බොම්බිලි සහ ආප්ප
Posted by
ඔය මම ඉස්කෝලේ ඕ ලෙවෙල් කරන කාලේ අපේ පන්තියේ හිටියා පොරක් ගීත් කියලා. මතකනේ, ඒ කාලේ අර අයි.ටී.එන් එකේ ගිය කෝපි කඩේ ටෙලි නාට්ටිය එහෙම නැගලා යන කාලේ. කොහොමත් ඔය කොල්ලන්ගේ ඉස්කෝලවල හිටපු ගමන් ඉන්නවනෙ හරිම සුකුමාල එක නූල් ගහෙන් කෙල්ලෙක් නොවී කොල්ලෙක් වෙලා ඉපදෙන එවුන්. අන්න ඒ වගේ හරිම සුකුමාල එකෙක් තමයි මේ ගීත්. ඉතින් ඒ කාලේ අපි ඌට කිව්වෙ ගීතා නගා කියලා, අර කෝපි කඩේ සුවඳා ට්‍රයි පාර දෙන කෑල්ල.
ඉතින් ඒ දවස්වල ඉස්කෝලෙන් පස්සෙ දවස් පහේමයි, සති අන්තෙ දවස් දෙකයි, නුගේගොඩ ඇල්ෆා එකේ ජයනෙත්ති සර්ගේ ගණන් ක්ලාස් එකයි, තව සයන්ස් ක්ලාස් එකයි, අරකයි මේකයි, අම්මලාගේ වදේට ඕලෙවල් ගොඩ දාගන්න යන ක්ලාස් බර තොගේකුයි කවර් කරන්න වෙනවනේ. ඉතින් ඔය දවස්වල ඉස්කෝලෙ කොල්ලො ගොඩක් වෙලාවට උදේට කන්නයි, දවල්ට කන්නයි කෑම පාර්සල් දෙකක් ගේනවා. ඉතින් ගොඩක් වෙලාවට උදේ කෑම එක විදිහට ගේන්නෙ පාන් තමයි. කොහොමත් යන්තන් හරි බඩට දාගන්න හම්බවෙන්නෙ උදේ කෑම එක විතරයි. මොකද ඉන්ටර්වල් එකට කලින් උදේ පීරියඩ් වලදි අතරතුරදි හිමිහිට බෑග් එකට අත දාලා පාන් කෑල්ල කෑල්ල හොරෙන් කාලා ඕක ඉවර කරන නිසා පංතියේ ඉන්න නසරාණීන්ට ඕකට ගේමක් දෙන්න වෙන්නෙ නෑ. ඒකට දවල්ට ගේන බත් එක, දිග ඇරිය ගමන් එක බත් කටක් හරි කෑවොත් බත් එක ගෙනාපු එකා දිනුම්. අපේ පන්තිවල හිටපු සමහර එවුන් කරන්නෙ බත් එක දිග ඇරිය ගමන් ඕකට තූ තූ තූ කියල කෙල ගහන එක. එතකොට එකෙක්වත් ඕකට කිට්ටු වෙන්නෙ නැහැනේ. ඉතින් ඕකත් දිගටම කරන්න හම්බ උනේ නෑ, මොකද කවුරුහරි ඊට පස්සෙ තමන්ගෙ බත් එකට තූ තූ කියලා කෙල ගැහුවොත් තවත් එවුන් දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා ඒ බත් එකටම තු තූ කියලා කෙල ගහලා යනවා. අනේ ඉතින් ගෙනාපු එකාටත් නෑ, අනිත් එවුන්ටත් නෑ. පස්සෙ ඉතින් ඒ සිරිත එහෙම්මම නැති උනා.
තවත් සමහරු කරන දෙයක් තමයි බිත්තරයක් හරි කුකුල් මස් කෑල්ලක් හරි දැක්ක ගමන් ඉක්මනට අරගෙන ඒක එහෙම්පිටින්ම කටේ දාගැනීම. දවසක් අපේ එකෙක් තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලේ ගෙනයන්න වෙනවා, මොකද ඌ එළු මස් කෑල්ලක් කියලා තඩි ගොරක කෑල්ලක් කටේ දාගත්ත ගමන් හැපිලා ඇඹුල දැනිලා කලබල වෙච්ච පාරට ඒක උගුරේ හිර වෙලා මාර ජංජාලයක් වීම නිසා. පස්සෙ කට්ටිය ඌත් එක්ක තියෙන පරණ තරහ යන්නත් එක්ක බිම දාගෙන පිටට දඩම් බඩං කියලා ගහපු නිසා ඌ යන්තන් බෙරුනා.
මෙච්චර ලොකුඌණ පූර්ණයක් පූර්ව කථනයක් දීල මට කියන්න ඕනෙ උනේ මේකයි, අර මම කලින් කිව්ව ගීතා නගා අරගෙන එන කෑම එක තමයි දෙයියනේ කියලා කාගෙන්වත් කිසිම අතුරු ආන්තරයක් නැතිව ඌටම කියලා කන්න පුළුවං උන එකම කෑම එක. මොකද විශ්වාස කලත් නොකලත් ගීතා නගා අරගෙන එන්නෙ පොල් සම්බෝලත් එක්ක ඉඳි ආප්ප ‘පහයි’. ඒකෙන් උදේට ඉඳි ආප්ප දෙකක් කාලා දවල්ට කන්න ඉඳි ආප්ප තුනක් ඉතිරි කර ගන්නවා. ඒ කාලේ දෙයියනේ කියලා එක වේලකට ඉඳි ආප්ප විසි පහක් බඩට දාගන්න අපිට මේක නිකන් හරිම ජිල් බෝල මැජික් එකක් උනා. ඔය ඉඳි ආප්ප පහ කාලා මොනව කරන්නද කියලා පංතියේ හැම එකාම කල්පනා කරපු නිසා අතුරු ආන්තරාවක් නොවී පන්තියේ ඉතුරු උන එකම කෑම එක තමයි මේ ඉඳි ආප්ප පහ. ඒ කාලේ ඉඳි ආප්ප පහ නිසා ගීත නගා කොල්ලන්ගෙන් බයිට් උන වාර ගාන නම් මට මතක නෑ. මොනවා උනත් මම නම් ජීවිතේටවත් හිතුව නෑ ඊට අවුරුදු දොලහකට විතර පස්සෙ මටත් මේ වගේ ඉඳි ආප්ප 2 ක් කාලා වේලක් පිරි පිරිමහගන්න වෙයි කියලා.
