නිවාඩුවත් ඉවරයි ඕං
Posted by
පහුගිය දොහේ අපේ ගම හාමිනේ සහ පොඩි එවුන් ටික සමර් නිවාඩුව ගත කරන්න ලංකාවට ආවනේ. ජූනි මැද හරියේදි ඒගොල්ලන්ව ලංකාවට බස්සලා ජූලි මැද හරියේ ආපහු ගිය මම, අගෝස්තු අන්තිම සමර් නිවාඩුවේ අවසානය නිසා ආපහු ගියා ඒ ගොල්ලන්ව එක්කගෙන එන්න කියලා. එහෙම ගිහිල්ලා අපි ඔක්කොම ආපහු ආවේ පසුගිය 30 වෙනිදා. ඒ එනකොට මම අපේ අම්මවත් මෙහේ එක්කගෙන ආව මාස තුනක් විතර අපිත් එක්ක නිවිහැනහිල්ලේ ඉන්න කියලා.
ඉතින් ඔන්න මගේ මාස හයක් වයස පොඩ්ඩිට ඇරෙන්න අනිත් පස් දෙනාටම කිලෝ 30 ගානේ බැගේජ් එලවන්ස් එකක් තියෙනවා. ඊට අමතරව පස් දෙනාටම තවත් කිලෝ 7 ගාණේ හෑන්ඩ් ලගේජ් අරගෙන යන්න පුළුවං. ඔන්න ඉතින් අපේ ගම හාමිනෙත් පුළුවන් තරම් ධෛර්‍ය දැම්මේ මේ බැගේජ් එලවන්ස් එක අපතේ නොහරින්න. අපි යනකොට එනකොට අපේ බෑග් වල කිලෝ එකක් දෙකක් වැඩි උනහම හැමදාම අපිට සද්දෙ දාන එයාර්ලයින් එකට පාඩමක් උගන්න ඕනෙ කියන අදහස තමයි මම හිතන්නේ එයාට තිබුනේ. ඒක නිසා එක කිලෝ එකක්වත් අපතේ නොයන්න කලින්ම එයා ප්ලෑන් කරගෙන හිටියේ.
ඊලඟ අවුරුද්දටම කන්න කට්ට කරෝල කිලෝ තුන හතරකුයි, හොඳට ඔළු ටික කඩලා හාල්මැස්සෝ කිලෝ ගාණකුයි, තව පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් චොකලට් රෝල් දුසිමකුයි, හොඳ මැටියෙන් හදපු මැටි වලන් හතරක් පහකුයි (මේ මැටි වලං හැමදාම ගෙනියනවා, අන්තිමට එහේ ගියාට පස්සෙ ඒවයින් පොඩි එව්න්ට බට්ටෝ පනින්න තමයි වෙන්නේ ) වගේ මෙකී නොකී දේවල් බර තොගයක් එහෙම ලෑස්ති කරගෙන තමයි එයා හිටියේ. ඇයි කජු ? ඔන්න බොලේ කජු කිලෝ දෙක තුනකුත් අපේ ගම හාමිනේ ලෝබ නැතිවම ලෑස්ති කරගෙන තිබුනේ. අපි එහේ ඉඳන් නිවාඩුවට එනකොට එහෙන් මෙහෙට කජු ගේනවා. නිවාඩුව ඉවරවෙලා මෙහෙන් යනකොට මෙහෙන් ආයෙත් කජු එහේ ගෙනියනවා. ගම හාමිනේ නම් කියන්නේ එහේ කජු කන්න මෙහේ අය හරි ආසයි කියලා. ඊට පස්සෙ මෙහෙන් කජු එහෙ ගෙනියන්නෙ මොකද කියලා අහුවහම කියන්නේ මෙහේ කජු තරම් එහේ කජු රස නෑ කියලා.
ඒ අස්සේ මගේ ඇඟ හීතල වෙලා දාඩිය දැම්මේ අපේ ගම හාමිනෙයි එයාගේ අම්මයි කරපු කතාවක් ඇහිලා. දෙන්නත් එක්ක ගම හාමිනේලගේ ගෙදර කුස්සියේ ඉඳන් කතා කරන්නේ මේ ගල් වංගෙඩියේ දාල කොටලා ගන්න සම්බෝලේ තියෙන රස ගැන. මගේ වෙලාවට අපේ ගම හාමිනේට ගල් වංගෙඩි විකුණන තැනක් හොයාගන්න බැරි උනා ඒ සුනංගුවේ. නැතිනම් හයේ හතරේ ගල් වංගෙඩියකට සිද්ධ වෙනවා බෑග් එහෙකට බැහැලා ප්ලේන් එකේ නැගලා ඩුබායි එන්න.
ඒ අස්සේ අපේ අම්මත් ගම හාමිනේට දෙවනි නෑ. කොහොමත් අම්මලා හිතන්නේ මේ පිට රටක ඉන්නකොට තමන්ගේ පුතාලට හරි හමන් විදිහට කෑමක් බීමක් ලැබෙන්නේ නෑ කියලනේ. හැමදාම නිවාඩුවට ගෙදර ආපු ගමන් අම්මා කියන්නේ "අයියෝ ලොකු පුතේ, මොකද මේ ඇදිලා පැදිලා ගිහින්... මේ බලන්නකෝ... හකුත් බැහැලා...." කියලා.
අනේ ඉතින් අම්මත් මාස තුනක් අපිත් එක්ක ඉන්න එන එකේ ගොටු කොල මිටි සෑහෙන්න ගාණකුයි, කතුරු මුරුන්ගා, මුකුණුවැන්නා, කුරිඤ්ඤං කොල වගේ පලා ජාතිත් කොහිල දළු, කොහිල අල මහ ගොඩක් ගෙනියන්න ලෑස්ති කරගෙන හිටියා. ඒ අස්සේ රතු කැකුළු කිලෝ දහයකුත් ගමෙන් ගෙන්නගෙන ඕං අරගෙන යන්න කියලා. ඒ අස්සේ අම්මා මගෙන් අහනවා "ලොකු පුතේ, ඩුබායි වල පොල් ගෙඩියක් කීයක් විතර වෙනවද ?" කියලා අහනකොටම අම්මගේ යටි හිතේ හැංගිලා තිබිච්ච අදහස මට තේරිච්ච නිසා මම කිව්වා "අයියෝ අම්මේ, එහේ පොල් මෙහෙට වඩා ලාබයි......" කියලා.
කොහොමෙන් කොහොම හරි ඊට අමතරව මාළු ඇඹුල් තියල් හට්ටියකුයි, පොලොස් හට්ටියකුයි තව කැවුම්, කොකිස්, අතිරස අළුවා එහෙම පොදි බැඳගෙන තිබුනා. ඊට අමතරව මෙහේ ආපු ගමන් කන්නය කියලා කෙහෙල් කොල වල ඔතලා හොඳවැයින් බත් පාර්සල් කීපයකුත් අම්මා ලෑස්ති කරලා.
මමත් ඉතින් තව අවුරුද්දක්ම මෙහේ ජීවත් වෙන්න ඕනෙ නේද දෙයියනේ කියලා හොඳවැයින් 'ඕල්ඩ්' බෝතල් තුන හතරක් පරිස්සමින් බිඳෙන්නෙ නැතිව පැක් කරගත්තා. ගම හාමිනේත් කියන්නේ "ඔයාට ඉතින් ඔච්චරම තමයි ඕනෙ.... වෙන මොනවා නොගෙනිච්චත් කමක් නෑ..." කියලයි. ඇයි හත් ඉලව්වේ මගේ යාළුවෝ කී දෙනෙක් නම් බලන් ඉන්නවද ලංකාවෙන් ගෙනියන පොල් රස ටිකක් විඳ ගන්න. අනික ඔය කොස්, දෙල් පොලොස් පලා ජාති ලංකාවටත් වැඩියෙන් යහමින් එනවා ඩුබායි දේසෙට. මෙහේ හොයාගන්න බැරි ජාති නේද අපි මෙහෙන් ගෙනියන ඕනෙ ? ස්ත්‍රී පක්සෙට ඕවා කියලා දෙන්න ගොහින් වරිගේ නහ ගන්න ඕනෙ නැති හින්දා මමත් කටේ සිප් එක වහගෙනම හිටියා.
