දෙක ලප්පන් සහ කෑම කතා

Posted by දුමී

මතකනේ මගේ අර අති ජාත මිත්‍රයා පයිතා කොස් හට්ටිය කාපු හැටි මම කිව්වා කාලේකට ඉස්සෙල්ලා. ඒවගේම අපේ බ්‍රයන් අයියා මස් හට්ටිය කාපු හැටි සහ බිග් මැක් ස්නැක් එක ගැන පහු ගිය පෝස්ට් එකේ දැම්මානේ. ඒවගේම අපේ මාරයා ගොයියාගෙ පෝස්ට් දහයක් ගත්තොත් 8කම තියෙන්නෙත් කෑම ගැන. මාරයා කෑම ගැන කොරන එක එක පරීක්ෂණයි, නිරීක්ෂණයි, අත්හදා බැලීමුයි ගත්තහම අපේ ගල්කිස්සෙ මහ හෝටලේ පබිලිස් ගොයියටත් වඩා දක්ෂතා පෙන්නනවානේ. මේ ඊයේ පෙරේදත් අර මොකක්ද මන්දා චයිනීස් නූඩුලුස් එකක්ද මොකක්ද ඉරටු දෙකකින්ද කොහෙද කන්න ගිහිල්ලා ඒක කටේ ඇනිලා විදුරු මහට බෙහෙත් ගන්න යක්කල ගියා කියලා අරංචියක් ආවා. හැබැයි ඌ නං කියන්නෙ තෙල් මාරු කරගන්න ගියා කියලා. අපි ඕවයේ ඇත්ත නැත්ත දන්නෙ නැහැ ඉතින් ඕං.

ඔන්න ඉතින් ඒකෙන් මේකෙන් අද මම ඉතින් හිතුවා මේ කෑම ගැන කට කහන කතාවක් ලිව්වොත් හොඳයි කියලා. ඕං එහෙනං ඈ....

ඔය කසාද බඳින්න එහෙම ඉන්න කොල්ලො අද කාලේ ගෑණු ළමයි අතරින් කෑම උයන්න එහෙම දන්න කියන අය හොය හොය කසාද බඳින්න බැළුවොත් එහෙම ලංකාවෙ ඉන්න ඔක්කොම කෙල්ලන්ට වෙන්නෙ ගෙදරට නාකි වෙන්න. වැඩිය ඕනෙ නැහැ, මගේ නගාත් ඉස්සර කුස්සිය පැත්ත පලාතෙ යන්නෙ නැහැ, අපේ අම්මා තම්බලා දෙන මොනා හරි ගිලලා දානව මිසක්. ඔය ඉඳලා හිටලා එයාට බඩගිනි හැදුනාම කරන්නෙ පාං පෙති දෙකක් අරගෙන, ඕකට සලාද කොලයක් තියලා, තක්කාලි පෙත්තක් තියලා කාලා දාන එක, හරියට හරකෙක් ගෝව ගෙඩියක් කනවා වගේ. ඉතින් මම ඒ දවස් වල කිය කිය හිටියේ මේකිට නම් රබර් බෝල ඉටි පන්දම් කන එකෙක්ව හොයලා දෙන්න වෙයි කියලා. කොහොමෙන් කොහොම හරි මගෙ යාළුවෙක්ම තමා මෙයාව බැන්දෙ. ඌට ඉතින් දෙයියන්ගෙම පිහිටයි. ඌ දැන් බලාගෙන ඉන්දැද්දි කෙට්ටු වෙනවා.

මටත් ඉතින් ඒ ආනිසංසෙම තමා අත් උනේ අපේ ගම හාමිනේව කසාද බැඳපු දවස්වල. අපරාදේ කියන්න බැහැ මොනා උනත් හැමදාම උදේ පාන්දරින්ම නැගිටලා කෑම එක හදලා දෙනවා මෙලෝ යකෙකුට කන්න බැරි උනත්. ඉතින් ඉස්සර ඔෆිස් එකේ සෙට් එකත් එක්ක කෑම කනකොට උං ඉතින් ඉල්ලනවා, අපිටත් දීපන්කෝ බං අළුත් මනමාලි උයපු ව්‍යාංජන ටිකක් එහෙම කියලා. ඉතින් නොදී ඉන්නයෑ. ඔන්න ඒවා කාපු උන්ට දුක හිතිලා පහු වෙනිදා ඉඳං වැඩි පුර හොදි ව්‍යාංජන ගෙනැල්ලා මට දෙනවා. ඔන්න එහෙමයි ඒ කාලෙ පන ණළ රැක ගත්තෙ.

ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට සමහරු බඳින්න කලින් කුකරි ක්ලාස් යනවා. හැබැයි බඳින්න කලින් කුකරි ක්ලාස් යනවා කියලා ගෙදරට බොරු කියලා මල් කඩන්න ගිය කට්ටියට තමා බැන්ඳට පස්සෙ කෙලවෙන්නෙ. ඔන්න ඒවගේ සිද්දියකට මුහුන පාන්න වෙච්චි මගේ යාළුවෙක් බඳින්න කලින් අත පහු වෙච්ච නිසා බැන්ඳට පස්සෙ වයිෆ්ව කුකරි ක්ලාස් එකකට දැම්මා. දවසක් මම මේ යාළුවගේ ගෙදර යනකොට ගෙදර ඉස්සරහා දොර හුළඟට වැහෙනවට අඩයක් විදිහට තියලා තිබුනා ලොකු දුඹුරු පාට පොලිෂ් කරපු හරිම හරි ලස්සන ලොකු ගලක්. ඉතින් මමත් උගෙන් ඇහුවා මචං මේක නං මාර ලස්සනයි කොහෙන්ද හොයා ගත්තෙ කියලා. මෙන්න ඒපා පාර ඌ කියනවා,

"මචං මේ අපේ කාන්ති කුකරි ක්ලාස් ගිහිල්ලා ඉගෙන ගෙන හදපු කිරි ටොපි..............." කියලා.

ඉතින් ඕක අහලා මම බඩ අල්ලගෙන හිනා වෙන ගමන් මූ කියනවා,

"මචං හොඳ වෙලාවට ඕක කන්න කලින් ගල් උනේ. ඒ උනාට මෙයා ගිය සතියේ වැලි තලප හැදුවා... ඊට පස්සෙ දොස්තර ලඟට ගිහිල්ලා තමයි මගෙ කටේ එකට ඇලවිච්ච හකු දෙක ගලව ගත්තෙ කියලා........"

මට ආරංචි විදිහට කාන්ති දැන් ඒ පැත්තෙම කුකරි ක්ලාස් එකක් දාගෙන ළමයින්ට උගන්නනවා.

පහු ගිය කාලේ අපේ ගම හාමිනේ පොඩි එවුන්ගේ නිවාඩුවට ලංකාවට ගොහිල්ල හිටපු කාලෙදි තමයි අපේ දුකා මහත්තයි, නදීශා නෝනයි අපේ ගෙවල් පැත්තෙ ඉස්සිස්සෙල්ලාම සැපත් උනේ. ඔන්න ඉතින් මේ දෙන්න දෙමහල්ලෝ හිස් අතින් එන්න හොඳ නෑනෙ කියලා හිතිලද කොහෙද අපේ ගෙදර අරගෙන එන්න කියල වටලප්පමක් හදලා. ඔන්න ඉස්සෙලාම හදපු වටලප්පම මොකක්ද මන්දා අකරතැබ්බයක් වෙලා උතුරලා ගිහිල්ලා කියලා තමයි දුකා නං කියන්නෙ. ඉතින් දෙවනි පාරත් මේ ගොල්ලො ට්‍රයි කරලා වටලප්පමක් හදලා ගෙනාවා. වටලප්පම සුදුම සුදු පාටයි ආසාවෙ බැහැ. කජු කෑලිත් එහෙං මෙහෙං තියෙනවා. පොඩ්ඩක් විතර පැනිත් රහයි.