දැනට අවුරුදු 8කට 9කට කලින් ඩුබායි දේශයට පය තබපු අළුත වගේ, දවසක් මලබාරි කඩේකට රිංගුවේ පාතරාසය ලබාගැනීමට කියලා තමයි. අතට දීපු මෙනු කාඩ් එක මුල ඉඳලා අගට කියවගෙන යනකොට ඔන්න කන්න ආස කෑමක් තියෙනවා. මොනවද ඉතින් "ඉදියප්පම්". මලායලම් භාෂාවයි, දෙමළ භාෂාවයි ගොඩක් එක සමාන නිසා, ලංකාවෙත් ඉඳිආප්ප වලට සමහරු ඉඳිආප්පම් කියලා කියන නිසා ඔන්න මම ඕඩර් කරා "ටුවෙන්ටි ඉඳිඅප්පම් ඇන්ඩ් චිකන් කරී" කියලා..... ඔන්න බොලේ වේටර් බුවා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා අහනවා "කිත්නා ආද්මී ? (කී දෙනෙකුටද ?)" මම ඉතින් අතින් පෙන්නුවා එක්කෙනෙකුට කියලා. ඔන්න ඒ පාර පොර මොනවද මංදන්නෙ නෑ හින්දියෙන් කියවගෙන කියවගෙන යනවා. සිංහල සබ් ටයිටල් නැති නිසා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. පස්සෙ මම කිව්ව "හිංදි මාළුම් නෙහී බායි....." කියලා. ඔන්න ඒ පාර පොර ආපහු මගේ ඔළුවෙ ඉඳන් පාදාන්තය දක්වා බලාගෙන ඉඳලා ගියා. මෙන්න බොලේ ටික වෙලාවකට පස්සෙ පොර එනවා සුදු පාටට සුදු පාටේ අඩියක් විතර උස ඉඳි ආප්ප කන්දකුත් උස්සගේන. ඇවිල්ලා තිබ්බා මේසෙ උඩින්. ඊට පස්සෙ නක්කලේට මගේ මූණ දිහා බලාගෙන ඉඳලා පොඩි චිකන් දීසියකුත් ලඟින් තියලා ඈතට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒ උනාට මට උගේ මූන පේන්නෙ නැහැ මොකද ඉඳි ආප්ප ගොඩට වැහිලා. බලාගෙන යනකොට මුංගෙ ඉඳි අප්පයක් අපේ බත් කන පිඟානක් සයිස්. වලියකට එහෙම අරගෙන යන්න පුළුවන් කිසි ගේමක් නැතිව, මොකද ඒ ඉඳි ආප්පයකින් ගහලා දෙන්නෙක්ව බිම දාන්න පුළුවං. අනේ මමත් ඉතින් දාහක් ඇස් මගේ දිහා බලාගෙන ඉන්න අස්සේ ඉඳි ආප්ප ගොඩේ ඔළුව හංගගෙන එයින් ඉඳි ආප්ප දෙකක් කාලා හෙමින් සීරුවෙ මුකුත් උනේ නෑ වගේ ආවා.
ඉඳි ආප්ප විතරක් නෙමෙයි, මලබාර් කඩවල ආප්පත් තියෙනවා. ඒවාට කියන්නෙ "ආප්පම්" කියලා. රසනම් ඉතින් ටිකක් ඒ වගේ තමයි හැබැයි අපේ ලංකාවෙ අප්පයකට ගහන්න නම් බෑ. ලංකාවෙ ආප්පනේ ආප්ප. මලබාරි ආප්පම් එක නිකන් ලංකාවෙ ප්ලේන් තෝසයක් වගේ ෆුල් ෆ්ලැට්. ඔන්න එක කාලයක් මගේ ටීම් එකේ හිටියා කේරල කෙල්ලෙක් ලීනා කියලා. කෙල්ලෙක් කිව්වට බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ටීම් එකේ අපි ඔක්කොම අනිත් අය ලංකාවෙ අය. ඉතින් දවසක් මෙයා අපිට රෑ කෑමකට ගෙදරට එන්න කියලා කිව්ව නිසා අපිත් ඉතින් පවුල් පංසල් එක්කහු කරගෙන ලීනාගෙ ගෙදරට ගියා කියමුකො. ඔය සතුටු සාමීච වලින් පස්සෙ ඔන්න රෑ කෑම වෙලාව ආවා. කට්ටියම සෙට් උනා කෑම මේසෙට. ඔන්න ටික වෙලාවකට පස්සෙ එනවා මෙන්න කෑම මේසෙට "මලබාරි ආප්පම්". චිකන් කරි සහ ෆ්‍රයිඩ් බීෆ් එක්ක. ඔන්න ඉතින් අපිත් දැන් ටුවෙන්ටි ටුවෙන්ටි මැච් එකක් වගේ දිගටම බැට් කරනවා. ආප්පම් ඉවර වෙන්න ඉවර වෙන්නත් මේසෙට එනවා. කොහොම හරි එක්කෙන් අප්පම් 5කට 6කට විතර වැඩ දුන්නා. දැන් මට පේනවා ලීනාගේ මූණ එච්චර හරි නෑ.ටිකකට පස්සෙ ලීනා ඉඳන් කියනා, "Guys, this is not the main meal....." සිංහලෙන් කිව්වොත්, "යකුනේ මේක ප්‍රධාන කෑම එක නෙමෙයි.." කියලා. විළි ලැජ්ජාවෙ බෑ....බලාගෙන යනකොට මුන් ආප්ප කන්නෙ බුරියානි හරි තාලි හරි කන්න කලින් බඩේ රැළි ඇරගන්න ඇපටයිසර් එකක් විදිහට. අපි හිටු කියලා රැළි කෙලින් වෙන්න ආප්ප කන කෑමට තව පොඩ්ඩෙන් ලීනට කලන්තෙ දානවා. එහෙම ආප්පම් කෑවට පස්සෙ ආපහු මොන මේන් මීල්ද. කොහොමෙන් කොහොම හරි අර කිව්ව මේන් මීල් එක පාර්සල් කරගෙන ගෙදර ගෙනැල්ල පහුවෙනිදා උදේට කෑවා.
මේ ඉතින් මම කියන්න යන බොම්බිලි කතාව සිද්ධ උනේ දැන අවුරුදු 5 කට 6 කට කලින් මම එමිරේට්ස් ගුවන් සේවයේ පරිඝණක අංශයේ වැඩ කරන කාලෙ. ඒ කාලෙ මගෙ බොස් වෙලා හිටියේ සුද්දෙක්, පැඩී කියලා. මේ සුද්දත් ඉතින් සුද්දා වගේ තමයි හරිම කෙලින් වැඩ කතා බහ ඔක්කොම.වැඩ කරන්න මාර ලේසියි, වෙලාවක යාළුවෙක් වගේ ඕන කුණුහරුපයක් ඇවිත් කතා කරනවා, ඒ වගේම වැඩ වලදිත් අකුරට වැඩේ තියෙන්නත් ඕනෙ. ඉතින් වැඩේ කියන්නෙ එක දවසක් ඔන්න අපේ ගම හාමිනේ දවල්ට කන්න කියලා මගේ බත් එකට දාල ෆුල් සිරා බොම්බිලි බැදුමක්. ඔන්න මමත් ඉතින් දෙඤ්ඤං බැස්ටිය කියලා බත් ඇටයක්වත් ඉතුරු නොකර බත් ටික කාලා අත සෝදගෙන එළියට එනකොටම ඉස්සරහට එනවා මගේ බොසා, පැඩී. ඉතින් වෙනදා වගේම මූ මට අතට අත දීලා සුභ පතලා ගියා. ඔන්න මම මගේ පුටුවට ගිහිල්ලා ටික වෙලාවකට පස්සෙ මට කෝල් එකක් එනවා පැඩීගෙන්...කෝල් එක ගත්ත ගමන් පොර අහනවා,
"Man, did you scratch your balls..................?"
