පාටි පාටි සහ බීමේ ආදීනව

Posted by දුමී

මේ කාලේ ඉතින් උත්සව කාලෙනේ. හැම තැනම ඉතින් නත්තල් පාටියි, ඉයර් එන්ඩ් ඔෆිස් පාටියි, අර පාටියි මේ පාටියි. පාටි එනකොට එන්නෙ එක පිට එක. සමහර වෙලාවට වාන් පාටියක්වත් හොයාගන්න නැති කාලවල් එනවා. මට උනත් ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා හිටපු වීක් එන්ඩ් එකක් හොයා ගන්නවත් බැහැ. නිවාඩු දවස්වල වේලාසනින් නින්දට ගිය දවසක් නම් මතක නැහැ. හැමදාම නින්දට යනකොට පාන්දර පහ හය පහුවෙලා.

ඉතින් පාටි කිව්වහම ඔය එක එක ජාතියේ සැර බීම ජාති එහෙම නැතිනම් ඒවාට පාටියි කියල කියන්න නම් සමහරක් ඈයො කැමතිම නෑ. පිරිමින්ට නම් ඔය විස්කි, වොඩ්කා, රම්, බකාඩි වගේ ජාතිත් ගෑණු උදවියට බ්‍රැන්ඩි, වයින්, අයිරිෂ් ක්‍රීම්, ස්මර්නෝෆ් අයිස්, බකාඩි බ්‍රීසර් වගේ මෙකී නොකී ජාතිවලින් පුළු පුළුවන් විදිහට ලෑස්ති කරන්න ඕනෙ. නැතිනම් එන පාටි වලට එන කට්ටියගේ මූණු හරි නෑ.
ගොඩක් වෙලාවට හැමදාම සෙට් වෙන යාළුවො නම් දන්නවා එක එක්කෙනාගේ ප්‍රමාණවල් කොහොමද, ෆැමිලි එන්වයර්මන්ට් එකක හැසිරෙන්නෙ කොහොමද කියලා. එහෙම නැතිව හිටපු ගමන් සමහර යාළුවො, යාළුවන්ගෙ යාළුවෝ වගේ අළුත් කට්ටිය මේ වගේ පාටි වලට එක්කගෙන ආවහම සමහර වෙලාවට පොඩි පොඩි ප්‍රශ්න වෙනවා..

