අපේ මිරිස් කැවිල්ල
Posted by
1505 දී පෘතුගීසි කාරයෝ ලංකාවට අහම්බෙන් ගහ ගෙන ආවෙ මේ පෙරදිග තියෙන කුළුබඩු ගැන හොය හොයා යන ගමන් කියලා හැමෝම දන්නවනේ. ඉතින් මේ ගොල්ලෝ ලංකාවට බැහැලත් මොකද කලේ, පුළු පුළුවන් විදිහට ලංකාවෙ වැවෙන කුළුබඩු ජාති ඒ කියන්නෙ, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා, කුරුඳු, (සමහර විට මිරිස් ) වගේ දේවල් පොදි ගහගෙන තමන්ගෙ රටවල් වලට ඇදපු එක තමයි. එහෙම නිකන් ඉන්න බැරුවට ඔච්චර මහන්සි වෙලා කුළුබඩු හොයන්නෙ නෑනෙ මේවට එච්චර ඉල්ලුමකුත් නැතිනම්. අනික පහු කාලෙදි පෘතුගීසින්ගෙ අතේ තිබුනු ඒකාධිකාරය ඩැහැ ගන්න ලන්දේසියොත් හරි හරියට බෙලි කඩාගෙන මුන් එක්ක යුද්ද කරානේ . ඒ ඉතින් උන්ට තිබිච්ච කැහිල්ලට නෙමෙයි මේ කුළුබඩු වලින් හොඳට ප්‍රොෆිට් තිබිච්ච නිසා. අනික පෘතුගීසි කාරයෝ, ලන්දේසි කාරයෝ මේ කුළුබඩු එහෙමත් නැතිනම් "ස්පයිසස්" අරගෙන ගොහිල්ල වෙලඳාම් කලේ කාටද, තනිකරම යුරෝපයට. ඒ කාලේ මේ පෙරදිග කුළුබඩු වලට කොහොම ඉල්ලුමක් තිබුනද කිව්වොත්, යුද්ද කරගෙන, මරාගෙන බෙලිකඩාගෙන, නැව් ගිල්ලෝගෙන මේවා උන්ගේ රටවල් වලට අරගෙන ගියත් කට කපලා 400% ක විතර ශුද්ධ ලාබයක් තිබුනලු. එහෙනන් කොහොම ඉල්ලුමක් යුරෝපයෙන් මේවාට තියෙන්න ඇතිද ? ඒත් මට තියෙන පුරස්නේ තමයි හත් ඉලව්වෙ මෙච්චර ලංකාව ඇතුළු පෙරදිග රටවල් වලින් කුළුබඩු හූරගෙන හූරගෙන කෑවත් මේ යුරෝපයේ ඉන්න සුදු බුවාලා මිරිස් කරලක් දැක්ක ගමන් ගැහිලා, ගැහිලා සීතල වෙලා උණ ගන්නවා. උන් මිරිස් වලට එච්චරටම බයයි. වැඩිය ඔනෙ නෑ, ගම්මිරිස් වලටත් උන් කියන්නෙ "ගන් පව්ඩර්" එහෙම නැතිනම් වෙඩි බෙහෙත් කියලා. පෙනේද මේ චන්ඩි මිරිස් වලට තියෙන බය. ඔය ෆිල්ම් වල තුවක්කු උස්සගෙන චන්ඩි පාට් දාන රම්බෝලා, කමාන්ඩෝලා ට්‍රාන්ස්පෝටර්ලා නිකන්ම බිම දාන්න පුළුවං හොඳට කොච්චි දාලා අඹරපු සම්බෝලත් එක්ක බත් කටවල් දෙකක් අනලා කැව්වනං.
ලංකාවෙ අපි වගේම තමයි අල්ලපු රටේ ඒ කියන්නෙ ඉන්දියාවෙ ඈයොත් හරි හරියට මිරිස් කනවා කියලා කියනවා. අපිට ගොඩක්ම නෑ කමක් තියෙන්නෙ ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තෙන් කියලත් කියනවනේ. ගොඩක් වෙලාවට අපේ කෑමයි, කේරළේ කෑමයි එක සමානයි. උන් අපෙන් කොපි කරලද අපි උන්ගෙන් කොපි කරලද කියලා උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.
මම අර කලින් දාපු ඉඳි ආප්ප කතාවෙදි කිව්වනේ මගේ ටීම් එකේ හිටපු ලීනා කියලා කේරළේ, එහෙම නැතිනම් මලබාරෙන් ආපු යාළුවා ගැන. මෙයා දවසක් ඔය කලින් ප්‍රොජෙක්ට් එහෙක ඔෆිෂල් වැඩකට ඉස් ඉස්සෙල්ලාම ලංකාවට ඇවිල්ලා. කටුනායකින් බැහැලා නවතින හෝටලෙන් දීපු වාහනේ එන අතරමගදි ඩ්‍රයිවර්ට කියලා බඩගිනි නිසා මොනවහරි කන්න පුළුවන් තැනක නවත්තන්න කියලා. ඩ්‍රයිවරුත් ඉතින් දෙයියනේ කියලා පේස්ට්‍රි ෂොප් එකක නවත්තලා. ඔන්න ඉතින් අපේ ලීනට පෙස්ට්‍රි ෂොප් එකෙන් පිඟානක් පුරවලා එක එක ජාතියේ ෂෝට් ඊට්ස් ගොඩක් ගෙනැල්ලා තියලා. දැක්කම හරි ආස හිතෙන දුඹුරු පාට දිගට දිගේ තියෙන චයිනීස් රෝල් එකක් අතට අරගෙන ලීනා කන්න පටන් අරගෙන. කටවල් දෙක තුනක් කනකොට ලීනගේ ඉස් මුදුනේ ඉඳන් කරන්ට් එකක් වදිනවා වගේ පටන් අරගෙන ඉහින් කනින් දාඩියයි හොටුයි බේරෙන්න පටන් අරගෙන. ඊට පස්සෙ වතුර ගැළුමක් විතර ඉල්ලගෙන බීලා ලීනා අසිහියෙන් වගේ ඇවිල්ලා ආපහු වාහනේට නැගලා. යමින් ගමන රියදුරු උන්නැහේට දුක කිය කිය ගිය ලීනට රියදුරු උන්නැහේ කියලා තියෙන්නෙ ලංකාවෙ කෑම සාමාන්‍යයෙන් ඔහොම තමයි කියලා. ඊට පස්සෙ බය වෙච්ච පාර ලීනා මොකද කරලා තියෙන්නෙ, රියදුරු උන්නැහේට වැඳලා සුපර් මාකට් එකක් ගාව නවත්තගෙන "මැගී ක්ෂණික නූඩ්ල්ස්" පැකට් තොගයක් අරගෙන තමයි හෝටලේට ගිහිල්ලා තියෙන්නෙ. ඊට පස්සෙ ලංකාවෙ ගත කරපු දවස් කීපයටම ලීනා හෝටලේ බුෆේ එක පැත්ත පලාතෙ යන්නෙ නැතිව මැගී වලින්ම තමයි ජීවත් වෙලා තියෙන්නෙ. ඔන්න බලන්න හරි හරියට මිරිස් කනවැයි කියලා පම්පෝරි ගහන ඉන්දියාවටත් අපේ රෝල් එකක් කරපු හරිය.