ඊට පස්සෙ මගේ රාජකාරිය උනේ ඔය ලට්ට ලොට්ට ටික ඔක්කොම හරියටම එක බෑග් එකකට කිලෝ 30ක් වෙන විදිහට පැක් කරලා දාන්න. හම්මේ, ඒකෙ සැප කියලා වැඩක් නෑ. පැක් කරනවා, කිරනවා, ආපහු වැඩි හරිය තව බෑග් එහෙකට දානවා, ආපහු කිරනවා, කොහොමෙන් කොහොම හරි පැය 4කින් 5කින් බඩු ටික පැක් කරලා ඉවර වෙනකොට මගේ කොන්දෙන් "කීන් කීන්" ගාල සද්දයක් එනවා. බැලින්නම් ඒ කොන්ද මගෙන් අහනවා "මචං, බඩු කිරලා ඉවරද කියලා..."
ෆලයිට් එක යන්න තිබුනේ පාන්දර 4.30 ට නිසා පාන්දර එකට විතර තමයි ගෙදරින් යන්න හිතාගෙන හිටියේ. කොහොම හරි රෑ 11.30 වෙනකොට බෑග් ටික පැක් කරලා ඉවර වෙච්චි නිසා යන්තන් පැයක් විතර ඇස් දෙක පියාගන්න පුළුවන් උනා. ඒ වෙනකොට අපේ අනිත් කට්ටියනම් සුන්දර හීන බල බල හොඳටම නිදි. මමත් ඉතින් අත්දෙකෙන්ම කොන්ද අත ගාගන්න අතරම ඇඳට වැටිලා ඩෝං ගාල නිදා ගත්තා. කොන්ද මට "තැන්ක් යූ මචන්.." කියලා කියනවා වගේ තමයි මට අන්තිමට මතක.
කොහොම හරි ඊලඟ කෙලිය තමයි එයාර් පෝට් එකට ගියහම. කිලෝ 30 බෑග් පහයි, තව හෑන්ඩ් ලගේජ් ටිකයි, ලැප්ටොප්, බේබි ට්‍රොලි (ප්‍රෑම්) අරවද මේවද එයාර් පෝට් ට්‍රොලි තුනක් පිරෙන්න බඩු. ඔන්න ඉතින් වෑන් එකෙන් බානවා, ආපහු ට්‍රොලි වලට පටවනවා, ඊට පස්සෙ ආයිත් ස්කෑන් මැෂින් එකට උස්සලා දානවා, ආපහු ස්කෑන් මැෂින් එකෙන් ට්‍රොලි වලට පටවනවා, ඊට පස්සෙ චෙකින් කවුන්ටර් එකේදි උස්සලා බෙල්ට් එකට දානවා, කොහොමින් කොහොම හරි ඔය ටික ඉවර වෙනකොට කොන්ද මාත් එක්ක තරහා වෙලා. නිකන් මගේ නෙමෙයි වගේ.
ඒ අස්සේ චෙකින් කවුන්ටරේට තිබුනු පෝලිම. කොහොමත් මේ දවස්වල සුද්දොයි, වැද්දොයි, කල වැද්දොයි මෙකී නොකී හැම ජාතියේ එවුන්ම එනවනේ ලංකාවෙ නිවාඩු ගත කරන්නය කියලා. කොහොම හරි එහෙම ආපු ඔය යුක්‍රේනය පැත්තේ හම සුදු එවුන් සෙට් එකක් ඉන්නවා පෝලිමේ මුලින්ම. අනේ උන් ටික මුළු ලංකාවම බෑග් වල දාගෙන අරගෙන යන්නද කොහෙද ට්‍රයි කරන්නේ. එකෙක් ගාව අර කැන්වස් රෙද්දකින් මහපු තඩි ගෝනියක් වගේ එකක් පිරෙන්න බඩු. එයාර්ලයින් වල ජාත්‍යාන්තර නීතිය තමයි එක බෑග් එකකට දාන්න පුළුවන් උපරිම බර කිලෝ 32යි කියන එක. එහෙම නීති දාල තියෙන්නේ මේ බැගේජ් හසුරුවන කම්කරුවන්ව ආබාධ වලින් වලක්ව ගන්න. බලන කොට අර යුක්‍රේන් පොරගේ ගෝනියේ කිලෝ 60කට වැඩියෙන් බඩු. අනේ ඉතින් කවුන්ටරේ හිටපු සුන්දර මූනක් තිබිච්ච නංගි බබා ඒ යුක්‍රේන් අංකල්ට දන්න ඉංග්‍රීසියෙන් කියනවා. ඒත් මොන, මූට ඉංග්‍රීසි මෙලෝ ඇල්ෆබට් එකක් බෑ. ඔන්න කොහොම හරි අර නගාගේ සපෝට් එකට පොරවල් සෙට් එකක් ඇවිත් හස්ත මුද්‍රාවෙනුයි, පාද මුද්‍රාවෙන් සහ තව මුද්‍රා පාවිච්චි කරලා පොරට සිද්ධිය විස්තර කලා. ඔන්න පොර ලැජ්ජාවක් බයක් නැතිව අර ගෝනිය ඇරලා ලට්ට ලොට්ට ටික එළියට ගත්තා. අර ගෝනිය පිරෙන්නම තිබුනේ මොනවද දන්නවද ? එක එක ජාතියේ සිලෝන් තේ. තේ බොන එක කොච්චර හොඳද, ඒත් මෙහෙමත් තේ බොන රටක් තියනවද ? මම හිතන්නේ ඒ පොර අර යුක්‍රේන් හන්දියේ තියන තේ කඩේ අයිති මුදලාලි....!
අනේ ඉතින් මේ ඇක්ශන් ෆිල්ම් ටික ඔක්කොම බල බල පැය එකහමාරක් විතර පෝලිමේ ලැග්ගට පස්සෙ තමයි බෝඩිං කාඩ් එක ලැබුනේ. ඉතින් බෝඩිං කාඩ් ටිකත් අරගෙන ඊලඟට යන්න තියෙන්නෙ ඉමිග්‍රේෂන් (ආගමන විගමන ) කවුන්ටරේටනේ. හප්පා එතනට යනකොට දඹදිව වන්දනාවෙ යන ආච්චිලා සියාලා 100 කට වැඩි නඩයකින් මුළු කවුන්ටර් ටිකම පිරිලා. කතාවෙ හැටියට ඒ නඩය ඔය අනුරාධපුර පැත්තෙ ඉඳලා තමයි ඇවිල්ලා තිබුනේ. ඒගොල්ලන්ව වන්දනාවෙ එක්කගෙන යන්නේ හාමුදුරුවො නමක්.
ඔන්න අපි ටිකත් කට්ටිය ටිකක් අඩු පෝලිමකට සෙට් උනා. මෙන්න බොලේ ටික වෙලාවකින් ඒ පෝලිමේ ටිකක් ඉස්සරහින් හිටපු ආච්චි කෙනෙක් තව පෝලිමක ඉන්න ආච්චි කෙනෙක්ට කතා කරනවා. "බේබි නෝනා අක්කේ.... මේකට වරෙන් බං..." අනේ ඉතින් අර බේබි නෝනා අක්කා ආච්චිත් ඒ පෝලිමේ ඉඳන් මේ පෝලිමට එනවා. තනියම නෙමෙයි, ඒ වෙනකොට අර පෝලිමේ ඉඳලා අළුතෙන් යාළුවෙච්ච අච්චිලා පස් හයදෙනෙකුත් එක්ක. ඇවිත් අර කතා කරපු ආච්චි ගාවින් පෝලිමට සෙට් වෙනවා. හරිම ශ්‍රද්ධාවක් තමයි එතකොට ඇති වෙන්නේ. ඔන්න ඒ අස්සෙ අර හාමුදුරුවො වඩිනවා දෙතුන් දෙනෙකුගේ ඩිපාචර් ෆෝම් (ලංකාවෙන් පිට වෙනකොට හැමෝම පුරවන්න ඕන ෆෝම් එකක්) ටිකකුත් එක්ක. ඇවිත් කෑගහලා නම් කියවනවා. අනේ ඉතින් අර පෝලිම්වල ඉන්න ආච්චිලා සීයලා ඔක්කොම ටික ඇවිත් අර හාමුදුරුවන්ව වටකර ගන්නවා. ඊට පස්සෙ අර දෙතුන් දෙනාට ෆෝම් ටික දුන්නට පස්සෙ රොත්ත පිටින්ම ආපහු අර පෝලිම්වලටම යනවා.
