රැල්ළ වෙරළ සහ පස්ස පැත්ත

Posted by දුමී



භාෂාව වැරදීමෙන් සිද්ද වෙච්ච නස්පැත්ති ගැන කට කහන කතා තුනක්ම එක දිගටම ලියුව නිසා පොඩ්ඩක් වෙනස් කතාවක් ලියන්න හිතුනා පොඩි වෙනසකටත් එක්ක. හැබැයි ඉතින් තවත් භාෂාව වැරදිච්ච කතා දෙක තුනක්ම තියෙනවා ලියන්න. එවා ඉතින් පස්සෙ ලියන්න බැරියෑ. . .

මේ කියන්න යන කට කහන කතාව වෙලා තියෙන්නෙ මගේ අති ජාතක යාළුවෙක් වන නිලන්තට. නිලන්තයයි මමයි එකම දවසෙ තමයි මම කලින් වැඩ කල කොම්පඤ්ඤ වීදියේ තියෙන කම්පැණි එකට ජොයින් උනේ. හැබයි ඌ තාමත් එතනම තමයි වැඩ කරන්නෙ. මම දැන් ඒකෙන් අස්වෙලා අවුරුදු තුනකට ටිකක් වැඩ්යි. අපි එකට හිටිය සෙට් එකෙන් දැන් ඒකෙ ඉතුරුවෙලා ඉන්නෙ ටික දෙනයි. ගොඩක් එවුන් ඉන්නෙ පිට රට. එක්කො මයිග්ග්‍රේට් කරල එහෙම නැතිනම් පිටරට ප්‍රොජෙට්ක්ට්ස් වල වැඩ කරනවා. නිලන්තයට චාන්ස් එක හම්බ වෙලත් ඌ යන්නෙ නැත්තෙ ඌ ප්ලේන් වල යන්න බයයි. එතකොට ඉතින් අහන්න පුලුවන් ප්ලේන් එකේ යන්න බැරිනම් ඉතින් නැවේ පලයන්කො කියල. ඌ නැව්වල යන්නත් බයයි මොකද ඌට පීනන්න බැහැයි කියලා. අනිත් එක ඌ රඹුටන් වලට හරි ආසයි. කොච්චර ආසද කියනවනම් බැන්දෙත් මල්වානෙන්. දෑවද්දටත් රඹුටන් ගස් කීපයක් හම්බවුනා කියල තමයි ආරංචිය.

හැබැයි ඉතින් අපරාදෙ කියන්න බැහැ මම නිවාඩුවට ලංකාවට එන හැම සැරයකම ඌ එනවා මාව බලන්න රඹුටන් වල්ලකුත් අරගෙන. ඇවිත් ඉතින් දවසක් දෙකක් ඉඳල තමයි යන්නෙ. මමත් ඉතින් ලංකාවට ආවහම ඉස්සෙල්ලාම කතා කරන්නෙ ඌට. ඉතින් ඌත් එනවා පණ කඩාගෙන මාව බලන්න. එක පාරක් මම ආව දවසෙ පහුවෙනිද අපේ අම්ම කොස් තම්බලා, හොඳ කට්ට කරෝල හොද්දක් හදල, කොච්චි දාල හොඳ සැරට පොල් සම්බෝලයක් එහෙම හදල තිබුනා මොකද මෙහෙදි මේ වගේ කෑමක් හම්බවෙන්නෙම නැති නිසා සහ ඒක මගේ ප්‍රියතම කෑමවලින් එකක් කියල අම්ම දන්න නිසා. මගේ කරුමෙට මූ ආවෙත් එදාම තමා. ආපු ගමන් මූ දෙසා බෑවෙ නැතෑ මුලු කොස් හට්ටියම එක කොස් ඇටයක්වත් ඉතුරු නොකර. ඉතින් එදයින් පස්සෙ නිලන්තයා එනව කියල දනගත්ත ගමන් අම්ම කියනව "ලොකු පුතේ ඉක්මනට කාල හිටියනං අර ළමය එන්න කලින් . . ." කියල.

