කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියා

Posted by දුමී

දුමීට ඉස්සෙල්ලාම විද්‍යා ප්‍රබන්ධයක් කියවන්න ලැබුනේ අර විදුසර පත්තරේ පටන් ගත්තු දවසෙ ඉඳලා ඒක ගන්න පුරුදුවෙච්ච නිසා. එකේ සතියකට සැරයක් හරිම අපූරු විද්‍යා ප්‍රභන්ධයක් පල උනා. ආතර් සී ක්ලාක් රචනා කරපුවා වගේම ආධුනික රචකයන්ගේ කතාත් පල උනා.

දුමීගේ හිතට මේ ටයිම් ට්‍රැවලින් ගැන උනන්දුවක් ඇති කලේ ඔය විදුසරේ ගිය කතා දෙක තුනක් නිසයි. ඔය කතා කියවපු දවස්වල ඉඳන්ම ටයිම් ට්‍රැවලින් මැෂින් එකක් හදන්න ඕනෙයි කියලා දුමීගේ හිතට තදින්ම කාවැදිලයි තිබුනේ. ඒ නිසා දුමී ඒ දවස්වල ඉඳලම පරණ බල්බ් (විශේෂයෙන්ම ටියුබ් ලයිට් ) , පරණ බැටරි කෑලි, යකඩ ඇණ, බෝල්ට් ඇණ වගේ දේවල් එකතු කලේ මේ ටයිම් මැෂින් එක හදාගන්න. ඒ වගේම පකිස් පෙට්ටි දෙක තුනකුත් හොයාගත්තෙ මේ ටයිම් මැෂින් එකේ බොඩි එක හදාගන්න.

ඔය කාලෙ තමයි ඔය බ්ලේක් සෙවන්, බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා, ස්ටාර් ට්‍රෙක් වගේ අභ්‍යවකාශ කතා සෙට් එකක් ටී.වී එකේ ගියේ. ඔය හැම යානෙකම එක එක බල්බ් පත්තුවෙන නිවෙන ලොකු ලොකු මැෂින් තියෙනවා දැකලා හොයලා බැලුවම කවුදෝ කිව්වා ඕවා හදලා තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් වලින් තමයි කියලා. ඔන්න ඉතින් දුමීටත් ඕනෙ උනේ ඉස්සෙල්ලාම මේ ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් ගැන ටිකක් ඉගෙන ගන්න ඕනෙ කියලයි.මොකද ටයිම් මැෂින් එක හදන වැඩේට ඒවා අනිවාර්යයෙන්ම ඕනෙ වෙන නිසා. ඔය අදහස දුමීලගේ තාත්තට දාන පරක්කුවෙන්ම දුමීව ගොහිල්ලා බැන්දෙව්වා බත්තරමුල්ලේ තියෙන "කැපිටල් රේඩියෝ ටෙලිවිෂන් ස්කූල්" එකට. ඔන්න ඉතින් දුමිත් මාස 8ක් විතර තිස්සෙ ඔකෙන් රේඩියෝ, ඇම්ලිෆයර් වගේ නානා ප්‍රකාර ඉලෙක්ට්‍රොනික් ගැජ මැටික් හදන්න ඉගෙන ගත්තා. කොහොමෙන් කොහොම හරි ගෙදර ඇවිල්ලා දුමිත් දන්න දන්න සෙල්ලම් දාලා රේඩියෝ හදන්න පටන් ගත්තා...! මොන කරුමයක්ද දන්නෙ නෑ හදන හදන රේඩියෝ වලින් අහු උනේම දෙමළ චැනල් විතරයි. ඔන්න ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් දැනුමෙන් ටයිම් මැෂිමක් හදන්න ගියොත් තමිල්නාඩුවෙන් එහාට යන්න වෙන එකක් නෑ කියලා දුමීට හිතිලයි තිබුනේ. ඔන්න එහෙම්මම ඒ මැෂිම හදන වැඩේ අත ඇරලම දැම්මා...

