කඩ්ඩ සහ කක්කල් කැස්ස
Posted by
ලංකාවෙ ආණ්ඩුවේ ඉස්කෝල වලට ගිය අපි වගේ අය අතරින් අවුරුදු 9ක් 10ක්ම ඉස්කෝලෙ සබ්ජෙක්ට් එකක් විදිහට කඩ්ඩ ඉගෙන ගත්තත් අන්තිමට ඉස්කෝලෙන් අස්වෙනකොටත් යන්තන් වත් පේලි දෙකක්වත් කඩ්ඩෙන් කතා කරන්න පුළුවන් අය ඉන්නෙ හරිම අතලොස්සක් තමයි.යන්තන් කඩ්ඩෙන් වැඩ කරන්න බය ඇරෙන්නෙ ඔය ඉස්කෝලෙන් පස්සෙ උසස් අධ්‍යාපනයක් වගේ කරන්න ලැබුනොතින් තමයි. මොකද ගොඩක් වෙලාවට උසස් අධ්‍යාපන ආයතන වල දේශන පැවැත්වෙන්නෙ කඩ්ඩෙන් නිසා. ඒත් ඉතින් බහුතරයකට යන්තන් සන්තන් විදිහට කඩුවට පොඩි බ්‍රාසෝ පාරක් ගාගන්න ගොඩක් වෙලාවට පුළුවන් වෙන්න රස්සාවකට කාරිය එහෙම ගියහම තමයි. ඕකට එක හේතුවක් මම හිතන්නෙ කොහෙන්ද මන්දන්නෙ නෑ පොඩි කාලෙදීම මේ කඩ්ඩට අසාමාන්‍යය බයක් හැමෝගේම හිතේ ඇති වෙනවා. කොච්චර බයද කියනවනන් කවුරු හරි ලඟට ඇවිල්ල කඩ්ඩෙන් කතා කලොත් චූ යන සයිස් එකට. ඒවගේම කඩ්ඩෙන් වචනයක් දෙකක් කතාකරන්නත් පුදුම බයක් තමයි තියෙන්නෙ. ඒක අනිත් අය හිනාවෙයි කියන බයටමද නැතිනන් වෙන මොකක් හරි අටමගලයක් නිසාද කියල නම් මට කියන්න බෑ.
මට අවුරුදු පහක හයක කාලෙකකදි ඉඳන් අපේ තාත්තා හිටියේ පිට රට. ඉතින් ඔය හැම තිස්සේම වගේ අපේ ගෙදරට තාත්තා එවපු බඩු තෑගි අරගෙන විවිධාකාරයේ අංකල්ලා, ඇන්ටිලා එහෙම එන එක සාමාන්‍යය දෙයක් වෙලා තමයි තිබුනේ. ඔන්න දවසක් අපි මිදුලේ සෙල්ලං කර කර ඉන්න දවසක අපේ ගේ දිහාවට එනවා සුද්දෙක්. අතේ පාර්සලේකුත් තියෙනවා. ඒ වෙලාවෙ අම්මත් ගෙදර හිටියේ නෑ. මල්ලිවත් අරගෙන අම්මත් මොනවා හරි වැඩකට එළියට ගිය ගමන් තාම ඇවිත් නෑ. ගෙදර ඉන්නෙ මමයි, අක්කයි, නංගියි විතරයි. ගේ පැත්තට එන සුද්දව දැක්ක විතරයි තුන් දෙනාම රිංග ගත්තා ගේ ඇතුලට. වැහුවා දොර. ඇයි හත් ඉලව්වෙ දැන් මූත් එක්ක කොහොමද කතා කරන්නෙ ? වෙනදට චන්ඩි පාට් දාන දුමීගේ අක්කත් ෆුල් සරෙන්ඩර්. ඔන්න සුද්ද දොර ගාවටම ඇවිල්ල බෙල් එක ගහනවා.
ඒ අස්සෙ දුමීගේ අක්කා කියනවා,
"ලොකු මල්ලි, ගිහින් දොර අරිනවා......!"
මට පුළුවනෑ ඔය නොදන්න භාෂාවල් වලට බෙල්ල තියන්න ගොහින් වරිගේ නහ ගන්න....
"ඇයි මට කියන්නෙ, තමුසෙ ගිහින් දොර අරිනවකෝ.......!"
දැන් දෙන්නත් එක්ක ෆුල් වලිය කවුද දොර අරින්නෙ කියලා. මෙන්න බොලේ ඒ අස්සෙ යන්තන් මොන්ටිසෝරි යන නංගි ගිහින් දොර ඇරලා. සුද්දා ඉස්තෝප්පුවටම ඇවිල්ලා ඉන්නවා දැක්කම තමයි අක්කටයි, දුමීටයි කටේ කෙළ හිඳිලා හීන් දාඩිය දාන්න ගත්තෙ.
අනේ ඉතින් දුමිත් පුරුෂ දහිරිය අරගෙන ඉස්සරහට ගොහින් මෙහෙම කිව්වා...
"අංකල් අම්මි නෝ හෝම්....!"
