ලයිසොං කතා
Posted by
ඔන්න මගේ ගම හාමිනේ හා හා පුරා කියල ඊයේ ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස් උනා. පහු ගිය ජූනි මාසෙ ලංකාවට ආපු දවසෙ ඉඳන් එයාගේ තිබුනු ලොකුම ප්‍රොජෙක්ට් එක තමයි ඒ. හැබැයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ නිවාඩුවට ආපු ගමන් තමයි. එතකොට යන්තම් ලියන විභාගෙ විතරයි ඉවර කර ගන්න පුලුවන් උනේ. මේ පාර ආවහම තමයි මාසයක්ම එලවන්න පුරුදු වෙලා ඊයේ යාන්තන් ටෙස්ට් එක පාස් උනේ.
පහු ගිය දවස් වල ඔය නුගේගොඩ, අතුරුගිරිය, මාදිවෙල එහෙම පැතිවල නයෙක් වගේ පාර පුරා වෑන් එකක් යනව දැක්කනං ෂුවර් එකටම ඒ අපේ ගම හාමිනේ එළවන්න පුරුදු වෙනව. කොහොමෙන් කොහොම හරි ඉතින් එයත් ලැයිසොං එක ගත්තා කියමුකො, හැබැයි ඔන්න මීට පස්සෙ පාරෙ තොටේ යනකොට සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම කළුබෝවිල, දෙල්කඳ නුගේගොඩ වගේ පැතිවල. වාහනයක් ඇඟට ආවොත් ගහකට හරි නැගල බේරෙන එක තමයි තියෙන්නෙ ඕං පස්සෙ මට එහෙම දොස් නොකියා.
ඉතින් ඊයේ දවස ගම හාමිනේගෙ ට්‍රයල් යන දවස නිසා මමත් ගියා එයාගේ තනි රකින්න. දවල් 12 ට විතර එතනට ගියත් ඉඳල ඉඳල ට්‍රයල් එක ගියේ 3 ට විතර. එහෙම යනකොට ඉතින් රොත්තක්ම අරගෙන යනවනෙ. ඒ ඔක්කොගෙම ට්‍රයල් ඉවර වෙන්න පැය දෙකක් විතර ගියා. මටත් ඉතින් වේලි වේලි ඉන්න වෙච්ච් හින්ද එතන හිටපු පොඩි එකෙක් එක්ක සෙට් වෙලා සරුංගලයක් ඇර ඇර හිටිය ඒ ගොල්ලො එනකන්. ඔහොම ඉන්න කොට මට මතක් උනා මේ ඩ්‍රයිවින් ලයිසොන් ගැන මරු කතා ටිකක්.
ඉස්සෙල්ලම මට මතක් උනේ මම ඔය ලැයිසොන් එක ගන්න ගිහිල්ල මටම වෙච්ච හුට පටයක්. මම ගොඩක් පොඩි කාලේ ඉඳන්ම වාහන එළෙව්වට ලැයිසොන් එක ගත්තෙ ගොඩක් පහු වෙලා තමයි. හරියට කිව්වොත් 2000 අවුරුද්ද වගේ තමයි මට මතක. මාත් එක්ක තව මගේ යාළුවෙකුත් සෙට් උනා මේකට. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕනෙ ඇප්ලිකේසොං එක දාන එකනෙ. මේකට ඉතින් මෙඩිකල් එකකුත් කරන්නත් එපැයි. ඉතින් ඔන්න අපේ ඔෆිස් එකේ හිටපු යාළුවෙක් අඳුරන කිරුලපන පැත්තෙ හිටපු ඩොකෙක් ගාවට ගියා මෙඩිකල් එකට. ඩොකා ටිකක් වයසක දෙමළ පොරක්. නුගේගොඩ තියෙන සී.ටී.