මේරි ආච්චි

Posted by දුමී



මාගේ පියාගේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනෙකි. ඒ අතරින් තිදෙනෙකු නැන්දලාද, දෙදෙනෙකු බාප්පලාද වෙයි. ඊට අමතරව මාගේ සීයා සහ ආත්තම්මා විසින් දරු කමට සාදාගන්නා ලද තවත් නැන්දලා දෙදෙනෙකුද ඒ අතර විය. ජික්කි නැන්දා සහ අයිරින් නැන්දා නම් ඔවුන්ය. ඒ ඔවුන්ගේ සැබෑ නම් නොවූ අතර ඔවුන්ට ගෙදරදී ආමන්ත්‍රණය කරන ලද්දේ එලසය. මාගේ සීයාත් ආත්තම්මාත් වෘතියෙන් විදුහල්පතිවරු වූහ. මා හට මතක ඇති කාලයේ පටන් ආත්තම්මා ඇයගේ උපන් ගම් ප්‍රදේශය වු කළුබෝවිලත්, සීයා ඔහුගේ ගම් ප්‍රදේශය වු මතුගම පාන්තිය නම් ගමේත් දිවි ගෙවූහ. එසේ ඉතා දුරින් පිහිටි ප්‍රදේශ දෙකකට වී දිවි ගෙවීමට සිදු වූයේ ඔවුන්ගේ වෘතිය අනුව ඒ ප්‍රදේශ වල විදුහල්වල සේවය කිරීමට සිදුවූ නිසා යැයි මම උප කල්පණය කරමි. මාසයකට වරක් දෙවරක් සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසෙන අපේ සීයා ආත්තම්මා බැලීමට කළුබෝවිල පැමිනෙන සැටි මට අදත් ආවර්ජනය කර ගැනීමට පුළුවන. ඒ යන එන වරෙක මමත් සීයා සමග මතුගමද, තවත් වරෙක ඔහු සමග කළුබෝවිලද පැමිණ තිබේ. මේරි ආච්චී යනු ඉතා කාර්ය්‍ය බහුල වූ ඔවුන් දෙපල වෙනුවෙන් මාගේ පියාත් ඔහුගේ සහෝදර සහෝදරයන් රැසත් කුඩා කල රැක බලාගත් ආයම්මාය. මට මතක ඇති කාලයේදී වියපත් වී සිටි ඇයත් දිවි ගෙවූයේ මාගේ ආත්තම්මා සමග කළුබෝවිල නිවසෙහිය. ඉතා කරුණාවන්ත කාන්තාවක් ලෙස මාගේ මතකයේ රැඳී ඉන්නා ඇය අප හට ඉතා සෙනෙහසක් දැක්වූවා යැයි මට මතකය. ඒ වාගේම මාගේ ආත්තම්මාටද ඉතා සෙනෙහසින් යුතුව ඈ කටයුතු කලා යැයි මා අසා ඇත.

ජීවිතයේ අවසාන කාලයේ දියවැඩියාවෙන් පීඩා විඳි ඇය 1979 දී මිය ගියාය. එවිට මාගේ වයස යාන්තම් අවුරුදු පහක් පමණය. ඇය මිය යත්දී මතුගම මාගේ සීයාගේ නිවසේ සිටි මා සීයා සමග ඇයගේ මරණයට සහභාගී වීමට කළුබෝවිල පැමිණියා මට මතකය. මුල් කාලයේදී කාමර දෙකක්, කුඩා සාලයක් හා කුස්සියකීන් සමන්විත වී තිබූ කළුබෝවිල ගෙදර මාගේ පියා විසින් නවීකරණය කරමින් පැවති කාලයයි ඒ. අද මා මේ ලිපිය සකසණුයේ එසේ මාගේ පියා විසින් නවීකරණය කරන ලද නිවසේ සිටයි. අඩක් ඉදිකරමින් පැවති නිවසේ ඒ කාලයේ ඉඩ පහසුකම් මදිවී තිබුනු බැවින් ඇයගේ දේහය තබා තිබුනේ මා මේ ලිපිය සකසන පරිගණකය තබා තිබෙන ස්ථානයේමය. ඇයගේ දේහය තැබූ විට යන්තම් කිහිප දෙනෙකුට ඒ අසලින් සිට ගෙන දේහයට ආචාර කිරිමට තරම් පමණක් ඉඩ තිබූ බව මාගේ මතකයේ රැඳි තිබේ.

