සුවඳ රැගෙන ආ අමුත්තිය

Posted by දුමී


මුළු ගේම ආයිමත් සැරයක් කිරි සුවඳින් පිරිලා ගිහිල්ලා. පුංචිම පුංචි සුරංගනාවියක් අපේ ජීවිත ඇතුලට රිංගලා. මගෙත් ගම හාමිනේගෙත් කැදැල්ලට තෙවනි පාරටත් කිරි සුවඳ අරගෙන රෝසම රෝස පාට දූ පැටික්කියෙක් පදිංචි වෙන්නම ඇවිල්ලා. මෙච්චර කාලයක් මම හිතන් හිටියේ අක්කියි අයියයි නිසා අපේ ජීවිත සම්පූර්ණ වෙලා තියෙන්නෙ කියලා. ඒත් මේ කෙළි පැටික්කි අපේ ජීවිත වලට එබෙනකන් අපේ ජීවිතේ තවත් හිඩැසක් තිබෙනා කියල නම් මට හිතුනේ නැහැ. ඒත් එහෙම හිඩසක් තිබිලා ඒ හිඩස දැන් නේද සම්පූර්ණ වෙලා තියෙන්නෙ කියලා තමයි මට නම් හිතෙන්නෙ. අක්කිගෙයි අයියගෙයි හිත් දෝරෙ ගලලා. හැම තිස්සෙම නංගිගේ වටේ කැරකිච්ච ගමන්මයි. දෙන්නම ඉස්කෝලෙ ඇරිලා දුවලා එන්නෙ නංගිව බලන්න. නංගියා පොඩ්ඩක් අඬනවා ඇහිච්ච ගමන්ම අක්කියා දුවගෙන යන්නෙ නංගිව වඩා ගන්න. එහෙම වඩා ගෙන ඉන්න වෙලාවක නංගිත් අක්කිව හිටපු ගමන් පිළිගන්නව පොඩි චූ පාරක් එහෙම දාලා. ඒත් අක්කි මලක් වගේ නංගියාව තුරුළු කරං චුට්ටක් ඇඹරෙනවා විතරයි.

මෙච්චර කාලයක් මල්ලි කෙනෙක් විතරක් වෙලා හිටපු චූටි පුතා දැන් අයියා කෙනෙකුත් වෙලා. නංගි ගෙදරට ආපු දවස් වල අයියාගේ සෙල්ලම් බඩු ටික ඔක්කොම නංගිගේ වටේට තියලා තිබ්බේ "අනේ නංගි හැමතිස්සෙම නිදාගෙන ඉන්නෙ නැතිව ඉක්මනටම මාත් එක්ක සෙල්ලම් කරන්නකෝ...." කියලා කියන්න වගේ. අවුරුදු පහක් විතර වෙනකන්ම අම්මිගෙන් කුක්කු බීපු අයියණ්ඩිට නංගි ගෙදරට ආවහම නංගි ගැන ටිකක් ඊරිසියා හිතෙයි කියලා අපි හිතුවත් අයියණ්ඩිට ඒ වගේ වගක් නෑ. නංගියා අඬනකොට අම්මි ඒ පැත්තෙ හිට්යේ නැත්නම්, "අම්මී, නංගියාට බඩගිනියි....කුක්කු දෙන්නකෝ..." කියලා අම්මිව එක්කන් එන්නෙත් අයියණ්ඩිම තමයි.

නංගි අම්මිගේ බඩේ ඉන්නකොට අක්කියි අයියයි ඔට්ටු ඇල්ලුවේ අක්කිට නංගියෙකුයි, අයියට මල්ලියෙකුයි ඕනෙ කියලා. අයියට ඕනෙ උනේ බැට් එක අරං දුවගෙන එන වෙලාවට බෝලෙ දාන්නයි, බැට් මෑන්ගෙ ඇඳුම ඇඳන් සෙල්ලං කරන වෙලාවට රොබින් වගේ එයත් එක්ක ඉගිල්ලිලා උඩින් යන්නයි, ප්ලේ ස්ටේෂන් එකේ එයත් එක්ක කාර් රේස් පදින්නයි පුළුවං මල්ලියෙක්ව. ඒ වගේම අක්කිට ඕන වෙලා තිබුනේ අම්මිගේ මේකප් සෙට් එක අරගෙන හොරෙන් මූණෙ උලාගන්න වෙලාවටයි, නියපොතු පාට කරගන්න වෙලාවටයි, පුංචි පුංචි පබළු අරන් මාල වළලු හදන වෙලාවටත්, සෙල්ලං ගෙවල් හදන වෙලාවටත් සපෝට් එකට ලඟින් තියාගන්න නංගියෙක්ව.