බී එකේ ඩ්‍රයිවින් ස්කූල් එකේ හිටපු මෙඩිකල් ඔෆිසර් තමයි පොර. ඒ වෙනකොට ඩොකා ඒකෙන් විශ්‍රාම අරන් ක්ලිනික් එකක් දාගෙන තමයි හිටියෙ. එහෙම මෙඩිකල් එකක් මගේ ජීවිතේට කරල නැහැ. ඇස් ටෙස්ට් කරන්න තියෙන ඔක්කොම ක්‍රම වලට පොර ඇස් ටෙස්ට් කරා. දුර ඉඳන් එක එක සයිස් රූප, ඉන්ග්‍රීසි අකුරු, සිංහල අකුරු පෙන්න පෙන්න ඇස් ටෙස්ට් කරා. අපි බයේ හිටියේ මූ දෙමළ අකුරුත් පෙන්නයිද කියල. ඒ ටෙස්ට් කිරිල්ලට තව පොඩ්ඩෙන් අපේ හොඳට තියෙන ඇස් දෙකත් පොට්ට වෙනවා. ඊට පස්සෙ කන් ටෙස්ට් කලා. එක කනකට පුළුං කෑල්ලක් ගහල අනිත් කනට රහසින් මොකක් හරි කොඳුරනව. ඊට පස්සෙ අහනව මොකක්ද කිව්වෙ කියලා. ඊට පස්සෙ පොර හිටපු බිල්ඩින් එකේ පඩි පෙල නග්ගල බැස්සෙව්ව කකුල් වැඩ කරනවද කියල බලන්න. ඊට පස්සෙ ඩිප්ස් 10ක් ගැස්සුවා හතිය තියෙනවද බලන්න. මම හිතන්නෙ ආමි එකේවත් මෙහෙම මෙඩිකල් ටෙස්ට් එකක් කරන්නෙ නැතුව ඇති. හවස 6ට විතර පටන් ගත්ත අපි දෙන්නගෙ ටෙස්ට් එක ඉවර උනේ රෑ 10ට විතර. ඉතින් හිතා ගන්න පුළුවන්නෙ.
ඉතින් අපිත් ඩොකා දුන්නු මෙඩිකල් රිපෝට් එකත් අරගෙන ගියා වේරහැරට. ගිහිල්ල ඇප්ලිකේසොං එක දුන්නැයි කියමුකො. ඒක ගත්ත කවුන්ටරේ එකා කියපි මේ මෙඩිකල් එක බාර ගන්න බැහැ මොකද මේ ඩොකාට එම්.බී.බී.එස් නැහැ කියල. බලාගෙන යනකොට ඒ ඩොකා ඇපෝතිකරියෙක්. ඒ කියන්නෙ සහකාර වෛද්‍යවරයෙක්. පස්සෙ කවුන්ටරේ හිටපු පොර කියනව අර අතන පාරෙ අහවල් තැන ඉන්නව ඩොකෙක් එයාට කියල මෙඩිකල් එකක් අරගෙන එන්න කියල. ඉතින් අපිත් ගියා බලන්න. ඔන්න ඉතින් කියපු තැන පොඩි කඩයක් ඇතුලේ පුටු කබලක් තියාගෙන ඉන්නව අවුරුදු 30ක 40ක විතර පොරක්. අපි ගියහම ඌ "ආහ් මල්ලි අයි.ඩී එක දෙන්නකො" කියල මෙඩිකල් කොලේ පුරවගෙන පුරවගෙන ගියා. ඊට පස්සෙ "රුපියල් සීයයි" කියල ඒක දුන්නා. අඩු ගානේ ඒ යකා මුන්ට ඇස් දෙකක් තියෙනවද කියලවත් ඔළුව උස්සල බැලුවෙ නැහැ. ඇප්ලිකේසොං කවුන්ටරෙනුත් කිසිම ගින්නක් නැතුව ඒක බාර ගත්තා. අර කලින් ඩොකා අපිට දස වද දුන්නත් ෆුල් සිස්ටමැටික් විදිහට ඔක්කෝම හරියටම ටෙස්ට් කරල දීපු මෙඩිකල් එක මුන් බාර ගත්තෙ නෑ. අර කොහේද ඉන්න හොර සීල් එකක් තියාගෙන මෙඩිකල් කොල විකුණන එකාගෙ රිපෝට් එක ගේමක් නැතිවම බාර ගන්නවා. අපි දෙන්නත් ඉතින් "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ ඒ අමාරුව" කියල ඇප්ලිකේසොං එකත් බාරදීල ආව.