එක දවසක් මෙහෙට සමර් කාලෙදි අපේ කට්ටියේ යාළුවෙක්ගෙ උපන්දිනයක් සමරන්න අපි කට්ටිය එකතු උනා අපි ඉන්න පලාතෙන් ටිකක් දුර බැහැර "අල් ඒන්" කියන නගරයේ නිවාඩු නිකේතනයක. ඒකෙ කාමර දෙක තුනක විතර ටිකක් ලොකු ගෙයක් අරගෙන තමයි කට්ටිය පාටි එකට සෙට් උනේ. මේකාලේ ගොඩක් අය 'මැරීඩ් බැචුලර්ස්ලා' මොකද ඉස්කෝලවල සමර් නිවාඩු කාලේ නිසා ගොඩක් අයගේ භාර්යාවෝ සහ ළමයි ලංකාවට ගිහිල්ල තමයි හිටියේ අපේ ගම හාමිනේ සහ පොඩි එවුන් දෙන්නත් ඇතුළුව. ඒ උනාට නිවාඩු නොගිය දරු පවුල් දෙක තුනක් විතර සහ බලවත් බවලත් උදවියත් සෑහෙන්න ගණනකුත් පාටි එකට ඇවිත් හිටියා. තව මේකට ඇවිල්ල හිටියා වෙනදට අපිත් එක්ක සෙට් වෙන්නෙ නැති අබුඩාබි වල ඉඳන් ආපු අපේ යාළුවෙක්ගේ යාළුවො දෙන්නෙකුත්. ඔන්න ඉතින් රෑ අටට නමයට විතර පටන් ගත්ත පාටිය BBQ ද අරවද මේවද, සින්දුද , ඩාන්ස්ද මෙකී නොකී ඒවත් එක්ක බෝතල් එකින් එක හිස් වෙවී වැඩේ නියමෙටම නැගලා යනවා. ඉතින් මම අර කිව්ව අබුඩාබි යාළුවො දෙන්නත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන අනිත් අය තමන්ට වඩා ඉස්සර වේයිද දන්නෑ කියලද කොහෙද ඔරේ වක්කරගන්නවා. වැඩි වෙලාවක් යන්න කලින් එකෙක්ගෙ කණ සාක්කුවේ. අපි ඉතින් වෙනද වගේ සුපුරුදු විදිහට පුංචි එකකින් සප්පායම් වෙලා කට්ටිය වට කරගෙන සින්දු කියනවා. මෙන්න බොලේ ටික වෙලාවකින් අර කණ සාකුවේ දාගත්ත එකා සභාව මැදට ඇවිල්ලා ගැලෙව්වෙ නැතෑ උගේ කලිසම. කලිසම විතරක් නෙමෙයි ඊට යටින් තියෙන එකත් ගලවලා මූ අමු හෙලුවැල්ලෙන් පුටුවක ඉඳගත්තා. කොච්චර බලවත් උනත් අර සින්දු කිය කියා හිටපු බවලත් උදවිය සී සී කඩ දිව්වා. ඒ අස්සෙ අපේ නඩේ ගායකයා "කොටා" පැනපු ගමන් අරූගෙ සෙට් එක අත්දෙකෙන් කවර් කරගෙන. දැන් අරුත් නැගිටලා එහෙ මෙහෙ ඇවිදිනවා. අපේ කොටත් අත්දෙකෙන් අරූගේ භාණ්ඩේ කවර් කරගෙන ඌත් එක්ක ඇවිදිනවා. සීන් එක ෆුල් ඩ්‍රැමර්ටික්. අන්තිමට කාඩ් ගහ ගත්තෙ අපේ කොටා. ඒවගේ චාන්ස් එකක් ආපහු හම්බවන්නෙ නැහැනෙ කිය කියා කට්ටිය කොටාව මදි නොකියන්න බයිට් කලා. කොහොම හරි ඔන්න ඔහොමයි සමහරුන්ට පමණට වඩා රත් උනහම ඉන්න හිටින තැන අමතක වෙන්නෙ...
ඔන්න මම මේ දැන් කියන්න යන කතාව කිව්වේ අබුඩාබි වල හිටපු අපේ අසෝක අයියා. ඔය අසෝක අයියා ෆුල් වෙජිටේරියන්. ඒ කියන්නෙ කටේ පැත්ත පලාතකින්වත් බොන්නෙ නෑ. මේ කතාව ඉතින් කිව්වෙ අපිව යහ මාර්ගෙට ගන්න පරම පිරිසිදු චේතනාවෙන්ම තමයි.

ඔන්න එකමත් එක කාලෙක ගමක් ලඟ තිබුන කැලෑ පාරකින් කුකුලෙක් ගමනක් ගියාලු. ඔහොම ටික දුරක් යනකොට ඔන්න කුකුලට හම්බ වෙනවලු පාර අයිනෙ වැටිලා තියෙන අරක්කු බෝතලයක්. කුකුලත් මොකද කලේ, බෝතලේ ඇරල කට ගාවට වෙනකන් පිරිලා තිබිච්ච බෝතලෙන් මූඩියට එකක් වක්කරගෙන බිව්වලු.

"ෂාහ්... මාර ගතිනෙ කියලා කුකුලා තව මූඩියක් ගැහැව්වලු.... ඔහොම තුන්වෙනි මූඩියත් ගැහැව්වා විතරයි කුකුලා කරපට් වෙලා ඇදගෙන වැටුනලු..."

ඔය අතරෙ ඔතනින් යන්න ආවලු නරියෙක්. මෙන්න බොලේ මූ දැක්කලු අරක්කු බෝතලේකුයි, ඒ ලඟ වැටිලා ඉන්න කුකුලවයි. ඒ පාර නරියත් හිතුවලු,

"ෂාහ්... නියමයිනෙ බොලේ. අදනම් මගේ වාසනාව. බයිට් එකකුයි, බෝතලේකුයි දෙකම තියෙනවා.. කියලා කුකුලා දිහා බලාගෙන, "දෙකක් දාගෙනම බයිට් එක ගන්නවා" කියලා ලඟ ලඟ දෙකක් නවා ගත්තලු.......වැඩි වෙලා ගියේ නැහැල්ලු, නරියත් කට් වෙලා එතනම ඇදගෙන වැටුනලු.