නංගි අම්මිගේ බඩට ඇවිත් මාස පහේදී විතර අක්කිවයි අයියවයි ඉස්පිරිතාලෙට එක්කගෙන ගියේ "අද ඩොක්ටර් ආන්ටි නංගියෙක්ද මල්ලියෙක්ද කියලා කියනවා..." කියලයි. ස්කෑන් කරලා ඩොක්ටර් ආන්ටි “You two are going to get a little sister....” කියලා කියපු වෙලාවෙදි අක්කි උඩ පැන පැන අත්පුඩු ගැහුවත්, පුංචි හිතේ පොදි බැඳගෙන හිටිය බලාපොරොත්තු ගොන්න සුන්වෙලා ගිහිල්ලා චූටි පුතාගෙ මූණෙ ඇති උන වෙනස්කම් දැකලා මගේ පපුව ඉරිතලලා ගියා. යන්තම් යටිතොල අනිත් කණපිටට පෙරලිලා එළියට පනින්න නොපනින්න ඇස් වල කඳුලු පුරෝගෙන පොඩි පුතා බිත්තියට හේත්තු වෙච්ච හැටි දැකලා මම අක්කිට කිව්වෙ අත්පුඩි ගහන එක නවත්තන්න කියලයි. මම පුංචි පුතාව වඩාගෙන හිත හැදුවේ "ඔයාටත් නංගිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්නෙ. ඔයා එයාව ඔයාගෙ ඔක්කොම ගේම්ස් වලට ගන්න" කියලයි. අක්කණ්ඩිත් ඇවිල්ලා මල්ලිගෙ කරට අත දාල කිව්වෙ "නංගි බබා අපි දෙන්නගෙමනේ මල්ලි....!" කියලා. අයියණ්ඩිගේ පුංචි මූණෙ පුංචි හිනා රැල්ලක් මතු උනේ ඊට පස්සෙ.

මගේ පුංචි කිරිකැටි දුවේ, අප අතරට පැමිණි නුඹ හරිම වාසනාවන්තයි. දිනක උඹට අම්මා කෙනෙකු මෙන් සෙනෙහස බෙදීමට කරුණාබර හදවතකට හිමි අක්කියෙකුයි උඹව මලක් වගේ ආරක්ෂා කිරීමට දයාබර අයියණ්ඩියෙකුයි ඉන්නවා.

දුවණියක් පවුලකට එකතු වෙන එක කොයිතරම් එළියක්ද ඒ වගේම වාසනාවක්ද. පහු ගිය ලෝක කුසලාන අවසාන තරඟය නැරඹීමට අප සැම එකතු උනේ මම කවදත් මගේ ජීවිතයේ පරමාදර්ශී චරිතයක් විදිහට සලකන අපේ හිතාදර ජෝජ් අයියාගේ නිවසට. එහිදී මදුවිතෙන් යම් තරමකට හිත විවරවී තිබූ මොහොතක ජෝර්ජ් අයියා ඔහුගේ දුව අමතා කිව්වේ "දුවේ, මේ ගෙදර මාව හරියට තේරුම් අරගෙන තියෙන්නෙ උඹ විතරයි.උඹ තමයි තාත්තාගේ දුව. මගේ හිතේ හැම හැඟීමක්ම උඹට තේරෙනවා. දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....! "

ඔව්,

“දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....! "

68 comments :

  1. නොදොඩාම ඉමි, දුමී.. ජය-සතුට!

    ReplyDelete
  2. දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....!

