කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියා - දෙවන කොටස

Posted by දුමී



පළවෙනි කොටස මෙතනින් කියවන්න.



දෙයියොත් බමන්ත සද්ද කියලා නම මාරු කරලා ඇඟට කිටි කිටියේ හිරවෙන ඇඳුමකුත් දීල ගියා මිසක් අඩුගාණෙ කුණ්ඩලීනි යූසර් මැනුවල් එකවත් දීල ගියේ නෑ නේද කියලා බමන්ත සද්දට මතක්වෙලා ටික ටික මල පැන ගෙන ඇවිල්ලා දෙයියොත් එක්කම දෙයියන්ගේ පරම්පරාවත් මතක් කරන්න ගත්ත ගමන් එක පාරටම ඔන්න දෙයියන්ගේ මූණ ආපහු මතු උනා බමන්තගේ ඉස්සරහින්.

"මොන රෙද්දක්ද බමන්ත, බුදිය ගන්නවත් දෙන්නෙ නැද්ද මට..කිඹුහුම් යනවා....මොකද මාව මතක් කලේ....?" ඔන්න බොලේ කුණ්ඩලීනි දෙයියොත් ගෝරණාඩු කරනවා ඔළුව විතරක් දාලා.

"ඔහේ මේ මට බේබි සූට් එකක් වගේ ඇඳුමක් අන්දල, මගේ යසට තිබිච්ච නම වෙනස් කරලා ගියාට මට අනාගතේට යන හැටි කිව්වෙ නෑනේ.....!" ඔන්න බමන්ත සද්දත් කියලා දැම්මා.

"ඕක තමයි මේ මොනිටිසෝරියත් කට්ටි පැනපු උං කුණ්ඩලීනි වලට දා ගත්තහම මේ අහක ඉන්න අපිට තමයි අමාරු. ඕකට අර හැමදෙනාම දාන ජ්‍යාමිතික සූත්‍රය දැම්මානම් හරිනේ....." දෙයියොත් ගෝරණාඩුවක් දැම්මා....

"එහෙනම් පොඩ්ඩක් ඉන්න දෙයියෝ මම කවකටු පෙට්ටිය අරගෙන එනකං...." බමන්ත නැගිට්ටෙ කවකටු පෙට්ටිය හොයාගෙන එන්න...!

"කවකටු පෙට්ටි මොකටද... ජ්‍යාමිතිය විසඳන්නේ ඇඟිලි වලින්නේ..... ඉස්සෙල්ලම අරක මෙතනින් ගන්න මෙන්න මෙහෙම....." දෙයියෝ වම් අත කරකවලා ඇඟිලි ටික විහිදුවලා බඩ උඩ තියාගත්තා....."ඊට පස්සෙ මේක මෙතනින් ගන්න මෙන්න මෙහෙම...." දෙයියෝ දකුණු අත කරකවලා අරගෙන වම් අතේ ඇඟිලි වලට කිට්ටු කරලා තියාගත්තා..

"ඊට පස්සෙ මේ දෙක එකතු කරන්න, කම්බයින් කරන්න මෙන්න මෙහෙම...." දෙයියෝ ඇඟිලි ටික බඩ උඩ පටලව ගත්තා....

"ඈහ්.......?" බමන්තට කෑගැහුනේ ඉබේටම වගේ....

"පොඩි විහිලුවක් කලේ බමන්තයෝ, ගණන් ගන්න එපා.... මම මේ පහු ගිය දවස්වල ජ්‍යාමිතිය ගැන එෆ්.බී එකේ තිබුනු ජෝක් වීඩියෝ එකක් බැළුවා....”

බමන්තයෝ, ඕකට ඔච්චර මැරෙන්න ඕනෙ නෑ... ඇස් දෙක පියාගෙන යන්න ඕනෙ අවුරුදු ගාණ ගණන් කරපු ගමන් ඒ ගණන් කරපු ගාණට අනාගතේට යන්න පුළුවං.පස්සට කරාම අතීතයට යන්න පුළුවන්....ගණන් කරලා ඉවර වෙලා අප්පුඩියක් ගහන්න....එච්චරයි." කුණ්ඩලීනියත් ඇඟට පතට නොදැනී කියලා ආපහු මාරු වෙලා ගියා.......

ඔන්න ඉතින් බමන්ත සද්දත් ඒ කිව්ව විදිහටම ඇස් දෙක පියාගෙන ගණන් කරන්න පටන් ගත්තා...."එකායි, දෙකායි, තුනායි...................... පනස් එකායි, පනස් දෙකායි........, මදුරුවෙක්....චටාස්........පොහ්.......!!”

'පොහ්' ගාල මදුරුවා මැරුනේ කොහොමද බමන්ත ඇස් දෙක ඇරලා බැලුවා.....

ඇස් දෙක ඇරලා බලපුවහම බමන්තගේ ඉස්සරහා නිල් වන් කෙත් වතු යායක්. ඈතින් සීයා කෙනෙක් අමුඩයක් ගහගෙන පෝර ඉහිනවා...! බමන්ත වාඩිවෙලා ඉන්නෙ ඒ වෙල අද්දර ගල් තලාවක් උඩ.....වෙල අද්දර සිරාවට කාපට් කරපු, දෙපැත්තටම යකඩ වැටවල් ගහපු තඩි පාරක්, පාරෙන් එහා පැත්තට වෙන්න පොල් අතු හෙවෙලි කරපු තේ කඩයක්.....ඔන්න ටික වෙලාවකට පස්සෙ අර කාපට් කරපු පාර දිගේ ඩක ඩක ගාගෙන තනි දොරේ ලංගම බස් එකක් එනවා....

"මේ කොහෙද බොලේ මේ.....?" බමන්තත් බිරන්තට්ටු වෙලා වගේ බලාගෙන ඉන්නවා ගලටම වෙලා....හෝඩුවාවක් දැන ගන්න....!!

ඔන්න ටිකකින් අර පෝර ඉහ ඉහද කොහෙද හිටපු සීයා එනවා උදැල්ලත් උස්සගේන් අමුඩ කෙටියත් ගහගෙන ගල ගාවින් ඇවිදගෙන යන්න...."

සීයේ....!" බමන්ත අර සීයට කතා කලා....!

"සීයේ......? මම කොහොමද ඕයි තමුසෙගේ සීයා උනේ.... මගේ නම චමින්ද....!"