මෙන්න බොලේ සුද්දා කියනවා,
"ආහ් පුතා, කමක් නෑ. මෙන්න මේ පාර්සල් එක තාත්ති එව්වා මගේ අතේ. මේක අම්මිට එහෙනම් දෙන්න. අම්මිට කියන්නකෝ විජේපාල අංකල් ඇවිත් ගියා කියලා...."
සුද්දා දෙනවා ෆුල් සුද්ද සිංහලෙන්. දුමියි අක්කයි අඤ්ඤකොරොස් වෙලා කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කොහොමද යකෝ සුද්දෙක් මෙච්චර හොඳට සිංහලෙන් කතා කරන්නෙ. අනික පොරගේ නම විජේපාලලු. විජේපාල කියලා සුද්දොත් ඉන්නවද.
ඔන්න ටික වෙලාවකට පස්සෙ අම්මා ආවහම අම්මට කිව්ව විස්තරේ.
"අම්මේ, අන්න තාත්තා විජේපාල කියලා සුද්දෙක්ගේ අතේ පාර්සලයක් එවලා......!"
"ආහ්, විජේපාල අංකල් ආවද මේහේ. එයාට පොඩි කාලේ ඉඳන්ම අර සුදු කබර ලෙඩේ හැදිලා නිසානේ ඔච්චර සුදු......"
දැනුයි තේරුනේ කොහොමද විජේපාල කියන සුද්දා සිංහල කතා කලේ කියලා.
කොහොමෙන් කොහොම හරි ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර උනාට පස්සෙ ඔය ඉන්ටර්වීව් එහෙකට දෙකකට මූන දෙන්න ගියාම තමයි කඩ්ඩෙ අගය දැනෙන්නෙ. ඉතින් රටේ නැති සර්ලා ගාවට කට්ටිය පැල් බැඳගෙන යනවා අවුරුදු 9ක් 10ක් ඉගෙනගෙනත් හරියට ඉගෙන ගන්න බැරි උන කඩ්ඩ මාස කීපයකින් හදා ගන්න කියලා. ඉතින් එහෙම කඩු කෝස් දෙක තුනක්ම ෆලෝ කරපු එකෙක් දවසක් කියනවා,
“මචන් මට තාම බැරි මේ කඩ්ඩෙන් කතා කරන්නයි කියන ඒවා තේරුම් ගන්නයි ලියන්නයි, කියවන්නයි විතරයිනේ. නැත්තං එච්චර අවුලක් නෑ...” කියලා.
මම ඉස්කෝලෙ ඒ ලෙවල් කරන කාලේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉන්නකොට අපේ ප්‍රෙෆෙක්ට් බෝඩ් එක බාරව හිටිය සර්ට වෙනින් ඉස්කෝලෙකට මාරුවීමක් ලැබිලා යන්න උනා. ඔන්න ඉතින් ඊට පස්සෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එක බාර ගත්තෙ අපේ ඉස්කෝලෙ හිටිය වයිස් ප්‍රින්සිපල්. ඉතින් එහෙම බාර ගෙන තියපු පලවෙනිම ප්‍රෙෆෙක්ට්ස් මීටින්ග් එකේදී සර් කියනවා
,
"ඔය ළමයි බය වෙන්න එපා, මට පුළුවං හොඳට ප්‍රිෆෙක්ට් බෝඩ් එක ටකල් කරන්න....!"
ඒ අස්සෙ අපේ ගාව හිටිය එකෙක් අපි ටිකට විතරක් ඇහෙන්න කියනවා,
"මචෝ, මූ ටකල් දාන්න යන්නෙ, අපිට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.... මූ ටකල් කරහම....!"
කොහොමෙන් කොහොම හරි සර්ට විනාඩි කීපයක් කතාව නවත්තගෙන ඉන්න උනා අපි ටික බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්ත නිසා.
ඔය මොන මොන චන්ඩි පාට් දැම්මත් ලංකාවේ කඩ්ඩට අම්බානෙකට බය තව කට්ටියක් ඉන්නවනේ. ඒ තමයි පොලිස් කාරයෝ. මෝටර් සයිකල් වල හෙල්මට් නැතිව ගිහිල්ලා, තව ලයිසන් නැතිව කාර් එලවලා, සුදු ඉරි කපලා, අරවද මේවද වැරදිවලට නැවැත්තුවහම පොඩ්ඩක් කඩ්ඩ දාලා කතා කරපු ගමන් පොලිස් කාරයා "හරි මහත්තයා යන්න..." කියලා දඩ කොලේ නොලියා යන්න අරිනවා කියලා කතාවක් තියෙනවනේ..
