ඔවා දෙනු පරහට - දිගට හරහට

Posted by දුමී

පොඩි කාලේ ඉඳලම අපිට කොච්චර නම් අවවාද අනුශාසනා ලැබෙනවද ? දෙමව්පියන්ගෙන්, වැඩිහියන්ගෙන් ගුරුවරුන්ගෙන්, පන්සලේ හාමුදුරුවන්ගෙන්, පල්ලියේ ස්වාමිගෙන් වගේ ඔය මෙකී නොකී අයගෙන්. ඔහොම යනකොට අපිට අම්මලා තාත්තලා දෙන අවවාද අනුශාසනා දිරවන්නෙ නැතිව යන කාලයක් තියෙනවා, මොකද ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නෙ "එපා.." කියන අවවාදේ තමයි ගොඩක් වෙලාවට, "ඕක කරන්න එපා...", "ඒ ගමන යන්න එපා...", "ඔය ඇඳුම අඳින්න එපා..." වගේ දේවල්. ඒවා කනකට ගන්නෙ නැති උනත් අපිට නොදැනුවත්වම අවවාද අනුශාසනා ගන්න, ඕන වෙලාවට ඉදිරිපත් වෙන යාළුවො සෙට් එකක් ලැබෙනවා විතරක් නෙමෙයි, අපෙන් අවවාද අනුශාසනා ගන්නත් යාළුවො සෙට් එකකුත් ගොඩක් වෙලාවට අපිට සෙට් වෙනවා. ඉතින් අපි ඔය උපදෙස් ගන්න වැඩේ හරි උපදෙස් දෙන වැඩේ හරි එහෙම ලේසියෙන් අත අරින්නේ නෑ. අපිත් ඉතින් කරන්නෙ යාළුවො නයි අරින හැටි අහගෙන ඉන්න ගමන්ම අපිත්, ලඟ ඉන්න පොඩි නයි දෙන්නෙක් තුන් දෙනෙක් විතර උඩ අරිනවා. තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් ඇරෙන්න වෙන ඕනෙම කෙනෙක් කියන දෙයක් ගොඩක් වෙලාවට ඉස් ඉස්මුදුනින්ම තමයි පිළිගන්නෙ. ඇයි ඊට අමතරව ඔය රේඩියෝ වල ටී.වී වල ඉන්න ගිරව් දෙන නා නා ප්‍රකාර උපදෙස්, ඒ වගේම පත්තර කාරයෝ එහෙම ඒ ගොල්ලන්ගේ තීරු ලිපි වලින් දෙන උපදෙස්, මෙන්න මේ වගේ, "මල් දෙවැට දිගේ පියනගමු....!", "මල් වැටෙන් මලක් කඩා ගමු...", වගේ දේවල්. මේ ඔක්කොම ලියන්න ගියොත් මගේ කට විතරක් නෙමෙයි ඔළුවත් කහන්න ගන්නවා.

ඔය රේඩියෝ වලින් උපදෙස් දෙන ගිරව් ලංකාවෙ විතරක් නෙමෙයි මේ පැත්තෙත් යහමින් ඉන්නවා. දැනට මාසෙකට විතර කලින් මම උදේ වැඩට එන ගමන් රේඩියෝ එකේ ලොකු සාකච්චාවක් යනවා. උදේ වැඩ සටහන ඉදිරිපත් කරන "ආකේලියා" කියන ප්‍රෙසෙන්ටර්ගේ එක ඇහැක් පැය ගාණක් තිස්සේ නටන්න පටන් අරගෙන (eye twitching) අලි විකාරයක්. දැන් ඉතින් මෙයා අහගෙන ඉන්න අයවත් සම්බන්ධ කරගෙන මෙහෙම ඇස් නැටවෙන්න හේතුයි, ඒකට ප්‍රථිකාරයි, අරවැයි මේවයි තොරතෝංචියක් නැතිව කියවනවා. ඔන්න ඉතින් එක එක අය එස්.එම්.එස් වලින් එහෙමත් නැත්නම් කෝල් කරලා එයාලගේ අදහස් කියනවා. ටික වෙලාවකට පස්සෙ කෝල් එකක් එනවා. කතා කරපු විදිහට එංගලත්තෙ පැත්තෙ සුද්දෙක් වෙන්න ඕනෙ. පොර නියමෙට ඇස් නටන එක ගැන එක්ස්ප්ලේන් කරනවා. ඒකට බලපාන හේතු මොනවද , ස්ට්‍රෙස් එක නිසා හැදෙන්න පුළුවන්, නිදි මැරීම නිසා හැදෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ස්නායු ආබාධ, ස්පාකින්සන් (අංශභාගේ) රෝගේ මුල් අවස්ථාව වෙන්න පුළුවන් වගේ දේවල් දැන් පොර කියනවා. ඔන්න ඊට පස්සෙ පොර කියලා දෙනවා මේක වලක්වගන්නෙ කොහොමද කියලා. මූනට කරන්න පුළුවන් එක එක එක්සසයිස් ගැනයි, රුධිර පීඩනය පරීක්ෂා කරගන්න එක ගැනයි, මේක වලක්වා ගන්නවා නම් කන්න ඕන කෑම ගැනයි ෆුල් ප්‍රොෆෙෂනල් විස්තර කිරීමක් දෙනවා. දැන් ආකේලියාට හරිම සතුටුයි. එයා කියනවා,

"ඔබ තුමාට ගොඩක් ස්තූතියි, මේ වගේ ඇස් නටන එක දිගටම තිබුනොත් අපේ අසන්නන්ට ඔබතුමා හමුවෙලා ප්‍රථිකාර ගන්න ඔබ තුමාගේ ක්ලිනික් එක කොහෙද තියෙන්නෙ ?"

