මයිනෙක් ගැන සහ ගෙම්බෙක් ගැන සින්දුවක්
Posted by
මම පුංචිම පුංචි කාලේ කවුරු හරි කිව්වොත් පුතේ සින්දුවක් කියන්න කියලා මම කියන්නෙම "බණ්ඩලාගේ හාවා, දිව්වා බයවෙලා..." කියන සින්දුව. ඕක ඉතින් එහෙමයි කියලා දන්නෙ අපේ අම්මා කියන හින්දා. මට අවුරුදු 5ක් විතර වෙනකොට අපේ තාත්තා විදේශ ගත වෙච්ච නිසා, ටික කාලෙකට පස්සෙ තාත්තා ගෙදරට එව්ව කැසට් රෙකෝඩර් එකෙන්ම ඔය සින්දුව කියලා රෙකෝඩ් කරපු කැසට් එකක් අපේ ගෙදර තිබුනා ගොඩක් මෑතක් වෙන තුරුම. ඒ කැසට් එකේ අපි ඔක්කොමල්ලා සින්දු කියලා රෙකෝඩ් කරලා තාත්තට යවලා තිබුනා ඒ දවස්වල අහන්න කියලා. අපි ගොඩක් ලොකු වෙන තුරුම තාත්තා ගාව මේ කැසට් එක පණ වගේ ආරක්ෂා කරන් තිබුනා. ඒ කාලේ මට මේ ගැන එච්චර හිතට වැදුනේ නැති උනාට, අපි ගැන තාත්තාගේ හිතේ තිබුණු අප්‍රකාශිත සෙනෙහස මැනූ මිම්මක් ලෙස තමයි මට අද ඒ සිද්ධිය මතක් කරන්න පුළුවන් වෙන්නෙ. ඒක මට අද වඩාත්ම හොඳින්ම දැනෙන්නෙත් ඒ කාලේ තාත්තගේ ඇස් දෙක ඒ කැසට් එක නිසා කී පාරක් තෙත් වෙන්න ඇතිද කියලා හිතෙන්නෙත්, මම අද වෙනකොට දරුවො තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක් නිසා.
ඉතාමත්ම සොඳුරු කලාකාමී හදවතක් තමයි අපේ තාත්තාට තිබුනේ. ලංකාවෙ නාවික හමුදාවෙ නිලධාරියෙක් විදිහට රාජකාරි කරන කොට තමයි තාත්තා ඉස්සෙල්ලාම ගිටාරයක් වාදනය කරන්න ඉගෙන ගෙන තියෙන්නෙ, ඒ වෙනකොට නාවික හමුදාවෙ තූර්ය වාදක කණ්ඩායමේ සේවය කරමින් ඉඳලා තියෙන ෆෝචූන්ස් නායක ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙන්. මේ කියන්නෙ එකදාස් නමසිය හැට ගණන්වල. නාවික ඉංජිනේරුවෙක් වූ තාත්තා විසින්ම පස්සෙ කාලෙක ඉතාමත් විශිෂ්ඨ විදිහට හදා ගත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකකින් තමයි තාත්තා ප්‍රිය සාද වල, සමහර වෙලාවට සංගීත කණ්ඩායම් එක්ක වාදනය කරලා තියෙන්නෙ. මට අද දිනයේදී යම් වාදන හැකියාවක් තියෙනවානම්, ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන අපේ තාත්තාට. තාත්තගෙන් මට උරුම වෙච්ච වටිනාම දායාදය ලෙස මම සලකන්නෙ මේ හැකියාවයි.
මගේ මුල්ම සංගීත ගුරුවරයා උනෙත් තාත්තාමයි. මගේ පොඩි බාප්පා විසින් මට තෑගි කරන ලද බොක්ස් ගිටාරයකින් මට මුල්ම ගිටාර් පාඩම කියලා දෙන කොට මට වුරුදු 12ක් විතර වෙන්න ඇති. ඒ 1986 වගේ තමයි මතක. පස්සෙ 1990 දී පැවති සාමාන්‍යය පෙළ විභාගය විෂිශ්ඨ ලෙස සමත් වෙච්ච සතුටට තාත්තා විසින් මට තෑගි කලේ විදුලි ඕගනයක් සහ Ten Speed බයිසිකලයකුයි. මොනවා උනත් ඒ තෑගි දෙක අතරෙන් මට වඩාත්ම වටිනා තෑග්ග උනේ බයිසිකලයයි. කොළු වයසේ සිටි මට මුළු කොළඹ පුරාම අස්සක් මුල්ලක් නෑර කරක් ගහන්න පහු කාලෙකදී දුකට සැපට දෙකටම තිබුනේ ඒක තමයි.කොහොමෙන් කොහොම හරි විදුලි ඕගනයටත් ඇඟිලි හුරු කරගන්න ඒ ලැබුනු තෑග්ග රටක් වටින දෙයක් උනා. උසස් පෙළින් පස්සෙ වැඩිදුර අධ්‍යාපණය ලබන කාලෙදි සංගීත කණ්ඩායමකට සම්භන්ධ වෙලා මගේ වියදම් මා විසින්ම සොයා ගත්තෙ ඕගන් වාදක ශිල්පියෙක් විදිහට කටයුතු කරලා තමයි.
