අපේ ඩොකා

Posted by දුමී

මගේ ජීවිතයේ ඉතාමත්ම සුන්දරම කාලය විදිහට මම සලකන්නෙ මම NIBM එකේ ගත කරපු කාලයයි. අවුරුදු එකහමාරක් වූ පරිඝණක පද්ධති සැලසුම් කිරීම සම්භන්ධ ඩිප්ලෝමා කෝස් එක සිංහලෙන් කිව්වොත් "Diploma in Computer System Design", ඉවර කරලා ඊට පස්සෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකට ජොයින් වෙලා තව අවුරුදු එකහමාරක් විතර වැඩ කලා. ජීවිතේටම හරිම අපූරු අත්දැකීම් ගොඩක් එක්කාසු කරගන්න ලැබිච්ච කාලයක් තමා ඒක. පාසල් කාලය ඉවර කරලා වැඩිහිටියෙක් විදිහට සමාජයට පය තබන්න ලබපු පෙර හුරුව තමා අපි NIBM එක තුල ලැබුවේ. ඒකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට තමා ඉස්සෙල්ලාම රැකියාවක් වශයෙන් පඩියක් හම්බ උනේ. 1997 අග භාගයේ ඒ හම්බ වෙච්ච පඩිය රුපියල් 2250. පඩිය ගත්ත ගමන් ඉස්සෙල්ලම කලේ අම්මාට අළුත් ඇඳුමක් අරගත්ත එක. ඒ කාලේ මම ගම හාමිනේ සමග මල් කඩන අවධිය. මට මතක හැටියට එයත් එක්ක ගිහිල්ල තමයි නුගේගොඩින් අපේ අම්මාට ස්කර්ට් එකක් සහ බ්ලවුස් එකක් අරගත්තෙ. ඒත් මට මතක නැහැ මම මොනවද ගම හාමිනේට අරගෙන දුන්නෙ කියලා. ඕං බලන්න ගම හාමිනේටත් මතක නැහැනෙ ඒක. ඊට පස්සෙ මතකයි මම නංගිලා මල්ලිලාට චයිනීස් ෆ්‍රයිඩ් රයිස් අරගෙන ගියා කියලා. කොහොමෙන් කොහොම හරි දවස් දෙකකින් විතර අර පඩිය කුඩේ කුඩු. ඊට පස්සෙ මට තිබුනු මෝටර් බයිසිකල් කබලට පැට්‍රල් ගහන්න ආපහු අම්මගෙන් සල්ලි ඉල්ලන් තමයි ගියේ.

අපිට NIBM එකේදි ගුරු හරු කම් දීපු ගුරුවරු වුනේ ඩොක්ටර් ජයසිරි, කල්‍යාණි මැඩම්, අකාලයේ අප අතරින් වියෝවූ දයාබර බස්නායක මැඩම්, කොලඹගේ සර්, ශ්‍යාමා මැඩම් යන දයාබර ගුරුවරුන්. මේ අතරින් ඉතාමත්ම සොඳුරු ඇදුරු තුමා වුනේ ඩොක්ටර් ජයසිරි මහතායි. NIBM එකේ පරිඝණක අංශයේ අධ්‍යක්ෂක වී සිටියේ ඔහු. රසවත් සාගරයක් වුනු ඩොක්ටර්ගේ ලෙක්චර් එකක් කවුරු හරි මිස් කලේ නම් ඒ ඉතාමත් කලාතුරකින්. NIBM එකේ එදා මෙදා සිටි ශිෂ්‍යයන් ඔහුට පට බැඳ තිබූ ආදරණීය නම වුනේ "ඩොකා" යි. ශරීරයෙන් ඉතාමත් කුඩා මිනිසෙකු වූ එතුමා ඔහුටම ආවේනික වූ මනා පෞරෂයකින් හෙබි සෑම කෙනුගේම ගෞරවාදරයට පත් වූ අයෙක්. එතුමා හා බැඳුනු රසවත් කතා ගොඩක් NIBM එකේ ‘මුඛ පරම්පරාවෙන්’ පැවතගෙන ආවා. මගේ මතකයේ තිබෙන මම අහලා තියෙන කතා කීපයක් තමයි මම අද කියන්න යන්නෙ.

