දොළ දුක සහ අපේ දුක
Posted by
කාලෙකට ඉස්සර මම පොඩි කාලේ ටී.වී එකේ ගිය ඔය සිංහල ෆිල්ම් එකක් බලපු වෙලාවක දැක්කා, ඒකෙ හිටපු ගෑණු ළමයෙක් මහ පෙරේත කමින් අඹ ගැටයක් කාගෙන කාගෙන යනවා. ඊට පස්සෙ ඒ ගෑණු ළමයගේ අම්මා මේක දැකලා අර ගෑණු ළමයට අල්ලගෙන තඩිබානවා. ෆිල්ම් එකේ ඔය සීන් එක මගේ ඔළුව කරපට් කරලා දැම්මා, හත් ඉලව්වෙ මොකද බොලේ අර අම්මා අඹ ගැටයක් කෑවට අර ගෑණු ළමයට අර විදිහට තඩිබෑවෙ කියලා. ඒ ගෑණු ළමයා හොරෙන් අඹ වල්ල කඩාගෙන කෑව නිසා අම්මා ගැහුවා කියලා මුලින්ම හිතුනත්, ලඟ හිටපු නැන්දා කෙනෙක්ගෙන් ඔය පුරශ්නේ ඇහුවහම නම් කිව්වෙ, ආ ඒ අර ගෑණු ළමයා දවල්ට බත් කන්නෙ නැතිව අඹ ගැට කාපු නිසා තමයි එයාගේ අම්මා ගැහැව්වෙ කියලා. එදායින් පස්සෙ ඉදිච්ච නැති අඹ ගෙඩියක් ලැබුනොත් එක්කෝ හොරෙන් ඒක කාලා දානවා, නැතිනම් බත් කාලා කන්න තියා ගන්නවා.
බබාලා හම්බ වෙන්න ඉන්නකොට තමයි ගෑණු අයට එහෙම කෑම කන්න ආස හිතෙන්නෙ කියලා පහු කාලෙකදි කවුරු හරි තේරුම් කරලා දුන්නත්, ඔය ඉස්කෝලේ යන ගෑණු ළමයිනුත් ඔය අඹ ගැට, දිවුල් ගැට, වෙරළු වගේ ඇඹුල් ජාති විකුණන ගෑණු මනුස්සයා ගාව පොර කන එක දකිනකොට මගේ ඔළුව තවත් කොලොප්පම් වෙලා යනවා හත් ඉලව්වෙ මුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා.
පහු කාලෙකදි හිටපු ගමන් අම්මගේ යාළුවෙකුට, එහෙම නැතිනම් නෑදෑ වෙන ගෑණු කෙනෙකුට බබෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා උයලා, කෙහෙල් කොලවල ඔතලා දෙන බත් එක ඩිලිවර් කරන්න බයිසිකලේ නැගලා මුළු රට වටේම යන්න වෙනවා. නැතිනම් කාට හරි බඩ දරු අම්මා කෙනෙකුට වෙරළු සප්ලයි කරන්න, දිවුල් ගැට හොයාගෙන එන්න වගේ කොන්ත්‍රාත්තුත් අඩුවක් නැතිවා ලැබිලා තියෙනවා. ඔය දොළ දුක නිසා මුල් කාලේ කාපු කටු තමයි ඕවා.
මගෙයි, ගම හාමිනේගෙයි කුළුඳුල් දූ සිඟිත්ත බඩේ ඉන්න කාළේ අපේ ගම හාමිනේට දොළ දුක හැදුනේ දූරියන් කන්න. අවාරේ දූරියන් හොයන්න වෙච්ච දුක මම කාලෙකට කලින් ලිව්වා. ඔන්න ඒ කාලෙම ඊට මාස කීපයකට පස්සෙ තවත් හොඳ දුකක් වින්දා මේ දොළ දුක නිසා.
මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා මහ රෑ වෙනකං වැඩ කරලා ගෙදර ඇවිල්ලා, ගෙදර තිබුනු පානුයි පරිප්පුයි කාලා ඇඳට වැටිලා නිදා ගන්න ලැබුනේ පැය දෙකයි, මාව උඩ ගිහින් ඇහැරුනේ අපේ ගම හාමිනේ නැගිටලා ඇඳ උඩ වාඩිවෙලා හෝ ගාලා අඬනවා ඇහිලයි. අඬන්නෙ මොකද කියලා ඇහුවත් මුකුත් නොකියා බඩත් උස්සගෙන තව හයියෙන් අඬන ගම හාමිනේ දැකලා මම දඩි බිඩි ගාලා නැගිට්ටෙ වාහනයක්වත් හොයාගෙන හාමිනේව ඉස්පිරිතාලෙට එක්කගෙන යන්න වත් වෙයිද කියලයි. ඔන්න ඊට පස්සෙ වදෙන් පොරෙන් තව දෙතුන් පාරක් ඇහුවහම අමාරුව මොකක්ද කියලා ඔන්න ගම හාමිනේ කියනවා,
"මට බඩගිනියි....!"
“අයියෝ ඕකත් අඬන්න දෙයක්ද, ඉන්න මම පාන් බාගයක් මැදට පරිප්පු දාලා ගේන්නං...” කියලා යන්න හදනකොටම ගම හාමිනේ අඬන ගමන්ම කියනවා,
"මම රෑට පාං බාගයක් කෑවනේ....! ආපහු නං පාං කන්න බෑ..!"
"පාං කන්න බෑ...? එහෙනං මොනවද ඕනෙ ....?" ඔන්න ඉතින් මමත් ඇහුවා.
"කිඹුලා බනිස්....!", ගම හාමිනේ තව හයියෙන් අඬනවා....!
"හුටා, කිඹුලා බනිස්....! පාන්දර දෙකහමාරට.............?”
දැන් ඉතින් මොනවා කරන්නද ? දොළ දුක හැදුනහම ඒක දුන්නෙ නැතිනම් බොහොම භයානක දේවල් වෙනවා කියලා මම අහලා තියෙනවා. ඔන්න ඉතින් මමත් නිදි මරගාතෙ ෂෝටකුත් ගහගෙන, ටී ෂර්ට් එකකුත් දාගෙන, රබර් සෙරප්පු දෙකත් දාගත්තෙ කොහෙන් හරි කිඹුලා බනිස් හොයාගෙන එන්න.
"අනේ ඔයා දැන් කිඹුලා බනිස් හොයන්න යන්න එපා....! මම කොහොම හරි බඩගින්නෙ නිදා ගන්නම්....!" ඔන්න ගම හාමිනෙත් අඬන ගමන් කියනවා....!
"එහෙම කියලා කොහොමද...? කිඹුලා බනිස් නොකා පුළුවන්ද ? මම කොහොම හරි කිඹුලෙක් හොයාගෙන එනවා....!" මමත් පුරුෂ ධෛර්‍යය අරගෙන එළියට බැස්සා.
හද්ද පාන්දර දෙකහමාරට, හිටු කියලා පිණි බාන වෙලාවෙ මමත් ගෑටුවා කළුබෝවිල හන්දියට. පාරෙ බලු බල්ලෙක් නෑ. කළුබෝවිල හන්දියේ ඉඳලා අපේ ගෙදරට හැරෙන පාරෙම බේකරියක් තියෙනවා. පොඩ්ඩක් කිට්ටු කරලා බලන කොට ඒකෙ කට්ටිය තාම පාන් අනනවා.
ඔන්න මමත් නුගේගොඩ පැත්තට හැරිලා පයින්ම ගාටන්න ගත්තා. අනිවාර්යයෙන්ම නුගේගොඩ "නවරස" එකේ කිඹුලා බනිස් තියේවි. (නුගේගොඩ නවරස එක මේ කාලේ වෙනකොට වහලා තිබුනේ නෑ, නවරස එක 24 පැයේම ඇරලා තිබ්බ හෝටලයක් ). ඔන්න ඉතින් මමත් නවරස එකට කිට්ටු කලා කොහොමෙන් කොහම හරි. ඒත් කරුමෙක මහත, ඒකෙ කබඩ් පුරෝලා උණු උණු මාළු පාන්, සීනි බනිස්, රෝල් කටලට් තිබ්බට කිඹුලා බනිස් නෑ....! දැන් මොකද කරන්නෙ, කෝකටත් මාළු පාං එකකුයි, සීනි බනිස් එකකුයි අරගෙන ආපහු පයින්ම එන්න පිටත් උනා.
ඒ එනින් ගමන කොහුවල පොලීසිය ඉස්සරහා තිබිච්ච බේකරියටත් ගොඩ උනා... ඒත් නෝ කිඹුලා....! ඔන්න ඉතින් ආපහු කළුබෝවිලට එනකොට පාන්දර තුනහමාරත් පහුවෙලා. ඒ වෙනකොට කළුබෝවිල බේකරියෙන් මුළු පලාතටම ෂෝක් එකට පාන් සුවඳ පැතිරෙනවා. කෝකටත් ඔන්න මම ආපහු ඔළුව දාලා ඇහුවහම,
"මහත්තයෝ, පාන් බනිස් බාන්නෙ හතරහමාරට, බෑවට පස්සෙ කිඹුලා බනිස් දෙන්නම්......"
ආහ් තව පැයයිනේ කියලා හිතලා, ඔන්න ඉතින් මමත් බේකරිය ඉස්සරහා ලී බංකුවේ වාඩිවෙලා මදුරුවෝ තල තල පාන් බානකං ඉඳලා කිඹුලා බනිස් දෙකකුත් අරගෙන ගෙදර ගියා. ගෙදර ගිහින් මම කිඹුලා බනිස් හොයන අතරේ ෂෝක් එකට ගොරෝ ගොරෝ නිදාගෙන හිටපු ගම හාමිනේවත් ඇහැරෝලා කිඹුලත් කවලා ආපහු නිදි කෙරෙව්වා. ඔන්න ඔහොමයි දොළ දුක නිසා අපි දුක් වින්දේ.
සමහර අය කියනවා ඔය අම්මලාට කන්න හිතෙන කෑම වලින් බඩේ ඉන්න බබාගේ රුචි අරුචි කම් දැන ගන්න පුළුවන් කියලා. ඒත් එක්කම සමහර පරීක්ෂණ එහෙම කරපු විද්‍යාඥ්ඥයෝ එහෙම කියන්නෙ අම්මගේ ඇඟට ඒ කාලෙදි අවශ්‍ය වෙන ඛණිජ ලවණ එහෙම ඌණතා නිසාත් එහෙම දොළ දුක ඇති වෙනවාය කියලා. හැබැයි මට නම් තාම හිතා ගන්න බෑ කිඹුලා බනිස් වලින් ඇඟට ලැබෙන ඛණිජය මොකක්ද කියලා...!
තවත් අය කියනවා බඩේ ඉන්න බබා ගිය ආත්මේ කන්න කැමති සහ පුරුදු වෙලා හිටපු කෑම බීම අම්මා ලවා දොළදුකක් විදිහට ඇති කරනවා කියලා. මේ කතාව සනාථ කරන්න පුළුවන් සාක්ෂියක් මගේ ටීම් එකේ ඉන්න මලබාර් යාළුවෙකුගේ වයිෆ් කෙනෙක්ට හැදුනු දොළ දුකෙන් දැන ගන්න ලැබුනා. මේ යාළුවගේ වයිෆ්ට කන්න හිතිලා තියෙන්නෙ අමු තක්කාලි. ඕක ඉතින් මහ දෙයක්ද කියලා හිතුනත් මෙයාට මේ තක්කාලි කන්න හිතිලා තියෙන්නෙ තක්කාලි ගෙඩිය ගහේ තියෙද්දිම .
