දුමී බබා කාලේ - එන්ටද ඩ්‍රැගන් ?
Posted by
දුමීලගේ ගෙදරට ඉස්සෙල්ලාම ටී.වී එකක් ගෙනාවෙ 1979 දිහාවෙ. දුමීලගේ තාත්තා රට ගිහිල්ලා එනකොට ටී.වී එකක් විතරක් නෙමෙයි තඩි වීඩියෝ ප්ලේයර් එකකුත් ගෙනාවා. ටී.වී එකේ ජාතිය Sanyo. හරියටම ඔය පින්තූරෙ තියෙන ජාතියේ ටී.වී එකක්. තඩි නොබ් දෙකක් එක්ක ඔන් ඕෆ් කරන්න ඉස්සරහට අදින්නයි පස්සට දාන්නයි පරණ කාර් එකක් ගියර් එක වගේ බටන් එකක් තිබුනා මතකයි.
ටී.වී එක දාන වෙලාවට මුළු කළුබෝවිල පීරිස් මාවතේම ඉන්න කොල්ලො කුරුට්ටො ඔක්කොම ටික එනවා ටී.වී බලන්න දුමීලගේ ගෙදර. ජනෙල් අස්සෙන්, ජනෙල් කූරු වල එල්ලිලා උන් ටී.වී බලනවා. සමහර දවස්වලට අම්මගෙන් දෝස් මුරේ ලැබෙනවා ඒ ගොල්ලන්ට මොකද අම්මා අමාරුවෙන් වවාගත්ත බිගෝනියා, ඇන්තූරියම්, ඕකිඩ් වගේ වල් පැල ටික අරුන් ඇවිත් පාගලා, මල් පෝච්චි කඩලා විනාස කරලා යන නිසා. හැබැයි දුමී නම් හරිම කැමතියි ඒ කොල්ලෝ කුරුට්ටෝ ටික එනවට. මොකද දුමීලත් එක්ක සෙල්ලම්කරන්න එහෙම හිටපු ගැන්සිය තමයි ඒ. ඒත් එක්කම ඔය වල් පැලයක් දෙකක් පෑගිලා මැරිලා යන එකටත් දුමී ඒ හැටි අමනාපයක් දැක්කුවෙ නැත්තෙ හවසට අම්මගේ වදේට පැලවලට වතුර දාන්න වෙනකොට, වතුර දාන්න වෙන එක පැලයක් හරි අඩු වෙන නිසා.
ඒ දවස්වල මාසෙකට සැරයක් සෙනසුරාදා රෑට සිංහල ෆිල්ම් එකක් යනවා. ඒ දවසට මුළු ගමේම ගෑණු ටික දුමීලගේ ගෙදර පිරිලා. ඉතින් දුමීලගේ ගෙදරත් පැදුරු එලලා දීලා, කට්ටියට මාරි බිස්කට් එකක්, තේ කහට ටිකක් එහෙම හදලා දීලා සංග්‍රහ කරනවා ෆිල්ම් එක යන වෙලාවට. ඒ වගේ දවස්වලට පහුවෙනිදා උදේ පාන්දරම ගෙදර වැඩට ඉන්න දයාගේ මැසිවිල්ල තමයි ඇහෙන්නෙ. "මේකනම් කරන්න බෑ නෝනා... මුන් ඇවිත් බයිස්කෝප් විතරක් බලලා යනවනං මදෑ......... මේ බලන්න මේ පැදුරෙ චූත් කරලා...!" පැදුරු ටික අව්වේ දාලා පොල් කුඩු දාලා බිම මදින ගමන් දයා එහෙම කියපු සෑහෙන්න වාර ගානක් දුමීට මතකයි. එහෙම උනා කියලා තව කාලාන්තරයක් යනකං ටී.වී එකේ සිංහල ෆිල්ම් එකක් පෙන්නන දවස් වලට දුමීලගේ ගෙදර ප්‍රජා ශාලාවක් වෙන එක නැවතුනේ නෑ.
දයා කියන්නෙ දුමීට මතක ඇති කාලෙ ඉඳන්ම දුමීලගේ ගෙදර වැඩ පල වලට උදව් දීගෙන ගෙදරම නතරවෙලා හිටපු ගෑණු මනුස්සයෙක්. දයත් එක්ක දයාගේ දුව බට්ටිත් දුමීලගේ ගෙදර නැවතිලා තමයි හිටියේ. බට්ටිට තාත්තා කෙනෙක් හිටපු බවක් නම් දුමී කවදාවත් දැකලාවත් අහලවත් තිබුනේ නෑ. දයා ඇවිල්ලා ක,ක,ක ජාතියේ එක්කෙනෙක්. ඒ කියන්නෙ කළු, කොට, කැත සහ බත දිහා බැලුවම හොද්ද පේන තරම් වපරයක් තිබුනු පොඩි එවුන් දැකපු ගමන් බය වෙන ජාතියේ එක්කෙනෙක්. ගති ගුණත් ඒ පෙනුමට හරියන විදිහට තමයි තිබුනේ. අම්මා, ආත්තම්මා වගේ අය වට පිට ඉන්නකොට හරිම බය පක්ශපාතව හැසුරුනත් ඒ ගොල්ලො අහල පහල නැති වෙලාවට නිතරම කේන්තිගන්න ඒ වගේම දුමීලව, නංගිලව සහ නැන්දගේ පුතාලව කොනිත්තන එක දයා කවදාවත් නැවැත්තුවෙ නෑ. ඉතින් දුමීලත් පුළු පුළුවන් වෙලාවට දයාටත් රිටර්න් එක දෙන්න අමතක කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට සම්බෝල කඩන, ටින් කඩන සෙල්ලම් එහෙම කරන වෙලාවට දයා ලඟ පාතක හිටියොත් බෝල පාරවල් දෙක තුනක් නොකා දයා ගියේ කලාතුරකින් තමයි. දයාට දුමීලත් එක්ක සෙල්ලම් කරන්න නිතර යන එන අහල පහල කොල්ලො කුරුන්ටන්ව පෙන්නන්න බැරි වෙන්නත් ඒක එක හේතුවක් උනා.
ඔය කාලේ දුමීලගේ ගෙදර අයගේ ජීවිත වලට අළුතෙන්ම ඇතුළු වෙච්චි විනෝදාංශෙ තමයි මේ වීඩියෝ ෆිල්ම්ස් ( ප්‍රායෝගික භාෂාවෙන් කියනවන් වීඩියෝ පීස් ) බලන පුරුද්ද. ගොඩක් වෙලාවට රට ගිහිල්ල නිවාඩුවට ගෙදර එන තාත්තාගේ යාළුවන්ගේ අතේ තාත්තා නා නා ප්‍රකාර වීඩියෝ කැසට් එවන්න පුරුදු වෙලා හිටියා. ඔය කාලේ දුමීගේ වීරයෝ වෙලා හිටියේ 25කට 30කට තනියෙම ගහලා බිම දාන බෲස් ලී, ඒ වගේ අහසට පැනලා, කැරකිලා, සෙල්ලම් දාලා හතුරන්ව බිමට සමතලා කරලා දාන අමිතාබච්චන්, තොප්පියක් දාගෙන අස්සයගේ පිටේ ගිහිල්ලා රතු ඉඳියන් කාරයන්ව පෙනේර කරන කව්බෝයිලා වගේ අය. ඔය අතරින් බෲස්ලි උන්මාදය කොච්චර දරුණුද කියනවනම් දුමීගේ ඉස්කෝලේ යාළුවන් අතර තරඟ පවා තිබුනා බෲස්ලීගේ ස්ටිකර් වැඩිම ගාණක් පොත් බෑග් එකේ අලවන්න. ඒ තරඟ වලින් හැමදාම දින්නෙ දමින්ද කියලා දුමීගේ යාළුවෙක්. දමින්ද ඉස්කෝලෙ අරගෙන ආපු පොඩි සූට් කේස් එකේ ඇතුළු පැත්තෙ විතරක් නෙමෙයි, පිටත පවා බෲස්ලිගේ ස්ටිකර් තොග ගාණේ අලවලා තිබුනා. ඒ කාලේ දුමිත් සිහින මැව්වේ දමින්ද වගේ බෲස්ලිගේ ස්ටිකර් මහ ගොඩක් අලවපු සූට් කේස් එකක හිමි කාරයෙක් වෙන්න.