"මගේ ක්ලිනික් එක ? මට කිලින්ක් එකක් නෑ. මම පයිප්ප බාස් කෙනෙක්....!"

ඇස් නැටීම ගැන ප්‍රෝග්‍රෑම් එක එතනින්ම ඉවරයි.

                             ෴෴෴

දැන් මේ කියන්න යන්නෙ මෙහේ ඉන්න මගේ යාළුවෙක් මට කියපු කතාවක්. ගොඩක් වෙලාවට ලංකාවෙදිනම් පොඩි බබාලව හදන කොට අපේ බිරින්ඳෑ වරුන්ට අපේ අම්මලාගෙන් එහෙම උපදෙස් ලැබෙනවා මොනව හරි දන්නෙ නැති දෙයක් එහෙම අහගන්න ඕන උනහම. ඒත් ඉතින් මෙහෙදි ඒ වගේ හදීසි අවස්ථාවලට ගොඩක් වෙලාවට උපදෙස් ගන්න වෙන්නෙ යමක් කමක් දන්න යාළුවන්ගෙන්. ඔන්න මගේ යාළුවගේ වයිෆ් ළමයි දෙන්නෙක් ඉන්න ටිකක් දැනමුතුකම් තියෙන එක්කෙනෙක්. ගොඩක් වෙලාවට අනිත් යාළුවන්ගේ වයිෆ්ලා එහෙම මෙයාට කතා කරලා තමයි ඔය බබාලට අසනීප උනහම කරන්නෙ මොනවද, අළුත් කෑමක් එහෙම හදන්නෙ කොහොමද වගේ පොඩි පොඩි උපදෙස් එහෙම ගන්නෙ. කොහොම හරි මේගොල්ලන්ටත් ඉන්නවා මාස ගානක මේ ඊයේ පෙරේදා ඉඳුල් කට ගාපු පොඩි එකෙක්. ඒ වගේම තවත් යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක්ටත් ඉන්නවා ඒ වයසෙම වගේ පොඩි එකෙක්. අපි මේ දෙවනියට කිව්ව වයිෆ්ට ෆාතිමා කියලා කියමුකො කතාව කියන්න ලේසි වෙන්නත් එක්ක. ඔන්න දවසක් නිවාඩු වෙලාවක යාළුවගේ වයිෆ්ට ෆාතිමාගෙන් කෝල් එකක් එනවා. යාළුවගේ වයිෆුත් පොඩි එකාගේ වැඩ කර කර ඉන්න ගමන් නිසා ස්පීකර් ෆෝන් දාගෙන තමයි කතා කරන්නෙ. ඔන්න සංවාදේ යන්නෙ මෙහෙම.

ෆාතිමා : "අනේ අක්කේ, අපේ බබාට හාල්මැස්සෝ දුන්නට කමක් නැත්ද ?"

යාළුවගේ වයිෆ්: "ෆාතිමා, හාල් මැස්සෝ හරිම ගුණයි පොඩි බබාලට, ඔයා හාල්මැස්සො හොඳට තම්බලා, කටු සුද්ධ කරලා, පොඩි කරලා බත් එක්ක කවන්න...."

ෆාතිමා : "ආහ් හරි, තැන්ක් යූ අක්කේ...!"

ඔන්න ඉතින් ඒ සංවාදේ එහෙම ඉවර උනා. ( ඇත්තටම ඉතින් සංවාදේ එහෙම ඉවර වෙන්නෙ නෑ. ඕක පැය එකහමාරක් දෙකක් යන එකක්නේ. ඒත් ඉතින් මේ ටික ඔක්කොම බ්ලොග් එකේ දාන බැරි නිසා ඔය අවශ්‍යය කරන කෑල්ල විතරයි දාල තියෙන්නෙ. )

ඔන්න ඊට සති දෙකකට විතර පස්සෙ අපේ යාළුවගේ වයිෆ් ෆාතිමාට කෝල් එකක් දෙනවලු. ඒ සංවාදේ යන්නෙ මෙහෙම,

යාළුවගේ වයිෆ් : "අනේ ෆාතිමා, අපේ පොඩි බබාට කරෝල දුන්නට කමක් නැත්ද ?"

ෆාතිමා : "ඔව් ඔව් අක්කේ, කරෝල හරි ගුණයි පොඩි බබාලට. ගොඩක් ප්‍රෝටීන් තියෙනවනේ....."

යාළුවගේ වයිෆ් : "එතකොට හාල්මැස්සෝ....?"

ෆාතිමා : "ඔව් ඔව්, හාල්මැස්සොත් හරි ගුණයි. මගේ යාළුවෙකුත් මට කිව්ව කටු අයින් කරලා බත් එක්ක අනලා දෙන්න කියලා..."