ආ මට වැදගත්ම දේ කියන්න බැරි උනානේ. නිලන්තය කටුබැද්දෙ ඉන්ජෙක්. උගෙ කැම්පස් එකේ කාඩ් එක තමයි 'පයිතා' . පයිතා කිව්වහම ඒ දවස්වල මුළු කැම්පස් එක විතරක් නෙමෙයි මුළු කටුබැද්දම දන්නවා. හැබැයි ඉතින් ඔන්න මම නොකිව්වැයි කියන්න එපා. ඔය කටුබැද්ද පැත්තෙ යන එනකොට නිකමටවත් 'පයිතව' දන්න විත්තියක් කාටවත් අඟවන්න එපා. ඒක සෞඛ්‍යයට ඉතා අහිතකරයි.

තවනම් ගොඩක් තියෙනව ඉතින් මූ ගැන කියන්න. හැබැයි ඒකෙන් මේකෙන් කියන්න යන කතාව දිග්ගැස්සෙන එක තමයි වෙන්නෙ. ඒක නිසා මම කතාව පටන් ගන්නම්.

ඉතින් අපේ නිලන්තයා කැම්පස් එකේ ඉන්න කාලෙ උන්ගේ බැචෙක්ගෙ ගෙදරක මල ගෙයක් වෙලා. මල ගෙදර තිබිලා තියෙන්නෙ මාතර පැත්තෙ. ඉතින් අපේ නිලන්තයත් උගේ සෙට් එකේ 10ක් 15ක් එක්ක ගියාලු මල ගෙදර. කොහොම හරි මේ දවස්වල කැම්පස් එකේ එග්සෑම් දවස් හින්ද උන් ඉක්මනට එන්න බලාගෙන තමයි ගිහිල්ල තියෙන්නෙ. ඒත් ඉතින් ඔය මල ගෙවල් වල ගියාට පස්සෙ නානාප්‍රකාර වැඩ කෝටියයිනෙ. ඔය අතරෙ ඉතින් මල ගෙදර නයිට ගහන කටිටියට කිරි කෝපි, මාරි බිස්කට් සහ මෙකි නොකී ජාතිත් ඉතින් අහල පහල තියෙන ගෙවල් වලින් සප්ලයි කරනවා. ඒ වගේම් රෑ කෑමත් හොඳ ගමේ රහට අල්ලපු ගෙදරකින් කට්ටිය සප්පායම් වෙලා කාරිය තමයි ඉඳල තියෙන්නෙ.

ඒ වගේම ගම්වල මල ගෙයක් උනහම ඉතින් බූරුවා පොලක් එහෙම වරදින්නෙත් නැහැනෙ. ඉතින් කට්ටිය බූරුව ගහන්නයි, කැරම් ගහන්නයි තව ඉතින් ඔය බෝතලයක් එහෙම හෙමින් සැරේ රවුම් කරන්න වගේ දේවල් වලට ටික ටික සෙට් වෙලා දන්නෙම නැතුව රෑ දෙගොඩ හරියෙ ජාමෙටත් ආවලු. කට්ටියට ආපහු යන්න ඕනෙ කියල මතක් වෙනකොට අම්බානකට පරක්කු වෙලා. ඉතින් තවත් නැවතිල හිටියොත් අපිටම තමා කෙලවෙන්නෙ කියල කට්ටියම බැස්ස පාරට ආපහු යන්න. ඒත් ඉතින් කොහෙද රෑ දෙගොඩ හරියෙ බස් තියෙනවයෑ. ඉතින් ඔහොම ටික දුරක් පයින්ම ඇවිදින කොට වාහනයක් එනව වගේ දැකල අත දාල එක නැවැත්තුවලු. බලාගෙන යනකොට සර්විස් එක ඉවර කරපු ප්‍රයිවෙට් බස් එකක් ඒක. ඉතින් කට්ටිය ඩ්‍රයිවර්ටයි කොන්දටයි වැඳල වැඳල තංගල්ලට පොඩ්ඩක් මෙහායින් බස්සවගන්න කැමති කරගත්තලු. දැන් මේ වෙනකොට වෙලාව පාන්දර තුන හමාර හතරට වගේ කිට්ටුයි. කට්ටියව බස්සපු බස් එකත් අතුරු පාරකට හරෝල නොපෙනී ගියාම ඔන්න ඉතින් අපේ නිලන්තයගෙ නඩේ ආපහු කොළඹ පැත්තට මංගච්චන්න පටන් අරගත්ත බස් එකක් හම්බෙනකං පයිංම යං කියලා.