ඉස්කෝලේ හයේ පන්තියේ ඉඳන්ම මම පාසලේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමත් එක්ක සම්භන්ධ වෙලා හිටියේ බට නලා වාදකයෙක් විදිහට. ඒ කාලේ පාසලේ මිතුරන් අතර මම කොච්චර ජනප්‍රියද කියනවානම්, මටත් වඩා ඉහල පන්තිවල අයියාලාත් තමන්ගේ විනෝද චාරිකා වලට මාව සම්භන්ධ කරගත්තෙ මම විසින් සපයන ලද නොනවතින සංගීතය නිසාමයි. තම්මැටමක්, දවුලක් සමග බට නලාවෙන් මැවෙන සංගීතය පපර බෑන්ඩ් එකකට නොදෙවනි වෙච්ච නිසා පාසලේ බිග් මැච් කාලෙටත් මට හොඳ ඉල්ලුමක් තිබුනා. ඇත්තටම කිසිම බරක් පතලක් නොතිබිච්ච ඒ කාලේ තරම් සුන්දර කාලයක් තවත් තිබුනේ නෑ නේද කියලා තමයි දැන් අපහු හැරිලා බලන කොට පේන්නෙ.
(ඇත්තටම මට ඉතාමත් කෙටියෙන් කියන්න ඕන වෙච්ච දේ ඇඟිලි තුඩු විසින්ම නොදැනුවත්වම මහා විස්තරයක් බවට පත් කරලා.)
ජීවිතේ ඉස්සෙල්ලාම මිතුරන් රැලකුත් එක්ක මධුවිතක් තොලා ගාන්න පෙළඹෙන්නෙ NIBM එකේ මම ඉගෙන ගන්න කාලෙදි තමයි. ඉඳලා හිටලා එක්සෑම් එකක් ඉවර වෙච්ච ගමන් යාළුවො ටික සෙට් වෙන්නෙ කාගෙ හරි ගෙදරක පොඩි සින්දුවක් කියලා මදු විතක් තොල ගාන්න. එතනදිත් යාළුවන්ට මාව සහ මගේ බොක්ස් ගිටාර් එක නැතිවම බැරි අංගයක් උනා. ගොඩක් වෙලාවට ඒ හමුවන් ඉතාමත් සුන්දර මතකත් එක්ක තමයි පිරිලා තියෙන්නෙ. ඒ අතර හිටපු ගොඩක් යාළුවො ඒ වෙනකොට සමහර වෙලාවට තමන්ගේ සිහින කුමරියන් වෙත දුර ඉඳන් පෙම් කරන අය, සමහරක් අය ආදරය බිඳ වැටිලා, මගේ වගේ සමහරෙක් අයගේ ආදරයේ උච්චතම අවස්ථාව තමයි ගෙවෙන්නෙ. ඉතින් ගොඩක් වෙලාවට ගායනා කරන්නෙ "සඳ හොරෙන් හොරෙන්....", "කුමරියක පා සළඹ සැලුනා...", "පෙරදිනයක මා..", "මංමුලාවී....", "විකසිත පෙම්...", "කොළොම් තොට.." ඔන්න ඔය වගේ හරිම සුන්දර ගීත.
