කුමාරස්වාමිගේ අවතාරය
Posted by
මා ජෝන් කීල්ස් කම්පියුටර් සර්විසස් (JKCS) ආයතනය හා සම්භන්ධ වූයේ මින් හරියටම දස වසරකට පෙරදීය. කොම්පඤ්ඤ වීදිය නගරයෙහි වූ වෝක්ෂෝල් වීදියෙහි ඇවිද යන්නෙකුට රක්ෂණ සමාගමට මදක් ඈතින් දකුණු පසට වන්නට පිහිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යුගයේදී ගොඩනැගුවා යැයි සිතිය හැකි එක පේළියට වූ ඉපැරණි ගොඩනැගිලි සමූහය නම් ආගන්තුක නොවේ. එම ගොඩ්නැගිලි සමූහයේ ආරම්භයේ ඇති ගොඩනැගිල්ලෙහි JKCS ආයතනය පිහිටා තිබේ. තට්ටු දෙකකින් යුක්තවූ එම ඉපැරණි ගොඩනැගිල්ලෙහි පළමු මහලේ නැතිනම් සොල්දරයේ පොළොවට යොදා ඇත්තේ බුරුත ලෑලිය. පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම යොදා සාදා ඇති ලී වලින්ම තැනු කොටස් දෙකකින් යුක්තවු පියගැට පෙලකින් පිවිසිය යුතු වූ එය පරිඝණක මෘදුකාංග ආයතනයකට උචිත පරිදි නවීකරණය කර ඇතත් එහි වු ඉපැරණි බව මවා පානුයේ ගාම්භීරවූ ගුප්ත බවකි. පැරණි ගෘහ භාණ්ඩ වලටම ආවේනික වූ සුවඳක් එම පඩි පේළිය නැග එහි පිවිසෙන්නෙකුට නිරන්තරයෙන්ම විඳිය හැක.
කුමාරස්වාමි මහතා එම ගොඩනැගිල්ලේ හිමි කරුවාය. ජෝන් කීල්ස් ආයතනය ඔහුගෙන් මුළු ගොඩනැගිල්ලම බද්දට ගෙන තිබුනද කුමාරස්වාමි මහතාද තම කාර්යාලයද එහිම පසෙකින් පවත්වාගෙන ගියේය. වඩා විශාල නොවූ කාමරයකින් සමන්විත වූ ඔහුගේ කාර්යාලය තුල ඔහු සමග සිටියේ නිරතුරුවම පරිඝණකයක් ඉදිරියේ වාඩි වී සිටි මැදි වයස ඉක්මවූ කාන්තාවක් හා කාර්යාල සහායක යැයි සිතිය හැකි වූ තරුණයෙක්ද පමණි. කුමාරස්වාමි මහතා ඉතාමත් වයෝවෘද්ධ පුද්ගලයෙක් විය. ඉතා සිහින් වූ ශරීරයකින් යුතු වයස අවුරුදු 85 ඉක්මවූ පෙනුමක් ඔහු වෙතින් දිස්විය. සෑම විටම ඉතාමත් පිළිවෙලට තනිකරම සුදු පැහැයෙන් යුත් සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයකිනුත් රතු පැහැති කර පළඳනාවකිනුත් සැරසී සිටින ඔහු ගමන් කරුනුයේ අතේ රැඳි හැරමිටියක් ආධාරයෙනි. උදයේත්, දවාලෙත්, සවසත්, ඇතැම් විට රාත්‍රියේදිත් නිරතුරුවම මුළු ආයතන පරිශ්‍රයේ සැරි සරමින් සිටින ඔහුගේ රුව ආයතනය තුල සිටින සෑම දෙනෙකුටම දකින්නට ලැබෙන්නාවූ ඉතා සුලබ දසුනකි. තමන්ගේ ඉදිරියට හමුවෙන සියළුම කාන්තාවන් හා වචනයක් දෙකක් කතා කිරීමට කුමාරස්වාමි මහතා ඉමහත් රුචියක් දැක්වීය. නමුත් කිසි දිනක පිරිමියෙක් සමග නම් ඔහු එසේ දොඩමළුවී සිටිය දිනක් මගේ මතකයට නගා ගත නොහැක.
