මෙඩිකල් ටෙස්ට් සහ අයි ටෙස්ට්

Posted by දුමී

මතකනෙ මම අර අපේ ගම හාමිනේ ලයිසොන් ගත්ත කතාවෙදි කිව්වෙ මම ලයිසොන් එක ගන්න වෙලාවෙ මගේ මෙඩිකල් එක ගන්න ගිහිල්ල වෙච්ච සන්තෑසිය ගැන.ඉතින් මම ආපහු මේ පෝස්ට් එක කියව කියව ඉන්නකොට ඔය මෙඩිකල් ගැන තව කට කහන කතා ටිකක් මතක් උනා. මේකෙන් එකක් මේ මටම වෙච්ච එකක් සහ අනිත් ඒව සුපුරුදු විදිහටම මගේ අති ජාත මිත්‍ර කැලට වෙච්ච ඒවා. හැබැයි මම ඔන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා මීට පස්සෙ ඔය අකරතැබ්බ වෙච්ච යාළුවන්ගෙ සැබෑ නම් හෙලි නොකර සිටීමට. මොකද පහු ගිය ටිකේම මට නිතරම ඉන්ටර්නැෂනල් කෝල් එන්න පටන් ගත්තා පාතාලෙන් "පරිස්සම් වෙලා හිටපන්" කියල. අනික සමහර යාළුවො කෙලින්ම මූනට කියන්න බැරි හින්ද ෆේස් බූක් එකෙන් මැසේජ් එවන්න පටන් ගත්ත "යකෝ තොගෙ කට කහනවං පොල් ලෙල්ලකින් උළාගෙන ඩෙටෝල් ටිකක් දාල හෝදගනින්" කියල. මෙහෙ ඉතින් කොහෙද පොල් ලෙළි හොයන්නෙ කියල උන් හිතන්නෙ නැහැ.

හරි හරි, යමුකො ඉතින් කතාවට. ඉස්සෙල්ලම කියන්න යන්නෙ මගේ යාළුවෙක්ට වෙච්ච සන්තෑසියක් තමා. මම අර කලින් පෝස්ට් එකකදි හෙලි කලානෙ මම අර කලින් වැඩ කරපු කොම්පඤ්ඤ වීදියේ කම්පැණි එක ගැන. ඒකෙ නම ජෝන් කීල්ස් කම්පියුටර් සර්විස් (JKCS). ඉතින් ඕක හරහා තමයි අපි ඔක්කොම ඩුබායි වල එමිරේට්ස් ගුවන් සමාගමේ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට්ස් වලට ආවෙ. ඉතින් මෙහේ දීර්ඝ කාලීන, ඒ කියන්නෙ මාස තුනකට වඩා වැඩි ප්‍රොජෙක්ට්ස් වලට ආවහම රෙසිඩන්ට් වීසා එක අරගෙන තමයි ඉන්න වෙන්නෙ. ඉතින් ඔය රෙසිඩන්ට් වීසා එක නිකන්ම දෙන්නෙ නැහැ. ෆුල් මෙඩිකල් ටෙස්ට් එකක් තියලා ඉහේ සිට පාදාන්තේ දක්වා චෙක් කරලා තමයි මෙඩිකල් එක පාස් කරන්නෙ. ඕකට ඉතින් බ්ලඩ් ටෙස්ට් එකක්, යූරීන් ටෙස්ට්, අයි ටෙස්ට්, චෙස්ට් ටෙස්ට් අර ටෙස්ට්, මේ ටෙස්ට් කියල නා නා ප්‍රකාර ටෙස්ට් ජාති තියෙනවා. ඕක කරන්න යන්න ඕනෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට. ඉතින් ඔතනට හැම ජාතියේම ඒ කියන්නෙ පාර අතුගාන්න ආපු කම්කරුවගේ ඉඳන් දොස්තර වැඩේට මෙහෙ ආපු එකාට වෙනකන් එනවා. ගොඩක්ම එන්නෙ ඉතින් ඔය ලේබර් කැටගරියෙ බුවාලා තමයි. ඉතින් ඉස්පිරිතාලෙන් උනත් හැමෝටම සලකන්නෙ එකම විදිහට. උන්ට වැඩක් නැහැ මේකා ලේබරයෙක්ද නැතිනම් ඉන්ජෙක්ද, නැතිනම් ඩොකෙක්ද කියලා. ඉස්පිරිතාලේ ඉන්න බල්ලගෙ ඉඳන් හැම එකාගෙම ආඩම්බර බලන්න වෙනවා ඉතින් ඔතනට ගියහම.

