ලංකාව 2015 - ( පළමු කොටස )

Posted by දුමී

ගුවන් යානය මගී පර්යන්ථයෙන් හෙමිහිට පසු පසට ඇදෙන්නට පටන් ගත්තේ තව මොහොතකින් පවනට බඳු වේගයෙන් අහස් කුස වෙත ඉගිලෙන්න නියමිත බව පසක් කරමින්ය. ගුවන් යානය තුල කවුළුවක් අසල අසුන් ගෙන සිටි දුමී අවසන් වරටත් කවුළුව තුලින් පිටතට යොමා ගත් දෙනෙතින් සිටී. කාන්තාරයට 'වසන්තය' නොහොත් සමර් කාලය වූයෙන් මූණට වැටෙනුයේ සම දැවී යන තරමේ රස්නයකි. කාන්තාරයේ වසන්තයේ තරම පෙන්නන දූවිලි රොටු කැරකි කැරකි ඉහලට නගින්නේ ගුවන් යානයට තනි රකින්නාක් මෙනි.පහුගිය අවුරුදු බර ගානෙම දුමී හිටියේ අරාබි කරයේයි. එහි යෙදුනු රැකියාවෙන් තව දුරත් ජීවත් විය නොහැකි ලෙසට කරුණු කාරණා යෙදී තිබේ. එය සිතේ සියුම් සතුටක්ද ගෙන දෙයි. රුපියලට සාපේක්ෂව ඩොලරය සෑහෙන්න අව ප්‍රමාණය වී ඇත. මෙයට අවුරුදු පහ හයකට පෙර ඩොලරයකට රුපියල් එකසිය දොලහක් ගෙවන කල කිසිදා එය අනිත් පැත්තට කැරකේ යැයි හීනෙන් වුවද නොසිතුවේ යැයි දුමීට මතකය.

යානය තුල පුවත් පත් බෙදමින් සිටි ගුවන් සේවිකාවකගෙන් පුවත් පතක් ලබා ගත් දුමී මුල් පිටුව වෙත දෑස් යොමු කලෙන්, එහි වූ ප්‍රධාන පුවත් සිරස් තලය වඩාත් උනන්දුවෙන් කියවීය.

"සෞදි රජයේ රෝහලේ සැත් කමකින් ඇණ කිලෝ බාගයක් ඉවත් කරයි" ලෙස එය කියවිනි.

"ලංකාවේ රැකියාවක් සඳහා ගොස් සිටි සෞදි අරාබි ජාතිකයෙකුගේ පස්ස පැත්තේ ගසා තිබූ යකඩ ඇණ කිලෝ බාගයක් පමණ සෞදි අරාබියේ රජයේ රෝහල මගින් කෙරුණු ශල්‍යය කර්මයක් මගින් ඉවත් කරන ලදී."

ඒ විස්තරයට යටින් තිබුනේ ඉවත් කෙරුණු තඩි පරාල ඇන රැසකගේ ඡායා රූපයක්ය.

"ඇණ ගහපු එකා පරාල ඇණම ගහල තියෙනවා" . . දුමී තමාටම කියා ගත්තේය.

මීට අවුරුදු ගාණකට කලින් මේ වගේම ඇණ ගහපු කතාවක් දුමී පත්තරවලින් කියෙව්වා යැයි දුමීට යන්තම් මතක තිබේ. නමුත් එය නිච්චියටම කුමක්දැයි නම් දුමීට මතක නැත.

"පස්ස පැත්තට ඇණ ගසා ගත්තේ සෞදි ජාතිකයාමය - සෞදි විශ්ව විද්‍යාල ඇදුරෙක් පවසයි". තරමක් යටින් වූ උප සිරස්තලයකින් කියවෙයි.

"මේක අප දෙරට අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය කඩා කප්පල් කිරීම සඳහා විරුද්ධවාදීන් දියත් කල කුමන්ත්‍රණයක්" සෞදි විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශක් උපුටා දක්වමින් පල කෙරුණු තවත් ප්‍රවෘතියක්.

