මගුල් කතා

Posted by දුමී

ඔය ඉතින් කර දඬු උස් මහත් වෙච්චි දූ දරුවො ඉන්න අම්මල තාත්තලගේ සිහිනය තමයි තමන්ගේ දුවට හරි පුතාට හරි කලට වේලාවට ගැලපෙන තැනකින් කටයුත්තක් හොයලා බලලා කරලා දෙන එක. ඉතින් බලාගෙන යනකොට මේක ලේසි පහසු වැඩක් නම් නෙමෙයිනේ. මේක අර පවුල් ජීවිතේ ගත කරනවාටත් වඩා අමාරු කෙලියක්. දුවට බෑනා කෙනෙක් හොයනවනම් කොච්චරනම් කියල දේවල් නම් හොයලා බලන්න ඕනෙද ? ඔය අතරින් "සුරා සූදුවෙන් සියලු දුසිරිතෙන් තොර” , "ස්ථිර රැකියාවැති", "වාහනයක් හිමි", "ගෙයක් දොරක්, ඉඩමක් කඩමක් හිමි" මෙකී නොකී දහසක් දේවල් ඉස්සරහට එනවනේ. දැනට අවුරුදු 30කට 40කට කලින්නම් "කලිසන් අඳිනවද" කියලත් හොයලා බලනවා. අපිටනම් දැන් හිතෙයි කලිසං අඳින්නෙ නැතිව නැතිනම් යකෝ හෙළුවෙං ඉන්නවයෑ කියලා. ඒත් ඉස්සර ගොඩක් අය ඇන්දේ රෙද්දයි බැනියමයිනෙ. එහෙමත් එක්කෙනෙක් තමයි කලිසමක් ඇන්දේ. තව ඒකාලේ ඔය "ආණ්ඩුවේ රස්සාවක් කරනවද" (දැන්නම් ආණ්ඩුවේ රස්සාවක් කරනවා කිව්වොත් ගෑනියෙක් ගන්න ලේසි නෑ ) වගේ කාරණාත් හොයල බලනවා කියලා මම අහලා තියෙනවා.

පුතාට ලේලි කෙනෙක් හොයනවා නම් ඔන්න "සිහින් සිරුරැති, පැහැපත්, ගුණගරුක, දෙමව්පියන්ට සලකන, ආගමට දහමට ලැදි" වගේ මෙකී නොකී දේවල්ද, මෑතකදී නම් "සිරස නොබලන", "ප්‍රවීනාට අකමැති", "කැම්පස් නොගිය (මගේ අදහසක් නෙමෙයි ඔන්න මේක )", “ෆේස් බූක් එකේ බාන් බඩී, ෆාම් විලේ සෙල්ලම් නොකරන” වගේ දේවලුත් එකතු වෙනවා.

හැබැයි දැන් කාලේ නම් ගොඩක් කෙල්ලො කොල්ලො තමන්ගේ අම්මලා තාත්තලාට මොකටද ඔච්චර කරදර කරන්නෙ කියලා හිතලා ඕ ලෙවල් කරන්නත් අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල කෙල්ලෙක් එහෙම නැතිනම් කොල්ලෙක් සෙට් කර ගන්නවා. එහෙම හරි ටිකක් පහුවෙලා හරි ඉතින් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සෙට් කරගන්න බැරි උනෝතින් ඉතින් ඉරිදා පත්තරේක මංගල යෝජනා තීරයේ දැන්වීමක් දානවා. එහෙම අය විතරක් නෙමෙයි ඕං ගොඩක් වෙලාවට එක පාරක් කසාද බැඳල දික්කසාද වෙලා පාඩමක් ඉගෙන ගන්නෙ නැතිව දෙයියනේ දෙවෙනි නැතිනම් තෙවෙනි පාරටත් පොඩි ට්‍රයි පාරක් දාන අයගේ දැන්වීම් වලිනුත් මේ පිටු පිරිල තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මංගල යෝජනා පිට බලලා පරස්තාවක් කරගන්න හිතන එකෙකුට, එකියෙකුට හරි කාවද තෝරගන්නෙ කියලා හිතා ගන්නවත් බැරි විදිහට මේවයේ ෆුල් කොලිෆිකේෂන් එක්ක තමයි දැන්වීම පළ කරන්නෙ. කොහොමෙන් කොහොම හරි ඔය මංගල යෝජනා කියවනකොට මරු මරු කෑලි සෙට් වෙනවා. පත්තරේක තිබුන මට ඇහැ ගැහුනු දැන්වීම් කීපයක් තමයි ඔය පල්ලෙහා දිහාවෙ දාල තියෙන්නෙ.