යාළුවගේ වයිෆ් : "අනේ තැන්ක් යූ ෆාතිමා, මම බයෙන් හිටියේ හාල්මැස්සෝ බබාට දෙන්න. හොඳ වෙලාවට ඔයා කිව්වෙ...."

අනේ ඉතින් මගේ යාළුවට කලෙන්තෙ වගේ ඇවිල්ලා ඉක්මනට වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගියාලු.

                           ෴෴෴

ඔය බඳින්න කෙල්ලො හොයන කොල්ලන්ට දෙන උපදේශයක් තියෙනවනේ. අර කසුත් මේක ලිව්වා එක පෝස්ට් එහෙක. කොහොම හරි මේ කතාව මම අහලා අවුරුද්දක් දෙකක් වෙනවා. ඒ උපදේශෙ තමයි,

"කෙල්ලව බලන්න කලින් කෙල්ලගේ අම්ම දිහා බලපන්.....!" කියන එක. මොකද අම්ම තප්පදෝරු සයිස් නම් කෙල්ලත් ටික කාලෙකින් ඒ සයිස් එකට පත් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි නිසා. අම්ම ෆුල් ස්ලිම් එකේ ඉන්නවනම්, බය නැතිව ගෑනිට ඕන තරම් කන්න දෙන්න පුළුවන්.

ඔන්න ඔහොම ඉන්නකොට මට අහන්න ලැබුනා කොල්ලෙක් එක්ක යාලු උන කෙල්ලෙක්ට කෙල්ලගේ අම්මා දෙන උපදෙසක්. මෙන්න මෙහෙම,

"දුවේ, උඹ යාළුවෙලා ඉන්න කොල්ලගේ ඔළුව ලොකුද කියලා බලපන් ?"

ඔන්න ඉතින් දුව කියනවා,

"අනේ නෑ අම්මේ. එයා හරිම හොඳ නිහතමානී එක්කෙනෙක්....!"

ඔන්න ඒපාර අම්මා කියනවා,

"මගුල් නිහතමානී කමක් නෙමෙයි බං මම කියන්නෙ, බලපං උගේ ඔළුව, ඔළු බක්කෙක් වගේ ලොකුද කියලා...නැතිනම් උගේ ළමයි වදන්න ගියාම උඹට තමයි අමාරු වෙන්නෙ...!"

64 comments :

  1. පලවෙනි කථාවේ - පල්ලියේ ඉන්නේ සාමිලා නෙවෙයි පියතුමන්ලා, සාමිලා ඉන්නේ කෝවිල් වල මම දන්න විදියට..

    දෙවෙනි කථාව - හපොයි අර පාතිමාගේ දරුව පවු.... :D

    තුන්වෙනි කථාව - මේක නම් පට්ටයි.. හික් හික්.... :D

    ReplyDelete
  2. හෆොයි . . .

    යකෝ ඔහොම කරන්න හොඳද . .

    තව පොඩ්ඩෙන් මැරෙනවා මාව . .

    ඒ අස්සේ මේ එහා පැත්තේ ඉනන් නගා බලනවා මට සන්නියක්ද කියලා . .

    පස්සේ කතාවේ කෑල්ල්ක් කියන්න උනා . . .

    කොහොමත් එයාත් දැන් කට කහන කතා කියෝන කෙනෙක් . . .

    මැරෙන්න හිනා බන්z . .

    ReplyDelete
  3. අයියෝ... මේව අහල කෙල්ලො දැන් ඔලුව පොඩි කොල්ලන්ව හොයන්න ගන්නව ෂුවර්...

    ReplyDelete
  4. ප්‍රශ්න දෙකයි දුමියෝ මට තියෙන්නේ.....

    1. "කෙල්ලව බලන්න කලින් කෙල්ලගේ අම්ම දිහා බලපන්.....!"
    අයියත් බැලුවද ගම හාමිනේ අක්කගේ අම්මා දිහා...............

    2. මේ ඔක්කොම ලියන්න ගියොත් මගේ කට විතරක් නෙමෙයි ඔළුවත් කහන්න ගන්නවා.

    ඇත්තට වෙන කොහෙවත් කහන්නේ නැද්ද අයියේ...

    ReplyDelete
  5. මෙහෙම කරන පොරවල් අපේ සමාජේ වැහි වැහැලා.., මට නම් කීප දෙනෙක් හමුවෙලත් තියෙනවා.., අනුන් කියාපු දේවල් තමන් ගේ වගේ කියන.., සහ තඩි ටෝක්ස් දීලා හුණු නැට්ටක් තරම් වත් වැඩක් කරගන්න බැරි අය එහෙම..! අනිවා අයියටත් එහෙම අයව හම්බවෙලා ඇති..! මොකක් උනත් මිනිහෙක් කතා කරනකොට හෝ යම් ප්‍රකාශයක් ලබා දෙනකොට තමා කියවන්නේ මොනවා ගැනද කියලා සම්මා සතියෙන් ඉන්න ඕනේ කියලා පෙන්නන්න මේ කතා තුන හොඳ නිදර්ශනයක් සපයනවා..!

