මෙනිකියෝ, පෙටිකියෝ සහ බටර්කියෝ

Posted by දුමී

මේ පහුගිය දොහක මගේ යාළුවෙක්ගේ ගෙදර ගිය වෙලාවකදි අපි ඔය ආගිය සහ නොගිය දේවල් ගැන එහෙම සතුටු සාමීචියක් කර කර හිටියා. දන්නවනේ ඉතින් විශේෂයෙන් සති අන්තයක දවසක සෙට් වෙච්ච නිසා පොඩ්ඩක් ඇඟ රත් වෙන දේවල් පාවිච්චි කර කර තමයි අපේ සාකච්චාව කරගෙන ගියේ. චුට්ටක් විතර පදම වැදිලා ඉන්න මොහොතක මගේ යාළුවා ෆොටෝ එකක් ඇඟිල්ලෙන් පෙන්නලා වචන ටැපලි ටැපලි කියවනවා,

“බලහන්කෝ දුමී අපේ නයනා එල්ලගෙන ඉන්න මේක එන්න එන්නම ලොකු වෙනවනේ....”

“ඉස්සර අපි යාළුවෙච්ච කාලේ නම් මේක හෙනම පොඩියි මචන්. කොච්චර පොඩිද... දැන් නම් බලාගෙන ඉන්නකොට ලොකු වෙනවා.... අද තියෙන සයිස් එක නෙමෙයි හෙට තියෙන්නේ....”

අපිත් එක්කම පොඩ්ඩක් එහාට වෙන්න වාඩිවෙලා හිටපු නයනා තක්බීර් වෙලා බලාගෙන ඉන්නවා. මටත් ෆුල් හොල්මන් මොකක්ද යකෝ මූ මේ කියවන්නෙ කියලා.

ඊට පස්සෙ නයනත් පපුව අතකින් කවර් කරගෙනම ඇවිත් මගේ යාළුවට බනිනවා.

"මොනවද මනුස්සයෝ ඔය කියවන්නෙ... පොඩ්ඩක් කට ගාගත්ත ගමන් උන් හිටි තැන් අමතක වෙනවනේ...."

"ඇයි, මම වැරදි දෙයක් කිව්වද ? ඔයාම බලන්නකෝ, ඉස්සරට වඩා මේක කොච්චර ලොකුද කියලා...." මගේ යාළුවා ෆොටෝ එක උස්සලා නයනට පෙන්නුවා.

නයනත් ඒ පාර කට තද කරගෙන හිනාවෙනවා.....!

"මේ මනුස්සයට පිස්සු අනේ....! මෙයා මේ කියලා තියෙන්නේ මගේ හෑන්ඩ් බෑග් එක ගැනනේ.... මම බයවෙච්ච තරමක්.....!"

බැලින්නම් මගේ යාළුවා කියලා තියෙන්නෙ මේ නයනගේ හෑන්ඩ් බෑග් එක ගැන. ඒ ගොල්ලො යාළු වෙන කාලෙ හරිම හුරුබුහිටියට පොඩියට තිබිච්ච හෑන්ඩ් බෑග් එක මේ වෙනකොට අලියෙක් දාගෙන යන සයිස් එකට ලොකු වෙලා.

තව පොඩ්ඩෙන් මමත් නාගන්නවා මගේ යාළුවා කියපු දේ වැරදි විදිහට තේරුම් අරගෙන.

ඉතින් ඔහොම ටිකක් කල්පනා කරනකොට තමයි මටත් හිතුනේ මේ කාන්තා පක්ෂයේ අය ටික ටික වයසට යනකොට ලොකු වෙන, මහත් වෙන දේවල් අතර මේ හෑන්ඩ් බෑග් එක සුවිශේෂතම එකක් නේද කියලා. මොකද ඒ අය ජීවිතේට ඔය බෑග් එකට දේවල් දානවා මිසක් කවදාවත් ඔය බෑග් එකෙන් කිසිම දෙයක් අයින් කරන්නෙ නෑනේ. ඉතින් අවුරුද්දෙන් අවුරුද්දට කොයිතරම් දේවල්නම් ටිකක් ඕක ඇතුලට යනවද. ඉතින් ඉඩ කඩ මදි උනාම මොකද කරන්නෙ, දැනට තියෙන එකට වඩා ලොකු එකක් අරගෙන අර පරණ බෑග් එක ඔක්කොම ඒකට හලා ගන්නවා.

ඒ අස්සෙ එක දවසක් මම ඔය ප්ලේන් එකේ ගමනක් යන වෙලාවක වෙච්ච සිද්ධියක් මතක් උනා. ඔය 2001 සැප්තැම්බර් 11 දිහාවෙ ට්වින් ටවර් වලට බින්, ලාඩන් ගැහුවට පස්සෙ මේ ගුවන් ගමන් වල ආරක්ෂාව එහෙම පිටින්ම කණ පිට පෙරලුනානේ. ඊට පස්සෙ ප්ලේන් එක ඇතුලට අරගෙන යන හෑන්ඩ් ලගේජ් එකේ කිසිම මුවහත් දෙයක්, ඒ කියන්නෙ පොඩි පිහි තල, කතුරු, වගේ ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කිසිම දෙයක් ඇතුලට ගෙනියන්න දෙන්නෙ නෑ. බෝඩින් ගේට් එකට කලින් ස්කෑන් කරලා, ආයි කතා දෙකක් නෑ ඒ වගේ දේවල් තිබුනොත් එයාර් පෝට් එකේ සිකියුරිටි එකෙන් ඒවා අරගන්නවා. නිතර ගුවන් ගමන් වල යන අය නම් දන්නවා බෝඩින් ගේට් එකේ ගාව ස්කෑනර් එක ගාව තඩි පෙට්ටියක ඔය කතුරු, පිහි තල, දහස් ගණනක් ගොඩ ගහලා තියෙන හැටි.

අනේ ඉතින් එදත් මම දෙයියනේ කියලා ප්ලේන් එකට නගින්න බලාගෙන ස්කෑනින් පෝලිමේ ඉන්නවා. මට කලින් ස්කෑනර් එකට බෑග් දැම්මේ යුරෝපියන් වගේ රටක බවලතෙක්. ඔන්න එතන හිටපු සික්කත් බෙල්ට් එක එහාටයි මෙහාටයි කීප සැරයක් යවලා අර ගෑනු මනුස්සයට කිව්වා එයාගේ හෑන්ඩ් බෑග් එක අරින්න කියලා. ඊට පස්සෙ සික්කෙක් ඒකට ඇදලා අරගත්තා අර පැන්සල් පෙට්ටියක් වගේ පෙට්ටියක්. ඊට පස්සෙ ඒක ඇරලා බලනකොට ඒකෙ ඇතුලේ වෛවාරණ්‍යය ජාතියේ කතුරු, පිහි තල, පීරි මහ ගොඩයි. අනේ අර ගෑනු එක්කෙන කිව්වා

"ඒක මගේ මෙනිකියෝ සෙට්" එක කියලා.

ම්ම්හ්හ්... කිසිම සමාවක් නෑ අර සික්කගෙන්, ඒක කෙලින්ම අර එයාර් පෝට් එකේ කතුරු, පිහි තල, එකතු කරන පෙට්ටියට ගිහින් වැටුනා. ඊට පස්සෙ ආපහු සික්කා අත දාල ගත්තා තවත් ඒ වගේම පෙට්ටියක්. ඒකත් අර වාගේම එක එක සයිස් එකේ පීරි, පිහි තල, කතුරු මහ ගොඩක්. ඒ පාර අර ගෑණු කෙනා කියනවා

"මගේ පෙටි කියෝ සෙට්" එක කියලා.

අනේ මට නම් ඔය දෙකේ වෙනස තේරුනේ නෑ. මම දැකපු විදිහට දෙකේම තිබුනේ යුද්දෙකට අරගෙන යන්න පුළුවන් විදිහේ ආයුධ සෙට් එකක්. අනේ ඉතින් අර සික්කත් කට කොනකින් හිනාවෙලා ඒකත් ජොබොහ් ගාල දැම්ම අර පෙට්ටියට.

ඔන්න ආයෙත් සික්ක බෑග් එකට අත දාල ගත්තා, අරගෙන සික්ක කියනවා

මේ ඔහේගේ බටර් කියෝ එකද ?”

බැලින්නම් තඩි බටර් පිහියක් තවම වටේට ගෑවිච්ච බටරුත් එක්කම බෑග් එක ඇතුලේ. මම හිතන්නේ කලින් ෆ්ලයිට් එකේදි කෑම කන්න දීපු බටර් නයිෆ් එක ගෑනි හොරෙන්ම හෑන්ඩ් බෑග් එකට දාගෙන. පෝලිමේ හිටපු අපි බොහොම අමාරුවෙන් කටවල් තද කරෙගෙන ප්ලේන් එකට නැගලා සීට් බෙල්ට් දාගෙනම බිම පෙරලි පෙරලි හිනා උනා.

එදා ඉඳන් මට නිදහසේ පාන් පෙත්තකට බටර් ටිකක් ගාගන්න විදිහක් නෑ. බටර් නයිෆ් එකක් දැක්ක ගමන් හිනා යනවා.