(ප.ලි : මේ කෑල්ල මම සිංහලට පරිවර්තනය කරන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් කට්ටිය කියයි මම අසභ්‍යය කතා ලියනවා කියලා)
ඉතින් ඒ දවස්වල ඉස්කෝලෙන් පස්සෙ දවස් පහේමයි, සති අන්තෙ දවස් දෙකයි, නුගේගොඩ ඇල්ෆා එකේ ජයනෙත්ති සර්ගේ ගණන් ක්ලාස් එකයි, තව සයන්ස් ක්ලාස් එකයි, අරකයි මේකයි, අම්මලාගේ වදේට ඕලෙවල් ගොඩ දාගන්න යන ක්ලාස් බර තොගේකුයි කවර් කරන්න වෙනවනේ. ඉතින් ඔය දවස්වල ඉස්කෝලෙ කොල්ලො ගොඩක් වෙලාවට උදේට කන්නයි, දවල්ට කන්නයි කෑම පාර්සල් දෙකක් ගේනවා. ඉතින් ගොඩක් වෙලාවට උදේ කෑම එක විදිහට ගේන්නෙ පාන් තමයි. කොහොමත් යන්තන් හරි බඩට දාගන්න හම්බවෙන්නෙ උදේ කෑම එක විතරයි. මොකද ඉන්ටර්වල් එකට කලින් උදේ පීරියඩ් වලදි අතරතුරදි හිමිහිට බෑග් එකට අත දාලා පාන් කෑල්ල කෑල්ල හොරෙන් කාලා ඕක ඉවර කරන නිසා පංතියේ ඉන්න නසරාණීන්ට ඕකට ගේමක් දෙන්න වෙන්නෙ නෑ. ඒකට දවල්ට ගේන බත් එක, දිග ඇරිය ගමන් එක බත් කටක් හරි කෑවොත් බත් එක ගෙනාපු එකා දිනුම්. අපේ පන්තිවල හිටපු සමහර එවුන් කරන්නෙ බත් එක දිග ඇරිය ගමන් ඕකට තූ තූ තූ කියල කෙල ගහන එක. එතකොට එකෙක්වත් ඕකට කිට්ටු වෙන්නෙ නැහැනේ. ඉතින් ඕකත් දිගටම කරන්න හම්බ උනේ නෑ, මොකද කවුරුහරි ඊට පස්සෙ තමන්ගෙ බත් එකට තූ තූ කියලා කෙල ගැහුවොත් තවත් එවුන් දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා ඒ බත් එකටම තු තූ කියලා කෙල ගහලා යනවා. අනේ ඉතින් ගෙනාපු එකාටත් නෑ, අනිත් එවුන්ටත් නෑ. පස්සෙ ඉතින් ඒ සිරිත එහෙම්මම නැති උනා.
තවත් සමහරු කරන දෙයක් තමයි බිත්තරයක් හරි කුකුල් මස් කෑල්ලක් හරි දැක්ක ගමන් ඉක්මනට අරගෙන ඒක එහෙම්පිටින්ම කටේ දාගැනීම. දවසක් අපේ එකෙක් තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලේ ගෙනයන්න වෙනවා, මොකද ඌ එළු මස් කෑල්ලක් කියලා තඩි ගොරක කෑල්ලක් කටේ දාගත්ත ගමන් හැපිලා ඇඹුල දැනිලා කලබල වෙච්ච පාරට ඒක උගුරේ හිර වෙලා මාර ජංජාලයක් වීම නිසා. පස්සෙ කට්ටිය ඌත් එක්ක තියෙන පරණ තරහ යන්නත් එක්ක බිම දාගෙන පිටට දඩම් බඩං කියලා ගහපු නිසා ඌ යන්තන් බෙරුනා.
මෙච්චර ලොකු
දැනට අවුරුදු 8කට 9කට කලින් ඩුබායි දේශයට පය තබපු අළුත වගේ, දවසක් මලබාරි කඩේකට රිංගුවේ පාතරාසය ලබාගැනීමට කියලා තමයි. අතට දීපු මෙනු කාඩ් එක මුල ඉඳලා අගට කියවගෙන යනකොට ඔන්න කන්න ආස කෑමක් තියෙනවා. මොනවද ඉතින් "ඉදියප්පම්". මලායලම් භාෂාවයි, දෙමළ භාෂාවයි ගොඩක් එක සමාන නිසා, ලංකාවෙත් ඉඳිආප්ප වලට සමහරු ඉඳිආප්පම් කියලා කියන නිසා ඔන්න මම ඕඩර් කරා "ටුවෙන්ටි ඉඳිඅප්පම් ඇන්ඩ් චිකන් කරී" කියලා..... ඔන්න බොලේ වේටර් බුවා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා අහනවා "කිත්නා ආද්මී ? (කී දෙනෙකුටද ?)" මම ඉතින් අතින් පෙන්නුවා එක්කෙනෙකුට කියලා. ඔන්න ඒ පාර පොර මොනවද මංදන්නෙ නෑ හින්දියෙන් කියවගෙන කියවගෙන යනවා. සිංහල සබ් ටයිටල් නැති නිසා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. පස්සෙ මම කිව්ව "හිංදි මාළුම් නෙහී බායි....." කියලා. ඔන්න ඒ පාර පොර ආපහු මගේ ඔළුවෙ ඉඳන් පාදාන්තය දක්වා බලාගෙන ඉඳලා ගියා. මෙන්න බොලේ ටික වෙලාවකට පස්සෙ පොර එනවා සුදු පාටට සුදු පාටේ අඩියක් විතර උස ඉඳි ආප්ප කන්දකුත් උස්සගේන. ඇවිල්ලා තිබ්බා මේසෙ උඩින්. ඊට පස්සෙ නක්කලේට මගේ මූණ දිහා බලාගෙන ඉඳලා පොඩි චිකන් දීසියකුත් ලඟින් තියලා ඈතට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒ උනාට මට උගේ මූන පේන්නෙ නැහැ මොකද ඉඳි ආප්ප ගොඩට වැහිලා. බලාගෙන යනකොට මුංගෙ ඉඳි අප්පයක් අපේ බත් කන පිඟානක් සයිස්. වලියකට එහෙම අරගෙන යන්න පුළුවන් කිසි ගේමක් නැතිව, මොකද ඒ ඉඳි ආප්පයකින් ගහලා දෙන්නෙක්ව බිම දාන්න පුළුවං. අනේ මමත් ඉතින් දාහක් ඇස් මගේ දිහා බලාගෙන ඉන්න අස්සේ ඉඳි ආප්ප ගොඩේ ඔළුව හංගගෙන එයින් ඉඳි ආප්ප දෙකක් කාලා හෙමින් සීරුවෙ මුකුත් උනේ නෑ වගේ ආවා.