දුමීලගේ ගෙදර වීඩියෝ එකක් තියෙනවා කියලා මුළු කළුබෝවිලම දැනගෙන තමයි තිබුනේ. ඒ කාලේ හිටපු ගමන් ජීවිතේට නොදැකපු සමහර අය එනවා වීඩියෝ කැසට් උස්සගෙන ඒවා බලන්න කියලා. මුලදි කීප දෙනෙකුට එහෙම බලන්න අවස්ථාව දුන්නත් මේක කරදරයක් වෙන තරමට වැඩි වෙච්ච නිසා දුමීලගේ කොච්චර අකමැත්ත පිට උනත් පහු වෙනකොට ඒ කැසට් අරන් එන අයට අහන්න ලැබුනේ "අනේ, අපේ වීඩියෝ එක දැන් ටික දවසක ඉඳන් කැඩිලනේ..." කියන වචන සෙට් එක. ගොඩක් වෙලාවට වත්තට ඇතුළුවෙන තැන ඉඳන්ම මේ වාක්‍යය සෙට් එක කියන්න දයා පුරුදු පුහුණු වෙලා හිටියේ. නාඳුනන අයට විතරක් නෙමෙයි, දුමිත් එක්ක සෙල්ලම් කරන්න එන කොල්ලෙක් විඩියෝ කැසට් එකක් අරගෙන ආවත් දයා මේ වාක්‍යය සෙට් එක කියලා හරවලා යවපු අවස්ථා දුමීට යාළුවන්ගෙන් දැන ගන්න ලැබුනා. හැබැයි බෲස්ලිගේ ෆිල්ම් බලන්න දයාටත් තිබුනේ පුදුම පෙරේත කමක්. බෲස්ලිගේ ෆිල්ම් එකක් අරගෙන ආපු කෙනෙක්ව දයා කීයටවත් හරවලා ඇරියෙ නෑ. ඉතින් දුමිත් යාළුවන්ට කියලා තිබුනා දයා එන්න දුන්නෙ නැත්නම් අතේ තියෙන්නෙ බෲස්ලිගේ ෆිල්ම් එකක් කියලා දයාට කියන්න කියලා.
දවසක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් විජය පත්තරෙත් කියව කියව අම්ම බෙදල දුන්න බත් එකට වග කියන කොට මිදුලේ ඉඳන් දයා කාටදෝ බැනිනව ඇහිච්ච අම්මා ඇහුවෙ
"දයා, කාටද කෑගහන්නෙ...." කියලයි.
“මේ අර විදුලි බල මණ්ඩල ගෙදර සුමනෙගේ ලොකු එකානේ නෝනා. මොකක්ද මන්දා කැසට් පීස් එකක් උස්සගෙන ඇවිත්...”
"ඉතින් දයා ඇයි බනින්නෙ....?"
"ඌ එන්ටද කියලා ඇහුවා....මම එපා කිව්වා....මේ අසමජ්ජාතියා මට ඉංග්‍රීසියෙන් නමකුත් පට බැන්දනේ නෝනා..."
"ඒ මොකක්ද දයා...."
"ඩ්‍රැගන්.... කියලා...! ඌ මගෙන් අහනවා 'එන්ටද ඩ්‍රැගන්' කියලා. ආවොත් එහෙමනම් මම කඩනවා ඕකගේ කකුල්....!" දයා කොස්සත් අරගෙන ආපහු මිදුලට බැස්සේ අපිට ඇහෙන්න තරම් තදින් දත් මිටි කාලයි.
ප.ලි : ඊටත් කාලෙකට පස්සෙ ගෙදර හොරකමක් කර අසුවී ගෙදරින් යන්න සිදුවෙන කල්ම අහල පහල කොල්ලො කුරුට්ටෝ දයාට "එන්ටද ඩ්‍රැගන්" කියා කෑගසා දිවීමත්, උන් පස්සෙ ටික දුරක් ඉදලත් උස්සගෙන දිවීමත් සෑම දවසකම වගේ වෙන සාමාන්‍ය දෙයක් බවට පත් උනා.
චැනල් මාරු කරනකොට ටොක ටොක ටොක කියලා නොබ් එක එහාටයි මෙහාටයි කරකවන්න ඕනෙ. කොහොමත් ටී.වී එක ගෙනැල්ලා වැඩි කාලයක් යනකන් ඒ චැනල් මාරු කරන එක එච්චර ප්‍රොයෝජනවත් උනේ නෑ මොකද ඒ කාලේ තිබුනේ අයි.ටී.එන් එක විතරයි. වීඩියෝ රෙකෝඩර් එකේ ජාතිය Mitsubishi. හරියටම මේ පින්තූරෙ තියෙන්නෙ ඒක. බර කිලෝ 20කට එහා පැත්තෙ. තනිකරම පරණ මිට්සුබිෂී මෝටර් සයිකලයක් විතර සයිස් යකඩගොඩක්.
මම හිතන්නෙ ඒ දවස්වල මුළු කළුබෝවිලටම ගෙනාපු පලවෙනි ටී.වී එක තමයි දුමීලගේ ටී වී එක. කලින් කිව්වත් වගේ ඒ කාලේ ලංකාවටම තිබුනේ අයි.ටී එන් චැනල් එක විතරමයි. ඒකත් තාත්තා එනකොට ගෙනාපු ඇන්ටනා එකට හරියට අහු උනේ නෑ. පස්සෙ ගෙදර පිටිපස්සෙ තිබුනු කොස් ගහ මුදුනෙනුත් හැතැප්මක් විතර උඩට යකට බටයක් හයි කරාට පස්සෙ තමයි ඔන්න යාන්තන් ඒ චැනල් එක හරි පෙනුනේ. ඒ පෙනුනත් හරියට පැහැදිලිව පෙනුනේ නෑ. තිත් ගොඩවල් එක්ක තමයි පින්තූර පෙනුනේ. අනිත් එක දුමීට මතක විදිහට හවස 6ට තමයි චැනල් එක පටන් ගන්නෙ. ඊට පස්සෙ රෑ 10ට ඉවරයි. මතක විදිහට නම් ඒ දවස්වල පටන් ගත්ත ගමන්ම යන්නෙ සැසම්-ස්ට්‍රීට්, ඊට පස්සෙ මපට් ෂෝ. තව කතා කරන අස්සයෙක්ගෙ ප්‍රෝග්‍රෑම් එකක් ගියා මිස්ටර් එඩ් කියලා. බදාදා දවස්වල ගියා හරිම බය හිතෙන සීරීස් එකක් ඩොකටර් හූ කියලා. ඩොක්ටර් හූ එක පටන් ගන්නකොට යන මියුසික් එකේ ඉඳලම දුමී ඒකට මර බයයි. හැම බදාදාම ඉක්මනටම තියෙන දෙයක් කාලා දුමී ඇඳට පනිනවා අර මියුසික් එක ඇහෙන්න කලින් නිදාගන්න.
ටී.වී එක දාන වෙලාවට මුළු කළුබෝවිල පීරිස් මාවතේම ඉන්න කොල්ලො කුරුට්ටො ඔක්කොම ටික එනවා ටී.වී බලන්න දුමීලගේ ගෙදර. ජනෙල් අස්සෙන්, ජනෙල් කූරු වල එල්ලිලා උන් ටී.වී බලනවා. සමහර දවස්වලට අම්මගෙන් දෝස් මුරේ ලැබෙනවා ඒ ගොල්ලන්ට මොකද අම්මා අමාරුවෙන් වවාගත්ත බිගෝනියා, ඇන්තූරියම්, ඕකිඩ් වගේ වල් පැල ටික අරුන් ඇවිත් පාගලා, මල් පෝච්චි කඩලා විනාස කරලා යන නිසා. හැබැයි දුමී නම් හරිම කැමතියි ඒ කොල්ලෝ කුරුට්ටෝ ටික එනවට. මොකද දුමීලත් එක්ක සෙල්ලම්කරන්න එහෙම හිටපු ගැන්සිය තමයි ඒ. ඒත් එක්කම ඔය වල් පැලයක් දෙකක් පෑගිලා මැරිලා යන එකටත් දුමී ඒ හැටි අමනාපයක් දැක්කුවෙ නැත්තෙ හවසට අම්මගේ වදේට පැලවලට වතුර දාන්න වෙනකොට, වතුර දාන්න වෙන එක පැලයක් හරි අඩු වෙන නිසා.
