කොට කන් කතාවක්

Posted by දුමී



හපොයි දෙයියනේ මම උපුලයගේ කන් දෙක ගැන ලියල අහගත්ත දේවල් කට්ටියගෙන්. හැමෝම කියන්නෙ ඔහොම මඩ ගහන්න එපා කියලනෙ. මම උපුලගෙන් අවසර අරගෙන තමයි ඒක ලිව්වෙ කිව්වත් අහන්නෙම නැහැ. අනේ උපුලො, උඹවත් ඇවිල්ල මාව බේර ගනින් උඹේ කන් දෙකට පබ්ලිසිටි එකක් දීපු එක ගැනවත් හිතලා.

කොහොමෙන් කොහොම හරි මට තව කන් කතාවක් මතක් උනා. ඔන්න ඉතින් යාළුවන්ට මඩ ගහන එක නැවැත්තුවොත්නම් ඉතින් මට මේ බ්ලොග් එකත් නවත්තන්න තමයි එහෙනං වෙන්නෙ ඕං.

ඔන්න මම තව කන් කතා දෙකක් කියනවා.මේ කියන්න යන පළවනි කතාවනං පොඩි මඩක් හොඳේ. අනිත් කතාව නම් ගොඩක් වෙලාවට අහලත් ඇති, මොකද ඒක මටත් ඔය 'කනින් කොනින්' ඇහිච්ච ඒකක්.

මගෙත් එක්ක වැඩ කරපු යාලුවෙක් හිටිය. හොඳ වෙලාවට මට උගේ නම මතක නැහැ. (එක හින්ද ඌ බේරුනා). කොයි වෙලාවෙ බැළුවත් උගේ 'කට කනේ'. ඒ කියන්නෙ ඌ ඉන්නෙ පනාව දාගත්ත ගමන් මයි. සිරාම සීන් එක තමයි ඌ හිනාවෙනකොට කට ගිහිල්ල කනේ වදිනවා.

දවසක් අපි ඔය රස කතන්දර සාගරයක කිමිදිලා ඉන්න වෙලාවක එකෙක් කිව්ව කතාවක් අහලා කට්ටියටම නවත්ත ගන්න බැරි විදිහට හිනා ගියා. ටික වෙලාවකින් අපිට සද්දයක් ඇහෙනවා ඩෝං ඩෝං ගාල. බලනකොට මොකක්ද දන්නවද සද්දෙ, අරූගේ හක්කෙ දතක් ගිහිල්ල කන් බෙරේ වදිනවා.

තව දවසක් සිද්ද වෙච්ච දෙයක් නිසා අපි හරිම පරිස්සමින් තමා ඌත් එක්ක විහිළු කරන්නෙ. එදත් කවුරුහරි කියපු මොකක්ද විහිලුවකට මූ හිනාවෙච්ච පාර කට ගිහිල්ල කනේ වැදිලා කනේ තිබිච්ච කලාඳුරු ගුලියක් ඇවිල්ල මුගේ උගුරෙ හිර වෙලා. අන්තිමට කෘතිම ස්වසනය දෙන්න උනා.

හරි ඒක ඉවරයි. මෙන්න දෙවනි කතාව.

මේකනං ගොඩක් කට්ටිය අහලත් ඇති. අහල තියෙන කට්ටිය බලන්න එපා ඉතින්.

ඔන්න පොරක් ගියාලු කොණ්ඩේ කපන්න තමන්ගේ සුපුරුදු බාබර් සාප්පුවට. හැබැයි මොකක්ද හදීසියක් වෙලා එදා බාබර් හිටියෙ නැහැල්ලු. සාප්පුවේ හිටියේ බාබර්ගේ අත් උදව්වට ඉන්න කොල්ල විතරලු. ඉතින් පොරත් පැයක් හමාරක් බලාගෙන හිටියලු බාබර් එන පාටක් නැහැල්ලු. කොණ්ඩෙත් කන වැහෙන්නම වැවිල තියෙන හින්ද මූට කොන්ඩෙ කපා නොගෙන යන්නත් බැහැල්ලු. ඔන්න ආපු එකේ මේ කොල්ලට කියලවත් කොණ්ඩේ කපා ගන්නව කියල හිතල, "මල්ලි ඇවිල්ල මගේ කොණ්ඩේ කපන්න" කියල කොල්ලට කිව්වලු. කොල්ලත් මේ වගේ චාන්ස් එකක් එනකන් බල බල තමයි ඉන්නේ, මොකද බාබර් ඉන්න වෙලාවට මූට හරි හමන් චාන්ස් එකක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් මූත් සුදු රෙද්ද එහෙම එලලා වැඩේ පටන් ගත්තලු. ටික වෙලාවක් කොල්ල කොණ්ඩේ කප කප ඉඳල එක පාරටම කිව්වලු,

"මහත්තයෝ මෙතන කනක් තියෙනවා, ඒක ඕනෙද ?" කියලා.

පොරත් බැලුවළු මොකාටද යකෝ මූ එන්න යන්නේ කියල කිව්වලු,

"නැතුව නැතුව, ඒක මට ඕනේ" කියල.

කොල්ලා ඩිග් ගාල දැලි පිහිය අරගෙන කන කපල පොරගෙ අතට දුන්නලු "ංආ" කියල.

දැන් පොර කපපු කන අල්ලගෙන ඉන්නවලු. ටික වෙලාවකට පස්සෙ කොල්ල ආපහු අහනවලු,

"මහත්තයෝ, මෙන්න තව කනක් තියෙනව, ඒකත් ඕනෙද ?" කියල.

