කොණ්ඩේ කැපීම

Posted by දුමී

මට මතක තියෙන විදිහට පොඩි කාලේ මම අකමැතිම දේවල් වලින් එකක් තමයි කොණ්ඩේ කපන්න යන එක.ගොඩක් වෙලාවට කොණ්ඩේ කපන්න, මරන්න ගෙනියන හරකෙක් වගේ මාව ඇදගෙන අම්මා යන්නෙ සෙනසුරාදා හරි ඉරිදා හරි දෙයියනේ කියලා සෙල්ලං කරන්න තියෙන වෙලවෙදි තමයි. එහෙම සෙල්ලං කරන්න තියෙන වෙලාව කැප කරලා බාබර් සාප්පුවෙ පැයක් විතර පෝලිමේ ඉඳලා ඉඳලා පැය භාගයක් විතර ආපහු කොණ්ඩේ කපන පුටුවෙ වාඩිවෙලා ඉන්නකොට සංසාරෙත් එක්ක එපා වෙනවා. ඊටත් වඩා බාබර් අංකල්ගේ ගෙම්බර් එක තමයි කාල ඉන්න බැරි. පොඩ්ඩක් හරි ඔළුව එහෙ මෙහෙ හෙලෙව්වොත් දැළි පිහිය පෙන්නලා කියනවා "දැඟලුවොත් කණ කපනවා" කියලා. අනේ ඉතින් ඔය පොඩි කාලේ කොණ්ඩේ කපපු තරමක් කැපුවෙ කණට තියෙන ආදරේ නිසා.

ඊට පස්සෙ පොඩ්ඩක් ලොකු වෙනකොට, ඒ කියන්නෙ 3නේ පංතියේ, 4 පංතියේදි විතර කොණ්ඩෙ කපන්න යන්න උනේ තනියම.රුපියල් 5හේ කොලේකුත් අතේ ගුළි කරගෙන බයිසිකල් රිම් එක කෝටු කෑල්ලකින් ඩ්‍රයිව් කරගෙන රිම් එකෙන් තමයි කළුබොවිල හන්දියේ තියෙන බාබර් සාප්පුවට යන්නෙ. අම්මා කියලා එවන්නෙ "ලොකු පුතේ, කොණ්ඩේ කොටවෙන්න කපාගෙන එන්න......" කියලා. මමත් ඉතින් "හා හා අම්මේ..." කියලා රිම් එකත් පැදගෙන බාබර් සාප්පුවට දුවනවා. ඒ වෙනකොට බාබර් අංකල්ගේ දැලි පිහියට තියෙන බය ගිහිල්ල තමයි තිබුනේ. "කොල්ලෝ.... මොකද කොට කරනවද....?" පුටුවට නැග්ග ගමන් ඔන්න බාබර් අංකල් අහනවා....."කොට කරන්න....? පිස්සුද අංකල් ... ඔන්න ඔය වටේට කපලා දාන්න..." ඔන්න ඉතින් යන්තන් වලස් පෙනුම මැකෙන්න බාබර් අංකල් වටේට ට්‍රිම් පාරක් දානවා. කොණ්ඩේ කපලා ඉවර වෙච්ච ගමන් රිම් එකෙන්ම යනවා කොල්ලො ටික ක්‍රිකට් ගහන තැනට. එතනත් හොඳට සෙල්ලං කරලා කළුවර වැටුනහම තමයි ඔන්න ආපහු ගෙදර දුවන්නෙ. ඒ වෙනකොට බඩේ පණුවො පිනුම් ගහන වෙලාව. ගෙදර ගිය ගමන් අම්මා කුස්සියේ ඉඳන් ඔළුව දාල බලනවා. "දුමී... මම කිව්ව නේද කොණ්ඩේ කොට කරන්න කියලා.... මොකක්ද ඔය කපලා තියෙන නාඩගං කට් එක.... දුවපන් ආපහු කොණ්ඩේ කොට කරගෙන වරෙන් අද රෑට කන්න ඕනෙ නං...." අනේ ඉතින් ලයිට් නැති නිසා ඒ වෙලාවට රිම් එකෙන් යන්නත් නෑ.... පයිංම ආපහු බාබර් සාප්පුවට යනකොට බාබර් අංකල් බාබර් සාපුවෙ අන්තිම ලෑල්ල වහනවා. අනේ ඉතින් බාබරයට වැඳලා රෑ කෑම එක නැති වෙන එක ගැන කියලා කොණ්ඩේ කොට කර ගන්නවා. එදායින් පස්සෙ බාබර් අංකල් නෙමෙයි අහන්නෙ මොන කට් එකද ඕනෙ කියලා. පුටුවට නගින්න කලින්ම කොණ්ඩෙන් බාගයක් කොට කරලා ඉවරයි.....!

අපේ ඉස්කෝලේ කොල්ලෝ ඔක්කෝටම ලොකුම ඛේදවාචකේ උනේ ඔය 87, 88 කාලේ වගේ තමයි. 87 දි මම 8 වසරේ. ඒකාලේ බෝයි ජෝජ් ගේ කල්චර් ක්ලබ් එකයි, ජෝජ් මයිකල්ගේ වෑම් ගෲප් එකයි, ඒවැයි හිටපු එවුන්ගේ හරිම හරි ලස්සන කොණ්ඩා මෝස්තර ටික අප්පා. ඉතින් ඉස්කෝලෙ කොල්ලො ඔය එක එක ජාතියෙන් හෙයාර් කට් කපලා, ඊට පස්සෙ මයිකල් ජැක්සන් වගේ විළුඹෙන් උඩට කලිසම කපලා ඉස්කෝලෙ එනවා. ඔන්න එතකොට තමයි අපේ ප්‍රින්සිපල් හරිම දරුණු තීරණයක් අරගන්නෙ. එයා ඉස්කෝලෙට පත් කරගන්නවා ආයෙත් නෑ ෆුල් ටයිම් බාබර් කෙනෙක්ව. එදායින් පස්සෙ සති දෙකකට සැරයක් ඉස්කෝලෙ හැමෝම බාබර් ගාවට යන්න ඕනෙ. ගාස්තුව රුපියල් තුනයි.කිසි කෙනෙක්ට බාබර්ට අරෙහෙම කපන්න මෙහෙම කපන්න කියලා උපදෙස් දෙන්න බෑ. ඒ බාබර්ව කෙලින්ම ප්‍රී-ප්‍රෝග්‍රෑම්ඩ්. වාඩි වෙච්ච ගමන්ම අර "කකුළුවා" මැෂිම අරගෙන "ටක ටක ටක ටක" කියල දෙනවා ගේමක්, ආපහු ඔළුවෙ ඉන්න උකුනො ඔක්කොම අනාතයි. උන්ට හදීසියකට හැංගෙන්නවත් එක කෙස් ගහක් ඉතුරු කරන්නෙ නෑ. ආයි ලොකු පන්ති කියලා මේ ඛේදවාචකෙන් ගැලවීමක් නම් තිබුනේ නෑ. ඉතින් කට්ටියට තොප්පි සරණං ගච්චාමි තමයි. ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට යන්නෙ තොප්පියක් දාගෙන. ඇයි පාරෙ බැහැලා යන්න බැහැනේ. හරියට හිරෙන් පැනපු හිර කාරයෝ ටිකක් වගේ. ඉස්කෝලේ කැඩටින් ස්කොඩ් එකයි, අනිත් එවුන්වයි වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්නෙ, කැඩෙට්ස්ලා මාචින් ප්‍රැක්ටිස් කරන කොට විතරයි.