ඔහොම ටික දුරක් යනකොට කට්ටියට ටික ටික ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයත් ඩිංග ඩිංග මතු වේ ගෙන ආවලු. දන්නවනෙ ඉතින් කැම්පස් හොස්ටල්වල ජීවිතේ, නිකං බඩවල් programme කරල වගේනෙ තියෙන්නෙ. වෙලාව එනකොටම සෙට් වෙනවා. ඉතින් කොහේ කියල යන්නද. මේ වෙනකොට කට්ටිය හොඳට හුලං වැදි වැදි මුහුද අයිනෙන්ම වැටිච්ච පාරෙ තමයි ඇවිද ඇවිද ඉඳල තියෙන්නෙ. පේන තෙක් මානෙක ගෙයක් දොරක් කඩයක් එහෙම පේන්නත් නෑ. එකම විකල්පය තමයි ඉතින් බීච් එක. කොහොමත් සෙට් එකෙන් ගොඩ දෙනෙක්ට මේ වෙනකොට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවය තදින්ම වගේ දැනිල, ඊට වඩා අඩියක්වත් ඉස්සරහට යන්න බැරි විදිහට. ඉතින් කට්ටියත් නමෝ විත්තියෙන් බීච් එකට අඩිය තිබ්බලු. කළුවර කොහොමද කියනවනම් එකාට එකා පේන්නෙ නැති තරමටම කළුවරයිලු. ඔන්න ඉතින් කළුවර හිංද ටිකක් ප්‍රයිවසිත් තියෙනවා (ඕක ඉතින් නැති උනා කියලත් මුන්ට අවුලකුත් නැහැ ) හෝදගන්න මුහුදෙ වතුරත් තියෙනවනෙ කියල කට්ටිය ඉතින් පෝලිමේ තැන් තැන් වල ඉඳගත්තලු. ඒත් ඉතින් බයේ බයේ තමයි කට්ටිය කලිසං ගලෝල වැල්ලෙ වාඩිවෙලා තියෙන්නෙ මොකද ඔය තංගල්ල හරිය කකුළුවන්ට හරි ප්‍රසිද්ධයිනෙ.ඔය කටර් අඬු වගේ තියෙන උන්ගෙ ලොකු අඬුවකට අහු උනොත් එහෙම ඔය පොලවට ලම්භක දෙවල් වලට අනුතුරක් උනත් වෙන්න පුලුවන්නෙ. ඒවගෙද ඉකිරියෝ. ඇනුනොත් එහෙම මොන දෙයියන්ට කියල කියන්නද ?

කොහොමෙං කොහොම හරි බයෙන් බයෙන් ඉඳගෙන කට්ටිය ටික ටික වැඩේ ඉවරයක් කරගත්ත කියමුකො. දැන් ඉතින් හෝදගන්න වාරෙ. මුහුද ටිකක් දුරින් වෙන්න තමයි කට්ටිය වැල්ලෙ වාඩි වෙලා තියෙන්නෙ. අනික මුහුද හරියටම කොයි හරියෙද තියෙන්නෙ කියල පේන්නෙත් නැහැ. ඒ තරමටම කළුවරයි. ඒ මදිවට මේ වාරකං කාලේ. පස්ස හොදගන්න කියල කලුවරේම මුහුදට ගියා වගේ නෙවෙයි ලොකු රැල්ලකට අහුවෙලා ගහගෙන ගියොත් ඉතින් පස්ස හේදුව වගේද ?