"අනේ සීයේ ... සොරි සොරි... සමාවෙන්න..අයියේ ඔයා ලංකාවෙද ?" බමන්තට ඉබේම ඇහුනේ හිතේ කොනක සැකයක් තිබිච්චි නිසා....!

අර චමින්දත් එක පාරටම යන ගමන නවත්තලා බමන්ත දිහා ඔළුවේ ඉඳන් පාදාන්තය දක්වාම බැල්මක් හෙළුවා....!

"ඇයි... තමුසේ අහලා තියෙනවද ඉන්දියාවෙ මිනිස්සු කුඹුරු කොටලා යන ගමන් සිංහලෙන් කතා කරනවා....?" චමින්ද සීයත් කරුණාවෙන්ම උත්තර දෙනවා. ඒ හඬේ ලාංකීය බව බේරෙනවා...

"හරි හරි.... ඇති යාන්තන්....මම ඉන්නෙ ලංකාවෙ තමයි...."අර සුපුරුදු ලාංකීය ආමන්ත්‍රණ කනට වැටුනු බමන්තට හිතුනා.....! අයියේ මොකක්ද මේ අවුරුද්ද....?"

"මේ මනුස්සයෝ මේ 2064...... තමුසේ අංගොඩින් පැනලා එන ගමන්ද....?" සීයට මල පැනලා.....!

"අප්පට සිරි.... 2064...කුණඩලීනි වැඩ...........මම ඉන්නෙ අනාගතේ …......අංගොඩත් තාම තියෙනවලු.......!"

ඒ එක්කම බමන්තට හිතුනේ …. “මේ 2064 නම්, මුගේ වයස පේන හැටියට නම් මේ චමින්ද ඉපදෙන්න ඇත්තෙ එක්දාස් නවසිය අනූ ගණන් වල වගේ වෙන්න ඕනෙ..... හුටා... ඒ කියන්නෙ මූ මට වඩා ඇත්තටම බාලයි...........” බමන්තටත් හිතුනා....

"මචං....උඹේ ගෙවල් කොහෙද....?" අමාරුවෙන් එහෙම කතා කරන්න කට හදාගත්ත බමන්ත අර චමින්දගෙන ඇහුවා......

ඒ විදිහට මචං කියලා කතා කරපු එකෙන් චමින්දත් පොඩ්ඩක් කික් එකක් ඇවිල්ලා....

“මෙන්න මේ හයි වේ එකේ හරියටම අනිත් පැත්තේ බං.....!” චමින්ද ඇඟිල්ල දික්කරලා හරියටම පාරෙ එහා පත්තෙන් පාර අයිනට වෙන්න තියෙන ගෙයක් පෙන්නනවා...

“ මේ මම දැන් මම හයි වේ ඉන්ටර් සිටියක් එනකන් ඉන්නවා ගෙදර යන්න....! ඇයි පයින් මාරු වෙන්න බෑනේ... 5000ක් දඩ...! ඊට වඩා ලාබයි රුපියල් 400ක් දීලා ඉන්ටර්සිටියේ යනවා....!” චමින්දත් ඔරේ කියවනවා....

"මචං ඉන්ටර්සිටියක් එනකන් පොඩ්ඩක් කතා කරමුද ? 2064 වෙලත් තාම අමුඩේ ගහගෙන කුඹුරු කොටන්නෙ ඇයි...?"

"ඇයි ඕයි, තමුසෙ කියන්නෙ 2064 කියලා හෙළුවෙන් කුඹුර කොටන්න කියලද ?" ...මේකා එන්නෙම වලියට....

"නෑ මචං මම අහන්නේ ලංකාව දියුණු වෙලා නැද්ද පහු ගිය අවුරුදු 50ට 60ට....?"

බමන්තත් පොඩ්ඩක් ශාන්ත දාන්තව ප්‍රශ්නේ අහලා දැම්මා...?

"දියුණු වෙලා නැද්ද ? දැන් තමුසේ බලනවකෝ අපි පොඩි කාලේ තිබුනා වගේ අඩි පාරක්, ගුරු පාරක්, තාර පාරක් ඉතුරු වෙලා තියෙනවද කියලා....! බෝක්කුවක්, කාණුවක් ඉතුරු වෙලා තියෙනවද කියලා.....! ඒවා ඔක්කොම හයිවේ එහෙම නැත්නම් ගුවන් පාලම් වලට හරවලා තියෙන්නෙ......! බේතකටවත් නිකන් පාරක් නෑ....! පේනවා නේද.. බොහොම අමාරුවෙන් මේ කුඹුරක නියරක්වත් බේරගෙන තියෙන්නෙ.!! දියුණු වෙලාද කියලා අහනවා....! දැන් ලංකාවෙ ප්‍රධාන ආධායම් මාර්ගය තමයි හයිවේ....! " චමින්දත් කියවගෙන කියවගෙන යනවා හරියට මයිනෙක් වගේ.

"ඒකත් එහෙමද..එතකොට දේශපාලනේ.....? දැන් එතකොට කවුද මේ රටේ නායකයා....?"

“රටේ නායකයා තමයි අපේ මහ රජ තුමා.........!”

“මොන මහ රජතුමාද ?” තක්බීර් වෙච්ච බමන්තත් ඇහුවා...

“මොන මහ රජතුමාද ? ඒකවත් දන්නෙ නැද්ද... අර පණ්ඩුකාභය පරපුරෙන් පැවත එන්නෙ...?”

“පණ්ඩුකාභය...? ඒ කියන්නෙ අබා...?” බමන්තට ඒකාලේ බලපු ෆිල්ම් එකක් මතක් උනා

“අන්න හරි.... අබාගේ බබා තමයි දැන් රජ කරන්නෙ...!!”

“හුටා... ඒ කියන්නෙ ඇක්සන් ජන්තු වැඩේ දීලා....!” පොර ඉතිහාසය ලියන මුවාවෙන් අනාගතේට ගේම දීල වගේ. මොනව උනත් මීයක් කඩන්නෙ ඇඟිලි ලෙවකන්න නෙමෙයි කියලා ඒ දවස්වල සූ එකේ හිටපු වලහෙක්ද කොහෙද කියලා තිබුනා.

"මචං චමින්ද... අර ඒ දවස්වල හිටපු රාජ පරම්පරාවට මොකද උනේ..? ඒ කියන්නෙ මීට අවුරුදු 50 කට විතර කලින් හිටපු...?" බමන්තත් හිතේ කැකෑරෙමින් තිබුනු පුරස්නේ ඇදලා දැම්මා....!

