අමතක වීමේ ඵල විපාක
Posted by
මතකයේ ප්‍රධාන ලක්ෂණය නම් අමතක වීම කියලා අපි ඒ ලෙවල් කරන කාලේ අපිට කියලා දුන්නේ මම ගොඩක් ගෞරව කරන, මට ඒ.ලෙවල් පියෝ-ඇප්ලයිඩ් උගන්නපු සුමේධ උඩවත්ත සර්. ඉතින් එහෙම කියපු සුමේධ සර් ගොඩක් දේවල් අමතක නොවෙන්න මතකයේ තියාගන්න මෙමරි මැප් වගේ ක්‍රම සහ විධි ගොඩක් අපිට කියලා දුන්නා. ඒත් ඉතින් ආයෙත් මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීම නිසා ඒ කියලා දුන්නු ට්‍රික්ස් ඔක්කොම ටික කාලයක් යනකොට අමතක වෙලාම ගිහිල්ලා.
ඔන්න ඉතින් ඒ අස්සේ මමත් බැළුවේ මම මේ බ්ලොග් එකක් කරනවා නේද කියලා අමතක වෙන්න කලින් මෙන්න මේ අමතක වීම නිසා වෙච්චි අකර තැබ්බ කීපයක් ලියලා දාන්න.
මම ඉතින් දවසක් සුපුරුදු විදිහට ඔය රේඩියෝ එක කාරිය අහගෙන වැඩට යන වෙලාවක ඇහිච්ච නිව්ස් එකක හැටියට ඔය එංගලන්තෙ පැත්තෙ සුද්දියෙක්ට (ඇත්තටම කියුබානු සම්භවයක් ඇති සුද්දියෙක් ) තමන්ගේ ජීවිතේ අන්තිම අවුරුදු 15වම අමතක වෙලා ගිහිල්ලා. අවුරුදු 32ක් වෙච්ච මේ ගෑණු මනුස්සයා දවසක් උදේ නැගිටිනකොට එයාගේ මතකේ ඔක්කොම නැතිවෙලා ගිහිල්ලා හිතාගෙන ඉඳලා තියෙන්නෙ එයා අවුරුදු 15ක කෙල්ලෙක් කියලා. ඇත්තටම ඒක කලාතුරකින් ඇති වෙන්න පුලුවන් ලෙඩක්ලු. ඒකට කියන්නේ “transient global amnesia” කියලා. හැබැයි ඒ වෙලාවෙ මට නම් හිතුනේ මේ ලෙඩේ මේ ගෑණු හැමෝටම වගේ තියෙන ලෙඩක් නේද කියලා. මොකද ඒ ගොල්ලන්ගේ වයස ගොඩක් වෙලාවට ඒ ගොල්ලන්ට අමතක වෙලාම යනවනේ. ඒ ගොල්ලො හැම තිස්සෙම හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට 16 යි මාසයයි කියලා. ඔන්න දැන් තේරෙනවා නේද මේ අයට ඇත්තටම තියෙන ලෙඩේ මොකක්ද කියලා.
මගේ අති ජාත යාළුවෙක් හිටියා (තාම ඉන්නවා, හැබැයි ඌ කසාද බැන්දායින් පස්සෙ ඇහැට දැක්කෙ නෑ තවම. ) අපි ඌට නානා කියලා තමයි ආදරේට කිව්වෙ ( තාම එහෙම තමයි ආදරේට කියන්නේ ). කට්ටිය ඌට ඒ නම දාන්න එක හේතුවක් එකක් ඌ මුස්ලිම් ආගමේ, අනික ඇටයා වගේ හිටියට ඌට කොම්පඤ්ඤ වීදියේ තියෙන නානගේ කඩේ හිස් කරන්න යන්නෙ පැය භාගයයි. ඉතින් අපේ නානගේ ගම තමයි වැලිගම. අම්ම තාත්තා සහ සහෝදර සහෝදරියෝ සනුහරේම ඉන්නවා කියන්නේ එහේ තමයි. නානට සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඌ දන්නෙ නෑ. නානා පොඩි කාලේ ඉඳන්ම හැදිලා තියෙන්නෙ කොළඹ ඉන්න උගේ මාමා කෙනෙක් ගාව. කොළඹ අයි.ඩී.එම් එකේ තමයි ඌ කම්පීතර ඩිග්‍රියට වෙනකන් ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි අවුරුද්දට දෙපාරක් තුන් පාරක් ඔය ලොකු නිවාඩුවක් එහෙම ලැබුනහම නානා ගම රට ගිහිල්ල අදෙමව්පියෝ, නෑදෑ සනුහරේ බලලා එන්න අමතක කරන්නේ නෑ. ඉතින් එක පාරක් එහෙම අතින් කටින් තෑගි බෝග අරගෙන නානා ගමේ ගිය වෙලාවක සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ.
ඔන්න නානා වැලිගමට ඇවිත් බස් එකෙන් බැහැලා ගෙදර මිදුලට යනකොට නානගේ තත්තා ඉන්නවාලු හාන්සි පුටුවකට වෙලා පත්තරයක් බල බල. ඔන්න නානා ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම තාත්තා අර බල බල හිටපු පත්තරේ පැත්තකින් තියලා, කණ්නාඩි දෙක යටින් බලලා බඩු පොදි උස්සගෙන ඉස්සරහ එන නානා දිහා බලලා කිව්වලු,
"නෑ නෑ... අපිට තොරම්බල් ඕනෙ නෑ......!"
ඉතින් නානත් "නෑ නෑ.. මේ තොරම්බල් නෙමෙයි... තෑගි.තෑගි...!"
"තෑගි ? කාටද ? කාව හම්බවෙන්නද ආවෙ ?"
"නෑ නෑ... තාත්තේ... මේ මම නානා... තාත්තගේ පුතෙක්.....!"
"ඈහ්.... මගේ පුතෙක්ද....? පළයන් ගේ ඇතුලට.....!"
ඉතින් එහෙමයි නානගේ තාත්තට ඉන්න ළමයි ගාණ මතක නැති වෙන්නෙ. මේ කතාවත් අපිට කිව්වෙ නානම තමයි. හැම පාරම ඌ ගමට ගියාම අළුතෙන් සහෝදර සහෝදරියෝ හතර පස් දෙනෙක් හොයාගෙන තමයි ආපහු එන්නෙ. ඔය ඒ පාර ගමට ගිය වෙලාවෙත් ඌ හොයාගෙන තිබුනා ඌට නිවුන් සහෝදරයෙකුත් ඉන්නවා කියලා.
මම කිව්වනේ නානා කම්පීතර ඉගෙන ගත්තෙ අයි.ඩී.එම් එකේ කියලා. අයි.ඩී.එම් එකට එන්න කලින් ඌ ඉගෙන ගත්තද කියලා නම් මම දන්නේ නෑ. හැබැයි ඔය අයි.ඩී.එම් එකේ නානලාගේ කාලෙ ඉඳලා තියෙනවා පොඩ්ඩක් ක්‍රැක් වෙච්ච ඩොකෙක්. නානා ඕකෙ ඩිග්‍රිය ඉවර කරලා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනා කාලේ, දවසක් මේ ඩොකා නානා උගන්න උගන්න හිටපු ලැබ් එකේ වීදුරු දොර අරින්න අමතක වෙලා ඒක කඩාගෙන ඇතුලට ආවලු. ඇවිල්ලා කම්පීතරයක් ඉස්සරහ වාඩි වෙලා බරටම වැඩලු. දොර කඩාගෙන ආපු පාරට පොරගේ මූන තැන් තැන් වලින් කැපිලා හිටු කියලා ලේ ගලනවා. ඒත් පොරට මතක නැහැල්ලු පොර ලැබ් එකේ දොරේ වීදුරුව කඩාගෙන තමයි ආවෙ කියලා. ඉතින් අන්තිමට බැරිම තැන නානලාගේ එකෙක් ගිහිල්ලා කිව්වලු,
"සර් ! ඔන්න සර්ව තුවාල වෙලා බ්ලීඩ් වෙනවා...." කියලා....!
