අදින් දස වසරකට පෙර හරියටම අද වගේ දවසක්. හරියටම කිව්වොත් දෙදාහ වසරේ දෙසැම්බර් විසි දෙවනිදා. කුළුඳුල් දරු ගැබ දාරාගෙන සිටි මගේ ප්‍රිය බිරිඳව කළුබෝවිල ඉස්පිරිතාලේ නැවැත්තුවේ මීට දින තුනකට පෙර. දරු ප්‍රසූතිය සඳහා ඇයට දින ලැබී තිබුනේ එළඹෙන ජනවාරි මස පළවෙනි දිනමුත් පසුගිය දින කීයපයේදි ඇය විඳි සංකූලතා සැලකිල්ලට ගනිමින් දොස්තර වරයා පැවසුවේ විගසින් රෝහල් ගතවන ලෙසයි.
රෝසපාට බෙඩ් ජැකට් එකක් සහ කහ පාට මල් වැටුනු චීත්තයකින් සැරසී සිටි ඇය අවශ්‍ය අඩුම කුඩුම, ඇය විසින්ම සති කීපයකට පෙර සිට සකස් කරගෙන සිටි බෑගයට ඔබා ගනු ලැබුවේ තඩිස්සි වූ දෙනෙතකින් කඳුළු රූරා වැටෙමින් තිබියදීය. ජීවිතයේ ප්‍රථම වරට අත්දකින්නා වූ තම ප්‍රථම දරු ප්‍රසූතිය නුදුරේ ඇය සියුම් තැති ගැනීමකට ලක්වී සිටියාය.
වායු සමීකරණය කරන ලද පුද්ගලික කාමරයක, බොත්තමක් ඔබනා සැනින් දිව එන්නට සැදී පැහැදී සිටිනා හෙදියන් සිටිනා සුව පහසු පෞද්ගලික රෝහලකට, දරු ප්‍රසූථිය සඳහා ඇය අතුලත් කරලීමට නම් මෑතකදී ජීවිතය පටන් ගත් අප දෙදෙනාගේ ආර්ථික තත්වය කෙසේවත් ඉඩ ප්‍රස්ථා නොසැලසීය. කිහිල්ලේ ගසාගත් කොට්ටයක්ද ඇයගේ සුරතද ගෙන මා පියමන් කලේ පොදු ජනී ජනයා සඳහා විවරවූ පොදු ගර්භණී වාට්ටුවකටය. පිරි ඉතිරී තිබූ රෝහලේ ගර්භණී වාට්ටුවේ ඉතිරි වූ එකදු ඇඳක් වත් නොතිබුනි. සියළුම ඇඳවල්වලම පාහේ තම දරු ප්‍රසූථිය අපේක්ෂා කරන්නාවූ මවුවරු දෙදෙනා බැගින් වාඩි වී සිටිති. සැබෑ ලෙසම පැවසුවහොත් එක් අයෙකු රාත්‍රී කාලයේදී නිදා ගන්නේ අනෙකාගේ ඇඳ පාමුළ එලා ගත් පැදුරකය. දිවා කාලයේ දෙදෙනාම එකම ඇඳ බෙදා හදා ගනිති.
මාගේ බිරිඳට එවන් පහසුකමක්වත් නොලැබුනි. ඇය හට ලැබුනේ වාට්ටුවේ කොරිඩෝරයේ තබා තිබූ බංකුවක් අසල සිමෙන්ති පොලොවේ පැදුරක් එලා ගැනීමට හැකි තරම් වූ කුඩා ඉඩ කඩකි. අප සතුව පැදුරක්ද නොතිබුනෙන් ගෙන ගිය බෙඩ් ෂීට් එකක් බිම එලාගත් මාගේ බිරිඳ එතැන දමා මා නැවත ගෙදරට දිව ගියේ ඇය සඳහා පැදුරක් ගෙන ඒම සඳහාය. තම කුළුඳුල් ගැබිණි සමයේ අවසන් තුන් දින ඇය ගෙවා දැමූයේ එලෙසින් බිම එලාගත් කර්කෂ පැදුරකය. එසේ එළඹියාවූ තෙවනි දින රාත්‍රියේ නිදන්නට ඉඩක් සොයා ගනු නොහැකිවූ තවත් ගැබිණි මාතාවක් හා තමන්ගේ පැදුරද බෙදා හදා ගැනීමට තරම් මාගේ බිරිඳ කාරුණික වී සිටියාය.
දෙසැම්බර් විසිදෙවනි දින ඇයගේ උදේ ආහාරය ඇයවෙත ලබා දුන් මා ලෙඩුන් බලන කාලය අවසානයේ දිව ගියේ කාර්යාලය වෙතය. තවමත් රැකියාවේ පරිවාස කාලය ගෙවමින් සිටි මාහට අවශ්‍ය ලෙස නිවාඩු ලබා ගැනීමක් කල නොහැකිය. වාසනාවකට එදින සෙනසුරාදාවක් වූ නිසා වැඩ කල යුතු වන්නේ 12.30 තෙක් පමණි. කෙසේ වෙතත් පෙරවරු 12ට පෙර ඔෆීසයෙන් පැන 12.30 වන විට රෝහලට පැමිණීමට හැකි විය. ඒ සමගම දැන ගන්නට ලැබුනේ උදේ වරුවේ කල පරීක්ෂණ කිහිපයක ප්‍රථිඵල මත වෛද්‍යවරයා විසින් සිසේරියන් ක්‍රමයට දරු ප්‍රසූතිය කිරීමට තීරණය කර ඇති බවකි. පස්වරු 2.30 වනවිට ශල්‍යකර්මය සිදුකිරීමට ඇය ශල්‍යාගාරය වෙත ගෙන යනවග පැවසූ වාට්ටුව භාර හෙදිය මා අත තැබුවේ තුණ්ඩු කැබැල්ලකි. එහි වූයේ ශල්‍යකර්මයෙන් පසු ඇය වෙත ලබා දිය යුතු වේදනා නාශක බෙහෙතකුත්, කපනා ලද උදරය මැසීමට අවශ්‍ය ඉඳි කට්ට සහ මැහුම් දැමීමට ගන්නා වූ විශේෂිත වූ වර්ගයේ නූල් වර්ගයකුත්ය. විගසින් මේවා රැගෙන ශල්‍යකර්මයට පෙර ශල්‍යාගාරය වෙත භාර දෙනමෙන් මා හට දන්වන ලදී.
කළුබෝවිල හන්දියේ සැලකිය යුතු ප්‍රමාණයක් බෙහෙත් සල් ඇති නිසා කලබල විය යුතු නැත. මා දිව ගියේ නගරයේ වූ එවන් බෙහෙත් සලකටය. එහි වූ සියළුම බෙහෙත් සැල්වලට ගොඩ වැදුනද අවාසනාවකට තුණ්ඩු කැබැල්ලේ වූ කිසිම බෙහෙතක්වත්, නූල් වත්, ඉඳිකටු වත් සොයා ගැනීමට නොහැකි වුනි. අයෙක් පැවසුවේ කොහුවලත් නුගේගොඩත් අතර වූ රාජ්‍ය ඔසු සලේ මේවා මිලදී ගත හැකිය යන්නය. වහා නිවසට දිව ගිය මා ගොඩ වූයේ මාගේ 14 ශ්‍රී ස්ටේෂන් වැගන් කාරයටය. සැනෙකින් ඔසු සල වෙත ඉගිල ගිය මා හට දැන ගැනීමට හැකිවූයේ මේ කිසිම දෙයක් ඔවුන් සතුවද නොමැති බවත්, ටවුන් හෝල් වල වූ ඔවුන්ගේ ප්‍රධාන ඔසු සලේ සොයා බලන ලෙසත්ය. වෙන කලයුත්තක් සිතා ගැනීමට නොහැකි වූයෙන් ගැහෙනා සිතින්ම මා කාරය හයිලෙවල් පාරට දමා ගත්තේ කොලඹ ටවුන් හෝල් වල පිහිටියා වූ රාජ්‍ය ඔසු සලේ ප්‍රධාන ශාඛාව සොයා යෑමටය.