ඒ කාලෙත් ඔන්න ඔහොම ගෙවිලා ගියා කියමුකෝ. මගේ පොඩි කොල්ලගෙත් පොඩිම කාලේ කොණ්ඩේ කපන්න පුදුම ගේමක් දෙන්න උනා. ඒ දවස්වල අපි කොල්ලව එක්කගෙන යන්නෙ පොඩි එවුන්ගෙ විතරක් කොණ්ඩේ කපන සැලූන් එහෙකට. ඒකෙ පුටු විදිහට තියෙන්නෙ, සෙල්ලං කාර්, ප්ලේන් වගේ දේවල්. ඔය මොන දේ තිබුනත් ඌ නෙමෙයි මෙලෝ යකෙකුට කොණ්ඩෙට අත තියන්නවත් දෙන්නේ. ඔය සැලූන් එකේ හිටියේ පිලිපීන් බාබර්ලා. ඒ ගොල්ලෝ බාබර් වරුද බාබර් වරියොද කියලා හරියටම කියන්න බෑ. බැලූ බැල්මට බාබර් වරු වගෙයි. හැබැයි ගමන බිමන,කතා බහ, මේකප් වගේ දේවල් ඔක්කොම වලින් පේන්නෙ බාබර් වරියෝ වගෙයි. මගේ ගම හාමිනෙත් මාව ඒ සැලූන් එකට ජීවිතේට තනියෙන් නම් අරින්නෙ නෑ. ඒ බාබර්ලත් අම්මලා එනවට කැමති නෑ. තාත්තලා පොඩි එවුන්ව එක්කගෙන එනවනම් තමයි හරි සැලකිලි. පොඩි එකාව පැත්තක තියලා තාත්තාගේ කොණ්ඩේ කපන්න තමයි ට්‍රයි එක දෙන්නෙ.

ඒ කිව්වෙ මෙහෙදි අපේ පොඩි එවුන්ගේ කොණ්ඩෙ කපන්න වෙන කරදර මහන්සිය ගැනනේ. ඊටත් වඩා අපිට මහන්සියක් ගන්න වෙනවා අපේ මේ කොණ්ඩේ චුට්ටක් කපා ගන්න. මෙහෙ ගොඩක් බාබර්ලා බංගලියෝ. උන්ගේ බාබර් සාප්පුවකින් තමයි යන්තන් පොකට් එකට සැහැල්ලුවක් දැනෙන විදිහට කොණ්ඩේ කපා ගන්න පුළුවන් වෙන්නෙ. කොන්ඩේ කපන්න දැන් නම් ගොඩක් වෙලාවට ඩිරාම් 15ක්, ඒ කියන්නෙ ලංකාවෙ රුපියල් වලින් නම් රුපියල් 450ක් විතර ගන්නවා. දැනට අවුරුදු 3කට 4කට පෙර නම් කොන්ඩේ කපන්න ඩිරාම් 10කට වඩා ගියේ නෑ. තව වැලිව් ඇඩඩ් සර්විස් එකක් විදිහට බාබර් විනාඩි 5ක විතර හෙඩ් මසාජ් එකක් දෙනවා. ඒක රහ වැටිලා තව විනාඩි 15ක් විතර එක්ස්ටෙන්ඩ් කර ගන්න තව ඩිරාම් 5ක් විතර වැඩිපුර ගෙවන්න ඕනෙ.

ඉතින් ඊලඟට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ට ඕන හෙයාර් ස්ටයිල් එක හරි කපන්න ඕනෙ විදිහ හරි මේ බංගලියන්ට කියන එක. මොකද උන්ට ඉංග්‍රීසි මෙලෝ මල පොතේ අකුරක්වත් බෑ. එහෙම පුළුවන් උනත් කපන්න ඕනෙ විදිහ ඉංග්‍රීසියෙන් කියා ගන්න අපි දන්නෙත් නෑනෙ. ඔන්න ඉතින් කපන්න ඕනෙ හෙයාර් ස්ටයිල් එක කියන්නෙ, "ටූ, ටූ, ත්‍රී" හරි "ටූ ටූ ෆෝ" හරි, "ත්‍රී ත්‍රී ෆෝ" හරි කියලා තමයි. ඒ කියන්නෙ, අර කොණ්ඩේ කපන මැෂිමට දාන තල වල සයිස් එකෙන්. මම ගොඩක් වෙලාවට කපන්නෙ "ටූ ටූ ත්‍රී" කට් එක. ඒ කියන්නෙ ඔළුවෙ වම් පැත්තයි දකුණු පැත්තයි කපන්නෙ නොම්මර දෙකෙන්. ඉතිරි හරිය නොම්මර තුනෙන්. "ටූ ටූ ත්‍රී". බාබරයටත් වැඩේ පහසුයි, අපිටත් කොණ්ඩේ කැපුවට පස්සෙ හිත් වේදනා, හද කම්පාවන් ඇති නොකර ගෙන උපේක්ෂාවෙන් ගෙදර යන්න පුළුවං. මෙහෙදි ඔය ක්‍රමේ අපේ ලංකාවෙ ගොඩක් දෙනෙක් ෆලෝ කරනවා කියලා මම දන්නෙ මොකද ගොඩක් වෙලාවට පාර තොටේදි ඕනෙම ලංකාවෙ කෙනෙක්ව කොණ්ඩේ දැකපු ගමන් අඳුන ගන්න පුළුවන්. ඒ අර මම කලින් කියපු හෙයාර් ස්ටයිල් වලින් එකකට අනුව කොණ්ඩේ කපන නිසා.

දැනට අවුරුදු කීපයකට කලින් මෙහෙදි කොණ්ඩේ කපන්න ගිහිල්ලා මගේ යාළුවෙකුට හරි අකර තැබ්බයකට මුහුන පාන්න උනා. මම කිව්වනේ අර කොණ්ඩේ කපලා ඉවර වෙච්ච ගමන් වැලිව් ඇඩඩ් හෙඩ් මසාජ් එකක් දෙනවැයි කියලා. අනේ ඉතින් මේ මසාජ් එක කොච්චර සිරාද කියනවනන් අපේ එකාට සනීපෙට පුටුව උඩම නින්ද ගිහිල්ලා. මූට කොච්චර තදේට නින්ද ගිහිල්ලද කිව්වොත් බාබර් මූව ඇහැරවන්න ට්‍රයි කරලත් මූ ඇහැරිලා නෑ. අන්තිමට බාබර්ගේ බිලේ බ්‍රේකප් එක මෙන්න මෙහෙමයි.

කොණ්ඩේ කැපුවාට - ඩිරාම් 10
හෙඩ් මසාජ් එකට - ඩිරාම් 5
පුටුව උඩ නිදා ගත්තට - ඩිරාම් 10

ඇයි මූ පුටුව උඩ නිදි නිසා බාබර්ට වෙන එකෙක්ගෙ කොණ්ඩේ කපන්න බැරි වෙච්ච එකේ පාඩුවත් මුගෙන්ම අරගෙන.

(ප.ලි - කොණ්ඩේ කැපීම ගැන තව කතා දෙක තුනක්ම තියෙනවා. මේක දිග වැඩි වෙච්ච නිසා ඒ ටික ඊලඟ පෝස්ට් එකෙන් බලා පොරොත්තු වෙන්න.....!)