ඉතින් අපේ ඩොකා ලෙක්චර් එකක් දෙන වෙලාවට ඉංග්‍රීසි, සිංහල දෙමළ හැම භාෂාවකින්ම කතා කරනවා. හිටපු ගමන් මුකුත් කියන්නෙ නැතිව අංග චලනය වගේම මුහුනේ විවිද ඉරියව් පාවිච්චි කරලත් උගන්නනවා. මට මතකයි අපිට පලවෙනි දවස් දෙකේ "Introduction to computers" ඉගැන්නුවේ ඩොකා. මදර් මෝඩ් එකක් පෙන්නල අහුව්වාම මේක මොකක්ද කියල ඉතින් ඔය ඉදිරි පේලියේ ඉන්න එකෙක් කිව්ව "සර්, මදර් බෝඩ් එකක් කියලා". ඩොකා නක්කලේට හිනාවක් දාල කියනවා, "කෙහෙම්මල, පෙරියර් බෝඩ්" කියල. ඊට පස්සෙ ඩෝටර් බෝඩ් එකක් පෙන්නල කියනවා "සින්න බෝඩ්" කියල. ඉතින් එදායින් පස්සෙ අපිත් මදර්බෝඩ් වලට කියන්නෙ “පෙරියර් බෝඩ්” සහ ඩෝටර් බෝඩ් වලට “සින්න බෝඩ්” කියලා.

ඉස්සර NIBM එකේ කැන්ටිම තිබුනේ පලවෙනි තට්ටුවේ. මේ ලඟකදි ගිය වෙලාවක තමයි දැක්කෙ දැන්නම් හොඳටම වෙනස් කරලා කැන්ටිම හදල තියෙන්නෙ කලින් ඔඩිටෝරියම් එක තිබුන තැන. අපිට කලින් සීනියර් බැච් එක පටන් ගත්ත කාලේ, ඔන්න පලවෙනි දවසෙ බ්‍රේක් එකේදි පොරක් කැන්ටිමට ගිහිල්ලා පුටුවක ඉඳ ගන්නකොට තව එකෙක් පුටුව උඩින් සෝස් පිඟානක් තියලා. දැන් මුගේ පස්ස පැත්තට වෙඩි තියලා වගේ. ඉතින් පොර ඉක්කමනටම වොෂ් රූම් එකට ගිහිල්ල දැන් මේක දමාගෙන හෝදනවා. ඔය වොෂ් රූම් එකේ අර ‘නම්බර් වන්’ වැඩේ කරන්න හදල තියෙන ඒව පේලිය තිබුනේ පොලොව මට්ටමෙන් උඩ පොඩි කණ්ඩියක් උඩට නගින්න පුළුවන් විදිහට. ඊට විරුද්ධ පැත්තේ තමා සින්ක් එකක් හයි කරලා තිබුනේ කණ්නාඩියක් එක්ක. දැන් ඉතින් මූ අර කණ්ඩියට නැගගෙන සෝස් පිඟාන තියපු එකාගේ මවු පාර්ශවයට හොඳට පිං අනුමෝදං කර කර ලේන්සුවක් පොඟවලා පස්ස පැත්ත පිහිදනවා. අනිත් පැත්ත හැරිලා කණ්නාඩියෙන් පස්ස බල බලා සෝස් අයින් කරනකොට ඒ වෙලාවෙ එතන නම්බර් වන් වැඩේ කර කර හිටිය පොරකගේ උරහිසිට අත තියාගෙන වාරු වෙලා තමයි මූ දැන් මේක කරන්නෙ. ලෝකේ තියෙන ඔක්කොම කුණුහරුප ටික කිය කියා මූ දැන් සෝස් පිහිදාන ගමන් අර වැඩේ ඉවර වෙච්ච එකාට ලේන්සුව දීල කියනවා මචං පොඩ්ඩක් මගේ කලිසම පිහිදපං කියලා. ඉතින් අර පොරත් මුගෙන් ලේන්සුව අරගෙන මුගේ පස්ස ක්ලීන් කරනවා. ටික වෙලාවකට පස්සෙ තමයි මූ දැක්කෙ කණ්නාඩියෙන්, බොලේ මුගේ පස්ස ක්ලීන් කරන්නෙ ඩොකා කියලා. මූ එක පාරටම "අනේ සොරි සර්" කියල ලේන්සුව ඉල්ලගෙන. ඩොකත් ඉතින් නක්කල් හිනාවක් එහෙම දාල ගිහිල්ලා. ඔන්න ඊට පස්සෙ ලෙක්චර් එකට ආපු ගමන් ඩොකා මුළු ඔඩිටෝරියම් එකම එහා කොනේ ඉඳන් මෙහා කොනට සර්ච් පාරක් දානවලු. ඊට පස්සෙ මූව දැක්ක ගමන් . . . "ආහ් . . . හරි මේ ඉන්නෙ" කියල ඌව මාක් කරල තමයි ලෙක්චර් එක පටන් ගන්නෙ. එදා ඉඳන් ඩිප් එක ඉවර වෙනකන් හැමදාම ඩොකා ලෙක්චර් එකකට ආපු ගමන්ම හොයන්නෙ මූවලු. ඉතින් අනිත් එවුනුත් ඩොකා ආපු ගමන් මූ ඉන්න තැන පෙන්නන්න පුරුදු උනාලු. බැරිවෙලා හරි මූ ආපු නැති දවසකට ඩොකා මියුට් මෝඩ් එකෙන් පස්ස පැත්ත පෙන්නලා ක්ලාස් එකෙන් අහනවලු මූ කෝ කියලා. ඔය සිද්ධිය නිසා කොල්ලො මූට කාඩ් එක ගහල තියෙන්නෙ "බැක් ෆයර්ඩ් (Back Fired) " කියලා.