අපි කවුරුත් දන්න අපේ අබේපාල මාමා ඔය සංචාරක ක්ෂේත්‍රෙට සම්භන්ධව පොඩි ව්‍යාපාරයක් කරන නිසා මම දවසක් කතා කරපු වෙලාවක කිව්වා, මගේ ඉන්දියාවෙ යාළුවන්ට ලංකාවෙ සංචාරය කරන්න මොනව හරි පැකේජ් ටිකක් හදලා දීපන් කියලා. ගත් කටටම අබේපාල මාමා කිව්වෙ
"හපොයි දුමී අයියේ, ඉන්දියන් කාරයන්ව නම් ගෙන්න ගන්න බෑ. උන්ව වද්දගන්න ලංකාවෙ හෝටල් කැමති නෑ..... මොකද උන් හෝටලේ අයන් එකෙන් රොටි පුච්චගෙන කනවා...." කියලා
ඇත්තම තත්වෙ තමයි උන්ට ලංකාවෙ හොටල් වලින් දෙන කෑම කෑවොත් පැය ගානක් ඇතුලත හුස්ම යනවා කියන එක තියන දැවිල්ලට. ඉතින් බඩගින්නෙ ඉන්නයෑ කියලා අමාරුවෙන් පාන් පිටි ටිකක් ගෙනැල්ලා අයන් එකෙන් රොටියක් දෙකක් පුච්චගෙන කනවා ඇති.
මම දැන් ඉන්න කම්පැණියට බැඳිච්ච අළුත මට මාසයකට විතර පස්සෙ ඉන්දියාවෙ ඉඳන් ආපු බුවෙකුත් ජොයින් උනා මම හිටපු ටීම් එකටම. මේ බුවා ඇවිල්ල ඉන්දියාවෙ හයිද්‍රාබාද් නගරෙ ඉඳන් තමයි ඇවිල්ලා තිබුනේ. ඔන්න ඇවිල්ලා දෙවනි දවසෙ වගේ පොර මට කතා කලා ලන්ච් එකට යන්න එන්න කියලා. ඔන්න ඊට පස්සෙ පොර මාවත් එක්කගෙන ගියා කිට්ටුව පාත තිබුනු "හයිද්‍රාබාද් බුරියානි" තියන ටිකක් පොෂ් ඒ වගේම ගානත් හුඟක්ම පොෂ් රෙස්ටුරන්ට් එහෙකට. ඔන්න ඉතින් දෙන්නත් එක්ක කන්න වාඩි උනහම පොර කියනවා අද උගේ ගානෙ තමයි දවල්ට කෑම කියලා. එක පාරටම උඩ පැනලා කැමති වෙන්න හොඳ නැති නිසා මමත් ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් අදි මදි කරලා අන්තිමට එකඟ උනා. ඊට පස්සෙ ඌ අහනවා,
"උඹ ස්පයිසි ෆූඩ් කනවද ?" කියලා. මමත් කිව්ව "ස්පයිසි ෆූඩ් නැතිව මට නම් ජීවත් වෙන්නවත් බැහැ" කියලා. ඒක ඉතින් බොරුවක් නෙමෙයි. මෙහෙ තියෙන හෝටල් වලින් කෑම කනකොට මම අමු මිරිස් කරල් දෙක තුනක් ගෙන්න ගන්නවා මොකද එච්චරටම ඒ කෑම සැර මදි නිසා. ඔන්න ඉතින් මගේ අළුත් සඟයත් "ඔව් ඔව්, හය්ද්‍රාබාද් වල අපිත් හොඳට දැවිල්ලට කනවා...." කියලා වේටර් කොළුවට කතා කරලා බිරියානි ඕඩර් කරන ගමන් කිව්ව "එක්ස්ට්‍රා ස්පයිසි !" කියලා. ටික වෙලාවකට පස්සෙ වේටර් කොළුවත් උස්සගෙන ආවා "හය්ද්‍රාබාදි ඩම් බිරියානි" මුට්ටියක් (ඒ බුරියානි එක දෙන්නෙ මුට්ටියක ). ඉතින් දැන් දෙන්නත් එක්ක හරි හරියට බෙදාගෙන වැඩ පටන් ගත්තා. ෂහ් මට නම් නියමෙට කටට දැවිල්ලට හරි අපූරුවට කෑම ටික තියෙනවා. ඔහොම ඉතින් කටවල් දෙක තුනක් කන ගමන් මම බැළුවා අපේ ඉන්දියන් සගයාගේ දිහා. යකෝ මූව දම් පාට වෙලා.....! මුළු ඇඟේම දාඩිය දාලා, මටත් පේන්න කන්දෙකෙන් දුම් පිට වෙනවා. මම ඉතින් ඇහුවා
"මොකෝ දැවිල්ලද.....?"
"අර පාහර වේටරයා මාව මරන්න හදන්නෙ....!" ඌ ගොත ගගහ කියනවා..
"ඉතින් උඹමනෙ එක්ස්ට්‍රා ස්පයිසි කියලා ඉල්ලුවෙ" මමත් හිනා වෙවී කිව්වා.
ඌම එක්ස්ට්‍රා ස්පයිසි කියලා ගෙන්න ගත්ත කෑම එක කන්න බැරිව වේටර්ට බැනලා වැඩක් නෑනෙ. අනේ මූ දැන් බිරියානි කෑම නවත්තලා සීනි දාගෙන මී කිරි කනවා හිටු කියලා. (කොහොමත් ගොඩක් වෙලාවට ඉන්දියන් කෑමත් එක්ක මීකිරි දීසියකුත් දෙනවා ). අන්තිමට බිරියානි කැවිල්ල පැත්තක තියලා බුවා මී කිරි කෝප්ප තුන හතරක් කාලා තමයි ගොඩ ගියේ.
අන්තිමට උගේ ස්පයිසි කැවිල්ල නිසා බිල ගෙවන්න උනෙත් මට. එදායින් පස්සෙ ඌ මගේ ලඟට ඇවිල්ලා අනලා කැව්වත් ඌත් එක්ක නං ආපහු කෑම කන්න ගියේ නෑ.
ඔය අතරේ පහුගිය දොහේ අපි උතුරේ ත්‍රස්තවාදී යුද්දේ දිනපු දවස්වල ඒක සමරන්න මම අපේ ඔෆිස් එකේ ඉන්න එවුන්ට කිරි බත් ගෙනිච්චා. ගම හාමිනෙත් ඉතින් උදේ පාන්දරම නැගිටලා යස අපූරු කිරිබත් මුට්ටියකුයි, පදමට ලුණු මිරිසකුයි, සීනි සම්බෝලෙකුයි තව මාළු ඇඹුල් තියල් එකකුයි හදලා දුන්නා. (සීනි සම්බලෙයි ඇඹුල් තියල් එකයිනන් හැදුවෙ කලින් දවසේ )
ඔන්න ඉතින් කට්ටිය වටවෙලා දැන් බැටින් පාර දෙනවා. අපේ ඔෆිස් එකේ ඉතින් හැම ජාතියකම බුවාලා සහ බුවීලා ඉන්නවා. වැඩියමක් ඉන්දියානු, ඊට පස්සෙ ඊජිප්තු, ලෙබනන් සහ ලෝකල් (එමරාටි ) එවුන් තමයි වැඩි හරියක් ඉන්නෙ. කට්ටිය ඉතින් දුම් දම දමා, හොටු පෙර පෙර කිරිබත් කනවා පේන්කොට දුකේ බැරුවා. ඒත් කට්ටිය අත අරින්නෙත් නෑ.