මුං ටික ඔක්කොම ඉතින් ඉන්ජොනෙ. ඔන්න ඉතින් ගණිතඥාණය එහෙම පාවිච්චි කරල එකෙක් කිව්වලු "මචං අපි එකෙක්ව දාමු හොඳ රැල්ළක් එනවද කියල බලන්න කියල, රැල්ළ එනකොට අපි හෝදගමු " කියල. ඔන්න ඉතින් කට්ටියම මේකට ඇග්‍රිවෙලා වැඩේට සෙට් නොවෙච්ච එකෙකුට කිවාලු පොඩ්ඩක් රැල්ලක් එනවද කියල බලන්න කියලා, මුන් ටික මුහුද පැත්තට පස්ස පැත්ත හරෝල පෝලිමට ඉඳගත්තලු. දැන් ඉතින් කට්ටිය පෝලිමට වාඩි වෙලා බලාගෙන ඉන්නවළු ටිකක් ලොකු රැල්ලක් එනකන් මොකද කට්ටිය ඉන්නෙ මුහුදට ටිකක් දුරින්. ඉතින් ලොකු රැල්ලක් ආවොත් තමයි උන් ඉන්න හරියට වතුර එන්නෙ. විනාඩි පහක් දහයක් ගියාලු ඒත් එන එන රැළි ඔක්කොම පොඩි පොඩි ඒවලු. මුන් ටික ඉතින් තව ටිකක් විතර මුහුද කිට්ටුවට වෙන්න ලං උනාලු තාරවො වෝක් එක දාලා. ඔන්න එතකොටම රැල්ළ බලන්න දාල හිටපු එකා කෑගැහුවලු ඔන්න එනවා ඔන්න එනවා හෝද ගනින් හෝද ගනින් කියල. එතකොටම මුන් ටික දාලා අතුල්ලන්න පටන් ගත්තලු හොඳට. කරුමෙක මහත කියන්නෙ ඒ රැල්ළත් උන්ට අඩියක් විතර මෙහායින් නතරවෙලා ආපහු හැරිල ගියාලු.

25 comments :

  1. හික් හික්. අපරාදේ සබන් කෑල්ලකුත් දෙන්න තිබුනේ සුදු වෙන්න. :)
    මේ ‍මල ගෙදර එහෙනං තංගල්ලටත් එහා හරියක් වෙන්න ඕන.
    මාතර පහු කරලනේ තංගල්ල තියෙන්නේ.

    ReplyDelete
  2. හික් හික් හික්.... හිනා කන සීන් එකක් නේ... හික් හික්...

    ඔය පැත්තෙ මොන බස් ද රෑට...

    හැබයි කතාවේ ඔක්කොමත් හරි අර අම්ම හදපු කොස් එකයි සම්බොලෙයි ගැන කිව්වම ආපු බඩගින්න... මොන කරන්නද... මොකො මෙහේ ඌව තියෙනවා කියලැයි.. ගියපු කාලක තමා..

    ReplyDelete
  3. එල එල පට්ට කතාව හෙ හේ

    ReplyDelete
  4. චිකේ කැත කතාවක්...

    ReplyDelete
  5. කෑම එකටනම් මටත් බඩගිනි උනා

    ReplyDelete
  6. @ ගයාන්, හි හි නිලන්තය නම් කට්ට කළුයි . . . ඌව නම් හම ගැහුවත් සුදු කරගන්න බැහැ . . . !

    @ පිස්සා පලාමල්ල
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කට කහන කතා බලල කමෙන්ට් කරපු එකට ! මොනව කරන්නද මචං . . . මතක් කර කර කෙල ගිලින්න තමයි තියෙන්නෙ . . . !

    @ පසන් මල්ලි,
    කට කහන කතා බලල සතුටු උනානම් සතුටුයි !

    @ ඉන්ඩි ,
    ස්තුතියි අදහස ප්‍රකාශ කලාට . . .!

    @ ලොකු බුවා ,
    ඔවු මටත් මතක් වෙන හැමතිස්සෙම බඩගිනි වෙනවා !