    ඒක නම් ඇත්ත..


    ඒ වගේම සුබ පැතුම් මෙන්න.

    ReplyDelete
  3. ජයෙන් ජය

    ReplyDelete
  4. පුංචි නංගි බබාත් එක්ක ඔයාලට හෑමදාම් සතුටින් ඉන්න ලෑබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

    අපේ අප්පච්චිත් මම් හම්බවෙන්නෙ ඉද්දි කොල්ලෙක් වෙයි කියල හිතල "මිගාර" කියල නමකුත් හදාගන හිටියලු.කෙල්ලෙක් ඉපදුනාම දුක හිතිලා පස්සෙ නම් ගොඩක්ම ආදරේ වුනා.මමත් වෑඩියෙන්ම ආදරේ වුනේ අප්පච්චිට.

    ReplyDelete
  5. සුභ පැතුම් දුමී අයියා කෙලි පැටික්කියො කොහොමත් හරිම ඉවසිලිවන්තයි පොඩි කාලෙදි. අයියයි අක්කියි අම්මියි තාත්තියි එක්ක සතුටින් ඉන්න ලැබේවා පුංචි පවුලට

    ReplyDelete
  6. අනේ කෙලි පැටික්කිට ආදරේ කරන්න අයියෙකුයි අක්කෙකුයි දෙන්නෙක්ම ඉන්නෙ. ඔන්න මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  7. මෙව්වා කියෙව්වහම කල් දාපු සමහර දේවල් ඉක්මන් කරන්න හිතෙනවා අප්පා.......... :D

    ReplyDelete
  8. “දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....! "

    සහතික ඇත්ත.

    මට කඳුලුත් ආවා. අවුරුදු තුනකට කලින් ලේබර් රූම් එකට එලියෙ ඉඳං ගත කරපු කල්පයක් වගේ පැය කිහිපය මතක් උනා.

    ඔබ සියලු දෙනාටම නිරෝගී සතුට පතමි......

    ReplyDelete
  9. මගේ උණුසුම් සුබ පැතුම්...!

    ReplyDelete
  10. අම්මට අපේ නංගි ලැබෙන්න ඉද්දිත් මම හීන මැව්ව මල්ලියෙක් එක්කල සෙල්ලම් කරන විදය ගැන.. මේ මෑතක් වනතුරුම මම සමහර වෙලාවට දුක්උනා මල්ලිකෙනෙක් නැතිව නංගිකෙනෙක් ලැබුනු එක ගැන
    ඒත් මගේ තාත්තත් නංගි ඉපදුනු දවසෙ මේවගේ සතුටු වෙන්න ඇති කියල හිතුනම ඒ දුක නැති උනා ... : )

    සුභාෂ් අයියගෙ ෆොටෝ ටිකකින් අපි චූටි බබාව දැක්ක.. සුභ පැතුම් දුමී අයිය...

    ReplyDelete
  11. තාත්තලා කොහොමත් දූලට තමා ආදරේ... මට මතක් උනේ අපේ පොඩි කාලේ... මට මතකයි අපේ අම්මටත් නංගිව ලැබෙන්න හිටි කාලේ.. අනේ දැන් වගේ ඉතින් ඔය කලින් බලන ක්‍රම තිබ්බයැ... අම්ම ඉස්පිරිතාලෙ යද්දි ඇහුවා තමා නංගියෙක්ද ඕන මල්ලියෙක්ද කියල... අපි දෙන්නම ගත් කටට කීවෙ මල්ලියෙක් කියලා.. ඒත් ගෙනාවෙ නංගියෙක්...
    පුදුමෙ කියන්නේ මගෙ කෙල්ලෝ දෙන්නමත් කැමති මල්ලියෙක්ටයි... අපෝ ඒත් ඒ ආසාවනම් ඉෂ්ඨ කොරන්ට බෑ අප්පා...
    අනේ තුණුරුවන්ගෙ සරණයි පවුලටම!!!

    ReplyDelete
  12. මේ වගේම ලස්සන අනාගතයකට සුබ පැතුම්!!