“අනේ ගොනෝ.....” ….චමින්දයා පටන් ගත්තා..."අර රජතුමාගෙ ඇඟේ වහපු මැස්සට කඩුවෙන් කොටපු වඳුරා ගැන දන්නවද ?"

"ඔව් ඔව් ඉතින් ඉතින්" බමන්තට දැන් හරිම කුතුහලේ

"ඒ එක වඳුරෙක් ඉඳලා එහෙම උනේ. ඉතින් හිතා ගන්නකෝ වඳුරො දෙසිය ගාණක් වටේට හිටියහම වෙන සන්තෑසිය..."

අපොයි දෙයියනේ කියලා කම්මුලේ අත ගහගත්ත බමන්ත ඊට පස්සෙ ඒ ගැන මොකුත් අහන්නෙ නැතිව ඉන්න තීරණය කලා.

"එතකොට ඒ වඳුරො ටික ?"

"ආහ්... ඒ වඳුරො ටිකට දැන් පුළුන් පුරවලා දියවන්නාවේ මියුසියම් එකට දාල තියෙනවා ජනතාවට බලලා විනෝද වෙන්න......"

‘එහෙනම් ඒ කාලෙයි මේ කාලෙයි අතර වෙනසක් නෑනේ, තාමත් වඳුරො ටික ජනතාවට විනෝදය සපයනවා...’

"මචං චමින්ද.... කවුද එතකොට දැන් රටේ විපක්ෂ නායකයා....?" අමාරුවෙන් අනාගතේට ආපු එකේ ඔන්න ඔක්කොම විස්තර ටික අහගෙනම යනවා කියලා බමන්තට හිතුනා.

“විපක්ෂ නායක කවුද ඉතින්... රනිල්ම තමයි....” බමන්තගේ ඇස් දෙක නළලට යවන ගමන් චමින්දයත් මරු කියවනවා.

“රනිල්..? මෙච්චර කල්... ඒ කොහොමද …....? පොර ඒ කාලෙත් සෑහෙන්න වයසයිනේ....”

“ඕකනේ කියන්නෙ.... තමුසේ දන්න අටමගලයක් නෑ කියලා. රනිල් ලොක්කට අර ධවල බමුණා බේතක් මවලා දීලානේ නොමැරී ඉන්න...”

“ධවල බමුණා.......?” බමන්තට නම් හිතුනේ මේ චමින්දයත් අංගොඩින් පැනලා එන ගමන්දෝයි කියලයි.

"ඔව් ඔව්, අර වලියන්ත ඊට් කියලා හිටියේ. අර ඒ දවස්වල එෆ්.එම් එකකින් ගලක් පෙරලලා දාලා මස්ත බාල්දු වෙලා ගියේ. පොර ඒ කාලේම ගිහි ගෙය කල කිරිලා හිමාලේ පැත්තට භාවනා කරන්න ගියා කියලා ආරංචියි."

බමන්තට දැන්නම් වැඩේ හොඳටම පැහැදිලි වීගෙන එනවා...

“එතකොට අර ඒ දවස්වල අනීවාරතේ හිරේ යන්න වෙච්ච ජන රාළ තුමාට මොකද උනේ...? නිදහස් උනාද...?” බමන්තගේ හිතේ තිබිච්ච තවත් ප්‍රශ්නයක් ඇදලා ඇරියා....

“නිදහස් උනා නිදහස් උනා....! ඇමරිකාවෙ ජනාධිපති, උන්නැහේ වෙනුවෙන් සමාව ඉල්ලුවනේ....! ඉතින් නිදහස් උනා....”

"හෑහ්...? ඇමරිකාවෙ ජනාධිපති...සමාව ඉල්ලුවා..?" බමන්තගේ කට තාමත් ඇරිච්ච ගමන්මයි....

“නැතිව නැතිව.... උන්නැහේට උන්නැහේගේ වැඩක් කරගෙන යන්න බැරි තරමටම වැඩේ දරුණු උනානේ. ලියුං එන තරමක් ආවා කියන්නෙ ලංකාවෙන් යවන පෙත්සං.... ඔන්න ඉතින් උන්නැහේ එතුමා වෙනුවෙන් සමාව ඉල්ලුවා...”

“ඉතින්.. මොකද උනේ....?”

“මොකද උනේ තමයි... නිදහස් උනා විතරයි ජන රාළ තුමා හිරේ ඉන්නකං උඩ පැනපු ගෝතයෝ ටික උන්නැහේගේ පැත්තවත් බැළුවෙ නෑ. ඉස්සර එතුමා උසාවියට, ඉස්පිරිතාලෙට යනකන් කැමරා මානගෙන ෆොටෝ අල්ලන්න බලාගෙන හිටපු මාධ්‍යය වේදියෝ එකෙක්වත් එතුමාගේ ෆොටෝ එකක් ගහන්න පැත්ත පලාතක ආවෙ නෑනේ...බැරිම තැන එතුමා එළියෙ ඉන්නවට වඩා ඇතුල හොඳයි කියලා ආපහු ඉල්ලගෙන හිරේ ගියා....”

හපොයි, මේව ඇහෙනකොට බමන්තට නිකං කැරකිල්ල වගේ......

“එතකොට අර රතු සහෝදරවරු. ඒ ගොල්ලන්ට මොකද උනේ....?” බමන්තගෙනුත් ප්‍රශ්න පිට ප්‍රශ්න.

“ආ ඒක ඒ කාලෙම විසඳුනානේ....! දැන් බලන්න නයි දෙන්නෙක් ඉන්නවා. එක නයෙක් අනිත් නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අනිත් නයත් අර නයාගේ වලිගෙන් ගිලගෙන ගිලගෙන යනවා. අන්තිමට නයි කී දෙනෙක් ඉතුරුද...?”

“එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑනේ....” බමන්තට ඉබේම කිය උනා......

“මචං චමින්දයෝ, අඩුම තරමේ ක්‍රීඩාවෙන්වත් දියුණුවක් නැද්ද හැබෑටම.....! කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවෙ තත්ත්වෙ එහෙම. 96න් පස්සෙ කීපාරක් ලෝක කුසලාණේ දින්නද ?” මොලේ කරපට් වෙලා හිටිය බමන්තත් මාතෘකාව වෙන පැත්තකට හරෝලා දැම්මා....!

