ඩෑෂ් හවුන්ඩ්ලා සහ ඉස්සෝ

Posted by දුමී




ඔන්න අපේ ගෙදරට අළුතෙන් සාමාජිකයො දෙන්නෙක් ඇවිල්ලා. දෙන්නම නිවුන් සහෝදරයො. මුන්ට කියන්නෙ ඩෑෂ්-හවුන්ඩ් ( Dachshund ) කියලලු. මේ ගොල්ලො කුරු බලු පැටව් දෙන්නෙක්. දෙන්නට තාම මාස තුනයි. අපේ මල්ලිගෙ යාළුවෙක්ගෙන් තමයි මේ දෙන්නා දරුකමට හදාගන්න අරන් තියෙන්නෙ. දරුකමට කිව්වෙ ඇත්තටම දරුවො හදනව වගේ හරිම සැළකිල්ලෙන් තමයි මේගොල්ලන්ව බලාගන්න වෙන්නෙ. ඉතින් ඔන්න අම්මගෙනුයි මල්ලිගෙනුයි නීති ගොඩයි. කාල ඉතුරුවෙන මස් කටු, මාලු කටු එහෙම මුන්ට දෙන්න තහනම්. ඉතින් දුක තමා බල්ලො කිව්වලු. මස් කට්ටක්වත් සූප්පු කරන්න පින නෑ පොෂ් බල්ලො උනහම.

අපේ ගම හාමිනේ නම් බල්ලන්ට ආස නැහැ. මගේ පොඩි එවුන් දෙන්නනම් මුන්ගේ පස්සෙන්මයි. ඒ ගොල්ලො එකතු වෙලා දෙන්නව බෙදාගෙන නම් දෙකක් දාල. එකෙක් ප්ලූටෝ අනිකා ජුපිටර්ද කොහෙද. නෑ නෑ බෲනෝ. පොඩි එවුන් දෙන්න බල්ලන්ගෙ පස්සෙ දුවනව, ගම හාමිනේ බල්ලන්ව අල්ලන්න එපා කිය කිය පොඩි එවුන්ගෙ පස්සෙන් දුවනව. කොහොමෙන් කොහොම හරි හැමෝටම එක්සයිස් එකට නම් මරු. ඔෆිෂල් නම කෙසේ වෙතත් මගෙ අවුරුදු පහක් වයස පුතා එයාගෙ බල්ලට කියන්නෙ 'සුපර් ඩෝග්' කියල. ඌව උස්සගෙන සුපර් මෑන් වගේ ඉගිල්ලෙන්න කියල දෙනවා. දැන් ඌටත් ඉගිල්ලිලා එපා වෙලා පොඩි එකා එනකොටම අහු වෙන තැනකට ගිහිල්ල හැංගෙනවා.

ඔන්න අද උදේ 10 යේ විතර ඉඳන් බෲනෝ සැරින් සැරේ කෑගහනව ඇහුනා. වෙනදට නැති කෑගැහිල්ල මොකක්ද කියල බලනකොට මෙන්න බොලේ මෙයාගෙ මුලු මූනම ඉදිමිලා ඇස් දෙකත් තඩිස්සි වෙලා ඇස් දෙක ඇර ගන්න බැහැ. ඉතින් අම්මත් ඉක්මනටම මෙයාව අරගෙන ගියා බලු දොස්තර ලඟට. ගිහිල්ලා ඉන්ජෙක්ෂන් හතරක් විතර ගහල තමයි ගෙනාවෙ. බලාගෙන යනකොට අද උදේ අම්ම මෙයාලට බත් දීල තියෙන්න ඉස්සොත් එක්ක. මොන සැපද. කොටින්ම කිව්වොත් 'වයිට් රයිස් විත් ප්‍රෝන්ස්'. හුටා . . මේ බල්ලන්ට ඉස්සො ඇලර්ජික්. ඉතින් කවුද බං බල්ලො මේව දන්නෙ. අපිටත් ඉතින් ඉස්සෙක් කන්න හම්බවෙන්නෙ මාස දෙක තුනකට සැරයක් එකේ බල්ලන්ටත් ඉස්සො හම්ම්බවෙච්ච එක ගැන පොඩි ඊරිසියාවකුත් නැත්තෙ නැහැ. ඇයි ඉතින් අපිට උනත් සැරේකට ඉස්සො තුන් හතර දෙනෙක්ට වඩා හම්බවෙන්නෙත් නැහැනෙ. ඔන්න බෲනෝට ඉන්ජෙක්ෂන් ගහගෙන ඇවිල්ල පැය දෙක තුනක් විතර ගියාට පස්සෙ එයාගෙ මල්ලි ප්ලූටෝ ටත් ඒ විදිහටම රෝග ලක්ෂණ ඇවිල්ල අම්ම ඌවත් උස්සගෙන දිව්ව බලු දොස්තර ලඟට ඉන්ජෙක්ෂන් ගහ ගෙන එන්න. එතකොට බලු දොස්තර අම්මගෙන් අහල "පිස්සුද මුන්ට ඉස්සො දෙන්නෙ" කියල. එහෙම ඇහුවෙ ඇත්තටම මුන්ට ඉස්සො අගුණ හින්දද එහෙම නැතිනම් දොස්තරටත් බල්ලන්ට ඉස්සො දීපු එක ගැන දුක හිතිච්ච හින්දද කියල දන්නෙ දොස්තරම තමා. කොහොමෙන් කොහොම හරි අද ඉඳන් ප්ලූටෝටත්, බෲනෝටත් මස් කටුත් නෑ, මාලු කටුත් නෑ, ඉස්සොත් නෑ. වල් බල්ලෙක්වත් වෙලා ඉපදෙන්න වාසනාව තිබුනේ නෑනෙ මුන්ට.