    ReplyDelete
  13. රන්දිල් මොකක්හරි කිව්වද හැබෑට? කාටවත් ඇහුනද?

    ReplyDelete
  14. අපෙන් සුභ පැතුම්!

    පුංචි කැදැල්ල හැමදා සතුටින් සොම්නසින් පිරී තියේවා!

    ReplyDelete
  15. උඹට නං මයේ අම්මා ලොකු අක්කේ ඔය වගේ එව්වා හොඳට ඇහෙනවා නේද? :D

    ReplyDelete
  16. මගේ උණුසුම් සුබ පැතුම්...

    අප්පා ඔය සතුට මාත් විඳිනව

    දුවෙක් කියන්නෙ ...........................................

    වචන නෑ අප්පා

    ReplyDelete
  17. ජය වේවා දුමී අයියේ !!

    මටත් පොඩි කාලේ ඕන වෙලා තිබුනේ මල්ලියෙක්ව . පස්සේ නංගියෙක් ලැබුනහම මම හිතාගන්න බැරි තරම් සතුටු උනා .නංගියෙක් ලැබුනා කියන්නේ අයියට වගේම අයියගේ පුතාටත් ලොකු වගකීමක් ! එයාව ඒකට රෙඩි කරන්න

    එහෙනම් දුමී අයියේ උඹට මගෙනුත් සුබ පැතුම් පොඩි උං දෙන්නටත් මගෙන් සුබ පැතුම් ....

    උඹලට තිස්තුං කෝටියක් දෙවි දේවතවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !

    ReplyDelete
  18. සුභ පැතුම්..............බොහෝම සන්තෝසයි...

    නඟා කෙනෙක් ඉන්න එකේ අගේ කොල්ල දන්නව ඒ වගේම දුවෙක් ඉන්න එක ගැන නම් තාම දන්නෙ නැහැ. ඒ මොනව වුනත් ඔබ තුමාගෙ පවුල සම්පූර්ණ පවුලක්. හරියට කොල්ලගෙ පවුල වගේමයි.

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  19. බුදු සරණයි පවුලේ ඔක්කෝලාටම..!

    ReplyDelete
  20. ජය වේවා දුමී අයියේ !.. සද්දයක් නැතුව ඉන්නකොට මම ඒත් බැළුව මොකෝ මේ කියල.
    අළුත් අමුත්තිටයි ඔයාල හැමෝටමත් ලස්සන ජීවිතයක් !

    ReplyDelete
  21. පුංචි සිනා වසන්තයක් ....
    රෝස මලක් අයියලාගේ ගෙදර අපූරුවට පිපිල කියල මට ආරංචිය ආවා. තාත්තෙක්ට දරුවන් කොච්චර අගෙයි ද කියල මම දන්නව. අම්ම කෙනෙක් වගේ නෙමෙයි. තාත්තල ඒ තරම් ආදරයක් හදවතේ හංගගෙන ඉන්නෙ කොහොම ද කියල මට නම් තාමත් තේරුම් ගන්න බැහැ.

    මම පවුලෙ පලවෙනිය වෙච්චි. තාත්ත මාව ඉපදුන දවසෙ මාව අතට වත් අරන් නැහැ. මා දිහා කඳුළු පිරි ඇස් වලින් බලන් හිටිය එක විතරයි කරල තියෙන්නේ. මොකද තාත්ත තකහනියක් ඇවිත් තියෙන්නෙ රස්සාව කරන ගමන් ඉද්දි. තාත්තගෙ ගොරෝසු රළු අත් වලින් රෝස මලක් වගේ කිරි කැටි දරුවෙක් අල්ලන්න තාත්තගෙ හිත බයවෙන්න ඇති.

    දුමී අයියා ... දැන් තාත්තා X 3

    කට කහන දුමී අයියගෙ හිත ඇතුලෙ සැගවිලා ඉන්න “සංවේදී මනුස්සය “ ව අපිට දකින්න අවස්ථාව ලබා දුන්න දෝණිට මගේ සුබ පැතුම්....