ඒ දවස්වල ට්‍රයල් ගිය ගමන් පාස් උනානන් ඒවෙලාවෙම ටෙම්පරරි ලයිසං එක ලියල අතට දීල තමයි එග්සැමිනර් වාහනෙන් බහින්නෙ. මේ කතාව මට කිව්වෙ මගෙ යාළුවෙක්. ඌ දන්න පොරක් ලයිසන් එක ගන්න ට්‍රයල් ගිහිල්ල. ඒත් පොරට එච්චරම එළවන්න බැහැල්ලු. අර වමට සිග්නල් දාල දකුණට හරවන ජාතියේ ගෝතයෙක්. තුන් හතර සැරේකට වැඩිය ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙනත් නෑ. ඉතින් පොර ට්‍රයල් යන්න සෙට් වෙලා එග්සැමිනර් අවිල්ල වාහනේ අනිත් පැත්තෙන් නැග්ගලු. අපේ පොර මොකද දන්නවද කරල තියෙන්නෙ, පට ගාල පර්ස් එකෙන් රුපියල් දාහක් අරගෙන එග්සැමිනර් ඉස්සරහම ඒක ලියුං කවරයක දාල වාහනේ ඩෑෂ් බෝඩ් එක උඩින් තිබ්බලු. ඊට පස්සෙ ඔන්න දෙයියනේ කියල දැන් වාහනේ එහෙම ස්ටාර්ට් කරගෙන ගස්ස ගස්ස යනවලු. හිටපු ගමන් ක්ලච් එක එහෙම පාගන්නෙ නැතුව ගියර් මාරු කරන්න ගිහිල්ල "බ්‍රාස්. . . . . " ගාල සද්දයක් දෙකක් එහෙමත් එන්නෙ නැතුවත් නෙමෙයිලු. කොහොමෙන් කොහොම හරි කිලෝ මීටෙරයක් විතර ගියාට පස්සෙ එග්සැමිනර් අයිනට කරල නවත්තන්න කියල ලියුම් කවරෙ දිහා බලාගෙන මූට "හරි පාස්" කියල කොලේ ලියල දුන්නලු. මූ මොකද කරේ "තෑන්ක් යූ සර්" කියල ලියුම් කවරෙ අරගෙන ආපහු සාක්කුවේ දාගත්තලු.
පිස්සුම පිස්සු බං... හයියෝ හිනා කාලා මැරෙනවා...උඹේ ලියන ස්ටයිල් එකනං එල...!!
ReplyDeleteතැන්කූ . . තිසා මචෝ . . .මොකෑ මේ මහ රෑ ඇහරගෙන . . . ජප්පො තව රෙපෝට් එකක් ඉල්ලුවද ?
ReplyDeleteකිවුවත් වගේ අයිය ලියන ස්ටයිල් එකනම් නියමයි. හැබැයි ගම හාමිනේ ගැන ලියපු දේවල් එයා කියවල බලල ලඟදීම අයියගෙ බ්ලොග් අඩවියෙ ලයිසොන් එක කැන්සොල් කොර ගන්නව මට හිතෙන විදිහට......!!!!
ReplyDeleteතැන්ක් යු වේවා කංචු මලේ . . . ඔව් ඔව්, තවම ගම හාමිනේගෙ ඇහැ ගැටුනේ නැහැ මේක . . . කෝකටත් හෙට හෙල්මට් එකක් දාගෙන තමයි ඉන්න වෙන්නෙ.