උස 5'4" , 43 ලාබාල පෙනුමැති රූමත් චරිතවත් සෑහෙන්න දේපළ ඉඩකඩම් හිමි මා අසාර්ථක විවාහ දෙකකින් පැමිණිලි පාර්ශවය වී නීතියෙන් දික්කසාද වී සිටිමි. දරුවන්ද මා භාරයේ සිටී. සම වයසැති වයස නොපෙනෙන මහත්මයෙකු ඇසුරු කිරීමකින් පසු විවාහය සඳහා සොයමි. කුජ 07 කැති නැකතට ගැලපෙන කේන්ද්‍ර පමණක් සලකා බලනු ලැබේ.

ඔන්න බලන්න ඉතින් ඉතාමත් චරිතවත් ගෑණු ළමයෙක් වන මේ තැනැත්තිය විවාහ කිහිපයකින්ම පැමිණිලි පාර්ශවය වෙලා නීතියෙන් වෙන්වෙලා. අනේ ඉතින් ආපහු බඳින එකාටත් දෙයියන්ගේම පිහිටයි. ඇයි ඉතින් මොන දෙයියොද දන්න ආයෙත් කොයි වෙලාවෙ පැමිණිල්ලක් සෙට් වෙලා විත්තිකාර පාර්ශවය වෙන්න වෙයිද කියල.. අනිත් එක මේ කැති නැකත නිසා, පොළු නැකතේ අය ඇප්ලයි නොකරනවා නම් තමයි හොඳ. මොකද ඔය කැත්තට පොල්ල සෙට් උනොත් ඉතින් මේ විවාහයත් වැඩිකල් තියෙන එකක් නැහැ. අනිත් එක කොච්චර චරිතවත්ද කියනවනම් මහත්තයව ඇසුරු කරලා බලලා හරියට සැටිස් නම් තමා බඳින්න යන්නෙ. හැබැයි ඉතින් හොඳේ තියෙන්නෙ කම්ප්ලීට් පැකේජ් එකක්. ආපහු ඉතින් දරු මල්ලො හදන්න කියලා මොට කරදර වෙනවැයි ?

අගනුවරට නුදුරු බොදු ගොවි ව්‍යාපාරික පවුලක අවු: 26, උස 5' 3'' රූමත් චරිතවත් ගණකාධිකාරී දායාදහිමි දියණියට දන්ත වෛද්‍ය වෘතියේ නියුතු ගුණගරුක පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි.

මේකනම් සිරා එකක්. බිස්නස් කරන තාත්තා හොයන්නෙ අනිත් අයගේ දත් ගලවන්න පුළුවං බෑනා කෙනෙක්ව. අදහස ඉතා පැහැදිලියි.

මේ වගේ මංගල දැන්වීම් ඇනලයිස් කරන්න ගියොත් ඉතින් ආයේ කොහෙන් නවතීද දන්නෙ නැති නිසා දැනට ඔය දෙකෙන් විතරක් නවත්තන්නම්.