ඒ ආච්චිලා සීයලා ජීවිතේ ඉස්සෙල්ලාම මෙහෙම එයාර්පෝට් එකකට ඇවිත් ඉන්න නිසා ඒ හැම කරදරයක්ම හොඳ උපේක්ෂාවෙන් විඳ දරා ගත්තා කියමුකෝ.හැබැයි කැම්කෝඩර් එකකුත් දික්කරගෙන බොහොම උජාරුවෙන් හොඳ පලපුරුදු කාරයෙක් වගේ එහෙට මෙහෙට යන අර හාමුදුරුවො ගැන නම් හරිම පහන් හැඟුමක් තමයි ඇති උනේ. ඒ වයසක මිනිස්සුන්ට හරි හමන් විදිහට ලියකියවිලි ටිකවත් ලෑස්ති කරලා, ඒ ගොල්ලන්ව දැනුවත් කරන්නෙ නැතිව එහාටයි මෙහාටයි දක්කන දැක්කිල්ල දැකලා.
කොහොමෙන් කොහොම හරි පාන්දර 3.30 වෙනකොට අපි බෝඩින් ගේට් එකේ. අතින් කටින් පොඩි එවුන්වත් අරගෙන ඒ වෙලාව වෙනකොට පාං කියාගන්න බෑ. සනීපේ කියන්නේ ෆලයිට් එක පැයක් පරක්කුයි. එයාර්ලයින් එක කොච්චර පාරිභොගිකයන්ට සලකනවද කියනවනං කිසිම දැනුම් දීමක්/සමාව ගැනීමක් නෑ. කොහොමෙන් කොහොමහරි ඔන්න ඉතින් ප්ලේන් එකට බෝඩ් කරන වෙලාවත් ආවා. අනේ ඉතිං කට්ටිය ලංකාවෙ ප්‍රයිවට් බස් වලට නැගලා පුරුද්දට හිටු කියලා දොර ගාව පොර කනවා. හරියට නිකං ප්ලේන් එකේ හිටගෙන යන්න වෙයි කියලා වගේ. හැමෝටම අමතකයි ඒ ගොල්ලන්ගේ සීට් එක කලින්ම වෙන් කරලා තියෙන්නේ කියලා. ඔන්න ඒ පොරකකා හිටපු කට්ටිය ප්ලේන් එකට ගියාට පස්සෙ අන්තිමට අපි ටිකත් ප්ලේන් එකට නැග්ගා. හුටා, ඒ ඩිංගට මගේ සීට් එක උඩ බවලතෙක් අරක් අරගෙන හොඳටම බුදි. ඉතින් මම කාරුණිකව ඇඟිල්ලෙන් ඇනලා කිව්වා "ඔය සීට් එක මගේ" කියලා. ඔන්න ඊට පස්සෙ එයා හරිම ආදරණීය බැල්මකින් මගේ දිහා බලාගෙන ඉඳලා පුපුර පුපුර මීටර් දෙතුන් සීයක් ප්ලේන් එකේ පිටි පස්ස පැත්තට ගියා.
ඔන්න ඉතින් ප්ලේන් එක පිටත් වෙන වෙලාවත් ආවා. සුපුරුදු විදිහට දැනුම් දීමක් කරනවා ලැප්ටොප්, මොබයිල් ෆෝන් සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ක්‍රියා විරහිත කරන්න කියලා. මොකද ඒවා නිසා ප්ලේන් එකේ නැවිගේෂන් සිස්ටම් එකට බාධා පැමිනෙන්න පුළුවන් නිසා. ඒ අස්සෙ ඉස්සර සීට් එකක ඉන්න බවලතෙක් ෆෝන් එකෙන් තොඳොල් වෙමින් මල් කඩනවා හිටු කියලා. ටික වෙලාවකට පස්සෙ මෙයා දඩි බිඩි ගාලා හෑන්ඩ් බෑග් එක ඇතුලෙන් නොකියා ෆෝන් චාර්ජර් එකක් අරගෙන ඒක ගහන්න තැනක් හොයනවා. ඒක දකලා මම තද කරලා ඇස් දෙක පියාගත්ත පාරට එහෙම්මම නින්ද ගියා. ආපහු ඇහැරුනේ සාජා වලට ප්ලේන් එක ගොඩ බාන්න විනාඩි විස්සක් විතර තියෙත්දි. ඉතින් පැය හතරහමාරක් විතර යන මුළු ගමන් කාලේදි ප්ලේන් එක ඇතුලේ වෙච්ච දේවල් බලාගන්න මට බැරි උනා.
ඔන්න ඔහොමයි නිවාඩුව ඉවරවෙලා ආපහු එන දවසේ අන්තිම පැය කීපෙදි අත්දකින්න වෙච්ච දේවල්.
ප.ලි : මම ලියන්න ගියේ මේ කතාව නෙමෙයි. ලියන්න ගිය කතාවට පූර්ව කථනයක් විදිහට මේක ලියාගෙන යනකොට දන්නෙම නැතිව පෝස්ට් එකටත් වඩා දික් උනා. ඔන්න ඒ පාර මේක වෙනම පෝස්ට් එකක් විදිහට දාන්න තීරණය කලා. ලියන්න ගිය පෝස්ට් එක ඊලඟට දාන්නම්.

ඔය මගේ සීට් එකේ වෙන අය ඉඳගෙන යන සීන් මටත් අම්බානක වෙලා තියෙනව බන් . .
ReplyDeleteඋඹට කියන්න ගිය මාසේ යද්දීත් උනා.
නංගි කෙනෙක් වගේ පෙනී හිටින්න හදන ඇන්ටි කෙනෙක් මම බුක් කරපු වින්ඩෝ සීට් එකේ ඉඳගෙන.
මම කිව්වම "ඕක මගේ සීට් එක කියලා" එයා කියනවා "අනේ ඔයා ඉති'න් මගේ සීට් එක හොයල ඒකේ ඉඳගන්නකෝ කියලා"
"මම කිව්ව ඔයා ම ඔයාගේ සීට් එක හොයාගෙන ගිහින් ඔයාගේ එකේම ඉඳගන්නකෝ" කියලා
නංගි ඇන්ටි නැගිටින ගමන් කියනවා "මගේ සීට් එක මැද්දේ එකක් මම කැමතිම නෑ මැද්දේ ඉඳගන්න" කියලා.
මම කිව්වා "ඕ අනේ මාත් කැමතිම නෑ" කියලා. . .
අඩේ උඹ කුදු වෙලා හිටපු එකේ රහස එහෙනම් මේ බැගේජ්ස් නේද . . .
ෂිට් දුමි අයියට තිබ්බේ නිදා ගන්නේ නැතුව ඉන්නනේ , එහෙනම් ප්ලේන් එක ඇතුලේ වෙච්ච තව පට්ටම සීන් ටිකක් බලාගන්න තිබ්බා
ReplyDelete(මේ මැටි වලං හැමදාම ගෙනියනවා, අන්තිමට එහේ ගියාට පස්සෙ ඒවයින් පොඩි එව්න්ට බට්ටෝ පනින්න තමයි වෙන්නේ )
ReplyDeleteඑහේ බට්ටෝ පනින එව්වා හරි ගණන් ඇති නේද? :D :D :D
"අයියෝ ලොකු පුතේ, මොකද මේ ඇදිලා පැදිලා ගිහින්... මේ බලන්නකෝ... හකුත් බැහැලා...."
ඔව් අප්පා ඇදිලා ගිහිල්ලා හරහට නේද? හකුත් බැහැලා තියෙන්නේ ඔය අගේට එළියට......
