එය මෙසේ සිදුවිය

Posted by දුමී



පෙර වදන : 2008 සැප්තැම්බර් 15 වන දින මුළු ලොවම මහා ආර්ථික ආඝාධයකට ඇද දැමීමේ පළමු පියවර තබමින් ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් හී තම ව්‍යාපාර කටයුතු කරමින් සිටි "ලීමන් සහෝදරයෝ" ආයතනය ඩොලර් බිලියන ගණනක පාඩු ලැබීම හේතුවෙන් තමන් බංකොලොත් භාවයට පත් වූ බැව් ප්‍රකාශ කලේය. එකට ඇමුනූ පබළු වැලක් මුල් පුරුක ගැලවීයාමෙන් විසිරී ඇදවැටෙන අයුරින්ම ඒ සමගම අති දවැන්ත මූල්‍ය ආයතන එකා පසු පස එකා ඇද වැටී ඉතිහාසයේ විශාලතම ආර්ථික අවපාතයට මූලික අඩිතාලම දැමීය.

දිනය : සැප්තැම්බර් 18, 2008
ස්ථානය : ඇමරිකාවෙ වෝල් ස්ට්‍රීට් හී අති සුපෝඛභොගී කාර්යාල සංකීණයක රැස්වීම් ශාලාවකි. එහි වූ විශාල වට රවුම් මේසයේ පුටු වලට බරදී සිටිනුයේ ඇමරිකාවේ පළමු ගණයේ ආර්ථික විශේෂඥයන් මෙන්ම ෆෙඩරල් ආණ්ඩුවේ නීති සකසන්නන් සමූහයකි. එක ලඟ පැනවු අසුන්වලට වී උනුනුන් සමග කසු කුසුවකට මුල පුරා සිටි දෙදෙනෙකි. එයින් එක් අයෙකු වන්නේ ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් 'හෙන්රි පෝල්සන්' ය. අනෙකා ඇමෙරිකාවේ ෆෙඩරල් සංචිතයේ සභාපති 'බෙන් බර්නාන්කෙ' ය. ඔවුන්ගේ නළලත විවිද රටා මවමින් නැගෙන රැළි සහ මුහුණුවල රැඳුනු සිහින් දහඩිය මොනවට කියා පානුයේ ඔවුන් යෙදෙන සංවාදයේ බරපතල භාවයයි.

රැස්වීම පටන්ගත යුතු වේලාව එළඹෙමින් තිබේ. බර්නාන්කෙ නැගී සිට සභාව ඉදිරියට පැමිනෙන්නේ මුහුණේ වූ බැරෑරුම් බව වඩ වඩාත් උත්සන්න වෙමින් තිබියදීය. කෙලවරක රැඳුනු විශාල පැතළි රූපවාහිනී තිරයේ දිස්වනුයේ නොයෙකුත් ප්‍රස්ථාර හා සංඛ්‍යා ලේඛණයි.

"මහත්වරුනි, සුභ උදෑසනක් වේවා ඔබ සැමට !"

"තවමත් මට ඔබ වෙත සුභ උදෑසනක් වේවා කියා පැවසීමට පුළුවන්කම තිබුනත්, හෙට උදෑසන එසේ පැවසීමට පුළුවන් වේදැයි මට සැක සහිතයි"

"මහත්වරුණි, ඔබ සැම දන්නා පරිදි අපගේ සියළුම මූල්‍ය ආයතන අවදානමකට ලක්කරමින් ලීමන් සහෝදරයෝ ආයතනය මීට දින තුනකට උඩදී තම මූල්‍යමය බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කලා. ඔබ සැම දන්නා පරිදි මේ මූල්‍ය ආයතන සියල්ලම පාහේ තම ප්‍රාග්ධන ආයෝජන වලින් වැඩිම ප්‍රතිශතයක් ක්‍රියාවට නැංවූවේ ලීමන් සහෝදරයෝ ආයතනය හරහා තමයි . . . . . දැන් ඔවුන් සියල්ල විශාල අර්බුදයකට ලක්වෙලා . . "

"මේ ආයතන බේරා ගැනීම සඳහා අපගේ අතිරික්තයන්ගෙන් ඩොලර් බිලියන 700 ක මුදලක් ඉතා හදීසි අවශ්‍යතාවයක් සේ සලකා මුදා හල යුතුයි . . . ."

