සරම ගැන කතා කරනවද, කුකුළ්ලු ගැන කතා කරනවද, බිත්තර ආප්ප ගැන කතා කරනවද........?

    ReplyDelete
    Replies
    1. බිත්තර ආප්පයක් කන ගමන්ම සරම ගැන හරි කුකුල්ලු ගැන හරි කතා කරමු....!

      Delete
  44. හිකිස් කුකූළා....

    ReplyDelete
  45. කිකිළියන්ට බිත්තර දාන්න කුකුළෙක් ඕනි ද බොලේ.

    අයි අයියෝ ෂාමි......... ඒක පත බොලුවක් නේ.....

    ඔන්න ආගමට දහමට ගරහනවා නෙමෙයි. කුකුල්ලු නැතිව කිකිලියො දාන බිත්තර වලට මෙහේ සමහර අය කියන්නේ “බෞද්ධ බිත්තර “ කියලා.

    ඒවා කෑවම පවු නෑලු.ජීවයක් නැති නිසා.

    හැබැයි කුකුලෙක් කෑගෑවම බිත්තර කිකිලියෝ උත්ත්ජනය වෙනව ද දන්නෑ බිත්තරයක් දාමු දාමු කියලා....

    ReplyDelete
    Replies
    1. උඩ යට කරමළ රතු රජ කුකුලො ඈත එපිට හිමාල වනේ ඉඳං ඇඬලුවත් ඇතිලු මෙහෙ ඉන්න කිකිලියන්ට බිජු දාන්න කියල කියන්නෙ නිකන්ද.

      Delete
    2. කිකිළියන්ට බිත්තර දාන්න කුකුලෙක් ඕනෙද නැද්ද කියලා ඉතින් කිකිළියෝම තමයි දන්නෙ....!

      Delete
    3. බිත්තරේ කියන්නේ ඩිම්බයක්. කාන්තාවකටත් සෑම දින 28කට වරක්ම ඩිම්බයක් පිට වෙනවා.ඔසප් වීම වෙන්නේ මේකට අනුගතව. ඒත් කාන්තාවකගේ ඩිම්බය අන්වීක්ෂීයයි. ඒක පේන්නේ නැහැ. නමුත් කිකිළි ඩිම්බය විශාලයි. ඒතමයි බිත්තරය. සංසර්ගයකින් තොරව දරුවෝ බිහි වෙන්නේ නැහැනේ. ඒ වගේම කිකිළියෙක් දාන බිත්තරේකට පුළුවන් කමක් නැහැ පැටවු ඇති කරන්න. (කුකුලෙක් හිටියොත් නම් ඉතින් ඔන්න ෂුවර් නැහැ. මොකද සංසේචනයක් වෙන්න පුළුවන්නේ)

      Delete
  46. අනේ මන්ද මගේ ඔළුවත් වකූර් වෙල මේ කතා අහල. හැමෝම වගේ කියන්නෙ බිත්තරවල ජීවයක් නෑ කියල. එතකොට කුකුල් පැටවු එන්නෙ කෝකෙන්ද අෆ්ෆා. ඔය ගං කුකුල්ලුන්ගෙ බිත්තරයි, ෆාම් බිත්තරයිවල වෙනස ගැනද මන්ද මේ කියන්නෙ. අනේ මන්ද මට නම් කුකුල්ලු ගැන දැනුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඕවා ඉතින් හොඳටම දන්නෙ කුකුල් ෆාම් කාරයනේ....! අර ගෑණු මනුස්සයා එයාගේ මුනියව දොස්තර ලඟට එක්කගෙන යන්නෙ නැත්තෙ මොකද කියලා හිතුවොත් වැඩේ තේරුම් ගන්න පුළුවං....!

      Delete
  47. හාංදුරුවෝ බිත්තර ටික ආයෙම රිටර්න් කර ගත්තද දන්නෑ! හිකි හිකි!! මං නං අදින්නෙ සරම! ඒක පොරවං නිදාගන්නවනං ඔය කියන කිසි කරදරයක් නෑ! අනෙක් වැඩ කටයුතු වලදිත් පහසුයිනේ! නැද්ද?

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවො බිත්තර ටික බඩට රිටර්න් කරගන්න ඇති....! ඔන්න ඉතින් ආයිමත් සරම් කතාවක්....! මේ වැඩේ කොරන්ඩ බෑ නෙව මේ විදිහට....!

      Delete
  48. මාත් මේ කල්පනා කරන්නේ මොකක් ගැන කමෙන්ට් කරන්නද කියල . සරම ගැන කුකුලෝ ගැන [සරම් අඳින කුකුලෝ ගැන ] නැත්තන් බුදු අම්මෝ කියල ලෝකෙට හෙළ වචනයක් ඇතුල් වුනේ කොහොමද කියල ..අද නම් දැනුම් සාගරයක් මේක .

