අවුරුද්දයි - පනහයි
Posted by
ගිය අවුරුද්ද අප්‍රේල් මාසේ දිහාවෙ නිකං කම්මැලි කමට මූනු පොතේ රවුමක් ගගහා ඉන්න කොට තමයි "දුකාගේ 100 වෙනි පෝස්ට් එක ...." කියන ලිපිය මගේ හිතවත් මිතුරෙක් වන පාලිත විසින් ෂෙයාර් කරලා තිබුනේ. දැකපු ගමන්ම හිතුනේ මේ මම දන්නා හඳුනන "දුකා" (වසන්ත බන්ඩාර දුක්ගන්නරාල ) විසින් දාපු ලිපියක් කියලා තමයි. මම ඒ දුකාව දැනගෙන හිටියේ මීට අවුරුදු බර ගාණකට කලිනුයි. ඒ මම සංගීතය පැත්තෙන් ලංකාවෙ රඟ දක්වපු ප්‍රසිද්ධ නාටිටි සෑහෙන ගාණක් එක්ක සම්භන්ධ වෙලා ඉන්න කාලේ. මට ඒ දුකාව මුණ ගැහුනේ ප්‍රසන්නජිත් අබේසූරිය විසින් නිර්මාණය කරපු "දොර්දණ්ඩා" කියන නාට්ටියට සම්භන්ධ වෙලා ඉන්න කොට. දුකා ඒ නාට්ටියේ සත්තු වත්තේ මුර කාරයාගේ චරිතය රඟ පෑවා. අවුරුදු කීපයක් මේ නාට්ටිය එක්ක මුළු රට වටේම කරක් ගහලා තිබුනු නිසා, ඒ දුකාව ලඟින් ඇසුරු කලා ඒ කාලේ.
කොහොමෙන් කොහොම හරි දාල තිබුනු ලින්ක් එක දිගේ ගිය මට දැක ගන්න ලැබුනේ මේ දුකා ඒ දුකා නෙමෙයි කියලා. ඒත් ඉතින් ඔන්න ඔහේ ආපු එකේ දාලා තියෙන ලිපිය කියවගෙන කියවගෙන ගියා. ඒ ලිපියත් දාල තිබුනේ මම ඉතාමත් ආදරය කරන ගායකයෙකු වන අබේවර්දන බාලසූරිය ගැනයි. හරිම රසවත් විදිහට ලියවිලා තිබුනු ඒ ලිපිය හරහා මම දුකාගේ අනිකුත් ලිපිත් එකින් එක කියෙව්වා. කොහොමත් ඒ ලිපි කියවලා ඉවර වෙනකොට මම නොම්මර එකේ "දුකා රසිකයෙක්" වෙලා ඉවරයි. ඔන්න ඊට පස්සෙ දුකාගේ බ්ලොග් රෝල් එක හරහා අනිත් බ්ලොග් වලට යන පාර හම්බ උනා. ඔය කාලේම තමයි කතන්දර විසින් පටන් අරන් තිබුනු චූ කතන්දර බ්ලොග් අවකාශෙ පුරා නැගලා ගියේ. කොහොමෙන් කොහොම හරි ඊට පස්සෙ මට සෙට් උනේ, මාරයාගේ හෝරාව සහ අතිතයෙන් අහුලන මතකයන්, සොඳුරු සිත වගේ බ්ලොග් අඩවි. කලින් සිංහල පත්තර ටික කියවන්න දවසින් කාලයක් වෙන් කරගෙන හිටපු මට, ඒ කාලේ යොදවලා බ්ලොග් ටික කියවගන්න ලැබුනා.
ඒ කාලේ මාරයා පංසලේ කතාව පටන් අරගෙන කරගෙන යනවා හරිම රසවත් සහ තමන්ටම ආවේණික ශෛලියකට. මම ඉස්සෙල්ලාම කියෙව්වෙ මාරයාගේ කතාවෙ මාරයා කියලා තිබුනේ ඇබිත්තයෙක් විදිහට පන්සලේ ජීවිතය පටන් ගත්ත විදිහයි. කොච්චර ලස්සනට ඒ කතාව ලියලා තිබුනාද කියනවනන් මම හිතුවේ මේ මාරයා නව කතාවක් ලියනවා කියලයි. පස්සෙ දවසක මම මාරයාගෙන් කමෙන්ටුවකින් ඇහුවා මතකයි, මේ ලියන්නෙ ඇත්ත කතාවක්ද නැත්නම් නව කතාවක්ද කියලා. දිල් ලියපු අතීතයෙන් අහුලන මතකයන් කතාවත් කොච්චර හිතට වදින විදිහට ලියලා තිබුනද කිව්වොත් මම මුලදී හිතුවේ කොටස් වශයෙන් පලවෙන නව කතාවක් කියලයි. මම මාරයගෙන් අහපු ප්‍රශ්නෙම දිල්ගෙනුත් ඇහුවා මතකයි.
ඔය විදිහට කාලයක් බ්ලොග් රසිකයෙක් වෙලා ගිටිය මට මේ වෙනකොට බ්ලොග් එකක් කරන්න තදින්ම ඕන වෙලා තිබුනේ. ඊට පස්සෙ මගේ පිහිටට ආවෙ SBU එකේ තිබුනු සිංහල බ්ලොග් එකක් පටන් ගමු කියන කුප්පියයි. ඊට පස්සෙ පැය ගාණක් කට්ට කාලා බ්ලොග් එකට දාන්න හොඳ ටෙම්ප්ලේට් එහෙකුත් හොයාගෙන, නමකුත් තෝරගෙන පලමුවෙනි ලිපිය දුමීගේ පිවිසුම කියලා දැම්මෙ හරියටම අදට අවුරුද්දකට කලින් 2010, මැයි 24 වෙනිදා.
ඉස්සෙල්ලම බ්ලොග් පෝස්ට් එකක් ලියලා පබ්ලිෂ් කලාට පස්සෙ ඒක සිංහල බ්ලොග් කියවනයෙයි, ලාංකීය සින්ඩියෙයි පබ්ලිෂ් වෙච්ච වෙලාවෙ දැනුනු සතුට ගැන නම් කියලා වැඩක් නෑ. මම හිතන්නෙ හැම අංකුර බ්ලොග් කරුවෙක්ම ඒ වින්දනය ඒ විදිහටම විඳිනවා. ඊට පස්සෙ මගේ බ්ලොග් එකේ පලවෙනිම ෆලෝවර් උනේ හසිත ජයසූරිය මල්ලි. ඉස්සෙල්ලාම කමෙන්ට් එක දැම්මෙත් එයා. මගේ පලවෙනි පෝස්ට් එකටම ඒ වෙනකොට බ්ලොග් අවකාශයේ පතාකයන් වන දුකා සහ කතන්දරත් කමෙන්ට් කිරීම මට සෑහෙන්න ලොකු දෙයක් උනා. ඉන් නොනැවතුන දුකා ආගන්තුකයෙක් වෙච්චි මගේ බ්ලොග් එක එයාගේ බ්ලොග් රෝල් එකට දාගත්තා. අද උනත් මගේ බ්ලොග් එකට සිංහල බ්ලොග් කියවනයයි, ලාංකීය කියවනයයි ඇරුනහම වැඩියෙන්ම හිට්ස් එන්නෙ දුකාගේ බ්ලොග් රෝලෙන්. ඒ පලවෙනි පෝස්ට් එක තුලින් මුන ගැහුනු දුකා කියන සුන්දර මිනිහා සහ ඒ මිත්‍රත්වය තමයි මගේ මේ බ්ලොග් කරණයේදි මේ තාක් කාලයක් මම නෙලා ගත්ත වටිනාම ඵලය.
සොඳුරු සිත ලියන වත් නංගිත් මගේ පෝස්ට් අනිත් අය අතරට අරගෙන යන්න සෑහෙන්න උදව් කලා ඒවා ගුග්ල් බස් එකෙයි, මූනු පොතෙයි පබ්ලිෂ් කරලා. ඒකෙන් ගොඩක් දෙනෙක් මගේ බ්ලොග් එක ගැන දැන ගත්තා. බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඒකට කමෙන්ට් එකක් වැටෙනවා වගේ සන්තෝසයක් බ්ලොගර් කෙනෙකුට තවත් නෑ. සමහර වෙලාවට ජී මේල් ඉන් බොක්ස් එක රී ෆ්‍රෙෂ් කර කර හිටපු අවස්ථා තියෙනවා කමෙන්ටුවක් වැටෙනකම්.
මම සැබෑ ජීවිතයේදි මගේ හැඟීම් විවෘතව පෙන්නන මිනිහෙක් නෙමෙයි. ගොඩක් දේවල් හිතේ තියාගෙන බොහොම ටිකක් වචන වලින් පිට කරන මට මේ ගැන අපේ ගම හාමිනෙත් සෑහෙන්න දොස් පවරලා තියෙනවා. එහෙම හිටිය මට මගේ හිතේ තෙරපෙන අදහස් නිදහසේ ගලාගෙන යන්න මේ බ්ලොග් එක ලොකු පිටිවහලක් උනා. ඉතාමත් ආතතියකින් යුතු රැකියාවක් කරන වෙලාවට, බ්ලොග් එකක් ලියලා, තෙරපිච්ච හිත ලිහලා දාන්න පුළුවන් වෙන එක කොච්චර ලොකු දෙයක්ද ?
