ඩෙංගු මාරයා පරද්දමුද ?

Posted by දුමී



ඉස්සෙල්ලම කියන්න ඕන මේකනම් මේ කට කහනවට කියන කතාවක් නෙවෙයි කියල. අපේ මුළු පවුලම පසුගිය ජූනි 23 වෙනිද ලංකාවට ආවෙ මගේ දුවගෙයි පුතාගෙයි ඉස්කෝලෙ සමර් එකට නිවාඩු දීපු නිසා. මෙහෙ ඉස්ස්කෝල වලට එක දිගට මාස දෙකක් විතර නිවාඩු දෙනව මොකද මේ කාලේ අවුරුද්දෙ රස්නම කාලේ නිසා. පිටත උෂ්නත්වය මේ දවස්වල c 50 පනිනවා.

ඒගොල්ලොත් එක්කම ලංකාවට ආවත් මට ආපහු එන්න උනේ එක දිගටම මට නිවාඩු ගන්න තිබුන අපහසුතාවය නිසා. ආපහු ඇවිල්ල ටික දවසයි ගියේ මගෙ බිරිඳ කතා කරල කිව්ව මගේ පොඩි පුතාට හොඳටම උණ කියල. එයා ඉක්මනටම පුතාව ආසිරි එකට ගෙනිහිල්ල බෙහෙත් අරගෙන ඇවිල්ල තිබුනා. දොස්තර නම් කියන්නෙ බය වෙන්න එපා දවස් තුනකින් උණ අඩු උනේ නැතිනම් ලේ ටෙස්ට් කරල බලන්න කියලා. කොහොමත් පහු ගිය දවස් දෙකේම රෑට සහලෝල උණ ගත්ත නිසා එයාගේ ලේ පරීක්ෂා කරල ඊයේ හවස. තුණුරුවන්ගේ පිහිටෙන් මගේ පුතාට ඩෙංගු වැලඳිලා නෑ. අදවෙනකොට පුතාගේ උණ හොඳටම වගේ හොඳ වෙලා. පහුගිය දවස්වල හිතේ තිබුන නොසන්සුන්කම ගැන නම් කියලා වැඩක් නැහැ.

පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?

මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !

මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?

කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.

ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

1) ගස්ලබු කොල දෙකක් ගන්න.
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.

මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.

දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?

කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?


අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.

බී.අයි.ටී හරි , මදුරු තෙල් හරි ගහනකන් බලාගෙන ඉන්නෙ නැතිව අපිට ජීවිත කීපයක් හරි බේරගන්න පුළුවං උනෝතින් ඒක තමා සිංහල බ්ලොග් කරුවන් විදිහට අපිට කරන්න පුළුවං ලොකුම සද්කාරිය.


මගේ පෝස්ට් එකට ටිකකට කලින් අංජන මල්ලිත් මේක ගැන ඉතා වටිනා පෝස්ට් එකක් කරලා. මේක වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ කලා කියල තමයි එය දාල තියෙන්නෙ. ඒක ගොඩක්ම හොඳ ආරංචියක්. දාල තියෙන ලින්ක් එකෙන් ඒක කියවලා බලන්න.

54 comments :

  1. http://aluthidea.blogspot.com/2010/07/blog-post_18.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+aluthidea+(%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A)

    මමත් හිතනවා මේක 100% සාර්ථකයි කියලා. මොකද අපේ අම්මටයි අයයි කෙනෙකුටයි මේකෙන් හොදටම සනීප වුනා.

    ReplyDelete
  2. මම මේක දැකක තරංග බ්ලොග් එකෙත් දාල තියෙනවා...හැබැයි මම දැනුවත් ව නම් රෝහල්වල මේක තාම පාවිච්චි කොරන්නේ නෑ...සමහර විට ලාබයක් නැතුව ඇති නෙව....අනේ මන්ඳා?.මොකද අපේ රටේ ඉතින් දුවන්නේ වෙනමම system එකක් නේ.....:(....

    ReplyDelete
  3. ඔබගේ සමජ සත් කාරය පිලිබදව මාගේ ප්‍රසාදය...