"මේ සිද්ධිය ගැන අපි ශ්‍රී ලංකා රජයෙන් සමාව අයදින අතර පස්ස පැත්තේ ඇණ ගසාගත් බව ඔප්පු උවහොත් මොහු හිස ගසා මරා දමා යුක්තිය ඉෂ්ඨ කරන බවත් දිවුරා පොරොන්දු වෙමි" පුවත නැවතත් ඔහුව උපුට උපුටා දක්වයි.

පුවත් පතෙන් දෑස් ඉවතට ගත් දුමී දූවිලි කපාගෙන ඉහල අහසට ඇදෙන ගුවන් යානයේ කවුළුව තුලින් නැවතත් දෑස් යොමු කලේ කල්පනාවකට නිමග්න වෙමිනි.

සෞදි අරාබියේ තෙල් සම්පත නැත්තටම නැතිවී ගියේ මින් අවුරුදු දෙක තුනකට පෙරදීය. අනිකුත් අරාබි රටවල් වලටද නුදුරේම මුහුණ පෑමට සිදුවන්නේ එයමය.

ඒ අතරම මන්නාරම් ද්‍රෝණියේ සිට හම්බන්තොට දක්වා පමණක් නොව ලංකාවට පසු කාලයේදි දකුණු දෙසින් අයත් වුනු කිලෝමීටර් සිය ගණනක මුහුදු තීරයේද තෙල් සම්පත සොයා ගැනුනේද එවැනිම කාල වකවානුවකදීය. ලෝකයේ නව ‘වෙනිසියුලාව’ ලංකාව බවට පත්වෙමින් තිබේ.

පසු ගිය අතීතයේ රැකි රක්ෂා සඳහා ලංකාවේ ශ්‍රමිකයන්ට අවස්ථාව ලබාදීමට කෘත ගුණ සැලකීමක් වශයෙන් ලක් රජය සෞදි සහ අනෙකුත් අරාබි රටවල් වල ශ්‍රමිකයන් සඳහා තම රටේ ගෘහ සේවයේ දොරටු විවර කරනා ලදී. පස්ස පැත්තේ ඇණ ගසා ගත් සෞදි ජාතිකයා ලංකාවට පැමිණ ඇත්තේ එසේ ලබාදුන් අවස්ථාව ප්‍රයෝජනට ගෙනය.

ගෘහ සේවය සඳහා ලංකාවට පැමිණෙන රූමත් අරාබි ගැහැණුන් බඩ ගෙඩි උස්සන් නැවතත් තමන්ගේ රටවල් වෙතට පැමිණෙන සිද්ධීන් නම් සාමාන්‍ය දෙයක් ලෙස දැන් දැන් පිලි ගනු ලැබේ. එසේ පැමිණෙන සෞදි කාන්තාවන්ගේ සියළු අවශ්‍යතාවයන් සොයා බලනුයේ එම රටවල් වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්ය. එසේ ලැබෙන සැලකුම් හේතුවෙන්ම බලෙන්ම ගැබ් ගන්වාගන්නටද මෙම කාන්තාවන් සමහරක් උත්සාහ ගන්නේ යැයි කියන කතාද දුලබ නොවේ. එසේ ලැබෙන්නට සිටින දරුවා මගින් යම් කිසි දිනෙක ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීම ඔවුන්ගේ යටි අරමුණ යැයි තැනක කසු කුසුවකින් කියවිනි.

කල්පනාවේ නිමග්න වී සිටි දුමීට නොදැනුවත්වම නින්ද ගියේය. නැවත දෑස් විවර කරන විට හෝරා කීපයක්ම ගතවී ඇත. ගුවන් යානය දැන් ගොඩ බෑමට සූදෑනම් වී ඇත.

"නෝනාවරුනි මහත් වරුනි අපි තව ස්වල්ප වේලාවකින් හම්බන්තොට අන්තර්ජාතික ගුවන් තොටුපලට ගොඩ බෑමට නියමිතයි." ගුවන් යානයේ මගී ආමන්ත්‍රණ යන්ත්‍රයෙන් කපිතාන්වරයා ප්‍රකාශ කරයි.