ඒ දවස්වල මාසෙකට සැරයක් සෙනසුරාදා රෑට සිංහල ෆිල්ම් එකක් යනවා. ඒ දවසට මුළු ගමේම ගෑණු ටික දුමීලගේ ගෙදර පිරිලා. ඉතින් දුමීලගේ ගෙදරත් පැදුරු එලලා දීලා, කට්ටියට මාරි බිස්කට් එකක්, තේ කහට ටිකක් එහෙම හදලා දීලා සංග්‍රහ කරනවා ෆිල්ම් එක යන වෙලාවට. ඒ වගේ දවස්වලට පහුවෙනිදා උදේ පාන්දරම ගෙදර වැඩට ඉන්න දයාගේ මැසිවිල්ල තමයි ඇහෙන්නෙ. "මේකනම් කරන්න බෑ නෝනා... මුන් ඇවිත් බයිස්කෝප් විතරක් බලලා යනවනං මදෑ......... මේ බලන්න මේ පැදුරෙ චූත් කරලා...!" පැදුරු ටික අව්වේ දාලා පොල් කුඩු දාලා බිම මදින ගමන් දයා එහෙම කියපු සෑහෙන්න වාර ගානක් දුමීට මතකයි. එහෙම උනා කියලා තව කාලාන්තරයක් යනකං ටී.වී එකේ සිංහල ෆිල්ම් එකක් පෙන්නන දවස් වලට දුමීලගේ ගෙදර ප්‍රජා ශාලාවක් වෙන එක නැවතුනේ නෑ.
දයා කියන්නෙ දුමීට මතක ඇති කාලෙ ඉඳන්ම දුමීලගේ ගෙදර වැඩ පල වලට උදව් දීගෙන ගෙදරම නතරවෙලා හිටපු ගෑණු මනුස්සයෙක්. දයත් එක්ක දයාගේ දුව බට්ටිත් දුමීලගේ ගෙදර නැවතිලා තමයි හිටියේ. බට්ටිට තාත්තා කෙනෙක් හිටපු බවක් නම් දුමී කවදාවත් දැකලාවත් අහලවත් තිබුනේ නෑ. දයා ඇවිල්ලා ක,ක,ක ජාතියේ එක්කෙනෙක්. ඒ කියන්නෙ කළු, කොට, කැත සහ බත දිහා බැලුවම හොද්ද පේන තරම් වපරයක් තිබුනු පොඩි එවුන් දැකපු ගමන් බය වෙන ජාතියේ එක්කෙනෙක්. ගති ගුණත් ඒ පෙනුමට හරියන විදිහට තමයි තිබුනේ. අම්මා, ආත්තම්මා වගේ අය වට පිට ඉන්නකොට හරිම බය පක්ශපාතව හැසුරුනත් ඒ ගොල්ලො අහල පහල නැති වෙලාවට නිතරම කේන්තිගන්න ඒ වගේම දුමීලව, නංගිලව සහ නැන්දගේ පුතාලව කොනිත්තන එක දයා කවදාවත් නැවැත්තුවෙ නෑ. ඉතින් දුමීලත් පුළු පුළුවන් වෙලාවට දයාටත් රිටර්න් එක දෙන්න අමතක කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට සම්බෝල කඩන, ටින් කඩන සෙල්ලම් එහෙම කරන වෙලාවට දයා ලඟ පාතක හිටියොත් බෝල පාරවල් දෙක තුනක් නොකා දයා ගියේ කලාතුරකින් තමයි. දයාට දුමීලත් එක්ක සෙල්ලම් කරන්න නිතර යන එන අහල පහල කොල්ලො කුරුන්ටන්ව පෙන්නන්න බැරි වෙන්නත් ඒක එක හේතුවක් උනා.
ඔය කාලේ දුමීලගේ ගෙදර අයගේ ජීවිත වලට අළුතෙන්ම ඇතුළු වෙච්චි විනෝදාංශෙ තමයි මේ වීඩියෝ ෆිල්ම්ස් ( ප්‍රායෝගික භාෂාවෙන් කියනවන් වීඩියෝ පීස් ) බලන පුරුද්ද. ගොඩක් වෙලාවට රට ගිහිල්ල නිවාඩුවට ගෙදර එන තාත්තාගේ යාළුවන්ගේ අතේ තාත්තා නා නා ප්‍රකාර වීඩියෝ කැසට් එවන්න පුරුදු වෙලා හිටියා. ඔය කාලේ දුමීගේ වීරයෝ වෙලා හිටියේ 25කට 30කට තනියෙම ගහලා බිම දාන බෲස් ලී, ඒ වගේ අහසට පැනලා, කැරකිලා, සෙල්ලම් දාලා හතුරන්ව බිමට සමතලා කරලා දාන අමිතාබච්චන්, තොප්පියක් දාගෙන අස්සයගේ පිටේ ගිහිල්ලා රතු ඉඳියන් කාරයන්ව පෙනේර කරන කව්බෝයිලා වගේ අය. ඔය අතරින් බෲස්ලි උන්මාදය කොච්චර දරුණුද කියනවනම් දුමීගේ ඉස්කෝලේ යාළුවන් අතර තරඟ පවා තිබුනා බෲස්ලීගේ ස්ටිකර් වැඩිම ගාණක් පොත් බෑග් එකේ අලවන්න. ඒ තරඟ වලින් හැමදාම දින්නෙ දමින්ද කියලා දුමීගේ යාළුවෙක්. දමින්ද ඉස්කෝලෙ අරගෙන ආපු පොඩි සූට් කේස් එකේ ඇතුළු පැත්තෙ විතරක් නෙමෙයි, පිටත පවා බෲස්ලිගේ ස්ටිකර් තොග ගාණේ අලවලා තිබුනා. ඒ කාලේ දුමිත් සිහින මැව්වේ දමින්ද වගේ බෲස්ලිගේ ස්ටිකර් මහ ගොඩක් අලවපු සූට් කේස් එකක හිමි කාරයෙක් වෙන්න.
දුමීලගේ ගෙදර වීඩියෝ එකක් තියෙනවා කියලා මුළු කළුබෝවිලම දැනගෙන තමයි තිබුනේ. ඒ කාලේ හිටපු ගමන් ජීවිතේට නොදැකපු සමහර අය එනවා වීඩියෝ කැසට් උස්සගෙන ඒවා බලන්න කියලා. මුලදි කීප දෙනෙකුට එහෙම බලන්න අවස්ථාව දුන්නත් මේක කරදරයක් වෙන තරමට වැඩි වෙච්ච නිසා දුමීලගේ කොච්චර අකමැත්ත පිට උනත් පහු වෙනකොට ඒ කැසට් අරන් එන අයට අහන්න ලැබුනේ "අනේ, අපේ වීඩියෝ එක දැන් ටික දවසක ඉඳන් කැඩිලනේ..." කියන වචන සෙට් එක. ගොඩක් වෙලාවට වත්තට ඇතුළුවෙන තැන ඉඳන්ම මේ වාක්‍යය සෙට් එක කියන්න දයා පුරුදු පුහුණු වෙලා හිටියේ. නාඳුනන අයට විතරක් නෙමෙයි, දුමිත් එක්ක සෙල්ලම් කරන්න එන කොල්ලෙක් විඩියෝ කැසට් එකක් අරගෙන ආවත් දයා මේ වාක්‍යය සෙට් එක කියලා හරවලා යවපු අවස්ථා දුමීට යාළුවන්ගෙන් දැන ගන්න ලැබුනා. හැබැයි බෲස්ලිගේ ෆිල්ම් බලන්න දයාටත් තිබුනේ පුදුම පෙරේත කමක්. බෲස්ලිගේ ෆිල්ම් එකක් අරගෙන ආපු කෙනෙක්ව දයා කීයටවත් හරවලා ඇරියෙ නෑ. ඉතින් දුමිත් යාළුවන්ට කියලා තිබුනා දයා එන්න දුන්නෙ නැත්නම් අතේ තියෙන්නෙ බෲස්ලිගේ ෆිල්ම් එකක් කියලා දයාට කියන්න කියලා.
දවසක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් විජය පත්තරෙත් කියව කියව අම්ම බෙදල දුන්න බත් එකට වග කියන කොට මිදුලේ ඉඳන් දයා කාටදෝ බැනිනව ඇහිච්ච අම්මා ඇහුවෙ
"දයා, කාටද කෑගහන්නෙ...." කියලයි.
“මේ අර විදුලි බල මණ්ඩල ගෙදර සුමනෙගේ ලොකු එකානේ නෝනා. මොකක්ද මන්දා කැසට් පීස් එකක් උස්සගෙන ඇවිත්...”
"ඉතින් දයා ඇයි බනින්නෙ....?"
"ඌ එන්ටද කියලා ඇහුවා....මම එපා කිව්වා....මේ අසමජ්ජාතියා මට ඉංග්‍රීසියෙන් නමකුත් පට බැන්දනේ නෝනා..."
"ඒ මොකක්ද දයා...."
"ඩ්‍රැගන්.... කියලා...! ඌ මගෙන් අහනවා 'එන්ටද ඩ්‍රැගන්' කියලා. ආවොත් එහෙමනම් මම කඩනවා ඕකගේ කකුල්....!" දයා කොස්සත් අරගෙන ආපහු මිදුලට බැස්සේ අපිට ඇහෙන්න තරම් තදින් දත් මිටි කාලයි.