ඊට පස්සෙ ටික කාලෙකට පස්සෙ තමයි අපේ ජයන්ත චන්ද්‍රසිරි ගොයියගේ "දඬුබස්නාමානයයි" ඊට පස්සෙ "කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා" කියන ටෙලි ටික ටී.වී එකේ ගියේ. ඔන්න දැන් දුමීට හරි සතුටුයි. මොකද දැන් ටයිම් මැෂින් එකක් හදන්න ඕනෙ වෙන්නෙ නෑනේ. යෝග පාරක් දාලා කුණ්ඩලීණී යෝගය ලබා ගත්තා නම් ගොඩ. අතීතයටද අනාගතයටද ඕනෙම එකකට සුටුස් ගාලා ගිහිල්ලා එතැහැකි.
ඊටත් පස්සෙ දවසක තමයි දුමීට මෙන්න මේ පින්තූරේ තියෙන පුස්කොල පොත පරණ පොත් ගොඩක තිබිලා හම්බ උනේ. පුරාණ සෘෂිවරයෙක් ලියලා තියෙන පුස්කොල පොතේ නම "කුණ්ඩලීණි ෆොර් ඩමීස් (දුමීස්ද මන්දා )". ඔන්න ඉතින් පුස්කොල පොතේ කියලා තියෙන හැටියට උදේ කෑමට පෙරයි, රෑ කෑමෙන් පස්සෙයි පැය ගානෙ දවසට පැය දෙකක් යෝගේ වැඩුවොත් අවුරුදු 5කින් කුණ්ඩලීණි ලැබෙනවා ෂුවර් කියලා තමයි පොතේ නම් තිබුනේ. ඒත් ඉතින් දවසට පැය දෙකක් ඕකට යොදවන්නෙ කොහොමද කියලා කල්පනා කරපු දුමී අඩු ගානෙ විනාඩි 15ක් හරි යොදවනවා කියලා තමයි වැඩේට බැස්සෙ.

දුමී වැඩේට බැහැලා අවුරුදු 15ක් විතර ගියාට පස්සෙ ඊයෙ පෙරේද දවසක දුමී රෑ කෑමෙන් පස්සෙ කුණ්ඩලීනි යෝගේ වඩමින් තමයි හිටියේ. එක පාරටම "බරස් බරස්" කියලා සද්දයක් ඇහිච්චි නිසා දුමී ඇස් දෙක ඇරලා බැලුවා. ඒත් මුකුත් නැති නිසා ආපහු ඇස් දෙක පියාගෙන යෝගේ වඩන්න පටන් ගත්තා. ආයෙමත් අර "බරස් බරස්" සද්දෙ සැරටම ඇහිච්ච නිසා දුමී ආයෙත් ඇස් දෙක ඇරලා බැලුවා. එතකොට තමයි දුමී දැක්කෙ දුමීගෙ ඉස්සරහා දිලිසි දිලිසි ඔටුන්නකුත් දාගෙන බුවෙක් එරමිණියා ගොතාගෙන ඉන්න හැටි. "ඔබ තුමා කවුද....?" දුමීගේ කඩ හඬත් වෙව්ලනවා....

“දුමී, මම තමයි කුණ්ඩලීනි දෙයියෝ....ඔන්න ඔය සරම ගලවලා දාලා මෙන්න මේක ඇඳගන්නවා දැන්...” එහෙම කියපු කුණ්ඩලීනි දෙයියෝ කහපාටින් මහපු බාච්චුවක් වගේ දිග කලිසමකුයි අත් දිග කමිසෙක්යි දුමී දිහාට විසිකලා.

"ඒ මොකද ඒ...?" අඤ්ඤකොරොස් වෙලා දුමියත් ඇහුවා.

“දැන් තමුන් කුණ්ඩලීනි යෝගෙ ලබලා ඉන්නෙ. ඇහුනේ නැද්ද අර බරස් බරස් සද්දේ...? යෝග ලැබුවහම අඳින ඇඳුම වෙනස් කරන්න ඕනෙ...! හා හා ගලවනවා සරම...!” දෙයියොත් දුමීගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා....

“ඔබ තුමා පොඩ්ඩක් අහක බලා ගන්නවද මට සරම ගලවන්න ?” දෙයියෝ උනත් පොරගේ බැල්ම එච්චර ඇල්ලුවෙ නැති නිසා දුමියත් කියලා දැම්මා.

දෙයියෝ අහක බලනකම් ඉඳලා දුමී සුටුස් ගාල සරම ගලවලා අර කහ පාට බාච්චු කලිසමට බැහැලා අර කහ පාට ෂර්ට් එකත් ඇඳ ගත්තා.

“දැන් දුමී ඔහේගෙ නම අද ඉඳන් වෙනස් කරන්න ඕනෙ. ‘බමන්ත සද්ද’ කියලා.” ඔන්න ආයෙත් දෙයියෝ කියන්න පටන් ගත්තා....

“අර මක්කෙයි අර... මේ යසට තියෙන දුමීගෙ නම වෙනස් කරන්නෙ..? ” මල පැනපු දුමියත් කියලා දැම්මා...