"අපි මෙය සිදු නොකාලොත් ලබන සඳුදා වනවිට අපට ආරිථිකයක් ඉතුරු නොවේවි . . . "

සභාව තුලින් මතු වනුයේ විශාල ඝෝෂාවකි.

"මේ අර්බුදයට කවුද වගකිව යුත්තෙ ?" නැගී සිටි නීති විශාරදයෙක් තම ප්‍රශ්නය ඉදිරිපත් කලේය.

"මහත්වරුනි, ඒක පිලිතුරුදීමට ඉතාම පහසු ප්‍රශ්ණයක්. කෙලින්ම හෝ වක්‍රව අපි සියළුම දෙනා ආර්ථික විශෙෂඥ්ඥයන් වශයෙන් මෙයට වග කිව යුතුයි"

යලිත් සභාව තුලින් මහා ඝෝෂාවකි.

"එහම කොහොමද වෙන්නෙ. අපගේ උපදෙස් හරි ආකාරව පිලි ගත්තානම් එසේ සිදු නොවිය යුතුයි . . . . " තවෙකෙක් නැගී සිට ඉතා ආවේග ශීලිව පවසයි.

"ආයෝජනය කරන ප්‍රාග්ධනය සඳහා ඉතා හොඳ සහ වැඩිම ප්‍රතිලාභ ලැබන විදිහට යෙදවිය යුතුයි කියා තමයි අපි ඔවුනට උපදෙස් දුන්නේ. ඔබ සියල්ල ඊට එකඟ වෙනවා ඇති . . . . "

"මහත්වරුණි, එය සිදුවූයේත් එසේමයි. ඔවුන් ආයෝජනය කල මුදුලට ඉතාම හොඳින් ප්‍රතිලාභ ලැබුනා . . . ඒත් දැන් එය එසේ නොවෙයි . . . ප්‍රශ්නය ඇත්තෙ එතනයි . . . ."

"කොහොමද එහෙම වෙන්නෙ ? ඇයි දැන් ඒ ප්‍රථිලාභ නොලැබෙන්නෙ ? කොහෙද ඔවුන් තම මුදල් ආයෝජනය කලේ ?"

මෙපමණ වෙලාවක් නිශ්ෂබ්දව සිටියෙක් තම ප්‍රශ්නය මුදා හලේය.

හෙන්රි පෝල්සන් සහ බෙන් බර්නාන්කෙ මුහුණට මුහුණ බැලීය. ඉන්පසු කට හඬ අවදි කරණුයේ හෙන්රි පෝල්සන්ය.

"මහත්වරුණි, මම මේ පවසන්නට යන දේ මේ රැස්වීමේ ශාලාවෙන් පිට නොවිය යුතුයි. ඒ සියල්ල තම දිවි පරදුවට තබා හෝ රහසක් වශයෙන් රැක ගන්නවා කියා ඔබ සියල්ල එකඟ විය යුතුයි. මේ කිසිම දෙයක් මාධ්‍ය තුලට නොයා යුතුයි. එසේ උවහොත් අප රටක් වශයෙන් ඉතිහාසයේ ලබන විශාලතම නින්දාව එය වනු ඇති."

නැවතත් සභාවේ කසු කුසුවකි.

"හොඳයි අපි පොරොන්දු වෙන්නම් මෙය රහසක් වශයෙන් තබා ගැනීමට. අපිට සියල්ල පවසන්න. කොහේද මේ ප්‍රාග්ධනය ආයෝජනය කලේ ? " තවෙකෙක් නැගිට ප්‍රකාශ කලේය.