ඔන්න කාලෙකට පස්සෙ ලංකාවෙදි මාත් එක්ක එකට "NIBM" හිටපු යාළුවෙක්ව හම්බ උනා නිවාඩුවට ගිහිල්ල ඉන්දැත්දි. ඕං ඉතින් කාලෙකට පස්සෙ හම්බ උන යාළුවා නිසා පොඩි එහෙකට සෙට් උනා මගේ තවත් යාළුවෝ සෙට් එකකුත් එක්ක.. ඉතින් ඔය එක එක මාතෘකා යටතේ වාද විවාද, බයිලා ගැහිලි කතන්දර අතර ඔය පොලිස් කාරයෝ ඉංග්‍රීසි වලට බය ඇයි කියන එක ගැනත් කතා උනා. ඔන්න ඒ පාර මේ වෙනකොට ටිකක් විතර වැදිලා හිටිය මගේ යාළුවා කියනවා,
"ඕක බොරු කතාවක් බං.... දවසක් මම වැරදි තැනක පාක් කෙරුවා කියලා දඩ කොලයක් දීපු පොලිස් කාරයෙක්ට කඩ්ඩෙන් කොටන්න ගිහින් ඌ මට දුන්නනෙ ආයේමත් කඩෙන් අනිත් පැත්තට. කොටලා කොටලා දඩ කොලෙත් දීලා තමයි ඌ ගියේ. ඌගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එක කොච්චර හොඳද කියනවනන් මට ඌ කියපු එක වචනයක් වත් තේරුනේ නෑ......එච්චරට සිරා..."
"කොහෙද බං ලංකාවෙ එහෙම සිරාවටම ඉංග්‍රීසි කතා කරන ට්‍රැෆික් පොලිස් කාරයෝ ඉන්න පොලීසිය.....?" අපේ තව එකෙක් ඇහුවා...
“ලංකාවෙ ? පිස්සුද බං... මට මේක උනේ ලන්ඩන් වලදි....!”
මේ පිට රටවලට ඇවිල්ල ඉන්න අපිට ඇතිවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ලෙඩක් දුකක් හැදුනහම දොස්තර ගාවට ගිහින් ලෙඩේ විස්තර කරන එක. මොකද මේ ගොඩක් ලෙඩ වලටයි, රෝග ලක්ෂණ වලටයි ඉංග්‍රීසියෙන් කියන නම් දන්නෙ නෑනෙ. ඕකට ඉතින් අපේ සෙට් එකට තියෙන විසඳුම තමයි අල් ඒන් වල ඉන්න වන්නි අයියා. වන්නි අයියා ඇවිත් අල් ඒන් වල තියෙන මෙඩිකල් කොලේජ් එකේ ඉන්න ඇනටොමිස්ට්. ඉතින් පොර ඔය මෙඩිසින් ගැන ලෙඩ රෝග ගැන හොඳට දන්න කියන හාදයා හින්දා කවුරු කවුරුත් මේ ලෙඩ රෝග ගැන විස්තර අහගන්නෙ වන්නි අයියගෙන්.
කවුරුත් දන්නවනේ මෙහෙට වීක් එන්ඩ් එක තියෙන්නෙ සිකුරාදා සහ සෙනසුරාදා කියලා. ඉතින් ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්දා රෑ කියන්නෙ කට්ටිය සෙට් වෙන දවස. ඔන්න එක බ්‍රහස්පතින්දාවක පාන්දර ජාමේ වෙනකන් යාළුවොත් එක්ක සෙට් වෙච්ච වන්නි අයියා තුනට විතර ගියාලු නිදා ගන්න. නිදා ගන්න ගියා විතරයි පාන්දර තුනහමාරට විතර, පොරගෙ ෆෝන් එක දැන් රිං වෙනවා.
"හලෝ, වන්නි අයියේ වන්නි අයියේ...."
"ඔව් ඔව් කතා කරනවා..."
"අනේ වන්නි අයියේ, කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"
“මොකක්...?”
"කක්කල් කැස්සට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද...?"
“යකෝ, පාන්දර තුනහමාරයි වෙලාව, කක්කල් කැස්ස... හැමිනියන් කෝ....”
“ආහ් හරි හරි... තැන්ක් යූ වන්නි අයියේ....!”
කෝල් කරපු එකාගේ වයිෆ්ට රෑ තිස්සේ නවතින්නෙ නැතිව කැස්සක් ඇවිල්ලා. එයාට පොඩි කාලෙදී කක්කල් කැස්ස හැදිලා තියෙනවා. ඉතින් එයාව ඉස්පිරිතාලෙට එක්කන් යන්න කලින් තමයි ඔය වන්නි අයියට කෝල් කරලා තියෙන්නෙ. කෝල් එකෙන් පස්සෙ ඔන්න ඉතින් පොරත් වයිෆ්ව ඉස්පිරිතාලෙට එක්කගෙන ගිහින් ඩොක්ටර්ට ලෙඩේ විස්තර කරන ගමන් මෙහෙම කියලා.
“Doctor, she had Haminiyan cough when she was small.......!”