පිටව ගිය ඈණුමක් අල්ලෙන් කිහිප වරක් ගසා තලා නැවතත් කට ඇතුලටම දමා ගත් දුමී අසුනේ හරි බරි ගැසී ඉඳ ගත්තේ ආරක්ෂිත පටියද තව දුරටත් තද කර ගනිමින්ය.


( කතාව දිග වැඩි වූ බැවින් දෙවන කොටස පසුව පලාපොරොත්තු වන්න. )

ලංකාව 2015 - ( දෙවන කොටස )

49 comments :

  1. පරිකල්පනයෙන් උපරිමයි :D
    හස්ස්‍යරසයෙන් අනුවනයි .......... :OPD

    ReplyDelete
  2. හම්බන්තොට වරායෙන් .. ආහ් සොරි සොරි හම්බන්තොට අන්තර්ජාතික ගුවන් තොටුපලින් දුමී ගොඩ බසිනකම් කට අයා බලා සිටින මම
    ෴වත් ෴

    ReplyDelete
  3. හි.. හි.... නියමෙට ලියල තියනව. සිහිනය සිහිනයක්ම පමණක් නොවී සැබෑ වනවානම්..... ඒකත් සිහිනයක්ද මන්දා :D

    ReplyDelete
  4. මැක්ස්.. නියම සටහන. අනේ ඇත්තටම එහෙම වෙනව නම් මරු.. දැන්ම හම්බන්තොටින් ලෑන්ඩ් එකක් අරන් තියාගන්න ඕන..

    ReplyDelete
  5. මරුනේ!
    මේක කොයිකාලේ වෙන්න තියෙන සීන් එකක්ද?

    ReplyDelete
  6. දූමී, වැප් කියන්නැහේ පරිකල්පනය නං උපරිමයි! උඹ කියන්නෙ මේක 2015 වෙනවා කියලද? මං නං කියන්නෙ මේ යන හැටි​යට ඊට කලිං වෙයි!:D

    ReplyDelete
  7. වැප්,
    අනුවනයි නෙමේ බොල 'අනූනයි'' අනුවනයි කියන්නේ මෝඩයි කියන එත නේද?

    ReplyDelete
  8. මැක්සා... ඇණගැසීම, ගෑනුන් බඩදරු කිරීම වගේ දේවල් හැරුනම අනෙක් ඒව ඉක්මනින්ම සැබෑ ලෝකේ සිදුවෙනවනම්.... අපිටත් හම්බන්තොට ගුවන්තොටෙන් ගොඩබහින්ඩ.. :ඩී

    ReplyDelete
  9. සිහින අහසේ වසන්තේ
    තාරුකා මල් පිබිදිලා.

    හ්ම්ම්ම් හැබෑටම ඔය ඇදුරුතුමාට මොලේ කලදක්වත් තියනවද කියන එක ගැන මට සැකයි.

    ReplyDelete
  10. නියමයි.. ඔහොම යං..

    ReplyDelete
  11. අම්මපා දූමියටත් හිතෙන ඒවා. හීන ම තමයි

    ReplyDelete
  12. ඒත් සමගම දුමීගේ බිරිඳ උදෑසන තේ එකද සාදා ඇඳ අසලටම ගෙනවිත් ඒයි... ඒයි... අද වැඩට වන්නේ නැද්දැයි... කියා ඇසුවාය...
    හකේ හකේ හක්... පට්ට කතාව....

    අඩේ වැප්... මොකද්ද බංස් අර භාහිර රෝගී අංශය ගැන කතාව :0

    ReplyDelete
  13. ඇත්තම වගේ ලියල තියෙන්නේ. ඇත්තම වෙන්න ඇති. පවු සෞදි කාරයෝ. ඇණත් ගහගෙන. තව .....