තව ටිකකින් ඔතනින් යන්න ආවලු සිංහයෙක්. අප්පට සිරි සිංහයා දැක්කලු මේ සීන් එක. ඌ හිතුවලු,

"ෂාහ්... බෝතලේකුත් තියෙනවා, බයිට් එකකුත් තියෙනවා, මදි නොකියන්න ඩයට් එකත් තියෙනවා.." කියලා. එහෙම හිතලා ඌත් බෝතලේ කටේ තියාගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියාලු. වැඩි වෙලාවක් ගියේ නැහැල්ලු සිංහයත් එතනම කට් වෙලා ඇදගෙන වැටිලා දපලා බුදිලු.

ඔන්න ටික වෙලාවකට පස්සෙ අර මූඩි තුනක් බීපු කුකුලට සිහිය ආවලු. සිහිය ආපු ගමන් ඌ දැක්කෙ හිස් වෙච්ච බෝතලෙයි, වැටිලා ඉන්න නරියවයි සිංහයවයිලු. ඒ පාර කුකුලා හිතුවලු,

"අප්පද බොල, බෝතලයක් ගැහැව්වහම මාත් මාර වැඩ වැඩකාරයෙක්නෙ බොලේ.... නරියෙකුයි, සිංහයෙකුයි දෙන්නෙක්ටම ගහලා බිම දාලනේ..."
අපේ බ්‍රයන් අයියා මෙහෙ තියෙන ෂිපින් ඉන්ෂුවරන්ස් කැම්පැණි එකක ලොකු රස්සාවක් තමයි කරන්නෙ. මෙයා මෙහෙ ඩුබායි වලට එන්න කලින් වැඩ කරලා තියෙන්නෙ ලංකාවෙ තිබිච්ච ෂිපිං කොම්පැණියක. මේකෙ ලොක්කත් දැන් බ්‍රයන් අයියා වගේ ෆුල් සත්දන්ත පොරක්ලු. (බ්‍රයන් අයියත් පොරව ආදර්ශෙට අරගෙන තමා ඔය තියෙන ඇඟ හදා ගෙන තියෙන්නෙ. ) ඉතින් ඔය ලොක්කත් හොඳට රෑ ඉඳන් එළි වෙනකන් කොළඹ බී.ආර්.සී ක්ලබ් එකට වෙලා දින පතා හොඳට කරටි කැඩෙන්න දාන පොරක්. එහෙම බීල බීල හැමදාම මූණයි කන්දෙකයි රතු කරගෙන වැඩට එන්නෙ උදේ 10ට 11 ට විතර. පොර එනකොට අපේ බ්‍රයන් අයියල කරන්නෙ මොකද ඔය කම්පැණි එකට අලුතෙන් ජොයින් වෙච්ච කොල්ලො කෙල්ලන්ව ඉස්සරහට යවලා "ගූඩ් මෝනින් සර්..." කියලා කියවන එකලු. ලොක්කා හිතන්නෙ පරක්කු වෙලා එන හින්දා මුන් කින්ඩියට තමයි මේ ගූඩ් මෝනින් කියන්නෙ කියලා උත්තර දෙන්නෙ "ෆ..... ඕෆ්" කියලලු.

ඔන්න එක පාරක් ලොක්කා ඔෆිස් එකේ ඔක්කොටම ගෙදරට ඉන්වයිට් කරලා ක්‍රිස්ට්මස් පාටි එහෙකට. ඉතින් අපේ බ්‍රයන් අයියා ඇතුලු ඔෆිස් නඩයත් දත කට මැද ගෙන ගියාලු ලොක්කගේ ගෙදරට. ඇයි ඉතින් කෑමෙන් සහ බීමෙන් කිසිම අඩු පාඩුවක් වෙන්න විදිහක් නෑනෙ. ඔය අතර එකෙක් ගිටාර් එකකුත් උස්සගෙන ආවලු ලොක්කව ඉම්ප්‍රෙස් කරලා ලකුණු ටිකක් දාගන්න කියලා. ඉන්විටේෂන් එක ලැබිච්ච දවසෙ ඉඳන් සතියක් විතර පොර හොඳට මහන්සි වෙලා ඔය ක්‍රිස්ට්මස් කැරොල් එහෙම පුරුදු වෙලාලු එදා ආවෙ. ඉතින් කට්ටිය ගෙදර ඇවිල්ල බෙල් එක ගැහුවහම ගෙදර ඉන්න වැඩ කාරය දුවගෙන ඇවිල්ල දොර ඇරියලු. ඉතින් බ්‍රයන් අයියා අහුවලු කෝ මහත්තයා කියලා. ඉතින් වැඩ කාරය කිව්වලු , "එන්න එන්න මහත්තයා ඉන්නවා කියලා..." . කට්ටිය ඇතුල ගිහිල්ල බැලින්නම් ඔන්න බොස් ඉන්නවලු හොඳට කරටි කැඩෙන්න දාලා ක්‍රිස්ට්මස් ගහ ගාව ටෙඩී බෙයාර් කෙනෙක් වගේ තඩි බඩත් එළියට දාගෙන ෂර්ට් එකක්වත් නැතිව බිම ඉඳගෙන. කාලක් විතර ඉතුරු වෙච්ච විස්කි බෝතලේකුත් ලඟින් තියාගෙන. ඔන්න ඒ පාර අර ගිටාර් කාරයත් බොස්ගේ ලඟට ගිහිල්ලා ගිටාර් ගහන්න පටන් ගත්තලු,