"තමුසෙට කුණ්ඩලීනි ඕනෙද එපාද... ඕනෙ නැත්නම් කියනවා මම වෙන කාට හරි දෙන්නම්....දැන ගන්නවා මේ වගේ යෝග ලැබුනම නම වෙනස් කරන්න ඕනෙ... ඇඳුම වෙනස් කරන්නත් ඕනෙ" දෙයියන්ට මල පැනලද කොහෙද.

"හා හා හරි හරි, ඕක ඉතින් ඔබ තුමා කලින් කිව්වනම් ඉවරයිනේ" අමාරුවෙන් අතට ගත්ත දේ කටේ දාගන්නවත් කලින් මිස් උනොත් කියලා දුමිත් කැමති උනා.

ඔන්න ඉතින් 'බමන්ත සද්ද' කියලා නම වෙනස් කරගත්ත දුමියත් ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කට බලියගෙන දැන් බලාගෙන ඉන්නවා.

"බමන්ත සද්ද, දැන් අහගන්නවා මේ කුණ්ඩලීනි නීති ටික...." දෙයියොත් මහ නපුරු පෙනුමක් ආරුඨ කරගෙනම කියනවා.

"තමුන්ගේ කුණ්ඩලීනි ලයිසන් එක තාම අළුත්. ඒ නිසා වැඩි ඈත යන්න දෙන්න බෑ. අනාගතයට අවුරුදු 100යි අතීතයට අවුරුදු 100යි තමයි පටන් ගන්නකොට දෙන්නෙ. තමුන්ගේ පර්ෆෝමන්ස් බලලා තමයි ඒක වැඩි කරන්නෙ."

“අතීතයට ගිහිල්ලා, අනාගතේදි අදින ස්වීප් ටිකට් ගන්න තහනම්....එහෙම දැනගන්න ලැබුනොත් ඒ වෙලාවෙම කුණ්ඩලීනි ලයිසන් කැන්සල්.”

“අතීතයට ගිහිල්ලා තමුන්ගේ තරහ කාරයන්ට ගේම් දෙන්න තහනම්...”

“මේ ලඟදි එක්කෙනෙක්ගේ ලයිසන් එක කැන්සල් කරා මොකද පොර අනාගතයට ගිහිල්ලා ඒ.ලෙවල්. ඕ.ලෙවල් ප්‍රශ්න පත්තර බලලා අතීතයට ගිහින් ටියුෂන් කඩයක් දාගෙන ඉඳලා. ඒවගේ ඒව කරලා අහු උනොත් දැඩි දඬුවම්..... තේරුනාද ?”

"එතකොට මොනවද මේකෙන් කරන්න පුළුවන්....?" මේ නීති ටික ඇහුවහම මේ රෙද්දෙන් වැඩක් නෑනේ කියල දුමීට, නෑ බමන්ත සද්දට හිතිච්ච නිසා අහලා දැම්මා.

"හොහ් හොහ් හොහ්... ඒක ගිහිල්ලම බලපන් බමන්ත සද්ද ඒක ගොහිල්ලම බලපන්...." දෙයියොත් නක්කල් හිනාවක් දැම්මා....

"හරි මම දැන් කොහාටද ඉස්සෙල්ලම යන්නෙ.....?" බමන්ත සද්ද අහනවා.

"ඔහේ තාම එල් බෝඩ් නිසා හැමතැනම යන්න දෙන්න බෑ. තමන් ඉපදිච්ච රටේ අතීතයට හරි අනාගතයට හරි යන්න පුළුවන්...." දෙයියොත් හරියට අතින් පයින් යනවා වගේ කියනව.

හ්ම්ම්..අතීතයට..? වැඩක් නෑ. බමන්ත සද්දට ඉතිහාසය සහ සමාජ අධ්‍යනයට විශිෂ්ඨ සම්මනයක් තියෙන නිසා අතීතයට ගිහින් වැඩක් නෑ. "හරි මට යන්න ඕනෙ ලංකාවෙ ආශ්චර්යය බලන්න අනාගතේට....." බමන්ත සද්දට කියවුනා....!

කට කොණට නක්කල් හිනාවක් දාගත්ත කුණ්ඩලීනි දෙයියෝ..

"හා හොඳයි එහෙනම්....ගොහිල්ලා එමුකෝ බලන්න......" කියන ගමන් සුටුස් ගාලා අන්තරස්දාන උනා.....