    ReplyDelete
  14. මේ යන විදියට නම් තෙල් කොහොම වෙතත් ආශ්චර්යයක් වෙන්න බැරි නැහ හි හි.... උබ ලිව්වොත් ඉතින් ආයෙ මොනාද... අර සක්විත්තා ලෝකෙටම අර්බුදයක් කරපු සීන් එකත් උබ නොවැ හොයා ගත්තෙ... හි හි

    ReplyDelete
  15. මේ යන විදියට නම් තෙල් කොහොම වෙතත් ආශ්චර්යයක් වෙන්න බැරි නැහ හි හි.... උබ ලිව්වොත් ඉතින් ආයෙ මොනාද... අර සක්විත්තා ලෝකෙටම අර්බුදයක් කරපු සීන් එකත් උබ නොවැ හොයා ගත්තෙ... හි හි

    ReplyDelete
  16. මචන් උපරිමයි ආ . . .. ඒක නෙවෙයි මේ ලිපිය ලොකු තැන් වලින් දැක්කනම් එහෙම මහින්ද අබේසුන්දරට ගෙදර යන්න වෙනවා . . . හික් හික්

    ReplyDelete
  17. ඉතුරු කොටසත් ඉක්මනට දාපියෝ . . .

    අහ් මචන් අර පින්තූරේ හම්බන්තොට ගුවන්තොටුපලෙන් බහින්න කලින් ප්ලේන් එකේදිම ගත්තු එකක්ද ????

    ReplyDelete
  18. @බුද්ධි
    හේ හේ ඒකත් ඇත්ත උබ හරි ............

    @කුෂාන්
    මේකනේ බන් :D :O :P ඔක්කේම එකට දාලා තියෙන්නේ :OPD

    ReplyDelete
  19. මෙච්චර දවසක් මට මේ බ්ලොග් එක අහුවුනේ නෑනේ, ගොඩක් ඒවා කියෙව්වා. දිගටම ලියන්න.

    ReplyDelete
  20. අහ්.....ඔය කියන්නේ මම රජකම් කොරනකෝට ලංකාවේ තත්වෙනේ....සංතෝෂයි...හොදයි හොදයි....
    සාමකාමී දියුණු රටකට හසියාට ඡන්දය දෙන්න.....

    ReplyDelete
  21. අනේ මන්දා මම මහ මෝඩයෙක් වෙන්න ඇති..
    මොකද මට හිතෙන්නෙම ඔය හීනේ හැබෑ වෙයි කියලනේ..
    කමක් නැහැ ඔන්න ඔහේ මගේ හීනේ මා ළගම තිබිච්චදෙන්..
    මෝඩයොත් ඉන්ට එපැයි.

    ReplyDelete
  22. Excellent story. How do you get such ideas machan...ela ela. Anyway, let's hope things will be better in SL for our sons and daughters at least.......

    ReplyDelete
  23. දුමී අයියා ෆුල් ෆන් එකෙ වගෙ ජිවත්වෙන්නෙ. මට එක දැනුනා. මගෙ ලිපියකට මුලින්ම දාපු සටහනෙන්.පට්ට ආ. ඔය මැද පෙරදිග තෙල් නැති වුනොත් කස්ටියට වැලි තමයි කන්න වෙන්නෙ. මම නම් දන්න විදියට ගොඩක්ම අර්ථිකෙ දුවන්නෙත් ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ අතින්ලු නෙද..

    ReplyDelete
  24. දුමී අයියා... එතකොට ගුවන් යානය පසු පසට ගිහිල්ලා තමයි අහස් කුසට ඉගිලුනේ ඈ.. අනිවා 2015දී මාත් ගන්නවා ඔටුවෙකුයි ඔටුච්චියෙකුයි ගෙදර වැඩට...

    ReplyDelete
  25. @වැප්,
    වැප් මලයෝ, කටට දැනෙන්නෙත් නැති විදිහට ඇත්තම කියවුනා නේද, 'අනුවනයි' කියල . හිහ් හිහ් හිහ් . . .

    @වත්,
    නගෝ එහෙම බැහැපු දවසක අපි කෙලින්ම එන්නෙ නගාලගෙ
    ගෙදර තමයි ඔන්න.

    @ආදර කතාව,
    මේක ඉතින් ලංකාවෙ හමෝගෙම සිහිනයක් තමා. කවදා සැබෑවෙයිද ?

    ReplyDelete
  26. @වැම්පි,
    වැම්පි ගුරෝ, ගුරුකමක් එහෙම නැතෙයි මේවගේ දේවල් කොරගන්න ?