පැවතියේ තද වාහන තදබදයකි. කිරුලපොන ප්‍රදේශයට ලඟා වූ වා පමණි මහා වාහන තද බදය අස්සේ වාහනයේ එන්ජිම නතර උනි. පිටි පස්සේ වූවන්ගේ නොනවතින නළා හඬ මැද කිහිප වරක් වැර වෑයමෙන් එන්ජිම පණ ගන්වා ගැනීමට හැකි විය. එලෙස ඉදිරියට ඇදීමට හැකිවූයේ ටික දුරක් පමණි. නැවතත් එන්ජිම නතර උනි. මා දැන් සිටින්නේ හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණය අසලය. කිහිප විටක් උත්සාහ ගත්තද මෙවර නම් එන්ජිම පණ ගැන්වුනේ නැත. පසුපස වූවන් තොර තෝංචියක් නැතිව නළා හඬවති. කරකියා ගැනීමට දෙයක් නොමැති මගේද මුළු ගතම දහඩියෙන් තෙත් වී ඇත. පාරේ ක්‍රීඩාංගණය පැත්තේ තදබදයක් නොවූ බැවින් තනියම මා වාහනය ඒ පැත්තට තල්ලු කරන්නට පටන් ගත්තෙමි. පාරේ වූ කුඩා පල්ලමකට පිවිසි වාහනය වැඩි වෙහසක් නොදරාම ටික ටික ඉදිරියට ඇදෙයි. පාර අයිනට ගැනීමට සැරසෙත්ම ප්‍රථිවිරුද්ධ පැත්තෙන් හීයට විදින්නක් මෙන් පැමිණියේ හැල්මේ රේස් දුවන තඩි ටාටා වර්ගයේ පෞද්ගලික බස් රථයකි. සියළුම වෙර වීරිය යොදා දොරේ එල්ලෙමින් ඉදිරියට ඇදෙන කාරය නවතා නොගන්නට එම බසයේ වැදී මාත් සමගම වාහනය සුණු විසුණු වී යන්නේය. කාරයට නූලක් පමණ ඈතින් වෙට්ටුවක් දමා පදික වේදිකාව උඩින්ද දමාගෙන බසය ඉදිරියටම ඇදුනි.
කෙසේ හෝ පේදිරිස් ක්‍රීඩාංගණය අයිනට වෙන්නට කාරය තල්ලු කර බොනට්ටුව ඇර බැලූ මට දෙවියන් සිහිවූයේ රේඩියේටර් බටය පුපුරා ගොස් ඇති බව දැකීමෙනි. රේඩියේටරයේ වතුර බිඳකුදු නැත. මුළු එන්ජිමම රත්වී දුම් දායි. ඇයි දෙයියනේ මේවා මේ අදම සිද්ධ වෙන්නෙ ? පේදිරිස් පිටියේ පසෙකින් හැව්ලොක් හන්දියේ වූ කඩ පේලිය වෙත දිව ගිය මා ඉල්ලා සිටියේ වතුර ගැනීමට භාජනයකුත් වතුර ගැනීමට කරාමයක් තිබෙනා තැනක් පවසන ලෙසත්ය. සැනකින් මට සොයා ගැනීමට හැකි වූයේ අලියා බීම බෝතලයකි. ඒ අසලම ඔවුන් පෙන්වුයේ කඩ පේලිය අතරේ වූ පොදු වතුර කරාමයකුත්ය. බෝතලයත් රැගෙන එතන දිව ගියත් කරුමෙක මහත. කරාමයෙන් වතුර වැගෙරෙනුයේ ඉතා සෙමින්ය. අලියා බෝතලය පිරීමට විනාඩි පහකට ආසන්න කාලයක් ගත වේ. එලෙස කිහිප විටක්ම එහා මෙහා දිව යමින් කාරයේ රේඩියේටරයට වතුර පිරෙව්වෙමි. අවසානයේදී විනාඩි විස්සකට පමණ පසු වාසනාවකට මෙන් වාහනය පණ ගැන්වීමට ගත් උත්සාහය සාර්ථක විය.
එවර නම් ටවුන් හෝල් හන්දියේ රාජ්‍ය ඔසු සල වාහන අංගනය දක්වාම පැමිණිමට හැකියාව ලැබුනේ වාසනාවකටය. එනමුත් ඔසු සල ඇතුලට දිව ගිය මාගේ සියළු බලාපොරොත්තු සුන් වීමට වැඩි වෙලාවක් ගියේ නැත. මා හට පවසන ලද්දේ වේදනා නාශකය හැර ඉඳි කටුවද නූලද ඔවුන් සතුව නොමැති බවත්ය. කරුණු විමසීමකින් දැන ගැනීමට හැකි වූයේ "යූනියන් කෙමිස්ට්" නැමති ෆාමසියේ සොයා බලන ලෙසය. පසු ගිය හෝරා කිහිපයේදි විඳින්නට සිදු වූ මේ අසාමාන්‍ය සිද්ධි පෙළ හමුවේ ගතින්ද සිතින්ද හෙම්බත් වී සිටි මා සිහිනයෙන් මෙන් දිව ගියේ මදක් දුරින් පිහිටි ඒ සඳහන් කල බෙහෙත් සැල වෙතය.
"මල්ලි, ඉඳි කට්ටනම් තියෙනවා, හැබැයි මේ නූල නම් දැන් මාස දෙකක විතර ඉඳන් අවුට් ඔෆ් ස්ටොක්. අපි විතරයි මේක ගෙන්නන්නෙ......." ඔවුන් පැවසූ දෙයින් මගේ දෙලොවම රත්විය.
මා ඉන්නා තැන වටා ලොව කැරකෙන්නාක් මෙන් මට දැනේ.... "ඉඳි කට්ට තිබුනත් නූල නැතිව මහන්නෙ කොහොමද...?" මට කිසි දෙයක් කර කියා ගැනීමට නොහැක.
දැන් වේලාව පෙරවරු දෙකද පසු වී ඇත. තව ඇත්තේ හෝරා බාගයකටත් අඩු කාලයකි. සැනෙකින් නිවස ඇමතූ මා අපේ නිවසේ නැවතී සිටි වෛද්‍ය ශිෂ්‍යාවකට කතා කර මේ සංතෑසිය පැවසූවෙමි.
"බය වෙන්න එපා, ඔයා තියෙන දේවල් ටික අරගෙන එන්න. ඉස්පිරිතාලේ ඔය දේවල් තියෙනවා. .."
විගසින් වේදනා නාශකයද, ඉඳි කට්ටද රැගෙන, වාහනය ඔසු සල රථ ගාලේ අත හැර දමා ත්‍රීවීලයකට ගොඩ වූ මා හැල්මේ රෝහල වෙත පැමිණියෙමි. ඒ වනවිට ඇයව ශල්‍යාගාරය වෙත රැගෙන ගොසිනි. වාට්ටුවෙන් පැවසූවේ රැගෙන ආ ද්‍රව්‍යය ශල්‍යාගාරයට ලබා දෙන ලෙසය. වෙව්ලන දෙපයින් වුවත් සැනකින් එදෙසට දිව ගිය මා ශල්‍යාගාරයට ඒවා ලබා දෙන විට පස්වරු දෙක පසුවී විනාඩි හතලිහක් ගතවී තිබුනි. කෙලින් සිට ගැනීමටත් නොහැකි තරමටම හෙම්බත් වී සිටි මා හති ඇරීමට පටන් ගත්තේ ශල්‍යාගාරය අසල වූ කෙටි තාප්පයකට වාරු වෙමිනි.
෴ ෴ ෴ ෴ ෴
ශල්‍යාගාරය අසල නොවිසිලිමත්ව රැඳුනු හෝරාවකට ආසන්න කාලය මා ජීවිතයේ ගෙවුනාවූ දීර්ඝතම හෝරාවයි. පසුව ට්‍රොලියක හොත් ඇය ශල්‍යාගාරයෙන් ඉවතට ගෙන ආවාය. අඩවන් දෑසින් සහ මද සිහියෙන් සිටි ඇය පසු පස මමද වාට්ටුව වෙත පැමිණියෙමි.
