රඹුටන් සහ දුරියන්
Posted by
ඔන්න බොලේ රඹුටන් වාරෙත් ඇවිල්ලා. පේනවනේ මේ දවස්වල පාර දිගට රතු පාටටයි කහ පාටටයි බල්බ් දාල වගේ ලස්සනේ බැරුවා. හෙන කාලෙකින් රඹුටන් ගෙඩියක රහ බලන්නත් බැරිවෙච්චි එකේ මමත් ඉතින් ගියා රුපියල් 10කුත් අරගෙන රඹුටන් ටිකක් ගන්න. ගිහිල්ලා ඉල්ලුවා රුපියල් 10ක රඹුටන්. ඔය හම්බ උනේ. එක රඹුටන් ගෙඩියකුයි ඉතුරු රුපියල් 3කුයි. ගනන් ඇහුවහම එළොව රඹුටන් පේනවා. එක ගෙඩියක් රුපියල් 7යි. රුපියල් 100ක් දෙනවනම් ඔන්න රඹුටන් ගෙඩි 15ක් දෙනව කිසි ලෝබ කමක් නැතුව. ඉතින් මමත් අපරාදේ රඹුටන්නෙ කියල අතේ තිබුනු එකම රුපියල් 100 දීල රඹුටන් ගෙඩි 15ක් අරගෙන ගෙදර ඇවිල්ලා ගෙදර හැමෝටම ගෙඩි දෙක දෙක දුන්නා. එකක් දවල්ට කාල කන්න අනිත් එක රෑට කන්න කියල.
මගෙත් යාළුවෙක් ඉන්නවා මල්වානෙන් කසාද බැඳල. දෑවැද්දටත් රඹුටන් ගස් දෙක තුනක් හම්බ උනා කියලා තමා ආරංචිය. කොහෙද ඉතින් මේ දවස්වල කෝල් කරහමත් ආන්සර් කරන්නෙ නැහැ ගෙදර එන්න කියයි කියල. එනකොට ඉතින් රඹුටන් වල්ලක් දෙකක් ගේන්න වෙනවනෙ.
ඒවගේම දූරියන් වාරෙත් මේ අස්සෙම ඇවිල්ලානෙ. මමනම් දූරියන් කන්න ආස නැහැ. හැබැයි දූරියන් සුවඳට ටිකක් ආසයි. අර අලියා ජීවිතේට දූරියන් ගස් යටින් යන්නෙ නැහැ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා දූරියන් තියෙන පැත්ත පලාතකවත් යන්නෙ නැහැ. අපේ ගම හාමිනෙත් ඒ වගේ. දූරියන් පෙන්නන්න බැහැ.
හැබැයි පුදුමෙ කියන්නෙ අපි දෙන්නගෙ කුළුඳුල් දූ පොඩ්ඩ බඩට ආපු දවස්වල ගම හාමිනේට ඉස් ඉස්සෙල්ලම කන්න දොල දුක හැදුනෙ දූරියන්. මේ ඇවිල්ල දෙදාහෙ අවුරුද්දෙ මාර්තු හරි අප්‍රේල් වගේ කාලේ. ඉතින් මොන දූරියන්ද ? ෆුල් අවාරෙ. ඔන්න කජු පුහුලන් කන්නවත් දොල දුක හැදුනනං ඒත් එකක්. කොහෙද මේ දොල දුක කියන ඒවත් හැදෙන්නෙත් අපි වගේ තාත්තලටම දුක් දෙන්නම තමා. ඉතින් මමත් මොකද කලේ නුගේගොඩ ඉඳන් කිරුලපනට බස් එකේ ඇවිල්ල එතන ඉඳන් පයින්ම තුන් මුල්ලට යනකන් ගියා දූරියන් තියෙනවද කියල බලන්න. ඇයි ඉතින් දූරියන් තියෙනවනම් අනිවාර්යයෙන්ම තියෙන්නෙ හයි ලෙවල් පාරේ කිරුලපන ඉඳන් තුම්මුල්ල හරියට වෙනකන් පාර දෙපැත්තෙනෙ. ම්හ් . . මොන දූරියන්ද. ඉතින් ෆුල් අප්සෙට් එකේ තුන් මුල්ලෙ ඉඳන් ආපහු ගෝල් රෝඩ් එක පැත්තට ගියා. ඒත් නැහැ. දැන් ඉතින් කකුල් කඩෙත්තුවත් හැදිල දිවේ අන්තිම ටික ගිලෙන්න කලින් ඔන්න මෙන්න තියල ගියා මොනව හරි බොන්න කියල මිල්ක් හට් එකකට. එතකොට තමා මම ජීවිත කාලෙදි දැකපු සුන්දරම දේ දැක්කෙ.