"Too good to resist this man...." කිය කියා තමයි උන් කන්නෙ.
ඔහොම අත අරින්නෙ නැතිව හරි හරියට ලුණු මිරිසුත් එක්ක කිරිබත් කාපු ලෝකල් අරාබියෙක් ඊට පස්සෙ දවස් දෙකක් ඔෆිස් ආවෙ නෑ. ඔන්න තුන් වෙනි දවසේ පොර ඔෆිස් එකට ඇවිල්ලා මැලවිලා ඉන්නවා. මම ඉතින් ලඟට ගිහින් ඇහුවා මොකද උනේ කියලා.
ඒ පාර ඌ ඉඳන් කියනවා,
"මිනිහෝ, උඹලගේ කෑම කාල ගිහිල්ලා පහු වෙනිදා ටොයිලට් එකේ ඉඳන් මම කෑ ගහපු කෑගැහිල්ලට අපේ ගෙදර අය ඇම්බියුලන්ස් එහෙකටත් කෝල් කරා..."
"ඊට පස්සෙ එලියට ඇවිල්ල අඩිය තියන්න බෑ, තට්ටං දෙක එකට ගෑවෙන ගෑවෙන පාරට මට කෑගැහෙනවා...."
"මම මේ අහන්න හිටියේ, උඹලගේ ආමි එක යුද්දේ දිනුවෙ අර රතු පාට පේස්ට් (ලුණු මිරිස් ) එකෙන් ගහලද ?"
එදායින් පස්සෙ මම හිතා ගත්තා මොන මගුලක් සමරන්න උනත් ආපහු නම් මුන්ට අපේ කෑම දෙන්නෙ නෑ කියලා. ඇයි හත් වලාමෙ මුන් මේවා කාලා හුස්ම හිරවෙලා මැරුනොත් මගේ දරු පවුල අනාත වෙන නිසා.
ඕකෙන් මේකෙන් දවසක් ලංකාවෙ නිවාඩුවකට ගිහිල්ලා ආපහු ආපු සුද්දෙක් අපේ එකෙක්ට මෙහෙම කිව්වලු
"උඹලගේ රටේ ටොයිලට් ගියාට පස්සෙ ටොයිලට් පේපර් පාවිච්චි කරන්නෙ නැතිව වතුර පාවිච්ච කරන හේතුව මම හොයාගත්තා....!" කියලා.
"ඒ මොකක්ද...?" අපේ එකත් අහුවලු.
“ඇයි, උඹලගේ පස්ස පැත්තට ඔය ටොයිලට් පේපර් එකක් ලං කරපු ගමන් ගිනි ගන්නවනේ...!”

ඇත්තට අය්යෙ, අපේ රටේ විතරද එතකොට ඔය මිරිස් පාවිච්චිය හරි හරියට වෙන්නෙ,ඉන්දියන් අයත් ඔහොම මිරිස් වලට ඔච්චරම බයනම්?
ReplyDeleteඅපේ අල්ලපු ගෙදර ඉන්න මලබාරි ඇන්ටි ටිකක් ආඩම්බර පාටයි. හිනා උනත් හිනා වෙන්නෙ නෑ. හොඳ කිරි බතක්, ලුණු මිරිසක් හදලා දීලා යාළු කරගන්න ඕනෙ..
ReplyDeletehe he. maru kathawa aiye. goda awasakin ne me paththe awe.. :)
ReplyDeleteබලාගෙන යද්දි ස්පයිස් කිය කියා උන්ගෙ කට විතරයි. හික් හික්.
ReplyDeleteඅප්පේ දුමී අයියා ලියන කතා කියවලා අපි මැරෙන්නේ හිනාගිහිල්ලා :D
ReplyDeleteඅන්තිම ලයින් එකනම් පට්ටම පට්ට. :D :D :D
ReplyDelete“ඇයි, උඹලගේ පස්ස පැත්තට ඔය ටොයිලට් පේපර් එකක් ලං කරපු ගමන් ගිනි ගන්නවනේ...!”
ReplyDeleteවෙලාවට ලන්ච් ටයිම් එකේ කියෙව්වෙ. මුන් අහනව මට පිස්සුද කියල තනියම කොක් හඬ ලා හිනා වෙන්ඩ...... පට්ටම පට්ටයි ඈ...........
කට විතරක්නම් මදැයි සරුවාංගෙම කහනව වෙච්ච හිනා වලට...
දුමී අය්යගෙ කතාවක් නැත්න0 දවල්ට කෑවෙත් නෑ වගේ ,
ReplyDeleteඅය්යා අපි කරන්නෙත් කුලු බඩු ව්‍යාපාර , ඇත්තම කියන්න ලන්කාවෙ කුලු බඩු වලට ගහන්න ලෝකෙ කොහේවත් කුලු බඩු නෑ .................
ආයෙමත් කෑම වලට බහිමුද ඒ කියන්නේ..?
ReplyDeleteඅපෝයි....දයියා කන්න බෑ
ReplyDelete@ අලුත් කොල්ලා- ඒක නම් මටත් නිතරම වගේ සිද්ධ වෙන දෙයක්..වෙලාවකට මම මේවා printouts අරන් දෙනවා මම හිනා වෙන දිහා කට බලියන් ඉන්න එවුන්ට ඔන්න කියවන්න කියලා..නැත්නම් උන් පවුනේ..
ReplyDelete@ දුමී- හැබැයි දුමින්ද අයියේ අපේ මේ කටට සැරට මිරිස් කෑම එච්චරම හිතකර නැහැ කියලනේ doctors ලා එහෙම කියන්නේ..එක්කෙනෙක් මටත් කිව්වා රූපලාවන්‍ය ගැන හිතනවනම් ලමයෝ වැඩිය මිරිස් තුනපහ දාපු කෑම කන්න එපා කියලා.ඒත් මම නම් ඇඹරැල්ලා ගෙඩියක් වෙරලු ගෙඩියක් ලැබුනත් ගම්මිරිස් එහෙම දාලා අච්චාරු දාලයි කන්නේ ඔන්න..
හික් හික්
ReplyDeleteහික් මහ ලොකු කෙරුමෝ කියලනේ සුද්දෝ හිතාගෙන ඉන්නේ... දැන් ඉතිං බඩු හරිනේ...
ReplyDeleteදුමී අය්යා මටත් මිරිස් හොදහැටි කන්න පූලුවන් .හැබැය් එකම එක දවසක් යාලුවෙක් නයි මිරිස් වලත් හොදම එකක් දීලා පුලුවන්නම් කාලා පෙන්නපන් කිඋවා කන එකනම් කෑවා කලා විනාඩි 5කින් විතර නිකන් ඔලුවත් එක්ක කැරකිලා මල විකාරයක් උනා . පස්සෙ බලනකොට ඒ මිරිස් ජාතිය පාවිච්චිකරන්නෙ නැති ජාතියක්.ඒ උනාට මම ඔට්‍ටුවනම් දිනුවා
ReplyDeleteඅදින් පසු http://vajiradevi.blogspot.com/ වෙබ් ලිපිනයෙන් වජිරදේවිගේ ලිපි සමඟ එකතු වෙන්න.