ඩිප් එකේ අන්තිම මොඩියුල් එක තමයි සිස්ටම් ඩිසයින් ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එක කරලා රිපෝට් එක හදලා "වයිවා" දෙන්න ඕනෙ ඩොකාට. මේක තමයි ඉතින් අන්තිම කඩඉම. ඩොක්ටර්ගෙ රූම් එක තිබුනේ NIBM එකේ හතරවෙනි තට්ටුවෙ කොනක. මෙතනට SSC ග්‍රව්න්ඩ් එක නියමෙට පේනවා හරියට ග්‍රව්න්ඩ් එකේ මේන් පැවිලියන් එක වගේ. දවසක් පොරක් වයිවා දෙන්න කියලා ඩොක්ටර්ගෙ රූම් එකට ගිහිල්ල ඉඳ ගත්තලු. ඔන්න ඩොකා ඉන්නවලු පැත්තට පුටුව හරෝගෙනන ග්‍රව්න්ඩ් එක දිහා බලාගෙන. එදා ලංකාව ප්ලේ කරන මැච් එකක් තිබිලා. ඉතින් ඩොකා කොල්ලට කිව්වලු "හා පුතා පටන් ගන්න" කියලා. එහෙම කියන්නෙ ඉතින් ප්‍රොජෙක් එක විස්තර කරන්න කියන එකයි. දැන් ඉතින් කොල්ලත් හිටු කියල කියවගෙන කියවගෙන යනවලු. දැන් ඉතින් කොල්ලත් ඔරේ පිට ගිරව වගේ ප්‍රොජෙක්ට් එක විස්තර කරනව. එකපාරටම ඩොකා,

"හුටා . . . කෙලිය නේද පොල්ලටම . . " කියල කියපි. බැලින්නම් අපේ එකෙක්ගෙ විකට් එකක් ගිහිල්ලා.