“මොකා කිව්වා.....? ක්‍රිකට්...? ඒ මොකක්ද ? ආහ්... ඉස්සර එහෙම එකක් තිබුනා තමයි. ටික කාලෙකට ඉස්සෙල්ල ඒ ගොල්ලන්ව ගොඩවල් ගාණට ඉන්දියාවෙන් සල්ලි දීලා ගත්තයින් පස්සෙ එහෙම එකක් නැතිව ගියා..... ” චමින්දයත් කිසිම විළි සංගයක් නැතිව කියවනවා...

“අඩු ගානේ ජාතික ක්‍රීඩාවක්වත් නැත්ද ?” බමන්තගෙත් ඉවසීමේ සීමාව පැනලද කොහෙද .

“ජාතික ක්‍රීඩාවක් නැත්තෙ මොකද. අපේ ජාතික ක්‍රීඩාව තමයි නයිට් රේස්....” චමින්දයත් දෙකට නැවිලා අමුඩ ලේන්සුවෙන් කට පිහිදගන්න ගමන් කිව්වා.

එතකොටම තමයි චමින්ද මෙච්චර වෙලා බලාගෙන හිටපු හයිවේ ඉන්ටර්සිටිය ආවේ. චමින්ද අත දැම්ම විතරයි යන්තන් ස්ලෝ කරපු පරණ ටකරන් බස් එකට චමින්ද උදැල්ලත් උස්සගෙන ටික දුරක් දුවල ගිහිල්ලා යාන්තම් එල්ලුනා.

අනාගත ආශ්චර්යය බලන්න ආපු බමන්තට දැන් හොඳටම කලන්තෙ වගෙයි. ආපහු යන්න ඕනෙ කියලා හිතලා ඔන්න ඇස්දෙක පියාගෙන පිටිපස්සට ගණන් කරන්න පටන් ගත්තා.... 52, 51, 50.....3,2,1 චටස්. ම්හ්... මුකුත් වෙන්නෙ නෑ... හිටපු තැනමයි.... චටස්....චටස්....චටස්.....!

එතකොටම තමයි බමන්තට හුරු පුරුදු හීනි සොඳුරු කට හඬක් ඇහුනේ.....

“මොන මළ වදයක්ද මම දන්නෙ නෑ.... මේ මිනිහට පිස්සු හැදිලද කොහෙද.... මහ රෑ තිස්සේ නැගිටගෙන ඇඳ උඩ උඩ පැන පැන අප්පුඩි ගහන්නෙ....! මේ පොඩි එවුන්වත් ඇහැරවන්න හදනවා.....!

හපොයි දෙයියනේ මම හෝදලා ඇඳ විට්ටමේ වේලෙන්න දාල තිබුනු මගේ සල්වාර් එකත් මේ මිනිහා ඇඳගෙන......! පොඩ්ඩක් කට ගාගත්ත ගමන් උන් හිටි තැන් හිටන් අමතක වෙනවා.....!

අනේ ඉතින් මෙයාට මට කුණ්ඩලීනි යෝගේ ලැබුනා කිව්වොත් පිලිගනීද ? ඒක නිසා දුමියත් ඇඳේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.

132 comments :

  1. එහෙනං ' අහෝ දුමියා නොදිටි මොක් පුර '

    ReplyDelete
    Replies
    1. දුටුවෙමි දුටුවෙමි මොක් පුර දුටුවෙමි

      Delete
  2. හෆ්ෆේ... ඔයින් ගියා මදැයි අතක් පයක් කඩා ගන්නෙ නැතුව !!! අහන්න ඔළුවට එන ප්‍රශ්ණ ටික මෙතන අහන්නෙ කොහොමද ඉතින් ?!!!

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් අතක් පයත් කැඩෙනවා වෙනියෝ...

      Delete
  3. සිරාවටම දුමී අයියා අනාගතේ ඔහොම වෙන්න ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. දැන් යන විදිහට නම් මීට වඩා වෙනසක් වෙන එකක් නෑ.....!

      Delete
  4. 2064 ට නම් ගිහිල්ලත් වැඩක් නෑ වගේ නේද? ලස්සන කතන්දරේ. ඉන්න තැනම හිටියා නම් හොඳයි කියලා හිතෙනවා ඉස්සරහටයි, පස්සටයි නොයා. :D

    ReplyDelete
    Replies
    1. ඉන්න තැනත් නිදහසේ ඉන්න පුළුවන්නම් කොච්චර හොඳද පොඩ්ඩියේ......!

      Delete
  5. //හපොයි දෙයියනේ මම හෝදලා ඇඳ විට්ටමේ වේලෙන්න දාල තිබුනු මගේ සල්වාර් එකත් මේ මිනිහා ඇඳගෙන......!//

    හී හී...හොඳම ටික මෙන්න...අර අන්දලා තිබ්බ බේබි සූට් එක මේක වෙන්ට ඇතිනේද? :D

    ReplyDelete
    Replies
    1. ඒ සූට් එක තමයි, ඒ සූට් එක තමයි......!

      Delete
  6. පට්ට කියන්නේ පට්ට පට පට.

    “විපක්ෂ නායක කවුද ඉතින්... රනිල්ම තමයි....” :D:D:D:D:D:D:D:D

    ReplyDelete
    Replies
    1. වෙන කාටවත් විපක්ෂ නායක කමට එන්න මේ කපේට චෑන්ස් එකක් පේනවද පූසෝ උඹට ?

      Delete
  7. ඔන්න කනො..පිනුම්..පුලුවන්නම් බලාගනිං කිව්වලු...අම්මපා දුමී..හයිග් වේ එකේ යනකොට ඇත්තටම කුඹුරු දකින්ඩ තියෙනවනේ මචො..ඒ විතරක්යෑ..පංසල් 10 විතර තියෙනව මග දිගට...ගම්මැද්දැවේ සිරියාව විඳින්ට හයිග්වේ එකේම යන්ට ඔනෑ ඔං

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පාර පනින්න බෑ නේද බොලව්....? මෙව්වා එකකින් ගිහිල්ලා මෙව්වා එකකින් තමයි එන්න වෙන්නෙ...!

      Delete
  8. මට නම් මදි වගේ...! හැබැයි ඉතින් ඔහොමම වෙයිද දන්නෙත් නෑ. කොයිකටත් කියලා දැම්මම මේ පෝස්ට් එක බුක්මාක් කරගන්නවා. 2064 දී මුණුපුරෙක්ටවත් පෙන්නන්න.