ReplyDeleteආ ඒකයි එහෙනං අපේ රටේ ටොයිලට් පේපර්ස් පාවිච්චි නොකරන්නේ....................
ReplyDeleteදුමි අයියේ ඔයා කරන වැඩ වලින් අපට රස්සාවත් නැති වෙලා වෙන තැනක වුනා නං........... :D
අම්මප කිව්වත් වගේ හොඳවැයිං නයි කොච්චි මිරිස් ගුලි ටිකක් නැහැමින් අඹරල ගත්තනම් ආයෙ ලෝකෙම සැරෙන්ඩර් කරගන්න බැරියැ අපිට. ආයෙ රොකට්, මල්ටිබැරල් ඕනෙ නෑ.
ReplyDeleteඔය කේරළයොන්ගෙ කෑම බීම අපිට සමානයි කියන එක නම් පල් බොරුවක් දුමී. අනේ මම දන්නෙ නෑ මා එක්ක ඉන්න එවුන් කේරළෙයි කිව්වට වෙන කොහෙන් හරි ආපු එවුන්ද කියල,
ReplyDeleteකාන්තාරෙට ඇවිල්ල මාස දෙහෙකට විතර පස්සෙ මම දැක්ක සුපර් මාකට් එහෙක කාරල්ලො තියනව. අප්පච්චියේ අම්ම අප්ප දැක්ක වගේ අරන් ආව පැකට් තුනක්ම. බෘහස්පතින්ද වරුවනෙ අපිට වැඩ, පටන් ගත්ත බැදිල්ල. අප්පටසිරි ගඳ යන්නෙම නෑ. වෙන්ටිලේටර් එක ඔන් කලා ෆුල්. මොන, කුස්සියෙ දොර ජනෙල් ඔක්කොම ඇරිය. ඔන්න ඒ කරල තමයි ටිකක් තත්වෙකට ආවෙ.
හවස 3 විතර වෙනකොට ඔන්න ආපි මගෙ යාලුවො 3 දෙනා,අපාර්ට්මන්ට් එකේ එකට ඉන්න. දෙන්නෙක් කේරල, අනික පන්ජාබි, ආපරාදෙ කියන්ඩ බෑ එදා දොර ඇරල ඇතුලට ආපු ගමන්ම උන්ගෙයි මගෙයි යාලුකම නැති උනා එක මොහොතකින්.තුන් දෙනාම නහය මිරිකගෙන ආවට වැඩිය ඉක්මනට ආපහු එළියට දිව්ව. සික් එකා කමක් නෑ කියමුකො. කේරල එවුන් දෙන්න ගෙන් තමයි මට නිවනක් නැති උනේ.එවුන් කරවල ගැන දන්නෙවත් නැහැය කිව්වෙ. අනේ මම දන්නෙ නෑ ඇත්තද බොරුද කියල.
පහුවදා උන්ට මගෙ ගානෙ දවල්ට කන්න අරං දීල තමයි යන්තම් ෂේප් කර ගත්තෙ.
කුලුබඩු කේස් එක ගැන කිව්වොත්, පුරුතුගීසි කාරයො ලංකාවට ආවෙ කුලුබඩු හොයාගෙන නම් තමයි. එහෙම උනාට එව්ව එයාල පාවිච්චි කරල තියෙන්නෙ සීත කාලෙ මස් එහෙම නරක් නොවී තියාගන්ඩ.එහෙම නැතුව ඉවුම් පිහුම් වලට පාවිච්චි කරල නෑ.
මොනා උනත් සැර තදට කාලා,පහුවෙනිදා උදෑසන පොඩ්ඩක් විදවන ගතියක් මටත් තියනවා,,
ReplyDelete@නදී...,
ReplyDeleteහැබැයි මම දන්න විදිහට ඉන්දියාවේ සමහර පලාත්වල අපිටත් වඩා මිරිස් කන අය ඉන්නවා. මෙහෙ තියෙනවා රෙස්ටුරන්ට් එකක් පරාටා වල්ට ස්පෙෂලයිස්. ඒකෙ තියෙනවා "චිලි මිලි පරාටා" කියලා එකක්. මමත් චන්ඩියා වගේ ඒක කාලා තව පොඩ්ඩෙන් දිව්‍යලෝකෙ යනවා.....!
@හරී,
හරී ආපහු ගෙවල් මාරු කරන්න වගේ ලෑස්තිය....!
@Pinky,
මේ පැත්තෙ ආවට ස්තූතියි පින්කි...!
@පිණිබිඳු...,
ReplyDeleteහැබැයි මෙහෙ සමහර ආරබියෝ ඉන්නවා හොඳට සැර කන එවුනුත්. බලාගෙන ගියාවම උන්ගේ ගෙවල් වල සෑහෙන්න කාලයක් ලංකාවෙ හව්ස් මේඩ්ලා වැඩ කරලා තියෙනවා.
@පූසා,
සිනා වී තර උනාට සිනාවී නොමැරෙන්න.... !
@රොබින් ,
අපරාදේ මහන්සි වෙලා ලියපු අනිත් ලයින් ටික...:D
@අළුත් කොල්ලා,
ReplyDeleteස්තූතියි කොල්ලො මේ පැත්තෙ ආවාට.... කැහැව්වට කමක් නෑ දැවිල්ල එහෙම ගා ගන්න එපා....!
@sameera,
එක නං ඇත්ත මල්ලි. මොනව උනත් ඔය මොන මොන ඉන්දියාවෙ මසාල ජාති තිබුනත් ලංකාවෙ තුන පහ ටිකක් වැටුනේ නැත්නම් ඒ හොද්ද උගුරෙන් පල්ලෙහාට බස්සගන්න හරිම අමාරුයි.
@මාරයා,
මම මේ කෑම වලින් ගොඩ එන්නෙ කොහොමද කියලා බල බලා ඉන්නෙ.... උඹ මේ බහින්න කතා කරනවා....! :D
@රත්ගමයා ,
ReplyDeleteඉකේයියා රත්ගමටත් එක්ක ලැජ්ජාවෙ බෑ....!
@සුජානි,
ඔන්න ඕක තමයි මේ පිර්මි පරාණයක් වෙලා ඉපදෙන්න වාසනා කරන්න ඕනෙ කියන්නෙ. අපිට ඉතින් ඔය බියුටි කචල් වලින් ප්‍රශ්නයක් නෑනෙ.
හපොයි, අච්චාරු මතක් කරන්න එපා. අපේ ගම හාමිනෙත් ඔය අච්චාරු මරුවා...!
@හසී ,
හොහ් හොහ්...!
@prasanna86k,
ReplyDeleteමොකෝ කියන්නෙ, බෑන් කී මූන්ට කතා කරලා කෑමක් දෙමුද ?