කසාද බඳින ගෑණු ළමයින්ට තියෙන ඊලඟ ලොකුම ප්‍රශ්නය තමා ඉතින් දෑවැද්ද. දැන් කාලේ නම් ඕක පස්සෙ එච්චර එලවන්නෙ නැති උනත් තාමත් යහමින් ඉඩ කඩම්, හරක බාන, යාන වාහන දෑවැද්දට නොඉල්ලා ඉල්ලන අය ඕන තරම් ඉන්නවා. ඒකනෙ ඔය මංගල දැන්වීම් වල උනත් ගෑනු ළමයට දෙන්න තියෙන පැකේජ් එක එහෙම ගෙඩි පිටින්ම පළ කරන්නෙ. හැබැයි ඔය අපිට අල්ලපු රටේ, ඒ කියන්නෙ ඉන්දියාවත් එක්ක බලනකොට නම් මේ දෑවැදි කේස් එක අපේ රටේ නැති ගානයි. දැනට ටික කාලෙකට කලින් මාත් එක්ක වැඩ කරපු ඉන්දියන් කාරයෙක් මගෙන් අහනවා "උඹලඟේ රටේ BE (Bachellor of Engineering) තියෙන කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්ට ලක්ෂ කීයක දෑවැද්දක් ගන්න පුළුවන්ද" කියලා. ඒක අහල මම ෆුල් හොල්මංවෙලා කිව්වා අපේ රටේනම් කොල්ලො ඩිග්‍රිය ගහන්නෙ හොඳ පඩියක් එක්ක රස්සාවක් කරන්න මිසක් ලක්ෂ ගනන් දෑවැද්ද එක්ක ගෑණියෙක් ගන්න නෙමෙයි කියලා.

ඒ උනාට ලංකාවෙ උනත් ගොඩක් වෙලාවට දීග යන්න බැරිව ගෙදරට නාකිවෙන සහ දරුමල්ලොත් එක්ක ආපහු ගෙදර එන ගෑණුන්ව බන්දල දෙන්න ඔය දෑවද්ද තාමත් ඇමක් විදිහට පාවිච්චි කරනවා. මම අහලා තියෙන කතාවක් තමයි කාලෙකට ඉස්සර ඔය උඩරට පැත්තෙ ගරා වැටෙන වල්ලව්වක ගෙදරට වේලි වේලි හිටිය හතලිහ පැනපු කුමාරිහාමියෙක්ව බන්දල දෙන්න දැන්වීමක් දැම්මෙ දෑවැද්දට යස අපූරු අලියෙක් දෙනවා කියලයි. කොහොමෙන් කොහොම හරි ඔය ඇම ගිල්ල පොරක් මේක කර ගැහුවා. පොරොන්දු වෙච්චි විදිහටම අලියෙක් නම් දෑවැද්දටත් ලැබුනා. ඒ උනාට බලාගෙන යනකොට අලියටත් කුමාරිහාමිගේ වයසමයි.ඇවිද ගන්නවත් පණ නැති නාකි අලියෙක්. ඉතින් මූට කියලා කොටන් අද්දවන්නයෑ ? නාකි උනාට මේ අලියා කිතුල් බඩ ටොන් ගානකුයි, කොස් කොළ කරත්තයක් විතරයි දෙසා බානකොට අන්තිමට පොර නැත්තටම නැති උනේ ගෑනිව විතරක් නෙමෙයි අලියවයත් නඩත්තු කරගන්න බැරිව. ඔන්න ඔහොමයි කුමාරිහාමිගේ වලව්වෙ කට්ටිය කුමාරිහාමිගෙන් විතරක් නෙමෙයි අලියගෙනුත් ගැලවුනේ. ඕක නිසා තමයි කට කහනවට කියන්නෙ ගෑනියෙකුයි අලියෙකුයි එකපාර කරගහන්න එපා කියලා.

මම මේ කියන්න යන කතාව මට කිව්වෙ මෙහෙ ඉන්න කින්චා කියලා මගේ යාළුවෙක්. මේකත් ඔය මංගල යෝජනාවක් සම්භන්ධ කතාවක්. සිද්ද වෙලා තියෙන්නෙ ඔය පහුගිය යුද්ද කාලේදි.