මෙසේ සති මාස ගණනින් කාලය ගතවූ අතර එක් දිනකදී අප වෙත ලැබී තිබූ විද්‍යුත් ලිපියකින් කියවුනේ කුමාරස්වාමි මහතා අභාවප්‍රාප්ත වී ඇති බවය. ඒ ආරංචිය අප සිත් තුල එතරම් කම්පනයක් ඇති කිරීමට සමත් නොවූයේ අපහට එය එතරම් අරුමයක් වූ ප්‍රවෘතියක් නොවූ බැවිනැයි මට සිතේ. ඔහුගේ මරණය එතරම් වැදගත් ප්‍රවෘතියක් ලෙස අප සඟයින් අතරවත් කතා බස් කලාදැයි වත් මගේ මතකයේ නැත. ඉතාමත් කාර්යබහුල වූ අප හට එම ප්‍රවෘත්තිය දින කිහිපයකින්ම මතකයෙන් බැහැර වන්නට ඇත. අප හට දක්නට ලැබුනා වූ එකම වෙනස නම් වෙනදා ආයතන පරිශ්‍රය තුල ඔබ මොබ සැරි සරණ කුමාරස්වාමි මහතාගේ රුව ඉන්පසු අප ඇස නොගැටීමය.
මා එම දිනවල සම්භන්ධ වී සිටියේ නෝර්වේජියානු ගුවන් සමාගමකට සම්භන්ධ මෘදුකාංග නිර්මාණ ව්‍යාපෘතියකටය (Software Project). එක් දිනක උදෑසන මාත් මාගේ කණ්ඩායමත් යුහුසුළුව යෙදී සිටියේ එම ව්‍යාපෘතිය සම්භන්ධයෙන්වූ කාර්යයකය. අප කණ්ඩායම සඳහා වෙන් කර තිබූ කොටසට මදක් ඈතින් වන්නට සිටි වෙනත් කණ්ඩායමක වූ ව්‍යාපෘති කලමණාකාරියකවූ ඔසාකා හදිසියේම සිහි නැතිවී ඉඳගෙන සිටි පුටුවත් පෙරලාගෙන බිම ඇද වැටෙන්නේ මේ අතරය. ඇයව ඔසවා වත්තම් කරගත් ඇයගේ කණ්ඩායමේ සගයින් යුහුසුළුව ඇයට ප්‍රතිකාර ලබාදීමට රැගෙන ගියහ. විවිධාකාර වූ හේතූන් නිසා කාන්තාවක් සිහි නැතිවෙන සිද්ධීන් දුලබ නොවූ නිසාවෙන් අපහටද සුළු වේලාවකින් එය අමතකව නැවතත් අපගේ කාර්ය්‍ය වෙත යොමු වූ සැටි මාගේ මතකයේ තිබේ.
ඉන් මාස කීපයකට පසු එනම් 2002 ජූලි මස 6 වන දින මා ඩුබායි නගරය වෙත පැමිනෙන්නේ එමිරේට්ස් ගුවන් සමාගමේ ව්‍යාපෘතියකට සම්භන්ධවීමටය. ( එදින සිට අද දක්වාම මා රැකියාව කරනුයේ ඩුබායි පුරවරයේයි ). එහි සපැමිණ මාස කිහිපයකට පසු මා ඇස ගැටුනේ අප ආයතනයේ අන්තර්ජාල පුවත් පතකට ඔසාකා ලියා තිබූ තීරු ලිපියකි. එදා ඇය සිහි නැති වී වැටුනු අයුරුත් එයට හේතු පාදකවූ සිද්ධියත් ඈ එම තීරු ලිපියෙන් විස්තර කර තිබුනාය. එය සැකවින් මෙසේය.
සති කිහිපයක නිවාඩුවකට පසු ඔසාකා කාර්යාලයට පැමිණ සිටියේ එදාය. හිමිදිරි උදෑසනම කාර්යාලයට පැමිණි ඇය සති කීපයක් කාර්යාලයෙන් පිටත සිටි නියාවෙන් ගොඩ ගැසී තිබූ ඇයගේ විද්‍යුත් ලිපි එකින් එක කියවමින් සිටියාය. මේ අතර ඇයට ඇස ගැටෙන්නේ කුමාරස්වාමි මහතාගේ මරණ දැන්වීම සඳහන් විද්‍යුත් ලිපියයි. ඇය සිහිසුන්ව ඇද වැටෙන්නේ එම ලිපිය කියවීමෙන් පසුවයි. ඇය එසේ සිහිනැතිව ඇද වැටෙන්නේ කුමාරස්වාමි මහතා මියගියා යැයි ශෝකයට පත් වීම නිසා නොව, ඉන් පැය කීපයකට කලින් කුමාරස්වාමි මහතා ඇය සමග කතා කර තිබූ නිසාය. හිමිදිරි උදෑසන කළුවර තුරල් වී යෑමටත් මත්තෙන් කාර්යාලයට පැමිණි ඈ හට පඩි පෙල නැග ඇතුළුවෙනවාත් සමගම මුන ගැසී ඇත්තේ කුමාරස්වාමි මහතාවය. ඔහු මිය ගිය බවක් නොදැන සිටි ඔසාකා මදක් නැවති ඔහුට සුභ උදෑසනක් යැයි සුභ පතා තිබේ. වෙනදා මෙන්ම තවත් වචනයක් හෝ දෙකක් ඔහු සමග කතා කිරීමෙන් පසු තමාගේ අසුන වෙත පැමිනෙන ඇය දැක තිබුනේ කුමරස්වාමි මහතා ඔහුගේ කාර්යාලය තුලට වැදෙන අයුරුය.