කොහුවල පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියද ඇයගේ ආත්මය නම් තවත් වසර කිහිපයක් යන තෙක්ම අපගේ නිවසේ සැරි සැරුවාය. මා මෙසේ පවසන සෑම සංසිධියක්ම එම දිනවල සැබෑ ලෙසම සිද්ද වූ දේවල්මය. ඇයගේ ආත්මය නිවස අත්හැර නොගිය බැව් පසක් වූ පළමු සන්සිද්ධිය සිදු වූයේ ඇයගේ සත් දවසේ දානයටත් ටික දිනකට පසුවය. ඒ දිනවල මට මතක හැටියට නම් නිවසට විදුලිය ලැබී තිබුනේ නැත. විදුලිය තිබුනත් එය දවසේ වැඩි කාලයක්ම විසන්ධි වී තිබුනා යැයි මට මතක් කල හැක. නිවස ආලෝක කිරීම පැවරී තිබුනේ පැට්‍රල් මැක්ස් යැයි හැඳින්වූ හොඳින් එළිය විහිදුවන ලාම්බු කිහිපයකටය. එම දිනවල නිවසේ ජල නළ පද්දතියක් නොතිබූ අතර නිවසට වතුර ලබා ගැණුනේ නිවසේ සිට යාර 25ක් පමණ වත්ත පහලට වෙන්න ඉදිකර තිබූ ලිඳෙනි. අදත් එම ලිඳ එසේම පවතින අතර අපගේ නිවසත් ලිඳ පැවති ප්‍රදේශයත් තාප්පයක් ගසා අද වෙන් කර ඇත්තේ තාත්තාගේ සොහොයුරියකට එම ලිඳ අසලින් ඉඩම බෙදා දුන් නිසාය. එම දිනවල ඒ ලිඳ වටා විශාල වූ කොස් ගස් කිහිපයකුත්, පොල් ගස්, කැන්ද ගස්, ගස්ලබු සහ කෙසෙල් වැනි ගස් විශාල ප්‍රමාණයකින් සමන්විතව පැවතියේයයි මට මතකය.

මා මේ පවසන සිද්ධියට මුහුණ පෑමට සිදු වූයේ ඒ දිනවල අපගේ කළුබෝවිල නිවසේ වැඩ පළ කිරිමට නැවතී සිටි 'දයා' යැයි හැඳින්වු එවක මැදි වයසේ පසුවූ තැනැත්තියකටය. රාත්‍රිය උදා වූ තිබූ එදිනේ නිවසේ රැස් කර තිබූ වතුර අහවර වී තිබුන හෙයින් දයා ලිඳ ලඟට ගොස් තිබුනේ බේසමකට වතුර පුරවාගෙන පැමිණීටය.චිමිනි ලාම්පුවක්ද අතැතිව ලිඳ ලඟට ගොස් සිටි ඇය බේසම බිම තබාද චිමිනි ලාම්පුව ලිං කණ්ඩිය උඩින් තබාද වතුර බාල්දිය ලිඳ තුලට දමා වතුර ඇදීමට පටන්ගෙන තිබේ. අඩි විස්සක් පමණ ගැඹුරැති ලිඳෙන් පලමු වතුර බාල්දිය ගෙන බේසමට පිරවූ දයා දෙවන වරද බාල්දිය ලිඳ තුලට දමා නැවත වතුර ඇද තිබේ. එම වතුර බාල්දිය බේසමට දැමීමට සැරසෙනවාත් සමගම ඇය චිමිනි ලාම්පු එළියෙන් දැක තිබුනේ දෝතින් වතුර බේසම ඔසවාගෙන තමා දෙසට එය අල්ලාගෙන සිටින මේරි ආච්චීවය. නිවස තුල සිටි අප හට ඇසුනේ ගිරිය යටින් කෑ ගසාගෙන දිව ආ දයාගේ හඬත්, දුටුවේ සිහි සුන්ව කුස්සිය අද්දර වැටී සිටි දයාවත්ය. ආත්තම්මා විසින් පිරිත් කියා මුහුනට වතුර ඉස ඇය සිහි ගැන්නුවද ඉන් දින කිහිපයකට පසුව ඇය යථා තත්වයට පත්වූයේ කට්ටඩියෙක් විසින් මතුරන ලද නූල් කැබැල්ලක් ඇයගේ ඉනේ බැඳීමෙනි. එදිනෙන් පසුව කිසිවෙකු තනි පංගලමේ ලිඳ ලඟට නොගිය බැව්ද මට මතකය.