ප.ලි : ඊටත් කාලෙකට පස්සෙ ගෙදර හොරකමක් කර අසුවී ගෙදරින් යන්න සිදුවෙන කල්ම අහල පහල කොල්ලො කුරුට්ටෝ දයාට "එන්ටද ඩ්‍රැගන්" කියා කෑගසා දිවීමත්, උන් පස්සෙ ටික දුරක් ඉදලත් උස්සගෙන දිවීමත් සෑම දවසකම වගේ වෙන සාමාන්‍ය දෙයක් බවට පත් උනා.
දුමී අවුස්සල තියන්නේ නම් මාරම සුන්දර මතකයක්. කියලා වැඩක් නැහැ ඒ කාලේ දැන් අපේ ළමයි කිව්වට විශ්වාස කරන්නේත් නැහැ. අපි මුලින්ම ටී. වී බැලුවේ අපේ මාමාගෙ ගෙදරින්. ඒත් තාත්තා ගෙනාවා ඔය වගේම තඩි ටී වී එකක්. අපේ අම්ම වැඩිය පොත් බලන්න හුරු කෙනෙක් නිසා අපිට වැඩිපුර ඕකෙ අසල ගැවසෙන්න දුන්නේ නැහැ. මට තාමත් ඒ නිසාද කොහෙද ටී වී ඇලජික්. මගේ දුවත්ටත් ඕක ඇලජික්. හාමිනේත් කැමැත්තක් නැහැ. ඒත් ඒ කාලේ සිංහළ ෆිල්ම් එකනම් වරද්දන්නේ නැතුව බැලුවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete'එන්ටද ඩ්‍රැගන්? මට මතක උනෙම දැනටත් අපි විහිලුවට කියන්නේ එන්ටද ඩ්‍රැගන් එන්ට එපාද ඩ්‍රැගන් කියලා .. හිහි
ReplyDeleteසුන්දර මතක අහන්නත් ආසයි..
එන්ටද දූමි කියලා ඇහුවනම් තමා වැඩේ වෙන්නේ.
ReplyDeleteමාත් එන්ට ද ඩ්‍රැගන්..?? හික්ස්..
ReplyDeleteවෙදනා කිවුවා සේ ඒවා හරිම සුන්දර මතක නෙවැ.. අර Doctor Who සීරීස් එක (series 6) තාම මෙහෙ යනවා, ඒක පට්ට පරණ ෂෝ එකක් නේ.. 1963 පටන් ගත්තෙ, ලෝකෙ දිගම TV ෂෝ එක විදියට ගිනස් පොතේ තියෙන්නෙ මේක තමා..
පට්ට මචං පට්ට.. ඇඬෙනවා.. අපෙත් ඕකම තමයි කතාවා. ගෙදර කස්ටිය නැති වෙනකම් ඉන්නවා නිලක් බලන්න. පීස් එකක් හොයාගෙන සෙට් වෙන කොට. 50-60 පිරෙනවා. පුදුම රස කතා තියෙනවා. පස්සේ වෙලාවක ලියන්නම්..
ReplyDeleteඅපි ඕ ලෙවල් කරන කාලෙ අපේ ගෙදර විතරයි දවල්ට කවුරුවත් නැත්තෙ . . . පොඩි කාමරයක් කුලියට අරං අපි ඒ දවස් වල නුගේගොඩ හිටියෙ . . . පංතියෙ කොල්ලො ඔක්කොම වැල පීස් අරගෙන දවල්ට අපේ ගෙදර . . . සමහර එවුං අතමාරුව දාගන්නව කාමරේ ඇතුලෙම . . විස්සක් තිහක් විතර පැක් වෙලා ඉන්න වෙලාවට . . .
ReplyDeleteචිත්‍රපටි බලන්න හැතැප්මක් විතර දුර පයින් ගිය හැටි මටත් මතකයි..හැබැයි මට මතක සෑළාගෙ වාහිනියෙ බදාදා රෑට ගිය සිංහල චිත්‍රපටිය..මම ඒ කාලෙ හිතාගන හිටියෙ TV එකේ පෙන්නන්නෙ ඔය චිත්‍රපටිය විතරයි කියලා..පස්සෙ කාලෙ අර You Just Wait කාටුන් එකත් බැලුවා.
ReplyDeleteහප්පච්චියේ වීඩියෝ බැලිල්ලත් ඊට දෙවෙනි නෑ...හැබැටම දැන් විඩියෝ පීස් ගෙවල් වල තියනවද?
එන්ට එපාද ඩ්‍රැගන් කියලත් කතාවක් තියෙනවා. පස්සෙ කියන්නම්!
ReplyDeleteලඩ්කාවට ටීවී එන්නත් කලින්, 1976 විතර පාදුක්කෙ තියෙන චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙ සැටලයිට් හරහා ටීවී බැලීමේ හැකියාව තිබිල තියෙනව... මේ ගැන ඊයෙ පෙරේදා දවසක මගෙත් එක්ක කිවුවෙ අපේ ප්ලෑනින් මැනේජර්. එයා ඒ දවස්වල කැම්පස් ඉන්න කාලෙ බලන්න ගිහින් තියෙනව. කොටින්ම ඒ දවස්වල කැම්පස් එකේ හිටපු කථිකාචාර්‍යවරුත් එයාලගේන් ඒ ගැන ඇහුව කියල තමා එතුමා කිවුවෙ...
ReplyDeleteඅම්මෝ.මාර අතීතෙකට හිත ගියා..
ReplyDeleteඅපේ සෙට් එකත් ඉස්කෝලෙ යන කාලෙ පොසොන් එක එනකන් ඇගිලි ගනිනවා.දහයක් පහලවක් සෙට් වෙලා අපේ ගෙදර එනවා පොසොන් බලන්න කියලා.ඒ එනකොට අවුරුද්දටම ඇති වෙන්න බලන්න තරමෙ ඩෙක් පීස් උස්සන් එන්නේ(වර්ගෙ ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනේ). ගෙදර කවුරුවත් හිටියෙ නැති නිසා දවස් දෙකට ගේන ඔක්කොම බලනවා. ආයෙ මොන පොසොන්ද? යනකොට හුගක් එවුන්ට කොන්දෙ අමාරුව, දනිස් අමාරුව.. :)
හැබැයි ගෙවල් වලට ගිහින් කියන්නේ මිහින්තලේ නැගලා කියලලු.
හප්පා...අපේ ගෙදරත් තිබ්බේ ඔය වගේ යකඩ ගොඩවල් තමා.
ReplyDeleteඅයි.ටී.එන්. ශාන් වික්‍රමසිංහ වගේ නමක් තිබ්බ, උපාලි විජේවර්ධන, ජේ. ආර්. ලොක්ක වගේ කට්ටියට නෑ කමක් තිබ්බ කෙනෙක්ගෙ.
හයට විතර නැවකට තිත් එක්ක, 'සෙසමි ස්ට්‍රීට්' බැලුව තාම මතකයි, කුරුණෑගල
ඉඳල සති අන්තෙට එහෙම ගෙදර ආවම.
පස්සෙ කාලෙක 'ප්‍රේමෙ' මුළික වෙලා දෙමව්පියන්ට වැඳල එහෙම, හයට පටන් ගත්ත ප්‍රෝග්‍රෑම්.
තාම මතකයි, අපේ සාලෙට අලුතින් පුටු සැට් එකක් ගන්න වුනා ටී.වී. ප්‍රේක්ෂකයෝ තිබ්බ එක හම ගහලම දැම්ම නිසා.
හෙහ්..හෙහ්.. දුමී අරං ගියා මාව අමතක වෙලා තිබ්බ අතීතෙකට, තෑන්ක්ස්.
අර ඕනයා කියන එව්වත් බැලුවෙම නැද්ද දුමී අයියේ ?
ReplyDeleteඅපේ තාත්තත් ඉස්සර ගේනවා ඩෙක් පීස්..දත කට මැදගෙන ඉන්නේ නිවාඩු කාලේ එනකං! :) දැන් උන් කැසට් පීස් අඳුරන්නෙත් නැති එකේ ඩෙක් පීස් ගැන කවර කතාද?
ReplyDeleteඅම්මෝ දැන් නම් ඩෙක් පීස් දකින්නත් ආසයි, ප්ලේයර් ඊට හපන් මම හිතන්නේ!