දවසක් ඉතින් ඔය මංගල යෝජනා පිටුව පෙරල පෙරල ඉන්න කල වයසත් පැනපු ගෑනු ළමයෙක් හිතට අල්ලන මංගල යෝජනාවක් දකිනවා. ඒක විස්තරේ තියෙන්නෙ මේ විදිහට,

“ උසස් තැනක රැකියාවැති, පියාගේ අඩි පාරේ යමින් ඔහු යටතේ උසස් රැකියාවක නියුතු මා ගුවනේ සිට සිරි නැරඹීම විනෝදාංශය වශයෙන් කරමි. මා සොයනුයේ, රූමත්, පැහැපත්, ගුණ යහපත්, විනීත ගැහැණු ළමයෙකි. කේන්දර අනවශ්‍යයි. තමාම ලියන්න. නොම්බර 35, ගුවන් හමුදා මාවත, කටුනායක”.

ඉතින් මේක කියවලා ගෑණු ළමයත් “ෂා, දාල තියෙන විස්තරේ හැටියට මේ එයා ෆෝස් පයිලට් කෙනෙක් තමා” කියලා පරක්කු වෙන්නෙ නැතිව මේකට රිප්ල්යි එකක් දැම්මා. ඉතින් ඔන්න ටික දවසකින් කොල්ලත් රිප්ලයි කරලා වැඩේ දැන් නැගල යනවා. කොල්ල ෆෝන් කර කර මල් කඩන තරමටම වැඩේ සීරියස් විදිහටම නැගල යනවා. ඉතින් ඔහොම ටික දවසක් ඉන්නකොට කෙල්ලත් කොල්ලට කියනවා,

"අනේ මම ඔයා ගැන අපේ තාත්තටත් කියලා තියෙන්නෙ. තාත්තා කිව්ව ඔයාට මේ ඉරිදට අපේ ගෙදර එන්න කියන්න කියලා."

ඔන්න ඉතින් ඉරිදා දවසේ කොල්ලත් හා හා පුරා කියලා කෙල්ලගේ ගෙදරට යනවා මොකද මාමණ්ඩි එන්න කියපු නිසා. දැන් කතාව මේ විදිහට කෙරීගෙන යනවා,

"අපිට හරිම සන්තෝසයි පුතා වගේ ගොඩක් ඉහල රස්සාවක් කරන වැදගත් ළමයෙක් අපේ මේ දුවට ලැබීම ගැන. පුතා එතකොට ගුවන් හමුදා කඳවුරේමද වැඩ කරන්නෙ ?" මාමණ්ඩි අහනවා.

"කඳවුරේත් වැඩ කරනවා ඒ වගේම ගොඩක් වෙලාවට එලියෙත් වැඩ කරන්න වෙනවා මාමේ , දන්නවානේ, ඉතින් අපේ රස්සාවෙ හැටිනේ. " කොල්ලත් කියනවා.

"එතකොට ඔය උඩට ගිය වෙලාවට මොකද කරන්නෙ ?" මාමණ්ඩියත් අහනවා.

"ගොඩක් වෙලාවට විස්සක් තිහක් බිමට අත ඇරලා තමයි ආපහු බහින්නෙ . . . " කොල්ලත් කියනවා.

"ආ, විස්සක් තිහක් දානවා ? " මාමණ්ඩියත් අහනවා.

"දවසකට ඉතින් සීය හමාර දාන වෙලාවළුත් තියෙනවා . . . " කොල්ලත් අරින්නෙ නෑ.

"ඈහ්, හැබෑද, ඔක්කොම ඉලක්කෙටම වැටෙනවද ? ඔය එකක් බර ගානක් වෙනවා නේද ?"

"නෑ, සමහර වෙලාවට කාණුවලටත් වැටෙන වෙලාවල් තියෙනවා . . . එකක් රුපියල් විස්සක් විතරනේ වෙන්නෙ . . . ! කාණුවලට වැටුනහම ඉතින් පොඩ්ඩක් හෝදලා කරලා ගන්නවා . . ."

"ඈහ්, හෝදලා ගන්නවා, බෝම්බ ? එකක් රුපියල් විස්සයි ?" මාමණ්ඩියා ෆුල් අඤ්ඤකොරොස් වෙලා අහනවා. . .

ඔන්න කොල්ල කියනවා "බෝම්බ ? මොන බෝම්බද ? මම කියන්නෙ මේ පොල් පොල් . . . "

"මොකක්, පොල්, එතකොට තමුසේ පයිලට් කෙනෙක් නෙම්යිද ?" මාමණ්ඩියා උතුර දකුණ මාරු කරගෙන අහනවා.