    පුතේ, ඉස්සර හිටියා දුමී කියලා සීයා කෙනෙක්... එයා මිට අවුරුදු ගාණකට කලින් අනාගත වාක්‍යයක් ලියලා තිබ්බා බ්ලොග් කියලා එකක...

    ඒ දෙබස බලා ගන්න මටත් කුණ්ඩලණී ටිකක් ණයට ගන්න බැරිවෙයිද දුමී අයියේ...???

    ReplyDelete
    Replies
    1. මටත් මදි වගේ තමයි මලේ....! හිතේ තිබිච්ච දේවල් ලියන්න ගියානම් බමන්ත සද්ද මේ කපේදි ආපහු වර්ථමානෙට එනවා බොරු....!

      Delete
  9. හරි සෝක් මරු කතාව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ස්තූතියි....!

      Delete
  10. හෆොයි . . ..

    යකෝ . . .මට මැවිලා පේනවා ගමහාමිනේ තෝව හම ගහන හැටි . . . .

    අනේ අම්මපා තෝව නම් කොටියම කන්න ඕන . .

    හොඳවෙලා තිබ්බ කැස්ස ආයේ වැඩි උනා මේක කියෝලා හිනා වෙන්න ගිහින් . . .හෆෝයී . . ..

    සිරාවටම දේසපාලන ප්‍රහසන නාට්ටියක් කරන්න කියාපු ස්ක්‍රිප්ට් එක බන් . .

    මොකෝ කියන්නේ අපේ කට්ටියේ කස්ටිය දාලා කැන්ඩ්ල් ඒයිඩ් ප්‍රොජෙක්ට් එකට ෆන්ඩ් රයිස් කරන්න ඩුබායි වල ඩ්‍රාමා එකක් කරමුද?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් උඹ අනාචාරේ ගිහිල්ලා හදා ගත්ත කැස්සත් මගේ පිටෙන් දාපන්....!

      අපි මේ දැන් රඟ පාන ප්‍රහසන නාට්ටි මදිද බං තව අමුතුවෙන් ස්ක්‍රිප්ට් ලියාගෙන රඟපාන්නෙ....!

      Delete
  11. ඇත්තටම අනාගතේ මෙහෙම නොවෙයිමත් කියලා හිතන්නත් අමාරුයි තමා දැන් තියෙන තත්වෙත් එක්ක.
    උදේම ලේ පිරිසිදු කර ගත්තා දුමී අයියා..
    තුන්වෙනි කොටසක් නැති වෙයි වගේ නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි අදහස් වලට...! ලියනවනම් තුන් වෙනි කොටස නෙමෙයි තව කොටස් 100ක් විතර ලියන්න පුළුවන්.

      Delete
  12. දුමි අයියා , කතා දෙකම බොහොම හොඳයි ...
    දෙවෙනි එක එනකන් දවස් ගානක් චෙක් කර කර හිටියේ
    බමන්ත සද්ද .. හි හි
    ලොකු ලොකු සද්ද දාල දැන් කිසිම සද්දයක් නැතුව ඉන්නවා නේද ???

    ReplyDelete
    Replies
    1. කාරිය බහුල කම තමයි, කාරිය බහුල කම තමයි. පොඩ්ඩ පොඩ්ඩ ඇහැකි වෙලාවල් වලට තමයි ලියලා දැම්මෙ....!

      Delete
  13. තව කැරැක්ටර්ස් ටිකක් දාමු . . .

    දෙයියට ගමු අපේ ජෝර්ජ් අයියව.

    ගම හාමිනේටත් හොඳට රන්ඩු කරන්න ඇහැක්නේ ඇයි අර අපි නොදන්න ලයිව් එකේත් දුන්නේ ඇස්ටි හැලෙන්න.

    චමින්දට සරත් අයියව ගමු.

    අර පොඩි කඩේ බෑන්ඩ් එකක් ප්ලේ කරනවා කියලා ස්ක්‍රිප්ට් එක චේන්ජ් කරලා රජීව්, කින්චා, දර්ෂන, ශෙනාලි, කෞශි, චරිත් දාමු ඒකට පන්කොල තොප්පි දාගත්තු බතික් සරොම් අඳින ගෲප් එකක් විදිහට . . .

    දේසපාලනේ ගැන කිය කිය කෑ ගහන කතාකරන හරකෙක්ගේ චරිතෙකුත් දාලා මටත් පොඩි හරි කෑල්ලක් දියන් ඈ . ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දැන්නෙ නෑ බං... කවුරුවත් දැන් බීෆ් කන්න එච්චර කැමැත්තක් නෑ....!

      Delete
  14. අනෙ අම්මේ... හිනා වෙලා පණ ගියා යකෝ... පිස්සු කොරනේ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ පිස්සෝ, තැන්කූ....!

      Delete
  15. කතා දෙක අතරෙ කාලෙ ගත්තා නම් හොඳටම වැඩී...මම තුන් හතරපාරක්ම ඇවිත් චෙක් කොරා..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනෙ පරක්කුවට.....! හැමදාම ඇවිත් චෙක් කොරාට ස්තූතියි.....!

      Delete
  16. හපොයි මගේ බඩ සිදෙනවා හිනා වෙලා.... :D

    ReplyDelete
    Replies
    1. සෝරෝ මලේ, ලඟදි පණුවන්ට බෙහෙත් බිව්වෙ නෑ නේද ?

      Delete
  17. "හපොයි දෙයියනේ මම හෝදලා ඇඳ විට්ටමේ වේලෙන්න දාල තිබුනු මගේ සල්වාර් එකත් මේ මිනිහා ඇඳගෙන......!"

    හත් ඉලව්වේ හුඹහට තල්මහ රිංගුවා වගේ තියෙන්ට ඇති...
    ඇති අක්කණ්ඩි ඉලපත් පාර නොදුන්නා සල්වාර් එක පැළුවට...

    ReplyDelete
    Replies
    1. උඹලත් හොඳට දන්නව ඉතින් හුඹහට තල්මහ රිංගන සීන් නේද ?

      Delete
  18. හැක් හැක් හැක් හෑක්ක්ක්ක්............. ආතල් කතාව ඔක්කොම කියෝලා කමෙන්ට් කරන්න හිටියේ. ඇයි දෙයියනේ අදම ඉවර කරේ????????