    ReplyDelete
  4. මචං මේක නම් හෙන වටින පෝස්ට් එකක්.

    අර මම දැන් කිව්ව වගේ අනේ මේක PDF හරි JPG හරි කරලා එවපන් හමෝටම ඊමේල් කරලා යවන්න . . .

    මුලින් මම බය වුනා පොඩි එකා අසනීපෙන් වත්ද කියලා . . . ඉක්මනට කොල්ලා සනීප වුනු බව ඇහුවාම හෙන ෆිට් සිරාවටම . . .

    ReplyDelete
  5. ඇත්තටම වටින පෝස්ට් එකක්..
    ඩෙංගු වලට අපේ පැත්තෙත් ගෙවල්, ගෙවතු පරීක්ෂා කරන්න PHI සහ ග්‍රාම සේවක මහතුන් එන වග කියවුණා.

    මමත් අහලා තියෙනවා ඔය ගස්ලබු කොළ ඉස්ම ගැන කතාව, හැබැයි ඇත්ත නැත්ත නොදනි.

    ReplyDelete
  6. මගේ මල්ලිට ඩෙංගු හැදුන වෙලාවෙ, ඔය ප්‍රතිකාරය කළා. බොහොම සාර්ථකයි. පෞද්ගලිකව ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා කියපු විදියටනම්, කුරුණෑගල ශික්ෂණ රෝහලේත් ඔය ප්‍රතිකාරය කරනවා.

    ReplyDelete
  7. ඔව්. මම ඕක කරල හොඳ වුණ අය දැකල තියෙනව දෙන්නෙක්. ඒත් මට කියන්න බෑ ඒ ගස්ලබු කොළ ජූස් නිසාමද කියල. ඒත් හොඳ වුණා. කරල බැලුවම මක් වෙනවද? අපේ දේ අපිට අගේ නැති කාලයක් නෙ මේක. කාට කියන්නද මේව.

    ReplyDelete
  8. වටිනා කියන කතාවක් අයියා. මෙහෙම එකක් දැනගත්ත එක හොඳයි. දුකා අයියා කිව්වා වගේ මේක හැමෝටම කියන්න ඕනේ.

    බහුජාතික සමාගම්වලින් කුට්ටි හම්බෙන නිසා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න උන්දැලා මේවා ගැන කතා කරන්නේ නැහැ. ඔහේ තමන්ගේ ජාමේ බේරගෙන ඉන්නවා. ඩෙංගු රෝගින්ට බුදු සරණයි දෙවි පිහිටයි තමා

    ReplyDelete
  9. නියම post එක මචන්, මම මේක දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
  10. අයියෙ මාත් මේක දැනන් හිටියෙ නෑ...ඇත්තටම හොඩක් වටිනව

    ReplyDelete
  11. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදවියගේ ඇස් ‍මේ ගැන තවම ඇරිල නෑ වගේ.
    වටිනා දෙයක් හෙලිදරව් කලාට ස්තූතියි

    ReplyDelete
  12. මේ ලින්ක් එක සෞඛ්‍ය ඇමතිට දීපන් මචං

    ReplyDelete
  13. අපේ කාර්යාලයේ නංගියෙක්ගෙ Mother-in-Law ට ඩෙංගු හැදිලා. දැනට රෝහලේ ඉන්නෙ... මම මේක කියවපු ගමන්ම එයාට පණ්විඩය දීල තමයි මේ comment එක දාන්නෙ.. බොහොම ස්තූතියි දුමී ඔයාට.. මම මේ බ්ලොගයට ආවෙ “දුකා“ facebook එකේ දාල තිබ්බ share එකෙන් අදමයි...

    ReplyDelete
  14. වටිනා කියන පොස්ට් එකක් දුමී අයියා...

    ReplyDelete
  15. අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.

    ReplyDelete
  16. දුමී අයිය- එකඟයි! +1

    ReplyDelete
  17. මම පෝස්ට් එකක් දානවා වෙනුවට ඔයාගෙ ලිපියට එන්න පාරක් කැපුවා.. ඒක හොදයි කියල හිතෙනවා මට.. එතනින් අංජනගෙ ලිපියටත් යන්න පුළුවන්නෙ..