    @ෆා,
    නගෝ ඉඩං ගන්නවනං කොහෙං ගත්තත් හොඳයි. හැබැයි නඩු නැති ඒව බලල ගන්න හොඳේ ! හම්බන්තොටින් ගත්තොත් ඉතින් එයාර් පෝට් එක ලඟ සයිවර් කඩයක් හරි දාගෙන ඉන්න බැරියෑ !

    @නිර්මල,
    අපි ජීවත් වෙලා ඉන්නකොට උනොත් නං ලොකු දෙයක්.

    ReplyDelete
  27. @බුද්ධි,
    ඔව් ඔව්, එහෙම වෙනවනං කොච්චර දෙයක්ද. අපි ඔක්කොම ගොඩ. ඒත් ඈත ඉතිහාසයේ ඉඳන්ම ගත්තොත් ලංකාවෙ හැමදාම මොකක් හරි කරුමයක් තිබුනා අතට ගත්තත් කටට දාගන්න බැරි !
    ඔව් ඔව්, වැප් මලයා ඇඟට පතට නොදැනී හරියටම කියල දාල තියෙනවා . . . හිහ් හිහ් හිහ් . .

    @ඔස්කා,
    සැබෑ වෙන හීනත් තියෙන්න බැරි නැහැ නේද ?

    @නිමන්ති,
    කොහොමත් ඔය සෞදි කාරයන්ට නම් මොලේ කඳුලක්වත් නැහැ . . මම නම් හිතුවෙ අඩු ගානෙ අපේ ඇදුරන්ටවත් මොලේ තියේවි කියල.

    ReplyDelete
  28. @ස්වප්නා ,
    ස්තුතියි කියවලා කමෙන්ට් කලාට . . . !

    @``` Outsider```,
    බොහොමත්ම ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට.

    @නිශ්,
    බැරිවෙලා හරි හරි ගියොත් කාටද ? නේද ?

    @කුෂාන්,
    අම්මපා බං, බොලාට දිවැස් තියෙනවනෙ බොලේ . . මම මේක කෙටුවෙ මහ රෑ. පහුවෙනිද උදේ ගම හාමිනේ ඇහැරුවෙ නැතිනම් කපෝතියි එදා . . . !

    @priyantha,
    ඇත්තම වෙනවනම් කොච්චර ෂෝක්ද ? දැන් කියන විදිහට තංම ගහ ගෙන තමා . . .! අනේද කියන්නෙ . . . !

    @පිස්සා,
    මොනවද කතා බං. සක්විත්ත දීපු ගේමෙ හැටියටත්, තාම දෙන ගේමෙ හැටියටත් මේවා මොනවද ?

    ReplyDelete
  29. @Hasitha ජයසූරිය ,
    තැන්ක් යූ මලයෝ !

    @දුකා,
    මචෝ, ලොකු තැන්වලට පෙනෙයි කියල මම දැන් හැංගිලා ඉන්නෙ. ආහ් . . ඒ පිංතූරෙ ගත්තෙ මචන් මම හීනෙ බල බල ඉන්න කොට ඩිජිටල් බ්‍රේන් එකෙං.

    පොඩ්ඩක් හිටහං බොල, ඉක්මනටම දාන්නං. මේ දවස්වල හුස්ම ගන්නවත් බැරි විදිහට වැඩ සහ වැඩ. ඊයෙත් ගෙදර ආවෙ පාන්දර 4ත් පහුවෙලා ඔෆිස් එකේ ඉඳන්.

    @Pali,
    ස්තුතියි පාලියෝ.

    @Thilina ,
    ස්තුතියි තිලින මේ පැත්තෙ ඇවිත් කියවල කමෙන්ට් කලාට.

    ReplyDelete
  30. @෴ හසියා ෴ ,
    රි හරි මලයෝ, උඹල රජකං කරන කොට අපිටවත් කල කං පලදෙන්නෙ නැතෑ. . . !

    @මාරයා,
    නැහැ බං. එහෙම බැලුවොතින් එහෙම උඹ වහන්සේට වඩා මම මෝඩයෙක්.