ඒ පාර සර් කිව්වලු, "ඒක තමයි... මම හිතන්නේ අර ඔය ගොල්ලන්ගේ වීදුරු දොරක් තිබුනේ, ඒකකැඩුනද කොහෙද.....!"
(කැඩුනද කොහෙද නෙමෙයි, වීදුරු දොර කුඩු පට්ටම් වෙලාලු මූ දොර කාඩාගෙන ආපු පාරට )
අන්තිමට පොරව ඉස්පිරිතාලේ අරගෙන ගිහිලා මැහුම් හිටන් දාලලු ගොඩ ගත්තෙ.
ඔන්න නානා කිව්ව තව කතාවක් තමයි, තව දවසක් මේ ඩොකා දවල්ට ලන්ච් එක කක කකා ඉන්නකොට පොරට කෝල් එකක් ඇවිල්ලා ලැබ් එකේ තිබුනු ෆෝන් එකට. (ඒ කාලේ අද වගේ හැමෝටම මොබයිල් ෆෝන් තිබුනේ නෑනේ. ඉඳලා හිටලා හරි කාට හරි තිබුනා නම් තිබුනේ අර මෝටොරෝලා ගඩොල් බාගේ සෙල්ටෙල් ෆෝන් ). ඔන්න ඉතින් අපේ නානත් දුව ගෙන ලන්ච් රූම් එකට ගිහිල්ල පොරට කිව්වලු, සර් අන්න සර්ට කෝල් එකක් කියලා. ඔන්න ඩොකා මොකද කරලා තියෙන්නෙ දඩි බිඩි ගාලා නැගිටලා අතත් හෝදගෙන මොකද කරලා තියෙන්නෙ, කාලා ඉවර උනාට පස්සෙ කන්න ගෙනැල්ලා තිබිච්ච ආනමාළු ගෙඩිය අතට අරන් කනේ තියාගෙන "හෙලෝ...." කියලා කිව්වලු....! පොරට අමතක වෙලා පොර තාම ඉන්නෙ ලන්ච් රූම් එකේ කියලා.
මෙන්න මේ සිද්ධිය උනේ මගේ තවත් අතිජාත මිත්‍රයෙක් වෙන කීර්තිට. ඔය ගොඩක් පිරිමි වගේ කීර්තිටත් මේ උපන්දින, ඇනිවර්සරි මතක හිටින්නෙ නැති ලෙඩක් තියෙනවා. හැමදාම ඔය උපන්දින, ඇනිවර්සරි අමතක වෙලා පොර වයිෆ්ගෙන් අම්බානෙකට බැනුම් අහනවා. ඔන්න දවසක් කීර්ති උදේ වැඩට යන්න හදනකොට වයිෆ් ඉඳන් කියනවලු....
"අනේ කීර්ති, අද පොඩ්ඩක් වේලාසනින් ගෙදර එන්න... චර්ච් යන්න ඕනෙ....!"
වෙනදට ඉරිදට විතරක් පල්ලි යන වයිෆ් මේ තකහනියක් සතියේ දවසක පල්ලි යන්නෙ ඕන කියන්නෙ මොකද කියලා කීරිතිට දැන් හිතා ගන්න බැහැල්ලු. ටික වෙලාවක් කල්පනා කරනකොට තමයි කීර්තිට මතක් වෙලා තියෙන්නෙ මේ මාර්තු මාසෙ නේද, ඒ ගොල්ලන්ගේ වෙඩින් ඇනිවර්සරි එකත් වැටෙන්නෙ මේ මාසෙ නේද කියලා කල්පනා උනේ.
වෙනදට හැමදාම අමතක වෙන ඇනිවර්සරි එක අදනම් කොහොම හරි සෙලිබ්‍රේට් කරනවා කියලා එදා කීර්ති ශෝට් ලීව් එකකුත් දාලා ෆැබ් එකට ගිහින් හොඳවැයින් වයිෆ් කන්න කැමති චොකලට් කේක් එකකුයි, රෝසමල් පොකුරකුයි අරගෙන වීරයා වගේ ගෙදර ගියාලු.
ඔන්න එදා වේලපහින්ම ගෙදර ආපු කීර්තිව දැකලා වයිෆ්ට ෆුල් හොල්මන්ලු.
කීර්ති රෝස මල් පොකුරත් වයිෆ්ගේ අතට දීලා, කේක් එකත් මේසෙ උඩ තියලා වයිෆ්ට ලඟට ඇදන් අරගෙන හොඳ කිස් එකක් දුන්නලු.
ඒ පාර වෆ්යි ඇහුවලු,
"කීර්ති... මොකද මේ කවදාවත් නැතිව...?" කියලා.
ඔන්න ඒ පාර කීර්ති කියනවලු,
"අනුෂ්කා, අද තමයි මගේ ජීවිතේ සන්තෝසම දවස.....!"
ඔන්න අනුෂ්කාත් ෆුල් ප්‍රශ්නාර්ථයක් මූනේ තියාගෙන කීර්ති දිහා බලාගෙන ඉන්නවලු.
"අද වගේ දවසක තමයි අපේ ආදරයට තිබුනු ලොකුම බාධාව අපිට නැති උනේ....ඉතින් මට හරි සන්තෝසයි .!"
ඒක ඇහුනා විතරයි, අනුශ්කා කීර්තියට ඔරවලා, පට ගාල කාමරේට ගිහිලා දඩාං ගාල දොර වහ ගත්තලු.
කීරිතිටත් තේරුනාලු මොකක් හරි අබිලික් එකක් උනා තමයි කියලා. දැන් හිටු කියලා කල්පනා කරනවලු. මොකක්ද යකෝ මේ උනේ කියලා. ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි කීරිතිට මතක් උනේ අද මාර්තු 10 වෙනිදා, බොලේ අද අනුෂ්කාගේ අම්මගේ ඩෙත් ඇනිවර්සරි එක නේද කියලා.....
ප.ලි: අනුෂ්කයි කීර්තියි තාම හොඳින් පවුල් ජීවිතේ ගත කරනවා. (නම් ගම් පමණක් මනඃකල්පිත බව සලකන්න )

නානාගෙ තාත්තට ලමයි අමතක වෙන්න අම්මෝ ලමයි සෑහෙන ගානක් ඉන්නව ඇති එහෙනම්.
ReplyDeleteහික්z මදැයි කීර්ති ගුටි නොකා බේරුනා.
This comment has been removed by the author.
ReplyDeleteසුමේධ සර් මගෙත් ගුරා නොවැ. උන්නෑහේට වෙලාවකට තමන් ගුරාය කියන එක අමතක වෙලා කරාටේ ශූරයෙක්ය කියලා මතක් වෙන එක නොවැ වැඩේ. පොඩ්ඩ වැරදුනොත් අතපය ගලවන්න හදනවා නොවැ...