ඔන්න මගේ යාළුවෙක් හිටිය ඉන්ද්‍රජිත් කියලා. අපි ඌට කියන්නෙ ඉන්ද්‍රා කියලා. ඉතින් ඉන්ද්‍රත් දැන් ඩුබායි ඇවිල්ලා හා හා පුරා කියලා මෙඩිකල් යන්න තමයි ලෑස්තිය. එකම අවුල තියෙන්නෙ මූ ඉන්ජෙක්ෂන් කටු වලට චූ යන්න බයයි. ටී වී එකේ කාට හරි ඉන්ජෙක්ෂන් එකක් හැහුවත් මූට කලන්තෙ හැදෙනවා.

ඉතින් බයෙන් බයෙන් මූත් මෙඩිකල් එකට ගිහිල්ල ආවා කියමුකො. ඔන්න ඊට පස්සෙ කට්ටිය ඇහුවහම "මොකද මචං උනේ" කියලා මූ ඇවිල්ල විස්තරේ කියනවා.

"බලහං මචන්, ඌ කටුව ගැහුව විතරක් නෙමෙයි බං මට පයිනුත් ගැහුවා" කියලා.

බලනකොට මොකද වෙලා තියෙන්නෙ මූ ලේ ගන්න තැනට ගිහිල්ල වාඩිවෙලා අත දෙන්නෙ නැතුව අත කකුල් දෙක අස්සෙ ගහන් ඉන්නවලු බයට. ලේ ගන්න පොර මොකද කරල තියෙන්නෙ බැරිම තැන උගේ කකුල් දෙකට පයිං පාරක් ගහල කකුල් දෙක ඈත් කරගෙන මුගේ අත ඇදල අරන් බලෙන්ම කටුව ගහල ලේ අරගෙන.

ඔන්න ඊට පස්සෙ මූට තිබිලා තියෙන්නෙ යූරීන් ටෙස්ට් එක කරන්න. පොර ඊට පස්සෙ තිබුන යූරීන් සාම්පල් ගන්න කාමරේට ගියහම පොඩි කන්ටේනර් එකක් දීලා කිව්වළු අර ටොයිලට් එකට ගිහිල්ල මේකට යූරීන් දාන්න කියලා. ඔන්න ඉන්ද්‍රත් පොඩි ප්ලාස්ටික් කන්ටේනර් එකත් අරගෙන ඇතුලට ගිහිලා ආපහු ආවලු ඒත් කන්ටේනර් එක හිස්ලු. ඉතින් යූරීන් සාම්ප්ලෙ ගන්න පොර ඇහුවලු මොකද සාම්පල් එක ගෙනාවෙ නැත්තෙ කියලා. ඒ පාර ඉන්ද්‍ර කියනවලු,

"නෑ මේකට දාන්න ඕන උනේ නැහැ එක ඇතුලේ කොමඩ් එකක් තියෙනවා" කියලා.