මේන්න තියෙනවා දෙහි ගෙඩි දෙකක් විතර සයිස් එකේ දුරියන් ගෙඩියක් ඒ කඩේ විකුනන්න. ඇත්තටම ඒකෙ කටු නොතිබුනානන් දූරියන් කියල හොයන්නවත් බැරි තරම් සයිස් එක. මම හිතන්නෙ කලින් පාර දූරියන් වාරෙදි අතරමං වෙච්ච එකක්ද කොහෙද. ඊට පස්සෙ ගාන ඇහුවහම තමා දුරියන් ගෙඩියෙන්ම ඔළුවට ගැහුවනං හොඳයි කියල හිතුනෙ. රුපියල් 175 යි. ඒ දවස්වල හොඳ සයිස් එකේ දූරියන් ගෙඩියක් වෙන්නෙත් රුපියල් 75ක් විතර. ඉතින් මොක කරන්නද. අතේ තිබුන අන්තිම රුපියලත් හූරල හූරල දුරියන් ගෙඩියත් අරගෙන ආපහු බම්බල පිටියෙ ඉඳන් කළුබෝවිලට පයිංම ආව. අර තිබහට මොනව හරි බොන්න කියලනෙ ගියේ. ඒක බිව්වනන් දූරියන් ගෙඩිය ගන්න සල්ලි මදි වෙන හින්ද ඒ අදහසත් අත ඇරල දිව ගිලෙන්න නොදී හයියෙන් තද කරල අල්ලගෙන තමා ආවෙ.
දූරියන් ගෙඩිය දැක්ක විතරයි තව පොඩ්ඩෙන් ගම හාමිනේ ඒක කට්ට පිටින්ම ගිලිනවා. එච්චරටම තද දොළ දුකක් තමයි ඒක. බොහොම අමාරුවෙන් ඒක සුද්ද කරල දෙනකන් තියාගත්තා. සුද්ද කරහම තමයි දැක්කෙ යාන්තම් එක මදුලයි ඒකෙ තිබ්බෙ. ගම හාමිනෙත් ඒක ගත්ත ගමන් කාගෙන කාගෙන ගියා. එයා ජීවිත කාලෙටම අද වෙනතුරු කාපු එකම දූරියන් මදුල එච්චරයි. ඊට පස්සෙ අද වෙනතුරුත් ආපහු දූරියන් පයිත්‍යයං.
ඔන්න ඉතින් රඹුටනුයි දූරියනුයි මතක් වෙච්ච වෙලාවෙ මේවට සම්භන්ධ තව නෝටි කතාවකුත් මතක් උනා. දැන් මම කියන්න යන්නෙ ඒ නෝටි කතාව තමා. මේක නොකිව්වොත් මගේ කට කහන එක නම් නවතින එකක් නැහැ ඕං. ඔන්න නෝටි කතාවලට ආස නැති කට්ටිය මෙතනින් පල්ලෙහාට බලන්න එපා. මේ කතාව අහපු කට්ටියත් ගොඩක් ඇති. ඒ අයත් මෙතනින් පල්ලෙහාට කියවන්න එපා.