ඉඳි ආප්ප විතරක් නෙමෙයි, මලබාර් කඩවල ආප්පත් තියෙනවා. ඒවාට කියන්නෙ "ආප්පම්" කියලා. රසනම් ඉතින් ටිකක් ඒ වගේ තමයි හැබැයි අපේ ලංකාවෙ අප්පයකට ගහන්න නම් බෑ. ලංකාවෙ ආප්පනේ ආප්ප. මලබාරි ආප්පම් එක නිකන් ලංකාවෙ ප්ලේන් තෝසයක් වගේ ෆුල් ෆ්ලැට්. ඔන්න එක කාලයක් මගේ ටීම් එකේ හිටියා කේරල කෙල්ලෙක් ලීනා කියලා. කෙල්ලෙක් කිව්වට බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ටීම් එකේ අපි ඔක්කොම අනිත් අය ලංකාවෙ අය. ඉතින් දවසක් මෙයා අපිට රෑ කෑමකට ගෙදරට එන්න කියලා කිව්ව නිසා අපිත් ඉතින් පවුල් පංසල් එක්කහු කරගෙන ලීනාගෙ ගෙදරට ගියා කියමුකො. ඔය සතුටු සාමීච වලින් පස්සෙ ඔන්න රෑ කෑම වෙලාව ආවා. කට්ටියම සෙට් උනා කෑම මේසෙට. ඔන්න ටික වෙලාවකට පස්සෙ එනවා මෙන්න කෑම මේසෙට "මලබාරි ආප්පම්". චිකන් කරි සහ ෆ්‍රයිඩ් බීෆ් එක්ක. ඔන්න ඉතින් අපිත් දැන් ටුවෙන්ටි ටුවෙන්ටි මැච් එකක් වගේ දිගටම බැට් කරනවා. ආප්පම් ඉවර වෙන්න ඉවර වෙන්නත් මේසෙට එනවා. කොහොම හරි එක්කෙන් අප්පම් 5කට 6කට විතර වැඩ දුන්නා. දැන් මට පේනවා ලීනාගේ මූණ එච්චර හරි නෑ.ටිකකට පස්සෙ ලීනා ඉඳන් කියනා, "Guys, this is not the main meal....." සිංහලෙන් කිව්වොත්, "යකුනේ මේක ප්‍රධාන කෑම එක නෙමෙයි.." කියලා. විළි ලැජ්ජාවෙ බෑ....බලාගෙන යනකොට මුන් ආප්ප කන්නෙ බුරියානි හරි තාලි හරි කන්න කලින් බඩේ රැළි ඇරගන්න ඇපටයිසර් එකක් විදිහට. අපි හිටු කියලා රැළි කෙලින් වෙන්න ආප්ප කන කෑමට තව පොඩ්ඩෙන් ලීනට කලන්තෙ දානවා. එහෙම ආප්පම් කෑවට පස්සෙ ආපහු මොන මේන් මීල්ද. කොහොමෙන් කොහොම හරි අර කිව්ව මේන් මීල් එක පාර්සල් කරගෙන ගෙදර ගෙනැල්ල පහුවෙනිදා උදේට කෑවා.
ආප්ප ඉඳි ආප්ප වගේම බොම්බිලි කියන්නෙ මම කැමතිම කෑමක් තමයි. බොම්බිලි තෙල් දැම්මහම තියෙන රසට ගහන්න ආපහු වෙන කෑමක් නෑ. හැබැයි ඒ වගේම තමයි බොම්බිලි වල ගඳට ගහන්නත් වෙන ගඳක් නෑ. බොම්බිලි වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ "බොම්බේ ඩක් ( Bombay Duck)" කියලා. ඒ නම හැදිලා තියෙන්නෙත් ඔය ඉංග්‍රීසි පාලනය කාලේ ඉන්දියාවෙ බොම්බේ නගරෙ ඉඳලා එන කෝච්චි ඩෙක් එකෙන් ( Bombay DAK, Bombay Deck) එන ගඳයි, බොම්බිලි වලින් එන ගඳයි එකම නිසා. "බොම්බිලි" කියන වචනය අපේ භාෂාවට ඇවිල්ලා තියෙන්නෙ ඉන්දියාවෙ මරාති භාෂාවෙන් ඕකට කියන්නෙ "බොම්බ්ලි" Bombli කියලා කියන නිසා. එක කාලෙකදි මට කවුද මන්දා කියලා තිබුනා මේ බොම්බිලි කියන්නෙ මුහුදේ ඉන්න පණුවො ජාතියක් කියලා. ඒ තිබිච්ච ගඳ නිසා මාත් හිතුවා ඇත්ත තමයි කියලා කාලයක් කටේ තියන්නෙ නැතිව හිටියා. පස්සෙ තමයි දැන ගත්තෙ මේ බොම්බිලි කියන්නෙ මුහුදේ ඉන්න "උරග මාළුවෙක්" (Lizardfish) කියලා.
"Man, did you scratch your balls..................?"
(ප.ලි : මේ කෑල්ල මම සිංහලට පරිවර්තනය කරන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් කට්ටිය කියයි මම අසභ්‍යය කතා ලියනවා කියලා)
අඩේ ෆට්ට කතාව මට තාම හිනා :D:D:D:D:D:D:D:D
ReplyDeleteදිග කමෙන්ට් එකක් ලියන්න ආපහු එනවා... දැන් නෑදෑ ගෙදරක යන්න කරදරේ... ගිහින් එන්නම් කෝ.... කොහෙද මේ අවුරුද්ද නිසා බ්ලොගයක් වත් කියවන්න දෙන්නැනෙ...
ReplyDeleteහා.. හා.. මට මැවිලා පේනවා උඹ හෙන ගේමක් දෙනවා සුද්දට බොම්බිලි කරවල ගැන තේරුම් කරන්න, සුද්දා නිකන් කින්ඩියට වගේ බලන් ඉන්නවා...
ReplyDeleteඅනේ අප්පේ දැක්ක කල්............
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා.........!!!