ඉතින් මේ ඩුබායි වල කොහෙන්ද තක්කාලි ගස් කියලා මගේ යාළුවාට එයාගේ නෝනව තකහනියක් ඉන්දියාවට එක්කගෙන යන්න උනා තක්කාලි කවන්න. ඔන්න ඉතින් ඉන්දියාවෙ තක්කාලි ෆාම් එකකට එක්කගෙන ගිහින්, ෆාම් එකේ අයිතිකාරයටත් ගාණක් දීලා වයිෆ්ට කිව්වලු දැන් ඇති තරං තක්කාලි කන්න කියලා. ඔන්න ඒ පාර වයිෆුත් බිම දිගේ දිගාවෙලා ගහේ තියෙද්දිම තක්කාලි ගෙඩි දෙක තුනක් කාල දැම්මලු. ඔය කතාව මාත් එක්ක උජාරුවෙන් කියපු වෙලාවෙ මම කිව්වෙ,
"එහෙනං ෂුවර් එකටම උඹේ නෝනගේ බඩේ ඉන්නෙ ගිය ආත්මේ තක්කාලි පණුවෙක්....!" කියලයි.
ඌ එදායින් පස්සෙ මාත් එක්ක සති ගාණක් කතා කලේ නෑ. පස්සෙ දවසක මගේ යාළුවා පණුවෙක් වගේ කෙට්ටු පොඩි එකෙක් වඩාගෙන ඔෆිස් ආපු වෙලාවෙ මට මේ තක්කාලි කතාව මතක් වෙලා ඉස්පොල්ලෙ යන්න ගිහින් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා.
සමහර අම්මලාට අඟුරු කන්න හිතෙනවලු. පත්තරේක දැක්ක සුද්දෙක් තමන්ගේ වයිෆ් ගල් අඟුරු කෑව කියලා එයාව ඩිවෝස් කරලා තියෙනවා.
මගේ තවත් යාළුවෙක්ගේ නෝනාට බබා හම්බවෙන්න ඉන්නකොට කන්න හිතිලා තියෙන්නෙ පස්. කොහොම හරි එයා පස් කාලා දොළ දුක සංසිඳව ගත්තා කියලා තමයි මගේ යාළුවා නම් කිව්වෙ. කාලෙකට ඉස්සර උනත් උන් දෙන්න වලියක් දාගත්ත ගමන් නෝන මූට බනිනවා කියන්නෙ,
"අපේ අම්මලා කිව්ව මට තමුසෙ එක්ක ආවොත් පස් තමයි කන්න වෙන්නෙ කියලා... ඒත් මම ඒක අහන්නෙ නැතිව තමුසෙ එක්ක ආවට හොඳ පාඩම්...." කියල.
ඔන්න ඔහොමයි මේ දොළ දුක නිසා පිරිමි විඳින දුක.
බබාලා හම්බ වෙන්න ඉන්නකොට තමයි ගෑණු අයට එහෙම කෑම කන්න ආස හිතෙන්නෙ කියලා පහු කාලෙකදි කවුරු හරි තේරුම් කරලා දුන්නත්, ඔය ඉස්කෝලේ යන ගෑණු ළමයිනුත් ඔය අඹ ගැට, දිවුල් ගැට, වෙරළු වගේ ඇඹුල් ජාති විකුණන ගෑණු මනුස්සයා ගාව පොර කන එක දකිනකොට මගේ ඔළුව තවත් කොලොප්පම් වෙලා යනවා හත් ඉලව්වෙ මුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා.
පහු කාලෙකදි හිටපු ගමන් අම්මගේ යාළුවෙකුට, එහෙම නැතිනම් නෑදෑ වෙන ගෑණු කෙනෙකුට බබෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා උයලා, කෙහෙල් කොලවල ඔතලා දෙන බත් එක ඩිලිවර් කරන්න බයිසිකලේ නැගලා මුළු රට වටේම යන්න වෙනවා. නැතිනම් කාට හරි බඩ දරු අම්මා කෙනෙකුට වෙරළු සප්ලයි කරන්න, දිවුල් ගැට හොයාගෙන එන්න වගේ කොන්ත්‍රාත්තුත් අඩුවක් නැතිවා ලැබිලා තියෙනවා. ඔය දොළ දුක නිසා මුල් කාලේ කාපු කටු තමයි ඕවා.
මගෙයි, ගම හාමිනේගෙයි කුළුඳුල් දූ සිඟිත්ත බඩේ ඉන්න කාළේ අපේ ගම හාමිනේට දොළ දුක හැදුනේ දූරියන් කන්න. අවාරේ දූරියන් හොයන්න වෙච්ච දුක මම කාලෙකට කලින් ලිව්වා. ඔන්න ඒ කාලෙම ඊට මාස කීපයකට පස්සෙ තවත් හොඳ දුකක් වින්දා මේ දොළ දුක නිසා.
මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා මහ රෑ වෙනකං වැඩ කරලා ගෙදර ඇවිල්ලා, ගෙදර තිබුනු පානුයි පරිප්පුයි කාලා ඇඳට වැටිලා නිදා ගන්න ලැබුනේ පැය දෙකයි, මාව උඩ ගිහින් ඇහැරුනේ අපේ ගම හාමිනේ නැගිටලා ඇඳ උඩ වාඩිවෙලා හෝ ගාලා අඬනවා ඇහිලයි. අඬන්නෙ මොකද කියලා ඇහුවත් මුකුත් නොකියා බඩත් උස්සගෙන තව හයියෙන් අඬන ගම හාමිනේ දැකලා මම දඩි බිඩි ගාලා නැගිට්ටෙ වාහනයක්වත් හොයාගෙන හාමිනේව ඉස්පිරිතාලෙට එක්කගෙන යන්න වත් වෙයිද කියලයි. ඔන්න ඊට පස්සෙ වදෙන් පොරෙන් තව දෙතුන් පාරක් ඇහුවහම අමාරුව මොකක්ද කියලා ඔන්න ගම හාමිනේ කියනවා,
"මට බඩගිනියි....!"
“අයියෝ ඕකත් අඬන්න දෙයක්ද, ඉන්න මම පාන් බාගයක් මැදට පරිප්පු දාලා ගේන්නං...” කියලා යන්න හදනකොටම ගම හාමිනේ අඬන ගමන්ම කියනවා,
"මම රෑට පාං බාගයක් කෑවනේ....! ආපහු නං පාං කන්න බෑ..!"
"පාං කන්න බෑ...? එහෙනං මොනවද ඕනෙ ....?" ඔන්න ඉතින් මමත් ඇහුවා.
"කිඹුලා බනිස්....!", ගම හාමිනේ තව හයියෙන් අඬනවා....!
"හුටා, කිඹුලා බනිස්....! පාන්දර දෙකහමාරට.............?”
දැන් ඉතින් මොනවා කරන්නද ? දොළ දුක හැදුනහම ඒක දුන්නෙ නැතිනම් බොහොම භයානක දේවල් වෙනවා කියලා මම අහලා තියෙනවා. ඔන්න ඉතින් මමත් නිදි මරගාතෙ ෂෝටකුත් ගහගෙන, ටී ෂර්ට් එකකුත් දාගෙන, රබර් සෙරප්පු දෙකත් දාගත්තෙ කොහෙන් හරි කිඹුලා බනිස් හොයාගෙන එන්න.
"අනේ ඔයා දැන් කිඹුලා බනිස් හොයන්න යන්න එපා....! මම කොහොම හරි බඩගින්නෙ නිදා ගන්නම්....!" ඔන්න ගම හාමිනෙත් අඬන ගමන් කියනවා....!
"එහෙම කියලා කොහොමද...? කිඹුලා බනිස් නොකා පුළුවන්ද ? මම කොහොම හරි කිඹුලෙක් හොයාගෙන එනවා....!" මමත් පුරුෂ ධෛර්‍යය අරගෙන එළියට බැස්සා.
හද්ද පාන්දර දෙකහමාරට, හිටු කියලා පිණි බාන වෙලාවෙ මමත් ගෑටුවා කළුබෝවිල හන්දියට. පාරෙ බලු බල්ලෙක් නෑ. කළුබෝවිල හන්දියේ ඉඳලා අපේ ගෙදරට හැරෙන පාරෙම බේකරියක් තියෙනවා. පොඩ්ඩක් කිට්ටු කරලා බලන කොට ඒකෙ කට්ටිය තාම පාන් අනනවා.
ඔන්න මමත් නුගේගොඩ පැත්තට හැරිලා පයින්ම ගාටන්න ගත්තා. අනිවාර්යයෙන්ම නුගේගොඩ "නවරස" එකේ කිඹුලා බනිස් තියේවි. (නුගේගොඩ නවරස එක මේ කාලේ වෙනකොට වහලා තිබුනේ නෑ, නවරස එක 24 පැයේම ඇරලා තිබ්බ හෝටලයක් ). ඔන්න ඉතින් මමත් නවරස එකට කිට්ටු කලා කොහොමෙන් කොහම හරි. ඒත් කරුමෙක මහත, ඒකෙ කබඩ් පුරෝලා උණු උණු මාළු පාන්, සීනි බනිස්, රෝල් කටලට් තිබ්බට කිඹුලා බනිස් නෑ....! දැන් මොකද කරන්නෙ, කෝකටත් මාළු පාං එකකුයි, සීනි බනිස් එකකුයි අරගෙන ආපහු පයින්ම එන්න පිටත් උනා.
ඒ එනින් ගමන කොහුවල පොලීසිය ඉස්සරහා තිබිච්ච බේකරියටත් ගොඩ උනා... ඒත් නෝ කිඹුලා....! ඔන්න ඉතින් ආපහු කළුබෝවිලට එනකොට පාන්දර තුනහමාරත් පහුවෙලා. ඒ වෙනකොට කළුබෝවිල බේකරියෙන් මුළු පලාතටම ෂෝක් එකට පාන් සුවඳ පැතිරෙනවා. කෝකටත් ඔන්න මම ආපහු ඔළුව දාලා ඇහුවහම,
"මහත්තයෝ, පාන් බනිස් බාන්නෙ හතරහමාරට, බෑවට පස්සෙ කිඹුලා බනිස් දෙන්නම්......"
ආහ් තව පැයයිනේ කියලා හිතලා, ඔන්න ඉතින් මමත් බේකරිය ඉස්සරහා ලී බංකුවේ වාඩිවෙලා මදුරුවෝ තල තල පාන් බානකං ඉඳලා කිඹුලා බනිස් දෙකකුත් අරගෙන ගෙදර ගියා. ගෙදර ගිහින් මම කිඹුලා බනිස් හොයන අතරේ ෂෝක් එකට ගොරෝ ගොරෝ නිදාගෙන හිටපු ගම හාමිනේවත් ඇහැරෝලා කිඹුලත් කවලා ආපහු නිදි කෙරෙව්වා. ඔන්න ඔහොමයි දොළ දුක නිසා අපි දුක් වින්දේ.