අද බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන දවස. මේ පෝස්ට් එකත් එක්ක මම මේ තාක් දාලා තියෙන්නෙ පෝස්ට් 50යි. ඒක මහ ගොඩක් නෙමෙයි. එහෙම බලද්දි මම තාම ආධුනිකයෙක් කියලයි මට හිතෙන්නෙ. මගේ බ්ලොග් එක වටේ සෑහෙන්න බ්ලොග් රසිකයෝ ටිකක් වටවෙලා ඉන්නවා පේනකොට නම් දැනෙන සන්තෝසේ කියලා නිම කරන්න බෑ. බ්ලොග් පෝස්ට් එකක් දාලා වැටෙන හැම කමෙන්ට් එකක්ම කොච්චර දිරියක්ද කියලා ඔනෙම බ්ලොගර් කෙනෙක් දන්නවා.
ඔන්න ඉතින් මමම මගේ මේ කට කහන බ්ලොග් එකට හැපි බර්ත් ඩේ කියලා කියා ගන්නා ගමන්ම, තව අවුරුද්දක් කොහොම හරි දුවන්නත් තෙල් වතුර ටිකක් මාරු කරලා දැන්ම ඉඳන්ම ලක ලෑස්ති වෙන්න තමයි ඕං කල්පනාව.....
සුභ පැතුම් අයියේ!
ReplyDeleteතව බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් කතා දිගටම ලියන්න :)
වසරක් පිරෙන "දුමීගේ කට කහන කතා" වලට මගෙනුත් සුබ පැතුම්!...චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා කියල ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඇත්තටම සමහර යාලුවො මගෙන් අහන දෙයක් තමා ඔය බ්ලොග් එකක් ලිව්ව කියල මොනවද ලැබෙන්නෙ?,සල්ලි හම්බ වෙනවද?හොද නින්දක් ගත්තනම් ඔයිට සැපයිනේ...කියල.කොච්චර පැහැදිලි කරත් බ්ලොග් ලියන එකේ "සනීපෙ"දන්නෙ ලියන කෙනෙක්ම තමයි.
සුබ පැතුම් අයියේ... තව අවුරුදු ගානක්ම ලියන්න කට කහන කතා ලැබේවා....
ReplyDeleteමගේ උණුසුම් සුබ පැතුම් ....... මෙන්න මේ පහල දාලා තියන කමෙන්ට් එකෙන් තමා මම මුලින්ම ඔයාගේ බ්ලොග් එකට ආවෙ ...... එදා ඉඳලා අද වෙනකං එක ලිපියක් නෑර මම ආසාවෙන් කියෙව්වා .......... ඉදිරියේදීද් අපි වෙනුවෙන් ලියන්න ධෛර්යය හා වාසනාව ලැබේවා කියලා මම නැවත වරක් ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ......
ReplyDelete"Kush said...
මම නම් හිතන්නේ කාලයක් යනතුරැ වෙනම ඉන්න එක කාගේ කාගෙත් ශරීර සෞඛ්‍යයට හිතකරයි කියලා....
March 10, 2011 12:04 PM"
දුමී බ්ලොග් එක පටන් ගත්තෙ මම බ්ලොග් කියවන්න පටන් ගත්ත කාලෙදිමයි. කට කහන කතා බලලා මම ස්ක්‍රීන් එක දිහා බලන් හොඳට හිනා වෙලා තියෙනවා.
ReplyDeleteඔය පෝස්ට් පනහ මම නම් හිතන්නෙ මේ බ්ලොග් ලෝකෙට මහා සම්පතක් කියලා. සුබපැතුම්! තව තවත් හිනා වෙන්න පුලුවන් කතා ලියන්න වෙලාව ලැබේවා කියලා පතනවා.
සුභ පැතුම් දුමී අයියේ
ReplyDeleteසුබ පැතුම් දුමී සහෝ. දිගටම කට කහන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)
ReplyDeleteඒ කියන්නේ අපි අඳුනගෙන දැනවුරුද්දක් වෙනවා . . .
ReplyDeleteඒ වුනාට අවුරුදු මහා බර ගානක් ලඟින් හිටියා වගේ දැනෙන්නේ සමහර විට මීට කලිනුත් කොහේදී හරි හමුවෙලා තියෙන නිසා වෙන්න පුලුවන් නේද මචෝ . . .
මට අවුරුදු 15කාලේ විතර අඬුග ගත්තු මගේ ලංකාවේ යාලුවෙක් ඉන්නවා. අපි සමහර දේවල් ගැන වාද කරද්දී වාදේ අතර මඟ නතර කරලා හිනා වෙනවා - මොකද ඌටයි මටයි වාද කරන්න දෙයක් නෑ අපි දෙන්නම ඉන්නේ එකම මතේ. සමහර වෙලාවට වචන විතරයි වෙනස්.
උගෙන් පස්සේ මට හමුවුනු ඒ ජාතියේ එකම එකා උඹ කියලයි මට හිතෙන්නේ.
මම ගොඩක් දෙනෙක් "ලඟින්" ආශ්‍රය කරන මිනිහෙක් නෙමෙයි ඒ මගේ බ්‍රේක් නැති කට නිසා අනිත් අයට හිත් රිදීම් ඇති වෙන්න පුලුවන් නිසයි. හැබැයි මාව හොඳින් තේරුම් ගන්න පුලුවන් වුනු මිතුරෝ මාව කවදාවත් අතාරින්නේ නෑ ඒ මගේ කට සවුත්තු වුනත් හිත හොඳ බව තේරුම් ගන්න පුලුවන් වුනු අය විතරයි.
උඹේ මේ බ්ලොග් එක ගැන කියනවනම් මගේ බ්ලොග් එකේ "ආච්චි වැහිලා නටන නාඩගම්" කියන ලිපියට උඹ දාපු දිගු කොමෙන්ටුව නිසා තමයි උඹව අඳුන ගන්න පුලුවන් වුනේ. එදා ඉඳන් උඹේ බ්ලොග් එකේ යාවජීව සාමාජිකයෙක් විතරක් නෙමෙයි උඹේ පුද්ගලික ජීවිතයේත් හොඳ මිතුරෙක් වෙන්න ලැබුනු එක මම හිතන්නේ මගේ වාසනාවක්.
ජීවිතේ ඕනෑම ප්‍රශ්නයක් වෙච්චි වෙලාවක පන්සලකට පල්ලියකට ගිහින් කියනවා වගේ උඹට කියලා රිදුනු තැවුනු හිත සුවපත් කරන්න අර උඹ කියපු උඹේ වැඩිය කතා නොකරන වචන කීපයක් සෑහීමකට පත්වෙනවා වගේම ඕනේම ප්‍රශ්නයක් විසඳගන්න ප්‍රායෝගීක පිලිතුරුත් උඹ ලඟ තියෙන එක නිසාවෙන් උඹ වගේ මිතුරෙක් මට ලබා දුන්නු මගේ බ්ලොග් එකට පින් දෙන්න වටිනවා නේද?
අනික උඹේ ගම හාමිනේගේ සහ දරුවන්ගේ දයාබර සෙනෙහස. මටත් අපේ ගෙදර උන්දෑටත් විරුල්ටත් උඹලා සහෝදරයින්ට වගේ සලකනකොට සහෝදරයෝ ලඟපාත නැති අඩුවත් උඹල පිරෙව්වා.
ඔක්කෝටම හපන් මේ බ්ලොග් එක . . . මැරෙන්න තරම් ටයඩ් වෙලාවක මූඩ් ෆික්ස් කර ගන්න ආපහු රිෆ්‍රෙශ් වෙලා සන්තෝසෙන් වැඩට බහින්න මේ බ්ලොග් එක හැර වෙන එකක් මේ සිංහල බ්ලොග් අවකාශේම නැතුව ඇති . .
උඹට ජය. ..
හප්පච්චියේ දුමි අයියේ.. 50 නෙද ? :D
ReplyDeleteඅයියලාට කලින් බ්ලොග් ලියන්න පටන් ගෙනත් මං තාම 47 ද කොහෙද :D :D
එළ එළ ඉදිරි බ්ලොග් කෙරුවාව සුභ වෙලා ගොඩ යන්න සුභ පතනවා :D
දිගටම කට කහන කතා ලියන්න වාසනාව ලැබේවා....සුභ පැතුම් අයියේ....
ReplyDeleteසෑහෙන්ඩ රස වින්දා ඔයාගේ බ්ලොග් එක. සුබ පැතුම් අය්යේ... දිගටම ලියන්න විවේකය හා වෙලාව ලැබේවා...!!!
ReplyDeleteදුමී...., බලපුහාම අපි සම කාලීනයෝ වගෙයි.... මෙච්චර ලඟින් ආශ්‍රය කරන අපි තවමත් මුණ ගැහිලා නැති එක තමයි අවුල.... ඒකත් ලඟදිම වේවා කියලා හිතමු මචන්...
ReplyDeleteඑහෙනම් ජයවේවා.. ඉල ඇදෙන කතා තවත් ලියැවේවා...
ප.ලි. උඹේ කට විතරමද කහන්නේ දුමී......
දුමී අයියට ජය වේවා..,!
ReplyDeleteජයවේවා දුමී අයිය ... සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් මේ බ්ලොග හිට්වේවා !!
ReplyDeleteඉස්සරහටත් හොඳට හිතෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මිනිස්සු හිතෙන දේම නොලිව්වත්, හිතෙන ප්‍රමානෙ වැඩි වෙන්න වෙන්න ලියවෙන දේවල් ආතල්. ජය වේවා ලොකු අයියා!
ReplyDeleteසුබ පැතුම් අයියා හදවතින්ම....තව තවත් කට කහන කතා ලියන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා !!!!!!!!