ReplyDeleteහප්පේ කලුබෝවිල දුමී මහත්තයෝ.. කවුද බ්ලොග් එකක් ලියන බව මතක් කරලා දීපු පින්වතා.. අනේ ඇත්තමයි බන් අයියේ අනන්තවත් මේකට ඇවිල්ලා මාරියා කියන්නේ බඩුවක්ද කියලා අහලා හැරිලා ගියා.. ප්‍රේක්සක ජනතාව ගැන අබමල් රේණුවක අනුකම්පාවක් නැති හැටි..
ReplyDeleteකොහොම නමුත් කාලෙකට පස්සෙ හරි ගෙනාපු කතාවනම් මැස්සා... අනේ හැබෑටම අර ගේනිට බෝලෙන් නෙලන එකනම් මැවිලා පේනවා.. මොනවද හොරකම් කළේ ඒ මනුස්පයා...
අපොයි දයාගේ ඩ්‍රැගන්...
ReplyDeleteමතකෙට ආව ටික කමෙන්ට් එකක් හැටියට ලියන්න බැරි තරං..පෝස්ට් එහෙකට කරුණු ඇත...
අපේ ගෙදරත් ඔය ජාතියේ ටීවී එකක් තිබුනා.ඒක ඩේට්‍රෝන්, කලුසුදු එකක්... හැබැයි අපි පොඩි කාලෙනං TNL ,MTV එහෙමත් පටං අරං
ReplyDeleteමේ කතාව කියවන කොට අපේ පොඩි කාලෙට හිත ගියා.හරිම ලස්සනට සරලව ලියලා තියෙනවා.එක හුස්මට කියෙව්වා.
ReplyDeleteදුමී මල්ලිගෙ අතීතයතම මටත් තියෙනවා.. අහල පහල ගෙවල වල තිබ්බ ටීවී එකක් බලන්න යනවා අපිත්.. ඇන්ටනාව උසම කොස් ගහේ ඉඳලත් තවත් අඩි 20ක් විතර උඩ.. ඇන්ටනාව කරකවලා ටියුන් කරන්න කොස් ගහට නගින ජොබ් එක හැමදාම කලේ එකෙක්..ඌට අපෙන් මාර සැලකිලි..
ReplyDeleteඅපිට නම් පොඩි කාලේ ඉදන්ම ටීවී තිබුණා නොවැ. ඔච්චර දුකක් විඳින්න තිබුණේ නැහැ. අපි 89 දරුවෝ නේ :))
ReplyDeleteදුමියා අපිව ගෙනිච්ච ඈත . මැක්සා පෝස්ට් එක අයියන්ඩි !!
ReplyDeleteඅපේ ගමටත් මුලින්ම ටීවී එකක් ගෙනාවේ අපේ තාත්තා . එයා ග්‍රාමසේවක කෙනෙක් නිසා ඉතින් ඒ කාලේ ගමේ හෙන පිලිගැනීමක් තිබ්බා අද කාලේ වගේ නෙවෙයි . ඉතින් ගමේ බුවාලා අපේ ගෙදර ටීවී බලන්න එනකොට දඩමස් එහෙමත් අරගෙන එනවා අනික එලියේ තියන බ්ංකුවල ඉඳගෙන ටීවී බැලුවා මිසක්ක ගේ ඇතුලට ආවේ නෑ ..
මට යාන්තමට වගේ මතකයි ඒ එකදහස් නවසිය අනූ ගනං . අපේ ටීවී එකත් ඔය වගේම එකක් ඒක සිංගර් එකක් කලු සුදු එකක් අහු වුණේ ජාතික සහ අයිටී එන් විතරයි .
මම කරපු පවක් හින්දද මන්දා අන්තිමේදී මට ඒ ටීවී එකෙන් ගැලවෙන්න බැරි වුණා . ටිකෙන් ටික ගමේ ඉන්න හැම එකාම ටීවී ගනිද්දී අන්තිමේදී අපේ ගෙදරට හොඳ වර්ණ රූපවාහිනියක් ගේන්න මූල්‍යප්‍රතිපාදන එකතු කරගන්න ලැබුනේ 2007දී එතකල්ම අපි අර පරන ටීවී එක පට්ට ගැහුවා .
ඔය ටීවී පෝස්ට් එක නිසා මටත් සිද්දියක් මතක් වුණා .
කෝ දැන් බට්ටිට මොකෝ උනේ?
ReplyDeleteඔච්චර හොඳට හිටපු කෙනා මොකද හොරකන් කරන්න පුරුදු.මතක් වෙද්දී හිනා යන පොස්ට් එකක්
ReplyDeleteඅපේ ගෙදර මුලින්ම තිබුණෙත් ඔය නොබ් දෙක තියෙන ටීවී එකක් තමයි... හැබැයි මම නම් ටොක ටොක ටොක කියලා හෙමින් චැනල් එක මාරු කලේ නෑ... මම මාරුකලේ ටර්ර්ක් කියලා එකපාරින් කරකවලා... :D
ReplyDeleteඩෙක් පීස්, හා හාපුරා වැල බැලූ හැටි ගැන නම් කතාකරන්න ගත්තොත් ඉවර නොවේ...
අරේ මරේ රේඩියෝ ශෝ එකේ... මරේ ආත සීඩී ඩූම් කියලා සීඩී ශොප් එකක් දාලා ඒකේ යන දෙබසක් මතකද?
අරේ - මොනවද තියෙන හින්දි ෆිල්ම්?
මරේ - ආ... තියෙනවා කොයි මිල්ගයා
අරේ - කොයි මිල්ගයාද?
මරේ - කොයි මිල්ගයාද නෙමෙයි අනේ කොයි මිල්ගයා
අරේ - ඒක තමයි අහන්නේ? කොයි මිල්ගයාද?
මරේ - ඒ කියන්නේ?
අරේ - මිල්ගයා කොයි එකද..?
අර බුරා කියල තියෙන්න වගේ ඔය ඩොක්ටර් හූ තාම යනව. අපේ ඔෆිස් එකේ ඉන්න හද්ද නාකි හරියට නිකන් පොඩි එවුන් වගේ ඕක බලල ඇවිත් පහුවදාට කියවනව.
ReplyDeleteදූමී,
ReplyDeleteඅපේ සීය තමා මුලින්ම අපේ තාතතලාගෙ ගමට ටීවී එකක් ගෙනල්ලා තියෙන්නෙ. (කොපියක් නෙමේ ඇත්තම කතාව)
අර කියනවා වගේ සීමිත පැය ගානයිනෙ ටීවී එක වැඩකරන්නෙ. ඊටත් වැඩිය වැඩිහරියක් පාට කොටු දාලා තියෙනවා. පස්සෙ රූපවාහිණිනී කුරුල්ලා.
මිනිස්සු ඇවිල්ලා මිදුලේ ඉදගෙන ටීවී එක දිහා බලගෙන ඉන්නවලු. වැඩසහනක් නැතත් කුරුල්ලා දිහා. ඒ ගොල්ල සීයට කියනවලු අනේ මාමේ වැඩසටහන් මොකදට කුරුල්ලා දිහා බලාගෙන හිටියත් සැපයි කියලා.
...........
කාලනිර්ණය-
ඒක පිලිප්ස් ටිවී එකක්. පස්සෙ කාලෙක තෑග්ගක් හැටියට මට ලැබුනා. ඔය උඩ සිද්දි වෙද්දි මම නෑ. අපේ සීයලා ටීවී එක ගේන්න ඇත්තේ දුමියලාගේ තාත්තා ගෙනාවට කාලෙකට පස්සෙ වෙන්ඩැති. ටීවී එක කලුසුදු එකක්. චැනල් මාරු කර්න්න තිබුනේ. කාර් කැසට් සිස්ටම් එකකට සමාන විදිහට. ඒ කියන්නෙ බටන් 10ක් තිබ්බා. අදාල එක එබුවම ඒ චැනල් එක පේන්න. අර කිව්වත් වගේ එක චැනල් එකයිනෙ තිබුනේ එකාලේ.
අනිත් එක තමා ඒකාලේ එයිටීඑන් කියලා එක්ක කොහොමත් නෑ අපේ පැතිවලට. ජාතික එක තමා බලලා තියෙන්නෙ. කුරුල්ලා බලල තියෙන්නෙ ඒකනෙ. ඒතෙන් පේනවා දුමීලා ටීවී අරං කාලෙකට පස්සෙයි අපේ සීයා ටීවී එකක් අරන් තියෙන්නෙ කියලා.
බීට්ල්,
ReplyDeleteමතකද "වීදිය බණ්ඩාර මාවත...."