ඉතින් එදා අපේ ගෙදර ආපු හැමෝටම වගේ මේක කන්න ලෝබ හිතිච්ච හින්දද කොහෙද ඕක එහෙම්මම ෆ්‍රිජ් එකට ගියා. ඊට පස්සෙ වෙනින් දවසක සෙට් වෙන්න කියලා මගෙ යාළුවෙක් අපේ ගෙදර ආවා. මම පොඩ්ඩක් එහා මෙහා වෙච්ච වෙලාවක ඌ මේකෙන් ටිකක් අරගෙන බයිට් එකට. ඌ කියනවා,

"මචං අර උඹේ ෆ්‍රිජ් එකේ තිබිච්ච ඔම්ලට් එකට සීනි ටිකක් වැඩියි වගේ... එක නිසා මං ගම්මිරිස් කුඩු ටිකක් ඉහගත්තා, දැන්නම් නියමයි......" කියලා.

ඒ පාර මම ඔළුවෙ අත ගහගෙන කිවා, "යකෝ, ඔය ඔම්ලට් නෙමෙයි බං වටලප්පන් වටලප්පන්..." කියලා.

ඒ පාර ඌ කියනවා, "ඇත්තද මචං, මගේ ජීවිතේට පලවෙනි පාරට මම වටලප්පන් එකක් එක්ක බිව්වේ.........." කියලා.

ඔන්න ඊට පස්සෙ දවසක ඕකෙං ඉතුරුවෙච්ච ටික ෆ්‍රිජ් එකේ නිකං අසරණ වෙලා ඉන්නවා වගේ දැකලා මම මොකද කලේ ගෙදර තිබුනු කිතුල් පැණි ටිකක් වක්කරගෙන කෑවා..... අප්පට බොල... මේ තියෙන්නෙ නියමෙට.... සිරාම සිරා.

ඉතින් අපේ මාරයා විතරක් නෙමෙයි ඔන්න ඔහොමයි අපේ දුකා අළුත් කෑමක් හොයා ගත්තෙ. ගම්මිරිස් ටිකක් ඉහ ගත්තහම ඔම්ලට්, පැණි ටිකක් ඉහල ගත්තම වටලප්පන්.

ඉතින් මොකක්ද මේකට දාන නම,

"දෙක ලප්පන්....!!!!!"

95 comments :

  1. අම්මෝ !!!! ආයත් අබුඩාබි පැත්තෙ එන අදහසක් නෑ වගේ පේනවා මට,,, මඩ කිව්වට මෙහෙමත් ,හපොයි දෙයියනේ,,,,,,,,,

    ReplyDelete
  2. අප්පද බොල දුමියෝ...
    යකාගෙන් තියා මොකාගෙන් වැඩ අරගෙන හරි මම යාංතං නියම වෙලාවට නියම දේ දාලා තියෙනවා නෙද අඩා...

    බොලා වගේ කට කහන යාළු මිත්තරයෝ ආස්සරෙ කොරනකොට නිතරම අඩියක් ඉස්සරහින් ඉන්ට ඔන..නැත්තං අපි චකබ්ලාස්...
    හික් හික්..

    මං මේ කල්පනා කොලේ මං තව ඇබින්දක් පහු උනානං මට මොකද වෙන්නේ කියලා...

    කෝ මෙ දුකා...
    නදීෂා අක්කා ගෙන් මාත් අහගන්ට ඔන දෙකලප්පන් හදන විදිය..

    ReplyDelete
  3. @හරී - පිණිපළස ,
    කට කහන කතා ලියවෙනකොට ඉතින් මඩ ටිකක් ගැහෙනවා. නැත්නම් කතාවෙ ගතියක් නැති වෙනවනේ...

    ReplyDelete
  4. @මාරයෝ,

    බොලානං අනිවා කට්ටඩියෙක්..... නැතිනම් උඹලා පාර්ට් ටයිම් අන්ජනමක් වත් බලනවද ....?

    ReplyDelete
  5. දුමියගේ කටේ ගෙඩි දාන්න ඕන (විහිලුවකි) !

    මම මේක බැලුවේ Institute එකේ වැඩ කරන ගමං . මට හිනා ගිය සද්දෙට බොස් ඇවිල්ලා මට බැන්න ..මේක කෝලම් මඩුවක්ද සඳරු ? කියලා අහපි. අප්පෝ ආයේනම් මම රාජකාරී වේලාවේදි දුමීගේ කැත කතා බලන්නේ නෑ .ගෙදර ගිහිං නාල එහෙම ගෙදර අය නිදාගත්තාම බලනවා බලල එලටම හිනා වෙනවා .
    මචං දුමී අයියේ !මම බිවුවට මොකෝ ඔන්න අද මගේ ඇඟේ ලේ සේරම පිරිසිදු උනා මේ ලස්සන ෆනී කතා පොජ්ජ අහලා.තෑන්කුයි මචං .
    ෂෙ: අයියව සියැසින් දැකගන්න මට වාසනාව නැති හැටි .
    හිනා කාල මැරෙනවා !


    ජයවේවා !!

    ReplyDelete
  6. අයියෝ........දුකා අයිය los....... මඩ වලක්නෙ..
    දෙක පොදුවෙ ගන්න තියනවනම් ඒකත් ෂෝක් වැඩේ.එතකොට අවස්ථාවට අනුව පාවිච්චි කරන්න පුලුවන්නෙ.

    ReplyDelete
  7. ඒ වටලප්පම හැදුවේ දුකා මහත්තයා තමයි ඒක නිසා මාරයො වැඩි විස්තර එයාගෙන්ම අහ ගන්න.දුමී අය්යේ ඔයාගේ මඩ කතා ටිකත් අපි ලගදිම එලි කරන්නම්කො.අම්මෝ අය්යේ ඔයාවනම් පරෙස්සමෙන් ආශ්‍රය කරන්න ඕනෙ.

    ReplyDelete
  8. @නදීෂා...

    හුටා ඒ කියන්නේ තාමත් ඉවුං පිහුං වැඩ දුකාද කොරන්නේ...

    @දුමී..උඹ කියන්නේ ඇත්ත තමයි බං..බලහංකෝ..දුකාට තාම බැරි උනානේ ගෙදර ඇතිගේ අතින් හදන කොරන දෙයක් කන්ට..උඹනං මුල් කාලේ නැතත් දැන්වත් කනවා නෙව...ඒකට දුකා පව් හත්දෙයියනේ...

    ReplyDelete
  9. @හිස් අහස,
    ගෙඩි දැම්මත් කට කහන එකනම් නවතින එකක් නැහැ මලයෝ...

    මොනා උනත් රස්සාව බේරගෙන ඉඳහං...හිනාවෙන්නෙ නැතුව...