ඉන් පසු සිදුවූ ආසන්නම සිදුවීම වූයේ ඉන් මාස කිහිපයකට පසුවය. ඉදි කෙරෙමින් පැවති නිවසට සෙත් පැතීම සඳහාද, අපල උපද්‍රව දුරු කෙරුමටද කිරි අම්මා වරුන්ගේ දානයක් දීමට කටයුතු පිළියෙල කර තිබුනි. ඒ සඳහා කැවිලි පෙවිලි සැකසීම සඳහා මතුගමින් කාන්තාවක් කැඳවා තිබුනේ කිරි දානයට සහභාගී වීමට සැලකිය යුතු පිරිසකට ආරාධනා කර තිබූ නිසාත් ඒ සඳහා කැවිලි පෙවිලි යහමින් සෑදීමට තිබු නිසාත්ය.මහා පරිමාණයෙන් තෙල් කෑම පිලියෙල කරනා විට ඒවා ගේ ඇතුලේ පිලියෙල නොකර ඒ සඳහා ගෙයින් එළියට වෙන්න ඉදි කෙරූ මඩුවක පිසීම සිරිතක් ලෙසින් ඒ කාලයේ සිදු කරන ලදී. පොල් අතු වලින් සකසන ලද එම මඩුව අප නිවසට යාබදින් ඉදි කර තිබුනේ එක් දොරටුවකට නිවසේ සිට පිවිසිය හැකි පරිදිද අනෙක් දොරටුව එළියට නිරාවරණය වෙන පරිදිත්ය. පසුවදා උදේ පාන්දරින්ම පැමිනෙන කිරි අම්මාවරුන්ට දානය දීමට ලහි ලහියේම කැවිලි පෙවිලි පැමිණි කාන්තාව අතින් සිදු කරන ලදී. ඒ අතර තුර ඇය කැවුම් බැදීමට පටන් ගෙන තිබුනේ මදක් රාත්‍රිය උදා වී තිබූ විටයි. ගෙදර සිටි නැන්දලා, පුංචිලා සහ මාගේ අම්මාද මේ කටයුතු වලට යුහුසුළුව සම්භන්ධ වී සිටියහ. මේ අතර නිවසේ කුස්සියේ වූ කටයුතු වලටද පිරිසක් මැදිවී සිටි අතර කැවුම් බදිමින් සිටි කාන්තාව අසල රැඳීමට කිසිවෙකුටත් අමතකවී තිබිනි. හෝරා බාගයකට පමණ පසුව මාගේ ලොකු නැන්දාට එය සිහිවී මඩුව තුලට ගොස් තිබුනේ කැවුම් බදිමින් උන් කාන්තාවගෙන් ඇය තනි කිරීම පිලිබඳව කණගාටුව ප්‍රකාශ කරමින්ය. එවිට ඇය පවසා තිබුනේ,

"අයියෝ නෝනා මම තනියෙන් නෙවෙයි හිටියේ. අර අක්ක මෙච්චර වෙලා මාත් එක්ක කතා කර කර ඉඳල දැන් ටිකකට කලින් තමයි මෙතනින් ගියේ . . ."

පුදුමයට පත්වූ ලොකු නැන්දා ඇයගෙන් විස්තර අසත්දී පසක් වී තිබුනේ මෙතෙක් වෙලා ඇය ගත කර ඇත්තේ මේරී ආච්චී සමග බවය. කැවිලි සෑදීමට පැමිණි කාන්තාව මේරි ආච්චි ගැන හාං කවිසියක්වත් නොදන්නා අතර ලොකු නැන්දාද ඇය මෙතෙක් වෙලා ගත කර ඇත්තේ මිය ගිය ආත්මයක් සමග යැයිද ඇයට පවසා නැත්තේ කිරි දානය කෙසේ වෙතත් තොවිලයක් නැටීමට සිදුවේ යැයි බිය වූ බැවින්ය.