ReplyDeleteදුමී අය්යා මගෙනුත් සුබ පැතුම් ! (මම කැමතිම ලිපිය තමා අර ඉදි ආප්ප කතාව)
ReplyDeleteහදවතින්ම සුභ පතනවා අයියේ..
ReplyDeleteසුභ පැතුම්!!
ReplyDelete50ට සහ පළවෙනි අවුරුද්දට..
"මැරෙන්න තරම් ටයඩ් වෙලාවක මූඩ් ෆික්ස් කර ගන්න ආපහු රිෆ්‍රෙශ් වෙලා සන්තෝසෙන් වැඩට බහින්න මේ බ්ලොග් එක හැර වෙන එකක් මේ සිංහල බ්ලොග් අවකාශේම නැතුව ඇති . ."
ReplyDeleteඋපුටා ගැනීම දුකා අයියෙග් කොමෙන්ටුවෙන්... ෙමාකද මට මීට වඩා ඔයාෙග් බ්ෙලාගය ගැන ෙවන කියන්න ෙදයක් නැති නිසා...
ඉතිං උණුසුම් සුභ පැතුම්... අර ෙමාකද්ද බ්ෙලාක් එක නැතිව තව තවත් ලියන්න.. ඔයා ෙෙධර්යය ශක්තිය ලැෙබ්වා...
මචං මං කෙහොමත් ප්‍රතිපත්තියක් විදිහට ඔෆිස් එකේ උන් වට පිට ඉන්න වෙලාවට උඹේ බ්ලොග් එක කියවන්නේ නෑ. මොකද උං මාව තනියෙං හිනාවෙන පිස්සෙක් කියලා එලවයි කියලා හිතලා. ඇත්තටම, අත්දැකීම් ගොඩක් පිරුණු උඹේ ජීවිතේ අස්සේ හැංගිච්ච කතා හරිම රසවත්. හරිම රසවත්.
ReplyDeleteඔය වගේ උන්ව අපි ලේසියෙන් අරින්නේ නෑ. ලංකාවට ආපු ගමන් අරෙහේ මෙහේ දක්කං ගිහින් පජාත කරනවා. බොරුනං තිස්සයියාගෙනුයි දුකාගෙනුයි අහපං. කෝකටත් උඹත් පරිස්සමින් ඉඳපං.
උඹේ රසම රස බ්ලොග් එකට සුභ උපන් දිනයක් වේවා!!!
සුභ පැතුම් අයියා
ReplyDeleteදුමී අය්යා, මෙන්න මගේ උනුසුම් සුභපැතුම්
ReplyDeleteදුමීගේ කට තව තවත් කහත්වා
ReplyDeleteමගෙනුත් උනුසුම් සුබ පැතුම් අය්යේ.... ඔයා ලියන රටාවට මම කැමතියි...
ReplyDeleteඅර බඩ අල්ලං හිනා වෙන කතාව ඇත්ත. සමහර වෙලාවට තනියෙනුත් හිනා යනව. මොලේ අමාරුවක්ද කියල හාමිනේ නෝනා අහපු වෙලාවලුත් තියෙනව. උඹ දුකා දැකල පටන් ගත්ත වගේම මම පටන් ගත්තෙ කතන්දර කාරයගෙන්. අපරාදේ කියන්නේ සෑහෙන උදව් කලා බොග පටන් ගන්න.
ReplyDeleteදුකයි, කතන්දරෙයි, එළකිරි කොල්ලො බොලව්....
ජයවේවා...!!!! සුභ අනාගතයක්...!!! ලොහ්... ලොහ්....
හැමදාම කමෙන්ට් නොකරට ඉතින් පුලුවන් හැම වෙලාවකම මඟ ඇරුනු ලිපිත් එක්කම කියවනවා.
ReplyDeleteඉතින් තව තවත් දුමී අයියාගේ කට කැසීමට ලක්වේවා......!!!!!
සුභ පැතුම් අයියා........
මා දුටු මුල්ම බ්ලොග් පිටුවත් ඔබගෙ වෙතේ
ReplyDeleteඑනිසා Add කලෙමි RSS Feed එකේ
ලියු හැම වදනක්ම මා කියවලා ඇතේ
මේ ටික නොකිව්වොත් කට කහනවා පුතේ
දුගේ කතාවට ඇස් දෙක තෙත් වුවා
බබා කතා මගුල් කතා Hit වුවා
ලියපන් අයියෙ හැමදාමත් හොද ඒවා
Comment නැතත් හැමදාමත් අපි එනවා
කමෙන්ට් කරන්න බැරි අපහසු තාවයක් තියෙනවා කියලා යාළුවෝ කීපදෙනෙක්ම ෆේස් බුක් එකේ මෙසේජ් එව්වා....! එක්ස්ප්ලෝරර් පාවිච්ච් කරලා කමෙන්ට් කරන්න බැරි උනොත් ක්‍රෝම් හරි ෆයර් ෆොක්ස් හරි පාව්හිච්චි කරලා බලනවද කරුණාකරලා....! සමහර විට මේක ගුග්ල් දෙයියන්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවං.
ReplyDeleteසුබ අනාගතයක් කළුබෝවිල දුමී අයියා.. තවත් අර වගේ රැල්ලකින් පස්ස පැත්ත හෝදගෙන වලත්ත අය එක්ක, වෑන් එක ඇතුලේ තරඟෙට පඩ ඇරලා,
ReplyDeleteඅපේ ලේ පිරිසිඳු කිරීමේ මහා පින්කම කරන්න ලැබේවා..!!!
කියන්න ඕන. පළවෙනි වතාවට බ්ලොග් එකක් දිහා බලාගෙන මැරෙනකම් හිනාවෙලා, ඇත්තටම ගොඩක් අමාරුවෙලා, ඇත්තටම මැරෙයි කියලා මට හිතුනේ ඔයාගේ රැල්ලෙන් පස්ස හෝදපු කතාව බලලා.
දුමී අය්යගේ කතා ටික මමත් ගිය අවුරුද්දේ ඉඳන් කියවනවා... ඒත් කොමෙන්ට් කරන්න නම් බැරි උනා... මගේ සුභ පැතුම් ඔයාට දිගටම මේ විදිහට ලස්සනට ලියන්න ශක්තිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා!!!!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් දුමී.
ReplyDeleteතව තව ලියන්න, කියවන අයගේ ලේ පිරිසුදු කරන එකත් පුණ්‍ය කර්මයක්. අවුරුද්දක් ගෙවී අද සේන්දු වූ පොස්ට් 50හ ඉලක්කම අගට තවත් බිංදු එක් කරන්න හැකියාව හා ශක්තිය ඔබට ලැබේවා. ජය!
(කොමන්ට් කරන්න බැරි ප්‍රශ්ණය බ්ලොගර් එකෙන් ද කොහේද, කෙලවරක් නැතිව ට්‍රයි කලා. යාම්තම් දැන් හරි වගේ)
ඔය කට දිගටම කහන තත්වයේම පවතීවා...!!!
ReplyDeleteසන්තුෂ්ඨී පරමං ධනං!!! කියනවනේ...අපිට තවත් හිනා වෙන්න පුලුවන්නේ....
දැන්වත් මේක වැඩ කරනවද මංදා..දැන් වැඩ කලත් වැඩක් නැහැ..මං දැන් ඩොකාව බලන්න යන්න ඕන..කොහොම උනත් අද රෑ වෙලා මේකට කොමෙන්ටුවක් ලියන්න ඕන...
ReplyDeleteහැපී බර්ත්ඩේ වේ වා!!!
ReplyDeleteමේකේ අලුතින් පොස්ට් එකක් දාන තුරු බලාගෙන ඉන්නේ නිතරම
අඩේ වැඩනේ..ආ දැන් දෙන්නං රෑ වෙලා ඇවිත්...
ReplyDeleteදුමී අයියට හොඳට මුල මතකයි නේද? නැත්නං මුල්ම ෆලෝවර් මතකතියෙයියැ... සන්තෝසයි අයියේ පනහක් කියන්නෙ රස්සාවත් එක්ක ලේසිපාසු සෙල්ලමක් නෙමෙයිනෙව. මේ අවුරුද්දක් ආවා වගේම තවත් සෑහෙන්න කාලයක් බ්ලොග් ලියන්න උනන්දුව, වෙලාව, හිතේ නිදහස ඇතිවේවා !
ReplyDeleteඒ වගේම බර බරේ නොදා පාඩුවෙ බ්ලොග් ලියන්න ඉඩ දීපු ගමහාමිනේටයි දරු පැටවුන්ටත් බොහෝම ස්තූතියි.
[එහෙමයි කිව්වට කී පාරක් ගුටි කෑවද දන්නෙ නෑ මේ මනුස්සයා හාමිනේගෙන්]
මගේ සුභ පැතුම්.
ReplyDeleteමං හිතන්නේ සෑහෙන ස්තුතියක් හිමි වෙන්න ඕනෑ ගම හාමිනේටත් එහෙම නේද?
මං මගේ අවුරුද්දේ උපන් දිනේ දවසේ කිව්ව වගේ කොටියගේ වලිගෙන් අල්ල ගෙන අවුරුද්දක්.
මූ හොඳ කොටියෙක්!
දුමී අයියා මගෙන් උනුසුම් සුභ පැතුම්..!!!
ReplyDeleteමේ ලියන විධියට කමෙන්ට් වැටෙන විධියට අයියා තව දුරටත් ආධුනිකයෙක් කියන්න බෑ. මීට බොහෝ කලකට පෙර පටන්ගත් තවම ලියන පොස්ට් 50ක් නැති. කමෙන්ට් නොවැටෙන බ්ලොග් වලට මම ගිහින් තියනවා. සමහර ඒවා හොඳ බ්ලොග්. ඒත් ෆලෝවර්ස්ලා 20ක් 25ක් විතර. කමෙන්ට් එකයි දෙකයි. ඒති හොඳට ලියලා තියනවා.