NIBM එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට මගේ මුල්ම රැකියාව කරන කාලෙදිත් ඔය පුරුද්ද නැති උනේ නෑ. NIBM එකේම හාඩ්වෙයාර් ලැබ් එකේ යාළුවෙක් ගිටාර් එකක් ගෙනැල්ලා තියෙලා තිබ්බා. ගොඩක් වෙලාවට හවස 6ට ස්ටුඩන්ට්ස්ලගේ ප්‍රැක්ටිකල් ඉවර වෙච්ච ගමන් කට්ටියම එකතු වෙලා තව පැය දෙකක් විතර සින්දු කියලා තමයි ගෙවල් වලට යන්නෙ. හරිම සුන්දර කාලයක් තමයි ඒක. විනෝද සවාරිත් ඒ වගේම ගීත වලින්ම පිරිලා ඉතිරිලා තමයි තිබුනේ. ඔන්න ඔය කාලෙදි තමයි අපේ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකේ කොල්ලෝ ටික "Boys night out" එකක් ඕගනයිස් කලේ. ඒක තිබ්බේ තවත් යාළුවෙක්ගේ ගෙදර. ඒ යාළුවාගේ අම්මයි තාත්තයි මූට ගේ බාර දීල පිට රට ඉන්න අක්කලාගේ ගෙදර ගිහිල්ලා මාස කීපයකට. ඉතින් මුළු ගෙදරම අපේ වගේ තමයි. ඔන්න ඉතින් හවස 5ට විතර පටන් ගත්ත සොඳුරු සැන්දෑව හරිම ලයාන්විතව ගලා ගෙන යනවා අර මම කලින් කියපු වගේ ගීතත් එක්ක. එක එක්කෙනා තමන්ට කැමති ගීත රික්වෙස්ට් කරනවා "මචං අරක ගහපන්... මේක ගහපන්..." කියලා. ඉතින් පුළු පුළුවන් විදිහට ඒ රික්වෙස්ටුත් ඉටු කරමින් වැඩේ නැගලා යනවා. එදා මාත් එක්ක තවත් යාළුවෙක් ගිටාර් එක ප්ලේ කලා. ඉතින් දෙන්නත් එක්ක සහයෝගෙන් වැඩේ ඇදගෙන යනවා. ඉතින් ටිකක් රෑ බෝ වෙනකොට කට්ටියගේ පදමත් ටික ටික හරියාගෙන එනවා. ඒ අස්සෙ එකෙක් රික්වෙස්ට් කරනවා "මචන් මචන් මිල්ටන්ගේ සින්දුවක් ගහපන්.....” කියලා. ඔන්න ඉතින් මමත් මගේ ගිටාර් සගයාට කිවා හරි මචං "ඒ මයිනර් (A minor)" ගහපන් කියලා. මොකද ඒ සින්දුව යන්නෙ A minor ස්කේල් එකේ නිසා.
ඔන්න ඒපාර තව එකෙක් අහනවා "මචං අළුත් සින්දුවක්ද ?"
ඉතින් මමත් කිව්වා "පිස්සුද බං, මේ සින්දුව හෙන පරණ එකක්..." කියලා
"අනේ නෑනෙ බං මම අහලා නෑනේ.... මිල්ටන් කියන ‘ඒ මයිනා.....’ සින්දුව....."
අනේ ඉතින් හිතා ගන්න පුළුවන්නෙ යාළුවාට වෙච්චි දේ. එදා ඉඳන් උගේ නම "ඒ මයිනා..." උනා.
හැබැයි ඒක එතනින් නැවතුනෙත් නෑ. තව් ටිකක් රෑ වෙලා දැන් පොඩ්ඩක් නැගලා යන සින්දු යන වෙලාව. දැන් ටිකක් විතර පදමට වඩා වැදිලා හිටිය අර යාළුවා ආපහු කියනවා...
"මචං..... අර ගෙම්බෙක් ගැන සින්දුවක් තියෙන්නෙ.... ඒක ගහපන්කෝ....." කියලා.
"ගෙම්බෙක් ගැන සින්දුවක්......? ඒ මොකක්ද බං......?" මමත් දැන් අහනවා. මොකද මට ෂුවර් මම නම් ගෙම්බෙක් ගැන සින්දුවක් දන්නෙ නෑ කියලා.
"අර අර කව්බෝයිලා කියන්නෙ මචං.... ගෙම්බෙක් ගැන සින්දුවක්...." මූ ආපහු කියනවා.
"මොකක් ? කොහෙද බං කව්බෝයිලා ගෙම්බෝ ගැන සින්දු කියලා තියෙන්නෙ.....?" තවත් එකෙක් දැන් මුගෙන් අහනවා.
කට්ටියම දැන් ෆුල් හොල්මං වෙලා මූ මේ කියන සින්දුව මොකක්ද කියලා......!
“ඔව් බං.... අර අන්තිමට ගෙම්බෙක් ගෙම්බෙක් ගෙම්බෙක් කියලා තියෙන්නෙ....අපි පොඩි කාලේ කව්බෝයි කරන කොටත් ඒක කිව්වනේ.....”
"මොකක්, උඹ පොඩි කාලේ කව්බෝයි කලා...."
"ඔව් ඔව්, අර කවුබෝයි මචං... බාලදක්ෂ බාලදක්ෂ ...."
හුටා මූට ස්කවුට්වයි, කව්බෝයිවයි පැටලිලා. කට්ටිය දැන් බඩවල් අල්ලගෙන හිනා වෙනවා.
තවත් ටික වෙලාවකට පස්සෙ තමයි කට්ටියට මීටර් උනේ මූ මේ කියන ඒ කව්බෝයිලා ගෙම්බෙක් ගැන සින්දුව මොකක්ද කියලා.
ඔන්න ඉතින් ඒ සින්දුව තමයි
"ගිං ගැං ගුලි ගුලි........."