මද වෙලාවකට පසුව සියළු දුක් කරදර දෝමනස්සයන් ඉවතට විසි කරමින් මෙලොව මා ලද වටිනාම සම්පත මා අතට පත් වුනි. ඒ මාගේ කුළුඳුල් කිරි කැටි දියණියයි. මා පිය පදවිය ලද්දේ ඇය වෙතිනි. මා බිරිඳ මවක් වූයේ ඇය වෙතිනි. ජීවිතයේ අප දෙදෙනා ලද වටිනාම වස්තුව ඇයයි. රෙදි කඩක ඔතා මා අතට වන් ඇය තුලින් මම මාවද මගේ ආදරණීය බිරිඳවද දකිමි.
෴ ෴ ෴ ෴ ෴
දෙසැම්බර් විසි දෙක.
ජනදි ආශින්සනී
මගේ ඒ පුංචි දියණිය අද දිවියේ දස වස් පූර්ණය කරයි. දස වසරක් තුල අපගේ ජීවිතයේ මැණික් පහන වූයේ නුඹයි. නුඹ හෙට දවසෙද අපේ ජීවිත එළිය කරණු ඇති...
දෙසැම්බර් විසි දෙක.
අද මාගේද උපන්දිනයයි. පියෙකුගේ උපන්දිනයට ලැබිය හැකි වටිනාම උපන්දින තෑග්ග නුඹ මට තිලිණ වීමයි...
මගේ රත්තරන් චූටි දුවේ නුඹට සුභ උපන්දිනයක් වේවා !!
ආදරණීය දුවටත් තාත්තාටත් සුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteසොයුරේ නුඹ ලියූ කතාව මගේ ද කතාවයි. මා ද එවන් උතුම් උපන්දින තෑග්ගක් 1998 ලද්දෙමි. ඇත්තෙන්ම එය වචනයෙන් කියන්න බැරි තරම් නිසාදෝ අඟිලි දුවන්නේ නැහැ සටහන එක් කරන්න.
මමත් මගේ අම්මගෙන් මගේ තාත්තට ලැබුණු උපන්දින තැ ගගක් තමයි :) මගේ ජීවිතේ අන්තිමට මටම කියල ඉතුරු වෙලා ඉන්නෙත් මේ දෙන්න තමයි..අම්මටයි තත්තටයි මම ගොඩාක් ආදරෙයි.
Deleteදුමී අයියටයි, අයියගෙ දුවටයි,
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් වේවා.........!!!!!!!!!
තාත්තට,දූට - දෙන්නටම සුභම සුභ උපන් දිනයක්
ReplyDeleteසංජීව්
සුභම සුභ උපන්දිනයක් වේවා දුමී අය්යේ ඔබට හා දූ පොඩ්ඩිට !!!!!!!!!!!!
ReplyDeleteSweet memories.. This reminds me the day we got our first child.
ReplyDeleteMany happy returns to both of you!!!
සැබෑ ජීවිතයේ අපේ අත්දැකීම් කෙටිකතා වල ඇති සිදුවීම් වලට වඩා ප්‍රබලයි. ඒත් ඒවාම කතාවකට ලිව්වොත් විචාරකයින් කියාවි තාත්ත්වික නැහැයි කියලා. :-)
ReplyDeleteඔබේ රචනා ශෛලිය කොහොමටත් ප්‍රබලයි. එහෙම වුනත් මේ මා ඔබෙන් දුටු ඉතාම හොඳ පෝස්ට් එකක්. එක වචනයක් වත් වැඩිත් නැහැ. අඩුත් නැහැ.
- Taboo
තාත්තාටයි දූ පොඩ්ඩටයි සුබම සුබ උපන්දිනයක්...
ReplyDeleteමේක කියෙව්වට පස්සේ මොනව කියනවද කියලා හිතා ගන්න බෑ වගේ.
ReplyDeleteදුවගේත් උඹේත් උපන් දිනයේ සතුට, කඳුලකින් නෑවෙව්වා වගේදෝ කියලත් හිතෙනවා . . .
හරිම සංවේදීයි.
දුවටත් තාත්තටත් සුභ උපන් දිනයක් වේවා
සුභ උන්පන්දිනයක් දුවේ.... ! තාත්ත දුව ගැන හරිම ආඩම්බරයකින් ඉන්නෙ.
ReplyDeleteකතාව කියවගෙන යද්දී නිකම් පපුව හිරවෙනවා වගේ දැණුනා. මම නම් තාම තාත්තා කෙනෙක් නෙමෙයි කොටින්ම තාම හස්බන්ඩෙක් වත් නෙමෙයි අයියා.
ReplyDeleteඒත් මේ වගේ තත්වෙකට මුහුණ දෙද්දී මොන වගේ දේවල් හිතෙයිද කීයලා හිතුණා. කොහොම් නමුත් කරදරයක් වුණේ නැහැනේ.
අයියාටයි දුවටයි දෙන්නටම සුභ උපන් දිනයක් වේවා..................
දුමී අයියා...
ReplyDeleteමේක මෙතැනට අදාළ කතාවක් නෙමේ. පොඩි පණිවිඩයක්.
කළ්‍යාණි මැඩම් අද තමන්ගේ 20 අවුරුදු NIBM ගුරු ජීවිතයට ආයුබෝවන් කියලා විශ්‍රාම යනවා. හිටපු Instructor කෙනෙක් විදියට ඔයාව දැනුවත් කරන එක මගේ යුතුකමක් කියලා හිතුවා.
සමාවෙන්න අදාල නැති දෙයක් මෙතැන කිව්වට.
ජය වේවා...
තාත්තාටයි දුවටයි සුභ උපන්දිනයක්ම වෙවා!
ReplyDeleteඉතාම සංවේදී විදියට ලියල තියෙනවා.. රෝහල් වලින් කරන මේ රස්තියාදුව නම් එපා වෙනවා නේද. ඒ වෙලාවේ දුමී අයියා හිටිය තත්ත්වය මට හිතාගන්න පුළුවන්. හැම දෙයක්ම බොරුවට
අධි සංවේදීම සටහනක්...
ReplyDeleteදුමි අයියටත් ජනදි දූටත් සුභම සුභ උපන් දිනයක්....
තාත්තටත් දුවටත් සුබම සුබ උපන් දිනක් වේවා! :)
ReplyDeleteShort film එකක් වගේ... ඇත්තටම ජීවතේ ප්‍රශ්ණ එන කොට එන්නෙ එපා වෙන්නම.. ඒත් අන්තිමට ඒ ඔක්කොම ප්‍රශ්න යට ගිහින් සතුට එනවා.. සංවේදීකතාවක්...
ReplyDeleteසුභ උපංදිනයක් දුමී අයියටයි දුමී කෙල්ලටයි :D
First of all, Many happy returns of the day for you Dumi & Doni. Today is my birthday also & Right now my wife also hospitalized for the Delivery. I hope we can see our little star today.
ReplyDeleteබුදු අප්පචිච්යේ අයියණ්ඩි චිත්‍රපටියක් බැලුවා වගේ ඇඟ හීතල වෙල අන්තිම ටික කියවගෙන එද්දි.. දෙයියන්ගේ පිහිටෙන් හැමදේම හොඳින් සිද්ද උනානේ...
ReplyDeleteදෝණිට සුභ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා..
දුවට සුභ උපන් දිනයක් වේවා දුමියෝ! අර ටැබූ කිව්වා වගේ උඹේ භාෂා විලාසය ඉතාම ප්‍රභලයි. කවදාවත් මේ බ්ලොග් එකේ ලිපියක් කියවද්දි පොඩ්ඩක්වත් කම්මැලි හිතිලා නෑ. ඒ වගේම මේ බ්ලොග් එක විශිෂ්ටම සිංහල බ්ලොග් දෙක තුන අතර තියන බවට කිසිම විවාදයක් නෑ.
ReplyDeleteමේක කියවද්දිනං බඩ කූල් වුණා හැබැයි! :)
වෙනදා නම් මේ බ්ලොග් එකෙන් යන්නේ .කට පිරින්න හිනාවෙලා ..අද මම මෙහෙන් යන්නේ හිත පිරෙන්න සන්තෝසෙන් .දුමී අයියව මම කවදාවත් දැකලා නැති උනාට මටත් කතාව ලස්සනට අවසන් වෙච්ච එක ගැන අමුතුම සතුටක් තියනවා .