මේ හැම දේටම වාසනාවත් ඕන. අයියට ඒ හැකියාව හා වාසනාව දෙකම තියනවා. අවුරුදු දෙක වෙන්න කලින් සියවෙනි පොස්ට් එක වැටෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. චිරාත් කාලයක් වැජඹේවා. මෙහෙම බැලුවම මම අයියට දවසනේ බාල...:D
අඩේ දුමියා 50ක් ගහලා.. එළ ද බ්‍රා කිවුවලු.. ඔහොම යං ඔහොම යං..
ReplyDeleteදුමී අයියා ලියන කට කහන කතාවකින් දවස පටන් ගත්තහම .එදා දවසම ගෙවිලා යන්නේ බොහොම සතුටින් .ඔෆිස් එකේදී එකවරක් මම ඔයාගේ කතාවක් කියවලා මහ හයියෙන් හිනා වෙලා බොස් මට හැමෝම ඉස්සරහා බැනපු විත්තිය මට තවම මතකයි .ඒත් මම මේ බ්ලොග් එකට පට්ට ආදරෙයි
ReplyDelete.නියමම කතාව උනේ පස්සේ දවසක් බොස් එයාගේ ලැප් එකේ වෙබ් බ්‍රවුසර් එකේ දුමීගේ "කටකකහන කතා" ෆේවරිට් ගොඩේ තියාගෙන ඉන්නවා මම දැක්කා ..මගේ බොසා හිනා වෙන ඩයල් එකෙක් නෙවේ .සමහර විට බ්ලොග් එක බලලා අපිට නොපෙනෙන්න හිනහ වෙනවා ඇති..
සුබම සුබ පැතුම් දුමී අයියේ !! කවමදාකවත් ඔය කටකහන කතා ලිවිල්ල නතර කරන්න එපා බ්ලොග් අවකාසේ පාලුවට යවන්න එපා .
ජයෙන් ජය ..
හපොයි..... දුමී අයියට සුබ පතන්න මම ඇවිල්ල තියෙන්නෙ අන්තීමටද කොහෙද.... දවල් දවසම ලොග් වෙන්න ඉඩක් තිබ්බෙ නෑ අයියෙ...සමාවෙන්න....
ReplyDeleteගතවෙන හැම දවසකම අළුත් අළුත් කතා තුලින් තව අවුරුදු ගානක් අපිට ආසාවෙන් කියවන්න පුළුවන් දේ ලියන්න අයියට ශක්තිය ලැබේවා!....ජයෙන් ජයම වේව !
ඒ කියන්නෙ අපි දුමී අයියව කියවන්න අරන් දැන් අවුරුද්දක්.......ඒ උනාට දුකේ බෑ. ඔය අවුරුද්දටම වැඩි හරියක් මම උන්නෙ බ්ලොග් අවකාශයෙන් ඈත්වෙලානෙ....
ආ...අර අයිය කිව්වා වගෙ මටත් හොදට මතකයි අයියා මට ඉස්සර කොමෙන්ට් කරන්නෙ හරියට මම නවකතාවක් ලියනවා වගේ. දවසක් මගෙන් ඇහුවත් එක්ක. මට ඉතින් ටිකක් දුකත් හිතුනා.ඇයි දෙයියනෙ....වළදාලා තිබ්බ අතීතයක් ඉළියට අරන් ලියද්දිත් දුමී අයියා අහනවනෙ නවකතාවක්ද කියලා...හික්ස්...
කමෙන්ට් දැම්මෙම නැතත් මම ගොඩක්විට කියවන හොඳට රසවිඳින අඩවියක්... අළුත් දේවල් ගොඩක් ඔයාගෙන් දැනගත්තා. සුභැපැතුම් දුමී අයියට තවත් කාලයක් රැඳී ඉන්න.... :D
ReplyDeleteසුභ පැතුම් අයියේ....මම ඊයෙ පෙරේදත් ඔයාගෙ පරණ පෝස්ට් වගයක් කියෙව්ව...ෆුල් ආතල්......
ReplyDeleteකට කහන්න අපිත් බලන් ඉන්නවෝ
සුභ උපන්දිනයක් දුමී අයියේ! දුමී අයියගෙ බ්ලොග් එක ගැන අමුතුවෙන් වර්නණා කරන්න ඕන නෑ නෙ. තව චිරාත් කාලයක් දුමී අයියගෙ කට කහන කතා අහල බඩ අල්ලගෙන හිනා වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteහරි ඔන්න මං ආවා...
ReplyDeleteමං මේ කල්පනා කලේ මේ 50 ට ලියන කොමෙන්ට් එකට මෝඩ ජෝක් එකක් ලියනවද..? නැත්තං ටිකක් හිතට අරගෙන අර දාර්ශනික බුවෙක් වගේ ලියනවද කියලා..?
මොකද ඔය දෙවිදියම උඹට ගැල පෙන හින්දා...උඹ අර එක වතාවක් ගම හාමිනේට දරුවා හම්බවෙන්න ගිය වේලේ කාපු කට්ට ගැන ලියපු පෝස්ට් එක මං මෙතෙක් කියවපු පෝස්ට් අතරින් හුගාක්ම හැගීම් බර ලිපියක්.. මං කැමතියි ඒකට ලිපිය කියලා කියන්න..ඒත් මං ඊයේ කියවපු ලිපියක් හින්දා මට ඒක අද කියන්න විදියක් නැහැ..ඒත් දිල්ගේ වැඩක් තමා..මං හිතන්නේ උඹත් ඒකට එකඟ වෙයි දුමියෝ...
ඒ වගේ ලිපියක් ලියන්න හැකියාවක් තියෙන උඹම අනිත් අතට අපිට දෙන්නේ හොඳම විහිළු පිරුන ලිපි තොග ගාණට...
විහිළුවකින් කෙනෙක්ව හිනස්සන එක ලේසි නැහැ...මං හුගාක් වෙලාවට දකිනවා එක එක බ්ලොග් වල කමෙන්ට් කරන අය කියනවා අම්මේ හිනා වෙලා පණ ගියා..එහෙමත් නැත්තං බිම පෙරළි සිනාසෙමි වගේ කෑලි... ඒත් ඒ හැම එකක්ම ඇත්තම නෙවේ කියලා මං කියන්න ඕන නැහැනේ..
හැබැයි ඉඳලා හිටලා ඇත්තටම එහෙම හිනාවෙයන්න පුළුවන් ඒවත් අපිට හම්බ වෙනවා..ඒත් අර කිව්වා වගේ බිම පෙරළි පෙරලි නං නෙවෙයි.ටිකක් හිනා යනවා.
එන්න මට පරණ කේෂ් එකක් මතක් වෙනවා...
අපේ මල්ලිට ඉස්සර ලෙඩක් තිබුනා..ඒ තමයි ඌට හරියන විහිළුවක් හම්බ උනහම ඌ ඒක තනියම මතක් කර කර හිනාවෙනවා..ඒත් හැම විහිළුවටම ඌට හිනා යන්නෙත් නැහැ.
මාටත් ඌව එහෙම හිනස්සන්න හම්බ වෙලා තියෙන්නේ දෙතුන් වතාවයි. ඒත් මං ඒකට හරි ආසයි..ඒකා හුස්ම හිර වෙනකල් හිනා වෙලා බැරිම තැන බඩ අල්ලන් පාත් වෙන ගමන් අතින් කියනවා හිනස්සන්න එපා කියලා..එතකොට මං ටිකක් සද්ද නැතිව ඉන්නවා..ආයේමත් මිනිහා හොඳ හුස්මක් ගත්තා කියලා මට තේරුණහම මං කරන්නේ අර විහිළුවේ හෝ කතාවේ අවසන් වචන කිහිපය ආයෙමත් කියන එකයි...පිස්සුවක් වගේ තමයි..ඒත් ඇත්තටම අරකා ආයෙමත් පටන් ගන්නවා බඩ අල්ලන් හිනාවෙන්න.
හං ඔය කිව්වේ ඇත්තම කතාවක්..ඒත් මට ඒ දවස්වල හිතා ගන්න බැහැ එහෙම මතක් කර කර හිනාවෙන්නේ කොහොමද කියලා..මට ඒ වගේ විහිළු වලට පැය ගණන් හිනා වෙන්න බැහැ.
ඒත් දවසක් මං ඒ වැඩේ අත් වින්දා..ඒ වෙන දේකදී නෙවෙයි උඹේ අර මගුල් ගෙදර කතාවේදී..අර කබරයගේ කතාව මතකයි නේද..?
මං ඒ කතාව උඹේ කියවපු පළවෙනි කතාව නෙවෙයි මං හිතන්නේ..ඒත් එදාම වෙන්න ඕන මට උඹගේ බ්ලොග් එක අහු උනේ.අර ඒ ලාරාගේ කතාව හරහා වෙන්න ඇති කියලා තමා මට හිතෙන්නේ... ඇත්තටම ඒ ලාරා ගැන කියපු කතාවට හාව කරකවලා අතඇරියා වගේ උනා..උඹ විහිළුවට කිව්වා උනත් ඒක ඇත්තටම යිහිවවක් නෙවෙයි...අපිට ආයේ කවදාවත් එළාරලව දෙමල කතා වලින් හම්බ උනේ නැහැනේ..ලාරාගේ නං ගං කෙසේ වෙතත්.ඉතිං ඒක බලලා හොල්මන් වෙච්ච පාරද කොහේද තමා මං ඔය උඹේ ලිපි ටික කියවන්න ගත්තේ..හුට්ටාරේ..එතකොට තමා මට උඹේ ඔය කබරකතාව දැක්කේ..කරුමෙටම ඊට දවස් කීපයකට කලින් මං ෆිල්ම් එකක් බැළුවා ඒකේ නම වෙඩින් සිංග(ර්)..ඒත් ඔය මගුල්හලට සිංදු කියන පොරකගේ කතාවක්..කොමඩියක්..