මම කලින් වැඩ කරපු කම්පැනියේ (එමිරේට්ස් අයි.ටී සෙක්ෂන් එකේ) මගේ ටීම් එකේ හිටියා ලීනා කියලා කේරල ප්‍රාන්තෙන් ආපු යාළුවෙක්. ඒ කම්පැනියෙන් ස්ටාෆ් එකට බස් දාල තිබුනා උදේට ඔෆිස් එන්නයි, හවසට ආපහු යන්නයි කියලා. දවසක් ලීනා හවස ගෙදර යනකො,ට පස්සෙ තමයි ලීනා දන්නේ එයාගේ හෑන්ඩ් බෑග් එක ස්ටාෆ් බස් එකේ අමතකවෙලා දාලා ගිහිල්ලා . මෙහෙ තියෙන එක හොඳක් තමයි අනුන්ගේ දෙයක් ගොඩක් වෙලාවකට වෙනින් එක්කෙනෙක් ගන්නෙ නෑ. ඒ වගේ දෙයක් නැති උනොත් ගොඩක් වෙලාවට ඒක ආපහු හම්බවෙනවා. ලීනා පහුවෙනිදා ඔෆිස් ඇවිල්ලා ට්‍රන්ස්පෝට් ඩිපාට්මන්ට් එකට කතා කරලා බැලුවහම, හොඳ වෙලාවටම ලීනාගේ හෑන්ඩ් බෑග් එක කවුරු හරි බස් එකේ ඩ්‍රයිවර්ට බාර දීලා ඊට පස්සෙ එයා ඒක ට්‍රන්ස්පෝට් ඔෆිස් එකේ “ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ්” සෙක්ෂන් එකට දීලා.

ඉතින් හවස් වෙලා ලීනත් ගිහිල්ලා එයාගේ නැති වෙච්ච හෑන්ඩ් බෑග් එක අරගන්න කියලා. එයා ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ් සෙක්ෂන් එකට ගිහින් අනන්‍යයතාවය එහෙම තහවුරු කරහම, ලීනට ගෙනැල්ල දුන්නලු හිස් හෑන්ඩ් බෑග් එකයි, සීල් කරපු කාඩ් බෝඩ් පෙට්ටියකුයි. ඊට පස්සෙ ලීනට පිටු තුන හතරක ටයිප් කරපු ලිස්ට් එකක් දීලා කිව්වලු, ප්‍රොසීඩයර් එකේ හැටියට ඒ ගොල්ලො බෑග් එකේ තියෙන හැම දෙයක්ම ලිස්ට් එකක් හදන්න ඕනෙ කියලා. දැන් ලීනට තියෙන්නෙ ඒ ලිස්ට් එක බලලා බඩු හරිද වැරදිද කියලා පරීක්ෂා කරලා බාර ගන්න එක. අනේ ඉතින් අර ලිස්ට් එකේ බඩු බාහිරත් එක්ක තියෙනවලු, "බාගෙට කාපු" ඇපල් ගෙඩියක්, බාගෙට කාපු කාපු චොකලට් 10ක් 15ක්, පොඩි එකාගේ පාවිච්චි කරපු පැම්පර් එකක් වගේ මෙතන ලියන්න බැරි දේවලුත්. ඔන්න ඉතින් ලීනත් දැන් මූණ රතු කරගෙන බඩු ටික චෙක් කර කර ආපහු බෑග් එකට දානවලු .

ලීනා ආපහු හෑන්ඩ් බෑග් එකට බඩු පැක් කරනකොට එතන ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ් සෙක්ෂන් එකේ ඉන්න ඔක්කොම කට්ටිය 10ක් 15ක් විතර වටවෙලා බලාගෙන ඉන්නවාලු ලීනා මේ ටික බෑග් එකට දාගන්න හැටි. ලීනට දැන් තවත් ලැජ්ජයි. ඒ පාර ලීනා අහුවලු ඇයි කට්ටිය පුදුමෙන් වගේ බලාගෙන ඉන්නේ කියලා. එතකොට එතන ඉන්න එක්කෙනෙක් කිව්වලු,

"මැඩම්, මෙතන ඉන්න අපි හැමෝම ට්‍රයි කලා ඔය බඩු ටික ආපහු බෑග් එකට දාන්න. ඒත් අපි එක්කෙනෙක්ටවත් බැරි උනානේ මේ ටික ඔක්කොම බෑක් එකට අඩුක් කරන්න. අපි මේ බලාගෙන ඉන්නේ මැඩම් කොහොමද මේ ටික ඔක්කොම බෑග් එකට දාගන්නෙ කියලා බලාගන්න....."



ප.ලි: මම නම් කවදාවත් අපේ ගම හාමිනේට එයාගේ හෑන්ඩ් බෑග් එක අතේ අරගෙන ප්ලේන් එකට යන්න දෙන්නෙ නෑ. ඒක චෙකින් ලගේජ් (ප්ලේන් එකේ කාගෝ සෙක්ෂන් එකට දාන බෑග්) එක්කම දානවා.

ප.ප.ලි: මෙඩිකල් ඉන්ෂුවරන්ස් එකක් නැතිනම් ජීවිතේටවත් තමන්ගේ හාමිනේගේ හෑන්ඩ් බෑග් එකට වැරදිලාවත් අත දාන්න එපා. ඕකේ තියෙන මොන මොන ජාති වලට අහුවෙලා ඇඟිල්ලක් දෙකක් නැති වෙයිද දන්නෙ නෑ.....!



picture taken from --> http://4.bp.blogspot.com/-PIr2ixq-FUE/TcBOGwGG3I/AAAAAAAABTg/P8Mkci4juiE/s1600/ana18.jpg

65 comments :

  1. හික් හික් එල ඈ! කාලෙකින් කියෙව්වෙ!!
    මට ලයිටර් කේස් එකක් වෙලා තියනවා ඉන්දියාවෙ,
    බෝතල් කේස් එකක් ගිහින් තියනවා සිංගප්පු වල(වයසෙ වැරැද්ද ඒ කාලෙ ;)

    සිරාට කෑල්ලගෙ පර්ස් එකටවත් අත දාන්න හොද නෑ!

    ReplyDelete
  2. ගෑනුන්ගේ හෑන්ඩ්බෑග් කාලයත් එක්ක ලොකු වෙන එක අහන්ට දෙයක්ද? මුලින්ම තනි එක්කෙන. දාගෙන යන්නේ තමන්ගේ දේවල් විතරයි. බැන්දට පස්සේ මහත්තයගේ ඒවත් ඒකට වැටෙනවා. මම දැකලා තියනවා ප්ලේන්වල යන මහත්තුරු, ඕන තරම් එයාලගේ නෝනලාගෙන් එක, එක, ජාති ඉල්ලන හැටි. ඒවා එන්නේ ඔය හෑන්ඩ් බෑග් වලින්. අම්මලාගේ ඉතින් තවත් ලොකු වෙන්ට එපායැ.

    හැබැයි ඉතින් ඔය හැමදේම මෝස්තරෙත් එක්ක වෙනස් වෙනවා. චූටි හෑන්ඩ් බෑග් මොස්තරයක් ආවොත් පිරිමින්ට පරිස්සම් වෙන්ට වෙයි. නෝනා චූටි බෑග් එකක් අරගෙන, ඉතුරු ඒවා ඔක්කොම දාලා ලොකු බෑග් එකක් මහත්තයට එල්ලගෙන යන්ට දෙයිද දන්නේ නෑ.

    මගේ බෑග් එක නම් හැමදාම ලොකුයි. ඒකේ ඇතුලේ වැඩියෙම තියෙන්නේ කියවන්ට ගෙනියන පොත්...:D

    ReplyDelete
  3. මම මේ දැනුයි වැඩ ඇරිල ආවෙ නිදිමත වෙන්න පොඩ්ඩක් ලැප් එක ඇරගත්ත... ඒතකොටයි මේක දැක්කෙ... නිදිමතත් ගියා හිනාවෙලා...

    මම දවසක් ජෝක් එකක් කියෙව්ව( කොහේද කියල මතක නෑ.. ) ..නෝන කෙනෙක් සුපර්මාර්කට් එකෙන් බඩු අරන් සල්ලි ගෙවන්න යනකොට බෑග් එක ඇරල රිමෝට් එකක් අරන් පැත්තකින් තියලලු පර්ස් එක එලියට ගත්තෙ... මොකද කියල අහපුවාම.. මහත්තයට මාර්කට් යන්න කතාකලාම ටීවී බලන්න තියෙනව කියල බෑ කියපු නිසා පාඩමක් උගන්නන්න රිමෝට් එක බෑග් එකේ දාගෙන ඇවිත් තියෙන්නෙ...

    මචෝ ඔය හෑන්ඩ් බෑග් ලොකු පොඩි වෙන්නෙ වයසටනම් නෙමෙයි... කාලයෙ තාලයට... දැන් ට්‍රෙන්ඩ් එක තමා තඩි හෑන්ඩ් බෑග්... ඔන්න බලපං තව සීසන් හතරක් පහක් යනකොට නයනල ,ගමහාමිනේල, ආයි ගිනිපෙට්ටි සයිස් බෑග් එල්ලගෙන යන්නැද්ද කියල...

