බේබදු බල්ලා සහ තවත් බලු කතා
Posted by
ඉස්සොත් එක්ක බත් කාපු අපේ ඩෑෂ් හවුන්ඩ්ලට වෙච්ච දේ ලියනකොට මට තව බලු කතා දෙක තුනක් මතක් උනා. අමතක වෙන්න කලින් මේක ලියල දාන්න ඕනෙ කියල හිතුන නිසා රෑ දෙගොඩ හරිය උනත් ඔන්න ඔහේ ලියන්න පටන් ගත්තා.
අවුරුදු දහයකට විතර කලින් අපේ ගෙදර හිටියා පොමනේරියන් බල්ලෙක්. උගේ නම ස්නෝවි. ඌ හරිම ලස්සන කහපාට ලයන් පොමනේරියන් කෙනෙක්. ගෙදරට එන ඕන කෙනෙක්ගේ ඇඟට පනින එක තමයි උගේ වැඩේ. එක්කෙනෙක් දෙන්නෙක්ව හපලත් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි ඌව දාල තිබුනෙ කූඩුවක. ඌ එලියෙ ඉන්න වෙලාවක "ස්නෝවි දුවපන් කූඩුවට" කියපු ගමන් ආයි කිසි කතාවක් නෑ ඌ කෙලින්ම නවතින්නෙ කූඩුවේ. හරි කීකරු බල්ලා. මේ සිද්ධිය උනේ අපේ දුව ඉපදිච්ච දවස්වල. මම එතකොට වැඩ කලේ මම අර ලියපු භාෂාව වැරදිච්ච බොස් හිටපු කොම්පඤ්ඤ වීදියේ තිබුනු කම්පැනි එකේ. මගේ බොස්ගෙත් බොස්ගෙ නම තමයි ‘රීස්වි’. එයා ඉතින් හරිම භක්තිවන්ත මුස්ලිම් ජාතිකයෙක්. ඉතින් ඔන්න මගේ දුව ඉපදුනා කියල ආරංචි උනහම රිස්වි කිව්වා දුවව බලන්න එයා අපේ ගෙදර එනවා කියලා. ඉතින් මමත් දවසක් සෙට් කරගෙන රිස්විට අපේ ගෙදර ඩිනර් එකට එන්න කියල ඉන්විටේෂන් පාරක් දුන්නා. ඉතින් රිස්වි කියන්නෙ මගේ බොස්ගෙත් බොස් නිසා හොඳට සලකන්නත් ඕනෙනෙ. මොකද සැලරි ඉන්ක්‍රිමන්ට්ස්, ප්‍රමෝශන්ස් ඒව මේව ඔක්කොම ඉතින් තියෙන්නෙ පොරගෙ අතේ තමයි. ඉතින් ගම හාමිනෙයි අපේ අම්මයි එකතු වෙලා වැඩ කිඩ දාල හොඳ කෑමක් හැදුවා රිස්විට දෙන්න. දැන් ඉතින් ඔක්කොම උපරිමයෙන්ම සෙට්. ඔන්න රිස්විත් ගේ ගාවට ඇවිල්ල මට කෝල් එකක් දුන්නහම මමත් ගිහිල්ල ගේට්ටුව ඇරියා කාර් එක වත්ත ඇතුලට ගන්න. රිස්වි කාර් එක නවත්වල බහිනකොටම මෙන්න බොලේ ස්නෝවියා කොහෙද ඉඳන් හුරේ රන් එකක් දීගෙන එනව රිස්විගෙ ඇඟට පනින්න. දැන් ඇඟට පැන්නොත් වෙන්නෙ එකම ජංජාලයයි මොකද ඔය ගොඩක් මුස්ලිම් ජාතිකයො බල්ලො ඇඟේ ගෑවෙනවට කැමති නෑනෙ. ඉතින් කලබල වෙච්ච පාර මම කෑගැහුවෙ,
"රිස්වි දුවපන් කූඩුවට" කියල.