ප.ලි: බමන්ත සද්ද කුණ්ඩලීනි පාවිච්චි කරලා ආශ්චර්යය බලන්න අනාගතේට ගිය හැටි ඊලඟ කොටසෙන් බලාපොරොත්තු වෙන්න....!


picture taken from : http://paranormalspy.com/news/is-that-the-time-it-will-be.html

71 comments :

  1. අඩේ දුමි අයියා, මේ එන පොට මොකක්ද මන්ද...

    ReplyDelete
  2. ඕං ඉතිං කොටස් කළා! දැන් ඉතිං දත විකං බලං හිටපංකෝ ආශ්චර්යය බලන්න :D

    ReplyDelete
  3. balan imu! kawadda kiyanne ashcharya gana?? :D

    ReplyDelete
  4. දුමී ඇයි මතක නැද්ද ඒ දවස් වල ගිය කියන ටීවී සීරීස් එක ? ඒක එනකම් අතේ පයේ සේරම ඇඟිලි ගැන ගැන හිටියෙ අපි සතියකට සැරයක්..හික්ස්.. අර සරම ගලවලා කහපාට බාච්චුව අඳින එක කුණ්ඩලිනී දෙයියො නොදැක්ක එක හොඳා..බමන්ත සද්ද කීවා නම ?හෆොයි !!!!
    අපිටත් ඔය යෝගෙ ලයිසන් ගන්න වෙයි දුමී ඊළඟ කොටසෙ ලියන්නෙ මොනවද බලන්න !

    ReplyDelete
  5. බමන්ත සද්ද කිව්වා....හෙහ් නියමයි..

    බ්ලොග් එකේ මකුළු දෑල් බදින්න ඉස්සර ඉතුරු ටිකත් ලියමු...

    ReplyDelete
  6. හික් හික්.... අපි නොදන්නා යෝග..!!!
    බමන්ත සද්‍ර වෙන්නැති මයේ හිතේ..
    ඔහොම යමුකෝ ඉතුරු ටිකත් ...

    ReplyDelete
  7. යකෝ මාත් මේ අතීතෙට ගිහින් අතීසාරෙ හදාගත්තු බුවෙක් ගැන කතාවක් ලිය ලිය ඉන්නෙ. උඹ හොඳ වෙලාවට අනාගතේට යන්නෙ! හැබැයි පුතෝ ඔහොම ගියොත් නිවාඩුවට යන්න තැනක් හොයාගන්න වෙයිද මන්ද?

    ReplyDelete
  8. සාධු ...!!!! සාධු...!!!සාධු....
    කවුද ඩෝ අපේ දුමී අයියගේ ....

    නැහැ එක්කොත් මක්කටෙයි එව්වා... ඒ දුමි අයියේ.අයිය එක සැරේකුත් ර්රොප්ලේන් එකක නැගල , අනාගත සිරි ලංකාවට ආව නේද..මට පුංචි මතකයක් තියේ එහෙම එකක් ගැන..

    ReplyDelete
  9. සමන්ත බද්ද,
    නුඹ අපේ ආශ්චර්යයේ අනාගතය බලා ගෙන එන තෙක් නොඉවසිලිමත්ව බලා සිටිමි.

    ReplyDelete
  10. නියමයි...... මේ ටිකනම් මරු... බලමුකො ඉතුරු කොටසත්.....

    බමන්ත = බමන + අන්ත
    බමන කියන්නෙ "කැරකෙන" අන්ත කියන්නෙ "අවසාන"
    සද්දන්ත කියන එකේ "න්ත" හලල එහෙම කුණ්ඩලීනි දෙයියෝත් දාල තියෙන්නෙත් මාර තේරුමක් තියෙන නමක් නෙවැ....... දෙයියො සෑහෙන කාලයක් ඇහැ ගහගෙන ඉදල තියෙන හැඩයි.... විශේෂයෙන් පාටි වලදි මධුවිත ගන්නා පිලිවෙල ගැන....... බමන්ත ස්ද්ද..... අවසානයේ කැරකෙන සද්දන්තයා........

    මමත් මාර ආසයි විද්‍යා ප්‍රබන්ධ වලට.... ඒත් කොමඩි ටයිප් විද්‍යා ප්‍රබන්ධ ලියන එකම පොර ඉතින් අපේ දුමී අයිය වෙන්න ඇති.

    ReplyDelete
  11. //...ලයිසන් එක කැන්සල් කරා මොකද පොර අනාගතයට ගිහිල්ලා ඒ.ලෙවල්. ඕ.ලෙවල් ප්‍රශ්න පත්තර බලලා අතීතයට ගිහින් ටියුෂන් කඩයක් දාගෙන...// සුපිරියි.

    ලයිසෝන් කැන්සල් වෙන්න කලින් ආශ්චර්යය ගැන ඉක්මනට ලියමු.