    ReplyDelete
  4. හෑන්ඩ් බෑග් එක නම් මදෑ.. සමහර ගෑනු ළමයින්ගෙ ප්ර්ස් එකත් නිකම් නයි මල්ලක් වගේ තමයි!

    ReplyDelete
  5. හෑන්ඩ් බෑග් කියද්දී මතක් උනේ මගේ යාලුවෙක්ගෙ අක්කගේ හෑන්ඩ් බෑග් එක ඇතුලේ තව හෑන්ඩ් බෑග් එකක් තියනවා.එතකොට හෑන්ඩ් බෑග් එකේ සයිස් එක හිතාගන්න පුළුවන්නේ

    ReplyDelete
  6. දුමී අයියා. දුමි අයියව කාලෙකින් “කට කහන කතා “ වලට පිළිගන්නවා .(හිහි)
    ඉස්සොරෝම අවවාදයක් වගේ එකක් කීවොත් තරහ වෙයි ද මන්දා? දුමී අයියා , ඔයා දාපු පින්තූරය හෑන්ඩ් බෑග් ගොඩක ඉන්න ගැහැණු කෙනෙක්, අනික ඒක ගොඩක් උඩින්ම , කියවන කොටම කියන නිසා , පළවෙනි කතාවේ කතා රසයට ටිකක් විතරය බාධයි.මොකද අපි යමක් දැකල ඉවර වෙලා ඒක හිතේ තියන් කියවන නිසා දන්නව මේ කියන්නේ හැණ්ඩ් බෑග් එක ගැන තමයි කියලා.

    අයියා , දැන් ලංකාවේ නම් අලුත්ම හෑන්ඩ් බෑග් මෝස්තරය තමයි , ඔය මහ විශාල හෑන්ඩ් බෑග් ජාතිය. බෙහෙතකටවත් නැහැ ලස්සන පුංචි හුරුබුහුටි අත් බෑග්..ඇහුවොත් කියන්නේ , “ අයියෝ මිස් දැන් ඒව අවුට් ඔෆ් පැෂන් නෙ“ කියලයි.

    ඔය ඊළඟට තියෙන කතුරු සෙට් එකක් මයෙ ළඟත් තියේ.හැබැයි භාවිත කළේ කැම්පස් කාලේ දී , ගෙම්බො , මීයො ,කුකුළ් පැටවු හෙම කපන්න. අපි නම් කීවේ Dissection Set කියලා.

    ඒ වගේම පුංචි පහේ කතුරු සෙට් එකක් තියේ , ඒක නම් එය ඇස් බැම් “දේදුන්න වගේ “ හදා ගන්න කියල , අර “ඔරිපේම් ඇන්ටි“ විකුණුව එකක්....

    ඉතින් දුමි අයියා, ආයෙත් කාලෙකින් ලියනකම් , මේ ලිපිය ඇති කියව කියව හිනා වෙන්න...

    ආහ් තව දෙයක් , ඔය පිරිමි ළමයි , යාළු වෙලා ඉන්න කාලෙත් , එයාලගේ විශේෂ අවධානයක් “ගැහැණු හෑන්ඩ් බෑග් “ එකට තියෙන බව පේනව.

    ගැහැණු අය භාවිත කරන ලස්සන හුරුබුහිටි දේවල් වලට පිරිමි කවදත් කැමැති නෙව.....

    ReplyDelete
  7. මෙහේ අලුත්ම ස්ටයිල් එක තමා ඔය පැන්සල් , පෑන් දාන කේස් එක..මොකෝ අපි වගේ ඉතින් එක පෑනක් දෙකක්ද තියෙන්නේ..රතු පාට , කළු පාට,නිල් පාට,කොළ පාටක්,දම් පාට..අම්බෝ තව කොච්චර තියෙනවද..

    ReplyDelete
  8. මම බස් එකේ යන කොට දකින දෙයක් තමයි, ලේඩීස් ලා හෑන්ඩ් බෑග් කීපයක්ම බොහොම අමාරුවෙන් එල්ල ගෙන යන එක. කරේ එල්ල ගෙන යන බෑග් දෙකක්, අතේ තව චූටි පර්ස් එකක්..සමඟ අනිත් අතේ ලොකු බෑහ් එකක් ඔය පොශ් ශොප් එකකින් දීපු ! මට නම් දුකයි හැමදාම ඔෆිස් යන අක්කලා නන්ගිලා මේ කන්දරාව උස්සගෙන උදේ හවස යනවා එනවා කියන්නෙ !

    ReplyDelete
  9. අයියේ පොඩි පස්නයක් තියේ... අර අන්තිම ප.ප.ලි යේ කියපු විදියට හෑන්ඩ් බෑග් ඇතුලේ මී කතුරු , මර උගුල් වගේ එව්වත් තියෙන්න පුලුවන්ද...?

    ReplyDelete
  10. කාලෙකින්!
    ඔය කතාවනම් හැබෑව ඉස්සර හෑන්ඩ් බෑග් එකක් පාවිච්චි නොකරපු මගේ නංගිත් දැන් දැන් හොයන්නේ ලොකු ලොකු හෑන්ඩ් බෑග්මයි! :D

    ReplyDelete
  11. ගෑනුංගෙ බෑග් එකත් ගෑනු තරමටම සංකීර්ණයි!

    ReplyDelete
  12. අපෝ ප්ලේන් ගැන නම් කතා කරන්න එපා . කැපෙන කොටන එව්වා තියා ටුත් පේස්ට් එකක් වත් ගෙනියන්න බැහැනේ . හෑන්ඩ් බෑග් ගැන පොඩ්ඩි කිව්වා හරියට හරි . ඔය චොක්ලට් ටොපි ළමයි නලවගන්න . බාගෙට කාපුවත් ලමයින්ගේම ඉතුරු බිතුරු තමයි. මහත්තුරු ඉන්නේ මෙව්වට හිනා වෙන්නම තමයි. හැබැයි අතරමගදී ඕන වෙන දේවල් ඔය බෑග් එකෙන් එලියට එද්දී නම් හොඳයි . මටත් ඔය හෑන්ඩ් බෑග් අස්කරන එක නම් හරිම කම්මැලියි . ලොකු බෑග් වෙනුවට මන් ගාව බෑග් කීපයක් තියෙනවා . ළඟ කඩේට පොඩි එකයි. ප්ලේන් එකේ ගෙනියන්න ටිකක් මනුස්ස පාට එකයි . තව සාමාන්‍ය බෑග් එකයි.
    සන්තෝෂ වෙන්න නෝනලා එක එක බ්‍රෑන්ඩ් වල බෑග් ඉල්ලන්නේ නැති එක ගැන . කොරියන් ජපන් ගෑනුන්ගේ බෑග් දැක්කම පිස්සු හැදෙනවා . මාර ලස්සනයි .
    ඔන්න දුමි මතක් කල එක හොඳයි . මටත් තිබ්බා මෙනිකියු සෙට් එකක් . හොයල බලන්න ඕන . පරණ හෑන්ඩ් බෑග් එක්කද දන්නේ නැහැ.. DD

    ReplyDelete
  13. අප්පච්චියේ දුමියෝ මොකද උනේ..? ඇත්තම කියහං උඹ ආවට ගියාට මෙහෙම ඒවා ලියන්නේ නැහැ..මේ ළගදී මොනවා හරි පරිප්පුවක් කෑවා නේද ගම හාමිනේ අක්කණ්ඩිගේ හෑන්ඩ් බෑග් එකට අත දාලා..?

    හෑන්ඩ් බෑග් ගැන කල්පනා කලහමයි මට දැන් මීටර් උනේ මගේ යාළුවෝ අතර ඉන්න ගැණු ළමයි හුඟකට වගේ තියෙන පොදු ලක්ෂණයක් තමා උන් හෑන්ඩ් බෑග් පාවිච්චියක් නැති උන් වීම.. ඒ කියන්නේ කොල්ලෝ වගේ කෙල්ලෝ...

    ඔය අතරේ කොල්ලොත් ඉන්නවනේ බං සමහර වෙලාවට බෑග් එකක් නැතිව එළියට නොබහින...

    ReplyDelete
  14. හප්පා අපේ අම්මගෙ හෑන්ඩ් බෑග් එකත් ඔය වගේම තමා අයියෝ සංසාරේ ඒකට මමයි නංගියි කියන්නේ නයි මල්ල කියලා

    ප.ලි : ඔය හෑන්ඩ් බෑග් එකේ විශාලත්වය සම්බන්ධයෙන් මම ලඟක් වෙනකල් එක්කෙනෙක්ගෙන් බැනුම් ඇහුවා ඒ උනාට ඉතින් එයාගෙත් හැම මඟුලම ඔබන්නෙත් මගේ බෑග් එකට තමා සීඩීසුයි බ්ලා බ්ලා බ්ලා එකි නොකී හැමදේම මගේ බෑග් එකට ඔබලා ඊට පස්සේ මටම බනිනවා

    ReplyDelete
  15. අදයි මේ පැත්තෙ ආවෙ...
    අනේ ඇත්තටහපිරිමි පාර්ශවේ අපේ අත්බෑග් ගැන හිතාන ඉන්න හැටිනේ.