ReplyDeleteඅපෝ ලෙර්නර්ස් එකක් හරහ යනවනම් අමුතුවෙන් සල්ලි තියන්න දෙයක් නෑ.උන් දොල පිදේනියත් එක්ක තමා අයකොරන්නේ....ගියර් එකේ තියෙද්දි ස්ටාර්ට් කෙරුවත් ටෙස්ට් එකක් ගොඩ.....:D
ReplyDeleteරස වෑහෙන පොස්ට් එක. නියමයි. මේක කියෙව්වහම මම අහපු ලයිසන් කතා ගොඩක් මතක් වෙනව.
ReplyDeleteඔය ඩ්‍රයිවින් පුරුදුවෙන කාලේ මගේ යාලුවෙක්ට වෙච්ච රස කතාවක් මතක් උනා.
දවසක් මගේ මිත්‍රයා එලවගෙන යනවාලු. ඩ්‍රයිවින් පුරුදුකරන ගුරුතුමා ඉස්සරහ අනිත් සීට් එකේ. ඔහොම යද්දි ගුරුතුමා එක පාරටම කිව්වලු
"අන්න අර ඉස්සරහයින් පේන පාරෙන් හරවන්න ඔනේ, අත එලියට දාලා සිග්නල් එක දෙන්න....." කියල.
කොල්ලා ඉතින් දකුනු අත එලියට දාලා සිග්නල් එක දෙනවලු.
ඒත් එක්කම කිව්වලු "දැන් ගියර් එක අඩුකරන්න" කියලා.
අපේ යාලුවත් වම් අතින් ගියර් මාරු කරනවලු...
එතකොට ගුරුතුමා අහනවලු
"දැන් එතකොට ස්ටීරියන් වීල් එක අල්ලගන්නෙ තමුසෙගෙ බාප්පද?" කියලා.
මොකද අපේ මෑන්ස් දකුනු අත එලියට දාගෙන තවම සිග්නල් දෙනවලු.
අපිට ඔය කතාව කිව්වෙ තවත් යාලුවෙක්. මිනිහ ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නෙ පිටි පස්සෙ සීට් එකේ. දෙන්නම එකට තමයි ඩ්‍රයිවින් පුරුදුවෙන්න ගිහින් තියෙන්නෙ.
මට වෙච්ච දේවල් නන් කියන්න යන්නෙ නෑ ඕන්.....
මම 8 නොගහ මෝටර් සයිකල් ලයිසන් ගත්ත විදිහත් කියන්නෙ නෑ ;)
කතා ටික නියමයි. මටත් ලැයිසොං කතා කීපයක්ම මතක් වේලෙන එනවා ඔන්න.
ReplyDeleteගම හාමිනේට මගේ සුභ පැතුම්. (මෙලහකටත් දුමීගෙ ලැයිසොං කැන්සල් කරලානම්, මේ සැරේට සමාව දීලා දිගටම බ්ලොග් ලියන්න දෙන්න කියලත් ඉල්ලනවා...)
මේක ඉතින් ලංකාවනොවැ... ටෙස්කෙරිලි ගැන අහන්න දෙයක් නෑ...
ReplyDeleteගම හාමිනේ මේක කියවු පසු නගින්න ගහක් හොයාගෙනද තියෙන්නෙ?
ReplyDeleteඑල එල
ගම හාමිනේගෙන් හම්බෙයි සම්බුව මේක දැක්කොත්
ReplyDeleteමේක කියවද්දි මට මතක් උනේ මගේ මෙඩිකල් එක. මම ගියේ කිරිබත්ගොඩ හන්දියෙම තිබුනු ලර්නර්ස් එකකට. කොහොම හරි ට්‍රයල් යන දවසෙ උදේ ලර්නර්ස් එකට ආව ගමන්ම මෙඩිකල් රිපෝට් එකක් අතටම ලැබුනා, තොරණ හන්දියෙ හිටපු පලාතෙ ප්‍රසිද්ධ ඩොකෙක්ගෙන්. මම මෙඩිකල් ටෙස්ට් එකකට යනවා තියා එහෙම එකක් ගන්න ඕනෙ කියලවත් දැනගෙන හිටියෙ නෑ :D
ReplyDeleteමේ මචා... ගම හාමිනේ ඩිවෝස් කේස් එකක්වත් ෆයිල් කරයිද දන්නෑ... අරූ 1000 කොලේ ආපහු ගත්තලුද බං. පට්ට බුවෙක්නේ... එළ එළ...