    ReplyDelete
  18. ඇත්තටම ..හොඳ වැඩක්..මේ ගැන දැනුවත් කිරීම...මොන දේකින් හරි ජීවිතය බේරාදීම නේ වටින්නේ...
    ස්තූතියි..! මේ දැනුවත් කිරීමට

    ඊයේ Daily mirror පුවත්පත මෙය වාර්තාකර තිබුනා මෙහෙම.
    http://www.dailymirror.lk/index.php/news/5174-papaya-leaf-to-the-rescue.html

    ReplyDelete
  19. අයියා මට වෙනම ලිපියක් හදන්න තරම් වෙලාවක් නැහැ අද. ඒත් ඔයා කමක් නැහැ කිව්ව නිසා ඔයාගේම ලිපිය එහෙම පිටින්ම මගේ බ්ලොග් එකේ පෝස්ට් කලා. ඔයාගේ ලිපිය උපුටා දක්වමි කියලා සටහන් කලා. කමක් නැහැනේ.

    ReplyDelete
  20. හැමෝටම ගොඩක් ස්තුතියි දක්වපු අදහස් වලට. තරහ වෙන්න එපා මම හැමෝගෙම වගේ අළුත් පෝස්ට් වල මේක ගැන පෝස්ට් එකක් කරමු කියල කමෙන්ට් එකක් දැම්මා.

    රන්දිල් නංගි, එක පාරක් නෙමෙයි දහස් පාරක් මගේ පෝස්ට් එක කොපි කරාට කමක් නැහැ. මගේ පෝස්ට් එකට බැක් ලින්ක් නොදැම්මත් කමක් නැහැ. මේක ගැන අපිට පුළුවං තරම් මිනිස්සුන්ව දැනුවත් කරන්න පුළුවන්නම්.

    ReplyDelete
  21. බැක් ලිංක් එකක් උඩින්ම දීලා තියෙන්නේ අයියේ. ඔයාගේ ලිපිය ඔයා හදපු ගෞරවය තියන්න එපෑයැ

    ReplyDelete
  22. මම ඔයාගේ බ්ලොග් එකේ කතා කියවන්න මේ ලඟදියි පටන් ගත්තේ.. මේ ලිපිය දැම්මට අයියට සෑහෙන ස්තූතියි.පැපොල් කොල බෙහෙත ගැන ඊමේල් ගොඩක් ලැබුණා, මම එච්චර ගණන් ගත්තෙ නැහැ. ඒත් දැන් බලාගෙන ගියාම මේක හරියන බෙහෙතක් වගේ. මම අයියාගෙ ලිපියයි, අංජන ගේ ලිපියයි එකතු කරල මේල් එකක් හැදුව සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම. ඒක යැව්වා දන්න කියන දොස්තරවරු, වෛද්‍ය ශිෂ්‍යයො, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඔක්කොටම. කාට හරි මහනුවර IFS (Institute of Fundamental Studies) එකත් එක්ක සම්බන්ධකම් තියෙනවද? තියෙනවනම් කරුණාකරලා එයාලට මේ ගැන දැනුම් දෙන්න. ඒ ආයතනය මේ වගේ දේවල් ගැන හරි උනන්දුයි. අපේ මිනිස්සු නිකරුනේ මැරෙන එක බලන් ඉන්නේ කොහොමද අපි?

    ReplyDelete
  23. ගස්ලබු කොල සාරය සාදා ගන්නා ආකරය දැක්වෙන පියවරවල් අපූරුවට පෙන්නල තියෙන රූප පෙලක් පුතාගේ "ඩුබායි වට්ටක්කා" බ්ලොග් එකේ දාල තියෙනවා. ඒකත් මෙතනින් බලාගන්න.

    http://dubaiwattakka.blogspot.com/2010/07/blog-post_108.html

    ගොඩක් ප්‍රොයෝජනවත් වෙයි. පුතාට ගොඩක් ස්තුතියි මේ ප්‍රතිකාරය ගැන කට්ටිය දැනුවත් කරන්න ගත්ත උත්සාහයට.