    ReplyDelete
  6. අෆූ............ පව් අර ෆාතිමාගේ පොඩි එකා

    ReplyDelete
  7. මන් මේ නොදැනුවත් කමට අහන්නේ අයියා, ඔලුව ලොකු උනොත් මොකෑ වෙනෙන්නේ? :-D

    ReplyDelete
  8. හැබැයි ඔය හාල්මැස්සෝ කතාව වගේ ඒවා මාත් කරනවා. කවුරු හරි බොන දෙයක් ගැන ඇහුවම බීලා තියෙනව වගේ මාත්ට්‍රයි කරන්න ඉන්න බීමක් ගැන කියලා පස්සේ ඌට කෝල් කරලා අහනවා ඒක හොඳයිද කියලා :-D

    ReplyDelete
  9. 1) ටෝක් බැක් ෂෝ කාරයො හිටි ගමන් ඇන ගන්නව තාප්පෙ කුඩු පට්ටං වෙන්නම.
    2) හප්පේ, අපේ ගෑණිගෙන් ආප්ප හදන්න ඉගෙන ගත්ත ගෑණියෙක්, මෙහෙ සඟරාවක ආප්ප හදන රෙසිපි එක දාල තිබුන අගේට.
    3) ඔලුව ලොකු කතාව තමා හොඳම එක.
    මැරෙන්න හිනා වුනා, මං වැඩ කොරන තැන මේ වෙලාවේ මොකෙක් වත් නැති හින්ද හොඳා.
    පෝස්ට් එකෙන් හිතුන, දුමී ආපහු ගිහින් ගිහින් කියල කාන්තාරෙටම. දත් දොස්තරලගෙන්, මාළු කාරයන්ගෙන් බේරිලා යහතින් යන්න ඇති කියල හිතනව, නැත්තන් කොහෙද ඉතින් ආයෙ ලියන්න පටන් ගන්නෙ.
    වික්ටෝරියා පාර්ක් එකේ ෆේස් බුක් පින්තුර දැක්ක.

    ReplyDelete
  10. තුන්වෙනි කථාව මරු! ගෑනු ඔහොම තමයි! හික් හික්!

    ReplyDelete
  11. තුන්වෙනි කතාව තමා පට්ට .. ඇල්බට් අයින්ස්ටයින්ගෙත් ඔලුව ලොකුයිලු නේද..? පවු බං ..

    කට කහන කතාවක් අහන්න මාර ආසාවෙන් තමා හිටියේ .

    ReplyDelete
  12. අම්මෝ කාලෙකට පස්සේ දුමී අයියව පෝස්ට් එකකින් දැක්කේ !!!!
    කියවලා ඇති වෙන්නම හිනා උනා.
    දැන් ඉතින් කෙල්ලෝ ඔලුව පොඩි කොල්ලෝ හොයයිද මන්දා. :)

    ReplyDelete
  13. හික් හික්!! දුමී අයියා ඔන්න කොල්ලන්ට වල කපන වැඩක් අන්තිම කතාවෙන් කරලා තියෙන්නෙ. හොඳ වෙලාවට මගෙ ඔලුවනං එච්චර ලොකු නෑ

    ReplyDelete
  14. ඔබතුමා ආපහු ඇවිත් වගේ... කොහොමද මේ දවස්වල මෙහේ රස්නෙ සැප... දත් ටික නැතුව හරි ලංකාවෙ තව ටික දවසක් හිටියනම් කියල හිතෙනව ඇති නේද...

    හාල්මැස්සො කතාව තමා මටනම් පට්ට.. ඉල නෑ... ඔය කට්ටිය ඔහොම මයි...

    මම දන්න එක නෝන කෙනෙක් හාල් සෝදල රයිස් කුකර් එකේ පෑන් එක තියන්නැතුව තෙත හාල් ටික දාල... දැන් අමාරුවෙන් සුද්ද කරනව... අපිට ඉල නෑ හිනා ගිහින් මෙහෙම වැඩ වෙනවද කියල... ඔතන ඉන්න තව නෝන කෙනෙක් සුද්ද කරන හැටි කියා දෙනව... " මෙන්න මේ කෑල්ල උස්සල හරවල ගැසුවනම් හරි" කිය කියා.. වැඩේ වරද්ද්ගත්ත නෝන අහනව "මේක කැඩෙයිද අනේ".... අරය කියනව නෑ ..නෑ... "මගෙ අතින් නිතර ඔහොම වෙනව" කියල....

    ReplyDelete
  15. පට්ට.. සිනාවී .. මියයම්....

    ReplyDelete
  16. පයිප්ප කතාව නම් තෙරුන් නැනේ :-/

    අනික් ටික නම් හොදටම තෙරුනා :D :D

    ReplyDelete
  17. ගොඩක් කාලෙකට පස්සෙ කට කහන්න පටන් අරන් තියෙන්නෙ...!

    ReplyDelete
  18. ෆාතිමා ඉතින් පොඩි එකාටහාල්මැස්සො කැවුවැයි.හාල්මැස්සො කුඩු කරල කවන්න කියන්න.මටත් කීවේ යාළුවෙක්......

    හොඳ පිරිමි ළමයෙක් තෝර ගන්නෙ කොහොමෙයි.... දැන් කාලේ පිරිමි ළමයින්ට ඔළුවක් නැහැනේ....