    ReplyDelete
  7. නියමයි අයියෙ මරේ මරු... මයාගෙ යාලුවන්ට මාර ඒවනෙ වෙන්නෙ... තවත් මෙ වගේ රස කතා ලියන්න අපි කියවන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
  8. හපොයි දෙයියනේ.....හික්ස් අර කිව්වත් වගේ සබන් කෑල්ලකුත් දෙන්නනෙ තිබ්බෙ :D

    ReplyDelete
  9. හොඳ වෙලාවට උඹේ ම යාලුවන්ට මෙහෙම දේවල් උනේ . . නැත්නම් අපිමේවා කියවලා මේ වගේ ආතල් ගන්නේ කොහොමද . . .

    අහ් මචං . . අපි අනිද්දට එන්න හිතාගෙන ඉන්නේ හොඳේ . . බලමු ටෝකක් දාන්න උඹ ඉතිං වාදක මන්ඩලේ ඉන්නවනම් පුලුවන් වෙයිද දන්නේ නෑ . .

    ReplyDelete
  10. @CRod , තෑන්ක් යූ මචන් උඹ ඇවිල්ල බලල කමෙන් කලාට.

    @ හසිත මලේ, මට ඉන්න තරමක් ඉන්නෙ වයර් මාරු වෙච්ච යාලුවො තමයි.

    @ දිල්, උන් ජීවිතේට සබන් පාවිච්චි කරන එවුන් නෙමෙයි .

    @ දුකා, වෙච්ච සමහර දේවල් පබ්ලික් එකේ දාන්න බැහැ . . . හි හි . .

    එළ . . .වරෙන් කොහොම හරි . . අණිවාර්යයෙන්ම උඹට මම කතා නොකර ඉන්නවද . මම මූනු පොතේ අපේ ප්‍රැක්ටිස් සෙෂන් එකක් දානවා. තව ටිකකින් ඇවිල්ල බලපන්.

    ReplyDelete
  11. මෙතනන් මුහුදු වතුරහරි තිබ්බා,මගේ යළුවෙක් ඔය වැඩේ කරගත්තේ බස් ටික්ට් එකෙන්...............

    ReplyDelete
  12. කතාව නම් උපරිමයී ලොක්කා :)

    ReplyDelete
  13. හෝදගන්න රැල්ලක් එනකොට ඒගොල්ලො මුලු ඇඟේම ගාගෙන ඉන්න ඇති නේද එහෙම අතුල්ලලා... චීයා.....

    ReplyDelete
  14. Dumee.. umbada mooda copy kale???

    http://rathei.blogspot.com/2010/06/al.html

    ReplyDelete
  15. @Kush,
    ගොඩක් ස්තූතියි මේක මගේ අවධානයට ගෙනාපු එක ගැන. මගේ පෝස්ට් කොපි කරලා වෙන සයිට් වල සහ බ්ලොග් වල දාන එක නම් මට අළුත් දෙයක් නෙමෙයි. මේ පෝස්ට් එකෙන්ම පේලියක් දෙකක් ගූග්ල් කලොත් ඔබටම තේරෙයි කී තැනක මේ පෝස්ට් එක කොපි කරලා දාලා තියෙනවද කියලා. විෂේශයෙන්ම එළකිරි කියන කොපි ඇන්ඩ් පේස්ට් සයිට් එකේ.

    ඔයාගේ මිත්‍ර 'රතී' මේ පෝස්ට් එකෙන් කෑල්ලක් කොපි කරලා දාල තියෙන්නෙ ජූනි 1 වෙනිදා 9:53 PM.

    මගේ බ්ලොග් ලේ අවුට් එකේ ටයිම් ස්ටෑම්ප් එක පෙන්නන්නෙ නෑ. ඒ වුනාට බලන්න මගේ ලිපිය "ලාංකීය සිතුවිලි" එකේ සින්ඩිකේට් වෙලා තියෙන්නෙ දවල් 12.25 ට. (12.25 PM)

    හරියටම බලන්න ඕනෙ නම් මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න.
    http://syndi.lankeeya.lk/oldpage.php?page=10483

    අනික චෙක් කරලා බලන්න මේ පෝස්ට් එකට කමෙන්ට් වැටිලා තියෙන වෙලාවල්. ඔයාගෙ මිත්‍ර "රතී" පෝස්ට් කරන්න ගොඩක් කලින් තමයි ඒ.