"පයිලට් ? කවුද කිවුවේ මම පයිලට් කෙනෙක් කියලා. මම මේ කරන්නෙ කුලියට පොල් කඩන එකනේ . . " කොල්ලත් කියනවා.

"එතකොට මේ පත්තරේ දැන්වීමේ කියලා තියෙන්නෙ ගුවනේ සිට සිරි නරඹනවා කියලා" ඔන්න දැන් කෙල්ලත් අඬන මූඩ් එකෙන් කතාව මැද්දට පනිනවා.

"ඔව් ඉතින් පොල් ගහකට නැග ගත්තම පොඩ්ඩක් අවට සිරි නරඹලා තමා ආපහු පල්ලෙහාට බහින්නෙ . . . නැත්තන් අපරාදෙනෙ .. " කොල්ලත් කියනවා.

"එතකොට මේ කියලා තියෙන්නෙ, තාත්තාත් ගොඩක් උසස් රැකියාවක් කරනවැයි, තාත්තාගේ යටතේ තමයි වැඩ කරන්නෙ කියලා" . . . මාමණ්ඩියත් පුටුවෙන් නැගිටින ගමන් අහනවා.

"ඉතින් බොරුයෑ . . . . තාත්තා තමයි ගොඩක් උස ගස් වලට නගින්නෙ. මම නගින්නෙ පැල ගස් වලට . . . " කොල්ලත් කියපි.

මම නම් හිතන්නෙ ඒ මගුලත් කෙරෙන්නෙ නැතිව ඇති . . . .!

40 comments :

  1. හික් හික් ... අර ඉහළ රස්සවක් කරන කෙනා තට්ටු ගොඩ නැගැලි වල වහල හදනවා කියන කතාවට දෙවෙනි නැහැ මේක :D

    ReplyDelete
  2. ලොල්.. මට හිතුනා කියනකොටම පොල් කඩන කෙනෙක් තමා කියලා

    ReplyDelete
  3. අනෙ අය්යෙ.. මේක කරන්ඩ බෑ... ඔෆිස් එකේ මේක කියවන්ඩ ගිහින් තනියෙන් බඩ අල්ලන් හිනාවෙලා මාව පිස්සෙක් ගානට වැටුනා...

    ReplyDelete
  4. ඇත්තටම ඇයි ඔය කැම්පස් නොගිය ගෑණු ළමයෙක්ම හොයන්නේ දැන් කාලේ කොල්ලෝ... (මම නම් අනගාරික වෙන්ට හිතන් ඉන්න හින්ද ඔය මඟුල් කතා අදාල නෑ... නිකමට ඇහුවේ ඕං...)

    ReplyDelete
  5. ඉන්දියාවෙ විතරක් නෙවි බන් යාපනේ තත්වෙත් ඔක තමා.
    යාපනෙත් ඔයවගෙ පෑකේජ් තියෙනව. මාර වෑඩ් කියන්නෙ එහෙ ඉන්න එවුන් ලෙසියකට කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑලු ඔය දෑවදි ප්‍රෂ්නෙ නිසා.

    ReplyDelete
  6. මේකටනම් මල් 7ට හිනා ගියා....... :D

    ReplyDelete
  7. අඩ වඩේ පට්ට පට්ට.....
    දුමී අයියගේ පෝස්ට් කොච්චර දිග වුනත් දුක නැතිව කියවන්න පුළුහන්....
    හැබැයි දැන් පොල් කඩන එකෙක් බැදගත්තට පාඩු නෑ...මොකද දැන් පොල් කඩන්න කට්ටියත් නෑ...අනිත් එක පොල් ගෙඩියත් රු.50ක් විතර වෙනවනේ....
    ආයේ තව මොනාද ඉතිං‍‍‍....මේක අහලා දැන් ඉන්න කට්ටි පොල් කඩන කට්ටියට ලයින් දායිද දන්නේ නෑ නේ.....