    ReplyDelete
  19. දැනට කතා තුනටම එක සැරේ හිනා ගියා.. පස්සෙ කතා 3 වෙන වෙනම මතක් කරල තුන් සැරේකට හිනා වෙන්න මතක තියා ගත්තා..

    ReplyDelete
  20. හික් හික් පට්ට කතා 3න

    ReplyDelete
  21. ඈ ඔන්න මටනත් තේරුමක් නෑ කොල්ලගේ ඔළුවෙයි ළමයෙක් වැදීමෙයි සම්බන්ධය :D

    ReplyDelete
  22. අර මුල් කතාව ඇත්තක්ද අයියේ? අපේ පොඩි එකී සෙල්ලම් කරන එක නවත්තලා බලන්ව මම මොකෝ මේ හිනා වෙන්නෙ කියලා

    ReplyDelete
  23. තුන් වෙනි කතාවෙ අම්ම දීලා තියෙන්නේ මාර ඇඩ්වයිස් එකක්නෙ දුමී අයියේ. නිකමට වගේ දුමි අයියගෙ හාමිනේගෙනුත් අහලා බලන්නකො ..එයාටත් අර වගේම ඇව්ඩ්වයිස් එකක් ලැබුනද දන්නෙත් නෑ...හික්ස්


    එතකොට යාළුවගෙ වයිෆ් බලාගෙන ඉඳලා තියෙන්නෙ ෆාතිමා ගෙ ළමයට හාල්මැස්සො කවනකම්ද ? අනේ දෙයියනෙ.......

    ReplyDelete
  24. Had no reply for my FB message to you.. TC

    ReplyDelete
  25. අපේ හාමිනේ දෙන්නවම බඩ කපල ගත්තෙ එහෙනං මේ හින්දද? ඒත් ඉතින් නැන්දම්ම මලේ මාව දකින්නත් ඉස්සෙල්ලනෙ!

    ReplyDelete
  26. කාලෙකට පස්සෙ ඇවිත් ඔය නියම ආතල් එකක් දීල තියෙන්නෙ දුමී අයිය. හැබැයි ඔය වගේ ඒව දාල මට කෙල්ලෙක් හොයාගන්න බැරි වුනොත් නෙ දුමී අයියෙ මම කරන්න වැඩේ. (මගෙත් ඔලුව ටිකක් විතර ලොකුයි. :( )

    ReplyDelete
  27. "මගුල් නිහතමානී කමක් නෙමෙයි බං මම කියන්නෙ, බලපං උගේ ඔළුව, ඔළු බක්කෙක් වගේ ලොකුද කියලා...නැතිනම් උගේ ළමයි වදන්න ගියාම උඹට තමයි අමාරු වෙන්නෙ...!"

    මේක නම් පට්ටයි.. අති විශිෂ්ටයි..

    ReplyDelete
  28. දෙවෙනි කතාව කියවද්දි මම බයේ ම හිටියේ “හැමිනියන්කෝ!“ වගේ ලෙඩක් ගැනවත් පාතිමාගෙන් අහයිවත්ද කියලා.

    ReplyDelete
  29. පයිප්ප බාස් අන්තර්ජාලයෙන් ද දන්නෑ විස්තර සියල්ල දැනගත්තෙ!!!

    ReplyDelete
  30. මං දන්න කියන තැනකත් මේ දවස්වල පොඩි එකෙක්නං ඉන්නවා...?
    අනේ මංදා..මෙව්වට කොමෙන්ට් කරන්න ගෙහුං ගමහාමිනේ අක්කා මාත් එක්ක තරහා වෙනවා..ඒ හින්දා මං නොකියම ඉඤ්ඤං...

    ReplyDelete
  31. බොම්බිලි කරෝල හොඳ ඳ මන්දා, දන්න කෙනෙක් කියන්නකෝ, ප්ලීස්!

    ReplyDelete
  32. ඇයි අයියේ ඔලුව ලොකු බබාලා වදන්න අමාරු...?

    ReplyDelete
  33. ඒ කියන්නේ බදින්න කලින් ඔලුවේ size එක බලන එකත් වැදගත් නේද

    ReplyDelete
  34. "ඒ වගේම තවත් යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක්ටත් ...."
    ඈ බං ඒ කියන්නේ උඹේ යාළුවන්ට වයිෆ්ලා කීප දෙනෙක් ඉන්නවද? :-)

    අර අන්තිම කතාවේ යාළුවා වතුර නෙමෙයි වහ බොන්නයි වටින්නේ මෑ ගෑණු කරන වැඩ වලට...

    ඒක නෙමෙයි මෙහේ මෙහේ කියලා මැදපෙරදිග රටට ආමන්ත්‍රණය කරන්නේ උඹ ආ‍යේ පියෑඹුවාද එහේ?

    ReplyDelete
  35. දුමී කතා ටික නම් උපරිමයි.

    ෆාතිමාගේ කතාවත් එක්ක මතකයට ආවේ අනේක විශේෂඥ සමාගම් වලින් ඇවිත් දිනපතා කරන වැඩ ගැන අහලා හදන දේවල් ලොකු උපදේශ හැටියට ආපහු දීලා යන කොන්සල්ටන්ට්ලා ගැන.

    ReplyDelete
  36. හොඳ වෙලාවට පොඩි කාලෙ හරකෙක්ට පෑගිල ඔඵව චප්ප වුණේ.