( දොස්තර මහත්තයෝ මෙයාට පොඩි කාලෙදි හැමිනියන් කොෆ් (කැස්ස ) හැදිලා තියෙනවා )
(ප.ලි : කක්කල් කැස්සට කඩ්ඩෙන් කියන්නෙ වූපින් කොෆ් (Wooping cough) කියලා. )

෴෴෴෴෴෴෴෴

෴෴෴෴෴෴෴෴෴

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

“මචන් මට තාම බැරි මේ කඩ්ඩෙන් කතා කරන්නයි කියන ඒවා තේරුම් ගන්නයි ලියන්නයි, කියවන්නයි විතරයිනේ. නැත්තං එච්චර අවුලක් නෑ...” පට්ට කතාව...!
ReplyDeleteදුමි අයියා අද මාසෙකටම හරියන්න එක පෝස්ට් එකක් දාලා...
දුමී අයියේ මෙතන පොස්ට් කීයක් තියනවද?
ReplyDeleteනියමම කතාව ලන්ඩන් පොලිස් කාරයාගේ එක කියලයි මට හිතෙන්නේ..
අම්මට සිරි. පෝස්ට් 6ක් විතර එක පාර දාල තියෙන්නෙ.
ReplyDeleteඑකින් එකට හිනා වෙන්ඩ ගියොත් ඩිග කොමෙන්ටුවක් වෙන නිසා ඔක්කොටම එක පාර හිනා වෙන්නම්.
ලොල් ලොල් ලොල් ලොල් ලොලේ ලොල්.........................
"ආහ්, විජේපාලා අංකල් ආවද මේහේ. එයාට පොඩි කාලේ ඉඳන්ම අර සුදු කබර ලෙඩේ හැදිලා නිසානේ ඔච්චර සුදු......"
“Doctor, she had Haminiyan cough when she was small.......!”
මේයර් ගේ බෝඩ් එක නම් නියමයි. මේ දැන්වීම ඒ මනුස්සයා පිටරැටියෙක් හැටියට විවේචනය කරන්න යොදාගත්තාද කොහේද.
ReplyDeleteමං සවුදි අරාබියේ වැඩ කරන කාලේ ලංකාවේ ඈත පලාතකින් ආ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා ස්ටාෆ් ට්‍රාන්ස්පොර්ට් එකේ. දවසක් වෑන් එකේ ටයර් මාරුකරන්න ෆෝම් පුරවගෙන මැනේජර් සුද්දාගාවට ගියාම සුද්දා අත්සන් කරන්න බෑ කියලා.
දැන් මිනිහට කියන්න ඕනලු ටයර් දෙකක් හොඳට ගෙවිලා මරු කරන්නම ඕන කියලා, අපේ මිනිස්සු කොහොම හරි අදහස් හුවමාරුව කරනවා නේ සුද්දාගේ ඔලුව පෙන්නලා කියනවාලු "ටයර් සේම් සේම් යුවර් හෙඩ්, ෆ්ලැට්"
වැඩේ තේරුම් ගිය ෆුල් තට්ට සුද්දා ඉක්මනට ෆෝම් එක අත්සන් කරලා දීලා.
අහ් දුමී අයියා...
ReplyDeleteමටත් ඔය කඩ්ඩ ලියන්න බැරි උනාට කියවන්න නම් බැහැ..ඒත් තේරුම්ගන්නත් බැහැ හින්දා අවුලක් නැහැ...
මොකක්ද ඔය Haminiyan කියන්නේ?
ReplyDeleteඔක්කොමත් හරි. ඇත්තට මොකක් කියලාද "වන්නි අයියා " බැනලා තියෙන්නෙ. මට නම් ටියුබ් ලයිට්. කතාවෙ හොඳ හරිය තියෙන්නෙ එතනද මන්දා ...
ReplyDeleteඅර කතා ඔක්කොමත් හරි, අන්තිම එකත් හරි,
ReplyDelete......................
“යකෝ, පාන්දර තුනහමාරයි වෙලාව, කක්කල් කැස්ස... හැමිනියන් කෝ....”
“ආහ් හරි හරි... තැන්ක් යූ වන්නි අයියේ....!”
...........................
මට මැවිලා පේනවා බොල මේ ටික. කාලෙකට පස්සෙ කඳුලු පයින්න හිනා උනා
ඔපීසියේ අනිත් එවුවන්ට නෝන්ඩි නොවී හිනා නොවී විය හැකි ක්‍රමයක් සොයාගන්නා තෙක් තවත් පෝස්ට් නොදමන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි
ReplyDeleteDoctor, she had Haminiyan cough when she was small.......!
ReplyDeleteහේ හේ හේ.... සුද්ද ඩොකා කර්පට් වෙලා යන්න ඇති...
-------------------------------------------------
හැමනියං කාලෙම වතුර ලැබේවා කිසි අඩුපාඩුවක් නැතුව!!
(මුල් කෑල්ල පොඩ්ඩක් සද්දෙට කියල ඉතුරු ටික ලාවට) :D
ඔහොම පෝස්ට් දාන්න එපා අයියේ.., බඩ රිදෙනවා හිනාවෙලා ම..!! :)))))))))
ReplyDeleteහික් chicken fox.....?
ReplyDeleteඅර විජේපාල කියන සුද්දා ඊට පස්සෙ ආවෙ නැද්ද බං.. :)
ReplyDeleteඑල කතාව සෑර්!