ඔන්න හවස් වරුවෙ මගේ නංගියි මස්සිනා පොඩ්ඩයි අපේ ගෙදර ආවා. ඇවිල්ල දෙන්නත් එක්කම ඉස්සො හොදියි රෝස් පානුයි කෑවා. කාල ටිකක් වෙලා යනකොට මෙන්න බොලේ මස්සිනා පොඩ්ඩගෙත් මූනත් ඉදිමිලා. ඉතින් මමත් ඇහුව "ඈ බං උඹේ වර්ගෙත් ඩෑෂ්-හවුන්ඩ්ද ?" කියල. එහෙම කියල මම කිව්ව පොඩ්ඩක් හංගිලා හිටපන් අපේ අම්මට පේන්නෙ නැති තැනකට වෙලා නැතිනම් උඹ්ටත් වෙන්නෙ බල්ලො දෙන්නට වෙච්ච දේමයි, බලු දොස්තරට කියල පස්ස පැත්තට ඉන්ජෙක්ෂන් 4ක් ගහගන්න කියල.

කොහොමෙන් කොහොම හරි මම දන්නෙ නැහැ ඉතින් ඩෑෂ්-හවුන්ඩ්ලා හැර අනිත් හවුන්ඩ්ලාටත් ඉස්සො ඇලර්ජිද කියල. කොහොම හරි මගෙ යාළුවෙක් හිටියා ඌටනම් ඉස්සො කියන්නෙ මාරයෙක්. උගේ ලඟ ඉඳන් වෙන එකෙක් ඉස්සො කෑවත් උගේ ඇඟේ පළු දානව. ඌ මුහුදේ නාන්නෙත් නෑ මොකද මුහුදෙ ඉස්සො ඉන්නව කියල.

ඔය අපි ඩුබායි ආපු අළුත ලංකාවෙන් ආපු අපේ අය ඔක්කොම එකම බිල්ඩින්ග් එකක තියෙන අපාර්ට්මන්ට් වල තමයි හිටියෙ. ඉතින් එක ත්‍රී බෙඩ් රූම් අපාර්ට්මන්ට් එකක හිටියා 'බැචූලර් බෝයිස්ල' තුන් දෙනෙක්. එයින් එකෙක්ට අපි කිව්වෙ ඒ.ජේ කියල. මතකනෙ අර 'සෙරප්පු සුපා' ඒ.ජේ රණසිංහ ? ඌත් ඒ වගේම පිස්සු ඩයල් එකක්. ඉතින් දවසක් බ්‍රහස්පතින්දා (අපි පාටි දාන දවස ) මුන් තුන්දෙනා ෆිෂ් මාකට් ගිහිල්ල තඩි ටයිගර් ප්‍රෝන්ස් කිලෝ තුනක් අරගෙන ඇවිල්ල ( ටයිගර් ප්‍රෝන්ස් කියන්නෙ පොකිරිස්සන්ට වඩා ටිකක් පොඩි තඩිම තඩි ඉස්සො වගේකට ) ලංකාවෙ වගේ නෙමෙයි එහෙ මාළු, ඉස්සො සෑගෙන්න ලාබයි මොකද ලංකාව වගේ නෙමෙයි ඒ රට තුන් පැත්තකින් මුහුදෙන් වට වෙලා තියෙන්නෙ. ඉතින් හවස උන් ටික ඇවිල්ල ඕක ඩෙවල් කරන හැටි අහගත්තෙ අපේ ගම හාමිනේගෙන්. ඊට පස්සෙ තව පැය දෙක තුනකට විතර පස්සෙ මම නිදා ගන්න කියල සෙට් වෙනකොටම උන්ගෙන් එකෙක් කෝල් කරනව "මචං, ඉක්මනට වරෙන් අපේ අපාර්ට්මෙන්ට් එකට" කියල. මමත් මොකක්ද යකෝ මුන්ට උනේ කියල බලන්න දඩි බිඩි ගාල දිව්වා එහෙට. ගිහිල්ල බලනකොට ඒ.ජේ ඉන්නවා තඩි ඉස්සෙක් වගේ. උගේ ඇස් දෙක එලියට පැනලා, මුළු ඇඟේම තඩි රතු පාට පළු දාලා. මුන් තුන්දෙනා බඩජහරි කමට ඉස්සො කිලෝ තුනම කොටා බාලා. පස්සෙ ඌට ඇඟිල්ල දම්මල බලෙන්ම වමනෙ කෙරෙව්වා. ඊට පස්සෙ පොල් කිරි ( මැගී පිටි කල පොල් කිරි ) කෝප්පයක් පොවල ඉස්ස්පිරිතාලෙ එක්කං ගියා. ඒ ගිහිල්ලත් පස්ස පැත්තට ඉන්ජෙක්ෂන් එකක් ගැහැව්වට පස්සෙ තමයි ඌ ඉස්සා වේශෙන් මනුස්ස වේශෙට ආවෙ. මම ඉතින් ඇත්තටම දැන්නෙ නැහැ ඌට එහෙම උනේ ඉස්සො ඇලජි හින්දද නැතිනම් අපේ ගම හාමිනේගෙ රෙසපි එක හින්දද කියල.