    ReplyDelete
  37. මරු කතා ටික....

    අර දෙවෙනි කතාවෙ මුල ටික පොඩ්ඩක් තේරුණේ නෑ....

    ReplyDelete
  38. @සෝරෝ,

    පල්ලියේ ඉන්නෙ 'ස්වාමි' ලා තමයි. කෝවිල්වල ඉන්නේ 'සාමිලා' වෙන්න ඇති. ස්තූතියි ඇවිත් අදහස් පල කලාට.

    @දුකෝ,
    නිවාඩු යන්න නේද හිටියේ අද ? හිනාවක් හිරවෙලා ඉස්පිරිතාලේ යන්න උනානම් ලඟ ඉන්න නගාට තමයි බත් අදින්න වෙන්නෙ....!

    @සාතන්,
    ඔව් ඔව්, ඔළුව පොඩි කරගන්න එක්සසයිස් එහෙමත් තියෙනවා...

    ReplyDelete
  39. @අභීත,
    1) ගම හාමිනේව බලන කාලේ මේ ඇඩ්වයිස් එක දැනගෙන හිටියේ නෑනේ.

    2) උඹට මම මේකට උත්තරේ කලින් දීල තියෙනවා මම හිතන්නෙ... හික් හික් හික්..

    @ලිශාන්,
    ඔය වගේ පොර ටෝක් දෙන අය ලංකාවට වඩා වැඩි මෙහෙ තමයි. ගොඩක් ඉන්දියන් කාරයෝ හෙන පම්පෝරි හැහුවාට වැඩ කරන්න ගියාම තමයි උන්ට කෙල වෙන්නෙ...

    @ශානු,
    නෑ නෑ මුකුත් උනේ නෑ. ෆාතිමාගේ බබා හාල්මැස්සෝ කාලා දැන් හරි ෂෝයි එකට ඉන්නවා....!

    ReplyDelete
  40. @ම,
    මරේ ඔළුව ලොකු උනොත් බඩ පලලා තමයි ගන්න වෙන්නෙ...! බඩ කපනකොටත් ලිකුවට කපන්න වෙනවා....! දැන් තේරුනාද බබාට ?

    ඉතින් උඹේ ඇඩ්වයිස් අහලා මේ වෙනකොට කී දෙනක් මැරුනද ?

    @ඔබා අයියා,
    1) වැඩක් නෑ කියලා. උදේට උංගේ කතා අහගෙන ගිහිල්ලා දවසම මඤ්ඤං වෙන වෙලාවලුත් තියෙනවා.
    2) ලින්ක් එක දාල තිබුනේ නැද්ද ?
    3) ඔව් ඔව්, ඔක්කොම දොස්තරලගෙන් බේරිලා යන්තන් පැන ගත්තා අරාබි හන්දියට. දැන් ටිකක් සනීපෙට හුස්ම ගන්නවා දත් සැට් එක ගැන බයක් නොවී....

    @ZM!™,

    ස්තූතියි කියවලා කමෙන්ට් කරාට....!

    ReplyDelete
  41. @හිස් අහස,
    අනේ බං මට ඇල්බට්ගේ අම්මව තවම මුනගැහිලා නෑ බං ඒක අහගන්න...! හික් හික්...

    කතාවක් ලියා ගන්න වෙලාවක් නැතිව තමයි මෙච්චර කල් හිටියේ..!

    @මධුරංග,
    ඔන්න දැන් කෙලූ ඔළුව පොඩි කොල්ලො හෙව්වොත් ඒවට ඔන්න මම නෑ. මොකද මේ කතාව කිව්වෙ මම නෙමෙයිනේ...!

    @blog gadol,
    බය වෙන්න එපා බං. කොහොමත් ලංකාවෙ කොල්ලන්ගේ ඔළුව පුංචියි. මොකද උන් හැම මගුලකටම ඔළුව දානවනේ.... හික් හික් හික්...

    ReplyDelete
  42. @සපතේරු උන්නැහේ,
    ඔව් ඔව්, යහතින් සැපත් උනා. රස්නේ ගැන නම් කියලා වැඩක් නෑ. ලංකාවෙ රස්නෙත් දෙවනි නෑ හැබැයි. ලංකාවෙ ඉන්නකොට හෙන ගේමක් දෙන්න උනා රෑට නිදා ගන්න. මෙහෙනං ඉතින් ඒ.සී. දෙයියන්ගේ පිහිටෙන් රෝස්ට් වෙන්නෙ නැතිව නිදියගත්තෑකිනේ...!

    @මාතලන්,
    බුදු අම්මෝ, මම නම් නෑ ඔය ආනන්තරීය පාපකර්ම වලට...!

    @Bunny,
    තේරුන නැති කට්ටිය තේරිච්ච කට්ටියගෙන් අහගන්නකෝ...!

    ඔව් ඔව්, ඉතින් හාවන්ට හොඳ දෙයක් කිව්වානම් තේරෙන්නෙ නෑනේ...!

    @එදිරි,
    නැතුව නැතුව...!

    @සොඳුරු සිත,
    ෆාතිමා බබාට හාල්මැස්සෝ කවපු විදිහනම් මම දන්නේ නෑ නගෝ. හැබැයි දැන්නම් ෆාතිමාගේ බබා බෝල ගෙඩියක් වගේ සැපට ඉන්නවා...!

