සෝභමාන ගුවන් ඇටෙන්ඩොං

Posted by දුමී

දැන් ඔය ප්ලේන් වල යන එන අය දන්නවනේ ෆ්ලයිට් එක නග්ගන්න කලින් සේෆ්ටි ප්‍රොසීඩියර්ස් දෙනවා. ඉන් එකක් තමයි ප්ලේන් එකේ ඉන්න හැමෝම ටේක් ඕෆ් එකේදියි, ලෑන්ඩින්ග් එකේදියි තමන්ගේ තියෙන ලැප්ටොප්, ටැබ්ලෙට්, ෆෝන් ඇතුලු මෙකී නොකී හැම ඉලෙක්ට්‍රොනික් උපාංගයක්ම ඕෆ් කරන්න ඕනේ. ෆෝන් අනිවාර්‍යයෙන්ම මුළු ෆ්ලයිට් ටයිම් එකේදීම ඕෆ් කරලා තියෙන්න ඕන, නැතිනම් ෆ්ලයිට් මෝඩ් එකේ දාල තියන්න ඕන. ඒ කියන්නෙ කෝල් ගන්නවත්, මැසේජ් කරන්නවත් තහනම්. එහෙම කරන්නේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිසා ප්ලේන් එකේ නැවිගේෂන් සිස්ටම් එකටයි, කමියුනිකේෂන් සිස්ටම් වලටයි බාධා ඇති වෙන්න පුළුවන් නිසයි....!

කොහොමහරි ඔන්න තව දවසක් මම තනියෙන් ලංකාවට එන වෙලාවක වෙච්ච සිද්ධියක්. ඉතින් එදත් මම ආවේ ලෝ කොස්ට් එයාර් ලයින් එකක. වෙනදා විදිහටම ලැප් එකත් ඇරගෙන, ඉයර් ෆෝන් එකත් කනේ ගහගෙන මූවි එකක් බල බල තමයි හිටියේ. මේ වෙනකොට ප්ලේන් එක ලෑන්ඩ් කරන්න ටික වෙලාවයි තිබුනේ. ඔය වෙලාවට තමයි ප්ලේන් එකේ මිනිස්සු තමන්ගේ ෆොන් ඕෆ් කරලද නැද්ද කියලා ඇත්තටම බලාගන්න පුළුවන් වෙන්නේ. මොකද ලංකාවට කිට්ටු වෙලා ෆෝන් සිග්නල් ආපු ගමන්ම ෆෝන් වලට ටීක් ටීක්, නීක් නීක්, පීක් පීක් වගේ එක එක විදිහේ සද්ද දාගෙන එස්.එම්.එස් එන්න පටන් ගන්නවා රෝමින් සර්විස් වලින්.

අප්පද බොල ඔන්න ඔය අස්සේ එකපාරටම මූවි එක ඇතුලෙන් ගෑණු කෙනෙක් සිංහලෙන් කතා කරනවා ඇහෙනවා. ඇහිලා බලද්දි, මගේ සීට් එක ඉස්සරහා ඉන්න ගෑණු මනුස්සයෙක් මෙන්න ප්ලේන් එකටම ඇහෙන්න කෝල් එකක් අරගෙන කතා කරනවා.. ඒ කතා කරපු කතා කිරිල්ලට ෆෝන් එක තිබ්බේ නැතත් ලංකාවටම ඇහෙනවා.

ප්ලේන් එක ලෑන්ඩ් කරන්න කිට්ටු නිසා මමත් ලැප්ටොප් එක ඕෆ් කරලා බෑග් එකට දාගත්තා.

අනිත් අයගේ කතා වලට ඇහුම්කන් දෙන්න ඕන කමක් නොතිබුනත් බලෙන්ම අස්සවන නිසා මොනා කරන්නද ඉතින්.....ඔන්න ඉතින් ඒක පාර්ශවික (අනිත් පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑනේ ) කතාව යන්නෙ මෙන්න මෙහෙම...

“අනේ සිරී මම ප්ලේන් එක නග්ගපු වෙලාවෙ ඉඳන් ට්‍රයි කරනවා පැටියෝ…... ඔන්න දැන් තමයි රින්ග් උනේ. ඔයා එයාපෝට් ඇවිල්ලද ඉන්නේ රත්තරන්....” (ෆ්ලයිට් ඇටෙන්ඩොංලා කට කැඩෙනකං මොබයිල් ෆෝන් ඕෆ් කරන්න කිව්වත් මෙයා ප්ලේන් එක නග්ගපු වෙලාවෙ ඉඳන් ට්‍රයි කරලා තියෙන්නේ සිරිට කෝල් එකක් ගන්න )

“නෑ නෑ..තාම බැස්සෙ නෑ අනේ....තව තව ටිකකින් බස්සයි.....”

“ඔයා කලිසමක් ඇඳලද ආවේ.....!” (ඈහ්.... යකෝ නැත්නම් හෙළුවෙන් එන්නයෑ ඒ මිනිහා )

“මම කිව්වනේ මගේ ඉස්සරහා සරම අඳින්න එපා කියලා......!” (යකෝ මේ ගෑණිට තියෙන කුලප්පුවක්, ඌට දැම්මම සරම ගලෝගෙනද ඉන්න කියන්නෙ )

“තමුසෙට මම කලිසන් රෙදි කොච්චර එව්වද. විල්සන් බාප්පට කියලා කලිසමක් මහගන්න බැරි උනාද ?” (ඔන්න දැන් මෙච්චර වෙලා රොමෑන්ටික් සාගරේ ගිලිලා හිටිය, ගෑණිගේ නියම වාග් විලාසය ටික ටික මතු වෙනවා…….)

“මේ සිරිසේන, මම දන්නවනේ තමුසෙගේ හැටි.... තමුසේ කලිසන් රෙදි විකුණලා කසිප්පු බිව්ව නේද ?” (ඔන්න දැන් තමයි සංවාදේ ෆුල් රොමෑන්තික් ගතියට ආවෙ )

මම ඩුබායි එකෙන් මේ විස්කි බෝතල් දෙකකුත් අරගත්තා. (ඒ අතින් නම් අපේ ගම හාමිනේට වඩා හොඳයි වගේ )

තමුසේ එන්න එපා මගේ ඇස් දෙකට පේන්නේ ඔය සරම ඇඳගෙන.....ලැජ්ජාවෙ බෑ.....! (යකෝ ඒ ගෑණිට යෑ.... මේකා සරම නැතිව ඉන්නකොට ලැජ්ජ වෙන්න ඕනේ සරම නැතිව ඉන්න එකාටනේ )

ඒ අස්සෙ තමයි ඔන්න ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කනෙක් ගෝරිය මැදට ආවෙ....