    මලයෝ, උඹලා බොන විදිහට උඹලගේ ලේ හිනා ගස්සලා පිරිසිදු කරන්න බැහැ.... සපුගස්කන්දෙ පිරිපහදුවටම යවන්න වෙනවා....

    ReplyDelete
  10. @dinesh ,
    පිස්සුද මල්ලි... මේවා මඩ නෙමෙයි... කොහොමත් දුකා කුකරි පොතක් ලියන්න කියල හිතාගෙන තමයි ඉන්නෙ මගේ හිතේ...!

    ReplyDelete
  11. @නදීෂා ,
    නංගි, එහෙම කරන්න එපා ඉතින්... ඔය ආශ්‍රය කොරන විදිහටම ආශ්‍රය කරමු... නැතිනම් මම බ්ලොග් ලියන්නෙ කොහොමද ?

    ReplyDelete
  12. @මාරයා,

    කොහොමත් බං පිරිමි අපිත් එක්ක කෑම උයන්න ඔය වයිෆ්ලා කාටවත් බැහැ... හැබැයි දැන්නම් අපේ ගම හාමිනේ උයනවා කියලා වැඩක් නෑ....!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත දුමි අයියේ.. මම චන්දික අයියගේ බ්ලොග් එකෙන් දැනගත්ත මාරයා අයියටත් එලට උයන්න පුළුවන් කියල... අපි උයන විදියට උන්ට උයන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද?/

      Delete
  13. ඇත්තෙන්ම දුමියෝ මුලින්ම අපි බිබික්කම් හදන්න හිතුවේ.

    පස්සේ හිතුනා ගමහාමිනෙත් ගමේ ගොහින් කොට අපි හදපු බිබික්කම් දැකලා වෙන වෙන ඒවා මතක් වෙලා මොන ජරමරයක් වෙයිද කියලා හිතලා . . .

    බොහෝම දුරදිග කම්පනා කොල්ලා . . . දෙක ලප්පම් හැදුවා . . .

    එදා උඹේ ගමහාමිනෙත් ගෙදර නැතිවෙච්චී . .
    අඩියක් ගහන්ට ඕනයි කියලත් කතාවෙච්චී . .

    කොයි එකටත් කියලා මම මුලින් හදපු වටලප්පම කුනු බක්කියට හලලා . . .

    බොන ගමන් ගම්මිරිස් ටිකක් ඉහගෙන බයිට් එකට ගන්ටයි . .

    කාලා ඉවර වුනාම පැනි ටිකක් දාගෙන බයිට් එකට ගන්ටයි කියලා හිතලා දෙක ලප්පමක් හැදුවා.

    කොහොමද දුකගේ ටිකිරි මොලේ . . .

    ReplyDelete
  14. ඇයි බං දුමියෝ..කියලා වැඩක් නැහැ කිව්වෙ..තාමත් ඒ කියන්නේ කන්ට අමාරුද..?

    මෙ ඒක නෙවෙයි බං මට දැන්නේ කල්පනාවට ආවෙ..මං හිතාගෙන හිටියට වඩා වැඩෙ දරුනුයි..නදීෂා අක්කාත්..(මං හරිනේද..අක්කා වෙන්ට ඇතිනේ..?නැත්තං ඔං තවත් බැනුං අහන්ට වෙන කේස් එකක්) බ්ලොග් බලනවා නෙව..
    අනිච්චෙ දුක්කේ..දුකා නං සුවාධීනව ලියලා හමාරයි..බලාගෙන දුමියෝ ගම හාමිනෙත් ඔක පුරුදු උනොත් බොලාගේ කට කැහිල්ලත් එතනින්ම අහවරයි.

    ReplyDelete
  15. මාරයෝ
    අනේ ඔව් බන් අපේ ගෙදර මනුස්සයා උයන කෑම බල්ලෙක්ටවත් කන්න බෑ. ඒක නිසා මම ම ඔක්කෝම කනවා.

    කිව්වට විස්වාස කරපන් බඳින්න කලින් කිලෝ 62ට උන්නු මම දැන් කිලෝ 71ක් වෙලා බොලන්.

    අර බල්ලන්න්ට වත් කන්න බැරි කෑමේ රඟේ තමයි . . හික්ස්.

    ReplyDelete
  16. හිහ් හිහ්..අනේ අනේ දුකෝ..උඹ කොහොම හරි මායියා ෂේප් කොර ගන්න දන්නවනේ බොලේ..මෙන්න ආදරුසමත් සුවාමි පුරුෂයෙක්...
    නැත්තං ඉතිං අද කාලා හමාරයිනේ..හුට්ටාරෙ දැන්නේ මතක් උනේ..දැන්ම ගිහින් ගෑස් එකක් ගෙනාවෙ නැතොත් මාත් රෑට කාලා හමාරයි..
    ඔං මං ගියා ගෑස් එකයි බොතලේකුයි ඇන්න ඇවිත් ආපහු බලන්නංකෝ..

    ReplyDelete
  17. ම්ම් සංසාරේ භ‍වේ දුකා....

    ඉතින් දුමීගේ වයිපරේ ලව් කරන කාලේ කිව්වේ නැතෙයි කවුරුත් නැති පලාතකට ගිහිල්ලා පොඩි පැල් කොටයක් අටවගෙන සම්බෝලයි බතුයි කාල ජීවත් වෙමු කියල? හික්ස්....

    ReplyDelete
  18. දෙක ලප්පං පාර නම් නියමෙට තියෙන්න ඇති නේ? ඈ බං අයියේ සුදු පාට වටලප්පං මං දැකලම නෑනේ බං? ලංකාවේ නැතුව වත්ද මන්දා?

    ReplyDelete
  19. @දුකා ,
    ඇත්තමයි බං උඹ ඒක අරගෙන ඇවිල්ලා පෙන්නුවහම මමනම් හිතුවෙ පාං පුඩිමක් කියලා. කොහොම හරි රුවියා තමයි ගම්මිරිස් දාගෙන කෑවෙ... එතකොටත් එළ... පැණි දාපු ගමන් වටලප්පන් පරාදයි.... සිරාවටම රෙසිපි එක දාපන්කො බං උඹේ බ්ලොග් එකේ. දැන් බ්ලොග් වල වැඩි හරියක් යන්නෙ කෑම ගැනයි, කෑම උයන ඒව ගැනයිනෙ... මේ මම දැක්ක අන්න කතන්දර කාරයත් කෑම බ්ලොග් එකක් පටන් අරන්ද කොහෙද අර ජෑම් හදන හැටි දාල තිබුනෙ...

    ReplyDelete
  20. හප්පා..මේක කියවලා හිනා කාලා මැරෙනවා..

    මටත් ආසයි ඔය දෙක ලප්පමක් කාලා බලන්ඩ. එන්න ඕන අබුඩාබි ආපු වෙලාවක දුකා අයියලාගේ ගෙවල් පැත්තේ.

    දුමී අයියේ, ගම හාමිනේ දැන් හොඳට උයන්න දන්නවද?

    ReplyDelete
  21. @ මාරයා,

    නෑ බං... ගම හාමිනේගෙ කෑම සිරාවටම රහයි... බොරුනං අහපං දුකාගෙන්යි, නදීශා නංගිගෙනුයි... (ගම හාමිනේ මේ වෙලාවෙ ඇඳ පොල්ලක් ගලවගෙන මගෙ පිටි පස්සෙන් ඉන්නවා )

    මොනවා උනත්, ගම හාමිනේ උඹේ පෝස්ට් එක දැකලා... අන්න මාරයව මරන්න කොන්ට්‍රැක්ට් එකක් දෙන්න පාතාලයෙක්ව හොයනවා....