    ඔයාම එතකොට හිතලා බලන්න කවුද කොපි කාරයා කියලා.....

    සමහර විට මේ රතී කියන පුද්ගලයා ඔයාගේ යාළුවෙක් වෙන්න ඇති. ඔයාටත් එයාගෙ සයිට් එකට පොඩි පබ්ලිසිටි පාරක් දෙන්න ඕනෙ වෙන්න ඇති. සමහර විට එහෙම නොවෙන්නත් ඇති.

    ReplyDelete
  16. දුමී...මුලින්ම කියන්න ඕන ඒ බ්ලොග් එක ලියපු කෙනා මගේ මිත්‍රයෙක් තියා මම ඒ බ්ලොග් එක දැක්කෙත් ඔයාට කොමෙන්ට් එක දැම්ම වෙලාවෙමයි... මම ඔයාගේ මේ පොස්ට් එක කලින් බලල තිබුණු නිසායි මම ඒ වෙලාවෙම ඔයාට මේක පෙන්නුවේ... හැබැයි මම ඒක අදහස් කළ විදියෙන් ඔයාට වැරදි අවබෝධයක් ඇති වෙන්න ඇති.. එකට සමාව භජනය කරනවා.. මොකද මම හරි කවුද කියල දැනුවත්ව තමයි ඔයාගේ අවධානයට මේක යොමුකලේ.. මම හැමදාම කොමෙන්ට් කලේ නැතිවුණත් ඔයාගේ, මාරයාගේ, බුද්ධිගේ පෝස්ට් එකක් එනතුරැ මගබලාගෙන ඉන්න තවත් කෙනෙක්... ඒ නිසා මට ෆේක් බ්ලොග් වලට පබ්ලිසිටි දෙන්න අවශ්‍ය නෑ...මට ඕනවුණේ ඔයාව දැනුවත් කරන්න විතරයි.. ඒත් මම ඒක කළ විදිය නම් වැරදි තමා... ඔබට තවතවත් ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... සුභ නව වසරක්....!!!

    ReplyDelete
  17. මම දුමීගෙන් සමාව ඉල්ලනවා වුන වැරැද්ද සම්බන්ධයෙන්. ඒත් කල් ගියා වැඩිද මන්දා. මම බ්ලොග් ලියන්න ගත්ත මුල් කාලයේ වෙච්ච වැරැද්දක් ඒක. මම ඒ ගැන නැවත නැවත බැලුවෙ නැති එක වැරැද්දක්. ලියන්නන් වාලේ නොලියා දැනුම දෙන විදිහට තාක්ෂණික බ්ලොගයක් ලියන්න ඕන කියලා හිතුන දවසේ මං ඔය ගැන දැක්කනම් දෙපාරක් හිතන්නේ නැතුව අයින් කරනවා. ඉතින් ඒත් මට මතක තිබ්බා මං කොහෙන්හරි ගත්ත එකක් ඒක කියලා. නැවත ඒ වැරැද්ද හා පෝස්ට් එක ගැන අවධානය යොමුවුනේ මේ කතිකාවතේදී. ඒ වැරැද්ද දැක්ක වෙලේ මං ඒක නිවැරදි කරා. හිත හිත හිටියත් ඔයාට කමෙන්ටුවක් දාන්න සයිට් එකට ආවෙ දැනුයි. http://rathei.blogspot.com/2010/06/dualcore-core2duo-core2duo-vs-dual-core.html දරණ පෝස්ට් එකත් මං ඒ දවස්වල freepcclinic තාක්ෂණික සගරාවෙන් ගත් එකක්. ඒත් මං ඒ ගැනත් එතනදි සදහන් කරලා තියෙනවා. ඒත් මේ සම්බන්ධව සදහනක් කිරීමට මගේ අතපසුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා නැවතත්. මොකද මං බොහොම මහන්සි වෙලා පෝස්ට් දෙන්නේ මගේ ෆීල්ඩ් එක පැත්තෙන්. ඒ නිසා අහුලපුවා නැතුව මගේ දෙයක් දෙන්නයි අවශ්‍ය. ඒ ගැන සදහන් කරල මතක් කරදීපු Kush සොයුරාටත් මගේ ප‍්‍රණාමය. මේ වගේ වැරදි ආයෙත් දැක්කොත් පෙන්නල දෙන්න. වැරැද්ද පෙන්නපු මිනිහගේ අත හපා කන්නේ කල ගුණ නොදන්න එවුවො. ලංකාවේ ඒ වගේ මිනිස්සු හිටියට මං එහෙම එකෙක් නෙවෙයි. නැවතත් සමාවෙන්න.