65 comments :

  1. අම්මේ..කොණ්ඩේ ගැනනං කතා කරන්න එපා..ඔය ටික ඔහොමම තමා මටත්...

    පොඩි කාලේ අපි කොන්ඩේ කැපුවේ
    "සැලුන් ඩී ලන්ඩන්" වලින්... මරු බාබර් උන්දෑ..දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ..හැබැයි හරිම හොද මනුස්සයා... පොඩි කාලේ කොණ්ඩේ කපන ගමන් ඔළුවේ ඉන්න තඩිත් අල්ලලා අතට දෙනවා... මෑන්ගේ පුතත් අපිත් එක්ක එක පන්තියේ හිටියේ..ඒ හින්දා අපිට හරිම ආදරෙයි..

    එපාම උන කොණඩේ කැපිල්ල උනේ පොලිස් ට්‍රේනින් එකේදී ඒත් අර කකුළුවගෙන් තමා..සමහර වෙලාවට ඒකේ අඩු පැටලවිලා කොණ්ඩේ ඉගිල්ලෙනවා..බුදු හප්පච්චියේ එහෙමත් කරුමයක්...

    එයාර් ෆෝස් යද්දී ගෙදරින්ම කොණ්ඩේ කපන් ගියා එහෙදි කපන එකෙන් බේරෙන්න..මොන..බස් එකට නැග්ගුවෙත් තට්ටෙම ගාලා දාලා..ඊට පස්සේ සති දෙකෙන් දෙකට කොණ්ඩේ කපනවා..ට්‍රේනින් එක මැද්දෙන් ගෙදර එනකොට යන්තං මිලි මීටර් 3ක විතර වැවිලා තියෙද්දී එහෙමවත් එන්න හදද්දී..නිවාඩුවට කලින් දවසේ අල්ලලා ඔක්කෝම තට්ට ගාවලාම එවුවා..දියතලාවේ ඉඳලා කෙලින්ම කොටුවට ආවා..මෙන්න පිට කොටුව පුරා තට්ටයෝ ටික යනවා එකම කිට් එක ගහලා බලන්න ලස්සනයි..

    හා හා ඔය ඇති කොණ්ඩේ ගැන කියන්න ගියහමනං කතා එමටයි...

    ඒක නෙවෙයි මේ මොකක්ද..?
    "ගොඩක් වෙලාවට කොණ්ඩේ කපන්න, මරන්න ගෙනියන හරකෙක් වගේ"

    වගේ මොකක්ද බං..?

    ReplyDelete
  2. එල එල. පට්ට කතා ටික.දුමී අයියේ කාලෙකට පස්සේ ආපු එක ගැන නම් ගොඩක් සන්තෝෂයි...

    ReplyDelete
  3. ඊටත් වඩා බාබර් අංකල්ගේ ගෙම්බර් එක තමයි කාල ඉන්න බැරි. පොඩ්ඩක් හරි ඔළුව එහෙ මෙහෙ හෙලෙව්වොත් දැළි පිහිය පෙන්නලා කියනවා "දැඟලුවොත් කණ කපනවා" කියලා. අනේ ඉතින් ඔය පොඩි කාලේ කොණ්ඩේ කපපු තරමක් කැපුවෙ කණට තියෙන ආදරේ නිසා.

    මේක තමයි මම ආසම කෑල්ල. එල කිරි දුමී අයියා.

    ReplyDelete
  4. කවදාවත් බිස්නස් පාඩු නොවෙන ජොබ් එකක්... මම දැනට අවුරුදු 10ක විතර ඉදලා කොන්ඩේ කපන්නේ එකම එකාගෙන්.. උගෙන් කැපුවේ නැත්නම් කෑවේ නෑ වගේ....

    …ඊලග ටික කියවන්න බලා ඉන්නවා...

    ReplyDelete
  5. නියම කතා ටික.අපිනම් කොන්ඩෙ වවනවනෙ.පොඩිම කාලෙ ඉස්කෝලෙ යද්දි කැපුවට පස්සෙ කොන්ඩෙ කොටට කපල නෑ.මතකයි එක සිද්දියක් අක්කට වෙච්ච.එතකොට එයා 6 වසරේ විතර,අම්ම එයාගෙ කොන්ඩෙ කපල,ඒක කැතයි කියල අඩල,දවස් 2ක් විතර ඉස්කෝලෙත් යන්නෙ නැතුව හිටිය.

    අනික අපේ අප්පච්චිගෙ ඔලුවෙ උඩහරිය තට්ටෙ,ඉතින් අර වටේ තියන කොන්ඩෙ පොඩ්ඩ අඩු කරන්නත් ඒ කාලෙ රුපියල් 40ක්ද කොහෙද ගත්ත.දැන් නම් ගනන් කොහොමද දන්නෙ නෑ.:)

    ReplyDelete
  6. දුමී සීයා කොන්ඩේ ගුලියක් බැන්ද නම් හරි නේ

    ReplyDelete
  7. මෙහෙ කොණ්ඩෙ කපන්න තියෙන අඩුම ගාන $16 විතර. ඒකියන්නෙ රු 1600+
    එක දවසයි ඒකෙන් කැපුවෙ. කෑව තිබ්බ කොණ්ඩෙම. ඊට පස්සෙ කොට වෙන්නම කපා ගෙන තමයි ආවෙ.. එදයින් පස්සෙ ආයෙ කොණඩෙ කපන්න ගියෙ නෑ, දැන් මාස 5කින් ව්තර

    ReplyDelete
  8. මේ ලඟඳි මං කොන්ඩේ කපපු තැනටත් බංගලි කාරයෝ වගයක් ඇවිත් හෙන පිස්සුවක් නැටුවා. උංට අයිය කියන්නා වගේ ඉංග්‍රිසි බෑ... මොකද්දෝ මංදා මඤ්ඤං භාෂාවකින් කතාකරන්නේ....

    ReplyDelete
  9. අපි ඉතින් කොන්ද වවනවනේ....පුංචිම කාලේ කැපුවට පස්සේ කැපුවේ නෑ...සැලෝන් එකකින්....අම්ම තමා මගේ කොන්ඩේ කපන්නේ....

    ReplyDelete
  10. කකුළුවා මැෂිම = කුබෝටා එක! හප්පා..

    හප්පා.. කොණ්ඩෙ කපන්ඩ යන්ඩ තීන නොතිත් ආසාව නිසාම කොණ්ඩෙ වැවුවා අන්තිමේ....

    ReplyDelete
  11. මගෙ මතකයේ තියෙන මුල්ම බාබර් සාප්පුව හිරිඹුර හන්දියෙ සැලූන් ඩී සිල්වාස්. එතනත් තිබුන ඔය කකුළු මැසිම. හපෙ හප්පෝ ඒකෙ හීතල, කනට උඩින් ඒක ගෑවෙනකොට ගෙන කිතියි මට. අනිත් ට්ක තමයි උන්දැ හම් පටියෙ අතුල්ලල මුවාත් කරන දැලිපිහිය. [ඒ කාලෙ බ්ලේඩ් තකට කඩල පාවිච්චි කලේ නෑනෙව] තව උන්නැගේගෙ බාබර් තට්‍ටුවෙ තිබුන සුදු පාට ගල් ගෙඩියක්. ඇහුවම නං කිව්වෙ කොණ්ඩෙ කපනකොට වැරදිලාවත් හම කැපුනොත් එතනට තියන්න කියල.