    ReplyDelete
  22. @දුකා ,
    මූ මෙහෙම කිව්වට මුන්ගෙ ගෙදර ඉන්න බල්ලත් මූට වඩා බරයි... !!

    ReplyDelete
  23. @ මාරයා,
    දුකා කියන්නෙ කොහොමත් හරිම ආදර්ශවත් මනුස්සයනෙ... මූ කොහොම හරි බටර් පාර ගාල නදීශව ශේප් කරගන්නෙ මොකද බැරිවෙලා හරි නදීශ ඉව්වෙ නැතිනම් මූට කන්න කියලා කඩයක්වත් අහල පහලක තියෙන එකක්යෑ..... මූ අබු ඩාබි ඉන්නව කිව්වට, අබු ඩාබි වලින් හැරිලා දඹානෙට යන්න ඕනෙ මුන්ගෙ ගෙදර යනවනං. ඒ හරියේ ඔටුවොත් නැහැ මොකද උන්ටත් කන්න දෙයක් නෑ ඒ හරියේ....!

    ReplyDelete
  24. ඔය කථාවෙන් කියන්නේ ලව් කරන කාලෙට කුකරි ක්ලාස් කට් කරවලා මල් කඩන්න ගෙනියන කොල්ලන්ට ඒ කරුමෙ බැන්ඳට පස්සෙ ගෙවන්න වෙනවා කියන එකයි.
    කථාව වෙනදා වගෙම එළ. දැන් අපේ ඔෆිස් සේරම මේ බ්ලොග් එක බලනවා.

    ReplyDelete
  25. @sankalpana ,
    හත් වලාමයි, එහෙමත් කිවානේ බොලේ...දිවැස් තියෙනවැයි ඔහේට ? මොකද එයා දන්නවා මට හොඳට පොල් සම්බෝල හදන්න පුළුවං කියලා.

    ReplyDelete
  26. @prasanna86k ,
    මලයෝ, දෙක ලප්පන් වෙන කොහෙවත් නැහැ.... අබු ඩාබි වලින් හැරිලා දාඹානෙට පොඩ්ඩක් කිට්ටු කරහම තමයි හොයා ගන්න පුළුවං වෙන්නෙ...!

    ReplyDelete
  27. සමීර මලයෝ, උඹටත් කියන්න තියෙන්න මම ඔය ප්‍රසන්න මලයට කියපු දේම තමා....

    ගම හාමිනේ දැන්නම් එළටම උයනවා...

    (තාම ඇඳ පොල්ල අතේ තියාගෙන ඉන්නෙ )

    ReplyDelete
  28. මෙහෙමනේ දුමියෝ

    මතකයිද එක පාරක් මම ලිව්වා "වැලි කතර, මරු කතර හා පාරාදීසය " කියලා නිසඳැසක්.
    http://dukaa.blogspot.com/2009/09/blog-post_10.html

    උඹලා ඉන්න සාජා හරි අපි කලින් හිටි ඩුබායි හරි ඉඳගෙන ඒ වගේ වැලි කතරක ඉන්නවා කියලා කියන්න බැරි නිසා අපි කාන්තාරෙක පදිංචියට ආවා.

    සිම්පල් ප්ලෑන් එකක් . . හික්ස්

    බලපන් උඹ කරපු වැඩෙන් මට නිවාඩු ගියාම වෙන වැඩක් කොරන්න වෙන්නේ නෑ මේ හැමෝටම දෙක ලප්පන් හද හද ඉන්න වෙනවා . හික්ස්

    ඔන්න හැමෝටම කියන්නේ හරිය . .

    මම නිවාඩු ආවහම අපේ අහ එන්ට කස්ටියම දෙක ලප්පන් කන්ට . . හරිය

    ReplyDelete
  29. @Ishara ,

    ඒකනෙ කියන්නෙ, ඔය මොනව කට් කලත් ඔළුව ගහගෙන ඉන්න පුළුවන්. කුකරි ක්ලාස් කට් කරපු ඒවයේ පව් ගෙවන්න වෙන්නෙ බැන්දහම තමයි.

    ReplyDelete
  30. ඕකට ඔම්ලප්පං කියල නමක් දාගත්තනං මොකද?

    ReplyDelete
  31. දුකා අයියාගෙන් රෙසිපි එක ඉල්ලන් දෙක ලප්පන් හදලා බලන්න ඕන... හික්z

    ReplyDelete
  32. @Praසන්ன ,
    ඒ නමත් නරකම නෑ... පොඩ්ඩක් දුකාගෙන් අහල බලන්න...

    @හසී ,
    එකතමයි නගෝ මමත් ඌට කිව්වෙ, බල බල ඉන්නෙ නැතිව ඒ රෙසිපි එක උගේ බ්ලොග් එකේම පෝස්ට් කරන්න කියලා.

    ReplyDelete
  33. අම්මපා දුමියෝ.., මඩ ගහනවා කියලා ඔහොමත් මඩ ගහන සිරිතක් තියෙනවද බං..?? පවු අර අහිංසක දුකා ජෝඩුව මොනතරං අමාරුවෙන්ද අර ඔම්ලට් එක සොරි සොරි වැරදුනා දෙකලප්පම හදාගෙන උඹව බලන්ට ආවෙ..

    ReplyDelete
  34. අපේ ඉස්කෝලෙ තිබ්බ පිරිතකට මිස් කෙනෙක් අග්ගලා ගෙනාවා.. අපි ඒවගෙන් ක්‍රිකට් ගැහුවා... බෝල් කරනකොට අග්ගලේ ගිහින් බිම වැදිලා බැට් එකෙත් වැදිලා ආපහු ෆීල්ඩ් කරන එකාගෙ අතටත් අග්ගලේ එනවා.. පැත්තක් පොඩ්ඩක් තැලෙනවා විතරයි.....

    එදා ඉදන් මිස්ගෙන් අපි අහන්නේ මිස් නැද්ද මිටියක් අග්ගලා ටිකක් කුඩු කර ගන්න කියලා......

    ReplyDelete
  35. මාත් වැඩිය උයන්නෙ නැම් නැහැ. ඒත් මම ඉවුවොත් රසයි කියල කට්ටිය කියනවා...
    ආයේ ඕකේ මොකක් ද වෙනස... මිරිස්, තුනපහ, කහ ,ගම්මිරිස්, උළහාල් ,සුදු ළූණු, ලුණු ,අඹ යහමින් දමල ගත්තම කොයිකත් රසයි...
    අම්ම මට කසාද හොයන්න ගත්ත බව දැන ගත්ත ගමන් මට දෙවියන් සිහිවුනේ තාම හරියකට උයන්න පිහන්න අරන් නැති නිසා ... අම්මට මේ වග කීවම අම්ම නම් කීවේ... බැඳල බලන්න නිකම්ම උයන්න පුරුදු වෙනව කියල....

    හැබැයි ඉතින් පංකාදු පහට තේ හදන්න, බත් උයන්න, සම්බල් හදන්න, කොස් පොලොස් හදන්න,මස් හදන්න පුලුවන්... තෙල් දාන කෑම ජාති ඔක්කම හදන්න පුලුවන්...