මතකනෙ චාල්ස් සහ ඩයනා. මේ දෙන්නා කසාද බැන්දෙ 1982 අවුරුද්දෙදිනෙ. මතකනෙ මුළු ලෝකෙටම සජීවී විදිහට මගුල පෙන්නුවා. ඉතින් ඕකට ලෝකෙම ඉන්න රාජ්‍ය නායකයන්ටත් ආරාධනා කරල තිබුනා. ඒ දවස්වල අපේ රටේ හිටපු ජනාධිපතිටයි, අගමැතිටයි තමයි ලංකාව නියෝජනය කරන්න ලැබුනෙ. ඉතින් මේ ගොල්ලන්ට මගුලට ආරධනා ලැබුනම දෙන්නත් එක්ක කතා උනා දැන් මොනවද චාල්ස්ටයි ඩයනටයි මගුල් තෑගි විදිහට දෙන්නෙ කියල. ඉතින් ඔන්න දෙන්නත් එක්ක කතා වෙනවලු මොනව දුන්නොත් හොඳයිද කියල. ඉතින් ලංකාව ප්‍රසිද්ධ තේ, පොල් රබර් වලටනෙ. ඉතින් අගමැතිතුමා කියනවා
"සර්, අපි හොඳවැයින් තේ කන්ටේනර් එකක් දෙමු" .
ඉතින් ජනාධිපතිතුමා කියනවලු,
"ඒක හරියන්නෙ නැහැ තේ සුද්දොම අපිට දීපු එකක්නෙ. අපි දෙන්න ඕන සුද්දන්ට එච්චර ලේසියෙන් හොයාගන්න බැරි දෙයක්" කියල.
ඉතින් රබර් ගැනයි, පොල් ගැනයි කතා කරල දෙන්නම තීරණය කලාලු ඒව හරියන්නෙ නැහැ කියල. ඊට පස්සෙ අගමැතිතුමා කියනවලු
"සර්, අපි හොඳ පළතුරු ජාතියක් දෙමු ඔය සුද්දන්ට එංගලන්තෙ දිහාවෙ හොයාගන්න බැරි ජාතියේ . . " කියල.
ඉතින් ජනාධිපතිතුමාත් මේකට කැමති වෙලා ඇහුවලු
"මොනවගේ පළතුරක් හොඳයිද අගමැතිතුමෝ ?" කියල.
අගමැතිතුමාගෙ ප්‍රියතම පළතුර දූරියන්ලු. ඉතින් අගමැතිතුමා ගත් කටටම කිව්වලු
"සර්, අපි දෙමු හොඳ දූරියන් ගෙඩි ලොරියක් විතර" කියල.
ඒත් කරුමෙට ජනාධිපතිතුමාට දූරියන් පෙන්නනවත් බැරිලු. පොර කියනවලු
"හපොයි ඒක හරියන්නෙ නැහැ, අපි දෙමු හොඳවැයින් මල්වානෙ පැණි රඹුටන් කූඩයක් දෙකක්" කියල.
ඒත් අගමැතිතුමා මේකට කැමති නැහැල්ලු. පොරට ඕනෙ කොහොම හරි දූරියන්ම ගෙනියන්නලු. කොහොමෙන් කොහොම හරි දෙන්නත් එක්ක වාද විවාද වෙලා අන්තිමට ජනාධිපතිතුමා කිව්වලු
"ආයේ කතා දෙකක් නැහැ . . . අපි අරගෙන යන්න ඕනෙ රඹුටන්ම තමයි " කියල.
ඉතින් විධායක ජනාධිපති තුමා එහෙම කිව්වහම ආයේ අගමැති තුමාට නෝ චොයිස්නෙ. පොරත් අකමැත්තෙන් කැමති වෙලා ඔන්න දෙන්නම රඹුටන් කූඩ තුන හතරක් අරගෙන ගියාලු මගුල් ගෙදර යන්න කියල.
ඉතින් මගුල දවසෙ විශේෂ අරාධිතයො අළුත් යුවලට තෑගි දෙන අවස්ථාව ආවලු. ඉතින් මුළු ලෝකෙම රාජ්‍ය නායකයො ලොකු ශාලාවකට රැස් වෙලා එක එක්කෙනා ගෙනාපු තෑගි නව යුවලට පිරිනමනවලු. එංගලන්තෙ මහ රැජිනත් මේ අවස්ථාවට සහභාගිවෙලා බලාගෙන ඉන්නවලු මොනවද මේ අමුත්තො දෙන තෑගි බෝග එහෙම කියල.