ReplyDeleteඇති යාන්තං කැහිල්ල හැදිල තියෙන්නෙ කාලෙකට පස්සෙ. මං උන්නෙ තව ටික දොහක් බලල කහඹිලිය අතු ටිකක්වත් එවන්න කැඳක් හදල බොන්න ඇතුලත් එක්කම කහන්න.
ReplyDeleteඇයි බං අයියේ මෙහෙම කරන්නෙ අපිට, මයෙ බඩ කොරවෙලා........
මව්බස කඩ්ඩ නොවෙද්දී එහෙමයි කියමුකො. ඊයේ පෙරේදා දවසක මෙහෙ දී අපි දැක්කා දැන්වීමක්. ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට දාලා. “Business for Sail”
ReplyDeleteවට් ෆො ටෙලින්?
ReplyDeletewhat for telling?
මොකට කියනවද?
හැමිනියන් කොෆ් එක ගැන දොස්තර මොනද දන්නෙ නෑ කිව්වෙ නේද?...
ReplyDeleteවටපිට කවුරුහරි හිටියනම් පිස්සෙක් කියල හිතනව... තනියම හිනාවෙනවට...
අම්මට සිරි දුමී කතාවක් ලීවොත් ඉතින් .බඩු බනිස් ! මම දවල් දැක්කා දුමී අයියා අලුත් කට කහන පෝස්ට් එකක් දාලා තියනවා . ඒත් එකපාරක් දුමීගේ කතා කියවලා හිනා වෙලා . බොසා මට දාපු සත්තම එක්ක මට හිතුනා මේක රෑවෙලා බලන්න ඉතිරි කරගත්තොත් හොඳයි කියලා .(මෙව්වට හිනාවෙලා මගේ බොසා මාව රැකියාවෙන් පහ කරොත් අයියා වග කියන්න ඕන හරි)
ReplyDeleteමගේ කඩ්ඩ නම් දුමී අයියා දන්නවා ඇතිනේ . අපි ඉස්කෝලෙ යනකාලේ ඉංග්‍රීසි වචනයක් කියන කොල්ලෙක්ට අපි රු 5 දඩයක් ගැහුවා . අන්තිමේදී මල් ගහලා කඩ්ඩ පේපරේ සිංහල ලියලා මම ඕලෙවල් කඩ්ඩ ඇනගත්තා !. ඔන්න ඔහොමයි අපේ කඩ්ඩ
මමත් කඩ්ඩට නයිට් ක්ලාස් ගියේ ඒක හින්දා රෑට විතරයි කඩ්ඩ පුලුවන්
ReplyDeleteමටත් කඩ්ඩ ලියන්න පුලුවන්,කියන එකත් තේරෙනව,හරියකට කතා කොරගන්න තමා අමාරු :/
ReplyDeleteමේකෙ තියන ඒවට හිනා වෙලා අම්ම අහනව,මොන පිස්සුවක් හැදිලද ඔය තනියම හිනාවෙන්නෙ කියල.:)
ඇත්තමයි කාලේකට දුමී අයියා එන්නේ හිනා කන්න දිලා.... ආපොයි... කතාව නම් මරු..අර කක්කල් කැස්ස් තමා එල ....
ReplyDeleteකතා ටිකනම් මරු අප්පා.......සුපර්
ReplyDeleteඇත්තටම ඔය ඉස්කෝලවල අවුරුදු 9 ක් 10 ක් ඉoග්‍රීසි උගන්නන එකේ වැඩක් වෙලා නෑනේ.මටනම් හිතෙන්නේ අපේ පෙලපොත්වල තමයි කේස් එක තියෙන්නේ.
පට්ට කථා ටික දුමියෝ...... මටත් කථා සීරීස් එකක්ම මතක් කලාට තුති....
ReplyDeleteඋදේම හොඳට හිනා ගියා. දැන් ඉතින් දවස ආතල්. තැන්කු වේවා දුමි ලොක්කා :))
ReplyDeleteමම නම් අහලා තියෙන්නේ 'හැම නියං කාලෙම' නෙමේ. 'හැමදා නිංයං එකදා වැහි වලාවේ කියලා'. කෝකද හරි?:)))
ReplyDeleteහරිම ලස්සන පෝස්ට් එක. කීවත් වගේ සමහර පොලිස්කාරයන්ට හොඳට කඩ්ඩ පුලුවන්නේ. මම කියන්නේ ඉංග්‍රීසි කතා කරන රටවල.
සිරාම පෝස්ට් ටික...... මාර නමනෙ කක්කල් කැස්සට දාලා තියෙන්නෙ.........
ReplyDeleteඋඹේ පෝස්ට් එකට හිනා ගියා තමයි තදට. ඒත් ඊට වඩා හිනා සමහර කොමෙන්ට් දැකල. නිකං මොකටද එක අතකට කවුරුත් තරහ කරගන්නෙ කියල හිතල වැඩි විස්තර නොකිය ඉන්නං.