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ කියන්නෙ තව මාසයක් විතර අදින්න කියලද.....! මුදු අම්මෝ අනිත් අය මගේ කෙස් ටික ඉතුරු කරන එකක් නෑ....!

      Delete
  19. වලියන්ත ඊට්....
    දුමී අයියව ඊට් නොකරපු එකයි පුදුමේ....
    ඒත් අයියෙ තුන්හිතකවත් නොතිබ්බ කෙනෙක් රජ වුනේ කොහොමෙයි. අනිත් කාරණේ... අයියට තිබ්බ ඒ කාලේ , ් කියන්නේ 2064 දි “සිංහල බ්ලොග්කරුවන්ට“ උනදේ පොඩ්ඩක් අහල බලන්න.... යුතුකමක් නෙ ඒක නෙහ්....

    ReplyDelete
    Replies
    1. වත් නගා බලාගෙන ඉන්නකෝ ඔය මම කියපු අනාවැකි සැබෑ වෙන්නෙ නැද්ද කියලා....!

      Delete
  20. හක හක හක.. එතකොට දුමීට බමන්ත වැහිලද හිටියේ..

    ReplyDelete
    Replies
    1. නෑ බමන්තට දුමී වැහිලා හිටියේ....!

      Delete
  21. “ජාතික ක්‍රීඩාවක් නැත්තෙ මොකද. අපේ ජාතික ක්‍රීඩාව තමයි නයිට් රේස්....” චමින්දයත් දෙකට නැවිලා අමුඩ ලේන්සුවෙන් කට පිහිදගන්න ගමන් කිව්වා.

    මේක තමයි මටනම් ආසම කෑල්ල... :D :D :D

    ReplyDelete
  22. හූ,,පිස්සු හැදෙනවා මේක කියවද්දී,,අනිවා සල්වාර් එක ඉරුවට කාමරෙන් එලියට දැම්මා නේද

    ReplyDelete
    Replies
    1. මම සල්වාර් එක ඉරුවේ නැහැනේ...!

      Delete
  23. බමන්ත සද්ද දැන් සද්ද වහල ඉන්නේ මොකද දන්නේ නෑ.. අර අන්තිම ටික කියවද්දී මට හිතුනෙම බමන්ත සද්ද ඇත්තටම කාගේ හරි ඇඳකට ලෑන්ඩ් කරලද කියල.. හෆොයි.. ප ලි .. කුන්ඩලීනේ යුසර් මැනුවල් එක හම්බවුනෙයි ?

    ReplyDelete
    Replies
    1. නෑනේ, එදායින් පාසෙ කුණ්ඩලීනි දෙයියන්ව ඇහැට දැක්කෙ නෑ...!

      Delete
  24. පිස්සු හැදිලා අයෙත් හැදිලා අයෙත් හදුනා. යකෝ එක කතාවෙන් හතර වටේටම ගහලනේ. සීයාගේ අඹුඩ ලේන්සුව ලෝකල් ද? ඉම්පොර්ටඩ් ද? කියන එක තමයි මට තියන ලොකුම ප්‍රශ්නේ.

    ReplyDelete
    Replies
    1. චමින්ද බමන්තට අමුඩ ලේන්සුවේ වංශේ ගැන නම් කියලා නෑ මගේ හිතේ.....!

      Delete
  25. චැහ් චමින්දයගෙ අමුඩෙට බෙල්ට් එකක්වත් දැම්මනං නෙව අගේ... ඒක නෙමෙයි කෝ අර එලිවේටඩ් හයිවේ එක ගැන මුකුත්ම කියල නෑනෙ. මේ ඊයෙ පෙරේද ඇමැත්තෙක් කියනව ඇහුන කොළමට එන එලිවේටඩ් හයිවේ හතරක්ද පහක්ද කොහෙද හදන්න යනව කියල. ඒ කියන්න 2064 දිත් ඒක හදන්න පටන් ඈන් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඇයි දිය ලණුව තියෙද්දි මොකටද තව බෙල්ට් දාන්නෙ....! අනේ ඉතින් ඉලිවේටඩ් හරි අන්ඩර් ග්‍රවුන්ඩ් හරි ඒ මිනිස්සුත් ඡන්දෙට වියදම් කල ගාණ හොයා ගන්නෙ නැද්ද ?

      Delete
  26. ඩෙනිම් අමුඩයක් නේද තියෙන්න ඇත්තේ ෂාහ් මරු අප්පා පිස්සු හැදෙන කථාව නියමයි ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ඔය කාලේ වෙනකොට ඩෙනිම් වලටත් වඩා හොඳ මැටීරියල් අමුඩ වලට හොයා ගන්නෙ නැතෑ....!

      Delete
  27. "මහලොකු කාලාර්ථයේ තිර්ථ යාත්‍රිකයා සල්වාර් එකත් ඇදගෙන අප්පුඩි ගහ ගහ ඇඳ උඩ සවරන් නැටුම නටන්න හදනවද"
    ඔහොම කියලා වයිපරේ ගහපු පා පහරට
    දුමී අයියා පෙරලිලා ගිහින් ඇඳ පල්ලට වැටිලා වෙරිත් හිඳුනලු

    ReplyDelete
    Replies
    1. කොහොමත් මම ඇඳෙන් වැටෙනවට ඇඳ අයිනෙට කොට්ට පේලියක් දාගෙන නිදාගන්න නිසා තල්ලු කරපු පාරට බිමට වැටුනේ නෑ....!

      Delete
  28. "මහලොකු කාලාර්ථයේ තිර්ථ යාත්‍රිකයා සල්වාර් එකත් ඇදගෙන අප්පුඩි ගහ ගහ ඇඳ උඩ සවරන් නැටුම නටන්න හදනවද"
    ඔහොම කියලා වයිපරේ ගහපු පා පහරට
    දුමී අයියා පෙරලිලා ගිහින් ඇඳ පල්ලට වැටිලා වෙරිත් හිඳුනලු

    ReplyDelete
  29. මේක මෙහෙම කියවලා බෑ වගේ අයියේ... තනිපංගලමේ දොරක් වහනෙ සවුන්ඩ් ප්රූප් කරගෙන කියවන්න ඕනේ... හිටහංකෝ ගෙදර යනකං...

    ReplyDelete
    Replies
    1. හෆොයි, මාළුවගේ මාලු ටැංකිය සවුන්ඩ් පෲප්ද ?

