අම්මෝ කන

Posted by දුමී




සති දෙකහමාරක විතර නිවාඩුවක් ගත කරල ඔන්න දැන් මම බැක් ටු ද ඩෙසර්ට්. මදුරුවො ටිකට නම් හරිම පාළුත් ඇති මම නැතිව දැන්. මොකද පහු ගිය ටිකේ මගේ කට විතරක් නෙමෙයි මුළු ඇඟම කැස්සුවනෙ උන් ටික සෙට් වෙලා. ඔය සති දෙක නම් ගෙවිල ගියේ නිකන් කටේ දාගත්ත බොම්බයි මොටයි කෑල්ලක් දියවෙනවා වගේ. ඒ වගේම තමයි පොකට් එකත් දිය උනේ. එක අතකින් ඉක්මනටම ගෙවිල ගිය එකත් හොඳයි බලගෙන යනකොට. නැතිනම් දියවෙලා දියවෙලා කොහෙන් නතර වෙයිද දන්නෙ නැහැ.

මම නිවාඩු යනකොටම වගේ මාත් එක්ක මෙහෙ ඉන්න තව යාළුවෙකුත් නිවාඩු ආව. උගේ නම රුවිලාල්. අපිනම් ඌට කියන්නෙ රුවියා කියලා. ඌ මෙහෙ ඉන්න ගමන්ම හොඳ පොට් එකක් සෙට් කරගෙන තිබුනා පොඩ්ඩක් රිලැක්ස් එකේ දවසක් දෙකක් නැවතිලා ඉන්න පුළුවං. ඒක තියෙන්නෙ ඔය මීපෙන් හැරිල පාදුක්ක පැත්තට යනකොට. නම 'සෙරිනිටි විලේජ්'. නියම නිස්කලංක පැත්ත. කොන්ක්‍රීට් වනයෙන් මිදිල සොබා දහමට සමීප වෙලා ඉන්න කියාපු තැන. ඔන්න පුළුවන්නම් ගිහිල්ල බලන්න. තැන මාකට් කරනව කියල හිතන්න එපා. ඇත්තටම ලස්සන නිසයි බෙදා හදා ගන්න හිතුවෙ.

ඕකේ ෂැලේස් දෙක තුනක් බූක් කරල තමයි අපි ගියේ. රුවියා ඇවිල්ල තිබුනේ උගේ වැලි කෙලියේ හිටංම පිස්සු කෙලිය සෙට් එකත් එක්කගෙනයි. අද මගේ කට කහන කතාව ලියන්න යන්නෙ එහෙම සෙට් වෙච්ච 'උපුල්' ගැන තමා. ඌ ගැන කියනවානං ඔය ඔය ඉන්නේ පිංතූරේ. ඒ ඌ තමා. ඇත්තම කිව්වොත් ඔයිට වඩා ටිකක් විතර කළුයි. ටිකක් කිව්වට ඇත්තටම අම්බානෙකටම කළුයි. හැබැයි කන් දෙක නං ඕකම තමා. අනේ අපරාදේ කියන්න බැහැ උගේ කනට කොච්චර ගහැව්වත් ඌට කිසිම ගානක් නැහැ. කනට ගහනව කිව්වෙ, කන ගැන මඩ ගැහැව්වට. කොටින්ම කියනවා නං මම මේ කියන්න යන කතා ටික ඌම කිව්ව ඒව තමා. අනිත් එක උගෙන් අවසර අරගෙන තමයි මම මේ ලියන්නෙ. මොකද පහුගිය පෝස්ට් වලින් යාලුවන්ට මඩ ගහල ගහල උන් දැන් තරහත් වෙලා. මතකනෙ අර මගේ අති ජාතක මිත්‍රයා 'පයිතා'. වෙනදා මම ආපු ගමන් පණ කඩාගෙන දුවගෙන එන එකා මේ පාර කෝල් එකකට හරි සෙට් කර ගත්තෙ සෑහෙන්න ගේමක් දීල. මොකද කියල ඇහුවම තමයි ඌ කිව්වෙ, "මචං ජීවිතේ හරි ප්‍රශ්න, එහෙන් ගෙදර ප්‍රශ්න, ළමයින්ගෙ ප්‍රශ්න මෙහෙන් යාළුවො අපිව බ්ලොග් වලින් නෝන්ඩි කරන ප්‍රශ්න.... " ඌ කියාගෙන කියාගෙන යනවා. ඒත් ඉතින් මොනවා කරන්නද. ඌ ගැන ඉතින් තව කට කහන කතා දෙක තුනක්ම තියෙනවා. තරහා උනා කියලා ඒව නොදා ඉන්නෙ කොහොමද ?