හෙන්රි පෝල්සන් කටහඬ අවදි කරමින්, "මහත්වරුනි මුළු ලෝකයෙන්ම වැඩිම ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක් අපි කලා."

"ඔව්, ඉතින් ඒ කොහෙද ?" නැවතත් ප්‍රශ්නයකි.

"ශ්‍රී ලංකාවෙ . . . . . . . . . අපි ඒ මුදල් ආයෝජනය කලේ ශ්‍රී ලංකාවෙ සක්විති රණසිංහ ලඟ . . . . . "

"ඌ, පහුගිය සැප්තැම්බර් 9 වෙනිදා ඔක්කොම සල්ලිත් අරන් පැනල ගිහිල්ලා . . . . . "










පසු වදන : සක්විති රණසිංහ පැදුරටත් නොකිය චෙන්නායි නගරයට පැන ගියේ 2008, සැප්තැම්බර් 9 වන දිනයි. ලීමන් සහෝදරයෝ බංකොලොත් බව ප්‍රකාශ කලේ සහ අර්බුදය පටන් ගත්තේ 2008, සැප්තැම්බර් 15 වන දිනයි.

25 comments :

  1. අප්පා දුමියො, උඹ නම් රජ බඩුවක්. කීප් ඉට් අප්!

    ReplyDelete
  2. ඔව් එකත් වෙන්න බැරි නැහැ බලාගෙන ගියාම

    ReplyDelete
  3. යකෝ ඇත්ත වෙන්න පුළුවන් තමා... කොහොම නමුත් හොඳ විමර්ශණයක් කරලා තියනවා දුමී...

    ReplyDelete
  4. අයියනම් සිරාම බඩුවක් නොවැ....ඇත්තටම සක්විති ළග මෙයාල සල්ලි දැම්මද දන්නෑ ;)

    ReplyDelete
  5. හිහි මං හිතුවේ නැහැ ලිපියේ අන්තිම වෙනකල් සක්විත්තා මේකටත් සම්බන්දයි කියලා :D

    ReplyDelete
  6. පට්ටම පට්ට.......සක්විත්තා තමයි පොර......:D

    ReplyDelete
  7. උස කන්දකට ගෙනිහින් එක පාරටම අතෑරියා වගේ දැනුනා...

    නියමයි දුමී.

    ReplyDelete
  8. උබනම් නියමයි බන්... අර ඒ ලාර ගැන දැකපු හීනෙ වගේම එකක් නේ... උබ කිව්වත් වගේ වෙන්න බැරි නැහ හික් හික්.

    බලන් යද්දි සක්විත්තා තමා ඔක්කොටම මුල.

    ReplyDelete
  9. හෆොයි..:P
    මේ ඇත්තටම මේකත් හිතුනේ අර වගේ හීනෙකදිද..??
    මම ඇහුවේ මේ අර A.ලාරා හීනේ ගැන.. :-))))))

    ReplyDelete
  10. හක හක... පිස්සු හැදෙනව! :ඩී

    ReplyDelete
  11. උඹ නම් යකාගේ බඩුවක් බං... මරු කතාව... ඔය ඉකොනොමික් ක්‍රයිසිස් එකට අහුවෙච්ච එකෙක් විදිහය මම බොහොම උනන්දුවෙන් කියෙව්වේ කතාව... බලින්නම් අපේ සක්විත්තා නේ ගේම දීලා තියෙන්නේ. වෙන්නත් බරි නෑ. මුලු ලෝකෙටම ලොක්කා සක්විතිනේ...

    උඹ මොනා නැතත් හොඳට ඇනලයිස් කරලා තියෙනවා... පට්ට.. (බි.පෙ.සි සහ බ.අ.සි)

    ReplyDelete
  12. ශහ්.......!! නියමයි..