ඒක බලපු වෙලාවේ ඉඳලා මගේ ඔළුවේ වැඩ කරපු පොඩි සැලැස්මක් තිබුනා..ඒක මෙතන ලියන්න දිග වැඩී..කවුරු හරි ඔය වෙඩින්වලට ප්ලේ කරන ගෲප් එකක කවුරු හරි ඇහැවුවොත් මං පස්සේ කියන්නං..අන්න එහෙම කල්පනාවක් ඔළුවේ තියෙන අස්සේ තමා ඔය ලිපිය මට අහු උනේ...
ReplyDeleteඉතිං මං අර ඔළුවේ තිබුන අරමුණත් එක්කම ඒ ලිපිය කියෙවුවේ හරියට මගුල් ගෙදර ගිහින් ඉන්නවා වගේ හිතුවිල්ලකින්...
කාලා වරෙංකෝ ඇත්තටම උඹ අර කිව්ව අන්තිම වචන ටික දැක්කා විතරයි..එදා උඹලාට දැනුන දේම මටත් දැනුනා හිත පතුලේම ඇනෙන තරමට...උඹ විස්වාස කරයිද නැද්ද මං දන්නේ නැහැ..ඒත් එදා මම දවසම හිනා උනා..පහුවදාත් මතක් වෙන ගානට මට තනියම හිනා යනවා.ඒක වෙන්නේ ඒ අවස්ථාවත් එක්කම හිතලා බලන කොටයි..ආන්න එදා තමා මට අපේ මල්ලිගේ අර මැන්ටල් හිනාව සාධාරණ ඇත්තම හිනාවක් කියලා තේරුම් ගියේ... එදා ඉඳලා අද වෙනකල් මට ඔය කතාව අමතක නැහැ..ඒක තමා මං ජීවිතේ වැඩියම හිනාඋන දේ..සහ දවස...
එතන ඉඳලා අනිත් දේවල් ගැන කියන්න ඕන නැහැනේ..මට උඹ ලියන ඒවා මං ලියන ඒවා ගානටම සමීපයි.ඒ අපි දෙන්නම එක වාගේම අත්දැකීම් ලබපු සහ ඒවා එකම විදියට විඳපු එවුන් නිසා වෙන්න ඇති.
උඹේ අර කොස් හට්ටිය මට අමතක නැති විත්තිය මගේ මූණුපොතේ තියෙන එක පොටෝ ඇල්බම් එකක් සාක්කියට තියලා මං කියනවා..ඒ ගැනත් උඹට කියන්න ඕන නැහැනේ...
අඩේ මෙහෙම ලියන්න ගත්තොත් මට අද උඹේ පොස්ට් එක වගේ දෙකක් දිග කොමෙන්ට් එකක් ලියන්න වෙනවා..ඒ හින්දා ඉතිරි ටික උඹ සීය ගහන දවසට ලියන්නං...
කොහොම උනත් මට කියන්න ඕන උනේ..උඹේ බ්ලොග් එක මට ඒතරංම සමීපයි..කියන කාරණාවයි.ඒත් ඒක මෙහෙම වචන දෙක තුනකින් ලියන විදිය මට තේරෙන්නේ නැහැ.
කොහොම උනත් දැන් උඹ ලියන විදිය ඉදිරියටත් එහෙමම තියා ගනින්..අපි වගේ දඩි බිඩියේ උඹ ලියන්නේ නැති වග මං දන්නවා..එහෙම වෙලාවක් නැති බවත් දන්නවා..ඒත් ලියන ලිපිය ආයේ අඩුවක් නැති වෙන්නම ලියන වගත් දන්නවා..මං හිතන්නේ උඹ හදිසියටම ලිව්ව එක වෙන්න ඇත්තේ එදා අර මං බස් එකකට ඔන වෙලා ඉක්මනට එකක් ලියලා දීහං කිව්ව දවසේ ලියපු එක වෙන්න ඕන...ඇත්තටම එදා මට සතුටු හිතුනා උඹ ඒ වෙනුවෙන් කරපු කැපවීම ගැන.
උඹයි අපේ සයිබර් යායේ එකයි දෙන්නම එකයි.. මිනිස්සුන්ගේ හිනා නහර මිරිකන්න හොදට දන්න උන් වගේම..අවාරෙට පොල් වැටෙන්නැහේ ලියන උන්. කොහොම හරි එහෙම ලියලත් මෙහෙම හරි 50 ක් ගැහැව්ව එක ලොකු දෙයක්...(මොකද මං දන්නවනේ ගම හාමිනේට බයේ උඹ ගෙවන අර අසරණ ජීවිතේ..ඒ අස්සේ මේහෙම කරපු එක හරි වටිනවනේ නේද..?හික් හික්...)
අවසාන වශයෙන් උඹට සුභපතනවා...හැමදාම මෙහෙම අපිත් එක්ක රැඳී ඉඳිමින් අපිට හිනා බොක්ක පුරවගන්න අවස්ථාව සලසා දෙන්න ලැබේවා කියලා.ඒ වගේම පවුලේ අයගේ සතුට සමාදානය හැමදාම රැදේවා කියලත්...සුභ අනාගතයක් දුමී...
(ගම හාමිනේට- අක්කේ මෙන්න මෙකට දෙකක් දීලා ගෙට දාලා තියන්න..වැඩ නැති එකෙක් වගේ තව බ්ලොග් ලියන්න එනවා..එක පාරක් අර අඩිය හප්පන විදියට හප්පලා ටිකක් සැර දාලා තියන්න..නැත්තනං මේකා බබා වෙන්න හදනවා..)
උදේ බැරි උනාටත් එක්ක හරියන්න ඔන්න මගේ ගානේ උඹට රචනාවක් සහ මේකත් එක්ක කොමෙන්ට්ම පහක්...
ReplyDeleteදුමී අයියගේ බ්ලොග් එකට වසරක් පිරෙන දිනයේදී සුභ උපන්දිනයක් වේවා කියලා පතනවා. ඒ වගේම තව තවත් දුමීගේ කට කහන්න කියලත් පතනවා. එතකොට ගොඩක් ලස්සන කතා කියවලාඅ හිනා වෙන්නත් පුලුවන් නේ
ReplyDeleteමම අයියගේ කමෙන්ට් එකක දී දැක්කා ඔයා පෝස්ට් එකක් දාන්න කලින් ගූගල් ඩොක් එකක් ඕපන් කරලා කරුනු එකතු කරලා ලියනවා කියලා. ඒ නිසාම වෙන්න ඇති අයියා ලියන කතා රසවත් වෙන්නේ.
අයියගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා පතවා මං !!!!!
දුමී අයියා. දහසක් වැඩ රාජකාරි මැද්දෙ වුනත් 50ක් ලියල කියන්නේ ලොකුම කැපකිරීමක්...
ReplyDeleteඅයියගෙ බ්ලොග් උපන් දිනය මට අමතක වෙන්නෙ නැහැ...ඒකට හේතුව තමයි මගේ සැබෑ උපන් දිනය සමඟ අයියගේ බ්ලොග් උපන් දිනය එහා මෙහා වෙන්නෙ පුංචි දවස් ගාණකින්.........
එහෙනම් අයියා...... සුබම සුබ කට කහන දිනයක් වේවා.
( මා ගැන කියල තියන දේවල් වැඩි හරියක් බොරු වගේ හිහිහි )
බලනකොට අපි ඔක්කොම මේ මඟුල පටන් අරන් තීන්නෙ එක කාලෙනෙ බං! එකඟ වෙනව නේද බ්ලොග් ලිවිල්ලත් මඟුලක් කියල? හැපි ඇනිවසරි!
ReplyDeleteමගෙනුත් උනුසුම් සුබ පැතුම්!!!
ReplyDeleteමචං මම මුලින්ම කියවපු සිංහල බ්ලොග් එක තමා කට කහන කතා.මේ තරම් ලොකු සිංහල බ්ලොග් sub culture එකක් තියනව කියල මම දැන ගත්තෙත් මේක කියවන්න අරන් links වලින් ගිහින් තමා.අපේ පොඩි පොඩි සමානකම් ටිකකුත් තියනව. එකක් තමා අපි එකම වයස.මමත් 1974 ඉපදිල තියෙන්නෙ, එ කියන්නෙ 93 තමා උඹත් A/L කරන්න ඇත්තෙ.මම A/L කරද්දි හිටියෙ නුගේගොඩ ( O/L කරනකම් hostel )සමහරවිට අපි සෙට් වෙලත් ඇති ඔය නවරසේ හෙම.අනික තමා මමත් ඉන්නෙ UAE වල. දැන් ඇවිත් අවුරුදු 9ක් වෙනව. මම උඹේ කතා ඔක්කොම බලල තියනව, වැඩි හරියකට කැමතියි.ඔක්කොම එල කතා ටික. උඹේ blog එක බලලම මටත් එකක් පටන් ගන්න හිතුන ඒත් වෙලාව තමා නැත්තෙ.අනික මට IT (creative )පැත්ත ගැන ඒ තරම් දැනුමකුත් නෑ, ඉතින් ඒ වැඩේ එහෙම්මම පස්සට ගියා.දැන්වත් පටන්ගන්න ඕන. Anyway උඹේ වැඩේ තව දුරටත් සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියල wish කරන්න ගත්ත ගමන් තමා ඔය වැල් වටාරම් වලට් ගියේ. good luck!!! - Ragde
ReplyDeleteමකරගෙ කමෙන්ට් එකම තමා...:)
ReplyDelete"මැරෙන්න තරම් ටයඩ් වෙලාවක මූඩ් ෆික්ස් කර ගන්න ආපහු රිෆ්‍රෙශ් වෙලා සන්තෝසෙන් වැඩට බහින්න මේ බ්ලොග් එක හැර වෙන එකක් මේ සිංහල බ්ලොග් අවකාශේම නැතුව ඇති . ."