කාලෙකින් දාපු පෝස්ට් එක වුනාට අයියා තරහා වෙන්න එපා අත කටින්, නැහැ නැහැ වැරදුනා කට අතින් වහගෙන හුහ් හුහ් ගගා තමයි කියැව්වේ............. :D
දුකේ බෑ අයියාට ප්ලේන් එකේදි නින්ද ගිය එකට,, කාලෙකට පස්සෙ හිතත් පිරිසිඳු උනා වගේ දැනුනා හිනා වෙලාම,,,,,,
ReplyDeleteහිනා කාල පණ යනව.
ReplyDeleteප්‍රයිවෙට් බස් එකක යන එක ඔයිට වඩා ලේසියිනෙ.
අර පැය හතර හමාරෙ වෙච්ච ටිකත් බලාගන්න තිබුණනං තමයි හොඳ.
ටෙලිඩ්‍රාමා එකක් වගේනේ මචන්.
ReplyDeleteකියලා වැඩන් නෑ. ලංකාවට යනකොටයි එනකොටයි මාත් පට්ට ස්ට්‍රෙස්. බලාගෙන ගියාම මේ අනිත් එවුන්ගේ දේවල් වලට.
ඔය තේ කතාව නම් මටත් වෙනවා. මම ඉතින් ඔය තුනපහ හැලි වලං කෑම බීම මොකුත් උස්සන් එන්නේ නෑ. ඒකටත් එක්ක තේ පෙට්ටි. කස්ටම් එකෙන් මගෙන් ඇහුවා උඹට තේ කඩයක් තියෙනවදත් කියලා...
දුමී අයියා මාර කට්ටක් කාලනෙ ආපහු යන්න. ඒ අතරේ ඇක්ෂන් ෆිල්ම් එකක් නොමිලෙම බලලා.
ReplyDelete"ඔයාට ඉතින් ඔච්චරම තමයි ඕනෙ.... වෙන මොනවා නොගෙනිච්චත් කමක් නෑ..."
හික් හික් ඒක දන්නෙ අපිනෙ දුමී අයියා.
ලියන්න ගිය පෝස්ට් එකත් ඉක්මනට ලිව්වා නම් බලන්න.
හික්ස්...අනේ දුමි අයියේ.....යහතින් සැපත් උණා නේද...කොන්ද තරහ වෙලා ගිය පාර යාලු උනේ නැතෙයි......ශෝක් බඩු ලිස්ට් එක ගම හාමිනේ අක්කා ලැස්ති කරන් තියෙන්නේ..අර මැටි වලන් ටික හොඳට තිබුනද......?
ReplyDeleteඅනිත් කතාවත් ඉක්මනට දාන්නකෝ එහෙනම්
මූණුපොතේ පින්තූර වල නම් ඔය කිව්ව තරම් අය්ය කෙට්ටු බවක් පෙනුනෙ නෑ. :)
ReplyDeleteදුමි අයියා යන්ට කලින් එක පාරක් හරි බලන්ට එන්නම් කියල හිතන් හිටියේ.. ඒ පැත්තෙ එන්ට බැරිවුන එකට ඇත්තටම දුකයි.. :(
ReplyDeleteදහ දුක් විඳලා බඩු පැක් කරලා අරන් එන්න පුලුවන් කියමු. හැබැයි දුමීගේ ලයිස්තුවේ තියෙන බඩු මොනවා තිබුනත් ලංකාවේ අය වැඩ කරන සවුදියේ එයාර්පෝට් එකකින් එලියට ගෙනියන්න නම් පින් ද පොට්ටනි ගනන් තියෙන්න වෙනවා. අපේ උන්දැලා පැසෙන්ජර්ස්ලාට අයියේ අක්කේ කියලා අමතලා සවුදි ඉමිග්‍රේෂන් මහත්වරුන්ට ඇහින් ඉගි කරලා බඩු එලියට ගෙනියන එක වලක්වන්න දස්සයෝ. ඒකනම් මහ දවල් මංකොල්ල කෑමට වඩා අන්තයි.
ReplyDeleteහාමිනේ අක්ක නිකමට එදා ආපු වෙලේ කිව්ව නම් ගල් වංගෙඩියක් ඕනේ කියලා අපි කොහොම හරි එකක් හොයලා දෙනවනේ :-D
ReplyDeleteලොල්, නියම ෆිල්ම් එකක්නෙ බලලා තියෙන්නෙ :D
ReplyDeleteමාරම පැක් කිරිල්ලක් නේ !!!!
ReplyDeleteහොද වෙලාවට අර ගල් වංගෙඩිය දාගෙන යන්න උනේ නැත්තේ !!!!
හරි මචං උඹ ඔය පෝස්ට් එකෙන් මට නේද නොකියා කිව්වේ තව ටික කාලයක් යනකල් කෑම බීම අතින් මං ස්වයං පෝෂිතයි කියලා.. හරි හරි ලොක්කා අපි බලමු..කට්ට කරෝල ලෝඩ් එක ඉවර වෙන දවසකුත් එනවනේ..එදාට බලා ගමු.. මං සැලෙයි ඕවට..:D:D:D
ReplyDelete@මරනේ...
අම්මපා මරණේ ඕක අක්කණ්ඩි අපිට කලින් කිව්වනකං අපි වංගෙඩියක් හොයලා දෙනවනේ..ආයේ ඉතිං පුංචි පහේ එකක් නෙවෙයි අර ගෙවල්වල වී කොටන සයිස් එකක්ම..:D
//සනීපේ කියන්නේ ෆලයිට් එක පැයක් පරක්කුයි.//
ReplyDelete//කිසිම දැනුම් දීමක්/සමාව ගැනීමක් නෑ//
මේ අපේ ජාතික ගුවන් සේවය ගැනද කියන්නෙ? මම තාම එක පාරයි ඕකෙ වෙලාවට ගිහින් තියෙන්නෙ!
මොකට නිදා ගත්තද මන්දා. නැගිටල හිටියනම් තව ටිකක් හිනාවෙනව නෙ අපි:D
ReplyDeleteඅප්පේ කාලෙකින් ලියලා තියෙන්නෙ. තාම ඔය එයාපෝට් පැත්තෙ ගිහින් නෑ නෙ. ඇහුවාම යන්නත් එපා වුනා. හිනා වෙලාම පන ගියා වගේ.
ReplyDeleteමං හිතුවෙ පැය ගනං පරක්කු වෙන්නෙ බස්-කෝච්චි විතරයි කියලා. දැං බැලුවම අහස්යන්තරත් පරක්කුයිනේ..
ReplyDeleteඅපිත් බඩු පැක් කරලා ගමන ගියා වගේ තමා. ෆ්ලයිට් එක හරියට කියෝගෙන එද්දි අපිටත් හරි මහන්සියක් දැනුනේ.....
ReplyDeleteඅර සීට් කේස් එක නං මටත් වෙලා තියෙනවා. හැබැයි අනිත් පැත්තට. වෙන කාගෙද සීට් එකක මමයි ඉදං හිටියෙ පැත්ත මාරු වෙලා :D
මම මුල්ම වතාවෙ ඩුබායි ඉඳල ලංකාවට ගියේ මගේ නොසැලකිල්ලෙන් කරගත්තු අනතුරකින් අතක් කඩාගෙන...
ReplyDeleteමම දැන් කැඩිච්ච අතත් බෙල්ලෙ එල්ලගෙන රැවුල කපලත් නෑ, ඇඳුම් අයන් කරලත් නෑ ඔහේ ආව... අනේ අහස්යන්තරේ කපල එකක් අපේ ගෘහ සේවිකා අක්කල... දැන් මෙයාලගෙ හිතේ මම වැඩ කරන තැනින් මට ගහල මගෙ අත කඩල කියල... මගෙන් අහන්නෙත් නැතුව දුක් වෙනව අනේ... චිත්‍රක්කේ.. බලන්නකො මේ මල්ලිට [ මේ අවුර්දු 9 කට කලින් ඈ.. මම පොඩි එකා ඒ කාලෙ ] වෙලා තියෙන කරදරේ කිය කියා... එක එක්කෙනා ඇවිත් බලනව... මූන සෝකාකූල කරගෙන යනව.. හෙන කේස් එකක්..
.........
අර උඹ අමාරුවෙන් ගෙනාපුවට තාම මුකුත් දුකක් කරදරයක් නෑ නේද.. ?