ReplyDeleteනියම ලයිසොන් කතා ටික. ගමහාමිනේටත් සුබ පතනවා....
ReplyDeleteමටත් තියෙනවා ලයිසන් කතාවක්. ඉස්සර අපේ සීයට තිබුනා ලයිසන් එකක්. ඒ කාලේ ලයිසන් එක ගණකම රතු පාට රෙදි කවරයක් තියෙන පොඩි පොතක් වගේ එකක්. ඒක දිග ඇරියම වම් පැත්තේ පොස්ටල් I.D.එකේ විතර සයිස් පින්තූරයකුයි අනික් පැත්තේ තව මොනවද ලියලා තිබුනා කියලයි මතක.
සීයා නැති වෙලාවට එයාගේ කාමරේට රින්ගලා ලාච්චු අල්මාරි හොරෙන් අරින එක අපේ සිරිතක්. මොකද ඒවා ඇතුලේ පොඩි නොට් පොත්, ලස්සන පැන්සල් පරණ මුද්දර එහෙම තියෙනවා. ඉතින් ඕවා අවුස්සනකොට තමයි ලයිසන් එක හම්බුනේ. අපි දන්නේ නෑ ඒක ලයිසන් එකක් කියලා. අනික ඒක තත්තාගේ එකට වඩා වෙනස්. ඒකෙ තිබුනේ සීයගෙ තරුණ කාලේ පින්තූරයක්. අපේ අයියා ඒකෙ පින්තූරෙ ගලවලා අරගත්තා. ඒට පස්සෙ ඒකට එයාගේ පින්තූරයක් ඇලෙව්වා. අපි එක තියා ගත්තා අපිට සෙල්ලම් කරන්න. අර හොරා පොලිස් කරන කොට පොලීසියෙන් පැනලා ID එක පෙන්නලා වෙඩි තියාගෙන හොරාව අල්ලගෙන යන්නේ. ඒ සෙල්ලම කරන්න. ටික දවසයි සෙල්ලම් කරන්න ලැබුනේ ඒක අහු උනා ඉහල උසාවියෙ නඩුවක් ගොනු කරලා දැඩි දඩුවම් ලබා දුන්නා, අපේ සීයගෙ තරුණ කාලේ එකම පින්තූරේ නැති කිරීම සහ ලයිසන් එකේ බලිකුරුටු ඇදීම යන චෝදනා වලට.
දුමියට ලඟදිම බ්ලොග් ලයිසන් කැන්සෙල් වෙයි වගේ.... හි හි
ReplyDeleteමොකක්ද බන් ඔය මෙඩිකල් කතාව... මට මතක නැහ නොවැ. ලයිසොන් එක නම් ගත්ත හුඟ කාලෙකට කලින්.
මමත් මේ අන් සියලු පාඨකයොත් වහ වැටිලා ඉන්න උඹේ මේ අපූරු ලිවීමේ රටාව හැමෝම කියනවා වගේ මැක්සා මචන් . . . . සිරාවට . . .
ReplyDeleteඅහ් මට මඩ ගහන්න ගිහින් එක පාරක් වැඩේ දෙල් වෙලා අනිත් පැත්ත පෙරලුනා වගේ මෙන්න මට හොඳ අවස්තාවක් . .. අර අපේ උන්දැට කේලම් කියලා මට ගේම දෙන්න හදපු එකට රිටර්න් එක දෙන්න නියම චාන්ස් එක . ..