      Delete
  30. සැර කොසු පාරවල් ටිකක් ගහලා තියෙනවා නේ අයියා.මරු අප්පා අපිටත් කුන්ඩලීනී යෝගෙ ලබා ගන්න තිබුනානම් නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි නිසූපා කිව්වැහේ කොසු පාර කන්නද ?

      Delete
  31. පට්ට දුමී අයියෙ පට්ට.. අද තමයි දෙකම බැලුවෙ.. අද දවසට තව හිනායන පෝස්ට් බලන්න බෑ... :)

    ReplyDelete
  32. ඔර්ජිනල් කතාව බලලා එක සැරයක් හිනා වුනා.. දැන් කමෙන්ට් බලලා හිනා වෙනවා.. සැරින් සැරේ.. ආන්න දුකා ඉල්ලන චරිතේ නම් රඟපායි තාත්විකව !!!

    ReplyDelete
    Replies
    1. ඒ චරිතේ රඟ පාන්න නම් ඕන හැටියකට කට්ටිය හොයා ගත්තැහැකි.....!

      Delete
  33. අනාගතේට ගිය කල :(

    ReplyDelete
  34. හුහ්....ටිකක් කටේ ගාගත්තම සල්වාර් ඇඳං අධිවේගෙන් අනාගතේට! පුදුමයි ගම හාමිනේ බය උන්නැතුවා උඹේ වෙස් පෙරලියට!

    ReplyDelete
    Replies
    1. ඒයාගේ බය ගිහිල්ලා තියෙන්නෙ දැන් මගේ යකාට....!

      Delete
  35. ඔන්න ඔහොමලු එතකොට වෙන්නෙ නේ......

    ReplyDelete
  36. //දුමියත් ඇඳේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තා//

    පච කෙලින්න එපා ලොක්කා . . . දුන්න නේද ගමහාමිනේ කොස්සෙං . . . කුණ්ඩලීනිය දෙපිටිං යන්න . . . ????

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් අත්දැකීමෙන්ම දන්නවානේ....!

      Delete
  37. හයියෝ හිනාවෙලා පණ නෑ. ඔක්කොමත් හරි අන්තිමට අහපු බැනුමත් හරි.

    ReplyDelete
    Replies
    1. ඔයගොල්ලන්ට ඉතින් හරිම ෂෝයි කාන්තා ආධිපත්‍යය හිස ඔසවන තැන් දකිනකොට නේද ?

      Delete
  38. Replies
    1. මොනා කරන්නද කොළුවෝ....!

      Delete
  39. නියමයිනෙ. ඕකම තමා වෙන්නේ. මට බුදු ෂුවර්. බඩුම තමා.

    ReplyDelete
    Replies
    1. බඩුම තමයි....බඩුම තමයි.....!

      Delete
  40. ස්තුතියි.. අනාගතේ ගැන දැනුවත් කළාට.. ලංකාවේ හැමතැනම හයිවේ හැදෙනවා කියන්නේ කොච්චර දෙයක්ද හැබෑට.. ඊටත් වඩා ගණං හිලවු අද ගානට ම තියෙන එකෙන් තේරෙන්නේ රුපියලේ අගය බාල්දු වෙලා නෑ කියන එක.. අනේ සාදු!

    ReplyDelete
    Replies
    1. මම කිව්වෙ නෑනේ ඒ වෙනකොට ලන්කාවෙ රුපියල්ද නැත්නම් ඉන්දියාවෙ රුපියල්ද භාවිතා කරන්නෙ කියලා. මේ යන විදිහට ලංකාවෙ රුපියල බාල්දු වෙලා බාල්දු වෙලා මස්ත බාල්දුම වෙලා යන හැඩයි නේද ?

      Delete
  41. Replies
    1. ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගන්න...!

      Delete
  42. සල්වාර් කිව්වට උඩ කෑල්ල විතරයි නේද ?

    ReplyDelete
    Replies
    1. සල්වාර් කලිසමයි කමිසෙයි දෙකම තමයි....!

      Delete
    2. ෂුවර් ද අයියේ ?

      Delete
  43. උඩ පැනපු පාර කැඩුනෙ නැද්ද ඇඳ බරට ?

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතින් ඇඳ කැඩිලා ගොඩක් කල්...!

      Delete
  44. සුදු වැන් ගැන අහල ඇතිනේ.රජයට අපහස කලොත් රාජ්‍ය උදහසට ලක් වෙන්න ඉඩ තියෙනවා.

    පලවෙනි කථාවේ A.ලාර වගේම මේකත් උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ලාංකීය පුර වැසියෝ විදිහට ප්‍රජාතාන්ත්‍රිකව අපිට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවනේ....!

      Delete
  45. මේකේ අතීතයටත් ගියානම් හොදයි නේද බන්

    ReplyDelete
    Replies
    1. අතීතයට ගියා කියලා වැඩක් නෑ....! වෙනස් කරන්න බෑනේ....!

      Delete
  46. හිකි හිකි.. හෆ්ෆේ නියම කතාව.....

    ReplyDelete
  47. හික් හික් හැක හැක මාරු කතාව අයියේ

    ReplyDelete
  48. අම්ම ගහයි පොල්ලෙන් කිව්වලු.. පිස්සු හැදෙන හීනයක්නේ අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. පික්සු නොහැදි තියේයැයි මේ යන විදිහට...!

      Delete
  49. ඔය කියන අනාගත රජතුමා ගැන පලවෙනි අනාවැකිය දුමියගෙන්. වෙන්ඩත් බැරි නෑ වගේ බං.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.... ඉස්සර අර නෝස්ට්‍රඩෑමුස් කියලා පොරකුත් අනාවැකි කියලා තියෙනවනේ....!

      Delete
  50. හි හි හි...ජාතික ක්රීඩාව ට ගිය කල....

    ReplyDelete
    Replies
    1. ඇයි හොඳ නැද්ද නයිට් රේස්....?

      Delete
  51. ‘එහෙනම් ඒ කාලෙයි මේ කාලෙයි අතර වෙනසක් නෑනේ, තාමත් වඳුරො ටික ජනතාවට විනෝදය සපයනවා...’

    “විපක්ෂ නායක කවුද ඉතින්... රනිල්ම තමයි....” බමන්තගේ ඇස් දෙක නළලට යවන ගමන් චමින්දයත් මරු කියවනවා.


    බඩ අල්ලගන තනියෙන් හිනාවෙද්දි කාමරේ එකා අහනවා උඹට පිස්සුද කියල, පිස්සු නොහැදුනොත් තමා පුදුමේ.