ReplyDeleteදවසක් එයා අපේ ඉස්කෝලෙට ආව සාපෙ කරද්දී ගණිතය පුනරීක්ෂණයක් කරන්න. එයා අපේ හිටපු වයිස් ප්‍රින්සිපල්ගේ ඉස්කෝලේ යාලුවෙක්ලු. ඉතින් මෙයා පටන් ගනිද්දී ඇහුව කොළඹ රෝයල් එකේ මොටෝ එක දන්නවද කියල. මොකද්ද ලතින් එකක්නේ තියන්නේ. ඔන්න කව්දෝ නැගිටලා කිව්වා. එයා කියනවා එකේ ඉංග්‍රීසි තේරුම "Learn or depart"ලු. සුද්ධ සිංහලෙන් කියනවනම් "ඉගෙනගනින් නැත්තම් පලයන්" ලු. මම මෙතන ඉන්න අයටත් කියන්නේ එකමයි. කියල පටන් ගත්තේ.
Deleteකෙහෙල් ගෙඩිය කනේ තියාගත්ත එක ගැන ගොඩක් සතුටුයි! මොකද සමහරු ඔය විදිහට කනේ තියාගන්නෙ අයන් එකලු! :( :D
ReplyDeleteහික් හික්...
ReplyDeleteපට්ටයි පට්ටම පට්ටයි
ReplyDelete//"අද වගේ දවසක තමයි අපේ ආදරයට තිබුනු ලොකුම බාධාව අපිට නැති උනේ....ඉතින් මට හරි සන්තෝසයි .!"\\
//මාර්තු 10 වෙනිදා, බොලේ අද අනුෂ්කාගේ අම්මගේ ඩෙත් ඇනිවර්සරි එක නේද කියලා....\\
කීරිති = දුමී
ReplyDeleteඅනුෂ්කා = දූමී හාමිනේ
අපි හරිනේද.... හික් හික්....
මේ පැත්තේ ගොඩදොහොකින් ගොඩවැදුනේ... කතා ගොඩක් තියේ කඳුළු හල හල යන්න... හොදා හොදා....
හික් හික්
ReplyDeleteමාත් හිතන්නෙ හසියා හිතුවා හරි.
ReplyDeleteමම දන්නවා කාරෙක, කා පාර්ක් එකේ දාලා කෝච්චියේ ගෙදර යන (සිංහලෙන් කියනවා නම්) ඩොකෙක්. ඔය අමතකවෙන ලෙඩේ වැඩියම තියෙන්නේ පිරිමින්ට......:D
ReplyDeleteසමහරුන්ට නම් ටිකක් ඉගෙන ගෙන වැඩිවෙනකොට ඔලුව එනවා, එතකොට ඉතින් නිකංම අර කලින් ඔලුවේ තියන දේවල් අමතක වෙනවා මයෙ හිතේ...:)
අපෝ මාර අමතක වීමක්නේ.. වැරදිලා තමන්ගෙ ගෙදර කියල වෙන එකකට ගියොත් තමා වැඩේ...
ReplyDeleteඔය ඇනිවසරි, බර්ත්ඩේ අමතක වෙන ලෙඩේට බෙහෙතක් හොයාගෙන නැද්ද තාම?? ඕක වෙන්නෙ නං වාසියටමයි මගෙ හිතේ
ReplyDeleteමට මේ පස්සේ මතක්වුනේ.... හික් හික්
ReplyDeleteඅමතක වීමේ සිද්ධියක් මතක්වුණා නෙවැ... හික් හික්...
අපේ හොල්ට් එකේ ඉදන් පළවෙනි හෝල්ට් එක ළග තියෙන්නේ ස්කෝලයක්... දෙවැනි හෝල්ට් එක ළග ලීබඩු කඩයක්... ඉතිං මං දවසක් බස් එකේ ගෙදර එනකොට දැන් මට මතකයි මං බහින හෝල්ට් එක ළගයි කියලා.ඔන්න ඉස්කෝලේ පහුවුණා.දැන් මං හිතුවා හරි තව පොඩ්ඩක් ඉස්සරහනේ... මෙන්න බොලේ ලීබඩු කඩෙත් පහුවුණා... ඒ පාර තමා මතක්වුනේ බහින හෝල්ට් එක පහුවෙලා කියලා.... හික් හික් කීලෝමීටර් එකහමාරක් විතර පයින් ගාටලා ගෙදරට ඇවිත් ඇහුවා අම්මේ මේ අපේ ගෙදරද කියලා....
ඉතිරි ටික ඕනි නෑනේ.....
අමතක වෙලා ගියා බස් හෝල්ට් දෙකක් විතර...
නානාට නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියල ඌ පස්සේ කාලෙක දැනගත්තු එක තමයි පට්ට සීන් එක.
ReplyDeleteනානගේ තාත්තට ඒ තරම්ම ළමයි ඇති නේද. ගාන කීයද කියලා අමතක වෙන්නම.
ReplyDeleteහික්ස් :) අර කීර්තිට අමතක වීමේ ලෙඩේ නම් මරු !!!
අපේ මේ බංගලි පොරවල් චොක්ලට් බෙදනව එහෙ ගෑණිට ළමයි හම්බ උනා කියල. මෙන්න ඊට ටික දවසකට පස්සෙ මිනිහම ලීව් ඇප්ලිකේෂන් එක පුරවල එවනව අවුරුදු දෙක ඉවරයි, නිවාඩු යන්න ඕන කියල!
ReplyDeleteෆට්ට කතා ටික අයියන්ඩි...
ReplyDeleteනානාව තාත්තට අමතක වීච්ච එකනම් දුක් සිද්ධිය අනේ...
හික්ස්.....හසියා අයියා කිව එක හරිද මන්ද
ReplyDeleteඅප්පේ මාර අමතක වීම් ටිකක් නෙ. අන්තිම කතාවනම් පට්ටම පට්ටය.
ReplyDeleteහපොයි කීර්තිට කම්මුල් පාරක් වැදුනෙ නැද්ද අප්පා.
@නදී,
ReplyDeleteනානාගේ තාත්තා දන්නෙ නෑ තමයි තාත්තට ඉන්න ළමයි ගාණ හරියටම. නානා එක පාරක් දඩි බිඩියේ ලංකාවට ගියා මොකද කවදාවත් මුණ නොගැසුනු මල්ලි කෙනෙක්ගේ වෙඩිං එකකට.
මම හිතන්නෙ නම් කීර්ති ගුටි කෑවද කොහෙද. ඒව ඉතින් මේ ප්‍රසිද්ධියේ ලියන එක හරි නැති නිසා මම නොලියා හිටියා..... හික් හික්...!
@චතුර විජේකෝන්,
සුමේධ සර් හැම තිස්සෙම කියන්නෙ, අපි පහනක් පත්තු කරන්නෙ ඇඳ යට තියන්න නමෙයි කියලානේ. කොහොමත් ඔය ක්ලාස් කරන කොට අත පය විසි නොකර බැරි වෙන වෙලාවල් තියෙනවානේ ඉන්න සමහර නසරාණි කොල්ලො නිසා....!
@තනි අලියා,
ඔව් ඔව්, කෙහෙල් ගෙඩිය කනේ තියාගෙන හලෝ කියපු එකෙන් අහල පහල හිටිය අය බිම පෙරලි පෙරලි සතුටු උනාලු.....!