    ReplyDelete
  12. හික්... අයියේ ඉස්සර විතරක් නෙවෙයි දැනුත් නවකයෝ හදන රේඩියෝ වල අහුවෙන්නේ දෙමළ චැනල් විතරයි... අත්දැකීමෙන් කියන්නේ...

    ReplyDelete
  13. මාගේ පලමු කොමෙන්ටුව මේ :D මෙතුවක්කල් කියෙව්ව පමණයි.. කියවන්න පටන්ගත්තේ දූමී අයියගේ ලංකාවේ දියුණුවේ හීනෙන්.. ඒ මීට ගොඩක් කාලෙකට කලින්.. ඔක්කෝම කථා කියෙව්වා.. මේකේ දෙවෙනි එක එනකම් වෙයිටින්ග් :)

    ReplyDelete
  14. අඩේහ්.... දැන්නේ මීටාර් වුනේ.. බමන්ත සද්ද = සමන්ත බද්ද :P

    ReplyDelete
  15. මේකේ දැඩි දඩුවමුත් ඉන්නවා සමන්ත ** ත් ඉන්නවා තව කවුරු හැංගිලා ඉන්නවද දන්නේ නෑ....ඉස්සරහට පට්ට කථාවක් එයි වගේ අර අරාබි ගෑනුන්ගෙන් පරාල ඇණ කිලෝ ගනන් අයින් කරන සීන් එක වගේ අනේ ඊලග එක ඉක්මන්ට දාන්නෝ.........

    ReplyDelete
  16. හිකිස්.... දුමියො සොරි සොරි බමන්ත.. ඔය පොරට යටින් ගනක් දීල ටැම්පරියක්වත් දාගන්න බැරිවෙයිද? මොකද මේ යන විදිහට ලංකාවෙ ආශ්චර්යය බලන්න ඔය ක්‍රමේ ඇරුනම වෙන ක්‍රමයක් නම් නෑ ආයෙ දෙයියං පා... පුලුවං නං ටැම්පරියක් බැරිනං දඩකොලයක්වත් සෙට් කරල දීහං.

    ReplyDelete
  17. පොඩි උදව්වක් කරල දෙන්න බැරිද කියල අහන්නකො මේ පාර එ්ලෙවල් රිසල්ට් එයිද නැද්ද කියල :/

    ReplyDelete
  18. අඩේ මටත් ඔය කුණ්ඩලීනී යෝගය වඩන්න ආසාවක් ආවා. ඔය කියන පුස්කොළ පොත නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඕනා. කාලය හරහා යන්න පුලුවන් නම් වෙන මොනාද ඉතින් !!

    ReplyDelete
  19. අලුත්ම කෑල්ලක් නියම විද්‍යා ප්‍රභන්දේ. මට නිකම් බමන්ත ස්මන්ත සමන්ත සමන්ත භද්‍ර බද්‍ර බ්ද්‍රහ් වගේ කියවෙනවා. ඇයි ඒ? අනාගතේ නියමෙට ඇති නේද? කවුද දැන් අලුත් රජ කෙනෙක්ද ඉන්නේ? අර පරණ කෙනාගෙම කවුරු හරිද ? වෙන්න රජ්ජුරුවෝ යහතින්ද? අර කෙලී ළමයා දැන් වයසද? තාම කෑල්ලද?

    ReplyDelete
  20. උඹ හොඳයි දුමී අයියෙ . . මම හදපු රේඩියෝ එකට දෙමල චැනල් එකක්වත් අහු උනේ නෑ . . .

    ප.ලි.
    අතීතෙට ගොහිල්ල ගේම දෙන්න තහනං තමංගෙ තරහකාරයන්ට විතරද කියල හරියටම හොයල බලන්න . . . මට පොඩි ඇරියස් දෙක තුනක් තියනව අල්ලන්න

    ReplyDelete
  21. මමත් අර පොත හොයාගෙන වැඩේට බහින්න ඕනේ..කොහොම හරි අවුරුදු 15කින් හරි බැරියැ කාල තරණය කරන්න..ඒක නෙවි ඔය පොත දෙන්න බැරිද පොටෝ කොපියක්වත් ගහගන්න..