43 comments :

  1. සුපිරියි සුපිරියි සුපිරියි

    බලාගෙන ගියාම කැම්පස් එකේ මගෙ හොදම යාලුවත් ඔය ඩෑෂ් හවුන්ඩ් වර්ගයේ එකෙක්.ඌත් මුහුද අයිනෙම ඉදලා ඉස්සො කන්න පින නැති එකෙක්...

    ReplyDelete
  2. ඩුබායි වල මාළු ලංකාවට වඩා ලාබ ඇයි කියල මෙච්චරකල් මටත් හිතාගන්ට බැරුව හිටියේ.... දුමී අයිය කියනකම් මට මීටර් වුනේ නෑනේ ඔය සීන් එක... තැන්කූ ඈ.....

    ReplyDelete
  3. අනේ දුමියෝ තෝ දහයට ගනින්න බෑ වගේ ඉන්න විදිහට මේ වගේ පිස්සු බුවෙක් කියලා කොහොම හිතන්නද මන්දා බන් . . ඒත් දැන් මම දන්නවා උඹ ගැන හික් හික් . . උඹේ ලියන ස්ටයිල් එක නම් පික්සු කොර බන්z . . ..

    පුතා කිව්ව වගේ මටට් හද තමයි ඕන් මීටර් උනේ ඇයි මෙහේ මාලු ලාභ ලංකාවේ මාලු ගනන් කියලා . .. උඹ මේ ටිකේ ගම හාමිනේ කෑම නොදුන්නොත් අම්මගේ කෑම කන්න ඇහැක් නිසා බය නැතුව ගම හාමිනේට මඩ ගහනවා නේද . .. . ආපහු ඩුබායි ආවහම තොට ඉස්සෝ ම්ම්හු ඉතින් . . . අනේ දුමියෝ සොරි ඩොට් කොම් තමයි ඉතිං උඹට ඉස්සෝ වලට හික් හික්

    ReplyDelete
  4. මටට් හද = මටත් අද

    ReplyDelete
  5. චෝයි බව්වා දෙන්නා.....අපේ පුංචිලගේ ගෙදර ඉන්න උන් නම් මහ පෙරේතයි...කන්න කිව්වොත් වෙන දෙයක් නෑ...උන්ටත් ඉස්සොනම් අරහං.
    හැබැයි මාරම හුරතල්....
    මම අහල තියෙන විදිහට කුරු බව්වලා අනිත් බව්වන්ට වඩි පොඩි ළමයින්ට ආසයිලු.....ඇත්තද දන්නෑ ඕන්...නැත්නම් කෂ්ටිය කියියි හසියාගේ බලු තියරිය කියලා....

    ReplyDelete
  6. @blog gadol ,
    අම්මෝ ගඩොල් මල්ලියේ, ඉස්සෙක් ලඟින්වත් ගෙනියන්න එපා ඌව. උන්ට නං ආතල් ඉස්සො කනකොට. යාළුවො තමා දුක් විඳින්න ඕනෙ නිදි මරාගෙන මුන්ගෙ පස්ස පැත්තවල් වලට ඉන්ජෙක්ෂන් ගහන්න එක්කන් යන්න.

