බැට් මෑන් සහ පික් පොකට් කාරයා

Posted by දුමී

දැන් මම මගේ මේ යාලුවන්ට වෙච්ච කට කහන කතා ලියන්නට පටන් ගත්තට පස්සෙ ඔන්න ටික ටික මට මරණ තර්ජන එහෙම එන්න පටන් අරගෙන. රෑට රෑට අඳුනන්නැති අය කෝල් කරල "උඹ ටිකක් පරිස්සමෙන් හිටපන්" කියල තර්ජනය කරනව. මම දන්නව මේක වැඩියෙමත් කරනව ඇත්තෙ අපේ නිලන්තය නොහොත් පයිතා තමයි. ඌට වෙච්ච අර "රැල්ල වෙරළ . . ." කතාව ලියුවට මූට අම්බානෙකට තද වෙලා මට සැහෙන්න තර්ජනය කලා. ඌ මට කියුව උඹට කටුනායකින් බහින්න ඉඩ තියන්නෙ නෑ කියල. මොනව කරන්නද ඉතින් කටුනායකින් බහින්න බැරි උනොත් ඉතින් ඔය හම්බන්තොටින් හරි බහින්න බැරියෑ. ඔව ඉතින් ඌට කිය කිය ඉන්න ඔනැයෑ. අපරාදෙ ඌ පාතාලෙට ගෙවපු සල්ලි ටික. ඔන්න ඉතින් පයිතා සම්භන්ධ තව කතා දෙක තුනක් තියෙනව. කොහොමත් ඔය මැත්ස් කරපු පොරවල් ඉතිහාසය විෂයට හරි දුර්වලයි කියලා මම අත්දැකීමෙන්ම දන්නව. තවත් ඉතින් ඉතිහාසගත කතාවකුත් තියෙනවා මේ පයිතට වෙච්ච. ඒව ඉතින් මම නිවාඩු පාඩුවෙ ලියල දාන්නම්කෝ.

හැබැයි ඉතින් මේ වගේ තර්ජනය එන්න එන්න මගේ මේ කට කහන එක වැඩි වෙනවනෙ බොලේ. කට කහන එක නවත්ත ගන්නම බැරි තැන ඔන්න මම කල්පනා කලා මගේ තව යාලුවෙක්ට මඩ ප්‍රහාරයක් එල්ල කරන්න. හැබැයි ඉතින් මේව ඔක්කොම ඇත්තටම සිද්ද වෙච්ච දේවල් තමා. මේ කතාවෙ කතා නායකයගෙ නම හසිත. සුදු උස කෙට්ටු ළමයා. හරි අහිංසකයි. අහිංසක වැඩි කමට මේ ලඟදි තමයි තාත්ත කෙනෙක් උනේ. දැන් මේ සිද්දියනම් වෙලා තියෙන්නෙ දැනට අවුරුදු 5 කට විතර ඉස්සෙල්ල. එතකොට අපේ හසිත ළමය තනිකඩයා. ඒ වෙනකොට ඩුබායි වලට ඇවිල්ල වැඩි කාලයක් නැහැ මගේ හිතේ. හසිත ඒකාලෙ නැවතිල හිටියෙ ෂාජා වල ෆ්ලැට් එකක තවත් බැචුලර් කොල්ලො ටිකකුත් එක්ක. මට උන් ටිකගේ නම් මතක තිබුනත් මගේ වැඩි ආරක්ෂාවට මම නම් ටික ලියන්න යන්නෙ නැහැ මොකද උන් හසිත වගේ අහිංසක උන් නෙමෙයි. දසම නසරාණියො සෙට් එකක්. උන්ගෙ වැඩේ අර අහිංසක හසිත ළමයට දස වද දෙන එක තමයි. මුන් කරන වැඩක් තමයි හසිතය බුදියගන්න යන්න කලින් හොල්මං කතා කියන එක. ඉතින් එවා අහලා හසිතය නිදා ගන්න යන්නෙ ඉති පිසො ගාථාව සිය පාරක් විතර ඇඳේ කකුල් හතරට මතුරල තමයි.

ඒකෙන් මේකෙන් කතාවත් දික් ගැස්සෙන එක තමයි වෙන්නෙ. මේන්න කතාව එහෙනං.