සමහර අය කියනවා ඔය අම්මලාට කන්න හිතෙන කෑම වලින් බඩේ ඉන්න බබාගේ රුචි අරුචි කම් දැන ගන්න පුළුවන් කියලා. ඒත් එක්කම සමහර පරීක්ෂණ එහෙම කරපු විද්‍යාඥ්ඥයෝ එහෙම කියන්නෙ අම්මගේ ඇඟට ඒ කාලෙදි අවශ්‍ය වෙන ඛණිජ ලවණ එහෙම ඌණතා නිසාත් එහෙම දොළ දුක ඇති වෙනවාය කියලා. හැබැයි මට නම් තාම හිතා ගන්න බෑ කිඹුලා බනිස් වලින් ඇඟට ලැබෙන ඛණිජය මොකක්ද කියලා...!
තවත් අය කියනවා බඩේ ඉන්න බබා ගිය ආත්මේ කන්න කැමති සහ පුරුදු වෙලා හිටපු කෑම බීම අම්මා ලවා දොළදුකක් විදිහට ඇති කරනවා කියලා. මේ කතාව සනාථ කරන්න පුළුවන් සාක්ෂියක් මගේ ටීම් එකේ ඉන්න මලබාර් යාළුවෙකුගේ වයිෆ් කෙනෙක්ට හැදුනු දොළ දුකෙන් දැන ගන්න ලැබුනා. මේ යාළුවගේ වයිෆ්ට කන්න හිතිලා තියෙන්නෙ අමු තක්කාලි. ඕක ඉතින් මහ දෙයක්ද කියලා හිතුනත් මෙයාට මේ තක්කාලි කන්න හිතිලා තියෙන්නෙ තක්කාලි ගෙඩිය ගහේ තියෙද්දිම .
ඉතින් මේ ඩුබායි වල කොහෙන්ද තක්කාලි ගස් කියලා මගේ යාළුවාට එයාගේ නෝනව තකහනියක් ඉන්දියාවට එක්කගෙන යන්න උනා තක්කාලි කවන්න. ඔන්න ඉතින් ඉන්දියාවෙ තක්කාලි ෆාම් එකකට එක්කගෙන ගිහින්, ෆාම් එකේ අයිතිකාරයටත් ගාණක් දීලා වයිෆ්ට කිව්වලු දැන් ඇති තරං තක්කාලි කන්න කියලා. ඔන්න ඒ පාර වයිෆුත් බිම දිගේ දිගාවෙලා ගහේ තියෙද්දිම තක්කාලි ගෙඩි දෙක තුනක් කාල දැම්මලු. ඔය කතාව මාත් එක්ක උජාරුවෙන් කියපු වෙලාවෙ මම කිව්වෙ,
"එහෙනං ෂුවර් එකටම උඹේ නෝනගේ බඩේ ඉන්නෙ ගිය ආත්මේ තක්කාලි පණුවෙක්....!" කියලයි.
ඌ එදායින් පස්සෙ මාත් එක්ක සති ගාණක් කතා කලේ නෑ. පස්සෙ දවසක මගේ යාළුවා පණුවෙක් වගේ කෙට්ටු පොඩි එකෙක් වඩාගෙන ඔෆිස් ආපු වෙලාවෙ මට මේ තක්කාලි කතාව මතක් වෙලා ඉස්පොල්ලෙ යන්න ගිහින් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා.
සමහර අම්මලාට අඟුරු කන්න හිතෙනවලු. පත්තරේක දැක්ක සුද්දෙක් තමන්ගේ වයිෆ් ගල් අඟුරු කෑව කියලා එයාව ඩිවෝස් කරලා තියෙනවා.
මගේ තවත් යාළුවෙක්ගේ නෝනාට බබා හම්බවෙන්න ඉන්නකොට කන්න හිතිලා තියෙන්නෙ පස්. කොහොම හරි එයා පස් කාලා දොළ දුක සංසිඳව ගත්තා කියලා තමයි මගේ යාළුවා නම් කිව්වෙ. කාලෙකට ඉස්සර උනත් උන් දෙන්න වලියක් දාගත්ත ගමන් නෝන මූට බනිනවා කියන්නෙ,
"අපේ අම්මලා කිව්ව මට තමුසෙ එක්ක ආවොත් පස් තමයි කන්න වෙන්නෙ කියලා... ඒත් මම ඒක අහන්නෙ නැතිව තමුසෙ එක්ක ආවට හොඳ පාඩම්...." කියල.
ඔන්න ඔහොමයි මේ දොළ දුක නිසා පිරිමි විඳින දුක.
මට නං ඔය මට්ටමට ටිකට් සෙට් උනේ නෑ . . . අපේ උන්දැ ඉල්ලුවෙම අයිස් ක්‍රීම්, ස්ප්‍රයිට්, පෝටෙලෝ වගේ ජාති . . . .
ReplyDeleteකිඹුලා බනිස් වලින් ඇඟට ලැබෙන ඛණිජය = කිරිමැටි
ReplyDeleteහපොයි ඇඟ හිරිවැටෙන කතා කියන්න එපා දුමී අයියා. අපිට මොනවා හොයන්න වෙයිද දන්නෙ නෑ...ලංකාවෙ හැදෙන/තියන දෙයක් ඉල්ලුවොත් නම් මොකක් හරි කරලා හොයාගත්තා කියමුකො. වෙන රටක හැදෙන දෙයක් ගහේ තියෙද්දිම කන්න ඕනේ කිව්වොත් මළා නේද .......................:D
ReplyDeleteඇත්තටම ඇයි ඕකට දොල දුක කියල කියන්නෙ.ආසාව දුකක් නිසාද? අර කවුද මංද දේවියකටත් කාගෙද මංද මොකද්ද එකකට ආස හිතිල දස මහ යෝධයොද කොහෙද ගෙනත් දුන්නලුනෙ.සික් මගෙ ඉතිහාස දැනුම අන්තිමයි...
ReplyDeleteහෆ්ෆා...! දොළ දුකක් හෙදෙන එක සැහෙන බයානකයිනේ.
ReplyDeleteමගේ මලබාරි යාලුවෙක් කිව්වා උගේ යාලුවෙක්ගේ ගෑනිට දොලදුක් කාලේ හැදිලා තියෙන්නේ මාර ලෙඩක් කියලා . .
ReplyDeleteඒ තමයි යාලුවගේ ගඳ ගෑනිට ඇලජික්ලු . .
යාලුවා ගෑනිට මෝනින් සික්නස් ඉවරවෙනකම්ම ඉඳලා තියෙන්නේ වෙන යාලුවෙක්ගේ රූම් එකකලු . . .
ඔන්න බලපන් පිරිමි විඳින දුක . . .
අපේ උන්දෑනම් එක අතකින් වාසනාවන්තයි . .
වටේ පිටේ යාලුවෝ රොත්තක්ම හිටි හින්දා කිසි අඩු පාඩුවක් නතුව කෑම බීම හම්බ උනා . .
සමහරු උදේට කෑම එකක් දොරේ එලල්ලා යනවා . .
දවල්ට තව යාලුවෙක්ගේ ගෙදර ගිහින් කාලා එනවා . .
හවසට අපි දෙන්නම තව යාලු ගෙදරක ගිහින් කාලා බීලා රෑට තේත් බීලා රෑ දොලහට විතර ගෙදර එනවා . .. හෙ හෙ හේ
බයත් හිතෙනවා අෆ්ෆා මෙව්වා කියවනකොට :D
ReplyDeleteමේ ලගදි කවුද දාපු පෝස්ට් එකක තිබුන අරක්කු බොන්න දොළ දුකක් හැදුන කියල.
ReplyDeleteඅනේ දෙවියනේ ගෑනු උදවිය හන්දා පිරිමි විඳින දුකක්. දුකේ බෑ.
ReplyDeleteහැබැයි හිනාත් යනවා...:D:D:D
ඒකෙනුත් කට්ට කන්න වෙලා තියෙන්නෙ පිරිමින්ටමයිනෙ.. අන්ඩර් එනි කන්ඩිශන් පිරිමින්ට දොල දුක් හැදෙන්නෙ නැද්ද දන්නෙ නෑ ?????!!!!
ReplyDeleteඅඳාළ නොවේ... :D:D:D
ReplyDeleteඇත්තටම කියනවානං මටනං කිසිම දෙයක් විශේෂයෙන් කන්නට හිතුනේ නැත. කවදත් ආස කොස් දෙල් නං ආසාවෙං කෑවා. දෝණි ඉපදෙන්ට හිටි කාලෙ තායිලංතෙ පාරෙ කුකුල්මස් හදන සුවඳ මහා දුර්ඝන්දයක් උනා. බැරිම තැන තායිලංතෙ දාල ආවා. මම දන්න විදියට නං අපිට කවදත් ආස කෑම දැක්කාම දොලදුක තමා පිරිමි ගැහැනු බේදයකිං තොරවම. ඔන්න ඒක හිතනකොටම අද රෑට මතුරා එකෙං ඉන්දියන් කෑම කන්ට හිතෙනවා
ReplyDeleteමාස 10ක් දුක් විඳින එකේ ඕකට ටිකක් පිරිමි දුක් වින්දම මොකද වෙන්නෙ???
ReplyDeleteඅපේ අම්ම නම් කිව්වෙ අම්මට මම් හම්බෙන්න ඉද්දි එහෙම කන්න ආසා කියල දොළදුකක් දැනුනේ නෑලු.
ReplyDeleteමේ දවස් වල අපිටත් අඹ මාලු.ඇඹරැල්ලා මාලු,ඇඹුල්ජාති,කිරිකොස්,මස්,මාළු එක්ක කෙහෙල්කොලේ බත්,එක එක කෑම ජාති ගොඩාරියක් හම්බෙනව.අපිටත් ඉතින් ඒ නිසා වාසී.හැමදාම වගේ කොහෙන්හරි කෑමක්.
දොළදුක වගේම සමහර රස,සුවදවල් අප්පිරියත් වෙනව.අපේ අක්ක ඉස්සර මස් ජාති කෑව.දැන් කන්නෙ නෑ.ඒ නිසා අපිට වාසී.:).අනික සමහර ක්‍රීම් වර්ග,කරවල වගේ දේවල් දැන් කන්නෙ නෑ ඒවල සුවද එයාට ගදක් වගේ දැනෙනව කියල.
මමත් හිතන්නෙ හම්බෙන්න ඉන්න කෙනාගෙ රුචි අරුචිකම් අම්මට දැනෙනව ඇති කියල.
අම්මෝ!කසාද බැඳිල්ලත් එක්කම එපා කරවනවා නේ බොල මුං!
ReplyDeleteමන් අහලා තියෙනවා දොල දුක කියන්නෙ දෙහිතක ඇති වෙන ආශාව කියලා..හරිද මන්දා...
ReplyDeleteමොනවා උනත් කිඹුලා බනිස් හොයන්න විදපු දුකෙන්ම තේරෙනවා...ඒ කාලෙට මොන තරම් ආදරයක් හිමි වෙනවද කියලා..ඒ වාසනාව අපිට විතරයිනෙ හිමි වෙන්නේ දෙයියනේ කියලා...අමුතු සතුටක් දැනුනා..
අනේ මන්දා...හිකිස්...(හිතෙන එව්වා අනන්තයි...අප්පා)
වෙලාවට ලංකාවෙදි කිඹුල බනිස් කන්න දොලදුක ආවෙ....... සාජ වලදි එහෙම ආවනම් අජ්මාන් යන්න වෙනව...