හරි අපි ආපහු හැරෙමුකො උපුල් දිහාවට. ඌ ඉස්සෙල්ලම කන් දෙක ගැන කාඩ් එකක් ගස්සගෙන තියෙන්නෙ කාගෙන්වත් නෙවෙයි, පංසලේ ලොකු හාමුදුරුවන්ගෙන්. ලොකු හාමුදුරුවො මූට දාල තියෙන්නෙ "කන් ගොට්ටා" කියලා. ඔහොම ඉතින් කාලයක් යනකොට ඔය නම දෙකට බෙදිල තියෙනවා. කට්ටියක් මූට 'කනා' කියල කියනවා, තව කට්ටියක් මූට 'ගොට්ටා' කියල කියනවලු. මුගේ ලඟින්ම හිටපු සෙට් එක පස්සෙ පස්සෙ කනා කියන එක ටිකක් මොඩ් කරල මූට "කෑන්ස්" කියන්න පටන් ගත්තා. ඒක ඉතින් කාඩ් එකක් උනාට නිකන් සුද්දෙක්ගෙ වගේ නමක්නෙ. අර ක්‍රිකට් ගහපු "ක්‍රිස් කෑන්ස්" වගේ.

කොහොම උනත් කන් දෙක නිසා කෑන්ස්ට වාසි කිහිපයකුත් තියෙනවා. ඔය අපිට වගේ වාහනයක් එලවනකොට මූට "හෑන්ඩ්ස් ෆ්‍රී" එකක් ඕනේ වෙන්නෙ නැහැ . . . මොකද ෆෝන් එක කෙලින්ම කනේ ගහගන්න පුළුවන් නිසා. ඒ වගේම පාඩුත් වෙනවලු. මූට තියෙන්නෙ මෝටර් බයිසිකලයක්ලු. කොච්චර ෆුල් ටෑන්ක් ගැහව්වත් දවසෙන් දෙකෙන් මේකෙ පැට්‍රල් ටික ඉවර වෙනවා. බැරිම තැන මූ ගිහිල්ල දැම්මලු බයිසිකලේ ගැරජ් එකකට. බාසුත් දවසක් දෙකක් මේක ටෙස්ට් කරල කිව්වලු එහෙම ප්‍රශ්නයක්නම් පේන්න නැහැ කියල. මූ පදින්න පටන් ගත්ත විතරලු ෆුල් ටෑන්ක් එක වැඩිම දවස් දෙකයිලු. ඉතින් ඔන්න ලෙඩේ හොය ගන්න හිතල දවසක් බාසුත් නැග්ගලු බයිසිකලේ පිටිපස්සට. දැන් අපේ කෑන්ස් බයිසිකලේ පදිනවා. ටික වෙලාවක් යනකොට බාස්ටත් තේරුනාලු බයිසිකලේ අදින්නෙ නෑ වගේ කියල. ඔහොම හොයාගෙන හොයාගෙන යනකොට තමයි ලෙඩේ අහුවෙලා තියෙන්නෙ. බලනකොට කෑන්ස්ගෙ කන් දෙකට හුලං බදනවා, අර පිටිපස්සෙ පැරෂූට් එකක් එල්ලපු ජෙට් එකක් වගේ. ඉතින් වැඩිපුර පැට්‍රල් පිච්චෙන්නෙත් ඒකම තමා.