@හසී,
ලොකුම හිනාව....! හික් හික්....!
@අලුත් කොල්ලා,
ReplyDeleteතැන්කූ තැන්කූ....! කීර්ති ඔය සිද්ධියෙන් පස්සෙ සතියක් නිවාඩු දාල මාසයක් ඇක්සිඩන්ට් වෝඩ් හිටියා කියලා ආරංචි උනත් ඒව මේ ප්‍රසිද්ධියේ කාරිය ලියන්න බෑ නොවැ......!
@෴ හසියා ෴ ,
කතන්දර හදන්න එපා බොල.....!!!!! ගම හාමිනේගේ අම්මා හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා......!
ඒක තමයි, විහාර මහා දේවි එකේදි දැක්කයින් පස්සෙ, ගොඩ දොහකින් නොවැ මලයව දැක්කෙ....! හොඳා හොඳා අනිත් ඒවත් කියවලා හිටියනන් එහෙනං...!
@ශානු,
:)
@පැන්ඩා,
ReplyDeleteබොලාටත් දෙන්න තියෙන්නෙ ඉතින් හසියට දීපු උත්තරේම තමයි ඕං....!
@පොඩ්ඩි,
හත්වලාමයි, මට ඒ සිද්ධිය ලියන්න අමතක වෙලාන බොලේ... ඒක විතරක් නෙමෙයි, මට මේ මෑතකදි වෙච්ච තව සිද්ධියක් ලියන්නත් අමතක වෙලා...!
අර කිව්වත් වගේ මම දන්න සමහර අය ඉන්නවා අමතක වෙලා හොද්දට ලුණු දෙපාරක්, තුන් පාරක් දාන අයත්...! මම හිතන්නෙ ඒ ගොල්ලො නම් පිරිමි නෙමෙයි....!
@Gimhani,
එහෙම වෙච්චි අයත් ඉන්නවා.....! පස්සෙ ලියමුකෝ ඒ කතාත්....!
@හරී - පිණිපළස,
ReplyDeleteඒක නම් කිව්වෙ හරීගේ හස්බන්ඩාටමද කොහෙද....! බුදු අම්මෝ, අපි නම් නෑ ඕවාට....!
@෴ හසියා ෴,
එහෙම අමතක වෙන්න ඉතින්, උඹත් කවුරු හරි ගෑනු පරාණයක් දිහා බලාගෙන යන්න ඇති මෙලෝ සිහියක් නැතිව....! ඇයි බං ජීවිත කාලෙම බස් එකෙන් ගිහින් බහින තැන කාට අමතක උනත් කකුල් දෙකට අමතක වෙන්නෙ නෑනේ....! මට නම් මොන මනෝ ලෝකෙක හිටියත් කකුල් දෙක දන්නවා බහින්න ඕනෙ තැන..........! හික් හික් හික්....!
@sithuwilimandiya,
එහෙම දැනගෙන ආපහු කොළඹ ආවට පස්සෙ තව අකරතැබ්බ මහා ගොඩක් උනා....! ඒවා පසුවට ....!
@මධුරංග,
ගාණ හරියටම මතක නෑ....! නානා මේ ලඟදිත් හොයා ගත්තා උගේ තව මල්ලි කෙනෙක් සෞදි අරාබියේ ඉන්නවා කියලා....!
@ඉන්දික උපශාන්ත,
ReplyDeleteමචෝ, ඒක පට්ට කතාව.....! කොහොමත් බංගලියන්ගේ සෞඛ්‍යය දැනුම ගොඩක් දුර්වලයිනේ...!
@අසනි,
මොන දුක් සිද්ධියක්ද හප්පා....? අපිට නම් බඩ කොර වෙන සිද්ධියක් ඒක....!
@සිතුවිලි නිහඬයි,
හසියට දීපු උත්තරේම තමයි.....! සීනි, කයි කතන්දර හදන්න එපා බොල...! හික් හික්
කවුද අයියේ ෆයිෆ් කියන්නේ? වස කෙනෙක්ද? මං මේ ඇහැව්වේ කීර්තිගේ ෆයිෆ් ගැන හරිද? :D :D :D
ReplyDelete@RanDil,
ReplyDeleteමොකක් ගැනද බොලේ කියන්නෙ ?
බුදු අම්මෝ මම තාම තාරබර අරිනවා.
ReplyDeleteඉස්පැලින් වැරදියි ඉස්පැලින්........ ඒකයි කිව්වේ.... :D
ReplyDeleteමගුලක් කතාකරනව.... මම ජෝර්දාන් වල ඉන්න කාලෙ එක සේල්ස් ස්ටාෆ් කෙනෙක් ඇවිල්ල නිවාඩු ඉල්ලුව.. මොකද කියල ඇහුවහම අක්කගෙ මගුල්ගේ කියල කිව්ව.. මාස දෙකකට විතර කලිනුත් ඕක සිද්දවුන නිසා මම ඇහුව..
ReplyDelete"උඹලෑ පවුලෙ කී දෙනෙක් ඉන්නවද" කියල..
දැන් වාඩිවෙලා ඇනගිලි ගනිනව, ආයි වරදිනව ආයි ගනිනව.. අන්තිමට කියපි "දාසය දෙනයි.. !" කියල...
මම හොල්මන් වුනා... "දාසය දෙනයි..?" මම ඇහුව..
"ඔව් ..අනික් අක්කල පස්දෙනා බැඳල ගියානෙ" කියපි...
වීදුරු කැඩූ ඩොකා චරිතය නම් නියමයි, industry stardards නොවැ.
ReplyDeleteඉන්දිකගේ බංගාලි කතාවත් නියමයි
ReplyDeleteඅදත් වුනානෙ ඔහොම එකක්, ඔබී ඔර්ඩර් එකක් ලියල ගිහින් තිබ්බ වැඩට යනකොට, අබ සහ පපඩම් ගෙනත් තියන්න කියල. එයාට ඕනෙ කරන කළු පාට අබ ඇට සහ ඉන්දියන්/ශ්‍රී ලංකන් පපඩම් තියෙන කඩේ තියෙන්නෙ කි.මි.10 ක් විතර දුර. කඩේට ගිහින් බඩු අරං බලන කොට සාක්කුවෙ පර්ස් එක නැහැ. වෙලාවට කඩේ අයිති බුරුම කාරයට මාව මතකය්, ඒක කිව්ව පස්සෙ සල්ලි ගෙනත් දෙන්න කියල.
ReplyDeleteඕක හැබය් අද විතරක් වෙච්ච වැඩක් නෙමේ....ගෙවල් ගාව සුපර් මාර්කට් එකේ සමහර කෙල්ලො කවුන්ටරේ ගාවට ගියාම "අද වොලට් ඒක ගෙනාවද?" කියල නෝන්ඩියට අහනව.
@ සපතේරු උන්නැහේ,
පොරගෙන් අහන්න එපෑ අම්මල කීදෙනෙක්ද කියල?
@Oba Ayya,
ReplyDeleteබ්ලොග් ලියන්න ගත්තට පස්සේ ඔබා අය්යට අමතක වෙනව වැඩි වගේ.