ReplyDelete"මවු සෙනෙහස මෙන්ම පිය සෙනෙහසද උතුමය. දරුවෙකු පිටකරනු ලබන එක් සිත රිදවන වචනයකට පියෙකු දහස් වරක් මැරි මැරී උපදියි .."
සුබ උපන්දිනයක් වේවා .!! දෙන්නටම ...
ජයවේවා !!
මෙවන් පියෙක් ලද දියණිය ඔබ වාසනාවන්තයි
ReplyDeleteදෙන්නටම සුබ උපන් දිනයක්!
උදේම එරංගගෙන් (එරංග චමිල පාලතිරත්න) දුරකතනයට ලැබුණු අමිහිරි පණිවිඩයෙන් ගල්ගැහිච්ච හිතට පුංචි ඉසිඹුවක් මේ පෝස්ට් එක.
සුබම සුබ උපන්දිනයක් දුමින්ද අය්යටත් නංගී බබාටත් !!!!
ReplyDelete:) :) :) :) :) :) :) :) :) :) :) :)
තාත්තටයි දුවටයි සුභ උපන් දිනයක්...!!!
ReplyDeleteසමහර හදිසි වෙලාවල් වලට පහසුවෙන් ලේසියෙන් හොයා ගන්න තියෙන දේත් හොය ගන්න නැහැ.
ඒ වගේම තමයි රජයෙන් පහසුකම් සපයලත්,සමහර පුද්ගලික සංවිධාන වලින් පවා ඔය ගැබිණි මව්වරුන්ට අවශ්‍ය දේවල් රෝහල් වලට සපයල තිබ්බත් ඔය ආයතන වල ඉන්න හෙද නිලධාරීන් සහ ඔය දෙවල් වලට වග කියයුතු අය ඔය දේවල් පිටට විකුණල රජයේ රෝහලට යන කෙනාට ඔය දේවල් මිලට ගන්න කියනව.....
මොනවාම හෝ කියන්න ඕනේ යැයි හිතුනත් කියන්න වචන නොමැති නිසා පසුතැවෙමි.
ReplyDeleteඇත්ත. ජීවිතේ ඔය වගේ අවස්ථාවන් එමටයි.
සුබ උපන්දිනයක් වේවා ඒත් එක්කම! තාත්තටයි දුවටයි දෙන්නටම! :)
kathawa kiyewwata passe aththatama monawa kiyannada kiyala hitaganna baa..
ReplyDeletekohoma unath mama oya dennatama subhama subha upandinayak pathanawaa..
දුමී අයියටයි, දුවටයි දෙන්නටම සුභම සුභ උපන්දිනයක් වේවා!!!!
ReplyDeleteතාත්තල දූලා දෙන්නටම සුභ උපන් දිනයක් වේවා ! :-)
ReplyDeleteහරිම සංවේදී සටහනක්. කෙසේ වුවත් අවසානයේ සියල්ල හොඳින් සිද්ධ වුනානෙ.
ReplyDelete
තාත්තටයි දුවටයි දෙන්නටම ඔන්න මගෙනුත් උපන්දින සුභපැතුම්!!!
දුමී අය්යටත් චූටි දූ ටත් සුභ උපන්දිනයක්.... මගෙ බඩ පපුව දන්න පටන් ගත්තා මේක කියවගෙන යනකොට. අපිට කවදා කොයි වගේ අත්දැකීම් වලට මුහුන දෙන්න වෙයිද කියලා කවුද දන්නේ!!!! ටැබූ කිව්ව වගේම අඩුත් නැති වැඩිත් නැති බඩ පපුව කූල් කරවන ලිපියක්
ReplyDeleteතාත්තාටයි දුවටයි සුභම සුභ උපන්දිනයක් වේවා!!!!!!!
ReplyDeleteතාත්තාටයි දුවටයි සුබ උපන්දිනයක් පතන්න ඔන්න මමත් එක්වුනා
ReplyDeleteඅපෙනුත් අපෙනුත්.. හැපිබර්ත්ඩේ යූ ටූ... :)
ReplyDeleteදෙන්නටම සුභ ම සුභ උපන් දිනයක් වේවා කියලා හදවතින් ම සුභ පතනවා.
ReplyDeleteඔහොම දෙයක් අපිට වුණා නම් කරන්නේ මොනවද කියලවත් හිතාගන්ඩ බැරුව යයි...
දුමි අය්යාටයි අයියගේ දෝණිටයි දෙන්නාටම සුභම සුභ උපන් දිනයක් වේවා...!!!
ReplyDeleteදුමී...
ReplyDeleteඅද උදේ මං මුණු පොතේ උඹට සුභ පතපු වෙලාවෙ මං දන්නේ නැහැ ඔය වගක්...
ඇත්තටම ජීවිතය ඔහොම තමයි බං...
එක අතකින් ඒ වෙලාවෙ උඹ නොමැරි මැරෙන්න ඇති මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරිව..ඇයි අසරණ කම...
මෙච්චර මහන්සි වෙලත් එක පිට එක කරදර එන හැටියටත්..
ඒත් එදා උඹව නොමරා මරපු ඒ අත්දැකීම අද උඹට ඒ මතකය හුගාක් වටින අත්දැකීමක් බවට හරවලා තියෙනවා...
ඉතිං ඒකත් එක අතකිං හරි විරල ආකාරයේ වටිනාකමක් ඇති තෑග්ගක්...
කොහොම උනත් උඹට වගේම පොඩි එකීටත් සුභ උපන් දිනයක් වෙවා...
ගමහාමිනේත් මාරම වැඩ තමයි කොරන්නේ..මරු උපන්දින තෑගිනේ දෙන්නේ..
අනේ බං හැම අවුරුද්දකටම සැරයක් ඔහොම තෑගි උඹට දුන්නනං උඹත් දැං සිංහයෙක් වගේ දුමියෙක්...
මෙකේ තියෙන නරක පැත්ත තමයි අපිට අවුරුද්දකට ලැඛෙන්න තියෙන පාර්ටි දෙකකින් එකක් විතරක් ලැඛෙන එක..
හැබැයි පුතෝ මමනං කේක් කෑලි දෙක දෙක කාලා.. අනිත් ඒවාත් දෙක දෙක වගකියනවා..
අපිට මොන චාරිත්තර වාරිත්තරද..?
අඩෙයි..දැන්නේ මතක් උනේ..මෙ වගේ උපන්දින දෙකක් එක දවසේ සමරනකොට කේක් කපලා හරියන්නේ නැහැ..
දෙකලප්පමක් තමයි වැඩෙට යාදෙන්නේ...
ඇවිත් ගියෙමි
ReplyDeleteදෙදෙනාමට සුබ උපන්දිනයක් වේවා!!!
අදනම් දුමී අයියේ හරිම සංවේදී සටහනක් කියෙව්වේ......
ReplyDeleteනංගි බබාට සුබන සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා......ඒ වාගෙම ඔයාටත්.............
කරදරයක මහත! හරිම සංවේදී කතාවත්! ස්තූතියි බෙදාගත්තාට මේ අත්දැකීම. ඒ වගේම තාත්තටත් දුවටත් සුභම උපන්දිනයක් වේවා කියලා පතනවා. ජය!
ReplyDeleteදුමී,
ReplyDeleteඔබේ ජීවිත අත්දැකීම කියවන්නට පටන් ගත් මුලදීම තෙත් වූ නෙත් තවම වියළී නැත,
මෙවන් අත්දැකීමක් වින්දෙකුට ඒ මුලූ ජීවිත කාලයටම අමරණීය මතක සටහනක් වනු නිසැකය,
ඔබටද දියණියටද සුබ උපන් දිනයක්!!!!
ආදරණීය පියෙක් සහ සුරතල් දියණියක්!
ReplyDeleteදෙන්නටම සුබම සුබ උපන් දිනයක් . . . !!!
මමත් ඕබ වගේම පුංචි දුවෙක්ගේ පියෙක්.(වයස25( මගේ හිත කොච්චර එඩිතර උනත් .ඔබේ කතාවේදී මගේ හිතටත්, හොරෙන් ඇස් දෙකට කදුලක් අවා.ඒ තරමට ඔබේ කතාව සාර්ථකව,හා සංවේදීව ලියලා තිබුනා...මමත් ඕබ තිදෙනාටම සුබ පතනවා....