    ReplyDelete
  24. ඇයි බං ඔය ක්‍රමේ අපේ උන් පාවිච්චි කරන්නේ නැත්තේ. ලයිව් ඇට් එයිට් එකට වත් කියලා පබ්ලිසිටියක් දාගන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  25. දුමී අද හැමොම මේ ගන දලා තිබුනා ..මම හෙට දාන්නම්...

    ReplyDelete
  26. දුමී, ඔබේ අරමුණ හොඳ බවට සැක නැත. එහෙත් වෛද්‍යවරුන් නොවන අප නොදන්නා කරුණු ගැන කතා කිරීමේදී පරිස්සම් විය යුතුය.

    නීරෝගී පුද්ගලයකුට නම් ගස්ලබු කොළ අහිතකර වේ යැයි සිතිය නොහැකිය. එහෙත් ඩෙංගි රෝගියකු යනු ශරීරයේ සාමාන්‍ය ප්‍රතිශක්තිය බෙහෙවින් දුර්වල වූ කෙනෙකි. එවැන්නකුට විශේෂඥ වෛද්‍ය උපදෙස් නැතිව කිසිම ඖෂධයක් දීමට මම පැකිළෙමි.

    මේ අවස්ථාවේ වෛද්‍යවරුන්ට කළ හැකි මෙහෙයක් නම් ගස්ලබු කොළ සාරය ශරීරයට අහිතකර නොවන බවට සහතිකයක් දීමයි. එවිට එයින් වැඩක් වුනත් නැතත් අපට පරීක්ෂණයක් වශයෙන් එය භාවිතා කොට බැලිය හැකිය.

    - Taboo

    ReplyDelete
  27. ටැබූ, ඔබගේ අදහසට මා ගරු කරනවා. නමුත් මේ බෙහෙත මේ වනවිට විද්‍යාත්මකව නොවුනත් අපේ රටේ වෛද්‍යවරු කිහිප දෙනෙකුම අත්හදා බලා සාර්ථක ප්‍රතිපල අත්වේයයි පවසා තිබෙනවා. අංජන මල්ලිගේ පෝස්ට් එකට මුල් උන වෛද්‍යවරයෙකු කල පරීක්ෂණයක විස්තර අඩංගු මේ ලින්ක් එක බලන්න.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=9685

    ප්‍රධානතම දේ තමයි මේ ප්‍රථිකර්මය ශරීරයට හානිදායක නැහැ කියල මේක මේ වනකොට පාවිච්චි කරපු ඩෙංගු රෝගීන්ම සාක්ෂි දරනවා.

    මම මේ පෝස්ට් එක කරන්න කලින් මේ ගැන (වෙනත් රටවල් වල )පලවෙලා තිබුන විස්තර ඔක්කොම හොඳින් කියවලා මට සෑහීමකට පත් වෙන්න පුළුවං උන නිසා තමයි මේක පල කලේ. මේ ප්‍රථිකර්මය අපි නොදැන සිටියාට මේක ගැන මීට අවුරුදු 5 කට කලින් ඉඳන්ම විස්තර කියවෙනවා.

    බටහිර වෛද්‍ය ක්‍රමයේ මේකට ප්‍රථිකර්මයක් තවම සොයාගෙන නැහැ. ඔවුන් කරන එකම ප්‍රතිකර්මය නම් අසාධ්‍ය රෝගීන්ට රුධිර පට්ටිකා ලබා දීම පමණයි. ඔවුන් ශරීරයේ ප්‍රතිවිරෝද තාවය සෑදෙනකන් බලාගෙන ඉන්නවා. ඒ තත්වෙට පත් වෙන්න කලින් මේ ප්‍රතිකර්මය කලානම් ඔවුන් 100% හොඳ වෙනවා කියලා තමයි කියවෙන්නෙ.