හිටු මම ඌෂානිට කියන්න උඹ කිව්ව කියලා නුගේගොඩ පැත්තේ අයට පරිස්සමින් ඉන්න කිව්ව කියලා . . . හික් හික්
හාමිනේගෙ ලැයිසොන් කතා ලියන්ට ගිහිල්ල දුමී අයියගෙ කෑම ලැයිසොන් එක අවලංගු වුනේ නැතෙයි...
ReplyDeleteමමත් එකපාරක් මෙඩිකල් ගත්තේ මගේ යාළුවෙක් ගෙන් නිකන් මේවා මේවා නෑනේ කියල දුන්නා. දෙවෙනි පාර අළුතින් එකක් ඇඩ් කරලන්න ලර්නර්ස් එකකින් ඇප්ලයි කලාම මම කවදාවත් දැකල නැති මාවත් කවදාවත් දැකල නැති ඩොකෙක් මගෙ මෙඩිකල් පාස් කරල තිබුනා.
ReplyDeleteඑල කතාව.
@Shadow/හේමලයා ,
ReplyDeleteඒකනන් ඇත්ත. කවුරු හරි ෆේල් උනොත් උන්ට හරි නෑනෙ. ඒත් අපේ ගම හාමිනේනං පන දාගෙන ඩේලි මාසයක්ටත් වඩා පුරුදු උනා. මගෙ ගම හාමිනේට කලින් ගිය වෑන් එකේ පොර පාර අයිනෙ තාප්පයකුත් කඩාගෙන ගිහිල්ල තමයි නවත්තල තියෙන්නෙ. පොරත් ඇවිල්ල තියෙන්න ලර්නර්ස් එකක් හරහා තමයි. එග්සැමිනර් ඌට ෆයිල් එකෙනුත් ගහල තමයි වාහනෙන් බැහැල තියෙන්නෙ . . . !
@චමිල ,
ReplyDeleteස්තුතියි කමෙන්ට් එකට සහ අත්දැකීමත් බෙදා හදා ගත්ත එකටත්.
@mptalks,
ස්තුතියි කමෙන්ට් එකට . මගෙ ලයිසන් එක මම හංගල තියෙන්නෙ මේ දවස්වල. :)
@ගීත් | Geeth ,
කලින් වගේම නෙමෙයි. දැන්නම් ටිකක් වෙනදට වඩා හොඳට බලනවා මගෙ හිතේ.
@nish,
ඔව් ඔව්, පැය දෙක තුනක් වත්තෙ තියෙන සියඹලා ගහට නැගල තමයි මම උදේ වරුවෙම හිටියේ. බැස්සෙ බඩගිනි උනහම තමයි.
@පිණිබිඳු... ,
අවුලක් නැහැ. හෙල්මට් එකක් දාගෙන හිටිය නිසා බේරුනා.
@නිශාචරයා Nishacharaya,
ඔව් ඔව්, ගොඩක් එවුන් මෙඩිකල් එක කරන ඩොකාවත්, ඩොකා මෙඩිකල් එක කරන එකාවත් දකින්නෙ නැහැ. හැබැයි මෙඩිකල් එක පාස්. මම පහු ගිය කාලෙ පත්තරේක දැක්ක ඩොකෙක් එකෙක්ට මෙඩිකල් එකක් දීල ඩ්‍රයිවින් වලට. බලාගෙන යනකොට පොරගෙ කකුල් දෙකම නැහැ.
@කුෂාන් ඇස්. වන්නිආරච්චි ,
ඩිවෝස් කෙසේ වෙතත් මම බයේ හිටියේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ ෆයිල් එකක් ඕපන් කරන්න වෙයිද කියල.
@Manik,
ඔව් ඔව්, මටත් මතකයි, අපේ තාත්තගෙ ලයිසන් එකත් ඔය රතු පාට පොඩි පොතක් තමයි. පස්සෙ අළුත් එක ගත්තා පස්සෙ කාලෙකදි.
