අපේ සදාදර කුමුදු පින්තු සර්

Posted by දුමී



අපේ ආදරණීය සර් අවසන් ගමන් යනවා ලබන බුද දින කොලොන්නාව සුසානභූමියේදි. එතුමාගේ අසනීප තත්වය ආරම්භ වී තිබෙන්නේ පසුගිය 21 වන බුද දින එනම් හරියටම එතුමාගේ අවසන් ලිපිය පල කරපු දිනමයි. ටික කලක පටන් පැවති පුපුවේ මහන්සිය හිටි ගමන්ම උත්සන්න වීමට හේතුව එතුමා බෙහෙත් කලට වේලාවට ගැනීමට උනන්දු නොවීම යැයි පැවසෙනවා. තම අවසාන මොහොත එළ්ඹෙන තුරු නොඉවසිල්ලෙන් එතුමා බලාගෙන ඉන්න ඇති. ඒකයි බෙහෙත් හේත් පවා ගැනීම උනන්දු වී නොතිබෙන්නෙ.



එතුමාගේ රෝගී තත්වය උත්සන්න වෙලා තියෙන්නෙ ඊයේ, එනම් 25 වන දින පසලොස්වක පෝය දින උදේ වරුවෙ. එතුමාගේ ලඟින්ම හිටිය නොයෙල් සහ සමන්ත එතුමාව ආරෝග්‍යශාලාව වෙත ගෙනගියත් එතුමා පස්වරු 3 ට පමණ තම අවසන් හුස්ම පොද වා තලයට එකතු කරලා. සහස් ගණනින් නැණැස පෑදූ දරු කැල ඇරෙන්න එතුමාට වෙන දූ දරුවන් නැහැ. එවන් සහසක් නණැසවල් පෑදූ අපගේ සදාදරණීය ගුරු පියාණනි, ඔබ පැතූ අයුරින්ම අභාග්‍යයට පත් නොවී මරණය සොයා යෑමට තරම් ඔබ පිං කර තිබුනා. අප සියළුම දෙනා දැන් පතනුයේ, ඔබට අමා මහ නිවන් සැපම ලැබේවා කියායි.






පලවන සහ දෙවන ඡායාරූප ඉන්නේ අපට සුපුරුදු කුමුදු සර්. මෑත කාලයේදී එතුමා අඳුනා ගන්න බැරි ලෙසටම ශරීරයෙන් දුර්වල වී සිටියා. ඔබ මරණ දැන්වීමේදී දකින්නෙ එසේ මෑත කාලයේදි ගත් ඡායාරූපයකුයි.


පැන මඩ කඩිති වැව් තාවළු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

(මෙම ඡායාරූප මාවෙත ලබාදීම ගැන මාගේ සොයුරු අසංග සහ ෆික්රි යන සොයුරන්ට මාගේ හද පිරි ප්‍රණාමය )

(කුමුදු සර් ගැන පෝස්ට් එකකට අවශ්‍යනම් එතුමාගේ මේ ඡායාරූප යොදාගැනීම ගැන මාගේ විරුද්ධත්වයක් නොමැති බව සලකන්න.)

18 comments :

  1. මෙතන තියෙන කුමුදු සර්ගේ එක ෆොටෝ එකක් මගේ පෝස්ට් එකටත් දාන්න ගන්නද අයියා ?

    ReplyDelete
  2. ගන්න මල්ලි. මේ උතුම් මිනිසාගේ ඡායාරූපය ගැනීමට මගෙන් අවසර ගන්න ඕනෙ නැහැ !

    ReplyDelete
  3. ජිවිතෙ හැටි තමයි සහෝ.අපිත් මේ හිටියට කොයි වෙලේ මැරෙයිද කවුද දන්නෙ?එතුමාහට නිවන් සුව අත් වේවා යයි අපි ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
  4. දුමී, මෙ මහත්මයාගේ පොස්ට් බොහෝමයක් මා කියවා ඇත. ඒ කතා වස්තූන් වලින් සමීප බවක් දැනුනා. මාත් 1983-86 කාලේ ප්‍රොග්‍රෑමින් හා Data Procesing ලෙක්චර්ස් කලා. ඒ අතීත මතක සමග මෙතුමාගේ කතා කියෙව්වා.

    වයිට් බොර්ඩ් මාර්කර් වල ඇති ඉන්ක් දීගටම පාවිච්චිය සමහර අයට එතරම් හොඳ නැහැ කියලා ඒ දවස්වල දොස්තරවරු මට අවවාද කරලත් තිබුනා. කොහොම නමුත් මගේ මැදපෙරදිග රස්සාව පටන් ගත්තාට පසුව වයිට් බොර්ඩ් මාර්කර් පාවිච්චිය අඩුවුනා.