    හැබැයි ඉතින් කවි ලීවට මොකද මට තාමත් පලා ලියන්න නම් ඇත්තටම බැහැ...

    හිනා වෙලා ඉවර වෙලා කමෙන්ටුව ලියන්න ගත්තේ... අනේ අයියේ ..."තුහ්තුහ් තුහ් කියල" කෙල ගහන්න තුන් සැරයක්... පුලුන් ඇට, අඹ ඇට , ගම්මිරිස් ඇට වගේ ජාති 5ක් අරන් කවුරුවත් නැති තැනකදි පුච්චල දාන්න (සද්දෙට පිච්චෙන්න ඕනි ) අයියට ඇස්වහ කට වහ පුච්චනයි මම එහෙම කීවේ...

    හිනා වේ පණ නැහැ මෙහෙම කටක් කියල මේක කියවන කවුරුත් කියනවා... අන්න ඒකයි ඇස්වහ කට වහ පුච්චන්න ...

    ReplyDelete
  36. අම්බානක වැඩ අස්සේ කියෙව්වේ... අල්ලපු මේසේ ඉන්න එකා වයර් වෙලා බලාගෙන ඉන්නවා මොනිටරෙ දිහා බලාගෙන හූ තියන්නේ මොකද කියලා... ඉල නෑ... නියමයි අයියා.....
    ඒක නෙවෙයි මේ දවස් වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක මඩයි කෑමයිද කොහෙද... හපොයි... බයෙත් බෑ... :)))

    ReplyDelete
  37. හපොයි බොල හිනා කාල නහින වැඩනේ... එහෙනම් දුකා අයියා හැදුවා වටලප්පමක් බයිට් එකටත්... හික් හික්...

    හැබයි දුමියො කට කහගන්න වෙන්නෙ... ඔය දුකා අයියාගෙ ගම මහගේ නේද කියල තියෙන්නේ දෙන්න එක්ක දුමියගෙ කතා සැට් එක දානව කියල... හික් හික්...

    මාරයා : ඈ බන් ඇත්තටම උබ යක්කල ගියේ තෙල් මාරු කොරන්නද ?? හික් හික්

    ReplyDelete
  38. @වත්..,

    ඈ බොලේ මම අදමනෙ දන්නෙ උයන්නයි ඇස්වහ කටවහ පුච්චන්නයි 'අඹ' ඇට ගන්නව කියලා.. අපිනං ඕකට ගන්නෙ 'අබ' ඇට..

    ReplyDelete
  39. අඩේ මාරයි ඈ.........

    ගැලපෙනම නම දාලා තියෙනවා....

    ReplyDelete
  40. @ burantheno!
    "ඈ බොලේ මම අදමනෙ දන්නෙ උයන්නයි ඇස්වහ කටවහ පුච්චන්නයි 'අඹ' ඇට ගන්නව කියලා.. අපිනං ඕකට ගන්නෙ 'අබ' ඇට.."

    hik hik hik . . ..

    ReplyDelete
  41. "
    ආයේ ඕකේ මොකක් ද වෙනස... මිරිස්, තුනපහ, කහ ,ගම්මිරිස්, උළහාල් ,සුදු ළූණු, ලුණු ,අඹ යහමින් දමල ගත්තම කොයිකත් රසයි..."

    අපොයි...
    හොඳට තියෙයි එහෙම ඉව්වොත්නං...
    කවුද දන්නේ නැහැ අර රසයි කියපු හාදයෝ ටික...
    මං ගානේ වයර් බ්‍රෂ් ටිකක් සප්ලයි කොරන්ට උන්දැලාගේ දිවවල් මැද ගන්ට...

    ReplyDelete
  42. දුමී අය්යේ ඔයා අපිට මාර අයිඩියා 1ක් දුන්නේ මේ අලුත්ම කෑමට පබ්ලිසිටි 1ක් දීලා. දැන් අපිට ලංකාවට ගිහින් බය නැතිව 2 ලප්පන් කඩයක්ම දාගන්න පුලුවන්.අපිත් හිත හිත හිටියේ එහේ ගිහින් මොනා කරන්නද කියලා. රෙසිපි 1 බ්ලොග් එකේ දැම්මොත් අපිට පාඩුයි.

    ReplyDelete
  43. @Buratheno,
    ඉතින් බං මම රස්සාවට කරන්නෙත් මඩ ගහන එකනෙ. මඩ නැතිනම් අපි කොහොමද බ්ලොග් ලියන්නෙ ?

    අර මාරයා වගේ කාටවත් මඩක් නොගහා දැහැමින් බණ කතාවක් කියාගෙන, කේන්දරයක් බලාගෙන, කාලක්ක්‍රියා කරගෙන ඉන්න භාග්‍යවන්තයෙක් නෙමෙයිනෙ බං මම...

    ReplyDelete
  44. @අභීත,
    ආහ්.. උඹ ඕක කිව්වහම මතක් උනේ අපිත් ඉස්සර ඉස්කෝලෙ යන දවස්වල අර කිරියි බනිසුයි දීපු කාලේ ඒ බනිස් වලින් සම්බෝල කඩපු හැටි. මොකද මෙලෝ යකෙකුට කන්න බැහැ ඒ ගුල්ලො ගහපු බනිස්.

    ReplyDelete
  45. @wath,
    ආහ්, වත් නගත් මේ දාල තියේන්නෙ අඹ කරියක් හදන රෙසිපි එකක්. ෂුවර්ද ඕක කෑවම මැරෙන්නෙ නැහැ කියලා ?

    ආනේ බං නගෝ, බඳින්න කලින් උයන්න ඉගෙන ගනින්. නැතිනම් ඒ අසරණයට තමයි දෙවියන් සිහි වෙන්නෙ කෑම එක දැකපු ගමන් "දෙයියනේ මේක දැන් මම කන්න ඕනෙ නේද" කියලා....!

    කට වහ පුච්චන එක කෙසේ වෙතත් දැන් දුකාටයි, නදීෂටයි මාට්ටු උනොත් මාව අල්ලල කට්ටට වහ දානවා ෂුවර්...

    මේ වත් නගේ, පිට්ටු හදන්න දන්නෙ නැද්ද ?

    ReplyDelete
  46. @පුතා ,
    ඔය ඉතින් අපේ රටේ නයකයෝ මඩ නාගන්න විදිහට අපි පොඩි මඩ කිනිත්තක් ඇඟිල්ලට අරන් කාට හරි ඉස්සට මක්ක වෙනවැයි....?

    මේ පුත... අල්ලපු සීට් එකේ ඉන්න මලයට සිංහල උගන්නපං... එතකොට ඌටත් සිංහල බ්ලොග් කියවන්න ඇහැකිනෙ...!

    ReplyDelete
  47. පිස්සා,
    උඹල හිතන්නෙ මම විහිළුවට මේව කියනවා කියලද ? යකෝ ඇත්තම සිද්ධි තමා මම මේ බ්ලොග් එකේ දාන්නෙ... කෙසේ වෙතත් දැන් අපේ ගම හාමිනෙයි, දුකාගෙ "දුක්" හාමිනෙයි සෙට් වෙලා මගේ කට කස්සන්න ෆුල් ප්ලෑන් එකක් ගහනවා කියලා ආරංචියක් ආවා.... මාරයත් ඒකට සපෝට්ලු.... ඌ යක්කල පැත්තෙන් වයර් බ්‍රෂ් එකක් අරගෙන එවනවැයි කියලා තිබුනා...