ReplyDeleteදුමියා, හිතාගන්න පුළුවං ඒ වෙලාවෙ උඹ කොච්චර අසරණ වෙන්න ඇත්ද කියලා.. ඕක තමා කියන්නෙ "when shit happen, it happens in big time" කියලා.. මොනාකරන්නද නේද, ජීවිතේනෙ..
ReplyDeleteසුබ උපන්දිනයක් දෙන්නටම..!!
වෙනදා බඩ පැලෙනකන් හිනස්සලා ඇස්ගෙඩි දෙකෙන් කදුළු පැන්නු උඹ අද මහ අමුතු විදිහකට අපේ ඇස් වලින් කදුළු පැන්නුවා....ගොඩාක් සංවේදී සටහනක් අයියා....
ReplyDeleteපුංචි දු කුමරිටත් තාත්තිටත් දෙන්නටම මුළු හදවතින්ම සුභ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන්නත්...සතුට සාමය සමගිය නිරෝගීකම රැදෙන්නත් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
අද සටහනම් හරිම අමුතුයි අයියා...ඒ තරම්ම සංවේදීයි....
සුබම සුබ උපන්දිනයක් තාත්තාටයි දූ පොඩ්ඩටයි...
ReplyDeleteතාත්තාටයි දුවටයි දෙන්නටම හැපි ම හැපි උපන් දිනයක් වේවා....!!!
ReplyDeleteදුමි සුභ උපන්දිනක් වේවා..!!!
ReplyDeleteසුභ උපන්දිනක් ජනදි චුටි දුවේ..!!!
ReplyDeleteමේක කියවද්දි මට මැවිලා පෙනුනෙ දුමී අය්යාව එහෙම නෙවේ. අපේ තාත්තාව. තමන්ගෙ දරුවා, බිරිඳ වෙනුවෙන් තාත්තලා වෙන වෙහෙස ගැන ඉඟියක් දෙන කතාවක් විදිහටයි මට මේක දැනුනෙ. තාත්තා ගැන ආදරය අලුත් කරාට තුති...
ReplyDeleteඔයාගෙ දුව මේක කියවනවද කියල දන්නෙ නැහැ. දුවගෙ උපන්දිනේට ලොකුම තෑග්ග ඔයා ලිව්ව මේ සටහන....
සුබ උපන්දිනයක් වේවා!!!
සුභ උපන්දිනක් දෙන්නටම.
ReplyDeleteකිලෝමීටරේට දෙපාරක් හක්ක පනින, බැහැල පැය භාගයක් විතර යනකල් මෙලෝ දෙයක් ඇහෙන්නැතුව කන් හෝ හෝ ගාන්න ගන්න ජාතියෙ මරුති ජීප් එකේ මගේ හාමිනේවත් දාං ජපුරෙ ඉස්පිරිතාලෙට ගිහිය ගමන මතක් උනා මචං.
දුමියෝ මට තියෙන අත්දැකීම ඔයිට බරපතලයි. ඒත් අවසානයේ මටත් දැන් වසර 7 ක දුවෙක් ඉන්නවා.
ReplyDeleteඔයාටත් දුවටත් සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.
දුව මේක බලනවනම් මම හිතන්නෙ එයා කියවන්නම ඕනෙ සටහනක් තාත්තාගේ අම්මාගේ ආදරය ගැන.
කථාව හරිම සංවේදියි.
සුබ උපන් දිනක් වේවා!!! පිය , දූ දෙදෙනාටම!!! :))
ReplyDeleteතාත්තාටත් දෝනිටත් සුභ උපන්දිනයක් වේවා!!!!!
ReplyDeleteපොඩි දුවටයි තාත්තටයි දෙන්නටම සුබම සුබ උපන්දිනයක් වේවා.
ReplyDeleteපපුව ගැහෙනවා තාම අයියේ.ලස්සණට අධි සංවේදී විදිහට ලියලා
පරක්කු වෙලා ඇවිල්ල හරි ඔයාල දෙන්නටම සුබ පතනව හදවතින්ම !
ReplyDeleteසුබම සුබ උපන්දිනයක් තාත්තටයි දුවටයි !! :)
ReplyDeleteඅපේ තාත්තගෙයි මගෙයිත් උපන්දින එක ලඟ දවස් . එකම දවස නං නෙවෙයි හැබැයි :)
දුවලා ඉතින් කවදත් තාත්තලාට ආඩම්බරයක් තමා. (කොලර් එක උස්සගන්න )
ඔයාගෙ දූ හරිම ලස්සනයි :)
මාත් ඔන්න දුවට සුභ උපන් දිනයක් පතනවා....
ReplyDelete[එයා දුමී වාගෙ ලොකු වුනාම කට නොකසත්වා කියා පතනවා.]
ඩීන්,
ReplyDeleteගොඩක්ම ස්තූතියි සුභ පැතුමට. හරිම සන්තෝසයි ඔබේ දුවත් ඔබත් එකම උපන්දිනය බෙදා හදා ගන්න එකට. ලෝකයේ කී දෙනාටද එහෙම වාසනාවක් උදා වෙලා තියෙන්නෙ. ඒ සතුට ලියා ප්‍රකාශ කරන්නවත් කියා දනවන්නවත් පුළුවන් එකක් නෙමෙයි. මට ඔබේ හිත තේරෙනවා...!
@sameera wijayawardane, @BEAUTIFUL SRI LANKA,
ReplyDeleteගොඩක්ම ස්තූතියි ඔබ දෙපළගේ සුභ පැතුම් වලට.
@නදීෂා,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි නංගි සුභ පැතුමට සහ අපි සමග සතුට බෙදා හදා ගත්තාට.
@taboosubjects,
ReplyDeleteහිතවත් ටැබූ, බොහොමත්ම ස්තූතියි ඔබගේ දිරි ගැන්වීමේ වචන වලට...!
@හසී,
ReplyDeleteගොඩක් ස්තූතියි හසී නගා...!
@දුකා,
ගොඩක් ස්තූතියි මචන් හැමදාම වගේ උඹේ දයාබර වචන වලට. ඇත්තටම දවස පටන් ගත්තෙ මේක කියවලා හැමදෙනාගේම ඇස් වලට කඳුලක් අරගෙන ඇවිල්ල තමයි, අවුරුදු 10කට කලින් ඒ සිද්ධිය ගැන මතක් වෙලා...
මේක ලියත්දිත් කීප විටක්ම මගේ ඇස් කඳුලින් තෙත් උනා....!
@nawammawatha,
ගොඩක්ම ස්තූතියි. ඔව් හැම තාත්ත කෙනෙක්ම දමන්ගේ දූ දරුවෝ ගැන ලොකු ආඩම්බරයකින් තමයි ඉන්නෙ...
@Hasitha,
ReplyDeleteබොහොම ස්තූතියි හසිත මල්ලි. මේක ලියනකොටත් මගෙත් පපුව හිර උනා කීප විටක්ම.
අම්ම කෙනෙක් දරු ප්‍රසූතියේදී යම් වේදානාවක් විඳින්නේ යම් සේද, පියෙකුත් ඒ අවස්ථාවේ ඒ තරම්ම ආතතියක් සිතෙන් විඳිනවා. ඒ අත්දැකීම ලබන්න නම් ඒ අවස්ථාවට මූන දෙන්න ඕනෙ...
@රනා ,
ReplyDeleteගොඩක්ම ස්තූතියි මේ ආරංචිය මට ගෙන ආවාට. මම කල්‍යාණි මැඩම්ව බලන්න ගියා පසුගිය අගෝස්තු මාසයේ මම නිවාඩුවට ඇවිත් ඉන්නකොට. ඇය මාත් එක්ක කතා කලේ ඇස් වල කඳුලු පුරෝගෙන. ඇය ඉතාමත්ම දයාබර ගුරු මවක්, මට විතරක් නෙමෙයි දහස් ගණනක් එන්.අයි.බී.එම් එකෙන් තම දිවිය එළිය කර ගත්ත සෑම දෙනාටම. ඇය විශ්‍රාම යෑමේ අදහස ගැනද මට පැවසූවා, නමුත් එය මෙච්චර ඉක්මනටම වෙයි කියලා හිතුවේ නෑ.
@sameerausa,
ReplyDeleteස්තූතියි සමීර සුභ පැතුමට.