    ReplyDelete
  22. මගේ පෙර කමෙන්ට් එකෙ Time Tunnel T.V. Series කියන කෑල්ල හැලිලා අෆ්ෆා..
    දුමී ඇයි මතක නැද්ද ඒ දවස් වල ගිය Time Tunnel කියන ටීවී සීරීස් එක ? ඒක එනකම් අතේ පයේ සේරම ඇඟිලි ගැන ගැන හිටියෙ අපි සතියකට සැරයක්..හික්ස්.. අර සරම ගලවලා කහපාට බාච්චුව අඳින එක කුණ්ඩලිනී දෙයියො නොදැක්ක එක හොඳා..බමන්ත සද්ද කීවා නම ?හෆොයි !!!!
    අපිටත් ඔය යෝගෙ ලයිසන් ගන්න වෙයි දුමී ඊළඟ කොටසෙ ලියන්නෙ මොනවද බලන්න !
    ඔන්න හරි කමෙන්ට් එක..

    ReplyDelete
  23. හික් හික් ඉක්මනින් අපිටත් අනාගතේ ගැන කියන්න

    ReplyDelete
  24. අනාගතේ ගැන දැනගන්න ආසාවෙන් හිඳිමි.. තේරුණු විදිහට පංකාදු වැඩකට තමයි අත ගහලා තියෙන්නේ.. හැමදාම නිකංම නිකං හිනස්ස හිනස්ස ඉන්නේ නැතුව... ඔය හැකියාවෙන් මොකක් හරි පොරොජං වැඩක් කොරන එක කොයිතරං දෙයක්ද..?

    ReplyDelete
  25. එලාරව දැක්කා වගේම තියේවිද මංදා මේකත්....... හික්ස්....

    ReplyDelete
  26. සුදු ප්ලේන් එකක් ලෑස්ති කරගන්න ලමායි....

    ReplyDelete
  27. හැබැයි දුමී අයියේ... ඔන්න මං නොකිවයි කියන්න එපා හරිය. ඊළඟ කොටස ඉක්මනින් ලියල පළකරේ නැති නම්...අනාගතේ නෙමෙයි වර්තමානයෙත් දුමි අයිය කියල කෙනෙක් හිටිය ද කියල සොයන්න වෙයි හරිය....

    ReplyDelete
  28. මේ පාර එන පොට හොඳ නෑ වගේ දුමී ..ඔය දෙයියා මොනා කරයිද දන්නේ නෑ..ඔයාට කුන්ඩලනී යෝගයෙන් ලැබුන වරම අපිටත් දෙන්න...

    ReplyDelete
  29. ගියාට කමක් නෑ දුමී. ගිහින් ඇවිත් සාස්තර එහෙම කියන්න පටන් ගන්නවා නෙමෙයි අරී..

    ReplyDelete
  30. මෙ කතාව ආර්පිකො නෙමෙයි නේද ?

    ReplyDelete
  31. ඔය පොත අපටත් ඉල්ලගන්ට බැරිවෙයි නේද?

    හැබැයි නත්තල් කාලෙට බමන මත වැඩිවුනාමත් ඔහොම හීන පේනවලු.

    ReplyDelete
  32. මට මතකයි කාලෙකට ඉස්සල්ලත් අනාගතේට ගිහින් හම්බන්තොට ගුවන් තොටුපලට ගොඩ බැස්සා මේ සැරේ ඊට එහා යන්න වගේ

    ReplyDelete
  33. කංචු ගේ කතාව ඇත්ත..

    බමන්ත සද්ද = කැරකෙන සද්දන්තයා.

    නියම කතාවක් එන්ට වගේ.

    ReplyDelete
  34. සරම ගලවනව කුණ්ඩලීනි දෙයියො දැක්කනං බමන්ත සද්දට ඔක්කොම යෝග ටික එකපාරටම ගන්න තිබුණ.

    ReplyDelete
  35. බොට කියන්න මාත් ඒ දවස්වල ඇන්ටනා කෑල්ලකට පීකර් එකක් කිට්ටු කොරලා ඒකට තියලා බැඳලා හැදුවා රේඩියෝවක් හදන්න..මොන..ඒකෙන් සද්දේ ඇහුනේ නැහැනේ...

    දැන් මට කියහං මේක ඉවර වෙන්නේ කොතනින්ද කියලා..කොහොම උනත් මං එකක් දන්නවා තෝ හීනෙන් අවදි වෙන්නේ සරම නැතිව තමා... ඒත් අර බරස් බරස් සද්දේ තමා පොඩි අවුලකට තියෙන්නේ...

    ReplyDelete
  36. අනේ අනේ තාම L bord ද?

    ReplyDelete
  37. දැන් මේ ඔය බෝල කළු විල දිහාට කිට්ටු පාතකත් බමන්ත කෙනෙක් සද්දේ දාගන ඉන්නවා කියල මට මේ කටාර් වලටම නිවුස් එකක් අවා.. දැන් ඉතින් තව බමන්ත කෙහෙන් ඔහෙන්ම සෙට් උනාම?? අඩේ අප්පා... අර ගිනි අවි සහ ගිනි කෙලි සීන් එක යයිද දන්නේ නෑ..