    ReplyDelete
  48. @Buratheno,
    බොලාට තේරෙන්නෙ නැද්ද ? වත් දාල තියෙන්නෙ ඔය මාතර පැත්තෙ "අඹ" කරි හදන රෙසෙපි එක.... !

    @වත්, ඔය රෙසිපි එකට මොන වගේ අඹද ගැලපෙන්නෙ ? පොල් අඹ, කොර්තකොලොම්ඹු වගේ අඹ හරියන්නෙ නැද්ද ?

    ReplyDelete
  49. @කැන්ඩි... ,

    තව නම් තියෙනවන් ඉතින් යෝජනා කොරන්න පුළුවං...!

    ReplyDelete
  50. @මාරයා,

    හොඳ වෙලාවට බොලා උයන කෑම කන්නෙත් උඹ හින්ද හොඳයි... නැතිනම් අතුරු පසට වයර් බ්‍රෂ් තමයි කන්නෙ වෙනෙ...

    ඇආ බං.. අර උඹ පංසලේ ඉන්න කාලේ උඹ උයපු කෑම කාපු සාදුලා තාම යහතින් ඉන්නවද ?

    ReplyDelete
  51. @නදීෂා ,

    නංගි ඕකනෙ කියන්නෙ ඔයවගේ බිස්නස් කල්සන්ටන්සි නිකන් හම්ඹ වෙන්නෙ නැහ මේ වගේ පබ්ලිසිටි එකකුත් එක්ක.

    දැන් තියෙන්නෙ හිටු කියලා දෙක ලප්මං හදලා, ෂොපින් බෑග් වල දාලා හැමදාම තියෙන ශ්‍රී ලංකන් හරි එයා ඇරබියා එකේ හරි දාල ලංකාව්ට පටවන එක...! මේ බ්ලොග් එකේම කී දෙනෙක්ගෙන් ඕඩර්ස් හම්බවෙලා තියෙනවද බලන්නකෝ...

    ReplyDelete
  52. පුදුම කටක් බුදු අය්යේ උබට නම් තියෙන්නේ.
    යකෝ මනුස්සයෙකුට මෙහෙම මඩගහන්න පුලුවන්ද?

    ReplyDelete
  53. අම්මේහ් කටක්ද ඔක අහ්.... ඔහොමත් මඩ ගහනවද... හාමිනෙත් ගිහින් හන්දා පව් කියලා වටලප්පමක් උස්සන් ආවාම එකටත් ජාති කියක් කිවාද.... හහ්හා.. මරු අයියේ මරුවට ලියනවා. ගතිම ගති..

    ReplyDelete
  54. මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
    මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
    ස්තුතියි සහෝ...............
    ලිපිනය:- http://nadeesh22.blogspot.com/
    මෙය දැන්වීමකි

    ReplyDelete
  55. @ මාරයා
    @ දුමී අයියා
    @ Buratheno
    කියන දෙයක් තේරෙන්නෙ නැති හැටි මේ පිරිමි අයට ...

    අනේ අයියලා එක අකුරයි මිස් වුනේ.... ලුණු ගෝනියක් හපලු ගානට කතා කරන්නෙ ඇයි අනේ...

    මට පුලුවන් හොඳට උයන්න .විශේෂයෙන් මාළු ඇඹුල් තියල් ...

    මාරයා මහ ලොකුයට උයනවා උයනවා කීවට දුමී අයියේ ඒව කාල තියන ද නැනේ...

    Buratheno - 19 එනව ද ? හිටුකො ...

    ReplyDelete
  56. වෙන මොනව කරන්නද හිනා වෙනව මිසක් ..... හිහිහී ..... :D:D

    ReplyDelete
  57. මඩ ටිකයි ලු,, හොඳ ටික !!! අර අබුඩාබියෙයි දුකා අයියලගෙ ගෙදරයි අතර දුර ගැන නම් තියෙන්නෙ අමූලික ඇත්ත,,,,,

    ReplyDelete
  58. වත් අක්ක... අර අඹ චට්නි හදපු වෙලාවක මටත් එවන්න ඈ ... වැඩි දුරක් ඇ... අහල පහල උදවිය නේ

    මට තාම හිනා දුමියො .... මේ මඩ ගැහිල්ල නම් ලොවෙත් නෑ ... අපෝයි ....හෙහෙ

    ReplyDelete
  59. දවස පුරා තනියම හිනා වෙද්දී මගෙ සුද්දා අහනවා විහිළුව මොකක් ද කියලා. මේක නම් කොහොමටවත් බෙදාගන්න බැහැ එයත් එක්ක. අගය අඩු නොවන විදියට කොහොම පැහැදිලි කරන්න ද!?!!

    ReplyDelete
  60. @වත්..,
    19 එනවා ඔයා මට ෆ්ලයිට් එකට ටිකට් එකක් එවුවොත්...

    @දුමීට (රහසින්)..,
    19 කොහෙ එනව කියලද බං මේ වත් අහන්නෙ..?? මට ගේමක් දෙන්න පාතාලයෙක්ව සෙට් කරලවත්ද..??

    ReplyDelete
  61. හිස් අහසට බොස් බැනපු එක නම් තව කමක් නෑ කියමු..... මම බොස් විදියට මේක බල බල හිනා වෙද්දි මගේ ඔෆිස් එකේ අය අද නම් ලොක්කිට පිස්සු කියලා හිතන්නැති.. අනේ ඇත්තමයි... මට හිනාව නවත්තගන්න බැරි වුණා.. ආයෙත් නම් දුමී අය්යේ....මේ බ්ලොග් එක ඔෆිස් ටයිම් එකේදි බලන්නේ නැහැ.....( ඔය කිව්වට මේ බ්ලොග් එක අහම්බෙන් ගිය සතියේ දවසක දැක්කට පස්සේ ඔක්කොම කියවලා... අලුත් පෝස්ට් 1ක් දාන කම් පෙරැම් පුර පුරා බලා ගෙන හිටියේ.... ) ලස්සනට ලියනවා..... ඔන්න මමත් දැන් පස්සෙන් පන්නනවා හො‍ෙඳ්........

    ReplyDelete
  62. මින් පස්සේ හිස් අහස ලියන සඳරු මල්ලිට බැනුම් වෙන එකක් නැති වෙයි වගේ.

    ReplyDelete
  63. @දුකා : රෙසිපි එක අමතක කරන්න නං එපා මචං. අපිටත් කන්න ඕනෙ උඹගෙ දෙකලප්පමක් (ඒ නම නිකන් ඇහෙනකොට කුනුහර්පයක් වගෙ)

    @දුමී : ඔහොමත් මඩ ගහනවද බං, තනියෙන් ඉන්න උඹ බලන්ට ආව උන්ට

    @සඳරු : මමත් ඔ‍ෆිස් එකේ ඉඳන් මේක කියවල උඹට වෙච්චිදේම උනා නොවැ

    ReplyDelete
  64. @mahima,
    මොනා කරන්නද කොළුවෝ... මගේ මේ කට කහන්න ගත්තම ආයේ මොනව හරි ලියනකං නවතින්නෙම නෑ නොවෑ...