    ReplyDelete
    Replies
    1. හෙළ යකුන් විසින් නිර්මාණය කරන ලද කුකුලාත්, සරමත් බුදු අම්මෝ යන උදාන වාක්‍යයත් දැන් දැන් ලෝකෙ පුරාම පාවිච්චි වෙනවා.....!

      Delete
  49. මං බඳින්න කලින් සරම් ඇන්ද. අම්ම ඒක බිත්තියෙ හේත්තු කරල තමයි වේළුවෙ. ඒත් බැන්දට පස්සෙ සරම කරදර නිසා බොක්සර් එක ඇන්දමයි තේරුනේ සරම මොන මල වදයක්ද කියල.

    මට මතක් උනේ අර ඇම්ඩ උගෙ තාත්තට කුකුලෙක් විකුනපු කතාව.

    ReplyDelete
    Replies
    1. අපේ නම් සරම් හෝදන්න කලින් තමයි බිත්තියට හේත්තු කරලා යන්නෙ...! හේදුවට පස්සෙත් බිත්තියට හේත්තු කරලා වේලනවා කියන්නෙ උඹේ සරම ඊට වඩා දරුණු තත්වයේ තියෙන්න ඇති....!

      Delete
  50. දුමින්ද අයියේ දැන් රාමසාන් හින්ද නිවාඩුත් ඇතිනේ.. තව කතා ටිකක් ලියල දාමුකෝ

    ReplyDelete
    Replies
    1. රාමදාන් කාලෙට නිවාඩු නම් නෑ මල්ලි...! වැඩ කරන කාලෙ පොඩ්ඩක් අඩු වෙනවා විතරයි...! ඒත් ඉතින් අපේ ෆීල්ඩ් එකට අනුව ඒ අඩු කරන කාලේ නාම මාත්‍රිකව විතරයි...!

      Delete
  51. මම නම් මේ තාක් සරමක් නම් ඇඳලා නෑ....මේ පෝස්ට් එක කියේව්වයින් පස්සේ සරමක් අඳින්නෙත් නෑ කියල හිතා ගත්තා....අඩුම ගානේ මම කලිසමත් අඳින්නේ හොඳට බෙල්ට් දාලා....මොන අහේතුවකටද මන්දා මට සරමක් ගැන කිව්වොතින් මැවිලා පේන්නෙම සරමක් කඩන් වැටෙන හැටි කස්ටියක් ඉස්සරහ(ලෙඩක්ද මන්දා).......

    ReplyDelete
    Replies
    1. සරමේ තියෙන සනීපේ දන්නෙ සරම අඳින එකා තමයි. රෑට නොඇන්දන් ගෙදර ඉන්න දවස්වලට ඉතින් සරමෙන් තොර සැපක් නෑ....!

      Delete
  52. ඇවිල්ලා රවුමක් දාලා ගියත් කමෙන්ට් එකක් දාන්න හිතා ගන්න බැරි උනා.
    බිත්තර වල ඇත්තටම පැටවු නෑ. හැබැයි ඒක 100% ෂුවර් වෙන්නේ පාම් බිත්තර වල. ගම් බිත්තර වල ඉන්න හෝ නොඉන්න පුලුවන්.
    ෆාම් වල නම් මුලු කුකුල් කූඩුවටම කුකුලෝ කීප දෙනයි ඉන්නේ. ඒකත් ඒකා නිකම් කිකිළියෝ ටික බලාගන්නවා වගේ දැල් දමාලා කොටු කරාපු කිකිළියෝ දිහා දැලෙන් එහා පැත්තෙන් ඇවිද ඇවිද ඉන්න එක කරන්නේ. මගෙන් හේතු අහන්න එපා අපිට තවම ඔය පාලන කියලා දීලා නෑ. එව්වා නෙස්ට් ඉයැර්.කෑවත් නැතත් පවු කියලා බලන් හිටියත් කවදාවත් ඒවායින් පැටවු එන්නේ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. හාවියෙක්ගෙන් කිකිළියෝ ගැන පාඩමක්....! ඒකත් නරකම නෑ....!

      Delete
    2. කිකිළි බිත්තර කියන්නේ ඩිම්බයක් විතරයි. කුකුලෙක් නැතිව සංසේචනයක් වෙන්නේ නැහැ. ෆාම් බිත්තර කෑවට පව් නෑ කියන්නේ කුකුලෝ කිකිළියෝ වෙන වෙනම ඇති කරන නිසා. එකම එක කුකුලෙක් නැතිව උනත් බිත්තර ගන්න පුළුවන්. නමුත් පැටව් හදන්න නම් කුකුලෙකුත් ඕනි.

      Delete
    3. ෆාම් එකේ කිකිළියෝ විතරක් නම් ඉන්නේ පෝය දවසේ බිත්තර කැඩුවට පව් නෑ ඔන්න..

      Delete
  53. වෙනදා වගේම මරු කතා ටික දුමී අයියෙ.
    ආයේ නෑ හිනා වෙලාම පන යනවා. අර අන්තිම කතාව නම් මරු.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ අපරාදේ අනිත් කතා දෙක....!