    කොහොමත් බටහිර වෛද්‍ය විද්‍යාව මේ විදිහට ශාඛ සාරයෙන් ප්‍රථිකර්ම කරන ක්‍රම වේද පිලිගන්නෙ නැහැනෙ. එහෙම කියලා අපි අපේ පාරම්පරික ආයුර්වේද ක්‍රම හෑල්ලු කරන්නෙත් නැහැනේ වෛද්‍ය විශේශඥ්ඥයන් රෙකමෙන්ඩ් කරල නැහැ කියල, නේද ?

    ReplyDelete
  28. මගේ බ්ලොග් අඩවියෙත් මෙය පලකරනවා මිත්‍රයා. ඒ පිලිබඳ යම් අකමැත්තක් ඇත්නම් දැනුම් දෙන ලෙස කාරැණිකව ඉල්ලා සිටිනවා

    ReplyDelete
  29. හෙලයෝ, මේ සත්කාරය කරන්න මගෙන් අවසර ගන්න ඕන නැහැ. ඕනෙම දෙයක් පල කරන්න. මගෙ පෝස්ට් එකට ලින්ක් නොදැම්මට කමක් නැහැ.

    ReplyDelete
  30. ඇත්තටම මේක හොද ප්‍රතිකර්මයක්...මගේ නෑදෑ සහොදරයනුත් මෙ ඩෙංගු රොගයට ගොදුරු උන නිසා මේක අත්දෑකිමෙන්ම කියන්නෙ ඈත්තටම මේක හොද බෙහෙතක්.ගස්ලබු කොල ඉස්ම විතරක් නෙමේ ගස්ලබු කොල සම්බලත් දෙනව.එත් සම්බල නම් තිත්තයි ඒක නිස කොල ඉස්ම උදේට තේ හන්දෑයි හවසට තේ හන්දෑයි දෙන්න.මේ දෙකටම ගන්නෙ ගස්ලබු ලා දල්ල කියන එකත් මතක තියගන්න.ඒ විතරක් නෙමේ මේකට ටිකක් උගුර තුවාල වෙනව.

    ReplyDelete
  31. මම මේ ලිපිය මගෙ පෝස්ට් එකක ලින්ක් එකක් විදියට දැම්ම... ගොඩක් වැදගත් ලිපියක්...

    ReplyDelete
  32. මම අදයි අයියා මේ පැත්තට ආවේ. මුල් ලිපියේ ඉඳන් මේකට යනකම් සේරම අකුරක් නෑර කියෙව්වා. මන් හිතන්නෙ අද දවසනම් මට සෑහෙන හොඳ වෙයි වගේ. මොකද බඩ පැලෙනකම් හිනාවෙලානේ මම අද දවස පටන් ගත්තේ. අපරාදේ අප්පා මට මේක මෙච්චර කලක් මිස් වෙලා තිබ්බේ. දැන් හරි ආයෙ මිස් වෙන්නෙ නෑ. අද ඉඳන් මගේ දෛනික අංග වලින් එකක් තමයි මේ පැත්තට එන එක.

    මෙ ලිපිය ගැන කියනවනම් සෑහෙන්න වටින සමාජ සත්කාරයක් අයියේ. ඔන්න එකට සහයෝගයක් විදියට මන් මේක මගේ මුණු පොතෙත් පබිලිස් කොලා.

    ReplyDelete
  33. මමත් මේ ගැන සඳහනක් වෙබ් සයිට් එකක දැක්කා. එහි සඳහන් ආකාරයට ගස්ලබු දළු මීපැණි සමග සම සමව පානය කිරීවෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි වෙන බව ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ හිටපු විදුහල්පති තුමා පවසා තිබුනා. හොඳ අදහසක් මේකෙන් එක්කෙනෙක් හරි ගොඩ ගියොත් ඒක ලොකු දෙයක්.

    ReplyDelete
  34. http://srilankatoday.com/index.php?option=com_content&task=view&id=5837&Itemid=52

    ReplyDelete
  35. ඔන්න මගෙත් බ්ලොග් එකේ දැම්මා ..... ස්තුතියි මේ දෑනුවත් කිරිමට .....

    http://ashan-blog.blogspot.com/2010/07/blog-post_19.html

    ReplyDelete
  36. බ්ලොග් අඩවි කීපයකම දුමී උබේ මේ ලිපිය දැක්ක. වටිනා ලිපියක්... හුඟක්.