@Theekshana,
ඔය මැලේසියාවෙන් එන මිරිස් ජාතියක් තියෙනවා මෙහෙ රතුම රතු පාට. ප්‍රසිද්ද සුප් එකක් තියෙනවා "ටොම් යම්" ලියලා. ඒකට දාන්නෙ ඒ මිරිස්. එයින් එක කරලක් දැම්මම ඇති මොලේට හිටන් දාඩිය දාන්න...!
@වජිරදේවි,
ස්තූතියි මේ පැත්තෙ ආවට..!
@RanDil,
ReplyDeleteකවුරුත් කිව්වට විශ්වාස කරන්න එපා. ට්‍රයි කරලා බලන්න. ගිනි ගත්තොත් ඉතින් වතුර තියෙනවානේ....!
කෝකටත් නගෝ දැන්ම ඉඳන්ම සී.වී එක හදන්න පටන් ගත්තනන්....!
@nawammawatha,
අනේද කියන්නෙ. ඔය ලංකාවට කැනහිලි කම් කොරන ඔක්කොම බුරුත්ත පිටින් ගෙන්නලා, උන්ගේ පස්ස පැත්තෙ තමයි කොච්චි මිරිස් අඹරලා ගාන්න ඕනෙ...!
@Ravi,
මම කිව්වෙ ඔය රොටි ජාති, ඉඳි ආප්ප, ආප්ප වගේ දේවල්. රවි විශ්වාස කරනවද අපේ කැවුමත් මුන් ගාව තියෙනවා, හැබැයි කොණ්ඩෙ නැතිව...! ඊට පස්සෙ ආස්මිත් මුන් හදනවා....!
@ItalyDilan,
ඕකට තියෙන්න අයිස් කැට දෙක තුනක් අරගෙන පොඩ්ඩක් කූල් කරගන්න එක තමයි....හික් හික් හික්...!
අපේ ලංකාවේ මිරිස් අනම් මනම් නම් මොනාද අයියේ...හරියට පිට රටවල ඉන්න අයට දෙයියෝ වගේ...සල්ලි වලටත් වඩා පරිස්සම් කරන්නේ මිරිස් ,තුනපහ තමයි...ලංකාවේ ඉදන් මෙහෙට එද්දි බඩු බැග් වල පුරෝලා තියෙන්නේ මොනවද..කරෝල ,මිරිස් ,තුන පහ ,කරපිංචා.... එවායින් විතරමයි... මෙහෙත් සිංහල බඩු කඩ දාලා තියෙනවා එ හැම එකක්ම ලෝකල්..මහ අමුතු රහ එන්නේ..අර අපේ ලංකාවේ රස සුවද එන්නේ නැ එ බඩු වල ...
ReplyDeleteඅයියාගේ කත ටික නම් වෙනද වගෙම මරු..
අපොයි වරදවා තේරුම් ගන්න එපා දුමී, මම මේ කිව්වෙ ඔයා බොරුවක් කිව්වය කියල එහෙම නෙවෙයි.කේරළේ කියන්නෙත් ලංකාව වගේ දහ දොලොස් ගුණයක් විසාල ප්‍රාන්තයක්නෙ, ඉතින් එහෙත් එක් එක තැන් වල කෑම බීම වෙනස් ඇති, මම කිව්වෙ මාත් එක්ක හිටපු එවුන් දෙන්න ගැන, උන්ට මිරිස් අරහං,
ReplyDeleteරස කැවිලි නම් ආයෙ කියල වැඩක් නෑ, මුං එක්ක පනින මළ ඔක්කොම ඉවරයි වැකේෂන් ගිහිල්ල එනකොට ගේන අලුව , කැවුම්, මුංගුලි ( එව්වම නෙවෙයි ඒත් ඒ වගේම තමයි ) දෙක තුනක් බැස්සුවම......හෙහ්.......හෙහ්,
@නිම්ශා,
ReplyDeleteඑකනන් එහෙම තමයි නිම්ශා.... අපිත් ඉතින් ලංකාවට ගිහිල්ල එනකොට වැඩිමනක්ම උස්සගෙන එන්නෙ අම්ම හදපු බැදපු තුනපහ, ලුණු දෙහි, බිලිං අච්චාරු, වම්බොටු මෝජු, උම්බලකඩ සම්බෝල වගේ දේවල් තමයි.
@Ravi,
නෑ නෑ, රවී කියපු දේ වැරදියට තේරුම් ගත්ත නෙමෙයි. මම අපේ ටීම් එකේ ඉන්න මලයන්ට ගොඩක් වෙලාවට කියන්නෙ, උඹල වෙලඳාමෙ එනව කියලා ලංකාවට ඇවිල්ල අපේ කෑම ජාති ඔක්කොම හොරකං කරන් අප්පහු ගිහිල්ලා කියලා...!
දුමී අයියගේ නියම කතා සෙට් එක. පට්ට. කියවලා රස වින්දා. මතකද දන්නේ නෑ. ඔය වගේම රජ ගෙදරත් විදේශ රටක ජනාදිපති කෙනෙක්ට ලුනු මිරිසක් කවලා ක්‍රෑස් ක්‍රෑස් ගගා හිටියා.
ReplyDeleteඒ කෑම නම් හැදුවෙ ආචාර්ය පබිලිස් සිල්වා මහත්තයා. කෑම කාපු ජනාධිපති වරයගේ නම නම් මතක නෑ.
මිරිස් වලට මගේ ඒහැටි මනාපයක් නම් නෑ .. ඒ උනාට කොච්චි සම්බෝල කන්නනම් ආසයි .. හැබැයි අයියේ ඔය සැර ජාති වැඩිය කන්න හොඳ නෑලු නේද මොකද අන්තිමට අන්තිමට අර්සස් හැදෙන අවදානම වැඩියිලු .. සුද්දන්ට හිනා උනා වගේ නෙවේ අර්සස් හැදුනම.කොහොම හරි අපේ මිනිස්සුන්ගේ දරාගැනීමේ හැකියාව ඉහලයි වගේ
ReplyDeleteදුමියාගේ කතාවක් බැලුවම ඉතින් ..මිරිස් කෑවා වගේම තමයි .. ඇස් වලින් කඳුලුත් එනකම් අපි හිනාවෙනවනේ ..
ටොයිලට් පේපර් එකක් පස්ස පැත්තට අල්ලා බලන්න ඕන... :D
ReplyDeleteඉන්දියාවට ගියාම හයිද්‍රබාද්කාරයින්ගෙන් විතරයි කටට රහට කන්න පුලුවන්. කේරල කෑම හොඳයි රස කොහොම වුනත් ගුණ නම් තියෙනවා, ඇයි හැම දේටම පොල් කිරි, ගාපු පොල් ඕනතරම් දාන නිසා. එවුන්ට පකිස්තාන් කාරයින් කියන්නේ කොකනට් පීපල් කියලා. හැබැයි කේරල මාලු හැදිල්ල නම් නියමයි.
ReplyDeleteදුමී අපේ රසකැවිලි අතරින් කොකිස් ද කේරලවල හරිම ප්‍රසිද්ධයි නම වෙනස් - අච්චාප්පම් කියලා කියන්නේ. ලංකාවේ ඒවාට වඩා වෙනස් පැණිරස නිසා, තවද කලුදුරු, මාදුරු වගේ දේවල් එකතු කරලා හදන්නේ. මෙහෙ සුපර් මාකට් වල තියෙනවා.