ReplyDeleteදුමී තුමාගෙ ගිය අාත්ම තියරියට අනුව තක්කාලි කද්දි බඩේ හිටිය එක්කෙනා (ගිය අාත්මෙ ) තක්කාලි පණුවනං.....
ReplyDeleteපසු කාපු එක්කෙනාගෙ බබ ගැඩවිලා කව්වෑකිනෙ!
එතකොට අඟුරු කාපු එක්කෙනාගෙ ලමය???? ගල් අඟුරු කිව්වනං කෝච්චියක් වත් කිව්වෑකි! :D
විහාර මහා දේවියට තමා ලොකුම දොල දුක හැදුනේ ඔය අපේ සිහින මලයා කියවන්නේ ඒක .
ReplyDeleteඒ දේවියට හැදුනු දොලදුක තමයි එලාර රජතුමාගේ යෝදයෝ අතර හිටපු කාල වේල කියන ලොකු යෝදයාගේ හිස මත ඉඳගෙන තිසා වැවෙන් ගත් නෙලුම් මල් වලින් මාලයක් පැලඳගෙන. ඔරුවක් විතර දිග මී වදයක් කන එක.
කාල වරෙංකෝ ..කාවන්තිස්ස එවකට කිං වුණත් කොහොමද ඔය දුක සන්සිඳවන්නේ ?
ඔන්න ඔය වෙලාවේ තමා දසමහා යෝදයෝ අතර හිටපු සුරනිලම යෝධයා මේ ගේමට එන්ටර් වුණේ .මිනිහා මොලකාරයා ! ඒ වගේම හොඳ හැඩි දැඩි කොල්ලා ! මෑන් හොඳ උපායක් කලපනා කරා
ඔන්න මෑන් වෙස් වලාගෙන ගිහින් එලාරගේ අස්පයෝ බලාගන්න අස්ප ගාලේ කොල්ලත් එක්ක ෆිට් වුණා .අස්ස කොල්ලත් සමග එකට බෝතලේ ගහන වෙලාවක අහගත්තලු මෙතන ඉස්පීඩ්ම අස්පයා මොකාද කියලා
ඔන්න එහම අහගෙන අනික් පහුවදා උදෙන්ම ඒ අස්පයා හොරෙන්ම ලිහාගත්තලු . ලිහලා අස්පයාගේ පිටේ නැගලා ස්ටාර්ට් හෙම කරගෙන .වටේටම ඇහෙන්න මෙහෙම කෑගැහුවලු .
"ඇඩෝව් මම තමයි සුරනිමල මෙහේ ඉන්නවාලු කාල වේල කියලා පො**ක් ඕකට කියපං පුලුවන්නම් මාව අල්න්ඩ කියාපියවු අඩෝ මම තනියෙන් මේ චැලේන්ජ් කරන්නේ ඕකටත් බය නැත්තං තනියෙන් එන්ඩ කියාපියවු" කියලා එහෙම කියලා සරම උස්සලා එලාරට පස්චාත් බාගෙත් පෙන්වලා අස්පයාව ඇක්සලරේට් කරලා ගත්‍තලු එකසිය ගානට
දැන් සුරනිමල ඇරලා යනවලු කාලවේලත් හිටු කියලා පස්සෙන් ෆලෝ කරනවලු ! ඔන්න සුරේ මොකද කලේ එකපාරටම ඇල්ලුවාලු වැලිපාරකට. අද කාලේ වගේ තමා ඒ කාලෙත් හැමපාරක්ම කාපට් කරලා තිබුනේ නෑ .
දැන් පිටි පස්සෙන් එන එකාට ඉන්ඩ බෑලු ඩස්ට් එක නිසා . පාර පේන්නැති තරමට ඩස්ට් එක .ඔන්න ටික දුරක් ඔහොම ගිහින් සුරේ අස්පයාගෙන් බැහැලා ගහක් පිටිපස්සට වෙලා කඩුව පාරට අල්ලං හිටියලු.
පිටිපස්සෙන් එන කාලවේලට ඩස්ට් එක නිසා ඉතින් ඔය මොකුත් පෙන්නැල්ල්ලු .පොර ගොබ්බයා වගේ තව ස්පීඩ් වැඩි කරලා ආවලු . අනේ ඉතින් එහෙම එනකොට අර හැංගිලා හිටිය සුරනිමල දුන්න එක කඩු පාරට් කාලගේ බෙල්ල ගැලවිලා බිම වැටුනා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ
වැද්දෙක් විසින් හොයාදීපු ඔරු කඳක් තරම් විසාල මීවදේ කන අතරේ තිසා වැවේ නිල් මානෙල් මාලයකුත් පලඳාගෙන කාලවේලගේ ඔලුව උඩ ඉඳන් විහාර මහා දේවී ඒ දොල දුක සන්සිඳවා ගත්තාලු .
ඊටපස්සේ ඔය යස අගේට වීර පුත් කුමාරවරු දෙන්නෙක්ම වැදුවේ
සතුටු වෙයං අයියේ කිඹුල්ලා බනිස් නම් මොන්නාද ? ඒවගේද නෝනෙ කිඹුල් මස් ඉල්ලුවානම් උඹ කොහෙන් කියලා කිඹුල්ලු හොයන්නද ?
පට්ට කමෙන්ට් එක...
Deleteලොවෙත් නෑ..
නවෝ
අප්පේ කස්ටිය ඔච්චර මහන්සි වෙනවානම් ඒ කාලෙට හිතේ හැටියට කන්න පුලුවන් වෙයි නේද?
ReplyDeleteබඩේ ඉන්න එකා කැමති කෑම කන්න හිතෙනවා කියන එකත් ඇත්ත වෙන්න පුලුවන්.මං හම්බ වෙන්න ඉන්නකොට අපේ අම්මට දිවුල් කන්න මල පෙරේත කමක් ඇවිත් තියෙනවා.මමත් මාරම පෙරේතයි දිවුල් වලට.
මට දුව හම්බවෙන්න ඉන්න කාලේ එහෙමට කියලා දොළදුකක් නම් හැදුනේ නැහැ.(හැබැයි කවදත් මම කන්න ආස මාලු බිත්තර නම් හොය හොයා කෑවා..).ඒත් වාහනේට පෙට්‍රල් ගහන්න ගියහම ඒවා බොන්න තරම්ම සුවඳ ආවා..බොන්නමයි හිතුනේ..අනේ ඉතින් පෙට්‍රල් ටිකක් ඉල්ලන් බොන්න කියලයැ..ඒත් අපි හිතුවේ හම්බවෙන්න ඉන්නේ ෂුවර් එකටම ගිය ආත්මේ පෙට්‍රල් ෂෙඩ් එහෙක වැඩ කරපු එකෙක් වෙන්නැති කියලා...
ReplyDelete@ඕනයා,
ReplyDeleteමල්ලි, මේ බං මම ලියලා තියෙන්නෙ උඹලා ලව් කරන කාලෙ ඉල්ලන දේවල් නෙමෙයි.... හික් හික් හික්.....! හරි හරි, උඹට තාම එකයිනේ..... ස්ටිල් හෑව් ටයිම්.....!
@කසු,
ඔය ආවර්තිථා වගුවේ කොයි හරියෙද කිරි මැටි තියෙන්නෙ ? හික් හික් හික්...
@නචියා,
ගණන් ගන්න එපා මල්ලි, ඒ ඒ කාලේට සරිලන අත්දැකීම් ඒ ඒ කාලෙට ලබන්න ඕනෙ....! එතකොට තමයි ජීවිතේ ජොලි....!
හැබැයි හම්බවෙන්න ඉන්නේ ගිය ආත්මෙක වාහනයක් කියලනම් හිතුන්නැහැ....
ReplyDelete@සිහින,
ReplyDeleteමල්ලි, උඹ අහලා තියෙනවද "දොළ පිදේනි" ගැන ?
"දොළ" ලියන්නෙ "කැමති" කියන එක
"පිදේනිය" කියන්නෙ "පුදනවා" කියන එක. ඕක දෙන්නෙ යක්කුන්ටනේ.....!
එතකොට ගෑනුන්ට හැදෙන "දොළ" කියන්නෙත්, "කැමති" කියන එකටනේ. "දුක" කෑල්ල හැදිලා තියෙන්නෙ ගෑනුන්ට කැමති දේ හොයලා දෙන්න පිරිමි විඳන "දුක" ගැන හිතලා.....!
@නලින්-සමනලුන්ට වෙඩිතියන්න්න,
හයියෝ නෑ.... ඒක හරිම සුන්දර අත්දැකීමක්....! (වයිෆ්ට )
@දුකා,
හපොයි මතක් කරන්න එපා....! මේ පාර අපේ ගම හාමිනේට කන්න ආස හිතුනේ කරවල. ඔන්න ඉතින් හැම එක්කෙනාම කෝල් කර කර අහනවා ගම හාමිනේගෙන් මොනවද කන්න කැමති කියලා. ඔන්න ඉතින් එයා කියනවා කරවල කියලා. ඒ පාර ඔන්න බත් හම්බවෙනවා, කරෝල හොදි උයලා, තෙල් දාලා, බාබකිව් කරලා, තම්බලා...! බුදු අම්මෝ ඒ කාලේ මට කරෝල කූරියෙක් දැක්කම මරාගෙන කන්න තරම් කේන්තියි....! ඇයි යකෝ කනවා කියලා ඔහොමත් කරෝල කන රටක් තියෙනවද ?
යකෝ කසාද බඳින්න ඉන්න අපි වගේ උන්ව බය කරන්න එපා ... හොයාපන්කො දැන් රැ දෙක හමාරට විතර කිඹුල බනිස් ගන්න තියන තැනක් , නැත්නම් බිම බුදියන් තක්කලි කන්න තක්කලි ගහක් :D
ReplyDelete@පූසා,
ReplyDeleteබය වෙන්න එපා පූසෝ, හිතට ධෛර්ය ගණින්....!
@රාජ්,
ඔව් ඔව්, මගේ යාළුවෙක්ගේ වයිෆ්ට දොළ දුක හැදුනේ බියර් බොන්න. ඒකත් කවුරු හරි බිබී ඉන්න වීදුරුවකින්...!
@Podi Kumarihami,
පොඩ්ඩිලා ඉතින් පිරිමි අපි විඳින දුක ගැන කිසිම තැකීමක් නෑනේ....! තව හිනාත් වෙනවා.....! සමහර වෙලාවට මේ වයිෆ්ලා හස්බන්ඩ්ලාව බොරුවටත් එක්ක කඩේ යවනවා ඇති අරක මේක කන්න ඕනෙ කියලා.... හෆොයි.....!
@Weni,
ReplyDeleteඑහෙම උනොත් ඉතින් අර ගෑණු ටික ඔක්කොම එකතු වෙලා සක්‍රයාගෙන් පිරිමින්ටත් විළි රුදාව ඇතිවෙන්න කියලා ඉල්ලපු ඉල්ලීමේ අනිත් එක වෙනවා....!
@මාරයා,
හරි හරි, අපිත් ඉන්නවනේ..... අදාල වෙන දවසක් එයිනේ උඹටත්....! උඹට ඉතින් ඕක මහ කජ්ජක්ද....! කැමති කෑමක් ගෙදර දොරේම පිලියෙල කොරලා දෙන එකනේ තියෙන්නෙ....!