    දැං ඒවත් එක්ක කල්පනා කලාම හරියට වධකාගාරයක් වගේ උන්දැගෙ සැලූන් එක

    ReplyDelete
  12. ඒ ගල "සීනක්කාරං" ආෆ්ටර් ෂේව් වෙනුවට ඒ කාලේ පාවිච්චි කලේ ඒක

    ReplyDelete
  13. දැන් කාලේ ගෑනු ලමයි නම් කොන්ඩේ කපන්ට විතරක් නෙවේ රැලි කොන්ඩා කෙලින් කරන්ට, කෙලින් ඒවා රැලි කරන්ට, විවිධ වර්න යොදන්ට සැලූන් වලට යනවා. ඒ වෙලාවට ඉතින් කෝපි, තේ, ලස්සන සඟරා බලන්ටත් හම්බවෙනවා. හැබැයි ඉතින් අඩුම ගනනේ $70 කටවත් වදිනවා.

    ReplyDelete
  14. නියමය් දුමී.
    මං පරණ පෝස්ට් එකකත්, කොමෙන්ටුවකින් අහපු ප්‍රශ්නක් (උත්තරයක් ලැබුන් නැහැ) ඔය සමහරුන්ගෙ බ්ලොග් වල වගෙ දුමීගේ නැද්ද සිස්ටම් එකක් අලුත් පොස්ට් එකක් දාපුවාම ෆොලොවර්ස් ලට ඊමේල් එකක් එන?

    ReplyDelete
  15. මගෙ කොණෙඩෙ කපන්නෙ තවම පොඩි කාලෙ කපපු පිටර් මාමා තමා. ඔතන හෙන වෙදනාවක් තියන්නෙ... :D:D:D

    ReplyDelete
  16. මේ ලිපිය කියවල, පිරිමි අය ගැන අපිරිමිත කම්පාවක් ඇති වුනා. කොණ්ඩ කපන්න, රැවුල කපන්න....

    ස්කෝල යන තරමක් ගියේ කොණ්ඩය කපල තමයි මම. කොණ්ඩය කපල , නැවම හිසට දැනෙන සනිපය...

    දැන් නම් ඉතින් මාස තුන හතරකට වරක් ගිහින් තට්ටු තට්ටු කපනව. එ නිසා මේ කොණ්ඩය තියෙන ප්‍රමාණයමයි , නරකද අයියා කොණ්ඩය වැවුවොත්...හිහි

    දුමි අයියගේ කතා සහ ලියන විලාශය අයියටම ආවේණිකයි , ඒ වගේම හිතට හරිම ලෙංගතුයි. මම වැඩියම කැමති පුංචි දුමී ගැන කියන කතා වලට සහ අයියගේ දරුවන් ගැන ලියන හරියට , මොකද ඒ වචන හරිම හෘදයාංගමයි.

    ඉඳල හිටල හරි , වැඩ රාජකාරි ගොඩක් මැද්දෙ වුනත් ලියන දේ අගෙයි...... සුබ පැතුම් අයියා..

    ReplyDelete
  17. පොඩි කාලේ අර කක්කුට්ටා වගේ එකෙන් කපන කොට කිති දැනෙනවා තාමත් මතකයි!

    මං නං දැන් කරන්නේ බාබර්ට කියලා නම්බර් සීරෝ එකක් දාගෙන ගෙදර ඇවිත් රේසර් එකෙන් තට්ටෙටම බා ගන්නවා.
    http://kathandara.blogspot.com/2010/03/blog-post_15.html

    පිලියන්දල 341 හෝල්ට් එක ලඟ තියෙනවා සැලූන් එකක් පොර නං රේසර් තලයක් දාලා තට්ටෙම බාලා දෙනවා.

    ReplyDelete
  18. මම උගන්නපු ඉස්කෝලෙ විනය භාර ගුරුතුමාට ඔය අලුත් කට් කපපු කොල්ලෝ අහු උනහම කරන්නෙ තැනින් තැන ටික ටික කොණ්ඩෙ කපල දාන එක.
    පව් අප්පා.

    ReplyDelete
  19. අපාරදේ කියන්න බෑ මේ ගෑණු දැරීවි චූටි කලේ බාබර් සප්පුවක් දැක්කත් ගිරිය යටින් කෑ ගහන්නවලු..... නිකමට හරි පාරේ යද්දී බාබර් සාප්පුවක් දැක්කොත් එදාට වසලා හමාරයිලු......

    ඉස්කෝලෙ යන දවස්වල නම් බාබර් සාප්පු වලට ගානක් ගෙවන්න ඕනෙ උනේ නෑ. මොක්ද කොණ්ඩය දිගට වවපු නිසා. දැන්නම් ඉතින් එක එක පැෂන් කට් දාන්න ගියාම .....අම්මෝ........ඒවල ගනන්.....

    ReplyDelete
  20. මම නං Hair Clipper එකක් අරගෙන මගේ නෝනාට ඔලිව පහත් කරලා කොණ්ඩෙ කප්පවා ගන්නවා note එකෙන්ම. හිතටත් හොඳයි purse එකටත් හොඳයි

    ReplyDelete
  21. @මාරයා,
    සාමාන්‍යයෙන් බාබර්ලා අර කකුළුවා කටර් එක පාවිච්චි කරන්නෙ බෙල්ලෙ අග්ගිස්ස ගාලා දාන විතරයි. ඒකෙන් මුළු කොණ්ඩෙම කපන්න ගන්නකොට උඹ කිව්ව වගේ කෙස් ඉගිල්ලිලා එලොව පොලුත් පේනවා. ඉස්සර ඉතින් ඔය ඉලෙක්ට්‍රික් ට්‍රිමර්ස් තිබුනේ නෑනෙ....!

    අනේද බං කියන්නෙ.... අර කවුද කියලා තිබුනලු, "එක හරකෙක් තවත් හරකෙක් ගැන දනී....." කියලා....!

    @තීර්ථ යාත්‍රිකයා,
    සතියකට සැරයක් වත් එකක් දාගන්න කියලා තමයි මමත් මේ කල්පනා කොරේ. ගොඩක් ස්තූතියි ඇවිත් කමෙන්ටුවක් දමා ගියාට....!

    @Kasun,
    එක බොරුවක් නෙමෙයි මල්ලි. බාබර් දැල්ල අතට ගත්තද ඇඟේ ලේ වතුර වෙලා, වතුර මිදිලත් ඉවර වෙනවා...!

    ReplyDelete
  22. @නචියා,
    බිස්නස් පාඩු නොවුනට එක දිගට උදේ ඉඳට් රෑ වෙනකන් එක තැන හිටගෙන ඉඳගෙන ඇඟිලි ටිකට දෙන වදේට බාබර්ලට තව වැඩිපුර ගාණක් දීලා ආවත් පවු නෑ...!

    @රොබින්,
    තැන්කූ,

    @නදී...,
    අපිට පොඩි කාලෙදිනං ඉතින් ආපහු කැත වෙන්න දෙයක් තිබුනේ නෑනෙ. උපතින්ම කැතයිනේ. ඊටත් වැඩිය නෑබිලිය වගේ කොට කරනවා මිසක් වෙන වෙන විච්චුරන කරන්න දුන්නෙ නෑ ඉස්කෝලෙනුයි, අම්මයි.