මාගේ ආත්තම්මා කළුබෝවිල පංසලේ කුළඝන සමිතියේ සභාපතිවරිය ලෙස කාලයක් කටයුතු කලාය. එයට සම්භන්ධ වූ කාන්තාවන් නිතරම අපගේ නිවසට ආවේ ගියේ සමිතිය විසින් ක්‍රියාවට නැගූ නොයෙකුත් ආකාරයේ පුණ්‍යයමය කටයුතු වලට සම්භන්ධ වීම සඳහායි. මේ කාලයේ ආත්තම්මගේ ඇස් පෙනීමද ක්‍රමක්‍රමයෙන් දුර්වලව පැවති යුගයයි. (ඉන් ටික කලකට පසුව ඇය සම්පූර්ණයෙන්ම අන්ධ භාවයට පත්වූවාය ). ඇය සන්ධ්‍යා යාමයේදී පුරුද්දක් ලෙසට ගුවන් විදුලියට සවන් දීම සිදු කලාය. උඳු පියලිය යායක් ලෙසින් එකල තිබු ගෙමිදුලෙහි පුටුවක් තබා හෝරා කිහිපයක් ගත කිරීම ඇයගේ සිරිතය. එසේ මිදුලේ සිට ගෙතුල තිබූ ගුවන් විදුලියට සවන් යොමා සිටි ආත්තම්මා හමුවීමට පැමිණි කාන්තාවක් දැක තිබුනේ ඇයගේ දෙපා පාමුල වාඩි වී සිටින මේරි ආච්චීවය. ජීවත්ව සිටියදී මේරි ආච්චීව හොඳින් දැනගෙන සිටි ඒ කාන්තාව නිවසට පැමිනෙන විටදීම දැක තිබුනේ ආත්තම්ම අසලින් බිම වාඩි වී ඉඳ ඇය පැමිනෙන විටදී මේරි ආච්චි ආත්තම්මාට වැඳ නමස්කාරය කර වත්ත පහලට ඇදී යන අන්දමයි.