මූට අර "ගෙම්බෙක් ගෙම්බෙක් ගෙම්බෙක්" කියලා ඇහිලා තියෙන්නෙ "වොම්බහ්ක් වොම්බහ්ක් වොම්බහ්ක් " කියන කෑල්ල.
(ප.ලි - මේ සින්දුව ලියලා තියෙන්නෙ බාල දක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවුල් සාමි වරයා විසින් අප්‍රිකානු ජන ගීයක් ඇසුරෙන්.මේ ගීතය හැම බාලදක්ෂ කඳවුරකම නොවැරදීම ගායනා කරන එකක්.)

(බ්ලොග් දෙවියන්ගේ ප්‍රශ්නයක් නිසා සුපුරුදු කමෙන්ට් බොක්ස් එක ඇපියර් වෙන්නෙ නෑ. කමෙන්ට් එකක් දැමීමට සුපුරුදු කමෙන්ට් බොක්ස් එකට පහලින් තාවකාලික කමෙන්ට් බොක්ස් එකක් දමා ඇත.)
අද උදේ ඉඳන් ගුගුල් සහ බ්ලොගර් දෙයියන්ගේ කැනහිලි කමකට පාර්ත වෙමින් තමයි ඉන්නෙ. සුපුරුදු කමෙන්ට් එඩිටර් එක ඇපියර් වෙන්නෙ නෑ. කරුණා කර පෝස්ට් එක අවසානයේ සපයා ඇති ලින්ක් එක හරහා ගොසින් කමෙන්ටුවක් දමා යන්න.
ReplyDelete--ස්තූතියි.
කූල් ඇන්ඩ් ද ගැංලගෙ "ගෙඩ් ඩවුන් ඔන් ඉට්" සිංදුව පොඩි කාළේ අපේ මල්ලි කියන්නේ, "එන්නං නෝනේ... එන්නං නෝනේ" කියල
ReplyDeleteහරිම රසවත් දුමී අයියා.. එක හුස්මට කියවන් ගියා
ReplyDeleteඒකනෙ මම මේක කියවපු වෙලාවෙ ඉඳන් දඟලනවා කමෙන්ට් කරන්න. දැනුයි ඔන්න මේක දැක්කෙ. ඒ මයිනා මරුකතාව ඈ..... ආ මයිනා කිව්වෙ අයියට නෙමේ ඈ..
ReplyDeleteපුහ්..... උඹ හෙන කලාකාරයෙක් නෙ. මෙහෙ ආපු වෙලාවක අපිටත් සින්දුවක් කාරිය අහන්න පුලුවන් වෙයි නේද දුමියා.....
ReplyDeleteෆුල් ට්‍රය් දවල් ඉඳලම කොමෙන්ට් එකක් දාන්න, දැන් තමය් හරි ගියෙ. වෙනද වගේම පොස්ට් එක නං මරු දුමී. මතක් වුනා "ඒ.ලාලනී" ගේ සින්දුව "කාන්ති නගා" ගේ සින්දුව එහෙමත්.
ReplyDeleteමමත් උදේ බැලුවා කමෙන්ට් එකක් දාන්න. :( අයියා මුලින් ලියලා තියෙන්නෙ හිතට දැනෙනෙ කතාවක්.
ReplyDeleteදෙවනුව මට මතක් උනේ අර මෝරගෙ සිංදුව. ජෝතිපාල මහත්තයා කිව්වෙ " සිරිය මෙ සාරා..,,,,, "
:D :D
ReplyDeleteගෙම්බෙක් ගෙම්බෙක්...
අම්මේ ඇති යන්තන් කමෙන්ට් එකක් දාන්න පොට් එකක් තාවකාලිකව හදලා. වෙනදා වගේම නියම කතා ටික දුමී අයියා. පට්ට. උදේම කියෙව්වට මොකෝ මං ආයෙමත් කතා ටික කියෙව්වා.
ReplyDeleteඒ තරමට කතා ටික සුපිරි.
මරු ගෙම්බා... මමත් උදේ සෑහෙන්න ට්‍රයි කලා කොමෙටුවක් දාන්න. පස්සේ අල්ලල දාල නිකන් හිටියා.... මොනව උනත් පට්ට කතාව.... :)
ReplyDeleteඋඹල වගේ වැඩ කාරයොන්ට උන හින්ද හොඳයි. අපිට එහෙම මෙහෙම ගූගල් දෙය්ය පල් උනානං කොමෙන්ට් නෑ කිය කිය උඩ බලං ඉන්න තමයි වෙන්නෙ!
ReplyDeleteඒ මයින අහල තීනවද දන්නෙ නෑ අර මිලටන්ගෙ වවුල කියන සින්දුව?
අපේ සෙට් එකේ එකෙක් හිටියා "කල වාටියා" කියල...ඌට වේදේ වැරදුනේ ඉංග්‍රීසියෙන් කලාවතී හෝටලය ගැන ගහලා තිඋබුන බෝඩ් එකක් ප්‍රසිද්දියේ කියවලා ... එකේ තිබුනේ hotel kalawati කියලා.