    මැද හිස් වටේ කෙස් කියලා බාබර්ලා ඩිස්කවුන්ට් දෙන්නෙ නෑ. එහෙම කලොත් කොණ්ඩේ අම්ම්බානෙකට වැවිලා යන එකාගෙන් ඊට පස්සෙ බාබර් වැඩිය අය කරගන්න සිස්ටම් එකක් අරගෙන එයි.

    මම හිතන්නෙ, දැන්නම් ලංකාවේ සාමාන්‍යය තැනක රුපියල් 150ක් විතර ගන්නවා කොණ්ඩේ කපන්න.

    ReplyDelete
  23. @රත්ගමයා,
    අර මක්කෙයි රත්ගමයා මලේ එහෙම දෙසන්න කාරිය...? මේ කාලේ දැන් චීන්නුත් කොණ්ඩේ බඳින්නැහැක්කේ....!

    @තාරක Dilsh@n,
    හොඳම දේ තමයි මාස දෙකක විතර කොණ්ඩෙ කපන්න යන සල්ලි ඉතුරු කොරගෙන ට්‍රිමර් එකක් සල්ලි දීලා අරගන්න එක. ඊට පස්සෙ මොකක් හරි නොම්මරයක් දාලා තනියෙම වැඩේ දීගන්න පුළුවං.

    @prasanna86k,
    මේක උනේ මේ මාළු කොණ්ඩේ කපන තැනකද ? මොක්කුද ඒ බංගලි මාළුවෝ ?

    @සිතුවිලි නිහඬයි,
    හපොයි ඉතින් ඔය කාන්තා පාර්ශවය කොණ්ඩේ නොකැපුවාට කොණ්ඩේ වවාගෙන ඊට පස්සෙ ඒ කොණ්ඩෙට දෙන වදේ දැක්ක නම් මහ බඹා ගෑනුන්ව මවන්නෙ එක කෙස් ගහක්වත් නැතිව...!

    ReplyDelete
  24. @Dee,
    ඒ කියන්නෙ තාමත් ඒ වවපු ගමන්මද ඔය ඉන්නෙ ? කකුළුවා මැෂිමට කියන්නෙ කුබෝටා එක කියලද ?

    @nawammawatha,
    ඔව් ඔව් නවම් මල්ලි, මටත් මතකයි ඔය කකුළුවා මැෂිමෙන් බෙල්ල ගාව ට්‍රිම් කරන කොට කිති කැවී කැවී යනවා.... බාබර්ට කියලා කුචි කවා නොගත්ත කොල්ලෙක් නම් නැතිව ඇති....!

    ඔය කියන ගල මමත් දැකලා තියෙනවා. අම්මා, රැවුල කපලා ඒක අතුල්ලනකොට, දිව්‍යය ලෝකෙ පේනවා....!

    @Podi Kumarihami,
    පොඩ්ඩියේ, බුදු අම්මේ මේ ගෑනු කොණ්ඩ වලට දෙන වද වල හැටියට 70න් බේරුනොත් ඉතින් හොඳයි තමයි. එක සතියක් යනවා කෙලින් කරගන්න, ඊට පස්සෙ යනවා ඕක ක්‍රේල් කරන්න. ඔන්න ඊට පස්සෙ අගිසි පැලෙනවා කියලා ට්‍රිම් කරන්න යනවා.....! බුදු අම්මෝ, පිරිමියෙක් වෙලා ඉපදීම කෝටියෙන් සම්පතයි....!

    ReplyDelete
  25. අඩේ මේ පැත්තෙනං තාව 70යි ඕන තැනක...කියන ඕන විදියක් කපලත් දෙනවා..කරුමේ ඉතිං දැන් ඉස්සර වගේ ඉට්ටැයිල් කරන්න බැරි එකයි...

    ආ තව එකක් අමතක උනානේ කොණ්ඩේ ගැන කියද්දී..?
    අර මහණ වෙලා හිටිය කාලෙනං ඉතිං තනියම කොණ්ඩේ කපා ගන්න එකත් පුරුදු උනා...මැෂිමෙන් නෝට් එකට ගහන්නත්..ඊට පස්සේ හිතුනොත් රේසරෙන් ඉතිරි ටික පොලිෂ් වෙන්නම ගාලා දාන්නත්..හම්මේ එතකොට තියෙන සනීපේ...

    ReplyDelete
  26. @Observer,
    තැන්කූ වේවා...!

    ඇයියණ්ඩියේ මම එහෙම විජට් එකක් තියෙනවද කියලා හොයලා බැළුවා. හැබැයි ෆලෝවර්ස්ලාට අළුත් පෝස්ට් එකක් දාපු ගමන් මේල් යවන විජට් එකක් නම් හම්බ උනේ නෑ. අළුතෙන්ම මේල් වලට රෙජිස්ටර් වෙන්න ඕනෙ විජට් වගයක් නම් දැකා.... ඒත් ඉතින් වෙලාවක් තිබුනේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න. ඉක්මනටම හොයලා බලලා එහෙම එකක් දාගන්නම්....!

    @රවා,
    ඒ මොකෑ මල්ලියේ වේදනාවක් තියෙන්නෙ ? කතුර දැන් මොට්ට වෙලාද....?

    කොහොමත් ඔය රවා මල්ලි ඉතින් ඔය බස් එකේ එහෙම නැග්ගම මගියන්ගේ කොණ්ඩේ කපලා දෙන්නෙ සල්ලි අරගන්නෙ නැතිවම...!

    @සොඳුරු සිත ,
    ස්තූතියි නගෝ දයාබර දිරි ගැන්වීමට....!

    හපොයි, දුක හිතන්න එපා. පිරිමියෙක් වෙලා ඉපදෙන එක දාහෙන් සම්පතයි ඔය ස්ත්‍රී පක්ශේ කොණ්ඩෙ නිසා විඳන දුක පේනකොට....!

    ReplyDelete
  27. මටනම් තියෙන්නේ බොහොම ඝනකම කොන්ඩයක් අනික මගේ කොන්ඩේ බොහොම ඉක්මනින් වැවෙනවා ..ඉතින් අපේ ගමේ බාබර් මට මාරම සැලකිල්ල .. ඉස්සරනම් මම කොනෙඩේ කැපුවේ නාකි බාබර් මාමා කෙනෙකුගෙන් ඒත් දැන් මගේම පන්තියේ යාළුවෙක් තමයි අපේ ගමේ බාබර් සාප්පුව කරගෙන යන්නේ ..

    දුමී 9වසරේ ඉන්න කාලේත් මම ඉපදිලා නෑ නේ මම හිතාගෙන හිටියේ දුමී අයියා පොඩි කොල්ලෙක් කියලා බලද්දී ඔයා අයියගෙත් අයියකෙනෙක් නේ අද ඉඳන් මම දුමීට විහිලු කරන්නේ නෑ පවු සිද්ද වෙනවානේ

    ReplyDelete
  28. අම්මේ ඇත්තමයි අර කකුලුවා මැසිම කිව්ව දඬුමොනරෙන් කෙස් ගස් උගුල්ලනකොට බාබර් අංකල්ගේ අම්මට හචින් යනව ඇති අම්බානකට.

    ඇත්තමයි බන් අපේ කොල්ලත් මාර බයක්නේ තියෙන්නේ කොන්ඩේ කපන්න. සූට්ටන් කාලේ නම් හරිම සෝයි එකට හිටියා . . ඒකට දැංම් . . ම්හු . . මොනා කරලවත් ගොඩ දාගන්න බෑ . .