    මේ ප්‍රතිකාරය සමහර ඩොස්තරල භාවිතා කරන බව දැනගන්න ලැබීමත් සතුටක්...

    මමත් දාන්නම මගේ බ්ලොගයෙත්...

    පොඩි එකා සනීපෙන් කියන එක නම් ලොකු දෙයක් මචන්...

    ReplyDelete
  37. බොහොමත්ම ස්තුතියි හැම දෙනාටම මේ ප්‍රතිකරමය සමාජගත කිරීමට දක්වපු සහ තව දුරටත් දක්වන සහයෝගයට. බොහොමයක් සහෘද බ්ලොග් අඩවි වල මේ සම්භන්ධයෙන් පල කරපු එකෙන් මේ ගැන නොදැන හිටපු කී දෙනෙක් මේක ගැන දැනුවත් වෙන්න ඇතිද. මම දන්න තරමින් හුඟ දෙනෙක් මේක ගැන ඊ මේල් කැම්පේන් එකකුත් කලා. අපි සියළු දෙනා එකතු වී කරපු මේ කර්තව්‍යයෙන් ජීවිත කීපයක් හෝ බේරා ගැනීමට අපි සියළු දෙනාම දායක වූවා යැයි මම තරයේම විශ්වාස කරනවා.

    නැවතත් සියළුම දෙනාටම මගේ හද පතුලෙන්ම පිදෙන හෘදයාංගම ප්‍රණාමය පිළිගන්න !

    ReplyDelete
  38. මම ඔයාගේ බ්ලොග කියවනවා නමුත් කොමන්ට් කලේ නම් අද. ශොක් කතා ටික මෙව්වට කට නොකහන එක තමා පුදුම ගොඩක් ලස්සනයි මසුරන් තමා දන්න වටින්නේ කටට.

    ඒ වගේම මේ ඩෙන්ගු නිසා හුගක් අය මැරිලා මේක හොද සත්කාරයක් මගේ බ්ලොගය අලුත් ඒක නිසා මම මුණුපොතට මේ ගැන දැම්මා කවුරු හරි දැනුවත් වෙයිනෙ.

    ඔබට ජය !!!

    ReplyDelete
  39. වටිනා දෙයක් මචං..
    මම මගේ FB එකෙත් මේක අද Share කළා. මටත් ඩෙංගු හැදිල හිටියෙ. මේක හරියන ම බෙහෙතක්. නිකං මිනිස්සුන්ගෙ ජීවිත නැතිව යනවට වඩා මේ වගේ දෙයක් උත්සහකරන එක ලොකු දෙයක්.
    ස්තුතී සහෝ..

    ජය

    ReplyDelete
  40. මමත් එහෙනම් මේක මගේ ගූගල් බස් එකේයි ෆේස්-බුක් එකේයි ශෙයාර් කරනව එහෙනම් :)

    ReplyDelete
  41. අඹ සමඟ සුදු කිරි පානය කිරීමෙනුත් පුළුවන්ලු....
    http://www.lankadeepa.lk/2010/07/19/front_news/02.html

    ReplyDelete
  42. බොහොම හොද ක්‍රියාවක්.

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. දුකා, දුමී, අංජන ඔයාලාට ගොඩාක් පින් යාළුවාගෙ නැන්දම්මට දැන් සනීපයි. එයා ඊයෙ ගෙදර එක්කගෙන ඇවිත්...

    මට පහුගිය ටිකේ comment එකක් දාන්න බැරිව හිටියේ.. හැබැයි එයාල දීල තියෙන්නෙ red lady නෙමේ.. අපේ ගම්වල හැදෙන ගස්ලබු ගහක කොළ ඉස්ම... ඒ වගේම උදේ ...හවස දෙන්න බැරිවෙලා.... එක ළඟ දවස් දෙකක උදේ දීලා.... අද උදේ office ආව ගමන් ඒ නංගි කියනවා අනේ අක්කා අම්මට සනීපයි... ඔයාගෙ යාළුවන්ට පින් දෙන්න කියලා....