දෙන්නා කතාවෙන්නෙ එක්කො බණ්ඩාර මාවත කියලා දාන්ඩ ඕනේ නැත්තං බණ්ඩාර වීදිය කියලා දාන්ඩ ඕනැ කියලා
මට මතක් උනේ ඉන්ට නෙට් දාන්ට කතාව....:D
ReplyDeleteඅපේ ගෙදරට ටීවී එකෙක් ගෙනාවෙ 88දී විතර.නැශනල් එකක් කලුසුදු.ගොඩාක් කල් පාවිච්චි කරා ඒක.
ReplyDeleteහික් හික්.....
ReplyDeleteඑන්ටද ඩ්‍රැගන්... එන්ට එපාද ඩ්‍රැගන්........:ඪ්ඪ්ඪ්ඪ්ඪ්
එච්චර කාලයක් හිටිය කෙනෙක් හොරකමක් කරයි කියලා හිතන්න අමාරුයි දුමී අයියා, අනේ මන්දා ඒ ගැනත් ලියලා දානවනම් හොඳයි...
"ක,ක,ක ජාතියේ එක්කෙනෙක්" අදමයි මෙහෙම හැඳින්වීමක් ඇහුවේ......
අපිත් පොඩිකාලෙ මේ ළඟ තිබිච්ච ගෙදරක තිබ්බ ටීවී එකකින් තමයි ෆිල්ම් බැලුවෙ. ඒක හෝටලයක්. ෆිල්ම් එක තියෙන දවසට මේසෙ උඩ පුටුවක් තියල ඒක උඩ ටීවී එක තියල තමයි තියෙන්නෙ කට්ටියට බලන්න.
ReplyDeleteඇයි නයිට් රයිඩර්, ජෙමිනි මෑන් එහෙම. නයිට් රයිඩර් නං ඊට පස්සෙ කීප පාරක්ම පෙන්නුවනෙ.
@වෙද ගෙදර මහ වෙදනා,
ReplyDeleteඒ සුන්දර මතකයන් අපේ හිතේ හැන්ගිලා අපි නොහිතන වෙලාවල්වලට උඩට මතු වෙනවා. ඒ වෙලාවට ඇස් දෙක පියාගෙන ඒවා විඳිනවා වගේ ආශ්වාදයක් තවත් නෑ.
අද අපේ ළමයි ඉන්ටර්නෙට් ගේම්ස් සහ ප්ලේ ස්ටේෂන් ගේම්ස් වලින් සතුටු උනාට අපි ඒ කාලෙ ඇට්ටේරියා අතු වලින් දුනු ඊතල හදලා කෙසෙල් ගස්වලට ඉරටු ඊතල වලින් විදල ගත්ත අත්දැකීම ලබන්නෙ නෑ....
@වර්ණා ,
ඉතින් වර්ණා මොන ඩ්‍රැගන්ටද එන්න එපා කිව්වෙ ?
@prasanna86k ,
එහෙම ඇහුවනම් අනිවාර්යයෙන්ම ඇතුලේ....!
@Buratheno,
ReplyDeleteඑන්ට එන්ට බුරා.... කාගෙන් තහනම්ක්ද ?
ඩොක්ටර් හූ අළුතෙන් යන සීරීස් එකක් තියෙනවා කියලා මමත් දැක්කා....! ලංකාවෙ යන්නෙ පරණ ඩොක්ටර් හූ එකද නැත්නම් අළුත් සීරීස් එකද ?
@මාතලන් ,
ඇඬෙනවා නේන්නම් ඇඬෙනවා නේන්නම්, හැබැයි ඔය වීඩියෝ ඩෙක් එකෙන්නම් මම ජීවිතේට නිලක් බලලා නෑ...(තාත්තා බැළුවද දන්නෙ නෑ ඒ කාලෙ )...මොකද මම ගොඩක් හිච්චි එකා ඕක ගේනකොට...! (79 දි මට වයස 4යි නෙව ) කොහොමත් පැඟිරි වයසට එනකොට ඔය ඩෙක් යකඩ ගොඩ ගොඩ ගන්න බැරි වෙන විදිහටම කැඩිලා....!
@ඕනයා,
පසු කාලීනව ඔය වගේ අත්දැකීමුත් බර ගාණක් තියෙනවා තමයි. පස්සෙ ලියන්න හිතාගෙන තමයි ඉන්නෙ... බලමු බලමු...!
@ලකී,
තාත්තට පින් සිද්ද වෙන්න ලංකාවෙ ටී.වී පටන් ගත්ත කාලෙම රූප පෙට්ටියක් ගෙදරට ගෙනාපු නිසා මට නම් හැතැප්ම ගණන් යන්න උනේ නෑ... හැබැයි සමහර අය නම් හැතැප්ම ගණන් ගෙවලා අපේ ගෙදර ආව මතකයි කැසට් කෑලි උස්සගෙන...!
හප්පා, You Just Wait ! ඕක අමතක වෙන්න කාටද බොලේ... ඉස්සර ආසම කාටූන් එකක්නේ....! දැන්නම් බලපු කාලයක් මතක නෑ...! ටොරන්ට් වලවත් තියෙනවද කියලා හොයලා බලන්න ඕනෙ පොඩි එවුන්ට පෙන්නන්න....!
@ලකී,
ReplyDeleteYou just wait කාටූන් එකේ ඔක්කොම එපිසෝඩ් තියෙන ටොරන්ට් එකක් මේක...! මමනම් ඩව්න්ලෝඩ් කරගන්න දැම්ම... මේක බලනකොට අනිවා පොඩි කාලෙට පාවෙලා යයි.....!
You just wait - torrent
@මිගාර,
හොඳා හොඳා කියමු කියමු බලන්න එහෙනං...! මමත් ඕක ලාවට ලාවට අහලා තියෙනවා වගේ මතකයි....!
@'සුළඟ',
මමත් ඔය කතාව අහලා තියෙනවා.... ගොඩක් වෙලාවට ඒකට අහුවෙලා තියෙන්න රුසියානු සැටලයිට් වලින් විකාශය කරපු රුසියානු කොමියුනිස්ට් වැඩසටහන්....!
@නාකියා,
ReplyDeleteනාකියා ඉන්නෙ අනුරාධපුරේද ? කමක් නෑ ඒකත් ඉතින් එක්තරා විදිහක පින්කමක් තමයි...!
@Observer,
ඔබා මාමම අයියා ඉතින් යකඩ ගොඩවල් එක්ක හැප්පෙන මිනිහා නිසා අර ආස හිතෙන්නෙ ඇති...! ඔව් අප්පා...! මතක් වෙනකොටත් ඇඬෙනවා...! ඒ කාලෙ ප්‍රෝග්‍රෑම් නම් සිරාම සිරා...! සැසමිස්ට්‍රීට් වලට පස්සෙ මපට් ෂෝ...!
@Indunil,
හික් හික් හික් මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනෙමද ?
@Sabith,
ඕව ඔහොම තමයි....! හැබැයි අපේ ගෙදර නම් තාම VHS කැසට් කීපයක් තියෙනවා....! වීඩියෝ ප්ලේයර් එකකුත් තිබුනා මෑතක් වෙනකන්ම...!
@ලහිරු,
තාමත් සමහර ගෙවල් වල VCR තියෙනවා මම දැකලා තියෙනවා...! මෙහෙ ඩුබායි වලත් තාම විකුනන්න තියෙනවා.....! VCR සහ DVD කොම්බෝ ප්ලේයර්....!
@lahirucc,
ReplyDeleteහප්පේ පහුගිය දොහේ හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැතිව නෙව හිටියේ....! මොනව උනත් මේ පැත්තෙ ඇවිත් ගියාට ගොඩක් ස්තූතියි....! දැන් ඉතින් පොඩි ට්‍රයි පාරක් දානවා සතියකට එක පෝස්ට් එකක් හරි දාගන්න....!
පොඩි පොඩි හොරක්ම් නම් ගොඩක් කරලා අහුවෙලා තිබුනා... පස්සෙ මහා පරිමාණෙන් හොරකම් කරන්න පටන් ගත්තට පස්සෙ අපේ ආත්තමා ඒ මනුස්සයව ආපහු තියාගත්තෙ නෑ...!
@මාරයාගේ හෝරාව,
හරි හරි මාරයා ගොයියෝ, එහෙනම් ඉතින් ඒ මතක් වෙච්චි දේත් පෝස්ට් එකක් විදිහට දැම්මා නම්...!
@තීර්ථ යාත්‍රිකයා,
හප්පා MTV සහ TNL පටන් ගත්තෙ ගොඩක් කාලෙකට පස්සෙ. මට මතක විදිහට ඉස්සෙල්ලාම ITN ඊට පස්සෙ රූපවහිනි තමයි අපිට තිබුනේ ගොඩක් කාලයක් යනකන්ම...