ලංකාවෙ වගේ නමෙයිනෙ ඒ රටවල්. දෙන තෑගි ඒ වෙලාවෙම හැමෝම ඉස්සරහ ඇරල බලනවනෙ. ඉතින් ඇමරිකාවෙ ජනාධිපතියි, අගමැතියි ඇවිල්ල දුන්නලු අළුත්ම අළුත් "රෝල්ස් රොයිස්" කාර් එකක්. ඊට පස්සෙ තව රටකින් දුන්නලු දියමන්ති ඔටුන්නකුයි, මාල, කරාබු මහ ගොඩක්. ඔය වගේ ඉතින් අනිත් රාජ්‍ය නායකයොත් හරිම වටිනා දේවල් තමයිලු තෑගි විදිහට දීල තියෙන්නෙ.
ඔන්න ඉතින් අපේ රටේ වාරෙ ආවහම ජනාධිපති තුමයි, අගමැතිතුමයි රඹුටන් කූඩ දෙකක් උස්සන් ගිහිල්ල සභාව ඉස්සරහින් තිබ්බලු. ඉතින් චාල්සුයි ඩයනයි මේ මොනාද බොලේ මේ කියල බලන්න කූඩ දෙක ඇරියලු. බලනකොට රඹුටන්වල ඉඳල කළු කූඹි රොත්තක් චාර්ල්ස්ගෙයි ඩයනගෙයි මුළු ඇඟේම ගියාලු. මේක දැකපු මහ රැජිනට හොඳටම කේන්ති ගිහිල්ලා ලඟ හිටපු රාජ පුරුෂයෙකුට (ඔව් ඔව් එහෙත් ඉන්නවනෙ රාජ පුරුෂයො ) කිව්වලු මේ ගෙඩි අරන් ගිහිල්ල මුන් දෙන්නගෙ පස්ස පැත්තෙ ගහපල්ල කියල. ඉතින් ඔන්න එංගලන්තෙ රාජ පුරුෂයොත් රාජ අණ ඉටු කරන්න ජනාධිපතිවයි, අගමැතිවයි, රඹුටන් කූඩ දෙකයි අරගෙන ගියාලු කාමරයකට. ඔන්න ඉතින් දෙන්නව දෙකට නවල රාජ පුරුෂයො රඹුටන් ගෙඩිය ගෙඩිය මාරුවෙන් මාරුවට දෙන්නගෙම පස්ස පැත්තෙ ගහනවලු. ටික වෙලාවක් ඔහොම ගහ ගහ යනකොට දැන් අගමැති තුමාට කෙඳිරිත් ගෑවෙනවලු.
ඒ අස්සෙ ජනාධිපති තුමා බක බක ගාල හිනා වෙනවලු. ඉතින් අමාරුවෙන් අගමැතිතුමා අහනවලු,
"සර්, මොකද මේ හිනාවෙන්නෙ, මට නම් මේ ඉන්න බැරිව ඉන්නවා " කියල.
ඒ පාර ජනාධිපති තුමා ඇහැව්වලු . . , "අගමැතිතුමෝ, . . . කොහොමද අපි දූරියන් ගෙනාවනන්"
This comment has been removed by the author.
ReplyDeleteබලාන ගියාම ඔය දොල දුක කියන කේස් එකත් ලේසි නැහැ නේද? දූරියන් ලංකාවේ තියෙන පළතුරක් නිසා හොඳට ගියා.. කොහොමද බැරි වෙලාවත් ටීවී එකේ දැකපු වෙන රටක කෑමක් එහෙම කන්න ඕනි උනොත් එහෙම? කාලා හමාරයි නේද?
ReplyDeleteනියමයි අයිය... හැමෝම කියනව වගේ ඔයා ලියන ස්ටයිල් එකනම් මරු..... මේ කතාවත් මරු..... හැබැයි මට මෙහෙමත් හිතුන. චුට්ටක් හිතන්න අර "නෝටි කතාව" මුලින් ලියල, ඊට පස්සෙ මුලින් ලියපු කතාව දෙවෙනියට ලියුවනම් මුලු ලිපියම කියොගෙන යද්දි අවසානය කිට්ටු වෙනකොට ලිපියේ අවසාන හරිය ගැන අපිට මොනව හිතෙයිද........
ReplyDeleteරඹුටන් වැයින් හොඳට ගියා... අම්මප දොළ දුක කියන්නෙ මාර එකක් නෙව..
ReplyDeleteපට්ටම පට්ට...අපරාදෙ දූරියන් වලට වඩා ආතල් එකක් හම්බුවෙනවා අන්නාසි එහෙම ගෙනිච්චානම්.......:)
ReplyDeleteලොල්z....එච්චරම නෝටිත් නෑ..