ලංකාවේ අපි වගේ සැරට කන්න කැමැති කට්ටියක් තායි, මැලේසියා, ඉන්දුනීසියා කට්ටිය. ඒත් අපි තරම් මිරිස් කන්නේ නැතිව ඇති. තායි කෑම වල අමු මිරිස් පාචිච්චිය වැඩියි.
මිරිස් සැර කොහොම වුනත් දුමීගේ ලියවිල්ල නම් නියමයි.
මටත් මිරිස් නැතුවනම් කන්නම බැහැ.... සමහර දවස් වලට හදන කෑම පාසල් කන්නේ අඬ අඬ... දැවිල්ලයි කියලා.... :)
ReplyDeleteඅම්මෝ ඇති යන්තම් පෝස්ට් එකක් දාන්න මතක් වුනා .....
ReplyDelete"ඊට පස්සෙ එලියට ඇවිල්ල අඩිය තියන්න බෑ, තට්ටං දෙක එකට ගෑවෙන ගෑවෙන පාරට මට කෑගැහෙනවා...."
පොර ඊට පස්සෙ කෑමට සෙට් වුනේ නැද්ද .........
හප්පේ දුමි අයියේ ඉල ඇදෙනව හිනාවෙලා. මෙන්න මෙහෙම පොස්ට් එකක් සතියකට එකක් වත් වැටෙනවනම් කික්ම තමා.
ReplyDeleteඔය සෝස් එකක් කියල හිතන් ලුණුමිරිස් කාල කෙලව ගත්තෙ බිල් ක්ලින්ටන් මහත්තයනේ. ඊට පස්සේ පොර ලංකාව පැත්තවත් බැලුවෙ නැතිව ඇති. මටත් ඔය සුද්දෙක් කියල තියෙනව අපිට මිරිස් නැති කැම වල රස දැනෙන්නැහැලු මිරිස් වලට දිව පිච්චිලා.
අපූරු කතා පොඩ්ඩ. මාත් වැඩිය මිරිස් සැරට නම් කැමති නෑ.. ඒ වුනාට කන්න බැරිමත් නෑ...
ReplyDeleteඅනේ මේ වැඩේ කරන්න බෑ දුමී අයියේ. අර කිව්ව වගෙ දවසක හිනා වෙලා පන යන්නෙ. මීට පස්සෙ නම් කවුරුවත් නැති තැනක තමයි අයියගෙ පෝස්ට් කියවන්න ගන්නෙ.
ReplyDeleteහප්පෝ මටත් මිරිස් නම් අරහං මචෝ . .
ReplyDeleteඒත් ඉතිං මිරිස් මිරිස් කියලා අතාරින්නත් බැරි නිසා දීල අදිනවා . .
දන්නවනේ මිරිස් ගෑවිච්ච කෑමක් මම දාඩිය හලාගෙන මූන රතු කරගෙන කන හැටි . . හප්පා . . .
මේ ලඟදි දවසක් අපේ ඔෆීසිය පහල තියෙන සිරි දේසේ කඩෙන් කාලා නම් මට පහුවදා උදේ හිතුනා ටොයිලට් පෙපර් රෝලත් දුර තිබ්බ වුනත් ගිනි ගනීවිදෝ කියල . .
හික් හික්
ඉහෙන් කනෙන් දුං දානවා මේක කියවලා! :D
ReplyDeleteමටත් හිතෙන්නේ යුරෝපේ කට්ටිය එනකොට අපට 'මිරිස්' තිබුනේ නෑ කියලා. එයාලා ආවේ අනික් කුලු බඩු ගෙනියන්ටයි. මිරිස් පස්සේ කාලෙක දකුනු ඉන්දියාව පැත්තෙන් ආවද දන්නේ නෑ. උතුරු ඉන්දියාවේ අය නම් මිරිස් කන්නෙම නෑ. (මම දන්න අය ) හැබැයි දකුනු ඉන්දියාවේ අය නම් විශේෂයෙන් ටැමිල්නාඩු අය හොඳට සැරට කනවා.
ReplyDeleteහපොයි එකක් හිතා ගත්තා. ඔයාලගේ ගෙදර ආවාම ලුනුමිරිස් කන්නේ නෑ.:D
හපොයි මේක කියවලා නම් කොමෙන්‍ටුවක් නොදාම බෑ!!! හොහ් හොහ්...
ReplyDeleteහැබැයි ඉතිං සුද්දෝ විතරක් නෙවේ අපේ සමහර කට්ටියත් ඉන්නවා ගොඩ සුද්දෝ.... මිරිස් ඩිංගිත්තක් වැඩිවෙච්ච ගමන් හායි හූයි ගාන....හොඳට සැරට අඹ ගෙඩියක් කපල මිරිස් හෙම දාලා දුන්නම අහනව... මේක මොන එහෙකටද මිරිස් දාලා කන්නේ ඉදුනම කන්නේ නැතුව.... හෙහ් හෙහ්
පොකු හරි.. අපට මිරිස් ලැබුනෙ යුරෝපීයන්ගෙන් තමයි.. මිරිස්වල නිජබිම හැටියට සැලකෙන්නේ දකුණු/ලතින් අමෙරිකාව.. ස්පාඤ්ඤ හා පෘතුගීසි ආක්‍රමණ ඔස්සේ ඒවා ලෝකය පුරා ව්‍යාප්ත වුනා..
ReplyDeleteචීනෙ සමහරපැතිවල අපි වගේම මිරිස් කනව. අපේ කන්තෝරුවෙ උන් අලුත් ගෙදට්ට ආව කියල පාටියක් ඉල්ල ඉල්ල හිටිය කාලයක්. දවසක හත් අට දෙනාටම එන්න කියල දැම්ම බාබිකිව් පාරක්. පටං ගත්තට වැඩිය වේගෙන් පාටිය ඉවරයි. කෑමත් ඉතුරුයි, බීමත් ඉතුරුයි, ඩෙසට් ටික දාපු භාජනවල හෝදන්න දේකුත් නෑ, ආයි ඉන් පස්සෙ පිල්ලන්නට සුද්දොන්ට පාටිත් නෑ, එතන හිටපු බල්ගේරියන් කාරය ගෑනිට දුකෙං පුන් ඇවිත් බෙහෙත් ගන්න බර ගානක් ගියා කියල මාත් එක්ක කාලයක් කතා කරෙත් නෑ. එකම දේ මැරිනේට් කරනකොට හොඳට අර ඇඹුල් තියලට වගේ මිරිස් ටිකක් වැඩිපුර අතගාන එක විතරයි. ට්‍රයි කරල බලහං, අත්දුටුවයි, සත්තයි.
ReplyDelete/* ගොඩක් වෙලාවට අපේ කෑමයි, කේරළේ කෑමයි එක සමානයි. උන් අපෙන් කොපි කරලද අපි උන්ගෙන් කොපි කරලද කියලා උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ.
ReplyDelete*/
මේකට හේතුව තමයි සිංහල අපෙන් සෑහෙන කොටසක් අවුරුදු පන්සීයක් ඇතුලත කේරලයෙන්, ආන්ද්‍රා ප්‍රදේශ් වලින් ලංකාවට ආපු අය වීම.
ඒ දවස්වල මොන පාස්පොට්ද? අනික visa on arrival නේ. ඒවත් permanent residence visa.