ඔන්න පස්සෙ සාම්පල් කලෙක්ට් කරන එකාටත් මල පැනල කිව්වලු හොඳට වතුර බීල ආපහු මේක පුරෝගෙන එන්න කියලා. ඉතින් ඉන්ද්‍රත් මොකද කරල තියෙන්නෙ වතුර ලීටර් එකක් විතර බීල ටික වෙලාවක් ඉඳල කොහොම හරි සාම්පල් එක දීල ඇවිල්ලා. හොඳම හරිය වෙලා තියෙන්නෙ මෙඩිකල් රිපෝට් එක ආපුවහම රිපෝට් එකේ තියෙනවලු මූට දිය වැඩියාව කියලා. ඔන්න දැන් ඉන්ද්‍රට යකා නැගලා මූ බනිනවලු අර ක්ලිනික් එකේ එකාට, නෑ බං "අරූ තමයි කිව්වෙ මට වතුර බෝතලයක් බීල සාම්පල් එක පුරවන්න” කියලා. මූ හිතන්නෙ වතුර ගොඩක් බීපු හින්ද රිපෝට් එකේ "දිය වැඩියාව" කියල පෙන්නුවා කියලා. බලාගෙන යනකොට ක්ලිනික් එකේදි සාම්පල් එක මාරු වෙලාද කොහෙද අපේ ඉන්ද්‍රා කරපු බුල් සීන් එක නිසා. පස්සෙ ඉතින් කොහොමෙන් කොහොම හරි දෙවනි පාර මෙඩිකල් එකකුත් කරාට පස්සෙ ටෙස්ට් එක නෝමල් කියලා ආවලු.

මේක උනේ මම ඔතන මෙඩිකල් එකට ගිය දවසෙ. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම කරන්නෙ ඇස් ටෙස්ට් කරන එක. මේකෙදි ඇස් දෙක හොඳට පේනවද කියලා විතරක් නෙමෙයි කලර් බ්ලයින්ඩ්ද කියලත් ටෙස්ට් කරනවා. මේක කරන්නෙ මේ ඔය උඩින් පෙන්නල තියෙනවා වගේ එක එක පාටෙන් තියෙන රූප පෙන්නල අහනව මේකෙ තියෙන රූප මොනවද කියලා. ඉතින් සමහර කලර් බ්ලයින්ඩ් තියෙන අයට පේන්නෙ නැහැ මේකෙ තියෙන ඉලක්කම් හරි රූප හරි, මොකද ඒ ගොල්ලන්ට සමහර වර්ණ අනිත් වර්ණත් එක්ක වෙන් කරල හඳුන ගන්න බැරි නිසා. ඔය රූප ටික තියෙන පොඩි පොතකින් පෙරළ පෙරළ තමයි ඩොකා අහන්නෙ. එක එක රූප වලින් වෙනස් වෙනස් වර්ණ අන්ධතා හොයා ගන්න පුළුවං. පොතේ අන්තිම හරියෙ හරියට තියෙනවා විස්තර කරලා, දෙන උත්තරේ හැටියට උත්තරේ හරිද එහෙම නැතිනම් මොකක් හරි වර්ණ අන්ධතාවයක් එහෙම තියෙනවද කියලා.

ඔන්න ඉතින් මටත් ඩොකා එක එක රූප පෙන්න පෙන්න අහනව මේකෙ තියෙන්නෙ මොනවද කියලා. මමත් ඉතින් කිසි ගේමක් නැතිව උත්තර දෙනවා. ඔහොම චෙක් කරන ගමන් ඩොකා මට රූපයක් පෙන්නල අහනවා මේකෙ තියෙන්නෙ මොකක්ද කියලා. ඒකෙ ඇත්තටම තිබුනේ නිකන් නයෙක් ගියා වගේ රූපයක්. මම එහෙම කිව්වහම ඔන්න ඩොකා ඒක පිළිගන්නෙ නැහැ. ඊට පස්සෙ පොර කියනව මට ඇඟිල්ල රූපේ උඩින් අරගෙන ගිහිල්ල පෙන්නන්න කියලා. මමත් ඉතින් රූපේ උඩින් ඇඟිල්ල අරගෙන ගිහිල්ල පෙන්නුවා. ඒත් පොරට විශ්වාස නැහැ.පස්සෙ ඔන්න ඩොකා පොතේ පිටි පස්ස පෙරලල බැලුවා මම කිව්වා හරිද කියලා. බලනකොට මම පෙන්නුවා හරි. බලාගෙන යනකොට ඒ ඩොකා කලර් බ්ලයින්ඩ්. ඌට පේන්නෙ එකෙ වෙන රූපයක්.