මගේ කරුමේ කියන්නෙ බල්ලත් කෙලින්ම ගිහින් නැවතුනේ කූඩුවේ. ඉතුරු ටික මගෙන් අහන්න එපා.
මේ කතාව මට කිව්වෙ අපේ පෙරකදෝරු නෑනා. ඒ කියන්නෙ අපේ ගම හාමිනේගෙ බාල මල්ලිගෙ නෝනා. මේක වෙලා තියෙන්නෙ ඒ නෑනගෙ යාළුවෙක්ට. මේගොල්ලන්ගෙ ගෙදරත් ඉඳල තියෙනවා අර පොඩි කාලෙදිම වලිගෙ කපන්න ඕනෙ ජාතියේ බලු පැටව් දෙන්නෙක්. ඉතින් මෙයා බලු දොස්තර ක්ලිනික් එකට කෝල් කරල තියෙනව මේකට අපොයින්මන්ට් එකක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි කතාව වෙලා තියෙන්නෙ,
නෑනගෙ යාළුවා : "හලෝ, බලු දොස්තර ක්ලිනික් එකද ?"
ක්ලිනික් එකෙන් : "ඔව් මැඩම් . . . "
නෑනගෙ යාළුවා : "මට වලිග කපන්න අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන්ද ?"
ක්ලිනික් එකෙන් : "පුළුවන් මැඩම් . . අද හවස හතරට කලින් එක්කන් එන්න "
නෑනගෙ යාළුවා : "හතරට කලින්නම් බෑ . . මගෙ හස්බන්ඩ් එනකොට පහ විතර වෙනවා . ."
ක්ලිනික් එකෙන් : "අනේ සොරි මැඩම්. අපි වලිග කපන්නෙ බල්ලන්ගෙ විතරයි . ."
ඉතින් තාමත් ඒ බලු පැටව් දෙන්නගෙ වලිග කපල නැහැ කියල තමයි ආරංචිය.
අපි මේ ඊයෙ පෙරේදා ගියා දඹානෙ වැද්දො බලන්න කියල. අර ටැබූ කියල තිබුන විදිහටම එතන මාර බිස්නස් තමයි වෙන්නෙ. පොඩි වැදි පැටව් ලඟට ඇවිල්ල කියනව "මේ හූරො හූරො . . කීයක් හරි දියන්කො බං" කියල හොඳ අමු සිංහලෙන්. ඉතින් ඔය ගමනට ගියා මගෙ යාළුවෙකුත් 'දොන්' කියල. (ඌට දොන් කියන්නෙ ඌ පාතාලේ හින්ද නෙමෙයි ඕං ) ඔන්න එක පාරටම කොහෙද ඉඳල ආපු නාකි වැද්දෙක් "උත්තිල ඇත්තෝ, උත්තිල ඇත්තෝ" කියල දොන් හිටපු දිහාවට අත දික්කරලා කතා කරලා. ඉතින් දොනුත් වැද්දා ලඟට ගිහිල්ලා කීයක්ද අත මිට මොලවලා ඇවිල්ලා. ටික වෙලාවකට පස්සෙ තමයි අපි දැන ගත්තෙ වැදි භාෂාවෙන් "උත්තිල ඇත්තො" කියල කියන්නෙ බල්ලට කියලා.
මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා දමින්ද කියලා. ඒ ගොල්ලන්ගෙ ආච්චිල හිටියේ ඔය කළුතර පැත්තෙ. දන්නවනෙ ඒ පැත්තෙ අර කිතුල් රා, පොල් රා එහෙම මදින එක ගජරාමෙටම සිද්ද වෙනවා කියලා. ඉතින් ඔය පැත්තෙ රා මදින අය මුට්ටිය තෙලිජ්ජෙන් පිරුනට පස්සෙ ඒක ගහෙන් බාල ගහ මුල තියල තියෙනවලු හබරළ කොලේකින් එහෙම වහල ටිකක් පැහෙනකං කියල. ඉතින් ඒ ආච්චිලාගේ ගෙදර හිටියලු බල්ලෙක්. ඌ කොහොම හරි මේ මුට්ටි හොයාගෙන ගිහිල්ල හබරළ කොලේ ඉරල තෙලිජ්ජ බීල එනවලු. කන පැලෙන්න තෙලිජ්ජ බීල එන බල්ල ඊට පස්සෙ දිවත් එලියේ දාගෙන මුළු දවස තිස්සෙම බුදිලු. ආයි ඇහිරිච්ච ගමන් දුවන්නෙත් තෙලිජ්ජ බොන්නලු. ඌ කොහෙන් හරි මුට්ටියක් හොයා ගෙන හැමදාම තෙලිජ්ජ ගහනවලු. ඉතින් ආච්චි ගෙ වැඩේ මේ බල්ලට බනින එකලු.
"නොදකින් මේ බේබදු බල්ල අදත් කණමදය වගේ බීගෙන ඇවිල්ල දවස තිස්සෙම බුදිනේ" කියලා.
කරුමේ කියන්නෙ අහල පහල එවුන් හිතන්නෙ ආච්චි මේ හැමදාම බනින්නෙ සීයට කියලලු.
හික්ස් පට්ට කතා ටික අයියෙ...
ReplyDeleteහික්ස්............... අර ආච්චිවගේ මාත් බනින්න පුරුදුවෙන්න ඕනෙ...කාට බැන්නත් හිතන්නෙ එකම ව්දියටනෙ...නේද දුමි අයියෙ
ReplyDeleteආ....තව දෙයක් අයියේ....... මම නම් දුමි අයියලගෙ ගෙදර එන්නෙ බල්ලෙක් නැති දවසක විතරයි. නැත්තම් ඉතින්.....හික්ස්
ReplyDeleteඅයියා බොසාගෙන් හොඳට අහගන්න ඇති මහිතේ. හිහී මරු බලු සීරීස් එකක් නියමයි.
ReplyDeleteඅඩේ අයියෙ අද උදේ නම් අමුනල කරල බඩ පැලෙනකන් හින ගියා..එල කිරි
ReplyDeleteඅර මහත්තයගෙ වලිගෙ කපන්න කියල හිතපු එක නම් පට්ටම තමා .... රිස්විට කූඩුවට දුවන්න කිව්වට පස්සෙ අයියට නියම ප්රොමෝශනුත් හම්බුවෙන්න ඇතිනේද ?
අර අහක ඉන්න බල්ලෙක් හින්ද අහින්සක සීයගෙ එකවුන්ට් එකට වැටෙන බලු කතා ! අයියෝ සීයා පව්නෙ :D
ReplyDeleteහපොයි සීයා....
ReplyDeleteපට්ටම පට්ටෝ.......:))
ReplyDeleteහපොයි...... හිනා වෙලා පන නැතෝ........
ReplyDeleteබල්ලො හන්ද උන හුට්ටප්පර කතා ටිකක්නේ.......
සීය නම් පවු.........
රිස්වි නම් කූඩුවටම යන්නැති........ :D :D
එල.
ReplyDeleteනියමයි දුමී! වෙනද වගේම අදත් උදේ පාන්දර මගෙ ලේ පිරිසිදු කළා.ඔයා ලියන ස්ටයිල් එකනං කියලා වැඩක් නෑ...
ReplyDeleteෂා...අපේ හීරෝ මචංසුත් ඇවිත් ඉන්නෙ.අපේ පැත්තෙත් ඇවිත් යන්න ඕනෙ ඕං.වතුරත් රත් කරලා තියෙන්නෙ තේ හදන්න
"රිසිවි දුවපං කූඩුවට...," පට්ට බං... ඒකෙන් පස්සේ හම්බ විච්ච ප්‍රොමෝෂන් එකටද උඹට ලංකාවෙනුත් යන්න වුනේ... හික් හික්...
ReplyDeleteපට්ට බං...