@මධුරංග,
ReplyDeleteස්තූතියි මේ පැත්තෙ ඇවිල්ල කමෙන්ට් පාරක් දැම්මට.
ඔව් ඔව් මටත් මතකයි ඔහොම මොකක්ද ඇබැද්දියක් උනා වගේ. හැබැයි ඉතින් පබිලිස් ඉන්නැහේ ඉතින් හොඳට දන්නවා ඇතිනේ සුද්දන්ගේ මිරිස් පදම ගැන....!
@සඳරු,
කොච්චි සම්බෝල කන්න ආසා එකා කියනවා දැවිල්ල කන්න මනාපයක් නැහැ කියලා...
අර්ශස් හැදෙන්නෙ ඉතින් මිරිස් වැඩිපුර කෑවහම කියලා නම් මම අහලා නෑ...!
@සෝරෝ,
ගිණි ගත්තද ? ඈහ්?
@ගල්මල්-Coral,
ReplyDeleteඒක නම් ඇත්ත තමයි. හයිද්‍රාබාද් මට්න් බුරියානි එහෙකට ගහන්න පුළුවන් එකක් මට නම් හම්බවෙලා නෑ.
ඔව් ඔව්, ඔය මලයාලි කොකිස් එක මමත් කාලා තියෙනවා.
@කොට ජීවිතේ,
කට සැරට කන කට්ටියගේ කටත් සැරයි කියන්නෙ ඇත්තද ?
@කල්හාර,
ලියන්න ඉතින් වෙලාවක් කලාවක් හොයාගන්නත් එපැයි.
පොර ඊට පස්සෙ මම කෑම කන පැත්ත පලාතෙවත් ආවෙ නෑ...!
@Kavinda,
ReplyDeleteමමත් බොලේ කල්පනා කෙරුවෙ කොහොම හරි සතියකට එකක් වත් ලියාගන්න ඕනෙ කියලා තමයි. ඒත් කොහෙද...!
මිරිස් වලට දිව පිච්චෙන එක කොහොම වෙතත් ගිරවුන්ව කතා කරවන්න නම් මිරිස් දෙනවා කියලා නම් මම අහලා තියෙනවා....!
@Chathura,
ලංකාවේ කවුරු උනත් ඔය කන මිරිස් ප්‍රමාණෙ ඇති සුද්දෙක්ව මරලා දාන්න...!
@Kasun,
හික් හික් හික්...
@දුකා,
ReplyDeleteඋඹ ඔය බොරුනේ කියන්නෙ. උඹලා අපේ ගෙදර ඇවිල්ල මම හදපු කීරමින් හොද්දයි, පොල් සම්බෝලෙයි යස අපූරුවට කෑවෙ. ඒක කෑවැයි කියන්න උඹ සර්ටිෆයිඩ්...!
මොකක්ද බං ඒ අපි නොදන්න සිරි දේසෙ හෝටලේ ?
@kombuwa,
ඇයි මල්ලි මිරිස් කෑල්ලක් හැපුනද ?
@Kathandara,
ඔව් ඔව්, කතාව නම් ඇත්ත....
අර හනුමා රූමස්සල කන්ද උඩින් අරගෙන එනකොටත් අපේ කස්ටම් එකෙන් ටැක්ස් කරලා නෑනෙ....! ඒකනෙ හිමාලේ විතරක් හම්බවෙන බෙහෙත් ජාති රූමස්සල කන්දේ තියෙන්නෙ.....!
අවුලක් නැහැ බං..දුමියෝ..දුකාට සැරට කන්න දීලා..ඌම හදන දෙකලප්පමක් ගිල්ලෙවුවහම වැඩේ හරි.
ReplyDeleteපොඩි පොඩි දත්ත ටිකක්..
ReplyDelete1. ලෝකෙ සැරම මිරිස් තියෙන්නෙ ඇසෑම් ප්‍රන්තෙලු..
2. මෙක්සිකෝවෙත් බරපතල මිරිස් සංස්කෘතියක් තීනවා..
3. අපෙ ලුණු මිරිස සීනි ඩින්ගකුත් දාලා සල්සා වගෙ හදලා ගත්තම ඕනෙ කෙනෙක් කනවා - වලටත් හොඳයි..
4. ලංකාවෙ කොච්චි-මිරිස් වර්ග වලින් හොඳම සහ ගනන්ම හෝ මිරිස්.. (දැන් කිලෝ එක රු. 400ක් විතර!)
වෙලාව බලන්නෙ නැතුවම කොමෙන්ටුවක් දාන්ඩ හිතුවා.
ReplyDelete"දැක්කම හරි ආස හිතෙන දුඹුරු පාට දිගට දිගේ තියෙන චයිනීස් රෝල් එකක් අතට අරගෙන ලීනා කන්න පටන් අරගෙන" කියන කොටස නම් නිකන්.....
කිරිබතුයි ලූණුමිරිසුයි හදල තියෙන්නෙ දවස් කීපයකටම කලින් කියල තමයි ආරන්චිය.
තරහ කාරයෝ ඉන්නවනම් රිද්දන්න තියන හොදම කෙරේමෙ.....
ReplyDeleteමචං බඩ පැලෙන්න හිනා. අම්මත් කාමරේට ඔලුව දාලා බැළුවා නිකං නක්කලේට වගේ. මට අහුවෙච්ච සුපිරිම කියමන මොකද්ද දන්නවද?
ReplyDelete“ඔය ෆිල්ම් වල තුවක්කු උස්සගෙන චන්ඩි පාට් දාන රම්බෝලා, කමාන්ඩෝලා ට්‍රාන්ස්පෝටර්ලා නිකන්ම බිම දාන්න පුළුවං හොඳට කොච්චි දාලා අඹරපු සම්බෝලත් එක්ක බත් කටවල් දෙකක් අනලා කැව්වනං“
අපේ තාත්තත් මචං අම්බානක සර කනවා. එතුමගෙන් තමයි මමත් පුරුදු වනේ. දාඩිය ද දා හර කන්නමයි හිතෙන්නේ. සැරනැති කෑමක් නං මටත් අමු මිරිස් කරලක් දෙකක් අනිවාර්යයි. :-)
අර අන්තිමට කියපු සුද්දනං අදහන්න වටින පොරක් මචං. උගේ සොයාගැනීම ඇත්ත වෙන්නත් ඇති. :-) ලංකාවේ එකෙක් ඌව මතක් කරා කියපං. තවඩිංගෙං තේ එක හැලිලා ඒ ලංකාවේ එකාගේ ලැප් ටොප් එකටත් කෙලවෙනවා කියපං උගේ සොයාගැනීම අහලා...
කියන්න වචන් නෑ දුමී පට්ටයි
ReplyDeleteහයියෝ හිනාවෙලා අමාරුයි අයියා. ලංකාවෙත් උඩරට පැත්තේ අය මිරිස් එහෙම අඩුවෙන් නේද කන්නේ ?? ගාල්ල මාතර පැත්තේ අයලු නේද හොඳටම මිරිස් දාගෙන කන්නේ
ReplyDeleteමට නම් මිරිස් නැතුව බෑ බන්... මම සිංහල කඩෙන් ගන්නෙම චිලි පේස්ට්, පොල් සම්බල්, කූනිස්සො බැඳුම් තමා වැඩිපුරම... හැබයි අපේ අම්මගේ උම්බලකඩ සම්බෝල්ට හරියන්නෙ නෑ එක්කක්වත්
ReplyDeleteහප්පොච්චියෙ, දැන් නේ තේරුණේ දුමී අයියගේ කට මෙච්චරම කහන්නෙ ඇයි කියල ...