ReplyDeleteකොච්චර උනත් පොඩ්ඩිටනං නොකියම බෑ. " හැමිනියං නං ඉතින් මොන නියංද නගේ, අම්බානට ගං වතුරම තමයි!"
අපේ එකෙක්ගෙ කකුලෙ හිරියක් වගේ ඇවිත් මාර ගේමක් දුන්න ඩොකාට විස්තරේ කියන විදිය හොයා ගන්න.
අනේ මල්ලි, හරිම හිනා. මට මේකට මොනවත් නොලියා යන්න හිතුනෙ නෑ. මම ගොඩක් දෙනෙක් හඳුනා ගන්නෙ ඩීන් මල්ලිගෙ මාර්ගයෙන්. මමත් පුංචිම කාලෙ අම්මල රට ගියා. මට අවුරුදු 12ක් මම මේ රටෙන් ඉස්සෙල්ලාම එළියට යත්දි. ඔව්, නෑ කියල කියන්න විතරයි මුලදි ඉංග්‍රීසි දන්නෙ. ඉතින් කොහොම හරි ගැට ගහගෙන කතා කලා. ඕනෙ දේ කියාගත්තා. ඔහොම තමයි. කොහොම උනත් අගේ දැනුනෙ පස්සෙ කාලෙදි. විශ්වයට පිය නගන්න මේ දැනුම නැතුවම බැහැ. ස්තූතියි! මේක අපිට කියවන්න දැම්මට.
ReplyDelete@ වැප් - හැමනියන් කියන්නෙ මචං, හැමනියන් ම තමයි...ලොල්....
ReplyDeleteඇත්තමයි බං බඩ රිදෙනවා හිනාවෙලා . . . .
ReplyDeleteඅලුත් ඔෆිස් එකේ අපිට වෙනම කෑල්ලක් තියෙන නිසා අවුලක් නෑ . . ඕන නම් බිම පෙරලි පෙරලි උනත් හිනා වෙන්න පුලුවන් . .
මට ලෙඩක් වත් හැදිලද කියලා පුදුම වෙලා බලන් ඉන්න අල්ලපු මේසේ ඉන්න නගාට කිව්ව කට කහන කතා කියවන්න පටන් ගන්න කියලා . .
Nice image too. (due to the spelling error)
ReplyDeletesuddontath spelling waradinawa ehenam... ?
දුමී අයියා, කතා ටිකනම් එල... මම ගොඩාක් කැමති විජේපාල මාමගේ කතාවට......
ReplyDelete@නිර්මල ,
ReplyDeleteඅපිටත් ඉතින් ඔය ආනිසන්සෙම තමයි. තාමත් ඔය ටික හරියකට කොරගන්න බැහැනේ....
ඉඳලා ඉඳලා ලියන්න ගත්තහම ඉතින් නවත්තගන්න බැහැනේ ඕං...!
@priyantha,
මොනව කරන්නද මල්ලි, ඕක තව කඩලා කඩලා දාලා ආතල් කඩන්නෙ මොකද කියලා ඔන්න ඔහේ එක පාරම දාලා දැම්මා....!
@අළුත් කොල්ලා,
කමක් නෑ, කතා ටිකට වෙන වෙනම හිනා වෙන්නෙ නැතිව තද කරගෙන ඉඳලා ඔන්න වෙන ලෙඩක් එහෙම හදාගෙනව නෙවෙයි....!
@ගල්මල්-Coral,
ReplyDeleteභාෂාවක් තියෙන්නෙ අදහස් හුවමාරු කරගැනීමටනම්, තමන්ගේ අදහස තව කෙනෙකුට තේරෙන්න ප්‍රකාෂ කිරීමට හැකිනම් ඔහු භාෂාව සුභාවිතව කරල තියෙනවයි කියලා තමයි මට නම් හිතෙන්නෙ. ස්තූතියි ඩීන් අතුරු කතාවටත්.
@මාරයා,
අපිටත් ඉතින් ඔය ආනිසංසයම තමයි බං....
@වැප් ,
දන්නෙ නැති කට්ටිය දන්න කට්ටියගෙන් අසා දැනගන්න....!
@හරී,
ReplyDeleteහරීටත් කියන්න තියෙන්න අර මම වැපාට දීපු උත්තරයම තමයි..... :)
@බුද්ධි,
හරියටම මේ පෝස්ට් එක දාපු දවසෙ රෑ, කට්ටියටම වන්නි අයියව සෙට් උනා. ඒ වෙනකොට කක්කල් කැස්සේ කතාව හැමෝම අතරේ මේල් එකකින් ගිහිල්ල තමයි තිබුනේ. ඉතින් වන්නි අයියා එදා රෑ සඳ බයිට්.....!
@ඕනයා ,
මගේ ඉතින් කට කහන්න පටන් ගන්න වෙලාවල් වලට කොටලා දානව මිසක්ක, වෙලාවල් අවේලාවල් ගැන බල බල ඉන්න විදිහක් ඇත්තෙ නෑනේ බොලේ...!
@..ChAnDiKa..,
ReplyDeleteඩොකා තාම මෙඩිකල් පොත පෙරලගෙන හොයනවළු, "Hඅමිනියන් Haminiyan Cough" එක ගැන...