මා අවසානයට පවසන මේ සිද්දිය මාගේ බාල සොයුරිය මුහුන පෑ සිද්දියකි. එය සිදු වූයේ මේරි ආච්චි මිය ගොස් වසර දෙකක් පමණ ගතවූ විටදීය. ඒ ඇය ගැන මතකය අප සෑම දෙනෙකුගෙන්ම මැකී යමින් තිබූ කාලකදීය. කළුබෝවල ගෙදර පහත මාලය සම්පූර්ණයෙන්ම වාගේ ඉදි කර තිබූ ඒ සමයේ සෑම සෙනසුරාදාවකම මාවත් අක්කාවත් වජිරා සහ චිත්‍රසේන කලායතනය වෙත නැටුම් පංති සඳහා අම්මා විසින් රැගෙන ගියාය. එසේ පංති යනවිට අත දරුවෙක්ව සිටි මාගේ මල්ලිවද අවුරුදු හතරකට ආසන්නයේ සිටි මාගේ නැගනියද බලා ගත්තේ මා මුලින් සඳහන් කල අයිරින් නැන්දා විසිනි. නිවසේ මැද කාමරය එහි වූ ප්‍රධානම කාමරය වූ අතර එයට සම්භන්ධ වූ නාන කාමරය එවක සම්පූර්ණ කර නොතිබින. පළංචි බැඳීමට සාදා තිබූ කුහුර කිහිපයක්ම නාන කාමරයේ බිත්තිවල පැවතියේය. මා සන්තකයේ තිබූ සියළුම සෙල්ලම් බඩු එම කාමරයේ මුල්ලක වූ ලොකු පෙට්ටියක බහා තිබූ අතර මා නිවසේ ඉන්නා විට නංගීට එය තහනම් වස්තුවක් විය. මා නිවසින් බැහැර වන්නාවූ විටදී පමණක් සිතේ සැටියට මාගේ සෙල්ලම් බඩු පෙට්ටිය ඇවිස්සීමට ඇයට හැකි වේ. අයිරින් නැන්දා මුළුතැන්ගෙයි සිට කෑම පිලියෙල කරනා විට නංගීද මැද කාමරයට ගොස් සිටියාය. ඒ මාගේ සෙල්ලම් බඩු පෙට්ටිය සමග රිසි ලෙස ගැටීමටය. ටික වේලාවකට පසුව අයිරින් නැන්දාට ඇසී ඇත්තේ "එපා එපා" යැයි හයියෙන් කෑ ගසනා සිව් හැවිරිදි නංගීගේ හඬය. කරමින් සිටි කාර්ය්‍ය පසෙකට දා අයිරින් නැන්දා කාමරය වෙත දුව එන විට ඇය දැක ඇත්තේ "බෑ බෑ එපා එපා " කියමින් පසු පසට එන නංගීවය. බොහෝ බියපත් වී සිටි ඇය පවසා ඇත්තේ මේරි ආච්චි පැමිණ ඇයට තමා ලඟට එන ලෙස පවසා ඇති බවය. ඒ වෙනවිට "මේරි ආච්චි" යන නමද නංගී දැන නොසිටියාය. මේරි ආච්චි මිය යනවිට ඇය අවුරුදු දෙකක් පමණ වයස ළදැරියකි. කාමරයට පැමිණි මේරි ආච්චි නංගීට තමා "මේරි ආච්චි" බවද පවසා ඇත.අප පංති ඇරී ගෙදරට පැමිණෙන විට දුටුවේ පාර අයිනට වී මල්ලීවත් නංගීවත් අතින් ගෙන අප එන පෙර මග බලා සිටිනා අයිරින් නැන්දාය. ගෙතුලට යෑමට බිය වී සිටි ඇය සිදු වූ සියල්ල අම්මා හමුවේ පැවසුවාය. නංගීගෙන් මේ පිලිබඳ ඇසූ කල ඇය පවසා සිටියේ වැඩ අහවර නොවූ නාන කාමරයේ බිත්තියේ සිදුරක් අතරින් මේරි ආච්චි කාමරය තුලට පැමිණි බවද, දනහිස බිම ගසා දෑත දික්කරමින් තමා මේරි ආච්චි බවද ලඟට පැමිනෙන ලෙසටද නංගීට පැවසුවාය යන්නය. සම්පූර්ණ දිග වාක්‍යයක් එක දිගට පැවසීමටවත් නොහැකි වයසක උන් නංගී වචන ගැට ගසමින් සහ ගොත ගසමින් එය විස්තර කල ආකාරය තවමත් මට මෙනෙහි කල හැක.

ඉන් පසු කාලයේ නොයෙකුත් දානමය පිංකම් මගින්ද, සෙත් පිරිත් සඡ්ජායනා මගින්ද ඇයගේ ආත්මයට පිංපෙත් පැමණවීම හේතුවෙන්ද ඇයගේ ආත්මය ඉන්පසු කිසිවෙකුටත් ඇස ගැටුනේ නැත. තව කිව යුතු කරුණක් නම් ඉතාමත් කරුණාවන්ත කාන්තාවක් වූ මේරි ආච්චි කිසි විටකත් කිසි වෙකුටත් කරදරයක් කිරීමේ චේතනාවෙන් නොපැමිණිය බවයි.

25 comments :

  1. මේක වෙන්න පුලුවන්ද සෑර්?

    බුදු බනේ කියනවා නේද සෑර් "මනස සිරුරෙන් පරිබාහිරව පවතින්න බැහැ" කියලා?

    අපි ඉතිං ආගම දර්මෙ දන්න උදවිය නෙවෙයි. සමහර විට තරිඳු සෑර් මේ ගැන යමක් කමක් දන්නව ඇති.

    හොඳ බොලොග් එක සෑර් අම්මප.