Madam, you are not supposed to use your mobile phone. We are in the final approach…. ( නෝනා මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න ඔබට බැහැ....අපි ගොඩ බාන ගමන් ඉන්නේ )

අනේ පලයන් _ _ _ යන්න.......! (ගැලපෙන අකුරු තුනේ කුණුහරුපයක් දාගන්න)

මම ඉතින් කල්පනා කරේ ෆ්ලයිට් ඇටෙන්ඩොං කෙනෙක් උනාම භාෂා කීයකින් කුණුහරුප අහන්න වෙනවද කියලයි.

අරාබි ජාතික ගුවන් සේවිකාවක් වෙච්ච ඇයට මෙයා කිව්වේ මොකක්ද කියලා තේරුනේ නෑ. ආපහු හැරිලා ගියේ මේ ගෑනි ෆෝන් එක එතකොටත් ඕෆ් කරගෙන හිටිය නිසයි.

මගේ යාළුවෙක් ඉන්නවා නිරේෂ් කියලා. ඒකා අවුරුද්දකට විතර කලින් කසාද බැන්දේ මෙහේ තියෙන ප්‍රසිද්ධ ගුවන් සේවයක ෆ්ලයිට් ඇටෙන්ඩොං කෙනෙක්. එයාගේ නම සයුරි. මේ අළුත බැඳපු ජෝඩුව, කුරුල්ලයි පැස්බරයි, කිරිල්ලියි වගේ තමයි. අරූට ටිකක් ඉගෙල්ලෙන අමාරුයි මොකද ඌ ටිකක් මහත නිසා, හැබැයි ඉතින් සයුරිගේ වැඩේ ඉගිල්ලෙන එකනේ.

ඉතින් සයුරිත් ඔය ඉස්සෙල්ල කිව්ව ඉලෙක්ට්‍රොනික් අයිටම් ඕෆ් කරන්න ඕනේ කියන නීති රීති ටික ප්ලේන් එකටම එනන්වුන්ස් කරනවා. අනේ ඉතින් ඊට පස්සෙ සයුරි මොකද කරන්නෙ, නිවිහැනහිල්ලේ එයාගේ සීට් එකට ගිහිල්ලා එයාගේ ෆෝන් එක එළියට අරගෙන, ප්ලේන් එක කෲසින් ඇල්ටිටියුඩ් එකට ඇවිල්ලා, සිග්නල් නැති වෙලා යනකන්ම නිරේෂ් එක්ක වට්ස් ඇප් එකෙන් මල් කඩනවා. ඩියුටි රොස්ටර් එක නිසා හරියකට හනිමුන්වත් යාගන්න බැරි උනා කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් ඔන්න ඔහොමයි සයුරිලා වගේ ෆ්ලයිට් ඇටෙන්ඩොංලා අපේ ආරක්ෂාව ගැන වගකීමෙන් ක්‍රියාත්මක වෙන්නේ.

සයුරි කෙල්ල කාලේ, ඒ කියන්නේ අපේ පැස්බරාව බඳින්න කලින් වෙච්ච සිද්ධියක්. ඒ වෙනකොට ගුවන් සේවා ඇමති වෙලා හිටියේ, පස්සෙ කාලෙක කොටින්ගේ බෝම්බෙකට අහුවෙලා අකාලේ මියැදිච්ච ඇමති කෙනෙක්. එයා ඔය මොකක්ද රාජකාරී වැඩකට ලංඩොන් යන ගමනකදී, ෆස්ට් ක්ලාස් කැබින් එකේ ඉඳලා තියෙන්නේ සයුරි. සාමාන්‍යයෙන් ප්ලේන් එක ටේක් ඕෆ් කරන්න කලින් ස්ටීම් කරපු හොට් ටවල් එකක් දෙනවා මූන , අතපය එහෙම පිහිදාගෙන පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න කියලා....!

ඉකනොමි ක්ලාස් නැතිනම් කැටල් ක්ලාස් (එහෙම කියන්නෙ හරක් පටවනවා වගේ පටවන නිසා විතරක් නෙමෙයි නෙමෙයි, ඇටෙන්ඩොං නංගිලා මිනිස්සුන්ට හරක්ට වගේ සලකන නිසා ) එකට නම් ඔය හොට් ටවල් ටික ට්‍රේ එකක තියලා ඕන නම් ගනින් නැතිනම් ඒත් ගනින් කියලා තමයි ඇටෙන්ඩොං නංගිලා අරගෙන යන්නේ....

ඒත් ෆස්ට් ක්ලාස් කැබින් එකේ එහෙම කරන්න බෑනේ... මොනව හරි දෙන්න ඕනෙනම්, පැසෙන්ජර් ගාව දණ ගහලා, දෙකට නැමිලා, පනාව දාල බටර් බේරෙන මූන දාල අහන්න ඕනේ.....!

ඉතින් සයුරිත් අපේ ඇමතිතුමා ගාව දණ ගහලා මෙහෙම ඇහුවලු.....

"Sir, may I give you a steamed hot towel ?" ( සර්, මම ස්ටීම් කරපු හොට් ටවල් එකක් දෙන්නද ? )

එතකොට අපේ ඇමති තුමා......

“No No ! I just had a bath and came……” එපා එපා, මම නාලා ආවේ....!

ෆස්ට් ක්ලාස් එකේ දෙන සැප හැටියට ඇමති තුමා හිතලා තියෙන්නේ ඇටෙන්ඩොං නංගිලා එකතු වෙලා ඇමති තුමාව නාවන්න හදනවා කියලයි....!

ඔය පොඩි එවුන් ෆ්ලයිට් වල දෙන වද ගැන අපේ ගම හාමිනේගෙන්ම තමයි අහන්න ඕනේ. එයාට එච්චරටම අත්දැකීම් තියෙනවා පහුගිය අවුරුදු පහළොවේ අපේ පොඩි උන් තුන් දෙනාව ප්ලේන් එක ඇතුලේ ආම්බාං කරගෙන. දැන් උනත් මගේ පොඩි එකී ප්ලේන් එකට නැගලා අම්මා මුත්තා කිව්වත් සීට් බෙල්ට් එක දාන්න දෙන්නේ නෑ....!