    ReplyDelete
  38. දැන් ඉතිං මේක දුමි අය්යා දැන්ම ලිවුවේ නැත්නම් අපිටත් ඔය යෝගෙ කරල අනාගතේට යන්න වෙනව ඉතුරු කොටස බලන්න :D

    ReplyDelete
  39. කොටස් කිහිපයකින් ඉවර නොකලොත් රංගගේ කතාවම තමයි කියන්න වෙන්නේ...

    ReplyDelete
  40. බලමු ඉතින් ඉස්සරහට දුමී දකින සිරි ලංකාව කොයි වගේ වේවිද කියලා . මම හිතන්නේ මන්නාරමේ තෙල් ටික හාරලා ගොඩ අරගෙන අපේ රට එකම එක සුර පුරයක් වෙලා මිනිස්සු සල්ලි උඩ වැටිලා නටනවා . ඔයාට දකින්න ලැබේවි ..

    ReplyDelete
  41. ෂා...හරිම නිර්මාණාත්මක හීන නේ දුමී ට පේන්නේ :)

    ReplyDelete
  42. මමත් මේ දෙවනි කොටස ලියනකම් බලන් ඉන්නේ.. කොයි වගේ ආතල් එකක් වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
  43. මාරම අයිඩියා එකක් දුමී අයියා. ඊළග කොටස එනකල් බලාගෙන ඉන්නවා....

    ReplyDelete
  44. මේකෙන් බැරිද අනාගතේ අපිට සෙට් වෙන කෙල්ලො කවුද කියලා දැන ගන්න? එහෙම වුනොත් බයක් සැකක් නැතුව ගිහින් අහන්න පුලුවන් කැමතිද කියල..

    ReplyDelete
  45. මැරුම් නොකා දාපිය යකෝ ඉතුරු ටික

    ReplyDelete
  46. අනාගතේ වෙනස් කරන්ඩ එහෙම බැරිද දන්නේ නැහැ නේ...

    ReplyDelete
  47. 2012 එහාට යන ගියර් එක දාහං. 2012 ගැන උඔ අෆිට කියලනෙ තියෙන්නෙ.
    .........

    පුද්ගලිකයි රහසිගතයි

    වොනීං එකක් දමා ගැනීම සම්බන්ධව

    ආදරණීය ඇඩ්මින්තුමනි,

    මේ බ්ලොග් එකෙ තියෙන වැදගත්ම, උත්කෘෂ්ඨම, විශිෂ්ඨම වගේම කොටින්ම කිව්වොත් පට්ටම පට්ට හෙවත් එළම එළ උනත් වෙලාවකට චාටර්ම ලක්ෂණය තමා එක දිගට හිනා නොගොස්, වරින් වර බකස් බකස් යන නාදයෙන් තැනින් තැන හිනා යාම.

    ඒ හින්දම වැඩපොලේදී, පන්තියේදී, කැෆේ එකේදී වගේ තැන් වලදී මෙම අඩවිය කියවද්දි අපට පරිසං වීමට සිදුවී ඇත්තෙ, ඔවුන් අප කුදලාගෙන ඕනයාලගේ මහගෙවල් පැත්තට යන බසයට නැංවීමේ ලොකු අවධානමක් ඇති හන්දයි.

    තවද ගෙදරදී උනත් ශබ්ද නගා කැකිරි පැලීම මගින්, ඔවුන්ට ඇසෙන සේ නැවත නැවත කියවීමට පවා සිදු වූ වාර අනන්තයි. එතකොට හකුද රිදෙයි.

    ඒ අනුව මෙම අඩවියට පිවිසෙන පාඨකයන්නෙ හිත සුව පිණිස පිවිසීමේදී අර අහවල් එව්වට යද්දි වගේ වෝනිං එකක් දමා මුඛ මෙව්වා එකක් දමාගෙන කියවන මෙන් දන්වන අවවාද කරන කෑල්ලක් දමන මෙන් මම ඇඩ්මින් තුමාට යෝජනා කරමි.

    මීට,
    කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

    ReplyDelete
  48. අපිට කොයින්ද කුණ්ඩලිනී ??? ඉතින් දුමී අයියා අනාගතේ ආශ්චර්යය බලලා එනකල් අපි ඉන්නම්... හැබැයි බලාගෙන, දුමී අයියට ඔක්කාරෙට එයිද දන්නෑ... :P:P:P

    ReplyDelete
  49. හුටා දුමී අයියා යන්නද හදන්නෙ අනාගතේට, අනේ අයියෙ බලං වරෙං බයෙ පොඩි එකාට ඉස්කෝලයක් හම්බුවෙයිද කියල.