@email kavikaari,
මට මේ කමෙන්ට් එක දකිනකොට අර අසරණ කවි කාරිගේ හස්බන්ඩා ගැන නම් ඇතිවෙන්නෙ පුදුම දුකක්....! පව් අප්පා අසරණයාගේ පොකට් එක...!
@සංජු,
ReplyDeleteඔය මාස 10ක් කියන එක සම්පූර්ණයෙන්ම කෙප්පයක්. දැන් ළමයි මාස 9 පනින්නෙත් කලාතුරකින්. ඒ කාලේ ඉතින් අම්මලාට රජ සැප තමයි හැමෝගෙන්ම. හස්බන්ඩා සදාකාලික බර අදින්නා තමයි....! ඒ පෝස්ට් එක වෙනස් වෙන්නෙ නෑ.....! ඩ්‍රයිවර් වැඩේ, කඩේ යන වැඩේ, නාට්ටාමි වැඩේ, කූක් වැඩේ....! ගෑණු ඉතින් කවදදා ඕක තේරුම් ගත්තෙ....!
@නදී,
හෆොයි, නගාගේ කෑම ලිස්ට් එක දැක්කහම මටත් නිකන් දොළ දුකක් වගේ එකක් හැදුනද කොහෙද !
@Sabith,
වැටෙන්නෙ එපා මල්ලි.....! එල්ලිලා යං......!
@අසනි,
ReplyDeleteඔව් ඔව්, ඉතින් ඔය ආසාව තමයි....! හස්බන්ඩලත් ඉතින් බඩ ගාගෙන, පස් කාගෙන ඔය ආසාවල් ඉෂ්ට සිද්ධ කරලා දෙන නිසා මේගොල්ලොන්ට හරි ජොලි....! මට නම් හිතිලා තියෙන්නෙ සමහර විට හස්බන්ඩවා ටිකක් මඩවන්න ඕනෑවටත් ඔය ප්‍රෙග්නන්ට් ෆයිෆ්ලා බොරුවට අරව මේවා ඉල්ලනවා කියලා....!
@ජිලා,
ඔව් ඔව්, මේක උනේ 2000 අවුරුද්දේ. එතකොට අපි ලංකාවෙ. බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි, දොළ දුක හැදෙනකොට හැදෙන්නෙත් ඒ ඉන්න රටේ හැටියට තමයි. අපි ලංකාවෙ ඉන්න කාලේ ෆයිට ඔටු කිරි බොන්න හිතුනනං මම කපෝතියි නේද ?
@තනි අලියා,
සමහර විට අඟුරු කෝච්චියක ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඇති.....!
මටත් මොන වගේ අලකලංචියක් වෙයි ද දන්නේ නැහැ.... ලබන අවුරුද්ද දිහා....
ReplyDelete@හිස් අහස,
ReplyDeleteසඳරු මල්ලි, තැන්කූ ඈ මේ කමෙන්ට් එකට. මමත් මේ කතාව දැනගෙන හිටියේ නෑනේ....! බලාගෙන යනකොට උඹට ඉතිහාසෙ ගැන මාර දැනීමක්නේ බොලේ තියෙන්නෙ....!
@නිසුපා,
හෆොයි අහිංසක හස්බන්ඩලා......!
දිවුල් කන්න නම් කැමති වෙන්නෙ ඒක මහ බඹා ගෑනුන්ව හදපු අච්චුවේම තියෙන නිසා. දිවුල් වලට මල පෙරේත වෙන්න අමුතුවෙන් දොළ දුක හැදෙන්නෙ ඕනෙ නෑ....!
@සුජානි,
මම නම් ටක්කෙටම කියන්නම්. පොඩි එකා ගිය ආත්මේ ඇමරිකන් කාරයෙක් හරි කාරියක් හරි... ඒකනේ තෙල් වලට ඔච්චර ආස හිතිලා තියෙන්නෙ.....!
@බුවාගේ සිතුවිලි,
ඒකට තියෙන්නෙ දැන්ම ඉඳන් තක්කාලි තවානක් දාගන්න එක.... බකරියක් ලඟින් ගෙයකුත් ගත්තනම් තව පහසු වෙනවා...!
බලාන යද්දි ළමයි හදන එකත් ලේසිපාසු වැඩක් නෙවි නේද?
ReplyDeleteඅපි යාලුවෙක් ගැන කතා කරකර ඉද්දි යාලුවගෙ තාත්තා කියපු කතාවක් මතක් වෙනවා "මේ කොල්ලා හදා ගන්න මම කොච්චර මහන්සි වුනාද? අපේ ගෙදර උන්දැ කිසිම උදව්වක් කලේ නෑ නෙව.උඩබලාන හිටියා මිසක්. මම තනියම මහන්සි වෙලා තමයි මේ කොල්ලව හදා ගත්තෙ"
ඒකටත් එක්ක මගේ ගෑණි.. එයාට කිසිම දේකට ආසාවක් ඇතිවුනේ නැහැල්ලු ... මම ඉතින් බල කරලාම ඇහැව්වා .. මොනවට හරි ආස වුනා නම් කියන්න කියලා.[ දොළ දුක සංසිඳවන්න එපාය]
ReplyDeleteඑයා හිනා වෙලා කිව්වෙ මෙහෙමයි .. මං ආස ඔයාටනේ.
බබා කිසි කරදරයක් නැතුව හම්බවුනා. ඔය ඉන්නෙ යස අගේට මං වගේම.
කෝකටත් ටිකක් පරිස්සම් වෙන්න ඕන.....දෙසැරයක්ම ෂේප් එකේ ගොඩ දාගත්තා...ඊළඟ සැරේ මොනව ඉල්ලයිද දන්නෙ නෑනෙ....ඔන්න ඔහෙ ඔය ඇති..
ReplyDeleteහිකිස්..... අපේ නෑනාට දොළ දුක නිසා හම්බවෙන, වෙරළු , අඹ එහෙම වැඩි නිසා මේ දවස් වල මටත් හම්බවෙනවා.. හිකි හිකි
ReplyDeleteතවම දුල දුක හැදිලා නෑනේ..හැදුන දවසක තමා බලන්න වෙන්නෙ මොනාද කන්න හිතෙන්නෙ කියලා... දිල් කොහොමත් අඹරැල්ල උයලා කන්න හරිම පෙරේතයි...ඉස්සර ඔෆීස් එකේ ලන්ච් එක දෙන ගෙදරට දවසක් දිල් කිව්වා " අඹරැල්ල...අඹ වගේ දේවල් උයන්නකො මේ හැමදාම බෝන්චි වගේ ඒව නැතුව කියලා " ඔන්න පහුවදා ගේට් එකේ සිකියුරිටි අන්කල් පෙට්ටියක් උස්සගෙන එනවා මා ලඟට... " මෙන්න මිස්ට දෙන්න කිව්වා " කියලා අර පෙට්ටිය දුන්න...ඒක ඇරලා බැලින්නම් අඹ උයපුවා....මාත් ඉතින් එපා කියයිද ? පහුවද මෙන්න අර ලේඩි මගෙන් කෝල් කරලා අහනවා මිස් කන්න ආස දෙයක් තියේනම් කියන්න මම අහදලා එවන්නම්..ඔය කාලෙට ආස හිතෙන ඒවා කන්න ඕනේ " කියලා....ඒ කෙනා හිතලා තියෙන්නෙ මට දොළ දුක කියලා...
ReplyDeleteපුදුම දොල දුක් නේ මේවා. ආහ් මේක කිව්වම මතක් උනේ. චුල්ලපදොම රජතුමාගේ බිසවට ලේ බොන්න දොලක් උපන්න කියලා අහලා තියෙනවා.
ReplyDeleteමේ කතාව කියවගෙන යනකොට අපේ නැන්දෑ දොල දුකකට සීනි නෙල්ලි හොයන්න කාපු කට්ට මතක් උනා !!!
ඕකට දොල-දුක කියල නම දාන්න ඇත්තෙ පිරිමි විඳින දුක හින්දම වෙන්ටෑ
ReplyDeleteෂා..මේ වගේ හොඳ කාලයක් අපිටත් එයි එහෙනම් :)
ReplyDeleteමාව ලැබෙන්න ඉද්දි සම්පුර්ණයෙන්ම නිර්මාංශ අපේ අම්මට, හිතුනලු නේ මස් කන්න.......
මාර ආතල් නේ.. අම්මෝ මං නම් ඔව්වට නෑ,.. අපේ හාමිනේට මොනවා මොනවා ඕනෙවෙයිද දන්නේ නෑ.
ReplyDelete@ හිස් අහස:
අෆ්ෆා. සඳරු මලේ.. උඹේ කොමෙන්ටුව තම කොමෙන්ටුව... මං සිරාවටම හිතුවේ එක උඹේ පොස්ට් එකක් කියල
මොනා නැතත් මාස 9 ගෙදරට වැඩි වියදමක් නෑ වගේ කෑමට,,අනුන්ගෙන් කන්න හම්බෙනවා නේ,,
ReplyDelete@නදී:
ReplyDelete//මේ දවස් වල අපිටත්//
සුභ පැතුම් . . .
ඔය විහාර දේවී ගැන කියන කතාව නං ගොතපු ප්‍රලාපයක්.
ReplyDeleteඕක ඇත්තනම්, මේ මනුස්සයා මහ රීරී යකින්නක් වගේ ගෑණියෙන් නේ!
දූමී අයියත් අපිව බය කරන පෝස්ට්නේ දාන්නේ... අපේ අම්මත් ගෙවල් ලග ඉන්න අයට ඔය කාලෙට කෑම හදලා දෙනවමයි.. අපේ පේර ගහේ පේර අපිට කන්න ඉතුරු වෙන්නේ වට පිටාවේ අයගේ දොල දුක නිව්වට පස්සේ තමයි..
ReplyDeleteසදරුවා අර කතාව ලියලා තියෙන විදිහටත් හිනා යනවා..
"එහෙම කියලා කොහොමද...? කිඹුලා බනිස් නොකා පුළුවන්ද ? මම කොහොම හරි කිඹුලෙක් හොයාගෙන එනවා....!"
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසඳරුවෝ, උඹේ පොස්ට් එකත් එලකිරි.... කොමෙන්ට් එකක් විදිහට දැම්මට ඒක පෝස්ට් එකක් කියලයි මට නම් හිතුනේ...
ReplyDeleteඔය දොළ දුකට කෑම සප්ලයි කොරන කොන්ත්‍රාත්තු මටත් ඕනෑ තරම් සෙට් වෙනවා. මේ පාර ලංකාවේ ඉඳං එනකොටත් අක්ක කෙනෙක් ගේන්න කීවා, සියළුම වර්ගයේ ෂෝට් ඊට්ස් සහ නානාප්‍රකාර බනිස් වර්ග... රෝල්ස්, පැටිස්, පේස්ට්‍රි,බිත්තර බනිස්, කිඹුලා බනිස්, සීනි බනිස් ආදී වශයෙන් ෂෝට් ඊට්ස් පෙට්ටියක් සමඟ කොත්තු, කෙහෙල් කොලේ ඔතපු තඩි බතක් එකක් උස්සගෙන ආවා. අපිට ඉතින් ඔය පරිප්පු කන්න තව සෑහෙන කල් තියනවා. ඒත් මේවා අහද්දී බය හිතෙනවා... හික්ස්.....