සයුරිලා වගේ ඇටෙන්ඩොංලට ඔය පොඩි උන් ගැන හොඳ හොඳ අත්දැකීම් තියෙනවා. පුළුවන් තරමක් බලන්නේ පොඩි උන්ව ෂේප් එකේ අඬන්නේ නැතිව තියා ගන්න තමයි. ඔන්න එක දවසක් සයුරි වැඩ කරපු ෆ්ලයිට් එකක් පොඩි බබෙක්ව වඩාගත්ත අම්ම කෙනෙක් ඉන්නවා. කිරි බොන වයසේ පොඩි එකෙක්. ඔන්න කෑම ට්‍රොලිය තල්ලු කරගෙන ආපු සයුරි දකිනවා මේ අම්මා පොඩි එකාව අතේ තියාගෙන ඉන්නවා. එයාට කෑම එක කන්නවත් විදිහක් නෑ. ඔන්න ඉතින් සයුරි අහනවා අර අම්මගෙන්,

"මැඩම්, මම බබාට 'බේබි බැසිනට්'* එකක් දෙන්නද ?"

අනේ ඉතින් අම්ම මෙහෙම කියනවා...

"අනේ එයා තාම බේබි බැසිනට් කන්නේ නෑ.... මගේ කිරි විතරයි බොන්නේ..." කියලා

පව්, ඒ අම්මගේ හිතේ බේබි බැසිනට් කියන්නේ අර බේබි බිස්කට් වගේ කන ජාතියක් කියලා....


                                                     (මේ පින්තූරේ තියෙන්නේ බේබි බැසිනට් එකක්)                                                                          
ඔය වගේ ප්ලේන් එක ඇතුලේ සිද්ධ වෙන කමියුනිකේෂන් වැරදි අනන්තයි අප්‍රමාණයි. සයුරිලාට ඉතින් ඕවා එච්චර ගාණක් නෑ...හැබැයි යාළුවෝ කට්ටියත් එක්ක සෙට් උනාම තමයි ඕවා කිය කියා ඒවට මූන දීපු උන්ගේ රෙදි ගලවන්නෙ....!

එහෙම වෙච්ච එකක් තමයි දවසක් ලංකාවෙ ඉඳන් එන ප්ලේන් එකක සිංහල බෑ, ඉංග්‍රීසි විතරයි පුළුවන් ටයිප් එකේ ලංකාවෙ පොරක් සයුරිට මෙහෙම කියනවලු,

"May I have a orange juice with snow ?" ( මට හිම දාපු ඔරේන්ජ් ජූස් එකක් දෙන්න )

එයාට කොච්චර සිංහල බැරිද කියනවනම්, "අයිස්" කියන්න ඕනේ එකට කියලා තියෙන්නේ "ස්නෝ.." කියලා....

මම නම් ඔය ශ්‍රී ලංකන් වගේ ෆ්ලයිට් එකක යනවනම් ඇටෙන්ඩොං නගාලත් එක්ක කතා කරන්නෙම සිංහලෙන්. මොකද මට තාම ඉංග්‍රීසියට වඩා සිංහලෙන් හොඳට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් නිසා. අනික බැරි වෙලා හරි මොනව හරි වැරදුනොත් මුන් අපි නැති තැන අපේ රෙදි ගලවන හැටි දන්න නිසා....

මේක මටම වෙච්චි ඇබැද්දියක්, දැනට අවුරුදු 13 කට විතර කලින් මම එමිරේට්ස් ගුවන් සේවයේ වැඩට ගිය අළුතම වගේ රාජකාරි වැඩකට ඩුබායි වල ඉඳලා අයර්ලන්තේ ඩබ්ලින් වලට එමිරේට්ස් ෆ්ලයිට් එකක යන වෙලාවක. එදා නම් මට සිංහලෙන් කතා කරන්න බැරි උනා මොකද ඒ ඇටෙන්ඩොං නංගිට සිංහල බැරි නිසා....

ඔන්න ඉතින් ෆ්ලයිට් ඇටෙන්ඩොං නංගි බීම ට්‍රොලිය තල්ලු කරගෙන එන ගමන් හැමොගෙන්ම අහනවා මොනාද බොන්න කැමති කියලා.....! ෆ්ලයිට් එකේ යන ගමන් ඔය ඇපල් ජූස්, ඔරේන්ජ් ජූස් බීලා පුරුද්දක් නැති නිසා මම බැළුවා මොනාද ට්‍රොලියේ තියෙන්නේ කියලා. ජාති දෙකක විතර විස්කි ජාති වලට අමතරව Cognac ("කොග්නැක්") කියලා ගහපු බෝතලේකුත් තියෙනවා මම ටිකක් ඈතදීම දැක්කා. කලින් බීලා නොතිබිච්ච ජාතියක් නිසා මම හිතා ගත්තා අද කොග්නැක් එකක් ගහනවා කියලා.

අර ඇටෙන්ඩොං නගා මං ගාවට ආවහම කන්වර්සේෂන් එක යන්නේ මෙහෙම......!

“Sir, What do you like to drink…? ” සෝභමාන ගුවන් ඇටෙන්ඩොං එහෙම අහනවා....

“I’ll have කොග්නැක් please ……” කලින් කොග්නැක් බීලා හොඳ පුරුදු කාරයෙක් විදිහට මමත් හොඳ හුස්මක් අරන් කියනවා..

“කොග්නැක් ? What කොග්නැක් ? “ සෝභමාන නගා එහෙම ඇහුවම තමයි තේරුනේ තාප්පෙටම කෙලියා තමයි කියලා…

වෙන කරන්න දෙයක් නැති නිසා මමත් අසරණ බයාදු මූණ දාලා අර ට්‍රොලියේ තියෙන බෝතලේ ඇඟිල්ලෙන් පෙන්නුවා.....!

කින්ඩි හිනාවක් දාගත්තු සෝභමාන නගා,

" Ahh…. you wanna glass of කොන්‍යයැක්....?"........කවදා ගහපු කොන්‍යයැක්ද..........? මේකි කලින්ම දන්නවා මම ඉල්ලුවේ මොකක්ද කියලා. ඒත් මේකි එහෙම කිව්වේ කිණ්ඩියට කියලා දැන් මට හොඳටම තේරෙනවා.