දැන් අරූ ෆුල් අඤ්ඤකොරොස් වෙලා මුලයි අගයි දෙකම පැටලිලා. දැන් ඩොකා කියනවා "ඇයි පුතා නැවත්තුවේ ? මතක නැද්ද , හා හා කියපන් කියපන් . . . "

දැන් මූට නවත්තපු තැනත් මතක නෑ .. .ඔන්න ආපහු පොඩ්ඩක් රිවර්ස් එකට ගිහිල්ල ආපහු ගිරව වගේ කියවනවා.

ටික වෙලාවකට පස්සෙ ඩොකා පුටුවෙනුත් නැගිටල,

"ගෙඩිය ගෙඩිය ගෙඩිය . . . .......අතගාල බිම දැම්මනෙ . . " කියපි.

දැන් වයිවා දෙන එකාට පොල්ලෙන් ගැහුව්වා වගේ මේ දාන ඇඩ්වර්ටීස්ට්මන්ට් වලට. හිතා ගන්නත් බැහැ මොකද කරන්නෙ කියලා. ඔන්න පොර ආපහු ටිකක් පස්සට ගිහිල්ල පටන් ගන්නවා. ඔන්න ටික වෙලාවකට පස්සෙ මුගෙ ඩිස්ක්‍රිප්ශන් එක ඉවරයි. ඔන්න දැන් ඩොකා මුගෙන් හිටු කියල ප්‍රශ්න අහනවා. ඔක්කොම අහන්නෙ මූ කියපු දේවල් වලින්. ඒත් මූට මතක නැහැ මූ කියපු දේවල්වත්. ඔන්න ඩොකා කියනවා "පුතා, උඹ ප්‍රොජෙක් එක කාගෙන් හරි කොපියක් ගැහැව්ව නේද ? පලයන් පලයන්, ගිහිල්ල ප්‍රොජෙක් එක හරියට කරගෙන වරෙන්" කියලා. මැච් එක බැලුවත් ඩොකා මූ කියපු හැම වචනයක් නෑරම රෙකෝඩ් කරගෙන තමා ඉඳල තියෙන්නෙ.

ඔන්න තව දවසක් තව එකෙක් වයිවා දෙන්න සෙට් වෙලා. ඉතින් එදා ඩොක්ටර් ලන්ච් එක අරගත්ත ගමන්ම තමයි මූ කාමරේට ගිහිල්ල තියෙන්නෙ. මූ යනකොටත් ඩොක්ටර් කෑම කාල අත පිහිද පිහිද ඉන්නවා. ඉතින් මූ ගිහිල්ල ඉඳගත්ත ගමන්ම ඩොක්ට මේසෙ ලාච්චුවක් ඇරල තඩි ආනමළු ඇවරියක් එලියට අරන් මූට දික් කරලා "ආ පුතා කන්න කෙසෙල් ගෙඩියක්" කියලා. බයේ ගැහි ගැහි වයිවා දෙන්න ආපු එකාට මොන ආනමාළුද ? ඉතින් මූත් කියලා "නෑ සර් එපා තැන්ක් යූ".

"උඹට එපා නම් මම කනවා" කියල ඩොකා ආනමාළු දෙකකටම වග කියලා උණුවතර බෝතලේ අරගෙන කෝප්පෙකට තේකකුත් වක්කරනවා. එහෙම කරන ගමන් ඩොකා කියනවා,

"පුතා මගේ මේ උණුවතුර බෝතලේ තේ ඉක්මනටම නිවෙනවනෙ. මොකද ඒ ?" කියලා.

හීන් දාඩිය දාගෙන වයිවා දෙන්න ආපු එකාගෙන් ඩොකා උණුවතුර බෝතලයක් ගැන අහනවා. දැන් ඉතින් මූටත් මුකුත් නොකිය ඉන්නත් බෑනෙ. ඉතින් පොර සාමන්‍ය දැනීම එහෙම දාල කියනවා,

"ඩොක්ටර්, ඔය බෝතලේ ඇතුලේ සිලින්ඩරේ යට පොඩි වීදුරු බල්බ් එකක් තියෙනවා. මම හිතන්නෙ ඒක කැඩිලා ඇති"

"යට බල්බ් එක ?" . . . . "පලයන් බං යන්න මගේ යට බල්බ් එක හොඳට තියෙනවා. හා කියපන් කියපන්" ඩොකා කියපි.