    ReplyDelete
  7. @පුතා මලයෝ,
    (මලයො කිව්වට තරහවෙන්න එපා. මම දන්නව මට වගේම උඹටත් මලයො අරහන් කියලා) . සමහර දේවල් තියෙනව එක පාරටම මීටර් වෙන්නෙ නැහැ. මීටරේ දැති ගෙවෙන්න කිට්ටුව තමා ඒව මීටර් වෙන්නෙ !

    ReplyDelete
  8. @෴ හසියා ෴
    ඔව් ඔව්, මුන් දෙන්නත් මාර පෙරේතයි. ලඟින් ගියොත් කකුල් දෙකත් ලෙවකාල ටේස්ට් කරනවා.

    ReplyDelete
  9. මම නම් ඉස්සෝ කන්නේ නැහැ. ඒක නිසා ගැටළුවක් නැහැ. එක එක ජාති එක එක අයට ඇලජික් නේ අයියා

    ReplyDelete
  10. අප්ප.. ටයිගර් ප්‍රෝන්ස් එල.. හික් හික්.. කෙලත් එනවා.. මේ ළඟදි මම බූවල්ලෙක් ට්‍රයි කලා. දැන් යූ ටියුබ් එකේ අර පෝල් බූවල්ල දකිනකොටත් කෙල උනනව :( ..

    ReplyDelete
  11. නියමයි දුමී අයිය.
    ඇලර්ජික් ගැන කතා කලොත් ඉතින් මගෙත් යාළුවො කිහිප දෙනෙක්ට තත්වය තියෙනව. ඔය තත්වය කිවුවට ඉතින් එක එකාට ඇලර්ජික් එක එක දේවල්. එකෙක්ට ඉස්සො. තව එකෙක්ට අන්නාසි. තවත් එකෙක්ට හරක් මස්. ඒ හැමෝටම තියෙන පොදු ලක්ෂණය තමයි කෑම කාල ටික වෙලාවකින් ඇඟේ තැන තැන රතු පාට පලු මතු වීම. ඒ අය විනෝදාංශයක් විදිහට වගේ දැන දැනම කාල, ඇගේ මතු වෙන පලු කහ කහ ඉන්නව සති දෙකකට විතර සැරයක්.

    ReplyDelete
  12. අප්පච්චියේ බල්ලන්ටත් තියෙන ලෙඩ....පට්ට කතාව.......

    ReplyDelete
  13. අඩේ අයියණ්ඩියේ අද කතාවනම් ටොප් ක්ලාස්.. බල්ලන්ට ඉස්සෝ?? අනේ අපි නම් බත් පතේ ඉන්න කූණිස්සටත් මරා ගන්නවා ගෙදර.. එහෙව් එකේ බුදු අයියණ්ඩියේ බල්ලන්ට නම් ඉස්සෝ දෙන්න එපා කියන්න අම්මට.මට ඉරිසියාවේ බෑ
    හා හා දැන් කොහොමත් දෙන්න වෙන්නෑ නොවැ..
    කරුමෙට මට නෑනේ ඔහොම ඇලජික් එකක්. තිබුන නම් ඒකම කාලා ඔෆිස් එ‍කේ හොර නිවාඩු දාන්න තිබුනා.. අපේ ගෙදර බව්වත් හිටි ගමන් මූණ ඉදිමවා ගන්නවා. කෑම ඇලජික් වෙලා නම් නෙමේ.. පඳුරු අස්සේ හොම්බ දාන්න ගිහින් මී මැස්සෝ විදලා.. එතකොට නම් කැතේ බෑ.. හිහි.

    ReplyDelete
  14. ඔන්න අපිත් පස්සෙන් එනෝ..ඕ....ව්!!

    ReplyDelete
  15. "ලංකාවෙ වගේ නෙමෙයි එහෙ මාළු, ඉස්සො සෑගෙන්න ලාබයි මොකද ලංකාව වගේ නෙමෙයි ඒ රට තුන් පැත්තකින් මුහුදෙන් වට වෙලා තියෙන්නෙ".
    ඈ බං... බැංකුව‍ට වැරදිලාවත්ද? අ‍පේ රට හතර පැත්තෙංම මුහුදෙන් වට වෙලානේ තියෙන්නේ. මං බැලුවේ ජොක් එකක්වත්ද කියල. ම් හ්ම්. නෑ... උඹ සීරියස් කියලා තියෙන්නෙ... මට මඥ්ඥංවත්ද :) නැත්තං මං ට්යුබ්ලයිට්වත්ද? :)
    අපිට නං බං ඉස්සෝ එනකොට උන් වයසටත් ගිහිල්ලා. කන්ද උඩට එන්න එපැයි. හැබැයි ඔන්න ෆුඩ් සිටියට ගියොත් නං තරුණ පහේ ඉස්සෙක් දෙන්නෙක් බලාගන්න පුළුවං. ෆුඩ් සිටියට එන උං එක්ස්ප්‍රස් මේල් එකේ එන්නේ. ;-)