ඇත්ත නේන්නම් ඔය බොම්බිලි කෑවහම අත් හෝදන්ඩ ඕනෙ හොඳට එහෙම නැත්තම් අර සුද්ද කෙලින්ම අහපු එක නාහ එහෙම හිතනව ගොඩක් උදවිය.....
මොකා උනත් එළ සුද්දෙක් "Did you scratch your balls" ලොලේ ලොල්...........
http://aluthkolla.blogspot.com
හෆ්ෆා මැක්සා කතා වස්තුව....! :D:D:D:D
ReplyDeleteඅප්ප සිරි.. සුද්දගෙ කතාවට අයියට ඇප නැතිවෙන්න ඇති නේද? :D LOLS :D
ReplyDeleteඔය සුද්දෝ හිතන් ඉන්නේ අපේ ඒවත් උන්ගේ වගේ බොම්බිලි ගඳ ඇති කියල .. උන් බර වැඩේ කරලා කොලෙන් පිහගේනනේ ඉන්නේ. අපි එහෙමද ?අපි සුද්දෝ කැලේ ඉන්න කාලේ ඉඳල හොඳට වතුරෙන් හෝදන මිනිස්සුනේ අපේ කොහෙද එහෙම ගඳක් ?ඕනනම් අහල බලන්න බැරිය අපේ ......... ගෙන් ..
ReplyDeleteඅනේ බං හුදී ජන පහන් සුව තකා උඹට ඒ සුද්ද කියපු වචන පරිවතනය කරපන් සිංහලට. එතකොට අපේ කොල්ලොත් වැඩේට පස්සේ සුද්දෝ වගේ ඉන්න ඉගන ගනීවි .
ReplyDeleteඕකනේ කියන්නේ එලවලු ටිකක් කාපල්ල කියලා .
ඉස්කෝලේදී ඉක්මනින් කන්න ගිහිල්ලා . ඒ ලැබිච්ච පුරුද්ද නිසා , මම මගුල් ගෙවල් වල ගියත් විනාඩියට දෙකට කාල බීල සේරම කරල නැගිටිනවා . අනික් එවුං මගේ දිහා බලං ඉඳලා අහනවා කෑම හොඳ නැද්ද ? කියලා
අදත් කතා ටික නියමයි බං ... හිනා වෙන්න නම් මෙතනට එන්න ඕන ..
Man, did you scratch your balls..................?
ReplyDeleteවිලි ලැජ්ජාවේ තංතෝසේ බැරුවා...තාමත් හිනා..
සුවර් සොට් සුද්දා ඩෙටෝල් දාලා අත සෝදන්න ඇති...
"මේ සියලූ සාධක ගත් කල නිගමනය වනුයේ...
අර සුද්දා දුමි අයියාගෙන් ඇසූ කාරනය සිදු කරනා බව සහ ගද සුවද විශ්ලේශණය කරන බවත්ය..."
චී................යා........
සුබ අලුත් අවුරුද්දක් වේවා !
උබට කියන්න තිබ්බේ .... අඩෝ සුද්දා තොගේ පුරුදු මට නැහැ කියලා
ReplyDelete"සොරි මචං අමතක වුනා" කිව්වනම් හරි
ReplyDeleteසුද්ද සිංහලෙන් අමතන්න එපැයි.. හැබැයි ආදරනීය ස්වරයෙන්, මොකෝ ඌට තේරෙයි කියලයැ.. හික්..
ReplyDeleteලොවෙත් නැති පෝස්ට් එක අයියේ. ඒක මතක් කර කර වුනත් හිනා වෙන්න පුලුවන්. එල.
ReplyDeleteදුමී හා පවුලේ හැමටත්, සහෘද කැලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteකතාවේ මුලදිම හිතුනා ඩුබායි ඉදිආප්ප කතාවක් වෙන්න ඕනේ කියලා.
අපි ඩුබායිවලට ආ අලුත මෙනු එකේ හම්බ වුනා සිලෝන් පරෝටා කියලා අයිතමයක්. විස්තර අහන්න හින්දි දන්න එකක්යැ, ඕඩර් කලා ...ලංකාවේ කෑම කඩවල තියෙන හතරැස් තෙල් රොටි ගැන හිත හිතා ගෙදර අරන් ගියා... බැලින්නම් තඩි සයිස් පරෝටා. ඒ කාලේ දිර්හමයට පරෝටා තුනක් ලැබෙනවා, ඒත් සිලොන් පරෝටාවක් දිර්හමයක්.
ආහ් බන් අයියේ... උඹ නම් හරිම කෑම පෙරේතයෙක් ( තරහ නැහනෙ) ඒක හරියටම කීවොත් නම් ස්වදේශී කෑම පෙරේතමහත්තයෙක්... මට මතකයි මම අර පිට්ටු හබේ ලියපු වෙලාවෙ ඉදන් පිට්ටු කන්න දත කාපු හැටි...
ReplyDeleteහැබැයි හොඳයි ..දේශීය නැති වීයන කැම ආරක්ෂා කර ගන්න පුලුවන් අයියල අපි වගේ අය ඉන්නකම්....
දූරියන් හොයන්න ගවු ගනන් ගියපු කතාව තමයි මට දුක හිතුන කතාව...
ඉතින් අයියා ගොම්බෙලි කරෝල කනකම් රහයි , කෑවම ගඳයි තමයි.. ඇයි අයියා ජාඩි ... ඒවයෙ ගඳ හයියෝ..මුලු ගේම ගදයි..ඒත් රස...
කට්ටිය ජාඩි කන්නෙ , ජාඩිවල ඉන්න පනුව ඇඟිල්ලෙන් අයින් කරල..සත්තයි මම දැකල තියේ.. හොඳ පදමට හරියට හදන ජාඩි වල පනුවො ගහන්නෙ නැති ලු....
ලුණු තට්ටුවයි ,මාලු තට්ටුවයි ,ලුණු තට්ටුවයි ,මාලු තට්ටුවයි දාලා පල් කරන ජාඩි ... කාලා බලන්න අයියා..
අර සුද්ද ... සුද්දටක් කරෝල පුරුදු කරානම් ආයෙ ඔය කතා කියන්න එන එකක් නැහැ අයියේ............
ඉතින් අයියා ..අයියා .අක්කා... දූලා දෙන්නා සහ පුතාටත් අනිකුත් සාමාජික සාමාජිකාවන් සියලු දෙනාටත් ලැබුවා වූ අවුරුද්ද රස බර කෑම පිරි ටේස්ටි අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරන්නම්...
සුභ අලුත් අවුරුද්දක් වේවා,
ReplyDeleteඋඹලගෙ සුද්දට "පිල්ලෙක්" කාල අත දුන්නනං ඌ මොකක් කහලද කියල අහවිද!!!