    @CRod,
    උඹලව ආශ්‍රය කරපු එකේ ආනිසංස තමා මේවා :)

    ReplyDelete
  31. @රවා,
    මලේ, පුළුවං හැම තිස්සෙම ජොලියෙං ඉන්න තමා ට්‍රයි කරන්නෙ. ඒ උනාට සංවේදී වෙන තැන්, සීරියස් වෙන තැන් ගොඩක් තියෙනවා ජීවිතයේ. හැම දේම බැලන්ස් කරගෙන ඉමු නේද ?

    @පුතා ,
    ඈ බං පුතෝ. උඹ ප්ලේන් එකක ගොහින්ම නැද්ද. පැසෙන්ජර් හැන්ගර් එකේ ඉඳල පිටි පස්සට යන්නෙ නැතුව ඉස්සරහට යන්නද බොල හිහ් හිහ් ? උඹ එටිච්චියෙක් ගන්නෙ ඔටු කිරි බොන්නද ?

    ReplyDelete
  32. ආශ්චර්යක්ම වේවා!මේකත් වෙන්න බැරි නෑ මේ යන විදිහට. ඔන්න අනාවැකිය හරිගයොත් නරකද සහෝ හඳහන් බැලිල්ල පටන් ගත්තනම්.හික් හික් ජනාධිපති සම්මානයකුත් උඩින් ලැබෙයි.
    ලුනු ඇඹුල් පදමට දාපු මරු කතාවක්....

    ReplyDelete
  33. @Naදී,
    නගෝ, හරිගියොත්නම් ඉතින් උපදින්න ඉන්න අපේ ළමයින්ගෙ වාසනාව කියල හිතමුකො. හරි නොගියොතින් ඉතින් කොහොමත් එකයිනෙ, මොකෑ දැන් උනත් හරි ගිහින් හින්දද අපි කාල බීල ඉන්නෙ ?

    ජනාධිපති සම්මානනම් ඔය ඉතින් අද හම්බ වෙලා තියෙන්නෙ මදි නොකියන්න මුළු ලංකාවටම . . . !

    ReplyDelete
  34. මචෝ උපදින්න කියල කිව්වෙ ඈත්තටම උපදින්න ඉන්න කෙනෙක් ගෑනද? අනේ වාසනාවන්!

    ඈ බොල, කොමෙන්ට්ස් වලට කොට කොට ඉන්නෙ නෑතුව දෙවෙනි කොටස ලියපන්කො බොල. පටන් ගත්තනම් ඉවර කොරපන් මයෙ පුතේ. බලගෙන ඉදල මගෙ නේත්‍රා දෙකත් රිදෙනව බන්.

    ReplyDelete
  35. @CRod,
    හරි හරි , මේ ලියනවා . . . හෙනම කම්මැලියි බං . . !

    ReplyDelete
  36. අයියේ ඈහැරෙන්න ඈති හීන බල බල නිදාගත්තා හික් හික්,කියනා තරම් ඉක්මනට රට දියුනු වෙනවා නම් කොච්චර එකක්ද?

    ReplyDelete
  37. @පුබුදුවා,
    මලයෝ, අපිව හැමදාම ජීවත් කරන්නෙ අපි හීන දකින හින්ද තමයි. හීන දකින්නෙ නැති දවසට අපේ ජීවිත නිකන්ම කිසිම අරමුණක් නැති එකක් වෙනවා.

    ReplyDelete
  38. නියමයි දුමී අයියා...
    ඒ පාර ඔන්න විද්‍යා ප්‍රබන්ධ ලියන්නත් පටන් අරන්..... ඔහොම යං..... ඔහොම යං......
    "පිටව ගිය ඈණුමක් අල්ලෙන් කිහිප වරක් ගසා තලා නැවතත් කට ඇතුලටම දමා ගත් දුමී "
    ඔන්න ඉතින් මැවිල පේනව.... හික් හික්....

    ReplyDelete
  39. 2015ව වෙනකම් මට ජීවත් වෙන්න ලැ‍බේවා.........!

    ReplyDelete
  40. ඔයා මරු පොරක් නේ....

    ReplyDelete

Related Posts with Thumbnails