“කුරිඤ්ඤං කොල“ කියන්නේ මොනව ද...?
ReplyDeleteඅඩෙ මම හිතුවෙ මෙහෙම සීන් තියෙන්නෙ අර රොනී ලීච් බන්දු එහෙම රඟපාන ෆිල්ම් වල මිනිස්සුන්ව අමාරුවෙන් හිනස්සන්න කියල..බලාගෙන ගියාම ඇත්ත ලොකෙත් මෙහෙම කේස් තියෙනව නේද දුමී අයියේ
ReplyDeleteපාර තමයි .... නිදා නොගෙන හිටිය නම් තවත් පෝස්ට් දෙක තුනකට දේවල් හොයා ගන්න තිබුනා .මොකක්ද එයාර් ලයිනෙක
ReplyDeleteදුමී අය්ය දැක්ක පලවෙනි දවසෙම මටත් හිතුන මේකට එහේ කන්න බොන්න නැතුව වත්ද කියල ඇඟේ සයිස් එක දැක්කම. :D
ReplyDeleteaparaade nida gaththe ayya! naththan ara gaani chager 1 gahanna gihin karapu wada kida tika bala ganna thibba! mmm!!
ReplyDeletematat kiwwanam loku miris galak @ gal wangediyak thiyanawa denawanee! geniyanna! dekama + uunama 200KG wath athi! :D :D
මටත් ඔයිට බොහොම කිට්ටු සීන් එකක් උනේ. මේ දවස්වල රයිටර් බොලොක්කෙද මන්ද බං ලියන්න හිතෙන්නෙම නෑ!
ReplyDeleteඔය එයාර් ඇරෙබියා උන්ගෙ අඩු ගානට වැඩි බඩු ගේන්න පුළුවන් නිසා ගියාට මොකෑ මෙලෝ රහක් නෑ සැලකීමනං ඉතින්.
බත් එකයි හාල් මැස්සොයි ඇර අනික්ව නං ඉතින් අපරාදෙ බර විතරයි අන්තිමට!
අර ළමයා ෆෝන් ක චාජ් කරගත්තද දන්නේ නෑ....!
ReplyDelete"ඒ අස්සේ මගේ ඇඟ හීතල වෙලා දාඩිය දැම්මේ අපේ ගම හාමිනෙයි එයාගේ අම්මයි කරපු කතාවක් ඇහිලා. දෙන්නත් එක්ක ගම හාමිනේලගේ ගෙදර කුස්සියේ ඉඳන් කතා කරන්නේ මේ ගල් වංගෙඩියේ දාල කොටලා ගන්න සම්බෝලේ තියෙන රස ගැන."
ReplyDeleteමට මැවිල පේනව ඒ වෙලාවේ දුමී අයියගේ කට ඇදවෙලා, ඇස් උඩ ගිහින්, මූන දෙක වෙලා තියන විදිය.
මටත් එහෙන් මෙහෙන් ආරංචි වුනා අහිංසක දුමිය නිකන් කෝටුකිතය්ය වගේ කෙට්ටු වෙලා ලංකාවට ආවෙ කියල
ReplyDeleteObserver
මං හිතන්නේ ලෝක ගෝලේ පොඩ්ඩක් විතර පැත්තකට ඇලවෙන්න ඇති!
ReplyDeleteමටත් වැකේෂන් යන එකේ එපාම කරපු කොටස තමයි එද්දි සහ යද්දි බඩු පැක් කිරිල්ල...ඒ වගේම තමයි අපි මොන තරම් කිරාගෙන නියම බරට බඩු අරගෙන ආවත් එයා පෝට් එකේ තරාදි වල කිරද්දි කිලෝ 2-3ක් වැඩියි...
ReplyDeleteදුමී ගොඩක් කෙට්‍ටු බව නම් මමත් පිලිගන්නව, මගේ ඇස් දෙකෙන්ම දැක්කනෙ එදා කොහුවලදි...ඔය අරන් ගිය ජාති ටිකවත් කාල අර අභීත වගේ ඇඟ පොඩ්ඩක් හදා ගන්න බලපන්...
අපි වගේ තවත් අය ඉන්න බව පෙනේ . නිවාඩු යන්න ගියහම මාසෙක ඉඳන් තෑගී පැක් කරනවා . ගියහම එහෙන් එකතු කරනවා . අන්තිමට වෙලා තියෙන්නේ පැකින්.. සහ අන්පැකින් විතරයි . ඇයි කොන්දේ අමාරුව ත් බෝනස් වලට හම්බ වෙනවා .
ReplyDeleteඈ බන් ඔය කොළ ජාති එහෙම ඔව්වයෙන් ගෙනියන්න දෙනවද ?
ReplyDeleteහප්පෙ ගල් වංගෙඩිය හික් හික්.... ඔක්කොමත් හරි අර නොකිය ෆෝන් එකත් හරි පිස්සු කොර... ඔය බඩු පැක් කිරිල්ල නම් එපාම කරපු කෙලියක්... සික් දුමී අයියා ආඅවෙ මම ලංකාවෙන් පිටත් වෙනකල් ඉදලනෙ... නැත්තම් මුන ගැහෙන්න තිබ්බා
හෆ්ෆේ.. ඉතින් කොන්ද දැන් යාලුවෙලාද?
ReplyDelete@සෝරෝ අපේ ගෙදර එන්න කුරිඤ්ඤං කොළ ටිකක් දෙන්නම්..
ඔය කොච්චර කියෙව්වත් අමාරුවෙන් හරු උස්සන ගිය ඒවායේ අගය දන්නෙ එහෙට ගියාමනෙ..නැද්ද දුමි අයියේ. මම ඉස්සර ඉතාලි යද්දිත් මිනූ නංගව බලන්න ඔය වගෙම හෙන ලොරියක් පුරෝල දෙනවා අපේ ගමේ අම්මා (අත්තම්මා)කරොලා ජාති...පලා ජාති... අමාරුවෙන් උස්සාගෙන ගියත් එහෙදි ඒවායෙ අගේ දැනෙද්දි තමා හිතෙන්නේ අරන් ආව එකේ වටිනාකම....
ReplyDeleteදුමි අයියා ...ඔච්චට කෙට්ටු වෙන්න එපා අනේ..අනික හකුත් බහින්න තරමට....අනේ ඔය මොනා මොනා හරි තුනවේලටම බඩට විසිකරගෙන මහත් වෙන්න... :P
@කාකා...
එහෙම ඇල වෙන්න නැතුව ඇති..බඩු එක පැත්තකටයි ..දුමි අයියව අනිත් පැත්තටයි දැම්මම බැලන්ස් නෙ......
පච කෙලින්න එපා, ගිය වැඩිහිටියො ගානට පොල් බෝතල් අටක් ගෙනිච්ච
ReplyDelete@ දුකා & අරාබි හන්දියෙ සෙට් එක,
බඩු නැහැ කිව්වොත් අඩු ගානෙ බෝතල් හතරක් වත් ගල් කොරල මේක
OBSERVER
@දුකා,
ReplyDeleteවැඩක් නෑ බං කතා කරලා... ඕක මේ හැමදාම වෙන සන්තෑසියක් තමයි. හවුස් මේඩ් අක්කලා (සොරි නංගිලා ) හැමදාම මගේ සීට් එක අරගන්නවා. ඒක ඉල්ලුවහම කියන්නෙ, අනේ "අයියේ" (සමහර අය අපේ අම්මටත් වැඩිය වැඩිමල් ) "ඔයා මගේ සීට් එකට යන්නකෝ" කියලා.....
@ChammA,
ඇහැරිලා හිටයනම් මලේ මට අර මෙගා සීරීස් එකක් තමයි ලියන්න වෙන්නෙ... කොහොමත් පහුගිය අවුරුදු නමයෙදිම එහාට මෙහාට ගොහිල්ලා රස කතා ගොඩක් තියෙනවා මේ ප්ලේන් ඇතුලේ වෙච්චි... හෙමි හෙමිහිට කොටලා දාමුකෝ ඉතින් ඒවත් වෙලාවක්, කලාවක් තියෙන වෙලාවට.....!