ReplyDelete.
.
ප.ලි. (එහෙම උනේ මට)
වෙබ්මාස්ටර් ගුයිර් ..
හික් හික් කවුබෝයි.... :D
ReplyDeleteකාන්ති නංගී ගේ සින්දුව දන්නවද? ජොතිපාල කියන්නේ.
ReplyDeleteඇයි මූදෙන් ගෙම්බෙක් කියන ගායකයා?
ReplyDeleteදැන් තමයි මේ තාවකාලික බොක්ස් එක දැක්කේ !
ReplyDeleteඅද පෝස්ට් එකනම් හිනා වෙනවාට වැඩිය ටිකක් විතර පපුවට දැනෙන්න ලියපු එකක් කියලා හිතුනා .අපේ තාත්තා මැරෙන්න කලින් මට කියාපු වචනයක් මට මේක දැකලා මතක් උනා ..
අඩා මේ දුමී අයියා ඔයා ගායකයෙක් කියලා අපි දන්නේ නෑ නේ .. කියහංකෝ අයියේ ගීතයක් .!අපිට ආසායි බං උඹව දෑසින් දැකගන්න .
ගෙම්බෙක් ගෙම්බෙක් ගෙම්බෙක් ගෙම්බෙක් ..... එල කථාව දුමී අයියෙ..
ReplyDeleteහප්පා . . යාලුව උබේ තරම අඳුරගෙන නෙමෙයිද ඒ මයිනා සින්දුව කියන්න කියලා උඹට කිව්වේ . . . .
ReplyDeleteඅර සින්දුව ගහන්න මේ සින්දුව ගහන්න කිව්වම මතක් වෙන්නේ අර සංගීතෙකට ගිහිල්ලා කිව්වයි කිව්ව ලිස්ට් එක . .
මිල්ටන් අයියාගේ එදා රෑ
මල්කාන්ති අක්කගේ රෝස කරත්තේ
බෙග් මාස්ටර්ගේ කෝටු කෑලි
අහ් මිල්ටන් අයියගෙම සිහිනෙන් ඔබ මට
තව දිග ලිස්ට් එකක් තිබ්බ බන් මතක් වෙන්නේ නෑනේ hiks
නියම තාත්තලා ඔක්කෝම එකවගේ. අපේ තාත්තත් අපි පොඩිකාලේ කපපු කොණ්ඩ කෑලි රැකගෙන ඉන්නවා තවම.
ReplyDeleteහිතට දැනෙන කතාවක්. ස්තුතියි.....
@දුකා,
ReplyDeleteඋඹ ඔය කියන්නෙ අර එඩ්වඩ්ට කියලා "සිරියහනේ" ගහගන්න, මිල්ටන්ට කියලා "එදා රෑ ගුවන් තොටුපලේ" ගහගන්න, කපුගේට කියලා "සීතල සද එළියේ" ගහගන්න තියලා ගිහිං ඒ ගායකයො කවුරුවත් ආවෙ නැති නිසා අන්තිමේදි බෙග් මාස්ටර්ට කියලා "කෝටු කෑලි" ගහගෙන ආපු සීන් එක නේද..??
ෂෝයි...දැන් හදිසියකට අඬගහගන්නේ කවුද කියලා දන්නවා.
ReplyDeleteඅය කිරීම් එහෙම නෑ නේද?:D
ඊයේ උදේම පොස්ට් එක කියෙවුවට කොමෙන්ට් කරන්න බෑ කියල මන් අයියට කිවනේ...ඊට පස්සේ ඉතින් මේ පැත්තේ එන්න බැරි උනා...කොහොම නමුත් හිතට දැනෙන කතාවක්...