    ඒත් ඔය කථාවට නම් සහතික ඇත්ත. මොකද දවසක් මගේ NIC එක නැතිවෙලා සෑහෙන ගේමක් (පැය 2-3)දුන්නා ඕක හොයාගන්නන. (අන්තිමට පස් සැරයක් විතර අවුස්පු අත් බෑග් එකේමයි තිබුනෙ!)

    ඒත මෙහෙම මඩ ගහන එන හරිද? ඉහි...ඉහි..!!

    ReplyDelete
  16. කාලෙකින්!

    උඔ කියන කතාව ඇත්තම තමා! ඔය බෑග් චෙක් කෙරිල්ල හොඳයි. එදා මගේ බෙල්ට් එකත් ගලෝගත්තා කියහංකො. එදා මම බෙල්ට් එකයි පෝං කට්ටයි ට්‍රේ එකක දාලා, එහා පැත්තට ගියේ ඉලාස්ටික් එක කැඩිච් පොඩි එකෙක් වගේ කලිසම එක අතකින් එල්ලං. ඒ මදිවට බෙල්ට් එකේ කෙලගෙන එනවා ඉතුරු බෑග් ටික. සරම කැඩිච්ච තොග මුදලාලි වගේ අර බඩු ටිකත් ට්‍රොලියට දා ගත්තා කියමුකො. ඔන්න දැං හිමීට බෙල්ට් එක අරං කලිසමේ පටලෝ ගත්තා.

    දැං ඒක ගානට ඇජෙස් කර ගන්න යද්දි එක පැත්තක මෙන්න බෝඩිං කරපු උන් හෙන සෙට් එකක් මා දිහා බලාගෙන ඉන්නවා. මං ‍එහෙමම් ටී ෂර්ට් එක නිකටෙන් තද කරගෙන අනිත් පැත්ත හැරිලා කලිසම ටිකක් එහෙ මෙහෙ කරලා ගානට අරක දාගත්තා. පස්සෙ නිකටෙන් ටී එක අතඇරලා කෙලින් බැලුවා විතරයි අර පැත්තට වඩා සෙනගක් මේ පැත්තෙ.

    දැං මක් කරන්නද!බෙල්ට් එක දැම්මෙ මම නෙමේ වගේ හෙන වැදගත් විදිහට ඇතුලට ගියා.

    ReplyDelete
  17. ඔය 2004 සැප්තැම්බර් 11 දිහාවෙ

    මේක වැරදියි. ඔය සිද්ධිය වුනේ 2001..... වහාම වරද නිවරද කරන්න......... හිකිස්

    අන්න ඒකනේ අයියේ කියන්නේ, ඔයාට කිව්වහම මොකද මගේ මහත්තැන්ට කිව්වාට වැඩක් නැහැ, අපේ බෑග් ඔහොම තමයි කියලා, කොයි වෙලේ හරි මොකකට හරි ඇරපු ගමන් ඉනට අත තියාගෙන නලල රැළි ගන්නාගෙන බලාගෙන කියවන්න ගන්නවා.

    "මොනවද රන්දි මේ මේකේ තියෙන්නේ, පුටුවකුයි මේසෙකුයි ඇඳකුයි විතරනේ අඩු"

    මගදි අතට දුන්නහම පොඩ්ඩකට අල්ල ගන්න කියලා,

    "මොනවද අප්පා ඔයා කළුගල් සිමෙන්ති එහෙම මේකේ දාගෙන යනවද?" අහනවා

    දැන්මම මේ ලිංක් එක යවලා කාරණා වටහාගන්න කියලා කියන්ට ඕනා............... :)

    ReplyDelete
  18. කාලෙකට පස්සෙ කට කහන්න පටන් අරන්...

    ReplyDelete
  19. මම මේ කම්පනා කොරන්නේ එදා දකිද්දී උඹ අත බැන්ඩේජ් කොරන් හිටියද කියලා . .

    අනේ බන් අපේ ගෙදර උන්දැගේ හෑන්ඩ් බෑග් එක ගැනත් කියලා වැඩක් නෑ . .

    ඒත් ඉතිං බනින්න හිතෙන්නේ නෑ බන් . .

    සමහර වෙලාවට කොහේ හරි දුර ගමන් යද්දී යක්කු දෙන්නෙක් විතර කන්න තරම් බඩ ගිනි වෙලාවට ඒ බව දැන්නුවාම අපේ උන්දෑ විනාඩි විස්සක් විතර එහෙට මෙහෙට අත දාලා ඇදල ගන්නවා ගිය අවුරුද්දේ හඩප කේක් කෑල්ල්ක් නැති නම් ගිය මාසේ බැදපු සොසෙජ් එක හරි නගට් එකක් හරි . .

    බඩගින්නේ ඉන්න වෙලාවට ගහක් ගලක් හරි කමක් නෑ කියලා මම නම් කටේ දා ගන්නවා . .

    එහෙව් එකේ මම නම් හරි ආසයි අපේ උන්දෑ ලොකූ හෑම්බෑග් එකක් ගෙනියනවට . . .

    ReplyDelete
  20. මට මතක් වෙන්නේ අපේ අම්මගේ බෑග් එක..ලොකු හදිස්සියකදි උනත් පැයක් විතර යනව උවමනා දේ හොයන්න..අපි නම් කියන්නේ ඒකේ අඩු උයන පිහන හැලි වළං විතරයි කියලා..

    ReplyDelete
  21. මම නම් කියන්නෙ ලොකු හෑන්ඩ් බෑග් එකක් තියන එක හොදයි.තමන්ට අවශ්‍ය කලමනා ඔක්කොම ඒකේ පැක් කරන් යන්න පුලුවන්.

    මමත් ආස ලොකු හෑන්ඩ්බෑග්ස් වලට.ඔක්කොම පිළිවෙලට අඩුක් කරන් යන්න පුලුවන්,වතුර බෝතලේ,කෑම එක,කුඩේ,පොත්පත්,පැන් පැන්සල්,ෆෝන් එක,බෙහෙත්,අත්‍යවශ‍ය බ්ලා බ්ලා හැමදේම.
    මමත් කැමති නෑ කවුරුවත් මගෙ හෑන්ඩ්බෑග් එකත අත දානවට,මොකද ඒකේ මොනව හරි ඕනේ උනාම තියන තැන දන්නෙ මම් විතරයි කවුරු හරි ඕකට අතදාලා අවුල් කරනවට මම් නම් කීයටවත් කැමති නෑ.

    ReplyDelete
  22. හිකිස්‌ අනේ මගේ හෑන්ඩ් බෑග් එකේනං එච්චර දේවල් නෑ.. මොකද ඕක බර වැඩි උනොත් මාව වැටෙනවානේ.. හිකි හිකි :)

    ReplyDelete
  23. මමත් බෑග් දෙකක් ගෙනියනවා.හෑන්ඩ් බෑග් එකයි,කෑම දාගෙන තව බෑග් එකකුයි. මං නම් කැමති ඔක්කොම එක බෑග් එකක ගෙනියන්න.කරදරයිනෙ බෑග් ගොඩක් උස්සගෙන යනකොට.
    ඒත් අපේ අම්මත් එක්ක බෑ.කෑ ගහනවා හෑන්ඩ් බෑග් එක කැඩෙයි කියලා. ඇයි මං ගෙය්යන්නෙ ලීටරේ වතුර බෝතලයක්නෙ.

    ReplyDelete
  24. ඔය හෑන්ඩ් බෑග් කතාව නම් සම්පූර්ණ ඇත්ත. අපිට ඕක අවුල් වගේ පෙනුනට මම හිතන්නෙ ඒක තමයි පිළිවෙල. ටිකක් බලපුවාම අපි ඔයිට වැඩිය ටිකක් හොඳයි.
    මම දැන් බැලුවම මගේ පර්ස් එකේ ලංකාවේ ගිය වෙලාවක බඩු ගත්තු ෆුඩ් සිටි බිලකුත් තිබුනා. තව දේවලුත් තිබුනා. ඒවා මොකටද මෙතන..
    හැබෑටම දුමියෙ බලපන්කො උඹේ පර්ස් එකත් ටිකක්. ඔය ඩුබායි මුලින්ම පටන් ගත්තු කාලේ සල්ලි ගත්තු A.T.M. රිසිට් කෑලි එහෙම නැද්ද ?

    ReplyDelete
  25. වෙනදා වගේම නියම කතා සෙට් එක. අර කිව්වත් වගේ ගෑනු කෙනෙක් හෑන්ඩ් බෑග් එකක් අරගෙන යනකොට ඒකේ නැති ජාතියක් නෑ. සමහර විට වැඩකට නැති බිල් කෑලි, බස් ටිකට් පවා තියෙනවා. :)

    ReplyDelete
  26. ෂහ් කාලෙකින් කියවපු නියම ලිපියක්..ඇත්තටම ඔච්චර ලොකු බෑග් මොකට ගෙනියනවද මන්දා මම නම් අපේ නංගිගෙ එකට කියන්න ලටපට මල්ල කියලා. ඕකෙ ඇති දේකුත් නෑ නැති දේකුත් නෑ..