කට්ටිට්යට මතක ඇති කාලෙකට පස්සෙ හොඳ බැට් මෑන් මූවි එකක් ආව 2005 අවුරුද්ද දිහාවෙ. ඒකෙ නම 'බැට්මෑන් බිගින්ස්' (Batman Bigins) . සාමාන්‍යයෙන් අලුත් මූවි රිලීස් කරපු ගමන්ම වගේ ඩුබායි වල ස්ක්‍රීන් කරනවා. ඉතින් මේකටත් ඔන්න ඒ දවස්වල හොඳ හොට් හොට් ඇක්ෂන් මූවි එකක් විදිහට සිරා පබ්ලිසිටි එකක් එහෙම දුන්න. ඉතින් අපේ හසිතත් එක්ක හිටපු උන්ට මේක බලන්න යන්න ඔන වුනා. හසිතයා නම් වැඩිය කැමති නැහැ ඔය බය හිතෙන ජාතියේ ෆිල්ම් බලන්න යන්න. ඒත් ඉතින් යාලුවන්ගෙ වදේටම බලන්න යන්න කැමති උනා. මොකද ඌ වැඩියෙමත් කැමති නැත්තෙ ඌට හරි බයයි ඔය ෆයිට් එහෙම තියෙන සීන් බලන්න. ඌ ඉතින් කරන්නෙ ෆයිට් එකක් යන කොටම ඇස් දෙක වහ ගන්න එක තමයි. හිමිහිට ඇඟිලි අතරින් බලල ෆයිට් එක ඉවර උන ගමන්ම ආපහු බලන්න පටන් ගන්නවා. කොහොමෙන් කොහොම හරි දැන් මූවි එක බලන්න ගියා කියල කියමුකො. කිරි අප්පට පැනපු බල්ලො මීකිරි හට්ටිය කෑව වගේ හසිතයට මේ මූවි එක හොඳට අල්ලල ගියා. මීට කලින් මූ බැට්මෑන්ව දැක්කෙ ඔය ඉස්කෝලෙ ලඟ ඉස්සර විකුනන්න තිබුන ස්ටිකර් වලින් විතරයි. එකට දැන්. බැට් මෑන් ජීවමානව ඉන්නවා වගේ ඇස් දෙක ඉදිරිපිටම ඉන්නවා. අපේ හසිතයට ආසාවෙ බෑ. ඉතින් වෙනදට ෆයිට් යනකොට ඇස් වහ ගන්න පොර අද ඇහි පිල්ලන් නොගහා මූවි එක බලනවා. ඉතින් මූවි එක ඉවර උනාට පස්සෙ අපේ කොල්ලට ෆුල් සැට. මොකද මූ ජිවිත කාලේටම සම්පූර්ණයෙන්ම බලපු ෆස්ට් ඇක්ෂන් මූවි එක. (මූ වෙනදට ෆුල් එකම බලන්නෙ නැහැනෙ, ෆිල්ම් එකේ බාගයක්ම මූ ඉන්නෙ ඇස් දෙක වහගෙනනෙ ) මූ ඉතින් යාලුවන්ටත් නොසෑහෙන්න ස්තුති කරල සෙට් එකත් එක්ක ආපහු ෆ්ලැට් එකට ආවලු. ඉතින් එදා රෑ කට්ටිය සප්පායම් වෙලා තුණුරුවන් මතක් කරලා එහෙම නිදා ගන්න ගියා කියමුකො. හසිතයගෙ අල්ලපු ඇඳේ හිටපු එකා මහ රෑ උඩ ගිහින් ඇහැරිලා තියෙනව. මෙන්න බොලේ හසිතයා මර ලතෝනි දෙනවලු හීනෙන්. ඌ බෙරිහන් දෙනවලු "අනේ බුදු අයියේ බුදු අම්මෝ ගහන්න එපෝ . . . අම්මෝ . . මාව බේර ගනියෝ " කියල. ඉතින් යාලුවත් ෆුල් ඩම් එක දාල හසිතයට වතුර පාරක් එහෙම ගහල ඇහැරව ගත්තලු. ඉතින් ඔන්න සද්දෙට අනිත් කාමර වල හිටපු අනිත් එවුන් සෙට් එකත් ආවලු බලන්න මොකක්ද මේ උනේ කියල. මොකද උනේ කියල ඇහුවට මූ නෙවෙයි කටවත් හොල්ලන්නෙ. පස්සෙ ඉතින් ඔය පිරිත් එහෙම ටිකක් දන්න යාලුවෙක් පිරිත් ටිකක් කියල මූව රිලැක්ස් කරල ආයෙමත් නිදි කෙරෙව්වලු. කොහොමෙන් කොහොම හරි අනිත් එවුන්ට මොකද මූට උනේ කියල දැන ගන්නකම් කිසි ඉස්පාසුවක් නැහැ. ඔන්න පහුවෙනිද වදෙන් පොරෙන් මුන් ටික හසිතයගෙන් කතාව අහ ගත්තලු. කාටවත්ම කියන්නෙ නැහැ කියල පොරන්දුවක් අරගෙන ඔන්න හසිතය කිව්වලු එදා රෑ වෙච්ච සිද්දිය අකුරක් නෑරම. කාටවත් නොකීව එකේ තරම දැන් පේනවනේ. දැන් ඔන්න මේ කාටවත් කියන්න එපා කියපු කතාව බ්ලොග් එකක යනවා.