දැන් මේක ඕනේ කිව්වොත් මූ මේකත් කපල අතට දෙනවනේ, ඉතින් පොර කිව්වලු,

"නෑ නෑ ඕනෙ නෑ" කියල.

කොල්ල ඩිග් ගාල දැලි පිහිය අරන් කන කපල කුණු බක්කියට දැම්මලු.

21 comments :

  1. යන එන මං නෑ ඌට :D
    එල මචං

    ReplyDelete
  2. මස් කඩේ තම්බි මුදලාලිලිගෙන් එක්කෙනෙක් ඇහුවලු "ඔහේලා ගාව මනුෂ්‍යකම් ඇත්තෙම නැද්ද? මේ විදිහට සත්තු මරන්නෙ" කියලා.

    තම්බි මුදලාලි කිවුවලු " නේ අප්පා මනුස්ස කන් නම් නෑ , හරක් කන් , එලු කන් නම් තියෙනවා, දෙන්නද ?" කියලා.

    ReplyDelete
  3. කන් කැපුවට හිරේ දාන්න වටිනව නොවැ මේකව..

    ReplyDelete
  4. හෆොයි...මදැයි කොලා....කැපුවා නේද කන් දෙකම....හැබැයි මම නම් අහලා තියෙන්නේ..තරුණ දොස්තරගෙන් සහ වයසක බාබර් ගෙන් ප්‍රවේසම් වෙන්න කියලය....බැලුවාම දැන් ඒවත් අලුත් වෙලා.......

    ReplyDelete
  5. අර කට කනේ වදින බුවාගේ නම ගම එක්ක පෝස්ට් එක දැම්මා නම් උඹේ කන් දෙකට වෙන්නෙත් ඔය කොන්ඩේ කපන්න ගිය එකාට වෙච්චි සංගෙදියම තමයි . . හික්ස්

    ReplyDelete
  6. හ හා... නියම කතාව...

    ReplyDelete
  7. කෝකටත් ඕව කියන‍කොට කන් දෙක ඉන්ෂූරන්ස් කරන් හිටියනම් හොඳයි. නැත්තන් ලංකාවට ආයේ ආපු දවසට කන් හොයන්න වෙයි.
    එල කතා දෙක. දෙවනෙි කතාව කලින් අහල තිබුනට රස අඩු නොකරම ලියල තියනවා.

    ReplyDelete
  8. අයියා මොකද කන් ගැනම කියන්නේ? කන්දෙක ගැන ආසාව අත් ඇරලාද?

    ReplyDelete
  9. මෙහෙ උඹ කනට ගහනව, අරෙහෙ උඹෙ බඩට ගහනව. මේව තමයි මචං දොට්ටදැම්මවිදියෙ කර්ම කියන්නෙ.

    ReplyDelete
  10. ආයෙත් අහලා ඉන්දික උපශාන්ත මිතුරා හරිම පොයින්ට් එකක් තමයි ගෙනාවේ. දැන් මොකද දුමී අයියා කියන්නේ?

    ReplyDelete
  11. දුකා කිව්ව වගේ උබට වෙන්නෙ කන් දෙක සාක්කුවෙ දාගෙන යන්න තමා කට්ටියට අහු උනොත් හරි හමන් විදියකට... හික් හික්

    ReplyDelete
  12. බාබුලා දැලිපිහියෙන් සෙල්ලම් දාන විදියට කන ඉතිරි වෙන එකත් ලොකු දෙයක්...

    නියමයි දුමී.

    ReplyDelete
  13. අයියෝ කන්දෙක :D

    ReplyDelete
  14. දැන් උඹට කන් නැතුවම බෑ වගේ නේද? ගියආත්මේ උඹ කණෙයියෙක්වත්ද?

    ReplyDelete
  15. හිකිස්... කට කනෙ....
    දුමී අයියා... ලංකාවට ගිහිල්ලා කන පලා ගන්ට වෙයි ඕං ගහන මඩවලට...

    ReplyDelete
  16. නියම කතා ටික..
    :D

    ReplyDelete
  17. අයියා... ආපහු ලංකාවට ආපු දවසට අහම්බෙන්වත් දකින්න කතා කරන්න මට නම් බයේ බැරිවා....

    දුමී අයියට කා ගැන වුනත් කතාවක් ලියන්න කරුණු කාරණා ‍තියනව නේ අනේ...

    අපොයි.. ඕං අපි නැහැ ඔන්න හොදේ....

    ReplyDelete
  18. ඔන්න අපි නම් දන්නේ නෑ ඕං :-)
    කාගෙන් හරි කන නම් පලාගන්න එපා ඕන් මෙව්වා කියලා

    ReplyDelete
  19. ස්තූතියි අයියා....

    දුමී අයියගේ බ්ලොග් එකට මගේ බ්ලොග් එකකේ ලින්ක් එකක් දැම්ම අහන්නනෙත් නැතිව...

    http://sodurusitha.blogspot.com/2010/07/blog-post_7950.html

    ReplyDelete
  20. කන පලාගන්නේ නැතිව ඕනේ එකක් :)

    ReplyDelete
  21. කමෙන්ට් කරපු හැමෝටම ගොඩක්ම ස්තුතියි. වෙන වෙනම ස්තුතියි නොකිව්වාට තරග වෙන්න එපා ඔන්න.

    ReplyDelete

Related Posts with Thumbnails