ඔන්න ඉතින් වයිවා දෙන්න ආපු එකත් උතුර දකුණ මාරු කරගෙන දැන් ගොත ගහනවා.

ඇත්තටම ඩොකා ඒවගේ දේවල් කරන්නෙ ඕන කමින්මයි. ඩොකටර්ගෙ Phd. එක “industrial psychology” ("කාර්මික මනෝ විද්‍යාව ").ඉතින් වයිවා දෙන්න පොරක් කාමරේට එන කොටම ඩොකා දන්නවා මූ හරියට ප්‍රොජෙක් එක කරලද, ගිරවා දාලද නැතිනම් කොප්පෙ ගහලද කියලා. ඉතින් ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩිය පාවිච්චි කරනවා.

ඉතින් ඔය හැම බැච් එකකම ඉන්නවානෙ ලෙක්චරස්ලට ගොට්ට අල්ලන එවුනුත්. ඉතින් අපිට වඩා ජූනියර් බැච් එකකත් හිටියා නිකන්ම නිකන් ගොට්ටෙක් නෙමෙයි, ඉම්පෝටඩ් ගොටු අල්ලන්නෙක්. හැම තැනකම ඉතින් පොර ලකුණු දාගන්නම තමයි බලන්නෙ. මුගේ දින චරියාව පටන්ගන්නෙ උදෙන්ම එන්.අයි.බී.එම් එකට ඇවිල්ලා ඩොකා එන වෙලාවට ඉස්සරහට දුවගෙන ගිහිල්ල "ගූඩ් මෝනින් ඩොක්ටර්" කියන එකෙන් තමයි. දවසක් ඔය ගොට්ට අල්ලන්න ආපු වෙලාවෙ ඩොක්ට මූට කතා කලා. ඊට පස්සෙ ඩොක්ට මුගේ කරට අත එහෙම දාල ටික දුරක් මූත් එක්ක ඇවිදගෙන යනවා. දැන් මූටත් මාර සිරා. ඇයි ඩොකා මුගේ කරටත් අත දාගෙන ඇවිදිනවනෙ. ඉතින් මූ වට පිට එහෙම බල බල අහල පහල ඉන්න අය දිහා ආඩම්බරෙන් බල බල එහෙම යනවා.ඔහොම මුකුත් නොකියා මූත් එක්ක කරට අත දාගෙන ලිෆ්ට් එක ගාවට ඇවිදගෙන ආපු ඩොකා එක පාරටම,

"පුතා, දොස්තරට උනත් _ක දෙන්න එපා !" කියලා ලිෆ්ට් එකට නැගලා යන්න ගියා. හිටපු තැනම ගල් බමුණා වෙච්ච ඌ ඊට පස්සෙ අර ඉම්පෝටඩ් ගොට්ට විකුනලා දැම්ම.


(ප.ලි , මේක හිතුවට වඩා දිග වැඩි උනා. තව රස කතා ටිකක් තියෙනවා NIBM එකේ වෙච්ච. ඒව වෙන පෝස්ට් එකක දාන්නම්. )

29 comments :

  1. අඩා...එල එල අයියෝ,....ලියන විදිහ නම් එල....කොච්චර දිග උනත් කියවගෙන යන්න හිතුනා නෙව..පට්ටයි හොදේ......

    ReplyDelete
  2. පට්ට කතා ටික අයියා. ඒක නෙමෙයි මේ ඩොකා තාම ඉන්නවාද NIBM එකේ ?

    ReplyDelete
  3. අම්මප දුමී අයියෙ ඔයා මේ ලියන ස්ට්‍රයිල් එකනම් පට්ට මාරයි..... කොයි තරම් දිග පෝස්ට් එකක් උනත් ආසාවෙන් කියවගෙන කියවගෙන ගියෑකි. එල එල......ඔහොම යන් ඔහොම යන්..... ඔයාට උන චාටර් දේවල්නම්, ඔයාට උනා කියල එකම පෝස්ට් එකකවත් දැක්කෙ නැහැ. අයියගෙ හැටියට මුකුත්ම නොවුන බුවෙක් වෙන්නත් බැහැනෙ. අනික ආශ්‍රය කොරන්නෙත් පිස්සු බුවාල ටිකක්නෙ......