ReplyDeleteඅපේ දුවගේ කටෙත් ඉස්සර තියෙන්නේම බණ්ඩලාගේ හාවා song එකයි butterfly butterfly what are your colours song එකයි තමා...ඒත් දැන්නම් එයා කියන්නෙම පොඩි කාලේ ඉදලා එයා නින්දට යනකොට මම එයාට නිදා ගන්න කියන බිංදු බිංදු තරු කැට මැද දිලිසෙන සද වත...සද මොකටද තරු මොකටද මට මගේ දුව ඇත...කියන සිංදුව...මම හිතන්නේ එයාට දැන් ඒකේ තේරුම තේරෙන නිසා වෙන්නැති..දුමී අයියාගේ ඔය කියන අත්දැකීම් මටත් පොදුයි කියලා හිතෙන්නේ අපේ තාත්තත් මම පොඩි කාලේ විදේශ ගත වෙලා හිටපු නිසා වෙන්නැති...මම කියන සිංදුත් ඉස්සර එයාට යවනවා රෙකෝඩ් කරලා..එයාට යවන්න ගත්ත මගේ පොටෝස් ඇල්බම් ගණනාවක අදත් තියනවා..ඒ සමහරක් පිටිපස්සේ එයා ලියපු කවි තියනවා..ඒවා කියෙව්වම දැනෙන්නේ පුදුමාකාර හැගිමක් හිතට..මම ඉපදුනේ 79 තාත්තා රට යනකොට මට අවුරුද්දක් වත් නැහැ..එයා ආපහු ආවේ අවුරුදු 5 කින්...මට මතකයි එයා ආවට පස්සේ එයාගේ කටේම තිබ්බේ ...සුවදයි මුවේ මල් පැණී..නෙතගින් හැලේ නිල්ම්ණී..මා ජීවිතේ පණ වැනි..නැලවෙන් දුවේ ..කියලා මගේ නම දාලා ඒකට එයා කියන්නේ..ඒ සිංදුව...
ReplyDeleteතාත්තගේ ආදරය ගැන උනපු කඳුල වෙලෙන්නවත් හම්බ වුනේ නැහැ...මෙන්න ගෙම්බෝයි ...මයිනොයි ..කව් බෝය්ලයි . මම ඒත් බැලුවා අද නම් හිනා වෙන්න බැරි සංවේදී කතාවක් දමලයි කියා.
ReplyDeleteඅපේ චුටි දු ට කරන දඟ වැඩ නිසා මම ''පෝරිසාදයා'' කිව්වා. එදා ඉඳන් ''හිංචි පිංචි හාවා '' සින්දුව එයා මෝඩ කරලා .
''හිංචි පිංචි හාවා. ...පෝරිසාදයා.''
අපේ අක්ක අභිමාන් ෆිල්ම් එක බලලා පුංචි කාලේ කියන්නෙම ''තෙරේ මෙරේ මිලන තිරේ ....නයා කොයි ගුල් එලන්නේ..'' මට එතකොට මැවිලා පේනවා නයෙක් ගුලක් අස්සට රිංගනවා.
මැක්සා....
ReplyDeleteඅපෙත් ට්‍රිප් යද්දී නැතිවම බැරි සාධකය තමා මම...කට්ටිය කියන විදියට සිංදු බයිබල් එකක් කියලා තමා මාව හඳුන්වන්නේ...
හික්.... දුමී අයියා හෙන ජොලි බුවෙක් නෙව. මටත් ඔය ගිටාට් වැඩේ ඉගෙනගන්න ආසයි සෑහෙන්න. [හැබැයි ආසාව විතරයි, මෙලෝ හැකියාවක් නෑ] ට්‍රයීකක් දුන්නොත් බැරිවෙන එකක් නෑ නේද?
ReplyDeleteෂා... රසික හදවතක් කියල දැනගැනීමත් සතුටක්... කොල්ලටත් වාදනය බැරි උනාට ගායනය නම් පිහිටල තියේ චුට්ටක් විහර... සෙට් උනොත් ගමු වෙලාවක ෆන් එකක්..
ReplyDeleteතැන්කූ කීවා කතා සෙට් 1 ක ට , ඊයෙ උදේ ඉදන් කොමෙන්ට් 1ක් දාන්න පෙරුම්පුරනවා ......... යන්තන් ගොඩ
ReplyDeleteඔන්න මමත් ගොඩ වැදුනා...හපොයි..මේක නම වැඩ කරන ගමන් කියවන්න හොඳ නැහැ...හිනා වෙන්නෙ නැතිව කියවන්න හැදුවත් හිනා යනවා....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ බ්ලොග් එකේ මුලට " හිනා වීමට නුසුදුසු තැන් වලදි කියවීමෙන් වලකින්න " වගෙ Warning එකක් දුන්නොත් හොඳයි වගේ..මේ විදියට මෙතන හිනා වුනොත් ජොබ් එකටත් බඩු..
ReplyDeleteඅප්පා. කට්ටිය සෙට් වෙලා ගිටාර් එකක් ගගහ සින්දුවක් කියනවා තරන් ආතල් එකක් තව කොහෙද?. රටින් දුර හිටියත් තාමත් අපි මාසෙකට සැරයක් වත් යාලුවෙක්ගෙ ගෙදරට සෙට් වෙලා සාජ්ජයක් දානව. සින්දු වරද්දල කියන එක ගැන කිව්වම මතක් උනේ. ඉස්සර අපේ ගෙදර වැඩට හිටිය කොල්ලෙක්. අර 'රන් සමනල ජෝඩුව වාගේ' සින්දුව ඌ කියන්නෙ 'රන් සමනල ජෝති බබාගේ'!! කියල.