    ReplyDelete
  27. හෙහ් හෙහ් හෙහ්.. යථාර්තය ප්‍රබන්ධයට වඩා මොනතරම් හාස්‍යජනකද නේද මචෝ? මරු කථාව...

    ReplyDelete
  28. හපොයි දෙවියනේ... මගේ බඩ සිදෙනවෝ...

    බටර් කියෝ සෙට් එක නම් මරූ.. හක හක හක...

    මට මැවිලා පේනවා දුමීයයියා කතාව ඛියන හැටි... :D

    ReplyDelete
  29. හරා කි(රි)යෝ පිහි ගෙනියන්න දෙනවද?

    ReplyDelete
  30. අනේ කියලා වැඩක් නැත... අපේ වෙන්ට හාමිනේගෙත් මල්ල ඔහොම තමා... ඒත් මම සූටි මල්ලක් ගෙනත් දුන්න... අයියෝ මේකේ ෆොන් එකවත් දාගන්න බෑ අනේ... කියල ට්‍රැවලින් බෑග් එකක් සයිස් මල්ලක්මයි උස්සන් යන්නේ...

    සොඳුරු සිතේ අක්ක කිව්ව විදියට ෆැශන් එක හින්දද මන්ද... තදි බෑග් එකක් උස්සන් යන්නේ...

    ReplyDelete
  31. ඒකනම් සම්පූර්ණ ඇත්ත අයියේ.. අපිත් සාප්පු සවාරි යද්දි ඔය වගේ බෑග් දකින්න ලැබෙනවා.. ඒවයේ සයිස් එක දැක්කම හිතෙනවා වඩාගෙන යන පොඩි එකාවත් දාන් යන්නම හදපු බෑග්ද කියලා..

    ReplyDelete
  32. අනේ මට නම් බෑග් එක ලොකු වෙන තරමට ලේසියි. හැබැයි ඉතින් මොනා හරි හොයාගන්න ඕනෙ උනාම වරුවක් තිස්සෙ අත දදා හොයන කොට නම් අරයගෙන් බැනුම් අහලා ඇති ඕනෙ තරම්. ඒත් බෑග් එකක අඩුම ගානෙ වතුර බෝතලෙ, කුඩේ, සායම් කූරු ටික, පොතක් දෙකක් දාගන්නවත් ඉඩ තියෙන්න එපැයි. මෙයාල අත වන වනා ඇවිත් අරගන්න හැම මගුලම අපේ බෑග් එකට ඔබද්දි හොඳයි.

    ReplyDelete
  33. මමනම් ඕවාට නෑනේ හා හ්ම් කියන්නේ..මොකද මගේ බෑග්ගේ ඔය ඔක්කෝටම හපන් අප්පා..විටක සවර් රූම් එකකි,විටක බියුටි පාලර් එකකි, විටක අහාර ගබඩාවකි..පුර්ණව ගත් කල පිස්සිගෙ පලා මල්ලකි....හී හී හී...

    මම ලිදේනන් ලිද මගේනම්..කාටවත් ඇයි වේදනාවන් කියලා..(මමනෙ උස්සන් යන්නේ.)ඔය කිව්වා වගේ මලු දෙකක් උස්සන් යනවා මම නම්.....

    ReplyDelete
  34. ඕං මම නම් පළවෙනි වතාවට මේ පැත්තේ ආවේ :)

    කතාව නම් සහතික ඇත්ත! අපේ බිරින්දෑටත් තිබුනා කාලෙකට කලින් හෑන්ඩ් බෑග් තොගයක්. ඔක්කොම එකම මෝස්තරේ, හැබැයි පාට පාට! මාරු කරන්න ඕනෑ වුනාම බෑග් එක පිටින්ම අනික් එකට හලනව වෙන්න ඕනෙ :)
    ඇයි අර අතේ ගෙනියන පර්ස් එක... ජීවිතේට ඒකෙ තියෙන ඒවා අස්පස් කරන්නෙ නෑ! අන්තිමට පර්ස් එක කැඩෙන්න හේතුව ඕවර් ලෝඩ් වෙච්ච එක...

    ReplyDelete
  35. දවසක් මම ඩියුටිෆ්‍රී ෂොප් එකකින් ගත්තා පෙඩිකියුර් ගැජට්ටුවක් ගර්ල් ෆ්‍රෙන්ඩ් ට තෑගි දෙන්න...

    බෝඩ් වෙන තැන හිටි කොමිටල් පහේ ඔෆිසරයෙක් මේක එහෙට මෙහෙට හරව හරව බලන්න ගත්තා...

    මම ඌට කිව්වා ඕක පෙඩිකියුර් මැෂින් එකක් කියලා... ඌට ඩයල් වුන පාටක් පෙනුනේ නැති නිසා මම ආයේ කිව්වා ඕක ලේඩීස්ලා යූස් කරන ටූල් එකක් කියලා... ඒත් එක්කම ඒක ගෑණු අයිටම් එකක් නිසාත් මම තනියෙන් හිටි නිසාත් මට ලැජ්ජාවක් වගේ හිතිලා ඊට පස්සේ මම කිව්වා මම ඕක ගර්ල් කෙනෙකුට ගිෆ්ට් කරන්න ගත්තේ කියලා...

    මූ හැමෝටම ඇහෙන්න මගෙන් අහපි

    " අ ටූල් ෆො ගර්ල්ස්..? ඊස් දිස් අ වයිබ්‍රේටර්..? " කියලා...
    භාණ්ඩේ මෙන්න මේ වගේ එකක්

    ReplyDelete
  36. සමහරවිට ලංකාවේ වගේ ඉද්දි සත්තු සර්පයෝ ඉන්නත් බැරි වෙන එකක් නෑ,,බලාගෙන ඕවට අත දාන්නේ එහෙනම්

    ReplyDelete
  37. මගේ හෑන්ඩ් බෑග් එකනම් කොහොමත් ලොකුයි. මොකද මම යන යන තැන පොත් අරන් යනවා කියවන්න. හෑන්ඩ් බෑග් එකේ පොතක් නැතුවනම් එලියට බහින්නෙ නැති තරම්.

    ලොකු බෑග් පාවිච්චි කරන්න අනිත් හේතුව තමයි පාසල්ගේ බඩුත් මගේ බෑග් එකේ තමයි දාන්නේ. හැබැයි අපරාදේ කියන්න බැහැ මමනම් ගෙදර ආපු ගමන් බෑග් එක අස් කරනවා. බෑග් එකේ බඩු පල් වෙනවට මම කැමතිම නැහැ.

    ReplyDelete
  38. අලුත් මෝස්තරේ ලොකි හෑන්ඩ් බෑග් එකට මමනම් බොහොම කැමත්යි.ඕන කරන ඔක්කෝම ජාති මල්ලෙ ගෙනියන්න පුලුවන් අපහසුවකින් තොරව.ඒත් ඉතින් ඔය ගුවන් ගමන් වලදිනම් ඔය සෙල්ලම් බෑ. අඩුම තරමෙ මම නම් ඇහිබැම හදන එකවත් ගෙනියන්නෑ.විශේෂයෙන් අපේ ඉන්න මුස්ලිම් යාළුවො එහෙම හෑන්ඩ් බෑග් එකේ තියා ලැගේජ් වලවත් ඔය මුකුත් ගෙනියන්නෙ නෑ.ඇයි නම දැක්ක ගමන් ඒ අයගෙ ඔක්කෝම බෑග් ඇරල චෙක් කරනවනෙ මෙහෙ.
    සොඳුරු සිත ගෙ කමෙන්‍ටුවෙන් මතක් වුනේ.ඔය කුකුළු පැටව් ගෙම්ඹො එහෙම කපන්න තියනවනෙ කැම්පස් එකේ. එදා කුකුළු පැටවා කපන දවස,උගේ පිහා‍ටුගලවන්න ඕනෙ පලමුවෙන් .මේකට තියනවා ඇහිබැම හදන්න පාවිච්චිකරන ට්විසරේවගේ ඊටවඩා ටිකක් දිග උපකරණයක්. මගේ යාළුවට ඒක අමතකවෙලා. ඉතින් එයා කලබලෙන් බෑග් එක ඇදල යමක් ගත්ත. ඒ ට්විසරයක්.අන්තිමට හෑන්ඩ් බෑග් එකේ තිබුන ට්විසරෙන් තමා කුකුළු පිහා‍ටු ගැලෙව්වෙ.