මතකනෙ ලංකාවට ඉස්සෙල්ලම ටෙලිවිෂන් ආපු කාලේ. 1979 තමයි ඒ. පටන් ගන්නකොට තිබුනේ අයි.ටී.එන් එක විතරයි. පස්සෙ රූපවාහිනිය පටන් ගත්ත 1982 දිහාවෙ. ඒ කාලෙ මේ චැනල් එකක් හරියට පැහැදිලව අල්ලනව කියන්නෙ නිකන් ෆුල් ගේමක් දෙන්න ඕන වැඩක්. ඇන්ටනා එක දාන්න ඔනේ පිදුරු තලාගලටත් ටිකක් උඩින්. මට මතකයි අපේ ගෙදර ඇන්ටෙනා එක දාල තිබුනෙ වත්තෙ තිබිච්ච උසම කොස් ගහේ කරටියේ තවත් මීටර් 50 ක විතර යකඩ බම්බුවක් හයි කරලයි. හැබැයි ඔය කාලේ අපේ උපුලයට හරි ඩිමාන්ඩ් ටී වී තිබිච්ච ගෙවල් වලින්. ඈත ගම්වලින් හිටන් වාහන එවල මූව එක්කගෙන යනවා. ඉස්සර මාසෙකට සැරයක්ද කොහෙද සිංහල ෆිල්ම් එකක් පෙන්නුවා. එක තියෙන දවස්වලට මූට හරිම ඩිමාන්ඩ්. ඉතින් මූත් හොඳ ගානක් හොයා ගත්ත මේකෙන්. ඌ ටී වී එක ලඟට ගියත් ඇති චැනල් එක ෆුල් ක්‍රිස්ටල් ක්ලියර් වෙනවා. මොකද මූගේ කන් දෙකට ඩෝං ගාල සිග්නල් අහු වෙනවා. වෙන ඇන්ටනා මුකුත් ඕනේ නෑ.

මතකනේ ලංකාවට ඉස්සෙල්ලාම මොබයිල් ෆෝන් ආපු කාලේ. අර සෙල්ටෙල් කියල තිබුනෙ ? ඒ කාලේ මූ වැඩ කලේ සෙල්ටෙල් එකේ තමා පාට් ටයිම්. අළුතෙන් ටවර් එකක් හයි කරල ඩිෂ් එක නැවෙන් එන තුරු මූව කණුවට නග්ගල තියෙනවා. කන් දෙකෙන් තමයි බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ.

අනික කෑන්ස් ජීවිතේට පින්නවලට හරි දෙහිවල සත්තු වත්තට හරි ගිහින් නැහැ. ඌ බයයි ගියොත් ආපහු එන්න ලැබෙන එකක් නැහැ කියල. මොකද පැනල යන අලියෙක් කියල මූව බැඳල දායිලු. ඔෆිස් එකෙත් ගොඩක් වෙලාවට මූ ඉන්නේ පාවි පාවි. මොකද ඒ.සී එක වැඩි කරපු ගමන් හුළං පාර කනේ වැදිල මූව සරුංගලයක් වගේ උඩ යනවා.

හොඳම සීන් එක උනේ මූට පීනන්න උගන්නන්න ගිහිල්ල. පීනනකොට අත් දෙක ඔළුවට උඩින් කරකවල ඉස්සරහට ගන්න ඕනෙනෙ. ඕක හරියට කරන්නෙ අතේ උරහිස හරිය කනේ ගෑවෙන්න අරගන්න කියල තමයි කියන්නෙ. මූට කොච්චර කිව්වත් මේක හරියට වෙන්නෙ නැහැ. මොකද මූ අත පොඩ්ඩක් උස්සපු ගමන්ම කනේ වදිනවා. ඉතින් මූ අත් දෙක ගහන්නෙ අර කාක්කෙක් පියාඹනව වගේ. ජීවිතේට පීනන්න බෑ.



උපුලගේ පොඩි එකා හම්බවෙච්ච වෙලාවෙදි තමයි මූ ෆුල් සැටෙන් හිටියේ. මූ පොඩි එකාව බලල ඇවිල්ල කියනව, "හරි මචං කිසිම සැකයක් නෑ, මූ නම් මගේ එකෙක් කියල". මොකද උගේ කන්දෙකට වඩා පොඩි එකාගේ කන්දෙක ලොකුයිලු.

34 comments :

  1. අපොයි මෙහෙමත් මඩ ගැහිල්ලක්. අර මනුස්සයා කන් දෙකෙන් එල්ලිලා මැරෙයි මේක දැක්කම.

    ReplyDelete
  2. හෆොයි......."කිසි සැකයක් නෑ මූනම් මගෙම තමා".....:D

    ReplyDelete
  3. හික් හික්!! මඩ කලාවේ බ්ලොග් ලකුණ - දුමී

    ReplyDelete
  4. ගිය ආත්මේ අලියෙක්ට මොනා හරි හදියක් කරන්න ඇති. ඒකේ රිටන් එක තමයි මේ ආත්මේ ලැබැල තියෙන්නේ....