@RanDil,
බට්ටෝ පනින්න ඉතින් ලංකාවෙ වගේ අඹ ඇට හොයා ගන්න තීයෙන එකක්යෑ...! මෙහෙන් ගෙනියන ඔය වළං කටු තමයි තියෙන්නෙ....!
හරි හරි ඉතින් උඹැහේ මගේ හක්ක එලියටද ඇතුලටද බැහැලා තියෙන්නෙ කියලා දැක්කා නම් කට වහගෙන හිටු......! හික් හික් හික්..
නියම ෂෝ එක.. මමත් ඕකේ රඟපාලා තියෙනවා
ReplyDeleteපට්ට ආතල්..
@හරී - පිණිපළස,
ReplyDeleteඒ පැක් කරපු පැක් කිරිල්ලටයි, බඩු උස්සපු ඉස්සිල්ලටයි මම ඇහැරිලා හිටියනම් මේ කතාව මම තවම ලියනවා.....!
@Praසන්ன,
අද කාලේ ප්‍රයිවට් පස් වල යන එකයි, ප්ලේන් වල යන එකයි අතර වැඩි වෙනසක් නෑනේ බොලේ. එකම සීන් එක තමයි ප්ලේන් වල හිටගෙන යන්න කට්ටිය නග්ග ගන්නෙ නැති එක විතරයි.....! අර පැය හතරහ මාර නේද ?
@Il mondo di una povera pazza,
වැඩක් නෑ රංගි කතා කරලා...! කොහොමත් වයිෆ්ලට ඕන කරන දේවල් වලට ප්‍රයෝරිටි දීලා ඉතුරුවෙන කෝටා එක තමයි මට හම්බ වෙන්නෙ. තේ නම් මෙහෙට උස්සගෙන එන්න ඕනෙ නෑ, මොකද ලංකාවෙන් එන හොඳ හොඳ කොලිට්ය් තේ මෙහෙ තියෙනවා ලංකාවටත් වඩා අඩුවට.....!
ෆ්ලයි කරන එකේ ස්ට්‍රෙස් එක නම් විඳලම බලන්න ඕනෙ....!
@නචියා,
ReplyDeleteඅතින් කටින් බඩු මළු උස්සගෙන, දරු මල්ලොත් බලාගෙන හැමදාම කන කට්ට නම් කියලා වැඩක් නෑ මල්ලි...! පොඩ්ඩක් හරි සැනසීමක් තීයෙන්නෙ අර පොල් බෝතල් ටික පරිස්සමට අරගෙන ආවොත් විතරයි.....!
@සීනි,
යහතින් ආව විතරක් නෙමෙයි, කොන්දත් යාළු කරගත්ත ගම හාමිනේට කියලා (තුන් වරුවක් තෙල් ගා ගත්තා )
ඔව් ඔව්, ගෙනාපු වළං පහ හයෙන්, දෙක තුනක් තිබුනා කුඩු වෙලා නොතිබිච්ච.....!
@නදී,
ඕවා ඊරිසියාවට කියන කතා.....!
@පුතා,
ReplyDeleteඒකනේ බං... මාත් නුවර පැත්තේ එන්න ඕනෙ කියලා හිටියට ඒ වැඩේ කෙරුනෙම නෑනේ....! එන පාර හරි බලමුකෝ....!
@ගල්මල්-Coral,
හොඳ වෙලාවට මෙහේ එයාර් පෝට් වල ලංකාවෙ අය වැඩි පුර නැත්තේ....! නැත්නම් අනේ මගේ පොල් බෝතල් ටික. යාළුවො කීදෙනෙක්ගේ හිත් බිඳෙනවද ?
@ම,
අනේද කියන්නේ.... උඹලටත් ඒ වගේ උදව් කරන්න නම් හරිම උනන්දුවක් තමයි තියෙන්නෙ.... ගල් වංගෙඩි.....!
@Ansh,
ReplyDeleteමේක ඇවිල්ලා අළුත්ම ෆිල්ම් ජාතිය 4D, ඒකියන්නෙ ෆිල්ම් එක බලන්නෙ තමුනුත් රඟ පාන ගමන්....!
@මධුරංග,
එහෙනම් ඒකත් බෙල්ලෙ බැඳගෙන ප්ලේන් එකේ දොරෙන් පනින්න තමයි වෙන්නෙ....!
@මාරයා,
අපේ හාමිනේ උඹේ කෑම බල බල මම විඳින දුක දැකලද කොහෙදෝ මේ පාර නම් නියම කෑමක් තමයි දෙන්න යන්නෙ....! මාරයා ටිකක් සැලිලා වගේ ඉන්නේ.... හූ හූ හූ.....!
@මුහුදු කොල්ලකාරයා,
ReplyDeleteඅපේ ජාතික ගුවන් සේවය ඒ අතින් මල් හතයි....! මේක "එයා ඇරබියා....!"
@නිශ්,
නැගිටලා හිටියනම් මම තාම මේ පෝස්ට් එක ලියනවා. පහු ගිය අවුරුදු බර ගානටම එහෙ මෙහෙ ගිය ගමන් වලදි වෙච්චි තව රස කතා ගොඩක් තියෙනවා... බලමු බලමු... එන විදිහට කොටන්නම්....!
@නිසුපා,
නෑ නෑ... හැමදාම මෙහෙම චාටර් කන්න වෙන්නෙ නෑ... ඉඳල හිටලා තමයි මේ වගේ සනීප අත්දැකීම් හම්බවෙන්නෙ.....! තමන් හරියට සුදානං වෙලා, බර මැනගෙන, අවශ්‍යය කරන ලියුං කියුං කාරිය ලෑස්ති කරගෙන යනවනම් ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ...!
එළ එළ ඇහැරිලා හිටියනම් තවත් එළ...........
ReplyDelete@රාජ්,
ReplyDeleteකිව්වට මොකෑ වෙනවද, කෝච්චි බස් වගේ නෙමෙයි, සමහර වෙලාවට දවස් ගණන් පරක්කු වෙන ෆලයිට් තීයෙනවා.... ඔය එයාර් පෝට් වල සරණාගතයෝ වගේ බෙඩ් ශීට් එලාගෙන පවුල් පිටින් දවස් ගණන් ජීවත් වෙන මගියෝ ඉන්නවා....!
@බුද්ධි,
කියෝලා මහන්සිද.....? ඔහොම තමයි බං... මගේ පෝස්ට් එකක් බලන්න එනකොට මැරතන් එකක් දුවන්න වගේ රනින් ෂූස් දෙකක් දාගෙන, රෙඩ් බුල් එකක් බීල එන්න ඕනෙ....! හික් හික් හික්....!
@සපතේරු උන්නැහේ ,
ඇත්තටම පොඩ්ඩක් කච කචේ වැඩි උනාට ලංකාවෙ හවුස් මේඩ්ලා හරි කරුණාවන්තයි සමහර වෙලාවට. දවසක් මගේ ගාව වාඩිවෙලා හිටිය හවුස් මේඩ් කෙනෙක් එයා ගෙදරින් අරගෙන ආව, සැන්විච් ව්ගේකුයි, දිරාම් එකේ පොඩි ෆෘට් ජූස් වගේකුයි වටේ පිටේ ඉන්න අයට බෙදුවා මටත් එක්ක..... මටත් ගිල්ටි වෙච්චි පාර හැමෝටම තේ කෝපි අරගෙන දුන්නා....!බය වෙන්න එපා මචං, උඹ වෙනුවෙන් ලංකාවෙන් ගෙනාපු එකක් ඉතුරු කරගඤ්ඤං....!
@සෝරෝ,
ReplyDeleteකුරිඤ්ඤං කියන්නෙ බං, මඤ්ඤං ගහේ හැදෙන කොල ජාතියක්......! හික් හික් හික්....!
@පැන්ඩා,
ඒකම නේන්නන් පැන්ඩෝ මටත් පුදුමේ....! හික් හික් හික්....!
@buwa,
හම්මේ එහෙනම් තාම කොටනවා....!
@රංග,
ReplyDeleteඑකනේ බං කියන්නේ.. නිකන් මන්ද පෝෂනේ වගේ නේද ? ඇඟ ගොඩක් වැහැරිලා ගිහිල්ල පහුගිය දොහේ....!