ඉන් පසු කාලයකදිත් කිහිප දෙනෙකුටම ඔහුගේ අවතාරය ආයතන පරිශ්‍රයේදි ඇස ගැටී ඇත. JKCS ආයතනය තුල මා සමග එකට සිටි සගයින් කිහිප දෙනෙක් තවමත් සේවය කරති. ඔවුන් සියල්ල මෙම සිද්ධියට සාක්ෂි දරනවා ඇත.
(ඉහලින් පල කල ඡායාරූපය උපුටා ගත්තේ http://www.jkcsworld.com අඩවියෙනි.)
මෙන්න දැං අපිව බය කරන්නත් පටං අරං
ReplyDeleteඅයියලට කරදරයක් වෙන එකක් නැහැ. කාන්තාවන් එක්ක විතරනේ එයාගේ කතාව.අනික මොකට බය වෙනවද අයිය. හොල්මන් වලට නෙමෙයි බය වෙන්න ඕන. ජීවත් වෙන මනුස්සයන්ට....
ReplyDeleteකොහොම වුනත් හොද මනුස්සයෙක්. කාටවත් කරදරයක් නැහැ...
එහෙන් ආවේ හොල්මනට බයෙන් නේද?
P.S
ReplyDeleteබොහොම සරල සිදුවීම් වගේම රසවත් ගැඹුරු සිද්ධින් වුනත් ලස්සනට ලියන්න අයියට පුලුවන්.... කිසිම දෙබසක් නැතිව,පාඨකයාට දිගටම කියවන්න හිතෙන විදිහට ලියන එක ටිකක් අමාරු වැඩක්... ඒ අතින් මේ ලිපිය රසවත්....මගේ සුබ පැතුම් අයිය.
හෑ..මිනිහා කොහොමද මගෙන් මිස් උනේ...
ReplyDeleteඅම්මෝ........:))
ReplyDeleteඅම්මියෝ!!! බයත් හිතෙනවා.අර කිව්වා වගේ හොල්මනට බයේ නේද රට දාල ආවෙ?
ReplyDeleteආමි... බය නිසා ගියෙමි...
ReplyDeleteඅනේ මන්ද අයියෙ. මම හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මේව අහනකොට විශ්වාස නොකරත් බැහැ. අයිය විශ්වාස කරනවද ?
ReplyDelete( මගෙ බ්ලොග් එකට ඇවිත්, දීපු උපදෙස් වලට ගොඩාක් ස්තූතියි අයියෙ. ඒ වගේම ගොඩාක් සතුටුයි අපි වාගෙ අලුතින් ආපු අයට උදවු කිරීම ගැනත්. )
හොල්මන් ගැන නම් ඉතිං කියන්න තියෙන්නෙ කවුරු මොනවා කිව්වත් තාම ඒවා බොරුයි පෙන්නපු කෙනෙක් නැහැ කියලයි.
ReplyDeleteඔබ හිටපු JKCS ආයතනයට මීට වසර 2 ට පෙර මටත් යන්න සිදු වුණා අපේ ආයතනයෙන් ගුවන් ටිකට්පත් සම්බන්ධ බද්දක් ක්‍රියාත්මක කිරීමේ දී පර්ගණක පද්ධති වලින් අදාළ තත්වය හඳුනා ගත හැකිද කියා දැනගන්න. එතනදි ඒ ආයතනයෙන් ලැබුණු සහයෝගය නම් උපරිමයි. මේ දේ ඔවුන් කළේ මුදලට නොවෙයි.
ඒ ගිය වෙලාවෙදි මම දැක්කා ඔය කියන බුරුත සොල්දරයග ඔබ කිවිවා වගේ එය ගාම්භීරයි. සමහර විට ඔබ ගිහින් ඇති ඒ ආයතනයේම ග්ලෙනී ස්ට්‍රීට් එකේ තියෙන ගොඩනැගිල්ලට. ඒකෙත් තියෙන්නෙ ඒ විධියටමයි.