    ළමයින්ට දැනෙන අපිට නොදැනෙන මොකක් හරි රහසක් ඇති එකේ . . .

    ReplyDelete
  29. @Kathandara,
    ඕකනෙ කියන්නෙ, කෙල්ලන්ට කියලා හිතත් ගතත් කුචි කවා ගන්න කලින්, කොල්ලෝ බාබර්ට කියලා කුචි කවාගෙන ඉවරයි කියලා....!

    කසු, රේසරෙන් තත්තෙ ගෑවහම, ආෆ්ටර් ෂේවුත් දානවද ?

    දාපු ලින්ක් එක දිගේ ගොහින් බැළුවේ.... අර මම කියපු උකුණව අල්ලගත්තද ?

    @හරී,
    ඕවා ඉතින් ලංකාවෙ හින්දා කරතැහැකි... මෙහෙ එහෙම ඒවගේ කොරා නම් ඒ ගුරුවරයා කෙලින්ම හිරේ....!

    @දිල්,
    ෂුවර් එකටම දිල් නගා ගිය ආත්මෙ උකුණෙක් වෙන්න ඇති. ඒකයි කොණ්ඩේ කපනවට ඔච්චර බය වෙන්න ඇත්තෙ. ගිය ආත්මෙ පුරුදු මේ ආත්මෙටත් එනවැයි කියනවනේ...!

    අනේ ඉතින් මේ කාන්තා පක්ශේ අර ලස්සනට ස්වභාවිකව තියෙන කොණ්ඩේ ඔහේ තියෙන්න දෙන්නෙ නැතිව ඕකට වද දීල වද දීල ඔක නැති කර ගන්නවා.

    අපේ ගම හාමිනේටත් ඉස්සර හරිම ලස්සන දිග කොණ්ඩයක් තිබුනා. පස්සෙ ඕක කෙලින් කරන්න, ක්‍රේල් කරන්න ගිහින් දැන් බලු නැට්ටක් වගේ වෙලා.... හෆොයි....!

    ReplyDelete
  30. හෆොයි මේවා කියද්දී මතක් වෙන්නේ යසට තිබ්බ කොන්ඩේ ලේයර් කරලා කරගත්ත විනාසේ... :/ දැන් වැවෙන්නේ නෑ අප්පා, අම්මාගෙන් කන් පිරෙන්න අහගන්නවා.. ඒ මදිවාට සුදු පුංචා හෆොයි :(

    ReplyDelete
  31. @dona,
    ආහ්, ඉතින් ඒකට මක්ක වෙනවද ? රජවරුත් තමන්ගේ කොණ්ඩේ කපන එකාට ඔළුව පාත් කරපු එකේ තන්ගේ භාර්යාවට ඔළුව ටිකක් පාත් කරාම මක් වෙනවද ?

    @මාරයා,
    අඩේ රුපියල් 70ට කොණ්ඩේ කපන්න තියෙනවනන් ලාබයිනේ. ත්‍රී වීලර් එකක ඇවිල්ල කපාගෙන ගියත් පාඩු නෑ...!

    මාරයෝ, ඔය අට පිරිකර දෙනකොට ඉස්සර නම් දැලි පිහියක් දෙනවනේ....? දැන් දෙන්නෙ එලෙක්ට්‍රික් ට්‍රිමර් එකක්ද ?

    @හිස් අහස,
    හපොයි, බලාගෙන යනකොට මේ සඳරු ඇවිල්ල හිමිච්චි චූ කොල්ලෙක්නෙ....!! හා හා ... ඇති ඇති... ලොකු අයගෙ කතාවලට කට දැම්මා.... හික් හික් හික්....!

    අනේ බං සඳරු මල්ලියේ මම ඉපදුනේ 1974...! ඔන්න ඉතින් හොරයක් බොරුවක් නෑ.... වයස උඹම හදා ගනින්කෝ...!

    ReplyDelete
  32. @දුකා,
    සාමාන්‍යයෙන් ඒකෙන් බාන්නෙ බෙල්ල අග්ගිස්ස විතරයි. පොඩ්ඩක් හිතපන් බාබර් කාරයා ඕකෙන් මුළු කොන්ඩෙම කපන කොට. අනික ඉස්කෝලෙ ඉන්න 3000 කගේ විතර කොණ්ඩේ සති දෙකකට වරක් කපන්න පොරට තිබුනේ එකම එක මැෂිමයි....!

    වැඩේ කියන්නෙ බං.... ඒක අපිට පොඩි කාලෙදිත් තේරුනේ නැති එකනේ...!

    ReplyDelete
  33. @හසී,
    උඹලට හොඳම වැඩේ.... අර යස අගේට තියෙන ස්වභාවික කොණ්ඩේ තියාගෙන ඉන්නෙ නැතිව ඕවාට කරන විච්චුරන වලට. ඇත්තම කියනවනන් නගෝ, කිසිම පිරිමියෙක් කැමති නෑ ඔය ගෑනු කොණ්ඩ වලට එක එක විච්චුරණ කරලා කොට කර ගන්නවට. ගෑණියෙක්ගේ ලස්සන වැඩි වෙන්නෙ එයාට ස්වභාවිකවම ලැබිලා තියෙන කොණ්ඩේ නිසා. මම නම් කැමති ගොඩක් දිග කොණ්ඩ වලට...!

    ReplyDelete
  34. අනේ බං මට මෙතන කතා කියනවට වඩා වැඩ තියෙනවා..ඒත් ඉතිං උඹ මට පොටවල් අල්ලලා දෙනවනේ...

    ඔන්න එක දවසක් මට හදිසියේම දානයකට යන්න උනා ටිකක් ඈත..ඒකත් හිදිසියෙන්ම උන වැඩක්..කොහොම උනත් හදිසියකදී කතා කලාම මම ගනන් උස්සන්නේ නැහැ ගිහින් වැඩේ පිරි මහලා දෙනවා..දානේ ඇවිල්ලා පරණ වලව්වක තිබුනේ... කොහොම හරි ඒ ගෙදර එක දෝනියැන්දෑ කෙනෙක් ජර්මනියේ ඉඳලා දානෙටම තමා ඇවිත් තිබුනේ

    කොහොම හරි අන්තිමට උන්දෑ රට ඉඳලා එද්දී ඔය කියන ජාතියේ කටර් දෙකකුත් ඇන්න ඇවිත් තිබිලා ඒක පූජා කරන්න වට පිට බලනවා...මං පොඩි එකා..අහක බලා ගත්තා..අපිට මොන ඉස්පැසල් පූජාද?

    මලා නේද..උන්දෑ වට පිට බලලා තියෙන්නේ කොණ්ඩේ කොටටම කපලා තියෙන හාමුදුරුවරු හොයන්න...

    අන්තිමේදී ඉතිං එතන නෝට් එකටම ගහලා හිටිය මටත් එකක් පූජා වෙච්චි...

    හැබැයි ඉතින් ඒකට හරියන්න භුක්තානු මෝදනාව මගේ කරේ යවපි...

    හොඳම සීන් එක තමා මම සාමාන්‍යයෙන් නිතර හිස බාන්නේ නැහැ ඒ වෙනකොට..මොකද මම තනියම එපෑ ඕක කරගන්න..ඒ හින්දා..ඒ හින්දා මම කරන්නේ බාන දවසට කොටටම බාලා දානවා අයේ අර සීවලී කට් නොතියම..එදත් එහෙමම නෝට් එකෙන්ම දමලා ඇරිය දවසක්...