ReplyDeleteදුකා අයිය කියන දේට සම්පූර්ණයෙන්ම මේ හැමෝම එකඟ වෙන එක අනිවාර්යයි.
මම බ්ලොග් කියවන පටන්ගත්තේ මූණුපොතේ යාලුවෙක් ෂෙයාර් කරපු ලින්ක් එකක් හරහා දුමී අයියගේ බ්ලොග් එකට ආවට පස්සේ ..
පැහැදිලිවම අයියගේ රචනා ශෛලිය ඇති විශිෂ්ටයි. නාට්‍යශීලීයි. බ්ලොග් කලාවෙන් ඉතා එපිටට ,වෙනත් කලාවන් වෙනුවෙන් දායකත්වයන් දෙන්න (ලිවීමෙන්)යා යුතු මට්ටමේ දෙයක් හැටියටයි මම දකින්නේ. වෙලාවක් නැති බවනම් තේරෙනවා අයියේ. :(
අනිත් කාරණය, ඉලන්දාරියා වෙනුවෙන් ඔබලා කල දේවල් / කැප කිරීම් , ඔබේ මිනිසත් බව වැඩ වඩාත් පැහැදිලි කළා.
කවදා මේ වගේ නැගල යන බ්ලොග් එකක් කරන්න මටත් අයිඩියා එකක් නම් තියෙනවා.
ඔබට, පවුලේ සැමට , බ්ලොග් - නොබ්ලොග් සියලු මිතුරන්ට ජයෙන් ජය.
සුභ පැතුම්....!.අපි වෙනුවෙන් දිගටම ලියන්න
ReplyDeleteසුභ පැතුම් අයියේ. පමා උනේ හිත අවුලෙන් නිසා. දන්න කෙනෙක් කරදරේ වැටිලා. මෙහෙ දරු ප්‍රසූතියට ඉන්නවා නම් රජයේ රෝහලකට ම යන්න කියන්න දන්න හැම කෙනෙකුටම. ලංකාවෙ දොස්තරලා දෙවියෝ මෙහෙ අය එක්ක බැලුවම.
ReplyDeleteහැමදෙනාටම බොහොමත්ම ස්තූතියි සුභපැතුම් වලට සහ අදහස් වලට. ඇස් කෙවෙණි සමහර වෙලාවට තෙත් උනා කමෙන්ට්ස් කියවද්දි.
ReplyDeleteවෙලාවක් ලැබුනු ගමන්ම ඔක්කොම කමෙන්ට් වලට තනි තනියෙන් ස්තූති කරන්නම්.....!
සුභ පැතුම් දුමී අයියා...
ReplyDeleteකමෙන්ට් කරලා තියෙන බොහොමයක් දෙනාට වගෙම මටත් සිංහල බ්ලොග් අවකාශයේ තියෙන රසවත්ම බ්ලොග් එක තමා මේක.. සමහර චිත්‍රපටි තියෙනවනේ කොච්චර බැලුවත් එපා නොවෙන... ඒ වගෙ මටත් දුමි අයියගෙ පෝස්ට් කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ...
සිංහලෙන් හාස්‍ය රසය මතුවෙන්ට ලියන හොඳම ලේඛකයා විදිහට මමනම් හිතන්නේ චන්ද්‍ර අනගිරත්න මහත්තයා තමයි ඉදිරියෙන්ම ඉන්නේ... ඒත් දුමි අයියගෙ කතා ඊටත් වඩා ඉස්සරහින් තියෙනවා වගෙ දැනෙනවා...
එලැඹෙන අවුරුද්දෙදි වැඩි වැඩියෙන් දුමි අයියගෙ කට කහන තැනට වැඩ සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
උඹට ජයෙන් ජය දුමී.....
ReplyDeleteහප්පේ ඇති යාන්තන් වැටුනා ඕO....ඊයෙ ඉඳන් ට්‍රය් ඔක්කොම කොරන්නෙ කමෙන්ටුවක් දාන්න...
ReplyDeleteඋඹැහැගේ බොලොගයට සම්බන්ද ඊ මේලයක් දීහන්කො තරහ අවසර ගෙන.
@පූසා,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ! බලමු බලමු, කට කහලා කහලා කැසෙන්නෙ නැති දවසකුත් එයිද කියලා තමයි මට නම් දැන් බය..!
@නදී,
බොහොමත්ම ස්තූතියි ! ඒකනන් ඇත්ත නගෝ, අනික හොඳ නින්දක් කෙසේ වෙතත් අළුත් පෝස්ට් එකක් දානකන් නින්ද යන්නෙත් නෑනේ.....!
@හසී,
බොහොමත්ම ස්තූතියි ! බලමු බලමු, කොහොම හරි තව අවුරුද්දක් වත් දුවා ගන්න කට කහන එක නවතින්න කලියෙන්....!
@කල්හාර දිසානායක,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි !
ඉදිරියටත් ඇවිල්ලා ලිපි කියවලා යයි කියලා හිතනවා.
හැබැයි මල්ලි අර කමෙන්ට් එකේ කතාව නම් මට තේරුනේ නෑ...ඒ කමෙන්ට් එකෙන් කොහොමද පාර හම්බ උනේ ?
@නිශ්,
බොහොමත්ම ස්තූතියි නිශ්, සම්කාලිනයෙක්ගෙන් මෙහෙම ප්‍රශංසාවක් ඇහෙන එකම කොච්චරන් අගේද ?
@තීර්ථ යාත්‍රිකයා,
බොහොමත්ම ස්තූතියි !
@රොබින්,
ReplyDeleteස්තූතියි රොබින් ! මෙහෙමත් කට කහන්න ගියොත් හම යයිද දන්නෙත් නෑ !!
@දුකා,
උඹ වගේ සොඳුරු යාළුවෝ හැමෝටම ලැබෙන්නෙ නෑ මචං... උඹේ කමෙන්ට් එක කියවනකොට නිකන්ම ඇස් දෙක තෙත් වෙනවා.... මීට වඩා මය ටයිප් කරන්න බැහැ....!
@Bunny,
තැන්කූ වේවා හාවෝ, බොහොමත්ම තැන්කූ...!
හෆොයි, බලාගෙන යනකොට මේ වල් හාවා, නාකිම නාකි වල් හාවෙක්නෙ...! මූ මටත් වැඩිය පරණයිනේ....! හාවා මල්ලියේ, මම බ්ලොග් කරණයට ආපු මුල් දවස්වල උඹල දීපු ගුරු හරු කං අමතක නෑ බං මට....!
@මකුළුවා......,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි මල්ලි !
@චමිල,
ගොඩක් ස්තූතියි චමිල මල්ලි, වෙලාව සහ විවේකය තමයි දැන් සපය ගන්න අමාරුම දේ...!
@අභීත,
ස්තූතියි අභියෝ,
උඹත් දන්නවනේ මල්ලියේ අවුරුද්දක් බ්ලොග් එකක් ඇදගෙන යනවා කියන එකේ අමාරුව. කතාවක් ලියන්න ඔළුවට ආපු වෙලාවෙ ඉඳන් ඒක කොටලා දානකන් නිකන්, හැම තැනම කහන ගතිය උඹට ආපහු කියන්න ඔනෙ නෑනෙ.... ඕක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනෙ බං.... මගේ කට කැහිල්ල ඇරුනහම උඹගේ කහන හැමදේම වගේ මගෙත් කහනවා....!
@prasanna86k,
ReplyDeleteබොහොම ස්තූතියි යාලු මාලු මල්ලි....!
@සහෝධරයා,
ස්තූතියි සහෝදරයා මල්ලි, අනේ බං උඹ ඔය අරගෙන ඇවිල්ල තියෙන ආයුෂ ටික පරිස්සම් කොරලා තියා ගනින්. එක එක අයට ඕක පූජ කරන්නෙ නැතිව....! හික් හික්
@මුචලින්ද,
ස්තූතියි මුචා මලේ, හිතන හිතෙන හැමදේම ලියන්න ගියානං මෙලහකට අපිත් අර මහ උළු ගෙදර තමයි....! හිතෙන හිතෙන දේ තෝරලා බේරලා, හැඩ කරලා ලියන්න තමයි ටිකක් අමාරු...!
@සිතුවිලි නිහඬයි,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි නගෝ හදවතින්ම කල පැතුමට..! බලමු බලමු කතා ටික ඉවරවෙන්නෙ කවද්ද කියලා.....!
@Theekshana,
බොහොමත් ස්තූතියි මල්ලි, ඔව් ඔව්, කොහොමත් එක එක අය කැමති කෑම එක එක්කෙනාගෙන් වෙනස් වෙනවානේ...!