මේ වගේ දේවල් ඔවුන් සාමාන්‍ය විදිහට කරන දෙයක්. මම මේ ගැන ඔවුන්ගෙන් විමසුවා. එවිට ඔවුන් පැවසූවෙ හැකියාවක් තියෙන අයගෙන් ඔව්න් මේ දේවල් පිටින් ගෙන ඒමට ඉල්ල සිටිනවා කියලයි.
එනමුත් රෝහලේදී සිදුවිය යුතු සියළුම සත්කාරයන් අඩු පාඩුවක් නැතිව වාට්ටුවේ උන් සියළුම හෙද හෙදියන් සහ දොස්තර වරුන් විසින් ඉටු කරනු ලැබුවා.
එයට කළ ගුණ සැලකීමක් ලෙසින් බිරිඳ සහ දුවණිය ගෙදර ගෙන එන දවසේ ඔවුන් සියළු දෙනාටම කේක් ගෙඩි කීපයකින් සංග්‍රහ කරන්නත් මම අමතක කලේ නැහැ.
@පුතා , @ධනුෂ්කා ,
ReplyDeleteගොඩක්ම ස්තූතියි ඔබ දෙපළගේ සුභ පැතුම් වලට.
@ Bugs Bunny,
ReplyDeleteගොඩක් ස්තූතියි බනියෝ සුභ පැතුමට...!
ඒ වගේ ආතතියක් විඳින්න නම් ඒ අවස්ථාවට මුහුණ දිය යුතුයි. ඒ සිදු වෙච්ච සිදු වීම් පෙළ ඇත්තටම චිත්‍රපට ජවනිකාවක් වගේ තමයි. සැබෑ ලෝකයේදිත් ඒවා ඒ විදිහටම සිද්ද වෙනවා.
@DILUM,
Congratulations !!! It's really wonderful to hear this brilliant news. So we would not be alone hereafter. :) Hope your little star and his/her mother doing just fine... Please share your joyful experience with us....!!
@ෆා ,
ReplyDeleteගොඩක් ස්තූතියි ෆා නගෝ සුභ පැතුමට...
අපේ ජීවිත වල ගොඩක් දේවල් ගොඩක් වෙලාවට චිත්‍රපටි ජවනිකා වල්ටත් වඩා ත්‍රාසජනකයි, සංවේදියි සමහර විට විනෝදජනකයි.
@blog gadol,
ගොඩක් ස්තූතියි උඹේ සුභ පැතුම් වලට...
ඒ වගේම දිරිමත් කිරීමේ වචන වලටත් ගොඩක් තුති.
ඇත්තටම ඒ වගේ වෙලාවකට පපුව කූල් වෙන හැටි බලාගන්න ඒකට මුහුන දිය යුතුමයි...!
@හිස් අහස ,
බොහොමත්ම ස්තූතියි මලේ සුභ පැතුමට...
සිනහව සහ සංවේගය කියන්නෙ එකම කාසියේ දෙපැත්තනේ. ඔය දෙකම අවසානයේ ඇස් වලින් කඳුලු පනිනවා.
"මවු සෙනෙහස මෙන්ම පිය සෙනෙහසද උතුමය. දරුවෙකු පිටකරනු ලබන එක් සිත රිදවන වචනයකට පියෙකු දහස් වරක් මැරි මැරී උපදියි .."
මේ කතාවනම් සැබෑම සැබැයි මලයෝ...!
@Chinthaka,
ReplyDeleteස්තූතියි දයාබර වචනවලට....! මොකක්ද එරංගට වෙච්ච කරදරය...?
@Kaal_J,
ස්තූතියි, මම නංගි බබාට කියන්නම්, අයියා බබා සුභ පැතුවා කියලා..
@කැන්ඩි...,
බොහොමත්ම ස්තූතියි සුභ පැතුම් වලට...
ඇත්තටම වාට්ටුවෙන් කියපු විදිහටනම් බෙහෙතුයි, නූල් ඉඳිකටු පහසුවෙන් ඕනෙම ෆාමසියකින් හොයා ගන්න පුළුවන් ඒවා කියලයි. ඒත් ඒ ඉඳි කට්ටයි නූලයි විශේෂිත වූ ජාතියක්. ඒ නූල් ජාතිය මැහුම් දාල ටික කාලෙකින් දියවෙලා යන එකක්.
@Supun ,
ස්තූතියි සුපුන් මල්ලිටත් සුභ පැතුම් එක් කලාට..
කිව්වත් වගේ ජීවිතය මේ වගේ සහ මීටත් වඩා ත්‍රාසජනක, සංවේචජනක, විනෝදජනක ජවනිකා වලින් පිරිලා තියෙන්න.
@කැළණිතිස්ස,
@නිර්මල ,
@thiraya,
@චන්දික ,
@පූසා,
@roylyfernando,
@වැම්පි,
ගොඩක් ස්තූතියි සුභ පැතුම් වලට...
@Jeew,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි සුභ පැතුම් වලට. ඔහොම දෙයක් උනහම ඒවට මුහුන දෙන්න ශක්තිය ඉබේටම ලැබෙනවා.
@Waruna R Ritigahapola,
ගොඩක් ස්තූතියි සුභ පැතුම් වලට...
@මාරයා,
ReplyDeleteඋඹට ගොඩක් ස්තූතියි මේ දීර්ඝ සුභ පැතුමට...
උඹ කිවා හරි මචෝ. ඒක විස්තර කරන්න පුළුවං හරිම විදිහ තමා උඹ කියලා තියෙන්නෙ "නොමැරී මැරුනා" කියන එක.
ඇත්තටම පුදුම අසරණකමක්, බයක් දැනුනා ඒ වෙලාවේ. ඉස්සෙල්ලාම තාත්තා කෙනෙක් වෙන්න යන වෙලාවෙ විඳින්න වෙච්ච දේවල් අදහා ගන්නත් බැරි විදිහට පුදුමාකාරයි.
ගම හාමිනේ දීපු ඒ තෑග්ග තමා මගේ ජීවිතයේ ලැඋනු වටිනාම තෑග්ග...
@මාරයා,
ReplyDeleteඔව් ඔව්, මේ වගේ උපන්දිනයක් සමරණ කොට ඉතින් මගේ දුව කරන්නෙ කේක් කපන එක. මම ඉතින් ඒක සමරන්නෙ ඔය යාළුවො ටික එක්ක එකතුවෙලා බෝතලයක සීල් එක එහෙම කඩලා...:)
තාත්තටයි දුවටයි දෙන්නටම ප්‍රීතිමත් උපන්දිනයක් වේවා!!!
ReplyDelete@වැප් ,
ReplyDeleteඇවිත් ගියාට සහ සුභ පැතුමට ස්තූතියි ඕං..
@දිනෙෂ්,
ස්තූතියි මලයෝ අවිත් සුභ පැතුවට. මම නංගි බබාට කියන්නම් දිනේශ් අයියා බබා සුභ පැතුවා කියලා. :)
@ ශිරෝශන් රන්දික
ස්තූතියි පැතුමට...
කරදරයක් උනත් අන්තිමේදී ඒ ඔක්කොම අමතක කරන්න පුළුවන් උනා එක සැනෙකින්..!
@Ravi,
ස්තූතියි ඇවිත් සුභ පැතුමක් සමගින් මගේ අත්දැකීම බෙදා හදා ගත්තාට..
අර කිව්වත් වගේ මේ අත්දැකීම මම මැරෙන තුරු මාත් සමග සැමදාම අළුත් වෙවී තියෙයි. කවදා හරි මගේ දුවත් මේ සටහන් කියවන දවසක එයාටත් මේක ජීවිත කාලෙටම අමතක නැතිව තියේවි...
@තාරක ,
ස්තූතියි පැමින සුභ පැතුමක් එක්කලාට...
@ප්‍රියාන්,
ස්තූතියි දයාබර වචන වලට සහ සුභ පැතුමට. ඔබටත් ඔබේ කුඩා දියණියටත් ජය !
@Buratheno,
ගොඩක්ම ස්තූතියි සුභ පැතුමට. ඔව් ඒ වෙලාවෙ දැනිච්ච අසරණ කම ඇත්තටම වචන වලට පෙරලන්න නම් බැහැ...