/* මෙච්චර ලොකු ඌණ පූර්ණයක් දීල */
ReplyDeleteවැරදියි. දුමී කරලා තියෙන්නේ පෙරවදනකි. පෙරකතාවකි. ඌණ පුර්ණය යනු කතාවක් කියු පසු එහි ඇති අඩුවක් පිරවීමයි.
බොම්බිලි බැදපු වෙලාවක නිව්යෝක් එපාර්ට්මන් එකකට පොලීසියෙන් ආවා කියා අසා තිේරනවා. බිනිහෙක් මරලා පුච්චනවා කියලා ආපු පැමිණිල්ලක් නිසා!
ReplyDeleteඅහ් ආයෙමත් කෑම..හා බැඳි කතා..
ReplyDeleteඋඹම තමා ඉතින් මට ආරාධනා පත්තර එවන්නේ..
සුභ අළුත් අවුරුද්දක් වේවා..දුමීස්..
හේ,,හේ කාලෙකින් ඇවිල්ලා එකපාරටම හිනා යන්න කතාවක් දුන්නා,,අනේ අපි නොදන්න සුද්දෝ,මෙහේ උන දත් මදින්නෙත් නෑ,පසු පස හෝදන්නෙත් නෑ,මුන්ගේ කටවල් තමා බොම්බිලි ගද...
ReplyDeleteඅම්මෝ බොම්බිලි කියන කොට මතක් වුනේ, අපේ ඉස්කෝලේ හොස්ටල් එකේ උයන්න හිටිය එකටත් කිව්වෙ බොම්බිලිය කියල, මොකඩ ඌ නාන්නෙ නෑ,
ReplyDeleteහෆ්ෆා සුද්දා අත ඉබිනකොට කොහොම තියෙන්න ඇද්ද හික්ස්
ReplyDeleteපස්සෙ දවසක සුද්දට කරෝල කෑල්ලක් කන්න දුන්නෙ නැතෙයි ?...
ReplyDeleteහයියෝ...................ඒ ගීත් මම ගීත් නම් නෙවෙයි. මම වෙන ගීත් කෙනෙක්.. :D.
ReplyDeleteමම කාපු මලයාලම් ඉදිආප්පනම් අපේ ඉදි ආප්ප සයිස්ම තමා...හැබැයි බම්බල පිටියේ සරස්වතී ලොජ් එකේ ඉදි ආප්පනම් මොන බඩගින්නක් තිබුනත් උපරිම 5හ තමා ගාන. හැබැයි මලයාලම් කොත්තු රොටී නම් ආහ්....මල් හතයි...මම දැනට කාලා තියෙන රසවත්ම කොත්තුව කාලා තියෙන්නේ මලයාලම් කඩයකින්...මලයාලම් කෑම ගොඩක් දුරට ලංකාවේ කෑම වලට සමානයි...ඇයි මලයාලම් පිට්ටු ?
අර අන්තිමට ලියලා තියෙන ඉංග්‍රීසි කෑල්ල කියවනකොට දැන් දවස් දෙක තුනකට කලියෙන් බලපු ඉංග්‍රීසි ෆිල්ම් එකක් මතක් උනා....ඔය සීන් එක එහෙම්පිටින්ම ඒ ෆිල්ම් එකේ තිබුනා..බලපු අයට මතකද බලන්න....මෙන්න ෆිල්ම් එක
Blue Streak
http://www.imdb.com/title/tt0181316/
70 ගණන් අග හරි 80 ගණන් මුල හරි කාලේ ලංකාවේ ලොකුම ආප්ප තිබුනේ නුවර ක්වීන්ස් හෝටලේ බාර් එකේ. දෙකක් වැඩිම උනොත් තුනකට වඩා නං කෝමත්ම බස්සන්න බැහැ.
ReplyDeleteඔස්ට්‍රේලියාවෙ පර්ත් නගරයෙ එපාර්ට්මන්ට් එකක හිටපු ලංකාවෙ ස්ටුඩන්ට් කොල්ලෙක් දවසක් බොම්බිලි බැදල, අල්ලපු එපාර්ට්මන්ට් එකේ හිටපු සුද්ද දොරට තට්ටු කරලා දොර ඇරියම ඇහැව්වලු
"are you frying dog shit ? කියල.
@පූසා,
ReplyDeleteසිනාසී තර වෙන්ඩ පූසෝ.... දැනටත් තර පූසෙක්ද කොහෙද ෆොටෝ කෑල්ලෙ හැටියට .... හික් හික් හික්...!
@සොඳුරු සිත ,
වත් නගා ඉතින් අවුරුද්දේ තුන්සිය හැටපස් දවසෙමත් පැය විසිහතරෙමත් බ්ලොග් එකේ ඉන්න එකේ, සිංහල අවුරුද්ද දවසටවත් නෑදෑ ගෙදරක යන එක යුතු කමක් නෙව....!! නෑදෑ පිරිවර බලා කියාගෙන බුලත් එහෙම දීලා පඬුරු පාක්කුඩං එහෙම අරගෙන එන්නැති නේද ?
@Beetle,
ඔව් ඔව්, සුද්දයි මායි දන්න බොම්බිලි. ඌ බොම්බේ ඩක් කියන වචනෙවත් දන්නෙ නෑ. මොකට සුද්දෙක් උනාද දන්නෙ නෑ...!
@අළුත් කොල්ලා ,
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් වේවා කොල්ලෝ....! මොනවා කරන්නද ඉතින් වැඩ රාජකාරි අධිකයි නෙව...! දරුපවුලකුත් තියෙනවානේ ආරක්ෂා කොරන්ඩ....!
මොනා උනත් ඒ සුද්ද නම් එල තමයි. ඕන කුණුහරුපයක් හරි කියයි අපිත් එක්ක.
@kANI,
තෑන්ක් යූ වේවා !!
@..ChAnDiKa..,
ඇප කියන්නෙ මමත් බඩ අල්ලගෙන හිනා උනා ඌ ඒක අහපු විදිහට. තව පොඩ්ඩෙන් බොම්බිලි නහයෙන් එනවා.....!
@Lankapriya,
ReplyDeleteඒක නම් ඇත්ත තමයි බොලේ.... ඕකුන් කොහොම කොල වලින් පස්ස පැත්ත පිහදාගෙන ඉන්නවද මන්දන්නෙ නෑ.....!
@හිස් අහස ,
අනේ බං සඳරු මල්ලියේ මට ලැජ්ජයි එක සිංහලෙන් ලියන්න....! එලවලුත් කනවා තමයි බං... ඒ වගේද බොම්බිලි හොඳට තෙල් දාල ගත්තහම තියෙන රස.....! හම්මා.....!