ReplyDeleteගෙඩියක් රු. 7 ක් ? අපෙන් ගන්නෙ 2.50 ට
ReplyDeleteදුමි අයියා ..උඩ කතාව කියවගෙන එදිදි..මට යට නොටි කතාව මතක් උනා...
ReplyDeleteහේ.....
ලෝල්....
අහ් දූරියන් සහ රඹුටන් පේරේතයෙක් නොවැ මම....දෙනවනම් කන්නම් ගමකට....මම නම් දූරියන් කන්නැති කෙනෙක්ට කවදාවත් දුරියන් කන්න පුරුදු කරන්වත්,කැමැත්තක් ඇති කරන්නවත් හදන්නැ.ඒ තියෙන පෙරේත කමේ මහත තමයි....හික්ස්....
ReplyDelete@ හේමලයා....
බැරි වෙලාවත් කොස් ගෙඩියක් ගෙනිච්චනම් කොහොම ආතල් එක්ක තියේවිද...... හික්ස්.
අපොයි දොල දුක් ගෑන නම් කතා කරල වෑඩක් නෑ ඉල්ලන්නෙම ලේසියකට හොයගන්න බෑරි දේවල් නෙ.....................
ReplyDeleteපොසොන් පොය දවසේ දන්සල කින් බත් ගේන්න මන් උඹට වඩා කට්ටක් කෑවා කරුමෙට එදා කොලඹත් නෙවේයි නෙ හිටියෙ.
දොල දුක කියන්නෙත් බලාගෙන ගියාම මාරම දුකක් තමයි!
ReplyDeleteපට්ට කතාව මචෝ!!
දොළ දුක කියන්නේ ඇත්ත එකක්ද ? මම හිතුවේ බොරු කියල.. අනේ පවු අයිය... හොයන්න කොච්චර මහන්සි වුනත් ගමහාමිනේ පෙරේත විදිහට එකම එක කොටස ගිලින හැටි දැක්කම ඒ මහන්සිය නිවන සිහිල් සුළං රැල්ලක් වගේ හිත සතුටින් පිරෙන්න ඇති නේද අයියා..
ReplyDeleteඇත්තද දන්නෙ නැහැ සමහරු කියනව දොළ දුක කියන්නේ ඒ කාලෙට තමන්ට තියෙන අවධානය වැඩි කර ගැනීමේ එක ක්‍රමයක් ලු...
ඒත් ඉතින් අයියගේ ගමහාමිනේ නම් නොකම ජාතියකට මේ තරම් දොළ දුක දැනුන කියන්නේ දොළ දුක කියන දේ ඇත්තම වෙන්න ඇති...
බලමු .. මටත් දවසක හැදෙයි නෙව ඔය දුක..
දූරියන් නම් මම ආසම කෑමක්... හැබැයි කෑවට පස්සේ ගෙදරටම වෙලා ඉන්ට වෙන එක තමා අවුල.... ඇයි පැය භාගෙන් භාගෙට උගුරට එද්දි සුවඳ හමා ගෙන යනවනෙ මෙං් මූ දූරියන් කාල ඉන්නේ කියන්ට වගෙ....
ReplyDeleteකතාව නම් අහලා තිබ්බා.
ReplyDelete:)
මරු..!
දූරියන් මම කවදාවත්ම කාලා නැහැ. හැමෝගෙම මෙතෙක් ලද ප්‍රතිචාර වලට අනුව ඒක කන්න බැරි දෙයක් කියලයි මම නම් හිතාන හිතන්නේ.
@ Ansh Lucky Sri Jay
ReplyDeleteඑක දවසක් හරි කාල බලන්න.. මම නම් හරි ආස කෑමක්. ලේසියෙන් ගන්නත් බැහැ. දැන් ගෙඩියක් 150, 175 යි...මේ පැත්තේ ..අදත් මම එකක් ගත්ත. ඔපිස් එකට ආව වෑන් එකකින්.