    ReplyDelete
  39. ආතල් ... අපේ හිතවතෙක් සහ බිරින්දැත් එක්ක හැන්ඩ් බැග් හන්න ගිහින් තියෙයි . බිරින්දැ ඉතින් තෝරන්නේම මෙගා සයිස් ඒවලු , ඇහුවාම කියනවලු අරක දාන්න ඉඩ ඕනි මේක දාන්න ඉඩ ඕනි කියල . ටික වෙලාවක් ඔය සෙල්ලම බලා හිටපු කඩේ ඩයල් එක පත බැග් එකක් දීලා , පොඩි හිනාවකුත් දාල කියනවලු

    "මිස් මේ බැග් එකේ නම් මේ මහත්තයව උනත් දාගෙන යන්න පුලුවන් කියල ...."

    ReplyDelete
  40. හෑන්ඩ් බෑග්....හ්ම්...අව්රුදු 32 ක් විතර එකම ගෑනිව කසාද බැඳල හිටියෙ මේ වගේ ඒවාට කොමෙන්ට් දාල කට වරද්දගෙන හෙම නෙමේ.

    ඔබීට තියෙනව තඩි හෑන්ඩ් බෑග් එකක්, හැබය් ඒක ගෙනියන්නෙ ඉඳල හිටල ලංකාවට යන වෙලාවට විතරමය්. හෑන්ඩ් ලගේජ් එකේ කිලෝ හතය්, හෑන්ඩ් බෑග් එකෙත් තව වෙනම කිලෝ හතටත් වැඩිය්. ඉඳල හිටලවත් ප්ලේන් වල යන කෂ්ටියට මතක ඇති හෑන්ඩ් ලගේජ් ඒක කිරුවට කවදාවත් කාන්තා පාර්ශවේ හෑන්ඩ් බෑග් එයාර් පොර්ට් වලදි කිරන්නෙ නැති බව. ඔබී ගෙනියන ඔය දෙකේම තියෙන්නෙ හැබය් හදිසියෙවත් මගදි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දේවල් නං නෙමේ. චීස් චොකලට් වගේ ලංකාවේ යාලුවන්ට නෑදැයන්ට දෙන්න තියෙන ඒව. මගදි බඩගිනි වෙලා ඉල්ලුවත් ඒව නං ආත්මෙට ලැබෙන්නෙ නැහැ.

    ඒවගේම ඉතින් මගේ බෑග් වල තියෙන්නෙත් ඒවම තමා, මොකද ලංකාවේ ඉන්න මට ඕනෙ වැඩිම උනොත් කලිසන් දෙකය් ෂර්ට් හතරය්, ඒකත් මට ටිකක් වැඩිපුර දාඩිය දාන හින්ද. බැනියන් අන්ඩර් පෑන්ට්ස් අනං මනං ලංකාවෙන් ගන්න ඒක ලාබය්, උස්සං යනවට වඩා. ඒ නිසා ඔබී මගේ බෑග් එකෙත් ගෙනියන්නෙ එයාගෙ යාලුවන්ට තෑගි. (මගෙ යාළුවන්ට අවශ්‍ය දේවල් ගැනෙන්නෙ ලංකාවෙදි ඩියුටි ෆ්‍රී එකෙන්නෙ.)

    @ කෙහෙල් කොටුවෙ පොඩි එකා,
    උඹේ මීය සිප් එකට අහු නොවෙච්ච එක ගැන "කෘතඥ වෙයන් කොලුවො"

    @ පොඩිකුමාරිහාමි සහ අනිත් කාන්තා පාර්ශවෙන් කොමෙන්ට් දැමු සැමට,
    ප්‍රායෝගිකව කාන්තා පක්සෙ කට්ටිය හුඟාක් වෙලාවට හරි කියල (අකමැත්තෙන් වුනත්) පිලි අරං ශේප් වෙන එක සරීරෙ සවුක්‍යයට ගුණ දායක බව අත්දැකීමෙන් දන්නා නිසා, වැඩිදුර විවේචන වලින් වලකිමි...හික්z

    ReplyDelete
  41. අත් බෑග්ගේ ගැන කියනකොට මම නම් කෙල්ලන්ගේ අකමැතිම දෙයක් තමා ඔය අත් බෑග්ගේ එල්ලා ගැනීම අර අහිකුන්ඨික ගෑනු මිනිස්සු ඔලොඟුව එල්ලාගෙන යනවා වගේ තමන්ගේ තරමට වඩා පත බෑග් උස්සං යනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ

    ඔයැයිට කියන්න මගේ කෙලී යන යන තැන ලොකු මල්ලක් ගෙනියනවා ඒ හෙනම ලොකුයි .! දවසක් අපි දෙන්නා ගියා රතුපාට කොලපාට බූන්දි කන්න . කෙල්ල ඉමගේ අතට අර පත මල්ල දීලා බූන්දි අරං කනවා ඉස්කෝලේ ඇරිලා යන කෙල්ලෝ සහ කොල්ලෝ මට කින්ඩි පාස් කරමින් යනවා අන්තිමේට මම ඒක බිම දැම්මා !
    පැය දෙකක්ම ගියා ආයේ එයාව යාලු කරගන්න ඊට පස්සේ මම මල්ලක් අරංදුන්නා පොඩී එකක් ..

    අයියට තිබුනේ ඔයාගේ ගම හාමිනේගේ ගමන් මල්ලේ සජීවී ජායාරූපයක් දාන්න .

    යන්නම්

    ReplyDelete
  42. ඔබා මාමා,
    මේ මොනවා කියනවද? එදයින් එදා මම හරි පරිස්සමටයි ඒ වැඩ කරන්නෙ.

    හැබැයි එදා ඇඳගෙන ගිය කලිසමේ වටේටම සිපර් තිබ්බට මොකෝ අහවල් තැන තිබ්බෙ බටං පෝලිමක්.... ඒ හින්දා එදා නං බය වෙන්ඩ දෙයක් තිබ්බෙ නෑ.....

    බොරු නං මේං කලිසම එයාපෝට් එකේ තිබ්බ හැටියටම,
    http://www.facebook.com/photo.php?fbid=288506207834604&set=a.189842527700973.45565.100000256806646&type=3&theater

    ReplyDelete
  43. @මලියා,
    තැන්කූ වේවා...! මම කිව්වනේ.... අත දාන්න ගිහිල්ලා අත තමා කෑලි වෙන්නෙ කියලා....! ගුඩ් ලක්....!

    @පොඩ්ඩි,
    මම ඉතින් හෑන්ඩ් බෑග් එක ලොකු වෙන එක ගැන වැරද්දක් කිව්වෙ නෑනේ. හෑන්ඩ් බෑග් නිසා මට ඔය එදිනෙදා දකින්න ලැබිච්ච දේවල් තමයි මම ඔය කිව්වෙ.

    ඔය පොඩ්ඩි කියපු කතාව නම් සහතික ඇත්ත. දවසක් මගේ යාළුවෙක්ගේ කාර් එකක පැච් එකක් ගිය වෙලාවෙ හොඳ වෙලාවට එයාගේ වයිෆ්ගේ බෑග් එකේ ස්පෙයාර් වීල් එකක් තිබිච්ච නිසා මාරු කරගෙන ගෙදර ආවා....!

    @සපතේරු උන්නැහේ,
    හික් හික්... එහෙනම් ඒ රිමෝට් එකෙන් ආපහු චැනල් මාරු කරලා ඉවරයි. මොකද එයාට ගෙදර ගිය ගමන් ඕක අමතක වෙනවා. ඒක සදාකාලිකවම ගෑනිගෙ බෑග් එකේ තමයි.

    අනික පිරිමින්ට නම් ඔය රිමෝට් එක නැතිවෙච්ච ගමන් ලඟ කඩේට දුවල දිරාම් 10කට අළුත් රිමෝට් එකක් ගන්න එක මහ කජ්ජක් නෙමෙයිනේ...!

    ReplyDelete
  44. @විසිතුරු | visituru,
    ඕකනෙ මල්ලි කියන්නෙ මහ බඹා පිරිමින්ව මවන්න එක එක ජාතියේ අච්චු පාවිච්චි කලත්, ගෑනුන්ව මවන්න පාවිච්චි කරලා තියෙන්නෙ එකම අච්චුවයි කියලා. එන්ජින් එකේ මොඩල් එක එකයි, වටේ පිටේ පාට සහ ටින්කරින් වැඩ ටික තමයි පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නෙ....!

    මේකත් කියවන්නකෝ.....

    @නලින්,
    හපෝ, හෑන්ඩ් බෑග් එක ඇතුලේ තව එකයිද තියෙන්නෙ... සමහරුගේ හෑන්ඩ් බෑග් ඇතුලේ තව බෑග් දුසිමක්, හමාරක් තියෙන වෙලාවල් තියෙනවා....!

    ReplyDelete
  45. @සොඳුරු සිත,
    වත් නගෝ, බොහොම ස්තූතියි මාව කට කහන කතා වලට පිලිගත්ත එක ගැන... හික් හික් හික්...

    වත් නගා කියපු නිසා තමයි මටත් ඒක ක්ලික් උනේ... ඔන්න මම ඒක වෙනස් කරලා දැම්මා.....!

    හෆොයි, පවුනේද අර ගෙම්බෝ, කුකුල් පැටව් වගේ අසරණ සත්තු ටික...!