මටනම් ඔය වගේ පොඩි පොඩී එව්වා අමතක වෙන්නේ නෑ. කෙලින්ම් විභාගෙට පාඩම් කරන එව්වා අමතක වෙනවා මිසක්! :D
ReplyDeleteමේ පොඩ්ඩි කොහොමෙයි දන්නේ අර කාර් එක ඔෆිස් එක ලඟ නවත්තලා කෝච්චියේ ගෙදර ගිහින් ටැක්සියේ ආපහු ඔෆිස් එක ලඟට ගිහින් කාර් එක අරන් එන යාලුවගේ කතාව? හික්ස්
ReplyDeleteඅපිත් එක්ක කටාර් හිටපු අයිය කෙනෙක් මෙහේ ඉන්නවා. දවසක් මනුස්සයාගේ පවුලේ පින්තූර ඇල්බම් එක අපි බල බල ඉන්නවා. පින්තූර වල ලස්සන කොළු පැටවු 4ක් හිටියා. අපි ඇහුවා
"මේ කාගේද?" කියලා . . .
එක එකාට ඇඟිල්ල තිය තිය "මේ මගේ ලොකු පුතා මේ දෙවෙනියා මේ හතරවෙනියා" එහෙම කියලා කිව්වා . .
අපි ඇහුවා "අනිත් කෙනා" . . "එයා කාගෙද දන්නේ" නෑ කිව්වා . ..
ඇල්බම් එක බලල ඉවර වුනාම මනුස්සයා ආපහු පාරක් පෙරලලා බලලා කියනවා "ආ ඒ මගේ තුන්වෙනිය" කියල . . .
මේ වෙඩින් ඇනිවසරි බර්ත්ඩේ අමතක වෙන එක මට විතරක් නෙමෙයි පිරිමි සංහතියටම පොදු රෝගයක් වගේ බන් . . . හික් හික් හික්
කියලා වැඩක් නෑ දුමී අයියා ඇනිවසරි, උපන්දින මතක නැති වෙන එක ගැනනම්. එදාට ඉතින් ඉඳලා ඉවරයි.......
ReplyDelete@රාජ්,
ReplyDeleteරාජ් වැඩ කරන්නෙ මග නැගුමේද ?
@RanDil,
තැන්කූ වේවා, ඉස්පෙලින් ටික හැදුවා.....!
@සපතේරු උන්නැහේ ,
ඒත් අපේ නානට ගහන්න බෑ. මේ වෙනකොට නානා හොයාගෙන තියෙන විදිහට ඌට සහෝදර සහෝදරියෝ 20කට එහා පැත්තේ ඉන්නවා. තව හොයා ගත්ත නැති අයත් ගොඩක් ඉන්නවලු....!
අඩෝ අර සර් කාරය දවල්ටත් ලන්ච් අරන් පට්ට බුවෙක්...
ReplyDelete@ගල්මල්-Coral ,
ReplyDeleteඔය වීදුරු හින්දා මම දන්න යාළුවෙකුත් නහය කඩා ගත්තා, උඹයි මමයි කලින් වැඩ කරපු මර්කේටර් (අල් ෆතාන් ප්ලාසා ) එකේ. උගේ නහය ගිහිල්ලා වැදුන පාරට නහය වීදුරුවෙ එම්බෝස් එනා...!
ඉන්දිකගේ කතාව නම් මරු තමයි....!
@Observer ,
අන්කල් ඔබා මාමා අයියා ඒ දේ කරන්නේ ඕන කමින්මද කොහෙද.....! නරක සොරා.....!
@Gimhani,
ගිම්හානි තමයි ටක්කෙටම ලෙඩේ හොයා ගත්තෙ...!
@පූසා ,
ReplyDeleteමට නම් විභාගෙ තියෙන දවසත් අමතක උනා...!
@දුකා ,
එහෙනන් ඉතින් නානගේ තාත්තට සමාව දෙන්න වෙනවනේ....!
@නචියා ,
ඒක තමයි. මේ ගෑනු උදවිය හිතාගෙන ඉන්නෙ ඒව ඕන කමින් කරන දේවල් කියලනේ...!
@indi,
මම කලින්ම කිව්වනේ පොර ටිකක් ක්‍රැක් එකෙක් කියලා....!
කවුරුහරි සතුටු වෙනවනං කොච්චර දෙයක්ද? :D
ReplyDeleteayyoo matath exam ekak amathaka unane dawasak
ReplyDeleteමේ දවස් වල නම් මගේ සිහිය අඤ්ඤකොරොස් වෙලා............ (ගිය සිකුරාදා ඉඳන් තමා ඕන්) සෙනසුරාදා ක්ලාස් බව මතක් උනේ ඉරිද උදේ නැඟිට්ටම.... ඒක ඉවරයි...!
ReplyDeleteසඳුදා නාලා කරලා වගකිවයුත්තන්ට දැනුන් දීලා ගේට්ටුවේ ඉබ්බවත් දියට දාන් ගියා ඉංගිරීසි ක්ලාස්.....! මගදි යතුර තියලා ආපු තැන කියන්න අම්මට කතා කොලා කියමුකෝ. ඇහුවේ නැතෑ ගිය සතියේ අඟහරුවාදා නේද ගියේ කියලා...... හුටස්....! ආයේ අම්මටත් කියලා හැරිලා ගේට්ටුව ළඟටම ආවා. මදෑ එතකොට තමා මතක් උනේ ඉබ්බා දියේ දැම්මට මං ළඟ යතුර නෑ කියලා....! ආයේ මොකක්ද වගකිව යුත්තා තමා වගකියන්ට ඕනි කියලා අම්මට කෝල් එකක් දාලා ඉස්කෝලේ ළඟට ගියා. මෙලෝ වැඩක් නැති ගමනක්. වැඩක් උනේ අර පොටෝ කෑලි 4ට සල්ලි බැඳලා ආපු එක විතරයි.......
අනේ අසරණ මං....!
අමතක වීම් මතක බැරි වීම් නම් තියනවානේ කාට කාටත්......
මං අමතක වෙන එක මගහරවා ගන්න පොතක් ගෙනවා.
ReplyDeleteඔන්න අද හතරවෙනි පාරට මතක් වුණා ඒ පොත කියවන්න ඕනෑ කියලා!
දුමී අයියෙ එල කතා ටික....
ReplyDelete"ඔය ඒ පාර ගමට ගිය වෙලාවෙත් ඌ හොයාගෙන තිබුනා ඌට නිවුන් සහෝදරයෙකුත් ඉන්නවා කියලා."
ReplyDeleteඒකනම් නියම කතාව අයියේ.. අමතක වෙන්න තරම් සහෝදරයෝ...
කීර්තිට දවස් දෙක තුනක් යනකම් මොනවා වෙන්න ඇත්ද කියලා හිතාගන්න පුලුවන්...
//ඔය ඒ පාර ගමට ගිය වෙලාවෙත් ඌ හොයාගෙන තිබුනා ඌට නිවුන් සහෝදරයෙකුත් ඉන්නවා කියලා.//
ReplyDeleteඔයිට හොඳයි, නානව මරාගෙන කෑවනං!
මටත් ඔය ලෙඩේම තියනවා . ඉස්කෝලේ අර රැස්වීම මේ රැස්වීම නිතරම අමතක වෙනවා . සිංදුවකුත් තියෙන්නේ ''ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුනා '' කියල .
ReplyDeleteතාත්තලට ළමයින්ගේ පන්තිය වයස හෙම අමතක වෙන එක කොහොමද .
අන්තිම කතාව නම් මරු...