ReplyDeleteහැමදාම වගේම නියම ලිපියක්,අර තාත්තා ගැන ලියලා තිබුණු ටික නම් පපුවටම වැදුනා.
ReplyDelete@බුරාතනෝ-පට්ට කතාවක් නේ.
දුමී මම මේ ලොකෙ මට නැති අනිත් අයට තියන කිසිම දේකට ඉරිසියාවක් නෑ, එත් ඔය සංගීත හැකියාව ගැන නම් චුට්ටක් ඉරිසියයි.ඒ මොකුත් හින්ද නෙමේ ඒ තරම් සංගීතෙට කැමති නිසා..ඒත් අනේ මධ්‍ය .ප.. වලින් උඩට ස්වරයක් හරියට කියා ගන්නවත්.. දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ... වලින් එහා සින්දුවක් වාදනය කරන්නවත් බෑ.. ඉතින් අහිංසක ඉරිසියාවක් තියනව... ඒත් සංගීතෙට දක්ෂ මිනිස්සුන්ට මම ගරු කරනව , මම හිතන්නෙ එයාල දෙවියො favor කරපු කට්ටියක් කියල..
ReplyDeleteදුමී මම අර 1974 යාලුව.මචං මමත් පුලුවන් හැටියට blog එකක් පටන් ගත්ත, ඉවරයක් ලබුනොත් ගොඩවෙලා බලපං....
ගිටාර් කියපුවාම මතක් වුණේ මාත් මේ දවස්වල බැරි මරගාතේ ගිටාර් එකක් ගහන්න පුරුදු වෙනවානේ. තාම හිමින් හිමින් තමා වැඩේ යන්නේ. ඉස්සරහට බැරියැ ශිල්ප දක්වන්න :))
ReplyDeleteකතාව අග හිනාවුනත් මුල්ටික කියවද්දි ගොඩාක් හැඟුම්බර වුණා.
ReplyDeleteඑදාට වඩා අද සංනිවේදන මාර්ග දියුණුයි, ඒත් තවමත් සති අන්තයේ කැසට් තියාගෙන කතා රෙකෝඩ් කරන, තම පවුලේ අයගෙන් ලැබුණ කැසට් ඇහුම්කන් දෙන අය ඕනෑ තරම් දැක ගන්න පුලුවන් විශේෂයෙන් නිස්කලංක පාක් එකක් කෙළෙවර, ක්‍රීක් එක අයිනේ වාගේ තැන්වල.
ලියලා තියෙන විදිහ හරිම අපූරුයි.. රූප මැවෙනවා... හැඟීම්බර බවත් විනෝදයත් කැටිවුණු ලිපියක්...
ReplyDeleteපට්ට කතා දෙක දුමී අයියා....
ReplyDeleteහප්පේ දුමී කියලාම කාරි නෑ ඕO....ඒ කාලෙ අපෙත් හිටිය 12 සෙට් එකක්. ලයාන්විත සින්දු වලට බොක්කෙන්ම.
ReplyDeleteමම ඩුබායි ඉන්න කාලෙත් හොඳ මතක තියෙනව සින්දුත් එක්ක. හීනි අඩියක් එක්ක සින්දු කියන තරම් සොමියක් තවත් කොහෙද බොල......
බටනලා ඔස්තාර් කෙනෙක් එහෙනම් ඈ....අහන්න, බලන්න ඉයන් ඇන්ඩර්සන් (band called JETHRO TULL) උන්නැහෙගේ සිOදු......ජය....
බොහොම හැඟුම්බර වේගෙන එනකොටම මෙන්න...ඒ මයිනා, ගෙම්බෙක්, කව්බෝයි... අර කිව්වත් වගේ හිනාවීමට නුසුදුසු තැන්වලදී පරිස්සමට කියවන්න කියලා වෝනිං එකක් දුන්නනම් නරකද?
ReplyDeleteඅහල තියනවද ජිප්සීස්ල මාලු ගැන කියන සිංදුව ?????
ReplyDeleteලස්සන ලෝකයේ . . . . අට හිමි ආදරේ . . .
හික්ස්.. ඒ මයිනා...
ReplyDeleteකව්බෝයි... :D
ගෙම්බෙක් ගෙම්බෙක් :D
නියම කතාටික අයියා වෙනද වගේම... ජය!!
බෑ මේ මයිනොයි ගෙම්බොයි එක්ක කරන්න ........
ReplyDeleteදුමී අයියේ , එක දවසක් මම කිව්වා වගේ මගේ බ්ලොග් එක අද පටන් ගත්තා.
ReplyDeleteආරාධනා කරනවා ඇවිත් යන්න . අඩවි ලිපිනය www.ramadasa.name
ඉඳුනිල් / webmaster_guir
කියවූ පළවෙනි බ්ලොග් එක තමා මේ. මෙච්චර දවසක් comment නොකලෙ account එකක් නොතිබුන නිසයි.බ්ලොග් කියවන්න මම පුරුදු උනේ මෙ බ්ලොග් එක කියෙව්වට පස්සෙ. එක දිගට කියවන්න පුලුවන් කත ටිකක්. නිතර ලියනවනම් තමා මනාප...