හූ... උදේ පාන්දර තව පොඩ්ඩෙන් හිනා ඉස්පොල්ලේ යනවා...
ReplyDeleteහෆ්ෆා....සනීපයි....ඇගට පුදුම ෆිට් එකක් දැනෙන්නේ....වෙනදෙයක් හින්ද නෙවේ මේ කතා පොජ්ජ අහල...බඩත් රිදෙනවා....
ReplyDeleteඅම්මත් ඇවිල්ලා බැළුවා මු තනියෙම හිනාවෙන්නේ තියෙන පිස්සුව වැඩි වෙලාද බලන්න...වෙන මොනා කරන්නද අම්මටත් කියවන්න දුන්නා.
ඉතිරි ටික ඉතින් මට වගේම ඔය උඩ ඉන්න එවුන්ට වෙච්ච දේම තමයි.
ආයෙත් අහල පට්ටම පට්ට....දූමී අයියා ලිව්වොත් ඉතිං අහන්නත් දෙයක්ද.....
දුමී : රිසවි දුවපන් කූඩුවට....
ReplyDeleteරිසවි : දුමී බැහැපන් එළියට....(ජොබ් එකෙන්)
හිහිහිහි මදෑ ප්‍රොමෝෂන් ගන්න ගියා.....
කෂටිය කියයිද දන්නෑ "දුමී අයියා ප්‍රොමෝෂන් ගත්තා වාගේ" කියලා.ඔන්න මමනම් කිව්වේ නෑ...
අනේ අම්මේ.. ආයේ නම් ක්ලාස් එකක් කරන ගමන් බ්ලොග් කියවන්නෑ අම්ම මුත්තා කිව්වත්.. මගේ ස්ටුඩන්ට් බය වෙලා මං දිහා බලං හිටියා. මං තනියම උඩ පැන පැන හිනා වෙනවා දැකලා..
ReplyDeleteහෆොයි රිස්වි බව්වාට වෙච්ච වැඩේ තමා මරු... හිකිස්!!
අපේ ගෙදරත් හිතිය නොවෑ ඔය කියන ජාතියෙ පොමනෙරියන් පෑටියෙක්. ඉතින් මූට අපේ එවුන් සෙට් වෙන වෙලාවක ටිකක් දීලා. මූත් මහ බේබද්දා හෑමදාම අපෙ උන් බොන වෙලාවට ගිහින් බීල වෑනි වෑනි ගොහින් දපලා බුදි.
ReplyDeleteඉතින් අකාලේ මියදුනා පොඩ් කාලෙම. බීමෙ ආනිසන්ස තමා මන් හිතන්නෙ.
අම්මේ මගෙ බඩ! හිනා කාල පණ ගියෝ...හෆෝයි...
ReplyDeleteයකෝ මටත් තව පොඩ්ඩෙන් ගෙදරට ප්‍රොමෝෂන් . .
ReplyDeleteඅද උදේ ඔෆිස් එකේදී මේක බැලුවේ . . ලොක්කා ඉන්නේ එහා කාමරේ මගේ හිනාවට පොර එලිට ඇවිත් බලනවා මට මොකෑ වුනේ කියලා . .
මම ඉක්මනට ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුවා එස් එම් එස් එකක් නිසා හිනා වුනා වගේ පෙන්නන්න.
පස්සේ පොර එලියට ගියාට පස්සේ තාම්යි රිස්විගේ කතාවට පසු කතා ටික බැලුවේ. . .
හප්පා . . පට්ට කියන්නේ පට්ටම පට්ට කතා ටික බන් . ..
අපරාදේ පෝස්ට් හතරකට පහකට කඩලා දාන්න තිබ්බා . . පික්සු කොර මචන් . .
ආ මේ හෙටද අනිද්දඩ එන්නේ .. ??