@..::| පොජ්ජේ |::.. ,
මොන, පස්ස පැත්තෙ වතුර පොදක් ගාගන්න අකමැති සුද්දන්ට මොන ඩෙටෝල්ද ? උන්ට අපේ අත පාවිච්චි කරලා පස්ස හෝදනවා කිව්වොත් තමයි ලෝකෙ තියෙන නරකම දේ අපි කරනවා වගේ බලන්නෙ...!
@වැප් ,
ReplyDeleteඒක තමයි....!! සුද්දන්ගේ පුරුදු කොහේද අපි ගාව....!
@තාරක Dilsh@n ,
ඌ සිංහල දන්නෙ නැති එක තමයි ප්‍රශ්නේ...
@සුදර්ශන බංඩාර හේරත් ,
එහෙම කරන වෙලාවල් තියෙනවා අපි... හැබැයි අල්ලපු රටේ එවුන්ට....!
@Kasun,
ReplyDeleteස්තූතියි කසුන් මල්ලි. මේ පැත්තෙ ඇවිත් බලලා කමෙන්ට් කොරලා ගියාට.
@ගල්මල්-Coral,
ඩීන් බොහොම ස්තූතියි සුභ පැතුමට. මමත් සිංහල විදිහට "එසේම වේවා !" කියලා පතන්නම්.
ඩීන් ඉතින් දන්නවනේ මලයාලම් ඉඳි ආප්පේ රඟ. ඔව් ඔව් ඔය සිලෝන් පරාතා කියලා සමහර කඩවල කියෙන්නෙ නම් ගෝදම්බ රොටියටම තමයි. මම ආස තව රොටියක් තමයි ඉන්දියන් රුමාලි රොටිය. ගෝදම්බ රොටිය වගේම තමයි හැබැයි තෙල් දාන්නෙ නෑ. හදීසියකට බිම එලලා බුදිය ගන්න පුළුවන් තරමට ලොකුයි.
@සොඳුරු සිත,
ReplyDeleteඅර මොකටෑ ඇත්ත කිව්වට තරහ ගන්න කාරිය.... උඹලැහේ ඇත්තක්නේ කිව්වේ....!
බලහන් ඉතින් උඹල හිටියට අපි ලංකාවට ආපු දොහක ඩින්ගිත්තක් කතා කොරලා පිට්ටු ඩිංගක් හදලා දුන්නා නම් මක්ක වෙනවද ?
මොකෝ නැත්තෙ ? මමත් ජාඩි කාල තියේ. හැබැයි නගෝ කට කාරන විදිහට නම් මගේ මේ කට කැහිල්ල වැඩි වෙලා ලඟ පාත ඉන්න එවුන්ගෙන් තව පොඩ්ඩෙන් ගුටිත් කනවා...!
බොහොමත්ම ස්තූතියි නගෝ පතපු අවුරුදු සුභ පැතුමට. නගාටත්, අම්මා ඇතුළු පවුලේ හැමටත් සිතනා පතනා සියළු පැතුම් ඉටු වෙන, අපල උපද්‍රව කාරිය දූරීන්භූත වෙලා යන, වාසනාවන්ත නව වසරකට ආසිරි පතන්නම් !
@ඉන්දික උපශාන්ත ,
ReplyDeleteබොහොම ස්තූතියි අවුරුදු සුභපැතුමට ! උඹටත් එසේම වේවා කියලා පතන්නම් !!
හාපෝ පිල්ලෝ ගැන නම් කියලා වැඩක් නෑ.. උන්ගේ පොත්තේ රත විතරයි...!
@Kathandara,
ReplyDeleteඔන්න කතන්දර ශූරියෝ වැරැද්ද ඉහ මුදුනින්ම පිලි අරගෙන හරි ගැස්සුවා. කසූලා, දුකාලා, ටැබූලා අපේ බ්ලොග් අවකාශයේ මුල් ගමන් කරුවන් විදිහට අපිට දෙන අවවාද අනුශාසනා අපි පිලි ගන්න ඕනෙනෙ.
හැබැයි මට ඒ "ඌණ පූර්ණයක්" කියන වචනෙන් තේරෙන්නෙ, "අඩු පාඩු පිරවීමක්" කියලා තමයි. ඒක උඩින් කරත් යටින් කරත් වැරැද්දක් නෑ නේද ?
ඔය බොම්බිලි සහ කරවලා නිසා වෙන රටවල ලංකාවෙ අය ඔය වගේ ගොඩක් අකරතැබ්බයන්ට අහු උනා කියලා මම අහලා තියෙනවා.
දාපු කවියටත් ගොඩක් ස්තූතියි. කසූටත්, කතන්දර හාමිනේටත්, දරු මල්ලොන්ටත් ලැබුවාවූ අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් හා කතන්දර වලින් පිරී ඉතිරී යන අවුරුද්දක් වේවා !!
@මාරයා,
ReplyDeleteඔවු බං උඹේ කරවල බැදුම් ගැන මතක් කර කර තමයි මේ බොම්බිලි කතාවත් කොටලා දැම්මෙ.
උඹටත් එසේම වේවා මාරයෝ ....!
හප්පා, ජීවිතේ පළැවෙනි පාරට මාරයෙක්ට අවුරුද්දට සුභ පැතුවෙ...!
@ItalyDilan ,
මම හිතුවේ උන්ගේ පශ්චාත් භාගෙ විතරයි බොම්බිලි ගඳ ඇති කියලා...! කටවළුත් ඒ වගේද ? ඊයා...!
@මෝල්ඩර්,
ඌට හිතිච්ච එක තමයි අර ඇහුවේ...! :)
@සාතන්,
කොහෙද සුද්දන්ට කරවල, බොම්බිලි කන්න පින නෑ බං මලේ...!
@ගීත් ,
ReplyDeleteඔව් ඔව්, ඔය ගීත් නෙමෙයි ඒ, වෙන ගීත් කෙනෙක්... :)
මම නම් දන්න විදිහට ඔය මල බාරියෝ කොත්තු ගැන ඉගෙන ගෙන තියෙන්නෙ ලංකාවෙ අපෙන්. මොකද ඔය කොත්තුව මම දන්න විදිහට නම් ලංකාවෙ නිර්මාණයක්....!
@Observer,
අනේ බං අයියණ්ඩියේ උඹ එහෙම කිව්වහම මටත් ඒ සයිස් ආප්පයක් කන්න හිතුනා.... දැන් නැත්ද දන්නෙ නෑ නේද...? දැන්නම් ලංකාවෙ තියෙන සුදු ආප්ප නිකන් වාටිය විතරයි, නිකං හුළං කනවා වගේ....!
හික් හික්... ඒ කොල්ලට තිබුනේ, "yeah yeah... have a bite...." කියලා කෑල්ලක් දෙන්න....!
@දුමී , මම දන්නා හැටියට කොත්තුවේ සම්භවය මඩකලපුවේ ...
ReplyDeleteදුමී අය්යා, ඌට කියන්න තිබ්බෙ "බොට වගේ ඇටසැකිල්ලක් මට නෑ" කියල.