    එතුමා ගැන ඔබේ පොස්ත් කියවන විට මතක් වුනේ ඔබ අර "මිනී මල්" සම්බන්ධව කල කොමන්ට් එක හා ඔහුගේ පිළිතුර. මේ ලෝකයේ ජීවන ගමන මොනතරම් කෙටියි ද... මොනවා කරන්නද දුක තමයි, හිත දිරිමත් කරගන්න.

    ඒ තුමාට නිවන් සුවය පතනවා.

    ReplyDelete
  5. හොඳ මිනිස්සුන්ට වැඩි ආයුස නෑ නෙව කොහොමත්.. :(

    ReplyDelete
  6. අයියෙ මන් මේ සර් ගෙන් කලින් වෙනම ඉගෙන ගෙන නෑ ඒත් මන් c ප්‍රෝගැමින් වලට අත්පොත් තිබ්බෙ සර්ගෙ බ්ලොග් එකේ තිබ්බ පෝස්ට් බලාගෙන.අනේ සර්ට මෙහෙම දෙයක් උනා කියල දැන ගත්තාම හිතා ගන්නවත් බැරි උනා. ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්.

    ReplyDelete
  7. මමත් c ප්‍රෝගැමින් ගැන ලිපි පෙලම බැළුවා. තියෙන ප්‍රශ්න මේල් එකට එවන්න උදව් කරන්න පුළුවන් කියලා කමෙන්ට් එකක් පවා දාල තිබුණා. ඒ තුමාට නිවන් සුවය පතනවා.

    ReplyDelete
  8. කුමුදු ලාල් පින්තු සර්ට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  9. "අවසාන මොහොත එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති.."
    ඉපදීම දුකකි, වයසට යෑම දුකකි, මරණය දුකකි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි.....
    නමුත් ඔහු දුක නිවන මඟ සොයාගන්නට සතුටු සිතින් සූදානම්ව යන්නට ගියේය....

    ReplyDelete
  10. ජීවිතය අනියත බව එතුමා තේරුම් අරන් සිටි බව එතුමා ගේ " මිනී මල් සහ මරණයට ඇති බිය " යන ලිපියෙන් වැටහෙනවා...

    එතුමාට නිවන් සුව පතනවා..... :(

    ReplyDelete
  11. මචන් උඹ ඒ සර් ගැන කතා කරපු විදිහෙන් උඹ කොයි තරම් දුකෙන් සසල වෙලාද කියන එක මට හොඳට තේරුනා .. .

    මට සැකයි මට උඹේ හිත හැදෙන විදිහට යමක් කියන්න පුලුවන් වුනාද කියලත් . . .

    මරණයේ වේදනාව දැනෙන්නේ ජීවත්ව ඉන්න අයට කියලා කතාවක් තියෙනවනේ මචං . . .

    විශේෂයෙන් අපේ ජීවන ගමනේදී අපිට ශක්තිය ලබා දුන්නු මුර කනුවක් . . . නැතිනම් අපේ දියුනුවේ හිනි මගේ පහලම තිබුනු ලනු පටක් වගේ දැනෙන කෙනෙක් වුනාම ඒ වේදනාව ගොඩක් ම අමාරු වෙනවා දරා ගන්න . .

    ඒත් උඹ කියූ ලෙස එතුමා සරළ ජීවිතයක් ගතකරමින් සැහල්ලුවෙන් මරණය බලාපොරොත්තුවෙන් සිටිය කෙනෙක් කියලා මම හිතනවා . .

    ඒත් මගේ කන් දෙකේ තාම දෝංකාර දෙනවා තම තම නැණ පමණින් බ්ලොග් එක ලියන්නේ උඹලට උගන්වපු ගුරුවරයෙක් කියලා මීට කාලෙකට කලින් කියපු දවසේ උඹේ කටහඬේ තිබුනු සතුටත් . .. අනේ මචං අපේ සර් අන්ත්‍රාවෙලා කියලා කෝල් කරලා කියපු වෙලාවේ උඹේ කටහඬේ ශෝකයත් . ..

    ජීවිතය ඔහොමයි යාලු . .. අපි අමාරුවෙන් වුනත් හිත හදාගෙන එතුමාට නිවන් සුව පතමු . .. !!!

    ReplyDelete
  12. අයියේ මාත් ඒ දුයිශෙන්ගෙම ගෝලයෙක් කුමුදු සර්ගේ එක ෆොටෝ එකක් මමත් ගත්තා තරහක් නැ නේද?