ReplyDeleteහප්පා මේකනම් මාරම අමතක වීමක්... හැබැයි ඔය ලෙඩේ ටිකක් විතර පාසල්ටත් තියෙනවා. එයාට ලේසියෙන් නමක් මතක හිටින්නේ නැහැ. කොටින්ම කියනවනම් තාම නෑදෑයෙක් දැක්කහම මුල ඉඳන් අගටම නිධාන කතාව කියන්න ඕනා මතක් කරලා දෙන්න.
ReplyDeleteකොට ජීවිතේ
පට්ටයි දුමියෝ... නියම කථා සෙට් එක....
ReplyDeleteමටත් ඔයවාගේ වැඩක් උනා.. මම එක සැරයක් පිටරට ඉඳලා ලංකාවට ගිය වෙලාවක මාස තුන හතරක් ඉන්න වුනා..ඔන්න මං එන්න කිට්ටු වෙනකොට අපේ පවුල කැරකිල්ල... ඔක්කාරය වගේ දේවල් පටන් ගත්ත... එක්කගෙන ගියා දොස්තර ගාවට..
ඩොක් කියපි..
මෙයාට බබෙක් ලැබෙන්න... දැනට සති 8 ක් විතර...
වෙන්න බැහැනේ... මං හිටියේ පිටරටනේ...
මගේ කටින් එළියට පැන්නා...
මට අමතක වුනානේ මං මාස හතරක් ලංකාවේ හිටියා කියලා..
ඇඩේ දුමි අයියත් සුමේද සර්ගේ පන්ති ගියාද.. :D
ReplyDeleteඅන්තිම කතාව නම් පට්ටයි...කිර්ති වැඩිය ගුටි කන්නේ නැතිව ඇති අමං හිතන්නේ :D
අන්තිම කතාව නම් ලොවෙත් නෑ අයියේ. පට්ටයි.
ReplyDeleteසුමේද කාලයක් අපේ ගෙදර හැම ඉරිදාවක ම ආ ගිය කැම්පස් කොල්ලෙක් කාලේ (ෆයිනල් වසර) විශාඛාවේ අක්කා කෙනෙක් ව පුස්තකාල පොතක් ඇතුලෙ තිබිච්ච කොලයකින් හැඳින ගෙන පොඩි කපුකමක් කරන්නත් මට අවස්ථාවක් ලැබුණ. වැඩේ දුර දිග ගියේ නැහැ. කපුවා හොඳ මදි නිසා වෙන්නැති.
ReplyDeleteදුමී, අනුෂ්කා-කීර්ති කතාව වෙනදා වගෙ කියවද්දී හිනා ගියා වුනාට පව් කියලත් හිතුණ.
වීදුරු දොරක් කඩාගත්ත පොරක් ගැන කතාවක් මටත් තියෙනවා.
ReplyDeleteමහ බැංකු බොම්බේ මතකද? ඒ දවස්වල මම වැඩකරපු කාර්යාලේ තිබ්බේ මහ බැංකුව අසලමයි. ඇතුලත එක එක දෙපාර්තමේන්තු වෙන් කරලා තිබුනේ වීදුරු වලින්. බෝම්බෙන් පස්සේ බොහෝ තැන් වල වීදුරු කැඩිල තිබුනේ. වීදුරු කැඩුණු තැන් අතරින් අපි කෙටි පාරවල් හදාගෙනත් තිබුන. ඔය කියන පොර අපේ ආයතනෙට බැඳුනේ හරියටම මහ බැංකු බෝම්බෙට පහුවදා. ටිකක් පඬියෙක්. ඒ වගේම හරි හදිස්සියක් ඌට තිබුනේ. වැඩට ආපු තුන්වෙනි දවසේ වැඩ ඇරිලා ගෙදර යන්ඩ හදිස්සියට මූ අර වීදුරු කැඩිච්ච ෂෝර්ට් කට් එක වෙනුවට වීදුරුව තිබිච්ච ඊළඟ partition කෑල්ලෙන් පැන්නෙ නැතෑ. නැවතුනේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ. පස්සෙ මූ එකත් වාසියට හරෝගෙන මහ බැංකු බෝම්බෙට අහුවෙලා අතපය තුවාල වෙච්ච පට්ටම පට්ට බොරුවක් පස්සේ ආපු කෙල්ලන්ට එහෙම ඇදබාන්ඩ තියාගත්ත.
දුමීගේ කතා ටිකට ඉල ඇදෙනකන් හිනා උනා.
"බොලේ අද අනුෂ්කාගේ අම්මගේ ඩෙත් ඇනිවර්සරි එක නේද කියලා....."
ReplyDeleteමේ කතාවනම් පට්ට.. :D
මේ කතාව මම කියෙව්වෙ ඊයේ. වැඩේ කියන්නෙ කමෙන්ට් එකක් දාන්න හිටියට ඒක අමතක උනානේ!
ReplyDeleteඑක දවසක් මම ජාතියේ මහා පහන් ටැඹේ ආපන ශාලාවේ වොෂ් රූම් ඒකට යන කොට, ටයි පොල්ලක් දාගත්ත ලොකු මහත්තැන් කෙනෙක් හොඬවැල අතේ තියාගෙන සින්ක් එකකට මුත්‍රා කරනවා. සිප් එක වහන්න ගියාම තමයි පොරට මීටර් වුනේ කරපු දේ. මුකුත් නොවුන ගානට හෙමීට යන්න ගියා.
ReplyDelete@තනි අලියා,
ReplyDeleteනිකන්ම නෙමෙයි, කට්ටිය බිම පෙරලි පෙරලී සතුටු වෙලා තියෙන්නෙ...!
@ZIGzag,
මගේ කණගාටුව....!
@හා පැටික්කි,
කමක් නෑ නගෝ ව්‍යායාමෙටත් එක්ක හොඳයිනේ පොඩ්ඩක් එලියට පහලියට බැහැලා ඇවිදලා කරන එන එක....!
@කතන්දර,
කසූ, පොඩ්ඩක් බලන්න පොත ගේන්න මතක් උනාද කියලා....!
@Prasanna,
ReplyDeleteස්තූතියි රත්තරන් ! (ආහ් සොරි, රත්තරන් මාලුවෝ !)
@Dinesh,
මේ බොරු කියනවා එහෙම නෙමෙයි මල්ලි. නානගේ කතා ඔක්කොම අමූලික ඇත්ත.....! ආහ්... කීර්ති නම් සතියක් නිවාඩු දාල මාසයක් ඇක්සිඩන්ට් වෝඩ් හිටියා....!
@dawkinssdodo ,
වැඩක් නෑ... ඌ තනිකරම කටු ගොඩක්... කන්න දෙයක් නෑ...!
@Bindi,
ඒක නම් ඇත්ත තමයි බින්දි....! මෙහෙ ඉස්කෝලෙ අළුත් වාරෙ පටන් ගන්නෙ සැප්තැම්බර් මාසෙ. ඒ කියන්නෙ මගේ දුවයි පුතයි අළුත් පන්ති වලට යන්නෙ...! මම ස්කූල් ෆීස් ගෙවන්න ගිහින් දුවට ස්කූල් ෆීස් ගෙව්වෙ 5 හේ පන්තියට කියලා.....! බැලින්නම් දුව මේ පාර යන්න ඕනෙ 6යේ පන්තියට.... හොඳ වෙලාවට 5හේ පන්තියටයි, 6යේ පන්තියටයි එකම ගාන නිසා අවුලක් උනේ නෑ....!