@JHOTHISHALANKA,
ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කියවලා කමෙන්ට් එකක් කාරිය දාල ගියාට. සුන්දර දේවල් ලියනකොට නිකන්ම සුන්දර විදිහට ලියවෙනවා මම නම් හිතන්නෙ....!
@Weni,
මෙච්චර කාලයක් මේ බ්ලොග් අවකාශෙ මට "දුමී මල්ලි" කියලා කතා කලේ වෙනියා විතරයි.... හික් හික් හික්...!
එතකොට වෙනියට හැමදාම කොස් ගහට වෙලා ඉන්න වෙන්න ඇති නේද ටී.වී බැලිල්ල කෙසේ වෙතත්...?
@Hasitha,
ආ.. ඒ වෙනකොට අර ඔබා මාමා අයියා කිව්වා වගේ ප්‍රේමදාස උන්නැහේ ටී වී පටන් ගන්න කලින් පන්සිල් අරන් අම්ම තාත්තට වැඳල තමයි ටී.වී පෙන්නුවේ....!
ලංකාවෙ තාම ඕක යනවද කියලානං දන්නෙ නෑ බං, මං කිවුවෙ UK වල තාම යනවා කියලා..
ReplyDeleteඅමතකද බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා, බක් රොජර්ස් එහෙම.. :)
මම පරක්කු වෙලා අයියන්ඩි....වැඩ අයියෝ...
ReplyDeleteමමනම් ඔය 79 පැත්ත පලාතක ඉදලා නෑ..අපේ ගෙදරත් තිබුනා මට මතක කාලේ සින්ගර් කළු සුදු ටි.වි එකක්...
මට මතකයි අපේ අම්මා කියනවා...රටේ ලොකේ ගෑණු ඔක්කොම පුතේ ටි.වි බැලුවට මොකද මන් කරේම ඇන්ටනාව කරකවපු එක ඒ ඈයොන්ට බලන්න කියලා....හි හි...ඒකත් මරු ජොබ් එක තමයි....
ඇයි මුල් කාලේ ටීවී ෂෝරූම් ලඟ හවස් වෙද්දී ඉන්න සෙනඟ?
ReplyDeleteඅපි ඉස්සර කියන්න් එන්ටද ඩ්‍රැගන් පාර්ට් ටූ-එන්ට එපාද ඩ්‍රැගන් කියල.තව ඔය එවන්ඩද ගැරඬියා වගේ හදාගත්තු නම් තිබුන. පොඩි කාලෙ ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. බෲස්ලීගේ මම කැමතිම ෆිල්ම් එක.
ReplyDelete@හිස් අහස,
ReplyDeleteඅපේ ගෙදරට මුලින්ම ගෙනාපු සැන්යෝ ටී.වී එකත් සෑහෙන්න කාලයක් පාවිච්චි කරා මට මතකයි. පස්සෙ කාලෙ චැනල් වැඩි වෙන්න වැඩි වෙන්න සහ අපි ලොකු වෙන්න ලොකු වෙන්න චැනල් වලට ගහ මරාගන්න හින්දා ගෙදරට ටී.වී 3ක් විතර සැරින් සැරේ අරගෙන ආවා. අක්කටයි නංගිටයි වෙන වෙනම ටී.වී දෙකක් ගෙනැල්ලා දුන්නට පස්සෙ අරෙ වලි නැවතුනා. මමත් මල්ලිත් අනිත් ටී.වී එකේ සහයෝගෙන් ටී.වී බැලුවා.
@මහිම මදුරංග,
මම අන්තිමට බට්ටිව දැක්කෙ ඒ ගොල්ලෝ ගෙදරින් යනකොට. එතකොට බට්ටිට අවුරුදු 5ක් 6ක් විතර ඇති. ඊට පස්සෙ ආරංචියක් නෑ...!
@අසරණයා,
කාලෙක ඉඳන් පොඩි පොඩි හොරකම් කරලා අහුවෙලා තිබුනා. කොටින්ම අපේ තාත්තා මට ගෙනැත් දීපු ගේම් ඇන්ඩ් වොච් එකකටත් බැස්ටිය දීලා තිබුනා. පස්සෙ ටිකක් බරපතල, සමාව දිය නොඇහැකි මට්ටමට වැඩ දික් ගැස්සුනහම අපේ ආත්තම්මා දයාට ගෙදරින් යන්න කිව්වා....!
@Beetle,
ඔව් ඔව්, මමත් ටොක ටොක කියලා හිමින් කරකවන්නෙ අම්මා හරි කවුරු හරි වැඩි හිටියෙක් ලඟ පාතක හිට්යොතින් තමයි. නැතිනම් මමත් කැරකෙව්වෙ ට්‍රීක් ගාලා තමයි.
ඔන්න මතක් උනා.... රූපවාහිනිය තිබුනේ චැනල් 5හේ, අයිටී එන් එක තිබුනේ චැනල් 12හේ....!
@මුහුදු කොල්ලකාරයා ,
ReplyDeleteපරණ එකද අළුත් එකද ? ලංකාවෙද එංගලන්තෙද ?
@බුද්ධි,
දැන් චූටි මහත්තයා කියන්න තතනන්නෙ අපේ තාත්තයි චූටි මහත්තයගේ සීයයි එක වයසෙ වගේ වෙන්නැති කියලද ? එතකොට මම චූටි මහත්තයගේ තාත්තගේ වයසෙ ව්සගේ කියලද ? හික් හික් හික්...!
ඔව් ඔව් මට මතකයි අපේ ගමටත් (මතුගම - පාන්තිය ) තාත්තා ටී.වී එකක් ගෙනැල්ල දුන්නා. තඩි කොස්ගහේ මුදුනටම ඇන්ටනා එක දාලත් පෙනුනේ සැලා විතරයි...! අයි ටීන් එක ඒ දවවල පෙනුනේ කොළඹ අවටට විතරයි....!
@Podi Kumarihami ,
පොඩ්ඩි ටී.වී බලලම නැතෙයි එතකොට....? කෙලින්ම ඉන්ට නෙට් එකද දැම්මෙ ?
@න දී,
88 දි මම 9 වසරේ.....! එතකොට මම හිතන්නෙ සිරස හිටන් පටන් අරගෙන....!
@නචියා ,
කාලයක් පොඩි පොඩි හොරකම් කර කර හිටපු දයා එක පාරටම සෑහෙන්න මහා පරිමාන හොරකමක් කලා. පොලීසියට කිව්වනම් අවුරුදු ගාණකට හිරේ යනවා.... එහෙම කරන්නෙ නැතිව ගෙදරින් යන්න කිව්වා....!
@Praසන්ன,
ReplyDeleteනයිට් රයිඩර් පෙන්නුවෙ සෑහෙන්න පහු කාලෙදි...! ඒ කාලෙ පෙන්නපු සීරීස් තමයි, හල්ක්, සික්ස් මිලියන් ඩොලර් මෑන්, ස්ටාර්ස්කි ඇන්ඩ් හච්, බයනික් වුමන්, රිච් මෑන් පුවර් මෑන්, බිග් ෆුට් ඇන්ඩ් වයිල්ඩ් බෝයි වගේ ඒවා............
@Buratheno ,
ඒක මිසක්ක... බැට්ල් ස්ටාර් ගැලැක්ටිකා ඒ දවස්වල බලපු (1986 දිහාවෙ මතක විදිහට ) මම ආසම කරන සීරීස් එකක්...!
@අසනි ,
දැන් උනත් චැනල් ඔක්කොම එක ඇන්ටනා එකකින් බලන්න බෑනේ...! අපේ ගෙදරත් එහෙම තමයි... චැනල් මාරු කරනකොට ඇන්ටනාවත් කරකවන්න ඕනෙ....!
@ගල්මල්-Coral ,
තාමත් ටී.වී ෂෝ-රූම් වල වට වෙලා මිනිස්සු ඉන්නවා විශේෂයෙන් ක්‍රිකට් මැච් එකක් යන දවස්වලට...!
ඔන්න කුමාරිහාමිත් ආවා දුමී කට කහනවට කියන කතා අහන්න
ReplyDeleteමෙහෙම සයිබරයේ මල්ලි කිව්වට..කිරුලපන හරියේ කචල් එකකට එහෙහම් එන්ටර් වුනොත් මමත් කියන්නෙ "දන්නවනෙ කළුබෝවිල දුමී අයියා කියන්නෙ කවුද කියලා.. මගේ යාළුවෙක් තමයි" කියලයි රන් කරන්නෙ.. හිකිස් !