මේ ආයතනයේ ගුවන් සේවා සම්බන්ධ ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාදෙ කියන්න බැහැ ඔවුන් අපිත් සමග ඉතා විශාල අවබෝධයකින් ක්‍රියා කරනවා.
ඔබගේ කථා මම සැමදාම කියවනවා. කමෙන්ට දානවානම් අඩුයි. දිගටම ලියන්න.
ඈ මෙන්න මම මේ පෝස්ට් එකට ඊයේ දාපු කමෙන්ට් එකත් හොල්මනක් අරන් ගිහිංද කොහෙද??
ReplyDeleteමෝකෝ මේ දවස් වල හොරර් ෆලෝ කරන්නේ ? මේරි ආච්චි මොනාවක්වත් කන්න දුන්නද? හක් හක්... :)
ReplyDeleteමාත් පිලිගන්නව හොල්මන් කියලා ජාතියක් ඉන්නවා කියලා
ReplyDeleteඅනේ මන්ද.... ඔව්ව ගැන මම හිතන්නෙ නැහ බන්..
ReplyDeleteඇත්ත වෙන්නත් පුලුවන්...මෙච්චර කල් ඔහොම කතා පවතින්නෙ ...
පිස්සන්ටයි.. මාරයන්ටයි කොහෙද බන් හොල්මන් පෙනෙන්නේ....
ReplyDeleteමේ වෙලාවෙ නම් පේන්නෙම හොල්මන්... අඩිය නොවැ පේන්නේ බෝතලෙත්...
ReplyDelete@තීර්ථ යාත්‍රිකයා ,
ReplyDeleteහැමදාමත් අපිට හිනාවෙවී ඉන්න තියෙනවනං තමා හොඳ . . . ඒත් ඉතින් මේවත් ඇත්තටම සිද්ද වෙච්ච දේවල්.
@wath,
ReplyDeleteමිස්ටර් කුමාරස්වාමි ගෑණු ළමයි එක්ක කතා කිරීමට තමා විශේෂ ආසාවක් දැක්වූයේ. අර කිව්වත් වගේ ඔහුගෙන් කාටවත් කරදරයක්නම් වෙලා නෑ තමයි. සමහරු එයාගේ අවතාරය තමා දැකල තිබුනෙ.
මොහොම ස්තුතියි වත් මගේ රචනය ගැන පළ කල අදහසට.
@මාරයා,
ReplyDeleteඈ බං මාරයෝ, උඹ කට්ටඩි වැඩත් කොරනවද කේන්දර බලන වැඩවලට අමතරව.
@හේමලයා,
ස්තුතියි ඇවිත් බයවෙලා ගියාට . . . :)
@උපාසක,
මමනම් අවතාරේ දැක්කෙ නැහැ බයවෙන්න. බයවෙලා නම් නෙමෙයි ගියේ . . . අපේ රස්සවෙ හැටිනේ . . . යන්න කියන තැනකට යන්න වෙනවා . . !
@කංචු ,
මගෙ ඇස් දෙකට නොදැක්කට මේවෙනකොට මම පළ කල කතා දෙකම මගේ වටේ ඉන්න අය අත්දැකපු ඉතාමත් විශ්වාසනීය සිද්දීන්. එතකොට මටත් මේවයේ ඇත්තක් තියෙනවාය කියල පිලිගන්න වෙනවා අණිවාර්යයෙන්ම.
@Ishara,
ReplyDeleteහරිම සන්තෝසයි, ඔබ JKCS ආයතනයට සම්භන්ධවී වැඩ කිරීම ගැන. අණිවාර්යයෙන්ම JKCS තුල ඉතාමත් මිත්‍රශීලි පරිසරයක් තමා තියෙන්නෙ.
ඔව් මම ග්ලෙනී ස්ට්‍රීට් එකේ තියෙන ජෝන් කීල්ස් හෝල්ඩින්ග් එකට නිතර ආව ගියා ඒ කාලේ.
ඔබට තවමත් සම්භන්ධකම් තියෙනවනම් මේ සිද්ධිය ගැන අසා බලන්න. මෑතකදී බැඳුණු අයනම් දන්නෙ නැතුව ඇති. නමුත් පරණ අය මේ සිද්ධිය ගැන හොඳට දන්නවා.
හම්මෝ....
ReplyDelete"මම.....
උත්සවයකට ගියා සින්දු කියන්න....