@unknown,
ReplyDeleteතැන්කූ වේවා...!
@කින්නරාවි,
හෆොයි, නෑදෑයින්ව නම් අමතක වෙලා තියෙන තරම හොඳයි....!
@බස්සා,
ඔය වගේම සීන් එකක් මගේ යාළුවෙකුටත් උනා. මූ මාසයක් නිවාඩු ගිහිල්ල මෙහෙ ඇවිල්ලා මාස 6ක් විතර ගියාට පස්සෙ වයිෆ් කතා කරලා කියලා එයා ප්‍රෙග්නන්ට් කියලා. මගේ යාළුවා ෆුල් අවුල් වෙලා. පස්සෙ බැලින්නම් වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා මාස 6යි. මූ එහෙ ඉන්න දවස් වල තමයි කන්සීව් වෙලා තියෙන්නෙ....!
@ChammA ,
ඔව් මල්ලි, මම 93, 94 ඒ.ලෙවල් වලට සුමේධ සර්ගේ ක්ලාස් ගියා. ඒ.ලෙවල් වලින් පස්සෙ සුමේධ සර්ගේ බීටා කම්පියුටර් සෙන්ටර් එකේ කම්පියුටර් කෝස් දෙක තුනකුත් කලා....!
@Kasun,
ReplyDeleteතැන්කූ වේවා මල්ලි...!
@arunishapiro,
කොහොමත් ඒ කාලේ ඉඳන්ම සුමේධ සර්ගේ සිකුරා හැම තිස්සෙම හිටියේ පීක් එකේ තමයි.....! හරිම සුන්දර මනුස්සයෙක් තමයි සුමේධ සර්.....!
අනුෂ්කටයි, කීර්තිටයි වෙච්ච වැඩේ වගේ ඒවා අපිටත් කොච්චර් නම් වෙනවද.... නේද අරුණි....?
@පොත් ගුල්ලා,
වීදුරු කඩාගෙන යන සීන් වැඩි වෙච්ච නිසා, දැන් කරන්නෙ වීදුරු දොරවල් වලට පොඩි ඩෙකරේශන් වගේ දේවල් දානවා...! මොකද නැත්නම් හොඳට දොර ක්ලීන් කරපු දවස්වල හතර පස් දෙනෙක්ම ඇවිත් ඒවයේ වැදිලා නහයවල් කඩා ගන්න නිසා......!
@කැළණිතිස්ස,
ReplyDeleteපිර්මි අපිට මොන තරම් දේවල් තියෙනවද මතක තියාගෙන ඉන්න ඔය එක එක ජාතියේ ඇනිවර්සරි වලට වඩා...!
@බුද්ධි,
ඔන්න බලපන් බුද්ධි උඹ ඊයේ කමෙන්ට් එක දැම්මා නම්, මේ කමෙන්ට් එක ඔය විදිහට දාන්න බෑනේ.....!
@Indunil,
ඉතින් ඔය ලොකු ලොකු ටයිපොලු මහතැන්ලටත් ඕක පැටලෙනවනම්, අර හිස් අහස ලියන සඳරු කොලුවගේ ක්‍රිකට් ටීම් එකේ එකෙක් ඕක අර දෙවනි වැඩේට පාවිච්ච් කරපු එකේ වැරද්දක් නෑනේ....!
අඩේ මං මේක ටික වෙලාවක් කියවගෙන යද්දී මතක් උනේ ඊයේ මං මේක කියෙව්වා නේද කියලා...?
ReplyDeleteඅර තනි අලියා කවුද බොලේ.. මට නිකං උන්දෑ මේ කතාවලට සම්බන්ධයි වගේ කියලා හිතෙන්නේ මොනවත් අමතක වීමකින්ද..?
ගණන් ගන්න එපා දුමි ..මියුසියස් ඒකෙ රෙජිස්ට්‍රාර් කිව්ව දවසක් තාත්තල හුඟක් දෙනෙක් ළමයාගේ පන්තිය දන්නේ නැහැ කියල . ඇයි අප්පේ කොච්චර දේවල්ද ඔලුවේ ලෝකෙ සේරම ක්රිකටර්ස්ලගේ ආච්චිලගේ වයස ..ඇමරිකාවේ ආර්ථිකය ..ඔය වගේ ලොකු දේවල් නිසයි ඔව්ව අමතක වෙන්නේ
ReplyDeleteදුමී අයියාගේ බ්ලොග් එක රසවත් නිසා මම ඒක කියවන්නේ අන්තිමට ඔන්න ඉතින් ඊයේ අන්තිමට මේක කියවන්නම් කියලා හිතාන අනික් බ්ලොග් බලන අතරේ . එකපාරටම ලයිට් ගියා . ඉතින් අද තමා ආවේ
ReplyDeleteදුමී අයියන්ඩිගේ ජෝක් තතා ටික නම් නියමයි . කොහෙන්ද බං ඇත්තට ඔවුවා අහගන්නේ ? මම හිතන්නේ ඊශ්‍රායලයේ ඉන්න සිංහල පවුල් ටික එකතු වුණාම මේ වගේ කතා දිග අරිනවා ඇති . දුමී අයියා ඉඳන් එවුවා නෝට් ඩවුන් කරනවා ඇති
අයියන්ඩි දන්නවාද මගේ බොස්ගේ ලැප්ටොප් එකෙන් මම දවසක් දුමීගේ කට කහන කතා කියෙවුවා (හොරෙන්) මෙන්න මම පස්සේ දවසක බලනකොට බොසා ඒක ෆේවරිට් වලට ඇඩ් කරගෙන ..අපේ බොසාගේ මූනේ හිනා කඳුලක් මම කවදාවත් දැකලා නෑ . අනේ ඉතින් මෑන් මේක බලලාවත් හිනා වෙනවා නම් අපිට ඒ ඇති
ජය වේවා දුමී අයියා ..!! කතා ටික බැලුවා හිනාවක් දැම්මා දැන් ඉතින් මේ යන්ඩ කියලා
මාත් දන්නව වීදුරු දොරක් කඩාගන ආපු කෙනෙක් ගැන. කැම්පස් යනකන් තියන කාලෙ මම මාස 6ක් එක්තරා ආයතනයක වැඩකළා. ඒ කාර්්‍යාලෙ ඉස්සරහ බිත්තිය තනිමරම වීදුරු දොරත් වීදුරු..දවසක් හොදට ඇද පැලද ගත්තු මහත්මයෙක් ඔන්න හයියෙන් හයියෙන් ආව ඇතුළට හැබැයි ආවෙ අර වීදුරුවත් කඩාගන. ඇග හැමතැනම වීදුරු කටු ඇනිල. ඒ සිද්ශියෙන් පස්සෙ වීදුරුව දැම්මෙ විනිවිද පෙනෙන ස්ටිකරයක් අලවල. ආයෙ ඔයවගෙ වීදුරුවෙන් ඇතුල්වෙන කෙනෙක්ට තුවාල නොවෙන්න තම එහෙමකලේ. : )
ReplyDeleteකොහොම හරි ඔය සිද්දියට කට්ටිය ක්ලීන් කරන මනුස්සයට ඩොස් කියනව ඒ මනුස්සය අහනව අනේ සර් මම මොනා කලාටඩ බනින්නෙ කියල. එතකොට කියනව ඔයා ඔය හැමදාම තියන ඔක්කොම ජති දාල ඔය වීදුරු මදින්න ගිහින් තම ඒ මනුස්සයට වීදුරුව හොයාගන්න බැරි වුනේ කියල.