“Sir how do you like to have your කොන්‍යයැක් ?” දැන් මේකි අහනවා මොන විදිහට කොන්‍යයැක් ඕනේ කියලා....

“Shall I pour it on rock……? “ ඈහ්.. මේකි මෙන්න අහනවා කොන්‍යයැක් එක ගලක් උඩට දාන්නද කියලා. යකෝ මේ මොන අපරාදයක්ද ?

No no, not on a rock, pour it in a glass please ! කළබල වෙච්චි මමත් කිව්වා ගලක් උඩට දාන්න එපා, ග්ලාස් එකකට දාන්න කියලා….

මෙන්න යකෝ මේකි බඩ අල්ලගෙන හිනා වෙනවා......!

“Sir I meant ice, ice...rocks means ice…..” එදා තමයි මම දැනගත්තේ රොක්ස් කියන්නේ අයිස් වලට කියලා.....

කොහොමින් කොහොමහරි ඔන්න එක දවසක් සයුරිට වැඩ කරන්න සෙට් වෙලා තියෙන්නේ ඩුබායි ඉඳන් ඇම්ස්ට්‍රඩෑම් යන ෆ්ලයිට් එකේ ෆස්ට් ක්ලාස් කැබින් එකේ. මේක ඉඳලා තියෙනවා ඩුබායි වල නිවාඩුවක් ගත කරන්න ඇවිත් ආපහු ගෙදර යන ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි. හොඳට ලස්සනට පිළිවෙලට ඇඳලා පැලඳලා, කුරුළු ජෝඩුවක් වගේ තුරුළුවෙලා ඉඳලා තියෙන මේ දෙන්නා අවුරුදු හැත්තෑ පහ පැනපු ජෝඩුවක් වගේ තමයි පෙනිලා තියෙන්නේ.

ඔන්න එදත් සයුරි අර සේෆ්ටි ප්‍රොසීඩියර්ස් ටික එනවුන්ස් කරලා කැබින් එක චෙක් කරගෙන ඉස්සරහට යනකොට අර ආච්චි අම්මා සයුරිගේ අතින් අල්ලලා නවත්තගෙන මෙහෙම අහනවලු....!

“Dear ! do we have to switch off all our personal electronics……?” (දුවේ අපි ගාව තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රොන්ක් දේවල් ඕෆ් කරන්න ඕනෙද ?)

“Yes Mam ! it’s just for sake of everyone's safety…..!” (ඔව් නෝනා, එහෙම කරන්නේ හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්…)

ඔන්න ඉතින් එහෙම කියාගෙන සයුරි අනිත් අයව චෙක් කරගෙන ඉස්සරහට ගියාලු....

ඔන්න ඊට විනාඩි පහලවකට විතර පස්සෙ අර ආච්චි ඉන්න සීට් එකෙන් "ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෝල්"* එකක් එනවළු. ඔන්න ඉතින් සයුරිත් අර ආච්චි ගාවට ගිහිල්ලා ඇහුවලු මොනවහරි අවශ්‍යයද කියලා....! (ඔන්න ඊට පස්සෙ වෙච්ච සංවාදය සිංහලට හරවලා…)

“අනේ දුවේ මගේ මහත්තයගේ හියරින් ඒඩ් එක දැන් ඔන් කලාට කමක් නැද්ද ?”

සයුරිගේ ඇස් දෙක උඩ ගියාළු....

“නෝනා කවුද ඒක ඕෆ් කරන්න කිව්වෙ, ඒක දාන්න ඒක දාන්න......” සයුරිත් කිව්වලු

“අනේ දුවේ මගේ මහත්තයා හුස්මගන්නේ ටිකක් අමාරුවෙන්.....එයාගේ පේස්-මේකර් එකත් ඔන් කරන්නද ?” (පේස්-මේකර් එක කියන්නේ, හදවත් දුර්වල අයගේ හාට් රේට් එක ක්‍රමාණුකූලව තියාගන්න හයි කරපු පල්ස් යන්ත්‍රයක්)

ඉලෙක්ට්‍රොනික් ඕෆ් කරන්න කිව්වම මේ ආච්චි අම්මා, එයාගේ මහත්තයගේ හියරින් ඒඩ් එකයි, හාට් සපෝට් එකයි ඕෆ් කරලා....!

සයුරිට එතනම කලන්තේ දැම්මලු.....!

83 comments :

  1. අාපිය කන්දක් උඩට කියලා ජනේලේ අැරලා දෙන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. ඈහ්.... අර මක්කෙටෙයි....?

      Delete
    2. අාපිය නෙමෙයි දාපිය හරිය..... මුද්‍රණ දෝෂයක් ඒක

      Delete
  2. අපිට කොහෙන්ද ඉතින් ප්ලේන් රස කතා ? යන දවසකට ට්‍රයි කරන්ඩ හොඳ කතා සෙට් එක දුමියො...

    ReplyDelete
    Replies
    1. ඈහ් බං, උඹ අර මූණු පොතේ එක එක ජාතියේ පොටෝ කෑලි දැම්මේ, ජර්මනියේ හෝටල් කාමරේ ඉඳන් ඇල්ලුවා කියලා.....! එතකොට උඹ ඒරොප්පේ ගියේ නැවේද ?

      Delete
    2. ඔ්කා ජර්මනිය කියන්නේ කෑල්ලගේ ගෙදරටලු.............. හැක්

      Delete
  3. කොහොමත් පැය 8ක් විතර යන ගමනක් නම් මං ආස වැඩක් තමා ෆ්ලයිට් එක පිටිපස්ස පැත්තට ගිහිං ඔය ෆ්ලයින් අක්කා කෙනෙක් අල්ලාගෙන පොඩි කතාවක් දාගෙන ඉන්නේ එක

    ReplyDelete
    Replies
    1. ඒක හරියන්නේ නෑ.....! එතකොටත් ඇටෙංඩොං අය ඉන්නේ ඩියුටි මෝඩ් එකේ.....! පොළවට බැහැලා පැය කීයක් යනවා ඒගොල්ලෝ නොර්මල් මෝඩ් එකට එන්න......!

      Delete
  4. මෙච්චර රහට ලියන්න පුළුවන් එකෙක් නොලියා ඉන්න එකට වෙන උන්ට නෙමෙයි තොටම හෙන හත ගහන්න ඕනා..