රඹුටන් නං ෂේප්. මටත් දූරියන් නං පේන්න බෑ. දොල දුක නං කමක් නෑ... මේ නිකනුත් කෙල්ලන්ට රඹුටං දුක හැසෙන එකනෙ වැඩේ... කවුරුවත් දැක්කද දන්නෑ මේක... ;)
ReplyDeleteදොල දුක නිසා කාපු කට්ටක්. ඒත් ඒ දූරියන් ගෙඩිය පවුල් සංස්තාව ආසවෙන් කාපු හැටි දැක්කම පයින් ඇවිද්ද ටික මොනාද කියල හිතෙන්න ඇතිනෙ බන්... ??
ReplyDeleteදූරියන් නම් මට වච්චයි.
රබුටන්.... අනේ ඇත්තට මොකට මතක් කරාද බන්...
මම නං ඔය දෙකටම හෙන ආසයි. දුරියන් එල කෑමක් නෙ බොලව්..අර මෙව්ව ශක්තියටත් එල. ටෙන්ට් ගහගෙන පොල් ගනින්න පුලුවන්!!
ReplyDeleteසිනා සාගරයයි ... උඩින් කතාවට වගේද දෙවෙනි කතාව :D
ReplyDeleteසුප්පා කථාව..කවුද ඒකාලෙ ජනාධිපති jR වෙන්නැති නේ. හි හි
ReplyDeleteරඹුටන් නම් කනව. දූරියන් නම් ගඳ ඉවසන්න බෑ මට.........
ReplyDeleteඅනේ මංද කට්ටිය කෝම කනවද කියල........
තාත්ති දවසක් ගෙනල්ල සතියක් විතර නරක් කරලම විසික් කරා. අඩු ගානේ ගෙදර ඉන්න ලේනටවත් දුන්නෑ..............
අහ් නාවින්න පහු කලහම මහරගම පැත්තට වෙන්න, වත්තේ ගෙදර බාර් එකට අල්ලපු පලතුරු කඩේ අනිවා දූරියන් ඇත...
ReplyDeleteපලතුරු කඩයට පමණක් ගොස් ඒම ඔබගේ වගකීමයි..!
පව් බං මට හෝස් ගාල ගියා එහෙම කිව්වහම...
අපේ අම්මා කියන හැටියට එහෙම කෙනෙකුට ඒ වාගේ දෙයක් සොයලා ගිහින් දෙන එක බොහොම ලොකු පිණක් ලු...
මචන් මේ පාරත් ඌෂානි දූරියන් ඉල්ලනවද . . එහෙනම් ෂුවර් එකට ම මේ පාරත් කෙල්ලෙක් . ... හුරේ . . . .
ReplyDeleteදුකා, බොලානං වැඩ කනවා. . . . . . රොයිටර් පරාදයි . . . . !
ReplyDeleteපුකෑස්...පුහ්..පුහ්..පුහ්...උවාහා..හහ්..හා...ආ....
ReplyDeleteඔන්න අපේ හාමිනෙත් දූරියන් වලට ආස නැහැ කියලා තමා කියන්නේ... මම නං කන්ට ආසාවෙන් ඉන්නේ.. ඒත් තාම හම්බවුණේ නැහැ...
ReplyDeleteදොලදුක් කට්ට නං මම තාම කෑවේ නැහැ.... ලඟදි කන්ඩ වෙන හැඩක් තමයි තියෙන්නේ....
me thissa aiyya palathuru kade gana hondata dannawa wage..... palathuru gannada giye nathnam?????????
ReplyDeleteapoi ow eke nam ona jathiyaka palathuru thiyenawa thama
දූරියන් නම් කාලාත් නෑ..ඒත් කන්න හිතෙන්නෙත් නෑ. සුවඳනම් මරු. රඹුටන් නම්, අම්මේ මදි නොකියන්න කන්න පුළුවන්.ඊට පහලින් ඇති නෝටි කතාව නම් කියෙව්වේ නෑ ඕං.. නිකන් බැලුවා විතරයි.. හිහි
ReplyDeleteman agamathi kathawa ahala thiyenne apaye yama rajata duuriyan & rambutan aran giya kathawak widiyata! :)
ReplyDeleteපට්ටයි හොඳේ....
ReplyDeleteමේ මේ මේක මේ ඉස්සර කාලේ ජේ ආර් ටයි පේමදාසටයිත් උනා කියලා කියනවා නේද අෑ
ReplyDelete