ReplyDeleteමමත් රට ඉන්න තාත්තා කෙනෙක්.... ඒකේ තියෙන වේදනා ව මෙච්චරයි කියලා ඉවර කරන්න බැහැ... ඉස්සර අපිත් ඔය වගේ කැසට් වලට කථා කරලා.. සිංදු කියලා යවලා තියෙනවා..
ReplyDeleteමචං මං මේ බැළුවේ මේ බ්ලොග් ලියන උං වැඩි දෙනෙක් එකම කාලෙක ඉපදිලා තියෙන බොහෝ විට එකම වගේ අත්දැකීම් තියෙන සෙට් එකක් නේ..
ලෝකෙ කොහේ හිටියත් මධුවිතයි... ගී පොතයි තමයි..
ජය..
මම පොඩි කාලෙ නවයුගය කියල පත්තරයක උසස් තත්වයේ හිනාකතා කියවල තියනවා! සෑහෙන කාලෙකට පස්සෙ එතරම් උසස්, ලේ පිරිසිදු වන කතා අහන්න ලැබුනෙ ඔබෙනුයි! ස්තූතියි!!!! :)
ReplyDeleteහික් හික් හික්.... එලකිරි සිද්දිය.... ඒ වගේම තාත්ත ගැන ලියපු සිදුවීම් දැස තෙත් කලා මොකද එයා ලංකාවෙ මම මෙහේ නිසා...
ReplyDeleteදුමී අයියා මම පෝස්ට් 50 කියවල ඇති... බ්ලොග් එක ට ගොඩ වැදුනොත් අලුත් පොස්ට් සෙට් එකම කියවන නිසා... ඒ හැම එකක්ම උපරිමයි කියන්න පුලුවන් මට නම්... ලේ පිරිසිදු වෙන්න හිනා වෙන්න පුළුවන් කතා ටිකක්.. ඒ වගේම අර දොලදුකක් වෙනුවෙන් කාපු කට්ටක් ගැන ලියපු ලිපියට මම හුඟක් ආසයි දුමී අයියේ...
ReplyDeleteසුබ පැතුම්...
දුමී අයියා මම පෝස්ට් 50 කියවල ඇති... බ්ලොග් එක ට ගොඩ වැදුනොත් අලුත් පොස්ට් සෙට් එකම කියවන නිසා... ඒ හැම එකක්ම උපරිමයි කියන්න පුලුවන් මට නම්... ලේ පිරිසිදු වෙන්න හිනා වෙන්න පුළුවන් කතා ටිකක්.. ඒ වගේම අර දොලදුකක් වෙනුවෙන් කාපු කට්ටක් ගැන ලියපු ලිපියට මම හුඟක් ආසයි දුමී අයියේ...
ReplyDeleteසුබ පැතුම්...
Read more: http://dhumee.blogspot.com/2011/05/blog-post_30.html#ixzz1PX6N0u2D
අලුත් කතාවක් දානවා හොඳයි! අපිව මෙතන රස්තියාදු නොකර
ReplyDeleteඅනේ මන්ද මගෙත් වැඩ ..ඊයෙ ෆලෝ පාර අද වෙල්කම් එක ..
ReplyDelete@ දුකා එතකොට කවුරුවත් සශිකා නිසංසලාගේ තොල් පෙති විතරක් ඉඹ්න්න හැදුවේ නැද්ද?
ReplyDeleteහිකිස්... කව්බෝයි... මුල තික කියවනකොට හිතුනෙ ෆුල් සීරියස් කතාවක් කියලා. මොනවා උනත් තාත්තලාගෙ ආදරේ නිහඬයි කියන කතාවනම් ඇත්ත...
ReplyDeleteඅහලා තියෙද W රාජා...කියලා හින්දි සින්දුවක්...('ලව් යූ රාජා...' ලු ඇත්ත සින්දුව...)
hapy b'day 2 u lovely father & daughter!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@මන්තරකාරි,
ReplyDeleteහිහ් හිහ්, ඔන්න ඔයා 90 ගනන්වල ෆිල්ම්ස් ටිකක් මතක් කලා.. ඕක ඇවිල්ලා රාජා ෆිල්ම් එකේ හිට් සිංදුව.. මටත් ඒ දවස්වල ඕක ඇහෙන්නෙ ඩබ්ලිවු රාජා කියලා තමා..
"නසරේන් මිලි දිල් දඩ්කා මේරි දඩ්කන් නේ කහා, ලවු යූ රාජා.."
තවත් සුපිරි කතාවක්!
ReplyDelete