ReplyDeleteමටනම් මේක පටිසන් දුන්නෙ නෑ... ඊලඟ ඒවට එයිද දන්නේ නෑ පොලිත් එක්ක පෙරලි පෙරලි....
ReplyDeleteඅපෙ අම්මට මාව ලැබෙන්න ඉද්දි කන්න ආස හිතිල තියෙන්නෙ උණුවට කුකුල් මස් හොදිත් එක්ක ගෝදම්බර රොටී. ඒකත් මාව හම්බවෙන්න හොස්පිටල් ඇඩ්මිට් කරාටත් පස්සෙ. තාත්තා කොහෙන්ද මන්දා ඒවා හොයාගෙන එද්දි මාව හම්බවෙන්න ලේබර් රූම් එකටත් අම්මව අරගෙනලු.
ReplyDeleteදැන්මම ආස දේවල් ලිස්ට් එක හදල තියා ගන්න ඕන ..
ReplyDeleteබය හිතෙනවා අප්පා..ඈ බන් දුමී අයියෙ මෙහෙම නොබැඳපු එවුං බය කරන එක හරිද මම අහන්නෙ..
ReplyDeleteකිඹුල බනිස් එකකින් බේරුනා මදැයි කිඹුල මස් ඉල්ලන්නෙ නැතිව.
ReplyDeleteනැත්තං පාන්දර දෙකහමාරට කිඹුලො හොයන්න යන්න වෙනව.
සඳරු මලයගෙ කොමෙන්ට් එකත් නියමයි.
ඇඟ හිරි වැටෙනව නෙව.... දූරියන් සීන් එක මතකයි.... අනෙ අප්පේ...
ReplyDeleteසඳරු එලකිරි කතදරේ මතක් කලාට....
හයියෝ හයියෝ......පෝස්ට් එකත් එක්කම වැටිලා තියන කමෙන්ට් ටිකත් නියමයි....
ReplyDeleteදොළදුක් හැදෙන්න තාම වයසක් නැති නිසා ඒ ගැන නම් දන්නේ නැ...හැදුන දාට මොනවා ඉල්ලයිද දන්නේ නැ ඕං....
අපේ ගෙදරත් ඔය බඩදරු අම්මලාගේ දොලදුක් සංසිඳවන එක නම් තියනවා....දානයක් තිබුණත්,කුඹුරු වැඩ කරන දාටත්,විශේෂ කෑමක් හදපු දාටත් වටේම ඉන්න බඩදරු අම්මලාට අපේ අම්මා බත් පාර්සල් යවනවා.....උයන්න ඉතින් මගේ උදවු ගන්න අම්මා ඩිලිවරි සර්විස් එක බාර දෙන්නේ අපෙ මල්ලිට......හිකිස්.....
@සඳරු- කමෙන්ට් එක් නියමයි පෝස්ට් එකක් විදියටත්.....
@Jeew ,
ReplyDeleteමල්ලි, පතන් ආපු විදිහට තමයි ඔතන්න වෙන්නෙ....! ෆර්ස්ට් ගියර් එකට දාලා අදින්න තමයි තියෙන්නෙ....! ඕවා ඉතින් අපිටමනේ වෙන්නෙ...!
@RoshanHerath,
ළමයි හදන එකනං එච්චර අමාරු නෑ මලේ... උන්ව මේන්ටේන් කරන එක තමයි අමාරු බඩට ආපු දවසේ ඉඳලම....! පව් හප්පා ඒ තාත්තා, කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද තනියම ළමයවා හදා ගන්න...!
@kumaraya,
හුටා, ඉතින් වයිෆ්ට උඹ ගැන දොළ දුක හැදුන නිසා ඒ කාලේ හැංගිලාද හිටියේ ?
@ලකී,
ReplyDeleteනෑ නෑ පොඩ්ඩක් ආපහු ට්‍රයි එකක් දීලා බලපන්. දොළදුක සඳහා කට්ට කන එක මාර ආතල්.... (වයිෆ්ට )
@හසී,
හෆොයි ඉතින් ගෑණු ළමයින්ට දොළ දුකම ඕනෙ නෑනේ ඔය ජාති ගිලින්න....! ඉබා දියේ දාන්නද කියලා ඇහුවහම "දැන් නෑවේ..." කිව්වලු...!
@දිල්,
සාමාන්‍යයෙන් ඔය දොළ දුක "ඇත්තටම" හැදුනොත් කලින් කන්න ආස කෑම අප්පිරිය වෙලා ගොඩක් වෙලාවට ජීවිතේටම කාපු නැති කෑම වලට ආස වෙනවලු...!
හප්පා, දිල් එහෙනම් දෙන්න ඇති අර කෑම ගෙදර ඇන්ටිට ආපහු දොළ දුක් කාරියන්ට කෑම නොදෙන්නම රැගක්....!
@මධුරංග,
ReplyDeleteඔව් ඔව්, ඔය ජාතක කතා ගොඩක දොළ දුක ගැන සඳහන් වෙනවනේ....!
අර එක ජාතක කතාවක තියෙන්නෙ, ගෑණිට කන්න හිතෙන්නෙ තමන්ගේ මනුස්සයගේ අම්මගේ හදවත කියලා....!
@short.kutz,
හරියට හරි, ඒකම තමයි මමත් කියන්නෙ....!
@සයුරි,
හෆොයි, ඔය කාලේ එනකන් තමයි ඔක්කොම කෙල්ලො බලාගෙන ඉන්නෙ තමන්ගේ හස්බන්ඩව මඩවන්න....!
ආහ්... එහෙනම් අර ගිය ආත්මෙ තියරි එක අනුව සයුරි ගියා ආත්මෙ කොටි දෙනක් නැතිනම් සිංහ දේනුවක්....!
@ක්සැන්ඩර් | Xander,
ReplyDeleteමල්ලි, මාරම ආතල් තමයි (හැබැයි වයිෆ්ට ) , උඹලට අපිට ඉතින් කටු තමයි....!
සඳරුගේ කමෙන්ට් එක එළ තමයි....! මම හිතන්නෙ ඒකට කමෙන්ට් එකක් කියන්න බෑ....! තනිකරම පෝස්ට් එකක්....!
@ItalyDilan,
ඒකනං ඇත්ත...! ඒත් ඉතින් ගෑනිට හැදෙන දොළ දුකේ හැටියට උඹලටත් අපිටත් ඒ කෑමම බලෙන් කන්න වෙනවා....! හැමදාම කනකොට අමෘතය උනත් එපා වෙනවනේ...!
@ඕනයා,
හික් හික් හික්...!
@කතන්දර,
ReplyDeleteමම හිතන්නෙ ඔය කතාව ජනප්‍රවාදයෙන් පැවත එන්නක්. ඒවා කොහොමත් පොඩිම පොඩි ඇත්තක්, අලංකාර, විච්චුරණ දාලා කියන ඒවනේ....!
@Dinesh,
පිස්සුද මල්ලි, මම බය කරන්න නෙමෙයි, කට්ටියව ධෛර්‍යමත් කරන්න තමයි ඔය පෝස්ට් එක ලිව්වෙ...! මම කිව්වෙ මමත් පුරුෂ ධෛර්‍යය එහෙම ටිකක් අතේ අරගෙන තමයි අර කිඹුලා බනිස් හොයන්න ගියේ මහ පාන්දර....!
@මහිම,
කොහොම හරි හොයාගෙන ආවනේ...!
@ගොඩයා,
ReplyDeleteඒක හොඳයි මල්ලි, දැන් ඉඳන්ම ඔය විදිහට පුරුදු පුහුණු වෙන කොට ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත්....!
@අභීත,
කර්මය පටිසන් දෙන්නෙ, ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩිය තියරි එකට...! උඹට තව කල් තියෙනවනේ....! දැන්මම පටන් ගත්තා නම් තමයි හොඳ, දැන් කොල්ලගෙත් කල වයස හරි නේ..! නංගියෙක් එක්ක සෙල්ලම් කරන්න...!
@පිණිබිඳු...,
නගෝ, එහෙනම් ඒකට දොළ දුක කියන්න බෑ....! ඒක නම් ඔය අම්මා යනින් ගමන මග තියෙන කඩ වලින් එන සුවඳ නිසා උඹලට දැනිච්ච පෙරේත කමක්...! හික් හික් හික්
@Gimhani,
ReplyDeleteනගෝ, බඳින්න ඉන්න එකාගේ ෆොටෝ එකක් පොඩ්ඩකට එවන්න...! ඒ අසරණයගේ මූණ පොඩ්ඩක් බලාගන්න...!
@cjgayan,
බය වෙන්න එපා බං මල්ලි....! ධෛර්‍යය ගනින්...! අපිටම තමයි ඕවා වෙන්නෙ..!
@Praසන්ன,
බෑ කියලා බෑ කිව්වෙ අපේ ටයි මාමනේ...! එහෙනන් කොහොම හරි ගේනවා...!
@පිස්සා පලාමල්ල,
ReplyDeleteදූරියන් සීන් එකට කාලෙකට පස්සෙ තමයි කිඹුලා බනිස් සීන් එක සෙට් උනේ...! හිරිවැටිලා යනවා තමයි බං... පාන්දර දෙකහමාරට පිනි බබා පයින්ම හැතැක්ම ගාණක් ඇවිදිනකොට...!
@සිතුවිලි නිහඬයි,
පව් අප්පා සීනිගේ මල්ලි, මොකක් කිව්වා... දොළැ හදාගන්න හොඳ වයසක නේද සීනි ඉන්නෙ දැන්...?
අපේ හාමිනේට දොළදුකට ඉල්ලුවෙ කිරියයි කිරිබතුයි. හදා ගන්න දන්න එකෙක් නැතිකමටම දොළත් තියන් කොල්ලව ඉපැද්දුව. ඔන්න ගිය සතියෙ වැඩේ දන්න කෙනෙක් හබුවෙලා පෙන්ඩින් දොළ ගොඩ දා ගත්ත. දොළදුකට කනකොට ළමටයට මාස හතරයි!
ReplyDeleteඥාන කතා හොයන්න කාපු කට්ට මතක් උනි
ReplyDeleteහැබෑට දැන් ඔය ඥාන කතා වලින් ලැබෙන ඛණිජය මොකක්ද ? :D:D
මොනවද බං මේ ලියන්නෙ.... උඔ නිකං මිනිස්සු බය කරනවා.....!
ReplyDeleteලියහංකො ත්‍රී පෝස හම්බුනා..... හැදුවට පස්සෙ එපා කිව්වා. අපරාදේ හින්දා මං කෑවා වගේ ටිකක් කියෝපුවාම මෙව්වා වෙලා යන දෙයක්. මේවා කියෝපුවාම ඇඳට නැගිල්ලත් නිකං මෙව්වා වෙලා යනවනේ........!
කාපු කට්ටෙ හැටියට ඔතනින් ම නවතියි ද දන්නෙ නෑ ?
ReplyDelete@ බුද්ධි
එහෙනං උඹ නිකා හිටු !:D
පොස්ට් එකය්, කොමෙන්ට් ටිකය් ඔක්කොම කියෙව්වා. පිස්සු හැදෙන සඳ. කොමෙන්ට් ඔක්කොටම උත්තර ලියන්නත් හිතුන.