    පිරිමි ළමයි නම් ගෑනු ළමයින්ගේ පර්ස් එක ගැන සැලකිලිමත් වෙනවද මම දන්නෙ නෑ...හැබැයි යාළුවෙලා ඉන්න කාලේ ගෑනු ළමයි නම් පාවිච්චි කරන්නෙ පිරිමි ළමයින්ගේ පර්ස් එක කියලා නම් මම දන්නවා.... හික් හික් හික්...!

    @ChammA,
    මේ කියන්නෙ අර චිත්‍ර අඳින්න පාවිච්චි කරන, ලියන්න පාවිච්චි කරන දේවල් ගැන නෙමෙයි නේද...? තොල් , ඇහි බැමවල් කම්මුල්, අරවද මේවද පාට කරන ඒවනේ..............!

    @Weni,
    අනේද කියන්නෙ.... අනේ මන්දන්නෙ නෑ ඒ ගොල්ලන්ටත් මේ අපි වගේ පොඩි හතරැස් පර්ස් එකක් පාවිච්චි කරන්න බැරි ඇයි කියලා..... මොකද ඒ ගොල්ලන්ගේ ජීවිත අපේ ජීවිත වල්ට වඩා සංකීර්ණ නිසාද ? හික් හික් හික්...!

    ReplyDelete
  46. @prasanna86k,
    ඒවා නිතිබුනොත් තමයි මල්ලි පුදුමේ... බලාගෙන මාළුවෝ සමහර අය බිලී පිතිත් බෑග් එකේ දාගෙන යනවා.....!

    @පූසා,
    ඕකට කියන්නෙ මල්ලි පරිණාමවාදය කියලා... හික් හික් හික්....!

    @තනි අලියා,
    ඔහේගෙ කටත් හෑන්ඩ් බෑග් එකකටම දාන්න වටිනවා..!

    ReplyDelete
  47. @Bindi,
    නෑ ඉතින් මමත් වැරද්දක්ම කියන්නෙ නෑ.... බින්දි කියන එකත් ඇත්ත.... ඔය කොහෙ හරි දුර ගමනක් එහෙම යනකොට ලඟ පාත කඩයක් කාරිය එහෙම නැතිකොට, ඔය හෑන්ඩ් බෑග් එක කප් රුක වගේ පිහිට වෙච්ච අවස්ථාවල් එමටයි නෙව...!

    @මාරයා,
    එහෙම විශේෂ පරිප්පුවක් නං නෑ බන්... ඒත් කාලාන්තරයක් තිස්සෙ හිතේ තිබිච්ච දෙයක් තමයි ලිය වුනේ.....! සමහර වෙලාවට අපේ ගම හාමිනේ කියනවා අනේ අරක මගේ හෑන්ඩ් බෑග් එකේ තියෙනවා ගෙනැල්ල දෙන්නකෝ කියලා.... මම නම් ජීවිතේට ඕකට අත දානෙ නෑ... බෑග් එක පිටින්ම ගෙනත් දෙනවා මිසක් ඕන දෙයක් අරගන්න කියලා....!

    @ශානු,
    ඕකනේ නගෝ කියන්නෙ, මම මේවා කියන්නෙ කට කහනවට කියලා...! ඕක ඉතින් අහන්න දෙයැක්යෑ..... ඔච්චර ලොකු බෑග් එකක් තියෙද්දි ඔය සී.ඩී දාන්න අළුතෙන් බෑග් ගන්නෙ මොකටද ?

    ReplyDelete
  48. @රූ....,
    ඉතින් පිරිමි පාර්ශවේ හිතාගෙන ඉන්න එක වැරදියෑ..? ඔය සාක්ෂි පිටම තියෙන්නෙ ඒක ඇත්තයි කියලා...!

    @බුද්ධි,
    කාලෙකින් හරි ආපු එකම මදෑ බං... තියෙන වැඩ රාජකාරි වල හැටියට හරි හමන් විදිහට හුස්මක් කටක් ගන්නවත් බැහැ නෙව...!

    මම නම ඔය ප්‍රශ්නේට කරන්නෙ හොඳ හිර කලිසමක් ඇඳලා, ශර්ට් එකට යටින් වෙස්ට් එකකුත් ඇඳගෙන තමයි යන්නෙ. ස්කෑනර් එකට යන්න කලින් බෙල්ට් එක, පර්ස් එක, මොබයිල් එක වගේ දෙවල් ඔක්කොම ලැප්ටොප් බෑග් එකට දාල ඒක ස්කෑනර් එකට දාලා නිවාඩු පාඩුවේ ආපහු දාගන්නවා....!

    @RanDil,
    වරද්ද පෙන්නලා දීපු එකට ස්තූතියි නගෝ.... මට ඔය 2001යි 2004යි නිතරම පැටලෙනවා. එකක් ට්වින් ටවර් එකේ සිද්දිය සහ සුනාමි ඛේදවාචකය....!

    මහත්තයගේ කටත් අරගෙන හෑන්ඩ් බෑග් එකේ දාන්න වටිනවා. ඔය ඉතින් අපි කාටත් තියෙන පුරශ්නය තමයිනේ....!

    ReplyDelete
  49. @එදිරි,
    කොච්චර කසන්න ගත්තත් කසාගන්න වෙලාවක් නැති හැටිනේ....!

    @දුකා,
    මම ඔය ආනිසංසේ දන්න නිසා ඕකට අත දාන්න යන්නෙ නෑ...!

    උඹ කිව්ව කතාව නම් බොරුවක් නෙමෙයි බං....! ඕක නිසා ගොඩ ගිය වෙලාවල් සෑගෙන්න තියෙනවා.....!

    @අකීකරු හිත,
    තව ටික කාලයක් ගියහම අම්මත් දුවගේ බෑග් එක ගැනත් ඔය විදිහටම කියාවි....! ඕක ඇවිල්ලා පරිණාමවාදය.....!

    ReplyDelete
  50. @නදී,
    ලොකු හෑන්ඩ් බෑක් එකක් අරගෙන "පිළිවෙලට" අඩුක් කර ගන්න කතාවට නම් මම හරි ආසයි....

    ප්‍රශ්නේ තියෙන්නෙ, ඔය ලොකු හෑන්ඩ් බෑග් එකේ නෙමෙයිනේ ගොඩක් වෙලාවට... ඔය "පිළිවෙල" කියන එකේනෙ....!

    @හසී,
    බලමු බලමු, තව අවුරුදු තුන හතරක් ගියහම නගාම හෑන්ඩ් බෑග් එකේ ෆොටෝ එකක් ගහලා එවන්නකෝ අපිට බලන්න.....!

    @නිසුපා,

    හිතෙන්නෙ නැද්ද මේ පිරිමි ළමයි මේ හතරැස් පොඩි පර්ස් එකක් විතරක් තියාගෙන කොහොම ජීවත් වෙනවද කියලා...?

    ReplyDelete
  51. @ලකී,
    වයිෆ් පිටිපස්සෙ ඉඳන් බලාගෙන හිටියා නේද මේ කමෙන්ට් එක දානකොට.... ! ෆුල් ඩිප්ලොමැටික් විදිහට අදහස ප්‍රකාශ කරලා තියෙන්නෙ ඒකනේ....!

    ඔව් ඔව්, අපේ පර්ස් වලත් ඉඳලා හිටලා ඔය පරණ බිල්, ජීවිතේට ඕන වෙන්න නැති විසිටින් කාඩ් එහෙම තියෙනවා, ඒත් ඉතින් ඒක දෙයියනේ කියලා කලිසමේ පිටි පස්ස පොකට් එකට බහිනවානේ....!

    @මධුරංග,
    මල්ලි, තව ටික දවසක් යනකොට ඔය බස් ටිකට්, පරණ බිල් වලටත් වඩා දේවල් හොයාගන්න පුළුවන් වේවි....!

    ReplyDelete
  52. @cjgayan,
    ඒ නමත් නරක නෑ, තරුණ ගෑනු ළමයෙක්ගේ බෑග් එකකට... ඒ කියන්නෙ නංගිගේ හෑන්ඩ් බෑග් එකත් තව අවුරුදු ගාණක් යන කොට හොඳට පරිණමය වෙන ලකුණු පේනවා....!

    @තිසා,
    තිසා දන්නවනේ, අපි යථාර්ත වාදී මිනිස්සු කියලා...!

    @සෝරෝ,
    මල්ලි, උඹටත් ඇහැකි වේවි මේක විඳින්නම කහසාරියක් හොයා ගත්ත දවසට....!

    ReplyDelete
  53. @කතන්දර,
    හාරාකිරි පිහිය ඕන වෙන්නෙ සුවිසයිඩ් කරගන්නනේ....! හොඳ වෙලාවට සැමුරායි සෝඩ් එකක් දාන්න පුළුවන් සයිස් හෑන්ඩ් බෑග් එකක් ඇවිල්ලා නෑ මගේ හිතේ....!

    @පිස්සා පලාමල්ල,
    නෑ බං ඒ අර තිසා කිව්වා වගේ යථාර්තවාදීව හිතන නිසා....!