ඉතින් ඔහොම ටික කාලයක් ගියහම අපේ එවුන් එකා දෙනා මෙහේ ඩ්‍රයිවින් ලයිසන් ගන්න සෙට් උනා. මෙහේ ලයිසන් ගන්නව කියන්නෙ ඉතින් ඩිග්‍රියක් ගහනවාටත් වඩා අමාරු වැඩක් තමයි. නිකන් ආවට ගියාට ලයිසන් දෙන්නෙ නැහැ. මාරම වියදමකුයි කාලයකුයි ඒකට යනවා. ඉස්සෙල්ලාම පිලිගත් රියදුරු පුහුණු පාසලකින් පුහුණු වෙන්නම ඕනෙ. ඊට පස්සෙ සිග්නල් ටෙස්ට් එකක්, මාර්ග නීති ටෙස්ට් , පාකින් ටෙස්ට් එහෙම කරල පාස් උනහම තමයි අන්තිම ට්‍රයල් එක කරන්නෙ දෙන්නෙ. මෙහෙ ට්‍රයල් ටෙස්ට් කරන්නෙ පොලිසියෙන්. එහෙමත් එක්කෙනෙක් තමයි මේක ලේසියෙන් පාස් වෙන්නෙ. ගොඩක් වෙලාවට කාර් එකක් ගන්න යන සල්ලි වලට වඩා වැඩි සල්ලි යනවා ලයිසන් එක අරගෙන ඉවර වෙනකොට. මේගේ යාළුවෙක් 14 පාරක් ට්‍රයල් ගිහිල්ල තමයි මෙහෙ ඩ්‍රයිවින් ටෙස්ට් එක පාස් උනේ. හොඳේ කියන්නෙ ඉස්සර ලංකාවෙ ඉන්නකොට ඌ නුවර එළියෙ කාර් රේස් හිටන් පැදපු එකෙක්.

ඔන්න ඉතින් ලයිසන් ගන්න රෙජිස්ටර් වෙනකොටත් මෙහෙ ‘අයි ටෙස්’ට් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. මේක ඉතින් ගොඩක් වෙලාවට කරන්නෙ ඩ්‍රයිවින් ඉගෙන ගන්න යන ඉන්ස්ටිටියුට් එකෙන්ම තමා.

ඔන්න ඉතින් මගෙ තව යාළුවෙක් ගියා ලයිසන් එකට රෙජිස්ටර් වෙන්න කියලා. කොහොමත් මූ කණ්නාඩි එහෙම දාන පොරක්. ඉතින් ඔන්න ඉන්ස්ටිටියුට් එකෙන් මුගේ ඇස් ටෙස්ට් කරලා. මූ එනවා මූන මළ ගෙයක් වගේ කරගෙන. ඉතින් අපි ඇහුවා "මොකෝ මචං උනේ" කියලා

මෙන්න මූ ඉඳන් කියනවා, "මචං උං ටෙස්ට් කරල කිව්ව මචං මගෙ ටෙස්ටිකල් දෙක අප්සෙට් කියලා, ඒක මාරු කරගෙන එන්න කිව්ව" කියලා.

අපි නිකන් අඤ්ඤොකොරොස් වෙලා ඇහුවා "මොකක් බං, මොකක් අප්සෙට් කිව්වා ?"

“ඔව් බං අර ටෙස්ට් කරපු පිලිපිනෝ කෙල්ල අර අන්වීක්ෂයක් වගේ එකකින් බලල තමයි කිව්වෙ මගේ ටෙස්ටිකල් දෙක අප්සෙට් කියල.” මූත් දැන් කියවනවා.

පස්සෙ තමයි අපිට ක්ලික් උනේ මූට කියල තියෙන්නෙ "ස්පෙක්ටකල්ස් (කණ්නාඩි ) දෙක අප්සෙට්" කියලා. කලබල වෙච්ච පාරට මූට ස්පෙක්ටකලුයි ටෙස්ටිකලුයි පැටලිලා.