    හැබැයි ඉතිං ඊට පස්සේ නං මම දවස් දෙක තුනකට සැරයක් හිස බාන්න පුරුදු උනා අරකට පින් සිද්ධ වෙන්න

    ReplyDelete
  35. නියමයි දුමී අංකල්.. වන් මෝර්...... :D :D :D

    ReplyDelete
  36. අනේ අනේ ඔන්න ඉතින් කිව්වා කතාවක්.....මම බය උනේ උකුණෙක් හින්දා නෙමේඅ...බාබර් අර කතුර අරන් කරස් කරස් ගලා බොරුවට වැඩ දානකොට...හපොයි...මේ සිගිති කෙල්ල බය වෙන්නෙ නැතුවයෑ....

    මගේ නම් අයියෙ දෙයියනේ කියලා දණ හිස හරියට තියෙන කොණ්ඩයක් තිබ්බා... ඒක මට වදයක් වෙන තරමට වැවෙන්න ගත්තා.... එක එක විකාර නොකලාට ස්භාවික විදියට කොණ්ඩය එක එක පැෂන් කට් වලට කැපුවා.....හැබැයි මේ දවස්වල නම් මගේ නගා වෙනුවෙන් ලොකු කැපවීමක් කරලා ඉන්නෙ මම. කොණ්ඩයට මොනාද කලේ කියලා කිව්වොත් ඔයාල ඔක්කොම මට බනීවි...ඒක නිස කියන්නෙ නෑ...

    ReplyDelete
  37. @මාරයා,

    මම අහලා තියෙනවා දැන් තියෙන අට පිරිකර වල තියෙන දැළි පිහිය නිකන් ප්ලාස්ටික් වලින් හදපු ඩිකෝයි එකක් කියලා....!

    අර උපාසක ඇත්ති ලොකු වැරැද්දක්නේ කරලා තියෙන්නෙ. උඹ වහන්සේ නෝට් එකට ගාලා තියෙනවනන්, ඒ ඇත්ති දන ගන්න ඕනෙ, උඹ වහන්සේට කොණ්ඩේ කපා ගැනීමේ දුෂ්කරතාවයක් නැතෙයි කියලා..

    ඒක හරි නම් දෙන්න තිබුනේ, හොඳට කොණ්ඩේ තියෙන කොණ්ඩඤ්ඤ කෙනෙකුටනේ...!

    @සුපර් මාරියෝ,
    හරි පුතේ.... මගේ කුක්කු පැටියා මේ බ්ලොග් වල ලොකු අයගේ කතා අහන්නෙ නැතිව ගිහින් ටොම් ඇන්ඩ් ජෙරී බලන්න මගේ අම්මා....!

    ReplyDelete
  38. අංකල් අයියා මගේ බ්ලොග් එක පලෝ කරනකං බබා යන්නෙම නෑ....

    ReplyDelete
  39. පොඩි එකෝ, අන්න එහෙම අයියා කෑල්ලක් දාපු නිසා ඔන්න ෆලෝ පාරක් දැම්මා.... මම උඹේ බ්ලොග් එක කියවලා තිබුනට කමෙන්ට් කරලා නෑනෙ......!

    දැන් ඉතින් කුක්කු පැටියා ගිහිල්ලා කාටූන් එකේ ඉතිරි ටික බලන්න කරදර කරන්න එපා....!

    ReplyDelete
  40. අංකල් මම 1990. අංකල් කීයෙද??? හික් හික් හික්..
    තැන්කූ අංකල් පලෝ එකට බබා යනව පිල්ම් එකක් බලන්න...

    ReplyDelete
  41. අපොයි පිට රටදි නම් හොඳම වැඩේ තමයි මැෂින් එකක් සල්ලි වලට අරගෙන අපිම කපා ගන්න එක ....... ඒකත් හුරු උනාම ගානක් නැහැ .....

    ReplyDelete
  42. හුහ්, අපිනං ඔය කාටවත් ඔලුව පාත්කොරන්නෙ නෑ.. ගත්තා ක්ලිපර් එකක්, සතියකට සැරයක් ඇල්ලුවා නම්බර් නෝට් එකෙන්.. ආහ් දැනෙන සනීපෙ.. :)

    ReplyDelete
  43. " දිල් ගේ කොණ්ඩේ නැමුනහම දණිහගාවට තිබුණා " ලෙසට නිවැරදි විය යුතුය... :D

    මට නම් හිතාගන්න පුළුවන් දැන් මොකද කරලා තියෙන්නේ කියලා

    ReplyDelete
  44. අරාබියේ බාබර්වරු ගැන නම් කථා කොරන්න එපා.....උඹැහැ කිව්වත් වගේ බිOදුවට කපා ගන්න එක සරීර සව්ක්යට හොඳා.....
    බOගලි නම් මේලෝකෙ රහක් නැහැ නේ බO....මෙහේ බහුතරයක් ඉන්නේ ඉන්දියානුවො ඔය රෑකියාවට..වෙනසක් නැහැ දෙකම එක මෝල්ඩ් එකේ...හික්

    අර මිරිස් කථාවත් අමූලික ඇත්ත ඕO.....

    ReplyDelete
  45. අපොයි දුමී අය්යා, ඔය ගාන හොඳයි. ඔස්ට්‍රේලියාවෙ (මෙල්බර්න්, සිඩ්නි) තියෙන හිඟනම බාබර් සාප්පුවක කොන්ඩෙ කපන්න ඩොලර් 15 - 20 ක් යනව. සාමාන්ය තැනක නම් 25 ක් -30ක් වගේ. ඒ කියන්නෙ මේ කොන්ඩෙ කපා ගන්න (මසාජ් ඒව මේව මොකුත් නෑ) රුපියල් 1500 ක් 3000ක් අතර ගානක් යනව.

    එහේ ඉන්නෙ චයිනීස් කෙල්ලො කොන්ඩෙ කපන්න. හොඳ තැනක ඉන්න උන්ට නම් ඉංග්‍රිසි තේරෙනවා. ලාබ ජොයින්ට් වල නම් ගියාම උන් කපන කට් එකක් ඉවසා දරාගෙන ඉන්න වෙනවා. මුන් සිරාවට ඉංග්‍රිසිත් බැරුව කොහොම මේ රටට ආවද මංදා.

    අපේ එකෙක් යන්න ගියා නම් ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රස්න අහනවනේ.

    ReplyDelete
  46. අපිත් ඔය ඉස්කෝලේ හොස්ටල් එකේ ඉදිද්දි ඔය විදිහට පෝලිමේ ගිහින් කොන්ඩේ කැපුවා අර කක්කුට්ටගෙන්.

    ReplyDelete
  47. @කල්හාර,
    ඔව් ඔව්, මගෙත් ගොඩක් යාළුවෝ ඒ විදිහට "ස්වයං කට්" එකක් තමයි දාගන්නෙ මැෂිමක් සල්ලිවලට අරගෙන මොකද ඒක ලාබයි ඒ වගේම හිතටත් සනීපයි, මොකද "ස්වයංනේ...."

    @Buratheno,
    එහෙම හරි ස්වාධීනත්වය රැක ගන්න එක කොච්චර දෙයක්ද.....?

    @Missaka,
    හැබෑද....? අපරාදේ....!