@මාධව,
ඔව් මල්ලි, මටත් නින්ද ගිය නිසා බලාගන්න බැරි උනා ඒ ගෑනි කොහෙද චාර්ජර් එක ගැහුවේ කියලා...! මල්ලිට පුළුවන්නම් මදි නොකියන්න වංගෙඩි මිරිස් ගල් සපයන්න, අපි දෙන්නට එකතු වෙලා මෙහෙට ඒවා පටවන්න බිස්නස් එකක් පටන් ගන්න තිබුනා.....!
@ඉන්දික,
එයා ඇරබියා එකේ එහෙමට කියලත් ගාණ අඩු නෑ බං....! හැබැයි උන්ගේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකේ සුපර්වයිසර්ලගේ ඉඳලම නම් හිතන් ඉන්නේ ඒයාර් ලයින් එක්ක උනේ පවුලේ බූදලයක් කියලා. අපිව හරියට නිකන් ගෙනියනවා කියලා. උන්ගේ පුදුම උණක් තමයි තියෙන්නෙ...!
@prasanna86k,
ReplyDeleteඒක තමයි මල්ලි මටත් දුක, එයා චාජ් කරගත්ත හැටි බලන්න බැරි වෙච්චි එක...!
@Kasun,
තව පොඩ්ඩෙන් කලන්තේ දානවා....!
@uncleoba,
ඔය රට්ටු කියන ඒවා විශ්වාස කරන්න එපා අයියේ....!
@කතන්දර,
නෑ නෑ.... කලින් ඇද වෙලා තිබුනේ.... දැන් තමයි හරි ගැස්සුනේ...!
@දිනිත්,
ReplyDeleteමම හිතන්නේ අර අපේ රටේ පොලේ, මාළු ලෑලෙ වෙළෙන්දො වගේ එයාපෝට් එකේ තරාදියත් මුන් හොරට වෙනස් කරලා.....!
ඔව් ඔව්, මම මේ අභීතගෙන් අහන්න ඉන්නේ ඌ ඇඟ හදා ගත්තේ කොහොමද කියලා.. උගේ කට්ස් පේනකොට ඊරිසියාවෙ බැරුවා....!
@Bindi,
ඕක තමයි රට ගිහිල්ල කඹුරන අපේ සදාතනික දෛවය.....!
@පිස්සා,
මෙහෙට කිසි අවුලක් නෑ බං.... ඕන දෙයක් අරගෙන එන්න පුළුවං.....!
ඊලඟ පාර එනකොට පොඩ්ඩක් කියපන්....! සෙට් වෙන්න ට්‍රයි එකක් දෙමු...!
@හසී,
අපේ හාමිනේට කියලා යාළු කරගත්තා හොඬවැයින් තෙල් බේත් ටිකක් උලාගෙන.....!
අර සෝරෝට කුරුඤ්ඤං කොල දෙනකොට, මඤ්ඤං ගහේ ගෙඩි ටිකකුත් කඩලා දීපන් නගේ....!
@දිල්,
ReplyDeleteඒවයේ රස දන්න හින්දනේ නගෝ, කටේ සිප් එක වහගෙන මෙච්චර දුක් විඳගෙන ඒවා උස්සගෙන එන්නේ....!
@uncleoba,
අනේ අම්ම පල්ල අන්කල් ඔබා අයියේ උඹල නම් මායා කාරයෙක්ද කොහෙද.....! කොහොමද බං මම අපේ හාමිනේටත් හොරෙන් අරගෙන ආපු බෝතල් ගාණ ටක්කටම කිව්වෙ ?
@මාතලන්,
ඒකෙ ආතල් එක තියෙන්නේ ෂෝ එක බලන්නේ ඒකෙ රඟ පාන ගමන්ම නිසා.... ඒවට තමයි 4D කියන්නේ....
@Suri,
හෆොයි, මුන් ඔක්කෝටම තියෙන්නෙ මම ටිකක් ඇහැ පියාගත්ත එකේ අමාරුව නොවැ....! හික් හික් හික්...!
blog world eke porawal kiyana ewunge melo rahak nathi "kathandara" bala bala hitiye me dawas tikema....aiyage kathawak enne kawadada kiya kiya maga balagenA hitiye.dhumeege blog eka thamai mama aasa karana blog eka.dhumee blog eka nisa thamai anith blog balannath patan gaththe.mekata mama itha kamathi sarala kama nisath samanya minisunta watahena blog ekak nisaya.
ReplyDelete@i,
ReplyDeleteස්තූතියි මල්ලි කමෙන්ට් එකට.... වෙලාවක් කලාවක් තිබුනේ නැහැ නෙව පහුගිය දොහේ....! බලමු බලමු කොහොම හරි තව පෝස්ට් දෙක තුනක් දාගන්න....!
//අයියෝ ලොකු පුතේ, මොකද මේ ඇදිලා පැදිලා ගිහින්... මේ බලන්නකෝ... හකුත් බැහැලා....// ඈ දුමී අයියේ ? මම ඔයාගේ පින්තූර වගයක් දැක්කා මම නම් දැක්කේ හොඳ පුෂ්ටිමත් දුමියෙක්ව
ReplyDeleteහැබෑට ගල් වංගෙඩිය අරගෙන ගියානම් ෆ්ලේන් එක උස්සන බැරි වෙනවා සුවර් ..හික් හික් ..
අයියා අර පරණ බෝතල් වලින් සප්පායමි වුණ දවසට ආයේ පෝස්ට් එකක් දාන්න හොඳේ .. ඊඉලඟ වතාවේ ලංකාවේ ආවාම මම එන්ඩම ඕනෑ උඹව බලන්න ..
@හිස් අහස,
ReplyDeleteසඳරු මල්ලි, ඔන්න බලහන් ඉතින් මමත් පෙරුම් පුරලා පුරලා අවුරුද්දකට වතාවක් ලංකාවට ආපු වෙලාවෙ ආසාවෙන් හිට්යේ උඹව මුන ගැහෙන්න...! මම ෂුවර් එකටම හිතුවා උඹ පැදුරටවත් එයි කියලා......!
ඒ පරන ඒවයින් සප්පයම් වෙන්නෙ හරියට අරිෂ්ඨ බොනව වගේ ප්‍රවේසමෙන්.....! විස්කි බීලා කට මෙලෝ රහක් නැතිව ගියහම පොඩ්ඩක් ආපහු අම්ල භෂ්ම ගතිය රී-සෙට් කරගන්න වගේ තමයි "පරණ" ඒවා පාවිච්චි කරන්නේ....!
අප්පොච්චියේ ඔය ගුවන් ගමන් ගැනනම් කියලා වැඩක් නෑ.මමත් ඔය බර ප්‍රමාණෙන් බිංදුවක් අපතේ යවන්නෙනෑ. දුමී අයිය වාසනාවන්තයි ඔය ගුවන් ගමන පැය 4ක් විතර කිව්වනෙ. අනේ අපොයි අපි ඉතින් පැය 24කට කිට්‍ටු කාලයක්ම ඔය ගමනට වැය කරනවනෙ,
ReplyDelete@රෝස කුමාරි,
ReplyDeleteරෝස කුමාරි ඉන්නේ හඳේද ?
අම්මත් ආපු එක කොච්චර හොඳද? නැත්නම් අම්මලා දාල එනකොට හරිම දුකයි නේද
ReplyDeleteමම නම් ගුවන් ගමන්වලදී කැමති අතේ හෑන්ඩ් බෑග් එකකුයි, පොතකුයි විතරක් ගෙනියන්ට. ලංකාවෙන් එනකොට උනත් ඔය වගේ කෑම බීම ගේන්නේ කීයටවත් ගේන්නේ නම් නෑ. (මෙහාට නම් ඔය ගොඩාක් ජාති ගේන්ටත් බෑ.) සමහර පාර්සල් එයාර්-පෝර්ට් එකේ බින්වලට බස්සලත් ඇවිත් තියනවා ගෙදර අයට හොරෙන්.
ReplyDeleteඒත් ඉතින් හාමිනේට බනින්ට බෑ. එයා ඕවා ගේන්නේ අර කෙට්ටුවෙලා හකු ඇටත් පෑදුනු අයට කන්ට දීලා මහත් කරන්ටනේ.....:D:D:D
@ පොඩ්ඩි..