    දුමි අයියා ...අක්ක බබාගේ බලාපොරොත්තුව හරි නෙ. නංගි බබෙක්ව ගෙනාව නිසා... මල්ලි බබාගේ බලාපොරොත්තුවත් ඉෂ්ට කරනව ද?

    හෙ හේ.... කුරුළු කැදැල්ලට සදා ජය හා සතුට........

    ReplyDelete
  22. මං නම් මෙකේ අනික් පැත්ත.. ඉල්ලුවෙම නංගියෙක්.. :D

    දුමී අයියේ.. අයියාගේ ආසාව ඉශ්ටකරලා මල්ලියෙක් දුන්නොත් මොකද ? :D :D :D

    ReplyDelete
  23. මටනම් මතක නෑ මට ඕන කලේ නංගියෙක්ද මල්ලියෙක්ද කියලා.
    දුමි අයියගේ පවුලේ සියලුම දෙනාට බුදු සරණයි!

    -නිර්මල-

    ReplyDelete
  24. සුබ පැතුමි මගෙනුත්.............

    චුටි දෝණිටත් පවුලේ හැමොටමත් බුදු සරණයි.............

    ReplyDelete
  25. සුභ පැතුම් දුමී අයියේ....

    චූටි පැටික්කි ඇතුළු ඔයාලා ඔක්කොටමත් බුදු සරණයි...!!!

    ReplyDelete
  26. කියා ගන්න බැරි තරම් සතුටක් හිතේ තියන බව පෝස්ට් එක කියෙව්වම හොඳට තේරෙනව. අපේ සුභ පැතුම් අයියේ. (මාමද මන්ද)

    ReplyDelete
  27. දැනුයි දැක්කේ දුමියෝ..ඒත් ආරංචිය දැනගත්තෙනං බොහෝම කලින්..අක්කණ්ඩි මට කිව්වා නෙව..

    උඹලට හොඳක්ම සිද්ද වෙන්න ඕන...!

    (@රන්දුනෝ එහෙනං කිතුල්ගල යනවා ඈ)

    ReplyDelete
  28. අපේ උණූසුම් සුභපැතුම් දුමියෝ! දැන් ඉතිං ලංකාවට ආපු වෙලාවක අපිට පොඩි පාටි එකක් දෙන්නයි තියෙන්නෙ.

    ReplyDelete
  29. Congratulations and Best wishes!!!

    ReplyDelete
  30. සුබ පැතුම් දුමි අයියේ...

    ReplyDelete
  31. @Dee / @රොබින් / @ZIGzag / @Web Master_guir

    බොහොමත්ම ස්තූතියි සුභපැතුම් වලට...!

    ReplyDelete
  32. @නදී... ,

    එහෙනම් නදීත් කොල්ලෙක් වගේ කෙල්ලෙක් වෙන්නැති. ස්තූතියි සුභපැතුම් එක් කලාට....!

    ReplyDelete
  33. @සංජු ,
    ඔව් ඔව්, ඒකනම් ඇත්ත. අපි පොඩි කාලෙදි වඩා ඒ ගොල්ලො ගොඩක් තීක්ෂණයි. පරිණාම වාදය කියන්නෙ ඒකට වෙන්න ඇති.

    @පිණිබිඳු... ,
    ඔව් අක්කියි අයියයි නම් පොඩ්ඩිට පණත් දෙයි.....

    @සිතුවිලි නිහඬයි ,
    ස්තූතියි නංගි....!

    ReplyDelete
  34. @RanDil,
    ඒකනම් හොඳ අදහසක් රන්දිල් නගෝ..... මොටෑ ඕව ආයෙත් කල් දදා බලං ඉන්නෙ. අර හුරතල් පොඩ්ඩිට දැන් මල්ලියෙක් හරි නංගියෙක් හරි හිටියනම් පංකාදු පහයි නොවෑ......?

    @මාලින්ද ,
    ආදරණීය දුවෙකුගේ තාත්තෙක් වන මාලින්දටත් මගෙන් සුභ පැතුම්. බබා ලැබෙන්න බිරිඳ ලේබර් රූම් එකට ගිය වෙලේ ඉඳන් තාත්ත කෙනෙකුගේ හිතේ ඇති වෙන ගින්දර ගැන නම් කියලා වැඩක් නෑ.... ඒක විඳලම තමයි බලන්න වෙන්නෙ.