    ReplyDelete
  8. අපේ ගෙදරත් සිළුමිණ ඉරිද පත්තරෙයි , කහ පිටුව තියෙන ලංකාදීප ඉරිද පත්තරෙයි දෙකම ගන්නව ...මොකටද මන් ද?

    ReplyDelete
  9. හික්...පොල් කඩන එකාටත් ගියපු කලක්...
    දුමී අයියෙ...හිනා යන්නෙ නැති විහිලු කතාවක් කියන්නකෝ....මේ මගුල් කතා කියවල මට පත්තරේක මගුලක් හොයන්න දැන්වීමක් දාන්නවත් හිතෙන්නෙ නෑ නේ..හික්

    ReplyDelete
  10. @Dee ,
    Glad you like the pic :)

    @වැප් ,
    ඔව් ඔව්, මේ කතාවෙ තව වර්ෂන්ස් තියෙන්න පුළුවං . . . ! අර ලෝකෙ ඉහලම රැකියාව කලේ ඩුබායි වල බර්ජ් කලීෆා හදන කාලේ එකේ වැඩ කරපු ක්‍රේන් ඔපෙරේටර්නෙ.

    @හසී ,
    හසී නගාටත් අත්දැකීමක් තියෙනවා වගෙයි, එක පාරටම පොල් කඩන එක්කෙනෙක් මතක් උනේ.

    @ඔස්කා ,
    මලයෝ, ඔන්න ඕවට මම නම් නැහැ . . . . !

    ReplyDelete
  11. @පුතා ,
    මම නම් දැන්නෙ නැහැ බං. මටත් ඔය කැම්පස් ගිය යාළුවෙක් තමයි කිව්වෙ ඌ නම් ජීවිතේට කැම්පස් ගිය කෙල්ලෙක්ව බඳින්නෙ නැහැ කියලා. මම හිතන්නෙ ඔය උද්ඝෝෂණද අරවද මේවද, අර අයිතියද, මේ අයිතියද උදෙසා සටන් කරන කිරිල්ලට ගෙදර පොල් බෑයක් ගාගන්නත් කුලියට කාව හරි අරගන්න වෙයි කියලා බයට වෙන්න ඇති මගේ හිතේ . . . !

    ReplyDelete
  12. දුමියා,
    යන්තං මං නං ගොඩද කොහෙද? මේක කියෝපුවාම තමා හිතෙන්නෙ දෙය්යො බේරුවා කියලා?
    .............................
    වත් අක්කේ,
    ගෙදර කට්ටිය වැඩිපුර තැපැල් කන්තෝරුව පැත්තෙත් යනවනං දැම්ම තියා වඳින්න පුරුදු වෙන්න වෙයි!

    ReplyDelete
  13. @නිශ් ,
    අප්පට සිරි ඔව්නේ, දැන් යාපනෙත් ලංකාවෙ කෑල්ලක්නෙ කියලා අමතක උනානේ මට . . . හික්ස් . . !

    @blog gadol,
    පූසට ස්තූති වේවා !

    @ගීත් (සහෘදයා),
    ඔය මල් ගහන වැඩේ නං එච්චර හොඳ නැහැ පුතෝ . . . කොහොමත් මල් වලට හිනා යනවා කියලා මම අහලා තියෙනවා. . . . හික් හික් !

    @෴ හසියා ෴ ,
    අප්පට සිරි පොල් ගෙඩියල් රුපියල් 50ක් වෙනවද ? යකෝ ඒ කියන්නෙ දැන් පොල් ගස් වලටත් ගහට එකා ගානේ සිකියුරිටි දාන්න ඕනෙ ඇති පොල් වතු කාරයන්ට . . . !

    @wath ,
    ෂා !! නියමයිනෙ වත් නගෝ . . . එහෙනම් කට්ටියටම ලඟදිම කේක් කෑල්ලක් කන්න පුළුවං වෙයි වගේ . . !

    @ර ත් ග ම යා ,
    හිටහන් මලේ පොඩ්ඩක් මම උඹට හිනා යන්නෙ නැති විහිළු කතාවක් කියනකං. රත්ගම පැත්තෙ ඉන්න කෙල්ලො ටික අහවර වෙලාද උඹ දැන් පත්තරේ දාල කෙල්ලො හොයන්න යන්නෙ ?

