මගේ ආදර ගුරුතුමාණනි - ඔබට අමා මහ නිවන් සුව !

Posted by දුමී


මම මේ සටහන තබන්නේ බුර බුරා නැගෙන ශෝකය හිතේ තද කරගනිමින්. අපේ සදාදර කුමුදු පින්තු සර් එතුමා පැතූ ලෙසම හා අප නොපතූ ලෙසම තවත් එක් පියවරකින් සසර කෙටි කරගෙන.

මීට දින හතරකට උඩදි එතුමාගේ අවසාන ලිපිය ලියා තිබුනේ මිනී මල් සහ මරණයට ඇති බිය ගැන. එතුමා මරණයට බිය උනේ නැහැ. එතුමා මරණය ප්‍රර්ථනා කලා. එතුමා ලිපියෙ ලියා තියෙන්නෙ මරණයට අපේ ඇති බිය ගැනයි.

එය අවසාන ලිපිය වෙයි කියලා හීනෙකින්වත් හිතුනේ නැහැ.

ඒ ලිපිය කිවලා එතුමාට දීඝායු පතපු වෙලාවෙ එතුමා පැවසුවා "දීඝායු වේවා කියල පතන එක කොච්චර නිවැරදිද ? වයසට ගිහිල්ල දුක් විඳිනවට වඩා ඉක්මනටම චුත වෙන එක හොඳයිනෙ" කියලා.

ආදර ගුරුතුමනි, ඔබ වන් ගුරුවරුන් මතු පරපුරට අවශ්‍යම මේ වෙලාවෙ ඔබේ අහිමි වීම අපි සැමගේම අවාසනාවක් !

ඔබතුමාට ඔබ ප්‍රාර්ථනා කල බෝධියකින් අමා මහ නිවන් සුව අත්වේවායයි මම පතන්නම් !

14 comments :

  1. ඇත්තටම මම ඔහු කව්දැයි දන්නේ නෑ නමුත් ලිපි කියෙවේ හරිම ආශවෙන්...එදා ඒ මිනී මල් ගැන ලිපියට මරණය සාධාරණීකරනය කරමින් අදහස් දැක්වූ මට අද හිතෙනවා ඔහු මේ ගැන දැන උන්නාවත් දෝ කියා.....ඔහුට නිවන් සුව පතමි.....:(

    ReplyDelete
  2. ඔහු කවුරු උනත් ,මමත් ඒ ලිපි කියෙව්වෙ හරිම ආසාවෙන්, මිනී මල් ලිපිය කියෙව්වම ඉස්කෝලෙ කාලෙත් මතක් උනා.
    ඇත්තටම ඔහු මියගියේ හදිසියෙන්ද?
    කුමුදු පින්තු මහතාට අමා මහ නිවන් සුව ලැබේවා !!!!!

    ReplyDelete
  3. මාත් ඔහු හදුනන්නෙ නැත.නමුත් ඔහුගේ ලිපි සහ ඔහුගේ මරණ්ය අතර කිසියම් සබැදියාවක් ඇතයි සිතමි.

    ReplyDelete
  4. කුමුදු පින්තු මහතාණනි ඔබට නිවන් සුව!!!!!

    ReplyDelete
  5. සර් විශ්වාස කරපු විදිහට මෙහෙම යන්න වුනු එක ගැන සර් නම් සතුටු ඇති.. මට තියන දුක අපි යන්තම් සර්ව අදුන ගත්තා විතරයි.... කොහොම උනත් සර්ට නිවන් ගමන නම් ඉක්මන් වෙන්න ඇති...

    අසමසම ගුරු පියාණනි ඔබට නිවන් සුව!

    ReplyDelete
  6. එතුමාට නිවන්සුව ලැබේවා!

    ReplyDelete
  7. ඇත්තටම මෙතුමා කවුද කියල මමත් පුද්ගලිකව දන්නෙ නෑ. ඒත් ඔහු විසින් ලියපු 'තම තම ණැන පමණින්' කියන බ්ලොග් සටහන් ඇස ගැසුණ දවසෙ පටන්ම කියවන්න මම පුරුදු වෙලා හිටියා. මොකද ගතයුතු දෙයක් එම ලිපිවල හැම විටම රැඳිල තිබුණ නිසා.
    ඒත් ඔබ විසින් ලබාදුන් මේ දුක්බර ආරංචිය ඕනෑවටත් කලින් ලැබුණා යැයි මට සිතේ.
    එහෙත් එතුමාගේ ආත්මය සැනසීමෙහි පවතීවා යැයි හදවතින් පතමි.

    ReplyDelete
  8. එතුමාට නිවන් සැප ලැබේවා!!!

    ReplyDelete
  9. අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

    අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

    කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

    ReplyDelete
  10. මහු ගැන මා නොදන්නා මුත් ඔහු ගැන එකිනෙකා කියනා දේවලින් මට හැඟෙන්නේ ඔහු බොහෝම සුන්දර වූ මිනිසෙක් බවයි..

    ජීවිතයේ අනිත්‍යය බව අපිට පසක් කරමින් අප අතරින් වෙන් වූ එතුමාට නිවන් සුව ලැබේවායි පතමි...

    ReplyDelete
  11. එතුමාට නිවන් සුව පතමි.....

    ReplyDelete
  12. අයිය නිසා තමයි මමත් ඒ පියසට ගියේ... අයිය දවසක් කීව මට කුමුදු පින්තු සර් නම් මට මෙහෙමයි කීවේ කියල. ඒකෙන්ම මට තේරුනා ඒ ගුරුවරයගේ සෙවන අයියගේ ජීවිතේට කෙයි තරම් බල පාල තියෙනවද කියල...

    ඉතින් අයියේ ... මමත් පින්තු සර් වෙනුවෙන් පද වැලක් ලීව.. මට කරන්න පුලුවන් දේ තමයි ඒ...

    ෴ අපේ සර්ට නිවන් සුව පතමු ෴

    ReplyDelete
  13. පුද්ගලිකව දැන නොසිටියත් ඔහුගේ බ්ලොග් අඩ්විය තුලින් හුඟක් වටිනා කරුනු දැන ගන්න ට ලැබුනා... අවසන් ලිපිය... මිනී මල්.. පුදුමාකාරයි....

    ගුරුතුමනි... ඔබට නිවන් සුව පතනවා.....

    ReplyDelete
  14. "තම තම නැණ පමණින්" බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

    ReplyDelete

Related Posts with Thumbnails