"සයිලන්ට් නයිට්.... හෝලි නයිට්....." කියලා...

එක පාරටම බොස් මුගේ දිහාවට හැරිලා කියලා කිව්වලු...,

"සයිලන්ට් නයිට් ?... වට් ද ෆ...න් සයිලන්ට් නයිට්....? ගහපන් ඉතින් බමුණො ............."

අරූගේ ගිටාර් ගැහිල්ලයි පාටියයි එතනින්ම ඉවරයිලු. බ්‍රයන් අයියා ඇතුලු ඔෆිස් එකේ කට්ටිය බොසාට විශ් කරලා එලියට ඇවිල්ලා ඔන්න බලපන් ඉතින් බීමේ ආදීනව නිසා අපිට කෙලවෙන හැටි කියලා තෝසෙ කඩේකින් තෝසෙ කාලා ගෙදර ගියාලු.







෴  ඔබ සැමට පාටි වලින් පිරි සුභ නව වසරක් වේවා...! ෴

36 comments :

  1. කුකුළගේ කතාවනම් පට්ට..............

    ReplyDelete
  2. මෙහෙම ගියොත් ලංකාවේ ආණ්ඩුවෙන් බ්ලොග් බැලිල්ලත් තහනම් කරයි අයියා.
    පාරේ මුත්‍රා කරොත් දඩ.
    බාග ඇඳුමු තහනම්.
    සරම් අදිනව නම් සෙරෙප්පු දාන්න ඕනි.
    සීට් බෙල්ට් අනිවාර්යයි.

    අනේ මන්ද ....

    ඔය ලිස්ට් එකට වැඩි කල් නොගිහින් " දුමී ගේ කට කහන කතා" තහනම් අඩවියකි වෙයි ද? හිහි

    ReplyDelete
  3. අපොයි මේ දවස් වල නම් අරක්කු ගඳේ බෑ බ්ලොග් අවකාශයම.

    ReplyDelete
  4. නියම කතා ටික දුමී අය්යේ.. මෙහෙත් ඔය වගේම සිද්ධි ගොඩාක් තියෙනවා.. ඕවා කියන්න ගියාම කස්ටිය තරහාවෙන නිසා නොකියා ඉන්නවා.. හැබෑට ඔයා කොහොමද මඩ ගහලා ඒ අය ෂේප් කර ගන්නේ..

    සුභ නව වසරක් වේවා ඔබටත් !

    ReplyDelete
  5. අර කිව්ව වගේ කුකුළ‍ගෙ කතාව එල .... බීම ගැන නම් කතා කරල වැඩක් නෑ... මට හිතෙන හැටියට නම් බිව්වම වෙරි වෙලා දගලනවට වඩා ඒ අය කරන්නෙ රගපානව කියලයි ...
    අනේ මන්ද... ඕව බොනවට වඩා කොච්චර හොදද ජින්ජර්බියර් කොකාකෝල වගෙ එකක් බොන එක .... හෙහෙ

    ReplyDelete
  6. දුමී අයියා මාර වාසනාවන්තයා මම මේ පෝස්ට් එක බලල කමෙන්ට් එකක් දාන්න හැදුව විතරයි මට කෝල් එකක් ආවා යාළුවෙක්ගෙන් ..මොනවා හරි කරමු කියලා ..මට අද නිවාඩු දවස නිසා ඔන්න මමත් .ගුඩුස් පාරක් දාන්න යනවා ..

    අර කීවත් වගේ මේ බ්ලොග් එකට ආවොත් මට කොහෙන් හරි බොන්න නම් ලැබෙනවා ..

    කුකුලු කතාව එල ..

    ජයවේවා !!