34 comments :

  1. වැරදිලාවත් අර කියපු දෙක මාරුකරං එන්න ගියානම් තමයි හෙන කේස් එකක් වෙන්නේ...

    ReplyDelete
  2. මගුලයි,ඉතින් මූ ඒ දෙක මොකේකටද මාරු කර ගත්තේ?

    ReplyDelete
  3. මරු කතා ටික අය්යේ.......!!! :D
    ඔන්න ඉතින් දුමී අය්යගෙ කතා අහද්දි අපටත් ඔය මෙඩිකල් කතා මතක්වෙලා කට කහනවලු. එකක් සියලු දෙනාට බලාගන්න මෙතන දාන්නන්.
    ලංකාවේ කැම්පස් වලට සිසුන් විදිහට මුලින්ම ඇතුල්වෙද්දි මෙඩිකල් ටෙස්ට් එකක් තියනවනෙ. අනිත් කැම්පස් වල නන් කොහොමද දන්නෙ නැහැ. අපේ කැම්පස් එකේ නන් ඕක තිබ්බෙ ඇතුලෙම තියන මෙඩිකල් සෙන්ටර් එකේ. ඔය අනන් මනන් හැමදේම ටෙස්ට්කරනව. ඔක්කොම ටෙස්ට් කරලා පිරිමි පාර්ශවයට තිබ්බ විශේෂ ටෙස්ට් එකක්. ඩොකා (පිරිමි ඩොකෙක්) ඉන්න කාමරයට ගිහින් කලිසම ගලවලා කහින්ඩ ඕනේ. මේක මේ හර්නියා තියනවද බලන්ඩ කරන ටෙස්ට් එකක්ද කොහෙද(හරියටම ෂුවර් නෑ). ඉතින් ඩොකා කාමරේ පුටුවක ඉදන් ඉන්නව. කට්ටිය පෝලිමේ ගිහින් කැහැලා එන්න ඔනේ. ඉතින් ඔන්න අපේ එක පොරක් ඕකට ගියාලු. ගිහින් කලිසම පහලට දාලා බලන් ඉන්නවලු.
    එතකොට ඩොකා කිව්වලු "හා දැන් කහින්ඩ" කියලා.
    අපේ පොරට ඒක ඇහිලා තියෙන්නෙ ඉස්පිල්ලක් අඩුවෙලා. ඉතින් මිනිහ එක පාරටම අදාල ස්ථානය "කහන්ඩ" පටන්ගත්තලු. ඩොකාට හොඳටම තදවුනා කියලයි ආරන්චිය :)
    (මේක ඇත්තටම සිද්ද උනාද කියන්ඩ නන් දන්නෙ නෑ. කටින් කට ගියපු කතාවක් නිසා ;) )

    ReplyDelete
  4. එළ කතා ටික අයියෙ...

    අර අහවල් එක මාරු කරගත්තනම් තමා වැඩේ නේද ?
    හික්ස්...

    ReplyDelete
  5. appata siri.. araka maru karagaththanam ithin.. :D

    ReplyDelete
  6. මෙ පාර නම් බොරු ඒවාද..?

    ~සියල්ලන්ගේම දැන ගැනීම පිණිසයි..~
    දුමියා නම් මාරු කර දමා ඇත.

    ඉන්ද්‍රජිත් සහ දුමී යන නම් දෙක මාරු කරගත් විට සිදුවීම්වලට අදාළ තැනැත්තන් හෙළි වෙ..
    හිහ්

    ReplyDelete
  7. ඇති ඔයින් ගියා. හිත්ස්.....
    ඒ වගේම මෙ ලිපියෙන් ඒ පැත්තේ දේවල් ගොඩක් දැන් ගත්තා.

    ReplyDelete
  8. හික්ස්...මරු කතාව නොවැ! අර දෙක මාරු වුණානං තමයි වැඩේ!!!:)

    ReplyDelete
  9. හායි මට මම හරි අාසාෙවන් ෙමිව කියවන්ෙන. අෙප් කැමිප් ඒෙක් අනිත් අයට මම ෙමිවා පිරින්ටි කරල කියවන්න ෙදනවා. උන් බඩ අල්ලන් හිනා ෙවනවා. තැන්ක්ස් මචංලා ඔක්ෙකා්ටම...