@පිණිබිඳු...,
ස්තූතියි නගේ, හරි හරි, මම නගාගේ ගේ පැත්තෙ ඇවිත් කේක් කෑල්ලක් කාල ගියානේ ඊයේ....! නගා කිව්වට ඉතින් මට වඩා දවසකින් බ්ලොග් එකේ වයසයිනේ....!
@තාරක Dilsh@n,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි මල්ලියේ...!
@Kush,
ගොඩක්ම ස්තූතියි මල්ලි සුභ පැතුමටයි පල කල අදහස් වලටයි...!
@වන්නි,
බොහොමත්ම ස්තූතියි වන්නියෝ උඹේ දයාබර වචන පෙලට !!
සාමාන්‍යයෙන් මාව ආශ්‍රය කරන යාළුවෝ කියන්න, හපෝ, "උඹ හින්ද අපි පජාත උනා".... කියලා. උන් මම ඉස්සරහ කිඹුහුමක් යවන්නෙත් හරිම බයෙන්.....! කියන්න ඕනෙ නෑනෙ මොකද කියලා....! කවුරුවත් කැමති වෙන්නෙ නෑ සිංහල බ්ලොග් අවකාශෙදි පස්සෙ දවසක බයිට් වෙන්න...! හික් හික් හික්...
@shanu,
ReplyDeleteස්තූතියි නංගියේ !!
@රංග,
ගොඩක් ස්තූතියි රංග මල්ලි !
@Chanaka Aruna Munasinghe,
හෆොයි මකරෝ, මෙහෙම ගොහිල්ල කට හම යයිද දන්නෙ නෑ...!
@හිම කුමාරි,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි නගේ.....සුභ පැතුමට සහ අදහස්වලට !!
@මාතලන්,
තැන්කූ මාතලන්, මමත් මුල් දවස්වල නිතරම ඇවිත් කියවපු බ්ලොග් එකක් තමයි "මාතලන්"... කාලයක් අප්ඩේට් උනේම නෑ නේද ?
@හා පැටික්කි,
බොහොමත්ම ස්තූතියි නගේ, කමෙන්ට් නොකලට කමක් නෑ නගෝ, ඇවිත් කියවලා යන එකම කොච්චර දෙයක්ද ?
@තිශ්,
ReplyDeleteපුදනෙමි තුති මල් ඔබ හට මා කියෙව්වට
සතුටක් ලදිමි පැවසූ හැම වදනකට
යලි පැමිනෙන්න නොවරදවාම හෙට
දිගටම ලියමි මගේ මේ කට කහනවට
@lahirucc
බොහොමත්ම ස්තූතියි මල්ලි.... බුදු අප්පච්චියේ හතිය හරි හුස්ම ගන්න හරි අපහසුතාවයක් තියෙනවනන් බුදු මල්ලියේ පරිස්සමින් කියවහන්....!
@Maneka,
බොහොමත්ම ස්තූතියි නගේ, ඇවිත් කියවලා යන එකම සතුටක්...!
@ගල්මල්,
ReplyDeleteස්තූති ඩීන්, හැමදාමත් ගෙන එන දිරි ගන්වීම් වලට සහ සුභ පැතුම් වලට. මගේ අම්මෝ, තව බින්දුවක් දාන්න අවුරුදු 10ක් වත් යයි මේ යන වේගෙට නම්....!
@සුජානි....... ,
බොහොමත්ම ස්තූතියි සුජානි....!
@මාරයාගේ,
මාරයා මොනවා කරන්න කලිනුත් ලෙඩේ සනීප කරගෙන හිටපන්..... දැන්නම් කහසාරියක් අරගන්න එක ගැන ටිකක් හොඳට හිතපන්.... දැන් කේන්දර බලන්න ගත්ත එකේ උඹේ පොරොන්දමත් බලා ගත්තනන් නේදේ බොලේ හොඳ ?
@ZIGzag,
බොහොම ස්තූතියි පෝස්ට් එකක් වැටෙනකන් බලන් හිටියට. බලමු බලමු, සතියකට එකක්වත් දාගන්න..!
@nawammawatha,
ReplyDeleteමල්ලි, මුල මතක තියෙනකොට ඉස්සරහා පේනවා හොඳට. පය ශක්තිමත්ව ඉස්සරහ තියන්න නම් ආපු පාරෙ විස්තර මතක තියාගෙන ඉන්න ඕනෙ....!
ඔව් ඔව්, අනිවාර්යයෙන්ම ගම හාමිනේටත් ස්තූතිය හිමි වෙන්නම එපැයි....!
@Kathandara,
ඔව් ඔව්, කතන්දරලා කොටින්ව හීලෑ කරලා, කොටි සෙල්ලං දාන්න පිටිය සකස් කරලා තිබිච්ච නිසා අපි වගේ ආධුනික කොටි නටවන්නන්ට ගොඩක් පහසුයි නොවැ....!
ඔව් ඔව් , අනිවා ගම හාමිනේටත් මේ ස්තූතිය සම්පූර්ණයෙන්ම අයිතියි...!
@priyantha,
බොහූමත්ම ස්තූතියි ප්‍රියන්ත මල්ලි, සුභ පැතුම් වලට සහ දයාබර වචන ටිකට. බලමු බලමු, කවද සීය ගහන්න පුළුවන් වෙයිද කියලා...!
@Buratheno,
ReplyDeleteඑක නේන්නම් බුරෝ මටත් මේ හිතා ගන්න බැරි.... පනහක් වැදිලානේ.... ඔහොමම තමයි ඉතින් යන්න වෙන්නෙ.... බොහොමත්ම ස්තූතියි සුභ පැතුමට...!
@හිස් අහස,
ගොඩක් ස්තූතියි වඳරු මල්ලි, හැමදාමත් ඇවිත් කරන මේ දිරි ගැන්වීමට.... එහෙම හරි කමක් නෑ බොසාට හිනාවෙන්න උගන්නන්න පුළුවන් උනෝතින්.... මොන උනත් බොසුත් එක්ක වලියට යන්නෙ නැතිව ෂේප් න්‍යායෙන් ඉන්න එක තමයි හොඳ.....!
@දිල්,
බොහොමත් ස්තූතියි නගේ සුභපැතුමට ! මම බ්ලොග් අවකාශෙට ආධුනකයෙක් විදිහට පය තබන කාලේ, දිල් නංගිලා, වත් නංගිලා එහෙම දුකාලා, කතන්දර, මාරයා එහෙම එක්කලා හරි හරියට බ්ලොග් අවකාසෙ පෙරලි කරමින්නෙ උන්නෙ. ඒක තමයි අපිටත් ලියන්න ආසාව ඇති කලේ...!
කාලයක් මේ පැත්තෙ මග ඇරුනට කමක් නෑ නගෝ, තමන්ගේම නංගි වෙනුවෙන් කරලා තියෙන කැප කිරීමම කොච්චර ලොකු දෙයක්ද ? දැන් ඉතින් මග ඇරිච්ච දේවල් එක්කම මතකයන් අහුල්ලන්න පුළුවන්නම් පංකාදුයි නොවැ...!
@hare :-),
ReplyDeleteස්තූතියි මල්ලි සුභ පැතුම් වලට, සන්තෝසයි මල්ලිත් මගේ පාඨකයෙක් කියලා දැනගන්න ලැබිච්ච එකට....!
@කුරුං ගුරුං,
බොහොමත්ම ස්තූතියි ඇවිත් කියවලා කමෙන්ටුවක් දැම්ම එකට, ඉදිරියේදිත් අපිත් එක්ක රැඳී ඉඳියි කියලා බලාපොරොත්තු වෙනවා !
@Kasun ,
බොහොමත්ම ස්තූතියි මල්ලි, සුභ පැතුම් වලට සහ අදහස් වලට !
@මාරයා,
ReplyDeleteඅනේ බං මගේ බ්ලොග් ලිපි පනහට මෙච්චර කාලෙකදි වැටුන දිගම කමෙන්ට් එක මේක. මට ආයිමත් ෂුවර් ආපහු තව ආත්මයකට මේ තරම් දිග කමෙන්ට් එකක් වෙන කොහෙවත් දකින්න හම්බවෙන එකකුත් නෑ. මම හිතන්නෙ මගේ බ්ලොග් එකේ නෙමෙයි, මුළු සිංහල බ්ලොග් අවකාශෙම තියෙන දිගම කමෙන්ට් එක මේක වෙන්න ඇති.....
මාරයෝ, උඹ මෙතනත් උඹේ ආත්ම ප්‍රකාශයක් තමයි කරලා තියෙන්නෙ. කොහොමත් උඹ කියන්න තියෙන දේ කෙලින්ම බොක්කෙන්ම කියන එකෙක් කියලා මම දන්නවා. ඉතින් මේ උඹට බ්ලොග් ලිපියක් ලියාගන්න තියෙන කාලය මං වෙනුවෙන් කැප කරලා, මේ කරපු වචන ටික මට කෝටියක් වටිනවා බං.
අර උඹ දිල්ගේ වැඩක් කියලා කියපු එකනම් මට මීටර් උනේම නෑ. මොකද බොලේ ඒ....?
උඹම කිව්ව වගේ කවුරු හරි මගෙන් අහුවොත් මේ ලිපි 50න් මම වඩාත්ම කැමතිම ලිපිය මොකද කියලා මම කියන්නෙ පලවෙනි එක "එක් සත්‍ය කතාවක් - ජීවිතයට ලද හැකි වටිනාම තෑග්ග." දෙක "එළාර දෙමලෙක්ද", කියලා දාපු ලිපි.