    ReplyDelete
  65. නිම්ශා නගෝ, ගනන් ගන්න එපා. උන් දන්නවා මම උන්ට ආදරෙයි කියල. ආදරේ වැඩි අයට තමයි වැඩි පුර මඩ ගැහෙන්නෙ....

    තැන්ක් යූ වේවා සටහනට....!

    ReplyDelete
  66. @මගේ සයිබර් නිවහන,

    ස්තූතියි මලයෝ සටහනට....

    දිගු ගමනකට මගෙනුත් සුභ පැතුම් මෙන්න... !!

    මල්ලිගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න බැහැනේ.... පොඩ්ඩක් හොයලා බලන්න මොකද කිය්ලා. මම පාවිච්චි කරන්නෙ IE 8

    ReplyDelete
  67. @wath,

    වත් නගෝ, ඒකෙන් මේකෙන් අඹ කරියක් කන්නත් ආසාවක් ආවා. බැරිද ඒවගේ අඹ කරියක් හදන්න.

    මට මතක් වෙනවා දැනට අවුරුදු 15 කට විතර කලින් අපේ බෑන්ඩ් එක ආව මාතර පැත්තෙ හෝම් කමින් එකක් ප්ලේ කරන්න. ඒ එනකොට හරියටම මාතර නිව් සිනමාස් එකට විරුද්ද පැත්තෙ තිබිච්ච පොඩි බත් කඩේකින් දවල්ට කෑවා. දවල් කිව්වෙ ඒ වෙනකොට 4ට විතර ඇති. ඒ කඩේ හිටියේ අම්ම කෙනෙකුයි එයාගේ දූල දෙන්නෙක් කියලා හිතන්න පුළුවන් දෙන්නෙකුයි.

    අපේ 6 දෙනෙක් විතර හිටිය නිසා ඒ වෙලාවෙම කෑම උයලා තමයි අපිට දුන්නෙ. රතු කැකුළු බතුයි, මාළු ඇඹුල් තියල්, ගොටු කොල මැල්ලුමකුයි, අඹ කරි එකකුයි ඔය වගේ මහ ගොඩක් තිබුනා. පුදුමාකාර රසයි..... අපි ටික කෑව නිකන් ඉස්මුරුත්තාව හැදෙනකන්....

    නගාගේ අඹ කරි එක සහ මාළු ඇඹුල් තියල් එක දැක්කම මට මතක් උනේ ඒක...

    ReplyDelete
  68. @සහෝදරයා ,
    හිනාවී තරවෙන්න සහෝදරයා... :)

    ReplyDelete
  69. @හරී / @සහෝදරයා,

    දෙයියනේ ටිකයි නේන්නං.... ඔය ලංකාවෙ දේශපාළුවො ගහහන්න මඩ හැටියට මේ මොනවද.... නිකං මී පැණි වගේ එවනේ....

    සහෝදරයා, චට්නි නෙමෙයි මලයෝ ඒ මාතර ස්පෙෂල් අඹ කරි..

    ReplyDelete
  70. @ අයිය දන්නවද ලංකාවේ රසටම උයන්න පුලුවන් මාතර ගැහැණු අයට ලු... ඒක නම් ඇත්ත වෙන්න ඇති...

    මාළු ඇඹුල් තියල්
    රතු හාල් බත්
    මී කිරි
    කිතුල් පැණි

    මේ පැත්තටම ආවේණික දේවල් නෙ...

    ඒ පෙට්ටි කඩේ තවම තියනව. කොළ කැඳ ‍එහෙමත් තියෙනවා... ඊට කෙලින්ම ඉස්සර තියෙන්නේ සමන් මල් කියන හොඳ හෝටලයක්...

    දුමී අයිය.. මම පිට්ටු හදන්න නම් දන්නෙ නැහැ. අර පුංචි මුතු කැට වගේ පිටි කැට ගන්න බැහැ හරියට තවම...

    ReplyDelete
  71. @අරුණි,
    මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා....

    සුද්දටත් පොඩ්ඩ පොඩ්ඩ සිංහල කියවන්න ඉගැන්නුවානන් ඉවරයිනෙ. ඒක ලේසියි මේ වගේ ඒවා ට්‍රාන්ස්ලේට් කොර කොර ඉන්නවට වඩා.... :)

    ReplyDelete
  72. @Buratheno,
    ඔය වත් අඳුනන කිඹුලෙක් ඉන්නවා මාතර නිලවලා ගඟේ.... පොඩ්ඩක් පරිස්සමින්.... :)

    ReplyDelete
  73. @Muditha,

    මේ පැත්තට සාදරයෙන් පිලි ගන්නවා ඕං...!

    කකුලිච්චි ඇදේට ගොහින් කකුළු පැටවුන්ට කෙලින් යන්න උගන්නනවා වගේ.....

    ReplyDelete
  74. @දුකා,

    මුදිතාද හිස් අහස මලයගේ බොස් ?

    ReplyDelete
  75. @රංග,
    මොනව කරන්නද බොලේ... හොඳට අඳුනන, හිතවත් බලන්න එන අයට තමා වැඩි පුර මඩ වදින්නෙ.... නැතිව ඔය පාරේ යන අයට මඩ ගහන්න ගිහිල්ල ඉල්ලන් කන්න ඕනෙ නැහැනෙ....

    ඒ රෙසිපි එකනන් දැන් හම්මබෙන්නේ නහැ... නදීෂ නගා අද ඉඳලම බිස්නස් එකක් පටන් අරගෙන කියලා තමයි ආරංචිය ....

    ඕනෙමනම් ඕඩර් එකක් දාන්න...

    ReplyDelete
  76. @wath,
    හැබෑටම ඒකනන් හැබෑ වෙන්න ඇති... ඒ කෑමවල රස මට තාම මතකයි....

    අපේ ගම හාමිනේ නන් හරිම අපූරුවට පිට්ටු හදනවා... මට පෙරේදා රෑත් හදල දුන්නෙ පිට්ටු.... ඊයේ උදෙත් පිට්ටු....

    ReplyDelete
  77. කොහොම නමුත් අමාරුවෙන් හදා ගෙන ආපු මල්ටි පර්පොස් ප්‍රඩක්ට් එකට ඔහොම නොන්ඩියට කතා කරන්න එපා..වෙනම පොස්ට් එකක් දාල ඒ වගේ එව අපි අගය කරන්න ඕනි නැද්ද දුකා...

    ReplyDelete
  78. අනේද කියන්නේ පැන්ඩෝ . . බලපන් අපි ඌ ගැන ඕනවට වැඩිය හිතන්න ගිය නිසයි මේ ඔක්කෝම.

    අර කලිනුත් කිව්වේ අපි මුලින් හිතුවේ බිබික්කම් හදන්න.

    ගමහාමිනේ ලංකාවට ගිහින් ඌ තනියෙන් ඉන්න හින්දා බිබික්කම් නම අවුල් වගේ කියලා (ඔය නම නිසා වෙන වෙන මොනා හරි මතක් වෙලා මොන හුට්ටප්පරයක් වෙයිද කියලා හිතලා) දෙක ලප්පන් හැදුවා.

    එහෙම හදපු අපිට මූ කියන කතන්දර නේද පැන්ඩා මලේ. ..