    ReplyDelete
  2. කොහොමටත් මියගිය පුද්ගලයින් තමන් බොහෝ කලක් සිටි ස්ථානවලින් පිටව යාමට නොකැමැති අවස්ථාවන් තියෙනවා...මම මේ වගෙ බොහෝ සිද්ධි අස තිබුනාට අත්දැකීමක් නම් නෑ....එහෙමයි කියලා ප්‍රතික්ෂේප කරන්නත් බෑ..කතාව බොහොම ලස්සනට විස්තර කරල තියෙනවා...

    ReplyDelete
  3. අම්මෝ අයියෙ අපේ සීයලත් කියල තියෙනව එයාල මේ වගේ ඒවට මූණ දීල තියෙනව කියල...අම්මෝ මේක කියවද්දිත් බයයිනෙ

    ReplyDelete
  4. මේකෙ මනසක් සැරිසරනවා කියල කියල නෑනේ. ආත්මයක් කියලත් එකක් නෑනේ. කරන්න පුළුවන් පැහැදිලි කිරීම මේරි ආච්චි මනුස්සයන්ට නිතර නොපෙනෙන භවයක ඉපදිලා(සමහර විට ප්‍රේත භවයක සමාවෙන්න එහෙම කිවට අපි වුනත් ප්‍රේතයෝ වෙයිද කියල කවුද දන්නේ)පෙර භවයේ තමන් හිටපු තැන අවට සැරිසැරුවා කියලා. සමහර විට ගෙදර මිනිස්සුන්ට තිබුන ආදරය නිසාම වෙන්න පුළුවන්. කොතනකවත් මේරි ආච්චි කරදර කරන්න හදල නෑනේ. කරල තියෙන්නේ හොඳ වැඩ.

    ReplyDelete
  5. හ්හ්හ්ම්ම්..
    පෝස්ට් එක නම් නියමයි....................

    ReplyDelete
  6. ඇත්තටම බය හිතෙනවා බං...

    ReplyDelete
  7. දුමී අයියා උදේම බය හිතෙන කතාවක් නේ දාල තියෙන්නේ.... මාත් අහල තියෙනවා ඔය වගෙ සිද්ධි... හැබැයි දැකලනම් නෑ...

    ReplyDelete
  8. බුදුඅම්මෝ බයේ බැහැනේ,,

    ReplyDelete
  9. කතාව නම් හොඳයි. ඒත් හොල්මන් ගැන එක එක අය එක එක කතා කියනවානේ. මට නම් තාම හොල්මන් දැකලා නැහැ. මගේ ඇස් දෙකට දැක ගන්න ලැබුණු දවසට තමා විශ්වාස කරන්න පුලුවන් වෙන්නේ :)

    ReplyDelete
  10. මේර් ආච්චි ගොඩක් ආදරේ කරන්න ඇති ගෙදර අයට... එ නිසයි ඔහොම එන්න ඇත්තේ... මාත් ඔහොමකතා නම් අහලා තියෙනවා. දැකලා නම් නෑ.
    ඔහොම දේවල් වලට අපේ පැත්තේ (ටිකක් ඈත) ඉන්නවා වයසක ආච්චි කෙනෙක්. එයා මැරිච්ච මිනිස්සුංව ගෙන්නලා දීලා අහනවලු එයාලය මොනාද වෙන්න ඔන කියලා. සමහරු ඇඳුම් කෑම බීම ඉල්ලනවලු. ඒ වෙලාවට, මුතියංගණ බෝධිය නාවන්න හරි, දානයක් හරි, චීවර පූජාවක් හරි, කප්රුක් ‍පූජාවකට හරි දායක වෙන්න කියනවලු. එතකොට ආපහු සද්දයක් නැතිව ඉන්නවලු. මේවා "ලු" හරී... මම අහලා තියෙනවා විතරයි.

    හොඳ පෝස්ට් එකක්. ජය...

    ReplyDelete
  11. අනේ මන්ද දුමී... ඕවයේ ඇත්තක් නැත්තම් මෙච්චර කාලයක් ලොකේ පුරා ඔය වගී කතා තියෙන්න විදියක් නැහනේ... හිත ගැස්සුනා ටිකක්...

    ඔය වගේ අත්දැකීමක් නම් නැහ. ඒත් ලඟින් යන එක්ක උනා. ලියන්නම ලිපියක්.