@෴ හසියා ෴ ,
මලේ, ගොඩක්ම ස්තූතියි උඹේ දයාබර වචනවලට.... සහ සුභ පැතුම් වලට... මේ සටහන මම නොහිතපු විදිහට ගොඩක් දෙනෙකුටම කඳුලක් ගෙනාවා. ඉස්සෙල්ලම ඇඬුවේ අපේ හාමිනේ. ඊට පස්සෙ හාමිනේගෙ අම්මා, මගේ දයාබර නැන්දම්මා ස්කයිප් එකෙන් කඳුලු පෙර පෙර ඇඬුවා.
@පොජ්ජේ,
ස්තූතියි සුභ පැතුමට...
@ හුදකලාවේ සටහන,
ගොඩක්ම ස්තූතියි..
@රවින් රොශ්,
සුභ පැතුමට ප්‍රණාමය...
@චමිල ,
ReplyDeleteකිව්වත් වගේ මේක ඕනෙම තාත්ත කෙනෙක්, ස්වාමියෙක් කරන කැප වීම තමන්ගේ දරු පව්ල වෙනුවෙන්. ගොඩක් වෙලාවට මතු පිටට නොපෙනී හැන්ගිල්ල යනවා උඩු සුළඟට ගහගෙන. අම්මා කරන කැප කිරීම ගැන විවාදයක් නැති උනත් ඒ තරම්ම ඇගයීමකට ලක්වෙන්නෙ නැත්තෙ ඇයි පිය වරුන්ගේ සංවේදී ආදරය ? ගොඩක් වෙලාවට පිය වරු හිතේ මහ මෙරක් වගේ ආදරය හංගාගෙන ඉන්නවා මිසක් මවුවරු වගේ ආදරය ප්‍රසිද්දියේ ප්‍රකාශ කරන්න සමත් වෙන්නෙ නැහැ......
මගේ දුවට තවම මේ සටහන කියවන්න හැකියාවක් නැහැ. මොකද එයා මේහෙදි ඉගෙන ගන්න ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ උනාට එයා සිකුරාදා දහම් පාසල් ගිහින් හරි උනන්දුවෙන් සිංහල ඉගෙන ගන්නවා. එයාට ඉක්මනටම මේක කියවන්න හැකියාව ලැබේවි.
@ඉන්දික උපශාන්ත.
ReplyDeleteස්තූතියි මචන් සුභ පැතුම් වලට. ළමයා ලැබෙන්න තමන්ගෙ බිරිඳව රෝහලට ගෙන යන මොහොතේ සිට ස්වාමියෙක් විඳින සිතේ බර ඒක විඳපු මිනිහෙක්ම තමා දන්නෙ... මට උඹව තේරෙනවා...!
@ඉෂාර,
ස්තූතියි සුභ පැතුමක් එක් කලාට. දරුවො දමන්ගේ දෙමව්පියන්ගේ ආදරය කැපවීම ගොඩක් වෙලාවට තේරුම් ගන්නෙ ඒ ගොල්ලො දෙමව්පියන් වෙච්චි දවසකටම තමා.
ඔබේ කතාවත් ඔබගේ බ්ලොගයේ පල කලානම් නරකද අපි හැමෝටම කියවන්න....?
@ජංජාල චාමර ,
@සිතුවිලිමන්ඩිය,
ස්තූතියි සුභ පැතුම් පිරි නැමුවාට..
@පුබුදුවා.
බොහොම ස්තූතියි මේ දීර්ඝ සටහන් කියෙව්වාට සහ එක් කල සුභ පැතුමට...
@``` Outsider``` ,
ReplyDeleteස්තූතියි සුභ පැතුම් පිරි නැමුවාට..
@ස්වප්නා ,
ස්තූතියි ස්වප්නා, අනිවාර්යයෙන්ම දුවලා තමා තාත්තලාගේ ආඩම්බරය. දුවෙක් මොනව හරි කලාම හරි ඉක්මනට තාත්තලට රිදෙනවා පුත්තු එහෙම කරනකොට වැඩිය...
@kumaraya,
බොහොමත්ම ස්තූතියි,
[මම නම් පතන්නෙ, මටත් වඩා කට කසත්වා කියලයි.. :) ]
@har,
ගොඩක් ස්තූතියි මගේ දිග ලිපිය කිවලා සුභ පැතුම් එක් කලාට...!
දුමී,
ReplyDeleteමගේ ඇහෙත් කඳුළු බිඳුවක් පිපිලා!
මට මතක් වුණා මහ රෑ තියටර් එකෙන් එලියට අරං ආපු මගේ දුවගේ ඇඟිලි තුඩු වලට රතු පාටට ලේ පිරෙනවා බලං හිටිය හැටි.
එදා දුක අද සුන්දරත්වය වැඩි කරනවා නේද?
-කතන්දරකාරයා
@කසු,
ReplyDeleteබොහමත්ම ස්තූතියි තැබූ සටහනට.
මේ ලිපිය කියවන කියවන වාරයක් පාසා මගෙත් ඇස් තෙත් වෙනවා. පිය සෙනෙහස කියන්නෙ ඒකට වෙන්න ඇති...
පියෙකුට තම කුළුඳුල් දරුවා අතට ලැබෙන විට ඇතිවෙන හැඟීම වචනවලටවත්, අකුරුවලටවත් පෙරලන්න පුළුවන් දෙයක් නෙමෙයි... ඒ ලබන ඇත්දැකීම පියෙක් ජීවත්වෙන තුරා ඔහුව ජීවත් කරවනවා......!
මචං... වචන නෑ බං මට කියන්න . එච්චරකට දැනුනා මට උඹ කියපු දේ. අවාසනාවකට මං මේක කියවනකොට දවසක් පරක්කු වෙලා. වෙනදා රීඩරේ උඩින්ම වැටෙන කොට මං උඹේ පෝස්ට් එක කියවන්නේ.
ReplyDeleteඔය කලබගෑනිය සිද්දවෙද්දී උඹට පිටිපස්සේ ඉඳන් සීන් එක දැක්කා වගේ මට දැනුනා.
උඹටත් දූටයි දෙන්නටම සුභම සුභ උපන්දිනයක් වේවා. පුංචි පවුල චිරාත් කාලයක් වැජඹේවා...
@වන්නි,
ReplyDeleteගොඩක් ස්තූතියි වන්නියෝ දයාබර වචන පෙළට. උඹේ වචනත් මගේ හිතේ පතුලටම වැදුනා...!
පමාවුවත් මගේ සුභ පැතුමත් මෙන්න..
ReplyDeleteදුමී සහෝදරයාටත් පුංචි පැංචියටත් නිදුක් නීරෝගී අනාගතයක්...!
අයියේ....
ReplyDeleteඋඹ වගේ තාත්තා කෙනෙක් ලබන්න උඹේ දු පැටික්කිත්
උඹ වගේ සැමියෙක් ලබන්න උඹේ බිරිඳත්
උඹ වගේ බෑණෙක් ලබන්න උඹේ නැන්දම්මත්
උඹ වගේ යාළුවෙක් ලබන්න අපිත්....
ගොඩාක් පිං කරලා තියෙනවා....
බීලා ගෙදර ඇවිත් මුළු ගෙදරම වනසන තාත්තාලාගේ කතා අපි කොච්චර අහල ඇතිද....ඒ හැම තාත්තා කෙනෙක්ටම උඹ ආදර්ශයක්....
හැමතාත්තාම උඹ වගේ වෙනවනම් අපේ රටේ පවුල් කියක් සුන්දර වේවිද....
ඇත්තටම උඹ ගැන ආඩම්බර වෙනවා අපිත්....
පිය සෙනහසට කව් ගී ලිය වුනා මදී.... හුඟක් සංවේදී සටහනක් දුමියො..
ReplyDeleteපිස්සත් ඔන්න සුබ පතනවා දුමී උබටත්... කෙලි පැටියටත්... සුබම සුබ උපන් දිනයක් වේවා....
මාර සන්වේදී උනත් බොක්කටම වැදුනා බන් අන්තිමට කදුලුත් ආව සතුටට. නන්ගියො & දුමී දෙන්නටම සුබ උපන් දිනයක් වේවා! සමාවෙන්න ඔනෙ මම තාම පොඩි එකා බන් කිව්වට, රීඩ් කරේ දැන්, ඒකටත් සමාවෙන්න ඔනෙ.මොනව උනත් ඔය වගෙ උපන් දිනට් තෑගි ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද? සැමදා වැජභේවා!