    ReplyDelete
  14. හැබෑටම දුමියට ඇඩ් දැම්මෙ නැතෙයි. කථාව එළ. ඔය කිවවා වගේ මරු සීන් තමයි මංගල යෝජනා තීරයේ තියෙන්නෙ. මගෙත් විනෝන්දාංශයක් තමයි ඕක කියවන එක. වෙලාවකට පව් කියලත් හිතෙනවා. කැම්පස් කථාව ගැනනම් මට මතක් උනෙ අර ජපුරෙ කියන වෙන දෙයක්. මේකෙ ලියන්න නම් බැහැ.

    ReplyDelete
  15. නියමයි නියමයි.... පට්ටම පට්ට.....
    මංගල දැන්වීම් කියවල ඒවගෙ අඩුපාඩු හොඳට හොයල, ඒවගෙ රසවත් තැන් හොයා ගැනීමේ විශේෂ දක්ෂතාවයක් තියෙන කෙනෙක් නොවැ අයිය......

    ඉස්සර මල් කඩන කාලෙ තරහ වෙලා ඉන්න වෙලාවට කෝල් එකක් අරගෙන එයාට ඇහෙන්න මමත් කියවල තියෙනව පත්තරේ දාල තියෙන මංගල දැන්වීම්. හෆෝ..... කනට මී පැනි......

    ReplyDelete
  16. මගුලක් කියනවා.
    (නියමෙට කිව්වා ඉතිං)

    ReplyDelete
  17. කිව්වම මොකෝ මාත් එකක් දාන්නයි හිතන් ඉන්නේ..

    නූගත්, බීමත්, දුශ්චරිතවත්..
    සුරා සූදුවට ලැදි..
    වගේ කියලා..
    කවුරු හරි ඉඳී නේද දුමියෝ...

    ReplyDelete
  18. @බුද්ධි
    උඹ නම් ගොඩ ගිහිල්ල නේන්නං . . . ! නැතිනම් ඉතින් උඹට කර ගහන්නත් වෙන්න ෆුල් පැකේජ් එකක් තමයි . . හික් හික් . . . පව් බන් මැරියන් . . !

    ඇයි බං වත්ට වඳින්න පුරුදු වෙන්න කියන්නෙ ? ඒ පැත්තෙ පෝස්ට් මාස්ටර් සාදු කෙනෙක්ද ?

    ReplyDelete
  19. @Ishara,
    කොහෙද ඒ එක්ස්පීරියන්ස් එක ගන්න බැරි උනානේ !! වැලි කෙලියේ පටන්ම පෙම් කෙලිය කරලා ප්‍රථම ප්‍රේමයම කසාද බැන්දනේ !!!

    මොකක්ද බොලේ ජ'පුරේ කතාව ? සැර බාල කරලවත් ලියාදාන්න බැරිද ?

    ReplyDelete
  20. @කංචු ,
    මට නම් මංගල දැන්වීම්වල අහුවෙන්නෙම කොමිටල් කෑලිම තමා . . .ඕකට ඉතින් මහ ලොකු දක්ෂ කමක් තියෙන්න ඕනයෑ ?

    ඈහ් . . . නංගි බබා (කංචු මලයගේ ආදර බිරිඳට අපි කියන නම ) තරහ වෙන්නත් දන්නවා කියල අදන බොලේ දන්නෙ !! සිරාවට මමනම් දැකල නැහැ ඒකි කවදාවත් තරහ ගිහිල්ලා ඉන්නවා !!

    ReplyDelete
  21. @charmi,

    මගුලක් තමයිනේ කිව්වේ !! ඕක ඉතින් ආපහු අහන්නත් දෙයක්ද ? හික් හික් . . . !

    ReplyDelete
  22. @මාරයා,

    බොන්න හිතෙන ප්‍රශනයක්නෙ බං උඹත් අහන්නෙ !!

    උඹ ඔහොම දැමොත් නම් අනිවාර්යයෙන්ම මාර දූතිකාවක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ . . . !!!