මට ආපසු එන්න ලැබුනේ ජාමේ දොලහට....."
@nimanthi,
ReplyDeleteමම කමෙන්ට් හොරකං කරන අවතාරයක් ගැන නම් ලිව්වෙ නැහැ මගේ හිතේ. . . . !
@කුෂාන් ඇස්. වන්නිආරච්චි ,
මම මේකෙ ලියන දේවල් හැම එකක්ම මම ලබපු මගේ අත්දැකීම්. හාස්‍යය රසය තියෙන කතා වගේම මේ වගේ අත්භූත සිද්දීන් දෙක තුනකුත් තියෙනවා මම අත්දැකලා තියෙන. ඒවගෙම මා ලඟින් ඇසුරු කරන අයෙකුගේ මරණාසන්න අත්දැකීමකුත් ඉදිරියේදි ලියන්න හිතාගෙන ඉන්නවා.
@පුබුදුවා ,
ReplyDeleteඅණිවාර්යයෙන්ම මම ලබපු අත්දැකීම් කිහිපයක්ම තියෙනවා ඒක සනාථ කෙරෙන. යම් අයෙකුට පවසන්න පුළුවං මේවා බොරු බේගල් කියලා. ඒත් මම මේ ලියන හැම වචනයක්ම සීයට සීයක් නිවැරදි විශ්වාසනීය සිද්ධීන්. මේ ගැන සොයන්නෙකුට අවශ්‍යනම් මේව ගැන සොයන්න ප්ළුවන් විදිහට තමයි මම ආයතනයේ නමත්, තැනත්, කාල වකවානුත්, වෙනස් නොකරම ලියුවෙ.
@පිස්සා පලාමල්ල,
ReplyDeleteමේව අපේ රටේ විතරක් නෙමෙයි. මුළු ලෝකය පුරාම සිද්දවෙලා තියෙනවා නේද ?
හැම එක්කෙනාටම මේවා පේන්නෙත් නැහැ. හරි ෆ්‍රීකුවන්සි එක සෙට් වෙන්න ඕන හරියට අර රේඩියො චැනල් එකක් ටියුන් කරාම විතරක් හරියට චැනල් එක අහු වෙනවා වගේ.
ආහ්. . . තනියම සෙට් වෙලා වගේ . . අපිටත් කිව්වනම් පොඩි පහේ උදව්වක් දෙන්න තිබුනනෙ . . !
@Jeew,
ReplyDeleteඑහෙම අයට තමා වැඩිපුර පේන්නෙ . . !
@තිසා,
අපේ පැදුරු පාටිනම් ඉවර වෙන්නෙ එලිවෙලත් පැය කීපයක් ගියහමනෙ. රෑ දොලහට ඉවරවෙනවා කියල හිතන්නවත් බැහැ.
බුවහා.....අපි බයවෙයි ඕවට....හික්ස්...
ReplyDeleteඅර වත් අක්කි කිව්වා වගේ දැන්නම් ලෝකේ බයවෙන්න ඕනි හොල්මන් වලට නෙවේ...පණ තියෙන මිනිස්සුන්ට.....
ලිපිය ඉතිං මැක්සා
මේවා කියන්නත් ඔයාගේ කට කහනවාද හැබෑටම ඈ.........
ReplyDeleteතව හොල්මන් කථා දෙක තුනක්වත් අහගන්න පුළුවන් වෙයි නේද?
ලංකාවට ගියාම ඕවා ඔක්කොම මතක් වෙලා එනවානේද?
ReplyDeleteහොල්මන් කොච්චර අහිංසකද ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට වඩා. මම හිතන්නෙත් ඔය හොල්මන් (වඩා නිවැරදිව හිතනවානම් නොපෙනෙන බල වේග) තියෙනවා. එත් ඒවායින් අපට හානියක් නෑ.
ReplyDeleteඔය අවතාරය ජීවත් වෙන්නේ එතන වැඩ කරන ගෑණුන්ගේ සිත් වලයි!
ReplyDeleteහොල්මන් අවතාර නැහැ කියල කියන කංචු සහ ඉෂාර යන
ReplyDeleteදෙන්නගෙන්ම අහන්න කැමතියි හොල්මන් වලට බය නැද්ද කියල
දෙන්නගෙන් කාටද පුළුවන් රාත්‍රී 12 විතර තනියම කනත්තට ගිහින්
ඉන්න?
ඔය හොල්මන් අවතාර නැහැ කියල කියන ඕන පුද්ගලයෙක් මම දෙන පළමු අභියෝගය.!
හ්ම්....
ReplyDelete