    @Dinesh,
    පොඩි එකාව විතරක් නෙමෙයි, මම හිතන්නෙ සමහර වෙලාවට ගෑනු තමන්ගේ මනුස්සයවත් ඕකෙ දාගෙන යනවා ඇති....!

    ReplyDelete
  54. නියමයි අයියෙ කතා ටික. පළවෙනි කතාව නම් පට්ට ඈ..

    හෑන්ඩ් බෑග් ගැන් නම් කතා කරලා වැඩක් නෑ. හැබැයි ඉතින් හදිස්සියකට කිසි අවුලක් නැතුව ඕන දෙයක් කරගන්න බඩු තියනවා ඔය බෑග් වල...

    ReplyDelete
  55. niyama kathawa dumee ayya! gaanunge thiyana aruma gathi kawada wenas weida manda? :D :D

    ReplyDelete
  56. @පිණිබිඳු...,
    කේන්ති ගන්න කාරියක් නෑනේ නගෝ, තව ටික දවසක් යනකොට අරයවත් දාගෙනම යන්න පුළුවන් සයිස් එකේ බෑග් එකක් ලැබේවා කියලා ඉත සිතින්ම පතන්නම්....!

    @අසනි,
    ඔව් ඔව්, ඉතින් ඕගොල්ලොම තමයි උස්සගෙන යන්නෙ....අපිට මොකෝ.... ඒ උනාට හිටපු ගමන් ඔය ඒ.ටී.එම් එකක පෝලිමේ ඉඳලා ඉඳලා බවලත් උදවිය ඒ.ටී.එම් එක ගාවටම ගිහිල්ලා බෑග් එකට ඔළුව ඔබාගෙන කාඩ් එක හොයනකොට හරිම ආදරය්ක් තමයි ඇතිවෙන්නෙ....! හික් හික් හික්...

    @ගීතක,
    මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා ඕං....! ඕව ඉතින් පිරිමි අපේ උරුමය තමයි....! අර මහ බඹා ගෑනුන්ව හදාලා තියෙන්නෙ ඔය වගේ ඒවා ප්‍රී ප්‍රෝග්‍රෑම් කරලා.....!

    ReplyDelete
  57. @Beetle,
    ඇත්තම කියන්න බං ඒ පින්තූරේ දැක්ක ගමන් මටත් හිතුනේ එහෙම එකක් කියලා තමයි....!

    @ItalyDilan,
    "ඉන්න බැරිවෙන එකක් නෑ...." කියලා අනියමාර්තයේ අසම්භාව්‍යක් ක්‍රියාවෙන් කියන්න ඕන වෙන්නෙ නෑ....! අනිවාර්යයෙන්ම ඉන්නවා....! හැබැයි මැරිච්ච උන්...! මොකද ඕක ඇතුලේ තියෙන දහ ජරාවත් එක්ක හුස්ම ගන්න සතෙකුට ජීවත් වෙන්න පුළුවන්කමක් නෑනේ....!

    @කින්නරාවි,
    ඔය ඉතින් තමන්ගේ බෑග් එකේ ලොකු වෙන එක සාධාරණීය කරන්න මේ ගොල්ලො කියන කතා තමයි....!

    ReplyDelete
  58. @රෝස කුමාරි,
    හපොයි දෙයියනේ අර කුකුළු පැටියා.....! ඇයි ඒ බෑග් එකේ මන්න පිහියක් තිබුනේ නැද්ද ?

    @බුවාගේ සිතුවිලි,
    කොහොමත් ඒ අය පාවිච්චි කරන බෑග් බැළුවහම මහත්තැන්ලාව දාගෙන යනවා ඇති කියලා තමයි මට නම් පේන්නෙ...!

    @Observer,
    ඒ ගැන නම් කියලා වැඩක් නෑ අන්කල් ඔබා අයියේ....! මිසිස් ඔබී වගේ දහදෙනෙක් ප්ලේන් එකට නැග්ගොත් ප්ලේන් එක ටේක් ඕෆ් කර ගන්න බැරිව මල ජංජාලයක් වෙනවා....!

    අපේ උන්දැලත් එහෙමම තමයි, නිවාඩුවට යනකොටයි එනකොටයි මගේ කියලා අරගෙන යන්නෙ හරි එන්නෙ හරි ඔය වැඩිම උනොත් ලීටර් හතරක් වගේ තමයි....!

    ReplyDelete
  59. @හිස් අහස ,
    ඕවට කරන්න දෙයක් නෑ මල්ලියේ, ඕව ඉතින් මේ පිරිමි අපි පතාගෙන ආපු හැටි තමයි....!

    හෆොයි, අපේ හාමිනේගේ මළුවල ෆොටෝ ගහලා දැම්මොත් මට ඇල්බම් එකක්ම දාන්න වෙනවා....!

    @බුද්ධි,
    උඹ ඩුබායි පැත්තෙන් ට්‍රාන්සිට් උනානම් කලිසම ගලෝගත්ත වරදට තාම හිරේ....!

    @නචියා,
    එහෙම හිතලවත් අපිට හිත හදාගන්න තමයි තියෙන්නෙ...!

    @මාධව,
    ගෑනුන්ගේ තියෙන අරුම ගති මකන්න නම් මහ බඹා ගාව තියෙන ගෑනුන්ව අඹන අච්චුව කඩලා දාන්න ඕනෙ....!

    ReplyDelete
  60. මෙච්චර කාලෙකට අහල තිබ්බට ඕන් පෙරේද තමා මේ පැත්තට ඉස්සරලාම ගොඩ වැදුනේ. එල කිරි බ්ලොගේ.. මං මේ සේරම පොස්ට් කියවල ඉවරවෙලා දැනුයි ආවේ..අද සිකුරාදා වෙච්ච එකේ වැඩකුත් නෑ නේ. මං ඉන්නේ අල්ලපු රටේ.. කටාරයේ. හෑන්ඩ් බෑග් මොකද මේ මෙච්චර ආරන්නේ කියල මටත් සැහෙන්න ප්‍රශ්නයක් තිබ්බේ නැතුවම නෙවෙයි.. එත් මං නම් මගේ හාමිනේගේ මල්ලවත් අදින්නේ නැත්තේ අපි ඉස්කෝලේ යන කාලේ මගේ යාලුවෙක් උගේ කෙල්ලගේ මල්ලට ඇත දාපු වෙලේ ආපු සනීපාරක්ෂක තුවායට පින්සිද්ද වෙන්න ඉගනගත්ත පාඩමෙන්. එත් දැන් මේ කාන්තවෝම කරන පාපොච්චාරණ වලින් මං හොඳට තේරුම් ගත්ත ඒක මොකද ඔය සයිස් වෙන්නේ කියල..

    ReplyDelete
  61. කැම්පස් එකේ මගෙ බැචියෙක් හැමදාම චොකලට් බිස්කට් ග්‍රෑම් 100යෙ පැකට් එකක් අරං එනව හෑන්ඩ් බෑග් එකේ දාගෙන. දවසක්දා මට බඩගිනි වෙලා අරකි කෑගහද්දිම බෑග් එක උදුරලා අරගෙන ඒකට අත දාල බිස්කට් එක හෙවුව . . . යුරේකා . . . බඩු අතටම අහු උනා . . . ඇදල අරං ඒ අත උඩටම උස්සල කෑගැහුව . . . .කොල්ලො සෙට් එකට . . . "කන්න වරෝ" කියල . . . . බඩුම තමයි .. . අතට අහුවෙලා තිබුනෙ අර කෙල්ල පාවිච්චි කරල විසිකරන්න දාගත්ත ගෑනු ළමයි පාවිච්චි කරන ජාතියෙ එකක් . . .
    එදා ඉඳල තාමත් මගෙ හාමිනේගෙ හෑන්ඩ් බෑග් එකටවත් අත දාන්නෙ නෑ

    @බුද්ධි:
    අඩේ ඔය සීන් එකම මටත් උනා බං . . . . විලි ලැජ්ජාවයි . . .

    ReplyDelete
  62. දුමි අයියේ,
    පරක්කු වෙලා තමයි මේක දැක්කේ. මමත් ප්‍රතිපත්තියක් විදිහට ඔව්වට අත දාන්නේ නැහැ.
    හැබැයි ඉතින් ඔය ලොකු බෑග් එකේ වාසියනම් මමත් ලබල තියෙනවා.
    මගේ පුංචි බෙන්ස් කාර් එකත් යන යන තැන එක එක කෑම බීම එහෙම අරගෙන යන එකේ වැඩි වාසි තියෙන්නෙත් මටමනේ.
    අනේ ඉතින් ඒ නිසා මමනම් ඔව්වට බාල්දි දාන්න යන්නේ නැහැ.

    ReplyDelete
  63. සිරාවට ඕක ගැන නම් කතා කරලා වැඩක් නෑ. කෝච්චියේ යද්දී ඉඳගන්න ගන්නවට වඩා ඉඩක් ගන්නවා හෑන්ඩ් බෑග් එක තියා ගන්න. මොන මගුල උස්සන් එනවද මන්ද.

    ReplyDelete

Related Posts with Thumbnails