    ReplyDelete
  48. @Heeniyata,
    ඔව් ඔව්, මෙහෙ ඔය වෘතියේ හරි හරියට ඉන්නෙ අල්ලපු රටේ එව්වොයි, බංගලියොයි තමයි. ඒ ඕනෙම එකෙක්ට අර මම කිව්ව විදිහට තමයි කපන්න ඕනෙ විදිහ කියන්න ඕනෙ...!

    @රංග,
    හුටා, ඒකත් එහෙමද ? එහෙනන් ඕස්ට්‍රේලියාවට යන අදහස අත් ඇරගන්න වෙනවා........ හික් හික් හික්...!

    @AmilaArt,
    හොස්ටල් වල ඉතින් හැමදේම පෝලිමනේ.....!

    ReplyDelete
  49. ආ එහෙනං කියහං බලන්න... කොන්ඩෙ කපන කොට බාබර් මොකද කරන්නෙ...?

    ReplyDelete
  50. අතුගාලා එකතු කරනවා

    ReplyDelete
  51. දුමියෝ.... උඹ ලා මොකටද ඔය එක එක බාබර් ලට බාල්දු වෙන්න යන්නේ. මේං අපි වගේ වවපං. රෝයල් සැලුන් එකේ හිටිය බාබරයා තාත්තගේ යාළුවෙක්. ඌ යාළු පිට් එකය මාව මතක් වෙන්න මං තුනේදී මගේ කනේක් කෑල්ලක් ගත්තා. දැන්ටත් එතන්ට එහා පත්තර කඩේට යනකොට ඇඟ හීතල වෙනවා. අර කුබෝටාව නං කරුමක් අප්පා. අපිට එහෙම නං, මේ කෙල්ලේ විච්චූරණ කරන්න මොන හිතකිං අර වේදනාව උහුලං ඇහි පඹ ගලවනවද මන්දා. :-)

    ReplyDelete
  52. @මාතලං
    බන්කුවක් උඩ නගිනවා!

    ReplyDelete
  53. කොණ්ඩේ කැපුවාට - ඩිරාම් 10
    හෙඩ් මසාජ් එකට - ඩිරාම් 5
    පුටුව උඩ නිදා ගත්තට - ඩිරාම් 10

    හිනා වෙච්ච තරමට - ඩිරාම් 100,000

    දුමී අයියේ, කොහොමද බං ඔය වගේ කථා ලියන්නේ? මල් හතයි නෙමෙයි මල් දා හතරයි...

    ReplyDelete
  54. දුමී email subscription වැඩේට මේ ලින්ක් එක උදව්වක් වේවිද බලන්න:

    http://www.bloggertricks.com/2008/01/how-to-add-email-subscription-form-to.html

    ReplyDelete
  55. email subscription වැඩේට:

    http://www.shootthebreeze.net/blogalert/myAlerts.php

    ReplyDelete
  56. සමහර බාබර්ලා කරන්නෙ කොණ්ඩේ කපනවට වඩා දත් ගලෝන එක. උන් බොරුවට රැවුල ට්‍රිම් කරන්න යනවා. එතකොට මසාජ් කරන්න යනවා. එක එක වැඩ කෝටියයි.

    ReplyDelete
  57. මේ කථාව දක්දිදි මතක් වුනේ මට ...ඉදලා ඉදලා මාත් ගියානේ A/L කරද්දි central එහෙකට..අපේ school එකේ principal ,white uniform එක ඇදලා ආවම ලමයිගෙන් වෙන් කරලා අදුනගන්න අමාරුයි එක ගොඩේ ඉන්නකොට..ඔය අපේ කොල්ලෝ සමයං කොණ්ඩ මෝස්තර එහෙම දාගෙන එනවනේ වෙලාවකට woody woodpeckers ලා වගේ..ඉතින් අපේ principal කරන්නේ කතුර සාක්කුවේ දාගෙන උදේට ලමයි ගොඩේ ඇවිදින එක..හිටපු ගමන් මොකක්ද බොල මේ hairstyle එක කියලා බෙල්ලෙන් ඇදලා අරන් කොණ්ඩේ කපන කම් කට්ටිය දන්නැහැ එහා පැත්තේ principal ඉදලා තියෙන්නේ කියලා.

    ReplyDelete
  58. සුජානිගේ කොමෙන්ට් එක නිසා මතක් වුනේ, මං කුරුනෑගල වැඩ කරන කාලෙ අඳුරන කොල්ලෙක් විශ්ව විද්‍යාලෙන් පිට වුන ගමන් ගුරු පත්වීමක් ලැබිල මාවතගම දිහා, නුවර පාර අයිනෙ තියෙන මධ්‍ය මහා විද්යාලෙක වැඩ භාර ගන්න ගියා. ඒ කාලෙත් කොල්ලො ස්ටයිල් එකට කොන්ඩෙ වවනවා. පොර උදේම ඉස්කෝලෙට ගිහින්, විදුහල්පති තුමා එනකම් කන්තෝරුව ඉස්සරහ කාත් එක්කද කය්යක් ගහන් ඉන්න කොට ප්‍රින්සිපල් ආවලු ඔෆිස් එකට ඇතුල් වෙන්න. මේකව දැක්ක ගමන් කිව්වලු දැම්ම ගිහින් කොන්ඩෙ කොටට කපාගෙන එනවා කියල.

    ReplyDelete
  59. පිටරටක ඉදන් කොන්ඩේ කපනවට වඩා ලේසියි නේ කොන්ඩේ වවන එක. මොනා උනත් මරු කතාව තමයි අන්තිමට කියලා තියෙන්නේ. ලංකාවේ අපි නම් කොට වෙන්න කපන එකට නෝට් එකෙන් ගාලා දාන්න කියලා කියනවා.

    ReplyDelete
  60. අපේ තාත්තත් මේ ලඟදි ඔය මැෂිමක් ගෙනාව. එක දවසක් කොහෙද යන්න කියල හදිස්සියෙ කපා ගන්න කියල සයිස් 2ට සෙට් කරල අල්ලල. අනේ සයිස් එක සෙට් කලාට ඉස්සරහට දාන කෑල්ල දාල නෑ...

    @මධුරංග : අන්න ඒකනෙ මේ වවාගෙන මොකාද වාග් ඉන්නෙ...

    ReplyDelete
  61. කොණ්ඩේ කැපිල්ල කියන්නේ මගේ නම් හැමදාම යන සැලුන් එකක් වගේම ඒකේ ඉන්න බාබර්ලගෙන් එක්කෙන්ක් තමා මට හරියට විදිහට කොන්ඩේ කපන්නේ. ඒක නිසා මෑන්ගෙන් විතරයි මම කොණ්ඩේ කපාගන්නේ. දවසක් වෙන පොරක් කොණ්ඩේ කපලා මගේ කොණ්ඩේ විනාස කරලා තිබ්බා :))

    ReplyDelete
  62. ලංකාවට ගියපු පාර පිලියන්දලින් කොන්ඩෙ කැපුවා... රුපියල් 100 ට දෙනව මසාර්ග් එකක් විනාඩි 10ක ඇඩෙන්න තියෙනවා ඒක නම්... මෙහෙන් කොන්ඩෙ කැපුවොත් නම් $15 - 20 කට කෙල වෙනවා... ඒත් කපනවා ඉතින්....

    ReplyDelete
  63. ehema baluwama konde kapanna wadima ganak yanne koreawe...mokada aduma gana $20k withara..ekath atheethe indan andurana ekekgen witharai

    ReplyDelete

Related Posts with Thumbnails