    ReplyDelete
  16. උපන් තේකට මාළු කාලා නැතෝ.... බල්ලොත් පෙන්නන්න බැරියෝ... ඒවුනාට කථාව නම් පෂ්ටම පෂ්ට....
    නියම රයිටින්ග් ස්ටයිල් එක බං... කැමතිම කෑල්ල
    "එතකොට බලු දොස්තර අම්මගෙන් අහල "පිස්සුද මුන්ට ඉස්සො දෙන්නෙ" කියල. එහෙම ඇහුවෙ ඇත්තටම මුන්ට ඉස්සො අගුණ හින්දද එහෙම නැතිනම් දොස්තරටත් බල්ලන්ට ඉස්සො දීපු එක ගැන දුක හිතිච්ච හින්දද කියල දන්නෙ දොස්තරම තමා..."

    ReplyDelete
  17. අනේ අය්යෙ, වටපිටේ ඉන්න උන් මට පිස්සු කියල හිතනව මොනිටරේ දිහා බලන් හිනාවෙනකොට...

    ReplyDelete
  18. මචෝ වමනේ කරවලා පොල් කිරි පොව්න්නේ වස පෙවුනහම නේද...? ඔය පලු දාන ගාන එනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි... ඒ වෙලාවට හොඳම දේ පිරිටන් පෙති දෙකක්... ඕනෑම ඇලර්ජි එකකට හරියනවා...

    ReplyDelete
  19. කට්ටියටම ගොඩක් ස්තුතියි දාපු කමෙන්ට් වලට. ඔන්න අද අපි අනුරාධපුරේ යන්න සෙට් වෙලා ඉන්නෙ. කිව්වට විශ්වාස කරයිද මංද අපේ ගම හාමිනේ තාම අනුරාධපුරේ ගිහිල්ල නෑ. උදේ 10ට පිටත් වෙන්න හිටියත් මම තාම කම්පියුටරේ ඉස්සරහා. කන් දෙකේ පුළුං කෑලි දෙකක් ගහගෙන තමයි මේ ටික දැන් ටයිප් කරන්නෙ. ගම හාමිනේ උදේ 5 හේ ඉඳන් ඇහැරිල. ගිහිල්ල ඇවිල්ල හැමෝටම රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් දවස් දෙකකින් සී යූ කිව්වා . . . !

    ReplyDelete
  20. ලංකාවෙ වගේ නෙමෙයි එහෙ මාළු, ඉස්සො සෑගෙන්න ලාබයි මොකද ලංකාව වගේ නෙමෙයි ඒ රට තුන් පැත්තකින් මුහුදෙන් වට වෙලා තියෙන්නෙ.

    අනේද කියන්නේ............

    ඊට පස්සෙ පොල් කිරි ( මැගී පිටි කල පොල් කිරි ) කෝප්පයක් පොවල ඉස්ස්පිරිතාලෙ එක්කං ගියා.

    මැගී කට්ටිය කිය්යක් ගෙව්වැයි ඔයාට මේක කිව්වාට............

    ඒක නෙමෙයි බං අයියේ, උඹැහැ මේ දේසයේ ඉන්න බව දන්නේ දැන් නොවැ........

    ReplyDelete
  21. අහ් එහෙනම් ඔන්න අපෙනුත් පැතුම්....කෂ්ටිය පරිස්සමින් ගොහාන් එන්නකෝ....ඔන්න දන්නේ නැති තැන්වල නාන්න එහෙම යනවා නොවේ හරිද....එහෙනම් ඕනන දුමී අයියා ඇතුළු වන්දනා නඩේට සුභ ගමන්...බුදු සරණයි......

    ReplyDelete
  22. ගම හාමිනේගෙ රෙසිපි එකේ අවුලක්? මලා දුමී ගෙදරින් කාල හමාරයි වගේ.
    අම්මෝ ඉස්සො ගැන නම් ඕන තරම් දේවල් මතක් වෙනවා. ඉස්සර අපේ මල්ලිටත් ඔය ඉස්සෝ අරහං. කෑවොත් අපි දොස්තරලා හොයන් දුවන්න ඕන. ඒකට දැන් ඌ බැරි වෙච්චටත් එක්ක අපිටත් නොතියා කනවා.