    වල්ලා පට්ට...

    ReplyDelete
    Replies
    1. නිශාන්ත වික්‍රමසිංහ ගැන කතා?

      Delete
    2. අප්පද බොල, හොඳ වෙලාවට ඩුබායි වලට වැඩිය වහින්නේ නැත්තේ....!

      Delete
    3. කපන්න බැරි අත ඉඹිනව කියන්නෙ මේවටද මාතෙ?

      Delete
  5. අානේ මෙන්න මූ ලියල කාලෙකට පස්සෙ! :D

    ReplyDelete
    Replies
    1. මෙන්න අලියෙක්, දුවපියෝ.....!

      Delete
  6. මමනං ඔය නොදන්නා මගුල්වල නං කියවන්න යන්නෙ නැතුව අදාල කෙනාගෙන්ම අහනවා මේකේ නම සද්ද කරන්නේ කොහොමද කියල

    ReplyDelete
    Replies
    1. අනේ බං, ඉංගිරීසි අකුරු යෙදිලා තියෙන විදිහට "Cognac" කොග්නැක් කියලා කියවන්න මහලොකු ගේමක් නෙමෙයිනේ බං.... අපිත් ඔය මොන්ටිසොරිය් යනකාලේ "cat" කැට්, "bat" බැට් කියලා කියන ඒවා ඉගෙන ගත්තනේ.....!

      Delete
  7. සුපිරි ඈ. බේබි බැසිනට් ගැන මෙහේ එවුන්ට කියල උං බඩවල් අල්ලගෙන හිනා වෙනව.

    ReplyDelete
    Replies
    1. කවදා කාපු බැසිනට්ද ?

      Delete
  8. මට මාරම සතුටුයි දුමීගේ බ්ලොග් එක ආයෙ පටන් ගත්තු එක ගැන. බ්ලොග් වසන්තය ගෲප් එක හරහා කියවපු පරණ බ්ලොග් වලින් මට හොඳටම සෙට් වුනේ මේක. පෙරේදා දවසම ඔයාගෙ බ්ලොග් එකේ පරණ ලිපි සේරම, එකක් නෑර කියෙව්වා.

    ඉතින් පුලුවන්නම් අපි වෙනුවෙන් එකම එක උදව්වක් කරන්න. දිගටම ලියන්න. හිනාව ඉස්මුරුත්තාවට එනවට මම හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි ඔක්කොම ලිපි ටික කියෙව්වා කිව්වාම. මටවත් තාම මේකෙ තියෙන ලිපි ටික ඔක්කොම කියවගන්න බැරි උනා.....!

      ආපහු ලියනවද කියන එක වසන්තයාගෙනම තමයි අහන්න වෙන්නේ....!

      Delete
  9. බ්ලොග් වසන්තයට ලියන්න කියලා බොලා කියාපු හින්දා කෝකටත් කියලා කලෙකට පස්සේ පොඩි වටයක් දාලා බැලුවා... අනිත්වානං මංදා.. හැබැයි මේ වසන්තයට පිං සිද්ධ වෙන්න දුමී අයියා ලියාපු කතා දෙකම ඇති වසන්තය සාර්ථක වෙන්ට...

    අදවත් ලියඤ්ඤං කිව්වට බං දැන්නං නිකං බෑ බෑ වගේ.. :D

    ReplyDelete
    Replies
    1. මක්කා හරි ලියහන් සත්තරනේ... අම්මා අප්පා දැක්කා වාගේ...

      Delete
    2. යකෝ අපි බ්ලොග් ලියන්න ආවේ උඹලා, දුකාලා, කසූලා, ටැබූලා වගෙ එවුන් මේක පාපු පෙළහැර දැකලා......! පන්සල් සීරීස් එක මම නොවරදා කියෙව්වා අකුරක් නෑර.....! අනික සිංහල බ්ලොග් උඩට උස්සලා අල්ලගෙන හිටපු ලොකු කණුවක් උඹ....!

      අපි වගෙ හුදී බ්ලොග් ආඨකයන් වෙනුවෙන් ලියපන්, ලියපන්, ලියපන්......! (දැක්කනේ කකුළුවා කෙලින් ගිහිල්ලා තමයි බොලාටත් කෙලින් යන්න කියන්නේ )

      Delete
  10. හි හි මරු සීන් වෙන්නේ නේ . මේ කොන්යක් එක සෙට් වුණාද? සමහරුන්ට නොදන්න කමට වෙන දේවල් වුණාට අපිට හිනා නොවී ඉන්නත් බෑ, ඒවා කාටහරි නොකියා ඉන්නත් බෑ නේද..

    ReplyDelete
    Replies
    1. කොග්නැක් සෙට් උනා, කොග්නැක් සෙට් උනා.... අනේ ඒ ඇටෙන්ඩොං නගා ඊට පස්සෙ දෙතුන් පාරක්ම ඇවිත් ඇවිත් මගේ වීදුරුව පුරෝලා ගියා අහන්නෙවත් නැතිව....!

      Delete
  11. අැටෙංඩෝං නගා අර කොග්නැක් එක ගළ උඩට හළලා, සූප්පන්න දෙයි කියලා මං හිතුවෙ... :-)

    ReplyDelete
    Replies
    1. ඕවා පරසිද්දියේ අහන්න හොඳ කතාද අම්මපා......?

      Delete
    2. උන්ට කොරන්ඩ හොඳා... සල්ලි කුටිට් කුට්ටි අරගෙන හිටං, අපිට අහන්ඩ තමා හොඳ නැත්තෙ.

      Delete
  12. "No no, not on a rock, pour it in a glass please !"
    මේකට නම් හොඳටම හිනා.

    ReplyDelete
    Replies
    1. නැතිව ඉතින් වෙන මක්කා කියන්නද ? අපි නොදන්න රොක් !

      Delete
  13. අපේ බ්ලොග් දර්ශකේටත් මේක ඇතුල් කරන්න. මෙන්න අපේ සින්ඩියට පිවිසුම. අපට ලින්ක් එක මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයෝ ඉතින් ඕක අපි තකහනියක් එවන්න ඕනෙද ? ඔය තියෙන්නේ උඩින්ම....!

      Delete
  14. යකෝ හිනා වෙලා පන නෑ මේවටනං.
    ගෑනි යනකොට සිරී සරම ගලෝල ජොකා පිටිං හිටියද දන්නෑ.