    @Weni,
    බැංකුවක කරි, ලීසින් කම්පැනියක හරිද වැඩ කරන්නෙ ? හමදේම කොටස් වශයෙන් නේද ? හික් හික් හික්....!

    ReplyDelete
  43. @පිස්සු පුසා,
    තැන්කූ වේවා !

    @පූසා,
    කෙල්ලගෙන්ම අහලා බලපන්කෝ....!නෑ බං, ඔළුව ලොකු උනහම බඩ කපනකොට ටිකක් ලොකුවට කපන්න වෙනවනේ....!

    @හරී - පිණිපළස,
    ඇහැ නටන කතාවද ? ඔව් ඔව් , ඕක ඔහොම්මම රේඩියෝ 2 එකේ ගිය කන්වසේෂන් එකක්....!

    ReplyDelete
  44. @දිල්,
    ඔය අම්මලා ගෑනු ළමයින්ට දෙන අවවාද අනුශාසනා ඉතින් අපි දන්නෙ නැහැනේ. ඔය එහෙන් මෙහෙන් කනින් කොනින් අහන්න ලැබුනට....!නෑ නෑ... යාළුවො දෙන්නටම මතක නෑ එහෙම හාල්මැස්සෝ කතාවක් කිව්වද, ඇහුවද කියලා...මොකද තව කොච්චර දේවල්මන් ඒ අස්සෙ කියවනවද ?

    @Dee,
    I have replied to your message. Pls check...!

    @ඉන්දික උපශාන්ත,
    අපේ ගම හාමිනෙත් පොඩි එවුන් තුන්දෙනාවම ගත්තෙ බඩ කපල. හැබැයි ඉතින් මගෙත් ඔළුව එහෙමට ලොකුවක් නෑ....!

    @Kasun,
    මල්ලිලාට කෙල්ලෙක් සෙට් උනේ නැති උනොත් ඔන්න දැන් ඒකට හේතුවක් තියෙනව, ඒකට පලි දුමී අයියා කියලා... හික් හික් හික්...

    @චතුර.... ,
    තැන්කූ වේවා !

    @බුද්ධි,
    මල්ලි, උඹට කැස්සද ?

    ReplyDelete
  45. @arunishapiro,
    වෙන්නැති වෙන්නැති....! අද කාලේ සමහර දොස්තර වරුත් ලෙඩ වලට දෙන බෙහෙත අන්තර්ජාලෙන් හොයනවා මම දැකලා තියෙනවා.

    @මාරයාගේ හෝරාව,
    අනේ නෑ බං... අපේ ගම හාමිනේව ඕවට අල්ලගන්න එපා. අපේ පොඩි එකී තාම කිරි විතරයි බොන්නේ. ඉඳුල් කට ගාන්න තව මාසයක් හමාරක් යයි...!

    @කතන්දර Kathandara ,
    කරෝල හොඳයි, බොම්බිලී හොඳා........යි !!!

    @prasanna86k,
    ඔව්නේ, බඩ ගොඩක් ලොකුවට කපන්න වෙනවලු....!

    @Gimhani,
    ඒක ඉතින් තීරණය කරන්න වෙන්න නගාටම තමයි....!

    @වන්නි,
    ඇයි බං දැක්කෙ නැද්ද ඒ යාළුවගේ වෆ්යිගේ නම ෆාතිමා කියන්නෙ, යාළුවාගේ නම ෆයිසාල්. ඌට නීතියෙන් නැන්දම්මලා 4 දෙනෙක් ගන්න පුළුවන්නේ...

    ReplyDelete
  46. @ගල්මල්-Coral,
    වැඩක් නෑ ඩීන් කියලා ඔය කන්සල්ටන්ලා ගැන නම් කතා කරලා. ස්තූතියි කමෙන්ටුවට...!

    @``` Outsider``` ,
    හරකට තුවාලද ?

    @මකුළුවා..... ,
    මල්ලි, තේරිච්ච එක්කෙනෙක්ගෙන් අහගන්නකෝ....! හික් හික් හික් ස්තූතියි මල්ලි කමෙන්ටුවට...!

    ReplyDelete
  47. පට්ට කතා තුන , අනේ අපරාදෙ මං මේක පරක්කු වෙලා දැක්කෙ....
    3 වෙනි කතාවෙ ටියුබ් ලයිට් මොනවා හරි තියනවද ?

    ReplyDelete
  48. කතාව කියෙව්වේ වතුර එකක් බොන ගමන්... තව පොඩ්ඩෙන් හිස්පොල්ලෙ ගිහින් මැරෙණවා.. තුන්වෙනි එකනම් පට්ට..

    ReplyDelete
  49. හැබෑයි අය්යේ පොඩි ප්‍රශ්නනය්ක් තියෙනවා යාලුවෙනකොට
    ඔලුව පොඩි උනාට පස්සෙ ඔලුව ලොකුවෙන කෙනෙක් එහෙම අහූනොත් තමා මාර අමාරුවක වැටෙන්නේ නේද?

    ReplyDelete
  50. @දුමී...
    හපොයි හැබෑ නේන්නං.!!!