    ReplyDelete
  13. ඉල නෑ අයියා... පට්ට කතාව... මුලින්ම හිතුවෙ ආර්ථික විද්‍යා පාඩමක්වත්ද කියල....

    ReplyDelete
  14. @වැම්පි,
    @රන්දිල්,
    @චමිදේවා,
    @හසිත මලයා,
    @වැප්,
    @ෂැඩෝ,
    @ගල්මල්,
    @පිස්ස,
    @නිමන්ති,
    @මාරයා,
    @පවිත්‍ර,

    ගොඩක්ම ස්තුතියි කමෙන්ට් කලාට. කමෙන්ට් කරන්න කරන්න මේ වගේ කතා මතක් වෙනවා . . . . . .හිහ් හිහ්.

    ReplyDelete
  15. @කුෂාන්,
    ඔය ඉකොනොමික් ක්‍රයිසිස් එක අපිට බොහෝම තදින් දැනුනා. මගේ යාලුවො ගොඩ දෙනෙකුටම රස්සවල් නැති උනා.තාමත් ඒක ඉවර නෑ . හරියට අර සක්විත්තාව තාම අල්ලගන්න බැරි උනා වගේ.
    @Ansh,
    ස්තුතියි මේ පැත්තෙ අවිත් කියවල කමෙන්ට් පාරක් දාපු එක ගැන.
    @පුතා,
    ඔව් මල්ලි මේව ඔක්කොම අපිට හොඳ පාඩං.

    ReplyDelete
  16. ආ එහෙමද ??
    එහෙනම් හැමදාම කමෙන්ට් එකක් දාන්නම්කෝ:-))))

    ReplyDelete
  17. Nice post,

    One comment,Ben bernanke is the head of U.S. federal reserve and the appropriate sinhala translation should be Amerikanu federal sanchithaya.

    ReplyDelete
  18. @රවි,

    ස්තුතියි මගේ බ්ලොග් අඩවියට පිවිසියාට . . . . "රිසර්ව්" යන වචනය මම පරිවර්තනය කලේ "අතිරික්තය" කියල. නමුත් ඔබ පැවසූ ලෙස එයට වඩාත් උචිත වචනය "සංචිතය" යන වචනයයි. මම එය නිවැරදි කලා. ඔබට බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  19. එළකිරි සහ උකු ජලය...

    මචං උඹ නරකද මේවගේ දාර්ශනික අදහස් ටිකක් එකතුකරල තිසීස් එකක් ලිව්වොතින්.. ලංකාවෙ එකකටවත් සබ්මිට් කරන්නනං එපා, කෙලින්ම ඔය සුද්දො ඉන්න රටකටම දීපං...Phd එකක් ෂුවර්...

    ReplyDelete
  20. දැන්නේ දැක්කේ එග කතාව. මාත් නියමෙට කාගෙන අන්තයට ආවේ. එලම එල

    ReplyDelete
  21. @ඉන්දික,
    ඔව් මචන්, කිව්වත් වගේ එහෙම එකක් කොරල බලන්න ඕනේ . . . කීයක් විතර යයිද මචං ?
    @ප්‍රියන්ත,
    ස්තුතියි මචෝ . . . !

    ReplyDelete
  22. සක්විත්තා තමා දවසකටවත් මිනිහා. සුද්දාගේත් කනෙන් රිංගුවා එහෙමනම්. කොහොම වුණත් නියම කතාව අයියා :)

    ReplyDelete
  23. අල්ල ගත්ත අල්ල ගත්ත.. ගිය සතියෙ මෑන්ව අල්ල ගත්ත.

    ReplyDelete
  24. sira kathawa! hiki hiki! :) kiyewwa kenekta hithenne mun aththatama sakwiththa laga salli damma kiyala! :D :D ela dumee ayya! niyamai!

    ReplyDelete

Related Posts with Thumbnails