    ReplyDelete
  50. ඉක්මනට අනික් කොටසත් දාපන්.....අපිටත් ලංකාවෙ ආශ්චර්ය බලන්න ඕනේ...................

    ReplyDelete
  51. මට අර බමන්ත සද්ද පේන්නේම සමන්ත බඩ්ඩ වගේනේ............. ඒ මොකද ඈ ඒ? ඔයා අනාගතේට කියලා තායිලන්තේ පැත්තේ එහෙම යයිද මන්දා

    ReplyDelete
  52. සිකේ............ කැවා කැවා කෝ ඉතිරිටික :D අහෝ අයිස්චර්යේ.......... ;)

    ReplyDelete
  53. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  54. මරු නම...බමන්ත සද්ද.. බලමුකෝ ඊළග කොටස..
    අයියට සුබ නව වසරක් වේවා..

    ReplyDelete
  55. සුභ නව වසරක් වේවායි පතනවා...අයියණ්ඩිට...!

    ReplyDelete
  56. Wish You A Very Happy New Year filled with lots of love and joy ...

    ReplyDelete
  57. බමන්ත සද්දට පස්සෙද සමන්ත භද්‍රට ලයිෂන් හම්බුණේ එහෙමත් නැත්නම් ඊට කලින්ද :))

    ReplyDelete
  58. මාත් කාලයක් ඔය රේඩියො හැදුවා... උබට දෙමළ චැනල් හරි අහු උනානේ.. මට මෙලෝ උලව්වක් නෑ...

    බමන්ත සද්ද කිව්ව නම... අනේ හොඳයි... කෝකටත් බොරලැස්ගමුව පැත්තෙ නොයා යන තැනක... හික් හික්....

    ReplyDelete
  59. කෝ මේ ආශ්චර්ය? තාම නැතෙයි??

    ReplyDelete
  60. මමත් ඔය විදුසරේට විද්‍යා ප‍්‍රබන්ධ ලීවා... දෙක තුනක් පළවුණා.... ආයේ හොයාගෙන දාන්න ඔනේ බ්ලොග් එකේ... හුක් හුක් හුක්.... එළ කතාව ඈ....

    ReplyDelete
  61. දෙයියා නක්කල් හිනාවක් දැම්මේ ආශ්චර්ය හැමදාමත් එකම තැන වගේ කියලද දන්නේ නෑ..

    ReplyDelete
  62. බමන්ත සද්දට මොකද වුණේ ???

    ReplyDelete
  63. මෙක කියවලනම් ගොඩාක් කල්. ආශ්චර්ය බලල අවිත් ද කියල බලන්න අවෙ... දුමිය ඔක දනකොට ඒව අතීතය වේද දන්නෙ නෑ

    ReplyDelete
  64. හෑ... ඒ ඒ දෙයියව පොඩ්ඩක් මුණ ගැහෙන්න එපොයින්මන්ට් එක්ක ගන්න බැරි වෙයිද මන්දා.. :)

    ReplyDelete
  65. ඉතිං ඊට පස්සේ???

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  66. අන්න දුමී අයියේ උඹේ ඕක රංගයා හොරකං කරල.. ඌ අනාගතේට ගිහිං කියන්නේ...

    ReplyDelete
  67. ඔය බමන්ත සද්ද... සමන්ත බද්ද කිවුවෙ අපේ සමන්තභද්‍ර උන්නාන්සෙ ලබපු ධ්‍යාන ගැන හෙම නොවේ වෙන්නැ. සමාවෙන්ට වැරදි නම්.. මොකද ඒ උන්නාන්න්සෙත් ඔහ විදියටම දීර්ඝ කාලීන බාවනාවකින් ලු නෙව ප්‍රත්‍යක්ශ කරගත්තෙ....!!!!

    ReplyDelete
  68. හික්ස් මටත් තිබුනනෙ ඉස්සර විද්‍යා ප්‍රබන්ධ උණක් හිහී..

    ReplyDelete
  69. සුපිරි...
    උදේ පාන්දර කිය්වන්න ගත්තා...

    ReplyDelete
  70. කෝ දෙවෙනි එක ලිව්වද ???? ලින්ක් එක දෙන්නකෝ මචෝ .....

    ReplyDelete

Related Posts with Thumbnails