    ReplyDelete
    Replies
    1. මේක පිස්සු ලෝකයක් කියලා කවුද කියනවා මම අහගෙන..!

      Delete
  52. ඔය කිව්ව එකෙං අතීතෙට ගිහිං වැරදුනු තැං හදන්ට බැරිද?

    ReplyDelete
    Replies
    1. බෑනේ කවි කාරි...! දැක්කෙ නැද්ද කුණ්ඩලීනි රූල්ස් ටික....!

      Delete
  53. ශිරාවටම කතාව එල දුමි අයියේ...

    ReplyDelete
  54. අමුඩයක් ඇඳල උදැල්ලක් අරගෙන රුපියල් 400 ට බස් එකක යන්න පුලුවංනං ලංකාව සෑහෙන්න දියුණු වෙලානෙ ඒ කාලෙ වෙනකොට.

    ReplyDelete
    Replies
    1. මේ රුපියල් ලංකාවෙ රුපියල් නෙමෙයි මම හිතන්නෙ...!

      Delete
  55. මදෑ මම බලාගෙන හිටියේ ඒ වෙනකොට ඒලියන්ස්ලා ලංකාව ආක්‍රමනය කරලා ඇති කියලයි ..

    ඔයි කියන කුංඩලී යෝගේ ගන්න මටත් ආසයි .මට ඉතින් සල්වාර් එකක් තමා නැත්තේ

    නියම කතාව දුමි අයියා . කතාව දාපු විගසින්ම කියෙවුවත් පොඩි පොඩි කේස් බේස් නිසා කමෙන්ට් එකක් කොටා ගන්න විදිහක් තිබුනේ නෑ . ඉතින් ආපේ කොල්ලෝ සැට් එකක් එක්ක ආයේ මේක කියවලා උන්ටත් මේ බ්ලොග් එක හොඳට පෙන්නලා . ඔන්න කමෙන්ටුවක් කොටනවා .

    අයියා උඹගේ "වලත්ත" කතාව කියෝලා එකෙක් හිනා වෙලා හිනා වෙලා තව ඩිංගෙං මෛයැදෙනවා ..

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න බැරි වෙන එකක් නෑ මම හිතන්නෙ. ඒ ලියන්ස්ලා සමහර විට ඒ කාලෙ වෙනකොට ලන්කාව පාලනය කරන්නත් ඉඩ තියෙනවා...!

      බුදු අම්මෝ මේ එක එකාව මරවලා උඹ මට දොස් කියනවා එහෙම නෙමෙයි ඔන්න...!

      Delete
  56. ආශ්චර්යය හොඳ හැටි උපරිමයෙන්ම වින්ඳා දුමි.

    ReplyDelete
    Replies
    1. එළැ කිරි ඩීන්...! හැම්දාම විඳවපු අපිට ඉතින් විඳින්න වෙන්නෙ මෙහෙම තමයි....!

      Delete
  57. මුල් කොටසෙ බමන්තසද්ධ ආශ්චර්ය බලන්න අනාගතේට යනව කියපු ගමන් මම දැන ගත්ත මේක හයිවේ කතාවක් කියල...

    නියම කතාව හැබැයි... ඔය කුණ්ඩලීනි යෝගෙන් වෙන ප්‍රයෝජනයක් ගන්න බැරි වුනාද හැබෑට?

    ReplyDelete
    Replies
    1. හයියෝ, මේක හයිවේ කතාවක් නෙමෙයි හප්පා.... හයිවේ කතාව පොඩි කෑල්ලක් විතරයි. ඊට වඩා අන්තර්ගතයක් තියෙනවානේ....!

      Delete
  58. හෙහේ මරු..අනිත් පැත්ත හැරිල නිදාගත්තට පස්සේ පෙනුනද වෙඩින් එක වෙච්චි දවසෙ මොනවහරි වෙනස් කරනවා?

    ReplyDelete
  59. වෙඩින්ග් එක දවසෙ මොනවහරි වෙනස් කරනවා....! මොකක්ද ?

    ReplyDelete
  60. අපෝ කාලේ හරහා යන්න ඕනේ නෑ.
    පෙනේද ඉදිරියට වෙන්න තියෙන දේවල්...


    ප.ලි.- ඉස්සර නම් කමෙන්ට් ටිකත් කියෙව්වා. දැන් අකුරු පොඩි නිසා කියවන්න අමාරුයි. ටිකක් ලොකු කරගන්න තිබ්බානම් මරු. ඔබා මාමව කන්ටෑක් කරන්ඩ !

    ReplyDelete
  61. කියලා වැඩක් නැත.. තව පොඩ්ඩක් ඉස්සරහට ගියේ නැතුව ඔය ගානට ගිය එක හොඳා..

    ReplyDelete
  62. හික් හික්.... එහෙනම් අශ්චර්යත් එහෙමයි... අනේ වාසනාවන්.... අපි හිට්යොත් බලලා කමෙන්ට් එකක් දාන්නම් දුමී අයියා දැකලා තියෙන්නෙ ඇත්තමද කියලා..........

    ReplyDelete
  63. කොමන්ට් ෆොන්ට් වෙනස් කරන්න පුලුවන්, විස්තර:

    http://www.southernspeakers.net/2012/01/change-blogger-comment-font-size-and.html

    ReplyDelete
  64. හුටා පෝච්චි මල් පෝච්චි කිව්වලු!! හිකි හිකි...තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙ(අර කුණ්ඩලිනී දීපු එක්කෙනත් ඇතුලුවා)පිහිටයි ආරස්සාවයි!!අපේ දුමී අයියට නිවන් දක්නා ජාති දක්වා කිසිදු අපල උපද්‍රවයක් නොවේවා!!! පට්ට පට පට අෆ්ෆා....

    ReplyDelete
  65. නියමයි . දුමී අයියේ, මට ඔයාගේ බ්ලොග් එක අහම්බෙන් සෙට් වුනේ, දැන් මේකට වහ වැටිලා ඉන්නේ, නියමයි .

    ReplyDelete
  66. පිස්සු හැදෙයි.. දැන් නං දුමියෝ නිකං වත් ගණන් කරන්න එපා.. කොහෙට හරි ගියොත් එහෙම

    ReplyDelete
  67. මැරෙන්න හිනා .... ලොල් ලොල් ලොල්

    ReplyDelete

Related Posts with Thumbnails