    @එදිරි ,
    ගොඩක් ස්තූතියි එදිරි.....!

    ReplyDelete
  35. @සහෝධරයා,
    සමහර විට අක්ක කෙනෙකුට නංගි කෙනෙක් ඉන්නවටත් වඩා අයියා කෙනෙකුට නංගි කෙනෙක් ඉන්නකොට ගොඩක් අගය වැඩියි මගේ හිතේ.

    ස්තූතියි මල්ලි එක්කල සුභපැතුම් වලට....!

    @තනෝජා රාජපක්‍ෂ ,
    මටත් පොඩි කාලේදි මතක අපේ තාත්තා අක්කවයි, නංගිවයි හුරතල් කරපු හැටි තමයි. මටයි මල්ලිටයි තාත්තාගේ හිතේ තිබුනු ආදරය පෙන්නුවේ නෑ.

    පොඩි කෙල්ලො දෙන්නා මල්ලියෙක්ව ඉල්ලනවනම් ඒ ගැන සලකලා බැළුවොත් නේද තනෝජා හොඳ :) . පොඩි එවුන්ගේ බලාපොරොත්තු බිඳින්න හොඳ නෑනෙ....!

    ReplyDelete
  36. @තාරක Dilsh@n,
    ස්තූතියි සුභපැතුමට....!

    @තනෝජා රාජපක්‍ෂ,
    ඔව් ඔව්, loud & clear !!!

    @ගල්මල්-Coral,
    ස්තූතියි ඩීන්, සුපුරුදු ලෙංගතු සුභ පැතුම් වලට...!

    ReplyDelete
  37. @RanDil,
    පිස්සුද නගෝ, ඔය වගේ වැදගත් කටයුතු හෙටට කල් දමා පසුතැවිලි නොවන්න.....!

    @නිශ්,
    ස්තූතියි නිශ් දයාබර සුබ පැතුම් වලට.

    දුවෙක්ගේ අගය තේරෙන්න දුවෙක් ඉන්නම ඕනෙ තාත්තෙකුට...!

    @හිස් අහස ,
    ස්තූතියි සඳරු මල්ලි, මල්ලිටත් නංගියෙක් ඉන්න නිසා නගාලගේ අරුමය දන්නවනේ....!

    ReplyDelete
  38. @අළුත් කොල්ලා ,
    ස්තූතියි මල්ලි.... නගා කෙනෙක් ලබන්න වාසනාව තිබුනා වගේම, කසාද බැඳපු කාලෙක කුළුඳුලේම දුවෙක් ඉපදෙන්න කියලා පතන්නම්...:)

    @හසී,
    බොහොමත්ම ස්තූතියි හසී නගෝ.... අවුරුදු උත්සවයේ බොහෝම බිසී වෙලා හිටියා කියලා දැක්කා පින්තූර වලින්.....!

    @nawammawatha,
    ස්තූතියි නවම් සුභ පැතුම් වලට.

    ඔව් ඔව් පහුගිය දවස්වල නම් හුස්ම ගන්නත් අමතක වෙලා තිබුනේ....:)

    ReplyDelete
  39. @සොඳුරු සිත,
    ස්තූතියි වත් නගෝ සංවේදී සටහනට. ඇත්තටම මගේ ඇස් දෙකට කඳුලක් ආවා කමෙන්ටුව කියවලා.

    අක්ක බබාගේ බලාපොරොත්තුව ඉටු කලාට අයියා බබාගේ බලාපොරොත්තුව නම් ඉටු කරන්න බැරි වේවි....!

    @Bunny,
    හාවො නම් කියයි....! :)

    @නිර්මල ,
    ස්තූතියි මල්ලි....!

    ReplyDelete
  40. @Nadeeka / @Kush,
    ස්තූතියි සුභපැතුමට....!

    @Kasun ,
    ඒකනම් ඇත්ත තමයි මල්ලි. කියාගන්නයි ලියාගන්නයි බැරි තරම් සතුටක් තියෙනවා....