ReplyDelete:D
පමා වෙලා කමෙන්ට් කලාට සමාවෙන්ඩ. අද තමයි දුමීගේ මේ ලිපිය කියෙව්වේ. කට්ටිය කියල තියෙනව වගේම හරිම අපූරුයි.
ReplyDeleteමමත් අපේ අම්මයි, තාත්තයි එක්කගෙන දඹදිව වන්දනාවේ ගියා. එහෙ කෑම වල කිසිම මිරිස් රහක් නැහැ තමා. හොඳ වෙලාවට අපේ නඩේ අය ලුණුමිරිස්, සීනිසම්බෝල, උම්බලකඩ සම්බෝල වගේ කටට සැරට කන්ඩ පුළුවන් දේවල් ගෙනිහිල්ල තිබුන. කොහොම උනත් තමිල්නාඩු කෑම නං අව්ලක් නැහැ. අපේ ගානට මිරිස් තියෙනවා.
පුදුම වැඩේ කියන්නේ සිංහල මිනිස්සුන්ට ඔය වේලිච්ච මිරිස් පුරුදු කරලා තියෙන්නේ සුද්දෝ. හැබැයි උන් කාල නැහැ. ඉංග්‍රීසින් ලංකාව පාලනය කරන කාලෙ වතු වැඩට ගෙන්නපු කේරල මිනිස්සුන්ට කන්ඩ තමා ඉන්දියාවෙන් වේලිච්ච මිරිස් ගෙන්නලා තියෙන්නේ. හැබැයි අපේ මිනිස්සුන්ට තමා මිරිස් හොඳට රසවැටිලා තියෙන්නේ. ඊට කලින් අපි කටට සැරට කාල තියෙන්නේ ගම්මිරිසුයි, කොච්චි මිරිසුයි.
laljay
ReplyDeletemaru maarai dumee!
joke ekak tasty wenna kunu rasayama wedagathnehe
kiyala oya apata oppukota pennuwa.
well done pall
keep it up!
ela
ReplyDeleteහි හි
ReplyDeleteමටත් මේක කියෙව්වම නොකියම බැරි වැඩක් මතක් උනා. මගේ මහත්තයගේ යාළුවෙක් ඉන්නවා කොරියන් කෙනෙක්. සාමාන්යඩයෙන් කොරියන් අය වැඩියම සැර කෑම කන්නේ නැහැ. ඉතින් මේ කියපු යාළුවා නම් හොඳට සැර කන්න පුළුවන් කෙනෙක්. මගේ මහත්තයට මේක දිරවන්නෙම නැහැ. මොකද මොනවා කෑවත් “මීට වඩා සැර මිරිස් තියෙනවා “ කියලා කියන නිසා. මේ පාර ලංකාවට ගිය වෙලේ මේ මනුස්සයත් ගියා. Fried rice කන්නෙත් chili paste එක දාලා රතුම රතු පාටට. කනවා විතරක් නම් මදැයි, කිසිම ගානක් නැතුව කාලා අර වාක්ය යත් අන්තිමට කියනවා. ඒ පාර බලන් බඳලා බැරිම තැන අපේ ගෙදර මනුස්සයා එයාලගේ ගෙදර ගිය වෙලේ බත් කන අතරේ කොච්චි පීරිසියක්ම ගෙනත් තිබ්බා. මේ කොරියා කොච්චි 12ක්ම නිකන් ඔහේ කාලා අර කතාවම කියපි. අපේ ගෙදර මනුස්සයත් අභියෝගයක් නිකන්ම අත හරින කෙනෙක් නෙවෙයි. ඒත් ඉතින් ලංකාවේ කිසිම කෑමකට අර යාළුවා නම් not surrender. ආයෙම අපි කොරියාවට ආවට පස්සෙත් අපේ මනුස්සයා ලංකාවෙන් එන කෙනෙක් අතේ නයි මිරිස් (හෝ මිරිස්) ගෙන්නගෙන පොදියක්ම අරන් ගියා. හැබැයි ඒක කාලත් “මීට වඩා සැර මිරිස් තියෙනවා “ කියලා කිව්වලු. හැබැයි මේ පාර නම් ටිකක් දාඩිය දැම්මලු. අන්තිමට ගෙදර මනුස්සයා අහලා තියෙනවා “ඔය කියන මිරිස් එක මට ගෙනල්ලා දෙන්නකෝ” කියලා. ඒක නම් තාම අපිට ලැබුනේ නැහැ...
පට්ට කතාව දුමී
ReplyDeleteඅඩා මේක කියන්නත් ලැජ්ජයි...
ReplyDeleteමේක උනේ මට .
ටෙක් එකේ ඉන්න දවස් වල කැම්පස් එක ගාවින් කෑම ගේන්න පුරුදු වෙලා හිටියා. සෙනසුරාදා දවසක් වෙච්චි එකේ මමයි තව බොඩිමේ දෙන්නෙක් එක්ක ගියා කොත්තුවක් කන්න. කොත්තු කඩෙි වහලා හින්දා කරත්ත කඩේකින් කොත්තුවක් දා ගත්තා.
ඒ දවස් වල මම හොද බඩජාරියා... එත් කොත්තුව දාපු විදියට මට ඇල්ලුවෙ නෑ.
උ කොත්තුව ගහලා කැලි මිරිස් උඩට ඉස්සා..
මට ආවිත් එක කටක්වත් කන්න හම්බවුනේ නැ. අර සත්තු දෙන්නනම් කැවා.
කොහොම හරි වැසිකිලියේ සැණකෙළියක් කරපු මගේ කටින් පිටවුනේ මේ ටික විතරයි.
"" ෆු...
දෙයියෙක් ** ඇ*යා වගේ බන්"
සමාවෙන්න ඔන
මම නම් දැකල තියෙන අයගෙන් අපිට වගේම මිරිස් කන්න පුළුවන් අය තමයි භූතාන් කාරයෝ. අපිත් එක්ක විශ්ව විද්‍යාලයේ ඉගන ගන්න දෙන්නෙක් අපේ ගෙදර ඇවිත් පොල් සම්බෝලයි හාල්මැස්සොයි එක්ක බත් කාල සැර මදි කියල අමු මිරිස් ටිකකුත් ඉල්ලා ගත්ත. කිරිබත් සහ ලුණු මිරිස් වලින් නම් උන් ඇර වෙන ඕනේ කෙනෙක්ව අඩවන්න පුළුවන් කියල මම අත්දැකීමෙන් දන්නවා. ඒත් කොච්චර අමාරුවෙන් හරි දුන්න ටික කාල තව ටිකක් කනවා. අපේ කිරිබත් එච්චරට රහයි.
ReplyDeleteලොවෙත් නෑ.. ටොපයි හරිය...
ReplyDeletemamath kaala tiyanawa ayankarapu rotii......
ReplyDelete