    ReplyDelete
  23. මම නම් කයි ඉස්සෝ... ඉස්සොත් කෑමක්ද අයියා. කටු විමානේ...

    අනේ අපේ ගෙදර ඉන්න වල් ශේෂන් කැමතිම කෑම තමයි ‍කොස්. කොස් ගහේ කොස් කඩන කොට වූ කෑගහනව..

    අයිය ලියනව නියමයි... ජය...

    මම
    සොදුරු සිත
    ෴වත්෴

    ReplyDelete
  24. හික් හික් හික්...බල්ලො දෙන්නට දස වද දෙනවා ඇති නේ පොඩි උන් දෙන්නා ? මරු කතාව..

    බල්ලො කිවම මතක් උනෙ..අපේ ගෙදර උන්නා පර්සියන් පුසෝ දෙන්නෙක්...අනේ ඊයෙ ඉදන් එකෙක් අතුරු දහන් වෙලා :(

    ReplyDelete
  25. පුහ්....
    බල්ලොන්ටත් ඉස්සො. ඉරිසියාවෙ බෙ අප්පා.
    අපි හොස්ටල් එකෙ ඉන්නකොට අපේ ප්‍රියතම කෑමක්නෙ ඉස්සො. කරවල කඩේ ඉන්න රතුම රතු පාට වේලිච්ච ඉස්සොටික තෙලට දාල ගන්නවා විනාඩි 5 ට. කැරපොත්තො වගේ ආසාවේ බෑ.

    එළ එළ අයියෙ...

    ReplyDelete
  26. බල්ලෝ දෙන්න නම් හරිම ලස්සනයි......

    බල්ලොන්ට කටු දෙන්න එපා කියන්නේ ඔය පුංචි අයගේ බඩවැල් තුවාල වෙන හන්ද......... දෙයියනේ කියල හැමදේම ඇලර්ජි මට ඒක තාම ඇලර්ජි උන්නෑ...........

    වන්දනා ගමනත් තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්නකෝ......

    ReplyDelete
  27. උඹලගේ ගෙදර ඩෑෂ්හවුන්ඩ් කෙනෙක් වෙලා ඉපදෙන්න නම් මොනවද කරන්න ඕනෙ පිංකම් ?..


    පට්ට.

    ReplyDelete
  28. අයියා ඉස්සෝ කිව්වම නම් කටට කෙලත් ඉනුවා.... හෙට අම්මට කියල ඉස්සෝ ගෙනත් කන්න ඕනේ.... අපිටනම් ඉතින් දෙයියන්ගේ පිහිටෙන් කිසිම ඇලජික් එකක් නෑ lolz

    ReplyDelete
  29. ගිහින් ඇවිත් ට්‍රිප් එකේ පින්තූර දාපන් අමතක නොකර . . . අහ් අර ගම හාමිනේගේ බැනුම් ඇහෙන්නේ නැති වෙන්න කනේ පුලුන් ගහගෙන ඉන්න පොටෝ එකකුත් ගම හාමිනේටම කියලා අරගෙන මූනු පොතේ දාපන් හොඳේ . . . හික් හික්

    ReplyDelete
  30. හප්පට සිරි.. එකෙක් මදිවට දෙන්නෙක්ම ‍ඉන්නවනේ.. වැඩිපුර තව ඉන්නවනං මං වගේ බලු ‍පිස්සෙක් එක්ක බෙදාගන්ඩ ‍කටයුතු කරන්ඩ දුමී අයියේ... :]

    ReplyDelete
  31. @හසිත මලේ,
    අපරාදේ උඹේ ඉස්සො කන්නෙ නැති ජීවිතේ . . . .

    @වැම්පි,
    බූවල්ලා මොන රහද ?

    @කංචු මලේ,
    ඔය ඇලජික් කිසි දෙයක් නෑ යතා කාලෙදෙ තෝසෙ කඩවල් වලින් කාල තිබුනනන්.

    ReplyDelete
  32. @ෂැඩොව්/හේමලයා ,
    ඒක තමයි මමත් දැනගත්තෙ මුන් දෙන්න ඉස්සො කෑවට පස්සෙ තමයි . . !

    @ෆා ,
    අනේද කියන්නෙ බං නගෝ, අපිත් එහෙම තමා ඉස්සර. බෙලි මිරක ගන්නවා ලොකු ඉස්සො හොයල, ලොකු මාලු කෑල්ලයි, කුකුල් මස් එකේ පීකුදු කෑල්ලටයි . . . ! බලාගෙන යනකොට මුන්ට කන්න හොඳ ඒවට වඩා කන්න හොඳ නැති ඒව තමයි වැඩි.