    ReplyDelete
  4. අර අන්තිම කතාව නම් පට්ටම පට්ට ඕං... ගොට්ටෝ හිතන්නේ දෙන්න දෙන්න ලැබෙනවා කියලනෙ... අන්තිමට ඉතින් නක දී පුසී...

    ReplyDelete
  5. ආහ්..!!!!! දුමී අයියගේ ඔලුවට ඉරපායල නොවැ. මම අදයි දැක්කේ.
    හැමදාමත් වගේ හොදට හිනාවෙන්න පුලුවන් කතාටික.

    ReplyDelete
  6. මරැ කථා සෙට් එක. ඒ වගේම හොද ගුරුතුමෙක්.

    ReplyDelete
  7. @රත්ගමයෝ,
    ස්තුතියි රත් ගමයෝ, තව පොඩ්ඩෙන් මීට වඩා මාගලක් වෙනවා. කතා වලින් ඔය බාගයයි ලිව්වෙ. අනිත් ඒව තව පෝස්ට් එකකින් දාන්නම්.

    @හසිත,
    තෑන්ක් යූ මලේ, ඩොකා රිටායර් උනා 98 දිහාවෙ. එන්.අයි.බී.එම් ඩිප් එක ලංකාවෙ මෙච්චර ප්‍රසිද්ධ උනේ අපේ ඩොකා නිසා.

    @කංචු,
    පිස්සුද කංචුවෝ, මට වෙච්ච ඒව එහෙම ප්‍රසිද්දියේ දානවද ? වෙන කවුරුහරි මං ගැන දන්න එකෙක් බ්ලොග් එකක් පටන් ගන්න කං ඉතින් ඒව සීක්‍රට්.

    @පුතා,
    ඒත් ගොඩ ගිය ගොට්ටොත් නැතුව නෙමෙයි. අපේ ඩොකාත් එක්ක නම් ගොටු බොරු. ප්‍රසිද්දියේ තමයි නෝන්ඩි කරන්නෙ ආපහු ලොවි ගහෙත් නැතිවෙන්න.

    @හිරු ප්‍රභා,
    නගෝ, හඳ පායන්නෙ නැතිව ඉර පායන එක කොච්චර හොඳද ? ස්තූතියි ඇවිත් ගියාට.

    @ගීත්,
    ඔව් මලයෝ, සර් ඇවිත් සිරාම ගුරු තුමෙක් තමයි. එන්.අයි.බී.එම් එකේ ඩොක්ටර්ගෙ කාලේ හිටපු උන් ඩොකාට මාර ආදරෙයි.

    ReplyDelete
  8. macn maxxa.apth nibm thami. aiooooooo dan uba kiyana athal nibm eke naha bn duka thami....

    ReplyDelete
  9. එළ එළ ඩොකාලා ලග ඔහොම ආතල් ඩයල් හෙනම කලාතුරකින් තමයි හම්බ වෙන්නෙ.
    ගොට්ට අල්ලපු එකාටනම් මරු වැඩේ!

    ReplyDelete
  10. රුවන් භාග්‍ය සහෝ කිවුව කතාවට මම එකඟ වෙනවා. මමත් NIBM එකේ දැන් ඩිගිරියෙ අන්තිම හරිය. දැන් NIBM එකේ ඔය වගේ ෆන් වැඩ වෙන්නෙ නැහැ. දුකම තමා..