    ඒ අයියා මේකා ඩ්‍රැකියුලා කෙනෙක් එහෙම නෙමෙයි කියල ෂුවර්ද...

    ලංකාවටත් ඇවිත් ගියා එහෙනම් සද්ද නොකරම ....

    ReplyDelete
  5. අපරාදේ මාර්තු මාසේ වගෙ ලංකාවට ගියානම් වියදම් වෙච්ච ගානවත් හොයාගන්න මඩ බිස්නස් එකක් කරගන්න තිබ්බා අයියා....
    "ඒ වගේම තමයි පොකට් එකත් දිය උනේ. එක අතකින් ඉක්මනටම ගෙවිල ගිය එකත් හොඳයි බලගෙන යනකොට. නැතිනම් දියවෙලා දියවෙලා කොහෙන් නතර වෙයිද දන්නෙ නැහැ." මේ කෑල්ලටනම් මම අත් දෙකම උස්සලා ඡන්දේ දෙනවා. (ඔහොම තමයි ඉතින් දිරාම් වලින් හිතලා රුපියල් වලින් වියදම් කරාම නේද?)

    ReplyDelete
  6. @පිණිබිඳු,
    අනේ නැහැ. . . හීනෙන්වත් මඩ ගහන්නෙ නැහැ . . .! කෑන්ස් ගෙන් අවසර අරන් තමයි මේ කතා ටික ලිව්වෙ. ඉතින් අවසර ඇතිව ගහන ඒව මඩ ගණයට වැටෙන්නෙ නැහැනෙ . . .

    @ෂැඩෝ,
    ඔය බය හැම තත්ත කෙනෙකුටම ඇතිවන සාධාරණ බයක්නෙ . . . නැත්ද මම කියන්නෙ ?

    @බ්ලොග්-ගඩොල්,
    එහෙම මූණටම කියන එක හරි නෑනෙ . . . !

    @වත්,
    අනේ, මමනම් හිතන්නෙ නැහැ . . ඌ හරිම අහින්සකයි . . . කන හිංදම තමා කීයක් හරි හොයාගන්නෙත්. ඔව් ඔව් , ඇවිල්ල ගියා තමයි. ඒත් දුක් වෙන්න එපා. කෑමක් එහෙම දෙන්න හිතේ තිබුනනං මම ආපහු එනව අගෝස්තු දිහාවට. එතකොට පුළුවං.

    @පුතා,
    උඹට ඉතින් ඕක කියන්න ඕනෙ නෑනෙ මල්ලි. ලංකාවෙ දැන් වියදම් කරන්න ඩිරාම් වලින් හම්බ කලත් මදි . . . !

    ReplyDelete
  7. නිවාඩුවට ලංකාවට ගියහම නම් වියදම් වෙනව දැනෙන්නෙ නැහ, ඒත් ඉතින් ඒ වගේ නෙමෙයි සතුට.... ඒක මිල කරන්න බැහනේ..

    ඈ බන් දුමියො... පව් නැද්ද... පුදුම මඩ ප්‍රහාරයක් නෙ...හි හි...

    ReplyDelete
  8. මම නම් එකක් දන්නවා අයියාගේ යාළුවෝ සේරම එකතු වෙලා සංවිධානයක් හදලා, ඔයාගේ ඔය කටේ කහන ගතිය අරී ආයේ කටත් ඉතිරි නොවන්නම. :D

    ReplyDelete
  9. හැබැයි ඌ ඉන්න තැන ඌට හොරෙන් රහස් එහෙම කියන්න එපා. වැඩක් වෙන එකක් නෑ. "අවසර ලත් මඩ ගසන්නෝ" එහෙනම්

    ReplyDelete
  10. කියවගෙන යද්දි ලියන්න ඕනේ කියලා හිතුන ඔක්කෝම ලියලනේ කට්ටිය..:D
    හැබැයි ඊලඟ සැරේ ලංකාවට ගියාම පාටි කෙසේ වෙත්ත හොඳ පාටියකින් හම්බවෙයි කියලා මට හිතුනා..මෙහෙම ලියලා.:-)

    ReplyDelete
  11. @පිස්සා,
    එතකොට අපි පව් නැද්ද මේ වගේ කන් තියෙන එවුන්ව ආශ්‍රය කරනවට . . . හෙහ් හෙහ්. . පව් නෙවෙයි බං ඌම තමා කිව්වෙ මේව දාන කියල . . . !