    ReplyDelete
  79. දෙක ලප්පන් .. හිකිz මරු මරු

    ReplyDelete
  80. ඉතිං බලපං, බ්ලොග් අවකාශෙ කොච්චර ක්‍රියේටිව් පොරවල්ද ඉන්නෙ කියලා.අපේ දුකාව ලංකාවට ගෙන්න ගත්තානං මේක ලෝකෙම ආශ්චර්ය කොරන්න තිබුනා.

    @ දුකා - ඔන්න මචෝ ඊළග පාර ලංකාවට එනකොට අපිටත් දෙකලප්පං ඔනෙ හොදේ!

    @ දුමී - අනේ බං! උඹ වගේ මඩකාරයෙක්නං ජීවිතේට දැකලා නෑ.හික් හික්!!

    ReplyDelete
  81. දුමී දෙක ලප්පන් කාලා දැන් කටලප්පන් වෙලාද තියෙන්නෙ

    ReplyDelete
  82. දැන් කෑම ගැන කතා රැල්ල පටන් අරන් වගේ :))

    ReplyDelete
  83. ගඩොල් මළේ . .
    ඔහොම කියලා බෑ
    ඔපීස්යලි ඕඩර් කරන්න ඕන.
    ඇඩ්වාන්ස් ගෙවන්න ත් ඕන . . හික් හික්

    ReplyDelete
  84. @පසන් ,
    ඕඩර් බාර ගනු ලැබේ... එයාර් ෆෙයාර් ෆ්‍රී...!

    ReplyDelete
  85. @blog gadol,
    මේව නිකන් දෙන්නෙ නෑ... ටිකක් ගාන වැඩියි...
    අපි ඇවිල්ලා සොඳුරු මඩ කාරයෝ....

    @පිණිබිඳු... ,
    මේක දෝෂාරෝපණයක්ද ?

    @Hasitha,
    මම හිතන්නෙ මාරයා මේ දවස්වල හුරුල්ලෝ කරවල රෙසිපි එක හදනවද කොහේද ? අඹ කරිය දැම්මනේ පහුගිය දොහේ...!

    @දුකා,
    හැම දෙක ලප්පමකින්ම 10% කමිෂන් ඕනෙ වැඩේ අල්ලා දුන්නට ඕං...

    ReplyDelete
  86. ආයි නම් ඔෆිස් එකෙ ඉන්දන් මේක බලන්නෙ නෑ.

    ReplyDelete
  87. අපේ අම්මට පින් සිද්ද වෙන්න මට නම් සා/පෙ ලියල ගෙදර උන්නු කාලේ ඉදන්ම උයන්ට පුලුවන්.. මොකෝ කිව්වොත් අපේ අම්ම උදේට උයන්නේ නැතිව වැඩට ගියා. ඉතින් මට උයාගෙනම කන්ට උනා. ඒ නිසා අද මම තනියම උන්නත් නොම්මර 1ට උයන්ට පුලුවන්....

    අපේ පහල තට්ටුවෙ ඉන්න බන්ගලි කෙල්ලත් හැමදාම පුඩින් හදනව.. හදල නිකා ඉන්නේ නෑ අපිටත් දෙනවා..... අයේ කතාදෙකක් නෑ නියම ඔම්ලට්... ටික වෙලාවකින් අවිත් අහනව කෑවද කියල. විසික්කරා කියන්න බැරි නිස අපි කියනවා... ශා ..... හරිම රසයි ඔය රසට පුඩින් හදනව කියල එතකොට තව කෑල්ලක් දෙනවා...
    මොකද අපි විතරලු එයගේ පුඩින් රසයි කියන්නේ....

    ReplyDelete
  88. @දුමී,
    අම්මපා මේ වෙලාවට තමා මට රටෙත් නැති කුණුහරුප මතක්වෙන්නෙ.. අරූ අරහෙ අඹ කරියක් ගැන ලියලා කට ඇවිස්සුවා, බොලා දැං මෙතන හුරුල්ලො කරවල ගැන කියවන්න ගත්තා.. අඹ කරියක්නං මෙහෙ කොහොමහරි හදාගන්න පුළුවං, කරවල බදින්න බෑ ගේ ඇතුළ ගද ගහන්න පටං ගන්නවා.. ඔයිං මෙයිං මෙහෙ ආවත් හරි කටට රහට කරවල කෑල්ලක් කන්න බැරිවුනා නොවැ..

    @හිරු ප්‍රභා,
    ඔයත් ට්‍රයි කරන්න බලන්න දුමිය වගේ ගම්මිරිස් කුඩුටිකක් ඉහගෙන ඒ පුඩිම කන්න.. සමහරවිට හරියන්නත් පුළුවං..

    ReplyDelete
  89. ඒ බුරතෙනෝ..... (මොකද්ද බොල මේ නම..~@:£$%^*!£$%)

    ලන්ඩන් වල කොහෙද ඉන්නේ... මමත් ඉන්නේ ලන්ඩන්..

    ReplyDelete
  90. සවන් දෙන්න සවන් දෙන්න......... (ටෙස්ටින් වන් වන් වන් ටූ වන්)

    සවන් දෙන්න.... ඇත්තටම මට ඉතාම පොඩි දැනුම් දීමක් විතරයි කරන්න තියෙන්නේ... මම මේ අපහාසයක් නිගාවක් එහෙම කරනව නෙවෙයී ඔබ සියලු සෑම දෙනාගේම යහපත තකා කරන දැනුම් දීමනාවක්.. දුකාට විශේෂයි.. ..

    කෙටියෙන් මේකයි,, දුමීගේ නම මම වෙනස් කලා...
    දුමී ද ඕප දූප කියල..
    හේතුව කාට කාටත් පේනවා හොදම උදාහරනය තමා ඊයෙ මෙයා මගෙන් බොහොම නරක ඕප දූප වගයක් ඇහුව. කොටින්ම ලන්ඩන් ගෑනු පශ්චාත් භාගය සොදන..
    ඔන්න ඔහොම මොනවද මොනවද ටිකක්..
    දුකා අයියේ මම කිසි සේත් අයකිරීමක් නොකර දෙන උපදෙස් පිලි ගන්න.. මෙයා ඕප දූප හොය හොය කට කහනව කියල කියවල විතරක් නිකා ඉන්නේ නෑ ලියනවත් එක්ක. අයියට සදා දුකින් තමා ඉන්න වෙන්නේ මෙය එක්ක වැඩි බජනේට ගියොත්.. දැන් පේනවනෙ වටලප්පමක් හදල උනදේ...
    එච්චරයි...

    ස්තූතියි....

    ReplyDelete
  91. අයි අයියෝ.., ඒක කියන්නෙ බුරතෙනෝ කියල නෙවෙයි, බුරතීනො කියල.. මට පේන්නෙ ඔයාල කවුරුවත් චූටිකාලෙ බුරතීනොගෙ කතාව කියවල නෑ වගේ.. http://en.wikipedia.org/wiki/Buratino

    ReplyDelete
  92. අඩේ වට්ටලබ්බන් අයියා.........???

    අපි නං නිකං ලැබෙන අස්සයන්ගේ දත් ගනින්නේ නැහැ...... ඔන්න ඔහේ කාලා දානවා මිසක්........ ;D

    ReplyDelete
  93. මේ ‍බ්ලොග දැක්කෙ ලඟදිනෙ... යකෝ මේක මඩ ලෝකයක්නෙ...

    ReplyDelete
  94. ලොවෙත් නෑ. විකාරෙං කියෝනවා!

    ReplyDelete

Related Posts with Thumbnails