    ReplyDelete
  18. හිතවත් රතී,
    වැරදි කියන දේවල් මිනිස්සු අතින් සිද්ධ වෙන දේවල්. අපි කවුරුත් දෙවිවරු හෝ රහත් භාවයට පත් වෙලා නෑනෙ. ඔබ විසින් කරන ලද්දේ වැරැද්දක් බව හඳුනාගෙන එය නිවැරදි කිරීමේ ඔබගේ අගනා ගුණාංගය මම ගොඩක් අගය කරනවා.

    ඔබගේම අනන්‍යතාවය රැකගෙන කරන ඔබගේ වර්තමාණ බ්ලොග් නිර්මාණ ගොඩක් උසස් තත්වයේ තියෙන බව මම දැක්කා. මමත් ඒවයින් දැනුමක් උකහා ගත්තා. දිගටම ඔබගේ හැකියාවෙන් මේ වගේ අගනා ලිපි පළකර සියළු දෙනාටම හරවත් යමක් ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා...!

    @Kush,
    ඒ සමගම "Kush" ටත් මම නැවත ස්තූතිවන්ත වෙනවා මේක අවධානයට යොමු කිරීම ගැන. මම ඔහු වෙත කරනා ලද පොඩි චෝදනාවෙන් සිත් අමනාප කමක් ඇති කර නොගනී යැයිද සිතනවා.

    ReplyDelete
  19. බොහොම ස්තුතියි දුමී. බොහොමත්ම ස්තුතියි මචං.
    "Kush" අමනාප වෙන්න එපා දුමී එක්ක. මෙතනදි ඔය දෙන්න අතර අමනාපයක් ඇතිවෙනවනම් ඒක කරැණාකරලා මගෙ පැත්තට ෆෝවර්ඩ් කරන්න. මොකද ඵලය ඇතිවීමට හේතුවයි මේකට මුල. දෙන්නම බුද්ධිමත්ව හිතන දෙන්නෙක්. කොහොමවත් අමනාපයක් ඇතිවෙන්න විදිහක් නෑ.

    ReplyDelete
  20. හිතවත් රතී... ගොඩාක් සන්තෝසයි ඔයා නිහතමානීව වැරැද්ද පිළිගත්තට.. ගොඩාක් අගය කරනවා මේ සංවාදයට තමන්ම එකතුවෙලා ඒක නිවැරදි කර ගත්තට...

    දූමී....මට අමනාප වෙන්න කිසිම කිසිම හේතුවක් නෑ.. මමත් ඒක ඔයාට පෙන්නුවේ වැරදි විදියකටනේ.. මම කොමෙන්ට් නොදැම්මට හැමදාම ඔයාලා කීප දෙනෙක්ගේ බ්ලොග් වලට ගොඩවෙලා යන කෙනෙක් මම කලින් කිව්ව වගේ.. ඉතිං දිගටම ලියන්න... පුළුවන් වෙලාවක කොමෙන්ට් එකක් දාලා යන්නම්....

    ReplyDelete
  21. lassana sarala kathaa shailiyak

    ReplyDelete

Related Posts with Thumbnails