ReplyDeleteඅන්තිම දෙන්නට විතරක් කියන්නන්.
@ නිශ්,
ඛනිජ, ලවන අනන් මනං නෙමේ බොලේ, ඥානය.
@ බුද්ධි,
ඇඳට නැගිල්ලෙය්, දොළ දුකෙය් සම්භන්දෙ මොකද්ද චූටි එකෝ?
@ දුමී,
මේවා ඔක්කොම කියෙව්වම මට හිතුන මං තරං ලක් කාරයෙක් නැහැ කියල. ඔබීට ඔය දොළ දුක් හැදුනෙම නෑනෙ. හැදුන ඒව එයාගෙ අම්මගෙන් හරි අපේ අම්මගෙන් හරි ඉටු කර ගත්තද දන්නැහැ. මට නං කිව්වෙ නැහැ.
@නිශ්,
ReplyDeleteඥානකතා කෑවම ඥානය ලැබෙනවා බං.. උඹට නැතිවුනාට අඩුගානෙ පොඩිඑකාටවත් ඥානය තියෙනවා කියලා සන්තෝස වෙයං.. :p
@බුද්ධී,
උඹ කොහොමත් මේ දවස්සොල ඇඳ යටලු නේද නිදාගන්නෙ.. :D
මම කාපු චාටරේ රඹුටන්... රඹුටන් හොයන එක කජ්ජක්ද කියල අහන්න එපා.. අපි එතකොට හිටියෙ ජෝර්දාන් වල... ගියා ගියා ඔය ට්‍රොපිකල් පලතුරු හෙම තියෙන සුපර් මර්කට් වල හැමැතැනම... එක තැනක තිබුන කිලෝ එකක් ඩිනාර් 23යි... ඩිනාර් එකක් රුපියල් එකසිය හැටක් විතර ඇති.. හිතා ගන්නකො රඹුටන් වල ගාන.. උස්සන් ආව... අනේ සම්බෝල්ට ගන්න හොඳා දෙහි නැති වෙලාවට... ඒත් අපේ උන්දැ රහ කර කර කෑවෙ...
ReplyDeleteමගෙ අක්කගෙ පුතත් ආසම කිඹුලො කන්න. කොල්ලගෙ හත්දවසෙ හීල් දානෙටත් කිඹුලෙක් තිබ්බා. එදා ඉඳල මම කිඹුලො කෑවෙ නැහැ කොච්චර ආස උනත්.කොල්ල ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවෙ බෑග් එකේ තිබුන කොලපාට ඇපල් තැලිල තිබුන අක්ක ආයෙ ඇපල් කෑවෙ නැහැ
ReplyDeleteපව් මෙයා . අපි නම් ඔය කරදර කලේ නැහැ . විශේෂයෙන් ආසාවල් ඇති වුණේවත් කන්න බැරි වුණේවත් නැහැ .හැබැයි හම්බ වුන අඹ ඇඹරැල්ල වැඩිය කෑවේ අනික් කෙනා . වැඩ කාල කාලේ නිසා කෑම බිම ඕන තරම් . ගැහැණු පිරිමි යාලුවෝ දෙගොල්ලම කෑම ගෙනත් දුන්න . දෙවෙනියා ලැබෙන්න ඉද්දි මන් උදේට ඉව්වේම නැහැ . හැමදාම බත් ලැබුන . හැබැයි මගේ යාළුවන්ට එහෙම කරන්න මට බැරි වුනා . මෙහෙදී නම් යාලුවෙක් දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් අනිවාර්යයෙන් කෑම ටිකක් දෙනවා.
ReplyDeleteඔන්න දැන් නම් ආස හිතුන උණු උණු කිඹුලා බනිස් එකක් කන්න .
අඩේ දුමියට කලින් තුන් දෙනෙක්ම මට උත්තර බැඳලනේ. ආං බලන්ඩ මං කියපු දේ කී දෙනෙක්ගෙ හදවත් වලට කා වැදිලද කියලා......
ReplyDeleteනවම්,
නිකං හිටු කිව්වෙ. ඒ කියන්නෙ මං ඇඳට නගින්ඩ එපාද? එහෙම කොහොමෙයි බං උඔලා ලියන ඒවා දැක්කම ඉවසං ඉන්නෙ හරිම අමාරුවෙන් හරි කාලෙ එනකං. මං තිව්වෙ හැම දේකම හොද පැත්ත කියන්ඩ තිබුනයි කියල නෙව. නිකං ත්‍රී පෝස වගේ ඒ සම්බන්ධ රසවත් දේවල්. මෙයා ලියලා තියෙන්නෙ ෂෝට් ගහං පට්ට පාන්දර පිනි බබා බේකරි ගානෙ බඩ ගාපුවනෙ.. ඒකයි මං පොඩ් මෙව්වා එකක් දුන්නෙ..
..........
ඔබා මාමා,
ආං බලන්ඩකො ඇඳට නැගිල්ලෙයි දොල දුකෙයි සම්බන්දෙ දන්නැලු මෙයා. මං නං දන්න හැටියට ඇඳට නැගිල්ලෙන් තමාලු දොල දුක හැදෙන්ට අඩිතාලම වැටෙන්නේ.... හා නැද්ද?
..............
බුරා,
මෙච්චර වැදගත් තාලෙට හිටපු බුරාත් අරගොල්ල වගේ ප්‍රස්නයක් ඇහැව්වනේ....
උඔට කියන්ට සිරාවට මේ දවස්ඔල මං ඇඳපල්ලෙ තමා....ඒත් ඒක හෙන නිදහස් බං. ඇද ළගින් නිදා ගන්ඩ පටන් ගත්තත් උදේට බලද්දි දොර ගාවටම ගිහිල්ලා. උඔට කිව්වට වෙන කාටවත් කියන්ඩ එපා,මං රෑට දිසාව හොයා ගන්නෙ මේන් සුවිච් එකේ නිතර පත්තවෙන රතු ලයිට් එකෙන්. වම් ඇහැට ලම්බකව ලයිට් එක තියෙනවා කියන්නෙ කොල්ලා තාම නිදාගත්තු තැනමයි කියන එක.
අම්මියෝ! දුමී අයියේ අපි වගේ අසරණ කොල්ලන්ව බය කරන්ඩ එපා අප්පා.
ReplyDeleteසඳරු - ඔය යෝධයා වේළුසුමණ වෙන්න ඕනෙ නේද? මොනවා වුණත් මරු ස්ටයිල් එක
අම්මෝ ළමයි හදන එකට වැඩිය අමාරුයි නේ මේ දොළ දුක් සංසිඳවන එක බලන් ගියාම. කමෙන්ට් දැක්කම බයේ බෑ. ළමයි හදන එක ගැන හිතන්න වෙනවා වගේ.
ReplyDeleteපට්ටම පොස්ට් එක අයියේ. ගොඩක් දවසකින් ටිකක් හිනා වුනා පොස්ට් එකක් කියවලා.
ස්තූතියි දුමී අයියා මේ ගැන දැනුවත් කලාට! මේක කියොලා මං හිතා ගත්තා! දොලදුක් නිසා කට්ට කෑමේ තත්වයට නම් වැටෙන්නේ නෑ!! අප්පේ කාටද දුමී අයියා පුලුවන් උදේ ලාන්දරම බේකරි ගානේ බං ගාන්න!!
ReplyDelete@බුද්ධි,
ReplyDeleteමේකනෙ බුද්ධියො ඔතන පුරස්නෙ.. අපි කොච්චර වැදගත් තාලෙන් ඉන්න හැදුවත් වැඩක් ඇතෑ, ආස්සරේ කොරන්නෙ ඔය ඔබා අයියා, ඕනයා වගේ උදවිය නෙවැ.. අර කතාවක් තියෙන්නෙ manners දාන්න ඕන manners දන්න එවුං එක්ක ඉන්නකොටයි නිකං කට කහනවටයැ.. :D
@ බුරා,
ReplyDeleteඕනය ගැන නං එහෙම කිව්වට කමක් නැහැ, ඔබා නියම ජෙන්ට
@ඉන්දික උපශාන්ත ,
ReplyDeleteඑක අතකට උඹ වාසනාවන්තයි. කිරියා හදන්න දන්න කෙනෙක් ලැබෙනකං දොළට ඉවසීමක් තිබුනට....! ගොඩක් වෙලාවට වෙන්නෙ සක්කර ලෝකෙන් හරි හදන්න දන්න එකෙක්ව ගෙන්නලා ඕව හදන්න වෙන එකනේ....!
@නිශ් ,
කමක් නෑ මල්ලි කට්ට කෑවට, අර පල්ලෙහායින් උඹට උත්තර ලැබිලා තියෙන දේ පොඩි එකාට හම්බවෙන්න ඇතිනේ....!
හැබැයි ඥාණය කියන්නෙ ඛණිජයක් කියලා මම දැන ගත්තෙ මේ පෝස්ට් එක නිසා...!
@බුද්ධි,
උඹ ඇඳට නගින්න නැතිවෙන්න හේතුවක් හොය හොය ඉන්න වෙලාව්වෙ හොඳ වෙලාවට මම මේ පෝස්ට් එක දැම්මේ නේද ....? ඇයි බං ඇඳට නගින්න බය වෙන්නෙ....? මකුණොද ? ඇඳට නගින්න බැරිනම් ඔය සෝෆා එකක්, මෙට්ටයක් හරි පැදුරක් වගේ දේකුත් අප්සෙට් එකක් නෑ....!
@nawammawatha,
ReplyDeleteඋඹ නවතීද කියලා කියන්නෙ මම ගැනද ? යස්සයෝ, තුනකට දොල දුක වෙනුවෙන් දුක් වින්දා මදිද මම ?
"@ බුද්ධි
එහෙනං උඹ නිකා හිටු !:D "
අපිට මොකෝ, නේද බං...?
@Observer,
අනේ බං ඔබා මාමා අයියේ.... කමෙන්ට් ටිකට උත්තර බැඳලා දාපංකෝ, උඹට එක උත්තරේකට සත 10 ගාණෙ ගෙවන්නම්....!
"@ දුමී,
මේවා ඔක්කොම කියෙව්වම මට හිතුන මං තරං ලක් කාරයෙක් නැහැ කියල. ඔබීට ඔය දොළ දුක් හැදුනෙම නෑනෙ. හැදුන ඒව එයාගෙ අම්මගෙන් හරි අපේ අම්මගෙන් හරි ඉටු කර ගත්තද දන්නැහැ. මට නං කිව්වෙ නැහැ. "
ඔබීට ඔබා මාමා අයියට කියන්න බැරි දොළ දුකක් හැදුනද කවුද දන්නෙ....! හික් හික් හික්...!
@Buratheno,
ReplyDelete"@නිශ්,
ඥානකතා කෑවම ඥානය ලැබෙනවා බං.. උඹට නැතිවුනාට අඩුගානෙ පොඩිඑකාටවත් ඥානය තියෙනවා කියලා සන්තෝස වෙයං.. :p"
නෝනා වාට්ටුව ගාවින් ඥාණ කතා විකුනන්න පොඩි කඩ කෑල්ලක් ගත්තොත් හොඳට බිස්නස් තියේවි නේද ?