    මුදු අම්මෝ, මාමා කියලනම් කියන්න එපා. (මට මාම කියලා කියනවා අවුරුදු 5 ට වඩා පොඩි බබාලා )

    @මාරයාගේ හෝරාව ,
    ගොඩක්ම ස්තූතියි මාරයෝ, ඔව් ඔව් උඹලට ඉතින් මූණු පොතේදී ගම හාමිනේව හම්බ වෙනවනේ.....!

    ReplyDelete
  41. @blog gadol,
    බොහොමත්ම ස්තූතියි පූස් මල්ලිලාට....!

    @arunishapiro,
    Thank you so much Aruni for your wishes...! Really appreciate it.

    @නිම්ශා ,
    ස්තූතියි නගෝ....!

    ReplyDelete
  42. බොක්කෙන්ම සුභ පතනවා දුමි අයියා...

    දුවෙක් කියන්නේ තාත්තට වගකීම වැඩි වෙනවා....

    ReplyDelete
  43. සුභ පැතුම් දුමී අයියේ... පුත්තුන්ට වඩා තාත්තලට ආදරේ දුවලා ලුනේ...

    ReplyDelete
  44. "දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....!"
    එක නම් සහතික ඇත්ත කතාවක් අය්යෙ.අපෙ තාත්තාත් අපේ අක්කා හම්බ වෙච්ච වෙලවෙ කිරිබත් වත් කැවෙ නැහ ලු..මාව හම්බ උන වෙලවෙ කැවද දන්නෙ නැහැ..හික්..හික්.හැබැය් ඉතින් අක්කය් මමය් දෙන්නම දැන් එකතු තාත්තා එක්ක තමය් අම්ම එක්ක ටත් වඩා..
    ගොඩක් සතුටුය් අය්යෙ..වාසනවන්ත නිරොගී ජීවිතයක් පවුලෙ හමොටම අලුතින් එකතුවෙච්ච පුන්චි පැන්චි එක්ක..
    බ්ලොග් ලියන්න දන්නෙ නැති උනාට හරිම ආසවෙන් බ්ලොග් කියවන්න දන්න න0ගි කෙනෙක් ..

    ReplyDelete
  45. වෙල් ඩන් දුමි අයියා..!

    ReplyDelete
  46. @නචියා ,
    තැන්කූ නචියා...

    දුවෙක් උනත් පුතෙක් උනත් ඒක අම්මටයි තාත්තටයි එක වගේම වග කීමක් තමයි....!

    @Me,
    ඔව් ඔව් එහෙම කියනවා තමයි. හැබැයි මගේ කොල්ලත් මට පන වගේ තමයි. උගේ ලෝකයේ වීරයා මමයි...!

    @Sachi,
    එහෙනං තාත්තා වෙන විදිහක සෙලිබ්‍රේට් කරන්න ඇති අනිවාර්යයෙන්ම. මොකද තාත්ත කෙනෙකුගේ හිතේ දරුවෙකුට ඇති වන ආදරය අම්මා කෙනුකේ ආදරයට දෙවනි නැහැ, හැබැයි ඒක වෙනස්.....!

    ඔය හොඳට සිංහලෙන් ලියන එකේ බ්ලොග් එකකුත් පටන් ගත්තොතින් මොකද වෙන්නෙ ?

    @වැම්පයර් ,
    අනේ බං වැම්පියෝ උඹට කිව්වා කියලා හිතා ගනින්.... :)

    ReplyDelete
  47. අයියෝ... මට මේක මිස් වෙලානේ... දුමී කෙලි පැටික්කිට මගෙනුත් උනුසුම් සුභ පැතුම්... :)

    ReplyDelete
  48. දුමීයා උඹේ වාසනාවන්ත දරු පවුලට හදවතින්ම සුභ පතනවා...

    ReplyDelete
  49. Mage suba pathum Dumee aiye.mata nangy kenek nati eka gana duka hituna.hityanan etat wada duka hitennat tibuna.:D mama oyage blogs okoma kiyawala tiyanawa.oyage writtings niyamai.superb,oyala okkotama Theruwan Saranai

    ReplyDelete
  50. සහෝදරයා, උඹට මගේ උනුසුම් සුභ පැතුම්.....