    ReplyDelete
  10. ඔය චමිල අයියා ගිය කැම්පස් එකටම තමයි මාත් ගියෙ. ඉට කලින් කවුරුත් ඉස්සරා කලිසම ගලොලා එලියට දාලා තිබුනෙම නැහැ මම. මොනවා කරන්නද ඩොකා වයස 50 ක විතර එකක්. මුකුත් නැහැ ලැජ්ජාවෙ බැහැ. අපෙ කොල්ලෙක් හිටියා සුදුම සුදුයි. ඌ එදා ඇතුලට ගිහින් එද්දි රතුම රතු වෙලා අවේ එලියට.
    ඔය ටෙස්ටිස් කියද්දි මට මතක් උණෙ දවසක් අපෙ එකෙක් ඩොකා ලගට ගිහින්.. ඩොක්ට මගෙ හිස්තැනක් එන්න එතන ගෙඩියක් ඇවිල්ලා තියනවා. කියලා
    ...

    දුමි අයියා ෆුල් ෆන් එකෙ ඉන්න පොරක් නෙද.. හා හා :D

    ReplyDelete
  11. පට්ටම කතා ටික නොවැ දුමියො... කියන්නෙ උබත් ලියනව සියලු සිත් තැවුල් දුරු වෙන්නම...

    ඕකනෙ කියන්නේ කාට බොරු කරත් මාරයට බොරු බැහයි කියල... උබට නේද උනේ ඔව්ව හි හි

    ReplyDelete
  12. දුමියෝ... අයියේ... අයිය දැන් ඉන්න රටේ පොල් නැතෙයි..

    ReplyDelete
  13. දුමී අය්යෙ, ඔයා කාගෙවත් නම නොකියන්න තරම් බය වුණේ අර වංසෙ එළිවුණාට පස්සෙ වෙන්න ඇති නෙ...

    ReplyDelete
  14. දුමි,සිනා සි පිස්සුවට වගේ එනවා ඕයි!!!!! හොඳම කේස් එක තමා ඉන්ද්‍රජිත් සහ දුමී යන නම් දෙක මාරු වෙච්ච කේස් එක මාරයා කියන්නැහේ.

    ආ........... අර පිටුවෙ පින්තුර හොයලා කියන්න ඕන කේස් එක​ට, ඈස් පරිස්සනේට මමත් මුණ දුන්නා කුරුලු හමුදා ඉන්ටවිව් එකේදි.....

    හැබැයි අපිට බලන්න ගොඩක් වෙලා දෙන්නැ.. පෙරලගෙන පෙරලගෙන යනවා උන්. අපිත් කියාගෙන කියාගෙන යන්න ඕනැ්‍.....

    ReplyDelete
  15. @sameerausa /
    @sithuwilimandiya /
    @sansarasidu /
    @වැම්පයර් /
    @blog gadol,

    අපිටත් මුලදී ක්ලික් උනේ නෑ මූ මොකක්ද කියන්නෙ කියලා. දෙවනි පාර කියද්දි තමයි ක්ලික් උනේ හරියටම. ඉතින් අපේ බඩවල් ඉතුරු නොවෙන්නම කොර වෙලා ගියා. වැඩියෙමත් ඌට ඒක කියල තියෙන්නෙ අන්වීක්ෂයෙන් බලල නිසා.

    @චමිල,
    ස්තූතියි මලයෝ දාපු අතුරු කතාවට. ඒකත් නියම කතාවක්. හිනා කාල පණ යනවා.