@Lishan,
ලිශාන් මල්ලි, බඩ රිදිනවනන් පණු බේත් බොන්න එපැයි.... :)
@prasanna86k,
කුකුල් නරියද නැතිනම් නරි කුකුලද ?
@Buratheno,
ReplyDeleteආවා ආවා, දෙතුන් පාරක්ම ඊට පස්සෙ ආවා....!
@සූස්ති ගුණේ,
ඔන්න එහෙනන් ඉස්තූතියි කිව්වා දොරේ....!
@nawammawatha,
හැම තිස්සෙම නවම් මල්ලියේ කට කහන්නෙ නෑනේ.... ඒකට වෙලාවක් කලාවක් තියෙනවනේ.....! බඩ කොරවෙලා නම් ඉතින් විරේකයක් වත් කරගන්න වෙයි....!
@arunishapiro,
ReplyDeleteඔතනත් අරුණිටත් මට වගේ තේරුම් ගැනීමේ වැරැද්දක්නේ තියෙන්නේ.... අරුණි දැක්කෙ නැද්ද පහු ගිය දොහේ ජපාන් සුනාමි වෙලාවෙ බිස්නස් කීයක් නම් සේල් උනාද කියලා.....! මේකත් එහෙම දෙයක් හිතේ තියාගෙන දාපු දැන්වීමක්ද දන්නෙ නෑනෙ....!
@Kathandara,
ඒකනේ කියන්නෙ.....!
@සාතන්,
ඩොකා කෙස් ගලවගෙන ඒ ලෙඩේ ගැන තාම හොයනවා....!
@හිස් අහස .
ReplyDeleteඅනේ මලයෝ, ගෙදර ගොහින් හිනා වෙයන් රස්සාව නැති කොරගන්නෙ නැතිව....! ඔය ඉංග්‍රීසි ගැන අපේ ඔළුවට දාල තියෙන මොකක්ද එක නැති කරගතෙහ් නැත්නම් කාටවත් කඩ්ඩ ගොඩ යන්න බැහැ...!
@ItalyDilan,
ඉතාලි කාරයන්ට කොහොමත් කඩ්ඩ දිරවන්නෙ නෑනේ...!
@නදී... ,
වතුරට බහින්නෙ නැතිව පීනන්න බෑ වගේ, කතා කරන්නෙ නැතිව කවදාවත් කඩ්ඩෙන්නම් කතා කරන්න බැහැ...! වරදින්නෙ නැතිව කඩ්ඩ කතා කරලා කඩ්ඩ හදාගත්ත එකෙක් මේ ලෝකෙම නෑ....! අර හරියට වතුර බවුසර් ගානක් පෙවෙන්නෙ නැතිව පීනන්න ඉගෙන ගන්න බෑ වගේ.....!
@නිම්ශා,
ලියන්න වෙලාවක් කලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ.... පුළු පුළුවන් විදිහට කොටලා දානවා ඔන්න ඔහේ....!
@rajith,
පෙළ පොත් විතරක් නෙමෙයි, අපිට ඉංග්‍රීසි උගන්නපු සමහර ගුරුවරුන්ටත් හරියට ඉංග්‍රීසි බැරි කොට, ළමයි ගැන කුමන කතාද ?
@අභීත,
ReplyDeleteහරි හරි... දාපන් දාපන් ඉක්මනටම...!
@Hasitha,
කාගේ කාගෙත් ලේ ටිකක් ප්‍රිසිදු කරලා දීලා මෙහමවත් පිනක් දහමක් කර ගත්තෙ නැතිනම්, පින් කොරන්න අපිට කොහෙද වෙලාවක්....!
@Podi Kumarihami,
"හැමදා නියං එකදා වැහි වලව්වේ...." වගේ තිබුනනන් පොඩි ගතියක් තියෙනවා නේද පොඩ්ඩියේ...?
ඔව් ඔව්... ඒ වගේ රටවල ඉන්න පොලිස් කාරයොත් එක්ක කඩ්ඩ ගහන්න ගොහිල්ල වරිගෙ නහ ගන්නෙ මොනාටද ?
@කල්හාර,
ReplyDeleteනැතිව ඉතින් අපේ අම්ම මුත්ත කාලෙදිවත් ඕකට ඉංග්‍රීස්යෙන් කියන වචන අහලා තියෙනවයෑ...?
@ඉන්දික උපශාන්ත,
ඕක ඉතින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන දැනීමක් මගේ හිතේ....!
ඔව් ඔව්.... ඕක මටත් උනානේ.... මගේ අතක් හිරි වැටෙන්න අරගෙන, බොරු කියන්න ඕනෙ නෑනෙ.... හිරි වැටෙනවාට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද කියලා දැන ගෙන හිටියේ නෑ.... පස්සෙ කඩ්ඩ හොඳට පොලිශ් යාළුවෙක්ගෙන් අහලා තමයි දැනගෙන ඩොකා ගාවට ගියේ....!