ReplyDeleteMany happy returns to both of you.....
ReplyDeleteදුමී සහ ජනදී වෙතට, තාත්තටත් දියණියටත් පා නඟනා අළුත් වසර සියළු පැතුම් ඉටුවන වසරක් වේවායි පතමි!
ReplyDelete@ගී සිතුවම්,
ReplyDeleteස්තූතියි සහෝ, හෘදයාංගම සුභපැතුමට...
@෴ හසියා ෴,
නැවතත් ස්තූතියි මලේ...
@පිස්සා,
ගොඩක් ස්තූතියි පිස්සෝ...
@ගොල්ඩ්සෝන්,
ස්තූතියි පොඩි එකෝ..:)
@උනන්දුවා ,
ස්තූතියි උනන්දුවෝ, සුභ නත්තලක් වේවා...!
@අරුණි,
ගොඩක් ස්තූතියි අරුණි... ඔබ සැමට සුභ නත්තලක් වේවා...!
දුමී, ඔයා වගෙ මිනිස්සු තව මහ ගොඩක් මේ ලෝකෙට ලැබෙන්න ඕනෙ... දයාබර සුභ පැතුම්!
ReplyDeleteඅද තත්වේ මීට වඩා ගොඩක් හොඳයි කියන්න අමාරුයි. ඒත් සමස්ථයක් විදිහට පොඩි දියුණුවක් තියෙනවා. ඇස් වලට කඳුලූ උනන්න ලියලා තියෙනවා. ඉතාම සංවේදී සිද්ධියක්. ඒත් අවසානයේ ඔබ ජයග්‍රහණය කරලා. ඔය වගේ සටන් වලින් පරාජිත අය බොහොමයක් අප අතර ඉන්නවා. දියණියටත් ඔබටත් සුභ පතනවා සහෝ..
ReplyDeleteread the whole story, one the best heart touching real life stories i have ever read,
ReplyDeletethe last paragraph made me cry, as one user commented iam not a father or a husband, but i can feel my parents thoughts when i born,
never neglect them, anyhow please accept my late wishes, have a great time,
මට මතක් වුණා මහ රෑ තියටර් එකෙන් එලියට අරං ආපු මගේ දුවගේ ඇඟිලි තුඩු වලට රතු පාටට ලේ පිරෙනවා බලං හිටිය හැටි.
ReplyDeletethis made me cry brother,
දුමී අයිය මම හුග කලෙක ඉදන් අයිය ගේ බ්ලොග් එකට එනවා ... මේ වෙනකම් මම එකම රිප්ලයි එකක් වත් දල නැ. එත් මේ පොස්ට් එක දැකල ඈහට කදුලක් අවා.. මේකටත් රිප්ලයි එකක් නොද යන්න හිතුනේ නැ... පරක්කු උනත්.... ඔයාටත් ආදරණීය දුවටත් සුබ අනාගතයක් පාර්ථනා කරනවා...
ReplyDeleteසජිත් ..
අදමයි අයියගෙ බ්ලොග් එකට ආවෙ.. කොමෙන්ටුවක් නොදා යන්න හිතුනෙ නෑ.. හරිම සංවේදි කතාවක් අයියේ.. මේ වගේ හැම දුකකම වේදනාවකම අවසානය සතුටක් විතරක්ම වෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා.. !!!
ReplyDeleteකතන්දරකාරයගෙ ලින්ක් එකක් හරහා තමයි මෙතෙන්ට ආවෙ. මේවගේ කතාවක් කියල හිතුනෙ නෑ. බොහොම සංවේදී කතාවක්.
ReplyDeleteමේ සිදුවීම වගේ හැම දෙයක්ම සතුටින් නිමවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
දුමී අය්යේ!!!
ReplyDeleteFacebook එකේ ඇවිද ඇවිද ඉන්නකොට අහම්බෙන් සෙට් වෙච්ච මේ බ්ලොග් එක නම් මරේමරු. කියන්න වචන නැහැ අය්යා. Maldives වලට වෙලා තනියම ඉන්න මට ඔයාගේ BLOG එක නම් හොඳම යාලුවෙක් . මේ පොස්ට් එක කියවල ඉවර උනාම මට දැනුන දේ කියන්න තේරෙන්නේ නැහැ. ඔයාගේ story එක හැම තත්තෙකුටම ආදර්ශයක්. ඒ වගේම දරුවෝ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරන අපේ ආදරණීය තාත්තලා වෙනුවෙන් කරපු උපහාරයක්. මට දැනටත් අපි වෙනුවෙන් දුක් විඳින මගේ තාත්ත මතක් වෙලා ඇහැට කඳුළු ආවා. ඔයාට ගොඩක් පින්. ඔයා හොඳම හොඳ තාත්ත කෙනෙක් අය්යේ. මමත් ළඟදීම තාත්ත කෙනෙක් වෙන්නේ පෙරුම් පුරාගෙන බලන් ඉන්නවා. මගේ ආදරණීය බිරිඳ තව මාස 3 කින් අම්ම කෙනෙක් වෙන්න යන්නේ. ඒ නිසාද දන්නේ නැහැ මට මේක මෙච්චරම හිතට වැදුනේ. ඔයාට දිගටම ලියන්න.
මට එච්චර ලස්සනට ලියන්නේ බැරි උනත් කොහොම හරි comment එකක් දාන්නම්.
Dumi...
ReplyDeletemage es dekata kandulak inuwe matath nodenima... kiyana terenne na ay e kiyala...
mamath thattha kenek wenna onna... menna.. tawa maasa 2i....
jaya wewa...
dumi,
ReplyDeletesinhalen hithena de sinhalen type karanna mata widiyak nene,pure sinhalen hithena dewal me,dan dawas 3k thisse serin sereta oyage blog ekata horen awith yana mata ada comment nokara yanna be,mage blog eken wedak gaththeth ne me thawa wenakam...ithin.......oyage liyana widiya great...oya polewe paya gahala inna adaraniya manussayek widiyata haduna gaththe mam..
me comment karanakota oyage duu patiyata aw:11kuth welane....ane oyalata suba upan dinayak wewa...ඔයාට ගොඩක් පින්.oyage gama hamine tath,oyatath,duwatath,2012 sumama suba awruddak wewa!
oya wagema katandara karayath mawa adewwa.....me comment eka oyata daala....
මට මතක් වුණා මහ රෑ තියටර් එකෙන් එලියට අරං ආපු මගේ දුවගේ ඇඟිලි තුඩු වලට රතු පාටට ලේ පිරෙනවා බලං හිටිය හැටි.eyage blog ekath me gamanma kiyawanna oni,,,,,,
සුපිරියි...
ReplyDeleteමේක දැක්කේ අද දුමි අයියේ. ඔය දවස උඹට කොච්චර වටිනවද කියල ඔය වගේම දවසක් තියන මට තේරෙනවා. ඒ ඔක්කෝටම වැඩිය තමන්ගේ උපන් දිනේ දවසේ, අර ඔක්කොම කටු වල 'ඇත්ත රහ' දැන් තේරෙනවා නේද? අමාරුවෙන් ලැබිච්ච දේවල් හරි වටිනවා බං. ඔන්න මේ අවුරුද්දෙ උපන් දිනයට දෙන්නටම සුභ උපන් දිනයක් වේවා!
ReplyDeletesiyalu badak madde oyalage jeewite anargama wastuwama labunama siyaluma duk kamkotolu duruwella mulu lokema jayagatta kiyala oyalata hitennatti. dukath ekka labenua sathuta hadawathata denenawa. ithin tawa monawada lowa anargama wastuwa oyala laga. Oyatath oyage du kumariyatath SUBAMA SUBA UPANDINAYAK ha wasanawantha ANAGATAYAK.
ReplyDeleteMurphy's law ගැන් මුලින්ම දැක්කේ blog gadol ගේ පෝස්ට් එකක.මං හිතන්නේ මෙතනත් ඒක තදටම වැඩ කරල තියෙනවා.
ReplyDelete