    කව්ද බොල අයිස් වලට රොක් කියනව කියල දන්නෙ. බැරි වෙලාවත් ඇත්තටම ඕක ගලක් උඩට වක්කරල දුන්නොත් එහෙම මොනව කියල කරන්නද.

    ReplyDelete
    Replies
    1. //"ගෑනි යනකොට සිරී සරම ගලෝල ජොකා පිටිං හිටියද දන්නෑ."//

      කියපු විදිහට නම් ජොකත් නැතිව ගෙන්න ගන්න තමයි ගෑණි ට්‍රයි කලේ.....!


      //"බැරි වෙලාවත් ඇත්තටම ඕක ගලක් උඩට වක්කරල දුන්නොත් එහෙම මොනව කියල කරන්නද." //

      එහෙනම් ඉතින් ගල කටේ දාලා සූප්පු කරන්න තමයි වෙන්නේ.....!

      Delete
  15. ඔන්න ඉතින් මෙව්වා මෙහෙම කියවද්දී තමයි හිතෙන්නේ "ඒයා බස්"වලට වඩා "සිලෝන් ටකරන් බස්"හොඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා, වෙනසක් නෑ, වෙනසක් නෑ....! එකම දේ එයා බස් වල හිටං යන්න දෙන්නේ නෑ....!

      Delete
  16. හතරවරං කිව්වලු,අර බැසිනට් කතාව වගේ එකක් මට එහෙම වුනානම් එත් දෙන්න වෙන්නේ ඒ ජාතියේ උත්තරයක් තමා . හුට පටා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අපිත් ඔය බස්වල යනකාලේ ඔය වගේ වචනයක් දැනගෙන හිටියේ නෑනේ....!

      Delete
  17. මෙන්න මේ වගේ ලිවුව නම් හරිනෙ බ්ලොග් එක වේලෙන්න දෙන්නෙ නැතුව.
    මම ඉල්ලුව නම් ඉල්ලන්නෙත් කොග්නැක් කියලම තමයි.
    එක්කො මම ඉල්ලන එකක්ම නෑ, ඒකෙ ලේබල් එකේ ඉන්නෙ කුකුලෙක්නෙ...

    ReplyDelete
    Replies
    1. //"මෙන්න මේ වගේ ලිවුව නම් හරිනෙ බ්ලොග් එක වේලෙන්න දෙන්නෙ නැතුව."//

      වසන්තයේ අග හමුවෙමු සොඳුරිය.....

      //"ඒකෙ ලේබල් එකේ ඉන්නෙ කුකුලෙක්නෙ..."//

      මේ පින්තූරේ තියෙන්නේ කුකුලා මාක් කොන්‍යයැක් උනාට, හැම කොන්‍යයැක් එකේම කුකුළෙක් ඉන්නවද කියලා නම් දන්නේ නෑ....!

      ඔය ගුගුල් මාමගෙන් පොඩ්ඩක් ඇහුවානම් හරි....!

      Delete
    2. කොඥැක් කියන්නේ ප්‍රංශ නිෂ්පාදනයක් නිසා, උන්ගේ ජාතික සංකේතය කොකරල්ව ගහනවා වෙන්ට ඇති.

      Delete
  18. ඔය හැමදේම මාත් දැන ගත්තේ අද. හැබැයි එකක් හැර. ඒ තමා කොග්නැක් . ඒ නම නම් මට සද්ද නගා කියන්න බැහැ.
    ප්ලේන් එකක කවදාවත් ගිහින් නැති නිසා මම කවදහරි ප්ලේන් එකක ගියොත් මේ කතාව ටික සෑහෙන ප්‍රයෝජනවත් වේවි.....
    මේව හෙන වටින කතා.
    තවේකක් , ඔය ප්ලේන් එකේ දි කන්න බොන්න දෙනේවා දෙන්නේ "නොමිලේ ද"

    ReplyDelete
    Replies
    1. සොසී, කොග්නැක් නෙමෙයි බොල කොන්‍යයැක්, කොන්‍යයැක්........

      ලෝ ෆෙයා එයාලයින්, ඒ කියන්නේ එයාර් ඇරේබියා, ෆ්ලයි ඩුබායි, මිහින් ලංකා වගේ එවයේ කෑම බීම සල්ලි දීලා ගන්න ඕනේ. ඒවට කියන්නේ බජට් එයාර්ලයින් නැතිනම් නෝ ෆ්‍රිල් එයාර් ලයින්......

      ශ්‍රී ලංකන්, එමිරේට්ස්, ඉටිහාඩ්, බ්‍රිටිශ් එයාර්වේස් ඇතුලු සාම්ප්‍රධානුකූල එයාර්ලයින් වල කිසි දියක් සල්ලි දීලා ගන්න ඕනේ නෑ..... ඒ ඔක්කොම ටිකට් කොස්ට් එකට ඇතුලත්.....!

      Delete
  19. කිව්වට හිනා වෙන්න එපා බන්. බේබි බැසිනට්, අයිස් රොක්ස්, කොන්‍යැක් ඔය වගේ වචන අටෝරාසියක් දැනගත්තේ මේකෙන්. අපි ඉතිං බොලා වගේ අහස්යාත්‍රාවේ නිතර යන එවුන් නොවිච්චි.

    ReplyDelete
    Replies
    1. යකෝ නුතන මෙව්වා එක්කෙනත් තාම ඉන්නව බොලේ

      Delete
    2. හිනා වෙන්නේ නෑ බං.... හිනා යනවනේ.....! උඹ කිව්වැහේ අපිත් ඉතින් ඕවා දැන ගත්තේ ඕවයේ යමින් ගමන තමයි......!

      Delete
  20. පේස් මේකරේට ආච්චි කෙලිය වගේ :D

    ReplyDelete
    Replies
    1. ඔය පේස්මේකර් එක හැමතිස්සෙම දාල තියන්න ඕනෙ නෑ මම හිතන්නේ.....! ඒක අර ලයිෆ් සපෝටර් එකක් නෙමෙයි. අවශ්‍යය වෙලාවට විතරක් ඔන් කරලා, හාට් එක දුර්වල වෙලාවට විතරක් ඔටෝ මැටික් ඔන් වෙන විදිහේ එකක්. ඒක නැතිව පැයක් දෙකක් ඉන්න පුළුවන්.....