උඹව පික් කරන්න එයාපෝර්ට් එන්නත් එපා කිව්වනේ අබුඩාබි ඉඳන් සාජා එන එක දුර වැඩී කියලා . . .එහෙනම් ආවට පස්සේ කෝල් එකක් දීපන් හොඳේ අමතක නොකර
අදට ඇතියො ආයේ නම් දවස් ගානකට හිනා වෙන්න බැරියෝ!!!
ReplyDeleteහිනා වෙලාම ඇග රිදෙනවෝ....
එලකිරි.. පට්ට පට්ට..........
ReplyDeleteඅනේ පව් අපේ දුමි අය්යගේ පඩි කපලා ටිකදවසකින් අස්කරල දැම්මලු..හේ .ඉට පසේ එකෙන් අස් වෙල පිටරට ගියලු.....ඔන්න ඔහොමයි උනේ කිවලු...
ReplyDeleteඑල එල..
ෂැක් පට්ට බලු කතා සැට් එකක්නේ :D
ReplyDeleteඉතිං බල්ලා කූඩුවට ගියාටපස්සෙ මොකද උනේ? :P
ReplyDeleteඅනේ දුමියො උබ නම් හික් හික් පට්ට කොර බන් මේවා. කොහොම ලියනවද මක් හික් න්ද උබ හික් හික්...
ReplyDeleteබේබදු බල්ලා නම් පට්ටම පට්ට.
මේ උබට ඊට පස්සෙ රස්සවට යන්න ගැටලුවක් උනේ නෑනෙ බල්ල කූඩුවට ගියාට හි
අම්මෝ හිනා වෙලා බඩත් රිදෙනවා....එල එල
ReplyDeleteමරු කතා ටික මචන්.. එළ... රිස්වි ලොක්කා ඒ වෙලාවෙම කාර් එක රිවස් කරගෙන යන්න ඇති නේද?
ReplyDeleteමැක්සා දුමියෝ... ඔරිජිනල් බඩු... පිට කොහෙවත් නෑ... උඹත් මාර හැකියවන් ගොඩක් තියන පොරක් බං... දුකාට ස්තූතිවන්ත වෙන්න ඕනේ උඹව අඳුන්නලා දුන්නට....
ReplyDeleteනියමම නියමයි දුමී අයිය.
ReplyDeleteමේ කතාව කියවන්න පටන් ගන්න වෙලාවෙ මමත් එක්ක මේ රූම් එකේ ඉන්න අනිත් එකා ගොරෝ ගොරෝ නිදි. කියවල ඉවර වෙනකොටම ඌ මටත් බැනගෙන එලියට ගියානෙ.
පට්ටම පට්ට
ReplyDeleteමචන් නියමයි නියමයි. හොදට හිනා උනා උදේම. බලු කතා ටික මරු. එතකොට මචන් ගම හාමිනේ වෙනමද ඉන්නේ? මොකද එයා සත්තුන්ට අකමෑතියි නේද?
ReplyDeleteතාම ලOකාවෙද?
බුදු අම්මෝ හිනා වුන තරමක්. සුපිරියි!!!පලවෙනි කතන්දරේ අග කොටස මොනාද හැබෑට වුනේ? සියල්ලෝම සතුටෙන් විසිර ගියාද රිස්විත් එක්ක වැරදුනා ස්නෝවිත් එක්ක? අනිත් බලු කතාත් එකකට එකක් දෙවනි නෑ.
ReplyDeleteෆස්ට් ටයිම් ගොඩ වුනේ. එපා කිව්වත් අනිවා ආයෙත් එනවා.
ප්‍රොමොශන් 1ක් හම්බවෙන්න ඇති මයෙහිතෙ......
ReplyDeletemaru kata tika.boss promotion 1 denna ati ne. :D
ReplyDeleteදුවපන් රිස්වි කූඩුවට කිව්වලු නේ..! හික් හික්..! පිස්සු හැදෙයි අයීයේ මෙන්න කතා..! :))
ReplyDeleteපව් අසරණ සීයා
ReplyDeleteලොල් ලොල් ලොල්
ReplyDelete