    ReplyDelete
  7. දුමීඅයියා පට්ටම කතා ටික හොදේ ..නියමයි....

    බිමේ අදිනව නම් ඉතින් කියලා වෑඩක් නෑ ..හේ..

    ReplyDelete
  8. අර අල්-ඒන් කතන්දරෙ යාළුවා නම් රෙදි ගලවගත්තේ උගේ විතරයිනේ... සම-හරක් නම් බීල කරන වැඩ වලින් තමන්ගේ විතරක් නෙවේ අනික් ඈයොන්ගෙත් රෙදි ගැලවෙන තැනට වැඩ සිද්ධ වෙනවා...

    ReplyDelete
  9. හිකිස්....

    ReplyDelete
  10. කමෝන් කමෝන්.. :)

    ReplyDelete
  11. දුමී.... එළකිරි සහ ලබන්(Al marai) වගෙ.....

    ඒ කාලේ අපේ එකෙක් බල්ලට මචO කියන්න ගහල, ගේට්ටුව ඇරල සනීපෙට තාප්පෙන් පැනල ගියා ගේ ඇතුලට......

    ReplyDelete
  12. එල සීන් ටික දුමී අයියා.....මාත් දැන් හිත,හිතා ඉන්නෙ 31st බේරෙන්නෙ කොහොමද කියල.

    ReplyDelete
  13. කථා ටික හරිම ශෝක්. ඔයා කරන වැඩ වලින් අපට රස්සාවත් නැති වෙනවා. ;D මෙතැන මොනීටරේ දිහා බලං බක බක ගාන්න ගිහින්.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහී...........................
      මන් ඊයේ බැනුම් ඇහුවා ලොක්කාගෙන් අර බලු කතාව කියවද්දී බකස් ගාලා හිනා වෙලා............

      "මෝකෝ අඉසේ තමුසේ ගුලි වත් කනවද ???? තනියෙම හිනාවෙන්නේ "

      Delete
  14. "අපි ඉතින් වෙනද වගේ සුපුරුදු විදිහට පුංචි එකකින් සප්පායම් වෙලා"

    හහ්.. හරි පොඩි......

    ReplyDelete
  15. මෙච්චර කල් කියවලා තියෙන්නෙ හැමදාම කුකුලන්ට කෙළවෙන කතා. ඔන්න අද තමයි කුකුලා කෙරුමෙක් වෙන කතාවක් කියෙව්වෙ!

    දුමී ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  16. පව් යකෝ කොටා සීයා.
    උඹලගේ සහ හාමිනේලගේ යහපත තකා කරපු දේට තොපි ඒ අහිංසකයට මඩ ගැහුවද ?

    අර වගේ එලියේ දාගෙන ඉන්න ජාතියේ බුවෙක්ට අපේ පොඩි මාමා තරුණ කාලේ හොඳ ගෙමක් දීලා තියෙනවා.

    අතේ මිරිස් ගුලියක් තියාගෙන ඉඳලා එලියේ දාපු ගමන් අල්ලලා . .. .

    පොර දවසක් ලිඳේ බැහලා ඉඳලලු දවිල්ල අඩු කර ගත්තේ.

    තාමත් අපේ මාමාලා ඌට කියන්නේ xxයා කියලා.

    හික්ස්

    ReplyDelete
  17. බොලා මට කිව්වට මොකෝ..කෑමෙන් බීමෙන් තොර දෙයක්නං ලියන්නේ නැතිම ගාණයි..

    ReplyDelete
  18. හෙක්! එලz අයියෙ.. නියමයි

    ReplyDelete
  19. දුකා අයිය කිව්ව සිස්ටම් එක නම් මරු .. හෙහෙ

    ReplyDelete
  20. කුකුළගෙ කතාව...පට්ටම පට්ටයි අයියෙ.. :))
    ඕකෙ ආදීනව ගැනනම් ඉතින් කතා කොරල වැඩක් නෑලු...හික්ස්!!!

    ReplyDelete
  21. කමෙන්ට් දාපු සියළුම දෙනාට ගොඩක්ම ස්තූතියි.

    හැමදෙනාටම සහ පවුල්වල හැමෝටම ලැබුවාවූ 2011 නව වසර පතනා පැතුම් ඉටුවන, වාසනාවන්ත වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්....!

    නොවැලැක්විය හැකි හේතුවක් නිසා මගේ පූර්ණ කාලය යම් දෙයකට යෙදවීමට අවශ්‍ය නිසා, මට ඊලඟ පෝස්ට් එක දාන්න තව සති තුනක් විතර යයි. සියළුම දෙනා සමාව භජනය කරත්වා...!