    ReplyDelete
  16. @මාරයා,

    මම කිව්වනේ පටන් ගන්නකොටම මේ පාර සෞඛ්‍යය හේතූන් මත මනඃකල්පිත නම් තමා දාන්නේ කියලා. හරි හරි උඹලත් ඉතින් මම වගේම බලාගෙන ඉන්නෙ යාළුවෙක්ට මොකක් හරි හුටස්පටයක් වෙනකන්නෙ බ්ලොග් ලියන්න. හා හා එහෙනං මගේ නම දාගෙන කියවහංකො. එතකොටනෙ ආතල් එක වැඩි . . . හිහ් හිහි හිහ්

    ReplyDelete
  17. @priyantha,
    බුදු අම්මේ ප්‍රියන්ත මලේ ඔය මම කියපුවගෙන් විතරක් මේ පැත්තෙ විස්තර මවා ගන්න එපා. මේ චූටිම චූටි පැති කඩක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනවා.

    ReplyDelete
  18. @piyal,
    ගොඩක්ම සංතෝසයි ඔබ සැම අපේ බ්ලොග් කියවලා සතුටක් ලබනවායැයි දැන ගැනීම. අපි හැමෝම ඔබ සියළු දෙනාටම සදා ණය ගැතියි අපේ රටට කරපු විශිෂ්ට සේවයට. ඒක අපේ පරම්පරා ගානකට උනත් කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි ණයක්.

    ReplyDelete
  19. @රවා,
    හෆොයි මලේ උඹ හිතපන් ඩොකාගෙ පැත්තෙන් ඌට කොහොම හිතෙනවා ඇතිද කියලා. ඌට හැමදාම සංසාරෙ එපා වෙනවා ඇති එක එක සයිස් එකේ ඝණ්ටාර බලලම.

    "පොඩ්ඩක් වෙන්න හිනා කරදර ඉවත දමා" . . . අපි හැමෝටම කරදර, දුක්ඛ දෝමනස් එමටයි මලේ. ඒත් ධනාත්මකව හිතනවනම් ජීවිතය සුන්දරව විඳින්න පුළුවං. අපේ ඇස් වලටත් කදුළු උණන වෙලාවල් ගොඩක් තියෙනවා මේ ජීවිත ගමනෙදි. ඉතින් පුළුවං හැම වෙලාවෙම අපිත් හිනාවෙලා අනිත් අයවත් හිනස්සන්න පුළුවන්නම් කොච්චර අගෙයිද ? නේද ?

    ReplyDelete
  20. @පිස්සා,
    ස්තූතියි මචෝ සුපුරුදු ලෙංගතු වචන වලට.

    හරි හරි මගේ නම දාගෙන කියවහන්කො, වැඩිපුර හිනා යන්නෙ එහෙම නං . . . !

    ReplyDelete
  21. @වත්,

    පොල්නම් ඇති සැටියේ තියෙනවා නගෝ . . . ඒත් කොහෙ තියෙන පොල් ලෙළිද ? මෙහෙ තියෙන්නෙ ඉතින් රට ඉඳි ලෙළි තමයි.

    සුභපැතුම් මගෙන් අවුරුද්දක බ්ලොග් කරණය සපිරියාට !

    ReplyDelete
  22. @චේජනා,

    මගෙ බ්ලොග් එක කියවන අය ඉතින් මගේ වන්සෙ ගැන දන්නවානෙ . . . හිහ් හිහ් . . . පාතාලෙන් බේරෙන්න තමයි දැන් හරි නම් දාන එක නැවැත්තුවෙ.

    @බුද්ධි,
    අර කලින් කිව්වත් වගේ මගෙ නම ආදේස කොරගෙන කියෙව්වට කාරි නැහැ ඉතින් එහෙම රසය වැඩි නම් . . . හිහිහිහ්,

    ඔව් ඉතින් උඹල ඉගිල්ලෙනකොට හරියට පාට පේන්න එපැයි . . . රතු පාට ලයිට් එක කොල පාටට පෙනුනොත් ඉතින් ගොඩම තමයි . . . !

    ReplyDelete
  23. අනේ බන් දුමියෝ මම මෙහේ ආවට පස්සේ අපිට තිබුනු මෙඩිකල් ටෙස්ට් එකේ තිබුනේ පපුව හොඳද කියලා බලන්න ඇක්ස්-රේ එකක් ගනන් එකයි වෙන වෙන ලෙඩ තියෙනවද බලන්න ලේ සාම්පයලක් ගන්න එකයි විතරයි හොඳ වෙලාවට.