    ReplyDelete
  11. ඩොකා සර් තමා සර්...පට්ටම පට්ට‍‍‍.....ඩොකා සෑර් දන්නවද දන්නෑ ටී බනිස් වලට හොද කෙහෙල් ගෙඩි වර්ගය? (ඉතින් ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩිය පාවිච්චි කරනවා)
    හික්ස්

    ReplyDelete
  12. අපි නම් ෆන් ගන්නේ ශෝට් ඇන්ඩ් ස්වීට් සිරි අක්ක එක්ක තමයි....
    ඔය ඩොකත් එය වගේද දන්නේ නෑ...දකින්නත් ආසයි...

    ReplyDelete
  13. @Ruwan bhagya,
    ඔව් ඔව්, අපි යන කාලෙත් දුක නොතිබුනා නෙමෙයි. කොහොමත් කෝස් එක කරන්න මාර රැගක් කන්න ඕනෙනෙ. ඒත් ඉතින් ඒකෙ ෆුල් සොමියකුත් තියෙනවනෙ.ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.

    @AmilaArt,
    ඒකනම් ඇත්ත. ගොඩක් ඩොකාල ෆුල් ක්‍රැක් පොරවල් නේ. ඒත් අපේ ඩොක්ටර් නම් සිරාම පොරක් තමයි. ඔය මම කිව්වෙ ඩොකාගේ කියුම් කෙරුම් වලින් මේකෙ ප්‍රසිදිධියේ දාන්න පුළුවන් ඒවා විතරයි. තව ගොඩක් දේවල් තියෙනවා .

    @Uditha Umesh,
    ඩිග්‍රිය වෙනකන් NIBM ඇද්දා කියන්නෙ සෑහෙන්න කාලයක් NIBM එකේ සෙට් වෙලා තියෙනවනෙ. ඉතින් ආතල් එකක් නැහැ කියලා කිව්වොත් නං මම පිලිගන්නෙ නැහැ. හැබැයි ගොඩක්ම ආතල් ගන්න පුළුවං වෙන්නෙ ඉන්ස්ට්‍රක්ටර් බෝඩ් එකට ජොයින් උනොත් තමයි.

    @෴ හසියා ෴ ,
    ටී බනිස් විතරක් නෙමෙයි මලේ, ඕන ගල් බනිස් එහෙකටත් නියම කෙසෙල් ගෙඩිය තෝරල දෙයි.

    @කැන්ඩි... ,
    කැන්ඩි මලේ, කවුද බොලේ "සිරි අක්කා . . . ?"

    ReplyDelete
  14. සමහර ස්ථාන තියෙනව අයියේ..ඒ තැන් වලට ගොඩ වුනාම දැනෙන්නේ ගෙදරට පය තිබ්බ තරම් හිත සතුටු වෙන හිත නිවා සනසවන හැඟීමක්....

    හ්ම්....

    ReplyDelete
  15. @වත්,
    ගොඩක් ස්තූතියි නගෝ උඹේ දයාබර වචන වලට !!

    ReplyDelete
  16. හොල්මන් කතා ඇරෙන්න ඕන කතාවක් ලියන්න, එයිනුත් මේ වගෙ කතා නම් මරු..

    ReplyDelete
  17. @චේජනා,
    නගෝ, මොකෝ අවතාරවලට බයද ? ඒවා නොලිය ඉන්න එක තමයි ඉතින් ඔන්න කොරන්න අමාරුම වැඩේ. ඔය මොකක් හරි ඇත්ත කියල හිතෙන අවතාර කතාවක් දැනගත්ත ගමන් ඉතින් මගේ කට කහනවනේ ඕක කාට හරි කියලා දානකං.

    ReplyDelete
  18. කෝ මේ දුමී අයියා...

    කරදරයක් වෙලාදෝ
    වැඩපොල ගොඩ වෙලාදෝ

    නැත්තම් කටකහන කතා ඉවර වෙලාදෝ....

    ReplyDelete
  19. @වත්,
    නගෝ අර කිව්වැහේ වැඩ රාජකාරි අදිකයි නෙව. ඉස්සරෝටම කලින් මගේ සහ දරු පව්ලගේ බඩ ගෝස්තරේ රැකගන්න එපායෑ. උඹලැහේ ගොඩ වදින්නත් බැරි උනා නෙව පහුගිය දොහේටම. මගේ ඉතින් කට කහන එක නවත්තන්න මේ කපේදි නම් කතා මදි වෙයි ඕං කිව්වා !