@පිස්සා පලාමල්ල ,
බ්ලොග් ලයිසන් එක කැන්සල් වෙන්න කලින් ලයිෆ් එකේ ලයිසන් එක කැන්සල් වෙයි කියල බයේ මම හිටියේ. හරි හර්, ෂුවර් එකටම උඹත් ඩොකාව දකින්නෙවත් නැතිව මෙඩිකල් එක පාස් වෙච්ච එකෙක් තමයි එහෙනන්.
@දුකා ,
දුකෝ බොහොම පිං උඹ හැමදාමත් කරන දිරි ගැන්වීමට. පුලුවන්නන් මාව වේල් දෙක තුනක් බඩ ගින්නෙ තියහං.
@පුතා ,
ඔව් ඔව්, මේ නිවාඩු කාලේ හින්ද අම්මවත් ඉන්නවා මට උයල දෙන්න. මේ මාසෙ අන්තිමට ආපහු අවහම තමයි වේල් දෙක තුනක් බඩ ගින්නෙ ඉන්න වෙන්නෙ. අනික මේ ද්වස්වල නෝම්බිත් හින්ද කඩෙන් කන්න කියලද ?
@priyantha.ඒබී ,
ඒක තනිකරම මාෆියාවක්. උන්ගෙ එකෙක්ගෙන් ගත්තෙ නැත්නන් කෙලින්ම රිජෙක්ට්.
මමත් ලයිසන් ගත්ත ඒ උනාට මෙඩිකල් රිපෝට් දෙන්න ඕන කියල දන්නෙ දැන්නෙ. හිකිස්... හෙට අනිද්ද කට්ටියටම හිරේ ඉදන් බ්ලොග් කොටන්න වෙයිද දන්නෑ. ඔන්න අපිනන් අහිංසකයි හොදේ...
ReplyDeleteගම හාමිනේට සුභ පැතුම්..!!
ReplyDeleteමමත් ඔය ලයිසං එක කියන එක ගත්තා. ඒ..ත් ඉතිං ඒක පාවිච්චි කරන්න කලින්ම අකුරක්වත් නොපෙනෙන්න මැකිලා ගියානේ..දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද මම නොගිහිං ආපහු අලුත් එකක් ගන්න විදියක් තියනවද කියලා.
හැබැයි මම නම් ඔය ලැයිසොම ගත්තෙ දුමී කියපු පළමු ක්‍රමයට මෙඩිකල් ගිහිල්ලයි. අර දෙමළ ඩොකා වගෙ අපිට හම යන මෙඩිකල් එකක් තමයි දුන්නේ.....[ නුගේගොඩ ලංගම මෙඩිකල් සෙන්ටර් එකේ.]
ReplyDeleteඒකෙ ඉන්නෙ පප්ප ඩොකාලා .... ලේසියෙන් තම්බන්න බෑ.
උදේ 8.00 ට පටන් ගත්තම දවල් 2.00 ක වෙනවා ඉවර වෙනකොට.
පිස්සු හැදෙනව ....
බලාගෙන ගියාම මේ .. දැන් ලයිසන් ගන්න එවුන් හරි වාසනා වන්තයිනෙ.
එක්සැමිනර්ට සල්ලි පාස් කරන එක නම් හුඟක් අයට කරන්න වෙනවා. හොඳට එලෙව්වත් නැතත්. කරන්නෙ අර පොත අස්සට දාලා දෙන එක. අලුත් සිස්ටම් එකත් එක්ක කොහොම වුනාද දන්නෙ නැහැ.
ReplyDeletesupiri brother..mama oyage blog eka pissek wage kiyawanne..okkoma balanne n73 pihiten..meka balalama credit iwara wenawa hamadama.e wageda story tika..happa. Supiri..jaya wewa..
ReplyDeleteලයිසන් කතා නම් තියෙනවා ඕන තරම්. බ්ලොග් එකෙන් ඉදිරියේ කියන්නම්කෝ...
ReplyDelete