    මගේ අර කලින් පෝස්ට් එකේ දැම්ම වගේ හැබැයි ඉතින් කොච්චර සිංහයා උනත් බැන්දට පස්සෙ ඉතින් මීයා වෙනවනේ !!

    ReplyDelete
  23. හික් හික් හික් දුමිය ලිව්වොත් ඉතින් උපරිමයි නොවැ.... ඒ බොල ඔක්කොමත් හරි උබ මක්කටෙයි මේ විවාහ යෝජනා තීරය බලන්නේ හි හි

    ReplyDelete
  24. අපෝ මෙ ගැනනං කියන්න කතා එමටයි මචෝ! බලමු හිමීට යමක් ලියන්න. කතා කරන්න මරු මතෘකාව ඇත්තටම. මට වන්දනාවෙ යන්න බැරි උනාට පවුලෙ වැඩිමලා හින්ද අනික් උන් තුන්දෙනාගෙම ඒවට මාත් ගියානෙ.

    ReplyDelete
  25. මාත් ඉතින් පත්තරේ මොකුත් කියවන්න නැතිවුනාම ෆන් එකටත් එක්ක මංගල යෝජනා තීරුව බලනවා. උපරිමයි :) :) :)

    ReplyDelete
  26. @පිස්සා,
    පිස්සෝ, මගුල් තීරේ බලන්නෙ ඉතින් දැන් මොනාද ලේටස්ට් ට්‍රෙන්ඩ් එක කියල දැනගන්න නේ . . . . .!

    @ඉන්දික උපශාන්ත ,
    ලියමු ලියමු බලන්න එහෙනං ඉතිං කම්මැලි නොවී. එහෙනන් හොඳට එක්ස්පීරියන්ස් එහෙම නැතෑ !!

    @Hasitha,
    හසිත මලේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැල්ලු . . මොකද ගෙදරින් ෆයිල් එක ප්‍රොසෙස් පාරක් දානවද ? නැතිනම් කැම්පස් එකෙන්ම හොයා ගන්නවද ?

    ReplyDelete
  27. කැම්පස් එකෙන් බලමු අයියා............. :) :) :)

    ReplyDelete
  28. මරේ මරු. යථාර්තය තේරිලා තියෙනවා.

    ReplyDelete
  29. අයියේ ඔයා බැඳලා නේද? මොන මගුලටද දැන් මංගල යෝජනා හොයන්නේ? ඇ? හිටපිය කියන්න අක්කට.

    ReplyDelete
  30. නියම කතාටික අයියේ..
    එළම තමයි..
    හිහි හිහි

    ජය වේවා...!!!

    ReplyDelete
  31. මචං අර මංගල දැන්වීම් analyse කරන වැඩේ මරැනේ... පුළුවන් නම් තව ඒ වගේ ටිකක් දාපන්කෝ ඕවා දාන උංගේ මොළ පෑදෙන්න..
    ජය....
    වෙලාවක් තිබ්බොත් මේ පැත්තෙත් වරෙං..
    http://jbasnayaka.blogspot.com/

    ReplyDelete
  32. නියම මගුල් කතා ටික. කියවලා ඇති වෙන්නම් හිනා උනා.

    ReplyDelete
  33. හොද වැඩේ සමනළයා

    ReplyDelete
  34. මරු වැාඩ් ෙකල්ලන්ට

    ReplyDelete
  35. ඕන් මටත් ගැලපෙන වලව්වකින් හොඳ මගුලක් හොයල බලනවානම් හොඳයි කතා ටිකනම් පට්ටයි තව පොඩ්ඩෙන් ලොක්කාගෙන් බෙනුනුත් අහනවා හිනාවෙලා ලොල්

    ReplyDelete
  36. දකුණේ බොදු දුරාව අඩි 5 4" රූමත් චරිතවත් දියණියට වාහනයක් ගැනීමට අදහස බැවින් විවාහයට රියදුරු මහතෙක් සොයයි. වෙනත් අයද සැලකේ..

    ReplyDelete

Related Posts with Thumbnails