    මගේ නම් ඒත් පපුව හොඳයි කියලා එතන හිටපු එකා මූන දිහා බලලා තීරණය කරපු නිසා මට වුනේ ලේ එකක් දෙන්න විතරයි.

    මමත් උඹේ යාලුවා වගේ කටු ගහනකොට චූ යන ජාතියේ එකෙක් නිසා ලේ ගන්න පොරට අත දීලා ඇස් දෙක තද කරලා වහගෙන හිටියා ඕ පූ කියලා . . .

    අහ් අර යාලුවා පව්නේ බන් . . අර කිව්ව ජාති ගලවලා දුන්න නම් එහෙම මල කෙලියයි . . . මෙතන ආපු අය එක එක කතන්දර කිව්වට මේක උඹාට වෙච්චි දෙයක් කියලා උඹේ ගෙදර ඇවිත් උඹේ දරුවන්ගේ සුරතල් බලන මම නම් කියන්නෙ නෑ උඹ එව්ව ගලෝලා පිලිපීන් කෙල්ලට දුන්නා කියලා . .. හික්ස්

    ReplyDelete
  24. නියමයි දුමී අයිය.....
    පට්ට කතා ටික......
    බලාගෙන ගියහම දුමී අයිය අශ්‍රය කොරල තියෙන්නෙ පිස්සු බුවාල ටිකක්නෙ. එහෙම අය අශ්‍රය කොරන්න දුමී අයියත් ඉතින් පිස්සු බුවෙක් වෙන්න් එපැයි. එහෙම බැලුවහම යහළුවන්ගෙ නියම නම නොදැමීම ගැන මෙහෙමත් හිතෙනව.
    "මින් පස්සෙ අපේ නම් අපිට මඩ ගහල බ්ලොග් ලිවුවොත් උඹේ චාටර්ම චාටර් සිද්ධි ටික දාල බ්ලොග් එකක් හදනව අපි" කියල කවුරු හරි තර්ජනය කරල තියෙන පාටයි .

    ReplyDelete
  25. මෙහෙම වෙන්නත් පුලුවන් හැබැයි..... දුමී අයියට උන සිද්ධි ටික වෙන වෙන නම් දාල ලියල ඉවර වෙලාම යාළුවන්ගෙ ඇත්ත නම් දාල මඩ ගහන්න බලාගෙන ඉන්නවද දන්නෙ නැහැ. මේ කාරනා දෙකෙන් කෝකද හැබෑට දැන් සිද්ධ වෙන්නෙ ඈ....?

    ReplyDelete
  26. හික් හික් හික්...
    :D

    ReplyDelete
  27. මචං උඹ ගිහින් ඩොකාට කලර් බ්ලයින්ඩ්නස් ටෙස්ට් එක කරපු සීන් එක නම් මරේ මරු...

    ReplyDelete
  28. ඔන්න මගේ යාළුවෙක් හිටිය ඉන්ද්‍රජිත් කියලා.

    මේ ඇත්ත නම නෙමෙයිද?

    ReplyDelete
  29. නියමයි....ඔහොම යං....

    ReplyDelete
  30. නියමයි අයියෙ

    අයියෙ එදා එක්සිබිශන් එකට යන්න කලින් සුනේත්‍රා රජකරුණානායක මහත්මියගෙ පොත ගැන කිව්වට අම්බානටම තෑන්ක්ස්...අයිය දෙයියෙක් නෙම දේවාලයක්

    ReplyDelete
  31. නියම කතා ටික...............

    ReplyDelete
  32. නියම කතා සෙට් එකනේ දුමී අයියා. කියවලා ඇති වෙන්නම හිනා උනා. ඉතින් ඊට පස්සේ අර යාලුවා ස්පෙක්ටකල්ස් දෙක මාරු කලේ එහෙම නැද්ද ?

    ReplyDelete

Related Posts with Thumbnails