ReplyDeleteමම 98.2, හිටියෙ 98.1 සෙට් එකක් එක්ක. උඹ මොන බැජ් එකේද?
හික් කතාවේ අන්තිම තුත්ත තමා මරු. ඇත්තට ඊට පස්සේ අයියා මොනාද සුද්දට කිව්වේ....?
ReplyDeleteමේක කියෙව්වාම මට මතක් උනේ අපේ කොම්පැනියේ කලින් හිටපු ඩිරෙක්ටර් සුද්දෙක් දවසක් ටොයිලට් පේපර් ගැන මොකක් හරි කතාවකදී කිව්වා
ReplyDelete"අහ් උඹල ශ්‍රී ලාංකිකයෝ නේ උඹලා ටොයිලට් පේපර් පාවිච්චි කරන්නේ නෑ නේ" කියලා . .
මම ටිකක් හෙමීට කිව්වා "නෑ අපි පාවිච්චි කරනවා හැබැයි මුලින් වතුර පාවිච්චි කරලා පස්සේ තමයි ඒවා පාවිච්චි කරන්නේ " කියලා . .
ඌ හො හො හෝ ගාල හිනාවක් දාලා කතාව ශේප් කලා
අම්මප සතියක් විතර නාන්නෙ නැතුව උන්නොත් ඒකත් ඔය ගඳම තමා. පට්ට සුද්දෙක් නෙව.
ReplyDeleteඑල කතා ටික දුමී අයියා. සුද්දට කියලා දෙන්න තිබුනේ බොම්බිලි කරවල ගැන....
ReplyDeleteඅපේ කැම්පස් එකේ සෙට්එකක් ගියා මඩකලපුවේ මුස්ලිම් කොල්ලෙක්ගෙ ගෙදර. එහෙදිත් ඔය වගේ සීන් එකක් තමා වුනේ. කෑමට කප් ගහපු උන් හිටියත් එකෙකුටවත් ඉඳි ආප්ප 3කට වඩා කාගන්න බැරි වුනා. ඒවාත් දෙකක් දාගත්තහම පිඟාන වැහෙන සයිස්.
ReplyDeleteහ හා..කියල වැඩක් නෑ ...මරුම තමා...ගඳ මෙහෙටත් එනෝ.....
ReplyDeleteශා...එල කතාව.නියමායි
ReplyDeleteහැබැයි දෙහි ලෙල්ලක් ඉලුවානම් ඔය බොම්බෙලි ගද යනවා නේද අයියේ.
"උගේ මූන පේන්නෙ නැහැ මොකද ඉඳි ආප්ප ගොඩට වැහිලා. බලාගෙන යනකොට මුංගෙ ඉඳි අප්පයක් අපේ බත් කන පිඟානක් සයිස්."
ReplyDeleteබඩ පැලෙන්න හිනා.... :D
This comment has been removed by the author.
ReplyDeleteනියම කතා ටික අයියේ...
ReplyDeleteපට්ට අහ්
ReplyDeleteපට්ට අහ්
ReplyDeletePatta H....
ReplyDelete(කියෝලා ඉවර උනු ගමන් කටට ආපු කොමෙන්ටුව උනාට ඉතුරු ටික ලිව්වොත් කට්ටිය කියයි මමත්.....)
අනේ අප්පේ ඔයා ලියන කථා මෙහෙම නං, කථා කියන කොට කොහොම ඇද්ද? අකුරු වලින් සිනා මවන්න හැමෝටම බැහැ. ඔයා නං අනේ මන්දා අයියේ........................
ReplyDeleteබොම්බිලි නමේ ඉතිහාසෙ මරු! රහ වගෙමයි!!
ReplyDeleteමලයාලි බාසාවෙන් 'මදි' කියන්නෙ ඇති කියන එක.. ලීනාලගෙ දිහාවෙදි වචන පැටලුනාවද්ද..?
දුකා - ඔය වගෙ සාකච්ඡාවකදි මන් ඇහුවා සබන්, වතුර දෙකම පාවිච්චි කරලා පස්සයි, අතයි දෙකම සෝදනවා නම් (වැඩි හොඳට ටොයිලට් පේපර්සුත් පාවිච්චි කරලා) වැඩිම පිරිසිදු උන්ද අපිද කියලා.. .. හොහ් හොහ් තමා උත්තරෙ උනෙ..
මචං උඹ සිරාවටම සුද්දට දුන්න උත්තරේ මොකක්ද..........
ReplyDeleteමම නම් බොම්බිලි කරවල කාලා නැහැ. ඒත් කියන නිසා කාලා බලන්න ඕනේ. මේකත් දූරියන් වගේ සීන් එකක්ද ? කන එකාට තමා රස :))
ReplyDeleteනියම කතා ටික දුමී අයියා !!!!!
ReplyDeleteHello Dumee,
ReplyDeletemama meka english type karanne tawama sinhala dagatte nati nisai. mamath godak dawas indan oyage blog eka kiyawanawa, kiyawala taniyama hina wenawa.
mamath inne lankawen godak eta, karanne oyage job ekama tamai. oyage alpha eke wistara dakala matath comment karanna hitune.
jeewite gewichcha sundarama kale alpha giya kale, mage haminey mata muna gahuneth etanadi tamai.
ok bro, thats all for now. keep it up the good work.
Ruwan
ඔක්කොමත් හරි අන්තිම කතාවත් හරි....
ReplyDeleteපට්ට පට පට... සුද්දාගේ බොම්බිලි සුවදද දන්නෙ නෑ.... :D :D
ReplyDelete"Man, did you scratch your balls..................?"
ReplyDelete:O :O :O
මාත් කොච්චර ආස උනත් ඔෆිස් අරගෙන නොයන දෙයක් තමයි කරවල.
ReplyDeleteපිලිපීන එවුන්ගේ පට්ට ගඳ ගහන මාළුයි අපේ කරවලයි දෙකම එක ජාතියෙ, ඉස්සර අපි සමහරදාට ඉවසන්නම බැරි උනහම උන්ගෙන් අහනවා මේ මාළු බෑවෙ කොමෝඩ් එකකින්ද කියල.
සමහර එවුන් තේරුම් ගානවා තවත් සමහර එවුන්ට මළ පනිනවා :) ඉතින් උන්ට බැන බැන අපිත් ඒ දේම කරන එක හරි නැහැ නෙව, ඉතිං ඔෆිස් එකට කරවල ගෙනියන්නේ නැත.
ඔය ඉඳියප්ප වැඩේ UAE ආව අලුත මටත් සිද්ද වුණා හැබැයි වේටර් කොලුවා මොළේ පාවිච්චි කරලා ඉඳියප්ප දෙකක විතරක් මුලින් ගෙනත් දුන්න නිසා ශේප් උනා :-D