    ReplyDelete
  20. අනේ අයියෙ මේ කතාව කියවනකොට අපි ගැන දුකත් හිතෙනව. මම දැන් NIBM එකේ dip එක ඉවරවෙලා higher diploma එක කරනවා. දැන් නම් NIBM ගන්න දෙයක් නෑ. සල්ලි පස්සෙම දුවනවා. බැච් එකට 300ක් විතර පුරොගෙන පවු දෙනව. දැන් MIS ඩිරෙක්ටර් වෙලා ඉන්නෙ කිශානි කියල පිස්සු මගුලක්. ඉන්න ලෙක්චර්ස්ලගෙ ඔලුව ඉදිමිලා (ඒක MIS Division එකට විතරක් පොදු ගැටලුවක්.)

    ReplyDelete
  21. ඩොකාගෙන් පස්සේ පැංචා, ඊට පස්සේ කොළඹය. උන් දෙන්නම ඩොකාගෙ අහලකින් වත් තියන්න බෑ. උඹ මොන බැජ් එකේද? මම 98 මැද බැජ් එකේ

    ReplyDelete
  22. අයියලාගේ කාලේ රස කතා අහනකොට දුකත් හිතෙනවා..
    @chamika කිශානි මැඩම්ට බැනපු එකටනම් කැමති නැ..
    එත් ඉතින් ගුරුවරු ළමයි එක්ක ලොකු පරතරයක් තියනවා .මම ඩිග්රි කරන්නේ ..අපිට නම් ඔහොම කතා කියන්න බැරි වෙයි කවදාවත් ... කල්යානි මඩම් නම් තාමත් හොදයි

    ReplyDelete
  23. මමත් ඔහේ යයි. . කයි. . බොයි. . එයි. .
    අඩේ දුමියා ලොක්කා. .. එන්.අයි.බී.එම් බ්ලොග් සෙටාර් එකක් පටන් ගමු. උඹයි, මමයි, රංගයයි සෙට් එකක්ම ඇත.

    ReplyDelete
  24. ඔව් බන් චාමික දෑන් ඉන්න ලෙක්චරz ලගෙ මාර ඔලුව හදෙන් බහල වගේ,මටනම් සිරා ඩයල් එකකට ඉන්නෙ මOචි විතරයි,කොලොම්බුසුත් ඉඩලා හිටල විසිට් එකක් දාල යනවනේ,පොරත් මරු ඩයල් එක(toyota එකට කඩේ යන්නෙ නෑත්නම්),මට නම් toyota එක ගන අහල එපාම වෙල තියෙන්නෙ

    ReplyDelete
  25. මම මේ පොස්ට් එක කියවන දෙවැනි වතාව, NIBM DCSD,HD, Instructor ඉන්න කලේ ගත්ත ෆන් නම් කියල වැඩක් නැහැ.
    Instructor නම් වෙලාම ඉදලම බලන්න ඕනේ එකේ තියන ෆන් එක.
    Post පොස්ට් එක නම් සිරා අය්යේ,NIBM ගැන තව ලියන්න. අපි බලන් ඉන්නවා කියවන්න :)

    ReplyDelete
  26. කාලෙකට පස්සේ NIBM එක මතක් උනා.මම 92.1 batch එකේ. මටනම් doca කියපුවා තේරුම් ගන්න බැරිඋන හින්ද යාලුවෙක් ගෙන් අහල තමා ඉගේනගත්තේ

    ReplyDelete
  27. // "පුතා, දොස්තරට උනත් _ක දෙන්න එපා !. //

    මේක තමයි දවසේ කියමන !

    උඹ ආපු පාරෙම තමා මාත් ඇවිල්ල තියෙන්නෙ බලං යනකොට ... එකම වෙනස මං DP Aides සහ IDM ගියපු එක.

    ReplyDelete

Related Posts with Thumbnails