ඇත්තටම උඹ කිව්වා වගේ මට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සැහෙන්න වෙලාවක් යනවා. සමහර විට දවස් දෙක තුනක්. අඩුම පැය 6ක්. ඇත්තටම ගෙදර දොරේ වැඩයි, ඔෆිස් එකේ වැඩයි, පොඩි එවුන්ගේ වැඩයි, යාළුවන්ගේ පාටි වලට ප්ලේ කරන්න යන වැඩයි වගේ දහසක් දේවල් අතරින් බ්ලොග් එකට කාලය හොයාගන්නත් හරිම අමාරුයි.
උඹට ආයෙමත් ස්තූතියි මාරයෝ, මම වෙනුවෙන් උඹේ දවසේ සෑහෙන්න කාලයක් ගතකරලා, කට්ට කාලා මේ සිරාම සිරා කමෙන්ට් එක දාල ගියාට.
@මධුරංග,
ReplyDeleteස්තූතියි මල්ලි, බොහොමත්ම ස්තූතියි සුභ පැතුම් වලට. බලමු බලමු කට කහලා හම යනකන් ලියන්න තමයි බලාපොරොත්තුව.
ඔව් මල්ලි, මම හිතට හොඳ අදහසක් ආවහම, ගුගුල් ඩොක් එකක "අනාගත කට කහන කතා" කියලා නෝට් එකක් දාගන්නවා. පස්සෙ එතන එකතු වෙන දෙවල් අරගෙන ඩිවලොප් කරලා තමයි පෝස්ට් එකක් කරන්නෙ. එහෙම එකතු කරගත්ත ඒව තව 150ක් විතර තියෙනවා. අවුරුද්දට 50 ගානෙ, තව අවුරුදු තුනක් දිව්වෑකි....!
@සොඳුරු සිත,
වත් නගෝ, සාමාන්‍යයෙන් කවි කියවන්න එච්චර කැමැත්තක් නොතිබුනු මට කවි රසය ඇති කලේ නගාගේ නිර්මාණ වලින්. ඊටත් වඩා මම මුල් කාලේ කරපු පෝස්ට් වලට වත් නගා විශේෂයෙන්ම හොඳ පබ්ලිසිටි එකක් දීලා මට කරපු උදව්ව මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...!
නගාගේ උපන්දිනය කවදාද කියලා හරියටම දන්නෙ නැති නිසා, නගාටත් දිවිය එළිය කරන සුභම සුභ උපන්දිනයකට මමත් ආසිරි පතන්නම් !
@ඉන්දික,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ! ඒකනම් ඇත්ත තමයි, මේ බ්ලොග් ලිවිල්ල කියන්න ආයෙමත් මගුලක් කර ගත්තා වගේ තමයි.... මැරෙනකන් අත අරින්න බෑ.... අත අරින්න නම් උසාවි කේස් එකක් දාන්න වෙයි...!
@Podi Kumarihami,
පොඩ්ඩිගේ සුභ පැතුමත් ස්තූති පූර්වකව පිලිගන්නම් !
@80bcb2ce-8651-11e0-bee8-000bcdcb5194,
ගොඩක් සන්තෝසයි අඳුන ගන්න ලැබුනට ...! ඔව් ඔව් මමත් ඒ.ලෙවෙල් කලේ 93 දි තමයි. එහෙනම් අපි අනිවා ක්ලාස් වලදි, නුගේගොඩදි සෙට් වෙලා ඇති. කිව්වත් වගේ විශේෂයෙන්ම නවරස එකේදි..... බ්ලොග් එකක් පටන් ගන්න අයි.ටී ක්‍රියේටිවිටි ඕන වෙන්නෙ නෑ. මම අර උඩින් දාල තියෙන "සිංහල බ්ලොගයක් පටන්ගමුද" කියන ලින්ක් එකට ගියාම අවශ්‍ය ඔක්කොම විස්තර එකේ තියෙනවා. උඹත් යූ.ඒ.ඊ ඉන්න නිසා අපි සෙට් වෙමු මචන්. මගේ ෆෝන් නම්බර් එක 050 3499123 . වෙලාවක කෝල් එකක් දීපන්...!
@චේජනා,
ReplyDeleteචේජනාට මම මකරට දීපු උත්තරය බලන්න කියන්නෙ නෑ.... ඔන්න විශේෂයෙන්ම ලොකුම ලොකු තැන්කූ පාරක් දැම්මා....! :D
@Web Master_guir,
බොහොමත්ම ස්තූතියි මල්ලි සුභ පැතුමට සහ අදහස් වලට....
බ්ලොග් එකක් පටන් ගන්න පටන් ගන්න....අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් පොඩ්ඩක් කැප වෙලා හොඳට ලිව්වොතින්.... අපි එනවා අනිවා කියවන්න...!
@රජිත්,
ස්තූතියි මල්ලි, බලමු බලමු , තව අවුරුද්දක් දුවා ගන්න කොහොම හරි...!
@හරී,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි නංගි ! මොකක්ද නංගි උනේ, අපෙන් මොනව හරි උදව්වක් ඕනෙ නම් දන්වන්න. අනිවාර්යයෙන්ම පුළුවන් උදව්වක් නම් නොකර ඉන්නෙ නෑ...!
@පුතා,
අනේ බං උඹව දැක්ක කල්. බොහොම ස්තූතියි බං අපිව මතක් වෙලා ආවට. උඹේ බ්ලොග් එක පාළුවට අරින්න එපා බං. කොහොම හරි ලිප්යක් දෙකක් ලියලා දාපන්.
@Heeniyata,
බොහොමත්ම ස්තූතියි කමෙන්ටුව දාන්න කාපු කට්ටට සහ සුභ පැතුමට. අනේ තරහ වෙන්න එපා, ප්‍රසිද්ධියේ ඊ-මේලය දැමොතින් ඒක ස්පෑම් කාරයන්ට හොඳ ගොදුරක් වෙන නිසා දාන්න විදිහක් නෑ.
මූනු පොතෙන් මෙන්න මේකට රික්වෙස්ට් එකක් එවන්න.
http://www.facebook.com/dushan.karawita
@දුමී,
ReplyDeleteඅයියෙ ඔය 20 වෙනියට කමෙන්ට් කරලා තියෙන්නෙ Kush එයා මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරලා තිබුනා. එයා ෆලෝ කරලා තිබුන බ්ලොග් දෙකෙන් එකක් ඔයාගේ බ්ලොග් එක .....
ඔව් කොලුවෝ කාලයක් තිස්සෙ මාර කට්ටක් කන්නෙ.. තාම වලෙන් ගොඩ ආවේ නෑ..
ReplyDeleteනුගේගොඩ කිවම ඉතින් අපිත් ටියුෂන් සර්ලා වැඳ පුදා ගත්ත පින් බිම නොව. කට කහනවට ලියනවා. හිනා වෙලා අපේ කට රිදෙනවා. කමෙන්ට් නොදැම්මට ඔයාගේ ඔක්කොම කට කැඩිච්ච කතා කියවල ඉන්නේ. සුබ රිදී ජුබිලියක් [50 රිදී නේද] වේවා!!!!!!!
ReplyDeleteසුභ පැතුම් දුමී අයියා.....
ReplyDeleteමගේ කට දිගටම කහන්න බලාගෙන ඉන්නවා..
එළ එළ දුමී අයියා. සිංහල බ්ලොග්කරණයේ තව දිගු ගමනක් යන්න හදවතින්ම සුභ පැතුම්. ආවේ පරක්කු වෙලානේ. පුස් කාපු කේක් කෑල්ලක් හරි කමක් නැහැ කන්න ගමු එහෙමනම් :))
ReplyDeleteජය වේවා ........ , මගේ බ්ලොග් කියවිල්ල පට්ටාන් ගත්තෙ අය්යාගෙ බ්ලොග් 1ක් න් ,පට්ට කතා ටික මන් අය්යාගෙ කතා ඔක්කොම නිදි මරාගෙන කියෙව්වා............
ReplyDeleteඅය්යාගෙ බ්ලොග් 1 කේ ලින්ක් වලින් කතන්දර , මාරයගෙ හොරාවට ගියා
දැන් න0 පිස්සෙක් වගේ බ්ලොග් කියවන්වා....
( බ්ලොග් 1 කේ කොමෙන්ට් කොරන්න බැරි අවුලක් තිබ්බ නිසා සුබ පතන්න පමා උනා )
50 + අව්රුද්දට සුභ පැතුම්.....!!!!!
ReplyDeleteමම ටිකක් පරක්කුයි නේද? ඒ උනාට කමක් නැහැ... ඔන්න මගෙනුත් උනුසුම් සුභ පැතුම්.... :)
ReplyDeleteසුබ පැතුම් අය්යේ. මම බ්ලොග් කියවන්න පුරුදු උනෙත් අය්යගේ බ්ලොග් එක නිසා. කොහෙන් ආවද කියල නම් මතක නැ. මම සමහර පොස්ට් 7,8 ගමන කියවල තියෙනවා. ඒත් ආපහු කියවනකොට ආයෙත් හිනා යනවා. මට නම් විශේෂ කතා මොනවත් නැහැ.
ReplyDeleteතව දෙයක්. අය්යගේ බ්ලොග් පෝස්ට් ගොඩක් දිගට ලියල තියෙන නිසා මටනම් හිතෙන්නේ පෝස්ට් 50 උනත් සැහෙන ලොකු ගානක් කියල.
ඔය හැකර කට තව තවත් කහත්වා..!
සුබ පැතුම්.....!!!
ReplyDeleteතව ලියමු...
ReplyDeletecongratzzzzz
ReplyDeleteEka digata kiyawan awa
ReplyDelete