    ReplyDelete
  12. හපොයි.... අද නම් ෆුල් හොල්මන් නෙ.... හොඳ වෙලාවට උදේ කියෙව්වෙ. දුමී අයියෙ මම ඉන්නෙ තනියම කාමරේ. මේ වගේ ඒවා කියවලා බය උනොත් මම දන්නෙ නෑ ඔන්න :/.... ගාල්ල පුරාම දුවන්න වෙයි වෙද්දු හොයලා......හික්ස්

    ඔය කතාවල ඇත්තක් නැත්තක් තිබුනත් නැතත් මම නම් හොල්මන්වලට බයයි....කාලෙකට කලින් ලේ වැල්ලෙ වලව්වට ගිය වෙලාවකදි එතනදී එක එක්කෙනා මූණ දුන්නාය කියන දේවල් අහලා පණ බයේ උන්නෙ එතනින් එනකම්. ඒත් එතනම් ඇත්තටම එහෙම දේවල් වෙනවලු....

    ReplyDelete
  13. මේක කියෙව්වේ උඹ පෝස්ට් එක දාපු දවසේමයි . .

    ඒත් අදයි කමෙන්ට් කරනන් වෙලාවක් හදා ගත්තේ. .

    මට මතක් වෙන්නේ එදා උඹලගේ ගෙදරදී "උදේ පාන්දර දොලහාමාරට" විතර ඇහැරිලා රජීව් එහෙම නිදාගෙන ඉන්නැද්දී අපි කියපු හොල්මන් කතා සෙට් එක . .

    උඹ සද්ද නැතුව හිටියා නේද මේ කතාව කලින් කියලා අපේ ආතල් කඩන්නේ ඇයි කියලා හිතලා .. ..

    හික් හික් නරක සොරා . . . නෝති බෝයි

    ReplyDelete
  14. ඇත්ත. බුදු දහමේ තියෙනවා රෑපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඤාව‍කින් තොරව, සංකාර‍යකින් තොරව විඤාණයක පැවැත්මක් නැත කියලා. බුදු දහමේ කාය වර්ග කිහිපයක් විස්තර වෙනවා. අපේ මස් ලේ වලින් හැදුනු කය ඉන් එක් වර්ගයක් විරතයි. තව සියුම් සිරැරැ ගැන බුදු දහමේ විස්තර වෙනවා. දෙවිවරැ, භූත කොටස් වලට තියෙන්නේ එවැනි ශරීරයනුයි. එවැනි භුත අත්බැවක සිටි සත්වයෙක් වරෙක සැරියුත් මහ රහතන් වහන්තසේ හමුවේ පෙනී සිට පින් ඉල්ලා සිටි අවස්ථාවක් ගැනත් බුදු දහමේ සදහන් වෙනවා. හොයලා බලන්න.

    ReplyDelete
  15. @සුස්තිගුනේ,
    බොහොම ස්තුතියි කමෙන්ට් එකක් දැම්මට. මම කිව්වත් වගේ මේ දේවල් ඇත්තටම සිද්ද වෙච්ච ඒව. මේක බුදු දහමට අනුව කොහොමද විස්තර කරන්නෙ කියන්න තරම් මගේ බුදු දහම සම්භන්ධ දැනුම සන්නද්ධ මදි. ඒ සම්භන්ධව "මැක්" සොයුරා දාල තියෙන කමෙන්ට් එක බලන ලෙස ඉල්ල සිටිනවා.

    ReplyDelete
  16. @ෂැඩො/හේමලයා ,
    ඔව් මේ වගේ දේවල් තව ගොඩක් මම අසා තියෙනවා. මේරි ආච්චිගෙ සිද්දිය මටම සිද්ද නොවුනත් මගේ ඇස් පනාපිටම වෙච්ච දේවල් මම හැබැහින් අත්දක්කා.

    ReplyDelete
  17. @හසිත ජයසුරිය මල්ලි,
    බයවෙන්න නම් දෙයක් ඇත්තටම නැහැ. මොකද මේරි ආච්චිගෙ සිද්දිවලදි ඇය කාටවත් කරදරයක් කරන ඡේතනාවෙන් නෙමෙයි ඇවිල්ල තිබුනෙ.