හපොයි දෙවියනේ... අන්තිම සීන් එක තමා පස්ට... හිනා වෙලා කඳුළුත් ආවා.... :D
ReplyDeleteදුමීට කියන්න මේ ළඟ කාලෙක ඉඳන් මටත් ඔය අමතක වෙන එක තදට තියෙනවා.
ReplyDeleteඑක දවසක් මගේ ගෙදර යතුරත් අමතක වුනා.
වීදුරුවෙ සීන් එක නම් ගොඩක් තැන්වල වෙනවා..
ReplyDeleteමම දවසක් ස්ටුඩියෝ එකක ඉද්දි දැක්කා කෙනෙක් ඇවිත් ෂෝකේස් එකක වීදුරු පිරිසිදු කරනවා. එයා වීදුරුවලට වතුර ස්ප්‍රේකරලා පිහදානකොට තමයි දන්නෙ ෂෝකේස්එකේ පැත්තක වීදුරු ඇරලා තිබුනෙ කියලා. ඉතින් ෂෝකේස්එකේ ඇතුලෙ තිබුන රාමුකරපු පින්තුර ටිකත් එක්කම පිහදැම්මා..
හික් හික් සෝයි වැඩනෙ වෙන්නෙ අමතක වුනාම.. :D
ReplyDeleteමටත් එසේමයැ. උප්පන්දිනයක් හා ඇනිවසරියක් අමතක වී නොසෑහෙන්න නෝක්කාඩු කතා ඇසීමි ! එදායින් පසු හැම මඟුලකටම රිමයින්ඩර් දමා ගත්තෙමි.
ReplyDelete@මාරයෝ,
ReplyDeleteඋඹටයි මටයි දැන් අමතක වෙන්නෙ නම් බං අපිටත් හතලිස් ඇඳිරිය අත වනන නිසා වෙන්න ඇති බං.... දැන් ඉතිං ඉස්සරහට එන්නේ දන්න කියන බණක් භාවනාවක් මතක් කරගෙන කාරිය ඉන්න කාලේ තමයි...!
@Bindi,
සමහරක් තාත්තලාට ළමයින්වත් අමතක වෙලා යන එකේ ඉඳලා හිටලා පංතිය අමතක වෙන එක ඉතින් සුළු දෙයක්නේ......!
@හිස් අහස,
කොහෙ තියෙන ඊශ්‍රාලයක්ද බං......?
සඳරු මල්ලිගේ හිනා වෙන්නැති බොස් කට කහන කතා බලලාවත් හිනා වෙනවනම් කොච්චර එකක්ද ?
@සෝරෝ,
ReplyDeleteමලේ..... කණ්නාඩි දෙක ගලෝලා කඳුලු පිහිද ගනින්.....හික් හික්...!
@Il mondo di una povera pazza ,
හෆොයි ! එහෙනම් ඉතින් ඉතාලි මදුරුවො තල තල, හීතලේ රංගි එළියේ තමයි නිදා ගන්න ඇත්තෙ....!
@RoshanHerath,
ඔය වීදුරුවල හැපෙන ඒවා මමත් අනන්තවත් දැකලා තියෙනවා. ඒක දැක්කම ඉල ඇදෙන්න හිනා ගියත් පස්සෙ වැදිච්ච එක්කෙනාගේ නහයෙන් කටෙන් සමහර වෙලාවට ලේ එනකොට පව් කියලා හිතෙනවා....!
@හිම කුමාරි,
ඒකනේ, මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීම කියන්නෙ....!
@nawammawatha,
වෙල්කම් ඔන් බෝඩ් මල්ලි....!
පිස්සු ඒකයි දුමී අයියා! මාරම කතා ටික! හික් හික්! ඔය අමතක වීම නිසාම මං නම් රිමයින්ඩර්ස් දාගන්න පුරුදු wela inne mobile 1e! ithin apee eunta pudumai man kohomada mechcharama b'days mathaka thiyaganne kiyala! hikk hikk (සිංහල ටයිප් wena widiya aayeth අවුල් උනා! eekai baageta sinhala type karala thiyene! )
ReplyDeleteබැලුවාම හැමෝටම මේ ලෙඩේ තියෙනවා නොවැ! Reminders දාන්න වගේම ඒවා ආපහු ඉවත් කරන්නත් පුරුෂ ඇත්තෝ සිහියේ තබා ගත්තොත් හොඳයි..එක්තරා පුරුෂයෙක්ගේ බොරු වෙස් මූණ එහෙම් පිටින්ම ගැලවුණා ඔය reminders නිසා..
ReplyDeleteමම කලිං වැඩ කරපු ෆැක්ටරියෙ ලැබ් එකේ හිටිය පොකට් සයිස් කෙල්ලෙක්, මේ කෙල්ල කොහොමත් සතියකට දෙපාරකට වඩා දුවගෙන ඇවිල්ල ෆැක්ටරියෙ මේන් එන්ට්‍රන්ස් එකේ තියන තඩි වීදුරු දොරේ වැදිල අනිත් පැත්තට වැටෙනව.
ReplyDeleteප.ලි.
මටත් ඔය උපන්දින, ඇන්වර්සරි හෙම අමතක වෙන වැඩේ දරුනුවටම තියනව. ගිය සතියෙ උදේ දහයට විතර හාමිනේ ඉන්නව පුම්බගෙන . . . . මොකද කියල ඇහුවම අඬ අඬ කියනව "මම රෑ දොලහෙ ඉඳල බලං හිටිය ඔයා මගෙ උපන්දිනේට විශ් කරයි කියල". විනාසයිනෙ . . . . මම ඒ වෙලාවෙ විශ් කලෙත් නෑ පොඩි කොමිටලයක් දාල ශේප් වෙලා හවස තෑග්ගකුත් අරං ඇවිල්ල "මම ඔයාට තෑග්ගක් දීලමතමයි විශ් කරන්න හිටියෙ" කියල වැඩේ ගොඩ දාගත්ත . . . .
හික්ස්. හැමදාම වගේ අදත් පට්ට කතාවක්.
ReplyDeleteනානගෙ පවුලෙ ඉන්න ගාන ඒ ගානෙන්ම වැඩි වෙනවනේ... තව පරම්පර 2 -3 ක් යද්දි... ??
ReplyDeleteපට්ට කතා ටික අයියා....
සුපිරි දුමියා.. ජය වේවා!
ReplyDeleteදවසක් අයින්ස්ටයින් මහත්තයා ගියාලු වැඩට. යද්දී මිනිහට සිගරට් එකක් බොන්න ඕනේ වෙලා ඕක කටේ ගහගෙන ගිනි කූරත් ගැහුවලු. ඉතින් හුලන් ඇවිල්ල ඒක නිවුනලු. පස්සේ මෙයා ඉතින් අනිත් පැත්ත හැරිලා සිගරට් එක පත්තු කරගෙන තමන්ගේ ගමන ගියාලු. බලද්දී ගෙදර දොර හම්බ වෙනවලු. අයි ඉතින් මෙයා සිගරට් එක පත්තු කරලා ආපහු හැරුනේ නෑනේ..
ReplyDeleteඒ නිසා ඕක අපිට විතරක් තියන ලෙඩක් නෙවේ..