හසිතට එද රෑ ෆුල් ආතල් හීනයක් පෙනිලා. හීනෙ හැටියට හසිත තමයි බැට් මෑන්. ඔන්න ඉතින් හසිත බැට් මෑන් කිට් එකත් අැඳල බොරැල්ලෙ YMBA එකේ වහලේ උඩට වෙලා ඉන්නවලු පාර දිහා බලාගෙන. එතකොටම හසිත දකිනවලු පික් පොකට් කාරයෙක් පාරෙ යන ගෑණු කෙනෙක්ගෙ පර්ස් එකක් උස්සල දුවනවා. ඉතින් මොකද මූ කරේ එක පාරටම අහසට පැනල ඉගිල්ලිලා ගිහිල්ල අර පික් පොකට් කාරයාගේ ඉස්සරහට පැන්නලු. පැනල ඉතින් මූ කිව්වලු, "අයියා මොකක්ද අයියා ඒ කරපු කැත වැඩේ ! පව්නේ අයිය ඒ අක්කගේ පර්ස් එක ආපහු දෙන්න . . . . " කියල. එත කොටම පික් පොකට් කාරය පැනපු ගමන් හසිතයගේ බෙල්ලෙන් අල්ලගෙන නෙලන්න පටන් ගත්තලු. දැන් මූ හසිතයට අම්බානෙකට ගහනවලු. ඔන්න එතකොට තමයි ඉතින් හසිතය කෑගහන්න පටන් අරන් තියෙන්නෙ . . . "අනේ බුදු අයියේ ගහන්න එපෝ . . . . මම බැට් මෑන් . . . මම බැට් මෑන්.. ගහන්න එපෝ කියල"

17 comments :

  1. අයියෝ අයියෙ මගෙ නමත් හසිත.මාත් සුදු උස කෙට්ටු(මහතද කොහෙද) ළමයා නොවැ....
    "මේ ලඟදි තමයි තාත්ත කෙනෙක් උනේ"...වෙලාවට මන් නෙමේ...හික්zzz

    අයියෙ වෙනද වගේම අදත් කතාව මරේ මරු

    ReplyDelete
  2. හසිත මල්ලි, බලන්නකො ඉතින් ඒකෙත් හැටි ඕං . . . !

    ReplyDelete
  3. අදයි කතා ටික දැක්කේ අයියේ.....
    යාළුවොන්ගේ හැටි ඇහුවම තමුන්ට වෙච්චි එව්වත් ඔය වගේ ඇති කියලයි මට හිතුනේ...... හිහ්..... ;P ;P

    ReplyDelete
  4. නියම කථාව.....හික්ස් :P

    ReplyDelete
  5. @තරිය, @හසි,

    ස්තුතියි බලල කමෙන්ට් එකක් දැම්මට

    @හා පැටික්කි,

    ඔව් ඔව් ඔහොම යනකොට කවුරුහරි මගේ යාලුවෙක් බ්ලොග් එකක් පටන් අරං මට වෙච්ච ඒවත් ලියයි.

    ReplyDelete
  6. හිනා කාල පන යනවා... හසිත ය පිස්සු ලෝකයක් වගේ... හික් හික්

    ReplyDelete
  7. හසිත කියන නම තියෙන ඔවුන් ඔහොම්මමයි :) [උඩ බලාගෙන කෙළ ගැහුවද මන්දා]

    ReplyDelete
  8. hah hah hah ..had a good laugh... thanks :-)

    ReplyDelete
  9. අයියෝ....... මම එක සැරේ සේරම post කියවන්න ගිහින් හිනා වෙලා බඩත් රිදෙනවා මූනත් රිදෙනවා... නිදන් හිටපු මගේ රූමිත්(රූම් මෙට්) අහැරිලා...

    ReplyDelete
  10. මමත් අද තමයි බ්ලොග් එකට ගොඩ වුනේ.. 8ට විතර පටන් අරන් දැන් වෙලාව 12යි..එතකන්ම හිනාවුනා.. නියමයි.. දිගටම posts දාන්න...

    ReplyDelete
  11. ඇත්තටම කවුරුත් නැද්ද මේ දුමි අය්යගේ හොද කතා ටිකක් දන්න????


    එල එල දුමී අය්යේ තව තව ලියන්න.....මාත් එක දවසක් හීනෙන් Super mario වුනනේ :D :D :D :D :D

    ReplyDelete
  12. මේ බ්ලොග් එක කියවන එක අබ්ං කෑව වගේ වැඩක්. නවත්තන්න හිතෙන්නෙම නෑ. පට්ට.

    ReplyDelete

Related Posts with Thumbnails