    ReplyDelete
  18. @කාංචන දිනූක ,
    කිව්වත් වගේ මමත් හිතන්නෙ ඇය යම් ප්‍රේත ආත්මයක තමයි මුලදි ඉපදිලා තියෙන්න ඇත්තෙ. සමහර විට එය යම් බලවත් භූත ආත්මයක් වෙන්න ඇති. මොකද ඇයට කතා කිරීමට යමක් ග්‍රහණය කරගැනීමට වගේ හැකියාවන් තිබිලා තියෙනව.

    ReplyDelete
  19. @ Ansh Lucky Sri Jay
    ස්තුතියි නගෝ.

    @තිස්ස දොඩන්ගොඩ
    බයවෙන්න එපා මචෝ, අපි ඉන්නවනේ !! :)

    @පුතා
    ස්තුතියි මලේ, මම මේක දැම්මෙ පාන්දර උනාට මහ රෑ තිස්සෙ ඉඳන් තමයි ටයිප් කලේ.

    @Hasitha
    ඇත්තටම මමත් පුද්ගලිකව මේවගේ දේවල් වලට මුහුන දීල නෑ. හැබයි ඒවට මුහුන දුන්නු අයව ඒ වෙලාවෙම ඇස් දෙකට දැකල තියෙනව.

    ReplyDelete
  20. @කුෂාන් ඇස්. වන්නිආරච්චි
    ඔව් එහෙම කියල තමයි අපිත් හිතන්නෙ. පස්සෙ කාලෙකදි ගොඩක් දාන මාන පිංකම් වලින් ඇයගෙ මනෝ කායට සෙතක් වෙන්න ඇති.

    @පිස්සා පලාමල්ල ල
    ඔව් එහෙම හිතන එක සාධාරණයි. මම උනත් මේ සිද්දි ඇත්තටම අත් නොදැක්කනම්, කවුරු හරි කියන ඒව පිලි නොගෙන ඉන්න තිබුනා.

    දිල්
    බය වෙන්න එප නගෝ. සමහර විට හොල්මනුත් බය වෙන වෙලාවල් තියෙනවා.

    @දුකා

    මචෝ, ඔක්කොම ආතල් එක පාර දෙන්න ඕනෙ නැහැනෙ. ඒ වෙලාවෙ ඉතින් ලලිත් අයියගෙ එහෙම කතා සෙට් එක මේ කතා වලට වඩා සිරා ඒවනෙ. ඒ වගේම අසෝක අයියා අත්දැකපු බොහොම අත්භූත කතා සෙට් එකත් නියමයි පෝස්ට් එකක් කරන්න. බලමු බලමු . . . . :)

    @මැක්
    ස්තුතියි මැක්ට බුදු දහමට අනුව මේ සිද්දිය විස්තර කලාට.

    ReplyDelete
  21. මගෙ අම්මේ.. අදයි මේක කියෙවුවෙ,,මගෙ හොඳ වෙලාවට මේක ගිනි මද්දහනෙ කියෙවුවෙ... හෆ්ෆෙ.... ඇඟත් වෙවුලනව! හෆෝයි....

    ReplyDelete
  22. හම්මෝ මම මේක කියෙව්වෙ දැන්....
    හෆෝයි මට වෙච්චදෙයක්, දැං ඉතිං සිංක් එකට චූකරල තමා බුදියගන්න වෙන්නේ.......

    ReplyDelete
  23. හම්මෝ...... අද කාලා හමාරායි. දැන් කොහොම රෑට උයන්නේ? :(

    ReplyDelete
  24. මමත් මේව කවදාවත් අත් දැකල නම් නැහැ. ඒ වුණාට මම නම් පිළි ගන්නව අපේ ඉන්ද්‍රියයන්ට ගොචර නොවෙන ලෝකෙකුත් තියෙනව කියල.
    අපි නොදකින , අපිට නොදැනෙන , දේවල් මේ ලෝකෙ කොයි තරම් තියෙනවද ...?

    ReplyDelete
  25. Dear Dumee, i have finished reading all your stories,all are very interesting.Awaiting for your new stories

    ReplyDelete

Related Posts with Thumbnails