"@බුද්ධී,
උඹ කොහොමත් මේ දවස්සොල ඇඳ යටලු නේද නිදාගන්නෙ.. :D"
උඹ කොහොමෙයි ඒක දන්නෙ ?
@සපතේරු උන්නැහේ,
ReplyDeleteමචං, උඹ හිතන්නෙ ලංකාවෙ රඹුටන් ලාබයි කියලද ? උඹ ලංකාවෙ හිටියනං රඹුටන් කිලෝ එහෙකට ඔය වගේ දෙගුණයක් ගෙවන්න වෙනවා...!
@email kavikaari,
හපොයි, ඒක අහලනම් පපුව සීතල වෙලා ගියා...! මොනව වෙලාද කොල්ලා නැති උනේ ?
@Bindi,
ඔන්න බින්දි විතරයි "පව් මෙයා" හරි කියලා පොඩ්ඩක් ප්‍රිමි ගැණ අණුකම්පාවෙන් කතා කලේ...!
මොනව උනත් මේ පෝස්ට් එකෙන් පස්සෙ ලංකාවෙ කිඹුලා බනිස් වලට මාර ඉල්ලුමක් තියෙනවලු...!
@බුද්ධි,
ReplyDeleteඔව් බං මමත් මේ හිත හිත ඉන්නෙ මේ කමෙන්ට් වලට උත්තර බඳින එක ඕෆ් ශෝර් කරන්න කියලා...
දොළ දුක හැදෙන්න ඇඳට නගින්නම ඕනෙ නෑ බං.... ඔය ඕන තරම් තව ක්‍රම තියෙන්නෙ....! (මම කලින් කිව්වෙ )... අනික මූ නම් මහ ත්‍රී පෝෂ පෙරේතයෙක් වගේ....!
ඒ කියන්නෙ උඹට හදීසියේ වත් ලයිට් ගියොත් රෑට නිදා ගන්නත් ඇඳට නගින්නත් බෑ....! හයියෝ...!
@BLOG ගඩොල්,
මල්ලි උඹලා (අපි ) වගේ යංග් කොල්ලෝ බය වෙන්න නරකයි...! පපුව ඉස්සරහට දාලා යන්න තමයි තියෙන්නෙ....!
@Kasun,
දුක් ගන්න එපා මල්ලි... ළමයි හදන එකේ ආතල්ම කෑල්ල තමයි මේ දොළැ දුක් සංසිඳවන පාට් එක....!
@මාධව,
ReplyDeleteඅන්න අන්න මල්ලි වරද්ද ගත්තා, ඒ කට්ටෙ තමයි ආතල් එක තියෙන්නෙ (වයිෆ්ට )
@Buratheno,
එක තමයි මල්ලි මමත් මේ කල්පනා කලේ, මේ බණක් දහමක් අහගෙන, පිනක් දහමක් කරලා, හතර පෝයටම සිල්ගන්න ඕන වයසේ ඉන්න ඔබා මාමා අංකල් මොනවද මේ බ්ලොගයක් බදාගෙන කරන්නෙ කියලා... හික් හික් හික්....!
@ඔබා මාමා අංකල්, උඹලා ඔය එක එකා කියන කතා ගණන් ගන්න ඕනෙ නෑ...! උඹේ ගමන උඹ පලයන්...!
සත දහය කොය් රටේ සල්ලි වලින්ද? යුරෝ, ඇමෙරිකන්, ඔසී, වගේ ඒව නං චුට්ටක් විතර සලකල බලල, ඉන්දියාවට අවුට් සෝර්ස් කරන්න පුළුවන්
ReplyDelete@ඔබා අයියා,
ReplyDelete// ඕනය ගැන නං එහෙම කිව්වට කමක් නැහැ, ඔබා නියම ජෙන්ට //
දැන් ඔය කියන්නෙ මොන ඔබා ගැනද..!!??
මේ බ්ලොග් එක දවස් දෙකතුනකට කලින් කියවන්න ගත්තට හදිස්සි වැඩ වගයක් හින්දා ගියා. ආයේ ආවේ අද.
ReplyDeleteදැන් මේ මම කල්පනා කලේ මම කොයි ගොඩටද අයිති වෙන්නේ කියලා. ඔය ලංකාවේ ගමේ කෑමක් දැක්කම සඳරුටත් වඩා මම ඔකඳ වෙනවා. ගහක් දැක්කත් එහෙමයි. කොටින්ම මාව දන්න එවුන්ට ඔය මොකක් හරි දැක්කමත් මතක් වෙන්නේ මාවලු.
මට නම් හැමදාම දොලදුක කියලා මගේ යාළුවෝ ඔක්කොම මට බනිනවනේ දුමියෝ. ඕක මට නැත්තේ මිරිස් වලට විතරනේ.
@බූරු බබා...
ReplyDeleteඔයත් ලංකාවේ කෑම දැක්කම ඔකඳ වෙනවනං සාදරයෙන් පිළීගන්නවා දුමී ඇතුළු හූල්ලන නඩයට.. ආයිබෝං කිව්වා...
@දුමී...
එහෙම හොඳයි නේද..?
හික්ස් මාරයෝ.
ReplyDeleteඒ වුනාට ඔය අනුන්ගේ කෑම වලට පැනි හලන්නේ නෑ මම. මම අවුරුදු දහයක් ඉවසලා හරි ලංකාවට ආවම මැරයෙක් වෙලා හරි ඕක හදලා කන්න දෙනකම් ඉවසනවනේ.
මේ දවස් වල රෙකෝඩ් එකක් තියලා ඉන්නේ. පළතුරුයි පැනි රසයි කාලා. අද පුහුල් දෝසි උරයක්ම කාලා සීනි වැඩි වෙලාද මන්දා මත් වෙලා වගේ හිටියේ. හික්ස්.
දෙයියන්ගේම පිහිටයි බන් අයියේ... මගේ වෙන්න බාරී නං මේ පෝස්ට් එක දකින්න එපා කියලා තිස්තුන්කෝටියක් දෙවියොන්ගෙන් ඉල්ලනවා. ඒ ඇත්තී මේක දැක්කොත් දැම්ම ඉදන් ඔය කාලෙට කන්න ආස කෑම ජාති ප්ලෑන් කොරාවි.ඒකෙ ආයේ හෝදන්න දෙයක් නෑ...
ReplyDeleteඔන්න හත්දවසෙ කිඹුලා
ReplyDeletehttps://www.facebook.com/#!/photo.php?fbid=1410205700305&set=a.1410118098115.2056604.1387354831&type=3&theater
ඔන්න කොල්ල මැරුන හැටි
http://emailkavikaari.blogspot.com/2011/08/exploratory-laparotomy-gang-sex.html
අයියො මන් මේක කියෝල ලේ පිරිපහදුවට ආවෙ අදනෙ... 91ක් වූ කොමෙන්ටුත් කියවා මහ රෑ කෑකිරි පෑලුවෙමි....
ReplyDeleteහිකිස්....
දොල දුක් හෑදෙන එකත් මහා ප්‍රොජෙක්ට් එකක් නෙව බලන් ගියාම.... හෆු ! :)
අප්පා...........මාර දුකක්නෙ විඳලා තියෙන්නෙ
ReplyDeleteමේ කතා අහනකොට ළමයි හදන්නත් බය හිතෙනවනෙ.. අර තක්කාලි දොලදුක වගේ එකක් සෙට් උනොත් මල කෙළියක්නේ වෙන්නේ..
ReplyDeleteබයත් හිතුනා බං අයියේ...
ReplyDeleteතාම මේ එක්ස්පිරියන්ස් එක ගන්න ලැබුනේ නැහැ
උඹ කිඹුලා බනිස් හෙව්වා වගේ නෙමෙයි හොඳම වැඩේ වෙලා තියෙන්නේ අර ඉන්දියන් කාරයට (තක්කාලි කේස් එක)
ඔව්වට බය වෙලා නිකා ඉන්න ඇහැකිද :DDD
ReplyDeleteඅපේ නෝනෙට මල් තියන්න එපාය.. එයැයිට නම් බින්දි අක්කට වගේ තමයි.. සාමාන්‍ය විදිහටම තමයි ආසාවල් ආවේ දෙපාරම..
ReplyDeleteමං කල්පනා කළේ අපේ දුව කලිං ආත්ම භවයේ කවුරු වෙන්න ඇත්ද කියලා. මෙලෝ දෙයක් කන්න කැමැති නෑ නොවැ..හැබැයි චොකලට් වලට නං ටිකක් කැමතියි..
අපේ අම්මලා කියනවා ඔය සමහර එව්වන්ගේ කටවල් තියෙනවා නේද? එව්වා කටවල් නෙමෙයි මකර කටවල්, කිව්වොත් විනාසේ කියලා. මට ඒක අද හොඳට වැටහුනා...
ReplyDelete"එහෙනං ෂුවර් එකටම උඹේ නෝනගේ බඩේ ඉන්නෙ ගිය ආත්මේ තක්කාලි පණුවෙක්....!" කියලයි.
ඌ එදායින් පස්සෙ මාත් එක්ක සති ගාණක් කතා කලේ නෑ. පස්සෙ දවසක මගේ යාළුවා පණුවෙක් වගේ කෙට්ටු පොඩි එකෙක් වඩාගෙන ඔෆිස් ආපු වෙලාවෙ මට මේ තක්කාලි කතාව මතක් වෙලා ඉස්පොල්ලෙ යන්න ගිහින් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා.
මේ ටික කියැව්වහම........ :D :D :D
"ඉස්බක් සා මහත් මී වදයක් තමාගේ ඉස් දොර තබා ශෝබා සම්පන්න වූ යහනෙක් හි දකුණු ඇලයෙන් වැදහෙව දොළොස් දහසක් මහසඟනට දන් දී ඉතිරි වූ මී බුදිනු රිසිවූවාය. එසේක එළාරගේ යෝධයන් අතුරෙන් ප්‍රධාන යෝධයාගේ හිස සිඳි කඩුව සේදූ ජලය ඒ අග්‍රයෝධයාගේ ම හිස මත සිට බොන්නට ද අනුරාධපුර උපුල් කෙතින් ගෙන ආ උපුල් දමක් ද පැළඳීම පිණිස දොළක් උපනැයි"
ReplyDeleteමෙන්න දොළ දුක්. ඒත් කාවන්තිස්ස රජ්ජුරුවෝ ඒක කළා :)
බයෙත් බෑ...
ReplyDeletebuduammooooo
ReplyDeletehinawelaaaa merenawa.......
pasta pasta...........
පාන්දර දොළ දුකක් ආවෙ නැත්තෙ වෙලාවට... එහෙම වුණා නං අනාතයි...
ReplyDeleteමං ඒ කාලේ හිතාන හිටියේ ගෑනි මැරෙයි කියල , මොන රෙද්දක්වත් කැවේ නැ , වමනේ කරනවා විතරයි , ටිකක් හරි කෑවේ දෙලුම් විතරයි , අදටත් ලොක්කි ආසාවෙන් කන්නේ දෙලුම් විතරයි , පොඩ්ඩිනං මං වගේ සර්ව බක්ෂක , මං මේක ඉස්සෙල්ලම කියෙව්වේ බ්ලොග් කියල දෙයක් නොදන්න කාලේ , අද කියෙව්වා බ ුකියේ දැකලා
ReplyDelete