    ReplyDelete
  51. All the best (Kalubowila) Dhumee and family!!

    Yea that guy who pity men without daughters have nailed it nicely!

    I have 3 and only 1 son. I guess someone will have to pity me when all 3 grows. :-)

    ReplyDelete
  52. වාසනාවන්...
    මගෙ සුභ පැතුම්...

    මටත් මගෙ දුව් ලැමුනාම රටක් රාජ්ජයක් කැබුන වගෙ..
    මට එගැන ලියන්න තෙරෙන්නෙ නැ...
    ජිවිතය සුන්දරද මෙතරම්... නෙද මචං...!!

    ReplyDelete
  53. ම‍ට බුකියෙදී දැන ගන්න ලැබුණා... උඹටත් මුලු පවුලටත් සදා ජය වේවා!!!!

    ReplyDelete
  54. උඹට සුභ පැතුම් හද පතුලෙන්ම. මටනං කියා ගන්න වෙන්නෙ "තුවැනියත් පුතෙක්" කියල තමයි. කොල්ලො තුනක් ගාවට කෙල්ලෙක් අසුභයි කියල මේ පාරින් පස්සෙ නෝන පාර වහනවලු.

    ReplyDelete
  55. සුභ පැතුම් දුමී අයියෙ !.... :D

    ReplyDelete
  56. බොක්කෙන්ම සුබපැතුම් දුමින්ද අයියේ :)

    ReplyDelete
  57. "දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....!"

    යකෝ හදිස්සි කරන්න එපා බන් පොඩ්ඩක් හිටපන් . .

    ලිපිය නම් හරිම සංවේදීයි . . පියෙක්ගේ සෙනෙහසේ තරම හොඳින් දැනෙන්න ලියලා තියෙනවා දුමී.

    ReplyDelete
  58. අනේ මචං මම දැනුයි දැක්කෙ....මගේ උණුසුම් සුබ පැතුම්..... මේක කියවන කොට අවංකවම මගේ ඇස් වලට කඳුලු ආවා.... මටත් ඉන්නෙ දුවලම දෙන්නෙක්..... "දුවෙක් නැති තාත්තෙක් ඉන්නවනම් මට උන් ගැන හරි කණගාටුයි.....!" සහතික ඇත්ත.......

    ReplyDelete
  59. අම්මෝ ප්‍රමාද වෙලයි දැක්කේ. උණුසුම් සුබපැතුම්.. ඇත්තම තමයි දුව කියන්න ගෙදර පත්තු කරපු පානක් වගෙයි.

    ReplyDelete
  60. ඇත්තටම හුඟාක් තාත්තලාගේ සිහිනයක් තමා දුවෙක් ලැබෙනවා නම් කියන එක :)

    ReplyDelete
  61. ඒ වගේම සුභ පැතුම් අයියා. පුංචි පවුලට [පුංචියි කිව්වාට පුංචි නැහැ :))] බුදු සරණයි !!!

    ReplyDelete
  62. උඹේ පෝස්ට් එකක් කියවලා ඇඩුවේ නැතිනම් ඒ පෝස්ට් එක ලියලා තියෙන්නේ උඹ නෙවේ....

    සුපිරියි අයියා....

    මේ අයියේ නරකද පුතුට සෙල්ලම් කරන්න තව මල්ලියෙකුත් ගෙනාවොත්? එතකොට හිතෙයි තවත් අඩුවෙලා තිබ්බ හිස්තැනක් පිරුණා කියලා.....

    වැඩේ නැගලා ගියොත් වොලි බොල් ටීම් දෙකක් දායාද කරමු අපේ රටට...නරකද වැඩේ?

    අහ් අයියේ ඔන්න පුංචි පවුලට උණුසුම් සුභ පැතුම් වගේම පස්දෙනාටම තුරුණුවන්ගේ සරණයි...!!!

    ReplyDelete
  63. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts with Thumbnails