    @කුෂාන් ඇස්. වන්නිආරච්චි ,
    ඒක නං එල කතාව. "ඉස්සො නාකි වෙලා" . . . කමක් නැහැ . . . එහෙනං ඉතින් දරු මල්ලො හදා ගත්ත දවසට ෆුඩ් සිටි එකට එක්කං ගොහින් තරුණ ඉස්සෙක් දෙන්නෙක් පෙන්නන පුළුවන්නෙ !!

    ReplyDelete
  33. @තිසා,
    මචෝ, හැබැයි උඹ එදා දුකාලගෙ ගෙදරදි නදීශා නංගි හදපු, බැදපු තිලාපියො දෙතුන් දෙනෙකුටම වැඩේ දුන්න කියල වගේ මතකයි . . . ! හැබැයි අපේ ගම හාමිනේටත් බල්ලො අරහං . . . !

    @චේජනා ,
    නගෝ, හිනා උනාට කමක් නෑ වේලක් වත් නොකා ඉඳල තර වෙන එක නවත්ත ගන්න. නැතිනම් ආපහු අමුතුවෙන් ඇඳුන් මහන්න වෙයි.

    @RanDil,
    කියල වැඩක් නෑ . . . වටේටම මුහුද තිබිලත් හරියට ලංකාවෙ මාලු වල ගනන් ඇහුවහම හිතෙන්නෙ උනුත් මේ බොර තෙල් වගේ මැද පෙරදිගෙන් බැරල් ගානට ලංකාවට ගේනවා කියලයි.

    බොලං රන්දිල් නගේ, ලංකාවෙ තමයි බං හිටියෙ පහුගිය දොහේම . . . කොහෙද බොලා හිටියට නිකමටවත් කෑමකට වරෙං කියලවත් කියන එකක් යෑ . . . !

    ReplyDelete
  34. @හසියා, කුශාන්,
    බොහෝම ස්තුතියි සුභ ගමං ප්‍රාර්ථනා කලාට. කිසි කරදරයක් නැතිව ගොහින් ආවා. මම නං බැස්සෙ නෑ හැබැයි ගම හාමිනෙයි පොඩි එවුන් දෙන්නයි නං තිසා වැව මඩ කරල තමයි ආවෙ ඕං . . . !

    @priyantha.ඒබී ල
    අර මම කලින් කිව්ව වගේ නිසි කාලෙට තෝසෙ කඩවල් වලින් කාලා හොඳට බඩවල්, ඇඟවල් සීසන් කර ගන්න ඕනෙ. එතකොට විරේක බිව්වත් බඩ යන්නෙ නෑ . . . ! ගම හාමිනේගෙ රෙසපි මට අවුල් වෙන්නෙ නැත්තෙත් ඒක හිඳමද කොහෙද !!

    @වත් නගෝ ,
    උඹ ඉතින් පිට්ටු කකා හිටහං . . . ඉඳල හිටල හරි කූනිස්සෙක් වත් කාල බලහං වත් නගෝ කොච්චර රසද කියල . . . !

    @බනී මලේ,
    මම හිතුවෙ පර්සියන් හාවො දෙන්නෙක් කියලා . . . මොනව උනත් පූසන්ට පුළුවන් ආපහු ගෙදර හොයාගෙන එන්න කතරගම ගිහිල්ල අත ඇරියත්. බල්ලො දෙන්න නං පොඩි එවුන්ව දැක්ක ගමන් අන්තරස්ධාන වෙනවා . . . !

    ReplyDelete
  35. @AmilaArt,
    වැඩක් නෑ කියල . . . මොනව කරන්නද . . ? ඈ බං උඹ කැරපොත්තොත් කාල තියෙනවද ඉස්සො බැද්දහම කැරපොත්තො වගෙ කිව්වෙ !!

    @හා පැටික්කි ,
    මේ පිංතූරෙ ඉන්නේ අපේ ප්ලූටොයි බෲනොයි නෙමෙයි. උන් දෙන්න මීටා වඩ පොඩියි. හැබැයි මේ වගේම තමයි පාට ලා දුඹුරු. ඒ දෙන්නව මෙහෙම ලස්සනට තියල ෆොටෝ එකක් ගන්න තව සෑහෙන්න කාලයක් යයි. උන්ට නං පුදුම විසයක් තමා තියෙන්නෙ. ඔව් ඔව්, බඩවල් තුවාල වෙන එකයි, උගුරෙ හිර වෙන එකයි තමයි ප්‍රශ්නෙ. මම හිතන්නෙ ලොකු උනහම ඕන ජරාවක් කයි. . . :)

    @හෙළයා ,
    පත අට එකට හිඳවපු හොඳ කසිප්පු හැලියක් බීපන්. එතකොට නිකංම ඩෑෂ් හවුන්ඩ් . . . ! කෙලින්ම බිම දිගේ . . . . හි හි . . .
    වැඩක් නෑ බං ඩෑෂ් හවුන්ඩ් උනාම ඉස්සො ඇලජික් නේ . . !