    ReplyDelete
  51. මගෙ තාත්තත් මට කීවෙ කසාද බඳින්න කලිං කෙල්ලගෙ අම්මව බලල හිටපං කියල . . . . මම තාත්තගෙ උපදෙස පයිසෙකට මායිං කොලේ නෑ නොවැ . . . . දැං තමයි තේරෙන්නෙ තාත්තල කියන්නෙ දැනුං තේරුං තියන උදවිය කියල . . .

    ReplyDelete
  52. ඔලු තියරියත් එක්ක බැලුවහම දෙන්නගෙම ඔලු ලොකු වුනොත් අනිවා සීසර් කරන්න වෙනවා.

    දුමී අයියගෙන් කතාවක්‌ නැතිව පාලුවෙන් හිටියේ. :P

    ReplyDelete
  53. කට තදකරගෙන හිනා උනෙමි..

    දැන් දත් කීයක් අඩුයි ද හැබෑට.

    ReplyDelete
  54. කොහොමද දූමී අයියා, සෑහෙන කාලෙකින් අපේ පැත්තෙත් (ඉංගිරිය) ට්‍රිප් එකක් ආව කියලා ආරංචි උනා .....

    පයිප්ප බාස්ගේ කතාව නම් මරු, ඇත්තටම ඔය අන්තිම කතාවෙ කියන එක ඇත්තද .....

    දුකා අයියා දාලා තිබුනා http://dukaa.blogspot.com/2011/06/blog-post_13.html ගම හාමිනේ කියලා තිබුන කතාවක් ගැන පෝස්ට් එකක්, ඔන්න මම ඒක ගැන රියල් අත්දැකීමක් ගත්තා. මෙන්න පෝස්ට් එක අක්කටත් පෙන්නුවා නං. http://pansalhandiya.blogspot.com/2011/07/blog-post_25.html

    @prasanna86k,
    ඈ බං මල්ලියේ උඹට අහන්න දෙයක් තිබුනෙම නැද්ද ......

    ReplyDelete
  55. 1. පයිප්ප බාස්ලා දන්න දේවල්....

    2. අන්න එහෙමයි උපදෙස් දෙන්නේ සහ උපදෙස් ගන්නේ...

    3. හික්ස්.... ඒකත් ඇත්ත වෙන්නැති..

    සුපිරි කතා තුන දුමී අයියා

    ReplyDelete
  56. හප්පොච්චියේ.... දැං ඉතිං ඔළුව ලොකු කොල්ලෙක් කසාදයක් බැඳල අහවරයි නෙව. කියවපු කෙල්ලො සේරම කිළිපොළා ගිහිල්ල නෙව ඇත්තෙ.......

    ReplyDelete
  57. ෆට්ට කතා ටික...අර ඔළුව ලොකු සීන් එක තමා මරු...

    ReplyDelete
  58. ලෙසටම හිනා ගියා..... මෙතනත් මරු කතා පෙට්ටියක් නෙව බොලවු....

    ReplyDelete
  59. කතා ටික නම් නියමයි. ඒත් බලන්න යන කෙල්ලගෙ අම්මා ස්ලිම් වුනාට කෙල්ල ගැන තීර්නයක් ගන්න එක් වැරදිනෙ.මොකද කෙල්ගෙ තාත්තගෙ පැත්තෙ අය මහත නම් කෙල්ල මහත් වෙයි.බලාගෙන හොදේ.

    ReplyDelete
  60. මේකනම් මරේම් මරු ආ......

    ෆාතිමා : "අනේ අක්කේ, අපේ බබාට හාල්මැස්සෝ දුන්නට කමක් නැත්ද ?"

    යාළුවගේ වයිෆ්: "ෆාතිමා, හාල් මැස්සෝ හරිම ගුණයි පොඩි බබාලට, ඔයා හාල්මැස්සො හොඳට තම්බලා, කටු සුද්ධ කරලා, පොඩි කරලා බත් එක්ක කවන්න...."

    ******
    ෆාතිමා : "ඔව් ඔව්, හාල්මැස්සොත් හරි ගුණයි. මගේ යාළුවෙකුත් මට කිව්ව කටු අයින් කරලා බත් එක්ක අනලා දෙන්න කියලා..."

    යාළුවගේ වයිෆ් : "අනේ තැන්ක් යූ ෆාතිමා, මම බයෙන් හිටියේ හාල්මැස්සෝ බබාට දෙන්න. හොඳ වෙලාවට ඔයා කිව්වෙ...."
    ******

    ReplyDelete
  61. අයියෝ හිනහ ගිහින් පණ නැහැ..ගොඩ කාලෙකින් ආවෙ මේ පැත්තට මම

    ReplyDelete
  62. වජිරදේවි හිනා වෙන්න ඕනේ වුණාම එන්නේ මේ පැත්තට.. උපරිමයි සහෝදරයා. අවවාද ගැන නම් කතා කරලා වැඩක් නෑ..අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කතාවකුත් තියෙනවනේ..

    ReplyDelete
  63. සුමාන පහකින් මොන ##### වත් ලියල නැහැ

    ReplyDelete
  64. අන්තිම එක තමා සුපිරි...
    ජය වේවා!

    ReplyDelete

Related Posts with Thumbnails