ReplyDeleteඉස්සරම ටීවි එක ගෙනාපු කාලෙ අපේ ගෙදරත් ඔය වගේ. ඉස්සර අපේ ගේ බිම පොලිශ් කරල තිබ්බෙ. කට්ටිය ටීවි බල බල මදුරුවො කනවට බිම කකුල් අතුල්ල අතුල්ල ඉඳලා ගෙදර බිම සමහර තැන් වල විතරක් කණ්නාඩි වගේ පොලිශ් වෙලා තිබ්බෙ.
ReplyDeleteමගෙත් මතකය ගියා අසූවෙ දසකයේ මුලට.
ReplyDeleteඅපෝ ඒ කාලෙ ගෙදරක් ටීවී එකක් තියෙනව කියන්නෙ
රස කතා ගොඩක් තමා.
මට නම් එපා කොරපු වැඩේ පුන්චි අපිට නිදහසේ ඕක බලන්න නෑඅ
අපේ ගෙදරත් මුල්ම ටීවී එක ගෙනාවෙ 80 ද කොහෙද නැසනල් එකක් චැනල් මාරු කරන්නෙ කට කටස් සිස්ටම් එකට තමා. මන් හිතන්නෙ තාම වැඩද කොහෙද....
මුල් කාලෙ තිබ්බෙ චැනල් දෙකය්නෙ අනිත් චැනල් එකට මාරු කරන්න බොහෝ දෙනා කිව්වෙ අනිත් පැත්ත හරවන්න කියලා. තාම මතකයි බිත්තිය පැත්තටැ හැරෙව්වම කොහොමද බලන්නෙ කියලා විහිලු කරා එතකොට
අපෙත් පරණ කළු සුදු ටීවී එකක් නම් තිබුනා. ඒක දැන් නම් වත්තේ අව්වට තෙමෙනවා වැස්සට වේලෙනවා. හැබැයි එහෙමට මතකයක් නෑ මාත් පුංචි නිසා ඒ කාලේ.....
ReplyDeleteසෙසමි ස්ට්‍රීට් මපට් ෂෝ එහෙම මමත් පොඩි කාලේ බැලුව මතකයි. එත් ඒ 1990 අපේ මුල්ම කලර් ටීවී එකෙන්. ඒකම තම අපේ පලවෙනි ටීවී එක උනෙත්. ඉතින් ඒ වෙද්දී ඔය ටීවී වලට ලයිසන් එහෙම තිබ්බ මට මතකයි.
ReplyDeleteමට මතක කාලේ වැඩසටහන් පටන් ගන්නෙ 5.30 ට. මේච්චර චැනල් තිබුනෙ නැහැ, ඒ කාලේ නැගලා යන කතා තමා නයිට් රයිඩර්, ටාසන්, රොබින් හුඩ් වගේ ඒවා ........
ReplyDeleteගමටම ටි වී තියන ගෙවල් දෙක තුනකට වඩා තිබුනෙ නැහැ ...
ඔය ඩෙක් පීස් අමාරුව මටත් තිබුනා ඒ දවස්වල, කොහෙන් හරි එකක් උස්සගෙන ඇවිත් බලනවා, මම බෘස්ලිගේ මුලු සීරීස් එකම බලලා තියනවා .......
පට්ට කතාව අයියේ....
ReplyDeleteමම අදමයි මේ බ්ලොග් එක බැලුවේ
මුහුණු පොතේ කතාවක් දාල තියෙනවා දැකලයි ආවේ
අපේ ගෙදර තාමත් ඔය ටොක ටොක ගාල කරකවන ජාතියේ ටීවී එකක් තියෙනවා
නැෂනල් එකක්
ඒක දැන් බලන්නේ නැති උනාට තාමත් වැඩ කරනවද කොහෙද
අපිනම් ඒක බැලුවේ බැටරියකින්නේ...
අනික අපි ඉගෙනගන්න කාලේ නිසා අම්ම ඕක බලන්න දුන්නේ නැහැ වැඩිපුර
ඔන්න මමත් ආවා කට කහන්න මේ මගේ පළමු ගමන සදරු අයියාගේ ලිපියකින් තමයි මම ඔයාගේ බ්ලොග් එක ගැන දැනගත්තේ මේවා කියෙව්වාම හිනා කාලා මැරෙනවා.මරු ඈ...
ReplyDeleteඅපේ ගෙදරත් තියෙනවා නැෂනල් ටීවි එකක් ඒක මටත් වඩා වයසයි තාමත් එලට වැඩ ඇන්ටනා නෑ වයර් කෑලි දෙකක් අමුණලා වැඩ කරවන්නේ වැස්ස දවස්වලට රටක් වටිනවා මැච් එකක් එහෙම බලන්න කියාපු භාණ්ඩේ(ඒත් දැන් බෑ චැනල් අයි එකේ මැච් පෙන්නන්නේ නෑනේ)මම දන්න කාලේක ඉදන් ඕක කැඩිලත් නෑ පරණ බඩු මාරයි නේ....
කතා සෙට් එක හරිම ලස්සනයි මම දිගටම එනෝ
hehe shoy kathawe :D
ReplyDeleteඅපේ අප්පච්චිත් ඉස්සර ඔය එන්ටද ඩ්‍රැගන් කියන චිත්තරපටිය බලලා තියෙනවා ලු. ඒක බලලා තියෙන්නේ පීස් එහෙකින් එහෙම නෙමේ. හෝල් එකකට ගිහින්. ඒ කාලේ අපටත් ටීවි තිබ්බේ නෑ ලු. අපේ අම්මලා අප්පච්චිලා ටීවි බලලා තියෙන්නේ අර වගේ පදුරු මල් පැල එහෙම හිටන් පොඩි කරලා ලු. :)
ReplyDeleteදුමී අයියා . . . .
ReplyDeleteකෝමද ඒ කාලෙ දේවිකා මිහිරානිගෙයි අමරසිරි කලංසූරියගෙයි ලවු කෑලි . . . .???
එන්ටද ඩ්‍රැගන් එකේ පොඩි කෑල්ලක් තියෙනවා,(අර බෲස්ලිට මසාජ් එකක් කරන තැන)පොඩි කාලේ අපිට එකත් මාර චූන්,මම ඒ කෑල්ලනම් 35 පාරකට වඩා බලලා ඇති.
ReplyDeleteඉස්සර අපේ ආත්තමලගෙ ගෙදරත් ඔහොම තමා... 8.30 නාට්ටියට අනිවා සෙට් වෙන සෙට් එකක් හිටියා... බදාද කෝපි කඩේට ඊට වැඩියි.
ReplyDeleteනුවර පෙරහැර... චන්ද දවසක්... විශේශයක් නම් හවුස් ෆුල්.
හුඟක් ඈත මතකයට එක්ක ගියේ බන් උබ... සිරා ලිපිය.
කියලා වැඩක් නෑ ඒ කාලෙ. අපේ අම්මලගෙ ගෙදර තාම තියනවා ඔය ජාතියෙ නැෂනල් ටීවී එකක්. මතකද Knight Rider, එතකොට Gemini Man, Mind Your Language, Top of the Pops?
ReplyDeleteඇයි පලිඟු මැණිකේ?
henryblogwalker the Dude
අපේ ගෙදරට තමයි ගමෙන්ම ඉස්සෙල්ලම කලු සුදු පෙට්ටියකුත් 96 දී ක්‍රිකට් ලෝක කප් එක බලන්න කියලා පාට පාට එකකුත් ගෙනාවේ! දුමී අයියට කියන්න කලු සුදු එකේ ගියර් දදා ඉදපු අපිට රිමෝට් එක මැජික් වගේ! කොහොම හරි කලර් එක ටියුන් කරන්න පොරක් හොයා ගන්න මාර කට්ටක් කෑවේ! ඉස්සර කාලේ දැන් වගේ හැම එකාම ඕවා දන්නේ නෑනේ! අපේ තාත්තගෙ ඉස්කෝලෙ ගෝලයෙක් ඇවිල්ලා ටීවී එක එළටම හදලා දීලා ගියා! ඒක අපි අවුරුදු 10කට වඩා පාවිච්චි කලා! එ ටීවි එකත් එක්ක තියන කතන්දර ගොඩ!
ReplyDeleteඔය කාලේ නම් මං ඉපදිලත් නෑ
ReplyDeleteඅපේ ගෙදරත් ඔය වගේ තිබ්බලු..
ඒ දවස්වල අපේ සීයාට හෝ ගාලා සල්ලි තිබ්බලු..
(බූස්සේ ලී මෝල් වල වැඩ කරලවලා තියෙන්නේ සීයාලු..)
ඉතින් අෆේ ගමේ ටැලිවිසමක් තිබ්බ එකම ගෙදර අපේ ගෙරලු..
පට්ට!
ReplyDelete