    ReplyDelete
  13. කුමුදු සර් ගැන පෝස්ට් එකකට අවශ්‍යනම් එතුමාගේ මේ ඡායාරූප යොදාගැනීම ගැන මාගේ විරුද්ධත්වයක් නොමැති බව සලකන්න.

    ReplyDelete
  14. අනේ අයිය මොනා කියන්නද තේරෙන්නේ නැහැ.
    නොදන්න අපිට මෙහෙම දුක නම් දන්න හදුනන හදවත් වලට කෙතරම් දුකක් ද....

    පිපුන පොහොට්ටුව සුවඳින් පුරවාලා
    එළිය දීදී ඒ මල් පෙති පුබුදාලා
    ලොවට පුදා මල් සුවඳින් සරසාලා
    ගුරුපිය නුඹේ සුවඳයි වුන් සැම ගාවා

    නෙතට නැගුන කඳුළයි නුඹ ඉපයූව
    හදට දැනුන මතකය සිත සැනසූව
    ගියේ නුඹගේ දේහය පමණයි ඈත
    සුවඳ සිත සදා සරනව අපි ගාව

    ෴ නොදුටුව ගුරු පියාණනි..නුඹ ගැන දැන ගන්න නුඹගේ ගෝලයන් හැර වෙන කුමන සාක්ෂියක් ද... ෴

    ෴ අමා මහ නිවන් සුවෙන් සංසාරෙන් දිනක එතෙර වන්නන් අතර ප්‍රමුඛස්ථානයේ සිටින නුඹට මගේ ආචාරය ෴

    ReplyDelete
  15. " තම නැණ පමණින් " බ්ලොගයට මා ගොඩඋනේ හැමදාම මොනවාහරි දෙයක් ජීවිතයට අරගන්න. " විශිෂ්ටයෙකු වීමෙ පියවර " ලිපි මං ආසාවෙන් කියෙව්වා. අදින් පසු ඒ දැනුම් ගඟ එතනින් ගලන්නේ නෑහැ. නමුත් ඔහු නොමසුරැව බෙදා දුන් දැනුම් සම්භාරය වෙනත් විවිධ තැන් වලින් සමාජය කරා ගලාවි. ඒව සමාජයට වැඩක් කරාවි.
    දුමී සහෝදරයා. ඔබතුමාගේ ගුරැවරයාගේ හදිසි අභාවයේදී මෙවැනි සටහන් රාශියක් සටහන් වුනේ නිකම් නෙවෙයි. එතුමාව කිසි දිනක නොදැකපු මිනිසුන් රාශියක් මෙහිදී සංවේගයට පත්වුනා. ඔබ ඇසුරැ කර තිබුණේ එසේ මෙසේ මිනිසෙක් නොවේ. ඒ ගැන සතුටු වන්න. ආඩම්බර වෙන්න.
    මාගේ ශෝකයත් ඔබ සමඟ බවත් දන්වා සිටිමි.
    තෙරැවන් සරණයි

    ReplyDelete
  16. අනේ සමනලී දැනුයි මේක දැක්කේ..... සමනලීත් එතුමා‍ගේ ගෝලයෙක් වෙලා උන්නා... open arc ආයතනයේ.. බොහොම කෙටි කාලයයි එතුමාගෙන් ඉගෙන ගන්න ලැබුනේ... එත් ලබාගත්ත දැනුම් සම්භාරය විශාලයි. හිතට වදින්න උගන්නන්න එතුමාට තිබුනේ පුදුම හැකියාවක්. එතුමා දුන් "විශිෂ්ටයෙකු වීමේ පියවර" පොත සමනලීගේ සිතීමේ මාවත වෙනම පාරකට යොමු කලා...
    අනේ තව කාලයක් ඒ දැනුම බෙදන්නට අප අතරම ඉන්නට ඕනා සර් අපිව දාලා යන්න ගිහින්.....
    සර් ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  17. එතුමාට නිවන් සුව..

    ReplyDelete
  18. දුමී...
    මම අයියගෙ සියලුම ලිපි කියෙව්ව...මේ අවසන් ලිපි කිහිපයෙන් මම මුලින් කියවල දැනගෙන හිටිය දුමී වෙනස් විදිහකටයි මම දැන් දකින්නෙ.... කොහොම උනත් "තම තම නැණ පමණින්" බ්ලොග් අඩවිය කියවගෙන යනකොට අයියගෙ ජීවිතේටත් බොහෝ දේ කුමුදු සර් ගෙන් ලැබෙන්න ඇති කියල මට හිතුන...

    කුමුදු සර්ට නිවන් සුව !.....

    ReplyDelete

Related Posts with Thumbnails