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ආදරනීය දුමි අයියේ...
    මා රත්ගමයාහුය...අලුත් ගෙදරක පදින්චියට ගියාහුය....ඇවිල්ලා යන මෙන් ඉල්ල සිටිමි....
    ස්තූති....
    මෙයට විශ්වාසි
    රත්ගමයා හෙවත් ඉරු

    ReplyDelete
  24. කුකුළගෙ කතාව නම් නියමයි දුමී අයියේ,
    ටික කාලෙකට උඩදි මම කැම්පස් එන්න මීරිගමින් කෝච්චියට නැංගා. අවුරුදු 60 ක් විතර පෙනුම ඇති අංකල් කෙනෙක් සීට් එකකින් සෑහෙන ප‍්‍රමාණයක් පාවිච්චි කරල කිරා වැටෙනව දැක්ක ගමන්ම තේරුණා අංකල් සෑහෙන්න පාවිච්චි කරල ඉන්නෙ කියල. මෙහෙම ටික දුරක් ගියා. මෑන් ටික ටික වටේ ඉන්න අයට සද්දෙ දාන්නත් පටන් ගත්ත. අනේ ඒ මිනිස්සු සද්දෙ නැතිව හිටිය මේක බීලනෙ කියල.
    තව පොඩ්ඩක් දුර යනකොට අංකල් නැගිට්ට. තිබ්බෙ අඩි දෙකයි ඔ්ක්..... ඔ්ක් .... ගාල දැම්ම කෝච්චිය ඇතුලෙම පෙරේද කාපු බීපුවත් එක්ක වෙන්න ඇති කෝච්චි පෙට්ටියෙන් එකයි.... මිනිස්සු හරිම පිලිකුලෙන් එහාට මෙහාට වුණා. ඒ අතරෙ කොහෙදෝ හිටිය ආන්ටි කෙනෙක් ඇවිත් ලේන්සුවකින් මේ මනුස්සයගෙ කට පිහිදල නැවත සීට් එකේ ඉන්දෙව්ව. එතකොටයි මට තේරුණේ මේ නෙෘ්නයි මහත්තයයි දෙන්න කොහේ හෝ උත්සවයකට ගිහින් එන ගමන්. ලැජ්ජාව නිසා
    නෝන මේ මනුස්සයව අඳුනන්නෙ නෑ වගේ ඉන්නයි උත්සහ කරන්න ඇත්තෙ. ඒත් සිද්ධ වුණු දේ නිසා එයාට පෙනී සිටින්න වුණා. බීපුවාම ලිමිට් බනින මිනිස්සු නිසා තවත් කී දෙනෙක් නම් අපහසතාවට පත් වෙනවද?
    අනිත් එක... බලාගෙන ගියාම දුමී අයියෙ... අර ඔයාගෙ වෙඩින් කතාවෙ මනමාලිට වගෙ ඒ ආන්ටිටත් නියම කබරයෙක් තමයි සෙට් වෙලා තියෙන්නෙ....

    ReplyDelete
  25. කතා ටික මරු, දුමී, සුබ නව වසරක්!!!!!

    ReplyDelete
  26. දුමී ඇතුළු පවුලේ හැමෝටමත් හිත මිත්‍රාදීන් සියළු දෙනාටමත් බමන මතින් තොර නව වසරක් වේවා....!

    ReplyDelete
  27. අර කුකුළගෙ කතාවනම් පට්ටයි. අනිත් කතාත් එල.

    ReplyDelete
  28. මරු කතා සැට් එක දුමී අයියේ

    ReplyDelete
  29. ඔන්න අයියා මම 200වෙනියා ඔයාගේ බ්ලොග් එක Follow කරපු... ඒ වගෙම කතා සෙට් එකත් පට්ට...

    ReplyDelete
  30. කාලෙකින් කතාවකුත් නෑ..
    දැන් දුමීගෙ කට කහන්නෙ නැද්දෝ........?????

    ReplyDelete
  31. 3 weeks gone. may be "that" work is not over yet.....

    ReplyDelete
  32. කාලෙකින් දැක්ක ආදර්සමත් කතාවක් තමා කුකුලා බීපු කතාව. දෙකක් දාගත්තාම සමහරු හිතන්නේ හරි පොරවල් කියලා තමා :))

    ReplyDelete

Related Posts with Thumbnails