ReplyDeleteඅපේ ලොක්කි ත් ඔයා වගේ තමයි .හෑන්ඩ් ලගේජ් එකයි පොතයි අරන් යන්නේ . කොහේ හරි ඇන තියන් පොත කියවන්නේ නිකන් ලෝකේ අවසාන පොත ඒක වගේ .
අප්පේ දුමි අය්ය උස්සල් තියෙන බර. ඔය කටු බොඩිය හදාගන්න පොඩ්ඩක් වෙට්ස් කරොත් නරකද ? එතකොට ඕවට නිකංම එක්ස්පිරියන්ස් එනවනේ. කොන්දට පත්තු බඳින්න උනෙ නැති එක නම් ලොකු දෙයක්
ReplyDeleteහරියෝ, ඊලඟ අවුරුද්දෙ ආවම දෙන්න හොඳවැයිං ගල් වංගෙඩියකුයි කිතුල් මෝල්ගහකුයි තව මදි පාඩුවට කුරක්කං ගලකුයි හදවල තියන්නංකො.
ReplyDelete@Gimhani,
ReplyDeleteඒකනම් එහෙම තමයි ගිම්හානි. ගොඩක්ම සතුටු මගේ පොඩි එවුන්ට. උන් ටික ආත්තම්මාගේ වටේ එතිච්ච ගමන්මයි....!
@පොඩ්ඩි,
ඔව් ඔව්, ඔසී වලට ඔය පලා ජාති ගෙඩි ජාති විතරක් නෙමෙයි වැරදිලා සපත්තුවේ මඩ ටිකක් තිබුනොත් ඒකත් බින් එකට විසි කරලා තමයි යන්න ඕනෙ නේද ?
හපොයි, හෑන්ඩ් ලගේජ් එකයි පොතයි විතරක් අරගෙන ගියහම කොහොමද එයාර්ලයින් එකට පාඩමක් උගන්නන්නේ ? අපේ ලගේජ් වල බරටත් එක්කම තමයි ඒ ගොල්ලෝ ටිකට් එකට අය කරන්නේ. මුකුත් ගෙන්යන්න නැතිනම් අඩුගානේ හොඳ කළු ගලක් වත් උස්සන් යන්න ඕනෙ බරට හරියන්න.
@Bindi,
අපේ ලොක්කිත් එහෙම තමයි. එයාගේ හෑන්ඩ් ලගේජ් එකයි පොතයි විතරයි එයාට ඕනේ. මොකද එයාගේ ලගේජ් එක තාත්ති හැන්ඩ්ල් කරනවනේ :)
@cjgayan,
ReplyDeleteආයේ අමුතුවෙන් වේට්ස් කරන්නෙ මොකටද මල්ලි. ජීවිත කාලෙදි අදින උස්සන බර ටිකම මදිද තාත්තා කෙනෙකුට.....?
@nawam,
අපි බිස්නස් එකක් පටන් ගමුද අරාබියට ඕව පටවන්න ?
අපරාදේ වංගෙඩියක් විතරයි අඩු..
ReplyDeleteලංකාවෙද් මටත් කිව්වා බර වැඩියි එක බැගේජ් එකක් කරන්න කියලා...
එක අයින් කරල ඒකේ තිබ්බ ඇදුම් ට්ක හෑන්ඩ් ලැගේජ් එකටයි, ලැප් එකේ බෑග් එකටයි දාගත්තා.. ඉතුරු වෙච්ච ඇදුමක් ඉන වටේ ඔතාගෙන ආවා.. :D
හෑන්ඩ් ලැගේජ් එකේ බරනම් කොහෙන්වත් චෙක් කලේ නෑ...
පුළුවන් උනානම් නැන්දම්මයි ලේලි පොඩ්ඩයි එකතු පහදු වෙලා ලංකාවම බෑග් වලට දා ගන්නවා...හික්ස්
ReplyDeleteඅපරාදෙනේ නින්ද ගියේ...අයියන්ඩිට...
@දුමී- හඳට ඇබිත්ත්ක් මෙහා. අර හැමරටේම දේවල් වලට ඇඟිලිගහන රටේ නොවැ මම ඉන්නෙ.
ReplyDelete@තාරක,
ReplyDeleteහප්පා, ඔය බර කේස් නිසා විඳලා තියෙන කටු නම් කියලා වැඩක් නෑ....! එයාර්ලයිනුත් කොහොම හරි ට්‍රයි කරන්නේ තව කීයක් හරි අපෙන් කඩා ගන්නනේ...!
@අසනි ,
පුළුවන්නම් නෙමෙයි, කොහොමත් මේ පාර එනකොට ලංකාවෙන් භාගයක් අරගෙන ආව. ඉතුරු භාගේ ඊලඟ පාර ගේනවළු....!
@රෝස කුමාරි ,
ඈහ් එහෙමද ? එහෙනම් හඳටත් ටිකක් ඈතයි නොවෑ.....! ඒ ගොල්ලො හිතාගෙන ඉන්නේ ඒයාලා ලෝකෙට අධිපති දෙවියෝ කියලානේ.... ඒ කියන්නේ දිවියලෝකේ....!
බුදු අප්පච්චියේ ගෙදර ඉඩ තියෙනවද ඔය තරම් බඩු ගෙනි යන්න. දන්නවනම් මමත් ගමෙන් හොද කිරි පැණි ටිකක් එවනවා මදි පාඩුවට.
ReplyDelete@uncleoba!
ReplyDeleteඔව් බන් අද රෑ යන්න හිටියේ එකකට ගේම දෙන්න . .
කොහේද අපේ සපතේරු උන්නැහේට වැඩ වැඩී කියලා වැඩේ පහු කොරන්න උනා බන් . . .
අපේ පොඩි එකාගේ උපන් දිනේ දුමීලගේ ගෙදර ගත්තු නිසා ලාවට පොඩි සොට් එකක් දාගන්න නම් ලැබුනා . .
ඒත් ඒක නිකම් මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ බන්
අපිත් ඔය අත්දැකීම අවුරුදු දහයක් තිස්සෙ ලබනවා. නමුත් දුමියා ඒක ලස්සනට ලියලා තියෙනවා. බැලුවම කොයි අම්මත්, කොයි හාමිනෙත් එකම දෙවල් තමයි කියන්නෙ කරන්නෙ නේද?
ReplyDeleteඔය එයා ලයින් වල තියෙන්නෙ සුරංගනා කතා. අපි ෆ්ලයිට් බූක් කරලා තියෙද්දිත් මුන් අපිව තියාගෙන ඉඳල තියෙනව අන්තිම මොහොත වෙනකල් වේට් ලිස්ට් කරල මොකද සිස්ටම් එක කියනවලු ෆ්ලයිට් එක ඕවර්බුක් කියලා. යකෝ ඔන්ලයින් නෙට්වර්ක් එකක් ඔවර්බුක් වෙන්නෙ කොහොමද? කොහොම හරි වාසනාවට අන්තිම මොහොතෙ ආපු නැති එවුන් කීපදෙනෙකුට පින්සිද්ද වෙන්න යන්තම් ෆ්ලයිට් එකට නැගගන්නව එයාපෝට් එක හරහ දුවල හති දාගෙන ෆයිනල් කෝල් එකට තප්පර කීපයකට කලින්.
මේක වෙලා තියෙන්නෙ එක පාරක් නෙවෙයි. එක පාරක් මගෙ මල් පොකුරම පැනල මම ගිහින් WTC හෙඩ් ඔෆීස් එකේ කෂ්ටියට පැමිනිලි කරාම මුං කියනවා ඒක නෝමල්ලු. කාටද කියන්නෙ. ඒකත් කියන්නෙ අර කෘතිම ප්‍රොෆෙශනල් හිනාව සහ බැල්ම දාගෙන.
henryblogwalker aka Dude
නොගොස් එන්නට බැරිය
ReplyDeleteනෑවිත් යන්නට බැරිය...........
ඉතුරු ටික ඔන්න ඔහේ ඕනේ නැහැ :)
සුපිරි.....
ReplyDelete