      Delete
  54. එක පෝස්ටුවක් ඇතුලෙ කථා රාශියක්... අහලා තිබ්බෙ නැති ඒවත් ඔන්න අද දැන ගත්තා... කාමරේ පැත්තෙත් නිවාඩු වෙලාවක ඇවිල්ලා යන්න එන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.නිවාඩු පාඩුවේ එන්නම්කෝ කාමරේට....!

      Delete
  55. ඔය කියන ආකාරයේ පඳුරු කුකුල්ලු පාත්තියක් තියෙනව අල් ලේන් වල. අපේ උන් ලඟකදි ඉඳන් කුකුල්ලු දඩයමේ යන්න පටං අරං... ඕං දැන් අපිත් කරිචිකන් කනව....

    හාන්දුරුවො එහෙනං සෑට සෑට ඒ ගෙදරට වඩින්න පටං ගත්තද දන්නෑ.... මොකද ගෙදර බුවා කිකිලියො ගැන බලනකොට අර උපාසක අම්මව බලාගන්න කෙනෙකුත් ඉන්න එපෑයැ..නෙහ්......

    X-Porter

    ReplyDelete
    Replies
    1. X-Porter අල් ඒන් වලද ඉන්නේ ? මගෙත් බොහොම හිතවත් යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා නෙව අල් ඒන් වල. වෙලාවක හම්බවෙමු එහෙනම්.

      Delete
  56. අයියෝ සල්ලි කිව්වලු නියම කතා ටික

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි කෝරලේ මහත්තයෝ...!

      Delete
  57. මම නම් රෑට නිදාගන්න විතරක් නෙමෙයි ගෙදරටත් අඳින්නෙ සරම්..

    හැබෑට හොලිවුඩ් කට්ටිය නිදා ගන්නෙම එහෙම තමා... තියා විද්‍යා ප්‍රබන්ධ වල අර අවුරුදු දහය පහලොව නිදා ගන්න කට්ටියත් නිදා ගන්නෙ ඔය යට ඇඳුමෙන් නෙ...

    ReplyDelete
    Replies
    1. අනිත් වෙලාවට සරමට බැහැලා හිටියට නිදා ගන්නකොට තම්යි ශෝටට බහින්නෙ...!

      හොලිවුඩ් අය ඈක්කා නේද ?

      Delete
  58. නියම කථා සෙට් එක.. උදේම ලේ පිරිසිදු කර ගත්තා...

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා එහෙනම්...!

      Delete
  59. එක ළඟ කුකුල් සීන් දෙකක්
    පවු අර සුද්දා

    ReplyDelete
    Replies
    1. එක ලඟ කුකුල් සීන් දෙකකට වඩා තියෙනවා...!

      Delete
  60. පන පිටින් කුකුලෙක්ගේ බෙල්ල කපලා කුකුල් මස් කෑම එපා උනා....

    ReplyDelete
  61. This comment has been removed by the author.

    ReplyDelete
  62. දුමී අය්යේ,

    ඊයේ තාමය් මම පලවෙනි පාරට ඔයාගේ බ්ලොග් එක බැලුවේ. ඒත් හැම පොස්ට් එකක්ම වගේ එක හුස්මට කියවගෙන ගිය නිසි කමෙන්ට් එකක් දන්නා පරක්කු උනේ. ඔයාගේ බ්ලොග් එක super . මම සාමාන්‍යයෙන් බ්ලොග් ලියන කෙනෙක්වත් කියවන කෙනෙක්වත් නෙමෙය්. පොඩි කලේ ඒ හැකියාව හොඳින්ම තිබුනත් කාලයත් එක්ක ඒක අඩු වෙලා ගිය. ඒත් වෙලාවක් ලැබුනම novel එකක් හරි කියවන එක මගේ පුරුද්දක්. කොහොමින් කොහොමින් හරි ඒ පුරුද්ද මාව ඔයාගේ බ්ලොග් පිට්ටුවටත් ගෙනාවා.

    ඔයාගේ බ්ලොග් එක නම් මම කලින් කිව්වා වගේ හරිම සුපිරි එකක්. කියවන්න කියවන්න අස හිතෙනවා ඒවා ලියල තියන විදියට. ගොඩක් වෙලාවට හිනාව පාලනය කරගන්නත් බැහැ. ඉතින් ඔබට දිගටම මේ වගේ ලියන්න හැකියාව, ශක්තිය, දර්ය වගේම විශේෂයෙන් වෙලාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  63. කුකුලොත් දුටිමි මේ වාගේ කුකුලො නැතී........

    ReplyDelete
  64. ලස්සන කතා ටික යාළුවා.නියමයි

    ReplyDelete
  65. අන්තිම එක තමා සුපිරි...
    පට්ට!

    ReplyDelete

Related Posts with Thumbnails