      ඔය සිදු වගේ දොස්තර නෝනා කෙනෙක්ට පුළුවන් වැඩිපුර පහදලා දෙන්න.....

      Delete
  21. පැස්බරා වගේ කිව්වම මන් හිතුවේ නෝනා කතා කරහම ඔළුව හංග ගන්නවා ඇති කියලා බයට :-D

    ReplyDelete
    Replies
    1. නෝනා කරන දෙවල් වලට ඔළුව හංගගන්න පැස්බරෙක්ම වෙන්න ඕනේ නෑනේ බං......! කසාද බැඳපු හැම ස්වාමිපුරුශයම කොරන දෙයක්නේ...!

      Delete
  22. සයුරි සිංහල බ්ලොග් බලන්නේ නැ නේද

    ReplyDelete
    Replies
    1. බලනවද දන්නේ නෑ.....! හැබැයි මූනු පොතේ නම් ඉන්නවා......!

      Delete
  23. හෆොයි කොග්නැක් කිව්වලු.. ආච්චිලා නම් ඔහොමමයි අප්පා.. මරාගන්නම තමා හදන්නේ.. ආච්චි උනත් ගෑනු නේ..
    අර මනුස්සයා ඒ පාර සරම නැතුව යට කලිසම පිටින් ගියාද දන්නේ නෑ ඒකත් කලිසමක්නේ කියල...
    "පලයන් _ _ _ යන්න.... " මට මේ ටික මැවිලා පේනවා අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. පේස් මේකරේ පැය දෙක තුනක් ඕෆ් කලා ඉයලා අවුලක් නෑ මම හිතන්නේ....!

      Delete
  24. තව චුට්ටක් ඉන්න කියන්න තිබ්බේ ආච්චිට

    ReplyDelete
    Replies
    1. පේස් මේකරේ පැය දෙක තුනක් ඕෆ් කලා ඉයලා අවුලක් නෑ මම හිතන්නේ....!

      Delete
  25. බලන් යද්දි සයුරි කතා පෙට්ටගමක් නෙව! හොඳ වෙලාවට දුමී ආයෙත් ලියන්න ගත්තේ..හිනා වෙලා පණ ගියා..මෙන්න මෙව්වා තමා නියම කතා...අනේ ලියන එක නම් නවත්තන්න එපා මචෝ..:)

    ReplyDelete
    Replies
    1. තව සයුරිට වෙච්ච සහ සමහර මගෙ යාළුවන්ට වෙච්ච කතා අටෝ රාසියක් තියෙනවා අප්පා....! ඔක්කොම ලිව්වනම් මේක මාගලක් වගේ දිග වෙනවනේ.....!

      Delete
  26. කතා මැද කතා... මෙව්වනෙ යකෝ කතා... :) වැඩි වැඩියෙන් උඩින් යන්ට ලැබේවා... වැඩි වැඩියෙන් රස කතා ලියන්ටත් හිත් පහල වේවා...!!!!

    ReplyDelete
  27. ඔය රොක් වගේම තමයි "රබර්" කිව්වහම තේරුමත්. රබර්=Condoms

    ReplyDelete
  28. ඈහ්....! ඒවත් ඔය ඇටෙන්ඩොංලගෙන් ඉල්ල ගන්න පුළුවන් දෙයක්ද ?

    ReplyDelete
  29. අපි හමුදා පුහුණුවකට පිට රට ගිහින් එනකොට ප්ලේන් එකේ හිටිය ගුවන් සේවිකාවෝ දෙන්නේකුගේම පන්ති මිතුරියෝ හිටියා අපේ නිලධාරීන් දෙදෙනෙකුගේ බිරින්දෑලා. මොනවද ඉතිං කරපු සංග්‍රහ වල අනුහසින්, බිව්වා නෙවෙයි පීණුවා. කටුනායකින් බැස්සා නෙවෙයි බස්සවා ගත්තා අපේ කට්ටියව. රෝද පුටු වලින් ගෙනියන්න වෙයි කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. පෙර පින්, පෙර පින් කියන්නේ ඕවට තමයි.....! මමත් ප්‍රාර්ථනා කරන්නේ මමත් ඔය යමින් ගමන සයුරි වගේ යාළුවෙක් දෙන්නෙක් මම යන ෆ්ලයිට් එකේ හිටපං දෙයියනේ කියලා.....!

      ඒත් බොලේ යාළුකම වැඩි නිසා "ඔච්චර බොන්න හොඳ නෑ...." කියලා මුන් බොන්න දෙන්නෙම නෑනේ.....!

      Delete
  30. අපිත් මේ වසන්තෙට කැරකැවෙන බ්ලොග් රෝල් පැත්තෙ ,,, සිරාවට අර බුකියෙ සිල්ලර ආතල් අරගෙන ආයෙත් බ්ලොගේ යනකොට හරිම කූල් එකක් දැනනව හරියට ර ඇටොන්ඩොන් නංගි රොක්ස් උඩ කොන්‍යැක් දැම්ම වගේ ...

    වසන්තෙට සෙට් වෙලා අපිත් ලිවුව එකක් ...
    http://mamaiarui.blogspot.com/2015/04/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. අම්මපා, කතාව ඇත්ත... බුකියේ ආතල් නිකං වක්කඩේ හකුරු හංගනවා වගේ..... ගහපු බෙරේකුත් නෑ... බෙරේ පළුවකුත් නෑ.....!

      බ්ලොග් පෝස්ට් එකක් ලියනවා වගේ සැපක් ආයේ ලොවෙත් නෑ....!

      Delete
  31. ඔන්න බලන්න නොලියා කරපු අපරාදෙ... නෝටියා (අදහස මාතලං)

    ReplyDelete
    Replies
    1. ලියන්න හිතුවේ වසන්තයට විතරයි....! බලමු මොකෑ වෙන්නේ කියලා.....!

      Delete
  32. හෙහ් හෙහ්.. කාලෙකට පස්සෙ..

    මමත් මෙච්චර දවසක් හිතන් හිටියෙ කොග්නෙක් කියලනෙ.... ඇඩෙනව...

    ReplyDelete
    Replies
    1. අපිට පොඩි කාලේ ඉඳලා උගන්නලා තියෙන්නේ අකුරු තියන විදිහට කියවන්නනේ.....! අපි කොහොමද බොලේ දන්නේ ඕකේ යන්සයක් තියනවා කියලා.....!