    ReplyDelete
  45. තනෝජා, බොමත්ම ස්තුතියි මේ සුභ ආරංචියට. මේකට ඕනෙම ගස්ලබු ජාතියක කොල ඉස්ම බොන්න පුළුවන් කියල තමයි මම නම් දන්නෙ.. එක විශේෂශයක්ම වෙන්න ඕනෙ නැහැ. ඔයාගේ යාළුවගේ අම්මට සුව උනා වගේ අපිට තව ගොඩක් දෙනෙක් දැනුවත් කරන්න පුළුවන් උනොත් අපි කරන ලොකු පූණ්‍ය කර්මයක් ඒක. පුළුවන් තරම් මේක ප්‍රචලිත කරන්න කියල මම ඉල්ලා සිටිනවා. හැමෝටමම තෙරුවන් සරණයි.

    ReplyDelete
  46. නිස්සුන්ගෙ ජීවිත නැතිව යනවට වඩා මේ වගේ දෙයක් උත්සහකරන එක ලොකු දෙයක්.

    ඔබගේ සමජ සත්කාරය පිලිබදව මාගේ ප්‍රසාදය...

    සමන්ත අයියා -
    Tokyo

    ReplyDelete
  47. අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.

    ReplyDelete
  48. mata kawuru hari kiyala denna sinhalen liyanne kohomada kiyala...

    ReplyDelete
  49. niyamai aiya.... meka godak hodai....

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. මටත් ඩෙංගු හැදුනවෙලේ platelet count එක අඩුවුන වෙලාවෙදි ඉස්පිරිතාලෙ දාන්ඩ ඔන්න මෙන්න තියෙද්දි නොගිහින් බේරුනේ ඔය දිව ඔසුවෙන් තමයි. මටත් මේක කිව්වෙ බෙහෙත් ගත්ත Dr. කමල් ජයසිංහ තමා.එතුමට පිං!!!!

    ReplyDelete
  52. මේක මට කිව්වේ පිල්ලෙක්. ඌ ඩෙංගු හැදිච්ච් වෙලේ කරපු විදිය කියද්දී මට පුදුම හිතුනේ ඇයි මෙච්චර පැපොල් කොළ තියන අපි මේ දේ නොකරන්නේ කියලා.

    ReplyDelete
  53. //කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු.//

    අත්හදා බලපු අයෙක් කියන්නෙ එහෙම වූයේ නැහැ කියලා. එයාගේ ප්ලේට්ලට් කවුන්ට් තාම පහත කිසිම විදියකින් වෙනත් අසාත්මිකතාවයක් නිසා පහළ ගිය වූව නැවත ඉහළ දමාගත නොහැකි වී ඉන්නෙ.

    මම සාමාන්‍යයෙන් මගේ අඩවියේ සටහන් අමුණන්නෙ නැහැ. ඒත් දුමී ඉල්ලලා තියෙන නිසා මේ ගැන සංවාදයක් මා මේ කළින් ලියූ සටහනක්: මෙහෙ ඩෙංගි උණත් ගස්ලබු කොළ යුෂත් දෙකම ඇත. http://arunishapiro.wordpress.com/2010/07/23/මෙහෙ-ඩෙංගි-උණත්-ගස්ලබු-කො/

    ඇමේසන් ඩොට් කොම් වලින් ගන්නට හැකි තැන මෙතැන: http://www.amazon.com/Papaya-Leaf-Extract-4oz/dp/B000OAZDB2

    මම නම් ලංකාවට ගියාම මදුරුවෝ කන්නෙ නැතිවෙන්න ක්‍රම පාවිච්චි කරා මිස ගස්ලබු කොළ ජූස් බිව්වෙ නැහැ.

    ReplyDelete
  54. මේකට වඩා සුදුසු රැණ ගස්ලබු ලපටි කොළ ඉස්ම.

    ReplyDelete

Related Posts with Thumbnails