    @රන්දිල්,
    ඒක තම නගෝ, මමත් මේ බොඩි ගාඩ් කෙනෙන්ව හොයනවා මේ දවස්වල . . .

    @ගීත්,
    ස්තුතියි මලේ . . !

    @ප්‍රියන්ත,
    අපි ගාව ඉතින් ඔය රහස් නැහැනේ . . පේනවනෙ ඔක්කොම ඉතින් පබ්ලික් තමයි . . . !

    @නිමන්ති,
    අප්සෙට් යන්න එපා නගෝ, උපුලට ෆුල් හැපීලු ඌ ගැන ලිපියක් ඉන්ටනෙට් එකේ ගියා කියලා. මට ආරංචියි ඌ යාළුවෙක්ට කියල මේක ප්‍රින්ට් කරං එන්න කියල, ෆ්‍රේම් කරල සාලේ බිත්තියේ ගහගන්න . . . !

    ReplyDelete
  12. හපොයි දුමී අයියේ....මඩ කියලා මෙහෙමත් මඩ ගහනවද මම අහන්නේ.....හික්ස්...

    කන්ගොට්ට මේක කියෙව්වොත් දුමී අයියාට ලංකාවට එනවා බොරු

    ReplyDelete
  13. @දිල් නගෝ,

    කන්ගොට්ටා ඉස්සර ඉඳන්ම ට්‍රයි කරලා පත්තරේ පිංතූරයක් හරි දාගන්න. ඒත් හරි ගිහිල්ල නැහැ .. . දැන් ඌට මාර හැපී ඌ ගැන බ්ලොග් පෝස්ට් එකක් ඉන්ටර්නෙට් එකේ දාලා කියලා . . . ! ඊලඟ පාර ආවම රෑ කෑමකට එන්න කියල මට ලියුං කඩ දහියක් එවල තියෙනවා . . . . !

    ReplyDelete
  14. ලබන පාර නිවාඩුවට යන ගමන් පරිස්සමින් පලයන් . . දැන් උපුල මේක දැක්කාම උඹව කන් දෙකෙන් එල්ලල තියයි නිවාඩුව ඉවර වෙනකම්ම හික් හික්

    ReplyDelete
  15. අපොයි, මදැයි මමත් කනක් ගැන පෝස්ට් එකක් කලා . . . දැන් මටත් වෙලා තියෙන්නෙ කනේ ඇඟිල්ල ගහගෙන ඉන්නනෙ . . . !

    ReplyDelete
  16. හප්පෝ මම දන්න කන්ගොට්ටෙකුත් හිටියා. පොරගෙ නම මොඩිෆයි උනේ කේජී කියලා.

    ReplyDelete
  17. (අයියා මගේ ලිපියකට දමා තිබූ කොමෙන්ටුවක් හා බැඳේ.)

    61. මාලය, ආලය හා කාලය
    http://ranrandil.blogspot.com/2010/07/61.html

    හපුයියා මං ඉවරයි. නැහැ බං දුමි අයියේ මේ නම් මගේ ජීවිතේ ගැන කියැවෙන එකක් නොවෙයි. මගේ මාලෙත් මං ලඟ මගේ ආලෙත් මං ලඟ. :D

    මට නිකං හිතිච්ච එකක්. ඒ රයිමින් වර්ඩ්ස් ටික දාලා මොකක් හරි ලියන්න හිතුනා. මෙහෙම දේවල් ලෝකේ වෙනවානේ.

    ස්තුතියි කොමෙන්ටුවට

    ReplyDelete
  18. අප්පුච්චියේ මම හිතුවෙ ඇත්තටම මාලේ නැතිවෙලා ඒ හින්දම ටික දවසකට ආලෙත් නැතිවෙලා කියලා :)

    අනේ සමාවෙයන් බං නංගියේ . . . !

    ReplyDelete
  19. :D ඔහොම එව්වා මටත් වෙනවා

    ට්ස් ඕ... කේ....