@Chandi ,
ස්තූතියි අක්කා මගේ බ්ලොග් එක කියවලා කමෙන්ට් එකක් දැම්මාට.
ඕක අඩු වැඩියක් නැතිව ලංකාවෙ ඉනටර්නැශනල් නොවන ඉස්කෝලවල ඉගෙන ගන්න ඕනම එක්කෙනෙකුට තියෙන ප්‍රශ්නයක්නෙ..!
@දුකා,
ReplyDeleteඅළුත් රස්සවට ගියා විතරයි, උඹ නිකන් බිම පෙරලෙන්නෙ නැතිව වැඩක් කරගෙන හිටපන්.....!
අර නගාට බ්ලොග් එක ගැන කිව්ව එකට නම් ස්තූතියි. කියලා විතරක් මදි, සිංහලත් ඉන්ස්ටෝල් කරලා දීපන්...!
@Ashoka ,
ස්තූතියි, කියවලා අදහස් ප්‍රකාශ කලාට....!
දැන් මේකනේ අයියා සීන් එක....හැමඑකාටම කඩු හරඹ පුළුවන් වෙන්න ඕනේ ජාත්‍යන්තරයත් එක්ක සෙල්ලම් දාන්න.හැබැයි අපේ රටේ වෙලා තියෙන්නේ ඒක නෙමේනේ.යන්තම් කඩ්ඩ පුළුවන් එකා අලි වෙන්න දඟලන එකනේ.කඩ්ඩ හැම වෙලේම ආයුධයක් විදියට මිසක් ආභරණයක් විදියට පාවිච්චි කරන්න ඕන නෑනේ.හැම ලාංකිකයෙක්ම කඩ්ඩ පුරුදු වෙනවනම් හොඳයි.එතකොට කපන්න ඕන තැනදී ගානට මිම්මට කිරල මැනලා කඩු පාර දෙන්න පුළුවන්.
ReplyDeleteහම්මෝ බඩ! අද තමයි දුමී අයියගේ බ්ලොග් එකට ඉස්සරලාම ආවේ ඕං. හිනා වෙලා ඇඟේ පතේ අමාරුවක් හැදෙනවා අම්මපා! එච්චරට පට්ට! :D
ReplyDeleteනියම කතා අහුර දුමී, අදනෙ මේ පෝස්ට් එක දැක්කෙ. අන්තිමට හිනා වෙන එකාට වැඩිපුර හිනාවෙන්න පුළුවන් කතාවත් ඇත්ත බලාගෙන යනකොට, මොකද වැටිල තියෙන කොමෙන්ට් වලටත් හිනා වෙතාකිනේ.
ReplyDeleteදුමීගේ නැද්ද පෝස්ට් එකක් වැටෙනකොට ෆොලොවර්ස් ලට ඊමේල් එකක් වැටෙන ක්‍රමයක්.
හිත පිරෙන්න හිනා වෙන්න පුලුවන් අය්යගෙ කතා වලට.. හිහි හිහි thank u.... ඔන්න කඩ්ඩෙන්ම හික්ස්..
ReplyDeleteහැමිනියන් කැස්ස
ReplyDeleteඅලි ශෝයි කිව්වලු,
ජය වේවා අයියන්ඩිය!
සිනහා වෙන්න සිනහා වෙන්න එතකොට තර වෙයි...
ReplyDeleteඉඩ තිබුණු වෙලාවක පිවිසෙන්න thoughtsofvajiradevi.blogspot.com
දුමී අයියා පෝස්ට් එකක් දැම්මොත් ඒක කියවලා වරුවක් හිනා වෙන්න පුලුවන්. ඒ තරමට ඒ පෝස්ට් එක නියමයි.
ReplyDeleteහැමිනියං කිව්වලු :D
ReplyDeleteහපොයි මට හිනාව නවත්තගන්න සෑහෙන වෙලාවක් ගියා බන් මේ කතා සැට් එක කියවල....
ReplyDeleteඅන්තිම එකට දවස් දෙකක් විතර හිනා උනා.. එල කතා ටික. වෙලාවක මේ පැත්තටත් ඇවිත් යන්න..http://angaharuwa.blogspot.com/
ReplyDeleteලොවෙත් නෑ...
ReplyDeleteමම දැන් මෙක කියවන්නෙ දෙවෙනි වතාවට... ඔෆිස් එක අතුලෙ හිනා වෙලා තව ටිකෙන් මාට්ටු.
ReplyDeleteහැබැයි පොඩි දුකකට තියෙන්නෙ, මෙව ගෙඩි පිටින් කොපි කරල වෙන තැන් වල පොස්ට් කරන අය ගැන
අම්මප හැමිනියං කෝෆ් හැදුන හිනා වෙලාම හොද වෙලාවට කාමරේ දොර වහගෙන කියෙව්වෙ ... උඹ දිගටම නොලියන එක හෙනම අපරාධයක් ... :(
ReplyDeleteලිව්වෙ නැත්තං කිව්වත් වගේ හැමිනියං කෝෆ්ම හැදෙන්න ඕන :)