    @පසන් තරිඳු ,
    ලඟ පාතක ඉන්නවනන් අපිටත් කියහං මලේ . . අපිත් එන්නං ඉස්සෙක් දෙන්නෙක් කාල යන්න . . . !

    @දුකා,
    හරි හරි හිටහං දාන්නං දාන්නං . . . !

    @Udara || උදාර මදුෂංක,
    කලින් හිටිය ජාති දෙකකට ක්‍රොස් වෙච්ච දඩෝරියෙක්. ඌව අම්මට ආං බාං කර ගන්න බැරි හින්ද මල්ලිගෙ යාලුවෙක්ට දුන්නා අවුරුද්දක් විතර වයස උනහම. ඌව මෙලෝ යකෙක්ට කන්ට්‍රෝල් නැහැ. අලියෙක් වගේ.

    ReplyDelete
  36. හුම්ම්ම්ම්... බූවල්ල නේද.. ඌගෙ නිකන් දැල්ලටයි බෙල්ලටයි අතරෙ රහක් තියෙන්නෙ. කොහොමද බොල රහක් කියන්නෙ..පොඩි බබල්ගම් ගතියකුත් තියෙනව. හප හප ඉන්න පුලුවන් ටික වෙලාවක්..!

    ReplyDelete
  37. පට්ට දූමී අයියා...
    :)

    ReplyDelete
  38. @ දුමී කළු අයියේ...
    මෙන්න වැඩක්. කවුද දන්නෙ නැහැ මගේ පිට්ටු පෝස්ටු එක දැකල පිට්ටු ගැන කවි පොතක් ලීවේ.( කවදාවත් කවි ලියල නැති කෙනෙක් එහෙම කවි ලීව එකත් කොච්චර හොදද) දුමී අක්කට පිට්ටු හදල දෙන්න කියල වද කරේ නවුද දන්නේ නැහැ...

    හිහ්... මම තරහ වෙයි මේවට... අනේ අනේ...

    හිතුව නේද පිට්ටු කාපූ කෙල්ල වගේ ඉන්න කොට ඔරොප්පු වෙලා තමයි කියල...

    ReplyDelete
  39. අද තමා මේ ඉස් ඉස්සරෝම මේ පැත්තේ ආවේ....

    නියම කතා ටික අයියේ...
    හිනා වෙල හිනා වෙල මගෙ බඩත් රිදෙනවා...

    ReplyDelete
  40. @වැම්පි,
    උඹ බීල ඉන්න කොට බයිට් එකටද බූවල්ලෙක්ව කෑවෙ . . . . හෆොයි . . . මොන හිතකින් කැවද මංද . . .! නොකා හිටියනං කේන්දරේ උනත් බලව ගන්න තිබුනනෙ . . . !

    @ Ansh ,
    Thanks ! නගෝ,

    @wath,
    කොහොමෙයි බං දන්නෙ උඹ මගේ මූන කළුයි කියල . . .? නගෝ මූන කළු උනත් පපුව සුදුයි . . . ! මම හරියටම දන්නෙ මගෙ ප්‍රියම්භිකාව වෙන මගේ ගම හාමිනේගෙ හිත ගැන විතරයි . . . . නංගි දාපු කමෙන්ට් එක ගැන ස්තුතියි. . . . මීට පස්සෙත් හිතට ගන්න මම ඉතින් කට කහන කතා ලියන දුමී අයියනේ . . . . . හිත රිදුනොත් මැසේජ් එකක් එවන්න . . .

    ReplyDelete
  41. මට මේක මග ඇරිලනේ බන්... ඉස්සො කිව්වම ඉතින් මගේ නම් ප්‍රියතම. බේසමක උනත් දෙන්නම් කො හි හි. කක්කුට්ටො දැල්ලො.. තව අර මට්ටි හප්පා....

    බලු පැටව් දෙන්න නම් එළ බන්... ඉරිසියයි හි හි

    ReplyDelete
  42. අමමට සිරි.. මගේ ප්‍රියතම කෑම ඉස්සෝ...

    ReplyDelete

Related Posts with Thumbnails