    ReplyDelete
  20. ඒයි මඩ ගහන්න එපා බං..

    @දිල්...
    නේද..?

    ReplyDelete
  21. අපෙත් හිටිය ඔහොම පොරක්, මිනිහට කිව්වෙ අලි කනා කියල. හැබැයි මිනිහගෙ කං තරම්මයි ඇඟත්. ඉතිං කවුරුත් ඇහෙන්නනං කිව්වෙ නෑ, මොකද තමංගෙ කං පොඩි කරගන්න වෙන හින්ද.

    ReplyDelete
  22. සං සං කණේ වැලි කිව්වලු...
    පට්ට බං. ඌ මේක දැක්කානං කණ හපාගෙන මැරෙයි :ඩී

    ReplyDelete
  23. හපොයි මෙන්න ඒ ලියපු කමෙන්ට් එකෙනුත් මඩක් ගහලා:D

    කෝ බලමු ඒ ඒවපු ලියුම් කරදහිය..:D
    මොනවද හරියටම ඒකේ ලියලා තියන්නේ කියලා..?
    කෑමකට නෙහ් එන්න කියලා තියන්නේ..??
    ඕකනේ කිව්වේ මම හම්බවෙයි හොදම හොද කැමක්..බලාගෙන ඉන්න :-)

    ReplyDelete
  24. අප්පේ මෙහෙමත් මඩ! හික්ස්....අනේ මෑන් පව් අප්පා

    ReplyDelete
  25. කමෙන්ට් දාපු ඔක්කොටම බොහොම ස්තුතියි . . . මගේ කන පලනවා කිව්වත් මීට පස්සෙ නම් කන් ගැන ලියන්නෙ නැහැ . . . . ගොඩක්ම තද වෙලා තියෙන්නෙ නිමන්ති නගාටනෙ. . . ඔයා කෑන්ස්ගෙ නෑයෙක්ද ? ඇහුවට තරහ වෙන්න එපා, ඔයාගේ කන හොඳින් නේද ?

    හොඳ වෙලාවට මයික් ටයිසන් සිංහල බ්ලොග් කියවන්න එන්නෙ නැත්තෙ, නැත්නම් ඌ මගේ කනත් කඩාගෙන කනවා මේ යන විදිහට . . . !

    ReplyDelete
  26. මම හරි වසයි හොඳේ ! කේන්ති ගියොත් මම තව කන් කතාවක් ලියනවා . . . !

    ReplyDelete
  27. අනේහ් මට මොකෝ ..:P
    මම මේ ඉතිං පව් කියලා පැහැදිලි කරලා දෙන්නයි හැදුවේ. කොහොම උනත් මම කියපුදේ හරි යනවා ඔන්න බලන්නකෝ.
    කෑම වේල කාලා ඇවිතුත් අයියා මෙහෙම්මම ඒ කතාවත් අපිට කියවන්න ලියන්න හොදේ..
    අපෝ නෑ මගේ නෑයෙක් නම් නෙවේ....මගේ කනත් හොඳට තියනවා. තාමත් කනුත් හොඳට ඇහෙනවා:-)

    ReplyDelete
  28. @නිමන්ති,
    තරහ වෙන්න එපා නගෝ, විහිලුවක් කලාට . . .! හෙහ් හෙහ් .

    ReplyDelete
  29. හයියෝ තරහ යනවනම් නොලියම යනවනේ මොකුත්ම:-)

    ReplyDelete
  30. හක් හක් හා...
    මරු පෝස්ට් එක.
    අපෙත් ඉන්නවා එකෙක් කන් දෙක විසාල.
    ඌට අපි කියන්නෙ 'අලි ඛාන්' කියලා.

    ReplyDelete
  31. දුමීට කන පලා ගන්න වෙයිද දන්නේ නැහැ :)

    ReplyDelete
  32. මචන් නියම කතා ටිකක් තමා උබටත් මතක් වෙලා තියෙන්නෙ ලියන්ඩ. එලකිරි. ඔහොම යන්.

    ReplyDelete
  33. යාලුවාට කන කපාගෙන මැරෙන්න හිතෙන්න ඇති නේ. නියම කන් කතා සෙට් එක.

    ReplyDelete

Related Posts with Thumbnails