      Delete
  33. ඔය “Cognac" වලත් තියෙනවනේ විවිධ බ්‍රෑන්ඩ් - මේක සිංහලෙන් ම ඉල්ලන්න වුනානම් කොහොම ද..?
    "remy martin cognac" ^_^

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ප්ලේන් එකේ තිබ්බ එකත් ඔය පින්තූරේ තිබ්බ එකට වඩා වෙනස්. ඒක හතරැස් බෝතලයක්. කොග්නැක් කියලා ලොකුවට ගහලා තිබුනා.....!

      රෙමි මාටින් කිව්වම ටිකක් හරි නෑ වගේ...!

      Delete
  34. මොනා නැතත් අලුත් වචන සෙට් එකක් ඉගෙන ගත්තා.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් ප්ලේන් එකේ යන්න උනොත් ආයි ඇටෙන්ඩොං නංගිලාගේ නක්කල් බලන්න ඕනේ නෑ....!

      Delete
  35. උදේ පාන්දර ලේ ටිකක් පිරිසිදු කර ගත්තා. මේ පාර අවුරුදු උත්සවේට එනවැයි ?

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සවයට කොහේ එන්නද සුදීක අඩුගාණේ අවුරුද්දටවත් ගෙදර නෑ.....! එදාට අපිට නිවාඩු නෑ....පොඩ්ඩන්ටත් ඉස්කෝලේ.....!

      Delete
  36. අහින්සක මූණු (අපි වගේ ) දැක්කම රැස් පපා දෙන්න තියෙන දේත් නොදී යන ඇටෙන්ඩොන්ලගෙන් කොන්‍යැක් ඉල්ලන් බොනව උඩින් ගිය දවසක..ඕ යේස්.. මේ කියපු කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ නෙව.ගස්ලබ්බ ෆ්ලයි කලා නම් සයුරිට තව කතා ගොඩක් සෙට් වෙයි..දිගටම ලියහන් අයියෙ.. අපි ආසයිනෙ කියවන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ෆ්ලයි කරන ගස්ලබ්බකුත් මම දැකලා නම් නෑ තමයි. ගස් ලබ්බක් ෆ්ලයි කලොත් මොනවැයින් මොනවා වෙයිද ?

      Delete
    2. අන්න එකයි සයුරිලාට කතා ලැබෙන්නෙ.. ඔය ගුවන් යානා වල අලුතෙන්මයන එකෙක්ට දැනගන්න ඕන ඒවත් ඔය අස්සෙන්ම කතාවකින් දානකො අයියෙ.. ගස්ලබ්බත් මැජික් පෙන්නන්න වගේ ෆ්ලයි කරන්නයි හිත.. (ඒ ගමන් නොමිලේ ලැබෙන හැමදේම ගන්න තමයි හිත.)

      Delete
  37. උඹ කිව්වාමයි බං තව පෝස්ට් දෙකක් තියෙන බව දැනගත්තේ. සමාව බජනය කරන සේක්වා.
    උඹ ඔය කියන කතාව මමත් අත් දැකලා තියෙනවා. ඒ කියන්නේ, ෆෝන් ඕෆ් නොකර හංගගෙන ඉන්න උන් හරියට ඉන්නවා කියලා. එක දවසක් එක ගෑණියෙක් උඹ ඔය කියන විදියටම මුළු ප්ලේන් එකටම ඇහෙන්න කතා කරන්න ගත්තා තමයි ඔය වගේම බාසා විලාසයකින්. ෆෝන් එක ඕෆ් කරගන්න කියලා කියන්න මට ලොකුවට ඕනෙකම තිබ්බත් කටට බය නිසා කිව්වේ නෑ.

    අර ස්ටීම්ඩ් හොට් ටවල් එක එක පැසෙන්ජර් කෙනෙක් කෑවලු පෑන් කේක් එකක් කියලා හිතලා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. අපේ ඇමති කෙනෙක්මද දන්නේ නෑ ස්ටීම්ඩ් හොට් ටවල් එක කෑවේ....!

      Delete
  38. ඔයාගේ බුකි ලින්ක් එක දෙන්න.....

    ReplyDelete
  39. අර බීපු මගුලක් ගල උඩ දාගන්නෙ නැතුව බිව්ව එක හොඳා ... නමුත් උඹ කනබොන මනුස්සය බව දන්නා නිසා මට හිතෙන්නෙම ඒ කතාව අතින් දාල හදල කියපු එකක් කියල :-D

    එක පාරක් එයා ඇරබියා ෆ්ලයිට් එකකින් ලංකාවට යනකොට පිටිපස්සේ සීට් එකේ හිටපු එකා පෝටබල් CD ප්ලේයර් එකක් ගෙනහල්ල වටේ පිටේ ඉන්න ඔක්කොටම ඇහෙන්න හින්දි ෆිල්ම් එකක් දැම්ම. මූණ හතරැස් කරගත්තු ඇටෙන්ඩන් නංගි බබෙක් ඉක්මනට දුවගෙන ඇවිල්ල ගේම ඉල්ලපු නිසා ඒක අකුලා ගන්න උනා මිනිහට.

    කොහෙද ඊට විනාඩි පහක් යන්න නෑ මූ අල්ලපු සිට එකේ එකාත් අල්ලාගෙන මගේ සීට් එකට හයි වෙලා තියන කෑම තියන ට්‍රේ එකට තඩි බබා බස් අජිත්ගෙද කොහේද කන්කළු සිංදුවක් කියන්න ගත්තහම මට පත්තු උනා, මොකද ඒ සතියම මාසෙකට නිවාඩු යන්න තිබ්බ නිසා නිදි මරල ඇහැ පියා ගන්නකන් අමාරුවෙන් හිටියෙ.

    මං ඉස්සිලා පිටි පස්ස හැරිලා උට කිව්වා අනේ මචං වදින තැනකට වඳින්නම් සතියක් නිදි මරල ඇහැ පියාගෙන යන්න ඉඩ දීපං මේක ප්‍රයිවට් බස් එකක් නෙමෙයි කියල :-D

    සොරි ... සොරි ... කියල සමාව බජනය කරපු බුවාගෙන් ආපහු බහිනකම් කරදරයක් උනේ නැහැ !

    ReplyDelete

Related Posts with Thumbnails